Cūḷaniddesa

Lesser Exposition

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1-100 න් 1948

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTසුත්තන්තපිටකෙ
Sinhala BJTසූත්‍රාන්තපිටකයෙහි
Pali BJTඛුද්දකනිකායෙ
Sinhala BJTකුදුගත්සඟියේ
Pali BJTචුල්ලනිද්දෙසපාළි
Sinhala BJTචූලනිර්දේශය
Pali BJTනමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස
Sinhala BJTඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා.
Pali BJTපාරායන වග්ගො
Sinhala BJTපාරායණ වර්‍ගය
Pali BJTවත්ථුගාථා
Sinhala BJTවස්තු ගාථා
Pali BJT1. කොසලානං පුරා රම්මා-අගමා දක්ඛිණාපථං ආකිඤ්චඤ්ඤං පත්ථයානො-බ්රාහ්මණො මන්තපාරගූ.
Sinhala BJT1. වෙද මන්ත්‍රයෙහි පරතෙරට ගිය (බාවරි) බමුණු අකිඤ්චනභාවය (පරිග්‍රභොපකරණයන්ගෙන් විවික්ත බව) පතනුයේ කොසොල් රට රම්‍ය වූ (සැවැත්) නුවරින් නික්මැ දක්‍ෂිණාපථයට ගියේ යැ.
Pali BJT2. සො අස්සකස්ස{2} විසයෙ-මූලකස්ස{3} සමාසනෙ වසී ගොදාවරී{4} කූලෙ-උඤ්ඡෙන ච ඵලෙන ච.
Sinhala BJT2. හෙ තෙම අස්සක රජහුගේ ද මූලක රජහුගේ දැයි දෙ රජුන් ගේ දෙ රට ආසන්න පෙදෙසෙහි (හෙවත් ඒ දෙරට අතුරෙහි) ගොදාවරී නදී තීරයෙහි (වූ අසපුයෙහි) කෙණෙසි අහරින් හා වෙනෙහි කඳු මුල් පලයෙන් හා (යැපෙමින්) විසී.
Pali BJT3. තස්සෙ ව{5} උපනිස්සාය-ගාමො ච විපුලො අහු තතො ජාතෙන ආයෙන-මහායඤ්ඤමකප්පයී.
Sinhala BJT3. ඒ ගොදාවරී තීරය මැ (නොහොත් ඒ බමුණහු මැ) නිසා මහත් වූ ගමෙක් ද විය. හේ එගමින් උපන් කරවුවරින් මහා යඥයක් කෙළේ යැ (මහ දනක් දුන.)
Pali BJT4. මහායඤ්ඤං යජිත්වාන-පුන පාවිසි අස්සමං තස්මිං{5} පතිපවිට්ඨම්හි{6}-අඤ්ඤො ආගඤ්ඡි{7} බ්රාහ්මණො.
Sinhala BJT4. හේ මහදන් දී යළි අසපුවට පිවිසියේ යැ. ඔහු පිවිසි කල්හි අන් බමුණෙක් (එහි) ආයේ යි.
Pali BJT5. උග්ඝට්ටපාදො තසිතො-පඞ්කදන්තො රජස්සිරො සො ච නං උපසංකම්ම-සතානි පඤ්ච යාචති.
Sinhala BJT5. (ගමන්හි) ගැටුණු පා ඇති පිපාසිත වූ මල බැඳුණු දත් ඇති දුහුලි වැකුණු හිස ඇති හෙ ද ඔහු කරා එළඹැ (කහවණු) පන්සියයක් ඉල්ලී යැ.
Pali BJT6. තමෙනං බාවරී දිස්වා-ආසනෙන නිමන්තයී සුඛං ච කුසලං පුච්ඡි-ඉදං වචනමබ්රවී.
Sinhala BJT6. බාවරී තවුස් ඔහු දැක අස්නෙකින් පැවැරී යැ, සුව ද අරෝග බව ද විචාළේ යැ, මෙවදන් ද කී:
Pali BJT7. යං ඛො මමං දෙය්යධම්මං-සබ්බං විස්සජ්ජිතං{8} මයා අනුජානාහි මෙ බ්රහ්මෙ-නත්ථි පඤ්ච සතානි මෙ.
Sinhala BJT7. “මා සතු යම් දේයධර්‍මයෙක් වී නම් මා විසින් එ හැම දෙන ලද. බමුණ, මබස් හදහව, මට (කහවණු) පන්සියෙක් නැති.”
Pali BJT8. සචෙ මෙ යාචමානස්ස-භවං නානුපදස්සති සත්තමෙ දිවසෙ තුය්හං-මුද්ධා ඵලතු සත්තධා.
Sinhala BJT8. ඉදින් භවත් තෙමේ යදනා (ඉල්ලන) මට නො දෙන්නේ නම් (මින්) සත්වන දවසැ තා හිස් සත් කඬ වැ පැළේවා!
Pali BJT9. අභිසඞ්ඛරිත්වා කුහකො-භෙරවං සො අකිත්තයී තස්ස තං වචනං සුත්වා-බාවරී දුක්ඛිතො අහු.
Sinhala BJT9. ඒ කුහක බමුණු තෙම කොහොන් වත් සකස් කොට බිය දනවන වදන් තෙපලී යැ. ඔහුගේ එවදන් අසා බාවරී තවුස් දොම්නස් වී යැ.
Pali BJT10. උස්සුස්සති{1} අනාහාරො-සොකසල්ලසමප්පිතො අථො’පි එවංචිත්තස්ස-ඣානෙ න රමතී මනො.
Sinhala BJT10. හේ ශෝකශල්‍යයෙන් විදුනා ලදුයේ නිරාහාර වැ වියැළෙයි, තවද මෙබඳු සිත් ඇති ඔහුගේ සිත ධ්‍යානයෙහි නො ඇලෙයි.
Pali BJT11. උත්රස්තං දුක්ඛිතං දිස්වා-දෙවතා අත්ථකාමිනී බාවරිං උපසඞ්කම්ම-ඉදං වචනමබ්රවී.
Sinhala BJT11. (එ අරම්හි අරක්ගත්) වැඩ කැමැති දෙවියෙක් බියපත් වූ දුකට පැමිණි බාවරී බමුණු කරා එළැඹ මෙ බස් කිව;
Pali BJT12. න සො මුද්ධං පජානාති-කුහකො සො ධනත්ථිකො මුද්ධනි මුද්ධපාතෙ වා-ඤාණං තස්ස න විජ්ජති.
Sinhala BJT12. “හේ මුදුන් (හිස) නො දනී, හේ ධන කැමැති කුහකයෙක, මුදුන්හි හෝ මුදුන් පැළුමෙහි නුවණෙක් ඔහුට නැති.”
Pali BJT13. භොතී චරහි ජානාති-තං මෙ අක්ඛාහි පුච්ඡිතා{2} මුද්ධං මුද්ධාධිපාතං ච-තං සුණොම වචො තව.
Sinhala BJT13. “ඉදින් භවතී මුදුනුදු මුදුන් පැළුමුදු දනී නම් මා විසින් විචාරන ලද තෝ එය මට කියව. තී ගේ එ වදන් අසම්හ.”
Pali BJT14. අහම්පෙතං{3} න ජානාමි-ඤාණං මෙත්ථ{4} න විජ්ජති මුද්ධං මුද්ධාධිපාතො{5} ච-ජිනානං හෙතදස්සනං.
Sinhala BJT14. “මම ද තෙල නො දන්මි. මට මෙහි ලා නුවණෙක් නැති. මුදුනුදු මුදුන් පැළුමුදු යන මෙය ජිනයන්ගේ මැ දර්‍ශනයෙකි.”
Pali BJT15. අථ කො චරහි ජානාති-අස්මිං පුථවි{6} මණ්ඩලෙ මුද්ධං මුද්ධාධිපාතං ච-තං මෙ{7} අක්ඛාහි දෙවතෙ,
Sinhala BJT15. “එසේ කලැ මේ පොළෝ මඬලෙහි කවරෙක් නම් මුදුනුදු මුදුන් පැළුමුදු දනී ද? දෙවිය, එය මට කියව.”
Pali BJT16. පුරා කපිලවත්ථුම්හා-නික්ඛන්තො ලොකනායකො අපච්චො ඔක්කාකරාජස්ස-සක්යපුත්තො පභඞ්කරො.
Sinhala BJT16. පෙරැ කිඹුල්වත් පුරයෙන් නික්මැ ගිය, ලොවට නායක වූ ඔක්කාක රජහු ගේ පරපුරෙහි වූ ලොවැ ප්‍රඥාලෝකය කරන යම් ශාක්‍යපුත්‍රයෙක් වේ ද,
Pali BJT17. සො හි බ්රාහ්මණ, සම්බුද්ධො-සබ්බධම්මාන පාරගු සබ්බාභිඤ්ඤාබලප්පත්තො-සබ්බධම්මෙසු චක්ඛුමා සබ්බකම්මක්ඛයං{8} පත්තො-විමුත්තො උපධිසඞ්ඛයෙ{9}.
Sinhala BJT17. බමුණ හේ සම්බුද්ධ යැ, සියලු ධර්‍මයන්ගේ පරතෙරට ගියේ යැ, සියලු අභිඥාබලයට පැමිණියේ යැ, සියලු දහම්හි නුවණැස් ඇත්තේ යැ, සියලු කර්‍මයන්ගේ ක්‍ෂයට පැමිණියේ යැ, නිවන් අරමුණෙහි (අරමුණු කොට) (භව විමුක්තියෙන්) මිදුණේ යැ.
Pali BJT18. බුද්ධො සො භගවා ලොකෙ-ධම්මං දෙසෙති චක්ඛුමා තං ත්වං ගන්ත්වාන පුච්ඡස්සු-සො තෙ තං ව්යාකරිස්සති{10}.
Sinhala BJT18. පසැස් ඇති ඒ භාග්‍යවත් බුදුරජ ලොවැ දහම් දෙසයි. මුඹ උන් වහන්සේ වෙත ගොස් විචාරන්නැ. උන් වහන්සේ එය මුඹට හෙළි කරන සේක.
Pali BJT19. සම්බුද්ධොති වචො සුත්වා-උදග්ගො බාවරී අහු සොකස්ස තනුකො ආසි-පීතිඤ්ච විපුලං ලභි.
Sinhala BJT19. බාවරී තෙම ‘බුදුහු’ යන වදන් අසා ඔද වැඩි සිතැත්තේ විය. ඔහු ගේ ශෝකය ද තුනී විය, විපුල වු ප්‍රීතියට ද පැමිණියේ යි.
Pali BJT20. සො බාවරී අත්තමනො උදග්ගො තං දෙවතං පුච්ඡති වෙදජාතො කතමම්හි{1} ගාමෙ නිගමම්හි වා පුන{2} කතමම්හි වා ජනපදෙ ලොකනාථො යත්ථ ගන්ත්වා නමස්සෙමු{3}-සම්බුද්ධං දිපදුත්තමං.
Sinhala BJT20. ඒ බාවරී බමුණු සතුටු වූයේ ඔදවැඩි සිතැත්තේ උපන් සොම්නස් ඇත්තේ “යම් තැනකට ගොස් ද්විපදෝත්තම වූ ඒ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර කරන්නමෝ නම් ඒ ලෝකනායකයෝ කිනම් ගමෙකැ හෝ නියම්ගමෙකැ හෝ යළි කිනම් දනව්වෙකැ හෝ වසන සේක් දැ?” යි එ දෙවියා පිළිවිසී යැ.
Pali BJT21. සාවත්ථියං කොසලමන්දිරෙ ජිනො පහූතපඤ්ඤො වරභූරිමෙධසො සො සක්යපුත්තො විධුරො අනාසවො මුද්ධාධිපාතස්ස විදූ නරාසභො.
Sinhala BJT21. “පස්මරුන් දිනූ මහාප්‍රාඥ වූ උත්තම විපුල ප්‍රඥා ඇති අප්‍රතිම වූ අනාස්‍රව වූ නරශ්‍රේෂ්ඨ වූ මුදුන් පළාලීම දන්නා වූ ඒ ශාක්‍ය පුත්‍රයන් වහන්සේ කොසොල්රට සැවැත් නුවරැ වසන සේ කැ”යි.
Pali BJT22. තතො ආමන්තයී සිස්සෙ-බ්රාහ්මණො මන්තපාරගෙ එථ මාණවා අක්ඛිස්සං-සුණොථ වචනං මම.
Sinhala BJT22. ඉක්බිති බාවරී බමුණු වේදමන්ත්‍රයෙහි පරතෙරට ගිය අතැවැස්සන් ඇමැතී: එව මාණවකයෙනි, මම් තොපට කියනෙම් මා ගේ වචනය අසවු.
Pali BJT23. යස්සෙසො දුල්ලභො ලොකෙ-පාතුභාවො අභිණ්හසො ස්වජ්ජ{4} ලොකම්හි උප්පන්නො-සම්බුද්ධො ඉති විස්සුතො ඛිප්පං ගන්ත්වාන සාවත්ථිං-පස්සව්හො දිපදුත්තමං.
Sinhala BJT23. “ලෝකයෙහි තෙල යමක්හුගේ එක්වන් පහළවීම දුර්‍ලභ වේ ද, ‘සම්බුදුහු’යි ප්‍රසිද්ධ වූ උන් වහන්සේ දැන් ලොවැ පහළ වූහු ල. තෙපි වහා සැවැතට ගොස් ඒ ද්විපදෝත්තමයන් වහන්සේ දකිවු”(යි කී යැ).
Pali BJT24. කථං චරහි ජානෙමු-දිස්වා බුද්ධොති බ්රාහ්මණ අජානතං නො පබ්රූහි-යථා ජානෙමු තං මයං.
Sinhala BJT24. “බමුණාණෙනි, ඔවුන් දැක ‘මේ බුදුහ’යි කිසේ දනුම්හ. ඇපි ඔවුන් යම්සේ දත හෙන්නමෝ නම් නො දන්නා අපට එසෙයින් කිව මැනැවැ”යි (කීහ.)
Pali BJT25. ආගතානි හි මන්තෙසු-මහාපුරිසලක්ඛණා ද්වත්තිංස ච{5} ව්යාඛ්යාතා-සමත්තා අනුපුබ්බසො.
Sinhala BJT25. පිළිවෙළින් විස්තර කරන ලද පරිපූර්‍ණ වූ දෙතිස් මහපුරිස් ලකුණු වේදයෙහි ආයේ යැ,
Pali BJT26. යස්සෙතෙ හොන්ති ගත්තෙසු-මහාපුරිසලක්ඛණා ද්වෙයෙව{6} තස්ස ගතියො-තතියා හි න විජ්ජති.
