එහි සූත්‍රනාමාවලිය:
පාචීනනින්නසූත්‍ර සයෙකි. සමුද්දනින්නසූත්‍ර ද සයෙකි. මේ ඡක්ක දෙක දොළොස් සූත්‍ර කෙනෙක් වෙත්. එයින් වර්‍ග යයි කියනු ලැබේ යි.
12. චතුත්‍ථ ගඞ්ගාපෙය්‍යාලය
1. 12. 1.
පාචීනනින්න සූත්‍රය
127. මහණෙනි, යම්සේ ගඞ්ගා නම් ගඟ පැදුන්දිගට නැමුණී පැදුන් දිගට නැඹුරු වූවා පැදුන්දිගට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ අරීඅටඟිමඟ වඩනුයේ අරීඅටඟිමඟ බහුල කරනුයේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වෙයි. මහණෙනි, මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩනුයේ අරීඅටඟිමඟ බහුල කරනුයේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නිවනට නැමුණු නිවනට නැඹුරු වූ නිවනට බරවූ සම්‍යග්දෘෂ්ටිය වඩයි ... නිවනට නැමුණු නිවනට නැඹුරු වූ නිවනට බර වූ සම්‍යක්සමාධිය වඩයි. මහණෙනි, මහණ තෙමේ මෙසේ අරීඅටඟිමඟ වඩනුයේ, අරීඅටඟිමඟ බහුල කරනුයේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ යයි.
1. 12. 2.
දුතිය පාචීනනින්න සූත්‍රය
128. මහණෙනි, යම්සේ යමුනා නදිය පැදුන්දිගට නැමුණී පැදුන්දිගට නැඹුරු වූවා පැදුන්දිගට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ … නිවනට බර වූයේ වේ යයි.
1. 12. 3.
තතිය පාචීනනින්න සූත්‍රය
129. මහණෙනි, යම්සේ අචිරවතී නදිය පෙරදිගට නැමුණී පෙරදිගට නැඹුරු වූවා පෙරදිගට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ … නිවනට බර වූයේ වේ යයි.
1. 12. 4.
චතුත්‍ථ පාචීනනින්න සූත්‍රය
130. මහණෙනි, යම්සේ සරභූ නදිය පෙරදිගට නැමුණී පෙරදිගට නැඹුරු වූවා පෙරදිගට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ … නිවනට බර වූයේ වේ යයි.
1. 12. 5.
පඤ්චම පාචීනනින්න සූත්‍රය
131. මහණෙනි, යම්සේ මහී නදිය පෙරදිගට නැමුණී පෙරදිගට නැඹුරු වූවා පෙරදිගට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ … නිවනට බර වූයේ වේ යයි.
1. 12. 6.
ඡට්ඨ පාචීනනින්න සූත්‍රය
132. මහණෙනි, යම් කිසි මහානදීහු ඇද්ද ඔහු කවරහ: ගඞ්ඟා යමුනා අචිරවතී සරභූ මහී යන නදීහු යි. යම්සේ ඒ සියල්ලෝ පෙරදිගට නැමුණාහු පෙරදිගට නැඹුරු වූවාහු පෙරදිගට බර වූවාහු වෙද්ද, මහණෙනි, එසෙයින් ම මහණ අරීඅටඟිමඟ වඩනුයේ අරීඅටඟිමඟ බහුල කරනුයේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වෙයි. මහණෙනි, මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩනුයේ අරීඅටඟිමඟ බහුල කරනුයේ නිවනට නැමුණේ නිවනට නැඹුරුවූයේ නිවනට බරවූයේ වේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ නිවනට නැමුණු නිවනට නැඹුරු වූ නිවනට බර වූ සම්මාදිට්ඨිය වඩයි ... නිවනට නැමුණු නිවනට නැඹුරු වූ නිවනට බර වූ සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ අරීඅටඟිමඟ වඩනුයේ අරීඅටඟිමඟ බහුල කරනුයේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ යයි.
1. 12. 7.
සමුද්දනින්න සූත්‍රය
133. මහණෙනි, යම්සේ ගඞ්ඟා නදිය මුහුදට නැමුණී මුහුදට නැඹුරු වූවා මුහුදට බර වූවා වේ ද මහණෙනි, එසෙයින් ම මහණ අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වෙයි. මහණෙනි, මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ නිවනට නැමුණු නිවනට නැඹුරු වූ නිවනට බර වූ සම්මාදිට්ඨිය වඩයි ... නිවනට නැමුණු නිවනට නැඹුරු වූ නිවනට බර වූ සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ යයි.
1. 12. 8.
දුතිය සමුද්දනින්න සූත්‍රය
134. මහණෙනි, යම්සේ යමුනා නදිය මුහුදට නැමුණී මුහුදට නැඹුරු වූවා මුහුදට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ තෙමේ … නිවනට බර වූයේ වේ යයි.
1. 12. 9.
තතිය සමුද්දනින්න සූත්‍රය
135. මහණෙනි, යම්සේ අචිරවතී නදිය මුහුදට නැමුණී මුහුදට නැඹුරු වූවා මුහුදට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ … නිවනට බර වූයේ වේ යයි.
1. 12. 10.
චතුත්‍ථ සමුද්දනින්න සූත්‍රය
136. මහණෙනි, යම්සේ සරභූ නදිය මුහුදට නැමුණී මුහුදට නැඹුරු වූවා මුහුදට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ … නිවනට බර වූයේ වේ යයි.
1. 12. 11.
පඤ්චම සමුද්දනින්න සූත්‍රය
137. මහණෙනි, යම්සේ මහී නදිය මුහුදට නැමුණී මුහුදට නැඹුරු වූවා මුහුදට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ … නිවනට බර වූයේ වේ යයි.
1. 12. 12.
ඡට්ඨ සමුද්දනින්න සූත්‍රය
138. මහණෙනි, යම් කිසි මහානදීහු ඇද්ද ඔහු කවරහ: ගඞ්ඟා යමුනා අචිරවතී සරභූ මහී යන නදීහු යි. යම්සේ ඒ සියල්ලෝ මුහුදට නැමුණාහු මුහුදට නැඹුරු වූවාහු මුහුදට බර වූවාහු වෙත් ද, මහණෙනි, එසෙයින් ම මහණ අරීඅටඟිමඟ වඩනුයේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වෙයි. මහණෙනි, මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බරවූයේ වේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ නිවනට නැමුණු නිවනට නැඹුරු වූ නිවනට බර වූ සම්මාදිට්ඨිය වඩයි ... නිවනට නැමුණු නිවනට නැඹුරු වූ නිවනට බර වූ සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ යයි.
දොළොස්වැනි චතුත්‍ථ ගඞ්ඟා පෙය්‍යාලය යි.
එහි සූත්‍රනාමමාලාව:
පාචීනනින්න සුතුරු සයෙකි. සමුද්දනින්න සුතුරු ද සයෙකි. මේ ඡක්ක දෙක දොළොස්සුතුරෙක් වේ. එයින් වර්‍ග යයි කියනු ලැබේ යයි.
13. අප්පමාද වර්‍ගය
1. 13. 1.
තථාගත සූත්‍රය
139. සැවැත්නුවර:
මහණෙනි, පා නැත්තා වූ ද දෙපා ඇත්තා වූ ද සිවුපා ඇත්තා වූ ද බොහෝ පා ඇත්තා වූ ද රූ ඇත්තා වූ ද රූ නැත්තා වූ ද සඤ්ඤා ඇත්තා වූ ද සඤ්ඤා නැත්තා වූ ද නේවසඤ්ඤිනාසඤ්ඤි වූ ද යම්තාක් සත්‍වයෝ වෙද්ද තථාගත වූ අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේ ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබෙත්. මහණෙනි, එසෙයින් ම යම් කිසි කුසල්දහම්හු වෙත් නම් ඒ සියල්ලෝ අප්‍රමාදය මුල් කොට ඇතියහ. අප්‍රමාදය සමග පවත්නාහ. අප්‍රමාදය ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේය, අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය නොපමා මහණහු විසින් කැමති වියයුතු යි.
