කරජකාය සූත්‍රය
මහණෙනි, මම දැන දැන කළ, රැස් කළ කර්‍මයන්ගේ නො විඳ විගතාන්තභාවයක් නො කියමි. හෙ ද වනාහි ඉහාත්මයෙහි හෝ වෙයි. දෙවන ජන්මයෙහි හෝ වෙයි. ජන්මාන්තරයෙහි හෝ වෙයි. මහණෙනි, මම දැන දැන කළ, රැස් කළ කර්‍මයන්ගේ විපාක නො විඳ දුක කෙළවර කිරීමක් නො ම කියමි.
මහණෙනි, ඒ මේ අරීසවු මෙසේ පහ වූ අභිධ්‍යා ඇතියේ පහ වූ ව්‍යාපාද ඇතියේ අසම්මූඪ වූයේ සම්‍යක් ප්‍රඥා ඇතියේ එළඹ සිටි සිහි ඇතියේ මෙත්සහගිය සිතින් එක් දිගක් පතුරුවා වෙසෙයි. දෙවන දිග ද එසේ ය. තෙවන දිග ද එසේ ය. සිවුවන දිග ද එසේ ය. මෙසේ උඩ යට සරස හැමතන්හි සර්‍වාත්මභාවයෙන් හැමතාක් ලොව විපුල මහද්ගත අප්‍රමාණ අවෛර අව්‍යාපාද මෙත්සහගිය සිතින් පතුරුවා වෙසෙයි.
හෙ මෙසේ දනියි: “පෙර වනාහි මාගේ මෙ සිත අභාවිත වූයේ පරිත්ත විය. දැන් වනාහි මාගේ මේ සිත සුභාවිත වූයේ අප්‍රමාණ වෙයි. යම් කිසි ප්‍රමාණ කෘත කර්‍මයක් වේ නම් ඒ එහි අවශිෂ්ට නො වෙයි. ඒ එහි නො සිටුනේ” යි.
මහණෙනි, ඒ කුමැයි හඟිවු ද? ළදරු කල් පටන් ඉදින් ඒ මේ කුමර මෛත්‍රීචිත්ත විමුක්තිය වඩනේ නම් පව් කමක් නම් කෙරේ දැ යි. වහන්ස, තෙල නො වේ මැයි.
දුක පාපකර්‍ම නො කරන්නාහු පහස්නේ දැ යි.
වහන්ස, තෙල නො වේ මැයි. වහන්ස, දුක පව් නො කරන්නහු කෙසේ නම් පහස්නේ ද?
මහණෙනි, ස්ත්‍රියක විසින් වේවයි පුරුෂයකු විසින් වේවයි මේ මෛත්‍රීචිත්තවිමුක්තිය වැඩිය යුතු මැයි. ස්ත්‍රියගේ වේවයි, පුරුෂයාගේ වේවයි මේ කරජකායය පරලෝ ගෙන යා හැකි නො වේ මැයි. මහණෙනි, මේ මිනිස් තෙම චිත්තක්‍ෂණාන්තරයක් ඇත්තෙකි. හේ මෙසේ දනී: “මෙ ලොව්හි ම විසින් පෙර මෙ කරජකයින් යම් කිසි පව්කමක් කරන ලද නම් එ හැම මෙ ලොව්හි ම වින්ද යුතු වෙයි. (උපපද්‍ය වේදනීය විසින්) එය අනුව යන්නක් නො වන්නේ ය”යි.
මහණෙනි, මෙසේ වඩනා ලද මෛත්‍රී චිත්තවිමුක්තිය මතුයෙහි අර්‍හත්ත්‍ව විමුක්තිය නො පිළි විදුනා ප්‍රඥා ඇති මහණහට මෙලොව්හිදී ම අනාගාමී බව පිණිස වැටෙයි.
කරුණා සහගිය සිතින් ... මුදිතා සහගිය සිතින් ... උපේක්‍ෂා සහගත සිතින් එක් දිගක් පතුරුවා වෙසෙයි. දෙවන දිග ද එසේ ය - තෙවන දිග ද එසේ ය - සිවුවන දිගද එසේ ය - මෙසේ උඩ යට සරස හැමතන්හි සර්‍වාත්මභාවයෙන් හැම තාක් ලොව විපුල මහද්ගත අප්‍රමාණ අවෛර ව්‍යාපාද රහිත උපේක්‍ෂා සහගත සිතින් පතුරුවා වෙසෙයි.
හෙ මෙසේ දනී: “පෙර වනාහි මාගේ සිත අභාවිත වූයේ පරිත්ත වීය. දැන් වනාහි මාගේ මෙ සිත සුභාවිත වූයේ අප්‍රමාණ වෙයි, ම විසින් යම් ම කර්‍මයක් ප්‍රමාණ කරන ලද ද ඒ කර්‍මය මෙහි අවශිෂ්ට නො වෙයි. එ එහි නො සිටුනේ ය”යි.
මහණෙනි, එ කුමැයි හඟිවු ද? ළදරු කල් පටන් ඉදින් ඒ මේ කුමර උපේක්‍ෂා චිත්ත විමුක්තිය වඩනේ නම් පව්කම් කරන්නේ දැ යි.
වහන්ස, තෙල නො වේ ම ය.
දුක පව්කම් නො කරන්නහු පහස්නේ දැ යි.
වහන්ස, තෙල නො වේ මැයි.
වහන්ස, දුක පාපකර්‍ම නො කරන්නහු කිසේ නම් පහස්නේ දැ යි.
මහණෙනි, ස්ත්‍රියක විසින් වේවයි, පුරුෂයකු විසින් වේවයි මේ උපේක්‍ෂාචේතෝ විමුක්තිය වැඩිය යුතුය. මහණෙනි, ස්ත්‍රියගේ හෝ පුරුෂයාගේ හෝ මේ කය පරලොව ගෙන යා හැකි නො වේ. මහණෙනි, මෙ මිනිස් තෙම චිත්ත ක්‍ෂණාන්තරයක් ඇත්තෙකි. හෙ මෙසේ දනී: “ම විසින් මෙ ලොව්හි පෙර මෙ කරජකයින් යම් පව්කමක් කරණ ලද නම් එ හැම මෙලොව වින්ද යුතු වෙයි. එය අනුගතයෙක් නො වන්නේ ය”යි මහණෙනි, මෙසේ වඩනා ලද උපේක්‍ෂාචිත්ත විමුත්තිය මතුයෙහි අර්‍හත්‍ව චිත්තවිමුක්තිය නො පිළි විදුනා ප්‍රාඥභික්‍ෂූහුගේ මෙලොව්හිදී අනගැමි බව පිණිස වැටේ යි.
10. 5. 1. 10.
අධම්මචරියා සූත්‍රය
එ සඳ එක්තරා බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත් පසෙක හින. එකත් පසෙක හුන් එ බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ ය:
භවත් ගෞතමයන් වහන්ස, යම් හෙයෙකින් මෙ ලොව්හි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු අපාය සඞ්ඛ්‍යාත දුර්‍ගති සඞ්ඛ්‍යාත විනිපාත නම් වූ නිරයෙහි උපදනාහු නම් එ හේතු කවර? එ ප්‍රත්‍යය කවර? යි.
බ්‍රාහ්මණය, අධර්‍මචර්‍ය්‍යයා සංඛ්‍යාත විෂමචර්‍ය්‍යාව හේතු කොට ගෙන මෙසේ මෙලොව් හි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු අපාය සංඛ්‍යාත, දුර්‍ගති සංඛ්‍යාත, විපාත නම් වූ නිරයෙහි උපදනා හු ය යි.
භවත් ගෞතමයන් වහන්ස, යම් හෙයකින් මෙ ලොව්හි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්‍ග ලෝකයෙහි උපදනාහු නම්, ඒ හේතු කවර? එ ප්‍රත්‍යය කවර? යි.
බ්‍රාහ්මණය, මෙ ලොව්හි ඇතැම් සත්ත්‍ව කෙනෙක් මෙසේ ධර්‍මචර්‍ය්‍යා සංඛ්‍යාත සමචර්‍ය්‍යාව හේතු කොට ගෙන කාබුන් මරණින් පසු සුගති නම් ස්වර්‍ග ලෝකයෙහි උපදනාහයි.
භවත් ගෞතමයන් වහන්සේ විසින් සැකෙවින් දෙසූ මේ භාෂිතයාගේ අර්‍ත්‍ථය මම විස්තර විසින් නො දනිම් මැයි. භවත් ගෞතමයන් වහන්සේ විසින් සැකෙවින් දෙසන ලද මේ භාෂිතයාගේ අර්‍ත්‍ථය යම් පරිද්දෙකින් මම විස්තර විසින් දැන ගනිම් නම්, භවත් ගෞතමයන් වහන්සේ මට එපරිද්දෙන් ධර්‍මය දෙසන සේක් නම් මැනැවි.
බ්‍රාහ්මණය, එසේ නම් අසව, මොනොවට මෙනෙහි කරව, කියන්නෙමි යි.
පින්වතුන් වහන්ස, එසේ ය යි බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වී. භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක.
බ්‍රාහ්මණය, කායද්වාරයෙන් ත්‍රිවිධ අධර්‍මචර්‍ය්‍යා සංඛ්‍යාත විෂමචර්‍ය්‍යායෙක් වෙයි. වාග්ද්වාරයෙන් චතුර්විධ අධර්‍මචර්‍ය්‍යා සංඛ්‍යාත විෂමචර්‍ය්‍යායෙක් වෙයි. මනෝද්වාරයෙන් ත්‍රිවිධ අධර්‍මචර්‍ය්‍යා සංඛ්‍යාත විෂමචර්‍ය්‍යායෙක් වෙයි.
බ්‍රාහ්මණය, කායද්වාරයෙන් ත්‍රිවිධ අධර්‍මචර්‍ය්‍යා සංඛ්‍යාත විෂමචර්‍ය්‍යාව කෙසේ වේය යත්: -පෙ- බ්‍රාහ්මණය, මෙසේ කායද්වාරයෙන් ත්‍රිවිධ අධර්‍මචර්‍ය්‍යා සංඛ්‍යාත විෂමචර්‍ය්‍යාව වෙයි.
බ්‍රාහ්මණය, වාග්ද්වාරයෙන් චතුර්විධ අධර්‍මචර්‍ය්‍යා සංඛ්‍යාත විෂමචර්‍ය්‍යාව කෙසේ වේය යත්: -පෙ- බ්‍රාහ්මණය, මෙසේ වනාහි වාග්ද්වාරයෙන් චතුර්විධ අධර්‍මචර්‍ය්‍යා සංඛ්‍යාත විෂමචර්‍ය්‍යාව වෙයි.
බ්‍රාහ්මණය, මනෝද්වාරයෙන් ත්‍රිවිධ අධර්‍මචර්‍ය්‍යා සංඛ්‍යාත විෂමචර්‍ය්‍යාව කෙසේ වේය යත්: -පෙ- බ්‍රාහ්මණය, මෙසේ මනෝද්වාරයෙන් ත්‍රිවිධ අධර්‍මචර්‍ය්‍යා සංඛ්‍යාත විෂමචර්‍ය්‍යාව වෙයි.
බ්‍රාහ්මණය, මෙසේ අධර්‍මචර්‍ය්‍යා සංඛ්‍යාත විෂමචර්‍ය්‍යාව හේතු කොට මෙලොව්හි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු අපාය නම් වූ දුගති නම් වූ විනිපාත නම් වූ නිරයෙහි උපදනා හ.
බ්‍රාහ්මණය, කායද්වාරයෙන් ත්‍රිවිධ ධර්‍මචර්‍ය්‍යා සංඛ්‍යාත සමචර්‍ය්‍යායෙක් වෙයි. වාග්ද්වාරයෙන් චතුර්විධ ධර්‍මචර්‍ය්‍යා සංඛ්‍යාත සමචර්‍ය්‍යායෙක් වෙයි. මනෝද්වාරයෙන් ත්‍රිවිධ ධර්‍මචර්‍ය්‍යා සංඛ්‍යාත සමචර්‍ය්‍යායෙක් වෙයි.
බ්‍රාහ්මණය, කායද්වාරයෙන් ත්‍රිවිධ ධර්‍මචර්‍ය්‍යා සංඛ්‍යාත සමචර්‍ය්‍යාව කෙසේ වේය යත්: ... බ්‍රාහ්මණය, කායද්වාරයෙන් ත්‍රිවිධ ධර්‍මචර්‍ය්‍යා සංඛ්‍යාත සමචර්‍ය්‍යාව වෙයි.
බ්‍රාහ්මණය, වාග්ද්වාරයෙන් චතුර්විධ ධර්‍මචර්‍ය්‍යා සංඛ්‍යාත සමචර්‍ය්‍යාව කෙසේ වේය යත්: ... බ්‍රාහ්මණය, වාග්ද්වාරයෙන් චතුර්විධ ධර්‍මචර්‍ය්‍යා සංඛ්‍යාත සමචර්‍ය්‍යාව මෙසේ වෙයි.
බ්‍රාහ්මණය, මනෝද්වාරයෙන් ත්‍රිවිධ ධර්‍මචර්‍ය්‍යා සංඛ්‍යාත සමචර්‍ය්‍යාව කෙසේ වේය යත්: ... බ්‍රාහ්මණය, මනෝද්වාරයෙන් ත්‍රිවිධ ධර්‍මචර්‍ය්‍යා සංඛ්‍යාත සමචර්‍ය්‍යාව මෙසේ වෙයි.
බ්‍රාහ්මණය, මෙසේ ධර්‍මචර්‍ය්‍යා සංඛ්‍යාත සමචර්‍ය්‍යාව හේතු කොට ගෙන මෙසේ මෙ ලොව්හි ඇතැම් සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්‍ග ලෝකයෙහි උපදනාහ යි.
පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා කාන්තය ... භවත් ගෞතමයන් වහන්සේ අද පටන් මා දිවිහිමියෙන් තෙරුවන් සරණ ගිය උවසුවකු කොට දරණ සේක්වා යි.
ප්‍රථම කරජකාය වර්‍ගය යි.
2. සාමඤ්ඤ වර්‍ගය
10. 5. 2. 1.
පළමුවැනි සූත්‍රය
මහණෙනි, දස ධර්‍මයෙකින් සමන්‍වාගත වූයේ ගෙනෙන ලදුවක් බහා තැබුයේ යම් සේ ද එසේ නිරයෙහි වෙයි. කවර දසයෙකින යත්:
පණිවා කරනුයේ වෙයි. නුදුන් දැ ගන්නා සුලුයේ වෙයි, කාමයන්හි මිස හසර ඇතියේ වෙයි. මුසවා බණන සුලුයේ වෙයි. පිසුන් බස් ඇතියේ වෙයි. පරොස් බස් ඇතියේ වෙයි. සම්ඵප්‍රලාප ඇතියේ වෙයි. අභිධ්‍යාලූ වෙයි. ව්‍යාපාදයට පත් සිතැතියේ වෙයි. මිසදිටු ඇතියේ වෙයි. මහණෙනි, මේ දස ධර්‍මයෙන් සමන්‍වාගත වූයේ ගෙනෙන ලද්දක් බහා තැබුයේ යම් සේ වේ නම් එසේ නිරයෙහි වෙයි.
මහණෙනි, දස ධර්‍මයෙකින් සමන්‍වාගත වූයේ ගෙන එන ලද්දක් බහා තැබුයේ යම් සේ වේ නම්, එසේ ස්වර්‍ගයෙහි වෙයි. කවර දසයෙකින යත්:
පණිවායෙන් වැළැකියේ වෙයි. අයිනාදනින් වැළැකියේ වෙයි. කාමයන්හි මිසහසරින් වැළැකියේ වෙයි. මුසවායෙන් වැළැකියේ වෙයි. පිසුනු බසින් වැළැකියේ වෙයි. පරොස් බසින් වැළැකියේ වෙයි. සම්ඵප්‍රලාපයෙන් වැළැකියේ වෙයි. අනභිධ්‍යාලූ වෙයි. අබ්‍යාපාදයට පත් සිතැතියේ වෙයි. සම්දිටු ඇතියේ වෙයි. මහණෙනි, මෙ දස ධර්‍මයෙන් සමන්‍වාගත වූයේ ගෙනෙන ලද්දක් බහා තැබුයේ යම් සේ වේ නම් එසේ ස්වර්‍ගයෙහි වෙයි.
10. 5. 2. 2.
දෙවැනි සූත්‍රය
මහණෙනි, විසි කරුණෙකින් සමන්‍වාගත වූයේ ගෙනෙන ලද්දක් බහා තැබුයේ යම් සේ වේ නම්, එසේ නිරයෙහි වෙයි. කවර විස්සෙකින යත්:
තෙමේ ද ප්‍රාණඝාතී වෙයි මෙරමා ද ප්‍රාණඝාතයෙහි සමාදන් කරවයි. තෙමේ ද නුදුන් දැ ගන්නා සුලුයේ වෙයි. මෙරමා ද අයිනාදනින් සමාදන් කරවයි.
තෙමේ ද කාමයන්හි මිසහසර ඇතියේ වෙයි. මෙරමා ද කාමයන්හි මිස හසරයෙහි සමාදන් කරවයි. තෙමේ ද මුසවා ඇතියේ වෙයි. මෙරමා ද මුසවායෙහි සමාදන් කරවයි. තෙමේ ද පිසුනු බස් ඇතියේ වෙයි. මෙරමා ද පිසුනු බස්හි සමාදන් කරවයි. තෙමේ ද පරොස් බස් ඇතියේ වෙයි. මෙරමා ද පරොස් බස්හි සමාදන් කරවයි. තෙමේ ද සම්ඵප්‍රලාප ඇතියේ වෙයි. මෙරමා ද සම්ඵප්‍රලාපයෙහි සමාදන් කරවයි. තෙමේ ද අභිධ්‍යාලූ වෙයි. මෙරමා ද අභිධ්‍යායෙහි සමාදන් කරවයි. තෙමේ ද ව්‍යාපාදයට පත් සිතැතියේ වෙයි. මෙරමා ද ව්‍යාපාදයෙහි සමාදන් කරවයි. තෙමේ ද මිථ්‍යා දෘෂ්ටික වෙයි. මෙරමා ද මිථ්‍යාදෘෂ්ටිකයෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ විසි කරුණිකින් සමන්‍වාගත වූයේ ගෙන එන ලද්දක් බහා තැබුයේ යම් සේ වේ නම්, එසේ නිරයෙහි වෙයි.
මහණෙනි, විසි කරුණෙකින් සමන්‍වාගත වූයේ ගෙන එන ලද්දක් බහා තැබුයේ යම් සේ වේ නම්, එසේ ස්වර්‍ගයෙහි වෙයි. කවර විස්සෙකින යත්:
තෙමේ ද පණිවායෙන් වැළැකියේ වෙයි. මෙරමා ද පණිවායෙන් වැළැකීමෙහි සමාදන් කරවයි. තෙමේ ද අයිනාදනින් වැළැකියේ වෙයි. මෙරමා ද අයිනාදනින් වැළැකීමෙහි සමාදන් කරවයි. තෙමේ ද කාමයෙහි මිස හසරින් වැළැකියේ වෙයි. මෙරමා ද කාමයන්හි මිස හසරින් වැළැකීමෙහි සමාදන් කරවයි. තෙමේ ද මුසාවායෙන් වැළැකියේ වෙයි. මෙරමා ද මුසාවායෙන් වැළැකීමෙහි සමාදන් කරවයි. තෙමේ ද පිසුනු බසින් වැළැකියේ වෙයි. මෙරමා ද පිසුනු බසින් වැළැකීමෙහි සමාදන් කරවයි. තෙමේ ද පරොස් බසින් වැළැකියේ වෙයි. මෙරමා ද පරොස් බසින් වැළැකීමෙහි සමාදන් කරවයි. තෙමේ ද සම්ඵප්‍රලපායෙන් වැළැකියේ වෙයි. මෙරමා ද සම්ඵප්‍රලාපයෙන් වැළැකීමෙහි සමාදන් කරවයි. තෙමේ ද අනභිධ්‍යාලූ වෙයි. මෙරමා ද අනභිධ්‍යායෙහි සමාදන් කරවයි. තෙමේ ද අව්‍යාපාදයට සිතැතියේ වෙයි. මෙරමා ද අව්‍යාපාදායෙහි සමාදන් කරවයි. තෙමේ ද සම්‍යක්දෘෂ්ටික වෙයි. මෙරමා ද සම්‍යක්දෘෂ්ටිකයෙහි සමාදන් කරවයි.
මහණෙනි, මේ විසි කරුණින් සමන්‍වාගත වූයේ ගෙන එන ලද්දක් බහා තැබුයේ යම් සේ නම් එසේ ස්වර්‍ගයෙහි වෙයි.
10. 5. 2. 3.
තුන්වැනි සූත්‍රය
මහණෙනි, තිස් කරුණෙකින් සමන්‍වාගත වූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම් සේ නම් එසේ නිරයෙහි වෙයි: කවර තිසෙකින යත්:
තෙමේ ද ප්‍රාණඝාතී වෙයි. මෙරමා ද ප්‍රාණඝාතයෙහි සමාදන් කරවයි. ප්‍රාණඝාතයෙහි සමසිතැතියේ වෙයි. තෙමේ ද අදින්නාදායී වෙයි. මෙරමා ද අයිනාදන්හි සමාදන් කරවයි. අයිනාදන්හි සම සිතැතියේ ද වෙයි. තෙමේ ද කාමයන්හි මිථ්‍යාචාරී වෙයි. මෙරමා ද කාමයන්හි මිස හසරෙහි සමාදන් කරවයි. කාමමිථ්‍යාචාරයෙහි සමසිතැතියේ වෙයි. තෙමේ ද මුසවා කියන සුලු වෙයි. මෙරමා දු මුසවායෙහි සමාදන් කරවයි. මුසවායෙහි සම සිතැතියේ ද වෙයි. තෙමේ පිසුනු බසැතියේ ද වෙයි. මෙරමා ද පිසුනුයෙහි සමාදන් කරවයි. පිසුනු බස්හි සමනුඥ වෙයි. තෙමේ පරොස් බසැතියේ ද වෙයි. මෙරමා ද පරොස්බස්හි සමාදන් කරවයි. පරොස් බස්හි තෙමේ සමනුඥ ද වෙයි. තෙමේ සම්ඵප්‍රලාප කියනුයේ ද වෙයි. මෙරමා ද සම්ඵප්‍රලාපයෙහි සමාදන් කරවයි. සම්ඵප්‍රලාපයෙහි සමනුඥ ද වෙයි. තෙමේ අභිධ්‍යාලූ ද වෙයි. මෙරමා ද අභිධ්‍යායෙහි සමාදන් කරවයි. අභිධ්‍යායෙහි සමනුඥ ද වෙයි. තෙමේ ව්‍යාපාදයට පත් සිතැතියේ ද වෙයි. මෙරමා ද ව්‍යාපාදයෙහි සමාදන් කරවයි. ව්‍යාපාදයෙහි සමනුඥ ද වෙයි. තෙමේ මිථ්‍යාදෘෂ්ටික ද වෙයි. මෙරමා ද මිථ්‍යාදෘෂ්ටියෙහි සමාදන් කරවයි. මිථ්‍යාදෘෂ්ටියෙහි සමනුඥ ද වෙයි. මහණෙනි, මෙ තිස් දහමින් සමන්‍වාගත වූයේ ගෙනෙන ලද්දක් බහා තැබුයේ යම් පරිදි වේ නම්, එසේ නිරයෙහි වෙයි.
මහණෙනි, තිස් කරුණෙකින් සමන්‍වාගත වූයේ ගෙනෙන ලද්දක් බහා තැබූයේ යම් පරිදි වේ නම් එ පරිදි ස්වර්‍ගයෙහි වෙයි: කවර තිස් කරුණෙකින යත්:
තෙමේ ද ප්‍රාණඝාතයෙන් වැළැකියේ වෙයි. මෙරමා ද ප්‍රාණඝාතයෙන් වැළැකීමෙහි සමාදන් කරවයි. ප්‍රාණඝාත විරතියෙහි සමනුඥ ද වෙයි. තෙමේ අයිනාදනින් වැළකියේ ද වෙයි. මෙරමා ද අයිනාදනින් වැළැකීමෙහි සමාදන් කරවයි. අයිනාදනින් වැළකීමෙහි සමනුඥ ද වෙයි. තෙමේ කාමමිථ්‍යාචාරයෙන් වැළකියේ වෙයි. මෙරමා ද කාමමිථ්‍යාචාරයෙන් වැළැකීමෙහි සමාදන් කරවයි. කාමමිථ්‍යාචාර විරතියෙහි සමනුඥ ද වෙයි.
තෙමේ ද මුසවායෙන් වැළකියේ වෙයි. මෙරමා ද මෘෂාවාද විරතියෙහි සමාදන් කරවයි. මෘෂාවාද විරතියෙහි සමනුඥ ද වෙයි. තෙමේ ද පිසුනු බසින් වැළකියේ වෙයි. මෙරමා ද පිසුනු බසින් වැළැකීමෙහි සමාදන් කරවයි. පිසුන් වචන විරතියෙහි සමනුඥ ද වෙයි. තෙමේ ද පරුෂ වචනයෙන් වැළැකියේ වෙයි. මෙරමා ද පරුෂවචනවිරතියෙහි සමාදන් කරවයි. පරුෂ වචන විරතියෙහි සමනුඥ ද වෙයි. තෙමේ ද සම්ඵප්‍රලාපයෙන් වැළැකියේ වෙයි. මෙරමා ද සම්ඵප්‍රලාපවිරතියෙහි සමාදන් කරවයි. සම්ඵප්‍රලාපවිරතියෙහි සමනුඥ ද වෙයි. තෙමේ ද අනභිධ්‍යාලූ වෙයි. මෙරමා ද අනභිධ්‍යායෙහි සමාදන් කරවයි. අනභිධ්‍යායෙහි සමනුඥ ද වෙයි. තෙමේ ද අව්‍යාපන්නචිත්ත වෙයි. මෙරමා ද අව්‍යාපාදයෙහි සමාදන් කරවයි. අව්‍යාපාදයෙහි සමනුඥ ද වෙයි. තෙමේ ද සම්‍යග්දෘෂ්ටික වෙයි. මෙරමා ද සම්‍යග්දෘෂ්ටියෙහි සමාදන් කරවයි. සම්‍යග්දෘෂ්ටියෙහි සමනුඥ ද වෙයි. මහණෙනි, මේ තිස් කරුණින් සමන්‍වාගත වූයේ ගෙනෙන ලද්දක් බහා තැබුයේ යම් සේ ද එ පරිදි ස්වර්‍ගයෙහි වෙයි.
10. 5. 2. 4.
සතරවැනි සූත්‍රය
මහණෙනි, ධර්‍ම සතළිසෙකින් සමන්‍වාගත වූයේ ගෙනෙන ලද්දක් බහා තැබූයේ යම් සේ නම් එසේ නිරයෙහි වෙයි: කවර සතළිසෙකින යත්:
තෙමේ ද ප්‍රාණඝාතී වෙයි. මෙරමා ද ප්‍රාණඝාතයෙහි සමාදන් කරවයි. ප්‍රාණඝාතයෙහි සමනුඥ ද වෙයි. ප්‍රාණඝාතයාගේ ගුණ ද බෙණෙයි. තෙමේ ද අයිනාදන් ගන්නාසුලු වෙයි. මෙරමා ද අයිනාදන්හි සමාදන් කරවයි. අයිනාදන්හි සමනුඥ ද වෙයි. අයිනාදන්හි ගුණ ද බෙණෙයි. තෙමේ ද කාමමිථ්‍යාචාරී වෙයි. මෙරමා ද කාමමිථ්‍යාචාරයෙහි සමාදන් කරවයි. කාමමිථ්‍යාචාරයෙහි සමනුඥ ද වෙයි. කාමමිථ්‍යාචාරයාගේ ගුණ ද බෙණෙයි.
තෙමේ ද මුසවා කියනසුලු වෙයි. මෙරමා ද මුසවායෙහි සමාදන් කරවයි. මුසවායෙහි සමනුඥ ද වෙයි. මුසවාහි ගුණ ද බෙණෙයි. තෙමේ ද පිසුනුබසැතියේ වෙයි. මෙරමා ද පිසුනුබස්හි සමාදන් කරවයි. පිසුන්බස්හි සමනුඥ ද වෙයි. පිසුනුබස්හුගේ ගුණ ද බෙණෙයි.
තෙමේ ද පරොස් බස් ඇතියේ වෙයි. මෙරමා ද පරොස්බස්හි සමාදන් කරවයි, පරොස්බස්හි සමනුඥ ද වෙයි. පරොස්බස්හුගේ ගුණ ද බෙණෙයි. තෙමේ ද සම්ඵප්‍රලාප ඇතියේ වෙයි, මෙරමා ද සම්ඵප්‍රලාපයෙහි සමාදන් කරවයි, සම්ඵප්‍රලාපයෙහි සමනුඥ ද වෙයි. සම්ඵප්‍රලාපයාගේ ගුණ ද බෙණෙයි. තෙමේ ද අභිධ්‍යාලූ වෙයි, මෙරමා ද අභිධ්‍යායෙහි සමාදන් කරවයි. අභිධ්‍යායෙහි සමනුඥ ද වෙයි. අභිධ්‍යාව ගේ ගුණ ද බෙණෙයි. තෙමේ ද ව්‍යාපන්නචිත්ත වෙයි. මෙරමා ද ව්‍යාපාදයෙහි සමාදන් කරවයි, ව්‍යාපාදයෙහි සමනුඥ ද වෙයි. ව්‍යාපාදයාගේ ගුණ ද බෙණෙයි. තෙමේ ද මිථ්‍යාදෘෂ්ටික වෙයි. මෙරමා ද මිථ්‍යාදෘෂ්ටියෙහි සමාදන් කරවයි. මිථ්‍යාදෘෂ්ටියෙහි සමනුඥ ද වෙයි, මිථ්‍යාදෘෂ්ටිහුගේ ගුණ ද බෙණෙයි. මහණෙනි, මෙ සතළිස් කරුණින් සමන්‍වාගත වූයේ ගෙනෙන ලද්දක් බහා තැබූයේ යම් සේ නම්, එසේ නිරයෙහි වෙයි.
මහණෙනි, සතළිස් කරුණෙකින් සමන්‍වාගත වූයේ ගෙනෙන ලද්දක් බහා තැබුයේ යම් සේ නම් එසේ ස්වර්‍ගයෙහි වෙයි. කවර සතළිසෙකින යත්;
තෙමේ ද ප්‍රාණඝාතයෙන් වැළකියේ වෙයි. මෙරමා ද ප්‍රාණඝාතවීරමණයෙහි සමාදන් කරවයි. ප්‍රාණඝාතවිරමණයෙහි සමනුඥ ද වෙයි. ප්‍රාණඝාතවිරමණයාගේ ගුණ ද බෙණෙයි. තෙමේ ද අයිනාදනින් වැළකියේ වෙයි. මෙරමා ද අයිනාදනින් විරමණයෙහි සමාදන් කරවයි, අදින්නාදාන විරමණයෙහි සමනුඥ ද වෙයි. තෙමේ ද කාමමිථ්‍යාචාරයෙන් වැළකියේ වෙයි. මෙරමා ද කාමමිථ්‍යාචාර විරමණයෙහි සමාදන් කරවයි. කාමමිථ්‍යචාරවීරමණයෙහි සමනුඥ ද වෙයි. කාමමිථ්‍යචාරවිරමණයාගේ ගුණ ද බෙණෙයි.
තෙමේ ද මුසවායෙන් වැළැකියේ වෙයි. මෙරමා ද මුසවායෙන් විරමණයෙහි සමාදන් කරවයි, මුසාවාදවිරමණයෙහි සමනුඥ ද වෙයි. මෘෂවාදවිරමණයාගේ ගුණ ද බෙණෙයි. තෙමේ ද පිසුනු බසින් වැළැකියේ වෙයි, මෙරමා ද පිසුනු බසින් වැළකී මෙහි සමාදන් කරවයි. පිසුනු බසින් විරමණයෙහි සමනුඥ ද වෙයි. පිසුනු බසින් විරමණයාගේ ගුණ ද බෙණෙයි. තෙමේ ද පරුෂවචනයෙන් වැළැකියේ වෙයි, මෙරමා ද පරොස්බසින් වැළැකීමෙහි සමාදන් කරවයි. පරුෂවචනවිරමණයෙහි සමනුඥ ද වෙයි. පරුෂවචනවිරතිහුගේ ගුණ ද බෙණෙයි
තෙමේ ද සම්ඵප්‍රලාපයෙන් වැළැකියේ වෙයි. මෙරමා ද සම්ඵප්‍රලාප විරමණයෙහි සමාදන් කරවයි. සම්ඵප්‍රලාපවිරමණයෙහි සමනුඥ ද වෙයි. සම්ඵප්‍රලාපවිරමණයාගේ ගුණ ද බෙණෙයි. තෙමේ ද අනභිධ්‍යා ලූ වෙයි, මෙරමා ද අනභිධ්‍යායෙහි සමාදන් කරවයි. අනභිධ්‍යායෙහි සමනුඥ ද වෙයි. අනභිධ්‍යාවගේ ගුණ ද බෙණෙයි. තෙමේ ද අව්‍යාපන්න චිත්ත වෙයි, මෙරමා ද, අව්‍යාපාදයෙහි සමාදන් කරවයි, අව්‍යාපාදයෙහි සමනුඥ ද වෙයි. අව්‍යාපාදයාගේ ගුණ ද බෙණෙයි. තෙමේ ද සම්‍යග්දෘෂ්ටික වෙයි. මෙරමා ද සම්‍යග්දෘෂ්ටියෙහි සමාදන් කරවයි. සම්‍යග්දෘෂ්ටියෙහි සමනුඥ ද වෙයි. සම්‍යග්දෘෂ්ටියගේ ගුණ ද බෙණෙයි. මහණෙනි, මෙ සතළිස් කරුණින් සමන්‍වාගත වූයේ ගෙනෙන ලද්ද බහා තැබූයේ යම් සේ ද එසේ ස්වර්‍ගයෙහි වෙයි.
10. 5. 2. 5.
පඤ්චමාදි සූත්‍රය
මහණෙනි, දස කරුණෙකින් සමන්‍වාගත වූයේ සාරාලූ ගුණ ඇති නටගුණ ඇති ආත්ම පරිහරණය කරයි. ... ගුණ විසින් සාරා නො දැමූ නොනට ගුණ ඇති ආත්ම පරිහරණ කරයි. ...
10. 5. 2. 6.
මහණෙනි, විසි කරුණෙකින් …
10. 5. 2. 7.
මහණෙනි, තිස් කරුණෙකින් …
10. 5. 2. 8.
මහණෙනි, සතළිස් කරුණෙකින් සමන්‍වාගත වූයේ සාරාලූ ගුණ ඇති නටගුණ ඇති ආත්ම පරිහරණය කරයි. ... නොදැමුණු ගුණ ඇති නොනට ගුණ ඇති ආත්ම පරිහරණය කරයි.
10. 5. 2. 9.
මහණෙනි, මෙලොව්හි දස කරුණෙකින් සමන්‍වාගත වූ ඇතැමෙක් කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති නම් වූ විනිපාත නම් වූ නිරයට පැමිණේ. ... මෙලොව්හි ඇතැමෙක් කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්‍ගලෝකයට එළඹෙයි.
10. 5. 2. 10.
මහණෙනි, විසි කරුණෙකින් ...
10. 5. 2. 11.
මහණෙනි, තිස් කරුණෙකින් ...
10. 5. 2. 12.
මහණෙනි, මෙලොව්හි සතළිස් කරුණෙකින් සමන්‍වාගත වූ ඇතැමෙක් කාබුන් මරණින් මතු අපාය සඞ්ඛ්‍යාත, දුර්‍ගති සඞ්ඛ්‍යාත, විනිපාත සංඞ්ඛ්‍යාත නිරයට පැමිණේ. ... මෙලොව්හි ඇතැමෙක් කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ගලෝකයට පැමිණේ.
10. 5. 2. 13.
මහණෙනි, දස කරුණෙකින් සමන්‍වාගත බාල තෙමේ දත යුත්තේය: ... පණ්ඩිත තෙම දතයුත්තේ ...
10. 5. 2. 14.
මහණෙනි, විසි කරුණෙකින් ...
10. 5. 2. 15.
මහණෙනි, තිස් කරුණෙකින් …
10. 5. 2. 16.
මහණෙනි, සතළිස් කරුණෙකින් සමන්‍වාගත වූ බාලතෙම දත යුත්තේය -පෙ- පණ්ඩිත තෙම දත යුත්තේය. මහණෙනි, මෙ සතළිස් කරුණෙන් සමන්‍වාගත වූ පණ්ඩිත දතයුත්තේ ය යි.
දෙවැනි සාමඤ්ඤ වර්‍ග යි.
3. රාගාදිපෙය්‍යාලය
10. 5. 3. 1.
මහණෙනි, රාගයාගේ අභිඥාව පිණිස දසදහම් කෙනෙක් වැඩිය යුතුවහ. කවර දස දෙනෙක යත්: අසුභසඤ්ඤා ය, මරණසඤ්ඤා ය, ආහාරයෙහි පටික්කුලසඤ්ඤා ය, සර්‍වලෝකයෙහි අනභිරත සඤ්ඤා ය, අනිච්ච සඤ්ඤා ය, අනිච්චේ දුක්ඛ සඤ්ඤා ය, දුක්ඛෙඅනත්තසඤ්ඤා ය, පහානසඤ්ඤා ය, විරාගසඤ්ඤා ය, නිරෝධසඤ්ඤා යි. මහණෙනි, රාගයාගේ අභිඥාව පිණිස මෙ දස දහම්හු වැඩිය යුතුවහ.