මහණෙනි, යමෙක් “මම තෙල සියල්ල පිළිකෙව් කොට අන් සියල්ලක් පනවමි” යි මෙසේ කියා නම් ඔහුගේ ඒ වදන් වචන මාත්‍ර මැ වන්නේ යැ. එ කවර හෙයින යත්: මහණෙනි, අවිෂය හෙයිනි යි.
1. 3. 2.
ප්‍රහාණ සූත්‍රය
24. සැවැත්නුවර–
මහණෙනි, තොපට සර්‍වප්‍රහාණයට දහම් දෙසමි. එය අසව මහණෙනි, සර්‍වප්‍රහාණයට දහම් කවරෙ යත්: මහණෙනි, චක්‍ෂුස (උපදවන තෘෂ්ණාව) ප්‍රහාණය කටයුතු යැ. රූපයෝ ප්‍රහාණ කටයුත්තාහ. චක්‍ෂුර්විඥානය ප්‍රහාණ කටයුතු යැ. චක්‍ෂුස්සංස්පර්‍ශය ප්‍රහාණ කටයුතු යැ. චක්‍ෂුස්සංස්පර්‍ශප්‍රත්‍යයෙන් උපදනා සුව වූ හෝ දුක් වූ හෝ නො දුක් නො සුව වූ හෝ යම් වේදයිතයෙක් ඇත් නම් ඒ ද ප්‍රහාණ කටයුතු ...
ජිහ්වා (උපදවන තෘෂ්ණාව) ප්‍රහාණ කටයුතු යැ. රසයෝ ප්‍රහාණ කටයුත්තාහ. ජිහ්වාවිඥානය ප්‍රහාණ කටයුතු යැ. ජිහ්වාසංස්පර්‍ශය ප්‍රහාණ කටයුතු යැ. ජිහ්වාසංස්පර්‍ශප්‍රත්‍යයෙන් උපදනා සුව වූ හෝ දුක් වූ හෝ නො දුක් නො සුව වූ හෝ යම් වේදයිතයෙක් ඇත් නම් එ ද ප්‍රහාණ කටයුතු ...
භවඞ්ගචිත්ත සඞ්ඛ්‍යාත මනස (උපදවන තෘෂ්ණාව) ප්‍රහාණ කටයුතු යැ ආලම්බන සඞ්ඛ්‍යාත ධර්‍මයෝ ප්‍රහාණ කටයුත්තාහ. මනෝවිඥානය ප්‍රහාණය කටයුතු යැ. මනස්සංස්පර්‍ශය ප්‍රහාණ කටයුතු යැ. මනස්සංස්පර්‍ශප්‍රත්‍යයෙන් උපදනා සුව වූ හෝ දුක් වූ හෝ නො දුක් නො සුව වූ හෝ යම් වේදයිතයෙක් ඇත් නම් එ ද ප්‍රහාණ කටයුතු .
1. 3. 3.
දෙවැනි ප්‍රහාණ සූත්‍රය
25. සැවැත්නුවර–
මහණෙනි, තොපට සියල්ල (ස්වලක්‍ෂණාවබෝධයෙන්) වෙසෙසින් දැන (සාමාන්‍යලක්‍ෂණාවබෝධයෙන්) පිරිසිඳ දැන ප්‍රහාණය පිණිස දහම් දෙසමි, එය අසව.
මහණෙනි, සියල්ල වෙසෙසින් දැන පිරිසිඳ දැන ප්‍රහාණයට දහම් කවරේ යත්: මහණෙනි, චක්‍ෂුස වෙසෙසින් දැන පිරිසිඳ දැන ප්‍රහාතව්‍ය යැ. රූපයෝ වෙසෙසින් දැන පිරිසිඳ දැන ප්‍රහාතව්‍යයෝ යැ. චක්‍ෂුර්විඥානය වෙසෙසින් දැන පිරිසිඳ දැන ප්‍රහාතව්‍ය යැ. චක්‍ෂුස්සංස්පර්‍ශය වෙසෙසින් දැන පිරිසිඳ දැන ප්‍රහාතව්‍ය යැ. චක්‍ෂුස්සංස්පර්‍ශප්‍රත්‍යයෙන් උපදනා සුව වේවයි දුක් වේවයි නො දුක් නො සුව වේවයි යම් මැ වේදයිතයෙක් ඇද්ද එ ද වෙසෙසින් දැන ප්‍රහාතව්‍ය යි ...
ජිහ්වාව වෙසෙසින් දැන පිරිසිඳ දැන ප්‍රහාතව්‍ය යැ. රසයෝ වෙසෙසින් දැන පිරිසිඳ දැන ප්‍රහාතව්‍යයෝ යැ. ජිහ්වාවිඥානය වෙසෙසින් දැන පිරිසිඳ දැන ප්‍රහාතව්‍ය යැ. ජිහ්වාසංස්පර්‍ශය වෙසෙසින් දැන පිරිසිඳ දැන ප්‍රහාතව්‍ය යැ. ජිහ්වාසංස්පර්‍ශ ප්‍රත්‍යයෙන් උපදනා සුව වේවයි දුක් වේවයි නො දුක් නො සුව වේවයි යම් මැ වේදයිතයෙක් ඇද්ද එ ද වෙසෙසින් දැන ප්‍රහාතව්‍ය යි ...
මනස වෙසෙසින් දැන පිරිසිඳ දැන ප්‍රහාතව්‍ය යැ. ආලම්බන සඞ්ඛ්‍යාත ධර්‍මයෝ වෙසෙසින් දැන පිරිසිඳ දැන ප්‍රහාතව්‍යයෝ යැ. මනෝ විඥානය වෙසෙසින් දැන පිරිසිඳ දැන ප්‍රහාතව්‍ය යැ. මනස්සංස්පර්‍ශය වෙසෙසින් දැන පිරිසිඳ දැන ප්‍රහාතව්‍ය යැ. මනස්සංස්පර්‍ශප්‍රත්‍යයෙන් උපදනා සුව වේවයි දුක් වේවයි නොදුක් නොසුව වේවයි යම් මැ වේදයිතයෙක් ඇද්ද එ ද වෙසෙසින් දැන පිරිසිඳ දැන ප්‍රහාතව්‍ය ය. මහණෙනි, මේ සියල්ල අභිජානන කොට පරිජානන කොට ප්‍රහාණයට ධර්‍ම වේ.
1. 3. 4.
අපරිජාන සූත්‍රය
26. සැවැත්නුවර–
මහණෙනි, සියල්ල වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ දුරු නො කරන්නේ පහ නො කරන්නේ දුක් ක්‍ෂය කිරීමට අභව්‍ය වෙයි. මහණෙනි, කවර සියල්ල වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ දුරු නො කරන්නේ පහ නො කරන්නේ දුක් ක්‍ෂය කිරීමට අභව්‍ය වේ යැ යත්:
මහණෙනි, චක්‍ෂුස වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ දුරු නො කරන්නේ පහ නො කරන්නේ දුක් ක්‍ෂය කිරීමට අභව්‍ය වෙයි. රූපයන් වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ දුරු නො කරන්නේ පහ නො කරන්නේ දුක් ක්‍ෂය කිරීමට අභව්‍ය වෙයි. චක්‍ෂුර්විඥානය වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ දුරු නො කරන්නේ පහ නො කරන්නේ දුක් ක්‍ෂය කිරීමට අභව්‍ය වෙයි. චක්‍ෂුස්සංස්පර්‍ශය වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ දුරු නො කරන්නේ පහ නො කරන්නේ දුක් ක්‍ෂය කිරීමට අභව්‍ය වෙයි. චක්‍ෂුස්සංස්පර්‍ශප්‍රත්‍යයෙන් උපදනා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් ඇත් නම් එ ද වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ දුරු නො කරන්නේ පහ නො කරන්නේ දුක් ක්‍ෂය කිරීමට අභව්‍ය වේ ...
ජිහ්වාව වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ දුරු නො කරන්නේ පහ නො කරන්නේ දුක් ක්‍ෂය කිරීමට අභව්‍ය වෙයි. රසයන් … ජිහ්වාවිඥානය … ජිහ්වාසංස්පර්‍ශය … ජිහ්වාසංස්පර්‍ශයෙන් උපදනා සුව වූ හේ දුක් වූ හෝ නො දුක් නො සුව වූ හෝ යම් වේදයිතයෙක් ඇත් නම් එ ද වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ දුරු නො කරන්නේ පහ නො කරන්නේ දුක් ක්‍ෂය කිරීමට අභව්‍ය වේ ...
මනස වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ දුරු නො කරන්නේ පහ නො කරන්නේ දුක් ක්‍ෂය කිරීමට අභව්‍ය වෙයි. ධර්‍මයන් … මනෝ විඥානය ... මනස්සංස්පර්‍ශය … මනස්සංස්පර්‍ශයප්‍රත්‍යයෙන් උපදනා වූ සුව වු හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් ඇත් නම් එ ද වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ දුරු නො කරන්නේ පහ නො කරන්නේ දුක් ක්‍ෂය කිරීමට අභව්‍ය වේ. මහණෙනි, මෙ ‘සියල්ල’ වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ දුරු නො කරන්නේ පහ නො කරන්නේ දුක් ක්‍ෂය කිරීමට අභව්‍ය වේ.
තවද මහණෙනි, සියල්ල වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් ක්‍ෂය කිරීමට භව්‍ය වෙයි. මහණෙනි, කවර සියල්ල වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් ක්‍ෂය කිරීමට භව්‍ය වෙයි යත්:
මහණෙනි, චක්‍ෂුස වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් ක්‍ෂය කිරීමට භව්‍ය වෙයි. රූපයන් වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් ක්‍ෂය කිරීමට භව්‍ය වෙයි. චක්‍ෂුර්විඥානය වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් ක්‍ෂය කිරීමට භව්‍ය වෙයි. චක්‍ෂුස්සංස්පර්‍ශය වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් ක්‍ෂය කිරීමට භව්‍ය වෙයි. චක්‍ෂුස්සංස්පර්‍ශප්‍රත්‍යයෙන් උපදනා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් ඇත් නම් එ ද වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් ක්‍ෂය කිරීමට භව්‍ය වෙයි ...
ජිහ්වාව වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් ක්‍ෂය කිරීමට භව්‍ය වෙයි. රූපයන් … ජිහ්වාවිඥානය … ජිහ්වාසංස්පර්‍ශය … ජ්හ්වාසංස්පර්‍ශප්‍රත්‍යයෙන් උපදනා සුව වූ හෝ දුක් වූ හෝ නො දුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් ඇත් නම් එ ද වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් ක්‍ෂය කිරීමට භව්‍ය වෙයි ...
මනස වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් ක්‍ෂය කිරීමට භව්‍ය වෙයි. ධර්‍මයන් … මනෝවිඥානය … මනස්සංස්ප්ර්‍ශය … මනස්සංස්පර්‍ශප්‍රත්‍යයෙන් උපදනා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් ඇත් නම් එ ද වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් ක්‍ෂය කිරීමට භව්‍ය වේ.
මහණෙනි, මේ ‘සියල්ල’ වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් ක්‍ෂය කිරීමට භව්‍ය වේ.
1. 3. 5.
