13. 1. 46.
ගෝචර අභිනීහාර සූත්‍රය
707. සැවැත්නුවර:
... සමාධියෙහි ගෝචරකුසල වේ, සමාධියෙහි අභිනීභාරකුසල නො වේ ... සමාධියෙහි අභිනීභාර කුසල වේ, සමාධියෙහි ගෝචරකුසල නො වේ ... සමාධියෙහි නො මැ ගෝචරකුසලත් සමාධියෙහි නො මැ අභිනීභාර කුසලත් වේ ... සමාධියෙහි ගෝචර කුසලත් සමාධියෙහි අභිනීභාර කුසලත් වේ ... උසස් ද වේ යි.
13. 1. 47.
ගෝචර සක්කච්චකාරී සූත්‍රය
708. සැවැත්නුවර:
... සමාධියෙහි ගෝචරකුසල වේ. සමාධියෙහි සක්කච්චකාරි නො වේ ...
13. 1. 48.
ගෝචර සාතච්චකාරී සූත්‍රය
709. සැවැත්නුවර:
... සමාධියෙහි ගෝචරකුසල වේ, සමාධියෙහි සාතච්චකාරී නො වේ ...
13. 1. 49.
ගෝචර සප්පායකාරී සූත්‍රය
710. සැවැත්නුවර:
... සමාධියෙහි ගෝචරකුසල වේ, සමාධියෙහි සප්පායකාරී නො වේ ...
13. 1. 50.
ගෝචර සක්කච්චකාරී සූත්‍රය
711. සැවැත්නුවර:
... සමාධියෙහි අභිනීභාරකුසල වේ, සමාධියෙහි සක්කච්චකාරි නො වේ ...
13. 1. 51.
ගෝචර සාතච්චකාරී සූත්‍රය
712. සැවැත්නුවර:
මහණෙනි, මේ ධ්‍යායීහු සිවු දෙනෙකි. කවර සිවු දෙනෙක් ද යත්: මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි අභිනීභාරකුසල වේ, සමාධියෙහි සාතච්චකාරී නො වේ ... උසස් ද වේ යි.
13. 1. 52.
අභිනීහාර සප්පායකාරී සූත්‍රය
713. සැවැත්නුවර:
… මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි අභිනීභාරකුසල වේ, සමාධියෙහි සප්පායකාරී නො වේ ...
13. 1. 53.
සක්කච්ච සාතච්චකාරී සූත්‍රය
714. සැවැත්නුවර:
... මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි සක්කච්චකාරී වේ, සමාධියෙහි සාතච්චකාරී නො වේ. මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි සාතච්චකාරී වේ, සමාධියෙහි සක්කච්චකාරී නො වේ ... සමාධියෙහි නො මැ සක්කච්චකාරීත් සමාධියෙහි නො මැ සාතච්චකාරීත් වේ ... සමාධියෙහි සක්කච්චකාරීත් සමාධියෙහි සාතච්චකාරීත් වේ.
මහනෙණි, මෙහි යම් මේ ... උතුම් ද උසස් ද වේ යි.
13. 1. 54.
සක්කච්ච සප්පායකාරී සූත්‍රය
715. සැවැත්නුවර:
... සමාධියෙහි සක්කච්චකාරී වේ, සමාධියෙහි සප්පායකාරී නො වේ ...
13. 1. 55.
සාතච්ච සප්පායකාරී සූත්‍රය
716. සැවැත්නුවර:
මහණෙනි, මේ ධ්‍යායීහු සිවුදෙනෙකි. කවර සිවු දෙනෙක් ද යත්:
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි සාතච්චකාරී වේ, සමාධියෙහි සප්පායකාරී නො වේ, මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි සප්පායකාරී වේ, සමාධියෙහි සාතච්චකාරී නො වේ. මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි නො ම සාතච්චකාරීත් සමාධියෙහි නො ම සප්පායකාරීත් වේ. මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි සාතච්චකාරීත් සමාධියෙහි සප්පායකාරීත් වේ.
මහණෙනි, එහි ලා ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි සාතච්චකාරීත් සමාධියෙහි සප්පායකාරීත් වේ නම්, මේ තෙමේ සිවු ධ්‍යාන කරනසුල්ලන්ගෙන් අග්‍ර ද, ශ්‍රේෂ්ඨ ද, ප්‍රධාන ද, උතුම් ද, උසස් ද වේ. මහණෙනි, යම්සේ දෙනට වඩා කිරිත්, කිරට වඩා දීත්, දීයට වඩා වෙඬරුත්, වෙඬරුවට වඩා ගිතෙලුත්. ගිතෙලට වඩා ගිතෙල්මඬත් එහි ලා අග්‍ර ය යි කියනු ලැබේ ද. මහණෙනි එසෙයින් ම යම් මේ ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි සාතච්චකාරීත් සමාධියෙහි සප්පායකාරීත් වේ නම්, මේ තෙමේ මේ සිවු ධ්‍යාන කරනසුල්ලන්ගෙන් අග්‍ර ද වෙයි, ශ්‍රේෂ්ඨ ද වෙයි, ප්‍රමුඛ ද, උතුම් ද, උසස් ද වේ යි.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගත්හ යි.
(මෙසේ පෙය්‍යාලමුඛ ඇති ඒ පස්පනස් සූත්‍රයෝ විස්තර කටයුත්තා හ.)
පළමුවැනි ධ්‍යාන වර්‍ග යි.
එහි සූත්‍ර නාමාවලිය :
සමාධි සූත්‍ර දශයෙක, සමාපත්ති සූත්‍ර නවයෙක, ඨිති සූත්‍ර අටෙක, වුට්ඨාන සූත්‍ර සතෙක, කල්ලිත සූත්‍ර සයෙක, ආරම්මණ සූත්‍ර පසෙක ගෝචර සූත්‍ර සතරෙක. අභිනීහාර සූත්‍ර තුනෙක, සක්කච්ච සූත්‍ර දෙකෙක, සප්පාය සූත්‍ර එකෙකැ යි සූත්‍ර පස් පනසෙකි.
ඣාන සංයුත්තය නිමියේ ය.
ඛන්‍ධක වර්‍ග නිමියේ යි.
එහි වර්‍ග නාමාවලිය :
නකුලපිතු, අනිච්ච, භාර, නතුම්හාක, අත්තදීප යන වර්‍ග පසින් පඨම පණ්ණාසක ය යි කියනු ලැබේ.
උපාය, අරහත්ත ඛජ්ජනීය, ථේර, පුප්ඵ යන වර්‍ග පසින් මේ මජ්ඣිම පණ්ණාසකය බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ ය.
ඇත්ත, ධම්මකථික, අවිජ්ජා, කුක්කුළ,, දීට්ඨී යන වර්‍ග පසින් තතිය පණ්ණාසකය වදාරන ලද්දේ ය. නිපාත ය යි ද කියනු ලැබේ.
පඨම රාධ, දුතිය රාධ, වර්‍ග දෙක ය, ආයාචන, උපනිසින්න, පඨමගමන, දුතියගමන, තතියගමන යන දීට්ඨී වර්‍ග සය, ඔක්කන්තික, උප්පාද කිලේස, සාරිපුත්ත, නාග, සුපණ්ණ, ගන්‍ධබ්බ, වලාහක, වච්ඡගොත්ත, ඣාන යන වර්‍ග දශ ය යි, වර්‍ග අටළොසෙකි . වර්‍ග මුළුල්ල තෙතිසෙකි.
සුත්‍රාන්තපිටකයෙහි
සංයුත්තනිකාය
චතුර්‍ත්‍ථ භාගය
සළායතන වර්‍ගය
1. සළායතන සංයුත්තය
1. අනිච්ච වර්‍ගය
ඒ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
1. 1. 1.
අජ්ඣත්තානිච්ච සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදි. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
මහණෙනි, ඇස අනිත්‍ය ය, යමෙක් අනිත්‍ය වේ නම් එය දුක් වෙයි. යමෙක් දුක් වේ නම් එය අනාත්ම වෙයි. යමෙක් අනාත්ම වේ නම් එය “තෙලෙ මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ” ය යි මෙසේ තෙලෙ ඇති සැටියෙන් මනානුවණින් දැක්ක යුතු ය.
කන අනිත්‍ය ය, යමෙක් අනිත්‍ය වේ නම් එය දුක් වෙයි. යමෙක් දුක් වේ නම් එය අනාත්ම ය, යමෙක් අනාත්ම වේ නම් එය “තෙලෙ මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ” යි මෙසේ තෙලෙ ඇති සැටියෙන් මනානුවණින් දැක්ක යුතු ය.
නැහැය අනිත්‍ය ය, යමෙක් අනිත්‍ය වේ නම් එය දුක් වෙයි. යමෙක් දුක් වේ නම් එය අනාත්ම ය. යමෙක් අනාත්ම වේ නම් එය “තෙලෙ මාගේ නො වෙයි. තෙලෙ මම නො වෙමි. තෙලෙ මාගේ ආත්මය නො වේ” යි මෙසේ තෙලෙ ඇති සැටියෙන් මනා නුවණින් දැක්ක යුතු යි.
දිව අනිත්‍ය ය, යමෙක් අනිත්‍ය වේ නම් එය දුක් වෙයි. යමෙක් දුක් වේ නම් එය අනාත් ම ය. යමෙක් අනාත්ම වේ නම් එය “තෙලෙ මාගේ නො වෙයි. තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ” යි මෙසේ තෙලෙ ඇති සැටියෙන් මනානුවණින් දැක්ක යුතු ය.
කය අනිත්‍ය ය, යමෙක් අනිත්‍ය නම් එය දුක් වෙයි, යමෙක් දුක් වේ නම් එය අනාත්ම ය, යමෙක් අනාත්ම වේ නම් එය “තෙලෙ මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ” යි මෙසේ තෙලෙ ඇති සැටියෙන් මනානුවණින් දැක්ක යුතු ය.
මනස අනිත්‍ය ය, යමෙක් අනිත්‍ය වේ නම් එය දුක් වෙයි. යමෙක් දුක් වේ නම් එය අනාත්ම ය, යමෙක් අනාත්ම වේ නම් එය “තෙලෙ මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ” යි මෙසේ තෙලෙ ඇති සැටියෙන් මනානුවණින් දැක්ක යුතු ය.
මහණෙනි, මෙසේ දක්නා බහුශ්‍රුත ආර්‍ය්‍යශ්‍රාවක ඇසෙහි දු කලකිරෙයි. කනෙහි දු කලකිරෙයි. නැහැයෙහි දු කලකිරෙයි. දිවෙහි දු කලකිරෙයි. කයෙහි දු කලකිරෙයි. සිතෙහි දු කලකිරෙයි. (හේ) කලකිරෙන්නේ විරක්ත වෙයි. විරාග හේතුයෙන් (සසරින්) විමුක්ත වෙයි. විමුක්ත වත් මැ ‘විමුක්ත’ යැ යන ඥානය උදාවෙයි, උත්පත්තිය ක්‍ෂීණ වියැ. බඹසර වැසැ නිමවන ලද. කරණී කරන ලද. මේ රහත්බව පිණිස කළයුතු අනෙක් කිසෙක් නැතැ යි නුවණින් දනියි.
1. 1. 2.
අජ්ඣත්තදුක්ඛ සූත්‍රය
2. සැවැත්නුවර–
මහණෙනි, ඇස දුක් වෙයි, යමෙක් දුක්වේ නම් එය අනාත්ම ය, යමෙක් අනාත්ම වේ නම් එය “තෙලෙ මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ” යි මෙසේ තෙලෙ ඇති සැටියෙන් මනානුවණින් දැක්ක යුතු ය.
කන දුක් ය, … නැහැය දුක් ය, … දිව දුක් ය … කය දුක් ය … සිත දුක් ය, යමෙක් දුක් වේ නම් එය අනාත්ම ය. යමෙක් අනාත්ම වේ නම් එය “තෙලෙ මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ” යි මෙසේ තෙලෙ ඇති සැටියෙන් මනානුවණින් දැක්ක යුතු ය.
මෙසේ දක්නේ … මේ රහත් බව පිණිස අනෙකෙක් නැති යි දැනගනී යි.