Sinhala BJT26. යමක්හුගේ සිරුරෙහි තෙල දෙතිස් මහපුරිස් ලකුණු ඇද්ද, ඔහුට දෙගතියෙක් මැ වෙයි, තෙ වැන්නෙක් නැති.
Pali BJT27. සචෙ අගාරං ආවසති{7}-විජෙය්ය පඨවිං ඉමං අදණ්ඩෙන අසත්ථෙන-ධම්මෙනමනුසාසති{8}.
Sinhala BJT27. ඉදින් හේ ගිහිගෙයි වෙසේ නම් නො දඬින් නො සැතින් මේ පොළොව දිනා දැහැමින් අනුශාසනා කෙරෙයි (සක්විති රජ වෙයි).
Pali BJT28. සචෙ ච සො පබ්බජති-අගාරා අනගාරියං විවට්ටච්ඡද්දො{9} සම්බුද්ධො-අරහා භවති අනුත්තරො.
Sinhala BJT28. තවද, ඉදින් හේ ගිහිගෙන් නික්මැ සසුන්හි පැවිදි වේ නම් විවට කළ කෙලෙස් සෙවෙණි ඇති වැ අනුත්තර වූ අර්‍හත් සම්බුද්ධ වෙයි.
Pali BJT29. ජාතිං ගොත්තං{1} ච ලක්ඛණං-මන්තෙ සිස්සෙ පුනාපරං{2} මුද්ධං මුද්ධාධිපාතං{3} ච-මනසායෙව පුච්ඡථ.
Sinhala BJT29. (තෙපි මාගේ) ජාති (වයස්) දු ගොතුදු ලක්‍ෂණ දු උගත් වෙදයනුදු සිසුනු දු යළි අන්‍ය වූ මුදුනුදු මුදුන් පැළුමුදු සිතින් මැ පුළුවුස්ව.
Pali BJT30. අනාවරණදස්සාවී-යදි බුද්ධො භවිස්සති මනසා පුච්ඡිතෙ පඤ්හෙ-වාචාය විස්සජෙස්සති{4}.
Sinhala BJT30. ඉදින් හේ අනාවරණඥානදර්ශන ඇති බුදු වේ නම් (තොප) සිතින් පුළුවුත් පැන තෙපුලින් විසඳයි යනු කී යැ.
Pali BJT31. බාවරිස්ස වචො සුත්වා-සිස්සා සොළස බ්රාහ්මණා අජිතො තිස්සමෙත්තෙය්යො-පුණ්ණකො අථ මෙත්තගු.
Sinhala BJT31-33. බාවරී බමුණුගේ බස් අසා අජිත යැ තිස්සමෙත්තෙය්‍ය යැ පුණ්ණක යැ මෙත්තගූ යැ ධෝතක යැ උපසීව යැ නන්‍ද යැ යළි හේමක යැ තෝදෙය්‍ය, කප්ප දෙදෙනා යැ පණ්ඩිත වූ ජතුකණ්ණී යැ. භද්‍රාවුධ යැ උදය යැ පෝසාල නම් බමුණු යැ ප්‍රාඥ වූ මෝඝරාජ යැ පිංගිය මහතවුස් යැ යන සොළොස් බමුණු අතැවැසියෝ-
Pali BJT32. ධොතකො උපසීවො ච-නන්දො ච අථ හෙමකො තොදෙය්යකප්පා{5} දුභයො-ජතුකණ්ණී ච පණ්ඩිතො.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT33. භද්රාවුධො උදයො ච-පොසාලො චාපි බ්රාහ්මණො මොඝරාජා ච මෙධාවී-පිංගියො ච මහාඉසි.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT34. පච්චෙකගණිනො සබ්බෙ-සබ්බලොකස්ස විස්සුතා ඣායී ඣානරතා ධීරා-පුබ්බවාසනවාසිතා.
Sinhala BJT34. හැම දෙන වෙන වෙන ශිෂ්‍යගණයා ඇත්තාහු සියලු ලොවැ ප්‍රකට වූවාහු ධ්‍යාන කරන්නාහු ධ්‍යානයෙහි ඇලුණාහු ධෘති සම්පන්න වූවාහු පූර්‍වපුණ්‍යවාසනා ගුණයෙන් වාසිත සිත් ඇත්තාහු-
Pali BJT35. බාවරිං අභිවන්දිත්වා-කත්වා ච නං පදක්ඛිණං ජටාජිනධාරා සබ්බෙ-පක්කාමුං උත්තරාමුඛා.
Sinhala BJT35. බාවරීහු අභිවාදන කොට යළි ඔහු පැදකුණු කොට සියල්ලෝ දළ මඬුලු අඳුන් දිවිසම් දරන්නාහු උතුරු දෙසට මුහුණලා නික්මැ ගියෝ.
Pali BJT36. මූලකස්ස{6} පතිට්ඨානං-පුරිමං මාහිස්සතිං තථා{7} උජ්ජෙනිං චාපි ගොනද්ධං-වෙදිසං වනසව්හයං{8}.
Sinhala BJT36. මූලක ජනපදයට අයත් පතිට්ඨාන නගරයට ද, මාහිස්සතී නම් පළමු නගරයට ද, එසේ මැ උදේනී නුවරට ද ගෝනද්ධ (ගෝධ) පුරයට ද, වේදිස නුවරට ද, වස්සැවැතට ද-
Pali BJT37. කොසම්බිං චාපි සාකෙතං-සාවත්ථිං ච පුරුත්තමං සෙතව්යං{9} කපිලවත්ථුං-කුසිනාරං ච මන්දිරං.
Sinhala BJT37. කොසොඹෑ නුවරට ද, සාකේත පුරයට ද, සැවැත් පුරවරයට ද, සේතව්‍ය නුවරට ද, කිඹුල්වත් පුරයට ද, කුසිනාරා පුරයට ද-
Pali BJT38. පාවං ච භොගනගරං-වෙසාලිං මාගධං පුරං පාසාණකං චෙතියං ච-රමණීයං මනොරමං.
Sinhala BJT38. පාවා නුවරට ද, භොග නගරයට ද, විසල් පුරට ද, මගධ රට අගනුවර වූ රජගහ නුවරට ද, සිත්කලු වූ මනරම් වූ පහණ සෑ වෙහෙරට ද-
Pali BJT39. තසිතොවුදකං සීතං-මහාලාභං ව වාණිජො ඡායං ඝම්මාභිතත්තොව-තුසිතා{10} පබ්බතමාරහුං.
Sinhala BJT39. පවස් ඇතියකු සිහිල් දියකට මෙන්, වෙළෙඳක්හු මහත් ලාභයකට මෙන්, ගිමින් තැවුණක්හු සෙවණකට මෙන් හටගත් සොම්නස් ඇත්තාහු පව්වට නැංගාහ.
Pali BJT40. භගවා ච තස්මිං{1} සමයෙ-භික්ඛුසඞ්ඝපුරක්ඛතො භික්ඛූනං ධම්මං දෙසෙති-සීහොව නදතී වනෙ.
Sinhala BJT40. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ ද භික්‍ෂුසංඝයා විසින් පුරස්කෘත වූවාහු වනයෙහි සිංහයකු නාද කරන්නා සේ භික්‍ෂූනට දහම් දෙසන සේක.
Pali BJT41. අජිතො අද්දස සම්බුද්ධං-සතරංසිං’ව භානුමං{2} චන්දං යථා පණ්ණරසෙ-පරිපූරිමුපාගතං{3}
Sinhala BJT41. අජිත මාණව සම්බුදුන් සියගණන් රස් ඇති හිරු සෙයින් පණුරැසි පොහොදවස් සොළොස් කලා පිරුණු සඳු සෙයින් දිටී.
Pali BJT42. අථස්ස ගත්තෙ දිස්වාන-පරිපූරං ව බ්යඤ්ජනං එකමන්තං ඨිතො හට්ඨො-මනොපඤ්හෙ අපුච්ඡථ.
Sinhala BJT42. ඉක්බිති උන් වහන්සේගේ සිරුරෙහි පිරිපුන් පුරිස් ලකුණු දැක සතුටු වූයේ එකත්පස් වැ සිටියේ මනසින් පැන පුළුවුත් :
Pali BJT43. ආදිස්ස ජම්මනං බ්රූහි-ගොත්තං බ්රූහි සලක්ඛණං මන්තෙසු පාරමිං බ්රූහි-කති වාචෙති බ්රාහ්මණො.
Sinhala BJT43. “අප ඇදුරන් උදෙසා උන්ගේ ජාති (වයස්) කියනු මැන. පුරිස්ලකුණු සහිත කොට ගොත් කියනු මැන, වෙදයන්හි නිමාවට පැමිණීම ද කියනු මැන, හේ කෙතෙක් අතැවැසියන් හදාරවා ද”යි (විචාළේ යැ.)
Pali BJT44. වීසං වස්සසතං ආයු-සො ච ගොත්තෙන බාවරී තීණස්ස{4} ලක්ඛණා ගත්තෙ-තිණ්ණං වෙදාන පාරගූ.
Sinhala BJT44. ‘(තොප ඇදුරු උපතින්) එක්සියවිසි හවුරුදු ඇත්තේ යැ, හෙ ද ගෝත්‍රයෙන් ප්‍රාවරී (බාවරී) නමැ, ඔහු ගත මහපුරිස් ලකුණු තුනෙක, ත්‍රිවේදයෙහි පරතෙරට ගියේ යැ.
Pali BJT45. ලක්ඛණෙ ඉතිහාසෙ ච-සනිඝණ්ඩු සකෙටුහෙ පඤ්ච සතානි වාචෙති-සධම්මෙ පාරමිං ගතො.
Sinhala BJT45. (මහාපුරුෂ) ලක්‍ෂණශාස්ත්‍රයෙහි ද, නිඝණ්ටු සහිත කෙටූහ ශාස්ත්‍ර සහිත ඉතිහාසයෙහි ද, ස්වකීය බ්‍රාහ්මණ ධර්‍මයෙහි ද පරතෙරට ගියේ පන්සියක් අතැවැසියන් හදාරවයි.
Pali BJT46. ලක්ඛණානං පවිචයං-බාවරිස්ස නරුත්තම තණ්හච්ඡිද පකාසෙහි-මා නො කඞ්ඛායිතං අහු.
Sinhala BJT46. තෘෂ්ණාව සිඳ හළ නරශ්‍රේෂ්ඨයන් වහන්ස, බාවරී බමුණුගේ පුරුෂලක්ෂණයන් ගේ විස්තරය පවසන්නැ, අපට නහමක් සැක වේවා’යී (සිතින් පුළුවුත්.)
Pali BJT47. මුඛං ජිව්හාය ඡාදෙති-උණ්ණස්ස භමුකන්තරෙ කොසොහිතං වත්ථගුය්හං-එවං ජානාහි මාණව.
Sinhala BJT47. මාණවකය, හේ (තමා) දිවින් මුහුණ වසයි. උහුගේ දෙබැම අතුරෙහි උණුලොම් වෙයි. අඞ්ගජාතය කෝෂාවහිත වේ. මෙසේ මෙ කරුණු දනැ’යි (වදාළහ.)
Pali BJT48. පුච්ඡම්හි කඤ්චි අසුණන්තො-සුත්වා පඤ්හෙ ව්යාකතෙ විචින්තෙති ජනො සබ්බො-වෙදජාතො කතඤ්ජලී.
Sinhala BJT48. සියලු ජන තෙමේ විචාරනු ලබන කිසි පැනයක් නො අසනුයේ විසැඳූ පැන අසා උපන් සොම්නස් ඇත්තේ බඳැදිලි ව මෙසේ සිතයි ;
Pali BJT49. කො නු දෙවො වා බ්රහ්මා වා-ඉන්දො වාපි සුජම්පති මනසා පුච්ඡිතෙ පඤ්හෙ-කමෙතං පටිභාසති.
Sinhala BJT49. “කවර දෙවියෙක් හෝ බඹෙක් හෝ සුජාපති වූ ඉන්‍ද්‍ර හෝ සිතින් විචාළ පැන විසඳා ද? (ඔවුනතුරෙහි) කවරක්හට තෙල පැන වැටහේ දැ”යි.
Pali BJT50. මුද්ධං මුද්ධාධිපාතං ච-බාවරී පරිපුච්ඡති තං ව්යාකරොහි භගවා-කඞ්ඛං විනය නො ඉසෙ,
Sinhala BJT50. “භාග්‍යවතුන් වහන්ස, බාවරී තෙම මුදුනුදු මුදුන් පැළුමුදු පුළුවුසි. එය විසඳන්නැ, ඍෂීන් වහන්ස, අපගේ සැකය දුරැලන්නැ”යී.
Pali BJT51. අවිජ්ජා මුද්ධාති ජානාහි-විජ්ජා මුද්ධාධිපාතිනී සද්ධා සති සමාධීහි-ඡන්දවිරියෙන සංයුතා,
Sinhala BJT51. අවිද්‍යාව (සසර හිස් වන බැවින්) මුදු නැ, ශ්‍රද්ධා ස්මෘති සමාධි ඡන්‍ද වීර්‍ය්‍ය යන මොවුන් හා සමග යෙදුණු (අර්හන්මාර්ග) විද්‍යාව මුදුන් පළන යයි දනැ”යි.
Pali BJT52. තතො වෙදෙන මහතා-සන්ථම්භිත්වාන{1} මාණවො එකංසං අජිනං කත්වා-පාදෙසු සිරසා පතී.
Sinhala BJT52. ඉක්බිති අජිත මාණව මහත් ප්‍රීතියෙන් සංස්තබ්ධ වැ අඳුන් දිවිසම් එකස් කොටැ ලැ (බුදුන්) පාපිට හිස් තබා වැඳ වැටුණේ යැ.
Pali BJT53. බාවරී බ්රාහ්මණො භොතො-සහ සිස්සෙහි මාරිස උදග්ගචිත්තො සුමනො-පාදෙ වන්දති චක්ඛුම,{2}
Sinhala BJT53. නිදුකාණෙනි, පසැස් ඇතියාණෙනි, බාවරී බ්‍රාහ්මණ තෙම ඔද වැඩි සිත් ඇති වැ සොම්නස් වැ භවත්හු පා වඳී යි.
Pali BJT54. සුඛිතො බාවරී හොතු-සහ සිස්සෙහි බ්රාහ්මණො ත්වං චාපි සුඛිතො හොහි-චිරං ජීවාහි මාණව,
Sinhala BJT54. “බාවරී බමුණු තෙම සිසුන් හා සමග සුවපත් වේවා! මාණවය තො ද සුවපත් වෙයි! සැරදෙයී!” (වදාළෝ.)
Pali BJT55. බාවරිස්ස{3} ව තුම්හං{4} වා-සබ්බෙසං සබ්බසංසයං කතාවකාසා පුච්ඡව්හො-යං කිඤ්චි මනසිච්ඡථ.
Sinhala BJT55. “තෙපි කළ අවකාශ ඇතියවු, යම් කිසිවක් පුළුවුස්නට සිතින් කැමැතියවු නම් බාවරිහු ගේ වේවයි තොප හැම ගේ වේවයි එ හැම සංශය පුළුවුස්ව”යි (වදාළෝ.)
Pali BJT56. සම්බුද්ධෙන කතොකාසො-නිසීදිත්වාන පඤ්ජලී අජිතො පඨමං පඤ්හං-තත්ථ පුච්ඡි තථාගතං.
Sinhala BJT56. සම්බුදුන් විසින් කළ අවකාශ ඇති අජිත මාණව ඇඳිලි බැඳ හිඳ එහි පළමු පැනය බුදුන් පිළිවිත්.
Pali BJTවත්ථුගාථා නිට්ඨිතා
Sinhala BJTවස්තුගාථා නිමි.
Pali BJT1. අජිතමාණව පුච්ඡා.
Sinhala BJT1. අජිත මාණව පෘච්ඡා
Pali BJT1-1 කෙනස්සු නිවුතො ලොකො (ඉච්චායස්මා අජිතො) කෙනස්සු නප්පකාසති කිස්සාභිලෙපනං බ්රූහි කිං සු තස්ස මහබ්භයං.
Sinhala BJT1-1. (ආයුෂ්මත් අජිත මෙසේ පිළිවිත්: ලෝවැසි තෙම කිමෙකින් නිවෘත (වැසුණේ) ද? කවර හෙයින් නො පැනේ ද? කිමෙක් ඔහට අභිලේපන (ලහටු) යැ යි වදාරන සේක් ද? කිමෙක් ඔහට මහද්භය වේ ද?
Pali BJT1-2 අවිජ්ජාය නිවුතො ලොකො (අජිතාති භගවා) වෙවිච්ඡා{1} පමාදා නප්පකාසති ජප්පාභිලෙපනං බ්රූමි දුක්ඛමස්ස මහබ්භයං.
Sinhala BJT1-2. (අජිත යැ යි අමතා බුදුහු මෙසේ වදාළහ:) ලෝවැසි තෙම අවිද්‍යායෙන් නිවෘත යැ. මාත්සර්‍ය්‍ය හෙයින් ප්‍රමාද හෙයින් නො පැනෙයි (ප්‍රකාශ නො වෙයි) තෘෂ්ණාව අභිලේපන යැ යි කියමි, (ජාත්‍යාදි) දුක ඔහට මහද්භය වෙයි.
Pali BJT1-3 සවන්ති සබ්බධි සොතා (ඉච්චායස්මා අජිතො) සොතානං කිං නිවාරණං සොතානං සංවරං බ්රූහි කෙන සොතා පිථියරෙ{2}.
Sinhala BJT1-3. (ආයුෂ්මත් අජිත මෙසේ පිළිවිත්:) හැම තන්හි (රූපාදි ආයතනයන්හි තෘෂ්ණාදි) ස්‍රෝතස්හු ගලා යෙති , ස්‍රෝතසුන්ගේ ආවරණය කවරැ? ස්‍රෝතසුන් ගේ සංවරය වදාළ මැනැව. කවර දහමෙකින් ස්‍රෝතස්හු පියනු ලැබෙත් ද (පසිඳිනු ලැබෙත් ද)?
Pali BJT1-4 යානි සොතානි ලොකස්මිං (අජිතාති භගවා) සති තෙසං නිවාරණං සොතානං සංවරං බ්රූමි පඤ්ඤායෙතෙ පිථියරෙ.
Sinhala BJT1-4. (අජිත යැ යි අමතා බුදුහු මෙසේ වදාළහ:) ලොවැ යම් ස්‍රෝතස් කෙනෙක් වෙත් ද, ස්මෘතිය ඔවුනට ආවරණ වෙයි, (එ මැ ස්මෘතිය) ස්‍රෝතසුන්ගේ ‘සංවරය’ යි කියමි, (මාර්‍ග) ප්‍රඥාව විසින් තුලුහු පියනු (පසිඳිනු) ලැබෙත්.
Pali BJT1-5 පඤ්ඤා චෙව සතී චාපි{3} (ඉච්චායස්මා අජිතො) නාමරූපං ච මාරිස එතං මෙ පුට්ඨො පබ්රූහි කත්ථෙතං උපරුජ්ඣති.
Sinhala BJT1-5. (ආයුෂ්මත් අජිත මෙසේ පිළිවිත්.) ප්‍රඥාව ද ස්මෘතිය ද (තදවශේෂ) නාමරූපය ද යන තෙල සියල්ල කොහි නිරුද්ධ වේ ද? නිදුකාණෙනි, මා විසින් පුළුවුස්නා ලද මුඹ වහන්සේ තෙල කරුණ මට වදාළ මැනව.
Pali BJT1-6 යමෙතං පඤ්හං අපුච්ඡි අජිත තං වදාමි තෙ යත්ථ නාමං ච රූපං ච අසෙසං උපරුජ්ඣති විඤ්ඤාණස්ස නිරොධෙන එත්ථෙතං උපරුජ්ඣති.
Sinhala BJT1-6. අජිත තෙපි යම් පැනයක් විචාළ වු ද, එය තොපට කියමි. යම් තැනෙක්හි නාමයත් රූපයත් නිරවශේෂයෙන් නිරුද්ධ වේ ද, (පශ්චිම) විඥානයාගේ නිරෝධය හා මැ (පෙර පසු නො වැ) තෙල විඥාන නිරෝධයෙහි මැ තෙල නාමරූපය උපරුද්ධ වෙයි (විඥාන නිරෝධය ඉක්ම නො යෙයි.)
Pali BJT1-7 යෙ ච සඞ්ඛාතධම්මා{4} සෙ යෙ ච සෙඛා පුථූ ඉධ තෙසං මෙ නිපකො ඉරියං පුට්ඨො පබ්රූහි මාරිස.
Sinhala BJT1-7. නිදුකාණෙනි, මෙ ලොවැ (අනිත්‍යාදි විසින්) විමසන ලද ධර්‍ම ඇති යම් (අශෛක්‍ෂ) කෙනෙකුත් වෙත් ද, බොහෝ වූ යම් ශෛක්‍ෂ කෙනෙකුත් වෙත් ද, මා විසින් පුළුවුස්නා ලද (ශෛක්‍ෂාශෛක්‍ෂ ධර්‍මයෙහි) පණ්ඩිත වූ මුඹ වහන්සේ ඔවුන්ගේ ප්‍රතිපත්තිය මට වදාළ මැනැව.
Pali BJT1-8 කාමෙසු නාභිගිජ්ඣෙය්ය මනසා නාවිලො සියා කුසලො සබ්බ ධම්මානං{5} සතො භික්ඛු පරිබ්බජෙ.
Sinhala BJT1-8. කාමයෙහි ගිජු නො වන්නේ යැ, සිතින් නො කැළඹුණෙක්, වන්නේ යැ, මහණ තෙම සියලු ධර්‍මයන්හි දක්‍ෂ වූයේ ස්මෘතිමත් වැ හැසිරෙන්නේ යි.
Pali BJTඅජිතමාණව පුච්ඡා-නිට්ඨිතා
Sinhala BJTඅජිත මාණව පෘච්ඡා නිමි.
Pali BJT2. තිස්සමෙත්තෙය්යමාණව පුච්ඡා
Sinhala BJT2. තිස්සමෙත්තෙය්‍ය මාණව පෘච්ඡා
Pali BJT2-1 කො’ධ{1} සන්තුසිතො ලොකෙ (ඉච්චායස්මා තිස්ස මෙත්තෙය්යො) කස්ස නො සන්ති ඉංජිතා කො උභන්තමභිඤ්ඤාය මජ්ඣෙමන්තා න ලිප්පති{2} කං බ්රූසි මහාපුරිසො’ති කො’ධ සිබ්බනිමච්චගා{3}?
Sinhala BJT2-1. (ආයුෂ්මත් තිස්ස මෙත්තෙය්‍ය මෙසේ පිළිවිත්:) මෙලොවැ කවරෙක් සතුටු වූයේ ද, කවරක්හට (තෘෂ්ණා-දෘෂ්ටි) ඉඤ්ජනයෝ (කම්පනයෝ) නැද්ද, කවරෙක් අන්තද්වය විශිෂ්ටඥානයෙන් දැනැ ම්‍යධයෙහි ප්‍රඥායෙන් නො ඇලේ ද, කවරක්හු ‘මහාපුරුෂ’ යයි කියනු සේක් ද, කවරෙක් මෙහි තෘෂ්ණා සිබ්බනිය (ගෙතුම) ඉක්මැ ගියේ දැ? යි”
Pali BJT2-2 කාමෙසු බ්රහ්මචරියවා (මෙත්තෙය්යා’ති භගවා) වීතතණ්හො සදා සතො සඞ්ඛාය නිබ්බුතො භික්ඛු තස්ස නො සන්ති ඉඤ්ජිතා.
Sinhala BJT2-2. (‘මෙත්තෙය්‍ය’ යි අමතා බුදුහු මෙසේ වදාළහ:) කාමයෙහි (ආදීනව දැක) බඹසර ඇති පහ වූ තෘෂ්ණා ඇති හැම කල්හි ස්මෘතිමත් වූ (අනිත්‍යාදි විසින්) දහම් විමසා (රාගාදිය නිවීමෙන්) නිවුණු යම් මහණෙක් වේ ද, ඔහට ඉඤ්ජිතයෝ නැත්තාහ.
Pali BJT2-3 සො උභන්තමභිඤ්ඤාය මජ්ඣෙ මන්තා න ලිප්පති තං බ්රූමි මහා පුරිසො’ති සො{4}’ධ සිබ්බනිමච්චගා.
Sinhala BJT2-3. හේ අන්තද්වය විශිෂ්ටඥානයෙන් දැනැ මධ්‍යයෙහි ප්‍රඥායෙන් නො ඇලෙයි, ඔහු ‘මහාපුරුෂ’ යයි කියමි. හේ මෙ ලොව්හි තෘෂ්ණා සිබ්බනිය ඉක්මැ ගියේ යි.
Pali BJTතිස්සමෙත්තෙය්යමාණවපුච්ඡා නිට්ඨිතා.
Sinhala BJTතිස්සමෙත්තෙය්‍යමාණව පෘච්ඡා නිමි.
Pali BJT3. පුණ්ණකමාණව පුච්ඡා
Sinhala BJT3. පූර්‍ණක මාණව පෘච්ඡා
Pali BJT3-1 අනෙජං මූලදස්සාවිං (ඉච්චායස්මා පුණ්ණකො) අත්ථි පඤ්හෙන{5} ආගමං කිංනිස්සිතා ඉසයො මනුජා ඛත්තියා බ්රාහ්මණා{6} දෙවතානං යඤ්ඤමකප්පයිංසු පුථු{7} ඉධ ලොකෙ පුච්ඡාමි තං භගවා බ්රූහි මෙතං.
Sinhala BJT3-1. (ආයුෂ්මත් පුණ්ණක මෙසේ විචාරයි:) තෘෂ්ණා රහිත වූ (එහෙයින්) අටලෝදහම්හි කම්පා රහිත වූ අකුශල මූලාදිය දක්නා සුලු වූ භාග්‍යවතුන් වහන්සේ කරා ප්‍රශ්නයෙන් ප්‍රයෝජන ඇත්තමෝ ආම්හ, මෙලොවැ ඍෂිහු යැ මනුෂ්‍යයෝ යැ ක්‍ෂත්‍රියයෝ යැ බ්‍රාහ්මණයෝ යැ යන බොහෝ යාග කරුවෝ කුමක් ඇසිරි කළාහු දෙවියනට දෙය ධර්‍මය පර්‍ය්‍යෙෂණ කෙරෙත් ද? (යාග කෙරෙත් ද?) භාග්‍යවතුන් වහන්ස, එ කරුණ මුඹ වහන්සේ පුළුවුස්මි. තෙල වදාළ මැනැවි.
Pali BJT3-2 යෙ කෙචි ‘මෙ ඉසයො මනුජා (පුණ්ණකා’ති භගවා) ඛත්තියා බ්රාහ්මණා දෙවතානං යඤ්ඤමකප්පයිංසු පුථු ඉධ ලොකෙ ආසිංසමානා{1} පුණ්ණක ඉත්ථභාවං ජරංසිතා යඤ්ඤමකප්පයිංසු.
Sinhala BJT3-2. (බුදුහු මෙසේ වදාළහ: පුණ්ණකය,) මෙලොවැ මේ ඍෂීහු යැ මනුෂ්‍යයෝ යැ ක්‍ෂත්‍රියයෝ යැ බ්‍රාහ්මණයෝ යැ යන යම් බොහෝ යාගකරුවෝ දෙවියනට යාග කෙරෙත් ද, පුණ්ණකය, ඔහු ජරාව (සසරදුක) නිසා මේ මනුෂ්‍යාදිභාවය පතන්නාහු (දෙවියනට) යාග කෙරෙත්.
Pali BJT3-3 යෙ කෙචි ‘මෙ ඉසයො මනුජා (ඉච්චායස්මා පුණ්ණකො) ඛත්තියා බ්රාහ්මණා දෙවතානං යඤ්ඤමකප්පයිංසු පුථු ඉධ ලොකෙ කච්චිස්සු තෙ භගවා යඤ්ඤපථෙ අප්පමත්තා අතාරු ජාතිං ච ජරං ච මාරිස පුච්ඡාමි තං භගවා බ්රූහි මෙතං.
Sinhala BJT3-3. (ආයුෂ්මත් පුණ්ණක මෙසේ විචාරයි:) මෙලොවැ මේ ඍෂීහු යැ මනුෂ්‍යයෝ යැ ක්‍ෂත්‍රියෝ යැ බ්‍රාහ්මණයෝ යැ යන යම් බොහෝ යාගකරුවෝ දෙවියනට යාග කෙරෙත් ද, භාග්‍යවතුන් වහන්ස, කිම ඔහු යාගයෙහි අප්‍රමත්ත වූවාහු ජාතිය ත් ජරාව ත් තරණය කළාහු ද? නිදුකාණෙනි, එය මුඹ වහන්සේ විචාරමි. භාග්‍යවතුන් වහන්ස, තෙල මට වදාළ මැනැවි.
Pali BJT3-4 ආසිංසන්ති{2} ථොමයන්ති අභිජප්පන්ති ජුහන්ති (පුණ්ණකාති භගවා) කාමාභි{3}ජප්පන්ති පටිච්ච ලාභං තෙ යාජයොගා භවරාගරත්තා නාත{4}රිංසු ජාතිජරන්ති බ්රූමි.
Sinhala BJT3-4. (බුදුහු මෙසේ වදාළහ: පුණ්ණකය, ඔහු රූප ප්‍රතිලාභාදිය) ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, (යාගාදිය) පසසති, ජල්පනය කෙරෙති, පුදති, (රූපාදි) ලාභය සඳහා පුනපුනා කාමයන් මැ (අපට වන්නේ මැනැවැ’යි) කියත්. යාගයෙහි යෙදුණු භවරාගයෙන් රැඳුණු ඔහු ජාති ජරා (ආදි සසරදුක) තරණය නො කළාහ’යි කියමි.
Pali BJT3-5 තෙ චෙ නාතරිංසු යාජයොගා (ඉච්චායස්මා පුණ්ණකො) යඤ්ඤෙහි ජාතිඤ්ච ජරඤ්ච මාරිස අථ කො චරහි දෙවමනුස්සලොකෙ අතාරි ජාතිං ච ජරං ච මාරිස පුච්ඡාමි තං භගවා බ්රූහි මෙතං.
Sinhala BJT3-5. (ආයුෂ්මත් පුණ්ණක මෙසේ විචාරයි:) නිදුකාණෙනි, යාගයෙහි යෙදුණු ඔහු ඉදින් යාගයන් කරණ කොට ජාතියත් ජරාවත් නො තරණය කළාහු නම් නිදුකාණෙනි, එකල්හි දෙව්මිනිසුලොවැ කවරෙක් ජාතියත් ජරාවත් තරණය කෙළේ ද? එකරුණ පුළුවුස්මි. භාග්‍යවතුන් වහන්ස, තෙල මට වදාළ මැනැවි.
Pali BJT3-6 සඞ්ඛාය ලොකස්මිං පරොවරානි{5} (පුණ්ණකාති භගවා) යස්සිඤ්ජිතං නත්ථි කුහිඤ්චි ලොකෙ සන්තො විධූමො අනීඝො නිරාසො අතාරි සො ජාති ජරන්ති බ්රූමි’ති.
Sinhala BJT3-6. (බුදුහු මෙසේ වදාළහ: පුණ්ණකය,) සත්ලොවැ (පරාත්මභාව ස්වාත්මභාවාදී) පරාවරයන් නුවණින් විමසා (දත්) යම් ක්‍ෂීණාස්‍රවයක්හට ලොවැ කිසි තැනෙක්හි ඉඤ්ජිතයෙක් නැද්ද, (කෙලෙස් සන්හිඳීමෙන්) ශාන්ත වූ (කායදුශ්චරිතාදී) ධූම විරහිත වූ (රාගාදි) උපද්‍රව රහිත වූ ආශා රහිත වූ ඒ ක්‍ෂීණාස්‍රව තෙම ජාති ජරා තරණය කෙළේ යයි කියමි.
Pali BJTපුණ්ණකමාණව පුච්ඡා-නිට්ඨිතා
Sinhala BJTපූර්‍ණක මාණවකපෘච්ඡා නිමි.
Pali BJT4. මෙත්තගූමාණව පුච්ඡා
Sinhala BJT4. මෙත්තගූ මාණව පෘච්ඡා
Pali BJT4-1 පුච්ඡාමි තං භගවා බ්රූහි මෙතං (ඉච්චායස්මා මෙත්තගූ) මඤ්ඤාමි තං වෙදගුං භාවිතත්තං කුතොනු දුක්ඛා{1} සමුදාගතා ඉමෙ යෙ කෙචි ලොකස්මිං අනෙකරූපා.
Sinhala BJT4-1. (ආයුෂ්මත් මෙත්තගූ මෙසේ විචාරයි:) භාග්‍යවතුන් වහන්ස, මුඹ වහන්සේ විචාරමි. වදාළ මැනවි. මුඹ වහන්සේ ඥාන - වේදයාගේ පරතෙරට පැමිණි කෙනකුන් කොට වැඩූ සිත් ඇති කෙනකුන් කොට හඟිමි. ලොවැ අනේක ස්වභාව වූ යම් කිසි දුක් කෙනෙක් වෙත් ද, මේ දුඃඛයෝ කොයින් උපන්නාහු ද?
Pali BJT4-2 දුක්ඛස්ස වෙ මං{2} පභවං අපුච්ඡසි (මෙත්තගූ’ති භගවා) තං තෙ පවක්ඛාමි යථා පජානං උපධිනිදානා පභවන්ති දුක්ඛා යෙ කෙචි ලොකස්මිං අනෙකරූපා.
Sinhala BJT4-2. (බුදුහු මෙසේ වදාළහ: මෙත්තගූ මාණවකය,) ජාත්‍යාදි දුකට කාරණය (තෙපි) මා විචාරව, එය ප්‍රත්‍යක්‍ෂ කොට දැනගත්තකු සෙයින් තොපට ප්‍රකාශ කරම්හ. ලොවැ අනෙක ස්වරූප වූ යම් දුක් කෙනෙක් ඇද්ද එ හැම දුඃඛයෝ (තෘෂ්ණාදී) උපධි හේතුයෙන් උපදනාහ.
Pali BJT4-3 යො වෙ{3} අවිද්වා උපධිං කරොති පුනප්පුනං දුක්ඛමුපෙති මන්දො තස්මා පජානං{4} උපධිං න කයිරා දුක්ඛස්ස ජාතිප්පභවානුපස්සී.
Sinhala BJT4-3. අපණ්ඩිත වූ යමෙක් (තෘෂ්ණාදි) උපධිය කෙරේ ද, අඥාන වූ හෙතෙම පුනපුනා සසර දුකට පැමිණෙයි. එහෙයින් (සංස්කාරයන් අනිත්‍යාදි විසින්) දන්නේ සසරදුක ජාතිය ප්‍රභව කොට ඇතැ’යි දක්නේ (තෘෂ්ණාදි) උපධිය නො කරන්නේ යි.
Pali BJT4-4 යන්තං අපුච්ඡිම්හ අකිත්තයී{5} නො (ඉච්චායස්මා මෙත්තගූ) අඤ්ඤං තං{6} පුච්ඡාම{7} තදිඞ්ඝ බ්රූහි කථන්නු ධීරා විතරන්ති ඔඝං ජාති ජරං සොකපරිද්දවං ච{8} තං මෙ මුනී සාධු වියාකරොහි තථා හි තෙ විදිතො එස ධම්මො.
Sinhala BJT4-4. (ආයුෂ්මත් මෙත්තගූ මෙසේ විචාරයි:) ඇපි යමක් විචාළමෝ ද එය මුඹ වහන්සේ අපට වදාළ සේක. අන් කරුණකුදු මුඹ වහන්සේ විචාරම්හ, එය දැන් වදාළ මැනැව, නුවණැත්තෝ (කාමාදි චතුර්විධ) ඕඝයත්, ජාති, ජරා, ශෝක, පරිදේව දුකත් කෙසේ ඉක්මවත් ද? සර්‍වඥ මුනිවූ මුඹ වහන්සේ අයදිමි. එය මට විසඳා වදාළ මැනැව. යම් හෙයකින් මුඹ වහන්සේ විසින් තෙල දහම (සත්ත්‍වයන් විසින් අවබෝධ කරන සේ පැනවීම් වශයෙන්) දන්නා ලද ද එහෙයිනි.
Pali BJT4-5 කිත්තයිස්සාමි තෙ ධම්මං (මෙත්තගූති භගවා) දිට්ඨෙ{9} ධම්මෙ අනීතිහං යං විදිත්වා සතො චරං තරෙ ලොකෙ විසත්තිකං.
Sinhala BJT4-5. (බුදුහු මෙසේ වදාළහ: “මෙත්තගූ මාණවකය,) ස්මෘතිමත් වැ හැසිරෙනුයේ දක්නාලද දුඃඛාදි ධර්‍මයෙහි නොහොත් මෙ අත්බැව්හි මැ ආත්ම ප්‍රත්‍යක්‍ෂ වූ යම් දහමක් දැන ලොවැ විසත්තිකා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව තරණය කරන්නේ නම් ඒ නිර්‍වාණධර්‍මය ද (නිර්‍වාණගාමිනී ප්‍රතිපද්ධර්‍මය ද) තොපට ප්‍රකාශ කරන්නෙමි”යි.
Pali BJT4-6 තං චාහං අභිනන්දාමි මහෙසී ධම්මමුත්තමං යං විදිත්වා සතො චරං තරෙ ලොකෙ විසත්තිකං.
Sinhala BJT4-6. මහර්ෂීන් වහන්ස, ස්මෘතිමත් වැ හැසිරෙනුයේ යම් දහමක් දැන ලොවැ විසත්තිකා (තෘෂ්ණා)ව තරණය කරන්නේ නම්, මම මුඹ වහන්සේ ගේ ඒ (ධර්මද්‍යොතක) වචනය ද රුස්මි, උත්තම වූ ඒ ධර්‍මය ද රුස්මි.
Pali BJT4-7 යං කිඤ්චි සම්පජානාසි{1} (මෙත්තගූ’ති භගවා) උද්ධං අධො තිරියං චාපි මජ්ඣෙ එතෙසු නන්දිං{2} ච නිවෙසනං ච පනුජ්ජ විඤ්ඤාණං භවෙ න තිට්ඨෙ.
Sinhala BJT4-7. (බුදුහු මෙසේ වදාළහ: මෙත්තගූ මාණවකය, අනාගතකාලාදි) උඩ ද (අතීතකාලාදි) යට ද (වර්‍තමාන කාලාදි) මැද සරස ද වූ යම් කිසි ධර්‍මජාතයක් තෙපි දන්නවු නම් තෙල උද්ධාදි ධර්‍මයෙහි තෘෂ්ණාව ද දෘෂ්ටිනිවේසනය ද අභිසංස්කාර විඥානය ද දුරු කරව, දුරු කොට (දෙවැදෑරුම්) භවයෙහි නො සිටිනේ යි.
Pali BJT4-8 එවංවිහාරී සතො අප්පමත්තො භික්ඛු චරං හිත්වා මමායිතානි ජාතිං ජරං සොකපරිද්දවඤ්ච{3} ඉධෙව විද්වා පජහෙය්ය දුක්ඛං.
Sinhala BJT4-8. මෙසේ වාසය කරනසුලු ස්මෘතිමත් වූ අප්‍රමත්ත වූ මහණ තෙම මමත්වයන් හැරපියා හැසිරෙනුයේ විද්වත් වූයේ මෙ සස්නෙහි මැ නොහොත්, මෙ අත්බව්හි මැ ජාතිය ද ජරාව ද සෝක-පරිදේව දුක ද දුරැලන්නේ යි.
Pali BJT4-9 එතාභිනන්දාමි වචො මහෙසිනො (ඉච්චායස්මා මෙත්තගූ) සුකිත්තිතං ගොතම නූපධීකං අද්ධා හි භගවා පහාසි දුක්ඛං තථා හි තෙ විදිතො එස ධම්මො.
Sinhala BJT4-9. (ආයුෂ්මත් මෙත්තගූ මෙසේ විචාරයි:) මහර්ෂි වූ මුඹ වහන්සේ ගේ තෙල වචනය පිළිගතිමි. ගෞතමයන් වහන්ස, (මුඹ වහන්සේ විසින් නිරුපධි වූ නිර්‍වාණය මොනොවට ප්‍රකාශ කරනලද. යම් හෙයින් බුදුහු ඒකාන්තයෙන් වෘත්තදුඃඛය දුරැලූහු ද එහෙයින් මැ මුඹ වහන්සේ විසින් තෙල දහම දන්නාලද.
Pali BJT4-10 තෙ චාපි නූන පජහෙය්යු දුක්ඛං යෙ ත්වං මුනී අට්ඨිතං ඔවදෙය්ය තං තං නමස්සාමි සමෙච්ච නාග අප්පෙව මං (භගවා) අට්ඨිතං ඔවදෙය්ය.
Sinhala BJT4-10. මුනි වූ සර්‍වඥයන් වහන්ස, මුඹ වහන්සේ යම් කෙනකුන්ට සකසා (හැම කල්හි හෝ) ඔවා දෙන සේක් ද, ඔහුදු දුක් දුරැලන්නාහ’යි හඟිමි. බුද්ධනාගයන් වහන්ස, එහෙයින් එළඹ මුඹ වහන්සේ නමදිමි. භාග්‍යවතුන් වහන්සේ මට එක්වන් අවවාද කරන්නාහු නම් මැනැව.
Pali BJT4-11 යං බ්රාහ්මණං වෙදගුං{4} ආභිජඤ්ඤා (මෙත්තගූ’ති භගවා) අකිඤ්චනං කාමභවෙ අසත්තං අද්ධා හි සො ඔඝමිමං අතාරී තිණ්ණො ච පාරං අඛිලො අකඞ්ඛො.
Sinhala BJT4-11. (බුදුහු මෙසේ වදාළහ: මෙත්තගූ මාණවකය,) තෙපි බාහිතපාපී බ්‍රාහ්මණ වූ යමක්හු මාර්‍ග ඥානයෙන් නිවනට පැමිණියකු කොට (රාගාදි) කිඤ්චන රහිතයකු කොට කාමයෙහි ද භවයෙහි ද නො ඇලුණාක්හු කොට දන්නවු ද, ඒකාන්තයෙන් හෙතෙම මේ (කාමාදි) චතුරෝඝය තරණය කෙළේ යැ. ඕඝතරණය කළා වූ ද (රාගාදි) ඛිල රහිත වූ (දුඃඛාදියෙහි) කාංක්ෂා රහිත වූ හෙතෙම නිර්‍වාණපාරයට ගියේ ය.
Pali BJT4-12 විද්වා ච යො{5} වෙදගූ නරො ඉධ භවාභවෙ සඞ්ගමිමං විසජ්ජ සො වීතතණ්හො අනීඝො නිරාසො අතාරි සො ජාතිජරන්ති බ්රූමී ති.
Sinhala BJT4-12. තවද මෙ සස්නෙහි (ආත්මභවයෙහි හෝ) විද්වත් වූ ඥාන වේදයෙන් නිවනට පැමිණි යම් සත්ත්‍වයෙක් කුදුමහත් භවයෙහි මේ (රාගාදි) සඞ්ගය දුරැලා සිටියේ ද විගත තෘෂ්ණා ඇති හෙතෙම අනුපද්‍රව වූයේ ආශා රහිත වූයේ වෙයි. හෙතෙම ජාති ජරා (මරණය) තරණය කෙළේ යයි කියමි.
Pali BJTමෙත්තගූමාණව පුච්ඡා-නිට්ඨිතා
Sinhala BJTමෙත්තගූ මාණවක පෘච්ඡා නිමි.