1. තථාගත වේවයි ධ්‍යාන ඇති සමාපත්තියෙහි දක්‍ෂ පරචිත්තයෙහි දක්‍ෂ පරචිත්තපර්‍ය්‍යායෙහි දක්‍ෂ තථාගතශ්‍රාවකයෙක් වේවයි මෙසේ ඔහු සිතින් සිත පිරිසිඳ දන්නේ ය: “මේ ආයුෂ්මත් ක්‍රෝධ ඇතියේ ක්‍රෝධයෙන් මැඩුණු සිතින් බොහෝ සේ වෙසෙයි. තෙල ක්‍රෝධ පර්‍ය්‍යුත්‍ථානය වනාහි තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
2. මේ ආයුෂ්මත් බද්ධවෛර ඇතියේ බද්ධවෛරයෙන් මැඩුණු සිතින් බොහෝ සේ වෙසෙයි. තෙල උපනාහර්‍ය්‍යුත්‍ථානය වනාහි තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
3. මේ ආයුෂ්මත් මකුගුණ ඇතියේ මකුගුණයෙන් මැඩුණු සිතින් බොහෝ සේ වෙසෙයි. තෙල මකු ගුණ නැගීම වනාහි තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
4. මේ ආයුෂ්මත් යුගග්‍රාහ ඇතියේ යුගග්‍රාහයෙන් මැඩුණු සිතින් බොහෝ සේ වෙසෙයි. තෙල යුගග්‍රාහයාගේ නැගීම වනාහි තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
5. මේ ආයුෂ්මත් ඊර්‍ෂ්‍යා ඇතියේ ඊර්‍ෂ්‍යාවෙන් මැඩුණු සිතින් බොහෝ සේ වෙසෙයි. තෙල ඊර්‍ෂ්‍යා පර්‍ය්‍යුත්‍ථානය වනාහි තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
6. මේ ආයුෂ්මත් මසුරුබැව් ඇතියේ මාත්සර්‍ය්‍යයෙන් මැඩුණු සිතින් බොහෝ සේ වෙසෙයි. තෙල මාත්සර්‍ය්‍යපර්‍ය්‍යුත්‍ථානය වනාහි තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
7. මේ ආයුෂ්මත් ශඨ වූයේ ම ශඨ බැවින් මැඩුණු සිතින් බොහෝ සේ වෙසෙයි. තෙල ශඨ බැව් නැගීම වනාහි තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
8. මේ ආයුෂ්මත් මායා ඇතියේ මායායෙන් මැඩුණු සිතින් බොහෝ සේ වෙසෙයි. තෙල මායා පර්‍ය්‍යුත්‍ථානය වනාහි තථාගතප්‍රවිදිත ධර්‍මවිනයෙහි පිරිහිනෙක.
9. මේ ආයුෂ්මත් පාපේච්ඡා ඇතියේ ඉච්ඡායෙන් මැඩුණු සිතින් බොහෝ සේ වෙසෙයි. තෙල ඉච්ඡා පරියුට්ඨානය වනාහි තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
10. මේ ආයුෂ්මත් මුළා සිහි ඇතියේ මතුයෙහි කටයුතු ඇතිවත් ම ස්වල්පමාත්‍ර විශේෂ අධිගමයන් අතරෙහි නිෂ්ඨාවට පැමිණියේ ය. තෙල අන්තරාවොසානගමනය වනාහි තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
ඇවැත්නි, එ මහණ මේ දස දහම් නො හැර මෙ සස්නෙහි එකැතියෙන් වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණේ ය යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි. ඇවැත්නි, එ මහණ මේ දස දහම් හැර එකැතින් මෙ සස්නෙහි එකැතියෙන් වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණේ ය යන තෙල කරුණ විද්‍යාමාන වේ යි.
10. 2. 4. 5.
කත්‍ථී සූත්‍රය
එක් කලෙක ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවෝ චෙතී ජනපදයෙහි වූ සහජාතියෙහි වැඩ වෙසෙත්. එකල්හි ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවෝ ‘ඇවැත්නි, මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූහ. ‘ඇවැත්නි’යි ඒ මහණහු ආයුෂ්මත් මහාචුන්‍ද තෙරුන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවෝ තෙල කීහ:
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ අධිගමයන්හිලා කථායෙහි කුසල වූයේ විවර කොට බණනසුලු වෙයි: මම ප්‍රථමධ්‍යානයට සමවදනෙම් ද ඉන් නැගී සිටුනෙම් ද වෙමි. මම ද්විතීයධ්‍යානයට සමවදනෙම් ද ඉන් නැගී සිටුනෙම් ද වෙමි. මම තෘතීයධ්‍යානයට සමවදනෙම් ද ඉන් නැගී සිටුනෙම් ද වෙමි. මම චතුර්‍ත්‍ථධ්‍යානයට සමවදනෙම් ද ඉන් නැගී සිටුනෙම් ද වෙමි. මම ආකාසානඤ්චායතනයට සමවදනෙම් ද ඉන් නැගී සිටුනෙම් ද වෙමි. මම විඤ්ඤාණඤ්චායතනයට සමවදනෙම් ද ඉන් නැගී සිටුනෙම් ද වෙමි. මම ආකිඤ්චඤ්ඤායතනයට සමවදනෙම් ද ඉන් නැගී සිටුනෙම් ද වෙමි. මම නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවදනෙම් ද ඉන් නැගී සිටුනෙම් ද වෙමි. මම සඤ්ඤාවේදයිතනිරෝධයට සමවදනෙම් ද ඉන් නැගී සිටුනෙම් ද වෙමි”යි.