1. 1. 3.
අජ්ඣත්තානත්ත සූත්‍රය
3. සැවැත්නුවර–
මහණෙනි, ඇස අනාත්ම ය, යමෙක් අනාත්ම වේ නම් එය “තෙලෙ මාගේ නො වෙයි. තෙලෙ මම නො වෙමි. තෙලෙ මාගේ ආත්මය නො වේ” යි මෙසේ තෙලෙ ඇති සැටියෙන් මනානුවණින් දැක්ක යුතු ය.
කන අනාත්ම ය … නැහැය අනාත්ම ය … දිව අනාත්ම ය … කය අනාත්ම ය … මනස අනාත්ම ය, යමෙක් අනාත්ම නම් එය “තෙලෙ මාගේ නො වෙයි. තෙලෙ මම නො වෙයි. තෙලෙ මාගේ ආත්මය නො වේ” යි මෙසේ තෙලෙ ඇති සැටියෙන් මනානුවණින් දැක්ක යුතු ය.
මෙසේ දක්නේ ... මේ රහත් බව පිණිස අනෙකෙක් නැතැ යි දැන ගනි යි.
1. 1. 4.
බාහිරානිච්ච සූත්‍රය
4. සැවැත්නුවර–
මහණෙනි, රූපය අනිත්‍ය ය, යමෙක් අනිත්‍යවේ නම් එය දුක් වෙයි, යමෙක් දුක් වේ නම් එය අනාත්ම ය, යමෙක් අනාත්ම වේ නම් එය “තෙලෙ මාගේ නො වෙයි. තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ” යි මෙසේ තෙලෙ ඇති සැටියෙන් මනානුවණින් දැක්ක යුතු ය.
සද … ගඳ … රස … පහස් … දහම් අනිස ය, යමෙක් අනිස වේ නම් එය දුක් ය, යමෙක් දුක් වේ නම් එය අනත් ය, යමෙක් අනත් වේ නම් එය “මෙ මාගේ නො වෙයි, මෙ මම නො වෙමි, මෙ මාගේ ආත්මය නො වේ” යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතුයි.
මහණෙනි, මෙසේ දක්නා බහුශ්‍රුත අරීසවු රූපයෙහි දු කලකිරෙයි, ශබ්දයෙහි දු කලකිරෙයි, ගඳෙහි දු කලකිරෙයි, රසෙහි දු කලකිරෙයි, පහස්හි දු කලකිරෙයි, දහම්හි දු කලකිරෙයි, කලකිරෙන්නේ නො ඇලෙයි. නො ඇල්මෙන් සසරින් මිදෙයි. මිදුණු කල්හි ‘මිදිණැ’යි දැනීම වෙයි. ජාතිය ක්‍ෂීණ විය, බඹසර වැස නිමවන ලද. කටයුතු කරන ලද. මේ රහත් බව පිණිස අනෙකෙක් නැතැ”යි දැනගනි යි.
1. 1. 5.
බාහිරදුක්ඛ සූත්‍රය
5. සැවැත්නුවර–
මහණෙනි, රූ දුක් ය, යමෙක් දුක් වේ නම් එය අනත් ය, යමෙක් අනත් වේ නම් එය “මෙ මාගේ නො වෙයි මෙ මම නො වෙමි. මෙ මාගේ ආත්මය නො වේ”යි මෙසේ මෙය තතුසේ මනා නුවණින් දැක්ක යුතු යි.
සද .... ගඳ ... පහස් ... දහම් දුක් ය, යමෙක් දුක් වේ නම් එය අනත් ය, යමෙක් අනත් වේ නම් එය “මෙ මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ” යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි. මෙසේ දක්නේ … මේ රහත් බව පිණිස අනෙකෙක් නැතැ යි දැනගනි යි.
1. 1. 6.
බාහිරානත්ත සූත්‍රය
6. සැවැත්නුවර–
මහණෙනි, රූ අනත් ය, යමෙක් අනත් වේ නම් එය ‘මෙ මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ’යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතුයි.
සද … ගඳ … රස … පහස් … දහම් අනත් ය, යමක් අනත් වේ නම් එය ‘මේ මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ’යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි.