ජාතිධම්ම සූත්‍රය
33. සැවැත්නුවර–
මහණෙනි, සියල්ල උපදිනසුලු යැ මහණෙනි, කවර සියල්ලක් උපදිනසුලු ද යත්: මහණෙනි, ඇස උපදිනසුලු යැ. රූපයෝ උපදිනසුල්ලහ. චක්ඛුවිඤ්ඤාණය උපදිනසුලු ය. චක්ඛුසම්ඵස්සය උපදෙනසුලු ය. චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් හෙ ද උපදිනසුලු යැ.
කන උපදිනසුලු ය. ශබ්දයෝ උපදිනසුල්ලහ. සෝතවිඤ්ඤාණය උපදිනසුලු ය. සෝතසම්ඵස්සය උපදිනසුලු ය. සෝතසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් හෙ ද උපදිනසුලු යැ.
නැහැය උපදිනසුලු ය. ගන්‍ධයෝ උපදිනසුල්ලහ. ඝානවිඤ්ඤාණය උපදිනසුලු ය. ඝානසම්ඵස්සය උපදිනසුලු ය. ඝානසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් හෙ ද උපදිනසුලු යැ.
දිව උපදිනසුලු ය. රසයෝ උපදිනසුල්ලහ. ජිව්හාවිඤ්ඤාණය උපදිනසුලු ය. ජිව්හාසම්ඵස්සය උපදිනසුලු ය. ජිව්හාසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් වේ නම් හෙ ද උපදිනසුලු ය.
කය උපදිනසුලු ය. ඵොට්ඨබ්බයෝ උපදිනසුල්ලහ. කායවිඤ්ඤාණය උපදිනසුලු ය. කායසම්ඵස්සය උපදිනසුලු ය. කායසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් හෙ ද උපදින සුලු යැ.
මනස උපදිනසුලු ය. දහම්හු උපදිනසුල්ලහ. මනෝවිඤ්ඤාණය උපදිනසුලු ය. මනෝසම්ඵස්සය උපදිනසුලු ය. මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් හෙ ද උපදිනසුලු යි.
මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ඇසෙහිත් කලකිරෙයි … මේ රහත් බැව් පිණිස කළයුතු අනෙකක් නැතැ යි දැනගනී යි.
1. 4. 2.
ජරාධම්ම සූත්‍රය
34. සැවැත්නුවර–
මහණෙනි, සියල්ල දිරනසුලු ය ...
1. 4. 3.
ව්‍යාධිධම්ම සූත්‍රය
35. මහණෙනි, සියල්ල ලෙඩ වනසුලු ය ...
1. 4. 4.
මරණධම්ම සූත්‍රය
36. මහණෙනි, සියල්ල මැරෙනසුලු ය ...
1. 4. 5.
සෝකධම්ම සූත්‍රය
37. මහණෙනි, සියල්ල ශෝක ස්වභාව යැ ...
1. 4. 6.
සංකිලෙසධම්ම සූත්‍රය
38. මහණෙනි, සියල්ල කෙලෙසෙනසුලු ය ...
1. 4. 7.
ඛයධම්ම සූත්‍රය
39. මහණෙනි, සියල්ල ක්‍ෂය වනසුලු ය ...
1. 4. 8.
වයධම්ම සූත්‍රය
40. මහණෙනි, සියල්ල ව්‍යය වනසුලු ය ...
1. 4. 9.
සමුදයධම්ම සූත්‍රය
41. මහණෙනි, සියල්ල හටගන්නාසුලු යැ ...
1. 4. 10.
නිරෝධධම්ම සූත්‍රය
42. සැවැත්නුවර–
මහණෙනි, සියල්ල නිරුද්ධ වන සුලු ය. මහණෙනි, කවර සියල්ලක් නිරුද්ධවනසුලු ද යත්: මහණෙනි, ඇස නිරුද්ධ වන සුලු ය. රූපයෝ නිරුද්ධ වන සුල්ලහ. චක්ඛුවිඤ්ඤාණය නිරුද්ධ වන සුලු ය. චක්ඛුසම්ඵස්සය නිරුද්ධ වන සුලු ය. චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් හෙ ද නිරුද්ධ වන සුලු ය. කන ...
දිව නිරුද්ධ වන සුලු ය. රස නිරුද්ධ වන සුලු ය. ජිව්හාවිඤ්ඤාණය නිරුද්ධ වන සුලු ය. ජිව්හාසම්ඵස්සය නිරුද්ධ වන සුලු ය. ජිව්හාසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් හෙ ද නිරුද්ධ වන සුලු ය. කය ...
සිත නිරුද්ධ වන සුලු ය. දහම්හු නිරුද්ධ වනසුල්ලහ. මනෝවිඤ්ඤාණය නිරුද්ධ වන සුලුය. මනෝසම්ඵස්සය නිරුද්ධ වන සුලුය. මනෝසම්ඵස්සය නිසා සුවු වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් හෙ ද නිරුද්ධ වන සුලු ය.
මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ඇසෙහිත් කලකිරෙයි ... මේ රහත් බැවි පිණිස කළයුතු අනෙකක් නැතැ යි දැනගනි යි.
සිව් වැනි ජාතිධම්ම වර්‍ග යි.
එහි සූත්‍ර නාමාවලිය:
ජාතිධම්ම, ජරාධම්ම ව්‍යාධිධම්ම මරණධම්ම සෝකධම්ම සංකිලෙසධම්ම සූත්‍ර ද ඛයධම්ම වයධම්ම සමුදයධම්ම සූත්‍ර දැ යි ඔහු නිරෝධධම්මසූත්‍රයෙන් දශයෙක් වේ.
5. සබ්බනිච්ච වර්‍ගය
1. 5. 1.
අනිච්ච සූත්‍රය
43. සැවැත්නුවර–
මහණෙනි, සියල්ල අනිත්‍ය ය. මහණෙනි, කවර සියල්ලක් අනිත්‍ය ද යත්: මහණෙනි, ඇස අනිත්‍ය ය. රූප අනිත්‍ය ය. චක්ඛුවිඤ්ඤාණය අනිත්‍ය ය, චක්ඛුසම්ඵස්සය අනිත්‍ය ය, චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් එ ද අනිතය ය. කන ...
දිව අනිත්‍ය ය. රස අනිත්‍ය ය. ජිව්හාවිඤ්ඤාණය අනිත්‍ය ය, ජිව්හාසම්ඵස්සය අනිත්‍ය ය. ජිව්හාසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් හෙ ද අනිත්‍ය ය. කය ...
සිත අනිත්‍ය ය, දහම් අනිත්‍ය ය, මනෝවිඤ්ඤාණය අනිත්‍ය ය, මනෝසම්ඵස්සය අනිත්‍ය ය. මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් හෙ ද අනිත්‍ය ය.
මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ඇසෙහිත් කලකිරෙයි ... කලකිරෙන්නේ නො ඇලෙයි, නො ඇල්මෙන් මිදෙයි, මිදුණු කල්හි මිදුණේ යයි දැනීම වෙයි. ජාතිය ක්‍ෂය වූවා ය. බඹසර වැස නිමවන ලද කටයුතු කරන ලද. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.
1. 5. 2.
දුක්ඛ සූත්‍රය
44. මහණෙනි, සියල්ල දුක් ය ...
1. 5. 3.
අනත්ත සූත්‍රය
45. මහණෙනි, සියල්ල අනාත්ම ය ...
1. 5. 4.
අභිඤ්ඤෙය්‍ය සූත්‍රය
46. මහණෙනි, සියල්ල වෙසෙසින් දතයුතු ය ...
1. 5. 5.
පරිඤ්ඤෙය්‍ය සූත්‍රය
47. සැවැත්නුවර–
මහණෙනි සියල්ල පිරිසිඳ දත යුතු ය ...
1. 5. 6.
පහාතබ්බ සූත්‍රය
48. මහණෙනි, සියල්ල ප්‍රහීණ කළ යුතු ය ...
1. 5. 7.
සච්ජිකාතබ්බ සූත්‍රය
49. මහණෙනි, සියල්ල පසක් කළ යුතු ය ...
1. 5. 8.
අභිඤ්ඤෙය්‍ය පරිඤ්ඤෙය්‍ය සූත්‍රය
50. මහණෙනි, සියල්ල වෙසෙසින් දතයුතු ද පිරිසිඳ දත යුතු වේ ...
1. 5. 9.
උපද්දුත සූත්‍රය
51. මහණෙනි, සියල්ල උවදුරෙන් පෙළුණේ ය …
1. 5. 10.
උපස්සට්ඨ සූත්‍රය
52. මහණෙනි, සියල්ල පීඩා සහිත ය. මහණෙනි, කවර සියල්ලක් පීඩා සහිත ද යත්:
මහණෙනි, ඇස උවදුරු සහිත ය, රූපයෝ උවදුරු සහිතයහ, චක්ඛුවිඤ්ඤාණය උවදුරු සහිත ය, චක්ඛුසම්ඵස්සය උවදුරු සහිත ය, චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හේ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් හෙ ද උවදුරු සහිත ය. කන ...
දිව උවදුරු සහිත ය. රස උවදුරු සහිත ය, ජිව්හාවිඤ්ඤාණය උවදුරු සහිත ය. ජිව්හාසම්ඵස්සය උවදුරු සහිත ය, ජිව්හාසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වේදනායෙක් උපදී නම් හෙ ද උවදුරු සහිත ය.
මනස උවදුරු සහිත ය. දහම් උවදුරු සහිත ය, මනෝවිඤ්ඤාණය උවදුරු සහිත ය. මනෝසම්ඵස්සය උවදුරු සහිත ය. මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වේදනායෙක් උපදී නම් හෙ ද උවදුරු සහිත ය.
මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ඇසෙහිත් කලකිරෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැන ගනී යි.
පස්වන සබ්බානිච්ච වර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
අනිච්ච, දුක්ඛ, අනත්ත, අභිඤ්ඤෙය්‍ය, පරිඤ්ඤෙය්‍ය, පහාතබ්බ, සච්ඡිකාතබ්බ, අභිඤ්ඤෙය්‍යපරිඤ්ඤෙය්‍ය, උපද්දුත, උපස්සට්ඨ යන සූත්‍රදශයෙන් වර්‍ගය කියනු ලැබේ.
පළමු වන පණ්ණාසක යි.
එහි වර්‍ගනාමාවලිය:
අනිච්ච වර්‍ගය, යමක වර්‍ගය, සබ්බ වර්‍ගය, ජාතිධම්ම වර්‍ගය යන මොහු ඒ සබ්බානිච්ච වර්‍ගයෙන් පළමු වන පණ්ණාසකය කියනු ලැබේ.
6. අවිජ්ජා වර්‍ගය
1. 6. 1.
අවිජ්ජාපහාන සූත්‍රය
53. සැවැත්නුවර–
ඉක්බිති එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, කෙසේ දන්නහුට කෙසේ දක්නහුට අවිද්‍යාව ප්‍රහීණ වේ ද, විද්‍යාව උපදී දැ? යි මෙය සැලකළේ ය.
මහණ, චක්‍ෂුස අනිත්‍යය විසින් දන්නහුට දක්නහුට අවිද්‍යාව ප්‍රහීණ වේ, විද්‍යාව උපදී. රූපයන් අනිත්‍යය විසින් දන්නහුට දක්නහුට අවිද්‍යාව ප්‍රහීණ වේ, විද්‍යාව උපදී. චක්‍ෂුර්විඥානය අනිත්‍ය විසින් දන්නහුට දක්නහුට අවිද්‍යාව ප්‍රහීණ වේ, විද්‍යාව උපදී. චක්‍ෂුස්සංස්පර්‍ශය අනිත්‍ය විසින් දන්නහුට දක්නහුට අවිද්‍යාව ප්‍රහීණ වේ, විද්‍යාව උපදී. චක්‍ෂුස්සංස්පර්‍ශය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එ ද අනිත්‍ය විසින් දන්නහුට දක්නහුට අවිද්‍යාව ප්‍රහීණ වේ, විද්‍යාව උපදී.
නැහැය … දිව අනිත්‍ය විසින් දන්නහුට දක්නහුට අවිද්‍යාව ප්‍රහීණ වේ, විද්‍යාව උපදී. රස අනිස විසින් දන්නහුට දක්නහුට අවිද්‍යාව ප්‍රහීණ වේ, විද්‍යාව උපදී. ජිහ්වාවිඥානය අනිත්‍ය විසින් දන්නහුට දක්නහුට අවිද්‍යාව ප්‍රහීණ වේ, විද්‍යාව උපදී. ජිහ්වාසංස්පර්‍ශය අනිත්‍ය විසින් දන්නහුට දක්නහුට අවිද්‍යාව ප්‍රහීණ වේ. විද්‍යාව උපදී. ජිහ්වාසංස්පර්‍ශය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ වේදනායෙක් උපදී නම් එ ද අනිත්‍ය විසින් දන්නහුට දක්නහුට අවිද්‍යාව ප්‍රහීණ වේ, විද්‍යාව උපදී.
කය ... මනස අනිත්‍ය විසින් දන්නහුට දක්නහුට අවිද්‍යාව ප්‍රහීණ වේ, විද්‍යාව උපදී. දහම් අනිස විසින් දන්නහුට දක්නහුට අවිද්‍යාව ප්‍රහීණ වේ, විද්‍යාව උපදී. මනෝවිඥානය අනිත්‍ය විසින් දන්නහුට දක්නහුට අවිද්‍යාව ප්‍රහීණ වේ, විද්‍යාව උපදී. මනස්සංස්පර්‍ශය අනිත්‍ය විසින් දන්නහුට දක්නහුට අවිද්‍යාව ප්‍රහීණ වේ, විද්‍යාව උපදී. මනස්සංස්පර්‍ශය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් විඳුමෙක් උපදී නම් එ ද අනිත්‍ය විසින් දන්නහුට දක්නහුට අවිද්‍යාව ප්‍රහීණ වේ, විද්‍යාව උපදී. මහණ, මෙසේ දන්නහුට දක්නහුට අවිද්‍යාව ප්‍රහීණ වේ, විද්‍යාව උපදී යි.
1. 6. 2.
සංයෝජන පහාන සූත්‍රය