තථාගත වේවයි ධ්‍යාන ඇති සමාපත්ති කුසල වූ පරචිත්තයෙහි දක්‍ෂ වූ පරිචිත්තපරියායෙහි ඡේක වූ තථාගත ශ්‍රාවකයෙක් වේවයි ඔහු අනුයෝගවතට නංවයි, කරුණු ගන්වා අසයි. සමනුභාසනා කරයි. හේ තථාගතයන් විසින් හෝ ධ්‍යාන ඇති සමාපත්තියෙහි දක්‍ෂ පරචිත්තයෙහි කුසල පරචිත්තපරියායෙහි ඡේක වූ තථාගත ශ්‍රාවකයකු විසින් හෝ අනුයෝගවතට නංවනු ලබනුයේ කරුණු ගන්වනු ලබනුයේ සමනුභාසනා කරුණු ලබනුයේ සිප් බවට පැමිණෙයි. නිර්ගුණ භාවයට පැමිණෙයි. හානියට පැමිණෙයි. ව්‍යසනයට පැමිණෙයි. අනයව්‍යසනයට පැමිණේ.
තථාගත වේවයි ධ්‍යාන ඇති සමාපත්තියෙහි දක්‍ෂ පරසිත්හි දක්‍ෂ පරචිත්තපර්‍ය්‍යායෙහි ඡේක වූ තථාගත ශ්‍රාවකයෙක් වේවයි ඔහු මෙසේ සිතින් සිත පිරිසිඳ මෙනෙහි කරයි: “මේ ආයුෂ්මත් කවර හෙයින් අධිගමයන්හිලා කථායෙහි දක්‍ෂ වූයේ විවර කොට බණන සුලු වේ” ද “මම ප්‍රථමධ්‍යානයට සමවදනෙම් ද ඉන් නැගී සිටින්නෙම් ද වෙමි යි ... මම සඤ්ඤාවේදයිතනිරෝධයට සමවදනෙම් ද ඉන් නැගී සිටුනෙම් ද වෙමි” යි.
තථාගත වේවයි දැහැන් ඇති සමවත් හි කුසල පරසිත්හි කුසල පරචිත්තපරියායෙහි කුසල තථාගත ශ්‍රාවකයෙක් වේවයි මෙසේ ඔහු සිතින් සිත පිරිසිඳ දන්නේ ය:
1. මේ ආයුෂ්මත් දීර්‍ඝරාත්‍රියෙහි ශීලයෙහි ඛණ්ඩකාරීය, ඡිද්‍රකාරීය, කල්මාෂකාරීය, සන්තතකාරී නො වෙයි. සතතප්‍රවෘත්ති ඇතියේ ත් නො වෙයි. මේ ආයුෂ්මත් දුශ්ශීල ය, තෙල දෞශ්ශීලය්‍යය තථාගතප්‍රවිදිත විනයෙහි පිරිහිනෙක.
2. මේ ආයුෂ්මත් ශ්‍රද්ධා නැත්තේ ය. තෙල ශ්‍රද්ධා රහිත බව තථාගත තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
3. මේ ආයුෂ්මත් අල්පශ්‍රැත වූයේ ආචාර නැත්තේ ය. තෙල අල්පශ්‍රැතය තථාගත තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
4. මේ ආයුෂ්මත් දුර්‍වචය, තෙල දුර්‍වචභාවය තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
5. මේ ආයුෂ්මත් පාපමිත්‍රය, තෙල පාපමිත්‍රතාව තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
6. මේ ආයුෂ්මත් කුසීතයෙක, තෙල කුසීත භාවය තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
7. මේ ආයුෂ්මත් මුළා සිහි ඇතියෙක, තෙල මුළා සිහි ඇති බව තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
8. මේ ආයුෂ්මත් කුහකය, තෙල කොහොන් බව තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
9. මේ ආයුෂ්මත් දුර්‍භරයෙක, තෙල දුර්‍භරතාව තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
10. මේ ආයුෂ්මත් දුෂ්ප්‍රාඥය, තෙල දුෂ්ප්‍රාඥතාව තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
ඇවැත්නි, යම් සේ යහළුවෙක් යහළුවකුට මෙසේ කියා නම්: “යහළුව, යම් කලෙක තට ධනයෙන් ධනකරණී වේ නම් මා දන යදුවයි, තට ධන දෙමි”යි. එ යහළු කිසියම් ධන කරණියක් උපන් කල්හි යහළු හට මෙසේ කියයි;
යහළුව මට ධනයෙන් අර්‍ත්‍ථ ඇත, මට ධන දෙව”යි. හේ මෙසේ කියයි: “එසේ නම් යහළුව මෙහි කනව”යි හේ එහි කනනුයේ කිසිවක් නො ලබන්නේ ය. හේ මෙසේ කියයි: “මෙහි කනව”යි. යහළුව මට මුසවා කීයෙහි, යහළුව මට හිස් බස් කීයෙහි, හේ මෙසේ කියන්නේ ය: “යහළුව මම තට මුසවා නො කීමි, හිස් බස් නො කීමි. එසේ නම් යහළුව මෙහි කනව”යී. හේ එහිදු කනනුයේ ධන නොලබන්නේ ය. හේ මෙසේ. කියයි: මෙහි මෙහි කනවයි. “යහළුව, මට මුසවා කීයෙහි, යහළුව, මට හිස් බස් කීයෙහි” යි හේ මෙසේ කියයි: “යහළුව, මම තට මුසවා නො කීමි, හිස් බස් නො කීමි. එසේ වී නම් යහළුව, මෙහි කනවයි, හේ එහිදු කනනුයේ ධන නො ලබයි. හේ මෙසේ කියයි: “යහළුව, මෙහි කනව”යි මට මුසාව කීයෙහි, යහළුව, මට හිස් බස් කීයෙහි. යහළුව, මම තට මුසවා නො කීමි, හිස් බස් නො කීමි. එසේ වී නම් යහළුව, මෙහි කනවයි, හේ එහිදු කනනුයේ ධන නො ලබන්නේ ය. හේ මෙසේ කියයි: “යහළුව, මෙහි කනව”යි මට මුසාව කීයෙහි, යහළුව, මට හිස් බස් කීයෙහි. හේ මෙසේ කියයි: “යහළුව මම තට මුසවා නො කීමි, හිස් බස් නො කීමි, වැලි දු මම ම උමතුවට චිත්තවිපර්‍ය්‍යාසයට පත්මි”යි.
ඇවැත්නි, එ පරිද්දෙන් ම මහණ කථායෙහි දක්‍ෂ වූයේ අධිගමයන්හි විවර කොට කියන සුලු වෙයි: “මම පළමු දැහැනට සමවදනෙම් ද, ඉන් නැගිටුනෙම් ද වෙමි, මම දෙවන දැහැනට සමවදනෙම් ද, ඉන් නැගිටුනෙම් ද වෙමි, මම තෙවන දැහැනට සමවදනෙම් ද, ඉන් නැගිටුනෙම් ද වෙමි, මම සිවුවන දැහැනට සමවදනෙම් ද, ඉන් නැගිටුනෙම් ද වෙමි, මම ආකාසානඤ්චායතනයට සමවදනෙම් ද, ඉන් නැගිටුනෙම් ද වෙමි, මම විඤ්ඤාණඤ්චායතනයට සමවදනෙම් ද, ඉන් නැගිටුනෙම් ද වෙමි, මම ආකිඤ්චඤ්ඤායතනයට සමවදනෙම් ද, ඉන් නැගිටුනෙම් ද වෙමි, මම නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවදනෙම් ද, ඉන් නැගිටුනෙම් ද වෙමි, මම සඤ්ඤාවේදයිත නිරෝධයට සමවදනෙම් ද, ඉන් නැගිටුනෙම් ද වෙමි”යි.
තථාගත වේවයි ධ්‍යාන ඇති සමවත්හි දක්‍ෂ මෙරමා සිත්හි දක්‍ෂ පරචිත්තපරියායෙහි කුසල තථාගතශ්‍රාවකයෙක් වේවයි එබඳු ඔහු අනුයෝගවතට නංව යි. කරුණු ගන්වා අසයි. සමනුභාසනා කරයි. හේ තථාගතයන් විසින් වේවයි දැහැන් ඇති සමාපත්ති කුසල පරචිත්ත කුසල පරචිත්තපරියාය කුසල තථාගතශ්‍රාවකයකු විසින් වේවයි අනුයෝගයට නංවනු ලබනුයේ කරුණු ගන්වා අසනු ලබනුයේ සමනුභාසනා කරනු ලබන්නේ හිස් බවට පැමිණෙයි. නිර්ගුණ භාවයට පැමිණෙයි. අනයට පැමිණෙයි. ව්‍යසනයට පැමිණෙයි, අනයව්‍යසනයට පැමිණෙයි.
තථාගත වේවයි ධ්‍යාන ඇති සමාපත්ති කුසල පරචිත්ත කුසල පරචිත්තපරියාය කුසල තථාගතශ්‍රාවකයෙක් වේවයි එබඳු ඔහු මෙසේ සිතින් සිත පිරිසිඳ මෙනෙහි කරයි: “කවර හෙයින් මේ ආයුෂ්මත් කථායෙහි දක්‍ෂ වූයේ අධිගමයන්හි විකත්‍ථනා කරන සුළු වේ ද “මම ප්‍රථම ධ්‍යානයට සමවදනෙම් ද ඉන් නැගිටුනෙම් ද ... මම සඤ්ඤාවේදයිත නිරෝධයට සමවදනෙම් ද ඉන් නැගිටුනෙම් ද වෙමි”යි.
1. තථාගත වේවයි ධ්‍යාන ඇති සමාපත්ති කුසලපරචිත්ත කුසල පරචිත්තපරියාය කුසල තථාගතශ්‍රාවකයෙක් වේවයි එබඳු ඔහු සිතින් සිත පිරිසිඳ දන්නේ ය: “මේ ආයුෂ්මත් දීර්‍ඝරාත්‍රයක් සීලයෙහි ඛණ්ඩකාරීය, ඡිද්‍රකාරීය, ශබලකාරීය, කල්මාෂකාරීය, සන්තතකාරී නො වෙයි, සන්නතවෘත්තී ද නො වෙයි, මේ ආයුෂ්මත් දුසිල් ය, තෙල දුසිල් බව වනාහි තථාගත ප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
2. මේ ආයුෂ්මත් අශ්‍රද්ධය, තෙල සැදැහැ නැති බව තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
3. මේ ආයුෂ්මත් අල්පශ්‍රැත ය, ආචාර නැත්තෙක, තෙල අල්පශ්‍රැත්‍යය තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
4. මේ ආයුෂ්මත් දුර්‍වචය, තෙල දුර්‍වචභාවය තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
5. මේ ආයුෂ්මත් පාපමිත්‍රයෙක, තෙල පාපමිත්‍රතාව තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
6. මේ ආයුෂ්මත් කුසීතයෙක, තෙල කුසීතභාවය තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
7. මේ ආයුෂ්මත් මුළා සිහි ඇතියෙක, තෙල මුළා සිහි ඇති බව තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
8. මේ ආයුෂ්මත් කුහකයෙක, තෙල කොහොන් බව තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
9. මේ ආයුෂ්මත් දුර්‍භරයෙක, තෙල දුර්‍භරතාව තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
10. මේ ආයුෂ්මත් දුෂ්ප්‍රාඥයෙක, තෙල දුෂ්ප්‍රාඥතාව තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
ඇවැත්නි, ඒ මහණ මේ දසදහම් නො හැර මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණේ ය යන තෙල කරුණ විද්‍යාමාන නො වේ. ඇවැත්නි, එ මහණ මෙ දහම් හැරපියා මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණේ ය යන තෙල කරුණ විද්‍යාමාන වේ යයි.
10. 2. 4. 6.
අධිමාන සූත්‍රය
එක් කලෙක ආයුෂ්මත් මහාකාශ්‍යප තෙරණුවෝ රජගහ නුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනයෙහි වාසය කරන සේක. එ කල්හි ආයුෂ්මත් මහාකාශ්‍යප තෙරණුවෝ ‘ඇවැත්නි, මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූහ. ‘ඇවැත්නි’යි එ මහණ ආයුෂ්මත් මහාකාශ්‍යප තෙරුන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් මහාකාශ්‍යප තෙරණුවෝ තෙල කීහ:
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ “ජාතිය ක්‍ෂීණ ය, බඹසර වැස නිමවන ලදී, කරණීය කෘතය, මේ අර්‍හත්බව පිණිස අනික් කිසෙක් නැතැ”යි දන්මි’යි අර්‍හත්‍වය ප්‍රකාශ කෙරෙයි. තථාගත වේවයි ධ්‍යාන ඇති, සමාපත්තියෙහි කුසල පරචිත්තයෙහි කුශල පරචිත්තපර්‍ය්‍යායෙහි කුසල තථාගත ශ්‍රාවකයෙක් වේවයි එබඳු ඔහු අනුයෝගයට නංවයි. කරුණු ගන්වා අසයි, සමනුභාෂණා කරයි. හේ තථාගතයන් විසින් හෝ ධ්‍යාන ඇති සමාපත්ති කුශල වූ පරචිත්ත කුශල වූ පරචිත්තපර්‍ය්‍යායෙහි කුසල වූ තථාගත ශ්‍රාවකයකු විසින් හෝ අනුයෝගයට නංවනු ලබන්නේ කරුණු ගන්වනු ලබන්නේ සමනුභාෂණා කරණු ලබන්නේ තුච්ඡභාවයට පැමිණෙයි, නිර්ගුණ භාවයට පැමිණෙයි, අනයට පැමිණෙයි, ව්‍යශනයට පැමිණෛයි, අනයව්‍යශනයට පැමිණෙයි.
තථාගත වේවයි ධ්‍යාන ඇති සමාපත්තියෙහි කුසල වූ පරචිත්තයෙහි කුශල වූ පරචිත්තපර්‍ය්‍යායෙහි කුසල වූ තථාගත ශ්‍රාවකයෙක් වේවයි එබඳු ඔහු මෙසේ සිතින් සිත පිරිසිඳ මෙනෙහි කරයි: “කවර හෙයින් මේ ආයුෂ්මත් ‘ජාතිය ක්‍ෂීණ ය, බඹසර වැස නිමවන ලදී, සිවුමග කරණී කරන ලදී, මේ අර්‍හත්බව පිණිස අනික් කිසෙක් නැතැ’යි දන්මි’යි අර්‍හත්‍වය ප්‍රකාශ කෙරේ දැ?”යි.
තථාගත වේවයි ධ්‍යාන ඇති සමාපත්තියෙහි කුසල වූ පරචිත්තයෙහි කුශල වූ පරචිත්තපර්‍ය්‍යාය කුසල වූ තථාගත ශ්‍රාවකයෙක් වේවයි එබඳු ඔහු මෙසේ සිතින් සිත පිරිසිඳ දන්නේ ය.
මේ ආයුෂ්මත් අධිමාන ඇතියේ අධිමානය සත්‍ය කොට ඇත්තේ අප්‍රාප්තයෙහි ප්‍රාප්තයෙමි යනසංඥා ඇතියේ අකෘතයෙහි කෘතයෙමි යන සංඥා ඇතියේ අනධිගතයෙහි අධිගතයෙමි යන සංඥා ඇතියේ අධිමානය කරණකොටගෙන ‘ජාතිය ක්‍ෂීණ ය, මග බඹසර වැස නිමැවිණ, සිවු මග කරණී කරන ලදී. මෙ රහත් බව පිණිස අන් කිසෙක් නැතැ’යි දන්මියි අර්‍හත්‍වය ප්‍රකාශ කරයි.
තථාගත වේවයි ධ්‍යාන ඇති සමාපත්ති කුශල පරචිත්ත කුශල පරචිත්තපරියාය කුශල තථාගතශ්‍රාවකයෙක් වේවයි එබඳු ඔහු මෙසේ සිතින් සිත පිරිසිඳ මෙනෙහි කරයි: “මේ ආයුෂ්මත් කවර කරුණක් නිසා අධිමාන ඇතියේ අධිමානය සත්‍ය කොට ඇත්තේ අප්‍රාප්තයෙහි ප්‍රාප්තයෙමි යන සංඥා ඇතියේ අකෘතයෙහි කෘතයෙමි යන සංඥා ඇතියේ අනධිගතයෙහි අධිගතයෙමි යන සංඥා ඇතියේ අධිමානයෙන් ‘ජාතිය ක්‍ෂීණ ය, මග බඹසර වැස නිමැවිණ, සිවු මග කරණීකරන ලදී. මෙ අර්‍හත් බව පිණිස අන් කිසෙක් නැතැ’යි දන්මි යි අර්‍හත්‍වය ප්‍රකාශ කෙරේ දැ”යි.
තථාගත වේවයි ධ්‍යාන ඇති සමාපත්ති කුශල පරචිත්ත කුශල පරචිත්තපරියාය කුශල තථාගතශ්‍රාවකයෙක් වේවයි එබඳු ඔහු මෙසේ සිතින් සිත පිරිසිඳ දන්නේය.
මේ ආයුෂ්මත් බහුශැත වූයේ ශ්‍රැතධර වූයේ ශ්‍රැතසන්නිචය කොට ඇතියේ ය. ආදිකල්‍යාණ මධ්‍යකල්‍යාණ පර්‍ය්‍යවසානකල්‍යාණ වූ යම් ඒ දහම් කෙනෙක් සාර්‍ත්‍ථ වූ සබ්‍යඤ්ජන වූ කේවලපරිපූර්‍ණ වූ පරිශුද්ධ වූ බ්‍රහ්මචර්‍ය්‍යය පවසත් නම් එබඳු ධර්‍මයෝ ඔහු විසින් බහුශ්‍රුත වූවාහු ධෘත වූවාහු වචනයෙන් පරිචිත වූවාහු සිතින් අනුප්‍රේක්‍ෂිත වූවාහු දෘෂ්ටියෙන් සුප්‍රතිවිද්ධ වූවාහු වෙත්. එහෙයින් මේ ආයුෂ්මත් අධිමාන ඇතියේ අධිමාන සත්‍ය කොට ඇතියේ අප්‍රාප්තයෙහි ප්‍රාප්තයෙමි යන සංඥා ඇතියේ අකෘතයෙහි කෘතයෙමි යන සංඥා ඇතියේ අනධිගතයෙහි ‘අධිගතයෙමි’ යන සංඥා ඇතියේ අධිමානයෙන් ‘ජාතිය ක්‍ෂීණ ය, බ්‍රහ්මචර්‍ය්‍යය වැස නිමවිණ, කරණී කෘත ය, මෙ බව පිණිස අන් කිසෙක් නැතැ’යි දන්මියි අර්‍හත්‍වය පහළ කෙරෙයි.
තථාගත වේවයි ධ්‍යාන ඇති සමාපත්තිකුසල පරචිත්තකුසල පරචිත්තපරියායකුසල තථාගතශ්‍රාවකයෙක් වේවයි එබඳු ඔහු මෙසේ සිතින් සිත පිරිසිඳ දන්නේය: මේ ආයුෂ්මත් අභිධ්‍යා බහුල කොට ඇතියේ අභිධ්‍යායෙන් මැඩුණු සිතින් බොහෝ සේ වෙසෙයි. තෙල අභිධ්‍යා පර්‍ය්‍යුත්‍ථානය වනාහි තථාගත ප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
මේ ආයුෂ්මත් ව්‍යාපාදයට පැමිණියේ ව්‍යාපාදයෙන් මැඩුණු සිතින් බොහෝ සේ වෙසෙයි. තෙල ව්‍යාපාද පර්‍ය්‍යුත්‍ථානය වනාහි තථාගත ප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
මේ ආයුෂ්මත් ථිනමිද්ධ ඇතියේ ථිනමිද්ධයෙන් මැඩුණු සිතින් බොහෝ සේ වෙසෙයි. තෙල ථිනමිද්ධ පරියුට්ඨානය වනාහි තථාගත ප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
මේ ආයුෂ්මත් උද්ධත වූයේ ඖද්ධතයෙන් මැඩුණු සිතින් බොහෝ සේ වෙසෙයි. තෙල ඖද්ධත්‍යපර්‍ය්‍යුත්‍ථානය වනාහි තථාගත ප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
මේ ආයුෂ්මත් විචිකිච්ඡා ඇතියේ විචිකිච්ඡායෙන් මැඩුණු සිතින් බොහෝ සේ වෙසෙයි. තෙල විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථානය වනාහි තථාගත ප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
මේ ආයුෂ්මත් කර්‍මාරාම වූයේ කර්‍මයෙහි ඇලුණේ කර්‍මාරාමතායෙහි අනුයුක්තයෙක. තෙල කර්‍මාරාමතාව වනාහි තථාගත ප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
මේ ආයුෂ්මත් දොඩමලු වූයේ දොඩමලු බැව්හි ඇලුණේ දොඩමලු බැව්හි අනුයුක්ත වේ. තෙල දොඩමලු බව වනාහි තථාගත ප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
මේ ආයුෂ්මත් නිද්‍රාරාම වූයේ නිද්‍රායෙහි ඇලුණේ නිද්‍රාරාමතායෙහි අනුයුක්තයෙක. තෙල නිද්‍රාරාමතාව වනාහි තථාගත ප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
මේ ආයුෂ්මත් සඞ්ඝණිකාරාම වූයේ සඞ්ඝණිකායෙහි ඇලුණේ සඞ්ඝණිකාරාමතායෙහි අනුයුක්තයෙක. තෙල සඞ්ඝණිකාරාමතාව වනාහි තථාගත ප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
මේ ආයුෂ්මත් මුළාසිහි ඇතියේ මතුයෙහි කරණී ඇතිවත් ම ස්වල්පමාත්‍ර විශේෂාධිගමයෙන් අන්තරාවොසානයට පැමිණියේ ය. තෙල අන්තරාවොසාගමනය වනාහි තථාගත ප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
ඇවැත්නි, එ මහණ මෙ දස දහම් නො හැරපියා මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණේය යන තෙල කරුණ විද්‍යාමාන නොවේ.
ඇවැත්නි, එ මහණ මෙ දස දහම් හැරපියා මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණේ ය යන තෙල කරුණ විද්‍යාමාන වෙයි.
10. 2. 4. 7.
අධිකරණික සූත්‍රය
[සැවැත්]
එකල්හි භාග්‍යවතුන් වහන්සේ කලන්‍දක මහණහු අරබයා ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූ සේක. ‘වහන්සැ’යි එ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ ට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ.
1. මහණෙනි, මෙ සස්නෙහි මහණ අධිකරණ ඇතියේ අධිකරණ සමථයාගේ වර්‍ණවාදී නො වෙයි. මහණෙනි, යම් හෙයකින් මහණ අධිකරණ ඇතියේ අධිකරණ සමථයාගේ වර්‍ණවාදී නො වේ නම් මෙ දහම ද ප්‍රියභාවය පිණිස ගුරුභාවය පිණිස භාවනාව පිණිස ශ්‍රමණ භාවය පිණිස එකි භාවය පිණිස නො වැටේ.
2. තවද මහණෙනි, මහණ ශික්‍ෂාකාම නො වූයේ ශික්‍ෂා සමාදානයෙහි ගුණ කියන්නේ නොවෙයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ ශික්‍ෂ්‍යාකාම නො වූයේ ශික්‍ෂාසමාදානයාගේ ගුණ නො කියන සුලු වේ නම් මෙ දහම ද ප්‍රිය භාවය පිණිස ගුරු භාවය පිණිස භාවනාව පිණිස ශ්‍රමණ භාවය පිණිස ඒකී භාවය පිණිස නො වැටේ.
3. තවද මහණෙනි, මහණ ලමු ඉච්ඡා ඇතියේ ඉච්ඡා විනයාගේ ගුණ නො කියන සුලු වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ ලමු ඉච්ඡා ඇතියේ ඉච්ඡා විනයයාගේ ගුණ නො කියන සුලු වේ නම් මෙ දහමුදු ප්‍රිය භාවය පිණිස ගුරු භාවය පිණිස භාවනාව පිණිස ශ්‍රමණ භාවය පිණිස ඒකී භාවය පිණිස නො වැටේ.
4. තවද මහණෙනි, මහණ කිපෙන සුලුයේ ක්‍රෝධ විනයාගේ ගුණ නො කියන සුලුයේ වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ කිපෙන සුලුයේ ක්‍රෝධවිනයාගේ ගුණ නො කියන සුලුයේ වේ නම් මෙ දහමුදු ප්‍රිය භාවය පිණිස ... ඒකී භාවය පිණිස නො වැටේ.
5. තවද මහණෙනි, මහණ මකු ගුණ ඇතියේ මක්ඛවිනයයාගේ ගුණ නො කියන සුලු නො වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ මකු ගුණ ඇතියේ මක්ඛවිනයයාගේ ගුණ නො කියන සුලු වේ නම් මෙ දහමුදු ප්‍රිය භාවය පිණිස ... ඒකී භාවය පිණිස නො වැටේ.
6. තවද මහණෙනි, මහණ ශඨ වූයේ ශඨභාව විනයයාගේ ගුණ නො කියන සුලු වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ ශඨ වූයේ ශඨභාව විනයයාගේ ගුණ නො කියන සුලු වේ නම් මෙ දහමුදු ප්‍රිය භාවය පිණිස ... ඒකී භාවය පිණිස නො වැටේ.
7. තවද මහණෙනි, මහණ මායා ඇතියේ මායා විනයයාගේ ගුණ නො කියන සුලුයේ වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මායාවී වූයේ මායා විනයාගේ ගුණ නො කියන සුලු වේ නම් මෙ දහමුදු ප්‍රිය භාවය පිණිස ... ඒකී භාවය පිණිස නො වැටේ.
8. තවද මහණෙනි, මහණ නව ලොව්තුරු දහම් නො දරන සැහැවි ඇතියේ ධර්‍මධාරණයෙහි ගුණ නො බණන සුලු වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ ධර්‍මොපධාරණස්වාභාවය නැතියේ ධර්‍මොපධාරණයේ ගුණ නො බණන සුලු වේ නම් මෙ දහමුදු ප්‍රිය භාවය පිණිස ... ඒකී භාවය පිණිස නො වැටේ.
9. තවද මහණෙනි, මහණ පිළිසලන නැතියේ පිළිසලනෙහි ගුණ නො කියන සුලු වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ පිළිසලන ඇතියේ පිළිසලනෙහි ගුණ නො කියන සුලු වේ නම් මෙ දහමුදු ප්‍රිය භාවය පිණිස ... ඒකී භාවය පිණිස නො වැටේ.
10. තවද මහණෙනි, මහණ සබ්‍රම්සරනට පටිසන්‍ථාර නැතියේ පටිසන්‍ථාරයෙහි ගුණ නො බණන සුලු වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ පටිසන්‍ථාර නැතියේ පටිසන්‍ථාරයෙහි ගුණ නො බණන සුලු වේ නම් මෙ දහමුදු ප්‍රිය භාවය පිණිස ... ඒකී භාවය පිණිස නො වැටේ.
මහණෙනි, මෙබඳු මහණහට මෙබඳු ඉච්ඡාවක් උපදනේ ය: “සබ්‍රම්සරහු ඉදින් මට සත්කාර කෙරෙත් නම් නම් ගුරුකාර කෙරෙත් නම් බුහුමන් කෙරෙත් නම් පුදත් නම් අහෝ ඉතා මැනැව”යි. එහෙත් සබ්‍රම්සරහු නොම සත්කාර කරත්, නොම ගුරුකාර කරත්, නොම බුහුමන් කරත්, නොම පුදත්, ඒ කවර හෙයින් යත්:
එසේ මැයි, මහණෙනි, පින්වත් සබ්‍රම්සරහු ඔහුගේ අප්‍රහීණවූ ඒ පාප අකුශල ධර්‍මයන් දක්නාහු ය.
මහණෙනි, යම් පරිදි අස්ගුණ්ඩයක්හට මෙබඳු ඉච්ඡායෙක් උපදනේ ය: මිනිස්හු මා ආජානේය ස්ථානයෙහි තබත් නම් මැනැව, ආජානේය භෝජන වළඳවත් නම් මැනැව, අජානේය පරිමාර්‍ජනද කරන්නාහු නම් මැනැවැ”යි. එතෙකුදු වත් මිනිස්සු ඒ අස්ගුණ්ඩයා ආජානේයස්ථනායෙහි නො තබන්නාහ. ආජානේය භෝජන නො ද වළඳවන්නාහ, ආජානේය පරිමාර්‍ජනය නො ද කරන්නාහ. එ කවර හෙයින යත්: එසේ මය, මහණෙනි, නුවණැති මිනිස්හු ඔහුගේ අප්‍රහීණ ශඨබව් දු කූඨබව්දු ඉදු නොවන බව්දු වක් දු දක්නාහුය (එහෙයිනි). මහණෙනි, එ පරිදිම මෙබඳු භික්‍ෂූහට “යහ හ! සබ්‍රම්සරහු මා සත්කාර කරන්නාහු නම් ගුරුකාර කරන්නාහු නම්, මානනා කරන්නාහු නම්, පූජනා කරන්නාහු නම් මැනැවැ”යි. මෙබඳු ඉච්ඡායෙක් උපදනේ නමුදු ඔහුට සබ්‍රම්සරහු සත්කාර නො ද කරන්නාහ, ගුරුකාර නො ද කරන්නාහ, මානනා කරන්නාහු නම්, පූජනා නො ද කරන්නාහ. එ කවර හෙයින යත්: එසේ ම ය, මහණෙනි, නුවණැති සබ්‍රම්සරහු ඔහුගේ අප්‍රහීණ පාප අකුසල ධර්‍මයන් දක්නාහු ය. එ හෙයින.
1. මහණෙනි, මෙ සස්නෙහි මහණ අධිකරණ කාරක නො වෙයි. අධිකරණසමථය පිළිබඳ ගුණ බණන්නේ වෙයි. ‘මහණෙනි, මහණ අධිකරණ කාරක නො වෙයි. අධිකරණසමථය පිළිබඳ ගුණ බණන්නේ වෙයි’ යන දහමෙක් ඇත් ද, මෙ දහම ද ප්‍රිය බවට ගුරුභාවයට භාවනාවට ශ්‍රමණධර්‍මයට ඒකී භාවයට වැටෙයි.
2. තවද මහණෙනි, අනෙකෙකි: මහණ ශික්‍ෂාකාම වෙයි, ශික්‍ෂාසමාදානය පිළිබඳ ගුණ බණන්නේ වෙයි, “මහණෙනි, මහණ ශික්‍ෂාකාම වෙයි, ශික්‍ෂාසමාදානය පිළිබඳ ගුණ බණන්නේ වෙයි” යන යම් දහමෙක් ඇත් ද, මේ දහම ද ප්‍රිය භාවයට ... ඒකී භාවයට වැටෙයි.
3. තවද මහණෙනි, අනෙකෙකි: මහණ අල්පේච්ඡ වෙයි, ඉච්ඡාවිනය පිළිබඳ ගුණ බණන්නේ වෙයි, “මහණෙනි, මහණ අල්පේච්ඡ වෙයි, ඉච්ඡාවිනය පිළිබඳ ගුණ බණන්නේ වෙයි” යන යම් දහමෙක් ඇත් ද, මේ දහම ද ප්‍රිය භාවයට … ඒකී භාවයට වැටෙයි.
4. තවද මහණෙනි, අනෙකෙකි: මහණ නො කිපෙනසුලු වෙයි, ක්‍රෝධවිනය පිළිබඳ ගුණ බණන්නේ වෙයි, “මහණෙනි, මහණ නො කිපෙනසුලු වෙයි, ක්‍රෝධවිනය පිළිබඳ ගුණ බණන්නේ වෙයි” යන යම් දහමෙක් ඇත් ද, මේ දහම ද ප්‍රිය භාවයට … ඒකී භාවයට වැටෙයි.
5. තවද මහණෙනි, අනෙකෙකි: මහණ ගුණමකු නො වෙයි, මක්ඛවිනය පිළිබඳ ගුණ බණන සුලු වෙයි, “මහණෙනි, මහණ ගුණමකු නො වෙයි, මක්ඛවිනය පිළිබඳ ගුණ බණන්නේ වෙයි” යන යම් දහමෙක් ඇත් ද, මේ දහම ද ප්‍රිය භාවයට … ඒකී භාවයට වැටෙයි.
6. තවද මහණෙනි, මහණ ශඨ නො වෙයි, ශඨභාවවිනය පිළිබඳ ගුණ බණන්නේ වෙයි, “මහණෙනි, මහණ ශඨ නො වෙයි, ශඨභාවවිනය පිළිබඳ ගුණ බණන්නේ වෙයි” යන යම් දහමෙක් ඇත් ද, මේ දහම ද ප්‍රිය භාවයට … ඒකී භාවයට වැටෙයි.
7. තවද මහණෙනි, අනෙකෙකි: මහණ මායා නැතියේ වෙයි, මායාවිනය පිළිබඳ ගුණ බණන්නේ වෙයි, “මහණෙනි, මහණ මායා නැතියේ වෙයි, මායාවිනය පිළිබඳ ගුණ බණන්නේ වෙයි” යන යම් දහමෙක් ඇත් ද, මේ දහම ද ප්‍රිය භාවයට … ඒකී භාවයට වැටෙයි.
8. තවද මහණෙනි, අනෙකෙකි: මහණ නව ලොව්තුරා දහමුන් පිළිබඳ සොයන සැහැවි ඇතියේ වෙයි, ධර්‍මනිසාමනය පිළිබඳ ගුණ බණන්නේ වෙයි, “මහණෙනි, මහණ දහමුන් පිළිබඳ සොයන සැහැවි ඇතියේ වෙයි, ධම්මනිසාමනය පිළිබඳ ගුණ බණන්නේ වෙයි” යන යම් දහමෙක් ඇත් ද, මේ දහම ද ප්‍රිය භාවයට … ඒකී භාවයට වැටෙයි.
9. තවද මහණෙනි, අනෙකෙකි: මහණ පිළිසලන ඇතියේ වෙයි, පිළිසලන පිළිබඳ ගුණ බණන්නේ වෙයි, “මහණෙනි, මහණ පිළිසලන ඇතියේ වෙයි, පිළිසලන පිළිබඳ ගුණ බණන්නේ වෙයි” යන යම් දහමෙක් ඇත් ද, මේ දහම ද ප්‍රිය භාවයට -පෙ- ඒකී භාවයට වැටෙයි.
10. තවද මහණෙනි, අනෙකෙකි: මහණ සබ්‍රම්සරුන් පිළිබඳ පිළිසඳර ඇතියේ වෙයි, පිළිසඳර පිළිබඳ ගුණ බණන්නේ වෙයි, “මහණෙනි, මහණ පිළිසඳර ඇතියේ වෙයි, පිළිසඳර පිළිබඳ ගුණ බණන්නේ වෙයි” යන යම් දහමෙක් ඇත් ද, මේ දහම ද ප්‍රිය භාවයට ගුරු භාවයට භාවනාවට ශ්‍රමණධර්‍මයට ඒකී භාවයට වැටෙයි.
මහණෙනි, මෙවන් භික්‍ෂූහට “මට සබ්‍රම්සරහු සත්කාර කරන්නාහු නම්, ගුරුකාර කරන්නාහු නම් මානනා කරන්නාහු නම් පූජනා කරන්නාහු නම් මැනැවැ”යි මෙවන් ඉච්ඡායෙක් නූපදනේ නමුදු ඔහට සබ්‍රම්සරහු සත්කාර කරන්නාහ, ගුරුකාර කරන්නාහ, මානනා කරන්නාහ, පූජනා කරන්නාහ, එ කවර හෙයින යත්: මහණෙනි, එසේ මැයි නුවණැති සබ්‍රම්සරහු ඔහුගේ ඒ පාප අකුශල ධර්‍මයන් දක්නාහ.
මහණෙනි, යම් පරිදි භද්‍ර අශ්වාජානේයහට “මිනිස්සු මා ආජානේය ස්ථානයෙහි තබන්නාහු නම්, ආජානේය භෝජන ද වළඳවත් නම්, ආජානේය පරිමාර්‍ජනා කරන්නාහු නම් ඉතා මැනැවැ”යි යන මෙබඳු ඉච්ඡායෙක් නූපදනේ නමුදු මිනිස්හු ඔහු ආජානේය ස්ථානයෙහි තබන්නාහ, ආජානේය භෝජන ද වළඳවන්නාහ, ආජානේය පරිමාර්‍ජනය ද කරන්නාහ. එ කවර හෙයින යත්: මහණෙනි, එ එසේ මැ යි නුවණැති මිනිස්හු ඔහුගේ ඒ ප්‍රහීණ ශඨ බව්, කුළු බව්, ඉදු නොවන බව්, වක් බව් දක්නාහ. එහෙයිනි.
මහණෙනි, එපරිදිම ම මෙවන් මහණහට “සබ්‍රම්සරහු මට සත්කාර කරන්නාහු නම්, ගුරුකාර කරන්නාහු නම්, මානනා කරන්නාහු නම් පූජනා කරන්නාහු නම් ඉතා මැනැවැ”යි මෙබඳු ඉච්ඡායෙක් නූපදනේ ය. එ කවර හෙයින යත්: “මහණෙනි, එසේමැ යි, නුවණැති සබ්‍රම්සරහු ඔහුගේ ඒ ප්‍රහීණ පාප අකුශල ධර්‍මයන් දක්නාහ. එහෙයිනැ”යි.
10. 2. 4. 8.
අක්කෝසක සූත්‍රය
(සැවැත්)
මහණෙනි, යම් මහණෙක් සබ්‍රම්සරුනට අක්කෝස පරිභාස කරන්නේ වේද, ආර්‍ය්‍යෝපවාද කරන්නේ වේ ද, යම් හෙයෙකින් හේ දශවිධ ව්‍යශනයන් අතුරෙන් අන්‍යතර ව්‍යශනයකට නො යන්නේ ය යන තෙල නො කරුණෙක, වන්නට අවකාශ ද නැත. කවර දශ දෙනෙකුන් අතුරින් යත්: