4. 17. 120.
උද්ධම්භාගිය සූත්‍රය
2210. මහණෙනි, මේ උද්ධම්භාගියසංයෝජන පසෙකි. කවර පසෙක් ද යත්: “රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා” යි. මහණෙනි, මොහු පස් උද්ධම්භාගිය සංයෝජනයෝ යි. මහණෙනි, මේ පස් උද්ධම්භාගියසංයෝජනයන් ප්‍රහීණ කිරීම පිණිස පසිඳුරෝ වැඩියයුත්තාහ. කවර පසිඳුරෝ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නිවනට නැමුණක් නිවනට නැඹුරු වූවක් නිවනට බර වූවක් කොට සද්ධින්‍ද්‍රිය වඩයි ... නිවනට නැමුණක් නිවනට නැඹුරු වූවක් නිවනට බර වූවක් කොට පඤ්ඤින්‍ද්‍රිය වඩයි. මහණෙනි, මේ පස් උද්ධම්භාගියසංයෝජනයන් ප්‍රහීණ කිරීම පිණිස පසිඳුරෝ වැඩියයුත්තාහ යි.
(මෙහි දු කී නයින් ද අභිඥාවශයෙන් ද විතර කරන්නහු විසින් එක්සියවිසි සූත්‍රාන්ත කෙනෙන් දතයුත්තාහ.)
සතළොස්වැනි පුනඔඝවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
ඕඝ, යෝග, උපාදාන, ගන්‍ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්‍ධ, ඕරම්භාගිය, උද්ධම්භාගිය යි සූත්‍ර ද්වාදශක දශයෙකි. මුළුල්ල එක්සිය විස්සෙකි යි.
ඉන්‍ද්‍රියසංයුත්තය නිමි.
එහි වර්‍ගනාමාවලිය:
සුද්ධක, මුදුතර, ඡළින්‍ද්‍රිය වර්‍ගයෝ සුඛින්‍ද්‍රිය ජරාවර්‍ග දෙක සමග පසෙක් වේ. (නැවත) සූකරඛත, සම්බෝධි, ගඞ්ගාපෙය්‍යාල, අප්පමාද, බලකරණිය, ඒසනා, ඕඝවර්‍ගයෝ වෙති. ඔහු පුනගඞ්ගාපෙය්‍යාල ආදි පසත් සමග (ඉන්‍ද්‍රියසංයුත්තයෙහි) වර්‍ග සතළොසෙකි වේ යි.
5. සම්මප්පධාන සංයුත්තය
1. ගඞ්ගාපෙය්‍යාල වර්‍ගය
5. 1. 1.
පාචීනනින්න සූත්‍රය
2211. සැවැත්නුවර:
මහණෙනි, මේ සම්මප්පධාන සතරෙකි. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නූපන් ලාමක අකුසල් දහම් නූපදනා පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනී. ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙයි. උපන් ලාමක අකුසල් දහම් ප්‍රහීණ කිරීම පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙයි. නූපන් කුසල් දහම් ඉපදවීම පිණිය සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙයි. උපන් කුසල්දහමුන්ගේ පැවැත්ම පිණිස නුමුළාබව පිණිස බොහෝ බව පිණිස විපුලබව පිණිස වැඩීම පිණිස පිරීම පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙයි. මහණෙනි, මොහු සතර සම්මප්පධානයෝ යි.
