3. 1. 2.
එතං මම සූත්‍රය
207. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස “මේ මාගේ ය, මේ මම වෙමි. මේ මාගේ ආත්මය“යි මෙ බඳු දෘෂ්ටියක් උපදී දැ? යි.
වහන්ස, දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇතියහ. භාග්‍යවතුන් වහන්සේ වෙතින් අසා භික්‍ෂූහු ධරන්නාහ යි.
මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස “තෙල මාගේ යැ. තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම” යි මෙ බඳු දෘෂ්ටියක් උපදියි, වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම”යි මෙබඳු දෘෂ්ටියක් උපදී.
මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද,රූපය නිත්‍ය හෝ වේ දැ? අනිත්‍ය හෝ වේ දැ? යි.
වහන්ස අනිත්‍ය යැ.
යමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද? සුව හෝ වේ දැ? යි.
වහන්ස, දුක් යැ.
යමෙක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙනසුලු නම් එය නො ඇසුරු කොට තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම” යි මෙ බඳු දෘෂ්ටියක් උපදී දැ යි?
වහන්ස තෙල නො වේ මැ යි,
වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ යි?
වහන්ස, අනිත්‍ය යැ.
යමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද? සුව හෝ වේ දැ යි?
වහන්ස, දුක් යැ.
යමෙක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි නම් එය නො ඇසුරු කොට “තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම” යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
වහන්ස, තෙල නො වේ මැ යි.
මේ යමකුත් දක්නා ලද්දේ අසන ලද්දේ සුඹුනා රස විඳුනා පහස්නා ලද්දේ දන්නා ලද්දේ පැමිණෙන ලද්දේ සොයන ලද්දේ සිතින් හැසිරෙන ලද්දේ වේ නම් එයත් නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ යි?
වහන්ස, අනිත්‍ය යැ.
යමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද, සුව හෝ වේ දැ යි?
වහන්ස, දුක් යැ.
යමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යි මෙ බඳු දෘෂ්ටියක් උපදී දැ යි?
වහන්ස, තෙල නො වේ මැ යි.
මහණෙනි, යම් කලෙක මේ (දිට්ඨාදි) සතැන්හි අරිසවුහුගේ සැකය ප්‍රහීණ වූයේ නම් දුකෙහි දු ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වෙයි. දුක්ඛ සමුදයෙහි දු ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වෙයි, දුක්ඛ නිරෝධයෙහි දු ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වෙයි, දුක්ඛනිරෝධගාමිනීපටිපදායෙහි දු ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වෙයි. මහණෙනි, මේ ආර්‍ය්‍යශ්‍රාවක සෝතාපන්න යැ, අපායෙහි නො වැටෙනසුලු යැ, ගතිනියත යැ, සම්බෝධිය පිහිට කොට ඇත්තේ ය යි කියනු ලැබේ යි.
3. 1. 3.
සො අත්තා සූත්‍රය
208. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් නිසා කුමකට පිවිස මෙබඳු දෘෂ්ටියක් පහළ වේ ද: “ඒ මම් ආත්මයෙමි, ඒ මම් ලෝක වෙමි, ඒ මම් පරලොව වන්නෙමි, නිත්‍යයෙමි, ධ්‍රැවයෙමි, ශාශ්වතයෙමි, නො පෙරළෙන සැහැවියෙමි යි?
වහන්ස, දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇතියහ. … භාග්‍යවතුන් වහන්සේ වෙතින් අසා භික්‍ෂූහු ධරන්නාහ යි.
මහණෙනි, රූපය ඇති කල්හි රූපය නිසා රූපයට පිවිස මෙබඳු දෘෂ්ටියක් පහළ වෙයි: “ඒ මම් ආත්මයෙමි, ඒ මම් ලෝක වෙමි, ඒ මම් පරලොව වන්නෙමි, නිත්‍යයෙමි ධ්‍රැවයෙමි, ශාශ්වතයෙමි, නො පෙරළෙන සැහැවි, ඇත්තෙමි’යි වේදනාව ඇති කල … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය නිසා විඥානයට පිවිස මෙබඳු දෘෂ්ටියක් පහළ වෙයි: “ඒ මම් ආත්මයෙමි, ඒ මම් ලෝක වෙමි, ඒ මම් පරලොව වන්නෙමි, නිත්‍යයෙමි, ධ්‍රැවයෙමි, ශාශ්වතයෙමි, නො පෙරළෙන සැහැවි ඇත්තෙමි”යි.
