Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 13001-13100 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTසො යදෙව තත්ථ හොති රූපගතං වෙදනාගතං සඤ්ඤාගතං සඞ්ඛාරගතං විඤ්ඤාණගතං තෙ ධම්මෙ අනිච්චතො දුක්ඛතො රොගතො ගණ්ඩතො සල්ලතො අඝතො ආබාධතො පරතො පලොකතො සුඤ්ඤතො අනත්තතො සමනුපස්සති. සො තෙහි ධම්මෙහි චිත්තං පටිවාපෙති{4} සො තෙහි ධම්මෙහි චිත්තං පටිවාපෙත්වා{5} අමතාය ධාතුයා චිත්තං උපසංහරති. “එතං සන්තං එතං පණීතං යදිදං සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බාන”න්ති. සො තත්ථ ඨිතො ආසවානං ඛයං පාපුණාති. නො චෙ ආසවානං ඛයං පාපුණාති තෙනෙව ධම්මරාගෙන තාය ධම්මනන්දියා පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා ඔපපාතිකො හොති තත්ථ පරිනිබ්බායි අනාවත්තිධම්මො තස්මා ලොකා.
Sinhala BJTහේ ඒ දැහැන්හි රූපගත වේවයි වේදනාගත වේවයි සඤ්ඤාගත වේවයි සඞ්ඛාරගත වේවයි විඤ්ඤාණගත වේවයි යමෙක් මැ වේ නම් ඒ දහම් අනිත්‍ය විසින් රෝග විසින් ගණ්ඩ (ගඬු) විසින් සල්ල (හුල්) විසින් අඝ (දුක සහිත) විසින් ආබාධ (පීඩාකර) විසින් පර (අයත් නැති) විසින් පලෝක (පලුදු) විසින් සුඤ්ඤ (හිස්වූවන්) විසින් අනත්ත (අනාත්ම) විසින් මොනොවට විදසුන් නුවණින් දක්නේ ය. හේ ඒ දහමුන්ගෙන් සිත නිවන් විසින් නවතා ලයි. එ දහමුන් ගෙන් සිත නවතා “යම් මේ සර්‍වසංස්කාරයන්ගේ සමථයෙක් වේ නම් සර්‍වොපධීන්ගේ දුර ලීමෙක් වේ නම් තෘෂ්ණාක්‍ෂයයෙක් විරාගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ නම් තෙල ශාන්ත ය, තෙල ප්‍රණීත යයි අමෘතධාතුයෙහි සිත බස්වයි. හේ එ දැහැන්හි සිටියේ ආස්‍රවයන්ගේ ක්‍ෂයට පැමිණෙයි. ඉදින් ආස්‍රවයන්ගේ ක්‍ෂයට නො පැමිණේ නම් ඒ (ශමථ-විදර්‍ශනා) ධර්‍මරාගයෙන් මැ ඒ ධර්‍මනන්‍දියෙන් මැ පඤ්චෝරම්භාගිය සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් එහි මැ පිරිනිවෙන සුලු එ ලොවින් පිළිසිඳ විසින් පෙරළා නො එන සැහැවි ඇති ඕපපාතිකයෙක් වෙයි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ ඉස්සාසො වා ඉස්සාසන්තෙවාසී වා තිණපුරිසකෙ{1} වා මත්තිකාපුඤ්ජෙ වා යොග්ගං කරිත්වා සො අපරෙන සමයෙන දුරෙපාතී ච හොති අක්ඛණවෙධී ච මහතො ච කායස්ස පදාලෙතා{2}.
Sinhala BJTමහණෙනි, යම් පරිදි දුනුවායෙක් වේවයි, දුනුවා අතවැසියෙක් වේවයි පෙතලි රුවෙක හෝ මැටි පිඩෙක හෝ යෝග්‍ය (අභ්‍යාස) කොට හේ පසු කලෙක (දුර හී හෙළනා) දූරේපාතියෙක් ද (විදුලියෙහි දු නො වරද ව විදුනා) අක්ඛණවේධියෙක් ද මහත් කයත් බිඳුනේ ද වෙයි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ භික්ඛු විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. සො යදෙව තත්ථ හොති රූපගතං වෙදනාගතං සඤ්ඤාගතං සඞ්ඛාරගතං විඤ්ඤාණගතං, තෙ ධම්මෙ අනිච්චතො දුක්ඛතො රොගතො ගණ්ඩතො සල්ලතො අඝතො ආබාධතො පරතො පලොකතො සුඤ්ඤතො අනත්තතො සමනුපස්සති සො තෙහි ධම්මෙහි චිත්තං පටිවාපෙති සො තෙහි ධම්මෙහි චිත්තං පටිවාපෙත්වා අමතාය ධාතුයා චිත්තං උපසංහරති. “එතං සන්තං එතං පණීතං, යදිදං සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බාන”න්ති. සො තත්ථ ඨිතො ආසවානං ඛයං පාපුණාති. නො චෙ ආසවානං ඛයං පාපුණාති. තෙනෙව ධම්මරාගෙන තාය ධම්මනන්දියා පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා ඔපපාතිකො හොති. තත්ථ පරිනිබ්බායි අනාවත්තිධම්මො තස්මා ලොකා. “පඨමම්පහං භික්ඛවෙ ඣානං නිස්සායං ආසවානං ඛයං වදාමී”ති ඉති යං තං වුත්තං. ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJTමහණෙනි, එ සෙයින් මැ මෙ සස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන් වැ ම … පළමු දැහැනට පැමිණ වෙසෙයි. හේ ඒ රූපගත වේවයි, වේදනාගත වේවයි, සඤ්ඤාගත වේවයි, සඞ්ඛාරගත වේවයි, විඤ්ඤාණගත වේවයි, යම් ම ධර්‍මයෙක් වේ නම් ඒ ධර්‍මයන් අනිත්‍ය විසින් දුක්ඛ විසින් රෝග විසින් ගණ්ඩ විසින් සල්ල විසින් අඝ විසින් ආබාධ විසින් පර විසින් පලෝක විසින් සුඤ්ඤ විසින් අනත්ත විසින් විවසුන් නුවණින් දක්නේ ය, හේ එ දහමුන්ගෙන් සිත නවත්වයි. හේ එ දහමුන්ගෙන් සිත නවත්වා “යම් මේ සර්‍වසංස්කාර සමථයෙක් වේ නම් සර්‍වොපධීන්ගේ දුරලීමෙක් වේ නම් තෘෂ්ණාක්‍ෂයයෙක් වේ නම් විරාගයෙක් වේ නම් නිරෝධයෙක් වේ නම් නිර්‍වාණයෙක් වේ නම් තෙල ශාන්තය තෙල ප්‍රණීතය”යි. නිර්‍වාණධාතුයෙහි සිත බහයි. හේ එහි සිටියේ ආස්‍රවයන්ගේ ක්‍ෂයට පැමිණේ.
Pali BJTදුතියම්පහං භික්ඛවෙ ඣානං නිස්සාය -පෙ- තතියම්පහං භික්ඛවෙ ඣානං නිස්සාය -පෙ- චතුත්ථම්පහං භික්ඛවෙ ඣානං නිස්සාය -පෙ- ආකාසානඤ්චායතනම්පහං භික්ඛවෙ නිස්සාය ආසවානං ඛයං වදාමී”ති ඉති ඛො පනෙතං වුත්තං, කිඤ්චෙතං පටිච්ච වුත්තං;
Sinhala BJTඉදින් ආස්‍රවයන්ගේ ක්‍ෂයට නො පැමිණේ නම් එම ධර්‍මරාගයෙන් එම ධර්‍මනන්‍දියෙන් පඤ්චෝරම්භාගිය සංයෝජනයන්ගෙන් පරික්‍ෂයයෙන් එහි පිරිනිවෙන සුලු ඒ ලොවින් පෙරළා නො එන සැහැවි ඇති ඕපපාතික වෙයි. මහණෙනි, ප්‍රථමධ්‍යානය නිසාත් ආස්‍රවයන්ගේ ක්‍ෂය මම කියමි යි මෙසේ යමෙක් කියන ලද නම් තෙල මේ පිණිස කියන ලදී.
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා{3} නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තො ආකාසො’ති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති, සො යදෙව තත්ථ හොති
Sinhala BJT“මහණෙනි, මම දෙවන දැහැන නිසා ද … මහණෙනි, මම තෙවන දැහැන නිසා ද … මහණෙනි, මම සිවුවන දැහැන නිසා ද … මහණෙනි මම ආකාසානඤ්චායතනය නිසා ද ආස්‍රවයන්ගේ ක්‍ෂය කියමි”යි, මෙසේ තෙල යමෙක් කියන ලද නම් තෙල කුමක් පිණිස කියන ලද යැ යත්:
Pali BJTවෙදනාගතං සඤ්ඤාගතං සඞ්ඛාරගතං විඤ්ඤාණගතං -පෙ- සො පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා ඔපපාතිකො හොති තත්ථ පරිනිබ්බායි අනාවත්තිධම්මො තස්මා ලොකා.
Sinhala BJT“මහණෙනි, මෙ සස්නෙහි මහණ සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන්ගේ සමතික්‍රමයෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන් නානාත්‍වසංඥාවන්ගේ අමනසිකාරයෙන් “ආකාසය අනන්තය”යි ආකාසානඤ්චායතනයට එළැඹ වෙසෙයි. හේ එහි යම් මැ වේදනාගතයෙක්, සංඥාගතයෙක්, සංස්කාරගතයෙක්, විඤ්ඤාණගතයෙක් වේ නම් … හේ පඤ්චෝරම්භාගිය සංයෝජනයන්ගේ පරික්‍ෂයයෙන් එහි පිරිනිවෙන සුලු එලොවින් පෙරළා නො එන සැහැවි ඇති ඕපපාතික වෙයි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ ඉස්සාසො වා ඉස්සාසන්තෙවාසී වා තිණපුරිසකෙ වා මත්තිකාපුඤ්ජෙ වා යොග්ගං කරිත්වා සො අපරෙන සමයෙන දුරෙපාතී ච හොති අක්ඛණවෙධී ච මහතො කායස්ස පදාලෙතා. එවමෙව ඛො භික්ඛවෙ භික්ඛු සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තො ආකාසොති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. සො යදෙව තත්ථ හොති රූපගතං වෙදනාගතං සඤ්ඤාගතං සඞ්ඛාරගතං විඤ්ඤාණගතං -පෙ- සො පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා ඔපපාතිකො හොති තත්ථ පරිනිබ්බායි අනාවත්තිධම්මො තස්මා ලොකා. ආකාසානඤ්චායතනම්පහං භික්ඛවෙ නිස්සාය ආසවානං ඛයං වදාමීති ඉති යං තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJTමහණෙනි, යම් පරිදි දුනුවායෙක් වේවයි, දුනුවා අතවැසියෙක් වේවයි පෙතලි රුවෙක හෝ මැටිපිඩෙක හෝ යෝග්‍ය (අභ්‍යාස) කොට පසු කලෙක දූරේපාතිකයෙක් ද අක්‍ෂණවේධියෙක් ද මහකය බිඳුනෙක් ද වේ නම් මහණෙනි, එ සෙයින් ම මහණ සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන්ගේ සමතික්‍රමයෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තගමයෙන් නානාත්‍වසංඥාවන්ගේ අමනස්කාරයෙන් ආකාසය අනන්තය යයි ආකාසානඤ්චායතනයට එළැඹ වෙසෙයි, හේ එහි යම් ම වේදනාගතයෙක් වේවයි, සඤ්ඤාගතයෙක් වේවයි, සඞ්ඛාරගතයෙක් වේවයි, විඤ්ඤාණගතයෙක් වේවයි … හේ පඤ්චඕරම්භාගිය සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් එහි පිරිනිවෙන සුලු එ ලොවින් පෙරළා නො එන සුලු ඕපපාතිකයෙක් වෙයි. ‘මහණෙනි, ආකාසානඤ්චායතනය නිසා ද මම ආස්‍රවයන්ගේ ක්‍ෂය කියමි’යි මෙසේ යමෙක් කියන ලද නම් තෙල මේ පිණිස කියන ලදී.
Pali BJTවිඤ්ඤාණඤ්චායතනම්පහං භික්ඛවෙ නිස්සාය ආසවානං ඛයං වදාමීති -පෙ- ආකිඤ්චඤ්ඤායතනම්පහං භික්ඛවෙ නිස්සාය ආසවානං ඛයං වදාමීති ඉති ඛො පනෙතං වුත්තං, කිඤ්චෙතං පටිච්ච වුත්තං: ඉධ භික්ඛවෙ භික්ඛු සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. සො යදෙව තත්ථ හොති වෙදනාගතං සඤ්ඤාගතං -පෙ- පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා ඔපපාතිකො හොති තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මො තස්මා ලොකා. ආකිඤ්චඤ්ඤායතනම්පහං භික්ඛවෙ නිස්සාය ආසවානං ඛයං වදාමීති ඉති යං තං වුත්තං. ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJTමහණෙනි, විඤ්ඤාණඤ්චායතනය නිසාත් මම ආස්‍රවයන්ගේ ක්‍ෂය කියමි … ආකිඤ්චඤ්ඤායතනය නිසාත් මම ආස්‍රවයන්ගේ ක්‍ෂය කියමි යි මෙසේ තෙල යමෙක් කියන ලද නම් තෙල කුමක් පිණිස කියන ලද යැ යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ සර්‍වථායෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම ‘කිසිවෙක් නැතැ’යි ආකිඤ්චඤ්ඤායතනයට එළැඹ වෙසෙයි. හේ එහි යම් ම වේදනාගතයෙක්, සඤ්ඤාගතයෙක්, වේ නම් … හේ පඤ්චෝරම්භාගිය සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් එහි පිරිනිවෙන සුලු එ ලොවින් පෙරළා නො එන සුලු ඕපපාතික වෙයි. ‘මහණෙනි, ආකිඤ්චඤ්ඤායතනය නිසා ද මම ආස්‍රවයන්ගේ ක්‍ෂය කියමි’යි මෙසේ කියන ලද නම් තෙල මේ පිණිස කියන ලදී.
Pali BJTඉති ඛො භික්ඛවෙ යාවතා සඤ්ඤාසමාපත්ති තාවතා අඤ්ඤාපටිවෙධො යානි ච ඛො ඉමානි භික්ඛවෙ ආයතනානි නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්ති ච සඤ්ඤාවෙදයිතනිරොධො ච ඣායීහෙතෙ භික්ඛවෙ භික්ඛූහි සමාපත්තිකුසලෙහි සමාපත්තිවුට්ඨානකුසලෙහි සමාපජ්ජිත්වා වුට්ඨහිත්වා සමක්ඛාතබ්බානීති{1} වදාමීති.
Sinhala BJTමහණෙනි, මෙසේ යම් තාක් සවිතක්ක සමාපත්තිය වේ නම් ඒ තාක් අර්‍හත්‍වප්‍රතිවේධය වෙයි. මහණෙනි, නේවසඤ්ඤානාසඤ්ඤායතනන සමාපත්තිය ද සඤ්ඤාවේදයිත නිරෝධය දැයි යම් මේ ආයතන කෙනෙක් වෙත් නම් මහණෙනි, මොහු ධ්‍යාන කරන සුලු, සමාපත්තිකුශල සමාපත්ති වුට්ඨානයෙහි කුශල භික්‍ෂූන් විසින් සමවැද (ඉන්) නැඟී (ශාන්ත ප්‍රණීත යයි) මොනොවට කිවයුතුවහ’යි කියමි.
Pali BJT9. 1. 4. 6.
Sinhala BJT9. 1. 4. 6.
Pali BJTආනන්ද සුත්තං
Sinhala BJTආනන්‍ද සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං එකං: සමයං ආයස්මා ආනන්දො කොසම්බියං විහරති ඝොසිතාරාමෙ. තත්ර ඛො ආයස්මා ආනන්දො භික්ඛු ආමන්තෙසි. ආවුසො භික්ඛවොති. ආවුසොති ඛො තෙ භික්ඛු ආයස්මතො ආනන්දස්ස පච්චස්සොසුං. ආයස්මා ආනන්දො එතදවොච:
Sinhala BJTමා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක ආයුෂ්මත් අනඳ තෙරණුවෝ කොසඹෑනුවර ඝෝෂිත ආරාමයෙහි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ‘ඇවත් මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූහ: එ භික්‍ෂූහු ආයුෂ්මත් අනඳ තෙරණුවනට ‘ඇවැත්නි, ආනන්‍දයෙනි’ යී පිළිවදන් ඇස් වූහ. ආයුෂ්මත් තෙරණුවෝ තෙල කීහ:
Pali BJTඅච්ඡරියං ආවුසො, අබ්භුතං ආවුසො; යාවඤ්චිදං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධෙන සම්බාධො ඔකාසාධිගමො අනුබුද්ධො සත්තානං විසුද්ධියා සොකපරිද්දවානං සමතික්කමාය දුක්ඛදොමනස්සානං අත්ථඞ්ගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය. තදෙව නාම චක්ඛුං භවිස්සති තෙ රූපා තඤ්චායතනං නො පටිසංවෙදිස්සති. තදෙව නාම සොතං භවිස්සති, තෙ සද්දා, තඤ්චායතනං නො පටිසංවෙදිස්සති. තදෙව නාම ඝානං භවිස්සති, තෙ ගන්ධා. තඤ්චායතනං, නො පටිසංවෙදිස්සති. සා ච නාම ජිව්හා භවිස්සති, තෙ රසා. තඤ්චායතනං නො පටිසංවෙදිස්සති, සො ච නාම කායො භවිස්සති තෙ ඵොට්ඨබ්බා තඤ්චායතනං නො පටිසංවෙදිස්සතීති.
Sinhala BJTඇවැත්නි, භගවත් වූ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අර්‍හත් වූ සම්මාසම්බුද්ධයන් වහන්සේ විසින් (පඤ්චකාමගුණයෙන්) සම්බාධස්ථානයෙක සත්ත්‍වයන්ගේ විශුද්ධිප්‍රාප්තිය පිණිස ශෝකපරිදේවයන්ගේ සමතික්‍රමණය පිණිස දුක්දොම්නසුන්ගේ අස්තඞ්ගමය පිණිස මාර්‍ගයාගේ අධිගමය පිණිස නිර්‍වාණයාගේ සාක්‍ෂාත්කරණය පිණිස අවකාශාධිගමය ඉමහත් සේ පිළිවිඳුනා ලද්දේ ය. ආශ්චර්‍ය්‍ය ය! අද්භූත ය! “එ ඇස ම (අසම්භින්න) වෙයි. ඒ රූපයෝ ම වෙත්, ඒ රූපායතනය නොදන්නේ ය. එ කන ම (අසම්භින්න) වෙයි, එ ශබ්දයෝ ම වෙත්. ඒ ශබ්දායතනය නො දන්නේ ය. එ නැහැය ම (අසම්භින්න) වෙයි. එ ගන්‍ධයෝ ම වෙත්, ඒ ගන්‍ධායතනය නො දන්නේ ය. එ දිව (අසම්භින්න) ම වෙයි, එ රසයෝ ම වෙත්, එ රසායතනය නො දන්නේ ය. එ කය (අසම්භින්න) ම වෙයි, එ ස්ප්‍රෂ්ටව්‍යයෝ ම වෙත්, ඒ ස්පර්‍ශායතනය නො දන්නේ ය”යි.
Pali BJTඑවං වුත්තෙ ආයස්මා උදායී ආයස්මන්තං ආනන්දං එතදවොච: “සඤ්ඤීමෙව නුඛො ආවුසො ආනන්ද තදායතනං නො පටිසංවෙදෙති උදාහු අසඤ්ඤී”ති? සඤ්ඤීමෙව ඛො ආවුසො තදායතනං නො පටිසංවෙදෙති. නො අසඤ්ඤීති.
Sinhala BJTමෙසේ කීකල්හි ආයුෂ්මත් උදායී තෙරණුවෝ ආයුෂ්මත් අනඳ තෙරණුවනට තෙල කීහ: ඇවැත්නි ආනන්‍දයෙනි, සචිත්තක වූයේ ම ඒ රූපායතනය නො දන්නේ වේ ද, නො හොත් අචිත්තක ව සිට නො දන්නේ වේදැ”යි. ඇවැත, සචිත්තක වූයේ ම එ රූපායතන නො දන්නේ ය. අචිත්තක වූයේ නො දන්නේ නො වෙයි.
Pali BJTකිං සඤ්ඤී පනාවුසො තදායතනං නො පටිසංවෙදෙතීති?
Sinhala BJTඇවැත්නි, කෙබඳු සංඥා ඇති එ රූපායතන නො දන්නේ වේ ද?
Pali BJTඉධාවුසො භික්ඛු සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා ‘අනන්තො ආකාසො’ති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. එවං සඤ්ඤීපි ඛො ආවුසො තදායතනං නො පටිසංවෙදෙති.
Sinhala BJTඇවැත්නි, මෙ සස්නෙහි මහණ සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන්ගේ සමතික්‍රමණයෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන් නානාත්‍ව සංඥාවන්ගේ අමනසිකාරයෙන් “ආකාශය අනන්ත”යි ආකාසානඤ්චායතනය උපයා ගෙන වෙසෙයි. ඇවත, මෙ බඳු සංඥා ඇතියේත් එ ආයතන නො දන්නේ ය.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛු සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම ‘අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති. එවං සඤ්ඤීපි ඛො ආවුසො තදායතනං නො පටිසංවෙදෙති.
Sinhala BJTතවද ඇවැත්නි, මහණ සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා “විඥානය අනන්තය” විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වෙසෙයි. ඇවැත්නි, මෙ බඳු සංඥා ඇතියේත් එ ආයතනය නො දන්නේ ය.
Pali BJTපුන චපරං ආවුසො, භික්ඛු සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චී’ති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. එවං සඤ්ඤීපි ඛො ආවුසො තදායතනං නො පටිසංවෙදෙතීති.
Sinhala BJTතවද ඇවැත්නි, මහණ සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා “කිසිත් නැතැ”යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වෙසෙයි. ඇවැත්නි, මෙ බඳු සංඥා ඇතියේත් ඒ ආයතනය නො දන්නේ ය.
Pali BJTඑකමිදාහං ආවුසො, සමයං සාකෙතෙ විහරාමි අඤ්ජනවනෙ මිගදායෙ. අථ ඛො ආවුසො, ජටිලගාහියා{1} භික්ඛුනී යෙනාහං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතා ඛො ආවුසො, ජටිලභාගියා භික්ඛුනී මං එතදවොච: “යායං භන්තෙ ආනන්ද සමාධි නචාභිනතො න චාපනතො න ච සසඞ්ඛාර නිග්ගය්හ වාරිතවතෙ”{2} විමුත්තත්තා ඨිතො, ඨිතත්තා සන්තුසිතො සන්තුසිතත්තා නො පරිතස්සති. අයං භන්තෙ ආනන්ද සමාධි කිංඵලො වුත්තො භගවතාති?
Sinhala BJTඇවැත්නි, මම එක් කලෙක සාකේත නුවර අඤ්ජනවනයෙහි මිගදායෙහි වෙසෙමි. ඇවැන්ති, එකල ජටිලගහ නුවර වැසි මෙහෙණ මා වෙත එළැඹුණු ය. එළැඹ මා සකසා වැඳ එකත්පස්ව සිටියා. ඇවැත්නි, එකත්පසෙක සිටි ජටිලගාහියා මෙහෙණ මට තෙල කිවුය: “වහන්ස, ආනන්‍දයෙනි, යම් මේ සමාධියෙක් (රාග විසින්) නැඟ නො සිටුනේ වේ ද, (දෝෂ විසින්) බැස නො සිටුනේ වේ ද, සංස්කාරයෙන් (සප්‍රයෝගයෙන්) කෙලෙසුන් මැඩ වළහා සිටියේ නො වේ ද, විමුත් බැවින් පිහිටියේ වේ ද, ස්ථිත බැවින් සන්තුෂ්ට වූ යේ වේ ද, සන්තුෂ්ට බැවින් පරිත්‍රාසයට නො වැටේ ද, වහන්ස, ආනන්‍දය, මේ සමාධිය කිනම් ඵල ඇතියේ භාග්‍යවතුන් වහන්සේ වදාරන ලද දැ”යි?
Pali BJTඑවං වුත්තෙ අහං{3} ආවුසො ජටිලගාහියං භික්ඛුනිං එතදවොචං: යායං භගිනි සමාධි න චාභිනතො න චාපනතො, න සසඞ්ඛාරනිග්ගය්හ වාරිතවතො, විමුත්තත්තා ඨිතො, ඨිතත්තා සන්තුසිතො, සන්තුසිතත්තා නො පරිතස්සති. අයං භගිනි සමාධි අඤ්ඤාඵලො වුත්තො භගවතාති. එවං සඤ්ඤීපි ඛො ආවුසො තදායතනං නො පටිසංවෙදෙති.
Sinhala BJTඇවැත්නි, මෙසේ කී කල්හි ජටිලගාහියා මෙහෙණට මම තෙල කීමි. “බුහුන, යම් මේ සමාධියෙක් (රාග විසින්) පෙරට නතුයේ නො වේ ද (දෝෂ වසයෙන්) බැස නොසිටුනේ වේ ද, සප්‍රයෝගයෙන් කෙලෙසුන් නිගෙන වළහා සිටියේ නො වේ ද, විමුත් බැවින් සිටියේ වේ ද, ස්ථිත බැවින් සන්තුෂ්ට වූයේ වේ ද, සන්තුෂ්ට බැවින් පරිත්‍රාසයට නො වැටේ ද, බුහුන මේ සමාධිය අර්‍හත්‍වය ඵල කොට ඇතැයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදි. ඇවැත්නි, මෙ බඳු සංඥා ඇතියේ ද වනාහි ඒ ආයතනය නො දන්නේ ය”යි.
Pali BJT9. 1. 4. 7.
Sinhala BJT9. 1. 4. 7.
Pali BJTලොකායතික බ්රාහ්මණ සුත්තං
Sinhala BJTලෝකායතික බ්‍රාහ්මණ සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTඅථ ඛො ද්වෙ ලොකායතිකා බ්රාහ්මණා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදිංසු. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ බ්රාහ්මණා භගවන්තං එතදවොචුං:
Sinhala BJTඑකල්හි ලෝකායතශාස්ත්‍රය හදාරන බ්‍රාහ්මණ දෙදෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ඒ බ්‍රාහ්මණයෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළහ:
Pali BJTපූරණො භො ගොතම කස්සපො සබ්බඤ්ඤූ සබ්බදස්සාවී අපරිසෙසඤාණදස්සනං{4} පටිජානාති “චරතො ච මෙ තිට්ඨිතො ච සුත්තස්ස ච ජාගරස්ස ච සතතං සමිතං ඤාණදස්සනං පච්චුපට්ඨිතන්ති”. සො එවමාහ: “අහං අනන්තෙන ඤාණෙන අන්තවන්තං{5} ලොකං ජානං පස්සං විහරාමී” ති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, සර්‍වඥ සර්‍වදර්ශී පූර්‍ණකාශ්‍යප අපරිශේෂ ඥානදර්‍ශනය පිළිණ කෙරෙයි: “යන්නාවූත් සිටිනාවූත් සුප්තවූත් නිදිවැරීමෙහි යෙදුණවූත් මට හැමකල්හි නිරතුරු ව ඥානදර්‍ශනය එළැඹ සිටියේය යි: හේ මෙසේ කියයි: “මම් අනන්තඥානයෙන් අනන්තවත් ලෝකය දන්නෙම් දක්නෙම් වාස කරමි” කියා යි.
Pali BJTඅයම්පි{1} භො ගොතම, නිගණ්ඨො නාතපුත්තො{2} සබ්බඤ්ඤූ සබ්බදස්සාවී අපරිසෙස ඤාණදස්සනං පටිජානාති “චරතො ච මෙ තිට්ඨිතො ච සුත්තස්ස ච ජාගරස්ස ච සතතං සමිතං ඤාණදස්සනං පච්චුපට්ඨිතන්ති’. සො එවමාහ: “අහං අන්තවන්තෙන{3} ඤාණෙන අන්තවන්තං ලොකං ජානං පස්සං විහරාමීති. ඉමෙසං භො ගොතම, උභින්නං ඤාණවාදානං උභින්නං අඤ්ඤමඤ්ඤං විපච්චනීකවාදානං කො සච්චං ආහ කො මුසාති?
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, සර්‍වඥ සර්‍වදර්ශී මේ නිගණ්ඨ නාතපුත්‍ර ද අපරිශේෂ ඥානදර්‍ශනය පිළිණ කෙරෙයි: “යන්නා වූත් සිටුනා වූත් සුප්ත වූත් ජාගරණයෙහි යෙදුනාවූත් මට හැම කල්හි නිරතුරු ව ඥානදර්‍ශනය එළැඹ සිටියේ ය”යි. හේ මෙසේ කියයි: “මම් අනන්තවත් ඥානයෙන් අනන්තවත් ලෝකය දන්නෙම් දක්නෙම් වාස කරමි” කියායි. භවත් ගෞතමයන් වහන්ස, ඥානවාද දෙකක් ඇති අන්‍යෝන්‍ය ප්‍රත්‍යනීක වාද දෙකක් ඇති මොවුන්ගෙන් කවරෙක් සත්‍යය කියා ද? කවරෙක් මුසවා කියාදැ යි.
Pali BJTඅලං බ්රාහ්මණා, තිට්ඨතෙතං “ඉමෙසං උභින්නං ඤාණවාදානං උභින්නං අඤ්ඤමඤ්ඤං විපච්චනීකවාදානං කො සච්චං ආහ කො මුසා” ? ති. ධම්මං වො බ්රාහ්මණා, දෙසෙස්සාමි,{4} තං සුණාථ, සාධුකං මනසි කරොථ, භාසිස්සාමීති. එවං භොති ඛො තෙ බ්රාහ්මණා භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJTබ්‍රාහ්මණයෙනි, කම් නැති, ඥානවාද දෙකක් ඇති අන්‍යෝන්‍ය විරුද්ධ වාද දෙකක් ඇති, මොවුන්ගෙන් කවරෙක් සත්‍යය කියාද? කවරෙක් මුසවා කියාදැ?යි යන තෙල කරුණ තිබේවා, ‘බ්‍රාහ්මණයෙනි, තොපට දහම් දෙසන්නෙමි, එය අසවු, මොනවට මෙනෙහි කරවු, දෙසන්නෙමි’යි. ‘භවත්නි, එසේ ය’යි ඒ බ්‍රාහ්මණයෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
Pali BJTසෙය්යථාපි බ්රාහ්මණා, චත්තාරො පුරිසා චතුද්දිසා ඨිතා පරමාය ගතියා ච ජවෙන ච සමන්නාගතා{5} පරමෙන ච පදවීතිහාරෙන. තෙ එවරූපෙන ජවෙන සමන්නාගතා අස්සු, සෙය්යථාපි නාම බ්රාහ්මණා, දළ්හධම්මො{6} ධනුග්ගහො සික්ඛිතො කතහත්ථො කතූපාසනො ලහුකෙන අසනෙන අප්පකසිරෙන තිරියං තාලච්ඡායං{7} අතිපාතෙය්ය, එවරූපෙන ච පදවීතිහාරෙන. සෙය්යථාපි නාම පුරත්ථිමා සමුද්දා පච්ඡිමො සමුද්දො. අථ පුරත්ථිමාය දිසාය ඨිතො පුරිසො එවං වදෙය්ය: “අහං ගමනෙන ලොකස්ස අන්තං පාපුණිස්සාමී”ති. සො අඤ්ඤත්රෙව අසිතපීතඛායිතසායිතා අඤ්ඤත්රෙව{8} උච්චාරපස්සාවකම්මා අඤ්ඤත්රෙව{8} නිද්දාකිලමථපටිවිනොදනා වස්සසතායුකො වස්සසතජීවී වස්සසතං ගන්ත්වා අප්පත්වාව ලොකස්ස අන්තං අන්තරා කාලං කරෙය්ය. අථ පච්ඡිමාය දිසාය ඨිතො පුරිසො එවං වදෙය්ය: -පෙ- අථ උත්තරාය දිසාය ඨිතො පුරිසො එවං වදෙය්ය: -පෙ- අථ දක්ඛිණාය දිසාය ඨිතො පුරිසො එවං වදෙය්ය: “අහං ගමනෙන ලොකස්ස අන්තං පාපුණිස්සාමී”ති. සො අඤ්ඤත්රෙව අසිතපීතඛායිතසායිතා අඤ්ඤත්රෙව{8} උච්චාරපස්සාවකම්මා අඤ්ඤත්රෙව{8} නිද්දාකිලමථපටිවිනොදනා වස්සසතායුකො වස්සසතජීවී වස්සසතං ගන්ත්වා අප්පත්වාව ලොකස්ස අන්තං අන්තරා කාලං කරෙය්ය. තං කිස්ස හෙතු: නාහං බ්රාහ්මණා, එවරූපාය සන්ධාවනිකාය ලොකස්ස අන්තං ඤාතෙය්යං දට්ඨෙය්යං පත්තෙය්යන්ති වදාමි. න චාහං බ්රාහ්මණා, අප්පත්වාව ලොකස්ස අන්තං දුක්ඛස්සන්තකිරියං වදාමීති.
Sinhala BJTබ්‍රාහ්මණයෙනි, උත්තමගතියෙනුදු ජවයෙනුදු පරම පද වීතිහාරයෙනුදු යුත් සතර පුරුෂ කෙනෙක් සිවුදික්හි යම්පරිදි සිටියාහු වෙත් ද, බ්‍රාහ්මණයෙනි, ගත් දළදුනු ඇති (ඇදුරු කුලෙහි) උගත් සිප්සතර ඇති, කෘතහස්ත වූ දැක්වූ සිප්සතර ඇති දුනුවායෙක් නො බර හීයෙන් නිදුකින් සතරඟුල් තල් සෙය යම්සේ සරස ඉක්මවන්නේ ද, ඔහු එබඳු ජවයෙන් සමන්‍වාගත වෙත්. පෙරදිගු මුහුදින් පෑළදිගු මුහුද යම්බඳු වේ නම්, ඉක්බිති පෙරදික්හි සිටි පුරුෂයෙක් මෙසේ කියයි. “මම් පාගමනින් ලෝකාන්තයට පැමිණෙ මැ”යි. හේ වැළඳීම, පීම, කෑම හා රසවිඳුම හැර, මලමූකිස හැර නිද්‍රාක්ලමථ දුරලීම හැර වර්‍ෂශතායුෂ්ක වූයේ ශතවර්‍ෂජීවී වූයේ ශතවර්‍ෂයක් ගොස් ලෝකාන්තයට නො පැමිණ ම අතර කලුරිය කරන්නේ ය. තවද පෑළදිග්හි සිටි පුරුෂ මෙසේ කියයි … තවද උතුරුදිග්හි සිටි පුරුෂ මෙසේ කියයි … තවද දකුණු දිග්හි සිටි පුරුෂ මෙසේ කියයි: “මම පා ගමනින් ලෝකාන්තයට යෙමි”යි. හේ වැළඳීම පීම කෑම රසවිඳුම හැර මලමූකිස හැර නිද්‍රාක්ලමථ දුරලීම හැර වර්‍ෂශතායුෂ්ක වූයේ වර්‍ෂශතජීවී වූයේ සියවසක් ගමන් කොට ලෝකාන්තයට නොපැමිණ ම අතුරෙහි කලුරිය කරන්නේ ය. ඒ කවර හෙයින යත්: බ්‍රාහ්මණයෙනි, මෙ බඳු වූ සන්‍ධාවනයෙකින් ලොකාන්තය දතයුතු යයි දැක්කයුතු යයි පැමිණිය යුතු යයි මම නො කියමි. බ්‍රාහ්මණයෙනි, ලෝකාන්තයට නො පැමිණ ද දුක්ඛයාගේ අන්තකරණය මම නො කියමි.
Pali BJTපඤ්චිමෙ බ්රාහ්මණා, කාමගුණා අරියස්ස විනයෙ ලොකොති වුච්චති, කතමෙ පඤ්ච? චක්ඛු විඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා, සොත විඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝාන විඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හා විඤ්ඤෙය්යා රසා -පෙ- කාය විඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා, ඉමෙ ඛො බ්රාහ්මණා, පඤ්චකාමගුණා අරියස්ස විනයෙ ලොකොති වුච්චති.
Sinhala BJT“බ්‍රාහ්මණයෙනි, ආර්‍ය විනයෙහි මේ පස්කම් ගුණ ලෝක”යි කියනු ලැබේ. කවර පසෙක යත්: ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වරූප ඇති කාමෝපසංහිත වූ රජනීය වූ චක්‍ෂුර්විඥේය රූපය, ... ශ්‍රෝතවිඥේය ශබ්දය, … ඝ්‍රාණවිඥේය ගන්‍ධය, … ජිව්හාවිඥේය රසය, … ඉෂ්ට කාන්ත මනාප වූ ප්‍රියරූප කාමෝපසංහිත රජනීය කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යය යන මොහු යි. බ්‍රාහ්මණයෙනි, ආර්‍ය විනයෙහි මේ පස්කම්ගුණ ලෝකයයි කියනු ලැබේ.
Pali BJTඉධ බ්රාහ්මණා, භික්ඛු විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති බ්රාහ්මණා, භික්ඛු ලොකස්ස අන්තං ආගම්ම ලොකස්ස අන්තෙ විහරති. තමඤ්ඤෙ එවමාහංසු “අයම්පි ලොකපරියාපන්නො, අනිස්සටො ලොකම්හා”ති. අහම්පි බ්රාහ්මණා, එවං වදාමි: “අයම්පි ලොකපරියාපන්නො, අයම්පි අනිස්සටො ලොකම්හා” ති.
Sinhala BJTබ්‍රාහ්මණයෙනි, මෙසස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන්ව ම … ප්‍රථමධ්‍යානයට එළැඹ වෙසෙයි. බ්‍රාහ්මණයෙනි, මෙ මහණ ලෝකයාගේ අනන්තයට පැමිණ ලෝකයාගේ අන්තයෙහි වාස කෙරේ ය යි කියනු ලැබේ. ඔහු ගෙන අන්‍යයෝ මෙසේ කියත්: “මෙ ද ලෝකපර්‍ය්‍යාපන්නය, මෙ ද ලෝකයෙන් අනිඃඍත ය” යි. බ්‍රාහ්මණයෙනි, මම් ද මෙසේ කියමි: “මෙ ද ලෝකයට ඇතුළත් වේ, මෙ ද ලෝකයෙන් බැහැර නො කරන ලදැ”යි.
Pali BJTපුන චපරං බ්රාහ්මණා, භික්ඛු විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. -පෙ- තතියං ඣානං උපසම්පජ්ජ විහරති -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති -පෙ-
Sinhala BJTතව ද බ්‍රාහ්මණයෙනි, මහණ විතර්‍කවිචාරයන්ගේ ව්‍යුපශමයෙන් … ද්විතීය ධ්‍යානයට එළැඹ වාස කරයි … තෘතීය ධ්‍යානයට එළැඹ වාස කරයි … චතුර්‍ත්‍ථධ්‍යානයට එළැඹ වාස කරයි ...
Pali BJTපුන චපරං බ්රාහ්මණා, භික්ඛු සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තො ආකාසොති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති බ්රාහ්මණා, භික්ඛු ලොකස්ස අන්තං ආගම්ම ලොකස්ස අන්තෙ විහරති, තමඤ්ඤෙ එවමාහංසු: “අයම්පි ලොකපරියාපන්නො, අයම්පි අනිස්සටො ලොකම්හා”ති. අහම්පි බ්රාහ්මණා එවං වදාමි: “අයම්පි ලොකපරියාපන්නො, අයම්පි අනිස්සටො ලොකම්හා”ති.
Sinhala BJTබ්‍රාහ්මණයෙනි, තවද මහණ සර්‍වප්‍රකාරයෙන් රූපසංඥා සමතික්‍රමණය කිරීමෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන් නානාත්‍වසංඥාවන්ගේ අමනසිකාරයෙන් ‘ආකාසය අනන්ත’යි ආකාසානඤ්චායතනයට එළැඹ වාස කරයි. බ්‍රාහ්මණයෙනි, මේ මහණ ලෝකයාගේ අන්තයට පැමිණ ලෝකයාගේ අන්තයෙහි වාස කරන්නේ’යි කියනු ලැබේ. ඔහුගෙන අන්‍යයෝ මෙසේ කියත්: ‘මෙ ද ලෝකපරියාපන්න ය, මෙ ද ලෝකයෙන් බැහැර නො කරන ලදැයි. බ්‍රාහ්මණයෙනි, මම ද මෙසේ කියම්: ‘මෙ ද ලෝකයට ඇතුළත් වේ. මෙ ද ලෝකයෙන් අනිඃඍත’ ය කියායි.
Pali BJTපුන චපරං බ්රාහ්මණා, භික්ඛු සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම ‘අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති -පෙ- සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති -පෙ- සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති බ්රාහ්මණා, භික්ඛු ලොකස්ස අන්තං ආගම්ම ලොකස්ස අන්තෙ විහරති. තමඤ්ඤෙ එවමාහංසු:
Sinhala BJTතව ද බ්‍රාහ්මණයෙනි, මහණ සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා ‘විඤ්ඤාණය අනන්ත’යි විඤ්ඤාණඤ්චායතනයට එළඹ වාස කරයි … සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම ‘කිසිත් නැතැ’යි ආකිඤ්චඤ්ඤායතනයට එළැඹ වාස කරයි … සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්ම නේවසඤ්ඤානාසඤ්ඤායතනයට එළැඹ වාස කරයි. බ්‍රාහ්මණයෙනි, මෙ මහණ ලෝකයාගේ අන්තයට පැමිණ ලෝකයාගේ අන්තයෙහි වාසය කරනේ යයි කියනු ලැබේ. ඔහු ගෙන අන්‍යයෝ මෙසේ කියත්:
Pali BJT“අයම්පි ලොකපරියාපන්නො අයම්පි අනිස්සටො ලොකම්හා”ති. අහම්පි බ්රාහ්මණා, එවං වදාමි: “අයම්පි ලොකපරියාපන්නො, අයම්පි අනිස්සටො ලොකම්හා”ති.
Sinhala BJT“මෙ ද ලෝකපරියාපන්න ය, මෙ ද ලෝකයෙන් අනිඃඍත ය”යි. බ්‍රාහ්මණයෙනි, මම ද මෙසේ කියමි: ‘මෙ ද ලෝකපරියාපන්න ය, මෙ ද ලෝකයෙන් අනිඃඍත” යි.
Pali BJTපුන චපරං බ්රාහ්මණා, භික්ඛු සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති. පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛීණා හොන්ති. අයං වුච්චති බ්රාහ්මණා, භික්ඛු ලොකස්ස අන්තං ආගම්ම ලොකස්ස අන්තෙ විහරති. තිණ්ණො ලොකෙ විසත්තිකන්ති.
Sinhala BJTබ්‍රාහ්මණයෙනි, තව ද මහණ සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිත නිරෝධයට එළැඹ වාස කරයි. ප්‍රඥායෙනුදු දැක ඔහුගේ ආස්‍රවයෝ පරික්‍ෂීණ වෙත්. බ්‍රාහ්මණයෙනි, මෙ මහණ ලෝකයාගේ අන්තයට පැමිණ ලෝකාන්තයෙහි වාස කරන්නේ යි ද පඤ්චස්කන්‍ධලෝකයෙහි තෘෂ්ණාසඞ්ඛ්‍යාත විසත්තිකාව තරණය කෙළේ ය යි ද කියනු ලැබේ.
Pali BJT9. 1. 4. 8.
Sinhala BJT9. 1. 4. 8.
Pali BJTදෙවාසුරසඞ්ගාම සුත්තං
Sinhala BJTදේවාසුරසඞ්ගාම සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTභූතපුබ්බං භික්ඛවෙ, දෙවාසුරසඞ්ගාමො සමුපබ්බූළ්හො අහොසි. තස්මිං ඛො පන භික්ඛවෙ, සඞ්ගාමෙ අසුරා ජිනිංසු දෙවා පරාජියිංසු.{1} පරාජිතා ච භික්ඛවෙ දෙවා අපයංස්වෙව{2} උත්තරෙන මුඛා{3} අභියංසු{4} අසුරා. අථ ඛො භික්ඛවෙ, දෙවානං එතදහොසි: ‘අභියන්තෙව ඛො අසුරා යන්නූන මයං දුතියම්පි අසුරෙහි{5} සඞ්ගාමෙය්යාමා’ති. දුතියම්පි ඛො භික්ඛවෙ, දෙවා අසුරෙහි සඞ්ගාමෙසුං දුතියම්පි ඛො භික්ඛවෙ, අසුරාව ජිනිංසු දෙවා පරාජියිංසු{1} පරාජිතා ච භික්ඛවෙ දෙවා භීතා අපයංස්වෙව උත්තරෙනමුඛා අභියංසු අසුරා:
Sinhala BJTමහණෙනි, යටගියදවස වූවක් කියමි: දෙවාසුර සංග්‍රාමයෙක් එළඹ සිටියේ විය. මහණෙනි, ඒ සඞ්ග්‍රාමයෙහි අසුරයෝ දිනූහ, දෙවියෝ පැරදුණහ. මහණෙනි, දෙවියෝ පැරදුණාහු උතුරදිශාභිමුඛ වැ පලාගියාහු ම ය. අසුරයෝ ලුහුබැඳියහ. මහණෙනි, ඉක්බිති දෙවියනට මෙබඳු සිතෙක් විය: අසුරයෝ ලුහුබඳිත් මැ යි, අපි අසුරයන් හා දෙවනවටත් යුද කරමෝ නම් යෙහෙකැ’යි. මහණෙනි, දෙවනවටදු දෙවියෝ අසුරයන් හා යුද වන්හ. මහණෙනි, දෙවනවටදු අසුරයෝ ම දිනූහ, දෙවියෝ පැරදුණහ. පැරදුණාහු ද දෙවියෝ බියපත්ව උත්තරාභිමුඛව පැන ගියහ. අසුරයෝ ලුහුබැඳියහ.
Pali BJTඅථ ඛො භික්ඛවෙ දෙවානං එතදහොසි: “අභියන්තෙව ඛො අසුරා, යන්නූන මයං තතියම්පි අසුරෙහි සඞ්ගාමෙය්යාමාති”. තතියම්පි ඛො භික්ඛවෙ, දෙවා අසුරෙහි සඞ්ගාමෙසුං. තතියම්පි ඛො භික්ඛවෙ, අසුරාව ජිනිංසු දෙවා පරාජියිංසු. පරාජිතා ච භික්ඛවෙ, දෙවා භීතා දෙවපුරං යෙව පවිසිංසු.
Sinhala BJTමහණෙනි, එකල්හි දෙවියනට මෙබඳු සිතෙක් විය: අසුරයෝ ලුහුබඳනාහු මැ යි, තෙවනවටදු අසුරයන් හා යුද කරමෝ නම් යෙහෙකැ’යි. මහණෙනි, තෙවනවටදු දෙවියෝ අසුරයන් හා සමග යුද වන්හ. මහණෙනි, තෙවනවටත් අසුරයෝ ම දිනූහ. දෙවියෝ පැරදුණාහ. මහණෙනි, පැරදුණාහු ද දෙවියෝ භීතව දේවපුරයට ම වන්හ.
Pali BJTදෙවපුරගතානඤ්ච පන භික්ඛවෙ, දෙවානං එතදහොසි: “භීරුත්තානගතෙන ඛො දානි මයං එතරහි අත්තනා විහරාම. අකරණීයා අසුරෙහී” ති. අසුරානම්පි භික්ඛවෙ, එතදහොසි: “භීරුත්තානගතෙන ඛො දානි දෙවා එතරහි අත්තනා විහරන්ති. අකරණීයා අම්භෙහී”ති.
Sinhala BJTමහණෙනි, දෙව්පුරයට ගිය දෙවියනට ද තෙල සිත විය: ‘භීරුත්‍රාණයට (භය නැති තැනට) ගිය සිතින් අපි දැන් වාසය කරම්හ. අසුරයන් විසින් අකරණීය යම්හ (කිසිත් නොකළ යුත්තම්හ) යි. මහණෙනි, අසුරයනට ද තෙල සිත විය: දැන් දෙවියෝ භීරුත්‍රාණයට ගිය සිතින් වාස කරත්. අප විසින් අකරණීය (කිසිවක් නොකළ යුත්තාහ) වෙති යි.
