ඇවැත්නි, අභයප්පත්ත ය අභයප්පත්ත යයි කියනු ලැබේ …
9. 2. 1. 7.
පස්සද්ධි සූත්‍රය
[කොසැඹෑනිදාන යි]
ඇවැත්නි, පස්සද්ධි පස්සද්ධි යි කියනු ලැබේ …
9. 2. 1. 8.
අනුපුබ්බ පස්සද්ධි සූත්‍රය
[කොසැඹෑනිදාන යි]
ඇවැත්නි, අනුපුබ්බපස්සද්ධි අනුපුබ්බපස්සද්ධි යි කියනු ලැබේ ...
9. 2. 1. 9.
නිරෝධ සූත්‍රය
[කොසැඹෑනිදාන යි]
ඇවැත්නි, නිරෝධ ය නිරෝධ යයි කියනු ලැබේ …
9. 2. 1. 10.
අනුපුබ්බ නිරෝධ සූත්‍රය
[කොසැඹෑනිදාන යි]
ඇවැත්නි, අනුපුබ්බනිරෝධ ය අනුපුබ්බනිරෝධ යයි කියනු ලැබේ. ඇවැත්නි, කෙතෙක් කරුණින් අනුපුබ්බනිරෝධය භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද දැයි.
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කාමයෙන් විවික්ත ව ම … ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙයි. ඇවැත්නි, මෙතෙකිනුදු අනුපුබ්බනිරෝධය භාග්‍යවතුන් වහන්සේ විසින් පර්‍ය්‍යායයෙන් දෙසනලදී.
තවද ඇවැත්නි, මහණ සර්‍වථායෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්ම සඤ්ඤාවේදයිතනිරෝධයට පැමිණ වාසය කරයි. සංඥා වේදයිත නිරෝධය (විදර්‍ශනා සඞ්ඛ්‍යාත) ප්‍රඥායෙනුදු දැක්මෙන් ඔහුගේ ආස්‍රවයෝ පරික්‍ෂීණ වෙත්. ඇවැත්නි, මෙතෙකිනුදු භාග්‍යවතුන් වහන්සේ විසින් අනුපුබ්බනිරෝධය නිෂ්පර්‍ය්‍යායයෙන් දෙසන ලදැයි.
9. 2. 1. 11.
අරහත්ත භබ්බාභබ්බ සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, නව දහම් කෙනෙක් නො පහ කොට අර්‍හත්ත්‍වය පිළිවිදුනට අභව්‍ය වෙයි. කවර නවයෙක යත්:
රාග ය, දෝස ය, මෝහ ය, කෝධ ය, උපනාහ ය, මක්ඛ ය, පලාස ය, ඉස්සා හා මච්ඡරිය යි. මහණෙනි, මේ නව දහම් නො පහා අර්‍හත්ත්‍වය පිළිවිදුනට අභව්‍ය වෙයි.
මහණෙනි, නව දහම් කෙනෙකුන් පහ කොට අර්‍හත්ත්‍වය පිළිවිදුනට භව්‍ය වෙයි. කවර නවයෙක යත්:
රාග ය, දෝස ය, මෝහ ය, කෝධ ය, උපනාහ ය, මක්ඛ ය, පලාස ය, ඉස්සා හා මච්ඡරිය යි. මහණෙනි, මේ නව දහම් පහා රහත් බව පිළිවිදුනට භව්‍ය වෙයි.
ප්‍රථම ඛේම වර්‍ග යි.
එහි උද්දානය:
ඛේම සූත්‍ර දෙකය, අමත සූත්‍ර දෙකය, අභය සූත්‍ර දෙකය, පස්සද්ධි සූත්‍ර දෙකය, නිරෝධ සූත්‍රය, අනුපුබ්බනිරෝධ සූත්‍රය, භබ්බාභබ්බ සූත්‍රය දැයි එකොළොසෙකි.
2. සතිපට්ඨාන වර්‍ගය
9. 2. 2. 1.
සික්ඛාදුබ්බල්‍ය සතිපට්ඨාන සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ ශික්‍ෂා දෞර්බල්‍යයෝ පස්දෙනෙක. කවර පසෙක යත්: පණිවා ය, අයිනාදන් ය, කාමයෙහි මිසහසර ය, මුසවා ය, මදපමාදෙකට කරුණු වූ රහමෙරය දැයි. මහණෙනි, මේ පඤ්චශික්‍ෂාදෞර්බල්‍යයෝ යි. මහණෙනි, මේ පඤ්චශික්‍ෂාදෞර්බල්‍යයන්ගේ ප්‍රහාණය පිණිස සතර සීවටන් වැඩිය යුතු. කවර සතරෙක යත්:
මහණෙනි, මේ සස්නෙහි මහණ කයෙහි කායානුදර්ශී වූයේ කෙලෙස් තවන වැර ඇතියේ සම්‍යක් ප්‍රඥා ඇතියේ ස්මෘතිමත් වූයේ (පඤ්චස්කන්‍ධ) ලෝකයෙහි අභිධ්‍යා දෞර්‍මනස්‍ය විෂ්කම්භණ කොට වාස කෙරෙයි. වේදනාවන්හි වේදනානුදර්ශී වූයේ වේදනානුදර්ශී ව වාස කෙරෙයි … චිත්තයෙහි චිත්තානුදර්ශී ව වාස කෙරෙයි … ධර්‍මයන්හි ධර්‍මානුදර්ශී ව කෙලෙස් තවන වැර ඇතියේ සම්‍යක්ප්‍රඥා ඇතියේ ස්මෘතිමත් වූයේ ලෝකයෙහි අභිධ්‍යාදෞර්‍මනස්‍යයන් විෂ්කම්භණ කොට වාස කෙරෙයි. මහණෙනි, මෙ පඤ්චශික්‍ෂාදෞර්බල්‍යයන්ගේ ප්‍රහාණය පිණිස මේ සතර සීවටන් වැඩිය යුතුවෙ යි.
9. 2. 2. 2.
නීවරණ සතිපට්ඨාන සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ නීවරණ පසෙකි, කවර පසෙක යත්:
කාමච්ඡන්‍ද නීවරණය, ව්‍යාපාද නීවරණය, ථීනමිද්ධ නීවරණය, උද්ධච්චකුක්කුච්ච නීවරණය, විචිකිච්ඡා නීවරණ යි. මහණෙනි, මේ පඤ්ච නීවරණ යි.
මහණෙනි, මේ පඤ්ච නීවරණයන්ගේ ප්‍රහාණය පිණිස … මේ සතර සීවටන් වැඩිය යුතුවෙ යි.
9. 2. 2. 3.
කාමගුණ සතිපට්ඨාන සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ කාමගුණයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්:
චක්‍ෂුර්විඥානග්‍රාහ්‍ය වූ ඉෂ්ට කාන්ත මනාප ප්‍රියරූප කාමෝපසංහිත රජනීය රූපයහ. ශ්‍රෝතවිඥානග්‍රාහ්‍ය … ශබ්දයහ. ඝ්‍රාණවිඥානග්‍රාහ්‍ය … ගන්‍ධයහ. ජිහ්වාවිඥානග්‍රාහ්‍ය … රසයහ. කායවිඥානග්‍රාහ්‍ය ඉෂ්ට කාන්ත මනාප ප්‍රියරූප කාමෝපසංහිත රජනීය ස්ප්‍රෂ්ටව්‍යහ යී, මහණෙනි, මේ පඤ්චකාම ගුණයෝය.
මහණෙනි, මේ පඤ්චකාම ගුණයන්ගේ ප්‍රහාණය පිණිස මේ සතර සීවටන්හු වැඩිය යුතුවහ යි.
9. 2. 2. 4.
උපාදානක්ඛන්‍ධ සතිපට්ඨාන සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ උපාදානස්කන්‍ධයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්:
රූපූපාදානක්ඛන්‍ධ ය, වේදනූපාදානක්ඛන්‍ධ ය, සඤ්ඤූපාදානක්ඛන්‍ධ ය, සඞ්ඛාරූපාදානක්ඛන්‍ධ ය, විඤ්ඤාණූපාදානක්ඛන්‍ධ යි. මහණෙනි, මොහු පඤ්චූපාදානක්ඛන්‍ධ යි.
මහණෙනි, මේ පඤ්චූපාදානක්ඛන්‍ධයන්ගේ ප්‍රහාණය පිණිස … මේ සතර සීවටන්හු වැඩියයුතුවහ.
9. 2. 2. 5.
ඕරම්භාගිය සතිපට්ඨාන සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ ඕරම්භාගියසංයෝජනයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්:
සක්කායදිට්ඨිය, විචිකිච්ඡා ය, සීලබ්බතපරාමාස ය, කාමච්ඡන්‍ද ය, ව්‍යාපාදය දැයි, මහණෙනි, මොහු පඤ්චෝරම්භාගියසංයෝජන යි.
මහණෙනි, මේ පඤ්චඕරම්භාගිය සංයෝජනයන්ගේ ප්‍රහාණය පිණිස … මේ සතර සීවටන්හු වැඩිය යුතුවහ යි.
9. 2. 2. 6.
ගති සතිපට්ඨාන සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ ගති පසෙක, කවර පසෙක යත්:
නිරය, තිරච්ඡානයෝනි ය, පෙත්තිවිසය ය, මනුස්සයහ, දේවයහ යි. මහණෙනි, මේ පස්ගතිහු යි.
මහණෙනි, මේ පඤ්චගතීන්ගේ ප්‍රහාණය පිණිස … මේ සතර සතිපට්ඨානයෝ වැඩිය යුතුවහ යි.
9. 2. 2. 7.
මච්ඡරිය සතිපට්ඨාන සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ මච්ඡරියයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්:
ආවාසමච්ඡරිය, කුලමච්ඡරිය, ලාභමච්ඡරිය, වණ්ණමච්ඡරිය, ධම්මමච්ඡරි ය යී. මහණෙනි, මේ පඤ්චමච්ඡරිය යි.
මහණෙනි, මේ පඤ්චමාත්සර්‍ය්‍යයන්ගේ ප්‍රහාණය පිණිස … මේ සතර සතිපට්ඨානයෝ වැඩිය යුතුවහ යි.
9. 2. 2. 8.
උද්ධම්භාගිය සතිපට්ඨාන සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජනයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්:
රූපරාග ය, අරූපරාග ය, මාන ය, උද්ධච්ච ය, අවිජ්ජා යි. මහණෙනි, මේ පඤ්ච උද්ධම්භාගිය සංයෝජන යි.
මහණෙනි, මේ පඤ්ච උද්ධම්භාගිය සංයෝජනයන්ගේ ප්‍රහාණය පිණිස මේ සතර සතිපට්ඨාන වැඩිය යුතු යි.
9. 2. 2. 9.
චේතෝඛිල සතිපට්ඨාන සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ චේතෝඛිලයෝ (චිත්තයාගේ ස්තබ්ධභාවයෝ) පස්දෙනෙකි. කවර පස් දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ශාස්තෲන් වහන්සේ කෙරෙහි සැක කරයි, විචිකිච්ඡා කරයි. අධිමෝක්‍ෂ (ඇලීම) නො කරයි, නො පහදියි. මහණෙනි, යම් මහණෙක් ශාස්තෲන් වහන්සේ කෙරෙයි සැක කරන්නේ ද, විචිකිච්ඡා කරන්නේ ද, අධිමෝක්‍ෂ නොකරන්නේ ද, නො පහදනේ ද, ඔහු සිත ආතාපය (වීර්‍ය්‍යය) පිණිස අනුයෝගය (යෙදීම) පිණිස සතතභාවය පිණිස ප්‍රධන්වීර්‍ය්‍යය පිණිස නො නැමෙයි. යමක්හුගේ සිත ආතාපය පිණිස අනුයෝගය පිණිස සතතභාවය පිණිස ප්‍රධන් වීර්‍ය්‍යය පිණිස නො නැමේ නම් මේ පළමු චේතෝඛිල යි.
තවද මහණෙනි, මහණ ධර්‍මයෙහි ශඞ්කා කෙරෙයි … සඞ්ඝයා කෙරෙහි ශඞ්කා කෙරෙයි … ශික්‍ෂාව කෙරෙහි ශඞ්කා කෙරෙයි … සබ්‍රම්සරුන් කෙරෙහි කිපියේ නො සතුටු සිතැතියේ ගැටුණු සිතැතියේ ඛිල ජාත වෙයි. (කණුවක් මෙන් තදගති ඇතියේ වෙයි.) මහණෙනි, යම් ම මහණෙක් සබ්‍රම්සරුන් කෙරෙහි කිපියේ නො සතුටු සිතැතියේ ගැටුණු සිතැතියේ ඛිලජාත වේ නම් ඔහු සිත ආතාපය (කෙලෙස් තවන වීර්‍ය්‍යය) පිණිස අනුයෝග (පුනපුනා යෙදීම) පිණිස සතතභාවය පිණිස ප්‍රධන් වීර්‍ය්‍යය පිණිස නො නැමෙයි. යමක්හුගේ සිත ආතප්පය පිණිස අනුයෝගය පිණිස සතතභාවය පිණිස ප්‍රධන් වීර්‍ය්‍යය පිණිස නො නැමේ නම් මේ පස්වන චේතෝඛිල යි. මහණෙනි, මේ පඤ්ච චේතෝඛිල යි.
මහණෙනි, මේ පඤ්ච චේතෝඛිලයන්ගේ ප්‍රහාණය පිණිස මේ සතර සතිපට්ඨාන වැඩිය යුතු යි.
9. 2. 2. 10.
විනිබන්‍ධ සතිපට්ඨාන සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ චෙතසො විනිබන්‍ධයෝ (සිත තරකොට ගැනුම්) පසෙකි. කවර පසෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ කාමයන්හි අවීත (පහ නොකළ) රාග වූයේ අවිගත (පහ නො වූ) ඡන්‍ද ඇතියේ අවිගතප්‍රේම ඇතියේ අවිගතපිපාසා ඇතියේ අවිගතපරිදාහ ඇතියේ අවිගතතෘෂ්ණා ඇතියේ වෙයි. මහණෙනි, යම් මහණෙක් කාමයන්හි අවීතරාග වූයේ අවිගත ඡන්‍ද ඇතියේ අවිගතප්‍රේම ඇතියේ අවිගතපිපාසා ඇතියේ අවිගතපරිදාහ ඇතියේ අවිගතතෘෂ්ණා ඇතියේ වේ නම් ඔහු සිත ආතප්පය පිණිස අනුයෝගය පිණිස සාතත්‍යය පිණිස ප්‍රධන් වීර්‍ය්‍යය පිණිස නො නැමෙයි. යමක්හු සිත ආතප්පය පිණිස අනුයෝගය පිණිස සතතභාවය පිණිස ප්‍රධන් පිණිස නො නැමේ නම් ප්‍රථම චෙතසො විනිබන්‍ධ යි.
තවද මහණෙනි, මහණ කයෙහි අවීතරාග වූයේ වෙයි … රූපයෙහි අවීතරාග වූයේ වෙයි … කැමැති තාක් කුස්පුරා කා ශය්‍යාසුඛය පාර්ශ්වසුඛය මිද්ධසුඛය යන මෙහි යෙදුනේ වෙසෙයි … අන්‍යතර දේවනිකායයක් පතා බඹසර සෙරෙයි. මම් මේ ශීලයෙන් වේවයි, ව්‍රතයෙන් වේවයි, තවුස්දමින් වේවයි, බඹසරින් වේවයි දෙවියෙක් හෝ අන්‍යතර දෙවියෙක් හෝ වෙම්වයි.
මහණෙනි, යම් මහණෙක් මම මේ සීලයෙන් වේවයි වතින් වේවයි තවුස්දමින් වේවයි බඹසරින් වේවයි ප්‍රමුඛ දෙවියෙක් හෝ අන්‍යතර දෙවියෙක් හෝ වෙම්වයි එක්තරා දේවනිකායක් පතා බඹසර හැසිරේ නම් ඔහු සිත ආතප්පය පිණිස අනුයෝගය පිණිස සාතත්‍ය පිණිස ප්‍රධන් පිණිස නො නැමෙයි. යමකුගේ සිත ආතප්පය පිණිස අනුයෝගය පිණිස සාතත්‍යය පිණිස ප්‍රධන් පිණිස නො නැමේ නම් මේ පස්වන චෙතසො විනිබන්‍ධ යි. මහණෙනි, මේ චෙතසොවිනිබන්‍ධයෝ පස්දෙන යි.
මහණෙනි, මේ පඤ්ච චෙතසො විනිබන්‍ධයන්ගේ ප්‍රහාණය පිණිස … මේ සතර සතිපට්ඨානයෝ වැඩිය යුතුවහ යි.
දෙවන සතිපට්ඨාන වර්‍ග යි.
එහි උද්දානය:
සික්ඛා සූත්‍රය, නීවරණ සූත්‍රය, කාම සූත්‍රය, ඛන්‍ධ සූත්‍රය, ඕරම්භාගිය සූත්‍රය, ගති සූත්‍රය, මච්ඡෙර සූත්‍රය, උද්ධම්භාගිය සූත්‍රය, චේතෝඛිල විනිබන්‍ධ සූත්‍ර දෙක දැයි දසයෙකි.
3. සම්මප්පධාන වර්‍ගය
9. 2. 3. 1.
සික්ඛාදුබ්බල්‍යසම්මප්පධාන සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ සික්ඛා දුබ්බල්‍යයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්: