මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත මහණ විඝාත රහිත උපායාස රහිත පරිදාහ රහිත පරිදාහ රහිත සුඛවිහරණ කෙරෙයි. කාබුන් මරණින් මතුදු සුගති කැමැති විය යුතු යි.
5. 1. 1. 4.
[යථාභත සූත්‍රය]
4. මහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත මහණ ගෙණවුත් බහාතබන ලදුයේ යම් සේ වේ නම් එසේ නිරයෙහි තැබුනේ වේ. කවර පසෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ අශ්‍රද්ධ වෙයි, හිරි නැති වෙයි. ඔතප් නැති වෙයි. කුසීත වෙයි. දුෂ්ප්‍රාඥ වෙයි. මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත මහණ ගෙණවුත් බහාතබන ලදුයේ යම් සේ වේ නම්, එසේ නිරයෙහි තැබුනේ වේ.
මහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත මහණ ගෙණවුත් බහාතබන ලදුයේ යම් සේ වේ නම් එසේ ස්වර්‍ගයෙහි තැබුනේ වේ. කවර පසෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ සැදැහැති වෙයි. හිරි ඇති වෙයි. ඔතප් ඇති වෙයි. ඇරඹූ වැර ඇති වෙයි. පැණැති වෙයි. මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත මහණ ගෙණවුත් බහාතබන ලද්දේ යම් සේ වේ නම් එසේ ස්වර්‍ගයෙහි තැබුනේ වේ ය යි.
5. 1. 1. 5.
[සික්ඛාපච්චක්ඛාන සූත්‍රය]
5. මහණෙනි, යම් මහණෙක් වේ ව යි, මෙහෙණක් වේ ව යි, ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හුනු බවට (ගිහිබවට) වැටේ නම්, ඔහට දිටුදැහැමියෙහි ම ගැරහිය යුතු කරුණු වූ සහේතුක වාදප්‍රවෘත්ති (මෙරමා නගන කතා) පසෙක් එළඹේ. කවර පසෙක යත්:
“තට කුසල්දහම්හි සැදැහැ ද නො වී. තට කුසල්දහම්හි හිරි ද නො වී. තට කුසල්දහම්හි ඔතප් ද නො වී. තට කුසල්දහම්හි වැර ද නො වී. තට කුසල්දහම්හි පැණ ද නො වී” ය යි.
මහණෙනි, යම් කිසි මහණෙක් වේ ව යි, මෙහෙණක් වේ ව යි, ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හුනු බවට වැටේ නම් ඔහුට දිටුදැමියෙහි ම ගැරහිය යුතු කරුණු වූ මේ පඤ්චසහධාර්මිකවාද ප්‍රවෘත්තිහු එළඹෙත්.
මහණෙනි, කිසියම් මහණෙක් වේ ව යි, මෙහෙණක් වේ ව යි, දුක් සහිතව ද දොම්නස් සහිතව ද කඳුළුවැකි මුහුණු ඇතියේ ද වලප්නේ ද පිරිපුන් පිරිසිදු බඹසර සෙරේ නම්, ඔහට දිටුදැහැමියෙහි ම පඤ්චසහධාර්මික ප්‍රසංසාස්ථාන කෙනෙක් එත්. කවර පස්දෙනෙක යත්:
“තට කුශලධර්‍මයෙහි ශ්‍රද්ධා නමුදු වී. තට කුශලධර්‍මයෙහි හිරි නමුදු වී. තට කුශලධර්‍මයෙහි ඔතප් නමුදු වී. තට කුශලධර්‍මයෙහි වීර්‍ය්‍ය නමුදු වී. තට කුශලධර්‍මයෙහි ප්‍රඥා නමුදු වී” ය යි.
මහණෙනි, කිසියම් මහණෙක් වේ වයි, මෙහෙණක් වේ ව යි, දුක් සහිතව ද දොම්නස් සහිතව ද කඳුළුවැකි මුහුණු ඇතියේ ද වලප්නේ ද පිරිපුන් පිරිසිදු බඹසර සෙරේ නම් ඔහට වත්මනු බෙවෙහි ම පැසසිය යුතු කරුණු වූ මේ පඤ්චසහධාර්මිකයෝ පැමිණෙති.
5. 1. 1. 6.
[අකුසලසමාපත්ති සූත්‍රය]
6. මහණෙනි, කුශලධර්‍මයෙහි යම් තාක් ශ්‍රද්ධා එළඹ සිටියා වේ ද, ඒ තාක් අකුශලයාගේ සමාපත්තියෙක් (වැදගැන්මෙක්) නො වේ. මහණෙනි, යම් හෙයෙකින් ශ්‍රද්ධා අතුරුදන් වේ ද, අශ්‍රද්ධාභාවය මතුව නැඟගෙණ සිටුනේ වේ ද, එකල්හි අකුශලයාගේ සමාපත්තිය වෙයි.
මහණෙනි, යම් තාක් කුශලධර්‍මයෙහි හිරි එළඹ සිටියා වේ ද, ඒ තාක් අකුශලසමාපත්තියෙක් නො වේ. මහණෙනි, යම් හෙයෙකින් හිරි අතුරුදන් වේ ද, අහිරික භාවය නැඟගෙණ සිටුනේ වේ ද, එකල්හි අකුශලසමාපත්තිය වෙයි.
මහණෙනි, යම් තාක් කුශලධර්‍මයෙහි ඔතප් එළඹ සිටියේ වේ ද, ඒ තාක් අකුශලසමාපත්තිය නො වේ, මහණෙනි, යම් හෙයෙකින් ඔතප් අතුරුදන් වේ ද, අපත්‍රපා නැඟගෙණ සිටුනී වේ ද, එකල්හි අකුශලසමාපත්තිය වෙයි.
මහණෙනි, යම් තාක් කුශලධර්‍මයෙහි වීර්‍ය්‍ය එළඹ සිටියේ වේ ද, ඒ තාක් අකුශලසමාපත්තිය නො වේ. මහණෙනි, යම් හෙයෙකින් වීර්‍ය්‍ය අතුරුදන් වේ ද, කුසීතභාවය නැඟගෙණ සිටුනේ ද, එකල්හි අකුශල සමාපත්තිය වේ.
මහණෙනි, යම් තාක් කුශලධර්‍මයෙහි ප්‍රඥා එළඹ සිටියා වේ ද, ඒ තාක් අකුශලසමාපත්තිය නො වේ. මහණෙනි, යම් හෙයෙකින් ප්‍රඥා අතුරුදන් වේ ද, දුෂ්ප්‍රඥා නැඟගෙණ සිටුනී ද, එකල්හි අකුශල සමාපත්තිය වේ ය යි.
5. 1. 1. 7.
[කාමෙසුපලාළිත සූත්‍රය]
7. මහණෙනි, බෙහෙවින් ම සත්ත්‍වයෝ වස්තුකාමක්ලේශකාමයෙහි ප්‍රකර්‍ෂයෙන් ඇලුනාහ. මහණෙනි, කුලපුත් (තණකපන) දෑකැත්ත හා තණ කද තබාපියා ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියේ වේ ද, ‘සැදැහැයෙන් සසුන් වන් කුලපුත්හ’යි කියන්නට නිසි වෙයි. එ කවර හෙයින යත්:
මහණෙනි, යොවුනෙන් කාමයෝ ලැබිය හෙති. ඔහුදු යම් යම් බඳු වෙති. මහණෙනි, යම් බඳු (පඤ්චහීනකුලයන්ගේ) හීනකාමයෝ වෙත් ද, යම් බඳු (මධ්‍යමසත්ත්‍වයන්ගේ) මධ්‍යමකාමයෝ වෙත් ද, යම් බඳු (රාජාදීන්ගේ) ප්‍රණීත කාමයෝ වෙත් ද, එ හැම කාමයෝ (කාමන විසින්) ‘කාමය හ’ යි ම සඞ්ඛ්‍යාවට යෙත්.
මහණෙනි, යම් පරිද්දෙකින් බොළඳ වූ, උඩුකුරුව හෝනා ලදරු කුමරෙක් කිරිමවගේ පමාදොස නිසා ලීකඩක් හෝ කැබිලිත්තක් හෝ මුවෙහි බහාගන්නේ වේ නම් ධාතිතොමෝ වහවහා තෙල කරුණ මෙනෙහි කරයි. වහ වහා මෙනෙහි කොට වහ වහා එය බැහැර කරන්නී වෙයි. ඉදින් වහ වහා බැහැර කරන්නට නොහැකි වූ නම්, වමතින් හිස හම්නාගෙණ දකුණතින් වකැඟිලි කොට ලේ සහිත කොට ද බැහැර කරන්නී ය. එ කවර හෙයින යත්: මහණෙනි, කුමරහට තෙල වෙහෙස ඇත් මය, තෙල නැතැයි නො කියමි. මහණෙනි, (එහෙත්) අර්‍ත්‍ථ කැමැති හිතෛෂිණී අනුකම්පා ඇති ධාතිය විසින් අනුකම්පා පිණිස තෙල කටයුතු ම වෙයි.
මහණෙනි, යම් කලෙක පටන් ගෙණ එ කුමර යුතු පමණ පැණැති වෘද්ධයෙක් වේ ද, මහණෙනි, එ සඳ ධාතිය ඒ කුමර කෙරෙහි “දැන් කුමරු ආත්මගුප්ත වෙයි, (තෙමේ ම රැකෙයි.) ප්‍රමාදයට නො නිසි වෙති”යි අපේක්‍ෂාරහිත වෙයි.
මහණෙනි, එපරිද්දෙන් ම මහණහු විසින් යම් පමණ කල් කුශල ධර්‍මයෙහි ශ්‍රද්ධායෙන් කටයුතු දැය නො කරණ ලද්දේ වේ ද, කුශලධර්‍මයෙහි හිරියෙන් කටයුතු දැය නො කරණ ලද්දේ වේ ද, කුශලධර්‍මයෙහි අපත්‍රපායෙන් කටයුතු දැය නො කරණ ලද්දේ වේ ද, වීර්‍ය්‍යයෙන් කුශලධර්‍මයෙහි කටයුතු දැය නො කරණ ලද්දේ වේ ද, ප්‍රඥායෙන් කුශලධර්‍මයෙහි කටයුතු දැය නො කරණ ලද්දේ වේ ද, මහණෙනි, මා විසින් එ මහණ එතෙක් රැකිය යුතු වෙයි.
මහණෙනි, යම් කලෙක පටන් ගෙණ මහණහු විසින් කුශලධර්‍මයෙහි ශ්‍රද්ධායෙන් කටයුතු දැ කරණ ලද්දේ වේ ද, හිරියෙන් කුශලධර්‍මයෙහි කටයුතු දැ කරණ ලද්දේ වේ ද, අපත්‍රපායෙන් කුශලධර්‍මයෙහි කටයුතු දැ කරණ ලද්දේ වේ ද, වීර්‍ය්‍යයෙන් කුශලධර්‍මයෙහි කටයුතු දැ කරණ ලද්දේ වේ ද, ප්‍රඥායෙන් කුශලධර්‍මයෙහි කටයුතු දැ කරණ ලද්දේ වේ ද, මහණෙනි, (සෝවන්පෙලෙහි සිටුනා) එ මහණහු කෙරෙහි “දැන් මහණ ආත්මගුප්ත වෙයි. පමාවට නො නිසි වෙති”යි. අපේක්‍ෂා නැතියෙම් වෙමි යි.
5. 1. 1. 8.
[චවන සූත්‍රය]
8. මහණෙනි, පඤ්ච ධර්‍මයෙකින් සමන්‍වාගත මහණ ච්‍යුත වෙයි. ශාසන සද්ධර්‍මයෙහි නොපිහිටුනේ වෙයි. කවර පසෙකින යත්:
මහණෙනි, සැදැහැ නැති මහණ (ගුණදහමින්) ච්‍යුත වෙයි. ශාසන සද්ධර්‍මයෙහි නො පිහිටුනේ වෙයි. මහණෙනි, විළිනැති මහණ ච්‍යුත වෙයි, සද්ධර්‍මයෙහි නො පිහිටුනේ වෙයි. මහණෙනි, ඔතප් නැති මහණ ච්‍යුත වෙයි. සද්ධර්‍මයෙහි නො පිහිටුනේ වෙයි. මහණෙනි, මැළි මහණ ච්‍යුත වෙයි. සද්ධර්‍මයෙහි නො පිහිටුනේ වෙයි. මහණෙනි, දුෂ්ප්‍රාඥ මහණ ච්‍යුත වෙයි. සද්ධර්‍මයෙහි නො පිහිටුනේ වෙයි.
මහණෙනි, මෙ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත මහණ (ගුණෙන්) ච්‍යුත වෙයි: ශාසනසද්ධර්‍මයෙහි නො පිහිටුනේ වෙයි.
මහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත මහණ ච්‍යුත නො වෙයි. ශාසනසද්ධර්‍මයෙහි පිහිටුනේ වෙයි. කවර පසෙකින යත්:
මහණෙනි, සැදැහැති මහණ ච්‍යුත නො වෙයි. සද්ධර්‍මයෙහි පිහිටුනේ වෙයි. මහණෙනි, විළි ඇති මහණ ච්‍යුත නො වෙයි. සද්ධර්‍මයෙහි පිහිටුනේ වෙයි. මහණෙනි, ඔතප් ඇති මහණ ච්‍යුත නො වෙයි. සද්ධර්‍මයෙහි පිහිටුනේ වෙයි. මහණෙනි, රුකුළු වැර ඇති මහණ ච්‍යුත නො වෙයි. සද්ධර්‍මයෙහි පිහිටුනේ වෙයි. මහණෙනි, ප්‍රඥා ඇති මහණ ච්‍යුත නො වෙයි. සද්ධර්‍මයෙහි පිහිටුනේ වෙයි.
මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත මහණ (ගුණෙන්) ච්‍යුත නො වේ. සද්ධර්‍මයෙහි පිහිටුනේ වේ.
5. 1. 1. 9.
[පඨමඅගාරව සූත්‍රය]
9. මහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත මහණ ගෞරව නැතියේ, ප්‍රතිශ්‍රය (බුද්ධාදීන් කෙරෙහි යටත්වැටුම්) නැතියේ, ච්‍යුත වෙයි. සද්ධර්‍මයෙහි නො පිහිටුනේ වෙයි. කවර පසෙකින යත්:
මහණෙනි, ශ්‍රද්ධා නැති මහණ ගෞරව නැතියේ ප්‍රතිශ්‍රය (දෙටුවකු) නැතියේ, ච්‍යුත වෙයි. සද්ධර්‍මයෙහි නොපිහිටුනේ වෙයි. මහණෙනි, විළි නැති මහණ ... මහණෙනි, ඔතප් නැති මහණ ... මහණෙනි, කුසීත මහණ ... මහණෙනි, දුෂ්ප්‍රාඥ මහණ ගෞරව නැතියේ ප්‍රතිශ්‍රය නැතියේ ච්‍යුත වේ. සද්ධර්‍මයෙහි නොපිහිටුනේ වේ.
මහණෙනි, මෙ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත මහණ ගෞරව නැතියේ, ප්‍රතිශ්‍රය නැතියේ, (ගුණෙන්) ච්‍යුත වෙයි. සද්ධර්‍මයෙහි නොපිහිටුනේ වෙ යි.
මහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත මහණ ගෞරව ඇතියේ, ප්‍රතිශ්‍රය ඇතියේ, ච්‍යුත නො වේ, සද්ධර්‍මයෙහි පිහිටුනේ වේ. කවර පසෙකින යත්:
මහණෙනි, සැදැහැති මහණ ගෞරව ඇතියේ, ප්‍රතිශ්‍රය ඇතියේ, ච්‍යුත නො වේ. සද්ධර්‍මයෙහි පිහිටුනේ වේ. මහණෙනි, හිරි ඇති මහණ ... මහණෙනි, ඔතප් ඇති මහණ ... මහණෙනි, ඇරැඹු වැර ඇති මහණ ... මහණෙනි, ප්‍රඥා ඇති මහණ ගෞරව ඇතියේ, ප්‍රතිශ්‍රය ඇතියේ, (ගුණෙන්) ච්‍යුත නො වෙයි. සද්ධර්‍මයෙහි පිහිටුනේ වෙයි.
__missing trans__
5. 1. 1. 10.
[දුතියඅගාරව සූත්‍රය]
10. මහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත මහණ ගෞරව නැතියේ, ප්‍රතිශ්‍රය නැතියේ, මෙ ධර්‍මවිනයෙහි වෘද්ධියට විරූඪියට (නිශ්චල භාවයට) වෛපුල්‍යයට (මහත්බවට) පැමිණෙනුවට අභව්‍ය (අභාජන) වෙයි. කවර පසෙකින යත්:
මහණෙනි, ශ්‍රද්ධා නැති මහණ ගෞරව නැතියේ, ප්‍රතිශ්‍රය නැතියේ මෙ දහම්විනයෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙනුවට අභව්‍ය වෙයි. මහණෙනි, හිරි නැති මහණ ... මහණෙනි, ඔතප් නැති මහණ ... මහණෙනි, කුසීත මහණ ... මහණෙනි, දුෂ්ප්‍රාඥ මහණ ගෞරව නැතියේ, ප්‍රතිශ්‍රය නැතියේ, මේ ධර්‍මවිනයෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙනුවට අභව්‍ය වෙයි.
__missing trans__
මහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත මහණ ගෞරව ඇතියේ ප්‍රතිශ්‍රය ඇතියේ, මෙ ධර්‍මවිනයෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙනුවට භව්‍ය වෙයි. කවර පසෙකින යත්:
මහණෙනි, ශ්‍රද්ධා ඇති මහණ ගෞරව ඇතියේ, ප්‍රතිශ්‍රය ඇතියේ, මෙ ධර්‍මවිනයෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙනුවට භව්‍ය වෙයි. මහණෙනි, හිරි ඇති මහණ ... මහණෙනි, ඔතප් ඇති මහණ ... මහණෙනි, රුකුළු වැර ඇති මහණ ... මහණෙනි, ප්‍රඥා ඇති මහණ ගෞරව ඇතියේ, ප්‍රතිශ්‍රය ඇතියේ, මෙ ධර්‍ම විනයෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙනුවට භව්‍ය වේ.
මහණෙනි, මෙ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත මහණ ගෞරව ඇතියේ, ප්‍රතිශ්‍රය ඇතියේ, මේ ධර්‍මවිනයෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙනුවට භව්‍ය වේ.
සේඛබලවර්‍ගය ප්‍රථම යි.
එහි උද්දානය:
සඞ්ඛිත්තය, විත්‍ථතය, දුක්‍ඛය, ආභතය, සික්‍ඛාය, සමාපත්තිය, කාමය, චවනය, අගාරව සූත්‍ර දෙක දැයි දශයෙකි.
2. බල වර්‍ගය
5. 1. 2. 1.
[තථාගතබල සූත්‍රය]
[සැවැත්නිදාන යි]
11. මහණෙනි, මම පෙර නො ඇසූ සියුසස් දහම්හි (සොළොස් කරණී විසින්) වෙසෙසින් දැන (කෘතකෘත්‍ය වන බැවින්) පර්‍ය්‍යවසානභාවසඞ්ඛ්‍යාත පරතෙර පැමිණියෙමි යි පිළිණ කරමි.
මහණෙනි, යම් බලයකින් සමන්‍වාගත තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨ ස්ථානය පිළිණ කරණ සේක් ද, පිරිස්හි සිංහනාද කරණ සේක්ද, ශ්‍රේෂ්ඨ ධර්‍මචක්‍රය පවත්වන සේක් ද, තථාගතයන් වහන්සේගේ මේ තථාගතබලයෝ (ඥානබලයෝ) පස්දෙනෙකි.
කවර පස්දෙනෙක යත්: ශ්‍රද්ධාබලය, හිරිබලය, අපත්‍රපාබලය, වීර්‍ය්‍යබලය, ප්‍රඥාබල යි.
මහණෙනි, යම් බලයෙකින් සමන්‍වාගත තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨස්ථානය පිළිණ කරණ සේක් ද, පිරිස්හි අභීතනාද කරණ සේක් ද, බ්‍රහ්මචක්‍රය පවත්වන සේක් ද, තථාගතයන්වහන්සේගේ එ තථාගතබලයෝ මොහු පස්දෙන වෙති.
5. 1. 2. 2.
[සේඛබලඅග්ග සූත්‍රය]
12. මහණෙනි, තෙල සෙඛබලයෝ පස්දෙනෙක. කවර පස්දෙනෙක, යත්: ශ්‍රද්ධාබලය, හිරිබලය, අපත්‍රපාබලය, වීර්‍ය්‍යබලය, ප්‍රඥාබලයි. මහණෙනි තුලුහු පඤ්චශෛක්‍ෂබලයෝ යි.
මහණෙනි, මේ පඤ්ච ශෛක්‍ෂබලයන් අතුරින් තෙල අග්‍රය තෙල (ගෝනැස් ගන්නා කූටය සෙයින්) සාඞ්ග්‍රාහිකය (සගන්) වේ. තෙල සන්‍ධි (මුළුලු) කරන්නේ වේ. හෙ කවරේ ය යත්: ප්‍රඥාබල යි.
මහණෙනි, යම් සේ කුළුගෙයි තෙල අග්‍රය වේ ද, තෙල සාඞ්ග්‍රාහිකය වේ ද, තෙල සඞ්ඝාතනිය වේ ද, එ කිමෙක යත්: කූටය (මුදුන-කැණිමඬල) යි. මහණෙනි, එ පරිදි ම මෙ පස්වැදෑරුම් සේඛබලයන් අතුරින් තෙල අග්‍ර වෙයි, තෙල සාඞ්ග්‍රාහික වෙයි, තෙල මුළුලු කරන්නේ වෙයි. හෙ කවරේ ය යත්: ප්‍රඥාබල යි.
මහණෙනි, එහෙයින් මෙසේ හික්මෙන්නේ ය. ශෛක්‍ෂබල වූ ශ්‍රද්ධා බලයෙන් සමන්‍වාගත වම්හ ... හිරිබලයෙන් ... අපත්‍රපාබලයෙන් ... වීර්‍ය්‍යබලයෙන් ... ශෛක්‍ෂබල වූ ප්‍රඥාබලයෙන් සමන්‍වාගත වම්හ යි මහණෙනි, මෙසේම තොප හික්මෙන්නේ ය.
5. 1. 2. 3.
[බලසඞ්ඛිත්ත සූත්‍රය]
13. මහණෙනි, මේ බලයෝ පස්දෙනෙක. කවර පස්දෙනෙක යත්:
ශ්‍රද්ධාබලය, වීර්‍ය්‍යබලය, ස්මෘතිබලය, සමාධිබලය, ප්‍රඥාබල යි. මහණෙනි, මොහු පඤ්චබලයෝ යි.
5. 1. 2. 4.
[බලවිත්‍ථත සූත්‍රය]
14. මහණෙනි, මේ බලයෝ පස්දෙනෙක. කවර පස්දෙනෙක යත්: ශ්‍රද්ධාබලය, වීර්‍ය්‍යබලය, ස්මෘතිබලය, සමාධිබලය, ප්‍රඥාබල යි.
මහණෙනි, ශ්‍රද්ධාබල කවරේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි අරීසවු සැදැහැති වෙයි. තථාගතයන් වහන්සේගේ සම්‍යක්සම්බෝධිය හදහයි. “ඒ භාග්‍යවත්හු මෙ කරුණෙනුදු රහත්හ ... දෙව්මිනිස්නට ශාස්තෘයහ බුද්ධයහ. භගවත්හ”යි. මහණෙනි, මේ ශ්‍රද්ධාබල යි කියනු ලැබේ.
මහණෙනි, වීර්‍ය්‍යබල කවරේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි අරීසවු අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුශලධර්‍මයන්ගේ උපසම්පත් පිණිස රුකුළුවැර ඇතිව වෙසෙයි. ස්ථාමවත් වූයේ, දළපැරකුම් ඇතියේ, කුසල්දහම්හි නො හළ ධුර ඇතියේ වෙයි. මහණෙනි, මේ වීර්‍ය්‍යබල යි කියනු ලැබේ.
මහණෙනි, ස්මෘතිබල කවරේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි අරීසවු ස්මෘතිමත් වෙයි: පරම වූ ස්මෘතිසම්ප්‍රඥානයෙන් සමන්‍වාගත වූයේ, චිරකෘතය ද චිරභාෂිතය ද සිහි කරණුයේ වෙයි. මහණෙනි, මේ ස්මෘතිබල යි කියනු ලැබේ.
මහණෙනි, සමාධිබල කවරේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි අරීසවු කාමයෙන් වෙන් ව ම ... ප්‍රථමධ්‍යානයට ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසෙයි. මහණෙනි, මේ සමාධිබල යි කියනු ලැබේ.
මහණෙනි, ප්‍රඥාබල කවරේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි අරීසවු ප්‍රඥාවත් වෙයි. උදය - වය කරා යන ආර්‍ය්‍ය වූ නිබ්බේධික වූ මොනොවට දුඃඛක්‍ෂය කරමින් යන ප්‍රඥායෙන් සමන්‍වාගත වෙයි. මහණෙනි, මේ ප්‍රඥාබලය යි කියනු ලැබේ.
5. 1. 2. 5.
[බලදට්ඨබ්බ සූත්‍රය]
15. මහණෙනි, මේ බලයෝ පස්දෙනෙක. කවර පස්දෙනෙක යත්: ශ්‍රද්ධාබලය, වීර්‍ය්‍යබලය, ස්මෘතිබලය, සමාධිබලය, ප්‍රඥාබල යි.
මහණෙනි, ශ්‍රද්ධාබලය කොතන්හි දැක්ක යුතු ද? සතර සෝතාපත්‍යඞ්ගයෙහි ය. (අධිමෝක්‍ෂලක්‍ෂණ) ශ්‍රද්ධාබල එහි දැක්ක යුතු යි.
මහණෙනි, වීර්‍ය්‍යබල කොතන්හි දැක්ක යුතු ද? සතර සම්‍යක්ප්‍රධානයෙහි ය. (ප්‍රග්‍රහලක්‍ෂණ) වීර්‍ය්‍යබල එහි දැක්ක යුතු යි.
මහණෙනි, ස්මෘතිබල කොතන්හි දැක්ක යුතු ද? සතර සීවටනෙහි ය. (උපස්ථාන ලක්‍ෂණ) ස්මෘතිබල එහි දැක්ක යුතුයි.
මහණෙනි, සමාධිබල කොහි දැක්ක යුතු ද? සියුදැහැනෙහි ය. (අවික්‍ෂේප ලක්‍ෂණ) සමාධිබල එහි දැක්ක යුතු යි.
මහණෙනි, ප්‍රඥාබල කොහි දැක්ක යුතු ද? සතර ආර්‍ය්‍යසත්‍යයෙහි ය. (ප්‍රජානනලක්‍ෂණ) ප්‍රඥාබල එහි දැක්ක යුතු යි.
මහණෙනි, මේ පඤ්චබලයෝ යි.
5. 1. 2. 6.
[බලඅග්ග සූත්‍රය]
16. මහණෙනි, මේ බලයෝ පස්දෙනෙක.
කවර පස්දෙනෙක යත්: ශ්‍රද්ධාබලය, වීර්‍ය්‍යබලය, ස්මෘතිබලය, සමාධිබලය, ප්‍රඥාබල යි.
මහණෙනි, මේ පඤ්චබලයෝ වෙත්. මහණෙනි, මේ පස්බල අතුරින් තෙල අග්‍ර වෙයි, තෙල සාඞ්ග්‍රාහික වෙයි, තෙල මුළුලු කරන්නේ වෙයි. හෙ කිමෙක යත්: ප්‍රඥාබල යි.
මහණෙනි, යම්සේ කූටාගාරයාගේ තෙල අග්‍රය වේ ද, තෙල සාඞ්ග්‍රාහික වේ ද, තෙල සඞ්ඝාතනිය වේ ද, එනම් කූටය යි.
මහණෙනි, එපරිදි ම මේ පඤ්චබලයන් අතුරින් තෙල අග්‍රය වෙයි, තෙල සාඞ්ග්‍රාහිකය වෙයි, තෙල සඞ්ඝාතනිය වෙයි. එනම්, ප්‍රඥාබල යි.
5. 1. 2. 7.