මහණෙනි, එ කුමැයි හඟිවු ද,රූපය නිත්‍ය හෝ වෙයි ද, අනිත්‍ය හෝ වේ ද?
වහන්ස, අනිත්‍ය යැ.
යමෙක් වූ කලී අනිත්‍ය ද එ දුක් හෝ වෙයි ද, සුව හෝ වේ ද?
වහන්ස, දුක් යැ.
යමෙක් වූ කලී අනිත්‍ය ද, දුක් ද, පෙරළෙන සැහැවි ද, එ ඇසිරි කොට මෙබඳු දෘෂ්ටියක් පහළ වේ ද: එ මම් ආත්මයෙමි, එ මම් ලෝකය වෙමි, එ මම් පරලොව වන්නෙමි, නිත්‍යයෙමි, ධ්‍රැවයෙමි, ශාශ්වතයෙමි, නො පෙරළෙන සැහැවි ඇතියෙමි” යි?
වහන්ස, තෙල නො වේ මැ යි.
වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ යි?
වහන්ස, අනිත්‍ය යැ.
යමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද සුව හෝ වේ දැ යි?
වහන්ස, දුක් යැ.
යමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට “ඒ මම් ආත්ම වෙමි, ඒ මම් ලෝක වෙමි, ඒ මම් පරලොව වන්නෙමි, නිත්‍යයෙමි, ධ්‍රැවයෙමි, ශාශ්වතයෙමි, නොවෙනස් වනසුල්ලෙමි” යි මෙ බඳු දෘෂ්ටියෙක් උපදී දැ යි?
වහන්ස, තෙල නො වේ මැ යි.
මේ යමෙකුත් දක්නා ලද්දේ අසන ලද්දේ සුඹුනා රස විඳුනා පහස්නා ලද්දේ දන්නා ලද්දේ පැමිණෙන ලද්දේ සොයන ලද්දේ සිතින් හැසිරෙන ලද්දේ වේ නම් එ ද නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ? යි.
වහන්ස, අනිත්‍ය යැ.
යමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද, සුව හෝ වේ දැ යි?
වහන්ස, දුක් යැ.
යමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට “ඒ මම ආත්ම වෙමි, ඒ මම ලෝක වෙමි, ඒ මම පරලොව වන්නෙමි නිත්‍යයෙමි, ධ්‍රැවයෙමි, ශාශ්වතයෙමි, නො වෙනස් වනසුල්ලෙමි” යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි,
වහන්ස, තෙල නො වේ මැ යි.
මහණෙනි, යම් කලෙක මේ සතැන්හි අරිසවුහුගේ සැකය ප්‍රහීණ වූයේ නම් … දුක නැවැත්මට යන පිළිවෙතෙහි ද ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වේ. මහණෙනි, මේ අරිසවු තෙමේ සෝතාපන්න යැ, අපායෙහි නො වැටෙනසුලු යැ, නියත යැ, සම්බෝධිය පිහිට කොට ඇතැ යි කියනු ලැබේ යි.
3. 1. 4.
නො ච මෙ සියා සූත්‍රය
209. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස ඉදින් (මම්) නො වන්නෙම් නම් මට (පස්කඳෙක්) නො ද වන්නේ යැ. (මතු ද මම්) නො වන්නෙම් නම් (මතු ද) මට (පස්කඳෙක්) නො වන්නේ ය”යි මෙ බඳු දෘෂ්ටියක් උපදී දැ යි?
වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ. …
මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස ඉදින් (මම්) නො වන්නෙම් නම් මට (පස්කඳෙක්) නො ද වන්නේ යැ. (මතු ද මම) නො වන්නෙම් නම් (මතු ද) මට (පස්කඳෙක්) නො වන්නේ ය යි මෙබඳු දෘෂ්ටියක් උපදියි. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස ඉදින් (මම්) නො වන්නෙම් නම් මට (පස්කඳෙක්) නො ද වන්නේ ය. (මතු ද මම්) නො වන්නෙම් නම් (මතු ද) මට (පස්කඳෙක්) නො වන්නේ ය යි මෙ බඳු දෘෂ්ටියක් උපදී.
මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ යි?
වහන්ස, අනිත්‍ය යැ.
යමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද, සුව හෝ වේ දැ යි?
වහන්ස, දුක් යැ.
යමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට ඉදින් (මම්) නො වන්නෙම් නම් මට (පස්කඳෙක්) නො ද වන්නේ යැ. (මතු ද මම්) නො වන්නෙම් නම් (මතු ද) මට (පස්කඳෙක්) නො ද වන්නේ යයි මෙ බඳු දෘෂ්ටියක් උපදී දැ යි?
වහන්ස, තෙල නො වේ මැ යි.
වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය… මේ යමෙකුත් දක්නා ලද්දේ අසන ලද්දේ සුඹුනා රස විඳුනා පහස්නා ලද්දේ දන්නා ලද්දේ පැමිණෙන ලද්දේ සොයන ලද්දේ සිතින් හැසිරෙන ලද්දේ වේ නම් එයත් නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ යි?
වහන්ස, අනිත්‍ය යැ.
යමෙක් වූ කලී අනිත්‍ය නම් එ දුක් හෝ වේ ද, සුව හෝ වේ දැ යි?
වහන්ස, දුක් යැ.
යමෙක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි නම් එය ඇසිරි කොට: ඉදින් (මම්) නො වන්නෙම් නම් මට (පස්කඳෙක්) නො ද වන්නේ යැ, මතු නො වන්නෙම් නම් මතුදු (පස්කඳෙක්) නො ද වන්නේ යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
වහන්ස, තෙල නො වේ මැ යි.
මහණෙනි, ආර්‍ය්‍යශ්‍රාවකහට මෙ සතැන්හි සැකය ප්‍රහීණ වූයේ වේ ද, ඔහුට දුකෙහි දු සැකය ප්‍රහීණ වූයේ වෙයි … දුක්ඛනිරෝධගාමිනීපටිපදායෙහි දු ඔහට සැකය ප්‍රහීණ වූයේ වෙයි. මහණෙනි, මේ ආර්‍ය්‍යශ්‍රාවක සෝතාපන්න යැ, අපායෙහි නො හෙනසුලු යැ, ගතිනියත යැ, සම්බෝධිය පරායණ කොට ඇත්තේ වේ ය යි කියනු ලැබේ යි.
3. 1. 5.
නත්‍ථි දින්න සූත්‍රය
210. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස දෙන ලද්දෙහි ඵල විපාක නැත. මහායාගයෙහි ඵල විපාක නැත. ප්‍රහෙණක සත්කාරයෙහි ඵලවිපාක නැත. කුශලාකුශලකර්‍මයන්ගේ ඵලයෙක් විපාකයෙක් නැත. මෙ ලොවෙක් නැත. පරලොවෙක් නැත. මවක් නැත. (මවට කළ උපකාරයෙන් ඵලවිපාක නැත) පියෙක් නැත. පියාට කළ උපකාරයෙන් ඵලවිපාක නැත) ඕපපාතික (මැරෙන උපදින) සත්ත්‍වයෝ නැත. යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ මැනැවින් දැන පසක් කොට ප්‍රකාශ කෙරෙත් නම් මනාව පිළිපන් මැනැවින් ගිය (අනුලෝමප්‍රතිපදා ප්‍රතිපන්න එ බඳු) මහණ බමුණෝ ලොව නැත. මේ පුරිස් තෙමේ චාතුර්මහාභුතයන්ගෙන් හටගත්තේ යැ. යම් කලෙක කලුරිය කෙරේ නම් (එ කල්හි) පඨවි ධාතුව පඨවිධාතුව කරා යෙයි, පැමිණෙ යි. ආපෝධාතුව ආපෝධාතුව කරා යෙයි, පැමිණෙයි, තේජෝධාතුව තේජෝ ධාතුව කරා යෙයි, පැමිණෙයි, වායෝධාතුව වායෝධාතුව කරා යෙයි, පැමිණේ. ඉඳුරෝ අහසට පැනගනිත්. මිනී ඇඳ පස් වැනි කොට ඇති පුරුෂයෝ මළ සිරුර ගෙන යෙත්. (ගුණාගුණ) පදයෝ සොහොන දක්වා පෙනෙත් ඇට පරෙවි පැහැවන් වේ. හෝමදානයෝ අළු කෙළෙවර කොට ඇත්තෝ ය. මේ දානය නම් අඥානයන් විසින් පනවන ලද්දකි. යම් කිසි කෙනෙක් ආස්තිකවාදය බෙණෙත් නම් එය ඔවුන්ගේ හිස් බොරු ප්‍රලාපයෙකි. බාලයෝත් පණ්ඩිතයෝත් කාබුන් මරණින් සිඳෙත්, වැනසෙත්, මරණින් මතු නො වෙතැ යි මෙ බඳු දෘෂ්ටියක් උපදී දැ යි?
වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ. …
මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස “දෙන ලද්දෙහි විපාක නැත. මහායාගයෙහි විපාක නැත. … කය බිඳීමෙන් සිඳෙත්, වැනසෙත්, මරණින් මතු නො වෙති යි මෙ බඳු දෘෂ්ටියක් උපදියි. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස දෙන ලද්දෙහි විපාක නැත. මහායාගයෙහි විපාක නැත. … කායභේදයෙන් සිඳෙත්, වැනසෙත්, මරණින් මතු නො වෙති” යි මෙබඳු දෘෂ්ටියක් උපදී.
මහණෙනි, ඒ කිමැ’යි හැඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ යි?
වහන්ස, අනිත්‍ය ය ….
යමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට “දෙන ලද්දෙහි ඵල විපාක නැත. මහායාගයෙහි ඵල විපාක නැත. … කය බිඳීමෙන් සිඳෙත්, වැනසෙත්, මරණින් මතු නොවෙති” යි මෙ බඳු දෘෂ්ටියක් උපදී දැ යි?
වහන්ස, තෙල නො වේ ම යැ.
වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ යි?
වහන්ස, අනිත්‍ය යැ.
යමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද? සුව හෝ වේ දැ යි?
වහන්ස, දුක් යැ.
යමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට “දෙන ලද්දෙහි විපාක නැත. මහායාගයෙහි විපාක නැත … කය බිඳීමෙන් සිඳෙත්, වැනසෙත්, මරණින් මතු නො වෙති” යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
වහන්ස, තෙල නො වේ ම ය.
මේ යමෙකුත් දක්නා ලද්දේ අසන ලද්දේ සුඹුනා රස විඳුනා පහස්නා ලද්දේ දන්නා ලද්දේ පැමිණෙන ලද්දේ සොයන ලද්දේ සිතින් හැසිරෙන ලද්දේ වේ නම් එයත් නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ? යි.
වහන්ස, අනිත්‍ය ය. …
දුක් නම් වෙනස්වන සුලු නම් එය නො ඇසුරු කොට දෙන ලද්දෙහි ඵල විපාක නැත. මහායාගයෙහි ඵල විපාක නැත. ප්‍රහේණකසත්කාරයෙහි ඵල විපාක නැත කුශලාකුශල කර්‍මයන්ගේ ඵලයෙක් විපාකයෙක් නැත. මෙලොවෙක් නැත. පරලෙ වෙක් නැත. මවක් නැත. පියෙක් නැත. ඕපපාතික සත්ත්‍වයෝ නැත. යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ මැනැවින් දැන පසක් කොට පවසත් නම් මනාව පිළිපන් මැනැවින් ගිය එබඳු මහණ බමුණෝ ලොව නැත. මේ පුරිස් තෙමේ සතර මහාභූතයන්ගෙන් හටගත්තේ ය. යම් කලෙක කලුරිය කෙළේ නම් (එ කල්හි) පඨවිධාතුව පඨවිධාතුව කරා යෙයි, පැමිණේ. ආපෝධාතුව ආපෝධාතුව කරා යෙයි, පැමිණේ. තේජෝධාතුව තේජෝධාතුව කරා යෙයි. පැමිණේ. වායෝධාතුව වායෝධාතුව කරා යෙයි. පැමිණේ. ඉඳුරෝ අහසට පැන ගනිත්. මිනී ඇඳ පස්වැනි කොට ඇති පුරුෂයෝ මළසිරුර ගෙන යෙත්. (ගුණාගුණ) පදයෝ සොහොන දක්වා පෙනෙත්. ඇට පරෙවිපැහැ වන් වේ. හෝමයෝ අළු කෙළවර කොට ඇත්තාහ. මේ දානය නම් මෝඩයන් විසින් පනවන ලද්දෙක. යම් කිසි කෙනෙක් ආස්තික වාදය බෙණෙත් නම් එය ඔවුන්ගේ හිස් නන්දෙඩවිල්ලෙකි. බාලයෝත් පණ්ඩිතයෝත් කය බිඳීමෙන් සිඳෙත් වැනසෙත්, මරණින් මතු නො වෙති”යි මෙ බඳු දිටෙක් උපදනේ දැ යි?
වහන්ස තෙල නො වේ ම ය.
මහණෙනි, යම් කලෙක මේ සතැන්හි අරිසවුහුගේ සැකය ප්‍රහීණ වූයේ නම් දුකෙහි ද ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වෙයි … දුක නැවැත්මට පමුණුවන පිළිවතෙහි ද ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වේ. මහණෙනි, අපායෙහි නො වැටෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති මේ අරිසවු තෙමේ සෝතාපන්න ය යි කියනු ලැබේ යි.
3. 1. 6.
කරොතො සූත්‍රය
211. සැවැත්නුවර:
ඍමහණෙනි, කුමක් ඇති කල්හි කුමක් නිසා කුමකට පිවිස මෙබඳු දෘෂ්ටියක් උපදී ද? (එනම්:) තමා ම කරන්නහුට මෙරමා ලවා කරවන්නහුට අනුන්ගේ අත්පා ආදිය සිඳිනහුට සිඳුවන්නහුට දඬුමුගුරු ආදියෙන් පෙළන්නහුට පෙළවන්නහුට මෙරමා තවන්නහුට තවවන්නහුට අනුන් වෙහෙසන්නහුට මෙරමා ලවා වෙහෙස කරවන්නහුට අනුන් කම්පිත කරන්නහුට කම්පිත කරවන්නහුට පරපණ නස්නහුට නස්වන්නහුට නොදුන් දෑ ගන්නහුට ගන්වන්නහුට ගෙවල් බිඳින්නහුට බිදුවන්නහුට මහාවිලෝප (සියල්ල පැහැර ගැනීම්) කරන්නහුට එක්ගෙයක් වටා සිට බඩු පැහැර ගන්නහුට මඟ රැක සිට යනෙනුවන් බඩු පැහැර ගන්නහුට පරඹුන් කරා යන්නහුට මුසා බණන්නහුට (පවක් කරමි යන හැඟීමෙන්) කරන්නහුට පවා පවක් නො කෙරේ. (පවෙක් නැත.) ඉදින් යමෙක් කර වැනි නිම්වළලු ඇති නොහොත් කරමුවහත් වැනි කෙළෙවර ඇති සකෙකින් මේ පොළොවෙහි ප්‍රාණීන් එක්මස් රැසක් එක්මස් පිඬක් කරන්නේ නම් ඒ හේතුයෙන් වන පවෙක් නැත, පවෙහි ඊමෙක් නැති. ඉදින් නසමින් නස්වමින් සිඳිමින් සිඳුවමින් පෙළමින් පෙළවමින් දකුණු ගංඉවුරට ද යන්නේ නම් ඒ හේතුයෙන් පවෙක් නැත. පවෙහි ඊමෙක් නැති. ඉදින් දෙමින් දෙවමින් යාග කරමින් කරවමින් උතුරුගංතෙරට ද යන්නේ නම් ඒ හේතු යෙන් පිනෙක් නැත, පිනෙහි ඊමෙක් නැති. දානයෙන් ඉන්‍ද්‍රිය දමනයෙන් ශීලසංයමයෙන් සත්‍යවචනයෙන් පිනෙක් නැත. පිනෙහි ඊමෙක් නැති”යි කියා යි.
වහන්ස, අපගේ දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇතියහ …
මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස කරන්නහුට කරවන්න හුට … දානයෙන් ඉන්‍ද්‍රිය දමනයෙන් ශීලසංයමයෙන් සත්‍යවචනයෙන් පිනෙක් නැත. පිනෙහි ඊමෙක් නැති”යි මෙබඳු දිටුයෙක් උපදියි, වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස කරන්හුට කරවන්නහුට … සත්‍ය වචනයෙන් පිනෙක් නැත පිනෙහි ඊමෙක් නැති”යි මෙබඳු දෘෂ්ටියක් උපදී.
මහණෙනි, ඒ කිමැ’යි හඟිවු ද, රූපය නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ යි?
වහන්ස, අනිත්‍ය යැ ….
එය නොඇසුරු කොට “කරන්නහුට කරවන්නහුට … පිනෙක් නැත. පිනෙහි ඊමෙක් නැතැ”යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
වහන්ස, තෙල නො වේ ම යි.