247. සැවැත්නුවර:
… ආත්මය එකැතින් දුක් ඇත්තේ මරණින් මතු නිරෝග වේ ය”යි.
3. 2. 25.
සුඛ දුක්ඛී අත්තා සූත්‍රය
248. සැවැත්නුවර:
… ආත්මය සුවදුක් ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි.
3. 2. 26.
අදුක්ඛමසුඛ අත්තා සූත්‍රය
249. සැවැත්නුවර:
… “ආත්මය නොදුක් නොසුව ඇත්තේ මරණින් මතු නීරෝග වේ දැ” යි.
වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ …
මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස “ආත්මය නොදුක් නොසුව ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදී. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාරයන් ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස ආත්මය නොදුක් නොසුව ඇත්තේ මරණින් මතු නිරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදී.
වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට “ආත්මය නොදුක් නොසුව ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදනේ දැ? යි.
වහන්ස, මෙය නො වේ මැ යැ.
වේදනාව … සංඥාව … සංස්කාරයෝ … විඥානය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ? යි … වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට “ආත්මය නොදුක් නොසුව ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙ බඳු දෘෂ්ටියක් උපදනේ දැ?යි.
වහන්ස, මෙය නො වේ ම ය.
මහණෙනි, මෙසේ දුක ඇති කල්හි දුක ඇසුරු කොට දුකට පිවිස “ආත්මය නොදුක් නොසුව ඇත්තේ මරණින් මතු නීරෝග වේ” යයි මෙබඳු දෘෂ්ටියක් උපදී. ...
දෙවෙනි ගමන වර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
වාත, එතං මම, සො අත්තා නො ච මෙ සියා, නත්‍ථි දින්න, කරතො, නත්‍ථි හේතු සූත්‍රයෝ ය. අටවැනි මහාදිට්ඨි සූත්‍රය ය,
සස්සතලෝක, අසස්සතලෝක, අන්තවත් ලෝක, අනන්තවත් ලෝක, තත්ජීව තත් ශරීර, අන්‍යත් ජීව අන්‍යත් ශරීර සූත්‍රයෝ ය. හොති තථාගත, නහොති තථාගත, හොති ච නච හොති තථාගත, නෙච හොති න නහොති තථාගත, යන සූත්‍ර සතරය,
රූපී අත්තා සූත්‍රය, එසේම අරූපී අත්තා සූත්‍රය, රූපී ච අරූපී ච අත්තා, නෙච රූපී න අරූපී අත්තා යැ,.
ඒකන්තසුඛී අත්තා එකන්තදුක්ඛී අත්තා, සුඛදුක්ඛී අත්තා සූත්‍රයෝ ය. අනෙක් අදුක්ඛමසුඛීඅත්තා සූත්‍රය දැ යි මේ සවිසි සූත්‍රයෝ දෙවෙනි වර මැනැවින් දෙසන ලදහ යි.
3. තතිය ගමන වර්‍ගය
3. 3. 1-25.
වාත සූත්‍රය
250-274. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස වාතයෝ නො හමති. ගංගාවෝ නො ගලාබසිති. ගැබිනියෝ ප්‍රසව නො කෙරෙති, සඳහිරු නො ද උදාවෙති, නො ද පහ ව යෙති. ඉන්‍ද්‍රකීලයන් මෙන් සිටියාහු ය”යි දෘෂ්ටියෙක් උපදී දැ යි.
වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ …
මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස “වාතයෝ නො හමත්, … ඉන්‍ද්‍රකීලයන් මෙන් සිටියාහු ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදි යි. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස “වාතයෝ නො හමති … ඉන්‍ද්‍ර කීලයන් මෙන් සිටියාහු ය”යි මෙබඳු දෘෂ්ටියෙක් උපදී.
මහණෙනි, ‘ඒ කිමැ’යි හඟිවු ද? ‘රූපය නිත්‍ය හෝ වේ ද අනිත්‍ය හෝ වේ දැ යි … වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට “වාතයෝ නො හමත් … ඉන්‍ද්‍රකීලයන් මෙන් සිටියාහු ය”යි මෙබඳු දෘෂ්ටියෙක් උපදී දැ යි.
වහන්ස, තෙල නො වේ මැ යි.
මහණෙනි, මෙසේ යමෙක් අනිත්‍ය ද එය දුක් යැ. එය ඇති කල්හි එය ඇසිරි කොට “වාතයෝ නො හමති … ඉන්‍ද්‍රකීලයන් මෙන් සිටියාහු ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදී”යි. (සූත්‍ර 25 මෙසේ විස්තර කටයුතු යි.)
3. 3. 26.
අදුක්ඛමසුඛී අත්තා සූත්‍රය
275. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස “ආත්මය නො දුක් නො සුව ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙ බඳු දෘෂ්ටියක් උපදී දැ යි.
වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ …
මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස “ආත්මය නො දුක් නොසුව ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදියි. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස ආත්මය නොදුක් නොසුව ඇත්තේ මරණින් මතු නීරෝග වේ යයි මෙබඳු දෘෂ්ටියක් උපදී.
මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ යි. … වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට “ආත්මය නොදුක් නොසුව ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි.
වහන්ස, තෙල නො වේ මැ යැ.
වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය නිත්‍ය හෝ වේ ද?, අනිත්‍ය හෝ වේ දැ? යි … වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට “ආත්මය නොදුක් නොසුව ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි.
වහන්ස, තෙල නො වේ මැ යැ.
මහණෙනි, මෙසේ යමෙක් අනිත්‍ය ද එය දුක් යැ. එය ඇති කල්හි එයඇසුරු කොට එයට පිවිස “ආත්මය නොදුක් නොසුව ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදී යි.
තෙවෙනි තතිය ගමන වර්‍ග යි.
එහි උද්දානය:
වාත, එතං මම, සො අත්තා, නො ච මෙ සියා, නත්‍ථි දින්නං, කරතො, නත්‍ථි හේතු සූත්‍රයෝ ය. අටවැනි මහාදිට්ඨි සූත්‍ර ය,
සස්සත ලෝක, අසස්සතලෝක, අන්තවා ලෝක, අනන්තවා ලෝක, තත් ජීව තත් ශරීර, අන්‍යත් ජීව අන්‍යත් ශරීර සූත්‍රයෝ ය. හොති තථාගත, නහොති තථාගත, හොති ච න ච හොති තථාගත, නෙච හොති න න හොති තථාගත යන සූත්‍ර සතර ය,
රූපී අත්තා සූත්‍රය, එසේම අනෙක් අරූපී අත්තා සූත්‍රය, රූපී ච අරූපී ච අත්තා, නෙච රූපී න අරූපී අත්තා,
ඒකන්තසුඛී අත්තා, එකන්තදුක්ඛී අත්තා, සුඛදුක්ඛී අත්තා සූත්‍රයෝ ය, අනෙක් අදුක්ඛමසුඛි අත්තා සූත්‍රය දැ යි මේ සවිසි සූත්‍රයෝ තෙවෙනි වර මැනැවින් දෙසන ලදහ යි.
4. චතුත්‍ථගමන වර්‍ගය
3. 4. 1-25.
වාත සූත්‍රය
276-300. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස “වාතයෝ නො හමති. ගඞ්ගාවෝ නො ගලාබසිති, ගැබිනියෝ ප්‍රසව නො කෙරෙති, සඳහිරු නො උදාවෙති, නො පහ ව යෙති, ඉන්‍ද්‍රකීලයන් මෙන් සිටියාහ”යි මෙ බඳු දෘෂ්ටියක් උපදී දැ යි.
වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ. …
මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස “වාතයෝ නො හමති, ගඞ්ගාවෝ නො ගලාබසිති, ගැබිනියෝ ප්‍රසව නො කෙරෙති, සඳහිරුහු නො උදාවෙති, නො පහව යෙති, ඉන්‍ද්‍රකීලයන් මෙන් සිටියාහ”යි මෙබඳු දෘෂ්ටියක් උපදියි. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස “වාතයෝ නො හමත්, … ඉන්‍ද්‍රකීලයන් මෙන් සිටියාහ”යි.
මහණෙනි, ඒ කිමැ’යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ? යි … වෙනස් වනසුලු නම් තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම” යි දකින්නට සුදුසු දැ? යි.
වහන්ස, තෙල නො වේ මැ යැ.
වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ ද? වෙනස් වන සුලු නම් “තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම” යි දකින්නට සුදුසු දැ යි.
වහන්ස, තෙල නො වේ මැ යි.
මහණෙනි, එහෙයින් මෙහි ලා අතීත වූ හෝ අනාගත වූ හෝ වර්‍තමාන වූ හෝ යම් කිසි රූපයක් වේ නම්, … මනා නුවණින් දැක්ක යුතු යි. යම් කිසි වේදනාවක් … යම් කිසි සංඥාවක් යම් කිසි සංස්කාර කෙනෙක් … අතීත වූ හෝ අනාගත වූ හෝ පච්චුප්පන්න වූ හෝ යම් කිසි විඥානයෙක් වේ නම් … මනා නුවණින් දැක්ක යුතු යි.
මහණෙනි, මෙසේ දක්නේ … මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනි යි.
(සූත්‍ර පස්විස්ස විස්තර කටයුතු යි.)
3. 4. 26.
අදුක්ඛමසුඛී සූත්‍රය
301. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස “ආත්මය නොදුක් නො සුව ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි.
වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ. …
මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස “ආත්මය නො දුක් නො සුව ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදී.
වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාරයන් ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස “ආත්මය නො දුක් නො සුව ඇත්තේ මරණින් මතු නිරෝග වේ ය”යි මෙ බඳු දෘෂ්ටියක් උපදී.
මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ යි.
වහන්ස, අනිත්‍ය ය. … වෙනස් වනසුලු නම් එය “තෙල මාගේ ය, තෙලෙ මම වෙමි, තෙල මාගේ ආත්ම ය”යි දක්නට සුදුසු දැ? යි
වහන්ස, තෙල නො වේ මැ යැ.
වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය නිත්‍ය හෝ වේ ද අනිත්‍ය හෝ වේ දැ යි. … වෙනස් වනසුලු නම් එය “තෙල මාගේ යැ, තෙලෙ මම වෙමි, තෙල මාගේ ආත්ම”යි දක්නට සුදුසු දැ යි.
වහන්ස, තෙල නො වේ මැ යි.
මහණෙනි, එහෙයින් මෙහිලා අතීත වූ හෝ අනාගත වූ හෝ පච්චුප්පන්න වූ හෝ යම් කිසි රූපයක් වේ නම් … මනා නුවණින් දැක්ක යුතු යි. යම් කිසි වේදනාවක් … යම් කිසි සංඥාවක් … යම් කිසි සංස්කාර කෙනෙක් … අතීත වූ හෝ අනාගත වූ හෝ පච්චුප්පන්න වූ හෝ යම් කිසි විඥානයෙක් වේ නම් … මනා නුවණින් දැක්ක යුතු යි.
මහණෙනි, මෙසේ දක්නා වූ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රූපයෙහිත් කලකිරෙයි. වේදනාවෙහිත් කලකිරෙයි. සංඥාවෙහිත් කලකිරෙයි. සංස්කාරයන්හිත් කලකිරෙයි. විඥානයෙහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. නො ඇල්මෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේ යි දැනීම වෙයි. ජාතිය ක්‍ෂය වූවා, බඹසර වැස නිමවන ලදී. කරණී කරන ලදී. මේ බැව් පිණිස අනෙකෙක් නැතැ යි දැනගනී යි.
සිවුවැනි චතුත්‍ථ ගමන වර්‍ග යි.
එහි සූත්‍ර නාමාවලිය:
වාත, එතං මම, සො අත්තා, නො ච මෙ සියා, නත්‍ථි අත්තා, කරතො, නත්‍ථි හේතු සූත්‍රයෝ ය. අට වැනි මහාදිට්ඨි සූත්‍ර ය, සස්සතලෝක, අසස්සතලෝක, අන්තවත් ලෝක, අනන්තවත් ලෝක, තංජීවං තංසරීරං, අන්‍යත් ජීවං අන්‍යත් ශරීර, සූත්‍රයෝ ය, හොති තථාගත, න හොති තථාගත, හොතිච නච හොති තථාගත, නෙච හොති න නහොති තථාගත සූත්‍ර සතර ය, රූපී අත්තා, අරූපී අත්තා එසේ ම අනෙක් රූපී අරූපී අත්තා, නෙච රූපී නාරූපී අත්තා, ඒකන්ත සුඛී අත්තා, ඒකන්ත දුක්ඛී අත්තා, සුඛදුක්ඛී අත්තා, අදුක්ඛමසුඛි අත්තා සූත්‍රයෝ ය යි සවිසි සූත්‍ර කෙනෙකි.
දිට්ඨි සංයුත්තය නිමියේ යි.
4. ඔක්කන්ති සංයුත්තය
1. චක්ඛු වර්‍ගය
4. 1. 1.
චක්ඛු සූත්‍රය
302. සැවැත්නුවර:
මහණෙනි, ඇස අනිත්‍ය යැ, පෙරැළෙනසුලු යැ, අන්පරිදි වනසුලු යැ. කන අනිත්‍ය යැ, පෙරැළෙනසුලුයැ, අන්පරිදි වනසුලු යැ. නැහැය අනිත්‍ය යැ, පෙරැළෙනසුලු යැ, අන්පරිදි වනසුලු යැ. දිව අනිත්‍ය යැ, පෙරැළෙනසුලු යැ, අන්පරිදි වනසුලු යැ. කය අනිත්‍ය යැ, පෙරැළෙනසුලු යැ, අන්පරිදි වනසුලු යැ. මනස අනිත්‍ය යැ, පෙරැළෙන සුලු යැ, අන්පරිදි වනසුලු යැ.
