ගැහැවි, කෙසේ නම් අනිකේතසාරී (නිවෙස්හි නොහැසිරෙන්නේ) වේ ද යත්: ගැහැවිය, රූපාලම්බන නමැති නිවාසයෙහි (හටගත් කෙලෙසුන්ගේ) විසාරවිනිබන්‍ධයෝ තථාගතයන් වහන්සේ විසින් ප්‍රහීණ කරන ලදහ. තාලාවස්තුක කරන ලදහ. අනභාව කරන ලදහ. මතු නූපදනා ස්වභාව ඇත්තාහ. එහෙයින් තථාගතයන් වහන්සේ අනිකේතසාරී යයි කියනු ලැබෙත්. ශබ්දාලම්බන … ගන්‍ධාලම්බන … රසාලම්බන … ස්ප්‍රෂ්ටව්‍යාලම්බන … ගැහැවිය, ධර්‍මාලම්බන නමැති නිවෙස්හි හටගත් කෙලෙසුන්ගේ විසාරවිනිබන්‍ධයෝ තථාගතයන් වහන්සේ විසින් ප්‍රහීණ කරන ලදහ. උසුන් මුල්කරන ලදහ. තාලාවස්තුක කරන ලදහ. අනභාව කරන ලදහ. මතු නූපදනා ස්වභාව ඇත්තාහ. එහෙයින් තථාගතයන් වහන්සේ අනිකේතසාරී යයි කියනු ලැබෙත්. ගැහැවිය මෙසේ අනිකේතසාරී වේ.
ගැහැවිය, කෙසේනම් ගම්හි හටගත් සන්‍ථව ඇත්තේ වේ ද යත්: ගැහැවිය, මෙසස්නෙහි ඇතැම් මහණෙක් ගිහියන් හා සංසෘෂ්ට (මුසු) වූයේ සමඟ සතුටු වන්නේ සමග ශෝක කරන්නේ (දායකයන්) සුඛිත කල්හි සුඛිත වන්නේ දුඃඛිත කල්හි දුඃඛිත වන්නේ වෙසෙයි. උපන් කටයුතු ඇතිකල්හි තමා උපයෝගයට (එහි යෙදීමට) පැමිණෙයි. ගැහැවිය, මෙසේ ගම්හි හටගත් සන්‍ථව ඇත්තේ වේ.
ගැහැවිය, කෙසේ නම් ඟම්හි හටගත් සන්‍ථව නැත්තේ වේ ද: ගැහැවි, මෙසස්නෙහි ඇතැම් මහණෙක් ගිහියන් හා මුසු නො වූයේ සමග සතුටු නො වන්නේ සමග ශෝක නො කරන්නේ (දායකයන්) සුඛිත කල්හි සුඛිත නො වන්නේ දුඃඛිත කල්හි දුඃඛිත නො වන්නේ වෙසෙයි. උපන් කටයුතු ඇතිකල්හි තමා යෙදීමට නො පැමිණෙයි. ගැහැවි, මෙසේ ගම්හි හටගත් සංසර්‍ග නැත්තේ වේ.
ගැහැවි, කෙසේ නම් කාමයන්ගෙන් නො සිස් වූයේ වේ ද: ගැහැවිය, මෙසස්නෙහි ඇතැම් මහණෙක් වස්තු කාමයන්හි නො පහ වූ රාග ඇත්තේ නො පහ වූ ඡන්‍ද ඇත්තේ නො පහ වූ ප්‍රේම ඇත්තේ නො පහ වූ පවස් ඇත්තේ නො පහ වූ පරිදාහ ඇත්තේ නො පහවූ තෘෂ්ණා ඇත්තේ වෙයි. ගැහැවි, මෙසේ ක්ලේශකාමයන්ගෙන් නො සිස් වූයේ වේ.
ගැහැවි, කෙසේ නම් කාමයන්ගෙන් සිස් වූයේ වේ ද: ගැහැවිය, මෙසස්නෙහි ඇතැම් මහණෙක් කාමයන්හි පහ වූ රාග ඇත්තේ පහ වූ ඡන්‍ද ඇත්තේ පහ වූ ප්‍රේම ඇත්තේ පහ වූ පවස් ඇත්තේ පහ වූ පරිදාහ ඇත්තේ පහ වූ තෘෂ්ණා ඇත්තේ වෙයි. ගැහැවි, මෙසේ කාමයන්ගෙන් සිස් වූයේ වේ.
ගැහැවිය, කෙසේ නම් සසරවට පෙරටු කරන්නේ වේ ද: ගැහැවි, මෙසස්නෙහි ඇතැම් මහණක්හට “මතුකල මෙබඳු රූ ඇත්තෙම් වෙමි. මතුකල මෙබඳු වේදනා ඇත්තෙම් වෙමි. මතුකල මෙබඳු සංඥා ඇත්තෙම් වෙමි. මතුකල මෙබඳු සංස්කාර ඇත්තෙම් වෙමි. මතුකල මෙබඳු විඥාන ඇත්තෙම් වෙමි”, මෙසේ අදහස් වෙයි. ගැහැවිය, මෙසේ සසරවට පෙරටු කරන්නේ වේ.
ගැහැවි, කෙසේ නම් සසරවට පෙරටු නො කරන්නේ වේ ද: ගැහැවි, මෙසස්නෙහි ඇතැම් මහණක්හට “මතුකල මෙබඳු රූ ඇත්තෙම් වෙමි. මතුකල මෙබඳු වේදනා ඇත්තෙම් වෙමි. මතුකල මෙබඳු සංඥා ඇත්තෙම් වෙමි. මතුකල මෙබඳු සංස්කාර ඇත්තෙම් වෙමි. මතුකල මෙබඳු විඥාන ඇත්තෙම් වෙමි” යි, මෙසේ අදහස් නො වෙයි. ගැහැවිය, මෙසේ සසරවට පෙරටු නො කරන්නේ වේ.
ගැහැවිය, කෙසේ නම් ජනයා සමඟ විග්‍රාහික කථා කරන්නේ වේ ද යත්: ගැහැවිය, මෙසස්නෙහි ඇතැම් කෙනෙක් මෙබඳු කථා කරන්නේ වෙයි: “තෝ මේ ශාසනය නො දනිහි, මම මේ ශාසනය දනිමි. කිම, තෝ මේ ශාසනය දනිහි ද? තෝ වරදවා පිළිපන්නෙහි, මම මැනවින් පිළිපන්නෙම් වෙමි. පළමු වැ කිය යුත්ත පසු වැ කීයෙහි, පසු වැ කිය යුත්ත පළමු වැ කීයෙහි. මාගේ වචනය සිලිටි යැ. තාගේ වචනය නො සිලිටි යැ. තා විසින් (කලක් ම) පුරුදු කරන ලද වාදය (මාගේ වාදයෙන්) පෙරැළී ගියේ යැ. තට වාද නගන ලදි. වාදයෙන් මිදීම පිණිස (හැසිරෙව. ක්‍රියා කර ව.) නිග්‍රහ කරන ලද වෙහි. ඉදින් පොහොසත්හි නම් මුදව (මෙහි දී ම මිදෙව.)” යි. ගැහැවිය, මෙසේ ජනයා සමඟ විග්‍රාහික කථා කරන්නේ වේ.
ගැහැවිය, කෙසේ නම් ජනයා සමඟ විග්‍රාහික කථා නො කරන්නේ වේ ද යත්: ගැහැවිය, මෙසස්නෙහි ඇතැම් මහණෙක් මෙබඳු කථා නො කරන්නේ වෙයි: “තෝ මේ ශාසනය නො දනිහි, මම මේ ශාසනය දනිමි. කිම, තෝ මේ ශාසනය දන්නෙහි ද? තෝ වරදවා පිළිපන්නෙහි, මම මැනවින් පිළිපන්නෙම් වෙමි. පළමු වැ කිය යුත්ත පසු වැ කීයෙහි, පසු වැ කිය යුත්ත පළමු වැ කීයෙහි. මාගේ වචනය සිලිටි යැ, තාගේ වචනය නො සිලිටි යැ. තාගේ පුරුදු වචනය පෙරළී ගියේ යැ, තට වාද නගන ලදි. වාදයෙන් මිදීමට ක්‍රියා කරව. නිග්‍රහ කරන ලද්දෙහි. ඉදින් පොහෝනෙහි නම් මුදව” යි. ගැහැවිය, මෙසේ ජනයා සමඟ විග්‍රාහික කථා නො කරන්නේ වේ .
ගැහැවි, මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් - අෂ්ටකවර්‍ගයට අයත් මාගන්‍දිය ප්‍රශ්නයෙහි -
“ගෘහය හැර ගෙහි නො හැසිරෙනසුලු ගම්හි සසඟ නො කරන කාමයන්ගෙන් හිස් වූ සසරවට පෙරටු නො කරන මුනි තෙමේ ජනයා සමග විග්‍රාහික කථා නො කරන්නේ ය” යි ඒ යමක් වදාරන ලද නම් -
ගැහැවිය, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරන ලද මේ දේශනාවෙහි අර්‍ත්‍ථය විස්තර විසින් මෙසේ දත යුත්තේ යි.
1. 1. 1. 4.
දෙවන හාලිද්දිකානි සූත්‍රය
4. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක මහාකච්චාන තෙරණුවෝ අවන්ති දනව්වෙහි කුරරඝර නුවර සමීපයෙහි ප්‍රපාත පර්‍වතයෙහි වැඩ වෙසෙති. එකල හාලිද්දිකානි ගැහැවි ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවන් වෙත එළඹියේ යැ. එළඹ ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවන් වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් හාලිද්දිකානි ගැහැවි ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවන්ට තෙල සැලකෙළේ ය.
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ශක්‍රප්‍රශ්නයෙහි “යම් ඒ මහණ බමුණු කෙනෙක් තෘෂ්ණාක්‍ෂය සඞ්ඛ්‍යාත නිවනෙහි (එ අරමුණු කොට ඇති ඵලවිමුත්තියෙන්) මිදුණාහු වෙද්ද, ඔහු අත්‍යන්ත නිෂ්ඨා ඇත්තෝ යැ. අත්‍යන්ත යෝගක්‍ෂේම ඇත්තෝ යැ. අත්‍යන්ත බ්‍රහ්මචාරීහු යැ. අත්‍යන්ත අවසාන ඇත්තෝ යැ. දෙවිමිනිසුන්ට ශ්‍රේෂ්ඨයහ” යි මෙය වදාරන ලද්දේ යැ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරන ලද මේ භාෂිතයාගේ - දේශනායෙහි අර්‍ත්‍ථය විස්තර විසින් කෙසේ දතයුතු දැ යි.
ගැහැවිය, රූපස්කන්‍ධයෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් සතුටෙක් යම් තෘෂ්ණාවක් යම් උපය උපාදාන කෙනෙක් අකුශල චිත්තයෙහි අධිට්ඨාන අභිනිවේස අනුසය වෙත් නම් ඔවුන්ගේ ක්‍ෂය වීමෙන් විරාගයෙන් නිරෝධයෙන් දුරැලීමෙන් බැහැර කිරීමෙන් සිත මැනවින් මිදුණේය යි කියනු ලැබේ. ගැහැවිය, වෙදනාස්කන්‍ධයෙහි ... ගැහැවිය, සංඥාස්කන්‍ධයෙහි ... ගැහැවිය, සංස්කාරස්කන්‍ධයෙහි … ගැහැවිය, විඥානස්කන්‍ධයෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් සතුටෙක් යම් තෘෂ්ණාවක් යම් උපය උපාදාන කෙනෙක් අකුශල චිත්තයාගේ අධිට්ඨාන අභිනිවේස අනුසය වෙත් නම් ඔවුන්ගේ ක්‍ෂය වීමෙන් විරාගයෙන් නිරෝධයෙන් දුරැලීමෙන් බැහැර කිරීමෙන් සිත මැනවින් මිදුණේය යි කියනු ලැබේ.
ගැහැවිය, මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් ශක්‍රප්‍රශ්නයෙහි “යම් ඒ මහණ බමුණු කෙනෙක් තෘෂ්ණාක්‍ෂය සඞ්ඛ්‍යාත නිවන අරමුණු කොට මිදුණාහු නම් ඔහු අත්‍යන්ත නිෂ්ඨා ඇත්තෝ යැ. අත්‍යන්ත යෝගක්‍ෂේම ඇත්තෝ යැ. අත්‍යන්ත බ්‍රහ්මචාරීහු යැ. අත්‍යන්ත පර්‍ය්‍යවසාන ඇත්තෝ යැ. දෙවිමිනිසුන්ට ශ්‍රේෂ්ඨයහ” යි ඒ යමක් වදාළ සේක් නම් ගැහැවිය, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරන ලද මේ දේශනායෙහි අර්‍ත්‍ථය විස්තර විසින් මෙසේ දත යුතු යි.
1. 1. 1. 5.
සමාධිභාවනා සූත්‍රය
5. මා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමැතූ සේක. ‘වහන්සැ’යි ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක.
මහණෙනි, සමාධිය වඩවු. මහණෙනි, සමාධිගත මහණ යථාභූතව - ඇති සැටි දනී. කුමක් යථාවයෙන් දනී ද යත්: රූපයාගේ සමුදය ද අස්තගමය ද, වේදනාවේ සමුදය ද අස්තගමය ද, සංඥාවේ සමුදය ද අස්තගමය ද, සංස්කාරයන්ගේ සමුදය ද අස්තගමය ද, ව්ඥානයාගේ සමුදය ද අස්තගමය ද දනී.
මහණෙනි, රූපයාගේ සමුදය (හටගැන්ම) කවරේ ද, වේදනාවේ සමුදය කවරේ ද, සංඥාවේ සමුදය කවරේ ද, සංස්කාරයන්ගේ සමුදය කවරේ ද, විඥානයාගේ සමුදය කවරේ ද:
මහණෙනි, මෙ සස්නෙහි මහණ පතයි. මැනවැයි ලෝභවසයෙන් කියයි. බැසැගෙන සිටී, කුමක් පතා ද, මැනැවැයි කියා ද, බැසැගෙන සිටී ද: රූපය පතයි. මැනවැ යි කියයි. එහි බැසැගෙන සිටී. රූපය පතන, මැනවැ යි කියන එහි බැසගෙන සිටින ඔහුට තෘෂ්ණාව උපදී. රූපයෙහි යම් තෘෂ්ණාවක් වේ නම් ඒ උපාදාන යි. උපාදාන ප්‍රත්‍යයෙන් ඔහුට භවය වෙයි. භව ප්‍රත්‍යයයෙන් ජාතිය වෙයි. ජාති ප්‍රත්‍යයෙන් ජරාමරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ හට ගනිත්. මෙසේ මේ හුදු දුක් රැසෙහි සමුදය වේ.
වේදනාව පතයි. මැනවැයි කියයි. බැස ගෙන සිටී. වේදනාව පතන මැනවැයි කියන ගිලගෙන සිටින ඔහුට තෘෂ්ණාව උපදී. වේදනාවෙහි යම් තෘෂ්ණාවක් වේ නම් ඒ උපාදානය යි. උපාදාන ප්‍රත්‍යයෙන් ඔහුට භවය වේ. භව ප්‍රත්‍යයයෙන් ජාතිය වේ. ජාති ප්‍රත්‍යයයෙන් ජරාමරණ සෝකපරිදේව දුක්ඛදෝමනස්ස උපායාසයෝ හටගනිත්. මෙසේ මේ හුදු දුක් රැසෙහි සමුදය වේ.
සංඥාව පතයි. සංස්කාරයන් පතයි. මැනවැයි කියයි. ගිලගෙන සිටී. සංස්කාරයන් පතන මැනවැයි කියන ගිලගෙන සිටින ඔහුට තෘෂ්ණාව උපදී. සංස්කාරයන්හි යම් තෘෂ්ණාවක් වේ නම් ඒ උපාදාන යි. උපාදාන ප්‍රත්‍යයයෙන් ඔහුට භවය වෙයි. භව ප්‍රත්‍යයයෙන් ජාතිය වෙයි. ජාති ප්‍රත්‍යයෙන් ජරාමරණ සෝකපරිදේව දුක්ඛදෝමනස්ස උපායාසයෝ හටගනිත්. මෙසේ මේ හුදු දුක් රැසේ සමුදය වේ.
විඥානය පතයි. මැනවැ යි කියයි. ගිලගෙන සිටී. විඥානය පතන මැනවැ යි කියන ගිලගෙන සිටින ඔහුට තෘෂ්ණාව උපදී. විඥානයෙහි යම් තෘෂ්ණාවක් වේ නම් ඒ උපාදාන යි. උපාදාන ප්‍රත්‍යයයෙන් ඔහුට භවය වෙයි. භව ප්‍රත්‍යයයෙන් ජාතිය වෙයි. ජාති ප්‍රත්‍යයයෙන් ජරාමරණ සෝකපරිදේව දුක්ඛදෝමනස්ස උපායාසයෝ හට ගනිත්. මෙසේ මේ හුදු දුක් රැසෙහි සමුදය වේ.
මහණෙනි, මේ රූපයාගේ සමුදය යි. මේ වේදනාවෙහි සමුදය යි. මේ සංඥායෙහි සමුදය යි, මේ සංස්කාරයන්ගේ සමුදය යි. මේ විඥානයෙහි සමුදය යි.
මහණෙනි, රූපයාගේ නිරෝධය කවරේ ද, වේදනාවෙහි නිරෝධය කවරේ ද, සංඥායෙහි නිරෝධය කවරේ ද, සංස්කාරයන්ගේ නිරෝධය කවරේ ද, විඥානයෙහි නිරෝධය කවරේ ද:
මහණෙනි, මෙසස්නෙහි මහණ නො පතයි. මැනවැයි නො කියයි. බැසැගෙන නො සිටී. කුමක් නො පතා ද, මැනවැයි නො කියා ද, බැසැ ගෙන නො සිටී ද: රූපය නො පතයි. මැනවැ යි නො කියයි. බැසගෙන නො සිටී. රූපය නො පතන මැනවැයි නො කියන බැසැගෙන නො සිටින ඔහුගේ රූපයෙහි යම් තෘෂ්ණාවක් වේ නම් එය නිරුද්ධ වෙයි. ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරෝධය වෙයි. උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වෙයි. භව නිරෝධයෙන් ජාති නිරෝධය වෙයි. ජාති නිරෝධයෙන් ජරාමරණ සෝකපරිදේව දුක්ඛදෝමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ හුදු දුක්රැසෙහි නිරෝධය වේ.
වේදනාව නො පතයි. මැනවැයි නො කියයි. බැසැ ගෙන නො සිටියි. වේදනාව නො පතන මැනවැයි නො කියයන බැසැ ගෙන නො සිටින ඔහුගේ වේදනාවෙහි යම් තෘෂ්ණාවක් වේ නම් එය නිරුද්ධ වෙයි. ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරෝධය වෙයි. උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වෙයි. භව නිරෝධයෙන් ... මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ.
සංඥාව නො පතයි ... සංස්කාරයන් නො පතයි. මැනවැයි නො කියයි. බැසැ ගෙන නො සිටී. සංස්කාරයන් නො පතන මැනවැයි නො කියන බැසැ ගෙන නො සිටින ඔහුගේ සංස්කාරයන්හි යම් තෘෂ්ණාවක් වේ නම් එය නිරුද්ධ වෙයි. ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරෝධය වෙයි. උපාදාන නිරෝධයෙන් ... මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ.
විඥානය නො පතයි. මැනවැයි නො කියයි. බැසැ ගෙන නො සිටියි. විඥානය නො පතන මැනවැයි නො කියන බැසැ ගෙන නො සිටින ඔහුගේ විඥානයෙහි යම් තෘෂ්ණාවක් වේ නම් එය නිරුද්ධ වෙයි. ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරෝධය වෙයි. උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වෙයි. භවනිරෝධයෙන් ජාති නිරෝධය වෙයි. ජාති නිරෝධයෙන් ජරාමරණ සෝකපරිදේව දුක්ඛදෝමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ.
මහණෙනි, මේ රූපයෙහි නිරෝධය යි. මේ වේදනායෙහි නිරෝධය යි. මේ සංඥායෙහි නිරෝධය යි. මේ සංස්කාරයන්ගේ නිරෝධය යි. මේ විඥානයාගේ නිරෝධය යි.
1. 1. 1. 6.
පටිසල්ලාන සූත්‍රය
6. සැවැත්නුවර–
මහණෙනි, පිළිසලනෙහි (කායවිවේකයෙහි) යෙදෙවු. මහණෙනි, පිළිසලනෙහි යෙදුණු මහණ යාථාවයෙන් (තතු සේ ) දනී. කුමක් තතු සේ දනී ද යත්: රූපයෙහි සමුදය ද අස්තගමය ද, වේදනායෙහි සමුදය ද අස්තගමය ද, සංඥායෙහි සමුදය ද අස්තගමය ද, සංස්කාරයන්ගේ සමුදය ද අස්තගමය ද, විඥානයෙහි සමුදය ද අස්තගමය ද දනී.
මහණෙනි, රූපයෙහි සමුදය කවරේ ද, වේදනායෙහි සමුදය කවරේ ද, සංඥායෙහි සමුදය කවරේ ද, සංස්කාරයන්ගේ සමුදය කවරේ ද, විඥානයෙහි සමුදය කවරේ ද:
මහණෙනි, මෙසස්නෙහි මහණ පතයි, මැනවැ යි කියයි, බැසැ ගෙන සිටී. කුමක් පතා ද මැනවැ යි කියා ද බැසැ ගෙන සිටී ද: රූපය පතයි. මැනවැයි කියයි. බැසැ ගෙන සිටී. රූපය පතන මැනවැයි කියන බැස ගෙන සිටින ඔහුට නන්‍දිසංඛ්‍යාත තෘෂ්ණාව උපදී. රූපයෙහි යම් තෘෂ්ණාවක් වේ නම් එය උපාදාන යි. උපාදාන ප්‍රත්‍යයයෙන් ඔහුට භවය වෙයි. භව ප්‍රත්‍යයයෙන් ජාතිය වෙයි. ජාති ප්‍රත්‍යයයෙන් ජරාමරණ සෝකපරිදේව දුක්ඛදෝමනස්ස උපායාසයෝ හටගනිත්. මෙසේ මේ හුදු දුක් රැසේ සමුදය වේ.
වේදනාව පතයි. … සංඥාව පතයි. … සංස්කාරයන් පතයි. … විඥානය පතයි. මැනැවැ යි කියයි. බැසැ ගෙන සිටී. විඥානය පතන මැනැවැයි කියන බැසැ ගෙන සිටින ඔහුට තෘෂ්ණාව උපදී. විඥානයෙහි යම් තෘෂ්ණාවක් වේ නම් එය උපාදාන යි. උපාදාන ප්‍රත්‍යයයෙන් ඔහුට භවය වෙයි. භව ප්‍රත්‍යයයෙන් ජාතිය වෙයි. ජාති ප්‍රත්‍යයයෙන් ජරාමරණ සෝකපරිදේව දුක්ඛදෝමනස්ස උපායාසයෝ හටගනිත්. මෙසේ මේ හුදු දුක් රැසේ සමුදය වේ.
මහණෙනි, මේ රූපයෙහි සමුදය යි. මේ වේදනායෙහි සමුදය යි. මේ සංඥායෙහි සමුදය යි. මේ සංස්කාරයන්ගේ සමුදය යි. මේ විඥානයෙහි සමුදය යි.
මහණෙනි, රූපයෙහි නිරෝධය කවරේ ද, වේදනායෙහි නිරෝධය කවරේ ද, සංඥායෙහි නිරෝධය කවරේ ද, සංස්කාරයන්ගේ නිරෝධය කවරේ ද, විඥානයෙහි නිරෝධය කවරේ ද:
මහණෙනි, මෙහි මහණ නො පතයි. මැනවැ යි නො කියයි. බැසැ ගෙන නො සිටී. කුමක් නො පතා ද, මැනවැ යි නො කියා ද, බැසැ ගෙන නො සිටී ද: රූපය නො පතයි. මැනවැයි නො කියයි. බැසැ ගෙන නො සිටී. රූපය නො පතන මැනවැයි නො කියන බැසැ ගෙන නො සිටින ඔහුගේ රූපයෙහි යම් තෘෂ්ණාවක් වේ නම් එය නිරුද්ධ වෙයි. ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරෝධය වෙයි. උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වෙයි. භව නිරෝධයෙන් ජාති නිරෝධය වෙයි. ජාති නිරෝධයෙන් ජරාමරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ.
වේදනාව නො පතයි … සංඥාව නො පතයි … සංස්කාරයන් නො පතයි … විඥානය නො පතයි. මැනවැ යි නො කියයි. බැසැ ගෙන නො සිටී. විඥානය නො පතන මැනවැයි නො කියන බැසැ ගෙන නො සිටින ඔහුගේ විඥානයෙහි යම් තෘෂ්ණාවක් වේ නම් එය නිරුද්ධ වෙයි. ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරෝධය වෙයි. උපාදාන නිරෝධයෙන් භවනිරෝධය වෙයි. භව නිරෝධයෙන් ජාති නිරෝධය වෙයි. ජාති නිරෝධයෙන් ජරාමරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ.
මහණෙනි, මේ රූපයෙහි නිරෝධය යි. මේ වේදනායෙහි නිරෝධය යි. මේ සංඥායෙහි නිරෝධය යි. මේ සංස්කාරයන්ගේ නිරෝධය යි. මේ විඥානයෙහි නිරෝධය යි.
1. 1. 1. 7.
පළමුවැනි උපාදාපරිතස්සනා සූත්‍රය
7. සැවැත්නුවර–
මහණෙනි, තොපට උපාදානයෙන් උපන් පරිතස්සනාව ද අනුපාදානයෙන් වන අපරිතස්සනාව ද දේශනා කරන්නෙමි. එය අසවු. මැනවින් මෙනෙහි කරවු. කියමි යි. ‘වහන්ස, එසේ’ යයි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
මහණෙනි, උපාදානයෙන් වන පරිතස්සනාව කෙසේ වේ ද යත්:
මහණෙනි, ආර්‍ය්‍යයන් නො දක්නා ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ ආර්‍ය්‍යධර්‍මයෙහි නො හික්මුණු, සත්පුරුෂයන් නො දක්නා සත්පුරුෂධර්‍මයෙහි අදක්‍ෂ සත්පුරුෂධර්‍මයෙහි නො හික්මුණු නූගත් පුහුදුන් තෙමේ රූපය ආත්මය යි හෝ, ආත්මය රූප ඇත්තෙකැයි හෝ, ආත්මයෙහි රූපය පවතී ය යි හෝ, රූපයෙහි ආත්මය පවතී ය යි හෝ දකී. ඔහුගේ ඒ රූපය පෙරැළෙයි. අන්‍යාකාර වෙයි. ඔහුගේ ඒ රූපය පෙරැළීමෙන් අන්‍යාකාර වීමෙන් කර්‍මවිඥානය රූපයේ පෙරැළීම අනුව පෙරැළෙනසුලු වෙයි. රූපයේ පෙරැළීම අනුව පෙරැළුණු සිතින් උපන් තණ්හාපරිතස්සනා ද අකුශලධර්‍ම සමුත්පාදයෝ ද ඔහුගේ කුසල් සිත ක්‍ෂය කොට ගෙන සිටිත්. චිත්තපරියාදානයෙන් තැති ගැනුම් ඇත්තේ ද දුක් ඇත්තේ ද අපේක්‍ෂා (ආලය) ඇත්තේ ද වෙයි. දැඩි කොට ගෙන ද පෙළෙයි.