ද්විතීය අපරිජාන සූත්‍රය
27. සැවැත්නුවර–
මහණෙනි, සියල්ල වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ දුරු නො කරන්නේ පහ නො කරන්නේ දුක් ක්‍ෂය කිරීමට භව්‍ය නො වෙයි. මහණෙනි, කවර සියල්ල වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ දුරු නො කරන්නේ පහ නො කරන්නේ දුක් ක්‍ෂය කිරීමට අභව්‍ය වේ යැ යත්:
මහණෙනි, යම් චක්‍ෂුසෙකුත් වේ ද යම් රූප කෙනෙකුත් ඇත් ද යම් චක්‍ෂුර්විඥානයෙකුත් වේ ද යම් චක්‍ෂුර්විඥානයෙන් දතයුතු ධර්‍ම කෙනෙකුත් ඇද්ද, යම් ශ්‍රෝත්‍රයෙකුත් වේ ද යම් ශබ්ද කෙනෙකුත් ඇද් ද යම් ශ්‍රෝත්‍රවිඥානයෙකුත් ඇද් ද යම් ශ්‍රෝතවිඥානයෙන් දතයුතු යම් ධර්‍ම කෙනෙක් ඇද් ද, ඝ්‍රාණයෙකුත් වේ ද යම් ගන්‍ධ කෙනෙකුත් ඇද් ද යම් ඝ්‍රාණවිඥානයෙකුත් වේ ද යම් ඝ්‍රාණවිඥානයෙන් දතයුතු ධර්‍ම කෙනෙකුත් ඇද්ද, යම් ජිහ්වාවකුත් ඇද්ද යම් රසයෙකුත් ඇද්ද යම් ජිහ්වාවිඥානයෙකුත් ඇද්ද යම් ජිහ්වාවිඥානයෙන් දතයුතු ධර්‍ම කෙනෙකුත් ඇද්ද, යම් කයෙක් වේ ද යම් ස්ප්‍රෂ්ටව්‍ය කෙනෙකුත් ඇද්ද යම් කායවිඥානයෙකුත් වේ ද යම් කායවිඥානයෙන් දතයුතු ධර්‍ම කෙනෙකුත් ඇද්ද, යම් මනසෙකුත් වේ ද යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද යම් මනෝවිඥානයෙකුත් වේ ද යම් මනෝවිඥානයෙන් දතයුතු ධර්‍ම කෙනෙකුත් ඇද්ද, මහණෙනි මේ සියල්ල වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ දුරු නො කරන්නේ පහ නො කරන්නේ දුක් ක්‍ෂය කිරීමට අභව්‍ය වේ.
තව ද මහණෙනි, සියල්ල වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් ක්‍ෂය කිරීමට භව්‍ය වෙයි. මහණෙනි, කවර සියල්ල වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් ක්‍ෂය කිරීමට භව්‍ය වෙයි යත්:
මහණෙනි, යම් චක්‍ෂුසෙකුත් ඇද්ද යම් රූප කෙනෙකුත් ඇද්ද යම් චක්‍ෂුර්විඥානයෙකුත් ඇද්ද යම් චක්‍ෂුර්විඥානයෙන් දතයුතු ධර්‍ම කෙනෙකුත් ඇද්ද … යම් ජිහ්වාවකුත් ඇද්ද යම් රස කෙනෙකුත් ඇද්ද යම් ජිහ්වාවිඥානයකුත් ඇද්ද යම් ජිහ්වා විඥානයෙන් දතයුතු ධර්‍ම කෙනෙකුත් ඇද්ද … යම් මනසෙකුත් ඇද්ද යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද යම් මනෝවිඥානයෙකුත් ඇද්ද යම් මනෝවිඥානයෙන් දතයුතු ධර්‍ම කෙනෙකුත් ඇද්ද, මහණෙනි මෙ සියල්ල වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් ක්‍ෂය කිරීමට භව්‍ය වේ.
1. 3. 6.
ආදිත්තපරියාය සූත්‍රය
28. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ ගයාගම්නුදුරෙහි ගයා ශිර්‍ෂයෙහි (එනම් ගල්තලාවෙහි) භික්‍ෂූන් දහසක් හා සමග වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක.
මහණෙනි, සියල්ල ඇවිලගන්නා ලදි. මහණෙනි, කවර සියල්ල ඇවිලගන්නා ලද යැ යත්: මහණෙනි, චක්‍ෂුස ඇවිලගන්නා ලද යැ. රූපයෝ ඇවිලගන්නා ලදහ. චක්ඛුවිඤ්ඤාණය ඇවිලගන්නා ලද යැ. චක්ඛුසම්ඵස්සය ඇවිලගන්නා ලද යැ. චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වේදනායෙක් උපදී නම් එ ද ඇවිලගන්නා ලද යැ. කිමෙකින් ඇවිලගන්නා ලද යැ යත්: රාග ගින්නෙන් දෝස ගින්නෙන් මෝහ ගින්නෙන් ඇවිලගන්නා ලද යැ. ජාතියෙන් ජරාමරණයෙන් ඇවිලගන්නා ලද යැ. සෝකයෙන් පරිදේවයෙන් දුඃඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් ඇවිලගන්නා ලදැයි කියමි.
ශ්‍රෝත්‍රය ඇවිලගන්නා ලද යැ. ශබ්දයෝ ඇවිලගන්නා ලදහ. සෝතවිඤ්ඤාණය ඇවිලගන්නා ලද යැ. සෝතසම්ඵස්සය ඇවිලගන්නා ලදයැ. සෝතසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් හෙ ද ඇවිලගන්නා ලද යැ. කිමෙකින් ඇවිලගන්නා ලද යැ යත්: රාගගින්නෙන් දෝසගින්නෙන් මෝහගින්නෙන් ඇවිලගන්නා ලද යැ. ජාතියෙන් ජරාමරණයෙන් ඇවිලගන්නා ලද යැ. සෝකයෙන් පරිදේවයෙන් දුඃඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් ඇවිලගන්නා ලදැයි කියමි.
ඝානය ඇවිලගන්නා ලද යැ ගන්‍ධයෝ ඇවිලගන්නා ලදහ. ඝානවිඤ්ඤාණය ඇවිලගන්නා ලද යැ. ඝානසම්ඵස්සය ඇවිලගන්නා ලද යැ ඝාණසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වු හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එ ද ඇවිලගන්නා ලදි. කිමෙකින් ඇවිලගන්නා ලදැ යැ යත්: රාග ගින්නෙන් දෝස ගින්නේ මෝහ ගින්නෙන් ඇවිලගන්නා ලද යැ. ජාතියෙන් ජාමරණයෙන් ඇවිල ගන්නා ලදැ යැ. සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් ඇවිලගන්නා ලදැයි කියමි.
ජිව්හාව ඇවිලගන්නා ලද යැ. රසයෝ ඇවිලගන්නා ලදහ. ජිව්හාවිඤ්ඤාණය ඇවිලගන්නා ලද යැ. ජිව්හාසම්ඵස්සය ඇවිලගන්නා ලද යැ. ජිව්හාසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එද ඇවිලගන්නා ලදි. කිමෙකින් ඇවිලගන්නා ලදයැ යත්: රාග ගින්නෙන් දෝසගින්නෙන් මෝහගින්නෙන් ඇවිලගන්නා ලද යැ. ජාතියෙන් ජරාමරණයෙන් ඇවිලගන්නා ලදයැ. සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් ඇවිලගන්නා ලදැයි කියමි.
කය ඇවිලගන්නා ලද යැ. ඵොට්ඨබ්බයෝ ඇවිලගන්නා ලදහ. කායවිඤ්ඤාණය ඇවිලගන්නා ලද යැ කායසම්ඵස්සය ඇවිලගන්නා ලද යැ. කායසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එද ඇවිලගන්නා ලදි. කිමෙකින් ඇවිලගන්නා ලද යැ. යත්: රාගගින්නෙන් දෝසගින්නෙන් මෝහගින්නෙන් ඇවිලගන්නා ලද යැ. ජාතියෙන් ජාමරණයෙන් ඇවිලගන්නා ලද යැ සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් ඇවිලගන්නා ලදැ යි කියමි.
මනස ඇවිලගන්නා ලද යැ. ධර්‍මයෝ ඇවිලගන්නා ලදහ. මනෝවිඤ්ඤාණය ඇවිලගන්නා ලද යැ. මනෝසම්ඵස්සය ඇවිලගන්නා ලද යැ. මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එද ඇවිලගන්නා ලදි. කිමෙකින් ඇවිලගන්නා ලද යැ යත්; රාගගින්නෙන් දෝසගින්නෙන් මෝහගින්නෙන් ඇවිලගන්නා ලද යැ. ජාතියෙන් ජරාමණෙයෙන් ඇවිලගන්නා ලද යැ. සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් ඇවිලගන්නා ලදැ යි කියමි.
මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක ඇසෙහිත් කලකිරෙයි. රූපයන්හිත් කලකිරෙයි. චක්ඛුවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් වේ නම් එහිත් කලකිරෙයි … දිවෙහිත් කලකිරෙයි. රසයන්හිත් කලකිරෙයි. ජිව්හාවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. ජිව්හාසම්ඵස්සයෙහිත් කලකිරෙයි. ජිව්හාසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් වූ හෝ නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එහිත් කලකිරෙයි … සිතෙහිත් කලකිරෙයි. ධර්‍මයන්හිත් කලකිරෙයි. මනෝවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. මනෝසම්ඵස්සයෙහිත් කලකිරෙයි.
මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එහිත් කලකිරෙයි කලකිරෙන්නේ නො ඇලෙයි. නොඇල්මෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේ යයි දැනීම වෙයි. ජාතිය ක්‍ෂය වූවා ය. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගත්හ. මේ සූත්‍රය දේශනා කරනු ලබන කල්හි ඒ භික්‍ෂූන් දහසගේ සිත් උපාදාන රහිත ව කෙලෙසුන්ගෙන් මිදුණේ යි.
1. 3. 7.
අන්ධභූත සූත්‍රය
29. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක.
මහණෙනි, සියල්ල මඩනා ලදි. මහණෙනි, කවරසියල්ලක් මඩනා ලද ද යත්: මහණෙනි, චක්‍ෂුස මඩනා ලදි, රූපයෝ මඩනා ලදහ, චක්ඛුවිඤ්ඤාණය මඩනා ලදි, චක්ඛුසම්ඵස්සය මඩනා ලදි, චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් හෙද මඩනා ලදි. කිමෙකින් මඩනා ලද ද යත්: ජාතියෙන් ජරාමරණයෙන් මඩනා ලදි. සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් මඩනා ලදැ යි කියමි. ශ්‍රෝත්‍රය ...
ජිහ්වාව මඩනා ලදී. රසයෝ මඩනා ලදහ. ජිව්හාවිඤ්ඤාණ මඩනා ලදි. ජිව්හාසම්ඵස්සය මඩනා ලදි. ජිව්හාසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නො සුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එද මඩනා ලදි. කිමෙකින් මඩනා ලද ද යත්: ජාතියෙන් ජරාමරණයෙන් මඩනා ලදි. සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් මඩනා ලදැ යි කියමි. කය …
මනස මඩනා ලදි. ධර්‍මයෝ මඩනා ලදහ. මනෝවිඤ්ඤාණය මඩනා ලදි. මනෝසම්ඵස්සය මඩනා ලදි. මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එද මඩනා ලදි. කිමෙකින් මඩනා ලද ද යත්: ජාතියෙන් ජරාමරණයෙන් මඩනා ලදි. සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් මඩනා ලදැ යි කියමි.
මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක චක්‍ෂුසෙහිත් කලකිරෙයි. චක්‍ෂුවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. රූපයන්හිත් කලකිරෙයි. චක්ඛුසම්ඵස්සයෙහිත් කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එහිත් කලකිරෙයි ... මනසෙහි ද කලකිරෙයි. ධර්‍මයන්හිත් කලකිරෙයි. මනෝවිඤ්ඤානයෙහිත් කලකිරෙයි. මනෝසම්ඵස්සයෙහිත් කලකිරෙයි. මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. නො ඇල්මෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේ යයි දැනීම වෙයි. ජාතිය ක්‍ෂය වූවා ය. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.
1. 3. 8.
සාරුප්පපටිපදා සූත්‍රය
30. සැවැත්නුවර–
මහණෙනි, තොපට සියලු (තෘෂ්ණාදෘෂ්ටිමාන) මඤ්ඤනා සමුග්ඝාතයට නිසි ප්‍රතිපදාව දෙසමි. එය අසවු.
මහණෙනි, ඒ සියලු මඤ්ඤනා සමුග්ඝාතයට නිසි ප්‍රතිපදා කවර යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ චක්‍ෂුස ‘මම වෙමි’ යි (තෘෂ්ණාදෘෂ්ටිමාන වශයෙන්) නො හඟියි. ‘මම චක්‍ෂුසෙහි පිහිටියෙමි’යි නො හඟියි. ‘මම චක්‍ෂුසින් බැහැරැ වෙමි’ යි නො හඟියි. චක්‍ෂුස මාගේ යයි නො හඟියි. රූපයන් ‘මම වෙමි’යි නො හඟියි. රූපයන්හි ආත්මය ඇතැයි නො හඟියි. රූපයෙන් බැහැරැ ආත්මය ඇතැයි නො හඟියි. රූපයෝ තමා අයත් වෙතී නො හඟියි. චක්‍ෂුර්විඥානය ආත්ම යයි නො හඟියි. චක්‍ෂුර්විඥානයෙහි ආත්මය ඇතැ යි නො හඟියි. චක්‍ෂුර්විඥානයෙන් බැහැරැ ආත්මය ඇතැ යි නො හඟියි. චක්‍ෂුර්විඥානය තමා අයත් යයි නො හඟියි. චක්ඛුසම්ඵස්සය ආත්ම යයි නො හඟියි. චක්ඛුසම්ඵස්සයෙහි ආත්මය ඇතැ යි නො හඟියි. චක්ඛුසම්ඵස්සයෙන් බැහැරැ ආත්මය ඇතැ යි නො හඟියි. චක්ඛුසම්ඵස්සය මාගේ යයි නො හඟියි. චක්ඛුසම්ඵස්සප්‍රත්‍යයෙන් උපදනා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් ඇත් නම් එ ද ‘ආත්ම’යයි නො හඟියි. ආත්මය එහි වෙතී ද නො හඟියි. ආත්මය ඉන් බැහැරැ වෙතී ද නො හඟියි. එය මාගේ යයි නො හඟී.
ජිව්හාව ආත්ම යයි නො හඟියි. ජිව්හායෙහි ‘ආත්මය ඇතැ’යි නො හඟියි. ජිව්හායෙන් බැහැරැ ‘ආත්මය ඇතැ’යි නො හඟියි. ජිව්හාව මාගේ යයි නො හඟියි. රසයන් ආත්ම යයි නො හඟියි. රසයෙහි ආත්මය ඇතැ යි නො හඟියි. රසයෙන් බැහැරැ ආත්මය ඇතැ’යි නො හඟියි. රසයෝ මාගේ යයි නො හඟියි. ජිව්හාවිඤ්ඤාණය ආත්ම යයි නො හඟියි. ජිව්හාවිඤ්ඤාණයෙහි ආත්මය ඇතැ යි නො හඟියි. ජිව්හාවිඤ්ඤාණයෙන් බැහැරැ ආත්මය ඇතැයි නො හඟියි. ජිව්හාවිඤ්ඤාණය මාගේ යයි නො හඟියි. ජිව්හාසම්ඵස්සය ආත්මය යි නො හඟි යි.
ජිව්හාසම්ඵස්සයෙහි ආත්මය ඇතැයි නො හඟියි. ජිව්හාසම්ඵස්සයෙන් බැහැරැ ආත්මය ඇතැයි නො හඟියි. ජිව්හාසම්ඵස්සය මාගේ යයි නො හඟි, ජිව්හාසම්ඵස්සප්‍රත්‍යයෙන් උපන් සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් ඇත් නම් එ ද ආත්ම යයි නො හඟියි. එහි දු ආත්මය ඇතැ යි නො හඟියි. එයින් බැහැරැ දු ආත්මය ඇතැ’යි නො හඟියි. එය මාගේ යයි ද නො හඟියි.
මනස ‘ආත්ම’ යයි නො හඟියි, මනසෙහි ආත්මය ඇතැ’යි නො හඟියි, මනසින් බැහැරැ ආත්මය ඇතැ’යි නො හඟියි, මනස ආත්මය අයත් යයි නො හඟියි. ධර්‍මයන් ‘ආත්ම’ යයි නො හඟියි, ධර්‍මයන්හි ආත්මය ඇතැ යි නො හඟියි. ධර්‍මයෙන් බැහැරැ ආත්මය ඇතැ’යි නො හඟියි, ධර්‍මය ආත්මය අයත් යයි නො හඟියි. මනෝවිඥානය ආත්ම යයි නො හඟියි, මනෝවිඥානයෙහි ආත්මය ඇතැ’යි නො හඟියි, මනෝවිඥානයෙන් බැහැරැ ආත්මය ඇතැ’යි නො හඟියි, මනෝවිඥානය ආත්මය අයත් යයි නො හඟියි. මනෝසම්ඵස්සය ආත්ම යයි නො හඟියි, මනෝසම්ඵස්සයෙහි ආත්මය ඇතැ’යි නො හඟියි, මනෝසම්ඵස්සයෙන් බැහැරැ ආත්මය ඇතැයි නො හඟියි, මනෝසම්ඵස්සය ආත්මය අයත් යයි නො හඟියි, මනෝසම්ඵස්සප්‍රත්‍යයෙන් උපදනා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් ඇත් නම් එ ද ආත්ම යයි නො හඟියි. එහිදු ආත්මය ඇතැ’යි නො හඟියි. එයින් බැහැරැ ද ආත්මය ඇතැ’යි නො හඟියි. එය ආත්මය අයත් යයි නො හඟී.
සියල්ල ආත්ම යයි නො හඟියි, සියල්ලෙහි ආත්මය ඇතැ’යි නො හඟියි, සියල්ලෙන් බැහැර ආත්මය ඇතැ’යි නො හඟියි, සියල්ල ආත්මය අයත් යයි නො හඟී, මෙසේ මඤ්ඤනා නො කරන්නේ ලෝකයෙහි කිසිවක් උපාදාන නො කෙරෙයි. උපාදාන නො කරනුයේ තෘෂ්ණා නො කෙරෙයි. තෘෂ්ණා නො කරනුයේ මෙ අත්බැව්හි මැ පිරිනිවෙයි. ජාති ක්‍ෂය වූ යැ. මඟබඹසර වැස නිමවන ලද. කරණී කරනලද. මෙ රහත්බව පිණිස කළයුතු අන් කිසෙක් නැතැ’යි දැනගනී.
මහණෙනි, මේ වූකලී ඒ සියලු (තෘෂ්ණා දෘෂ්ටි මාන) මඤ්ඤනා සමුග්ඝාතයට නිසි ප්‍රතිපාදා යි.
1. 3. 9.
සප්පායපටිපදා සූත්‍රය
31. සැවැත්නුවර–
මහණෙනි, තොපට සියලු මඤ්ඤනාසමුග්ඝාතයට සත්ප්‍රාය වූ ප්‍රතිපාදාව දෙසමි. එය අසවු.
මහණෙනි, ඒ සියලු මඤ්ඤනාසමුග්ඝාතයට සත්ප්‍රාය වූ ප්‍රතිපදා කවර යත්:
මහණෙනි, මෙසස්නෙහි මහණ චක්‍ෂුස ආත්ම යයි නො හඟියි, චක්‍ෂුසෙහි ආත්ම යයි නො හඟියි, චක්‍ෂුසින් බැහැරැ ආත්ම යයි නො හඟියි, චක්‍ෂුස මාගේ යයි නො හඟී. රූපයන් ආත්ම යයි නො හඟියි … චක්‍ෂුර්විඥානය ආත්ම යයි නො හඟියි. චක්ඛුසසම්ඵස්සය ආත්ම යයි නො හඟියි. චක්ඛුසම්ඵස්සයෙන් උපදනා සුඛ වේවයි දුක්ඛ වේවයි අදුක්ඛාසුඛ වේවයි යම් මැ වේදයිතයෙක් වේ නම් එ ද ආත්ම යයි නො හඟියි. එහි දු ආත්මය ඇතැ යි නො හඟියි, එයින් බැහැරැ ද ආත්මය ඇතැ යි නො හඟියි, එය ආත්මය අයත් යයි ද නො හඟී.
මහණෙනි, යමක් ආත්ම යයි හඟී ද යම් තැනෙක ආත්මය ඇතැ’යි හඟී ද යමෙකින් බැහැරැ ආත්මය ඇතැ’යි හඟී ද යමක් ආත්මය අයත් යයි හඟී ද එයින් ඒ අන්ප්‍රකාරයෙන් වෙයි. (විපරීත වෙයි.) විපරීත ආකාරයෙන් වන භවයෙහි ඇලුණු ලෝකය භවය මැ ප්‍රාර්‍ත්‍ථනා කරයි ...
ජිහ්වාව ආත්ම යයි නො හඟියි. ජිහ්වායෙහි ආත්මය ඇතැ’යි නො හඟියි, ජිහ්වායෙන් බැහැර ආත්මය ඇතැ’යි නො හඟියි, ජිහ්වාව මාගේ යයි නො හඟී. රසයන් ආත්ම යයි නො හඟියි … ජිහ්වාසම්ඵස්සයෙන් උපදනා සුඛ වේවයි දුඃඛ වේවයි, අදුක්ඛාසුඛ වේවයි යම් වේදයිතයෙක් වේ නම් එ ද ආත්ම යයි නො හඟියි, එහි ආත්මය ඇතැ’යි නො හඟියි, එයින් බැහැරැ ආත්මය ඇත’යි ද නො හඟියි, එය ආත්මය අයත් යයි ද නො හඟී. මහණෙනි, යම් හෙයකින් යමක් ආත්ම යයි හඟී ද යම් තැනෙක ආත්මය ඇතැ’යි හඟී ද යමෙකින් බැහැර ආත්මය ඇතැ’යි හඟී ද යමක් මාගේ යයි හඟී ද එයින් එය අන් ප්‍රකාරයෙන් වෙයි. අන් අකාරයෙන් වන භවයෙහි ඇලුණු ලෝකයා භවය මැ ප්‍රාර්‍ත්‍ථනා කෙරෙයි ...
මනස ආත්ම යයි නො හඟියි, මනසෙහි ආත්මය ඇතැ’යි නො හඟියි. මනසින් බැහැර ආත්මය ඇතැ’යි නො හඟියි මනස මාගේ යයි නො හඟියි. ධර්‍මයන් ආත්ම යයි නො හඟියි … මනෝවිඥානය ආතත්ම යයි නො හඟියි … මනෝසම්ඵස්සය ආත්ම යයි නො හඟියි … මනෝසම්ඵස්සප්‍රත්‍යයෙන් උපදනා සුඛ වේවයි දුඃඛ වේවයි අදුක්ඛාසූඛ වේවයි යම් වේදයිතයෙක් ඇත් නම් එ ද ආත්ම යයි නො හඟියි, එහි ආත්මය ඇතැ’යි ද එයින් බැහැර ආත්මය ඇතැයි ද නො හඟියි, එය මාගේ යයි ද නො හඟී.
මහණෙනි, යම් හෙයකින් යමක් ආත්ම යයි හඟී ද යම් තැනෙක ආත්මය ඇතැ’යි හඟී ද යමෙකින් බැහැර ආත්මය ඇතැ’යි හගී ද යමක් මාගේ යයි හඟී ද එයින් එය අන් ප්‍රකාරයෙන් වෙයි. අන් ආකාරයෙන් වන භවයෙහි ඇලුණු ලෝකයා භවය මැ ප්‍රාර්‍ත්‍ථනා කෙරෙයි.
මහණෙනි, යම් තාක් ස්කන්‍ධ ධාතු ආයතන ඇද්ද එ ද ‘ආත්ම’යයි නො හඟියි. එහි ‘ආත්මය ඇතැ’යි ද නො හගියි, එයින් බැහැර ‘ආත්මය ඇතැ’යි ද නො හඟියි, එය මාගේ යයි ද නො හඟියි. හෙ මෙසේ නො හඟනේ ලොව කිසිවක් උපාදාන නො කෙරෙයි. උපාදාන නො කරනුයේ ‘තෘෂ්ණා නො කෙරෙයි. තෘෂ්ණා නො කරනුයේ ඉහාත්මයෙහි මැ පිරිනිවෙයි. ජාති ක්‍ෂය වූ යැ. මඟ බඹසර වැස නිමවන ලද. කරණී කරන ලද. මේ රහත්බැව් පිණිස කළයුතු අන් කිසෙක් නැති’යි දැනගනී. මහණෙනි, මේ වූකලි ඒ සියලු මඤ්ඤනා සමුද්ඝාතයට සත්ප්‍රාය වූ ප්‍රතිපදා යි.
1. 3. 10.
ද්විතීය සත්ප්‍රායප්‍රතිපදා සූත්‍රය
32. සැවැත්නුවර–
මහණෙනි, තොපට හැම මඤ්ඤනාසමුද්ඝාතයට සත්ප්‍රාය වූ ප්‍රතිපදා දෙසමි එය අසවු. මහණෙනි, හැම මඤ්ඤනාසමුද්ඝාතයට සත්ප්‍රාය වූ ප්‍රතිපදා කවර යත්:
මහණෙනි, එය කිමැ යි හඟිවු ද චක්‍ෂුස නිත්‍ය වේ ද නොහොත් අනිත්‍ය වේ ද? අනිත්‍ය යැ වහන්ස. යමෙක් අනිත්‍ය වේ නම් එය දුක් වේ ද නොහොත් සුඛ වේ ද? දුඃඛ යැ වහන්ස. යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව ඇත් නම් එය ‘තෙල මාගේ යැ තෙල මම වෙමි. තෙලෙ මාගේ ආත්ම යැ’යි දක්නට නිසි වේ ද? වහන්ස තෙල නො නිසි වේ මැ යැ.
රූපයෝ නිත්‍ය වෙත් ද නොහොත් අනිත්‍ය වෙත් ද? අනිත්‍ය යැ වහන්ස. යමෙක් අනිත්‍ය වේ නම් එය දුඃඛ වේ ද නොහොත් සුඛ වේ ද? දුඃඛ යැ වහන්ස. යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ නම් එය තෙලෙ මාගේ යැ, තෙලෙ මම වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’යි දක්නට නිසි වේ ද? වහන්ස තෙල නිසි නො වේ මැ යැ.
චක්‍ෂුර්විඥානය නිත්‍ය වේ ද නොහොත් අනිත්‍ය වේ ද? අනිත්‍ය යැ වහන්ස. යමෙක් අනිත්‍ය වේ නම් එ දුක් වේ ද නොහොත් සුව වේ ද? දුඃඛ යැ වහන්ස. යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ නම් එය තෙලෙ මාගේ යැ තෙලෙ මම වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ යි දක්නට නිසි වේ ද? වහන්ස තෙල නිසි නො වේ මැ යැ.
චක්ඛුසම්ඵස්සය නිත්‍ය වේ ද නොහොත් අනිත්‍ය වේ ද? අනිත්‍ය යැ වහන්ස, යමෙක් අනිත්‍ය වේ නම් එය දුඃඛ වේ ද නොහොත් සුඛ වේ ද? දුඃඛ යැ වහන්ස. යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ නම් එය තෙලෙ මාගේ යැ, තෙලෙ මම වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’යි දක්නට නිසි වේ ද? වහන්ස තෙල නිසි නො වේ මැ යි.
චක්ඛුසම්ඵස්සප්‍රත්‍යයෙන් උපදනා සුව වේවයි දුක් වේවයි නොදුක් නොසුව වේවයි යම් වේදයිතයෙක් ඇත් නම් එද නිත්‍ය වේ ද නොහොත් අනිත්‍ය වේ ද? අනිත්‍ය යැ වහන්ස. යමෙක් අනිත්‍ය වේ නම් එය දුඃඛ වේ ද නොහොත් සුඛ වේ ද? දුඃඛ යැ වහන්ස. යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව ඇත් නම් එය තෙලෙ මාගේ යැ, තෙලෙ මම වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’යි දක්නට නිසි වේ ද? වහන්ස තෙල නිසි නො වේ මැ යි.
ජිහ්වා නිත්‍ය වේ ද නොහොත් අනිත්‍ය වේ ද? අනිත්‍ය යැ වහන්ස. යමෙක් අනිත්‍ය වේ නම් එය දුඃඛ වේ ද නොහොත් සුඛ වේ ද? දුඃඛ යැ වහන්ස. යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ නම් තෙලෙ මාගේ යැ තෙලෙ මම වෙමි. තෙලෙ මාගේ ආත්ම යැ’යි දක්නට නිසි වේ ද? වහන්ස තෙලෙ නිසි නො වේ මැ යි.
රසයෝ නිත්‍ය වෙත් ද නොහොත් අනිත්‍ය වෙත් ද? අනිත්‍ය යැ වහන්ස. යමෙක් අනිත්‍ය වේ නම් එය දුඃඛ වේ ද නොහොත් සුඛ වේ ද? දුඃඛ යැ වහන්ස. යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ නම් එය ‘තෙලෙ මාගේ යැ, තෙලෙ මම වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’යි දක්නට නිසි වේ ද? වහන්ස තෙලෙ නිසි නො වේ මැ යි.
ජිහ්වාවිඥානය නිත්‍ය වේ ද නොහොත් අනිත්‍ය වේ ද? අනිත්‍ය යැ වහන්ස. යමෙක් අනිත්‍ය වේ නම් එය දුඃඛ වේ ද නොහොත් සුඛ වේ ද? දුඃඛ යැ වහන්ස. යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව ඇත් නම් එය ‘තෙලෙ මාගේ යැ, තෙලෙ මම වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’යි දක්නට නිසි වේ ද? වහන්ස තෙල නො වේ මැ යි.
ජිහ්වාසම්ඵස්සය නිත්‍ය වේ ද නොහොත් අනිත්‍ය වේ ද? අනිත්‍ය ය වහන්ස. යමෙක් අනිත්‍ය වේ නම් එය දුඃඛ වේ ද නොහොත් සුඛ වේ ද? දුඃඛ යැ වහන්ස. යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව ඇත් නම් එය ‘තෙලෙ මාගේ යැ, තෙලෙ මම වෙමි. තෙලෙ මාගේ ආත්ම යැ’යි දක්නට නිසි වේ ද? වහන්ස තෙල නිසි නො වේ මැ යි.
ජිව්හාසම්ඵස්සයෙන් උපදනා සුව වේවයි දුක් වේවයි නොදුක් නොසුව වේවයි යම් වේදයිතයෙක් ඇත් නම් එ ද නිත්‍ය වේ ද නොහොත් අනිත්‍ය වේ ද? අනිත්‍ය යැ වහන්ස. යමෙක් අනිත්‍ය වේ නම් එය දුඃඛ වේ ද නොහොත් සුඛ වේ ද? දුඃඛ යැ වහන්ස. යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ නම් එය ‘තෙලෙ මාගේ යැ, තෙලෙ මම වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’යි දක්නට නිසි වේ ද? වහන්ස තෙල නිසි නො වේ මැ යි.
