තෙ චෙ නාතරිංසු යාජයොගා යනු: ඒ යඥයාජක වූ යාගයෙහි යෙදුණු භවරාගයෙහි ඇලුණාහු ජාතිජරා මරණය තරණ- උත්තරණ- ප්‍රතරණ- සමතික්‍රමණ- ව්‍යතික්‍රමණ- නො කළාහු යැ. ජාති ජරා මරණයෙන් නො නික්මුණාහු බැහැර නො වූවාහු නො ඉක්මගියාහු මොනොවට නො ඉක්ම ගියාහු නො ඉක්ම පැවැත්තාහු ඇතුළු ජරාමරණයෙහි පෙරළෙති.
ඇතුළු සසරමඟ පෙරළෙති. ජාතියට පිවිසියාහු ජරායෙන් පතළාහු ව්‍යාධියෙන් මැඩුණාහු මරණයෙන් පහරන ලද්දාහු රක්‍ෂා විරහිත වූවාහු නිලීයනස්ථාන රහිත වූවාහු අසරණ වූවාහු තමහට ප්‍රතිෂ්ඨා නො කරන්නාහු යයි ‘තෙ චෙ නාතරිංසු යාජයොගා’ යනු වේ. ඉච්චායස්මා පුණ්ණකො යනු: ඉච්චා’ යනු: පද සන්‍ධි යැ ... ආයස්මා පුණ්ණකො යනු වේ.
යඤ්ඤෙහි ජාතිඤ්ච ජරඤ්ච මාරිස යනු: යඤ්ඤෙහි යනු: යාගයන් කරණ කොට බොහෝ වූ යාගයන් කරණකොට විවිධයාගයන් කරණ කොට මහත් වූ යාගයන් කරණ කොට, මාරිස යනු: තෙල ‘මාරිස’ යනු: ප්‍රියවචන යැ ගරුවචන යැ සගෞරව සප්‍රතිශ්‍රයනාම යැ යි ‘යඤ්ඤෙහි ජාතිඤ්ච ජරඤ්ච මාරිස’ යනු වේ.
අථ කො චරහි දෙවමනුස්සලොකෙ අතාරි ජාතිඤ්ච ජරඤ්ච මාරිස යනු: එකල්හි තෙල කවරෙක් දෙවියන් සහිත ලෝකයෙහි මරුන් සහිත බඹුන් සහිත මහණ බමුණන් සහිත දෙව්මිනිසුන් සහිත සත්ත්‍වලෝකයෙහි ජාති ජරාමරණය තරණය කෙළේ ද? උත්තරණය කෙළේ ද? ප්‍රතරණය කෙළේ ද? සමතික්‍රමණය කෙළේ ද? ඉක්ම පැවැත්තේ ද? මාරිස යනු: තෙල මාරිස යනු ප්‍රියවචන යැ ගරුවචන යැ සගෞරව සප්‍රතිශ්‍රයාධිවචන ‘අථ කො චරහි දෙවමනුස්සලොකෙ අතාරි ජාතිඤ්ච ජරඤ්ච මාරිස’ යනු වේ.
පුච්ඡාමි තං භගවා බ්‍රෑහි මෙතං යනු: පුච්ඡාමි තං යනු: මුඹ වහන්සේ විචාරමි මුඹ වහන්සේ අයදිමි මුඹ වහන්සේ අනවමි. මුඹ වහන්සේ පහදවමි. තෙල මට වදාළ මැනැව නුයි ‘පුච්ඡාමි තං’ යනු වේ. භගවා යනු: තෙල ‘භගවා’ යනු: ගෞරවනාම යැ ... සාක්‍ෂාත් ප්‍රඥප්ති යැ. බ්‍රෑහි මෙතං යනු: කිව මැනැව, පැවැසුව මැනැව, දෙසුව මැනැව, පැනැවුව මැනැව, පිහිටුව මැනැව, විවෘත කළ මැනැව, විභාග කළ මැනැව, නො ගැඹුරු කළ මැනැව, ප්‍රකාශ කළ මැනැව නුයි ‘පුච්ඡාමි තං භගවා බ්‍රෑහි මෙතං’ යනු වේ.
එයින් කී යැ ඒ බමුණු:
“තෙ චෙ නාතරිංසු යාජයොගා ... පුච්ඡාමි තං භගවා බ්‍රෑහි මෙතං” යි.
3. 6.
(බුදුහු මෙසේ වදාළහ: “පුණ්ණකය,) සත්ලොවැ (පරාත්මභාව ස්වාත්මභාවාදි) පරාවරයන් නුවණින් විමසා (දත්) යම් ක්‍ෂීණාස්‍රවයක්හට ලොවැ කිසි තැනෙක්හි ඉඤ්ජිතයෙක් නැද්ද, (කෙලෙස් සන්හිඳීමෙන්) ශාන්ත වූ (කායදුශ්චරිතාදි) ධූම විරහිත වූ (රාගාදී) උපද්‍රව රහිතවූ ආශා රහිතවූ ඒ ක්‍ෂීණාස්‍රව තෙම ජාති ජරා තරණය කෙළේ යයි කියමි”යි.
සඞ්ඛාය ලෝකස්මිං පරොවරානි යනු: ‘සඞ්ඛා’යි ඥානය කියනු ලැබෙයි. යම් ප්‍රඥාවක් ජ්‍රජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද එයයි.
පරොවරාති යනු: ස්වාත්මභාවය ‘ඔර’ යයි කියනු ලැබෙයි, පරාත්මභාවය ‘පර’ යයි කියනු ලැබෙයි, තමාගේ රූප-වේදනා-සංඥා-සංස්කාර-විඥානය ‘ඔර’ යයි කියනු ලැබෙයි, මෙරමා ගේ රූප-වේදනා-සංඥා-සංස්කාර-විඥානය ‘පර’ යයි කියනු ලැබෙයි, ආධ්‍යාත්මික ෂඩායතනය ‘ඔර’ යයි කියනු ලැබෙයි, බාහිර ෂඩායතනය ‘පර’ යයි කියනු ලැබෙයි, මනුෂ්‍යලෝකය ‘ඔර’ යයි කියනු ලැබෙයි, දිව්‍යලොකය ‘පර’ යයි කියනු ලැබෙයි, කාමධාතුව ‘ඔර’ යයි කියනු ලැබෙයි, රූපධාතු අරූපධාතු ‘පර’ යයි කියනු ලැබෙයි, කාමධාතු රූපධාතු ‘ඔර’ යයි කියනු ලැබෙයි, අරූපධාතු ‘පර’ යයි කියනු ලැබෙයි, ‘සඞ්ඛාය ලෝකස්මිං පරොවරානි’ යනු: පරොවර (පරාවර) යන් අනිත්‍ය හෙයින් නුවණින් විමසා, දුඃඛ හෙයින්... රෝග හෙයින්-ගණ්ඩ හෙයින්... නිස්සරණ හෙයින් නුවණින් විමසා දැනැ, තුලනය කොට තීරණය කොට, විභාවන කොට ප්‍රකට කොට නුයි ‘සඞ්ඛාය ලෝකස්මිං පරොවරානි’ යනු වේ. පුණ්ණකා’ති භගවා යනු: ‘පුණ්ණක’යි බුදුහු එ බමුණු නමින් අමතති, ‘භගවා’ යනු: මේ භගවා යනු ගෞරව නාම යැ... සාක්‍ෂාත් ප්‍රඥප්ති නුයි ‘පුණ්ණකා’ති භගවා’ යනු වේ.
යසසිඤ්ජිතං නත්‍ථි කුහිඤ්චි ලෝකේ යනු: ‘යස්ස’ යනු අර්‍හත් ක්ෂීණාස්‍රවයනට ඉඤ්ජිතං යනු: තෘෂ්ණා ඉඤ්ජන (කම්පන) යැ දෘෂ්ටි ඉඤ්ජන යැ මාන ඉඤ්ජන යැ ක්ලේශ ඉඤ්ජන යැ කාම ඉඤ්ජනයි. යමක්හට මේ ඉඤ්ජනයෝ නැද්ද, නො වෙත් ද, විද්‍යමාන නො වෙත් ද, නො ලැබෙත් ද, ප්‍රහීණ ද, අ මුලුසුන් ද, සන්හිඳුණාහු ද, ප්‍රතිප්‍රශ්‍රබ්ධ ද, යළි උපදනුවට අභව්‍යයෝ ද, නැණ’ ගින් දැවුණාහු ද. කුහිඤ්චි යනු: අධ්‍යාත්ම වේවයි බාහ්‍ය වේවයි අධ්‍යාත්මබාහ්‍ය වේවයි කොහි කිසිවෙක්හි කිසි තැනෙකැ. ලෝකේ යනු: අපාය ලෝකයෙහි... ආයතන ලෝකයෙහි නුයි ‘යසසිඤ්ජිතං නත්‍ථි කුහිඤ්චි ලෝකේ’ යනු වේ.
සන්තෝ විධුමො අනීඝොනිරාසො අතාරිසො ජාතිජරඤ්ච බ්‍රෑමි යනු: සන්තෝ යනු: රාගය සන්හුන් බැවින් ශාන්ත යැ, ද්වේෂය-මෝහය-ක්‍රෝධය බද්ධවෛරය-මකු බව... සියලු අකුශල සංස්කාරයන් සන්හුන් බැවින් සන්හිඳුවනලද බැවින් ව්‍යුපශමනය කරනලද බැවින් නිවුණු බැවින් නිවෘත බැවින් විගත බැවින් ප්‍රතිප්‍රශ්‍රබ්ධ බැවින් ශාන්ත වූයේ උපශාන්ත වූයේ ව්‍යුපශාන්ත වූයේ නිවියේ ප්‍රතිප්‍රශ්‍රබ්ධ වූයේ නුයි ‘සන්තෝ’ යනු වේ.