මහණෙනි, නොපමා මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩා ද අරීඅටඟිමඟ බහුල කෙරේද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමෙනසුලු සම්‍යග්දෘෂ්ටිය වඩයි ... විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමෙනසුලු සම්‍යක්සමාධිය වඩයි. මහණෙනි, නොපමා මහණ මෙසේ අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරේ යයි.
1. 13. 2.
දුතිය තථාගත සූත්‍රය
140. මහණෙනි, පා නැත්තා වූ ද දෙපා ඇත්තා වූ ද සිවුපා ඇත්තා වූ ද බොහෝ පා ඇත්තා වූ ද රූ ඇත්තා වූ ද රූ නැත්තා වූ ද සඤ්ඤා ඇත්තා වූ ද සඤ්ඤා නැත්තා වූ ද නේවසඤ්ඤිනාසඤ්ඤි වූ ද යම්තාක් සත්‍වයෝ වෙත් නම් තථාගත අර්‍හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබෙත්. මහණෙනි, එසෙයින් ම යම් කිසි කුසල්දහම්හු වෙත් නම් ඒ සියල්ලෝ අප්‍රමාදය මුල් කොට ඇතියහ. අප්‍රමාදය සමග පවත්නාහ. අප්‍රමාදය ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේ ය අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය නොපමා මහණහු විසින් කැමති වියයුතු යි. මහණෙනි, නොපමා මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩා ද අරීඅටඟිමඟ බහුල කෙරේද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ රාගවිනය පර්‍ය්‍යවසාන වූ ද්වේෂවිනය පර්‍ය්‍යවසාන වූ මෝහවිනය පර්‍ය්‍යවසාන වූ සම්මාදිට්ඨිය වඩයි ... රාගවිනය පර්‍ය්‍යවසාන වූ ද්වේෂවිනය පර්‍ය්‍යවසාන වූ මෝහ විනය පර්‍ය්‍යවසාන වූ සම්මාසමාධිය වඩයි. මහණෙනි, නොපමා මහණ මෙසේ අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරේ යයි.
1. 13. 3.
තතිය තථාගත සූත්‍රය
141. මහණෙනි, අපා වූ ද දෙපා වූ ද සිව්පා වූ ද බහුපා වූ ද රූපී වූ ද අරූපී වූ ද සඤ්ඤි වූ ද අසඤ්ඤා වූ ද නේවසඤ්ඤිනාසඤ්ඤි වූ ද යම්තාක් සත්‍වයෝ වෙත් නම් තථාගත අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේ ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබෙත්. මහණෙනි, එසෙයින් ම යම්කිසි කුසල්දහම්හු වෙත් නම් ඒ සියල්ලෝ අප්‍රමාදය මුල් කොට ඇතියහ. අප්‍රමාදය සමග පවත්නාහ. අප්‍රමාදය ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේ ය අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය නොපමා මහණහු විසින් කැමති වියයුතු යි. මහණෙනි, නොපමා මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩා ද අරීඅටඟිමඟ බහුල කෙරේද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නිවනට ඇතුළත් වූ නිවන පිහිට කොට ඇති නිවන කෙළවර කොට ඇති සම්මාදිට්ඨිය වඩයි ... නිවනට ඇතුළත් වූ නිවන පිහිට කොට ඇති නිවන කෙළවර කොට ඇති සම්මාසමාධිය වඩයි. මහණෙනි, නොපමා මහණ මෙසේ අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරේ යයි.
1. 13. 4.
චතුත්‍ථ තථාගත සූත්‍රය
142. මහණෙනි, අපාදක වූ ද දෙපා වූ ද සිව්පා වූ ද බහුපා වූ ද රූපී වූ ද අරූපී වූ ද සඤ්ඤි වූ ද අසඤ්ඤි වූ ද නේවසඤ්ඤිනාසඤ්ඤී වූ ද යම්තාක් සත්ත්‍වයෝ වෙත් නම් තථාගත අර්‍හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබෙත්. මහණෙනි, එසෙයින් ම යම්කිසි කුසල්දහම්හු වෙත් නම් ඒ සියල්ලෝ අප්‍රමාදය මුල් කොට ඇතියහ. අප්‍රමාදය සමග පවත්නාහ. අප්‍රමාදය ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේ ය අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය නොපමා මහණහු විසින් කැමති වියයුතු යි. මහණෙනි, නොපමා මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩා අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නිවනට නැමුණු නිවනට නැඹුරු වූ නිවනට බරවූ සම්මාදිට්ඨිය වඩයි ... නිවනට නැමුණු නිවනට නැඹුරු වූ නිවනට බර වූ සම්මාසමාධිය වඩයි. මහණෙනි, නොපමා මහණ තෙමේ මෙසේ අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරේ යයි.
1. 13. 5-8.
පද සූත්‍ර
143-146. මහණෙනි, යම්සේ ඇවිදිනසතුන්ගේ යම් කිසි පා සටහන්හු වෙද්ද, ඒ සියල්ලෝ ඇත්පියෙහි ඇතුළත්වීමට යෙත්, ඇත්පිය මහත් බැවින් ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම යම් කිසි කුසල්දහම්හු වෙත් නම් ඒ සියල්ලෝ අප්‍රමාදය මුල් කොට ඇතියහ. අප්‍රමාදය සමග පවත්නාහු අප්‍රමාදය ඔවුන්ට අග්‍රයයි කියනු ලැබේ. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේය, අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය නොපමා මහණහු විසින් කැමති වියයුතු යි … බහුල කෙරේ යයි.
(තථාගත සූත්‍ර මෙන් විස්තර කටයුතු යි)
1. 13. 9-12.
කූට සූත්‍ර
147-150 මහණෙනි, යම්සේ කුළුගෙයක යම් කිසි ගොනැස්හු (-පරාල) වෙත් නම් ඒ සියල්ලෝ මුදුනට ගියාහු මුදුනට නැමුණාහු මුදුන සමග පවත්නාහු වෙති. මුදුන ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම යම් කිසි කුසල්දහම්හු … බහුල කෙරේ යයි.
1. 13. 13-16.
මූල සූත්‍ර
151-154. මහණෙනි, යම්සේ යම්කිසි මුල්ගඳහු වෙද්ද කළුඅගිල් ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම … බහුල කෙරේ යයි.
1. 13. 17-20.
සාර සූත්‍රය
155-158. මහණෙනි, යම්සේ යම් කිසි හර ගඳහු වෙද්ද, රත්සඳුන් ඔවුන්ට අග්‍ර ය යි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම … බහුල කෙරේ යයි.
1. 13. 21-24.
වස්සික සූත්‍ර
159-162. මහණෙනි, යම්සේ යම් කිසි මල්ගඳහු වෙද්ද දෑසමන් ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම ... බහුල කෙරේ යයි.
1. 13. 25-28.
රාජ සූත්‍ර
163-166. මහණෙනි, යම්සේ යම් කිසි කුඩාරජහු වෙද්ද, ඒ සියල්ලෝ සක්විතිරජුට අනුව යන්නෝ වෙති සක්විති රජ ඔවුනට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම … බහුල කෙරේ යයි.
1. 13. 29-32.
චන්‍දිම සූත්‍ර
167-170. මහණෙනි, යම්සේ තරු පිළිබඳ යම් කිසි එළියක් වේ ද, ඒ සියල්ල සඳඑලියෙහි සොළොස්වෙනි කලාවෙන් කලාවකුත් නො අගී. සඳරැස් ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම ... බහුල කෙරේ යයි.
1. 13. 33-36.
සුරිය සූත්‍ර
171-174. මහණෙනි, ශරත්කල්හි පහ ව ගිය වලාකුළු ඇති වැස්ස නැවති කල්හි හිරු අහසට නැගෙනුයේ අහසෙහි වූ සියලු අඳුර වෙසෙසින් නසා යම්සේ දිලිසේ ද, තවා ද, බබළා ද, මහණෙනි, එසෙයින් ම ... බහුල කෙරේ යයි.
1. 13. 37-40.
වත්‍ථු සූත්‍ර
175-178. මහණෙනි, යම්සේ නූලින් වියන ලද යම් කිසි වස්ත්‍ර වේ ද, කසීවත ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම යම් කිසි කුසල්දහම්හු වෙද්ද, ඒ සියල්ලෝ අප්‍රමාදය මුල් කොට ඇතියහ. අප්‍රමාදය සමග පවත්නාහ. අප්‍රමාදය ඔවුනට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේ ය, අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය නොපමා මහණහු විසින් කැමති වියයුතුයි. මහණෙනි, නොපමා මහණ තෙමේ කෙසේ නම් අරීඅටඟිමඟ වඩා ද, අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත වූ විරාගනිස්සිත වූ නිරෝධනිස්සිත වූ නිවනට නැමෙන සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, නොපමා මහණ තෙමේ මෙසේ අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරේ යයි.
(සියල්ල සැවත ම නිදාන කොට ඇත.) (සියලු සූත්‍ර තථාගතසූත්‍ර මෙන් විස්තර කටයුතු).
තෙළෙස්වැනි අප්‍රමාද වර්‍ග යි.
එහි සූත්‍ර නාමාවලිය:
තථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්‍දිම, සූරිය යී චතුෂ්ක නවයෙකි. වත්‍ථ නමින් දශවන චතුෂ්ක පදය වේ. (වර්‍ගයෙහි සූත්‍රමුළුල්ල සාලිසෙකි)
14. බලකරණීය වර්‍ගය
1. 14. 1.
බල සූත්‍රය
179. සැවැත්නුවර:
මහණෙනි, යම්සේ කායබලයෙන් කළ යුතු යම් කිසි කර්‍මාන්තයෝ කරනු ලැබෙද්ද, ඒ සියල්ලෝ පොළොව නිසා පොළොවෙහි පිහිටා මෙසේ මේ බලකරණීය කර්‍මාන්තයෝ කරනු ලැබෙත්. මහණෙනි, එසෙයින් ම මහණ තෙමේ ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරෙයි. මහණෙනි, මහණ කෙසේ නම් ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩා ද අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට පිරිනැමෙන සම්මාදිට්ඨිය වඩයි. විවේකය ඇසුරුකළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට පිරිනැමෙන සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමග බහුල කෙරේ යයි.
1. 14. 2.
දුතියබල සූත්‍රය
180. මහණෙනි, යම්සේ කාය බලයෙන් කළයුතු යම් කිසි කර්‍මාන්තයෝ කරනු ලැබෙද්ද, ඒ සියල්ලෝ පොළොව නිසා පොළොවෙහි පිහිටා මෙසේ මේ බලකරණීය කර්‍මාන්තයෝ කරනු ලැබෙත්. මහණෙනි එසෙයින් ම මහණ ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරෙයි. මහණෙනි, මහණ කෙසේ නම් ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩාද, අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ රාගවිනය පර්‍ය්‍යාවසාන වූ දෝසවිනය පර්‍ය්‍යාවසාන වූ මෝහවිනය පර්‍ය්‍යාවසාන වූ සම්මාදිට්ඨිය වඩයි ... රාගවිනය පර්‍ය්‍යාවසාන දෝසවිනය පර්‍ය්‍යාවසාන වූ මෝහවිනය පර්‍ය්‍යාවසාන වූ සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩයි. අරිඅටඟිමග බහුල කෙරේ යයි.
1. 14. 3.
තතිය බල සූත්‍රය
181. මහණෙනි, යම්සේ කායබලයෙන් කළයුතු යම් කිසි කර්‍මාන්තයෝ කරනු ලැබෙද්ද, ඒ සියල්ලෝ පොළොව නිසා පොළොවෙහි පිහිටා මෙසේ මේ බලකරණීය කර්‍මාන්තයෝ කරනු ලැබෙත්. මහණෙනි, එසෙයින් ම මහණ ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරෙයි. මහණෙනි, මහණ කෙසේ නම් ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩාද, අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නිවනට ඇතුළත් වූ නිවන පිහිටකොට ඇති, නිවන කෙළවර කොට ඇති සම්මාදිට්ඨිය වඩයි ...