Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 11101-11200 න් 15980

7. 2. 4. 4.
[සොත්‍ථිය ධම්ම සූත්‍රය]
[සැවැත්නිදාන යි]
35. (මහණෙනි, කරුණු සතක්) නිඃස්‍රැත හෙයින් ‘සොත්‍ථිය’ නම් වෙයි ...
7. 2. 4. 5.
[නහාතක ධම්ම සූත්‍රය]
[සැවැත්නිදාන යි]
36. (මහණෙනි, කරුණු සතක්) සනාත හෙයින් ‘නහාතක’ නම් වෙයි ...
7. 2. 4. 6.
[වේදගූ ධම්ම සූත්‍රය]
[සැවැත්නිදාන යි]
37. (මහණෙනි, කරුණු සතක්) විදිත හෙයින් ‘වේදගූ’ නම් වෙයි …
7. 2. 4. 7.
[අරියධම්ම සූත්‍රය]
[සැවැත්නිදාන යි]
38. (මහණෙනි, කරුණු සතක්) අර්‍හ බැවින් ‘අරිය’ නම් වෙයි ...
7. 2. 4. 8.
[අරහන්ත ධම්ම සූත්‍රය]
[සැවැත්නිදාන යි]
39. (මහණෙනි, කරුණු සතක්) දුරු වූ බැවින් ‘අරහන්ත’ නම් වෙයි. කවර සතෙක යත්:
සක්කාය දිට්ඨිය දුරුවෙයි. විචිකිච්ඡාව දුරුවෙයි. සීලබ්බත පරාමාසය දුරුවෙයි. රාගය දුරු වෙයි. දෝසය දුරු වෙයි. මෝහය දුරු වෙයි. මානය දුරු වෙයි.
මහණෙනි, මේ සප්තධර්‍මයන්ගේ දුරු වීමෙන් අරහන්ත නම් වේ යයි.
7. 2. 4. 9.
[අසද්ධම්ම සූත්‍රය]
[සැවැත්නිදාන යි]
40. මහණෙනි, මෙ අසද්ධර්‍මයෝ සත් දෙනෙකි: කවර සත් දෙනෙක යත්:
ශ්‍රද්ධා නැතියේ වෙයි. හිරි නැතියේ වෙයි. ඔතප් නැතියේ වෙයි. අල්පශ්‍රැත වෙයි. කුසීත වෙයි. නට සිහි ඇතියේ වෙයි. දුෂ්ප්‍රාඥ වෙයි.
මහණෙනි, මෙ සප්ත අසද්ධර්‍ම යි.
7. 2. 4. 10.
[සද්ධම්ම සූත්‍රය]
[සැවැත්නිදාන යි]
41. මහණෙනි, මෙ සද්ධර්‍ම සතෙකි. කවර සතෙක යත්:
සැදැහැතියේ වෙයි. හිරිඇතියේ වෙයි. ඔතප් ඇතියේ වෙයි. බහුශ්‍රුත වෙයි. රුකුළුවැර ඇතියේ වෙයි. ස්මෘතිමත් වෙයි. ප්‍රඥාවත් වෙයි.
මහණෙනි, මෙ සද්ධර්‍ම සත යි.
සමණවර්‍ගය සතර වැනි යි.
එහි උද්දානය:
භික්ඛුධම්ම සූත්‍රය, සමණධම්ම සූත්‍රය, බ්‍රාහ්මණධම්ම සූත්‍රය, සොත්‍ථියධම්ම සූත්‍රය, නහාතකධම්ම සූත්‍රය, වේදගුධම්ම සූත්‍රය, අරියධම්ම සූත්‍රය, අරහන්තධම්ම සූත්‍රය, අසද්ධම්ම සූත්‍රය, සද්ධම්ම සූත්‍ර දෙක දැයි දසයෙකි.
5. ආහුනෙය්‍ය වර්‍ගය
7. 2. 5. 1.
[චක්ඛුඅනිච්චානුපස්සී සූත්‍රය]
[සැවැත්නිදාන යි]
1. මහණෙනි, ආහුනෙය්‍ය වූ පාහුනෙය්‍ය වූ දක්ඛිණෙය්‍ය වූ අඤ්ජලිකරණීය වූ ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ මෙ පුද්ගලයෝ සත් දෙනෙකි. කවර සත්දෙනෙක යත්:
මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුඟුලෙක් චක්‍ෂුස්හි අනිත්‍යානුදර්ශී ව වෙසෙයි. අනිත්‍යසංඥා ඇතියේ අනිත්‍යය පිළිවිද දන්නාසුල්ලේ සතතයෙන් නරතුරු (අන් සිතින්) අසම්මිශ්‍රව සිතින් සනිටුහන් කරමින් විවසුන් නුවණින් බැසගනිමින් වෙසෙයි. හේ ආස්‍රවක්‍ෂයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය හා ඉහාත්මභාවයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් පසක් කොට එළැඹ වෙසෙයි. මහණෙනි, මෙ ආහුනෙය්‍ය වූ ... ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ ප්‍රථම පුද්ගල වෙයි.
තවද මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් චක්‍ෂුස්හි අනිත්‍යානුදර්ශී වූයේ අනිත්‍යසංඥා ඇතියේ අනිත්‍යය පිළිවිදිනසුලුයේ හැමකල්හි නරතුරු අසම්මිශ්‍රව සිතින් සනිටුහන් කරමින් ප්‍රඥායෙන් (විදර්‍ශනාප්‍රඥායෙන්) අනුප්‍රවේශ කරමින් වෙසෙයි. ඔහට නො පෙර නො පසුව ආස්‍රවපර්‍ය්‍යවදානය හා ජීවිතපර්‍ය්‍යවදානය හා වෙයි. මහණෙනි, මෙ ආහුනෙය්‍ය වූ ... ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ දෙවන පුඟුලි.
තවද මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් චක්‍ෂුරායතනයෙහි අනිත්‍යානුදර්ශී වූයේ අනිත්‍යසංඥා ඇතියේ අනිත්‍යප්‍රතිසංවේදී වූයේ හැම කල්හි නරතුරු අව්‍යවකීර්‍ණ සිතින් සනිටුහන් කරමින් ප්‍රඥායෙන් පර්‍ය්‍යාවගාහ කරමින් වෙසෙයි. හෙ පඤ්චෝරම්භාගිය සංයෝජනයන්ගේ පරික්‍ෂයයෙන් අන්තරාපරිනිබ්බායී වෙයි. මහණෙනි, මේ තුන්වන ආහුනෙය්‍ය පුද්ගල ... ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි ... උපහච්චපරිනිබ්බායී වෙයි. මහණෙනි, මේ සතරවන ආහුනෙය්‍ය පුද්ගල ... ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි ... අසඞ්කාර පරිනිබ්බායී වෙයි. මහණෙනි, මේ පස්වන ආහුනෙය්‍ය පුද්ගල ... ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි ... සසඞ්කාර පරිනිබ්බායී වෙයි. මහණෙනි, මේ සවන ආහුනෙය්‍ය පුද්ගල ... ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි ... උද්ධංසෝත අකනිට්ඨගාමී වෙයි. මහණෙනි, මේ සත්වන ආහුනෙය්‍ය පුද්ගල ... ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි.
මහණෙනි, මොහු ආහුනෙය්‍ය වූ පාහුනෙය්‍ය වූ දක්ඛිණෙය්‍ය වූ අඤ්ජලිකරණීය වූ ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ පුද්ගලයෝ සත් දෙන යි.
7. 2. 5. 2.
[චක්ඛුදුක්ඛානුපස්සී සූත්‍රාදිය]
[සැවැත්නිදාන යි]
2. මහණෙනි, මෙ ආහුනෙය්‍ය ... ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර පුද්ගලයෝ සත් දෙනෙකි. කවර සත් දෙනෙකි. කවර සත් දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් චක්‍ෂුස්හි දුඃඛානුදර්ශී වූයේ ... වෙසෙයි.
3. ... චක්‍ෂුස්හි අනාත්මානුදර්ශී වූයේ ... වෙසෙයි.
4. ... චක්‍ෂුස්හි ක්‍ෂයානුදර්ශී වූයේ ... වෙසෙයි.
5. ... චක්‍ෂුස්හි ව්‍යයානුදර්ශී වූයේ ... වෙසෙයි.
6. ... චක්‍ෂුස්හි විරාගානුදර්ශී වූයේ ... වෙසෙයි.
7. ... චක්‍ෂුස්හි නිරෝධානුදර්ශී වූයේ ... වෙසෙයි.
8. ... චක්‍ෂුස්හි ප්‍රතිනිඃසර්‍ගානුදර්ශී වූයේ ... වෙසෙයි.
7. 2. 5. 9-520.
[සෝතඅනිච්චානුපස්සී සූත්‍රාදිය]
[සැවැත්නිදාන යි]
9-96. ශොත්‍රයෙහි ... ඝ්‍රාණයෙහි ... ජිහ්වායෙහි ... කායයෙහි ... මනස්හි ... රූපෙයහි ... ශබ්දයෙහි ... ගන්‍ධයෙහි ... රසයෙහි ... පොට්ඨබ්බයෙහි ... ධර්‍මයෙහි ...
97-144. චක්‍ෂුර්විඥානයෙහි ... ශ්‍රෝතවිඥානයෙහි ... ඝ්‍රාණවිඥානයෙහි ... ජිහ්වාවිඥානයෙහි ... කායවිඥානයෙහි ... මනොවිඥානයෙහි ...
145-192. චක්‍ෂුස්සංස්පර්‍ශයෙහි ... ශ්‍රෝත්‍රසංස්පර්‍ශයෙහි ... ඝ්‍රාණසංස්පර්‍ශයෙහි ... ජිහ්වාසංස්පර්‍ශයෙහි ... කායසංස්පර්‍ශයෙහි මනස්සංස්පර්‍ශයෙහි ...
193-240. චක්‍ෂුසංස්පර්‍ශජ වේදනායෙහි ... ශ්‍රෝතසංස්පර්‍ශජ වේදනායෙහි ... ඝ්‍රාණසංස්පර්‍ශජ වේදනායෙහි ... ජිව්හාසංස්පර්‍ශජ වේදනායෙහි ... කායසංස්පර්‍ශජ වේදනායෙහි ... මනස්සංස්පර්‍ශජ වේදනායෙහි ...
241-288. රූපසංඥායෙහි ... ශබ්දසංඥායෙහි ... ගන්‍ධසංඥායෙහි ... රසසංඥායෙහි ... ස්ප්‍රෂ්ටව්‍යසංඥායෙහි ... ධර්‍මසංඥායෙහි ...
289-336. රූපසඤ්චේතනායෙහි ... ශබ්දසඤ්චේතනායෙහි ... ගන්‍ධසඤ්චෙතනායෙහි ... රසසඤ්චෙතනායෙහි ... ස්ප්‍රෂ්ටව්‍යසඤ්චේතනායෙහි ... ධර්‍මසඤ්චේතනායෙහි ...
337-384. රූපතෘෂ්ණායෙහි ... ශබ්දතෘෂ්ණායෙහි ... ගන්‍ධතෘෂ්ණායෙහි ... රසතෘෂ්ණායෙහි ... ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණායෙහි ... ධර්‍මතෘෂ්ණායෙහි ...
385-432. රූපවිතර්‍කයෙහි ... ශබ්දවිතර්‍කයෙහි ... ගන්‍ධවිතර්‍කයෙහි ... රසවිතර්‍කයෙහි ... ස්ප්‍රෂ්ටව්‍යවිතර්‍කයෙහි ... ධර්‍මවිතර්‍කයෙහි ...
433-480. රූපවිචාරයෙහි ... ශබ්දවිචාරයෙහි ... ගන්‍ධවිචාරයෙහි ... රසවිචාරයෙහි ... ස්ප්‍රෂ්ටව්‍යවිචාරයෙහි ... ධර්‍මවිචාරයෙහි ...
481-520. රූපස්කන්‍ධයෙහි ... වෙදනාස්කන්‍ධයෙහි ... සංඥාස්කන්‍ධයෙහි ... සංස්කාරස්කන්‍ධයෙහි ... විඥානස්කන්‍ධයෙහි ... අනිත්‍යානුදර්ශී වූයේ ... වෙසෙයි. දුඃඛානුදර්ශී වූයේ ... වෙසෙයි. අනාත්මානුදර්ශී වූයේ ... වෙසෙයි. ක්‍ෂයානුදර්ශී වූයේ ... වෙසෙයි. ව්‍යයානුදර්ශී වූයේ ... වෙසෙයි. විරාගානුදර්ශී වූයේ ... වෙසෙයි. නිරෝධානුදර්ශී වූයේ ... වෙසෙයි. ප්‍රතිනිඃසර්‍ගානුදර්ශී වූයේ ... වෙසෙයි.
ආහුනෙය්‍යවර්‍ගය පස්වැනි යි. {*}
රාගපෙය්‍යාලය
[රාගාදිපෙය්‍යාල සූත්‍ර]
[සැවැත්නිදාන යි]
1. මහණෙනි, රාගයාගේ අභිඥානය පිණිස සප්තධර්‍මයෙක් වැඩිය යුතුය. කවර සතෙක යත්:
සතිසම්බොජ්ඣඞ්ගය ... උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය යි.
මහණෙනි, රාගයාගේ අභිඥාව සඳහා මෙ කරුණු සත වැඩිය යුතු යි.
2. මහණෙනි, රාගයාගේ අභිඥානය සඳහා මෙ කරුණු සතෙක් වැඩිය යුතු. කවර සතෙක යත්:
අනිත්‍යසංඥා ය, අනාත්මසංඥා ය, අශුභසංඥා ය, ආදීනවසංඥා ය, ප්‍රහාණසංඥා ය, විරාගසංඥා ය, නිරෝධසංඥා යි.
මහණෙනි, රාගයාගේ අභිජානනය සඳහා මෙ සත් කරුණු වැඩිය යුතු යි.
3. මහණෙනි, රාගයාගේ අභිඥාව සඳහා සත් කරුණෙක් වැඩිය යුතු. කවර සතෙක යත්.
අශුභසංඥා ය, මරණසංඥා ය, ආහාරයෙහි ප්‍රතිකූලසංඥා ය, සර්‍වලෝකයෙහි අනභිරතසංඥා ය, අනිත්‍යසංඥා ය, අනිත්‍යයෙහි දුඃඛසංඥා ය, දුඃඛයෙහි අනාත්මසංඥා යි.
මහණෙනි, රාගයාගේ අභිඥාව සඳහා මේ සත් කරුණු වැඩිය යුතු යයි.
4-30. මහණෙනි, රාගයාගේ පරිඥාව සඳහා සප්තධර්‍මයෙක් වැඩිය යුතු ය ... මහණෙනි, රාගයාගේ පරික්‍ෂය සඳහා ... ප්‍රහාණය සඳහා … ක්‍ෂය සඳහා ... ව්‍යය සඳහා ... විරාගය සඳහා .... නිරෝධය සඳහා ... ත්‍යාගය සඳහා … ප්‍රතිනිඃසර්‍ගය සඳහා මෙ කරුණු සත වැඩිය යුතුයි.
31-60. මහණෙනි, ද්වේෂයාගේ අභිඥාව පිණිස සත් කරුණෙක් වැඩිය යුතු ය ... මහණෙනි, ද්වේෂයාගේ පරිඥාව සඳහා ... පරික්‍ෂය පිණිස ... ප්‍රහාණය පිණිස … ක්‍ෂය පිණිස ... ව්‍යය පිණිස ... විරාගය පිණිස … නිරෝධය පිණිස ... ත්‍යාගය පිණිස … ප්‍රතිනිඃසර්‍ගය පිණිස මෙ කරුණු සත වැඩිය යුතු.
61-90. මහණෙනි, මෝහයාගේ අභිඥාව පිණිස සත් කරුණෙක් වැඩිය යුතු ය ... පරිඥාව පිණිස ... පරික්‍ෂය පිණිස .... ප්‍රහාණය පිණිස ... ක්‍ෂය පිණිස .... ව්‍යය පිණිස ... විරාගය පිණිස .... නිරෝධය පිණිස ... ත්‍යාගය පිණිස … ප්‍රතිනිඃසර්‍ගය පිණිස මෙ කරුණු සත වැඩිය යුතු.
91-120. මහණෙනි, ක්‍රෝධයාගේ අභිඥාව පිණිස ...
121-150. මහණෙනි, උපනාහයාගේ අභිඥාව පිණිස ...
151-180. මහණෙනි, මක්ඛයාගේ ...
181-210. මහණෙනි, පලාසයාගේ ...
211-240. මහණෙනි, ඊෂර්‍ය්‍යාහුගේ ...
241-270. මහණෙනි, මාත්සර්‍ය්‍යාගේ ...
271-300. මහණෙනි, මායාවගේ ...
301-330. මහණෙනි, ශාඨෙයයාගේ ...
331-360. මහණෙනි, ථම්භයාගේ ...
361-390. මහණෙනි, සාරම්භයාගේ ...
391-420. මහණෙනි, මානයාගේ ...
421-450. මහණෙනි, අතිමානයාගේ ...
451-480. මහණෙනි, මදයාගේ ...