Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 6101-6200 න් 15980

[සැවැත්නිදාන යි]
3. මහණෙනි, ප්‍රධන් වීර්‍ය්‍ය කරණ මහණහුගේ මේ අඞ්ග පසෙකි. කවර පසෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ සැදැහැති වෙයි. තථාගතයන්ගේ සම්බෝධිය (චතුර්මාර්‍ගඥානය) හදහයි. එ භගවත්හු මෙ කරුණිනුදු අර්‍හත්හ. සම්‍යක්සම්බුද්ධයහ. විද්‍යාචරණසම්පන්නයහ. සුගතයහ. ලෝකවිද්හ. අනුත්තර පුරුෂදම්‍යසාරථිහ. දෙවිමිනිස්නට ශාස්තෘහ. බුද්ධයහ. භගවත්හ”යි.
අල්පාබාධ වූයේ අල්පාතඞ්ක (නිදුක්) වූයේ සම ව පස්නා අතිශීත නොවූ අත්‍යුෂ්ණ නො වූ මධ්‍යම වූ ප්‍රධානක්‍ෂමවූ ග්‍රහණියෙන් සමන්‍වාගත වෙයි.
තමා නැති ගුණ නො පාළ කරණුයේ, තමා ඇති අයුණු නොසඟවනුයේ වෙයි ශාස්තෲන් කෙරෙහි වේවයි, විඥයන් කෙරෙහි වේවයි, සබ්‍රම්සරුන් කෙරෙහි වේවයි, තමා ඇතිතතු පහළ කරනුයේ වෙයි.
අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුශලධර්‍මයන්ගේ උපසම්පත් පිණිස ඇරඹු වැර ඇතියේ, කුශලධර්‍මයෙහි ස්ථාම ඇතියේ, දළපැරකුම් ඇතියේ, බහා නො තැබූ වීර්‍ය්‍යධුර ඇතියේ වාස කෙරෙයි.
උදාවිය පිරිසිඳුනට සමත්, පරිශුද්ධ, නොබුන්විරූ කෙලෙස්කඳ බිඳුනට සමත්, මොනොවට දුඃඛක්‍ෂයගාමිනී ප්‍රඥායෙන් සමන්‍වාගත වූයේ ප්‍රඥාවත් වෙයි.
මහණෙනි, ප්‍රධන්වීර්‍ය්‍ය වඩන මහණහුගේ මේ පඤ්චාඞ්ග යි.
5. 2. 1. 4.
[අසමය - සමය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
4. මහණෙනි, ප්‍රධන් වීර්‍ය්‍යකරණයට මේ නො කල් පසෙකි. කවර පසෙක යත්:
මහණෙනි, මහණ ජරායෙන් මැඩුනේ ජීර්‍ණ වෙයි. මහණෙනි, ප්‍රධන් වීර්‍ය්‍යකරණයට මේ පළමු නො කලි.
තවද මහණෙනි, මහණ ව්‍යාධියෙන් මැඩුනේ රෝගයෙන් පෙළුනේ වෙයි. මහණෙනි, මේ ප්‍රධන්වීර්‍ය්‍යකරණයට දෙවන නො කලි.
තවද මහණෙනි, නට ශස්‍ය ඇති, දුලබපිඬු ඇති සායෙක් වෙයි. පාත්‍රය ගෙණ සිඟීමෙන් යැපෙන්නට සුකර නොවෙයි. මේ ප්‍රධන්වීර්‍ය්‍යයට තෙවන නො කලි.
තවද මහණෙනි, අටවිසඞ්කෝපභයෙක් (කඩපලා සොර බියෙක්) වෙයි රිය නැගි දනව් වැස්සෝ ඔබමොබ දිවෙත්. මහණෙනි, ප්‍රධන්වීර්‍ය්‍යයට මේ සතර වන නො කලි.
තවද මහණෙනි, සඞ්ඝයා බිඳුනේ වෙයි. මහණෙනි, සඞ්ඝයා බුන් කල්හි උනුන් අක්කොසවතින් හවන්නාහු ද වෙති. උනුන් තෙද කියා (බිය දක්වා සන්තර්‍ජනයෙන්) බණන්නාහු ද වෙති. උනුන් (විරුද්ධවිසින්) වටාගන්නාහු ද වෙති, උනුන් මිගදොඩා හැරපියන්නාහු ද වෙත්.
එහි ලා අප්‍රසන්නයෝ ද නො පහන්හු ම ය. පහන් වූ ඇතැම්කෙනෙකුගේ අන්‍යථාත්‍වය (වෙනස) ද වෙයි. මහණෙනි, ප්‍රධන්වීර්‍ය්‍යයට මේ පස් වන නො කලි.
මහණෙනි, ප්‍රධන්වීර්‍ය්‍යය පිණිස මේ නොකල් පස යි.
මහණෙනි, ප්‍රධන්වීර්‍ය්‍යය සඳහා මේ කල් පසෙක කවර පසෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ තරුණ කළු කෙහෙ ඇති, සොඳුරු යොවුනෙන් ද පළමුවයසින් ද සමන්‍වාගත වූ තරුණයෙක් වෙයි. මහණෙනි, ප්‍රධන්වීර්‍ය්‍යයට මේ පළමු කලි.
තවද මහණෙනි, මහණ අල්පාබාධ ඇතියේ නිදුක් වූයේ අතිශීත නො වූ අත්‍යුෂ්ණ නො වූ මධ්‍ය ම වූ ප්‍රධන්වීර්‍ය්‍යයට නිසි වූ සමව පස්නා කර්‍මජතේජෝධාතුයෙන් සමන්‍වාගත වූයේ වෙයි. මහණෙනි, ප්‍රධන්වීර්‍ය්‍යය සඳහා මේ දෙවන කලි.
තවද මහණෙනි, මනා ශස්‍යසම්පත් ඇති සුලභ පිඬු ඇති සුභික්‍ෂයෙක් වෙයි. පා ගෙණ සිඟාගත් පිඬුයෙන් යැපීමට සුකර වෙයි. මහණෙනි, ප්‍රධන්වීර්‍ය්‍යයට මේ තෙවන කලි.
තවද මහණෙනි, මනුෂ්‍යයෝ සමඟ වූවාහු මොනොවට තුටු වන්නාහු විවාද නො කරන්නාහු කිරි හා දිය මෙන් එක් වූවාහු උනුන් ප්‍රිය ඇසින් දක්නාහු වෙසෙත්. මහණෙනි, මේ ප්‍රධන්වීර්‍ය්‍යයට සතර වන කලි.
තවද මහණෙනි, සමඟ සඞ්ඝයා මොනොවට සතුටු වනුයේ විවාද නො කරණුයේ ඒකුද්දෙස ඇතියේ සුවසේ වෙසෙයි. මහණෙනි, සඟුන් සමඟ කල්හි උනුන්ට ආක්‍රෝශ ද නො කෙරෙත්. උනුනට පරිභාෂා ද නො කෙරෙත්. උනුන්ට පරික්‍ෂේප ද නො කෙරෙත්. උනුන් හැරපියන්නාහු ද නො වෙත්. එහි ලා අප්‍රසන්නයෝ ද පහදිති පහන් වූවන්ගේ ද භිය්‍යොභාව වෙයි. මහණෙනි, ප්‍රධන්වීර්‍ය්‍යය පිණිස මේ පස් වන කලි.
මහණෙනි, ප්‍රධන්වීර්‍ය්‍යය පිණිස මේ සමය පස යි.
5. 2. 1. 5.
[මාතාපුත්ත සූත්‍රය]
5. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේවඩු සිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩවසන සේක. එකල සැවැත්හි මහණ හා මෙහෙණ හා දෙ මාපුත් කෙනෙක් වස් එළඹියහ.
ඔහු නරතුරු උනුන් දක්නා කැමති වූහ. මවු දු නරතුරු පුතු දක්නා කැමති වූය. පිත් ද නරතුරු මව දක්නා කැමැති විය. ඔවුන්ගේ නරතුරු දැක්මෙන් සංසර්‍ගයෙක් වී. ස සර්‍ගය ඇති වත් ම විශ්වාසය විය විශ්වාසය ඇති වත් ම (කම්රා විසින්) බැස ගැන්ම විය. (කම්රා විසින්) බට සිත් ඇති ඔහු ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන නො කොට දුබල බැව් පාළ නො කොට මෙවුන්දම් සෙවියහ.
එ කල බොහෝ වහන්දෑ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් එ මහණහු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ: “වහන්ස, මෙ සැවැත්හි මහණ මෙහෙණ දෙමාපුතු කෙනෙක් වස් එළඹියහ ඔහු උනුන් නරතුරු දර්‍ශනය කැමැති වූහ. මවුදු නරතුරු පුතු දක්නා කැමැත්තී වූය පුත් ද නරතුරු මව දක්නා කැමති විය. නරතුරු දැක්මෙන් ඔවුන්ගේ සංසර්‍ගයෙක් විය. සසඟ ඇති වත් ම විශ්වාසය විය. විශ්වාසය ඇති වත් ම කම්රායෙන් බැසගැන්ම විය. බැසගත් සිත් ඇති ඔහු ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන නො කොට දෞර්‍බල්‍යය පාළ නො කොට මෙවුන්දම් සෙවියහ’යි.
මහණෙනි, එ මෝඝපුරුෂ “මව පුතු කෙරෙහි රාග විසින් නො ඇලේ, පුත් හෝ මව කෙරෙහි නො ඇලේ ය”යි කිම නො හඟනේ ද?
මහණෙනි, මේ සා රඤ්ජනයට හිත වූ, මේ සා කාමයට හිත වූ, මේ සා මදයට හිත වූ, මේ සා බන්‍ධනයට හිත වූ, මේ සා කාමමුර්ඡාවට හිත වූ, අනුත්තරයෝගක්‍ෂේමාධිගමයට මේ සා අන්තරායකර වූ යම් රූපයෙක් ඇත් ද, මහණෙනි, මේ ස්ත්‍රීරූපය බඳු අන් එක රූපයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි සත්ත්‍වයෝ ස්ත්‍රීරූපයෙහි රාගවිසින් ඇලුනාහු ගෙතුනාහු ගිජු වූවාහු මුසපත් වූවාහු බැසගත්තාහු වෙති. ඔහු ස්ත්‍රීරූප වශානුගත ව දීර්‍ඝරාත්‍රයෙහි ශෝක කෙරෙත්.
මහණෙනි, මම අන් එක ද ශබ්දයක් ... එක ද ගන්‍ධයක් ... එක ද රසයක් ... මේ සා රජනීය වූ, මේ සා කමනීය වූ, මේ සා මදනීය වූ මේ සා බන්‍ධනීය වූ, මේ සා මූර්ඡාවට හිත වූ, අනුත්තරයෝගක්‍ෂේමාධිගමයට මේ සා අන්තරායකර වූ යම් ස්පර්‍ශයෙක් ඇද්ද, මහණෙනි, ස්ත්‍රීස්පර්‍ශ බඳු අන් එක ද ස්ප්‍රෂ්ටව්‍යයක් මම නො දක්මි. මහණෙනි, ස්ත්‍රීස්ප්‍රෂ්ටව්‍යයෙහි සත්ත්‍වයෝ රැඳුනාහු ගිජු වූවාහු ගෙතුනාහු මුසපත් වූවාහු බැසගත්තාහු වෙති. ඔහු ස්ත්‍රීස්ප්‍රෂ්ටව්‍යවශයට ගියාහු දීර්‍ඝරාත්‍රයෙහි සොස්නාහ.
මහණෙනි, ස්ත්‍රී යන්නී ද පුරුෂයා සිත ගෙණ සිටුනී ය. සිටියා ද, හුන්නී ද, හෝනී ද, සෙන්නී ද, බණන්නී ද, ගයන්නී ද, හඬන්නී ද, ඉදිමුනී ද, මළා ද, පුරුෂයා සිත් ගෙන සිටුනීය. මහණෙනි, යම් දැයක් සඳහා මොනොවට බණනුයේ “මරු විසින් වටා ලූ මළෙකැ”යි කියා නම් ඒ ස්ත්‍රිය ම දක්වා කියයි.
1. කඩු ගත් අත් ඇතිහයු හා ද බණන්නේ ය. පිසාචයකු හා ද බණන්නේ ය. යමකු විසින් ඩස්නා ලදුයේ ජීවත් නො වේ ද, එබඳු ඇසිවසකු (සර්‍පයකු) ද ඝටන්නේ ය.
2. එකලා වූයේ එකලා මාගමක හා නො ම බණන්නේ ය. ඔහු නට සිහි ඇතියහු ප්‍රේක්‍ෂිතයෙනුදු (බැල්මෙන් ද) සිනායෙනුදූ බඳනාහ.
3. වැලිදු නො පිළිසන් කොට හැඳීමෙනුදු මොළොක් තෙපුලෙනුදු බඳනාහ. තෙල ස්ත්‍රීජනයා ඉදිමුනේ හෝ මළේ හෝ ගැටුමට නො නිසි වේ.
4. රූප ය ශබ්ද ය ගන්‍ධ ය රස ය ස්ප්‍රෂ්ටව්‍ය ය යන තෙල මනරම් පස්කම් ගුණයෝ ස්ත්‍රීරූපයෙහි දක්නා ලැබෙත්.
5. කාමෝඝයෙන් ඇදගණු ලැබූ කාමයන් පිරිසිඳ නො දන්නා වූ ඔවුන්ගේ ස සාරයෙහි කාලය ද ගතිය ද පුනර්‍භවය ද පෙරටුවන්නාහු ම (නොනවත්නාහුම) වෙති.
6. යම් කෙනෙක් කාමයන් පිරිසිඳ දැන කිසිවකිනුත් බිය නැත්තාහු හැසිරෙත් ද, යම් කෙනෙක් ආස්‍රවක්‍ෂය සඞ්ඛ්‍යාත අර්‍හත්ත්‍වයට පත් වූවාහු ද, ලොව්හි ඔහු ම නිවනට ගියාහු වෙති යි.
5. 2. 1. 6.
[උපජ්ඣාය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
6. එ කල එක්තරා මහණෙක් සිය උපාධ්‍යායයන් කරා එළඹියේ ය. එළඹ සිය උපාධ්‍යායයනට තෙල කී ය: “වහන්ස, දැන් මාගේ කය හටගත් ගුරු බව් ඇතියේ ද වෙයි. දිශාවෝ ද මට නොවටහත්. මට (ශමථවිදර්‍ශනා) දහම්හුදු නො වටහත්. ථීනමිද්ධය ද මා සිත මැඩගෙණ සිටුනේ ය. අභිරති නැතියෙම් (උකැටියෙම්) බඹසර ද සරමි. දහම්හිදු මට විසිකිස (සැක) ඇතැ”යි.
ඉක්බිති එ මහණ එ සද්ධිවිහාරිකයා කැඳවාගෙණ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පස් ව හින. එකත්පස් ව හුන් එ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:
වහන්ස, මෙ මහණ මෙසේ කියයි. ‘වහන්ස, මෙ කල මා සිරුර හටගත් ගුරුබව් ඇති වෙයි. දික්හුදු මට නොවටහත්. මට දහම්හුදු නො වටහත් ථීනමිද්ධය ද මසිත් මැඩගෙණ සිටුනේ ය අභිරති නැති ව බඹසර ද සරමි. මට දහම්හි විචිකිච්ඡා ද ඇතැ”යි.
මහණ, ඉන්‍ද්‍රියෙහි නො රැකි දොරටු ඇතියහුට බොජුන්හි පමණ නො දන්නහුට, නිදිවැරුම්හි නො යෙදුනහුට, කුසල්දහම් නො දක්නාහට, පූර්‍වාපරරාත්‍රයෙහි (රෑ පෙරයම පැසුළුයම) බෝපැකිදම් පිළිබඳ භාවනානුයෝගයෙහි නො යෙදී වාස කරන්නහුට, යම් හෙයෙකින් කය උපන් ගුරුබව් ඇති වේ ද, දිසාවෝත් ඔහට නො පැණෙත් ද, ඔහට දහම්හුදු නොවටහත් ද, ථීනමිද්ධය ද ඔහු සිත මැඬගෙණ සිටුනේ ද, අභිරති නැති ව බඹසරත් සෙරේ ද, ධර්‍මයෙහි විචිකිච්ඡාත් ඔහට වේ ද, තෙල කරුණ එසේම වන්නේ ය.
මහණ, එ හෙයින් තා විසින් මෙ කරුණෙහි මෙසේ හික්මිය යුතු: ඉඳුරන්හි රැකි දොර ඇති වන්නෙමි. භෝජනයෙහි මාත්‍රඥ වෙමි. නිදි වැරීමෙහි යෙදුනෙම් වෙමි, කුශලධර්‍මයෙහි විදර්‍ශක වන්නෙමි. පූර්‍වරාත්‍ර අපර රාත්‍රයෙහි බෝධිපාක්‍ෂිකධර්‍මභාවනානුයෝගයෙහි යෙදුනෙම් වාස කරන්නෙමි”යි. මහණ, තා විසින් මෙසේ ම හික්මිය යුතු යි.
එ කල එ මහණ භාග්‍යවතුන් වහන්සේ විසින් මේ අවවාදයෙන් ඔවා දෙන ලදුයේ හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්ම ගියේ ය.
ඉක්බිති එ මහණ හුදෙකලාව (ගණයාගෙන් හා කෙලෙසුන්ගෙන්) වෙන් ව අප්‍රමත්තව කෙලෙස් තවන වැර ඇති ව නිවණට ගිය සිතැති ව වාස කරමින් යම් රහත් ඵලයක් පිණිස කුලපුත්‍රයෝ මොනොවට ගෙන් නික්ම පැවිද්දට වදනාහු ද, අනුත්තර වූ බ්‍රහ්මචර්‍ය්‍යය කෙළවර කොට ඇති ඒ රහත්ඵලය තමා විසින් දිටු දැමියෙහි ම විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට නොබෝකලෙකින් ම එය ලබා විසී. ජාති ක්‍ෂීණ විය. බඹසරවස් වැස නිමවන ලද. සිවුමඟ කරණී කරණ ලදී. මේ රහත් බව පිණිස මතු (කටයුතු) අනෙකෙක් නැති යි මොනොවට දැනගත්තේ ය. එ මහණ රහතුන් අතුරෙහි එක් නමෙක් ද වී.
ඉක්බිති අර්‍හත්ත්‍වයට පත් එ මහණ තමාගේ වත්තෙරුන් කරා එළඹියේ ය. එළඹ තම වත්තෙරුනට තෙල බස් කී “වහන්ස, දැන් මාගේ කය උපන් ගුරුසැහැවි නො ඇති ම වෙයි. මට දිශාවෝ පැණෙත්. ධර්‍මයෝ ද මට වටහත්. ථීනමිද්ධයත් මාගේ සිත මැඬගෙණ නො සිටුනේ ය. අභිරති ඇතියෙම් බඹසර ද සෙරෙමි. මට දහම්හිදු විචිකිච්ඡා නැතැ”යි.
ඉක්බිති එ මහණ එ සද්ධිවිහාරික භික්‍ෂු කැඳවාගෙණ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් එ මහණ භගවත් හට තෙල කරුණ කී:
වහන්ස, මෙ මහණ මෙසේ කියයි: “වහන්ස, දැන් මාගේ කය ද ගුරු සැහැවිනැතියේ ම ය. මට දිශාවෝ ද පැණෙත්. මට දහම්හුදු වටහත්. ථීනමිද්ධයද මා සිත මැඩගෙණ නො සිටුනේ ය. අභිරති ඇතියෙම් බඹසර සෙරෙමි. මට ධර්‍මයෙහිදු විසිකිස නැතැ”යි.
මහණ, ඉඳුරන්හි රැකි දොර ඇතියහුට, භෝජනයෙහි මාත්‍රඥයාහට ජාගරණයෙහි නියැලුනහුට, කුසල්දහම්හි විදර්‍ශනා කරණුවහට, පූර්‍වරාත්‍ර අපරරාත්‍රයෙහි බෝපැකිදම් වැඩීමෙහි යෙදුනහුට, යම් සේ කය උපන් ගුරු සැහැවි නැති වේ ද, දිශාවෝ ද ඔහට වටහත් ද, ධර්‍මයෝ ද ඔහුට වටහත් ද, ථීනමිද්ධය ද ඔහුගේ සිත මැඬගෙණ නො සිටුනේ ද, අභිරති ඇති ව: බඹසරත් සෙරේ ද, ඔහට ධර්‍මයෙහිදු විචිකිච්ඡා නැත් ද, එය එසේ ම වෙයි.
මහණෙනි, එහෙයින් ම තොප විසින් මෙහි මෙසේ හික්මිය යුතු ඉඳුරන්හි පියූ දොර ඇති වම්හ. භෝජනයෙහි මාත්‍රඥ වම්හ. ජාගරණයෙහි අනුයුක්ත වම්හ. කුශලධර්‍මයෙහි විදර්‍ශක වම්හ. පූර්‍වරාත්‍ර අපරරාත්‍රයෙහි බෝපැකිදම් පිළිබඳ භාවනානුයෝගයෙහි අනුයුක්ත ව වසම්හ”යි. මහණෙනි, තොප මෙසේ ම හික්මිය යුතු ය යි.
5. 2. 1. 7.
[ඨාන සූත්‍රය]
[සැවැත්නිදාන යි]
7. මහණෙනි, මාගමක විසින් වේ ව යි, පිරිමියකු විසින් වේ ව යි, ගිහියකු විසින් වේ ව යි, පැවිද්දකු විසින් වේ ව යි මෙ කරුණු පස නිරතුරු පස්විකිය යුතු. කවර පසෙක යත්:
‘ජරා ස්වභාව ඇතියෙම් ජරාව නො ඉක්මවූයෙම් වෙමි’යි ස්ත්‍රියක විසින් වේ ව යි, පුරුෂයකු විසින් වේ ව යි, ගෘහස්ථයකු විසින් වේ ව යි, පැවිද්දකු විසින් වේ ව යි නිතර පස්විකිය යුතු.
‘ව්‍යාධි ස්වභාව ඇතියෙම්, ව්‍යාධිය නො ඉක්මවූයෙම් වෙමැ’යි ස්ත්‍රියක විසින් වේ ව යි, පුරුෂයකු විසින් වේ ව යි, ගෘහස්ථයකු විසින් වේ ව යි, පැවිදියකු විසින් වේ ව යි නිතර පස්විකිය යුතු.
මරණ ස්වභාව ඇතියෙම් මරණය නො ඉක්මවූයෙම් වෙමැ’යි ස්ත්‍රියක විසින් වේ ව යි, පුරුෂයකු විසින් වේ ව යි, ගෘහස්ථයකු විසින් වේ ව යි, පැවිද්කකු විසින් වේ ව යි නිතර පස්විකිය යුතු.
‘මාගේ හැම ප්‍රියයන් කෙරෙන් මනාපයන් කෙරෙන් නානාභාවය විනාභාවය වේ ය’යි ස්ත්‍රියක විසින් වේ ව යි, පුරුෂයකු විසින් වේ ව යි, ගෘහස්ථයකු විසින් වේ ව යි, ප්‍රව්‍රජිතයකු විසින් වේ ව යි නිතර පස්විකුම් කටයුතු.
‘කර්‍මය ස්වකීය කොට ඇතියෙම්, කර්‍මය දායාද කොට ඇතියෙම්, කර්‍මය උත්පත්ති කාරණ කොට ඇතියෙම්, කර්‍මය බන්‍ධු කොට ඇතියෙම්, කර්‍මය පිළිසරණ කොට ඇතියෙම් වෙමි. කලණ වේ ව යි, ලමු වේ ව යි, යම් ම කර්‍මයක් කරන්නෙම් නම්, එයට දායාද වෙමි’යි ස්ත්‍රියක විසින් හෝ පුරුෂයකු විසින් හෝ ගෘහස්ථයකු විසින් හෝ ප්‍රව්‍රජිතයකු විසින් හෝ නිතර පස්විකුම් කටයුතු.
මහණෙනි, කරව අර්‍ත්‍ථයක් පිණිස ‘ජරාස්වභාව ඇතියෙම්, ජරාව තුළ වූයෙම් වෙමි’යි ස්ත්‍රියක විසින් හෝ පුරුෂයකු විසින් හෝ ගෘහස්ථයකු විසින් හෝ ප්‍රව්‍රජිතයකු විසින් හෝ නිතර නුවණින් මෙනෙහි කටයුතු ය යත්: මහණෙනි, යම් මදයෙකින් මත් වූවාහු කයින් දුශ්චරිත කෙරෙත් නම්, වචනයෙන් දුශ්චරිත කෙරෙත් නම්, මනසින් දුශ්චරිත කෙරෙත් නම්, සත්නට එබඳු යෞවනයෙහි යොවුන් ඇරැබ උපන් මදයෙක් ඇත. එ කරුණ නිතර පස්විකන ඔහුගේ යොවුනෙහි යම් යෞවනමදයෙක් වේ නම් එය සර්‍වප්‍රකාරයෙන් හෝ ප්‍රහීණ වෙයි. තුනු හෝ වෙයි. මහණෙනි, මෙ කරුණ පිණිස ‘ජරාස්වභාව ඇතියෙම් ජරාව නො ඉක්මවූයෙම් වෙමි’යි ස්ත්‍රියක විසින් හෝ පුරුෂයකු විසින් හෝ ගෘහස්ථයකු විසින් හෝ පැවිද්දකු විසින් හෝ නිතර පස්විකිය යුතු
මහණෙනි, කවර කරුණක් පිණිස ස්ත්‍රියක විසින් හෝ පුරුෂයකු විසින් හෝ ගෘහස්ථයකු විසින් හෝ පැවිද්දකු විසින් හෝ ‘ව්‍යාධිස්වභාව කොට ඇතියෙම්, ව්‍යාධිය නො ඉක්මවූයෙමි වෙමි’යි නිතර පස්විකිය යුතු ය යත්: මහණෙනි, යම් මදයෙකින් මත් වූවාහු කයින් දුසිරිත් කෙරෙත් නම්, බසින් දුසිරිත් කෙරෙත් නම්, මනසින් දුසිරිත් කෙරෙත් නම්, සත්ත්‍වයනට ආරෝග්‍යයෙහි එබඳු ආරෝග්‍යමදයෙක් ඇත. එ කරුණ නිතර නුවණින් මෙනෙහි කරණ ඔහට ආරෝග්‍යය නිමිති කොට ආරෝග්‍යමදයෙක් (උපදනේ) වේ නම්, එය සර්‍වප්‍රකාරයෙන් හෝ ප්‍රහීණ වෙයි. තුනු හෝ වෙයි. මහණෙනි, මෙ කරුණ ම පිණිස ‘ව්‍යාධිය ස්වභාව කොට ඇතියෙම්, ව්‍යාධිය තුළ ම වූයෙම් වෙමි’යි ස්ත්‍රියක විසින් හෝ පුරුෂයකු විසින් හෝ ගෘහස්ථයකු විසින් හෝ ප්‍රව්‍රජිතයකු විසින් හෝ නිතර පස් විකිය යුතු.
මහණෙනි, කවර කරුණක් පිණිස ‘මරණ ධර්‍මය ඇතියෙම් මරණය තුළ වූයෙම් වෙමි’යි ස්ත්‍රියක විසින් වේව යි, පුරුෂයකු විසින් වේව යි, ගෘහස්ථයකු විසින් වේව යි, පැවිද්දකු විසින් වේව යි නිතර පස්විකිය යුතුය යත්: මහණෙනි, යම් ජීවිත මදයෙකින් මත් වූවාහු කයින් දුසිරිත් කෙරෙත් නම්, බසින් දුසිරිත් කෙරෙත් නම්, සිතින් දුසිරිත් කෙරෙත් නම්, සත්ත්‍වයනට ජීවිතයෙහි එබඳු ජීවිත මදයෙක් ඇත. එ කරුණ පස්විකන ඔහට ජීවිතයෙහි යම් ජීවිතමදයෙක් වේ ද, එය සර්‍වප්‍රකාරයෙන් හෝ ප්‍රහීණ වෙයි. තුනු හෝ වෙයි. මහණෙනි, මෙ කරුණ ම පිණිස ස්ත්‍රියක විසින් වේවයි, පුරුෂයකු විසින් වේවයි, ගෘහස්ථයකු විසින් වේවයි, පැවිද්දකු විසින් වේවයි ‘මරණ ධර්‍මයෙමි, මරණය නො ඉක්මියෙම් වෙමි’යි නිතර පස්විකිය යුතු ය.
මහණෙනි, කවර කරුණක් පිණිස ‘මාගේ හැම ප්‍රියමනාපයන් කෙරෙන් නානාභාවය විනාභාවය වේ ය’යි ස්ත්‍රියක විසින් හෝ පුරුෂයකු විසින් හෝ ගෘහස්ථයකු විසින් හෝ ප්‍රව්‍රජිතයකු විසින් හෝ නිතර ප්‍රත්‍යවේක්‍ෂා කට යුතු ය යත්: මහණෙනි, යම් රාගයෙකින් රත් වූවාහු කයින් දුසිරිත් කෙරෙත් නම් බසින් දුසිරිත් කෙරෙත් නම් සිතින් දුසිරිත් කෙරෙත් නම් සත්ත්‍වයනට ප්‍රියයන් කෙරෙහි එබඳු ඡන්‍දරාගයෙක් ඇත. එ කරුණ නිතර ප්‍රත්‍යවේක්‍ෂා කරණ ඔහට ප්‍රියයන් කෙරෙහි යම් ඡන්‍දරාගයෙක් වේ ද, එය සර්‍වප්‍රකාරයෙන් හෝ ප්‍රහීණ වෙයි. තුනී හෝ වෙයි. මහණෙනි, මෙ කරුණ ම පිණිස ‘හැම ප්‍රියමනාපයන් කෙරෙන් මාගේ නානාභාවය විනාභාවය වේ ය’යි ස්ත්‍රියක විසින් හෝ පුරුෂයකු විසින් හෝ ගෘහස්ථයකු විසින් හෝ ප්‍රව්‍රජිතයකු විසින් හෝ නිතර ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු.
මහණෙනි, කවර කරුණක් පිණිස ‘කර්‍මස්වකයෙම්, කර්‍මදායාදයෙම්. කර්‍මය යෝනි කොට ඇතියෙම්, කර්‍මය බන්‍ධු කොට ඇතියෙම්, කර්‍මය පිළිසරණ කොට ඇතියෙම් වෙමි. කල්‍යාණ වූ හෝ ලාමක වූ හෝ යම් ම කර්‍මයක් කරම් නම් එයට දායාද වෙමි’යි ස්ත්‍රියක විසින් හෝ පුරුෂයකු විසින් හෝ ගෘහස්ථයකු විසින් හෝ පැවිද්දකු විසින් හෝ නිතර ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු ය යත්: මහණෙනි, සත්ත්‍වයන්ගේ කායදුශ්චරිතය වාග්දුශ්චරිතය මනෝදුශ්චරිතය ඇත. එ කරුණ නිතර ප්‍රත්‍යවේක්‍ෂා කරණ ඔහට එය සර්‍වප්‍රකාරයෙන් ප්‍රහීණ හෝ වෙයි. තුනු හෝ වෙයි. මහණෙනි, මෙ කරුණ ම පිණිස ‘කර්‍මස්වකයෙම්, කර්‍මදායාදයෙම්, කර්‍මයෝනි කොට ඇතියෙම්, කර්‍ම බන්‍ධු කොට ඇතියෙම්, කර්‍මය පිළිසරණ කොට ඇතියෙම් වෙමි, කල්‍යාණ වේවයි, ලාමක වේවයි යම් ම කර්‍මයක් කෙරෙම් ද, එයට දායාද වෙමි’යි ස්ත්‍රියක විසින් වේවයි, පුරුෂයකු විසින් වේවයි, ගෘහස්ථයකු විසින් වේවයි, පැවිද්දකු විසින් වේවයි නිතර ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු.
මහණෙනි, එ අරිසවු මෙසේ නුවණින් සලකයි: ‘එකලා මම් ම ජරාධර්‍මයෙම් ජරාව නො ඉක්ම සිටියෙම් නො වෙමි. වැලි යම් තාක් සත්ත්‍වයන්ගේ ආගතිය ගතිය ච්‍යුතිය උපපත්තිය වේ ද, එ හැම සත්ත්‍වයෝ ජරාධර්‍මයහ, ජරාව නො ඉක්ම සිටියහ’යි එ කරුණ නිතර ප්‍රත්‍යවේක්‍ෂා කරණුවහට ලෝකෝත්තර මාර්‍ගය උපදනේ ය. හේ එ මඟ සෙවුනේ ය. වඩනේ ය, බහුල විසින් කරන්නේ ය. එ මඟ සෙවුනා වඩනා බිහිලිවිසින් කරණ ඔහුගේ දශසංයෝජනයෝ ප්‍රහීණ වෙත්. අනුශයයෝ විගතාන්ත වෙත්.
‘එකලා මම් ම ව්‍යාධිය සැහැවි කොට ඇතියෙම්, ව්‍යාධිය නො ඉක්ම වූයෙම්, නො වෙමි. වැලිත් යම් තාක් සත්ත්‍වයන්ගේ ආගතිය ගතිය ච්‍යුතිය උපපත්තිය වේ නම් එ හැම සත්හු ව්‍යාධිධර්‍මයහ. ව්‍යාධිය නො ඉක්ම සිටිහය’යි නිතර එ කරුණ ප්‍රත්‍යවේක්‍ෂා කරණ ඔහට මාර්‍ගය උපදනේ ය. හේ මාර්‍ගය ආසෙවිත කෙරෙයි, භාවිත කෙරෙයි, බහුලීකෘත කෙරෙයි. එ මාර්‍ගය සේවනය කරණ, වඩන, බහුල කරණ, ඔහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. අනුශයයෝ විගතාන්ත වෙත්.
‘එකලා මම් ම මරණස්වභාව ඇතියෙම් මරණය නො ඉක්මවූයෙම්, නො වෙමි. වැලිත් යම් තාක් සත්ත්‍වයන්ගේ ආගතිය ගතිය ච්‍යුතිය උපපත්තිය වේ නම්, එ හැම සත්හු මරණස්වභාවය ඇතියාහු මරණය නො ඉක්මවූවාහු වෙති’යි එකරුණ නිතර ප්‍රත්‍යවේක්‍ෂා කරණ ඔහට මාර්‍ගය උපදනේ ය. හෙ එ මඟ සෙවුනේ ය. වඩන්නේ ය. බහුලවිසින් කරන්නේ ය. එ මඟ සෙවුනා වඩනා බිහිලි කරණ ඔහට සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. අනුශයයෝ විගතාන්ත වෙත්.
‘එකලා මට ම හැම ප්‍රියමනාපයන් කෙරෙන් නානාභාවය විනාභාවය නො වේ මැ යි. වැලිත් යම් තාක් සත්ත්‍වයන්ගේ ආගතිය ගතිය ච්‍යුතිය උපපත්තිය වේ ද, එ හැම සතුන්ගේ ප්‍රියමනාපයන් කෙරෙන් නානාභාවය විනාභාවය වේ ය’යි එ කරුණ නිතර ප්‍රත්‍යවේක්‍ෂා කරණ ඔහට මාර්‍ගය උපදනේ ය. හේ එ මඟ සෙවුනේ ය. වඩන්නේ ය. බහුලවිසින් කරන්නේ ය. එ මඟ සෙවුනා වඩනා බිහිලි කරණ ඔහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. අනුශයයෝ විගතාන්ත වෙත්.
‘එකලා මම් ම කර්‍මස්වකයෙම්, කර්‍මය දායාද කොට ඇතියෙම්, කර්‍මය උත්පත්තිකාරණ කොට ඇතියෙම්, කර්‍මය බන්‍ධු කොට ඇතියෙම්, කර්‍මය ප්‍රතිශරණ කොට ඇතියෙම්, කලණ වේවයි, ලමු වේවයි යම් ම කර්‍මයක් කෙරෙම් නම්, එයට දායාදයෙම් නො වෙමි. වැලිදු යම් තාක් සත්ත්‍වයන්ගේ ආගතිය ගතිය ච්‍යුතිය උපපත්තිය වේ ද, එ හැම සත්ත්‍වයෝ කර්‍මස්වකයහ. කර්‍මදායාදහය. කර්‍මයෝනියහ. කර්‍මබන්‍ධුයහ: කර්‍මප්‍රතිශරණයහ. කලණ වේවයි, ලමු වේවයි, යම් කර්‍මයක් කෙරෙත් නම්, එයට දායාද වන්නාහ’යි එ කරුණ නිතර ප්‍රත්‍යවේක්‍ෂා කරන ඔහට මඟ උපදනේ ය. හෙ එ මඟ ආසේවන කෙරෙයි. භාවිත කෙරෙයි. බහුලීකෘත කෙරෙයි. එ මඟ සෙවුනා වඩනා බිහිලි කරණ ඔහට සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. අනුශයයෝ විගතාන්ත වෙති යි.
7. ව්‍යාධිය ස්වභාව කොට ඇති, ජරාව ස්වභාව කොට ඇති, වැලිත් මරණය ස්වභාව කොට ඇති පෘථග්ජනයෝ සැහැවිදහම්හු යම් බඳු වෙත් නම්, එබඳු සැහැවි ඇතියාහු ම (එබඳු අන්‍යයනට) ජුගුප්සා කෙරෙත්.
8. මෙබඳු සැහැවි ඇති ප්‍රාණීන් කෙරෙහි ඉදින් මම් තෙල පුඟුල් හෙළා දක්නෙම් නම්, මෙබඳු සැහැවියෙන් වාස කරණ මට තෙල නිසි නො වන්නේය.
9. මෙසේ වසන එ මම උපධි රහිත අර්‍හත්මාර්‍ගය දැන ආරෝග්‍යයෙහිදු යෞවනයෙහිදු ජීවිතයෙහිදු යම් මදකෙනෙක් වෙත් නම්,
10. නෛෂ්ක්‍රම්‍ය සඞ්ඛ්‍යාත පැවිද්ද ක්‍ෂේම විසින් දැක හැම මදයන් මැඩ සිටිනෙම් වෙමි. නිර්‍වාණය මොනොවට දක්නා එමට උත්සාහ සඞ්ඛ්‍යාත සම්‍යක් ව්‍යායාමය විය.
11. දැන් මම් කාමයන් සෙවුනට භව්‍ය නො වෙම්, මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යය පරායණ කොට ඇතියෙම්, නො නවත්නාසුලු වන්නෙමි යි.
5. 2. 1. 8.
[ලිච්ඡවිකුමාර සූත්‍රය]
8. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර මහවනවෙහෙර කුළාරපහයෙහි වැඩවසන සේක. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙණ වේසාලියෙහි පිඬු පිණිස පිවිසි සේක. වේසාලියෙහි පිඬු පිණිස හැසිර පස්බත පිඬුවායෙන් පෙරළා වැඩිසේක් මහාවනයට පිවිස ගෙණ අන්‍යතර වෘක්‍ෂමූලයෙක්හි දිවාවිහාරයට වැඩහුන් සේක.
එ සමයෙහි බොහෝ ලිච්ඡවි කුමාරයෝ දියනැඟි දුනු ගෙණ කුකුරු (සුනඛ) ගණා විසින් පිරිවරණ ලදුවෝ මහවෙනෙහි අනුචඞ්ක්‍රමණ කරන්නාහු ඇවිදුනාහු එක්තරා රුක්මුලෙක දිවාවිහාරයට වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දුටහ. දැක සහදියදුනු බහා තබා කුකුරුගණා එකත්පසෙක යවා භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ තුෂ්ණීම්භූත වූවාහු බැඳැඳිලි ඇතියාහු භාග්‍යවතුන් වහන්සේ පර්‍ය්‍යුපාසන කරත්.
එ කල මහානාම ලිච්ඡවි රජ මහවෙනෙහි ජඞ්ඝාවිහාරය පිණිස සක්මන් කරණුයේ ඇවිදිනුයේ තූෂ්ණීම්භූත ව බඳැඳිලි ඇති ව භාග්‍යවතුන් වහන්සේ පර්‍ය්‍යුපාසනා කරණ එ ලිච්ඡවි කුමරුන් දිටී දැක භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන් මහානාම ලිච්ඡවිරජ “වජ්ජිහු වැඩෙන්නාහ, වජ්ජිහු වැඩෙන්නාහ”යි උදන් ඇනී ය.
මහානාමය, තෙපි “වජ්ජිහු වැඩෙන්නාහ, වජ්ජිහු වැඩෙන්නාහ”යි කවර හෙයින් මෙසේ කියහු.
“වහන්ස, මේ ලිච්ඡවි කුමරුවෝ කායකර්‍මයෙන් චණ්ඩයහ. වාක්කර්‍මයෙන් පරුෂයහ. අවෘද්ධිනිඃශ්‍රිතමානයෙන් තදහ. උක්දඬු වේවයි, ඩෙබර වේවයි, මෝදක (මුං කැරලි) වේවයි, තිලසඟලා වේවයි, කුලයන්හි යම් ඒ පඬුරු කෙනෙක් යවනු ලැබෙත් නම් ඒ පුනපුනා වොලොගෙණ කත්. කුලස්ත්‍රීනට කුලකුමරියනට පසු පසින් ගොස් පිටිපසින් පහර දෙත්. එ මොහු දැන් අත්‍යන්තයෙන් තූෂ්ණීම්භූත ව බඳැලි ඇති ව භාග්‍යවතුන් පර්‍ය්‍යුපාසනා කරති”යි.
මහානාමය, කැත්කුලෙහි උපන් මුදුනෙහි බිසෙස් කළ රජකුට වේවයි පියදත්සැපත් වළඳන රැටියකුට වේවයි, සේනායෙහි සෙන්පතියකුට වේවයි, ගම්හිමියකුට වේවයි, ගණදෙටුවකුට වේවයි, කුලයෙහි ප්‍රත්‍යෙකාධිපත්‍යය කරණ යම් ම කෙනකුට වේවයි, යම් ඒ කුලපුත්‍රයකුට පඤ්චධර්‍ම ඇත් ද, වෘද්ධිය ම කැමැති විය යුතුය. පරිහානි නො කැමැති විය යුතුය. කවර පඤ්චධර්‍ම ද යත්:
මහානාමය, මෙ ලොව්හි කුලපුත් බාහුබලයෙන් රැස් කොට ගත්, හෙළූ සෝදිය ඇති, දැහැමි, ධර්‍මයෙන් ම ලත්, උත්‍ථානවීර්‍ය්‍යයෙන් උපයා ගත් භෝගයෙන් මාපියන් සත්කාර කරන්නේ ය. ගුරුකාර කරන්නේ ය. බුහුමන් කරන්නේ ය. පුදන්නේ ය. සත්කාර කරණ ලද, ගුරුකාර කරණ ලද, බුහුමන් කරණ ලද, පුදන ලද මාපියෝ ඔහට කලණසිතින් “සැරදේ, දිගා පල්නේ”ය යි අනුකම්පා කරත්. මහානාමය, මාපියන් විසින් අනුකම්පිත කුලපුත්හට වෘද්ධියෙක් ම කැමැති විය යුතු. පරිහානි නො කැමැති විය යුතු.
තවද මහානාමය, කුලපුත් උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලත්, බාහුබලයෙන් උපයා ගත්, සෝදිය වගුරුවා ඉපයු, දැහැමි, දැහැමින් ම ලත් භෝගයෙන් අඹුදරු දස්කම්කරු පුරිස් සගන්නේ ය. ගුරුකාර කරන්නේ ය. බුහුමන් කරන්නේ ය පුදන්නේ ය, අඹුදරුදස්කම්කරුපුරිස්හු සත්කෘත වූවාහු ගුරුකෘත වූවාහු මානිත වූවාහු පූජිත වූවාහු “සැරදේ, දිගා පල්නේ ය”යි කලණ සිතින් ඔහට අනුකම්පා කරත්. මහානාමය, අඹුදරුදස්කම්කරුපුරිස් විසින් අනුකම්පා කරණ ලද කුලපුත් හට වෘද්ධියෙක් ම කැමැති විය යුතු පරිහානියෙක් නො කැමැති විය යුතු.
තවද මහානාමය, කුලපුත් උත්‍ථානවීර්‍ය්‍යාධිගත බාහුබලයෙන් උපයා ගත්, සෝදිය වගුරුවා ඉපයූ, දැහැමි, දැහැමින් ම ලත් භෝගයෙන් තමන් කෙත්කමතට අනතුරුකෙත්හිමියන් හා යටවරයනට (බිම් මනන්නන්ට) සත්කාර කෙරෙයි. ගුරුකාර කෙරෙයි. මානනය කෙරෙයි. පූජා කෙරෙයි. සත්කාර කරණ ගුරුකාර ලද බුහුමන් කරන ලද පුදන ලද අනතුරුකෙත් හිමියෝ ද යටවරයෝ ද කලණසිතින් “සැරදේ, දිගා පල්නේය”යි ඔහට අනුකම්පා කරත්. අනතුරුකෙත්හිමියන් හා යටවරයන් විසින් අනුකම්පිත වූ කුලපුත් හට වෘද්ධියෙක් ම කැමැති විය යුතු. පරිහානියෙක් නො කැමැති විය යුතු.
තවද මහානාමය, කුලපුත් උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලත්, බාහුබලයෙන් උපයා ගත්, සෝදිය වගුරුවා ඉපයූ, දැහැමි, දැහැමින් ම ලත් භෝගයෙන් යම් පමණ පුද පිළිගන්නා දෙවියෝ ඇත් නම්, ඔවුනට (අග්‍ර යාගුභක්තාදීන්) සත්කාර කෙරෙයි. ගුරුකාර කෙරෙයි. මානනා කෙරෙයි. පූජා කෙරෙයි සත්කාර ලත් ගුරුකාර ලත් මානනා ලත් පූජා ලත් පුද පිළිගන්නා දෙවියෝ “සැරදේ, දිගා පල්නේ යැ”යි ඔහට කලණසිතින් අනුකම්පා කරත්. මහානාමය, දේවතාවන් විසින් අනුකම්පිත කුලපුත් හට වෘද්ධිය ම කැමැති විය යුතු. පරිහානි නො කැමැති විය යුතු.
තවද මහානාමය, කුලපුත් උත්‍ථානවීර්‍ය්‍යාධිගත බාහුබලයෙන් උපයා ගත්, සෝදිය වගුරුවා ඉපයූ, දැහැමි වූ, දැහැමින් ම ලද භෝගයෙන් මහණ බමුණනට සත්කාර කරයි. ගුරුකාර කරයි. මානනය කරයි. පූජා කරයි. සත්කාර කරණ ලද ගරු කරණ ලද මානනය කරණ ලද පුදන ලද මහණබමුණෝ “සැරදේ, දිගා පල්නේ ය”යි ඔහට කලණසිතින් අනුකම්පා කරත්. මහානාමය, මහණබමුණන් විසින් අනුකම්පිත වූ කුලපුත් හට වෘද්ධිය ම කැමැති විය යුතු. පරිහානි නො කැමැති විය යුතු.
මහානාමය, ක්‍ෂිත්‍රිය ජාතිකමූර්‍ධාභිෂික්ත රජකුට වේවයි, පියදත් සැපත් ඇති රැටියකුට වේවයි, සේනායෙහි සෙන්පතියකුට වේවයි, ගම් හිමියකුට වේවයි, සමූහාධිපතියකුට වේවයි, යම් ම කෙනෙක් කුලයෙහි ප්‍රත්‍යෙකආධිපත්‍යය කෙරෙත් නම් එබඳුවනට වේවයි, යම් කිසි කුල පුතකුට මේ පඤ්චධර්‍මයෝ ඇත් ද වෘද්ධිය ම කැමැති විය යුතු ය. පරිහානි නො කැමැති විය යුතු.
12. හැම කල මාපියන්ගේ කරණී කරණුයේ, අඹුදරුවන් කෙරෙහි හිතැතියේ, අන්තොජනයාගේ අර්‍ත්‍ථසිද්ධිය සඳහා ද යම් ම කෙනෙක් තුලුහු ඇසිරි කොට දිවි වටනාහු වෙත්නම් උනුදුගේ අර්‍ත්‍ථය සඳහා ද කටයුතු කෙරේ නම්,
13. යදිවදන් දන්නේ, සිල්වත් වූයේ, කලුරිය කළ ඥාතීන් හා දිටුදැමියෙහි ජීවත්වන ඥාතීහුයයි උභයඥාතීන්ගේ අර්‍ත්‍ථය පිණිස (වටනේ) වේ නම්,
14. දැහැමින් ගිහිගෙයි වසන එ නුවණැති පුරුෂ මහණබමුණන් හා දෙවියනට සතුටු දනවන්නේ වෙයි.
15. හෙ කලණකම් කොට ප්‍රශංසාවට නිසි වූයේ පූජ්‍ය වෙයි. මෙ ලොව්හිදු ඔහු පසසත්. පරලොව ස්වර්‍ගයෙහිදු විපාකමෝදනායෙන් ප්‍රමෝද කරන්නේ ය.
5. 2. 1. 9.
[පඨමබුඩ්ඪපබ්බජිත සූත්‍රය]