Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 11401-11500 න් 15980

1. සීහය, ‘මහණ ගොයුම් අක්‍රියවාද ඇතියේ අක්‍රියාවට දහම් දෙසන්නේ ය, එයින් ම සව්වන් හික්මවන්නේ’ යි යම් අයුරෙකින් මොනොවට කියනුයෙක් මා ගෙන කියන්නේ නම් ඒ කරුණ ඇත.
2. සීහය, ‘මහණ ගොයුම් ක්‍රියවාද ඇත්තේ ක්‍රියාවට දහම් දෙසන්නේ ය, එයින් සව්වන් ද හික්ම වන්නේ ය’යි යම් අයුරෙකින් මොනොවට කියන්නෙක් මට කියන්නේ නම් එ කරුණ ඇත.
3. සීහය, ‘ශ්‍රමණ ගෞතම උච්ඡේදවාද ඇත්තේ උච්ඡේදය පිණිස දහම් දෙසන්නේ ය, එයින් ශ්‍රාවකයන් ද හික්ම වන්නේ ය’යි යම් කරුණෙකින් මොනොවට කියන්නෙක් මට කියන්නේ නම් එ කරුණ ඇත.
4. සීහය, ‘ශ්‍රමණ ගෞතම ජුගුප්සා කරන සුලු වූයේ ජුගුප්සාවට දහම් දෙසන්නේ ය, එයින් සව්වනුදු ද හික්ම වන්නේය’යි යම් කරුණෙකින් මොනොවට කියනුයෙක් මට කියන්නේ නම් එ කරුණ ඇත.
5. සීහය, ‘ශ්‍රමණ ගෞතම වෙනයික වූයේ විනය පිණිස දම් දෙසන්නේ ය, එයින් සව්වනුදු හික්මවන්නේ ය’යි යම් කරුණෙකින් මොනොවට කියනුයෙක් මට කියන්නේ නම් එ කරුණ ඇත.
6. සීහය, ‘ශ්‍රමණ ගෞතම තපස්වී වූයේ තපස්වීතාවට දම් දෙසන්නේ ය, එයින් සව්වනුදු හික්මවන්නේ ය’යි යම් කරුණෙකින් මොනොවට කියනුයෙක් මට කියන්නේ නම් එ කරුණ ඇත.
7. සීහය, ‘ශ්‍රමණ ගෞතම අපගර්‍භ වූයේ අපගර්‍භතාවට දම් දෙසන්නේ ය, එයින් සව්වනුදු හික්ම වන්නේය’යි යම් කරුණෙකින් මොනොවට කියනුයෙක් මට කියන්නේ නම් එ කරුණ ඇත.
8. සීහය, ‘ශ්‍රමණ ගෞතම ආශ්වාසක වූයේ ආශ්වාසය පිණිස දම් දෙසන්නේ ය, එයින් සව්වනුදු හික්ම වන්නේ ය’යි යම් කරුණෙකින් මොනොවට කියනුයෙක් මට කියන්නේ නම් එ කරුණ ඇත.
1. සීහය. ‘ශ්‍රමණ ගෞතම අක්‍රියවාද ඇත්තේ අක්‍රියවාදයට දහම් දෙසන්නේය, එයින් එයින් සව්වනුදු හික්ම වන්නේ ය’යි මොනොවට කියන්නෙක් යම් කරුණෙකින් මට කියන්නේ නම් ඒ කරුණ කවර යත්: සීහය, මම වනාහි කාය දුශ්චරිතයාගේ වාග් දුශ්චරිතයාගේ මනෝ දුශ්චරිතයාගේ අක්‍රියාව කියන්නෙමි, නන් වැදෑරුම් වූ ලාමක අකුශල ධර්‍මයන්ගේ අක්‍රියාව කියන්නෙමි. සීහය, ‘ශ්‍රමණ ගෞතම අක්‍රියවාද ඇත්තේ අක්‍රියාවට දහම් දෙසන්නේ ය, එයින් සව්වනුදු හික්මවන්නේය’යි මොනොවට කියන්නෙක් යම් කරුණෙකින් මට කියන්නේ නම් මේ එ කරුණ යි.
2. සීහය, ‘ශ්‍රමණ ගෞතම තෙම ක්‍රියාවාද ඇත්තේ ක්‍රියාවට දහම් දෙසන්නේ ය, එයින් සව්වනුදු හික්මවන්නේ ය’යි යම් කරුණෙකින් මොනොවට කියන්නෙක් මට කියන්නේ නම් ඒ කරුණ කවර යත්: සීහය, මම් වනාහි කාය සුචරිතයාගේ වාක් සුචරිතයාගේ මනස් සුචරිතයාගේ ක්‍රියාව කියමි, නන් වැදැරුම් කුසල්දහමුන්ගේ ක්‍රියාව කියමි. සීහය. ‘ශ්‍රමණ ගෞතම ක්‍රියාවාද ඇත්තේ ක්‍රියාවට දහම් දෙසන්නේ ය, එයින් සව්වනුදු හික්මවන්නේ ය’යි යම් කරුණෙකින් මොනොවට කියන්නෙක් මට කියා නම් මේ එ කරුණ යි.
3. සීහය, ‘ශ්‍රමණ ගෞතම උච්ඡේද වාද ඇත්තේ උච්ඡේදයට දහම් දෙසන්නේ ය, එයින් සව්වනුදු හික්මවන්නේ ය’යි යම් කරුණෙකින් මොනොවට කියන්නෙක් මට කියා නම් ඒ කරුණ කවර යත්: සීහය මම වනාහි රාගයාගේ ද්වේෂයාගේ මෝහයාගේ උච්ඡේදය කියන්නෙමි, අනේක විහිත වූ ලාමක අකුශල ධර්‍මයන්ගේ උච්ඡේදය කියන්නෙමි. සීහය, ‘ශ්‍රමණ ගෞතම තෙම උච්ඡේද වාද ඇතියේ උච්ඡේදය පිණිස දම් දෙසන්නේ ය, එයින් සව්වනුදු හික්මවන්නේ ය’යි යම් කරුණෙකින් මොනොවට කියනුයේ මට කියන්නේ නම් මේ එ කරුණයි.
4. සීහය, ‘ශ්‍රමණ ගෞතම තෙම ජුගුප්සා කරන සුලු වූයේ ජුගුප්සා කරන සුලු බවට ධර්‍මය දෙසන්නේ ය, එයින් සව්වනුදු හික්මවන්නේ ය’යි යම් කරුණෙකින් මොනොවට කියන්නෙක් මට කියා නම් ඒ කරුණ කවර යත්: සීහය, මම වනාහි කාය දුශ්චරිතයට වාග් දුශ්චරිතයට ම මනෝ දුශ්චරිතයට ජුගුප්සා කරමි, අනේක විහිත වු ලාමක අකුශල ධර්‍මයනට සමවැදුමට ජුගුප්සා කරමි. සීහය, ‘ශ්‍රමණ ගෞතම තෙමේ ජුගුප්සා කරන සුලු වූයේ ජුගුප්සා කරන සුලු බවට දහම් දෙසන්නේ ය, එයින් සව්වනුදු හික්මවන්නේ ය’යි යම් කරුණෙකින් මොනොවට කියන්නෙක් මට කියා නම් මේ එ කරුණ වෙයි.
5. සීහය, ‘ශ්‍රමණ ගෞතම තෙමේ වෙනයික වූයේ විනය පිණිස දහම් දෙසන්නේ ය, එයින් සව්වනුදු හික්මවන්නේ ය’යි යම් කරුණෙකින් මොනොවට කියනුයෙක් මට කියා නම් ඒ කරුණ කවර යත්: සීහය, මම වනාහි රාගයාගේ ද්වේෂයාගේ මෝහයාගේ විනය පිණිස දහම් දෙසමි, අනේකවිධ වූ ලාමක අකුශල ධර්‍මයන්ගේ විනය පිණිස දහම් දෙසමි. සීහය, ‘ශ්‍රමණ ගෞතම තෙමේ වෙනයික වූයේ විනය පිණිස දහම් දෙසන්නේ ය, එයින් සව්වනුදු හික්මවන්නේ ය’යි යම් කරුණෙකින් මොනොවට කියනුයෙක් මට කියා නම් මේ එ කරුණ වෙයි.
6. සීහය, ‘ශ්‍රමණ ගෞතම තපස්වී වූයේ තපස්වී භාවයට ධර්‍මය දෙසන්නේ ය, එයින් සව්වනුදු හික්ම වන්නේ ය’යි යම් කරුණෙකින් මට කියන්නේ නම් ඒ කරුණ කවර යත්: සීහය, මම් කාය දුශ්චරිතය වාග් දුශ්චරිතය මනෝ දුශ්චරිතය යන ලාමක අකුශල ධර්‍ම තපනීය යි කියමි. සීහය, යමකුගේ තපනීය ලාමක අකුශල ධර්‍මයෝ ප්‍රහීණ වූවාහු උසුන් මුල් ඇත්තාහු තාලාවස්තුකෘත වූවාහු අනභාවකෘත වූවාහු මතුයෙහි නූපදනා සැහැවි ඇත්තාහු වෙත් නම්, මම ඔහු තපස්වී යයි කියමි. සීහය, තථාගතයන්හට වනාහි තපනීය වූ ලාමක අකුශල ධර්‍මයෝ ප්‍රහීණයහ, උච්ඡින්න මූලයහ, තාලාවස්තුකෘතයහ, අනභාවකෘතයහ, මතුයෙහි නූපදනා සැහැවි ඇතියහ. සීහය, ‘ශ්‍රමණ ගෞතම තෙමේ තපස්වී වූයේ තපස්වී භාවයට දහම් දෙසන්නේ ය. එයින් සව්වනුදු ම හික්ම වන්නේ ය’යි යම් කරුණෙකින් මොනොවට කියනුයෙක් මට කියා නම්, මේ එ කරුණ වෙයි.
7. සීහය, ‘ශ්‍රමණ ගෞතම අපගර්‍භ වූයේ අපගර්‍හතාව පිණිස දම් දෙසන්නේ ය, එයින් සව්වනුදු ම හික්ම වන්නේ ය’යි යම් කරුණෙකින් මොනොවට කියනුයෙක් මට කියා නම්, මේ එ කරුණ කවර යත්: සීහය, යමක්හුගේ මතුයෙහි මාතෘගර්‍භශය්‍යාව පුනර්‍හවාහිනිර්‍වෘත්තිය ප්‍රහීණ ද, උච්ඡින්නමූල ද, තාලාවස්තුකෘත ද, අනභාවකෘත ද, මතුයෙහි නූපදනා සැහැවි ඇත්තී ද, මම ඔහු අපගර්‍භය යි කියමි. සීහය, තථාගතයන්ගේ මතුයෙහි ගර්‍භශය්‍යාව පුනර්‍භවාහිනිර්‍වෘත්තිය ප්‍රහීණ ය, උච්ඡින්නමූල ය, තාලාවස්තුකෘත ය, අනභාවකෘත ය, මතුයෙහි නූපදනා සුලු ය. සීහය, ශ්‍රමණ ගෞතම තෙමේ අපගර්‍භ වූයේ අපගර්‍හතාව පිණිස දහම් දෙසන්නේ ය, එයින් සව්වනුදු හික්මවන්නේ ය’යි යම් කරුණෙකින් මොනොවට කියන්නෙක් මට කියා නම් මේ එ කරුණ යි.
8. සීහය, ‘ශ්‍රමණ ගෞතම ආශ්වාසකවූයේ ආශ්වාසය සඳහා දහම් දෙසන්නේ ය, එයින් සව්වනුදු හික්මවන්නේ ය’යි යම් කරුණෙකින් මොනොවට කියන්නෙක් මට කියා නම් ඒ කරුණ කවර යත්: සීහය, මම් වනාහි (චතුමාර්‍ග - ඵල සඞ්ඛ්‍යාත) උත්තම ආශ්වාසයෙන් ආශ්වාසක වූයෙම් ආශ්වාසය පිණිස දහම් දෙසමි, එයින් සව්වනුදු හික්මවමි. සීහය, ‘ශ්‍රමණ ගෞතම ආශ්වාසක වූයේ ආශ්වාසය පිණිස දහම් දෙසන්නේ ය, එයින් සව්වනුදු හික්මවන්නේ ය’යි යම් කරුණෙකින් මොනොවට කියනුයෙක් මට කියා නම් මේ එ කරුණ යි.
මෙසේ වදාළ කල්හි සිංහසේනාපති භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය: ‘වහන්ස, ඉතා කාන්තය, වහන්ස, ඉතා කාන්ත ය ... වහන්ස, අද පටන් දිවි හිම් කොට සරණ ගිය උවසකු කොට භාග්‍යවතුන් වහන්සේ මා දරන සේක්වා’යි.
සීහය, අනුචින්තනය කොට (සිතා පිරික්සා) කටයුතු කරව, තා බඳු ප්‍රසිද්ධ මනුෂ්‍යයනට අනුචින්තන ක්‍රියාව ම මනා වෙයි.
වහන්ස, මෙ කරුණෙනුත් මම භාග්‍යවතුන් වහන්සේට බෙහෙවින් සතුටු සිතැත්තෙම් ඇලුනෙම් වෙමි. යම් කරුණෙකින් භාග්‍යවතුන් වහන්සේ ‘සීහය, අනුචින්තන ක්‍රියා කරව, අනුචින්තන ක්‍රියාව ම තොප බඳු ප්‍රසිද්ධ මනුෂ්‍යයනට මනා වේ ය’යි මට මෙසේ වදාළ සේක් නම් එහෙයිනි.
වහන්ස, මා බඳු සව්වකු ලැබ අන්තොටුවෝ හැම විසල්පුර ‘සිංහ සේනාපති අපගේ සවු බවට පැමිණියේ ය’යි කෙහෙලි නගන්නාහ. වැලිත් භාග්‍යවතුන් වහන්සේ ‘සීහය, අනුචින්තන ක්‍රියා කරව, තොප බඳු ප්‍රසිද්ධ මනුෂ්‍යයනට අනුචින්තන ක්‍රියාව ම මනා වන්නේ ය’යි මට මෙසේ වදාරන සේක. වහන්ස, තෙල මම දෙවනවට ද භාග්‍යවතුන් වහන්සේත් ධර්‍මයත් බික්සඟුනුත් සරණ යෙමි. භාග්‍යවතුන් වහන්සේ අද පටන් මා දිවිහිම් කොට සරණ ගිය උවසු කොට දරන සේක්ව යී.
සීහය, යම් හෙයකින් තාගේ නිවෙස බොහෝ කල් පටන් නුවටුනට (පිළියෙළකළ) උදපානයක් (ළිඳක්) බඳු වී ද (එහෙයින්) එළඹුණු ඔවුනට පිඬු දිය යුතු කොට හඟුවයි.
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ යම්බඳු මට ‘සීහය, යම් හෙයෙකින් දිගු කලෙක පටන් තාගේ නිවෙස අන්තොටුවනට පිළියෙළ කළ ළිඳක් බඳු වීද, එහෙයින් වෙත පැමිණි උනට පිඬුවා දිය යුතු කොට හඟුව’යි මෙසේ වදාරන සේක් නම්, මෙ කරුණින් ද මම් භාග්‍යවතුන් වහන්සේට බෙහෙවින් සතුටු සිතැතියෙම් ඇලුනෙම් වෙමි.
වහන්ස, ‘මහණ ගොයුම් මෙසේ කියති’යි යන තෙල කරුණ මා විසින් අසන ලදී. ‘මාහට ම දන් දියයුතු වෙයි. අන්හට දන් දියයුතු නො වෙයි. මාගේ සව්වනට ම දන් දියයුතු වෙයි, අන්සව්වනට දන් දියයුතු නො වේ. මාහට දෙන ලද්ද ම මහත් ඵල වෙයි, අන්හට දෙන ලද්ද මහත්ඵල නො වෙයි. මාගේ සව්වනට ම දුන් දෑ මහත් ඵල වෙයි, අන් සව්වනට දුන් දෑ මහත් ඵල නො වෙයි’ කියායි. වැලි දු භාග්‍යවතුන් වහන්සේ මා නුවටුන් කෙරෙහිදු දීමෙහි සමාදන් කරවන්නාහ. වැලිදු වහන්ස, මෙ කරුණෙහි ලා අපි කල් දන්නමු. වහන්ස, තෙල මම තෙවනවටත් භාග්‍යවතුන් වහන්සේත් දහමත් බික්සඟනත් සරණ කොට යෙමි. වහන්ස, අද පටන් භාග්‍යවතුන් වහන්සේ මා දිවිහිමියෙන් සරණ ගිය උවසු කොට ධරන සේක්වයි.
ඉක්බිති සිංහ සේනාපතිහට භාග්‍යවතුන් වහන්සේ අනුපිළිවෙළ කථාව වදාළ සේක. එනම්: දානකථාය, සීලකථාය, සග්ගකථාය, කාමයන්ගේ අයුණු හා ලමු බව හා සකිලිටිය හා පැවිද්දෙහි අනුසස් ද පැවසූ සේක.
යම් විටෙක භාග්‍යවතුන් වහන්සේ සිංහ සේනාපති අරෝග සිත් ඇතියහු, මෘදු චිත්ත වූවහු නීවරණින් තොර සිත් ඇතියහු ඔදපත් සිතැතියහු පහන් සිතැතියහු දත් සේක් ද, එවිට දුඃඛ, සමුදය, නිරෝධ, මාර්‍ග යන බුදුවරුන්ගේ යම් සාමුක්කංසික ධම්මදේසනායෙක් (තමා විසින් ම දත් අන්‍යයනට අසාධාරණ දහම් දෙසුමෙක්) වේ නම් එය පාළ කළ සේක. යම් පරිදි ඉවත්කළ කළුලප ඇති සුදු වතක් මොනොවට රදන් පිළිගන්නේ ද, එපරිදිම සිංහ සේනාපතිහට එම අස්නෙහි පහවූ රාගාදී රජස් ඇති පහවූ රාගාදි මල ඇති යම්කිසි සමුදය ස්වභාවයෙක් ඇත්නම්, එ හැම නිරුද්ධවන සුලු යැයි (ස්‍රෝතාපත්ති මාර්‍ග සඞ්ඛ්‍යාත) ධර්‍ම චක්සුස උපන.
ඉක්බිති සිංහ සේනාපති දුටු (අරීසස්) දම් ඇතියේ (සෝවාන් මඟ පල නමැති) පත්දම් ඇතියේ පසක් කළ (නිවන්) දම් ඇතියේ බැසගත් දහම් ඇතියේ තරණය කළ විචිකිත්සා ඇතියේ පහවූ කථඞ්කථා ඇතියේ වෙසරද බවට පැමිණියේ (ශාස්තෘ ශාසනයෙහි) පරප්‍රත්‍යය රහිත වූයේ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළ කෙළේය:
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ බික්සඟුන් සමඟ සෙට දවස් පිණිස මාගේ බත ඉවසා වදාරන සේක්වයි. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් ඉවසූ සේක.
ඉක්බිති සිංහ සේනාපති භාග්‍යවත්හුගේ අධිවාසනය දැන හුනස්නෙන් නැඟි භාග්‍යවතුන් වැඳ පැදකුණු කොට නික්ම ගියේ ය.
ඉක්බිති සිංහ සේනාපති ‘එම්බා පුරුෂය, යව, ප්‍රවෘත්ත මාංශයක් දනුව’යි අන්‍යතර පුරුෂයකු ඇමතී ය. ඉන්පසු සිංහසේනාපති එ රෑ ඇවෑමෙන් සිය නිවෙස්හි ප්‍රණීත වූ කෑ යුතු බුදිය යුතු දෑ පිළියෙළ කරවා භාග්‍යවතුන් වහන්සේට ‘වහන්ස, බතට කල් වේ වයි. බත් (සපයා) නිමැවිණැයි’ කල් දැන්වී ය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු සමයෙහි හැඳ පෙරව පාසිවුරු ගෙන සිංහ සේනාපතිහුගේ නිවෙසට වැඩි සේක, වැඩ බික්සඟුන් සමඟ පැනවූ අස්නෙහි වැඩ හුන්හ.
එකල්හි බොහෝ නුවටෝ විසල්පුර වීථියෙන් වීථියෙහි සිවුමංසලින් සිවුමංසල දෙයත් බැඳ ‘අද සිංහ සේනාපතීහු විසින් මහසිරුරැති සිවුපාවකු මරා මහණ ගොයුම්හට බතක් කරන ලදී. මහණ ගොයුම් උදෙසා කළ ප්‍රතීත්‍යකර්‍ම (කර්‍මස්පර්‍ශය ඇති නොහොත් තමා පිණිස කළ නොහොත් නිමිත්තකර්‍ම) වූ එ මස දන්නේ ම වළඳ කෙරේය යි හඬගා කියත්.
එකල්හි අන්‍යතර පුරුෂයෙක් සිංහ සේනාපතීහු යම් තැනෙක ද, එහි එළැඹියේ ය, වෙත අවුත් කන්මුල්හි කොඳුරා සැල කෙළේ: ‘වහන්ස, තෙල කරුණ දන්නහු ද? තෙල බොහෝ නුවටහු විසල් පුර වීථියෙන් වීථියෙහි සිවුමංසලින් සිවුමංසලෙහි දෙයත් බැඳ අද සිංහ සේනාපතීහු විසින් තර සිවුපාවකු මරා මහණ ගොයුම්හට බතක් කරන ලදී, මහණ ගොයුම් දන්නේ ම උදෙසා කළ ප්‍රතීත්‍යකර්‍ම වූ එ මස දන්නේ ම වළඳ කරනේය යි හඬ නගා කියති” යි.
“ආර්‍ය්‍යය, ඉන් කම් නැත, බොහෝ කලක් ම ඒ ආයුෂ්මත්හු බුදුන්ට අයුණු කැමැත්තාහුය, දහමට අයුණු කැමැතියහ, සඟනට අයුණු කැමැතියහ. තෙල ආයුෂ්මත්හු ඒ භාග්‍යවතුන් අසත්‍ය වූ තුච්ඡ වූ මුසා වූ අභූතයෙන් අභ්‍යාඛ්‍යාන කරන්නාහු (අයුණු කියුම්හි) නිමාවට ද නො යන්නාහ, අපිදු ජීවිත හේතුයෙන් දැන දැන සතකු දිවි තොර නොකරම්හි”යි.
ඉක්බිති සීහ සේනාපති බුදුපාමොක් බික්සඟුන් පිණි වු කෑ යුතුයෙන් හා බුදිය යුතුයෙන් සියතින් සතපාලී ය, පවරාලී ය. ඉක්බිති සීහ සේනාපති වැළඳූ පාත්‍රයෙන් ඉවතගත් ඇති, භාග්‍යවතුන් වහන්සේගේ එකත්පසෙක හින. එකත්පසෙක හුන් සිහ සේනාපතීහු භාග්‍යවතුන් වහන්සේ දැහැමි කථායෙන් කරුණු දක්වා සමාදන් කරවා තෙද ගන්වා පහන් කරවා හුනස්නෙන් නැඟී වැඩි සේකි.
8. 1. 2. 3.
ආජඤ්ඤ සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, රජහුගේ භද්‍ර වූ අශ්වාජානේයයා අංග අටෙකින් සමන්‍වාගත වූයේ රාජාර්‍හ වෙයි. රාජභෝග්‍ය වෙයි. රාජාඞ්ගයෙකැයි ම සඞ්ඛ්‍යාවට යෙයි. කවර අටෙකින යත්:
මහණෙනි, මෙ ලොව්හි රජුගේ භද්‍ර වූ ආජානේය අශ්ව තෙමේ මවගෙන් හා පියාගෙන් සුජාත වෙයි. යම් දිගෙක අන්‍ය භද්‍රවූ ආජානේය අශ්වයෝ උපදිත් නම් එ දික්හි උපනේ වෙයි. ඔහට අමු වේවයි වියැළි වේවයි යම් ම භෝජනයක් දෙත් නම් එය නො විසුරුවමින් සකසාම බුදියි. මලෙහි හෝ මූයෙහි හෝ හිඳිනට හෝ හෝනට හෝ පිළිකුල් කරන සුලු වෙයි. සුඛසංවාස ඇතියේ සොරත වෙයි. අන් අසුන් නො තැකි ගන්වන්නේ වෙයි. ඔහුගේ යම් ශඨබැව්හු කුළුබැව්හු ඇදබැව්හු වක්බැව්හු වෙත් නම් එ හැම අස්සැරිහට ඇති සැටියෙන් පළ කරන්නේ වෙයි.
ඔහුගේ එ හැම මඩනට අස්සැරි වෑයම් කෙරෙයි. වහන සැහැවි (බර උසුලන බව, දුන් ඔවා පිළිපදින බව) ඇතියේ වෙයි. එකැතින් අන් අස්හු උසුලත්වයි නො උසුලත්වයි මෙහිලා මම් උසුලන්නෙමැයි සිත් දනවයි. යන්නේ ද ඉදු මඟින් ම යන්නේ වෙයි. ස්ථාමවත් වෙයි. ජීවිතයාගේ මරණයෙන් කෙළවර තෙක් ස්ථාමය (ශක්තිය) පවත්වනුයේ ද වෙයි. මහණෙනි, රජුගේ භද්‍රවූ ආජානේය අශ්වයා මේ අටඟින් යුක්ත වූයේ රාජාර්‍හ වෙයි. රාජභෝග්‍ය වෙයි. රජහුගේ අංගයෙකැයි ම සඞ්ඛ්‍යාවට යෙයි.
මහණෙනි, එ පරිද්දෙන් ම ගුණදම් අටෙකින් සමන්‍වාගත වූ මහණ ආහුනාර්‍හ වෙයි ... ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වේ. කවර අටෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි. ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් සංවෘතව වාස කෙරෙයි. ආචාර ගෝචර සම්පන්න වූයේ අණුමාත්‍ර වරදෙහිදු බිය දක්නා සුලු වූයේ සිකපද සමාදන් කොට ගෙන හික්මෙයි. ඕහට රළු වේවයි පිණී වේවයි යම් ම බොජුනක් දෙත්නම් (තණ්හාමාන දිට්ඨි විසින්) නො ගැටෙමින් සකසා (අමාවක මෙන් සලකා) වලඳ කෙරෙයි. කාය දුශ්චරිතය වාග් දුශ්චරිතය මනෝ දුශ්චරිතය පිළිකුල් කරන සුලු වෙයි. අනේකවිධ වූ ලාමක වූ අකුශලධර්‍මයන්ගේ සමාපත්තියට පිළිකුල් කරන සුළු වෙයි. සුඛසංවාස ඇතියේ සුරත ගුණ ඇතියේ වෙයි. අන් මහණුන් නො තැති ගන්වනුයේ වෙයි. ඔහුගේ යම් ශඨ බැව්හු කුළුබැව්හු ඇද බැව්හු වක් බැව්හු වෙත් නම් එ හැම ශාස්තෘන් වහන්සේ කෙරෙහි හෝ නුවණැති සබ්‍රම්සරුන් කෙරෙහි හෝ ඇති සැටියෙන් පළ කරන්නේ වෙයි. ශාස්තෘන් වහන්සේ වේවයි නුවණැති සබ්‍රම්සරුහු වේවයි ඔහුගේ ඒ හැම මැඩුම් සඳහා වෑයම් කෙරෙයි. හික්මෙනුයේ ම වෙයි. එතැතින් අන් මහණහු හික්මෙත්වා හෝ නොහික්මෙත්වා හෝ යි මම මෙහි ලා හික්මෙන්නෙමැයි සිත උපදවයි. යන්නේ ද ඉදු මඟින් ම යෙයි. එහිලා මේ ඍජු මාර්‍ගය වේ: එනම්, සම්‍යක් දෘෂ්ටිය ... සම්‍යක්සමාධිය යි. ඇරඹූ වැර ඇතියේ වෙයි, නියතින් සිරුරෙහි සම ද නහර ද ඇට ද ශේෂ වේවා, මස් ලෙහෙ වියැළේවා. පුරුෂ ස්ථාමයෙන් (පුරුෂඥානබලයෙන්) පුරුෂවීර්‍ය්‍යයෙන්, පුරුෂපරාක්‍රමයෙන් පැමිණිය යුතු යමෙක් වේ නම් එයට (නිවනට) නොපැමිණ වීර්‍ය්‍යයාගේ පසුබැස්මෙක් නො වන්නේ ය කියායි. මහණෙනි, මේ අටදහමින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය වෙයි ... ලොවට අනුතුරු පින්කෙත් වේයයි.
8. 1. 2. 4.
ඛලුඞ්ක සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, අශ්වපෝතකයන් අට දෙනෙකුන් ද අශ්වදෝෂ අටක් ද පුරුෂඛලුඞ්කයන් හෙවත් අස්කුණ්ඩයන් බඳු (පුරුෂයන්) අට දෙනෙකුන් ද පුරිස්දොස් අටක් ද දෙසන්නෙමි. ඒ අසවු, මොනොවට මෙනෙහි කරවු, කියන්නෙමැ යි. ‘එසේය වහන්සැ’ යි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක.
1. මහණෙනි, අශ්වඛලුඞ්කයන් අට දෙන ද අස්දොස් අට ද කවරහ යත්: මහණෙනි, මෙ ලොව්හි ඇතැම් අශ්වඛලුඞ්කයෙක් රියසැරිහු විසින් යවයි කියන ලදුයේ (කැවිටෙන්) විදුනා ලදුයේ ම මෙහෙයන ලදුයේ පිටුපසට ඇදෙයි. පිටින් රිය පෙරළයි (කඳටින් විය උලා පසුපසින් රිය පෙරළමින් පසු බසී යූ සේ යි) මහණෙනි, මෙලොව්හි මෙ බඳු වූත් ඇතැම් අශ්වපෝතකයෙක් වෙයි. මහණෙනි, මේ පළමු අශ්වදෝෂ යි.
2. මහණෙනි, තව ද මෙ ලොව්හි අශ්වපෝතකයෙක් සාරථීහු විසින් යව යි කියන ලදුයේ (කැවිටෙන්) විදුනා ලදුයේ ම මෙහෙයන ලදුයේ පසු දෙපා ඔසවා පහර දෙයි. (රියෙහි) කිඹුල්මුව (පිටුපා ඔසවා පහර දී) බිඳියි. (රිය ඉදිරිපස වූ) දඬුතුණ බිඳියි. මහණෙනි, මෙලොව්හි මෙ බඳුවූත් ඇතැම් අස්කුණ්ඩයෙක් වෙයි. මහණෙනි, මේ දෙවන අශ්ව දෝෂ යි.
3. තවද මහණෙනි, මෙලොව්හි ඇතැම් ඛලුඞ්කාශ්වයෙක් රිය සැරිහු විසින් යව යි කියන ලදුයේ (කැවිටෙන්) විදුනා ලදුයේ ම මෙහෙයන ලදුයේ රියහිසෙහි කලවා ඝටා රියහිස ම මඩිමින් සිටියි. (හිස නමා විය බිම හෙළා කලවයෙන් රියහිසට පහර දී දෙපයින් රියහිස මඩිමින් සිටියි යූ සේ යි) මහණෙනි, මෙ ලොව්හි මෙ බඳුවූත් ඇතැම් අස් පොව්වෙක් වෙයි. මහණෙනි, මේ තෙවන අශ්වදෝෂයි.
4. මහණෙනි, තවද, මෙලොව්හි ඇතැම් අශ්වඛලුඞ්කයෙක් රියසැරිහු විසින් යව යි කියන ලදුයේ (කැවිටෙන්) විදුනා ලදුයේ ම මෙහෙයන ලදුයේ නො මඟ ගනියි. (ගොඩට හෝ කටුළැහැබකට හෝ නංවා) රිය නො මඟ ගන්නා ලද්දක් කරයි. මහණෙනි, මෙ ලොව්හි මෙ බඳුවූත් ඇතැම් අස්කුණ්ඩයෙක් වෙයි. මහණෙනි, මේ සිවුවන අශ්වදෝෂ යි.
5. මහණෙනි, තවද, මෙලොව්හි ඇතැම් අස්පොව්වෙක් සාරථීහු විසින් යව යි කියන ලදුයේ (කැවිටෙන්) විදුනා ලදුයේ ම මෙහෙයන ලදුයේ පෙරකය නඟයි. පෙර පා තර කොට ගනියි. මහණෙනි, මෙ ලොව්හි මෙ බඳු වූත් ඇතැම් අශ්වඛලුඞ්කයෙක් වෙයි. මහණෙනි, මේ පස් වන අශ්වදෝෂ යි.
6. තවද මහණෙනි, මෙ ලොව්හි ඇතැම් අශ්වඛලුඞ්කයෙක් සාරථීහු විසින් යවයි කියන ලදුයේ (කැවිටෙන්) විදුනා ලදුයේ ම මෙහෙයන ලදුයේ සාරථීහු නො මෙනෙහි කොට කැවිට ද නො මෙනෙහි කොට දතින් මුව වළලු (කටකලියාව) ඩැහැගෙන කැමැතියේ යම් තෙනකට යයි. මහණෙනි, මෙ ලොව්හි මෙ බඳු වූත් ඇතැම් අස්පොව්වෙක් වෙයි. මහණෙනි, මේ සවන අශ්වදෝෂ යි.
7. තවද මහණෙනි, මෙ ලොව්හි ඇතැම් අශ්වඛලුඞ්කයෙක් සාරථීහු විසින් යවයි කියන ලදුයේ (කැවිටෙන්) විදුනා ලදුයේ ම මෙහෙයන ලදුයේ ඉදිරියට නො ම යෙයි. පසුපසට ද ගමන් නො කෙරෙයි. එ තන්හි ම කීලස්ථායී ව (සතරපා ටැම්සේ පිහිටුවා ගෙන නිශ්චල ව) සිටියේ වෙයි. මහණෙනි, මෙ ලොව්හි මෙ බඳු වූත් ඇතැම් අස්කුණ්ඩයෙක් වෙයි. මහණෙනි, මේ සත්වන අශ්වදෝෂ යි.
8. මහණෙනි, තවද මෙ ලොව්හි ඇතැම් අශ්වපෝතකයෙක් රියසැරිහු විසින් යවයි කියන ලදුයේ (කැවිටෙන්) විදුනා ලදුයේ ම මෙහෙයන ලදුයේ පෙර පා හකුළුවා පසු පාත් හකුළුවා එහි ම සතර පා මැඩ ගෙන හිඳියි. මහණෙනි, මෙ ලොව්හි මෙ බඳු වූත් ඇතැම් ඛලුඞ්කාශ්වයෙක් වෙයි. මහණෙනි, මේ අටවැනි අශ්වදෝෂ යි. මහණෙනි, මේ අශ්ව ඛලුඞ්කයෝ අට දෙන ද අශ්වදෝෂයෝ අට ද වෙත්.
1. මහණෙනි, පුරුෂ ඛලුඞ්කයෝ අට දෙනත් පුරුසදොස් අටත් කවරහු ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහු මහණක්හු ඇවතින් චෝදනා කෙරෙත්, ඒ මහණ මහණුන් විසින් ඇවතින් චෝදනා කරනු ලබන්නේ නො සිහියෙන්ම නො සමරමැයි නිර්වේධන කරයි (ලිහයි). මහණෙනි, යම් පරිදි ඒ අශ්වඛලුඞ්ක තෙමේ රියසැරිහු විසින් යවයි කියන ලදුයේ (කැවිටෙන්) විදුනා ලදුයේ ම මෙහෙයන ලදුයේ පසුපසට ඇදේද, පිටින් රිය පෙරළා ද, මහණෙනි, මම් එබඳු උපමා ඇත්තකු කොට මේ පුඟුලා කියමි. මහණෙනි, මෙසස්නෙහි මෙ බඳු වූත් ඇතැම් ඛලුඞ්කාශ්ව බඳු පුරුසයෙක් වෙයි. මහණෙනි, මෙ පළමු පුරුෂ දෝෂ යි.
2. තවද මහණෙනි, මහණහු මහණක්හු ඇවතින් චෝදනා කෙරෙත්. එ මහණ මහණුන් විසින් ඇවතින් චෝදනා කරනු ලබන්නේ බාල වූ අව්‍යක්ත වූ තාගේ බිණුමෙන් කවර නම් ප්‍රයෝජනයෙක් ද? තෝත් බිණිය යුත්තකු කොට හඟනෙහි දැයි චෝදකයාට ම ප්‍රතිවිරුද්ධ ව සිටියි. මහණෙනි, ඒ ඛලුඞ්කාශ්ව සාරථීහු විසින් යවයි කියන ලදුයේ (කැවිටෙන්) විදුනා ලදුයේ ම මෙහෙයන ලදුයේ යම්සේ පසු දෙපා ඔසවා පහර දේ ද , (රියෙහි) කිඹුල්මුව බිඳී ද, තෙදඬු බිඳී ද, මහණෙනි, මම මේ පුඟුලා එබඳු උපමා ඇත්තකු කොට කියමි. මහණෙනි, මෙ සස්නෙහි මෙ බඳු වූත් ඇතැම් පුරුෂ ඛලුඞ්කයෙක් වෙයි. මහණෙනි, මෙ දෙවන පුරුෂ දෝෂ යි.
3. මහණෙනි, තවද මහණහු මහණක්හු ඇවතින් චෝදනා කෙරෙත්. එ මහණ මහණුන් විසින් ඇවතින් චෝදනා කරනු ලබන්නේ තොද මෙ නම් ඇවැතට පැමිණියේ වෙහි, තෝ පළමු කොට පිළියම් කරව යි චෝදකයාට ම පෙරළා චෝදනා නඟයි. මහණෙනි, යම් පරිදි ඒ අශ්වබලුඞ්කයා රිය සැරිහු විසින් යව යි කියන ලදුයේ (කැවිටෙන්) විදුනා ලදුයේ ම මෙහෙයන ලදුයේ රියහිසෙහි කලවා ඝටා රියහිසම මඩිමින් සිටී ද, මහණෙනි, මම් මේ පුඟුලා එබඳු උපමා ඇත්තකු කොට කියමි. මහණෙනි, මෙ සස්නෙහි මෙ බඳු වූත් ඇතැම් පුරුෂ ඛලුඞ්ඛයෙක් වෙයි. මහණෙනි, මෙ තෙවන පුරුෂ දෝෂ යි.
4. තවද මහණෙනි, මහණහු මහණක්හු ආපත්තියෙන් චෝදනා කෙරෙත්, එ මහණ මහණුන් විසින් ඇවැතින් චෝදනා කරනු ලබන්නේ අනෙකෙකින් අනෙකක් (හෙවත් අන් කරුණෙකින් අන් කරුණක් හෝ අන් වචනයෙකින් අන් වචනයක් හෝ) වසයි, කථාව පිටතට හෙළයි, කෝපය ද ද්වේෂය ද නො සතුට ද පහළ කෙරෙයි. මහණෙනි, යම් පරිදි එ අශ්ව ඛලුඞ්ක තෙමේ රියසැරිහු විසින් යව යි කියන ලදුයේ (කැවිටෙන්) විදුනා ලදුයේ ම මෙහෙයන ලදුයේ නො මඟ ගනී ද, රිය නො මඟ ගන්නා ලද්දක් කෙරේ ද, මහණෙනි, මම් මේ පුඟුලා එබඳු උපමා ඇත්තකු කොට කියමි. මහණෙනි, මේ සස්නෙහි මෙබඳු වූත් ඇතැම් පුරුෂ ඛලුඞ්ඛයෙක් වෙයි. මහණෙනි, මේ සිවුවන් පුරුෂදෝෂ යි.
5. මහණෙනි, තවද මහණහු මහණක්හු ඇවතින් චෝදනා කෙරෙත්. එ මහණ මහණුන් විසින් ඇවතින් චෝදනා කරනු ලබන්නේ සඟමැද බාහුවික්‍ෂේපය (අත්සැලීම්) කරමින් බෙණෙයි. මහණෙනි, ඒ ඛලුඞ්ඛාශ්ව යම් සේ රියසැරිහු විසින් යව යි කියන ලදුයේ (කැවිටෙන්) විදුනා ලදුයේ ම මෙහෙයන ලදුයේ පෙරකය නඟා ද, පෙරපා තරකොට ගනී ද, මහණෙනි, මම මේ පුඟුලා එබඳු උපමා ඇත්තකු කොට කියමි. මහණෙනි, මෙ සස්නෙහි මෙ බඳු වූත් ඇතැම් පුරුෂ ඛලුඞ්කයෙක් වෙයි. මහණෙනි, මෙ පස්වන පුරුෂදෝෂ යි.
6. මහණෙනි, තවද මහණහු මහණක්හු ඇවතින් චෝදනා කෙරෙත්. එ මහණ මහණුන් විසින් ඇවතින් චෝදනා කරනු ලබන්නේ සඞ්ඝයා නො මෙනෙහි කොට චෝදකයා නො මෙනෙහි කොට ඇවැත් සහිත වූයේ ම කැමැති සේ යම් තෙනකට යෙයි. මහණෙනි, එ අශ්වඛලුඞ්කයා සාරථීහු විසින් යව යි කියන ලදුයේ (කැවිටෙන්) විදුනා ලදුයේ ම මෙහෙයන ලදුයේ යම්සේ සාරථීහු නො මෙනෙහි කොට කැවිට නො මෙනෙහි කොට දතින් මුවවළලු ඩැහැගෙන කැමැති සේ යම් තෙනකට යේද, මහණෙනි, මම් මේ පුඟුල් එබඳු උපමා ඇත්තකු කොට කියමි. මහණෙනි, මෙසස්නෙහි මෙ බඳු වූත් ඇතැම් පුරුෂ ඛලුඞ්කයෙක් වෙයි. මහණෙනි මෙ සවන පුරුෂදෝෂ යි.
7. තවද මහණෙනි, මහණහු මහණක්හු ඇවතින් චෝදනා කෙරෙත්. එ මහණ මහණුන් විසින් ඇවතින් චෝදනා කරනු ලබන්නේ මම ඇවත් අවන්නෙම් නොවෙම් ම ය, ඒකාන්තයෙන් මම අවන්නෙම් නො වෙමැයි තුෂ්ණීම්භාවයෙන් සඞ්ඝයා වෙහෙසයි. මහණෙනි, යම් සේ ඒ අශ්වඛලුඞ්ක තෙමේ සාරථීහු විසින් යව යි කියන ලදුයේ (කැවිටෙන්) විදුනා ලදුයේ ම මෙහෙයන ලදුයේ පෙරපසට නො ම යෙයි ද, පසුපසටත් නො ම යෙයි ද, එතන්හි ම කීලස්ථායී ව සිටියේ වේ ද, මහණෙනි, මම් මේ පුඟුලා එබඳු උපමා ඇත්තකු කොට කියමි. මහණෙනි, මෙ සසුන්හි මෙ බඳු වූත් ඇතැම් පුරුෂඛලුඞ්කයෙක් වෙයි. මහණෙනි මෙ සත්වන පුරුෂදෝෂ යි.
8. මහණෙනි, තවද මහණහු මහණක්හු ඇවතින් චෝදනා කෙරෙත්. මහණුන් විසින් ඇවතින් චෝදනා කරනු ලබන එ මහණ මෙසේ කියයි. “ආයුෂ්මත්නි, තෙපි කුමක් හෙයින් දැඩිකොට මා කෙරෙහි ව්‍යාවෘත වවු ද? දැන් මම ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන කොට ගිහි බවට පෙරැළෙන්නෙමැ”යි. හේ සික බැහැරලා ගිහිබවට පෙරැළී මෙසේ කියයි: “ආයුෂ්මත්නි, තෙපි දැන් සතුටු වවු”යි. මහණෙනි, ඒ අශ්වඛලුඞ්ක තෙමේ රියසැරිහු විසින් යවයි කියන ලදුයේ (කැවිටෙන්) විදුනාලදුයේ ම මෙහෙයන ලදුයේ පෙර පා හකුළුවා පසු පාත් හකුළුවා එහි ම සතර පා මැඩගෙන හිඳියි ද, මහණෙනි, මම් මේ පුඟුලා එබඳු උපමා ඇතියකු කොට කියමි. මහණෙනි, මෙ සසුන්හි මෙ බඳු වූත් ඇතැම් පුරුෂඛලුඞ්කයෙක් (ඛලුඞ්ක අශ්ව බඳු පුරුෂයෙක්) වෙයි. මහණෙනි, මෙ අටවැනි පුරුෂ දෝෂ යි. මහණෙනි, මෙහු වනාහි අෂ්ටපුරුෂඛලුඞ්කයෝ ද අෂ්ටපුරුෂදෝෂයෝ ද වෙතැයි.
8. 1. 2. 5.
මල සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ මල අටෙකි. කවර අටෙක යත්:
මහණෙනි, මන්ත්‍ර (ශාස්ත්‍ර) යෝ නො හැදෑරීම මල කොට ඇත්තාහ. මහණෙනි, ගෘහයෝ උත්‍ථානවීර්‍ය්‍යයාගේ අභාවය මල කොට ඇතියහ. මහණෙනි, සිරුරු පැහැයට කුසීතභාවය මලෙකි. මහණෙනි, (යම් අයත් දැයක්) රක්නහුට ප්‍රමාදය මලෙකි. මහණෙනි, මාගම්හට දුසිරිත් මලෙකි. මහණෙනි, දායකහාහට මසුරු බව මලෙකි. මහණෙනි, ලමු දහම් හු මෙලෝ පරලෝ දෙක්හි ම මල වෙත්. මහණෙනි, ඒ මලයනට වැඩි මල තරය නම් (අට තන්හි නො දැනීම වූ) අවිද්‍යා නමැති පරම මල යි. මහණෙනි, මොහු මල අට වෙත්.
1. මන්ත්‍රයෝ නො පිරිවැහීම මල කොට ඇතියහ. ගෘහයෝ අනුත්‍ථානය මල කොට ඇතියහ, ශරීර වර්‍ණයට කුසීත භාවය මල වේ. වස්තු රක්නහුට ප්‍රමාදය මල වේ.
2. මාගම්හට දුසිරිත මල යි. දෙනුවහට මසුරු බව මල යි. මෙලොව්හිත් පරලොව්හිත් ලමු දහම්හු එකැතියෙන් මල වෙත්. ඒ මලයනට වැඩි මලතර වූයේ අවිද්‍යා නමැති මහාමල වෙයි.
8. 1. 2. 6.
දූතෙය්‍ය සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, කරුණු අටෙකින් සමන්‍වාගත මහණ දූතකර්‍මයට යාමට සුදුසු වේ. කවර අට කරුණින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ අසනුයේත් අස්වනුයේත් වෙයි. උගන්නේත් ධරන්නේත් වෙයි. විඥවූයේත් (අර්‍ත්‍ථානර්‍ත්‍ථයෙහි අරුත් දන්නේත්) විඥාපනය කරනුයේත් වෙයි. සහිත අසහිත දෙක්හි කුශල වූයේත් වෙයි. කලහ කරනුයේ ද නො වේ. මහණෙනි, මේ අට කරුණින් සමන්‍වාගත වු මහණ දූතකර්‍මයට යාමට සුදුසු වෙයි.
මහණෙනි, කරුණු අටෙකින් සමන්‍වාගත ශාරිපුත්‍ර දූතකර්‍මයට යාමට යෝග්‍ය වෙයි. කවර අට කරුණින යත්:
මහණෙනි, මෙ සස්නෙහි සැරියුත් අසනුයේත් අස්වසනුයේත් වෙයි, උගනුයේත් වෙයි, විජානන කරනුයේත් විඥාපන කරනුයේත් වෙයි, සහිත අසහිතයෙහි කුශලවූයේත් වෙයි. කලහකාරක ද නො වේ. මහණෙනි, මේ අට කරුණින් සමන්‍වාගත වූ ශාරිපුත්‍ර දූතමෙහෙවරට යාමට යෝග්‍ය වේ.
1. යමෙක් උග්‍රවාදී පිරිසට පැමිණ නො සැලේ ද, වදන් නො නසනුයේ ද, ශාසනයත් නො සඟවයි ද,
2. නිසැක කොට කියාද, පුළුවුස්නා ලදුයේ නො කිපේ ද, එබඳු එ මහණ ඒකාන්තයෙන් දූත මෙහෙවරට යාමට සුදුසු වේ.
8. 1. 2. 7.
පුරිසබන්‍ධන සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, අට අයුරෙකින් මාගම පුරුෂයා බඳියි. කවර අටෙකින යත්:
මහණෙනි, රූපයෙන් මාගම පුරුෂයා බඳියි. මහණෙනි, හසිතයෙන් (සිනායෙන්) මාගම පුරුෂයා බඳියි. මහණෙනි, බිණුමෙන් මාගම පුරුෂයා බඳියි. මහණෙනි, ගීතයෙන් මාගම පුරුෂයා බඳියි. මහණෙනි, මාගම රෝදනයෙන් (හැඬුමෙන්) පුරුෂයා බඳියි. මහණෙනි, මාගම ආකල්පයෙන් (හැඳුම් පෙරවුම් ඈ විධියෙන්) පුරුෂයා බඳියි. මහණෙනි, වනභඞ්ගයෙන් (වනයෙන් ගෙනා මල්පල ඈ තුටු පඬුරින්) මාගම පුරුෂයා බඳියි. මහණෙනි, පහසින් මාගම පුරුෂයා බඳියි. මහණෙනි, මේ අට අයුරින් මාගම පුරුෂයා බඳියි. මහණෙනි, යම් සත්ත්‍ව කෙනෙක් පහසින් බැඳුණාහු වෙත් නම් ඔහු මොනොවට (තරව) බැඳුණාහු වෙති යි.
8. 1. 2. 8.
ඉත්‍ථිබන්‍ධන සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, අට අයුරකින් පුරුෂයා මාගම බඳියි. කවර අටෙකින යත්:
මහණෙනි, රූපයෙන් පුරුෂයා මාගම බඳියි. මහණෙනි, හසිතයෙන් පුරුෂයා මාගම බඳියි. මහණෙනි, භණිතයෙන් පුරුෂයා මාගම බඳියි. මහණෙනි, ගීතයෙන් පුරුෂයා මාගම බඳියි. මහණෙනි, රෝදනයෙන් පුරුෂයා මාගම බඳියි. මහණෙනි, ආකල්පයෙන් පුරුෂයා මාගම බඳියි. මහණෙනි, වනභඞ්ගයෙන් පුරුෂයා මාගම බඳියි. මහණෙනි, ස්පර්‍ශයෙන් පුරුෂයා මාගම බඳී. මහණෙනි, මේ අට අයුරින් පුරුෂයා මාගම බඳියි. මහණෙනි, යම් සත්‍ව කෙනෙක් පහසින් බඳනා ලද්දාහු ද ඔහු මොනොවට බැඳුණාහු වෙතියි.
8. 1. 2. 9.
පහාරාද සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ වේරඤ්ජා නගරයෙහි නලෙරු නම් (යක්‍ෂාධිගෘහිත) කොහොඹ රුක් මුල්හි වැඩ වසන සේක. එකල්හි පහාරාද නම් අසුරේන්‍ද්‍රයා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය, එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව සිටියේ ය. එකත්පසෙක සිටි පහාරාද අසුරේන්‍ද්‍රයාට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. පහාරාදය, අසුරයෝ මුහුදෙහි සිත් අලවා වෙසෙත් දැයි?
වහන්ස, අසුරයෝ මුහුදෙහි සිත් අලවා වෙසෙත් යි.
පහාරාද, යම් ආශ්චර්‍ය්‍ය කෙනකුන් දක්මින් අසුරයෝ මහා සමුද්‍රයෙහි සිත් අලවා වෙසෙත් නම් ඒ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෝ කෙතෙක්‍ දැයි?
වහන්ස, යම් ආශ්චර්‍ය්‍ය කෙනෙකුන් පුන පුනා දැක අසුරයෝ මහාසමුද්‍රයෙහි සිත් අලවා වෙසෙත් නම් එබඳු ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෝ අටදෙනෙක් වෙත්. කවර අට දෙනෙක යත්:
1. වහන්ස, මහසයුර අනුපූර්‍ව නිම්න යි, (පිළිවෙළින් ගැඹුරු වූයේ වෙයි), අනුපූර්‍වප්‍රවණ යි, (පිළිවෙළින් නැමුනේ වෙයි), අනුපූර්‍ව ප්‍රාග්භාර යි, (පිළිවෙළින් ඉදිරියට බරවූයේ වෙයි), ආදියෙහි ම ගැඹුරු නො වෙයි. වහන්ස, යම් හෙයකින් මහසයුර අනුපූර්‍ව නිම්න වේ ද, අනුපූර්‍වප්‍රවණ වේ ද, අනුපූර්‍වප්‍රාග්භාර වේ ද, ආදියෙහි ම නො ගැඹුරු වේ ද, වහන්ස, යම් හෙයකින් යමක් පුනපුනා දක්මින් මහසයුරෙහි සිත් අලවා වෙසෙත් නම් මෙ මහසයුරෙහි ප්‍රථම ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය වෙයි.
2. තවද වහන්ස, පිහිටි සැහැවි ඇති මහසයුර වෙරළ නො ඉක්මවයි. වහන්ස, යම් හෙයෙකින් පිහිටි සැහැවි ඇති මහසයුර වෙරළ නො ඉක්මවා නම්, වහන්ස, යමක් පුනපුනා දක්මින් අසුරයෝ මහසයුරෙහි සිත් අලවා වෙසෙත් ද, මේ මහසයුරෙහි දෙවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යි..
3. තවද වහන්ස, මහසයුර මළකුණු හා නො වෙසෙයි. මහසයුරෙහි යම් බඳු මළකුණපයක් වේ නම් එය වහා ම තෙරට පමුණුවයි. (රළ පහරින්) ගොඩ නංවයි. වහන්ස, යම් හෙයෙකින් මහසයුර මළකුණපයන් හා නො වෙසේ ද, මහසයුරෙහි යම්බඳු මළකුණපයෙක් වේ නම් ඒ වහා ම තෙරට පමුණුවා ද, ගොඩ නංවා ද, වහන්ස, අසුරයෝ මහමුහුදෙහි යමක් පුනපුනා දැක සිත් අලවා වෙසෙත් නම් මේ මහසයුරෙහි තෙවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යි.
4. තවද වහන්ස, යම්කිසි මහානදීහු වෙත්ද, එනම්: ගඞ්ගා ය, යමුනා ය, අචිරවතී ය, සරභු ය, මහී ය කියා යි. ඔහු මහසයුරට පැමිණ පළමු නම් ගොත් හැරලත්. මහාසමුද්‍රය යි ම සඞ්ඛ්‍යාවට යෙති. වහන්ස, යම් හෙයෙකින් ගඞ්ගා ය, යමුනා ය, අචිරවතී ය, සරභු ය, මහී ය යන යම් බඳු මහානදීහු වෙත් නම් ඔහු මහසයුරට පැමිණ පළමු නම් ගොත් හැරලත් ද, මහාසමුද්‍රයයි ම සඞ්ඛ්‍යාවට යෙත් ද, වහන්ස, යම් හෙයෙකින් අසුරයෝ යමක් පුනපුනා දක්මින් මහාසමුද්‍රයෙහි අභිරමණය කෙරෙත් නම් මේ සිවුවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යි.
5. තවද වහන්ස, ලෙව්හි යම්බඳු (කුදුමහත්) නදීහු මහමුහුදට වැද ගනිත් ද, අහසින් යම්බඳු වෘෂ්ටිධාරාවෝ වැටෙත් ද, ඉන් මහසයුරෙහි උනුබවෙක් වේවයි, පිරුණුබවෙක් වේවයි නො පැනේ. වහන්ස, යම් හෙයෙකින් ලොව්හි යම්බඳු කුදුමහත් නදීහු මහමුහුදට වැදගනිත් නම් අහසින්යම්බඳු වෘෂ්ටිධාරාවෝ හෙත් නම්, ඉන් මහසයුරෙහි උනුබවෙක් වේවයි පිරුණුබවෙක් වේවයි නො පැනේ ද, වහන්ස, යමක් පුනපුනා දැක අසුරයෝ මහමුහුදෙහි අභිරමණය කෙරෙත් නම් මහසයුරෙහි මේ පස්වන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යි.
6. තවද වහන්ස, මහසයුර එක ම රස ඇතියේ ලුණුරස ඇතියේ වෙයි. වහන්ස, යම් හෙයෙකින් ඒකරස වූ මහසයුර ලුණුරස ඇතියේ වේ ද, වහන්ස, අසුරයෝ යමක් පුනපුනා දැක මහසයුරෙහි අභිරමණය කෙරෙත් නම් මහසයුරෙහි මේ සවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යි.