මහණෙනි, යමෙක් මේ දහමුන් මෙසෙයින් හදහයි ද, විමෝක්‍ෂය පිළිලබයි ද, මේ පුද්ගල ‘සද්ධානුසාරී’යි කියනු ලැබෙයි. (හෙ) ආර්‍ය්‍යමාර්‍ගයට පිවිසියේ යැ. සත්පුරුෂ භූමියට බැස ගත්තේ යැ, පෘථග්ජන භූමිය ඉක්මැ වූයේ යැ. යම් කර්‍මයක් කොට නිරයට වේවයි, තිරිසන් යෝනියට වේවයි ප්‍රේත විෂයට වේවයි (උපත් විසින්) එළැඹේ නම් ඒ කර්‍ම කරන්නට අභව්‍ය (නො නිසි) යැ, යම් තාක් සෝතාපත්තිඵලය සාක්‍ෂාත් නො කෙරේ ද ඒ තාක් කලුරිය කරන්නට ද අභව්‍ය වේ මැ යි.
මහණෙනි, යමකුට මේ දහම්හු විදසුන් නුවණින් පමණ විසින් ධ්‍යානක්‍ෂම වෙත් ද, මේ පුද්ගල ‘ධම්මානුසාරී’ යි කියනු ලැබෙයි. (හෙ) සම්මත්ත නියාම සඞ්ඛ්‍යාත ආර්‍ය්‍ය මාර්‍ගයට පිවිසියේ යැ, සත්පුරුෂ භූමියට බැසගත්තේ යැ, පෘථග්ජන භූමිය ඉක්මැ වූයේ යැ. යම් කර්‍මයක් කොට නිරයට හෝ තිරිසන් යෝනියට හෝ ප්‍රේතවිෂයට හෝ (උත්පත්ති විසින්) එළැඹේ නම් ඒ කර්‍ම කරන්නට ද අභව්‍ය යැ. යම්තාක් සෝතාපත්තිඵලය සාක්‍ෂාත් නො කෙරේ ද, ඒතාක් කලුරිය කරන්නට ද අභව්‍ය වේ මැ යි.
මහණෙනි, යමෙක් මේ ධර්‍ම මෙසේ විදසුන් නුවණින් දනී නම් මෙසේ දකී නම් මේ පුද්ගල සෝතාපන්න යයි කියනු ලැබෙයි, (හෙ) සතර අපායෙහි නොහෙනසුලු යැ, ගතිනියත යැ, සම්බෝධිය පාරායන කොට ඇත්තේ යි.
4. 1. 2.
රූප සූත්‍රය
303. සැවැත්නුවර:
මහණෙනි, රූප අනිත්‍ය යැ, පෙරැළෙනසුලු යැ, අන් පරිදි වනසුලු යැ. ශබ්ද අනිත්‍ය යැ, පෙරැළෙනසුලු යැ, අන්පරිදි වනසුලු යැ. ගන්‍ධ අනිත්‍ය යැ, පෙරැළෙනසුලු යැ, අන්පරිදිවනසුලු යැ. රස අනිත්‍ය යැ, පෙරැළෙනසුලු යැ, අන්පරිදි වනසුලු යැ. ස්ප්‍රෂ්ටව්‍යය අනිත්‍ය යැ, පෙරැළෙනසුලු යැ. අන්පරිදිවනසුලු යැ. ධර්‍ම අනිත්‍ය යැ, පෙරැළෙනසුලු යැ අන්පරිදි වනසුලු යි.
මහණෙනි, යමෙක් මේ දහමුන් මෙසෙයින් හදහයි ද, (හැදහීමෙන්) විමෝක්‍ෂය පිළිලබයි ද මේ පුද්ගල ‘සද්ධානුසාරී’යි කියනු ලැබෙයි … ආර්‍ය්‍ය මාර්‍ගයට බැසගත් සත්පුරුෂ භූමියට පිවිසි පෘථග්ජන භූමිය ඉක්මැ වූ මේ පුද්ගල ‘ධම්මානුසාරී’ යි කියනු ලැබෙයි. යම් කර්‍මයක් කොට නිරයට හෝ තිරිසන් යෝනියට හෝ ප්‍රේතවිෂයට හෝ (උත්පත්ති විසින්) නො එළැඹේ ද ඒ කර්‍ම කරන්නට නො නිසි යැ. යම්තාක් සෝතාපත්තිඵලය පසක් නො කෙරේ ද, ඒතාක් කලුරිය කරන්නට ද නො නිසි මැ යි.
මහණෙනි, යමෙක් මේ දහම් වෙසෙසින් දනියි ද, දකියි ද, මේ පුඟුල් සෝතාපන්න යැ, අවාහි නොහෙන සුලු යැ, ගතිනියත යැ, සම්බෝධිය පිහිට කොට ඇතැයි කියනු ලැබේ.
4. 1. 3.
විඤ්ඤාණ සූත්‍රය
304. සැවැත්නුවර: