[මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ...]
තෙමේත් කාමයෙහි මිසහසරින් දුරුවූයේ වෙයි. මෙරමාත් කාමයෙහි මිසහසරින් දුරුවීමෙහි සමාදන් කරවයි. කාමයෙහි මිසහසරින් දුරුවීමෙහි අනුදන්නේත් වෙයි. කාමයෙහි මිසහසරින් දුරුවීම පිළිබඳ ගුණ කියන්නේත් වෙයි. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණ වුත් බහා තැබූයේ යම් සේ ද, එපරිදි ස්වර්‍ගයෙහි වේ.]
4. 7. 4.
[මුසාවාද සූත්‍රය]
4. [මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ...]
තෙමේත් මුසවා බණන්නේ වෙයි. මෙරමාත් මුසවායෙහි සමාදන් කරවයි. මුසවායෙහි අනුදන්නේත් වෙයි. මුසවා පිළිබඳ ගුණ කියන්නේත් වෙයි. මහණෙනි, මෙ සතර කරුණින් ... [ගෙණවුත් බහා තැබූයේ යම් සේ ද, එපරිදි නිරයෙහි වේ.]
[මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ...]
තෙමේත් මුසවායෙන් දුරුවූයේ වෙයි. මෙරමාත් මුසවායෙන් දුරුවීමෙහි සමාදන් කරවයි. මුසවායෙන් දුරුවීමෙහි අනුදන්නේත් වෙයි. මුසවායෙන් දුරුවීම පිළිබඳ ගුණ කියන්නේත් වෙයි. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණවුත් බහා තැබූයේ යම් සේ ද, එපරිදි ස්වර්‍ගයෙහි වේ.]
4. 7. 5.
[පිසුණවාචා සූත්‍රය]
5. [මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ...]
තෙමේත් පිසුනුබස් ඇතියේ වෙයි. මෙරමාත් පිසුනුබස්හි සමාදන් කරවයි. පිසුනුබස්හි අනුදන්නේත් වෙයි. පිසුනුබස් පිළිබඳ ගුණ කියන්නේත් වෙයි. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණ වුත් බහා තැබූයේ යම් සේ ද, එපරිදි නිරයෙහි වේ.]
[මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ...]
තෙමේත් පිසුනුබසින් දුරුවූයේ වෙයි. මෙරමාත් පිසුනුබසින් දුරුවීමෙහි සමාදන් කරවයි. පිසුනුබසින් දුරුවීමෙහි අනුදන්නේත් වෙයි. පිසුනුබසින් දුරුවීම පිළිබඳ ගුණ ද කියයි. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණවුත් බහා තැබුයේ යම්සේ ද, එපරිදි ස්වර්‍ගයෙහි වේ.]
4. 7. 6.
[ඵරුසාවාචා සූත්‍රය]
6. [මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ...]
තෙමේත් පරොස්බස් ඇතියේ වෙයි. මෙරමාත් පරොස්බස්හි සමාදන් කරවයි. පරොස්බස්හි අනුදන්නේත් වෙයි. පරොස්බස් පිළිබඳ ගුණ ද කියයි.. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණවුත් බහා තැබූයේ යම් සේ ද, එපරිදි නිරයෙහි වේ.]
[මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ...]
තෙමේත් පරොස්බසින් දුරුවූයේ වෙයි. මෙරමාත් පරොස්බසින් දුරුවීමෙහි සමාදන් කරවයි. පරොස්බසින් දුරුවීමෙහි අනුදන්නේත් වෙයි. පරොස්බසින් දුරුවීම පිළිබඳ ගුණ ද කියයි. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණවුත් බහා තැබුයේ යම් සේ ද, එපරිදි ස්වර්‍ගයෙහි වේ.]
4. 7. 7.
[සම්ඵප්පලාප සූත්‍රය]
7. [මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ...]
තෙමේත් සම්ඵප්‍රලාප ඇතියේ වෙයි. මෙරමාත් සම්ඵප්‍රලාපයෙහි සමාදන් කරවයි. සම්ඵප්‍රලාපයෙහි අනුදන්නේත් වෙයි. සම්ඵප්‍රලාපය පිළිබඳ ගුණ ද කියයි. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණවුත් බහා තැබුයේ යම් සේ ද, එපරිදි නිරයෙහි වේ.]
[මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ...]
තෙමේත් සම්ඵප්‍රලාපයෙන් දුරුවූයේ වෙයි. මෙරමාත් සම්ඵප්‍රලාපයෙන් දුරුවීමෙහි සමාදන් කරවයි. සම්ඵප්‍රලාපයෙන් දුරුවීමෙහි අනුදන්නේත් වෙයි. සම්ඵප්‍රලාපයෙන් දුරුවීම පිළිබඳ ගුණත් කියයි. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණවුත් බහා තැබුයේ යම් සේ ද, එපරිදි ස්වර්‍ගයෙහි වේ.]
4. 7. 8.
[අභිජ්ඣාලු සූත්‍රය]
8. [මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ...]
තෙමේත් අභිධ්‍යා බහුල වෙයි. මෙරමාත් අභිධ්‍යායෙහි සමාදන් කරවයි. අභිධ්‍යායෙහි අනුදන්නේත් වෙයි. අභිධ්‍යාව පිළිබඳ ගුණ කියන්නේත් වෙයි. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණවුත් බහා තැබූයේ යම් සේ ද, එපරිදි නිරයෙහි වේ.]
[මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ...]
තෙමේත් අභිධ්‍යා බහුල නොවූයේ වෙයි. මෙරමාත් අභිධ්‍යායෙහි සමාදන් කරවයි. අනභිධ්‍යායෙහි අනුදන්නේත් වෙයි. අනභිධ්‍යාව පිළිබඳ ගුණ කියන්නේත් වෙයි. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණවුත් බහා තැබුයේ යම් සේ ද, එපරිදි ස්වර්‍ගයෙහි වේ.]
4. 7. 9.
[බ්‍යාපන්නචිත්ත සූත්‍රය]
9. [මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ...]
තෙමේත් ව්‍යාපන්න සිත් ඇත්තේ වෙයි. මෙරමාත් ව්‍යාපාදයෙහි සමාදන් කරවයි. ව්‍යාපාදයෙහි අනුදන්නේත් වෙයි. ව්‍යාපාදය පිළිබඳ ගුණ කියයි. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණවුත් බහා තැබුයේ යම් සේ ද, එපරිදිම නිරයෙහි වේ.]
[මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ...]
තෙමේත් ව්‍යාපාද රහිත සිතැත්තේ වෙයි. මෙරමාත් අව්‍යාපාදයෙහි සමාදන් කරවයි. අව්‍යාපාදයෙහි අනුදන්නේත් වෙයි. අව්‍යාපාදය පිළිබඳ ගුණත් කියයි. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණවුත් බහා තැබුයේ යම් සේ ද, එපරිදි ස්වර්‍ගයෙහි වේ.]
4. 7. 10.
[මිච්ඡාදිට්ඨි සූත්‍රය]
10. [මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ...]
තෙමේත් මිථ්‍යාදෘෂ්ටි ඇතියේ වෙයි. මෙරමාත් මිථ්‍යාදෘෂ්ටියෙහි සමාදන් කරවයි. මිථ්‍යාදෘෂ්ටියෙහි අනුදන්නේත් වෙයි. මිථ්‍යාදෘෂ්ටිය පිළිබඳ ගුණත් කියයි. මහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත වූයේ ... [ගෙණවුත් බහා තැබූයේ යම් සේ ද, එපරිදි නිරයෙහි වේ.]
[මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ...]
තෙමේත් සම්‍යග්දෘෂ්ටි ඇතියේ වෙයි. මෙරමාත් සම්‍යග්දෘෂ්ටියෙහි සමාදන් කරවයි. සම්‍යග්දෘෂ්ටියෙහි අනුදන්නේත් වෙයි. සම්‍යග්දෘෂ්ටිය පිළිබඳ ගුණත් කියයි. මහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත වූයේ ... [ගෙණවුත් බහා තැබුයේ යම් සේ ද, එපරිදි ස්වර්‍ගයෙහි වේ.]
කර්‍මපථවර්‍ගය සත්වැනි යි.
8. රාගපෙය්‍යාලය
4. 8. 1.
[චතුසතිපට්ඨාන සූත්‍රය]
[සැවැත්නිදාන යි]
1. මහණෙනි, රාගයාගේ අභිඥා පිණිස ධර්‍මයෝ සතර දෙනෙක් වැඩිය යුතුයහ. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතියේ නුවණින් දන්නේ ස්මෘතිමත් වූයේ පඤ්චස්‍කන්‍ධලෝකයෙහි අභිධ්‍යාදොම්නස්‍ය දුරු කොට කයෙහි කය නුවණින් දක්නේ වෙසෙයි. වේදනායෙහි ... චිත්තයෙහි ... කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතියේ නුවණින් දන්නේ ස්මෘතිමත් වූයේ පඤ්චස්‍කන්‍ධලෝකයෙහි අභිධ්‍යාදෞර්‍මනස්‍ය දුරු කොට ධර්‍මයෙහි ධර්‍මය නුවණින් දක්නේ වෙසෙයි.
මහණෙනි, රාගයාගේ අභිඥා පිණිස මේ සතර ධර්‍මයෝ වැඩිය යුත්තාහ.
4. 8. 2.
[චතුසම්මප්පධාන සූත්‍රය]
2. මහණෙනි, රාගයාගේ අභිඥා පිණිස ධර්‍මයෝ සතර දෙනෙක් වැඩිය යුත්තාහ. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ නූපන් ලාමක අකුශල ධර්‍මයන්ගේ අනුත්පාදය පිණිස ඡන්‍දය උපදවයි. ව්‍යායාම කෙරෙයි. වීර්‍ය්‍යාරම්භ කෙරෙයි. සිත දැඩි කොට ගණියි. ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි. උපන් ලාමක අකුශල ධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස ... නූපන් කුශලධර්‍මයන්ගේ උත්පාදය පිණිස ... උපන් කුශලධර්‍මයන්ගේ ස්‍ථීතිය පිණිස සම්මොෂය නොවනු පිණිස භූයෝභාවය පිණිස වෛපුල්‍යය පිණිස භාවනායෙන් පරිපූර්‍ණත්‍වය පිණිස ඡන්‍දය දනවයි. ව්‍යායාම කෙරෙයි. වීර්‍ය්‍යාරම්භ කෙරෙයි. සිත දැඩි කොට ගණියි. ප්‍රධන්වීර්‍ය්‍යය කෙරෙයි.
මහණෙනි, රාගයාගේ අභිඥා පිණිස මේ සතර ධර්‍මයෝ භාවිතව්‍යයෝ යි.
4. 8. 3.
[චතුරිද්ධිපාද සූත්‍රය]
3. මහණෙනි, රාගයාගේ අභිඥා පිණිස ධර්‍මයෝ සතර දෙනෙක් වැඩිය යුත්තාහ. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ඡන්‍දසමාධි පූර්‍වක ප්‍රධන්වීර්‍ය්‍ය සඞ්ඛ්‍යාත සංස්කාරයෙන් සමන්‍වාගත ඍද්ධිපාදය භවයි. වීර්‍ය්‍යසමාධිපූර්‍වක ... චිත්තසමාධිපූර්‍වක ... විමංසාසමාධිපූර්‍වක ප්‍රධන්වීර්‍ය්‍ය සඞ්ඛ්‍යාත සංස්කාරයෙන් සමන්‍වාගත ඍද්ධිපාදය භවයි:
මහණෙනි, රාගයාගේ අභිඥා පිණිස මේ සතර ධර්‍මයෝ භාවිතව්‍යයෝ යි.
[4.8.4-30]
මහණෙනි, රාගයාගේ පරිඥා පිණිස ... ධර්‍මයෝ සතර දෙනෙක් වැඩිය යුත්තාහ. මහණෙනි, රාගයාගේ පරික්‍ෂය පිණිස ... ප්‍රහාණය පිණිස ක්‍ෂය පිණිස ... ව්‍යය පිණිස ... විරාගය පිණිස ... නිරෝධය පිණිස ... ත්‍යාගය පිණිස ... ප්රතිනිස්සර්ගය පිණිස මේ සතර ධර්‍මයෝ භාවිතව්‍යයෝ යි.
[4.8.31-60]
මහණෙනි, ද්වේෂයාගේ අභිඥා පිණිස ධර්‍මයෝ සතර දෙනෙක් වැඩිය යුත්තාහ. මහණෙනි, ද්වේෂයාගේ පරිඥා පිණිස ... පරික්‍ෂය පිණිස ... ප්‍රහාණය පිණිස ... ක්‍ෂය පිණිස ... ව්‍යය පිණිස ... විරාගය පිණිස ... නිරෝධය පිණිස ... ත්‍යාගය පිණිස ... ප්රතිනිස්සර්ගය පිණිස ... මේ සතර ධර්‍මයෝ වැඩිය යුත්තාහ.
[4.8.61-480]
මහණෙනි, මෝහයාගේ ... ක්‍රෝධයාගේ ... උපනාහයාගේ ... මක්‍ඛයාගේ ... පලාසයාගේ ... ඊර්‍ෂ්‍යාවගේ ... මාත්සර්‍ය්‍යයාගේ ... මායාවගේ සඨභාවයාගේ ස්තම්භයාගේ ... සාරම්භයාගේ ... මානයාගේ ... මදයාගේ ... ප්‍රමාදයාගේ ... අභිඥා පිණිස ... පරිඥා පිණිස ... පරික්‍ෂය පිණිස ... ප්‍රහාණය පිණිස ... ක්‍ෂය පිණිස ... ව්‍යය පිණිස ... විරාගය පිණිස ... නිරෝධය පිණිස ... ත්‍යාගය පිණිස ... ප්රතිනිස්සර්ගය පිණිස ධර්‍මයෝ සතර දෙනෙක් වැඩිය යුත්තාහ. කවර සතර දෙනෙක යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම කයෙහි කය නුවණින් දක්නේ ... වේදනාවන්හි වේදනා නුවණින් දක්නේ ... ධර්‍මයන්හි ධර්‍ම නුවණින් දක්නේ වෙසෙයි ... අකුශල ධර්‍මයන්ගේ අනුත්පාදය පිණිස ... ප්‍රහාණය පිණිස ... කුශලධර්‍මයන්ගේ උත්පාදය පිණිස ... භාවනායෙන් පරිපූර්‍ණත්‍වය පිණිස ඡන්‍දය දනවයි ... ඡන්‍ද සමාධි ප්‍රධන්වීර්‍ය්‍ය සමන්‍වාගත ඍද්ධිපාදය ... වීර්‍ය්‍ය සමාධි ... චිත්ත සමාධි ... විමංසාසමාධි ප්‍රධන්වීර්‍ය්‍ය සමන්‍වාගත ඍද්ධිපාදය වඩයි. මහණෙනි, ප්‍රමාදයාගේ අභිඥා පිණිස ... ප්රතිනිස්සර්ගය පිණිස මේ සතර ධර්‍මයෝ වැඩිය යුත්තාහ.
{*}රාගාදි පෙය්‍යාලය නිමි.
චතුක්ක නිපාතය සමාප්ත යි.
සුත්‍රාන්තපිටකයෙහි
අඞ්ගුත්තරනිකාය
තෘතීයභාගය
5. පඤ්චකනිපාතය
1. ප්‍රථම පණ්ණාසකය
1. සේඛබල වර්‍ගය
ඒ භගවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා
5. 1. 1. 1.
[සේඛබලසඞ්ඛිත්ත සූත්‍රය]
1. මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් බැණවූ සේක. ඒ භික්‍ෂූහු ‘වහන්සැ’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
මහණෙනි, මේ ශෛක්‍ෂ (සෝවාන් ආදි හික්මෙන සත්දෙනගේ) බලයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්: සද්ධාබලය, හිරිබලය, ඔත්තප්පබලය, විරියබලය, පඤ්ඤාබල යි. මහණෙනි, මොහු පඤ්චශෛක්‍ෂබලයෝ යි.
මහණෙනි, එහෙයින් මෙසේ හික්මෙන්නේ ය. ශෛක්‍ෂබලය වූ සද්ධා බලයෙන් සමන්‍වාගත වම්හ. ශෛක්‍ෂබලය වූ හිරිබලයෙන් සමන්‍වාගත වම්හ. ශෛක්‍ෂබලය වූ ඔත්තප්පබලයෙන් සමන්‍වාගත වම්හ. ශෛක්‍ෂබලය වූ විරියබලයෙන් සමන්‍වාගත වම්හ. ශෛක්‍ෂබලය වූ පඤ්ඤාබලයෙන් සමන්‍වාගත වම්හ”යි. මහණෙනි, තොප මෙසේ ම හික්මෙන්නේ ය.
5. 1. 1. 2.
[සේඛබලවිත්‍ථත සූත්‍රය]
[සැවැත්නිදාන යි]
2. මහණෙනි, මෙ ශෛක්‍ෂබල පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්: සද්ධාබලය හිරිබලය ඔත්තප්පබලය විරියබලය පඤ්ඤාබල යි.
මහණෙනි, සද්ධාබල කවරේ ය: මහණෙනි, මේ සස්නෙහි අරීසවු සැදැහැති වෙයි. “මෙකරුණෙනුදු ඒ භගවත්හු අර්‍හත්හ. සම්‍යක්සම්බුද්ධයහ. විජ්ජාචරණසම්පන්නයහ. සුගතයහ. ලෝකවිද්හ. අනුත්තරපුරුෂදම්‍යසාරථියහ. දෙවිමිනිස්නට ශාස්තෘයහ. බුද්ධයහ. භගවත්හ”යි තථාගතයන්ගේ බෝධිය (බුද්ධගුණ) හදහන්නේ ය. මහණෙනි, මෙ ශ්‍රද්ධාබලය යි කියනු ලැබේ.
මහණෙනි, හිරිබල කවරේ ය: මහණෙනි, මෙ සස්නෙහි අරීසවු හිරි ඇති වෙයි. කායදුශ්චරිතය, වාග්දුශ්චරිතය, මනෝදුශ්චරිතය ගරහයි. ලමු අකුසල්දහමුන්ගේ සමාපත්තිය (ආගමනය) ගරහයි. මහණෙනි, මේ හ්‍රී බලයැ” යි කියනු ලැබේ.
මහණෙනි, ඔත්තප්පබල කවරේ ය: මහණෙනි, මෙ සස්නෙහි අරීසවු අපත්‍රපා ඇති වෙයි. කායදුශ්චරිතහේතුයෙන් වාග්දුශ්චරිතහෙතුයෙන් මනෝදුශ්චරිතහේතුයෙන් බානේ ය. ලාමකඅකුශලධර්‍මයන්ගේ සමාපත්ති හේතුයෙන් බානේ ය. මහණෙනි, මේ අපත්‍රපාබල යැ යි කියනු ලැබේ.
මහණෙනි, විරියබල කවරේ ය: මහණෙනි, මෙ සස්නෙහි අරීසවු අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුශලධර්‍මයන්ගේ උපසම්පත් (ප්‍රතිලාභ) පිණිස රුකුළුවැර ඇතියේ, ශක්ති ඇතියේ, දළපැරකුම් ඇතියේ, කුශලධර්‍මයෙහි නොබහාලු ප්‍රධන්කිස ඇතියේ වාස කරන්නේ ය. මහණෙනි, මේ විරියබල යි කියනු ලැබේ.
මහණෙනි, පඤ්ඤාබල කවරේ ය: මහණෙනි, මෙ සස්නෙහි අරීසවු (ස්කන්‍ධයන්ගේ) උදාවිය පිළිවිදුනට සමත් ආර්‍ය්‍ය (කෙලෙසුන් කෙරෙන් වෙන් ව සිටුනා හෙයින් පරිශුද්ධ) වූ නිර්වේධිකා වූ (කෙලෙස් බිඳුනට සමත්) සම්‍යග්හෙතුනය විසින් වටකෙලෙස්දුක් ගෙවමින් යන (විදර්‍ශනාමාර්‍ග) ප්‍රඥායෙන් සමන්‍වාගත වූයේ ප්‍රඥාවත් වෙයි. මහණෙනි, මේ ප්‍රඥාබල යි කියනු ලැබේ.
මහණෙනි, මොහු පඤ්ඤශෛක්‍ෂබලයෝ යි.
මහණෙනි, එහෙයින් මෙසේ හික්මෙන්නේ ය: “ශෛක්‍ෂබලය වූ ශ්‍රද්ධාබලයෙන් සමන්‍වාගත වම්හ. ශෛක්‍ෂබලය වූ හ්‍රීබලයෙන් සමන්‍වාගත වම්හ. ශෛක්‍ෂබලය වූ අපත්‍රපාබලයෙන් සමන්‍වාගත වම්හ. ශෛක්‍ෂබලය වූ වීර්‍ය්‍යබලයෙන් සමන්‍වාගත වම්හ. ශෛක්‍ෂබලය වූ ප්‍රඥාබලයෙන් සමන්‍වාගතවම්හ” යි. මහණෙනි, තොප මෙසේ ම හික්මෙන්නේ ය.
5. 1. 1. 3.
[දුක්ඛ සූත්‍රය]
3. මහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත මහණ ඉහාත්මයෙහි ම විඝාත (දුක්) සහිත උපායාස (දැඩි දුකින් උපන් ප්‍රතිඝ) සහිත පරිඩාහ සහිත දුඃඛවිහරණ කෙරෙයි. කාබුන් මරණින් මතුදු දුර්‍ගති කැමැති විය යුතු. කවර පඤ්චධර්‍මයෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ශ්‍රද්ධා නැති වෙයි. හ්‍රී නැති වෙයි. අපත්‍රපා නැති වෙයි. කුසීත වෙයි. දුෂ්ප්‍රාඥ වෙයි.
මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත මහණ ඉහාත්මයෙහි ම විඝාත සහිත උපායාස සහිත පරිඩාහ සහිත දුඃඛවිහරණ කරයි. කාබුන් මරණින් මතුදු දුර්‍ගති කැමැති විය යුතු යි.
මහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත මහණ ඉහාත්මයෙහි ම විඝාත නැති උපායාස රහිත පරිදාහ රහිත සුඛවිහරණ කෙරෙයි. කාබුන් මරණින් මතුදු සුගති කැමැති විය යුතු. කවර පඤ්චධර්‍මයෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ සැදැහැති වෙයි. හිරි ඇති වෙයි. ඔතප් ඇති වෙයි. ඇරඹූ වැර ඇති වෙයි. ප්‍රඥා ඇති වෙයි.