කායදුශ්චරිතයෙන, වාග්දුශ්චරිතයෙන, මනෝදුශ්චරිතයෙන, මිථ්‍යා දෘෂ්ටියෙන. මහණෙනි, මේ දහම් සතරින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් නිරයෙහි බැහෙයි.
මහණෙනි, කරුණු සතරෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් ස්වර්‍ගයෙහි සිටුනේ ය. කවර සතර කරුණෙකින යත්:
කායසුචරිතයෙන,වාක්සුචරිතයෙන,මනඃසුචරිතයෙන, සම්‍යග්දෘෂ්ටියෙන. මහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් ස්වර්‍ගයෙහි සිටුනේ ය.
4. 5. 2. 3.
[දෙවන නිරය - සග්ග නික්ඛිත්ත සූත්‍රය]
13. මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් නිරයෙහි වේ. කවර සතර කරුණෙන යත්:
කායදුශ්චරිතයෙන, වාග්දුශ්චරිතයෙන, මනෝදුශ්චරිතයෙන, අකෘතඥතා - අකෘතවේදිතායෙන. මහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් නිරයෙහි බහා තැබුනේ ය.
මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දේ යම් සේ ද එපරිදි ස්වර්‍ගයෙහි වේ. කවර සතර කරුණෙන යත්:
කායසුචරිතයෙන,වාක්සුචරිතයෙන,මනඃසුචරිතයෙන, කෘතඥතා-කෘතවෙදිතායෙන. මහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දේ යම්සේ ද එපරිදි ස්වර්‍ගයෙහි වෙයි.
4. 5. 2. 4.
[තෙවන නිරය - සග්ග නික්ඛිත්ත සූත්‍රය]
14. [මහණෙනි, දහම් සතරෙකින් සමන්‍වාගත වූයේ ...]
පණිවා කරන්නේ වෙයි. අයිනාදන් ගන්නේ වෙයි. කාමයෙහි මිසහසර ඇතියේ වෙයි. මුසවා බණන්නේ වෙයි ... [ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් නිරයෙහි බැහෙයි.]
[මහණෙනි, දහම් සතරෙකින් සමන්‍වාගත වූයේ ...]
පණිවායෙන් දුරුවූයේ වෙයි. අයිනාදනින් දුරුවූයේ වෙයි. කාමයෙහි මිසහසරින් දුරුවූයේ වෙයි. මුසවායෙන් දුරුවූයේ වෙයි. ... [ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් ස්වර්‍ගයෙහි වෙයි.]
4. 5. 2. 5.
[සිවුවන නිරය - සග්ග නික්ඛිත්ත සූත්‍රය]
15. [මහණෙනි, දහම් සතරෙකින් සමන්‍වාගත වූයේ ...]
මිසදිටු ඇතියේ වෙයි. මිථ්‍යාසඞ්කල්ප ඇතියේ වෙයි. මිථ්‍යාවචන ඇතියේ වෙයි. මිථ්‍යාකර්‍මාන්ත ඇතියේ වෙයි … [ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් නිරයෙහි බැහෙයි.]
[මහණෙනි, දහම් සතරෙකින් සමන්‍වාගත වූයේ ...]
සම්‍යග්දෘෂ්ටි ඇත්තේ වෙයි. සම්‍යක්සඞ්කල්ප ඇතියේ වෙයි. සම්‍යග්වචන ඇත්තේ වෙයි. සම්‍යක්කර්‍මාන්ත ඇත්තේ වෙයි ... [ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් ස්වර්‍ගයෙහි වෙයි.]
4. 5. 2. 6.
[පස්වන නිරය - සග්ග නික්ඛිත්ත සූත්‍රය]
16. [මහණෙනි, දහම් සතරෙකින් සමන්‍වාගත වූයේ ...]
මිථ්‍යාජීව ඇතියේ වෙයි. මිථ්‍යා ව්‍යායාම ඇතියේ වෙයි. මිථ්‍යාස්මෘති ඇතියේ වෙයි. මිථ්‍යාසමාධි ඇතියේ වෙයි … [ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් නිරයෙහි බැහෙයි.]
[මහණෙනි, දහම් සතරෙකින් සමන්‍වාගත වූයේ ...]
සම්‍යග් ආජීව ඇතියේ වෙයි. සම්‍යග්ව්‍යායාම ඇතියේ වෙයි. සම්‍යක්ස්මෘති ඇතියේ වෙයි. සම්‍යක්සමාධි ඇතියේ වෙයි ... [ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් ස්වර්‍ගයෙහි වෙයි.]
4. 5. 2. 7.
සවන නිරය - සග්ග නික්ඛිත්ත සූත්‍රය
17. [මහණෙනි, දහම් සතරෙකින් සමන්‍වාගත වූයේ ...]
නොදුටු රූපායතනයෙහි දෘෂ්ටවාද ඇත්තේ වෙයි. නොඇසූ ශබ්දායතනයෙහි ශ්‍රැතවාද ඇත්තේ වෙයි. එයින් සෙසු අමුත-ආයතනයෙහි මුතවාද ඇත්තේ වෙයි. අවිඥාතධර්‍මයෙහි විඥාතවාද ඇත්තේ වෙයි … [ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් නිරයෙහි බැහෙයි.]
[මහණෙනි, දහම් සතරෙකින් සමන්‍වාගත වූයේ ...]
නොදුටු රූපායතනයෙහි අදෘෂ්ටවාද ඇත්තේ වෙයි. නොඇසූ ශබ්දායතනයෙහි අශ්‍රැතවාද ඇතියේ වෙයි. එයින් සෙසු අමුත-ආයතනයෙහි අමුතවාද ඇතියේ වෙයි. අවිඥාතධර්‍මයෙහි අවිඥාතවාද ඇත්තේ වෙයි ... [ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් ස්වර්‍ගයෙහි වෙයි.]
4. 5. 2. 8.
සත්වන නිරය - සග්ග නික්ඛිත්ත සූත්‍රය
18. [මහණෙනි, දහම් සතරෙකින් සමන්‍වාගත වූයේ ...]
දෘෂ්ටායතනයෙහි අදෘෂ්ටවාද ඇත්තේ වෙයි. ශ්‍රැතායතනයෙහි අශ්‍රැතවාද ඇත්තේ වෙයි. මුතායතනයෙහි අමුතවාද ඇත්තේ වෙයි. විඥාතආයතනයෙහි අවිඥාතවාද ඇත්තේ වෙයි … [ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් නිරයෙහි බැහෙයි.]
[මහණෙනි, දහම් සතරෙකින් සමන්‍වාගත වූයේ ...]
දෘෂ්ටායතනයෙහි දෘෂ්ටවාද ඇත්තේ වෙයි. ශ්‍රැතායතනයෙහි ශ්‍රැතවාද ඇත්තේ වෙයි. මුතායතනයෙහි මුතවාද ඇත්තේ වෙයි. විඥාතධර්‍මයෙහි වඥාතවාද ඇත්තේ වෙයි … [ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් ස්වර්‍ගයෙහි වෙයි.]
4. 5. 2. 9.
අටවැනි නිරය - සග්ග නික්ඛිත්ත සූත්‍රය
19. [මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ …]
සැදැහැ නැතියේ වෙයි. සිල් නැතියේ වෙයි. පවට ලජ්ජා නැතියේ වෙයි. පවට බිය නැතියේ වෙයි ... [ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් නිරයෙහි වැටුනේ වෙයි.]
[මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ …]
සැදැහැ ඇතියේ වෙයි. සිල් ඇතියේ වෙයි. පවට ලජ්ජා ඇතියේ වෙයි. පවට බිය ඇතියේ වෙයි … [ගෙණවුත් බහා තබන ලද්ලක් සෙයින් ස්වර්‍ගයෙහි සිටුනේ වේ.]
4. 5. 2. 10.
[නවවැනි නිරය - සග්ග නික්ඛිත්ත සූත්‍රය]
20. මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් නිරයෙහි වැටුනේ වේ. කවර සතර කරුණින යත්:
සැදැහැ නැතියේ වෙයි. සිල් නැතියේ වෙයි. කුසීත වෙයි. අප්‍රාඥ වෙයි. මහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් නිරයෙහි වැටුනේ වේ.
මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් ස්වර්‍ගයෙහි සිටුනේ වේ. කවර සතර කරුණකින යත්:
සැදැහැ ඇතියේ වෙයි. සිල් ඇතියේ වෙයි. ඇරඹූ වැර ඇතියේ වෙයි. පැණ ඇතියේ වෙයි. මහණෙනි, මේ සිවු කරුණින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් ස්වර්‍ගයෙහි සිටුනේ වේ.
පරිසෝභන වර්‍ගය දෙවැනි යි.
3. සුචරිත වර්‍ගය
4. 5. 3. 1.
[වචීසුචරිත සූත්‍රය]
[සැවැත්නිදාන යි]
21. මහණෙනි, මේ වාග්දුශ්චරිතයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
මුසවා ය, පිසුනුබස් ය, පරොස්බස් ය, පලප් යි. මහණෙනි, මේ සතර වාග්දුශ්චරිතයෝ යි.
මහණෙනි, මේ වාක්සුචරිතයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
සබවස ය, නො පිසුනුබස ය, මොළොක්බස ය, පමණ දැන බණන බස් යී. මහණෙනි, මේ සතර වාක්සුචරිතයෝ යි.
4. 5. 3. 2.
[ප්‍රථම බාල - පණ්ඩිත සූත්‍රය]
22. මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූ අඥ වූ අව්‍යක්ත වූ අසත්පුරුෂ තෙමේ ගුණ විසින් සාළ (සාරා ලූ) ගුණ විසින් නට, ආත්මයක් පරිහරණය කෙරෙයි. සාවද්‍ය ද වෙයි. නුවණැතියන් විසින් උපවාද කටයුතු ද වෙයි. බොහෝ අකුසල් ද ප්‍රසව කෙරෙයි. කවර සතර කරුණින යත්:
කායදුශ්චරිතයෙන, වාග්දුශ්චරිතයෙන, මනෝදුශ්චරිතයෙන්, මිථ්‍යාදෘෂ්ටියෙන. මහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත වූ බාල වූ අව්‍යක්ත වූ අසත්පුරුෂ තෙමේ ගුණ විසින් සාළ, ගුණ විසින් නට ආත්මයක් පරිහරණය කෙරෙයි සාවද්‍ය ද වෙයි. නුවණැතියන් විසින් උපවාද කටයුතු ද වෙයි. බොහෝ අකුසල් ද රැස් කෙරෙයි.
මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූ පණ්ඩිත වූ ව්‍යක්ත වූ සත්පුරුෂ තෙමේ ගුණ විසින් නො සාළ, එයින් නො නට ආත්මයක් පස්වැටුම් කෙරෙයි. අනවද්‍ය ද වෙයි. නුවණැතියන් විසින් උපවාද නො කටයුතු ද වෙයි. බොහෝ පින් ද රැස් කෙරෙයි. කවර සතර කරුණින යත්:
කායසුචරිතයෙන, වාක්සුචරිතයෙන, මනඃසුචරිතයෙන, සම්‍යග්දෘෂ්ටියෙන. මහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත වූ පණ්ඩිත වූ ව්‍යක්ත වූ සත්පුරුෂ තෙමේ ගුණ විසින් නො සාළ, එයින් නො නට ආත්මයක් පස්වටයි. අනවද්‍ය ද වෙයි. නුවණැතියන් විසින් උපවාද නො කටයුතු ද වෙයි. බොහෝ පින් ද රැස් කෙරෙයි.
4. 5. 3. 3.
[දෙවන බාල - පණ්ඩිත සූත්‍රය]
23. මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූ බාල වූ අව්‍යක්ත වූ අසත්පුරුෂ තෙමේ ගුණ විසින් සාරා දමන ලද, ගුණ විසින් නට ආත්මයක් පරිහරකය කෙරෙයි. සාවද්‍ය ද වෙයි. නුවණැතියන් විසින් උපවාද කටයුතු ද වෙයි. බොහෝ අකුසල් ද රැස් කෙරෙයි. කවර සතරෙකින යත්:
කායදුශ්චරිතයෙන, වාක්දුශ්චරිතයෙන, මනෝදුශ්චරිතයෙන්, අකෘතඥතා-අකෘතවේදිතායෙන. [මේ සතර කරුණින් ... බොහෝ අකුසල් ද රැස් කෙරෙයි.]
[මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ... සත්පුරුෂ තෙමේ ...]
කායසුචරිතයෙන, වාක්සුචරිතයෙන, මනඃසුචරිතයෙන, කෘතඥතා-කෘතවෙදිතායෙන. [මේ සතර කරුණින් ... බොහෝ පින් ද රැස් කෙරෙයි.]
4. 5. 3. 4.
[තෙවන බාල - පණ්ඩිත සූත්‍රය]
24. [මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ... අසත්පුරුෂ තෙමේ ...]
පණිවා කරන්නේ වෙයි. අයිනාදන් ගන්නේ වෙයි. කාමයෙහි මිසහසර ඇතියේ වෙයි. මුසවා බණන්නේ වෙයි. [මේ සතර කරුණින් බොහෝ අකුසල් ද රැස් කෙරෙයි.]
[මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ... සත්පුරුෂ තෙමේ ...]
පණිවායෙන් දුරු වූයේ වෙයි. අයිනාදනින් දුරු වූයේ වෙයි. කාමයෙහි මිසහසරින් දුරු වූයේ වෙයි. මුසවායෙන් දුරු වූයේ වෙයි. [මේ සතර කරුණින් බොහෝ කුසල් ද රැස් කෙරෙයි.]
4. 5. 3. 5.
[සිවුවන බාල - පණ්ඩිත සූත්‍රය]
25. [මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ... අසත්පුරුෂ තෙමේ ...]
මිසදිටු ඇත්තේ වෙයි. මිථ්‍යාසඞ්කල්ප ඇත්තේ වෙයි. මිථ්‍යාවචන ඇත්තේ වෙයි. මිථ්‍යා කර්‍මාන්ත ඇත්තේ වෙයි. [මේ සතර කරුණින් ... බොහෝ අකුසල් ද රැස් කෙරෙයි.]
[මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ... සත්පුරුෂ තෙමේ ...]
සම්‍යග් දෘෂ්ටික වෙයි. සම්‍යක් සඞ්කල්ප ඇතියේ වෙයි. සම්‍යග් වචන ඇතියේ වෙයි. සම්‍යක් කර්‍මාන්ත ඇතියේ වෙයි. [මේ සතර කරුණින් ... බොහෝ කුසල් ද රැස් කෙරෙයි.]
4. 5. 3. 6.
[පස්වන බාල - පණ්ඩිත සූත්‍රය]
26. [මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ... අසත්පුරුෂ තෙමේ ...]
මිථ්‍යා ආජීව ඇතියේ වෙයි. මිථ්‍යා ව්‍යායාම ඇතියේ වෙයි. මිථ්‍යාස්මෘති ඇතියේ වෙයි. මිථ්‍යාසමාධි ඇතියේ වෙයි. [මේ සතර කරුණින් ... බොහෝ අකුසල් ද රැස් කෙරෙයි.]
[මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ... සත්පුරුෂ තෙමේ ...]
සම්‍යග් ආජීව ඇතියේ වෙයි. සම්‍යග් ව්‍යායාම ඇතියේ වෙයි. සම්‍යක් ස්මෘති ඇතියේ වෙයි. සම්‍යක් සමාධි ඇතියේ වෙයි. [මේ සතර කරුණින් ... බොහෝ කුසල් ද රැස් කෙරෙයි.]
4. 5. 3. 7.
[සවන බාල - පණ්ඩිත සූත්‍රය]
27. [මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ... අසත්පුරුෂ තෙමේ ...]
අදෘෂ්ට ආලම්බනයෙහි දෘෂ්ටවාදී වෙයි. අශ්‍රැත ආලම්බනයෙහි ශ්‍රැතවාදී වෙයි. අමුත ආලම්බනයෙහි මුතවාදී වෙයි. අවිඥාත ආලම්බනයෙහි විඥාතවාදී වෙයි. [මේ සතර කරුණින් ... බොහෝ අකුසල් ද රැස් කෙරෙයි.]
[මහණෙනි, මේ සතර කරුණෙකින් සමන්‍වාගත ... සත්පුරුෂ තෙමේ ...]
අදෘෂ්ට ආලම්බනයෙහි අදෘෂ්ටවාදී වෙයි. අශ්‍රැත ආලම්බනයෙහි අශ්‍රැතවාදී වෙයි. අමුත ආලම්බනයෙහි අමුතවාදී වෙයි. අවිඥාත ආලම්බනයෙහි අවිඥතවාදී වෙයි. [මේ සතර කරුණින් ... බොහෝ කුසල් ද රැස් කෙරෙයි.]
4. 5. 3. 8.
[සත්වන බාල - පණ්ඩිත සූත්‍රය]
28. [මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ... අසත්පුරුෂ තෙමේ ...]
දෘෂ්ටාලම්බනයෙහි අදෘෂ්ටවාදී වෙයි. ශ්‍රැතාලම්බනයෙහි අශ්‍රැතවාදී වෙයි. මුතාලම්බනයෙහි අමුතවාදී වෙයි. විඥාතාලම්බනයෙහි අවිඥාතවාදී වෙයි. [මේ සතර කරුණෙන් ... බොහෝ අකුසල් ද රැස් කෙරෙයි.]