Saṁyutta Nikāya

Connected Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1-100 න් 15088

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTසුත්තන්තපිටකෙ
Sinhala BJTසුත්‍රාන්තපිටකයෙහි
Pali BJTසංයුත්තනිකායො
Sinhala BJTසංයුත්තනිකාය
Pali BJTපඨමො භාගො
Sinhala BJTප්‍රථම භාගය
Pali BJTසගාථවග්ගො
Sinhala BJTසගාථ වර්‍ගය
Pali BJT1. දෙවතාසංයුත්තං
Sinhala BJT1. දේවතා සංයුත්තය
Pali BJT1. නළවග්ගො
Sinhala BJT1. නළ වර්‍ගය
Pali BJTනමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
Sinhala BJTඒ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
Pali BJT1. 1. 1.
Sinhala BJT1. 1. 1.
Pali BJTඔඝතරණසුත්තං
Sinhala BJTඕඝතරණ සූත්‍රය
Pali BJT1. එවම්මෙසුතං එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො අඤ්ඤතරා දෙවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවන්තං එතදවොච:
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල්හි මනා ඡවිවර්‍ණ ඇති එක්තරා දෙවියෙක් රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය:
Pali BJTකථන්නු ත්වං මාරිස, ඔඝමතරීති?
Sinhala BJTනිදුකානන් වහන්ස, නුඹවහන්සේ කෙසේ ඕඝය තරණය කළ සේක් ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTඅප්පතිට්ඨං ඛ්වාහං ආවුසො අනායූහං ඔඝමතරින්ති.
Sinhala BJTඇවැත්නි, මම නො පිහිටමින් වෑයම් ද නො කරමින් ඕඝය තරණය කෙළෙමි.
Pali BJTයථා කථං පන ත්වං මාරිස අප්පතිට්ඨං අනායූහං ඔඝමතරීති?
Sinhala BJTනිදුකානන් වහන්ස, නුඹ වහන්සේ කෙසේ නම් නො පිහිටමින් වෑයම් ද නො කරමින් ඕඝය තරණය කළ සේක් ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTයදා ස්වාහං ආවුසො සන්තිට්ඨාමි. තදාස්සු සංසීදාමි. යදා ස්වාහං ආවුසො ආයූහාමි තදාස්සු නිබ්බුය්හාමි{1}. එවං ඛ්වාහං ආවුසො අප්පතිට්ඨං අනායූහං ඔඝමතරින්ති.
Sinhala BJTඇවැත්නි, මම යම් විටෙක පිහිටා සිටිම් ද එකල්හි ගිලෙමි. ඇවැත්නි, මම යම් විටෙක වෑයම් කෙරෙම් ද එකල්හි ඉල්ප යෙමි. ඇවැත්නි, මෙසේ මම නො පිහිටමින් වෑයම් ද නො කරමින් ඕඝය තරණය කෙළෙමි.
Pali BJT[දෙවතා:]
Sinhala BJT[දෙවි:]
Pali BJTචිරස්සං වත පස්සාමි{2} බ්රාහ්මණං පරිනිබ්බුතං, අප්පතිට්ඨං අනායූහං තිණ්ණං ලොකෙ විසත්තිකං.
Sinhala BJTනො පිහිටමින් වෑයම් ද නො කරමින් ලෝකයෙහි තෘෂ්ණාව තරණය කළ කෙලෙස් නැසූ ක්‍ෂීණාස්‍රවබ්‍රාහ්මණයකු කලෙකින් දකිමි.
Pali BJTඉදමවොච සා දෙවතා. සමනුඤ්ඤො සත්ථා අහොසි.
Sinhala BJTඒ දෙවි තෙමේ මෙය කී ය. ශාස්තෲන් වහන්සේ මැනවින් අනුදත් සේක.
Pali BJTඅථ ඛො සා දෙවතා ‘සමනුඤ්ඤො මෙ සත්ථා’ති භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායීති.
Sinhala BJTඉක්බිති ඒ දෙව් තෙමේ “භාග්‍යවතුන් වහන්සේ මාගේ වචනය අනුදත් සේකැ” යි භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට එහි ම අතුරුදන් විය.
Pali BJT1. 1. 2.
Sinhala BJT1. 1. 2.
Pali BJTනිමොක්ඛසුත්තං{1}
Sinhala BJTනිමොක්ඛ සූත්‍රය
Pali BJT2. එවම්මෙ සුතං{2}. එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ.
Sinhala BJT2. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක.
Pali BJTඅථ ඛො අඤ්ඤතරා දෙවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවන්තං එතදවොච:
Sinhala BJTඑකල්හි මනා වර්‍ණ ඇති එක්තරා දෙවියෙක් රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත් පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය:
Pali BJTජානාසි නො ත්වං මාරිස, සත්තානං නිමොක්ඛං පමොක්ඛං විවෙකන්ති?
Sinhala BJTනිදුකානන් වහන්ස, නුඹ වහන්සේ සත්ත්‍වයන්ගේ නිමොක්ඛය ද, පමොක්ඛය ද, විවේකය ද දන්නා සේක් ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTජානාමි{3} ඛ්වාහං ආවුසො සත්තානං නිමොක්ඛං පමොක්ඛං විවෙකන්ති.
Sinhala BJTඇවැත්නි, මම සත්ත්‍වයන්ගේ නිමොක්ඛය (=මාර්‍ගය) ද පමොක්ඛය (=ඵලය) ද විවේකය (=නිවණ) ද දනිමි.
Pali BJT[දෙවතා:]
Sinhala BJT[දෙවි:]
Pali BJTයථා කථම්පන ත්වං මාරිස ජානාසි සත්තානං නිමොක්ඛං පමොක්ඛං විවෙකන්ති?
Sinhala BJTනිදුකානන් වහන්ස, නුඹ වහන්සේ කෙසේ නම් සත්ත්‍වයන්ගේ නිමොක්ඛය ද, පමොක්ඛය ද, විවේකය ද දන්නා සේක් ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTනන්දීභවපරික්ඛයා සඤ්ඤාවිඤ්ඤාණසඞ්ඛයා, වෙදනානං නිරොධා උපසමා එවං ඛ්වාහං ආවුසො ජානාමි, සත්තානං නිමොක්ඛං පමොක්ඛං විවෙකන්ති.
Sinhala BJTඇවැත්නි, තෘෂ්ණාව මුල් කොට ඇති කර්‍මභවය ක්‍ෂය කිරීමෙන් ද, සංඥා විඥානයන් ගෙවාලිමෙන් ද, වේදනාවන්ගේ නිරෝධයෙන් හා සන් හිඳීමෙන් ද මම මෙසේ සත්ත්‍වයන්ගේ නිමොක්ඛය ද, පමොක්ඛය ද, විවේකය ද දනිමි යි.
Pali BJT1. 1. 3.
Sinhala BJT1. 1. 3.
Pali BJTඋපනීයති{4}සුත්තං.
Sinhala BJTඋපනීයති සූත්‍රය
Pali BJT3. සාවත්ථියං–
Sinhala BJT3. සැවැත්නුවර–
Pali BJTඅථ{5} ඛො සා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
Sinhala BJTඉක්බිති ඒ දෙව් තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
Pali BJTඋපනීයති ජීවිතමප්පමායු ජරූපනීතස්ස න සන්ති තාණා එතං භයං මරණෙ පෙක්ඛමානො පුඤ්ඤානි කයිරාථ සුඛාවහානීති.
Sinhala BJTජීවිතය මරණය කරා පමුණුවනු ලැබේ. ආයුෂ ස්වල්ප ය. ජරාව විසින් මරණය කරා පමුණුවන ලද්දහුට පිහිට වීමට රක්‍ෂාස්ථාන නැත. මේ (ත්‍රිවිධ) භය මරණයෙහි ලා දක්නේ සුව එළවන්නා වූ පින් කරන්නේ ය.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTඋපනීයති ජීවිතමප්පමායු ජරූපනීතස්ස න සන්ති තාණා එතං භයං මරණෙ පෙක්ඛමානො ලොකාමිසං පජහෙ සන්තිපෙක්ඛොති.
Sinhala BJTජීවිතය මරණය කරා පමුණුවනු ලැබේ. ආයුෂ ස්වල්ප ය. ජරාව විසින් මරණය කරා පමුණුවන ලද්දහුට (පිහිට වීමට) රක්‍ෂාස්ථාන නැත. මේ (ත්‍රිවිධ) භය මරණයෙහි ලා දක්නා නිවණ පතන පුඟුල්තෙමේ ලෝකාමිෂය දුරු කරන්නේයි.
Pali BJT1. 1. 4.
Sinhala BJT1. 1. 4.
Pali BJTඅච්චෙන්තිසුත්තං
Sinhala BJTඅච්චෙන්ති සූත්‍රය
Pali BJT4. සාවත්ථියං–{1}
Sinhala BJT4. සැවැත්නුවර–
Pali BJTඑකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
Sinhala BJTඑකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
Pali BJTඅච්චෙන්ති කාලා තරයන්ති රත්තියො වයොගුණා අනුපුබ්බං ජහන්ති. එතං භයං මරණෙ පෙක්ඛමානො පුඤ්ඤානි කයිරාථ සුඛාවහානීති.
Sinhala BJT(පෙරවරු ආදි) කාලයෝ ඉක්ම යෙති. රාත්‍රීහු පුද්ගලයා මරණය කරා පමුණුවති. වයෝරාශීහු අනුක්‍රමයෙන් පුරුෂයා හැර යත්. මේ (ත්‍රිවිධ) භය මරණයෙහි ලා දක්නේ සැප එළවන පින් කරන්නේ ය.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTඅච්චෙන්ති කාලා තරයන්ති රත්තියො වයොගුණා අනුපුබ්බං ජහන්ති, එතං භයං මරණෙ පෙක්ඛමානො ලොකාමිසං පජහෙ සන්තිපෙක්ඛොති.
Sinhala BJTකාලයෝ ඉක්ම යති. රාත්‍රීහු (පුරුෂයා) මරණය කරා පමුණුවති. වයෝරාශීහු අනුක්‍රමයෙන් පුරුෂයා හැර යත්. මේ බිය මරණයෙහි ලා දක්නේ, නිවන් පතනුයේ (භවත්‍රය සඞ්ඛ්‍යාත) ලෝකාමිෂය දුරු කරන්නේයි.
Pali BJT1. 1. 5.
Sinhala BJT1. 1. 5.
Pali BJTකතිඡින්ද{2}සුත්තං
Sinhala BJTකතිජින්‍ද සූත්‍රය
Pali BJT5. සාවත්ථියං–
Sinhala BJT5. සැවැත්නුවර–
Pali BJTඑකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවතො භගවන්තං ගාථාය අජ්ඣභාසි:{3}
Sinhala BJTඑකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථාවෙකින් සැළකළේ ය:
Pali BJTකති ඡින්දෙ කති ජහෙ කති චුත්තරි භාවයෙ, කති සඞ්ගාතිගො ‘භික්ඛු ඔඝතිණ්ණො’ති වුච්චතීති.
Sinhala BJTකෙතෙක් සිඳින්නේ ද? කෙතෙක් දුරු කරන්නේ ද? මත්තෙහි කෙතෙක් වඩන්නේ ද? කෙතෙක් සඞ්ග (ඇලීම්) ඉක්මවූ මහණ තෙමේ ‘ඕඝතිණ්ණ’ය යි කියනු ලැබේ ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTපඤ්ච ඡින්දෙ පඤ්ච ජහෙ පඤ්ච චුත්තරි භාවයෙ, පඤ්ච සඞ්ගාතිගො ‘භික්ඛු ඔඝතිණ්ණො’ති වුච්චතීති.
Sinhala BJTපසක් සිඳින්නේ ය. පසක් දුරු කරන්නේ ය, ඉන් මතුයෙහි පසක් වඩන්නේ ය. සඞ්ග පසක් ඉක්මවූ මහණ තෙමේ ‘ඕඝතිණ්ණ’ය යි කියනු ලැබේ.
Pali BJT1. 1. 6.
Sinhala BJT1. 1. 6.
Pali BJTජාගරසුත්තං
Sinhala BJTජාගර සූත්‍රය
Pali BJT6. සාවත්ථියං–
Sinhala BJT6. සැවැත්නුවර–
Pali BJTඑකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
Sinhala BJTඑකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
Pali BJTකති ජාගරතං සුත්තා කති සුත්තෙසු ජාගරා, කතීහි රජමාදෙති කතීහි පරිසුජ්ඣතීති.
Sinhala BJT(කීදෙනකුන්) නිදි වරද්දී කීදෙනෙකු නිදි ගත්තාහු වෙත් ද? (කීදෙනකුන්) නිදද්දී කීදෙනෙක් නිදිවරන්නෝ වෙත් ද? කෙතෙකින් (කෙලෙස්) රජස් ගණි ද? කෙතෙකින් පිරිසිදු වේ ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTපඤ්ච ජාගරතං සුත්තා පඤ්ච සුත්තෙසු ජාගරා, පඤ්චහි රජමාදෙති පඤ්චහි පරිසුජ්ඣතීති.
Sinhala BJTපස් දෙනෙකුන් නිදි වරද්දී පස්දෙනෙකුන් නිදිගත්තාහු වෙත්. පස්දෙනකුන් නිදද්දී පස්දෙනෙක් නිදි වරන්නෝ වෙත්. පසෙකින් කෙලෙස් රජස් ගණී. පසෙකින් පිරිසිදු වේ යි.
Pali BJT1. 1. 7.
Sinhala BJT1. 1. 7.
Pali BJTඅප්පටිවිදිතසුත්තං
Sinhala BJTඅප්පටිවිදිත සූත්‍රය
Pali BJT7. සාවත්ථියං–
Sinhala BJT7. සැවැත්නුවර–
Pali BJTඑකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
Sinhala BJTඑකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
Pali BJTයෙසං ධම්මා අප්පටිවිදිතා පරවාදෙසු නීයරෙ, සුත්තා තෙ නප්පබුජ්ඣන්ති කාලො තෙසං පබුජ්ඣිතුන්ති.
Sinhala BJTයම් කෙනෙකුන් විසින් (චතුස්සත්‍ය) ධර්‍මයෝ අවබෝධ නොකරණ ලද්දාහු ද? (ඔහු) පරවාදයන්හි පමුණුවනු ලබත් ද? නිදිගත්තා වූ ඔහු නුපුබුදිත්. ඔවුන්ට පිබිදීමට මේ කාලය යි.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTයෙසං ධම්මා සුප්පටිවිදිතා{1} පරවාදෙසු න නීයරෙ, සම්බුද්ධා සම්මදඤ්ඤාය{2} චරන්ති විසමෙ සමන්ති.
Sinhala BJTයම් කෙනෙකුන් විසින් (චතුස්සත්‍ය) ධර්‍මයෝ අවබෝධ කරණ ලද්දාහු ද? (ඔහු) පරවාදයන්හි නො පමුණුවනු ලබත්. (සර්‍වඥාබුද්ධාදි) බුදුවරයෝ මනා කොට දැන විෂම ලෝකයෙහි සම ව හැසිරෙත්.
Pali BJT1. 1. 8.
Sinhala BJT1. 1. 8.
Pali BJTසුසම්මුට්ඨසුත්තං
Sinhala BJTසුසම්මුට්ඨ සූත්‍රය
Pali BJT8. සාවත්ථියං–
Sinhala BJT8. සැවැත්නුවර–
Pali BJTඑකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
Sinhala BJTඑකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
Pali BJTයෙසං ධම්මා සුසම්මුට්ඨා පරවාදෙසු නීයරෙ, සුත්තා තෙ නප්පබුජ්ඣන්ති කාලො තෙසං පබුජ්ඣිතුන්ති.
Sinhala BJTයම් කෙනෙකුන්ගේ (චතුස්සත්‍ය) ධර්‍මයෝ වෙසෙසින් නැසුනාහු ද, (ඔහු) පරවාදයන්හි පමුණුවනු ලැබෙත්. ඔහු නිදි ගත්තාහු නො පුබුදිත්. ඔවුන්ට පිබිදීමට මේ කාලය යි.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTයෙසං ධම්මා අසම්මුට්ඨා පරවාදෙසු න නීයරෙ, සම්බුද්ධා සම්මදඤ්ඤාය{3} චරන්ති විසමෙ සමං.
Sinhala BJTයම් කෙනෙකුන්ගේ (චතුස්සත්‍ය) ධර්‍මයෝ නො නැසුනාහු ද, (ඔහු) පරවාදයන්හි නොපමුණුවනු ලැබෙත්. (සර්‍වඥබුද්ධාදි) බුදුවරු මැනවින් දැන විෂම ලෝකයෙහි සම ව හැසිරෙත් යී.
Pali BJT1. 1. 9.
Sinhala BJT1. 1. 9.
Pali BJTනමානකාමසුත්තං.
Sinhala BJTනමානකාම සූත්‍රය
Pali BJT9. සාවත්ථියං–
Sinhala BJT9. සැවැත්නුවර–
Pali BJTඑකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
Sinhala BJTඑකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
Pali BJTන මානකාමස්ස දමො ඉධත්ථි න මොනමත්ථි අසමාහිතස්ස, එකො අරඤ්ඤෙ විහරං පමත්තො න මච්චුධෙය්යස්ස තරෙය්ය පාරන්ති.
Sinhala BJTමෙහි මානය කැමැත්තහුට දමයෙක් (=හිතෙහි සන්හුන් පැවැත්මෙක්) නැත. සමාධියක් නැත්තහුට මෞනයෙක් (සිවුමග නුවණෙක්) නැත. වනයෙහි හුදකලා ව ප්‍රමත්ත ව වෙසෙන්නේ සසර පරතෙරට හෙවත් නිවණට නො පැමිණෙන්නේ ය.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTමානං පහාය සුසමාහිතත්තො සුචෙතසො සබ්බධි විප්පමුත්තො, එකො අරඤ්ඤෙ විහරං අප්පමත්තො ස මච්චුධෙය්යස්ස තරෙය්ය පාරන්ති.
Sinhala BJTමානය දුර ලා මැනවින් එකඟ වූ සිත් ඇති සියලු උපධීන්ගෙන් මිදුනු අප්‍රමත්ත ව හුදකලා ව වෙනෙහි වෙසෙන හෙතෙමේ සසර පරතෙරට පැමිණෙන්නේ යී.
Pali BJT1. 1. 10.
Sinhala BJT1. 1. 10.
Pali BJTඅරඤ්ඤසුත්තං
Sinhala BJTඅරඤ්ඤ සූත්‍රය
Pali BJT10. සාවත්ථියං–
Sinhala BJT10. සැවැත්නුවර–
Pali BJTඑකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවන්තං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJTඑකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථාවෙකින් සැළ කෙළේය:
Pali BJTඅරඤ්ඤෙ විහරන්තානං සන්තානං බ්රහ්මචාරිනං, එකභත්තං භුඤ්ජමානානං කෙන වණ්ණො පසීදතීති.
Sinhala BJTවෙනෙහි වසන එක්වේලේ අහර වළඳන ශාන්තබ්‍රහ්මචාරීන්ගේ වර්‍ණය කවරහෙයෙකින් පහදී ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTඅතීතං නානුසොචන්ති නප්පජප්පන්ති’නාගතං{1} පච්චුප්පන්නෙන යාපෙන්ති තෙන වණ්ණො පසීදති,
Sinhala BJTඉකුත් දෑ ගැණ ශෝක නො කෙරෙති. නො ලත් දෙය නො පතති. පවත්නා දෙයින් යැපෙත්. එයින් ශරීරවර්‍ණය පහදී.
Pali BJTඅනාගතප්පජප්පාය අතීතස්සානුසොචනා, එතෙන බාලා සුස්සන්ති නළොව හරිතො ලුතොති,
Sinhala BJTනො ලත් දෙය පැතීමෙන් හා ඉකුත් දෑ ගැණ ශෝක කිරීමෙන් දැයි යන මෙයින් බාලයෝ සිඳින ලද නිලිගත් බටදඬක් සෙයින් වියලෙත්යි.
Pali BJTනළවග්ගො පඨමො.
Sinhala BJTනළ වර්‍ගය පළමු වැනියි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTඔඝං නිමොක්ඛං උපනීයති අච්චෙන්ති කතිඡින්දි ච,{2} ජාගරං අප්පටිවිදිතා සුසම්මුට්ඨාමානකාමො{3} අරඤ්ඤෙ දසමො{4} වුත්තො වග්ගො තෙන පවුච්චති.
Sinhala BJTඕඝතරණ, නිමොක්ඛ, උපනීයති, අච්චෙන්ති, කතිජින්‍ද, ජාගර, අප්පටිවිදිත, සුසම්මුට්ඨ, නමානකාම, දස වැනි වූ අරඤ්ඤ සූත්‍රය යි එයින් පළමු වන වර්‍ගය කියනු ලැබේ.
Pali BJT2. නන්දනවග්ගො
Sinhala BJT2. නන්‍දන වර්‍ගය
Pali BJT1. 2. 1.
Sinhala BJT1. 2. 1.
Pali BJTනන්දනසුත්තං
Sinhala BJTනන්‍දන සූත්‍රය
Pali BJT11. එවම්මෙ සුතං එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT11. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂුහු ‘පින්වතුන් වහන්සැ’ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
Pali BJTභූතපුබ්බං භික්ඛවෙ අඤ්ඤතරා තාවතිංසකායිකා දෙවතා නන්දනවනෙ{5} අච්ඡරාසඞ්ඝපරිවුතා දිබ්බෙහි පඤ්චහි කාමගුණෙහි සමප්පිතා සමඞ්ගීභූතා පරිචාරයමානා{6} තායං වෙලායං ඉමං ගාථං අභාසි:
Sinhala BJTමහණෙනි, පෙර වූවක් කියමි. තව්තිසා වැසි එක්තරා දෙවියෙක් දිවසරන් විසින් පිරිවරණ ලදුයේ දිව්‍යපඤ්චකාම සම්පත්තියෙන් සමන්‍විත වූයේ ඉඳුරන් පිණවන්නේ ඒ වෙලාවෙහි මේ ගාථාව කී ය:
Pali BJTන තෙ සුඛං පජානන්ති යෙ න පස්සන්ති නන්දනං, ආවාසං නරදෙවානං තිදසානං යසස්සිනන්ති.
Sinhala BJTයම් කෙනෙක් පිරිවර ඇති තව්තිසා වැසි දෙවියන්ගේ වාසස්ථාන වූ නදුනුයන නො දකිද්ද? ඔහු සැපය නො දනිත්.
Pali BJTඑවං වුත්තෙ භික්ඛවෙ අඤ්ඤතරා දෙවතා තං දෙවතං ගාථාය පච්චභාසි:
Sinhala BJTමහණෙනි, මෙසේ කී කල්හි එක්තරා දෙවියෙක් ඒ දෙවියාට ගාථාවකින් පිළිතුරු දුන්නේ ය:
Pali BJTන ත්වං බාලෙ විජානාසි{7} යථා අරහතං වචො, අනිච්චා සබ්බෙ සඞ්ඛාරා{8} උප්පාදවයධම්මිනො, උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති තෙසං වූපසමො සුඛොති.
Sinhala BJTබාලය, තෝ “සියලු සංස්කාරය අනිත්‍යයහ. ඉපදීම හා නැසීම ස්වභාව කොට ඇත්තාහ. ඉපිද නිරුද්ධ වෙත්. ඔවුන්ගේ සන්හිඳීම සැප ය” යන රහතුන් වදන ලෙස නො දන්හියි.
Pali BJT1. 2. 2.
Sinhala BJT1. 2. 2.