මනස නිත්‍ය වේ ද නොහොත් අනිත්‍ය වේ ද? අනිත්‍ය යැ වහන්ස. යමෙක් අනිත්‍ය වේ නම් එය දුඃඛ වේ ද නොහොත් සුඛ වේ ද? දුඃඛ යැ වහන්ස. යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ නම් එය ‘තෙලෙ මාගේ යැ. තෙලෙ මම වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’යි දක්නට නිසි වේ ද? වහන්ස තෙලෙ නිසි නො වේ මැ යි.
ධර්‍මයෝ නිත්‍ය වෙත්ද නොහොත් අනිත්‍ය වෙත් ද? අනිත්‍ය යැ වහන්ස. යමෙක් අනිත්‍ය වේ නම් එය දුඃඛ වේ ද නොහොත් සුඛ වේ ද? දුඃඛ යැ වහන්ස. යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ නම් ‘තෙලෙ මාගේ යැ තෙලෙ මම වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’යි දක්නට නිසි වේ ද? වහන්ස තෙලෙ නිසි නො වේ මැ යි.
මනෝවිඥානය නිත්‍ය වේ ද නොහොත් අනිත්‍ය වේ ද? අනිත්‍ය යැ වහන්ස. යමෙක් අනිත්‍ය වේ නම් එය දුඃඛ වේ ද නොහොත් සුඛ වේ ද? දුඃඛ යැ වහන්ස. යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ නම් එය ‘තෙලෙ මාගේ යැ තෙලෙ මම වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’යි දක්නට නිසි වේ ද? වහන්ස, තෙල නිසි නො වේ මැ යි.
මනෝසම්ඵස්සය නිත්‍ය වේ ද නොහොත් අනිත්‍ය වේ ද? අනිත්‍ය යැ වහන්ස. යමෙක් අනිත්‍ය වේ නම් එය දුඃඛ වේ ද, නොහොත් සුඛ වේ ද? දුඃඛ යැ වහන්ස. යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ නම් එය - තෙලෙ මාගේ යැ තෙලෙ මම වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’යි දක්නට නිසි වේ ද? වහන්ස තෙල නිසි නො වේ මැ යි.
මනෝසම්ඵස්සප්‍රත්‍යයෙන් උපදනා සුව වේවයි දුක් වේවයි නොදුක් නොසුව වේවයි යම් වේදයිතයෙක් ඇත් නම් එ ද නිත්‍ය වේ ද නොහොත් අනිත්‍ය වේ ද? අනිත්‍ය යැ වහන්ස. යමෙක් අනිත්‍ය වේ නම් එය දුඃඛ වේ ද නොහොත් සුඛ වේ ද? දුඃඛ යැ වහන්ස. යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ නම් එය ‘තෙලෙ මාගේ යැ, තෙලෙ මම වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’යි දක්නට නිසි වේ ද? වහන්ස තෙල නිසි නො වේ මැ යි.
මහණෙනි මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක චක්‍ෂුසෙහි දු කලකිරෙයි, රූපයන්හිදු කලකිරෙයි, චක්‍ෂුර්විඥානයෙහි දු කලකිරෙයි, චක්ඛුසම්ඵස්සයෙහි දු කලකිරෙයි, චක්ඛුසම්ඵස්සප්‍රත්‍යයෙන් උපදනා සුඛ වේවයි දුක් වේවයි නොදුක් නොසුව වේවයි යම් වේදයිතයෙක් වේ නම් එහි දු කලකිරෙයි ... ජිහ්වායෙහි දු කලකිරෙයි, රසයන්හි දු කලකිරෙයි, ජිහ්වාවිඥානයෙහි දු කලකිරෙයි, ජිව්හාසම්ඵස්සයෙහි දු කලකිරෙයි, ජිව්හාසම්ඵස්සයෙහි දු කලකිරෙයි, ජිව්හාසම්ඵස්සප්‍රත්‍යයෙන් උපදනා සුව වේවායි දුක් වේවායි නොදුක් නොසුව වේවායි යම් වේදයිතයෙක් වේ නම් එහි දු කලකිරෙයි ...
මනසෙහි දු කලකිරෙයි, ධර්‍මයන්හිදු කලකිරෙයි, මනෝවිඥානයෙහි දු කලකිරෙයි, මනෝසම්ඵස්සයෙහි දු කලකිරෙයි, මනෝසම්ඵස්සප්‍රත්‍යයෙන් උපදනා සුව වේවයි දුක් වේවයි නොදුක් නොසුව වේවයි යම් වේදයිතයෙක් ඇත් නම් එහි දු කලකිරෙයි. කලකිරෙනුයේ විරක්ත වෙයි, විරාගයෙන් විමුක්ත වෙයි, විමුක්ත කල්හි විමුක්තයෙමි’යි ඥානය වෙයි. ජාති ක්‍ෂය වූ යැ මඟබඹසර වැස නිමවන ලද. කරණී කරන ලද. මෙ රහත්බව පිණිස අන් කිසෙක් නැතැ යි දැනගනී.
මහණෙනි, මේ වූකලී හැම මඤ්ඤනා සමුද්ඝාතයට සත්ප්‍රාය වූ ප්‍රතිපදා යි.
තුන් වැනි සබ්බ වර්‍ග යි.
එහි උද්දානය:
සබ්බ සූත්‍ර යැ ප්‍රහාණසූත්‍ර දෙක යැ අපරිජානසූත්‍ර දෙක යැ ආදිත්තපරියායසූත්‍ර යැ අන්‍ධභූතසූත්‍ර යැ සාරුප්පපටිපදාසූත්‍ර යැ සප්පායපටිපදාසූත්‍ර දෙක යි. එයින් වර්‍ගය කියනු ලැබේ.
4. ජාතිධම්ම වර්‍ගය
1. 4. 1.