මහණෙනි, යම්සේ ගඞ්ගානදී තොමෝ පෙරදිගට නැමුණි පෙරදිගට නැඹුරු වූවා පෙරදිගට බරවූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ තෙමේ සිවුසම්පදහන් වඩනුයේ සිවුසම්පදහන් බහුල කරනුයේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වෙයි. මහණෙනි, කෙසේ නම් මහණ තෙමේ සිවුසම්පදහන් වඩනුයේ සිවුසම්පදහන් බහුල කරනුයේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නූපන් ලාමක අකුසල් දහම් නූපදනා පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙයි. උපන් ලාමක අකුසල් දහම් ප්‍රහාණය පිණිස සඳ දනවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත දැඩි කොට ගනියි. ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙයි. නූපන් කුසල් දහම් උපදනා පිණිස සඳ දනවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත දැඩි කොට ගනියි, ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙයි. උපන් කුසල් දහමුන්ගේ පැවැත්ම නුමුළා බව බොහෝ බව විපුල බව වැඩීම පිණිස පිරීම පිණිස සඳ දනවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත දැඩි කොට ගනියි, ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙයි. මහණෙනි, මෙසේ මහණ තෙමේ සිවුසම්පදහන් වඩනුයේ සිවුසම්පදහන් බහුල කරනුයේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ යි.
5. 1. 2. - 48
දුතිය පාචීනනින්නාදි සූත්‍ර
2212-2258. මහණෙනි, මේ සම්පදහන් සතරෙකි. කවර සතරෙක් ද යත්: ... නිවනට බර වූයේ වේ යි.
(කී නයින් විතර කටයුතු.)
පළමුවැනි ගඞ්ගාපෙය්‍යාලය යි.
එහි සූත්‍රනාමාවලිය:
පාචීනනින්නසූත්‍ර චතුෂ්ක සයෙකි. සමුද්දනින්න චතුෂ්ක ද සයෙකි. මේ ෂට්ක දෙක චතුෂ්ක දොළොසෙක් වේ. එයින් වර්‍ග යි කියනු ලැබේ. සූත්‍ර මුළුල්ල අටසාලිසෙකි යි.
2. අප්පමාද වර්‍ගය
5. 2. 1-40.
තථාගතාදි සූත්‍ර
2259-2298. මහණෙනි, අපා වූ ද දෙපා වූ ද සිවුපා වූ ද බහුපා වූ ද යම්තාක් සත්‍වයෝ වෙද්ද ... බහුල කෙරේ යි.
(කියන ලද නයින් විතර කටයුතු.)
දෙවෙනි අප්පමාදවර්‍ගය යි.
එහි සූත්‍රනාමාවලිය:
තථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්‍දිම, සුරිය, වත්‍ථ යී සූත්‍ර චතුෂ්ක දශයෙකි. මුළුල්ල සාලිසෙකි යි.
3. බලකරණීය වර්‍ගය
5. 3. 1-48.
බලාදි සූත්‍ර
2299-2346. මහණෙනි, යම්යේ යම් කිසි බලකරණිය කර්‍මාන්තයෝ කරනු ලැබෙත් ද, ඒ සියල්ලෝ පොළොව නිසා පොළොවෙහි පිහිටා මෙසේ මේ බලකරණිය කර්‍මාන්තයෝ කරනු ලැබෙත්. මහණෙනි, එසෙයින් ම මහණ තෙමේ ශීලය නිසා ශීලයෙහි පිහිටා සිවුසම්පදහන් වඩයි. සිවුසම්පදහන් බහුල කෙරෙයි. මහණෙනි, කෙසේ නම් මහණ තෙමේ ශීලය නිසා ශීලයෙහි පිහිටා සිවුසම්පදහන් වඩා ද, සිවුසම්පදහන් බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නූපන් ලාමක අකුසල්දහම් නූපදනා පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි. උපන් ලාමක අකුසල් දහම් පහකරනු පිණිස ... නූපන් කුසල්දහම් ඉපදවීම පිණිස ... උපන් කුසල්දහමුන්ගේ පැවැත්ම නුමුළා බව බොහෝ බව විපුල බව වැඩීම පිරීම පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි. මහණෙනි, මෙසේ මහණ තෙමේ ශීලය නිසා ශීලයෙහි පිහිටා සිවුසම්පදහන් වඩයි. සිවුසම්පදහන් බහුල කෙරේ යි ... බහුල කෙරේ යි.
(මෙසේ අටසාලිස් සූත්‍රාන්තයෝ විතර කටයුත්තාහ.)
තෙවෙනි බලකරණියවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
බල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස යි සූත්‍ර චතුෂ්ක සතෙකි. මේඝ චතුෂ්ක දෙකෙකි. නාවා, ආගන්තුක, නදී යි චතුෂ්ක තුනෙකි යි මෙසේ චතුෂ්ක දොළොසෙකි. සූත්‍ර මුළුල්ල අටසාලිසෙකි යි.
4. ඒසනා වර්‍ගය
5. 4. 1-160.
එසනාදි සූත්‍ර
2347-2506. මහණෙනි, මේ ඒසනා තුනෙකි. කවර තුනෙක් ද යත්: කාමේසනා භවේසනා බ්‍රහ්මචරියේසනා යි. මහණෙනි, මේ තුන් ඒසනා යි. මහණෙනි, මේ තුන් ඒසනාවන් වෙසෙසින් දැනුම පිණිස සිවුසම්පදහන් වැඩියයුතු. කවර සිවුසම්පදහන්හු ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නූපන් ... උපන් කුසල්දහමුන්ගේ පැවැත්ම නුමුළා බව බොහෝ බව විපුල බව වැඩීම පිරීම පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි. මහණෙනි, මේ තුන් ඒසනාවන් වෙසෙසින් දැනුම පිණිස මේ සිවුසම්පදහන් වැඩිය යුතු යි ... වැඩියයුතු යි.
(මෙසේ අභිඤ්ඤාය පරිඤ්ඤාය පරික්ඛයාය පහානාය යි ද එකෙක සොළොස සොළොස කොට එක්සිය සැට සූත්‍රාන්ත කෙනෙක් විතර කටයුතුවහ.)
සිවුවැනි ඒසනාවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
ඒසනා, විධා, ආසව, භව, දුක්ඛතා, ඛීල, මල, නීඝ, වේදනා, තණ්හා යී සූත්‍ර ෂෝඩශක දශයෙකි. මුළුල්ල එක්සිය සැටෙකි යි.
5. ඕඝ වර්‍ගය
5. 5. 1-159.
ඕඝාදි සූත්‍ර
2507-2665. මහණෙනි, මේ ඕඝ සතරෙකි ... වැඩිය යුත්තාහ යි. (විතර කටයුතු.)
5. 5. 160.
උද්ධම්භාගිය සූත්‍රය
2666. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පසෙකි. කවර පසෙක් ද යත්: රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා යි. මහණෙනි, මොහු පස් උද්ධම්භාගිය සංයෝජනයෝ යි. මහණෙනි, මේ පස් උද්ධම්භාගිය සංයෝජනයන් පහකරනු පිණිස සිවුසම්පදහන් වැඩියයුතු. කවර සිවුසම්පදහන්හු ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නූපන් ලාමක අකුසල් දහම් නූපදනා පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි. උපන් අකුසල්දහම් පහකරනු පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි. නූපන් කුසල්දහම් ඉපදවීම පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි. උපන් කුසල්දහමුන්ගේ පැවැත්ම නුමුළා බව බොහෝ බව විපුල බව වැඩීම පිරීම පිණිස සඳ දනවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි. මහණෙනි, මේ පස් උද්ධම්භාගිය සංයෝජනයන් ප්‍රහාණය පිණිස මේ සිවුසම්පදහන්හු වැඩියයුත්තාහ යි.(කියන ලද නයින් ම එක්සියසැට සූත්‍රාන්තයෝ විතර කටයුතුවහ.)
පස්වැනි ඕඝවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
ඕඝ, යෝග, උපාදාන, ගන්‍ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්‍ධ, ඕරම්භාගිය, උද්ධම්භාගිය, යී ෂෝඩශක දශයෙකි. සූත්‍ර මුළුල්ල එක්සිය සැටෙකි යි.
සම්මප්පධානසංයුත්තය නිමි.
එහි වර්‍ගනාමාවලිය:
ගඞ්ගාපෙය්‍යාල, අප්පමාද, බලකරණීය, ඒසනා, ඕඝ යී සම්මප්පධාන සංයුත්තයෙහි වර්‍ග පසෙක් ම වේ යි.
6. බල සංයුත්තය
1. ගඞ්ගාපෙය්‍යාල වර්‍ගය
6. 1. 1-12.
පාචීනනින්නාදි සූත්‍රය
2667-2678. සැවැත්නුවර
මහණෙනි, මේ බල පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධාබල විරියබල සතිබල සමාධිබල පඤ්ඤාබල යී. මහණෙනි, මේ බල පස යි. මහණෙනි, යම්සේ ගඞ්ගානදී තොමෝ පැදුම්දිගට නැමුණි පැදුම්දිගට නැඹුරු වූවා පැදුම්දිගට බර වූවා වේ ද මහණෙනි, එසෙයින් ම මහණ තෙමේ පස්බල වඩන්නේ පස්බල බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වෙයි. මහණෙනි, කෙසේ නම් මහණ තෙමේ පස්බල වඩන්නේ පස්බල බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට සද්ධාබලය වඩයි. විරියබලය ... සතිබලය ... සමාධිබලය ... විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට පඤ්ඤාබලය වඩයි. මහණෙනි, මෙසේ මහණ තෙමේ පස්බල වඩන්නේ පස්බල බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ යි ... නිවනට බර වූයේ වේ යි.
පළමුවැනි ගඞ්ගාපෙය්‍යාලවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
පාචීනනින්න සූත්‍ර සයෙකි. සමුද්දනින්න සූත්‍ර ද සයෙකි. මේ ෂට්ක දෙක දොළොසක් වේ. එයින් වර්‍ග යි කියනු ලැබේ යි.
2. අප්පමාද වර්‍ගය
6. 2. 1-10.
තථාගතාදි සූත්‍ර
2679-2688. මහණෙනි, අපා වූ ද දෙපා වූ ද ... යම්තාක් සත්‍වයෝ වෙද්ද ... බහුල කෙරේ යි.
(විවේකනිස්සිතාදි විසින් විතර තටයුත්තාහ.)
දෙවෙනි අප්පමාදවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
තථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්‍දිම, සුරිය, වත්‍ථ යි දශ සූත්‍රාන්ත කෙනෙකි යි.
3. බලකරණීය වර්‍ගය
6. 3. 1-12.
බලාදි සූත්‍ර
2689-2700. මහණෙනි, යම්සේ යම්කිසි බලකරණීය කර්‍මාන්තයෝ ... බහුල කෙරේ යි.
(කී නයින් විතර කටයුතුවහ.)
තෙවෙනි බලකරණීයවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
බල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස යී සතෙකි. මේඝ සූත්‍ර දෙකෙකි. නාවා, ආගන්තුක, නදී යි තුනෙකි. දොළොස් සුතුරෙකි යි.
4. ඒසනා වර්‍ගය
6. 4. 1-40.
එසනාදි සූත්‍ර
2701-2740. මහණෙනි, මේ ඒසනා තුනෙකි. කවර තුනෙක් ද යත්: ... වැඩිය යුත්තාහ යි.
(විතර කටයුත්තාහ.)
සිවුවැනි ඒසනාවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
ඒසනා, විධා, ආසව, භව, දුක්ඛතා, ඛීල, මල, නීඝ, වේදනා, තණ්හා යි චතුෂ්ක දශයෙකි. සූත්‍ර සාලිසෙකි යි.
5. ඕඝ වර්‍ගය
6. 5. 1-39.
ඕඝාදි සූත්‍ර
2741-2779. මහණෙනි, මේ ඕඝ සතරෙකි. කවර සතරෙක් ද යත්: ... වැඩියයුත්තාහ යි.
6. 5. 40.
උද්ධම්භාගිය සූත්‍රය