වේදනාව ආත්මය යි හෝ, ආත්මය වේදනා ඇත්තෙකැයි හෝ, ආත්මයෙහි වේදනාව පවතී ය යි හෝ, වේදනාවෙහි ආත්මය පවතී ය යි හෝ දකී. ඔහුගේ ඒ වේදනාව වෙනස් වෙයි. අන් සැහැවි වෙයි. ඔහුගේ වේදනාව වෙනස් වීමෙන් අන් සැහැවි වීමෙන් කර්‍මවිඥානය වේදනායෙහි වෙනස් වීම අනුව පෙරැළෙනසුලු වෙයි. වේදනාවේ වෙනස් වීම අනුව පෙරැළුණු සිතින් හටගත් තණ්හාපරිතස්සනා ද අකුශලධර්‍ම සමුත්පාදයෝ ද ඔහුගේ සිත ක්‍ෂය කොට ගෙන සිටිත්. චිත්තපරියාදානයෙන් තැති ගැනුම් ඇත්තේ ද දුක් ඇත්තේ ද ආලය ඇත්තේ ද වෙයි. දැඩි කොට ගෙන ද පෙළෙයි.
සංඥාව … සංස්කාර … ආත්ම විසින් දකියි, සංස්කාරවත් ආත්මය හෝ, ආත්මයෙහි සංස්කාර හෝ, සංස්කාරයන්හි ආත්මය හෝ දකියි. ඔහුගේ එ සංස්කාර පෙරැළෙයි. අන් අයුරු වෙයි. සංස්කාරයන්ගේ විපරිණාම අන්‍යථාභාව හේතුයෙන් ඔහුගේ කර්‍ම විඥානය සංස්කාර විපරිණාම අනුව පෙරැළෙනසුලු වෙයි, සංස්කාර විපරිණාම අනුව පෙරැළෙන සුලු සිතින් උපන් තෘෂ්ණා පරිතස්සනා ද අකුශලධර්‍ම සමුත්පාදයෝ ද ඔහුගේ කුසල් සිත අල්වා ගෙන සිටිත්. චිත්තපරියාදානයෙන් තැති ගැනුම් ඇත්තේ ද දුක් ඇත්තේ ද අපේක්‍ෂා ඇත්තේ ද වෙයි, දැඩි කොට ගෙන පෙළෙන්නේ ද වේ.
විඥානය ආත්ම විසින් දකියි, විඥානවත් ආත්මය හෝ, ආත්මයෙහි විඥානය හෝ, විඥානයෙහි ආත්මය හෝ, දකියි. ඔහුගේ එ විඥානය පෙරැළෙයි, අන් අයුරු වෙයි. විඥානයාගේ විපරිණාම අන්‍යථාභාව හේතුයෙන් ඔහුගේ කර්‍මවිඥානය විඥාන විපරිණාමය අනුව පෙරැළෙනසුලු වෙයි. විඥාන විපරිණාමය අනුව පෙරැළෙන සිතින් උපන් තෘෂ්ණා පරිතස්සනා ද අකුශලධර්‍ම සමුත්පාදයෝ ද ඔහුගේ කුසල් සිත අල්වා ගෙන සිටිත්. චිත්තපරියාදාන හේතුයෙන් තැති ගැනුම් ඇත්තේ ද දුක් ඇත්තේ ද ආලය ඇත්තේ ද වෙයි, දැඩි වැ ගෙන පෙළෙන්නේ ද වේ.
මෙසේ වනාහි මහණෙනි, උපාදා පරිතස්සනා වේ.
මහණෙනි, අනුපාදා අපරිතස්සනා කි සෙයින් වේ යැ යත්:
මහණෙනි, මේ ලෝකයෙහි ආර්‍ය්‍යයන් දක්නා ආර්‍ය්‍යධර්‍මයෙහි දක්‍ෂ ආර්‍ය්‍යධර්‍මයෙහි මොනොවට හික්මුණු, සත්පුරුෂයන් දක්නා සත්පුරුෂ ධර්‍මයෙහි දක්‍ෂ සත්පුරුෂ ධර්‍මයෙහි මොනොවට හික්මුණු ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපය ආත්ම විසින් නො දකියි, රූපවත් ආත්මය හෝ නො දකියි, ආත්මයෙහි රූපය ඇතැයි හෝ නො දකියි, රූපයෙහි ආත්මය ඇතැයි හෝ නො දකියි. ඔහුගේ ඒ රූපය පෙරැළෙයි, අන්අයුරු වෙයි. රූප විපරිණාම අන්‍යථාභාව හේතුයෙන් ඔහුගේ කර්‍මවිඥානය රූපයාගේ විපරිණාමය අනුව පෙරැළෙන සුලු නො වෙයි, රූපයාගේ විපරිණාමය අනුව පෙරැළෙන සිතින් උපන්, තෘෂ්ණා පරිතස්සනා ද අකුශලධර්‍ම සමුත්පාදයෝ ද ඔහුගේ සිත දැඩි වැ ගෙන නො සිටිත්. චිත්තයාගේ අපරියාදාන (දැඩි කොට නො ගැනීම්) හේතුයෙන් තැතිගැනුම් ඇත්තේ නො ද වෙයි, දුක් සහිත නො වෙයි, ආලය සහිත නො වෙයි, දැඩි කොට නො ගෙන නො ද පෙළෙන්නේ වේ.
වේදනාව ආත්ම විසින් නො දකියි, වේදනාවත් ආත්මය හෝ නො දකියි, ආත්මයෙහි වේදනාව හෝ නො දකියි, වේදනායෙහි ආත්මය හෝ නො දකියි. ඔහුගේ ඒ වේදනාව පෙරැළෙ යි, අන් අයුරු වෙයි, වේදනාවගේ පෙරැළීම් අන් අයුරුවීම් හේතුයෙන් ඔහුගේ කර්‍මවිඥානය වේදනා විපරිණාමය අනුව පෙරැළෙන සුලු නො වෙයි. වේදනා විපරිණාමය අනුව පෙරැළෙන සිතින් උපන් තණ්හාපරිතස්සනා ද අකුශලධර්‍ම සමුත්පාදයෝ ද ඔහුගේ සිත දැඩි කොට ගෙන නො සිටිත්. චිත්තයාගේ අපරියාදාන හේතුයෙන් නො ද තැතිගැනුම් ඇත්තේ වෙයි, දුක් ඇත්තේ නො වෙයි, ආලය ඇත්තේ නො වෙයි, දැඩි කොට ගෙන නො ද පෙළෙන්නේ වේ.
සංඥාව ආත්ම විසින් නො දකියි … සංස්කාර ආත්ම විසින් නො දකියි, සංස්කාරවත් ආත්මය හෝ නො දකියි, ආත්මයෙහි සංස්කාර හෝ නො දකියි, සංස්කාරයන්හි ආත්මය හෝ නො දකියි. ඔහුගේ ඒ සංස්කාරයෝ පෙරැළෙති, අන් අයුරු වෙත්. සංස්කාරයන්ගේ
විපරිණාම අන්‍යථාභාව හේතුයෙන් ඔහුගේ කර්‍මවිඥානය සංස්කාර විපරිණාමය අනුව පෙරැළෙන සුලු නො වෙයි, සංස්කාර විපරිණාම අනුව පෙරැළෙන සුලු සිතින් උපන් තණ්හා පරිතස්සනා ද අකුශලධර්‍ම සමුත්පාදයෝ ද ඔහුගේ කුසල් සිත, ක්‍ෂය කොට ගෙන නො සිටිත්. චිත්තයාගේ අපරියාදාන හේතුයෙන් නො ද තැතිගැනුම් ඇති වෙයි, දුක් ඇති නො වෙයි, ආලය ඇති නො වෙයි, නො ද දැඩි කොට ගෙන පෙළෙන්නේ වේ.
විඥානය ආත්ම විසින් නො දකියි, ආත්මය විඥානවත් යි හෝ නො දකියි, විඥානය ආත්මයෙහි ඇතැයි හෝ නො දකියි, ආත්මය විඥානයෙහි ඇතැයි හෝ නො දකියි. ඔහුගේ ඒ විඥානය පෙරැළෙයි, අන් අයුරු වෙයි. විඥානයාගේ වෙනස්වීම් පෙරැළීම් හේතුයෙන් ඔහුගේ කර්‍මවිඥානය විඥානවිපරිණාමය අනුව පෙරැළෙන සුලු නො වෙයි, විඥාන විපරිණාමය අනුව පෙරැළෙනසුලු සිතින් උපන් තෘෂ්ණා පරිතස්සනා ද අකුශල ධර්‍මසමුත්පාදයෝ ද ඔහුගේ කුසල් සිත ක්‍ෂය කොට ගෙන නො සිටිත්. චිත්තයාගේ දැඩි කොට නො ගැනීම් හේතුයෙන් තැතිගැනුම් නො ද ඇති වෙයි, දුක් ඇති නො වෙයි, ආලය ඇති නො වෙයි, දැඩි කොට ගෙන පෙළෙන්නේ ද නො වේ.
මෙසෙයින් මහණෙනි, අනුපාදා අපරිතස්සනා වේ යැ යි (වදාළසේකි).
1. 1. 1. 8.
දෙවැනි උපාදාපරිතස්සනා සූත්‍රය
8. සැවැත්නුවර–
මහණෙනි, තොපට උපාදාපරිතස්සනාව ද, අනුපාදාඅපරිතස්සනාවද දේශනා කරන්නෙමි. එය අසවු ...
මහණෙනි, උපාදාපරිතස්සනා කිසෙයින් වේය යත්:
මහණෙනි, මෙලොවැ අශ්‍රැතවත් පෘථග්ජන රූපය “තෙල මගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම” යි දකියි. ඔහුගේ ඒ රූපය පෙරැළෙයි, අන් අයුරු වෙයි. රූපයාගේ විපරිණාම අන්‍යථාභාවයෙන් ඔහුට සෝක - පරිදේව - දුක්ඛ - දෝමනස්ස - උපායාසයෝ උපදිති.
වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය “තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්මය” යි දකියි. ඔහුගේ ඒ විඥානය පෙරැළෙයි, අන් අයුරු වෙයි. ඔහුට විඥානයාගේ විපරිණාම - අන්‍යථාභාවයෙන් සෝක - පරිදේව - දුක්ඛ - දෝමනස්ස - උපායාසයෝ උපදිත්.
මහණෙනි, මෙසෙයින් (තණ්හා මාන - දිට්ඨි - විසින්) උපාදාපරිතස්සන වෙයි.
මහණෙනි, කිසෙයින් අනුපාදා අපරිතස්සනා වේ යත්:
මහණෙනි, මෙලොව ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපය “තෙල මාගේ නො වේ යැ, තෙල මම නො වෙමි, තෙල මාගේ ආත්ම නො වෙයි” (විදසුන් නුවණින්) දකි යි. ඔහුගේ ඒ රූපය පෙරළෙයි, අන් අයුරු වෙයි. ඔහුට රූපයාගේ විපරිණාම - අන්‍යථාභාව හේතුයෙන් සෝක - පරිදේව - දුක්ඛ - දෝමනස්ස - උපායාසයෝ නූපදිති. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය “තෙල මාගේ නො වේ යැ, තෙල මම නො වෙමි, තෙල මාගේ ආත්ම නො වෙයී” (විදසුන් නුවණින්) දකියි. ඔහුට විඥානයාගේ විපරිණාම - අන්‍යථාභාවයෙන් සෝක - පරිදේව - දුක්ඛ - දෝමනස්ස - උපායාසයෝ නූපදිත්.
මහණෙනි, මෙසෙයින් (තණ්හා - මාන - දිට්ඨි විසින් නො ගත්, හෙයින්) අනුපාදාඅපරිතස්සනා වේ යයි.
1. 1. 1. 9.
පළවැනි අතීතානාගත සූත්‍රය
9. සැවැත්නුවර–
මහණෙනි, අතීත - අනාගත රූපය අනිත්‍ය යැ, පච්චුප්පන්න (-පවත්නා) රූපයාගේ (අනිත්‍යතා පිළිබඳ) කවර කථා යැ. (අනිත්‍යමැයි) මහණෙනි, මෙසෙයින් දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක අතීත රූපයෙහි අපේක්‍ෂා රහිත වෙයි. අනාගත රූපය නො පතයි, ප්‍රත්‍යුත්පන්න රූපයාගේ නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. වේදනාව අනිත්‍ය යැ … සංඥාව අනිත්‍ය යැ … සංස්කාර අනිත්‍ය යැ … අතීතානාගත විඥානය අනිත්‍ය යැ, පච්චුප්පන්න විඥාන පිළිබඳ කවර කථා යැ. (අනිත්‍ය මැ යි) මහණෙනි, මෙසේ (විදසුන් නුවණින්) දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක අතීත විඥානයෙහි අපේක්‍ෂා රහිත වෙයි, අනාගත විඥානය නො පතයි, ප්‍රත්‍යුත්පන්න විඥානයාගේ නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වේ ය යි.
1. 1. 1. 10.
දෙවැනි අතීතානාගත සූත්‍රය
10. සැවැත්නුවර–
මහණෙනි, අතීතානාගත රූපය දුක් යැ, පවත්නා රූපය පිළිබඳ කවර කථා යැ (දුක් මැයි). මහණෙනි, මෙසේ (විවසුන් නුවණින්) දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක අතීත රූපයෙහි අනපේක්‍ෂක වෙයි, අනාගත රූපය නො පතයි, පවත්නා රූපායාගේ නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. වේදනාව දුක් යැ … සංඥාව දුක් යැ … සංස්කාර දුක් යැ … අතීතානාගත විඥානය දුක් යැ, පවත්නා විඥානය පිළිබඳ කවර කථා යැ. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක අතීත රූපයෙහි අනපේක්‍ෂක වෙයි, අනාගත රූපය ප්‍රාර්‍ත්‍ථනා නො කෙරෙයි, ප්‍රත්‍යුත්පන්න රූපයාගේ නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වේ ය යි.
1. 1. 1. 11.
තෙවැනි අතීතානාගත සූත්‍රය
11. සැවැත්නුවර–
මහණෙනි, අතීතානාගත රූපය අනාත්ම ය, වර්‍තමාන රූපය පිළිබඳ කවර කථා යැ. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක ඉකුත් රූපයෙහි අපේක්‍ෂා රහිත වෙයි, මතු රූපය නො පතයි, පවත්නා රූපයාගේ කලකිරීම පිණිස, නො ඇල්ම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. වේදනාව අනාත්ම යි ... සංඥාව අනාත්ම යි ...
සංස්කාර අනාත්ම යි ... අතීතානාගත විඥානය අනාත්ම යි, වර්‍තමාන විඥාන පිළිබඳ කවර කථා යැ. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක අතීත විඥානයෙහි අපේක්‍ෂා රහිත වෙයි, අනාගත විඥානය නො පතයි, ප්‍රත්‍යුත්පන්න විඥානයාගේ නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වේ ය යි.
පළමුවැනි නකුලපිතු වර්‍ග යි.
එහි උද්දානය:
නකුලපිතු සූත්‍රය, දේවදහ සූත්‍රය, හාලිද්දක සූත්‍ර දෙකය, සමාධි සූත්‍රය, පටිසල්ලාන සූත්‍රය, උපාදාපරිතස්සනා සූත්‍ර දෙකය, අතීතානාගත සූත්‍ර තුන දැයි එකොලොසකින් නකුලපිතු වර්‍ගය යුක්ත යයි කියනු ලැබේ.
2. අනිච්ච වර්‍ගය
1. 1. 2. 1.
අනිත්‍ය සූත්‍රය
12. සැවැත්නුවර–
මහණෙනි, රූපය අනිත්‍ය යැ, වේදනාව අනිත්‍ය යැ, සංඥාව අනිත්‍ය යැ, සංස්කාර අනිත්‍ය යැ, විඥානය අනිත්‍ය යි. මෙසෙයින් (විදසුන් නුවණින්) දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපයෙහිදු කලකිරෙයි, වෙදනායෙහිදු කලකිරෙයි, සංඥායෙහිදු කලකිරෙයි, සංස්කාරයන්හිදු කලකිරෙයි, විඥානයෙහිදු කලකිරෙයි. කලකිරෙනුයේ නො ඇලෙයි. නො ඇලීම හේතුයෙන් (කෙලෙසුන් කෙරෙන්) මිදෙයි, මිදුණු කල්හි, මිදුණැයි (ප්‍රත්‍යවේක්‍ෂා) ඥානය වෙයි: “ජාතිය ගෙවිණ, මඟබඹසර වැස නිමවනලදී. සිවුමඟ කරණී කරන ලද, මේ රහත්බව සඳහා අන් කිසෙහි නැතැ” යි දනී යයි.
1. 1. 2. 2.
දුක්ඛ සූත්‍රය
13. සැවැත්නුවර–
මහණෙනි, රූපය දුක් යැ, වේදනාව දුක් යැ, සංඥාව දුක් යැ, සංස්කාර දුක් යැ, විඥානය දුක යි. මහණෙනි, මෙසේ (විදසුන් නුවණින්) දක්නා … මේ රහත් බව සඳහා අන් කිසෙක් නැතැයි දනී යයි.
1. 1. 2. 3.