විධුමො යනු: කායදුශ්චරිතය දුම් විරහිත කරනලද විධමනය කරනලද වියළනලද වෙසෙසින් වියළන ලද විගතාන්ත කරනලද වෙයි, වාග්දුශ්චරිතය- මනෝදුශ්චරිතය දුම් විරහිත කරන ලද විධමනය කරන ලද වියළන ලද වෙසෙසින් වියළන ලද විගතාන්ත කරන ලද වෙයි, රාගය-ද්වේෂය-මෝහය විධුමිත ශොෂිත විශොෂිත ව්‍යන්තීකෘත වෙයි, ක්‍රෝධය, බද්ධවෛරය, මකුබව, යුගග්‍රාහය ඊර්‍ෂ්‍යාව, මාත්සර්‍ය්‍යය, මායාව, සඨ බව ස්තම්භය (තද බව) කරණොත්තරීයකරණය, මානය, අතිමානය, මදය, ප්‍රමාදය, හැම කෙලෙස්, හැම දුසිරිත්, හැම දරථ, හැම පරිදාය, හැම සතැවුලි, හැම අකුශලාභිසංස්කාර ධූම විරහිත කරන ලද, විධමනය කරන ලද, වියළන ලද වෙසෙසින් වියළන ලද විගතාන්ත කරන ලද වෙති. නොහොත් ක්‍රෝධය ‘ධූම’ යයි කියනු ලැබෙයි:
1. “බමුණ මානය මැ තාගේ පිරිකරබර වෙයි, ක්‍රෝධය ධූමය වෙයි, මෘෂාවාදය හළු යැ, දිව හෝම සැන්ද යැ හෘදය ගිනිදල්වන තැන යැ පුරුෂයාගේ මොනොවට දැමුණු සිත ගින්න වේ.”
තවද දස අයුරෙකින් ක්‍රෝධ උපද්දි. ‘මට අනර්‍ත්‍ථ කෙළේ යැ’යි ක්‍රෝධය උපදී, ‘මට අනර්‍ත්‍ථ කෙරේ’ යයි ක්‍රෝධය උපදී, ‘මට අනර්‍ත්‍ථ කරන්නේ යැ’යි ක්‍රෝධය උපදී, ‘මා ප්‍රියමනාපයහට අනර්‍ත්‍ථ කෙළේ යැ, අනර්‍ත්‍ථ කෙරෙයි, අනර්‍ත්‍ථ කරන්නේ යැ’යි ක්‍රෝධය උපදී, මා ‘අප්‍රිය අමනාපයහට අර්‍ත්‍ථ කෙළේ යැ, අර්‍ත්‍ථ කෙරෙයි, අර්‍ත්‍ථ කරන්නේ යැ’යි ක්‍රෝධය උපදී, අස්ථානයෙහි හෝ ක්‍රෝධය උපද්දි. මෙ බඳු යම් චිත්තයාගේ ආඝාතයෙක් ප්‍රතිඝාතයෙක් ප්‍රතිඝයෙක් ප්‍රතිවිරොධයෙක් කොපයෙක් බලවත් කොපයෙක් සම්ප්‍රකෝපයෙක් ද්වේෂයෙක් ප්‍රද්වෙෂයෙක් සම්ප්‍රද්වේෂයෙක් චිත්තයාගේ ප්‍රකෘතිය හැරපීමෙක් සිත දූෂ්‍ය වීමෙක් ක්‍රෝධයෙක් කිපෙන අයුරෙක් කිපුණු බවෙක් ද්වේෂයෙක් දූෂ්‍යාකාරයෙක් දූෂිත බවෙක් ප්‍රකෘතිය හැරපීමෙක් ප්‍රකෘතිය හැරපියන අයුරෙක් ප්‍රකෘතිය හළ බවෙක් විරෝධයෙක් ප්‍රතිවිරොධයෙක් සැඬ බවෙක් අපරිපූර්‍ණ වචන ඇති බවෙක් චිත්තයාගේ නො සතුටු බවෙක් වේ ද මේ ‘ක්‍රෝධ’ යයි කියනු ලැබේ.
තවද ක්‍රෝධයාගේ අඩුවැඩි බව දතයුතු යැ. කිසිවිටෙක ක්‍රෝධය තෙමේ සිත කළඹනමතුයෙක් වෙයි, තව මුහුණ කුළනු හකුළනු වූයේ නොද වෙයි; කිසිවිටෙක කෝපය මුහුණ කුළන හකුළන පමණ වූයේ වෙයි. තව හනු සොලවනු වූයේ නො ද වෙයි; කිසිවිටෙක කෝපය හනු සොලවනු වූයේ වෙයි, තව පරොබස් කියන පමණ වූයේ නො ද වෙයි; කිසිවිටෙක කෝපය පරොස්බස් කියන පමණ වෙයි, තව වටපිට බලනු වූයේ නො ද වෙයි; කිසිවිටෙක කෝපය වටපිට බලන පමණ වෙයි, තව ම දඬුසැත් නො ද ගන්නේ වෙයි; කිසිවිටෙක කෝපය දඬුසැත් ගන්නා පමණ වෙයි, තවම දඬුසැත් නඟනුයේ නො ද වෙයි; කිසිවිටෙක කෝපය දඬුසැත් නඟන පමණ වූයේ වෙයි, තව ම දඬුසැත් දමාගසනුයේ නො ද වෙයි; කිසිවිටෙක කෝපය දඬුසැත් දමාගසන පමණ වූයේ වෙයි, තව ම (මෙරමා සිරුරු) සිදුරු කරනු වූයේ නො ද වෙයි; කිසිවිටෙක කෝපය සිරුර සිදුරු බිදුරු කරන පමණ වූයේ වෙයි, තව ම සිරුර සුණු විසුණු කරනුයේ නො ද වෙයි; කිසිවිටෙක කෝපය සිරුර සුණු විසුණු කරන පමණ වූයේ වෙයි, තව ම අඟපසඟ ඇද කඩනුයේ නො ද වෙයි; කිසිවිටෙක කෝපය අඟපසඟ ඇද කඩන පමණ වූයේ වෙයි, තව ම දිවි තොර කරනුයේ නො ද වෙයි; කිසිවිටෙක කෝපය දිවි තොර කරන පමණ වූයේ වෙයි. තව ම මෙරමා දිවිනසා සියදිවි නැසීම පිණිස සිටියේ නොද වෙයි; යම් කලෙක ක්‍රෝධය සතුරා නසා තමාත් නසා ද, මෙතෙකින් ක්‍රෝධය තෙමේ ඉතා බලවත් බවට ගියේ ඉතා මහත් බවට පැමිණියේ වේ. යමක්හට ඒ ක්‍රෝධය තෙම ප්‍රහීණ වූයේ මුලුසුන් වූයේ සන්හිඳුණේ ප්‍රතිප්‍රශ්‍රබ්ධ වූයේ අභව්‍යොත්පත්තික වූයේ නුවණ ගින්නෙන් දැවුණේ වේ ද, හෙතෙම ‘විධූම’ යයි කියනු ලැබේ. ක්‍රෝධය ප්‍රහීණ කළ බැවින් ‘විධුම්’ යැ ක්‍රොධවස්තුව පරිඥාත බැවින් ‘විධුම’ යැ, ක්‍රෝධ හේතුව පරිඥාත බැවින් ‘විධුම’ යැ, ක්‍රෝධහේතුව සිඳුනා ලද බැවින් ‘විධුම’ යි.
අනීඝො යනු: රාගය උවදුරෙක, ද්වේෂය උවදුරෙක, මෝහය උවදුරෙක, ක්‍රෝධය උවදුරෙක, බද්ධවෛරය උවදුරෙක, ...හැම අකුශලාභිසංස්කාරයෝ උවදුරුහ. යමක්හු විසින් තෙල උවදුරු ප්‍රහාණ කරන ලද ද, මුලුසුන් කරන ලද ද, සන්හිඳුවන ලද ද, ප්‍රතිප්‍රශ්‍රම්භනය කරන ලද යළි උපදනට නො නිසි කරන ලද ද, නුවණ ගින්නෙන් දවන ලද ද, හෙතෙම ‘අනීඝ’ යයි කියනු ලැබේ. නිරාසො යනු: තෘෂ්ණාව ‘ආශා’ යි කියනු ලැබෙයි. යම් රාගයෙක් බලවත් රාගයෙක් ... අභිධ්‍යායෙක් ලෝභ අකුශලමූලයෙක් වේ ද, එයයි. යමක්හු විසින් තෙල ආශාව තෘෂ්ණාව ප්‍රහාණය කරන ලද ද, මුලුසුන් කරන ලද ද, සන්හිඳුවන ලද ද, ප්‍රතිප්‍රශ්‍රබ්ධ උපදනට නො නිසි කරන ලද ද, නුවණ ගින්නෙන් දවන ලද ද, හෙතෙම, ‘නිරාස’ යැයි කියනු ලැබේ.
ජාති යනු: ඒ ඒ සත්ත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍වනිකායෙහි යම් (අපරිපූර්‍ණායතන විසින්) ඉපැදීමෙක් (පරිපූර්‍ණායතන විසින්) මොනොවට ඉපැදීමෙක් (අණ්ඩජ ජරායුජ විසින්) අවක්‍රාන්තියෙක් (සංසේදජ ඕපපාතික විසින්) පහළ වීමෙක් ස්කන්‍ධයන්ගේ ප්‍රාදුර්භවයෙක් ආයතනයන්ගේ ප්‍රතිලාභයෙක් ද (සන්තතියෙහි පහළ වීමෙක් වේ ද එය යි. ජරා යනු: ඒ ඒ සත්ත්‍වයන් ගේ ඒ ඒ සත්ත්‍වනිකායෙහි යම් දිරීමෙක් දිරන අයුරෙක් (දත් නිය ආදීන්ගේ) කැඩුණු බවෙක් (කෙස් ලොම් ආදිය) පැසුණු බවෙක් රැලි ගැසුණු සම් ඇති බවෙක් ආයුෂයාගේ පිරිහීමෙක් ඉඳුරන් මුහුකුරා යෑමෙක් වේ ද, එයයි. සන්තෝ විධුමො අනීඝො නිරාසො අතාරි සො ජාතිජරන්ති බ්‍රෑමි යනු: යමෙක් ශාන්ත ද විධුම ද අනීඝ ද නිරාස ද වේ නම් හෙතෙම ජාති ජරාමරණය (ප්‍රථමමාර්ගයෙන්) තරණය කෙළේ යැ (ද්විතීය මාර්‍ගයෙන්) උත්තරණය කෙළේ යැ, (තෘතීය මාර්‍ගයෙන්) ප්‍රතරණය කෙළේ යැ, (චතුර්ත්ථමාර්ගයෙන්) මොනොවට ඉක්ම ගියේ යැ. ඉක්ම (ඵලයෙහි) සිටියේ යැ’යි කියමි, පවසමි, දෙසමි, පනවමි, පිහිටුවමි, විවෘත කෙරෙමි, විභාග කෙරෙමි නො ගැඹුරු කෙරෙමි, ප්‍රකාශ කෙරෙම් නුයි “සන්තෝ විධුමො අනීඝො නිරාසො අතාරි සො ජාතිජරන්ති බ්‍රෑමි” යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“සඞ්ඛාය ලෝකස්මිං පරොවරානි -පෙ- අතාරි සො ජාතිජරන්ති බ්‍රෑමි” යී.
ගාථා පර්‍ය්‍යවසානය හා සමග... “වහන්ස, භාග්‍යවත්හු මාගේ ශාස්තෘහ, මම් ශ්‍රාවකයෙමී” බඳැඳිලි වැ භාග්‍යවතුන් නමඳිමින් හුන්නේ වේ යයි.
පූර්‍ණක සූත්‍රනිර්දේශය නිමි.
4. මෙත්තගූ සූත්‍ර නිර්‍දෙශය
4. 1.
(ආයුෂ්මත් මෙත්තගූ මෙසේ විචාරයි) භාග්‍යවතුන් වහන්ස, මුඹ වහන්සේ විචාරමි මෙය වදාළ මැන, මුඹ වහන්සේ ඥාන-වේදයාගේ පරතෙරට පැමිණි කෙනකුන් කොට වැඩූ සිත් ඇති කෙනකුන් කොට හඟිමි. ලොවැ අනේක ස්වභාව වූ යම්කිසි දුක් කෙනෙක් වෙත් ද, මේ දුඃඛයෝ කොයින් උපන්නාහු ද?
පුච්ඡාමි තං භගවා බ්‍රෑහිමෙතං යනු: ‘පුච්ඡා’ යනු: පෘච්ඡා තුනෙකි: අදිට්ඨජොතනා පුච්ඡා යැ දිට්ඨසංසන්‍දනා පුච්ඡා යැ විමතිච්ඡෙදනා පුච්ඡා යි.
අදිට්ඨජොතනා පුච්ඡා කවරැ යත්: පියවින් ධර්‍මයන්ගේ තථ ලක්‍ෂණය නොදන්නා ලද නො දක්නා ලද තුලනය නො කරන ලද තීරණය නො කරන ලද ප්‍රකට නො වූ සිතින් නො වඩන ලද වෙයි, ඒ ධර්‍මයාගේ ලක්‍ෂණ ඥානය පිණිස දර්‍ශනය පිණිස තුලනය පිණිස තීරණය පිණිස පාළ වීම පිණිස විභාවනය පිණිස ප්‍රශ්න විචාරයි. මේ අදිට්ඨජොතනා පුච්ඡා යැ.
දිට්ඨසංසන්‍දනා පුච්ඡා කවරැ යත්: පියවින් ධර්‍මයන්ගේ තථලක්ෂණය දන්නා ලද දක්නා ලද තුලනය කරන ලද තීරණය කරන ලද ප්‍රකට වූ විභාවන කරන ලද වෙයි. (ඒ ධර්‍මයන්ගේ ලක්‍ෂණය) අන්‍ය පණ්ඩිතයන් හා සමග සසඳනු සඳහා පැන පුළුවුසී. මේ දිට්ඨසංසන්‍දනා පුච්ඡා යැ.
විමතිච්ඡෙදනා පුච්ඡා කවරැ යත්: පියවින් සැකයට පැමිණියේ විමතියට පැමිණියේ මෙසේ දෝ හෝ නො වේ දෝ හෝ කිමෙක් දෝ හෝ කෙසේ දෝ හො යි දෙසිත් බවට පැමිණියේ වෙයි, හෙතෙම විමති සිඳුනා සඳහා පැන පුළුවුසී. මේ විමතිච්ඡෙදනා පුච්ඡා යැ. මේ තුන් පෘච්ඡා යි.
අන්‍ය වූ ද තුන් පෘච්ඡායෙකි: මනුෂ්‍ය පෘච්ඡා යැ අමනුෂ්‍ය පෘච්ඡා යැ නිර්මිතපෘච්ඡා යි.
මනුෂ්‍යපෘච්ඡා කවරැ යත්: මනුෂ්‍යයෝ භාග්‍යවත් බුදුන් කරා එළඹ පැන පුළුවුස්ති, භික්‍ෂූහු පුළුවුස්ති, භික්‍ෂුණීහු පුළුවුස්ති, උවසුවෝ පුළුවුස්ති, උවැසියෝ පුළුවුස්ති, රජදරුවෝ පුළුවුස්ති ක්‍ෂත්‍රියයෝ පුළුවුස්ති බ්‍රාහ්මණයෝ පුළුවුස්ති, වෛශ්‍යයෝ පුළුවුස්ති, ශුද්‍රයෝ පුළුවුස්ති, ගැහැවියෝ පුළුවුස්ති, පැවිද්දෝ පුළුවුසිත්. මේ මනුෂ්‍යපෘච්ඡා යැ.
අමනුෂ්‍ය පෘච්ඡා කවරැ යත්: අමනුෂ්‍යයෝ භාග්‍යවත් බුදුන් කරා එළඹ පැන පුළුවුස්ති. නාගයෝ පුළුවුස්ති, සුපර්‍ණයෝ (ගුරුළෝ) පුළුවුස්ති, යක්‍ෂයෝ පුළුවුස්ති, අසුරයෝ පුළුවුස්ති, වරම්රජදරුවෝ පුළුවුස්ති, ඉන්ද්‍රයෝ පුළුවුස්ති, බ්‍රාහ්මයෝ පුළුවුස්ති, දෙවියෝ පුළුවුසිත්. මේ අමනුෂ්‍ය පෘච්ඡා යැ.
නිර්මිතපෘච්ඡා කවරැ යත්: බුදුහු මනෝමය වූ සියලු අඟපසඟ ඇති අවිකල වූ ඉඳුරන් ඇති යම් රුවක් මවත් ද ඒ මැවුණු බුහුදු භාග්‍යවත් බුදුන් කරා එළඹ පැන පුළුවුස්ති, බුදුහු විසඳත්. මේ නිර්මිත පෘච්ඡා යැ මේ තුන් පෘච්ඡා යි.
අන්‍ය වූ ද තුන් පෘච්ඡායෙකි: ආත්මාර්‍ත්‍ථ පෘච්ඡා යැ පරාර්ථ පෘච්ඡා යැ උභයාර්ත්ථ පෘච්ඡා යි. අන්‍ය වූ ද තුන් පෘච්ඡායෙකි: දෘෂ්ටධාර්මිකාර්ථ පෘච්ඡා යැ සාම්පරායිකාර්ථ පෘච්ඡා යැ පරමාර්ථපෘච්ඡා යි. අන්‍ය වූ ද තුන් පෘච්ඡායෙකි: අනවද්‍යාර්ථපෘච්ඡා යැ නික්ලෙශාර්ථ පෘච්ඡා යැ ව්‍යවදානාර්ථපෘච්ඡා යි. අන්‍ය වූ ද තුන් පෘච්ඡායෙකි: අතීත පෘච්ඡා යැ අනාගත පෘච්ඡා යැ ප්‍රත්‍යුත්පන්න පෘච්ඡා යි. අන්‍ය වූ ද තුන් පෘච්ඡායෙකි: අධ්‍යාත්මපෘච්ඡා යැ බාහ්‍යපෘච්ඡා යැ අධ්‍යාත්මබාහ්‍ය පෘච්ඡා යි. අන්‍ය වූ ද තුන් පෘච්ඡායෙකි: කුශල පෘච්ඡා යැ අකුශල පෘච්ඡා යැ අව්‍යාකෘත පෘච්ඡා යි. අන්‍ය වූ ද තුන් පෘච්ඡායෙකි: ස්කන්ධපෘච්ඡා යැ ධාතුපෘච්ඡා යැ ආයතන පෘච්ඡා යි. අන්‍ය වූ ද තුන් පෘච්ඡායෙකි: සතිපට්ඨාන පෘච්ඡා යැ සම්‍යක් ප්‍රධානපෘච්ඡා යැ ඍද්ධිපාද පෘච්ඡා යි. අන්‍ය වූ ද තුන් පෘච්ඡායෙකි: ඉන්‍ද්‍රිය පෘච්ඡා යැ බලපෘච්ඡා යැ බොධ්‍යඞ්ගපෘච්ඡා යි. අන්‍ය වූ ද තුන් පෘච්ඡායෙකි: මාර්‍ග පෘච්ඡා යැ ඵල පෘච්ඡා යැ නිර්‍වාණ පෘච්ඡා යි.
පුච්ඡාමි තං: මුඹ වහන්සේ පුළුවුස්මි මුඹ වහන්සේ අයදිමි මුඹ වහන්සේ අද්ධ්‍යෙෂණ කෙරෙමි මුඹ වහන්සේ පහදවමි ‘මට වදාළ මැනැවැ’යි ‘පුච්ඡාමි තං’ යනු වේ.
භගවා යනු: තෙල ගෞරවනාමයෙකි ... යම් භගවත් යන නමෙක් වී නම් තෙල අර්‍හත්ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් උපන් ප්‍රඥප්තියක් නු’යි ‘පුච්ඡාමි තං භගවා’ යනු වේ. බ්‍රෑහි මෙතං: වදාළ මැනැව ප්‍රකාශ කළ මැනැව දෙසුව මැනැව පැනැවුව මැනැව පිහිටුව මැනැව විවරණ කළ මැනැව විභාග කළ මැනැව ප්‍රකට කළ මැනැව ප්‍රකාශ කළ මැනැව’යි ‘පුච්ඡාමි තං භගවා බ්‍රෑහිමෙතං’ යනු වේ. ඉච්චායස්මා මෙත්තගූ-යනු: ඉච්ච යනු පදසන්ධි යැ... ‘ඉච්චායස්මා මෙත්තගූ’ යනු වේ.
මඤ්ඤ මි තං වෙදගුං භාවිතත්තං: මුඹ වහන්සේ ‘වේදයාගේ අන්තයට පැමිණියාහ’යි හඟිමි, මුඹ වහන්සේ භාවිතාත්මහ’යි හඟිමි, මෙසේ දනිමි, මෙසේ හාත්පසින් දනිමි, මෙසේ වෙසෙසින් දනිමි, මෙසේ ඒ ඒ කරුණු නිසා වෙසෙසින් දනිමි, මෙසේ ප්‍රතිවේධ කෙරෙමි. ‘වේදගූ භාවිතත්තො’යී කිසෙයින් බුදුහු වේදගූ වූහ යත්: ‘වෙද’ යී සතර මාර්‍ග ඥානය කියනු ලැබෙයි, යම් ප්‍රඥාවක් ප්‍රඥේන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ... ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගයෙක් වීමංසායෙක් විදර්‍ශනායෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද එයයි. බුදුහු ඒ ප්‍රඥාසඞ්ඛ්‍යාත වෙදයන්ගෙන් ජාතිජරාමරණයාගේ අන්තයට ගියහ,
අන්තයට පැමිණියහ, කෙළවරට ගියහ, කෙළවරට පැමිණියහ, පර්‍ය්‍යන්තයට ගියහ, පර්‍ය්‍යන්තයට පැමිණියහ. අවසානයට ගියහ, අවසානයට පැමිණියහ, ත්‍රාණයට ගියහ, ත්‍රාණයට පැමිණියහ, ලෙනයට ගියහ, ලෙනයට පැමිණියහ, සරණයට ගියහ, සරණයට පැමිණියහ, අභයට ගියහ, අභයට පැමිණියහ, අච්‍යුතයට ගියහ, අච්‍යුතයට පැමිණියහ, අමෘතයට ගියහ, අමෘතයට පැමිණියහ, නිවනට ගියහ, නිවනට පැමිණියහ, වේද (ඥාන)යන් ගේ අන්තයට ගියාහු නු’යි හෝ වේදගූ නම්හ. වේදයන්ගෙන් අන්තයට ගියාහු නු’යි හෝ වේදගූ නම්හ, සප්තධර්මයන් විදිත හෙයින් හෝ වේදගූ නම්හ; සත්කායදෘෂ්ටිය දන්නා ලද වෙයි. විචිකිත්සාව දන්නාලද වෙයි, ශීලව්‍රතපරාමර්‍ශය දන්නා ලද වෙයි. රාගය-ද්වේෂය-මෝහය-මානය දන්නාලද වෙයි, ඔබ විසින් ක්ලෙශප්‍රත්‍යය වූ පුනර්‍භවය දෙන්නා වූ ක්ලේශදරථ සහිත වූ දුඃඛවිපාක වූ මත්තෙහි ජාතිජරාමරණයට කාරණ වූ ලාමක අකුශල ධර්‍මයෝ දන්නා ලද්දාහු වෙත්.
1. (බුදුහු ‘සභිය’යි අමතා මෙසේ වදාළහ) යමෙක් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ගේ ශාස්ත්‍ර යයි කියන ලද යම් වේද කෙනෙක් වෙත් ද, ඒ සියලු වේදයන් මාර්‍ගභාවනායෙන් කෘත්‍ය හෙයින් අනිත්‍යාදි වශයෙන් විමසා එහි ඡන්‍දරාග ප්‍රහාණයෙන් ඒ සියලු වේදයන් ඉක්මවා යළි වේද ප්‍රත්‍යයෙන් හෝ අන් පරිද්දෙකින් උපදනා සියලු වේදනාවන්හි වීතරාග වූයේ ද හෙතෙම පරමාර්‍ත්‍ථ වශයෙන් වේදගූ නම් වූහ.
මෙසෙයින් බුදුහු වේදගූ නම් වූහ.
කිසෙයින් බුදුහු භාවිතාත්ම වූහ යත්: බුදුහු වැඩූ කය ඇතියහ. වැඩූ සිල් ඇතියහ. වැඩූ සිත් ඇතියහ වැඩූ ප්‍රඥා ඇතියහ, වැඩූ සතිපට්ඨාන ඇතියහ, වැඩූ ඍද්ධිපාද ඇතියහ, වැඩූ ඉන්‍ද්‍රිය ඇතියහ, වැඩූ බල ඇතියහ, වැඩූ බෝධ්‍යඞ්ග ඇතියහ, වැඩූ මාර්‍ග ඇතියහ, පුහුන් කෙලෙස් ඇතියහ, පිළිවිඳි රහත්ඵල ඇතියහ, පසක් කළ නිවන ඇතියහ, ඔබ විසින් දුඃඛසත්‍යය පිරිසිඳ දන්නාලද, සමුදය ප්‍රහීණ යැ, මාර්‍ගය වඩනා ලද නිරෝධය පසක් කරනලද, (ස්වභාව ලක්‍ෂණාවබොධයෙන්) දතයුත්ත දන්නාලද, (සාමාන්‍යලක්‍ෂණාවබෝධයෙන්) දතයුත්ත පිරිසිඳ දන්නාලද, ප්‍රහීණ කළයුත්ත ප්‍රහීණ කරනලද, වැඩියයුත්ත වඩනලද, පසක් කළ යුත්ත පසක් කරනලද. (බුදුහු) අනල්පයහ මහත්හ ගම්භීරයහ පමණ නො කළහැකියහ බැසගැනීමට දුෂ්කර වූ බොහෝ වූ (ධර්‍ම) රත්න ඇති සාගරය වැන්නහ ෂඩඞ්ගෝපේක්‍ෂායෙන් සමන්‍වාගත වෙති.
ඇසින් රූ දැක (ලෝභ විසින්) නො මැ සොම්නස් වෙති (ද්වේෂ විසින්) දොම්නස් නො වෙති ස්මෘතිමත් වූවාහු සම්‍යග්ඥාන ඇත්තාහු උපේක්‍ෂක වැ වෙසෙති, කනින් ශබ්ද අසා ... නැහැයෙන් ගඳ ආඝ්‍රාණය කොට දිවින් රස විඳ- කයින් පහස් පැහැසැ-සිතින් දහම් දැනැ නො වැ සොම්නස් වෙති, දොම්නස් නො වෙති, ස්මෘතිමත් වූවාහු සම්‍යග් ඥාන ඇති වැ වෙසෙත්.
ඇසින් රූ දැකැ මනවඩන රූපයට ගිජු නො වෙති. (නො පතති) නො සතුටු වෙති, රාග නො දනවති, උන් වහන්සේගේ (චක්‍ෂුරාදි) කය සිටියේ මැ වෙයි, සිත සිටියේ අධ්‍යාත්මයෙහි මොනොවට සිටියේ සුවිමුක්ත වූයේ වෙයි. යළි ඇසින් මැ අනිෂාටාලම්බන වූ රූපයක් දැක නො මකු වෙති (කෝප විසින්) නො පිහිටි සිත් ඇත්තාහු නො හැකුළුණු සිත් ඇත්තාහු ව්‍යාපාද රහිත සිත් ඇත්තාහු වෙති. උන් වහන්සේ ගේ කය සිටියේ මැ වෙයි, සිත සිටියේ අධ්‍යාත්මයෙහි මොනොවට සිටියේ සුවිමුක්ත වූයේ වෙයි. කනින් ශබ්ද අසා ... නැහැයෙන් ගඳ ආඝ්‍රාණය කොට-දිවින් රස විඳ- කයින් පහස් පැහැසැ-සිතින් දහම් දැනැ මනවඩන ධර්‍මයට ගිජු නොවෙති, නො සතුටු වෙති, රාග නො දනවති, උන් වහන්සේගේ චක්‍ෂුරාදි කය සිටියේ මැ වෙයි, සිත සිටියේ අධ්‍යාත්මයෙහි මොනොවට සිටියේ සුවිමුක්ත වූයේ වෙයි. යළි සිතින් මැ අනිෂ්ටාලම්බන ධර්‍මයක් දැන නො මකු වෙති. (කෝප විසින්) නො පිහිටි සිත් ඇත්තාහු නො හැගුළුණු සිත් ඇත්තාහු ව්‍යාපාද රහිත සිත් ඇත්තාහු වෙති, උන් වහන්සේගේ චක්‍ෂුරාදි කය සිටියේ මැ වෙයි සිත සිටියේ අධ්‍යාත්මයෙහි මොනොවට සිටියේ සුවිමුක්ත වූයේ වෙයි.
ඇසින් රූ දැක මනාපාමනාප රූපයන්හි චක්‍ෂුරාදි කය සිටියේ මැ වෙයි. සිත නිශ්චල වූයේ අධ්‍යාත්මයෙහි මොනොවට සිටියේ සුවිමුක්ත වූයේ වේ. කනින් ශබ්ද අසා ... සිතින් දහම් දැන මනාපාමනාප ධර්‍මයන්හි චක්‍ෂුරාදි කය සිටියේ මැ වෙයි සිත නිශ්චල වූයේ අධ්‍යාත්මයෙහි මොනොවට සිටියේ සුවිමුක්ත වූයේ වේ.
ඇසින් රූ දැක ඇලුම් කටයුතු රූපයෙහි නො ඇලෙති. ද්වේෂ ඉපැදැවියැ යුත්තෙහි ද්වේෂ නූපදවති. මුළා වියැ යුත්තෙහි නො මුළා වෙති. කිපියැ යුත්තෙහි නො කිපෙති. මත් වියැ යුත්තෙහි නො මත් වෙති. තැවිය යුත්තෙහි නො තැවෙති. කනින් ශබ්ද අසා ... සිතින් දහම් දැන ඇලුම් කටයුත්තෙහි නො ඇලෙති. ද්වේෂ ඉපැදැ වියැ යුත්තෙහි ද්වේෂ නූපදවති. මුළා වියැ යුත්තෙහි නො මුළා වෙති. කිපියැ යුත්තෙහි නො කිපෙති. මත්වියැ යුත්තෙහි නො මත් වෙති. තැවියැ යුත්තෙහි නො තැවෙත්. රූපාලම්බනයෙහි (චක්‍ෂුර්විඥානයෙන්) දුටු පමණ වූවාහු ශබ්දායතනයෙහි ශ්‍රැතමාත්‍ර වූවාහු ගන්‍ධ-රස-ස්පර්‍ශායතනයෙහි (ඝ්‍රාණ-ජිහ්වා-කාය විඥානයෙන්) මුත (පැමිණ ගන්නා ලද) මාත්‍ර වූවාහු මනෝවිඥානයෙන් දන්නා ලද්දෙහි විඥානමාත්‍ර වූවාහු (චක්‍ෂුර්විඥානයෙන් දුටු) රූපාලම්බනයෙහි නො ඇලෙති. (තෘෂ්ණා දෘෂ්ටි ලෙපයෙන්) නො ඇලෙති ශබ්දාලම්බනයෙහි නො ඇලෙති. ගන්‍ධ-රස-ස්ප්‍රශ්ටව්‍යාලම්බනයෙහි නො ඇලෙති ධර්‍මාලම්බනයෙහි නො ඇලෙති රූපාලම්බනයෙහි තෘෂ්ණා රහිත වූවාහු අප්‍රදූෂ්‍ය සිත් ඇත්තාහු අනිශ්‍රිත වූවාහු නො බැඳුණාහු වෙසෙසින් මිදුණාහු නො යෙදුණාහු විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත වැ වාසය කෙරෙත්. ශබ්දාලම්බනයෙහි... ගන්‍ධ-රස-ස්ප්‍රශ්ටව්‍යාලම්බනයෙහි ... ධර්‍මාලම්බනයෙහි තෘෂ්ණාදි උපය රහිත වූවාහු අප්‍රදූෂ්‍ය සිත් ඇත්තාහු අනිශ්‍රිත වූවාහු නො බැඳුණාහු වෙසෙසින් මිදුණාහු නො යෙදුණාහු විගත මර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත වැ වාස කෙරෙත්.
භාග්‍යවතුන් වහන්සේට චක්ෂුස්ප්‍රසාදය විද්‍යමාන වෙයි. බුදුහු ඇසින් රූප දකිති. ඡන්‍දරාගයෙක් භාග්‍යවතුන්ට නැත. බුදුහු වෙසෙසින් මිදුණු සිත් ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේට ශ්‍රෝතප්‍රසාදය විද්‍යමාන වෙයි. බුදුහු කනින් ශබ්දය අසති. ඡන්‍දරාගයෙක් භාග්‍යවතුන්ට නැත, බුදුහු සුවිමුක්තචිත්තයහ. භාග්‍යවතුන් වහන්සේට ඝ්‍රාණ ප්‍රසාදය විද්‍යමාන වෙයි. බුදුහු නැහැයෙන් ගඳ ආඝ්‍රාණය කෙරෙති. භාග්‍යවතුන්ට ඡන්‍දරාගයෙක් නැත. බුදුහු සුවිමුක්තචිත්තයහ. භාග්‍යවතුන් වහන්සේට ජිහ්වාප්‍රසාදය විද්‍යමාන වෙයි. බුදුහු දිවින් රස විඳිති. ඡන්‍දරාගයෙක් භාග්‍යවතුන්ට නැත. බුදුහු සුවිමුක්ත චිත්තයහ. භාග්‍යවතුන් වහන්සේට කායප්‍රසාදය විද්‍යමාන වෙයි. බුදුහු කයින් පහස් පහස්ති, ඡන්‍දරාගයෙක් භාග්‍යවතුන්ට නැත. බුදුහු සුවිමුක්තචිත්තයහ. භාග්‍යවතුන් වහන්සේට මනස විද්‍යමාන වෙයි. බුදුහු මනසින් දහම් දනිති. ඡන්‍දරාගයෙක් භාග්‍යවතුන්ට නැත. බුදුහු සුවිමුක්තචිත්තයහ. ඇස රූපාරාම යැ, රූපයෙහි ඇලුණේ යැ, රූපයෙන් සතුටු වූයේ යැ, ඒ ඇස භාග්‍යවතුන් විසින් දමනය කරන ලද, ගෝපනය කරන ලද, රක්නාලද, සංවර කරනලද, යළි ඒ ඇස සංවර පිණිස දහම් දෙසති, කන ශබ්දාරාම යැ, ශබ්දරත යැ ශබ්ද සම්මුදිත යැ ... ඝ්‍රාණය ගන්ධාරාම යැ ... ජිහ්වාව රසාරාම යැ ... කය ස්ප්‍රෂ්ටව්‍යාරාම යැ ... මනස ධර්මාරාම යැ ධර්මරත යැ ධර්මසම්මුදිත යැ, ඒ මනස භාග්‍යවතුන් විසින් දන්ත යැ, ගුප්ත යැ, රක්‍ෂිත යැ සංවෘත යි. ඒ මනස සංවරය පිණිස දහම් දෙසන සේක.
2. දැමුණු ඇතකු අසකු මැ බොහෝදෙනා රැස්වූ තැනට පමුණුවති, රජ ද දැමුණු ඇතකු පිට මැ නැෙඟෙයි, යමෙක් අනුන් බිණූ පරොස්බස් ඉවසා නම් දැමුණා වූ හෙතෙම මිනිසුන් අතුරෙහි උත්තම යි.
3. අශ්වතරයෝ දැමුණා හු මැ උතුම් වෙති. ආජානේය අශ්වයෝ ද සෛන්‍ධවයෝ ද කුඤ්ජර නම් වූ මහ ඇත්හු ද දැමුණා හු මැ උතුම් වෙති, ඊට වඩා (මාර්‍ග භාවනායෙන්) ආත්මදමනය කරන ලද්දේ උත්තම යි.
4. දැමුණු මහණ තෙම, (පූර්‍වභාගයෙහි ඉන්‍ද්‍රියදමනයෙන්,) දැමුණා වු (අපරභාගයෙහි ආර්‍ය්‍යමාර්‍ග භාවනායෙන්) මනාව දැමුණවූ සිතින් අගත නම් වූ නිර්‍වාණ දිශාවට යම් සේ යේ ද, මේ ඇත් ආදි යානයෙන් එසේ නො මැ යන්නේ යි.
5. යම් කෙනෙක් ත්‍රිවිධ මානයෙහි කම්පා නො වෙත් ද, පුනර්‍භවයෙන් මිදුණාහු ද, (රහත්ඵල සඞ්ඛ්‍යාත) දන්ත භූමියට පැමිණියාහු ද ඔහු මේ සත්ත්‍වලෝකයෙහි දිනුවාහු නම් වෙත්.
6. යමක්හු විසින් අධ්‍යාත්ම වූ ද බාහිර වූ ද සියලු ලෝකයෙහි (චක්‍ෂුරාදි) ෂඩින්ද්‍රියයෝ (ත්‍රිලක්‍ෂණයට නඟා) වෙසෙසින් වඩන ලද්දාහු ද, භාවිත ඉන්‍ද්‍රිය ඇති ඒ දන්ත වූ පුද්ගල තෙම (ස්වපරසන්තති සඞ්ඛ්‍යාත) මෙලොව හා පරලොව හා දැන මරණ කාලය බලාපොරොත්තු වේ යයි.
මෙසෙයින් බුදුහු ‘භාවිතත්ත’ නම් වුහ.
මඤ්ඤාමි තං වෙදගුං භාවිතත්තං කුතො නු දුක්ඛා සමුදාගතා ඉමෙ- ‘කුතො නු’ යනු: සංශය පෘච්ඡා යැ විමතිපෘච්ඡා යැ ද්වෛධපෘච්ඡා යැ අනෛකාන්තපෘච්ඡා යැ මෙසේ දෝ හෝ නො වේ දෝ හෝ (ජාති ආදීන් අතුරෙහි) කුමක් වූයෙම් දෝ හෝ කෙසේ වූයෙම් දෝ හෝ යි ‘කුතො නු’ යනු වේ.
දුක්‍ඛා යනු: ජාති දුක යැ ජරා දුක යැ ව්‍යාධි දුක යැ මරණ දුක යැ සෝක පරිදේවදුක්ඛදොමනස්සුපායාස දුක යැ නිරය දුක යැ තිරිසන්යොන්හි දුක යැ ප්‍රේතවිෂයෙහි දුක යැ මිනිස්ලොවැ (වධබන්‍ධනාදි) දුක යැ ගර්භාවක්‍රාන්තිමූලක දුක යැ ගර්භස්ථීතිමූලක දුක යැ ගර්භව්‍යුත්ථාන මූලක දුක යැ උපන්හු පිළිදග්නා දුක යැ උපන්හු පරා අයත් බැව්හි දුක යැ ආත්මොපක්‍රම දුක යැ පරොපක්‍රම දුක යැ ස්වභාවික දුක යැ සංස්කාර දුක යැ විපරිණාම දුක යැ චක්ෂුරොග යැ ශ්‍රොතරොග යැ ඝ්‍රාණ රෝග යැ ජිහ්වාරෝග යැ කායරොග යැ ශීර්ෂරොග යැ කර්ණරොග යැ මුඛරොග යැ දන්තරෝග යැ කාස යැ ශ්වාස යැ පීනස යැ දාහ යැ ජ්වර යැ කුක්ෂිරොග යැ මූර්ච්ඡා යැ ප්‍රස්කන්දිකා (රක්තාතීසාර) යැ ශුලරොග යැ මහාවිරෙචන යැ කුෂ්ට යැ ගණ්ඩ යැ කිලාස (කබර) යැ ක්‍ෂය රෝග යැ අපස්මාර යැ දද්‍රැ යැ කණ්ඩුති යැ මහකස් යැ නියපහරින් වූ ව්‍රණයැ අතුල් පතුල් පැලීම යැ රක්ත පිත්ත යැ මධුමේහ යැ අර්ශස් යැ පොළ යැ භගන්‍දරා යැ පිතින් නැඟි ආබාධ යැ සෙමින් නැඟි ආබාධ යැ වයින් නැඟි ආබාධ යැ සාන්නිපාතික ආබාධ යැ ඍතු පරිණාමයෙන් උපන් ආබාධ යැ විෂම වූ ඊර්‍ය්‍යාපථයෙන් නැඟි ආබාධ යැ උපක්‍රමයෙන් උපන් ආබාධ යැ කර්‍ම විපාකයෙන් උපන් ආබාධ යැ ශීත යැ උෂ්ණ යැ ජිඝත්සා යැ පිපාසා යැ උච්චාර යැ ප්‍රස්‍රාව යැ මැසි මදුරු වා අව් දික් දෑ යන මොවුන්ගේ පහසින් උපන් දුක යැ මවගේ මරණයෙන් වූ දුක යැ පියාගේ මරණයෙන් වූ දුක යැ බෑයාගේ මරණයෙන් වූ දුක යැ බුහුන්ගේ මරණයෙන් වූ දුක යැ පුත්‍ර මරණයෙන් වූ දුක යැ දුහිතෘමරණයෙන් වූ දුක යැ ඥාති ව්‍යසනයෙන් වූ දුක යැ භෝගව්‍යසනයෙන් වූ දුක යැ ශීලව්‍යසනයෙන් වූ දුක යැ දෘෂ්ටිව්‍යසනයෙන් වූ දුක යැ ස්කන්‍ධාදි යම් ධර්‍ම කෙනකුන්ගේ ආදියෙහි උත්පත්තිය පැනේ ද අස්තංගම වශයෙන් ඔවුන්ගේ නිරෝධය පැනෙයි. විපාකය තෙමේ කර්‍මය ඇසිරි කෙළේ යැ, කර්‍මය තෙමේ විපාකය ඇසිරි කෙළේ යැ, රූපය නාමය ඇසිරි කෙළේ යැ, නාමය රූපය ඇසිරි කෙළේ යැ, (හැම කර්‍මාදිය) ජාතිය අනුව ගියේ යැ, ජරායෙන් පැතිරෙන ලද, ව්‍යාධියෙන් මඩනා ලද, මරණයෙන් පහරන ලද, දුකෙහි පිහිටියේ යැ, අත්‍රාණ යැ ඇලෙන යැ අසරණ යැ අසරණ වූයේ යි, මොහු දුඃඛයෝ යැ යි කියනු ලැබෙත්.
මේ දුඃඛයෝ කොයින් පහළ වූවාහු ද, කොයින් උපන්නාහු ද, කොයින් වෙසෙසින් උපන්නාහු ද, කොයින් නිපන්නාහු ද, කොයින් වෙසෙසින් නිපන්නාහු ද, කොයින් පහළ වූවාහු ද, කුමක් නිදාන කොට ඇත්තාහු ද, කුමක් සමුදය කොට ඇත්තාහු ද, කුමක් ජාති කොට ඇත්තාහු ද, කුමක් ප්‍රභව කොට ඇත්තාහු දැ’ යි මේ දුඃඛයන්ගේ මූලය විචාරයි, හේතුව විචාරයි, නිදානය විචාරයි, සම්භවය විචාරයි, ප්‍රභවය විචාරයි, සමුත්ථානය විචාරයි. ආහාරය විචාරයි, ආලම්බනය විචාරයි, ප්‍රත්‍යය විචාරයි, සමුදය විචාරයි, වෙසෙසින් විචාරයි, ආයාචනය කෙරෙයි, කැමැති කරවයි පහදවා නු’යි ‘කුතො නු දුක්ඛා සමුදාගතා ඉමෙ’ යනු වේ.
යෙ කෙචි ලෝකස්මිං අනෙකරූපා - ‘යෙ කෙචි’ යනු: සියල්ලෙන් සියල්ල සර්‍වථායෙන් සියල්ල අශේෂ කොට නිශ්ශේෂ කොට හාත්පසින් ගන්නා වචනයෙකි තෙල ‘යෙ කෙචි’ යනු. ලෝකස්මිං - අපායලෝකයෙහි මනුෂ්‍යලොකයෙහි දෙවලොකයෙහි ස්කන්‍ධලෝකයෙහි ධාතුලොකයෙහි ආයතනලෝකයෙහි යැ. අනෙකරූපා - අනේකවිධ වූ නානාප්‍රකාර වූ දුඃඛයෝ නු’ යි ‘යෙ කෙචි ලෝකස්මිං අනෙකරූපා’ යනු වේ.
එයින් කී යැ ඒ බමුණු:
“පුච්ඡාමි, තං භගවා ... ලෝකස්මිං අනෙකරූපා” යී.
4. 2.
(බුදුහු මෙසේ වදාළහ: මෙත්තගූ මාණවකය,) ජාත්‍යාදි දුකට කාරණය (තෙපි) මා විචාරව, එය ප්‍රත්‍යක්‍ෂ කොට දැනගත්තකු සෙයින් තොපට ප්‍රකාශ කරම්හ. ලොවැ අනෙක ස්වරූප වූ යම් දුක් කෙනෙක් ඇද්ද එ හැම දුඃඛයෝ (තෘෂ්ණාදි) උපධි හේතුයෙන් උපදනාහ.
දුක්ඛස්ස වෙ මං පභවං අපුච්ඡසි - ‘දුක්ඛස්ස’ යනු: ජාති දුකට, ජරා දුකට, ව්‍යාධි දුකට, සෝක-පරිදේව (කායික) දුක්ඛ (මානසික) දෝමනස්ස උපායාස දුකට. පභවං අපුච්ඡසි- යනු: දුකට මූලය විචාරව, හේතුව විචාරව, නිදානය විචාරව, සම්භවය විචාරව, ප්‍රභවය විචාරව. සමුත්ථානය විචාරව, ආහාරය විචාරව, ආලම්බනය විචාරව, ප්‍රත්‍යය විචාරව, සමුදය විචාරව, යාච්ඤා කරව, අධ්‍යෙෂණ කරව, පහදවා නු’යි දුක්ඛස්ස වෙ මං පභවං අපුච්ඡසි’ යනු වේ.
මෙත්තගූ’ති භගවා යනු: බමුණහු නමින් අමතන සේක. භගවා යනු: තෙල ගෞරවනාමයෙකි... යම් ‘භගවත්’ යන නමෙක් වී නම් තෙල අර්‍හත් ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් උපන් ප්‍රඥප්තියක් නු’යි ‘මෙත්තගූ’ති භගවා යනු වේ.
තං තෙ පවක්ඛාමි, යථා පජානං - ‘තං’ යනු: දුකට මූලය පවසමි, හේතුව පවසමි, නිදානය පවසමි. සම්භවය පවසමි, ප්‍රභවය පවසමි, සමුත්ථානය පවසමි, ආහාරය පවසමි, ආලම්බනය පවසමි, ප්‍රත්‍යය පවසමි, සමුදය පවසමි, කියමි, දෙසමි, පනවමි, පිහිටුවමි, විවරණ කෙරෙමි, විභාග කෙරෙමි, නො ගැඹුරු කෙරෙමි ප්‍රකාශ කෙරෙම් නු’යි ‘තං තෙ පවක්ඛාමි’ යනු වේ.
යථා පජානං - ප්‍රතිවේධ කොට දතුයෙක් හාත්පසින් දතුයෙක් වෙසෙසින් දතුයෙක් මැනැවින් දතුයෙක් අවබෝධ කළ කෙනෙක් යම්සේ ද, තෙල මෙසේ වී ල’යි නො වැ තෙල මෙසේ ල’යි නො වැ පරම්පරා කථා වෙනුදු නො වැ පිටක සම්ප්‍රදාය හා සම වේ යයි නො වැ තර්‍ක හෙතුවෙනුදු නො වැ නයග්‍රහණයෙනුදු නො වැ (මේ සොඳුරු යැ යි) කරුණු සැලකීමෙනුදු නො වැ අපට රුචි වූ දෘෂ්ටිය හා සම වේ යයි නො වැ තෙමේ මැ තමා විසින් අවබෝධ කළ තමා විසින් ප්‍රත්‍යවේක්‍ෂා කළ ධර්‍මය තොපට කියනෙමී ‘තං තෙ පවක්ඛාමි යථා පජානං’ යනු වේ.
උපධිනිදානා පභවන්ති දුක්ඛා - ‘උපධි’ යනු: දශ උපධීහු යැ: තෘෂ්ණා උපධි යැ දෘෂ්ටි උපධි යැ ක්ලේශෝපධි යැ කර්මොපධි යැ දුශ්චරිතොපධි යැ ආහාරොපධි යැ ප්‍රතිඝොපධි යැ (පෘථිව්‍යාදි) සතර උපාදින්න ධාතු සංඛ්‍යාත උපධි යැ ෂඩ් අධ්‍යාත්ම ආයතන සංඛ්‍යාත උපධි යැ ෂඩ්විඥානකාය සංඛ්‍යාත උපධි යැ සියලු ත්‍රෛභූමක දුඃඛය දුස්සහනාර්ථයෙන් උපධි නම් වෙයි. මොහු දශ උපධි යයි කියනු ලැබෙත්. දුක්ඛා යනු: ජාති දුක යැ ජරා දුක යැ ව්‍යාධි දුක යැ මරණ දුක යැ සෝක-පරිදේව-දුක්ඛ-දොමනස්සුපායාස දුක යැ නිරය දුක යැ ... දෘෂ්ටි ව්‍යසනයෙන් වූ දුක යි. ස්කන්‍ධාදි යම් ධර්‍ම කෙනකුන්ගේ ආදියෙහි උත්පත්තිය පැනේ ද අස්තංගම වශයෙන් ඔවුන්ගේ නිරෝධය පැනෙයි, විපාකය තෙමේ කර්‍මය ඇසිරි කෙළේ යැ, කර්‍මය තෙමේ විපාකය ඇසිරි කෙළේ යැ; රූපය නාමය ඇසිරි කෙළේ යැ, නාමය රූපය ඇසිරි කෙළේ යැ; (හැම කර්‍මාදිය) ජාතිය අනුව ගියේ යැ, ජරායෙන් පැතිරෙන ලද, ව්‍යාධියෙන් මඬනා ලද, මරණයෙන් පහරන ලද, දුකෙහි පිහිටියේ යැ අත්‍රාණ යැ අලෙන යැ අසරණ යැ අසරණ වූයේ යි. මොහු දුඃඛයෝ යි කියනු ලැබෙත්. මේ දුඃඛයෝ උපධි නිදාන කොට ඇතියාහු, උපධි හේතු කොට ඇතියාහු, උපධි ප්‍රත්‍යය කොට ඇතියාහු, උපධි කාරණ කොට ඇත්තාහු වෙති පහළ වෙති, හටගනිති, උපදිති, මොනොවට උපදිති, නිපැදෙති පහළ වෙත් නු’යි ‘උපධිනිදානා පභවන්ති දුක්ඛා, යනු වේ.
යෙ කෙචි ලෝකස්මිං අනෙකරූපා - ‘යෙ කෙචි’ යනු: සියල්ලෙන් සියල්ල සර්‍වථායෙන් සියල්ල අශේෂ කොට නිශ්ශේෂ කොට හාත්පසින් ගන්නා වචනයෙකි තෙල ‘යෙ කෙචි’ යනු. ‘ලෝකස්මිං’ යනු: අපාය ලෝකයෙහි, මනුෂ්‍යලොකයෙහි, ස්කන්‍ධලෝකයෙහි, ධාතුලොකයෙහි, ආයතනලෝකයෙහි යැ අනෙකරූපා යනු: අනේකවිධ වූ නානාප්‍රකාර වූ දුඃඛයෝ නු’යි ‘යෙ කෙචි ලෝකස්මිං අනෙකරූපා’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“දුක්ඛස්ස වෙ මං -පෙ- ලෝකස්මිං අනෙකරූපා” යි.
4. 3.
අපණ්ඩිත වූ යමෙක් (තෘෂ්ණාදි) උපධිය කෙරේ ද, අඥාන වූ හෙතෙම පුනපුනා සසර දුකට පැමිණෙයි. එහෙයින් (සංස්කාරයන් අනිත්‍යාදි විසින්) දන්නේ සසර දුක ජාතිය ප්‍රභව කොට ඇතැ’යි දක්නේ (තෘෂ්ණාදි) උපධිය නො කරන්නේ යි.
යො චෙ අවිද්වා උපධිං කරෝති - ‘යො’ යනු: යම් යම්බඳු වූ යමෙකින් යුක්ත වූ යම්සේ සිටි යම් ප්‍රකාර වූ යම් තනතුරකට පැමිණි යම් ධර්‍මයෙකින් සමන්‍වාගත වූ ක්‍ෂත්‍රියයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ වෛශ්‍යයෙක් හෝ ශුද්‍රයෙක් හෝ ගෘහස්ථයෙක් හෝ දෙවියෙක් හෝ මනුෂ්‍යයෙක් හෝ යි. අවිද්වා යනු: අවිද්‍යාවට පැමිණියේ අඥාන වූයේ අපණ්ඩිත වූයේ දුෂ්ප්‍රාඥ වූයේ යි. උපධිං කරෝති - තෘෂ්ණා උපධිය කෙරෙයි, දෘෂ්ටි උපධිය කෙරෙයි, ක්ලේශෝපධිය කෙරෙයි, කර්මොපධිය කෙරෙයි, දුශ්චරිතොපධිය කෙරෙයි, ආහාරොපධිය කෙරෙයි, ප්‍රතිඝොපධිය කෙරෙයි, සතර උපාදින්නධාතු සංඛ්‍යාත උපධිය කෙරෙයි, ෂඩ්-අධ්‍යාත්මායතන සංඛ්‍යාත උපධිය කෙරෙයි, ෂඩ් විඥානකාය උපධි කෙරෙයි, උපදවයි, මොනොවට උපදවයි, නිපදවා නු’යි ‘යො චෙ අවිද්වා උපධිං කරෝති’ යනු වේ.
පුනප්පුනං දුක්ඛමුපෙති මන්දො - පුනපුනා ජාතිදුකට ජරාදුකට ව්‍යාධිදුකට මරණ දුකට සෝක-පරිදේව-දුක්ඛ-දොමනස්සුපායාස දුකට එයි පැමිණෙයි එළැඹෙයි ගනියි පරාමර්‍ශනය කෙරෙයි පිවිසේ. මන්දො යනු: බාල වූයේ මුළා වූයේ අවිද්වත් වූයේ අවිද්‍යාවට පැමිණියේ අඥාන වූයේ අපණ්ඩිත වූයේ දුෂ්ප්‍රාඥ වූයේ නු’යි ‘පුනප්පුනං දුක්ඛමුපෙති මන්දො’ යනු වේ.
තස්මා පජානං උපධිං න කයිරා - ‘තස්මා’ යනු: එ කරුණින් එ හෙයින් ඒ ප්‍රත්‍යයෙන් ඒ නිදානයෙන් මෙසේ උපධීන්හි ආදීනව දක්නේ නු’යි ‘තස්මා’ යනු වේ. පජානං යනු: දන්නේ හාත්පසින් දන්නේ වෙසෙසින් දන්නේ අවබෝධ කරනුයේ ප්‍රතිවේධ කරනුයේ යි, හැම සංස්කාරයෝ අනිත්‍යහ’යි දන්නේ හාත්පසින් දන්නේ වෙසෙසින් දන්නේ අවබෝධ කරනුයේ ප්‍රතිවේධ කරනුයේ යි, හැම සංස්කාරයෝ දුඃඛයහ’යි-හැම සංස්කාරයෝ අනාත්මහ’යි .. යම් කිසි සමුදය ධර්‍මයෙක් ඇද්ද, එ හැම නිරෝධය ස්වභාව කොට ඇතැ යි දන්නේ හාත්පසින් දන්නේ වෙසෙසින් දන්නේ අවබෝධ කරනුයේ ප්‍රතිවේධ කරනුයේ යි. උපධිං න කයිරා යනු: තෘෂ්ණා (සංඛ්‍යාත) උපධි නො කරන්නේ යැ, දෘෂ්ට්‍යුපධි නො කරන්නේ යැ, ක්ලේශෝපධි නො කරන්නේ යැ, කර්මොපධි නො කරන්නේ යැ, දුශ්චරිතොපධි නො කරන්නේ යැ, ආහාරොපධි නො කරන්නේ යැ, ප්‍රතිඝොපධි නො කරන්නේ යැ, සතර උපාදින්නධාතු සංඛ්‍යාත උපධි නො කරන්නේ යැ, සවැදෑරුම් ආධ්‍යාත්මික ආයතන සංඛ්‍යාත උපධි නො කරන්නේ යැ, ෂඩ් විඥානකාය සංඛ්‍යාත උපධි නො කරන්නේ යැ, නූපදවන්නේ යැ නො නිපදවන්නේ යැ, අතිශයින් නො නිපදවන්නේ යැ නු’යි ‘තස්මා පජානං උපධිං න කයිරා’ යනු වේ.
දුක්ඛස්ස යනු: ජාති දුකට ජරා දුකට ව්‍යාධි දුකට මරණ දුකට සෝක-පරිදේව-දුක්ඛ-දෝමනස්ස-උපායාස දුකට යැ. පභවානුපස්සී යනු: දුඃඛයාගේ මූලය අනුව බලනුයේ හේතුව අනුව බලනුයේ නිදානය අනුව බලනුයේ සම්භවය අනුව බලනුයේ ප්‍රභවය අනුව බලනුයේ සමුත්ථානය අනුව බලනුයේ ආහාරය අනුව බලනුයේ ආලම්බනය අනුව බලනුයේ ප්‍රත්‍යය අනුව බලනුයේ සමුදය අනුව බලනුයේ යි. ‘අනුපස්සනා’ යී ප්‍රඥාව කියනු ලැබෙයි - යම් ප්‍රඥාවක් ප්‍රජානනාකාරයෙක් ... අමොහ සංඛ්‍යාත ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් වේ ද එය යි. මේ අනුපස්සනා සංඛ්‍යාත ප්‍රඥායෙන් යුක්ත වූයේ අතිශයින් යුක්ත වූයේ එළැඹ සිටියේ අතිශයින් එළැඹ සිටියේ නො වෙන් වූයේ පරිපූර්‍ණ වූයේ සමන්‍වාගත වූයේ යි. හේ ‘අන්පස්සී’ යී කියනු ලැබේ නු’යි ‘දුක්ඛස්ස ජාතිප්පභවානුපස්සී’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“යො චෙ අවිද්වා ... ජාතිප්පභවානුපස්සී” යනු.
4. 4.
(ආයුෂ්මත්, මෙත්තගූ මෙසේ කී යැ:) ඇපි යමක් විචාළමෝ ද එය මුඹ වහන්සේ අපට වදාළ සේක. අන් කරුණකුදු මුඹ වහන්සේ විචාරම්හ. එය දැන් වදාළ මැනැව, නුවණැත්තෝ (කාමාදි චතුර්විධ) ඕඝයත් ජාති ජරා ශෝක පරිදේවදුකත් කෙසේ ඉක්මවත් දැ? සර්‍වඥ මුනි වූ මුඹ වහන්සේ අයදිමි. එය මට විසඳා වදාළ මැනැව, යම් හෙයෙකින් මුඹ වහන්සේ විසින් තෙල දහම සත්ත්‍වයන් විසින් අවබෝධ කරන සේ පැනවීම් වශයෙන් දන්නා ලද ද එහෙයිනි.
යං තං අපුච්ඡිම්හ අකිත්තයී නො යනු: (ඇපි) යමක් විචාළමෝ ද අයැදියමෝ ද අධ්‍යෙෂණ කළමෝ ද පැහැද වූවමෝ ද - අකිත්තයි නො යනු: කිර්තනය කරන ලද යැ කියන ලද යැ දෙසන ලද යැ පනවන ලද යැ (ඥාන මුඛයෙහි) තබන ලද යැ විවරා කරන ලද යැ විවරණ කරන ලද යැ පහළ කරන ලද යැ ප්‍රකාශ කරන ලද නු’යි ‘යං තං අපුච්ඡිම්හ අකිත්ත යී නො’ යනු වේ.
අඤ්ඤං තං පුච්ඡාම තදිඞ්ග බ්‍රෑහි යනු: මුඹ වහන්සේ අනෙකක් විචාරම්හ, මුඹ වහන්සේ අනෙකක් අයදිම්හ, මුඹ වහන්සේ අනෙකක් අධ්‍යෙෂණ කරම්හ, මුඹ වහන්සේ අනෙකක් (කියන්නට) පහදවම්හ, මුඹ වහන්සේ මත්තෙහි විචාරම්හ- තදිඞ්ග බ්‍රෑහි යනු: එය දැන් වදාළ මැනව කියනු මැනැව දෙසනු මැනැව පනවනු මැනැව (ඥානමුඛයෙහි) තබනු මැනැව විවරණ කළ මැනැව විභාග කළ මැනැව පාළ කරනු මැනැව ප්‍රකාශ කළ මැනැව නු’යි ‘අඤ්ඤං තං පුච්ඡාම තදිඞ්ග බ්‍රෑහි’ යනු වේ.
කථන්නු ධීරා විතරන්ති ඕඝං ජාතිජරං සෝක පරිද්දවං ච යනු: ‘කථන්නු’ යනු මෙසේ දෝ හෝ නො වේ දෝ හෝ කිමෙක් දෝ හෝ කෙසේ දෝ හො’ යි සංශයපෘච්ඡා යැ විමතිපෘච්ඡා යැ ද්වෛධපෘච්ඡා යැ අනෛකාන්ත පෘච්ඡා යි. ධීරා යනු: ධීරයෝ පණ්ඩිතයෝ පැනැතියෝ බුද්ධිමත්හු නැණැතියෝ විමර්ෂඥාන ඇත්තාහු (අනිත්‍යාදීන්) තුලිත ඥාන, ඇත්තාහු. ඕඝං යනු: කාමෝඝ යැ භවොඝ යැ දෘෂ්ටි-ඕඝ යැ අවිද්‍යා ඕඝ යි. ජාති යනු: ඒ ඒ සත්ත්‍වයන් ගේ ඒ ඒ සත්ත්‍වනිකායයෙහි යම් උපැත්මෙක් හට ගැන්මෙක් අවක්‍රාන්තියක් නිපැද්මෙක් ස්කන්‍ධයන්ගේ පහළ වීමෙක් ආයතනයන්ගේ ප්‍රතිලාභයෙක් වේ ද, හේ යැ. ජරා යනු: ඒ ඒ සත්ත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍වනිකායයෙහි යම් දිරීමෙක් දිරන බවෙක් (දන්ත නඛාදීන්ගේ) කැඩුණු බවෙක් (කේශාදීන්ගේ) පැසුණු බවෙක් රැලි වැටුණු සම් ඇති බවෙක්, ආයුෂයාගේ පිරිහීමෙක් ඉන්‍ද්‍රියයන්ගේ පැසීමෙක් වේ ද එය යි. සොකො යනු: ඥාති ව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දහු ගේ, භෝගව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දහු ගේ, රෝග ව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දහු ගේ, ශීල ව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දහු ගේ දෘෂ්ටිව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දහු ගේ, අන්‍යතරාන්‍යතර ව්‍යසනයෙකින් හෝ සමන්‍වාගත වූවහු ගේ අන්‍යතරාන්‍යතර දුඃඛධර්‍මයෙකින් හෝ පහස්නා ලද්දහු ගේ ශෝකයෙක් ශෝක කරන අයුරෙක් ශෝක කළ බවෙක් ඇතුළත ශෝකයෙක් ඇතුළත පරිශෝකයෙක් අබ්භ්‍යන්තර දාහයෙක් අබ්භ්‍යන්තර පරිදාහයෙක් සිත දැවෙන අයුරෙක් දොම්නසෙක් ශෝකශල්‍යයෙක්.
පරිදෙවො යනු: ඥාතිව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දහු ගේ භෝගව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දහු ගේ රොගව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දහු ගේ ශීලව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දහු ගේ දෘෂ්ටිව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දහු ගේ අන්‍යතරාන්‍යතර ව්‍යසනයෙකින් හෝ පහස්නා ලද්දහු ගේ සමන්‍වාගත වූවහු ගේ අන්‍යතරාන්‍යතර දුඃඛධර්‍මයෙකින් හෝ පහස්නා ලද්දහු ගේ නම කියා හැඬීමෙක් ගුණ කියා හැඬීමෙක් නම කියා හඬන අයුරෙක් ගුණ කියා හඬන අයුරෙක් නම කියා හැඬු බවෙක් ගුණ කියා හැඬු බවෙක් වචනයෙක් ප්‍රලාපයෙක් (සිස් බසෙක්) විප්‍රලාපයෙක් පුනපුනා ලපනයෙක් පුනපුනා ලපනාකාරයෙක් පුනපුනා ලපිත බවෙක් වේද එය යි.
කථං නු ධීරා විතරන්තී ඕඝං ජාතිජරං සොකපරිද්දවඤ්ච යනු: ධීරයෝ කිසෙයින් ඕඝයත් ජාතියත් ජරාවත් ශොකයත් පරිදෙවයත් (කාමයන් දුරු කෙරෙමින්) තරණය කෙරෙති, (කෙලෙසුන් දුරු කෙරෙමින්) උත්තරණය කෙරෙති, (හේතු සිඳිමින්) ප්‍රතරණය කෙරෙති, (සසර) ඉක්මවති, (ප්‍රතිසන්‍ධිය අභව්‍යොත්පත්තික කෙරෙමින්) ඉක්ම සිටිත් නුයි ‘කථං නු ධීරා විතරන්ති ඕඝං ජාතිජරං සොකපරිද්දවඤ්ච’ යනු වේ.
තං මෙ මුනි සාධු වියාකරොහි යනු: තං යනු: යමක්හු පුළුවුස්නෙම් ද, යමක්හු අයදනෙම් ද, යමක්හු අධ්‍යෙෂණ කෙරෙම් ද, යමක්හු පහදවම් ද, (ඔහු යැ) මුනි යනු: ‘මොන’ යි ඥානය කියනු ලැබෙයි: යම් ප්‍රඥාවක් ප්‍රජානනාකාරයෙක් .... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යක්දෘෂ්ටියෙක් වේ ද, එයයි. භාග්‍යවතුන් වහන්සේ ඒ ඥානයෙන් සමන්‍වාගත වූවාහු මුනි වූවාහු මුනිභාවයට පැමිණියහ.
මෝනෙය්‍ය තුනෙකි: කායමෝනෙය්‍ය යැ වචීමොනෙය්‍ය යැ මනෝමෝනෙය්‍ය යි. කායමෝනෙය්‍ය කවරැ යත්: ත්‍රිවිධ කායදුශ්චරිතයන්ගේ ප්‍රහාණය කායමෝනෙය්‍ය යැ, ත්‍රිවිධ කායසුචරිතය කායමෝනෙය්‍ය යැ, කය අරමුණු කොට පවත්නා ඥානය කායමෝනෙය්‍ය යැ කායපරිඥාව කාය මෝනෙය්‍ය යැ පරිඥාසහගත (අධ්‍යාත්ම කය සම්මර්‍ශනය කොට උපදවන ලද) මාර්‍ගය කායමෝනෙය්‍ය යැ කයෙහි ඡන්‍දරාග ප්‍රහාණය කායමෝනෙය්‍ය යැ කායසංඛාර (ආශ්වාස ප්‍රශ්වාස) නිරෝධ සංඛ්‍යාත චතුර්ථත්ධ්‍යානසමාපත්තිය කායමෝනෙය්‍ය යැ මේ ‘කායමෝනෙය්‍ය’ යි.
වචීමොනෙය්‍ය කවරැ යත්: චතුර්විධ කායදුශ්චරිතයන් ගේ ප්‍රහාණය වචීමොනෙය්‍ය යැ චතුර්විධ වාක්සුචරිතය වචීමොනෙය්‍ය යැ, වචනය අරමුණු කොට පවත්නා ඥානය වචීමොනෙය්‍ය යැ, වාක්පරිඥාව වචීමොනෙය්‍ය යැ, පරිඥාසහගත මාර්‍ගය වචීමොනෙය්‍ය යැ වචනයෙහි ඡන්‍දරාග ප්‍රහාණය වචීමොනෙය්‍ය යැ, වාක්සංස්කාර (විතර්‍ක විචාර) නිරෝධ සංඛ්‍යාත ද්විතීයධ්‍යානසමාපත්තිය වචීමොනෙය්‍ය යැ, මේ ‘වචීමොනෙය්‍ය’ යි.
මනෝමෝනෙය්‍ය කවරැ යත්: ත්‍රිවිධ මනොදුශ්චරිතයන් ගේ ප්‍රහාණය මනෝමෝනෙය්‍ය යැ, ත්‍රිවිධමනොසුචරිතය මනෝමෝනෙය්‍ය යැ චිත්තාලම්බනයෙහි ඥානය මනෝමෝනෙය්‍ය යැ චිත්තපරිඥාව මනෝමෝනෙය්‍ය යැ පරිඥා සහගත මාර්‍ගය මනෝමෝනෙය්‍ය යැ සිතෙහි ඡන්‍දරාග ප්‍රහාණය මනෝමෝනෙය්‍ය යැ චිත්තසංස්කාර (සංඥා වේදනා) නිරෝධ සංඛ්‍යාත සංඥාවෙදයිතනිරොධසමාපත්තිය මනෝමෝනෙය්‍ය යැ, මේ ‘මනෝමෝනෙය්‍ය’ යි.
7 (කායවාග්මනොදුශ්චරිතය දුරැලීම් වශයෙන්) කායමුනි වූ වාග්මුනි වූ මනෝ මුනි වූ අනාස්‍රව වූ (ඵලයෙහි සිටි හෙයින්) මොනෙය්‍යසම්පන්න වූ මුනිහු සියලු කෙලෙසුන් දුරු කෙළේ යයි කියත්.
8 කායමුනි වූ වාග්මුනි වූ මනොමුනි වූ අනාස්‍රව වූ මෝනෙය්‍ය සම්පන්න වූ මුනිහු සෝදා හළ පව් ඇත්තෙකැ’යි කියත්.
මේ තුන් මෝනෙය්‍ය ධර්‍මයන් ගෙන් සමන්‍විත වූ මුනිහු සදෙනෙකි: අගාරමුනිහු යැ අනගාරමුනිහු යැ ශෛක්ෂමුනිහු යැ අශෛක්ෂමුනිහු යැ ප්‍රත්‍යෙකමුනිහු යැ මුනිමුනිහු යැ යි.
අගාරමුනිහු කවරහ යත්: දක්නා ලද නිවන් ඇති දන්නා ලද (ශික්‍ෂාත්‍රය) ශාසනය ඇති යම් ගිහිගේ වැසි කෙනෙක් වෙත් ද, මොහු අගාර මුනිහු යැ. අනගාරමුනිහු කවරහ යත්: දුටු නිවන ඇති දත් සසුන් ඇති යම් පැවිදි කෙනෙක් වෙත් ද, මොහු අනගාරමුනිහු යැ. සප්ත ශෛක්‍ෂයෝ සෙඛමුනිහු යැ. රහත්හු අසෙඛමුනිහු යැ. පසේ බුදුවරයෝ පච්චෙකමුනිහු යැ. තථාගත වූ අර්‍හත් සම්‍යක් සම්බුද්ධයෝ මුනිමුනිහු යයි කියනු ලැබෙත්.
9 මූඪ ප්‍රකෘති ඇති අවිඥ තෙම මෞනභාවය (නො බැණ සිටීම) හේතු කොට ගෙන මුනි වූයේ නො වෙයි. තවද පණ්ඩිත වූ යමෙක් තුලාව ගෙන සිටියක්හු සෙයින් උත්තම වූ ශීල සමාධ්‍යාදිය ගෙන -
10 අකුශල ධර්‍මයන් දුරු කෙරේ ද, හේ මුනි නම් වෙයි. යට කී කරුණෙන් හෙතෙම මුනි වූයේ යැ යමෙක් ස්කන්‍ධාදි ලෝකයෙහි අධ්‍යාත්ම බාහිරාදී උභයාර්ථයන් දැන ගනී ද, එ කරුණෙන් හෙතෙම මුනි යයි කියනු ලැබේ.
11 යමෙක් කුශලාකුශල ප්‍රභේද වූ සදසත්ධර්මය ද සියලු ස්කන්‍ධාදි ලෝකයෙහි අධ්‍යාත්ම බාහිරාදි ධර්‍මය ද දැන රාගාදි සඞ්ගය හා තෘෂ්ණා දෘෂ්ටිජාලය ඉක්මවා සිටියේ ද ඒ ක්‍ෂීණාස්‍රව මුනි තෙමේ දෙවිමිනිසුන් විසින් පුදන ලදුයේ වේ.
සාධු වියාකරොහි යනු: එය මොනොවට පැවැසුව මැනැව, දෙසුව මැනැව, පැනවුව මැනැව, පිහිටුව මැනැව, විවෘත කළ මැනැව, විභාග කළ මැනැව, නො ගැඹුරු කළ මැනැව, ප්‍රකාශ කළ මැනැව නුයි. ‘තං මෙ මුනී සාධු වියාකරොහි’ යනු වේ.
තථා හි තෙ විදිතො එස ධම්මෝ යනු: යම් හෙයකින් මුඹ වහන්සේ විසින් තෙල දහම දන්නා ලද ද තුලනය කරන ලද ද තීරණය කරන ලද ද ප්‍රකට කරන ලද ද වඩන ලද ද එහෙයිනැයි, ‘තථා හි තෙ විදිතො එස ධම්මෝ’ යනු වේ.
එයින් කී යැ ඒ බමුණු:
“යං තං අපුච්ඡිම්හ අකිත්තයී නො -පෙ- තථා හි තෙ විදිතො එස ධම්මෝ” යි.
4. 5.