Pali BJTභූතපුබ්බං භික්ඛවෙ, දෙවාසුරසඞ්ගාමො සමුපබ්බූළ්හො අහොසි. තස්මිං ඛො පන භික්ඛවෙ, සඞ්ගාමෙ දෙවා ජිනිංසු. අසුරා පරාජියිසු,{1} පරාජිතා ච භික්ඛවෙ අසුරා අපයංස්වෙව දක්ඛිණෙන මුඛා, අභියංසු දෙවා. අථ ඛො භික්ඛවෙ, අසුරානං එතදහොසි: අභියන්තෙව ඛො දෙවා යන්නූන මයං දුතියම්පි දෙවෙහි සඞ්ගාමෙය්යාමාති. දුතියම්පි ඛො භික්ඛවෙ, අසුරා දෙවෙහි සඞ්ගාමෙසුං. දුතියම්පි ඛො භික්ඛවෙ, දෙවො ච ජිනිංසු. අසුරා පරාජිංසු. පරාජිතා ච භික්ඛවෙ, අසුරා අපයංස්වෙ ව දක්ඛිණෙන මුඛා. අභියංසු දෙවා. අථ ඛො භික්ඛවෙ අසුරානං එතදහොසි: “අභියන්තෙව ඛො දෙවා, යන්නූන මයං තතියම්පි දෙවෙහි සඞ්ගාමෙය්යාමාති. තතියම්පි ඛො භික්ඛවෙ, අසුරා දෙවෙහි සඞ්ගාමෙසුං, තතියම්පි ඛො භික්ඛවෙ, දෙවා ව ජිනිංසු අසුරා පරාජියිංසු. පරාජිතා ව භික්ඛවෙ, අසුරා භීතා අසුරපුරඤ්ඤෙව පවිසිංසු. අසුරපුර ගතානඤ්ච පන භික්ඛවෙ, අසුරානං එතදහොසි: භීරුත්තානගතෙන ඛො දානි මයං එතරහි අත්තනා විහරාම. අකරණීයා දෙවෙහී”ති. දෙවානම්පි භික්ඛවෙ, එතදහොසි: “භීරුත්තානගතෙන ඛො දානි අසුරා එතරහි අත්තනා විහරන්ති, අකරණීයා අම්හෙහී”ති.
Sinhala BJTමහණෙනි, පෙර වූවක් කියමි: දෙවාසුර සඞ්ග්‍රාමයෙක් එළැඹ සිටියේ ය, මහණෙනි, ඒ සඞ්ග්‍රාමයෙහි දෙවියෝ දිනූහ, අසුරයෝ පැරදුණහ. මහණෙනි, පැරදුනු අසුරයෝ දක්‍ෂිණාභිමුඛ වූවාහු පලාගියාහු ම ය. දෙවියෝ ලුහුබැඳියහ; මහණෙනි, එකල්හි අසුරයනට තෙල සිත විය: “දෙවියෝ ලුහුබඳිත්මැ”යි. “අපි දෙවියන් හා සමඟ දෙවනවටදු යුදවදනමෝ නම් යෙහෙකැ”යි. මහණෙනි, දෙවනවටත් දෙවියන් හා යුද වන්හ. මහණෙනි, දෙවනවටත් දෙවියෝ ම දිනූහ, අසුරයෝ පැරදුණහ. මහණෙනි, පැරදුණා වූ අසුරයෝ දක්‍ෂිණාභිමුඛ ව පැන ගියාහු ම ය. දෙවියෝ ලුහුබැඳියහ. මහණෙනි, එකල්හි අසුරයනට තෙල සිත විය: “දෙවියෝ ලුහුබඳිත්මැයි, අපි තෙවනවටදු දෙවියන් හා යුද වදිමුනම් යෙහෙකැ”යි. මහණෙනි, තෙවනවටත් අසුරයෝ දෙවියන් හා යුදවන්හ. මහණෙනි, තෙවනවටත් දෙවියෝ දිනූහ, අසුරයෝ පැරදුණහ. මහණෙනි, අසුරයෝ පැරදුණාහු ම බියපත් ව අසුරපුරයට ම වන්හ. මහණෙනි, අසුරපුරයට ගියා වූ අසුරයනට තෙල සිත විය: දැන් වනාහි අපි භීරුත්‍රාණගත වූ සිතින් වාසය කරමු. දෙවියන් විසින් අකරණීය යම්හ”යි. මහණෙනි, දෙවියනට තෙල සිත විය: මෙකල්හි අසුරයෝ භීරුත්‍රාණගත සිතින් වාසය කරත්. අප විසින් අකරණීය වෙත්”යි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, යස්මිං සමයෙ භික්ඛු විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති, තස්මිං භික්ඛවෙ, සමයෙ භික්ඛුස්ස එවං හොති: “භීරුත්තානගතෙන ඛො දානාහං එතරහි අත්තනා විහරාමි, අකරණීයො මාරස්සා”ති.
Sinhala BJTමහණෙනි, එ පරිදි ම යම් සමයෙක්හි මහණ කාමයන්ගෙන් වෙන්ව ම … ප්‍රථමධ්‍යානයට එළැඹ වාස කරයි ද, මහණෙනි, එකල්හි මහණහට මෙබඳු සිතෙක් වෙයි: මෙකල්හි මම් භීරුත්‍රාණගත චිත්තයෙන් වාසය කරමි. මාරයා විසින් අකරණීය වෙමි’යි.
Pali BJTමාරස්සපි භික්ඛවෙ, පාපිමතො එවං හොති: “භීරුත්තානගතෙන ඛො දානි භික්ඛු එතරහි අත්තනා විහරති. අකරණීයො මය්හන්ති”.
Sinhala BJTමහණෙනි, පාපී මාරයාහට ද තෙල සිත වෙයි, දැන් මෙ සමයෙහි මහණ භීරුත්‍රාණගත චිත්තයෙන් වාස කරන්නේ ය, මා විසින් අකරණීය වෙයි.
Pali BJTයස්මිං භික්ඛවෙ සමයෙ භික්ඛු විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති තස්මිං භික්ඛවෙ, සමයෙ භික්ඛුස්ස එවං හොති: “භීරුත්තානගතෙන ඛො දානාහං එතරහි අත්තනා විහරාමි, අකරණීයෙ මාරස්සා”ති. මාරස්සාපි භික්ඛවෙ, පාපිමතො එවං හොති: “භීරුත්තානගතෙන ඛො දානි භික්ඛු එතරහි අත්තනා විහරති, අකරණීයො මය්හන්ති”
Sinhala BJTමහණෙනි, යම් සමයෙක්හි මහණ විතර්‍ක විචාරයන්ගේ ව්‍යුපශමයෙන් ද්විතීය ධ්‍යානයට … තෘතීය ධ්‍යානයට … චතුර්‍ත්‍ථධ්‍යානයට … එළැඹ වෙසෙයි ද, මහණෙනි, එසමයෙහි මහණහට මෙබඳු සිතෙක් වෙයි: දැන් මෙසෙමෙහි මම් භීරුත්‍රාණගත චිත්තයෙන් වාස කරමි. මාරයා විසින් අකරණීය වෙමි”යි. මහණෙනි, මාරහට ද මෙබඳු සිතෙක් වෙයි: දැන් මෙ සෙමෙහි මහණ භීරුත්‍රාණගත චිත්තයෙන් වාස කරයි. මා විසින් අකරණීය වෙයි.
Pali BJTයස්මිං භික්ඛවෙ සමයෙ භික්ඛු සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තො ආකාසොති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති, අයං වුච්චති භික්ඛවෙ භික්ඛු අන්තමකාසි මාරං අපදං වධිත්වා මාරචක්ඛුං අදස්සනං ගතො පාපිමතො.
Sinhala BJTමහණෙනි, යම් කලෙක මහණ සර්‍වථායෙන් රූපසංඥාවන්ගේ සමතික්‍රමයෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තගමයෙන් නානාත්‍වසංඥාවන්ගේ අමනසිකාරයෙන් “ආකාසය අනන්ත”යි ආකාසානඤ්චායතනයට එළැඹ වාස කරයි, මහණෙනි, මෙ මහණ මරහු අන්ත කෙළේ යි ද මාරචක්‍ෂුස නිරවශේෂ කොට වනසා පාපිමත්හුගේ අදර්‍ශනයට ගියේයි ද කියනු ලැබේ.
Pali BJTයස්මිං භික්ඛවෙ, සමයෙ භික්ඛු සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති. -පෙ- සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති -පෙ- සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති -පෙ- සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති. පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛීණා හොන්ති. අයං වුච්චති භික්ඛවෙ, භික්ඛු අන්තමකාසි මාරං අපදං වධිත්වා මාරචක්ඛුං අදස්සනං ගතො පාපිමතො, තිණ්ණං ලොකෙ විසත්තිකන්ති.
Sinhala BJTමහණෙනි, යම් සමයෙක්හි මහණ සර්‍වථායෙන් ආකාසානඤ්චායනය ඉක්මවා ‘විඤ්ඤාණය අනන්ත’යි විඤ්ඤාණඤ්චායතනයට එළැඹ වාස කරයි … සර්‍වථායෙන් විඤ්ඤාණඤ්චායතනයට ඉක්මැ ‘කිසිවක් නැතැ’යි ආකිඤ්චඤ්ඤායතනට එළැඹ වාස කරයි ද … සර්‍වථායෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට එළැඹ වාස කරයි … සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිත නිරෝධයට එළැඹ වාස කරයි, ප්‍රඥායෙනුදු දැක ඔහුගේ ආස්‍රවයෝ පරික්‍ෂීණ වෙත්. මහණෙනි, මේ මහණ මාරයා අන්ත කෙළේ යයි ද මාරචක්‍ෂුස නිරවශේෂ කොට නසා පාපිමත්හුගේ අදර්‍ශනයට ගියේ ලෝකයෙහි විසත්තිකා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව තරණය කෙළේ යයි ද කියනු ලැබේ.
Pali BJT9. 1. 4. 9.
Sinhala BJT9. 1. 4. 9.
Pali BJTආරඤ්ඤකනාගොපම සුත්තං
Sinhala BJTආරඤ්ඤකනාගෝපම සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTයස්මිං භික්ඛවෙ සමයෙ ආරඤ්ඤකස්ස නාගස්ස ගොචරපසුතස්ස හත්ථීපි හත්ථිනියොපි හත්ථිකලභාපි හත්ථිච්ඡාපි පුරතො ගන්ත්වා තිණග්ගානි ඡින්දන්ති, තෙන භික්ඛවෙ, ආරඤ්ඤකො නාගො අට්ටීයති හරායති ජිගුච්ඡති. යස්මිං භික්ඛවෙ, සමයෙ ආරඤ්ඤකස්ස නාගස්ස ගොචරපසුතස්ස හත්ථීපි හත්ථිනියොපි හත්ථිකලභාපි හත්ථිච්ඡාපාපි ඔභග්ගොභග්ගං සාඛාභඞ්ගං ඛාදන්ති. තෙන භික්ඛවෙ, ආරඤ්ඤකො නාගො අට්ටීයති හරායති ජිගුච්ඡති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක වනවැසි ගොදුරු සෙවුමට යන ඇත්රජහුගේ පෙරට පෙරට ගොස් මහඇත්හු ද ඇතිනියෝ ද නහඹු ඇත්හු ද ඇත්පොව්වෝ ද තණඅක් සිඳිති, මහණෙනි, එයින් වනවැසි ඇත්රජ පෙළෙයි. ලජ්ජිත වෙයි, ජුගුප්සා කෙරෙයි. මහණෙනි, යම් කලෙක්හි ගොදුරු සෙවුමට යන ඒ වනවැසි ඇත්රජහු විසින් නතු-නතු කොට තැබූ අතු කඩ මහ ඇත්හු ද ඇතිනියෝ ද නහඹු ඇත්තු ද ඇත් පොව්වෝ ද කති, මහණෙනි, එයින් වනවැසි ඇත්රජ පෙළෙයි. ලජ්ජිත වෙයි. ජුගුප්සා කෙරෙයි.
Pali BJTයස්මිං භික්ඛවෙ, සමයෙ ආරඤ්ඤකස්ස නාගස්ස ඔගාහං ඔතිණ්ණස්ස හත්ථීපි හත්ථිනියොපි හත්ථිකලභාපි හත්ථිච්ඡාපාපි පුරතො පුරතො ගන්ත්වා සොණ්ඩාය උදකං ආලොලෙන්ති. තෙන භික්ඛවෙ, ආරඤ්ඤකො නාගො අට්ටීයති හරායති ජිගුච්ඡති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක පැන්තොටට බට වනවැසි ඇත්රජහු පෙරට පෙරට ව ගොස් මහඇත්හු ද ඇතිනියෝ ද නහඹු ඇත්හු ද ඇත්පොව්වෝ ද සොඬින් දිය අළලති, මහණෙනි, එයින් වනවැසි ඇත්රජ පෙළෙයි, ලජ්ජිත වෙයි, ජුගුප්සා කෙරෙයි.
Pali BJTයස්මිං භික්ඛවෙ, සමයෙ ආරඤ්ඤකස්ස නාගස්ස ඔගාහං ඔතිණ්ණස්ස හත්ථිනියො කායං උපනිඝංසන්තියො ගච්ඡන්ති, තෙන භික්ඛවෙ, ආරඤ්ඤකො නාගො අට්ටීයති හරායති ජිගුච්ඡති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක පැන්තොටට බට වනවැසි ඇත්රජුගේ සිරුර ඇතින්නෝ ගටා යෙත් ද, මහණෙනි, එයින් වනවැසි ඇත්රජ පෙළෙයි, ලජ්ජිත වෙයි, ජුගුප්සා කෙරෙයි.
Pali BJTතස්මිං භික්ඛවෙ, සමයෙ ආරඤ්ඤකස්ස නාගස්ස එවං හොති: “අහං ඛො එතරහි ආකිණ්ණො විහරාමි, හත්ථිහි හත්ථිනීහි හත්ථිකලභෙහි හත්ථිච්ඡාපෙහි. ඡින්නග්ගානි චෙව තිණානි ඛාදාමි. ඔභග්ගොභග්ගඤ්ච මෙ සාඛාභඞ්ගං ඛාදන්ති. ආවිලානිචෙව පානීයානි පිවාමි ඔගාහං මෙ ඔතිණ්ණස්ස හත්ථිනියො කායං උපනිඝංසන්තියො ගච්ඡන්ති යන්නූනාහං එකො ගණස්මා වූපකට්ඨො විහරෙය්යන්ති.”
Sinhala BJTමහණෙනි, එකල වනවැසි ඇත්රජහට මෙවන් සිතෙක් වෙයි: “මෙ සමාහි මම් මහ ඇතුන් විසිනුදු ඇතින්නන් විසිනුදු නහඹු ඇතුන් විසිනුදු ඇත්පොව්වන් විසිනුදු මුසුයෙම් වෙසෙම්. සුන්අග් ඇති තණුදු කමි. ම විසින් නතු-නතු කොට තැබූ අතුකඩදු කති. කැලැත් දිය ද බොමි. පැන්තොටට බට මාගේ සිරුර ගටමින් ඇතින්නෝ යෙති. මම් ගණයාගෙන් එකලා වූයෙම් දුරු වූයෙම් නම් යෙහෙකැ”යි.
Pali BJTසො අපරෙන සමයෙන එකො ගණස්මා වූපකට්ඨො විහරති අච්ඡින්නග්ගානිචෙව තිණානි ඛාදති. ඔභග්ගොභග්ගඤ්චස්ස සාඛාභඞ්ගං න ඛාදන්ති. අනාවිලානි ච පානීයානි පිවති. ඔගාහඤ්චස්ස ඔතිණ්ණස්ස න හත්ථිනියො කායං උපනිඝංසන්තියො ගච්ඡන්ති. තස්මිං භික්ඛවෙ, සමයෙ ආරඤ්ඤකස්ස නාගස්ස එවං හොති:
Sinhala BJTහේ පසු කල්හි එකලා වූයේ ඇත්ගණයා කෙරෙන් වෙන් වූයේ වෙසෙයි. නො සුන් අග් ඇති තණුදු කයි. ඔහු විසින් නතු නතු කොට තැබූ අතුකඩදු නො කති. නො කැලැත් පැනුදු බොයි. පැන්තොටට බට ඔහුගේ සිරුර ඇතින්නෝ ගටා නො යෙත්. මහණෙනි, එ සමාහි වනවැසි ඇත්රජුට මෙ බඳු සිතෙක් වෙයි:
Pali BJT“අහං ඛො පුබ්බෙ ආකිණ්ණො විහාසිං හත්ථිහි හත්ථිනීහි හත්ථිකලභෙහි හත්ථිච්ඡාපෙහි, ඡින්නග්ගානි චෙව තිණානි ඛාදිං, ඔභග්ගොභග්ගඤ්ච මෙ සාඛාභඞ්ගං ඛාදිංසු. ආවිලානි ච පානීයානි ආපායිං, ඔගාහඤ්ච මෙ ඔතිණ්ණස්ස හත්ථිනියො කායං උපනිඝංසන්තියො අගමංසු. සොහං එතරහි එකො ගණස්මා වූපකට්ඨො විහරාමි, අච්ඡින්නග්ගානි චෙව තිණානි ඛාදාමි. ඔභග්ගොභග්ගඤ්ච මෙ සාඛාභඞ්ගං න ඛාදන්ති අනාවිලානි ච පානීයානි පිවාමි, ඔගාහඤ්ච ඔතිණ්ණස්ස න හත්ථිනියො කායං උපනිඝංසන්තියො ගච්ඡන්ති.” සො සොණ්ඩාය සාඛාභඞ්ගං භඤ්ජිත්වා සාඛාභඞ්ගෙන කායං පරිමද්දිත්වා අත්තමනො{1} කණ්ඩුං සංහන්ති.’
Sinhala BJT“මම වනාහි පෙර මහ ඇතුන් විසිනුදු ඇතින්නන් විසිනුදු නහඹු ඇතුන් විසිනුදු ඇත්පොව්වන් විසිනුදු මුසුයෙම් විසීමි. සුන්අග් ඇති තණුදු කෑයෙමි. මවිසින් නතු නතු කොට තැබූ අතුකඩුදු කෑ හ. කැලැත් පැනුදු පීමි. පැන්තොට වන් මාගේ සිරුර ඇතින්නෝ ගටමින් ගියහ. ඒ මම් එකලා වූයෙම් ගණයා කෙරෙන් වෙන් වූයෙම් වෙසෙමි. නො සුන් අක් තණුදු කමි. මා විසින් නතු නතු කොට තැබූ අතුකඩ ද (ඔහු) නො කත්. නො කැලැත් පැනුදු බොමි. ඇතින්නෝ තොට වන් මා සිරුර ද නො ගටමින් යෙති.” හේ සොඬින් අතුකඬක් බිඳ බුන් අතුකඬින් කය පිරිමැද තුටු සිත් ඇත්තේ කැසිලි නසයි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, යස්මිං සමයෙ භික්ඛු ආකිණ්ණො විහරති භික්ඛූහි භික්ඛුනීහි උපාසකෙහි උපාසිකාහි රඤ්ඤා රාජමහාමත්තෙහි තිත්ථියෙහි තිත්ථියසාවකෙහි, තස්මිං සමයෙ භික්ඛුස්ස එවං හොති: අහං ඛො එතරහි ආකිණ්ණො විහරාමි, භික්ඛූහී භික්ඛුනීහි උපාසකෙහි උපාසිකාහි රඤ්ඤා රාජමහාමත්තෙහි තිත්ථියෙහි තිත්ථියසාවකෙහි. යන්නූනාහං එකො ගණස්මා වූපකට්ඨො විහරෙය්යන්ති. සො විවිත්තං සෙනාසනං භජති: අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භොකාසං පලාලපුඤ්ජං. සො අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා.
Sinhala BJTමහණෙනි, එ සෙයින් ම යම් කලෙක්හි මහණ, මහණුන් විසින් මෙහෙණන් විසින් උවසුවන් විසින් උවැසියන් විසින් රජු විසින් රජමහ ඇමැතියන් විසින් තොටුවන් විසින් තොටුසව්වන් විසින් නො මුසු වූයේ වෙසේ ද, මහණෙනි, එසමයෙහි මහණ හට මෙ බඳු සිතෙක් වෙයි: මම් වනාහි මෙ සමාහි මහණුන් විසින් මෙහෙණන් විසින් උවසුවන් විසින් උවැසියන් විසින් රජුන් විසින් රජමහ ඇමතියන් විසින් තොටුවන් විසින් තොටු සව්වන් විසින් මුසුයෙම් වෙසෙමි. මම එකලා වූයෙම් ගණයා කෙරෙන් වෙන් වූයෙම් වෙසෙම් නම් මනා”යී. හේ වනය, රුක්මුල් ය, පර්‍වත ය, කඳුරු ය, ගිරිගුහා ය, සොහොන ය, වනපෙත ය, අභ්‍යවකාශය, පිදුරුරැස ය, යන විවික්තශයනාසන බෙජෙයි. හේ අරනට ගියේ වේවයි, රුක්මුලට ගියේ වේවයි, හිස්ගෙට ගියේ වේවයි පළක් බැඳ සිරුර ඉදි වැ තබා ගෙන සිහි පෙරට කොට එළවා හිඳියි.
Pali BJTසො අභිජ්ඣං ලොකෙ පහාය විගතාභිජ්ඣෙන චෙතසා විහරති අභිජ්ඣාය චිත්තං පරිසොධෙති, බ්යාපාද පදොසං පහාය අබ්යාපන්න චිත්තො විහරති සබ්බපාණභූතහිතානුකම්පී, බ්යාපාද පදොසා චිත්තං පරිසොධෙති. ථීන මිද්ධං පහාය විගතථීනමිද්ධො විහරති ආලොකසඤ්ඤී සතො සම්පජානො, ථීනමිද්ධා චිත්තං පරිසොධෙති, උද්ධච්චකුක්කුච්චං පහාය අනුද්ධතො විහරති අජ්ඣත්තං වූපසන්තචිත්තො. උද්ධච්චකුක්කුච්චා චිත්තං පරිසොධෙති, විචිකිච්ඡං පහාය තිණ්ණවිචිකිච්ඡො විහරති අකථඞ්කථී කුසලෙසු ධම්මෙසු, විචිකිච්ඡාය චිත්තං පරිසොධෙති.
Sinhala BJTහේ උපාදානස්කන්‍ධලෝකයෙහි අභිධ්‍යා දුරැර පහ වූ අභිධ්‍යා ඇති සිතින් වෙසෙයි. අභිධ්‍යායෙන් සිත පිරිසිදු කෙරෙයි. ව්‍යාපාද සඞ්ඛ්‍යාත ප්‍රකර්‍ෂදොෂය දුරැර ව්‍යාපාද රහිත සිත් ඇතියේ සර්‍වප්‍රාණභූතයන් කෙරෙහි හිතානුකම්පා ඇතියේ ඇතියේ වෙසෙයි, ව්‍යාපාදප්‍රදෝෂයෙන් සිත පිරිසිදු කෙරෙයි. ථීනමිද්ධය දුරැර පහ වූ ථීනමිද්ධය ඇතියේ ආලෝකසංඥා ඇතියේ සිහි ඇතියේ මනා නුවණ ඇතියේ වෙසෙයි. ථිනමිද්ධයෙන් සිත පිරිසිදු කෙරෙයි. උද්ධච්චකුක්කුච්චය දුරැර නො වුහුටු සිතැතියේ අධ්‍යාත්මයෙහි සන්හුන් සිතැතියේ වෙසෙයි, උද්ධච්චකුක්කුච්චයෙන් සිත පිරිසිදු කෙරෙයි. විචිකිච්ඡා දුරැර තරණය කළ විචිකිච්ඡා ඇතියේ කුසල්දහම් හි කථඞ්කථම්භාව (කෙසේ ද කෙසේ ද යන සැක) නැතියේ වෙසෙයි, විචිකිච්ඡායෙන් සිත පිරිසිදු කෙරෙයි.
Pali BJTසො ඉමෙ පඤ්ච නීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. සො අත්තමනො කණ්ඩුං සංහන්ති.{1} විතක්කවිචාරානං වූපසමා දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. සො අත්තමනො කණ්ඩුං සංහන්ති.
Sinhala BJTහේ චිත්තෝපක්ලේශ වූ ප්‍රඥාව දුර්‍වල කරන මේ පඤ්චනීවරණයන් දුරැර කාමයන්ගෙන් වෙන් වැ ම … ප්‍රථමධ්‍යානයට එළැඹ වෙසෙයි. හේ තුටුසිතැතියේ (ක්ලේශ) කණ්ඩුති නසයි. විතර්‍ක විචාරයන්ගේ ව්‍යුපශමයෙන් ද්විතීයධ්‍යානයට … තෘතීයධ්‍යානයට … චතුර්‍ත්‍ථධ්‍යානයට එළැඹ වෙසෙයි, හේ තුටුසිතැතියේ ක්ලේශකණ්ඩුති නසයි.
Pali BJTසබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තො ආකාසොති, ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති, සො අත්තමනො කණ්ඩුං සංහන්ති. සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති, විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති, සො අත්තමනො කණ්ඩුං සංහන්ති. සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති, සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති -පෙ- සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති, පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛීණා හොන්ති. සො අත්තමනො කණ්ඩුං සංහන්තීති
Sinhala BJTසර්‍වථායෙන් රූපසංඥාවන්ගේ ඉක්මවීමෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තගමයෙන් නානාත්‍වසංඥාවන්ගේ අමනසිකාරයෙන් “ආකාශය අනන්ත”යි ආකාසානඤ්චායනයට පැමිණ වෙසෙයි. තුටුසිතැති හේ ක්ලේශකණ්ඩුති නසයි. සර්‍වථායෙන් ආකාසානඤ්චායතනය ඉක්මැ “විඥානය අනන්ත”යි විඤ්ඤාණඤ්චායතනයට එළැඹ වෙසෙයි. හේ තුටු සිතැත්තේ කෙලෙස් කැසිලි නසයි. සර්‍වථායෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මැ “කිසිවක් නැතැ”යි ආකිඤ්චඤ්ඤායතනයට එළැඹ වෙසෙයි. සර්‍වථායෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මැ නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වෙසෙයි … සර්‍වථායෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මැ සඤ්ඤාවේදයිතනිරෝධයට පැමිණ වෙසෙයි. ප්‍රඥායෙනුදු දැක ඔහුගේ ආස්‍රවයෝ පරික්‍ෂීණ වෙත්. හේ තුටු සිතැතියේ කෙලෙස් කැසිලි නසයි.
Pali BJT9. 1. 4. 10.
Sinhala BJT9. 1. 4. 10.
Pali BJTතපුස්සගහපති සුත්තං
Sinhala BJTතපුස්සගහපති සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා මලතෙසු{1} විහරති උරුවෙලකප්පං නාම මලතානං{2} නිගමො. අථ ඛො භගවා පුබ්බන්හ සමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය උරුවෙලකප්පං පිණ්ඩාය පාවිසි. උරුවෙලකප්පෙ පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි. ‘ඉධෙව තාව ත්වං ආනන්ද හොහි, යාවාහං මහාවනං අජ්ඣොගාහාමි දිවාවිහාරායා’ති. එවං භන්තෙති ඛො ආයස්මා ආනන්දො භගවතො පච්චස්සොසි. අථඛො භගවා මහාවනං අජ්ඣොගහෙත්වා අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ දිවාවිහාරං නිසීදි.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මලත ජනපදයෙහි උරුවේලකප්ප නම් මලතයන්ගේ නියම්ගම්හි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පූර්‍වාහ්නයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙන උරුවේලකප්පයට පිඬු පිණිස වන්සේක. උරුවේලකප්පයෙහි පිඬු සිඟා හැසිර පසුබතෙහි පිඬුවායෙන් වැළකුණාහු ආයුෂ්මත් අනඳ තෙරුන් ඇමතූ සේක: “ආනන්‍දය, මම් දිවාවිහාර පිණිස මහාවනයට යම්තාක් වදනෙම් නම් තෙපි ඒ තාක් මෙහි ම රඳව”යි. ‘වහන්ස, එසේ ය’යි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් හට පිළිවදන් ඇස්වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහවනයට වැද එක්තරා රුක් මුලෙක දිවා විහරණ සඳහා වැඩ හුන් සේක.
Pali BJTඅථ ඛො තපුස්සො ගහපති යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො තපුස්සො ගහපති ආයස්මන්තං ආනන්දං එතදවොච:
Sinhala BJTඉක්බිති තපුස්ස ගෘහපති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ යම් තෙනෙක්හි ද එහි එළැඹියේ ය. එළැඹ ආයුෂ්මත් අනඳ තෙරණුවන් වැඳ එකත්පස්ව හින. එකත්පස් ව හුන් තපුස්ස ගෘහපති ආයුෂ්මත් අනඳ තෙරුන් හට තෙල කීය:
Pali BJTමයං භන්තෙ ආනන්ද, ගිහී කාමභොගී කාමාරාමා කාමරතා කාමසම්මුදිතා. තෙසං නො භන්තෙ, අම්හාකං ගිහීනං කාමභොගීනං කාමාරාමානං කාමරතානං කාමසම්මුදිතානං පපාතො විය ඛායති. යදිදං නෙක්ඛම්මං. සුතං මෙතං භන්තෙ, ඉමස්මිං ධම්මවිනයෙ දහරානං දහරානං භික්ඛූනං නෙක්ඛම්මෙ චිත්තං පක්ඛන්දති පසීදති සන්තිට්ඨති විමුච්චති. එතං සන්තන්ති පස්සතං, නයිදං භන්තෙ ඉමස්මිං ධම්මවිනයෙ භික්ඛූනං බහුනා ජනෙන විසභාගො යදදිං නෙක්ඛම්මන්ති.
Sinhala BJTවහන්ස, ආනන්‍දයෙනි, ගෘහස්ථ වූ අපි කම්සුව විඳුනාහු කාමයෙහි ඇලුණාහු කාමයෙහි වෙසෙසින් ඇලුණාහු කාමයෙන් තුස්නාහු වම්හ. හිමියෙනි, කාමභෝගී වූ කාමාරාම වූ කාමරත වූ කාමසම්මුදිත වූ ගිහිගෙහි වසන ඒ අපට යම් මේ (ප්‍රවුජ්‍යාසඞ්ඛ්‍යාත) නෛෂ්ක්‍රම්‍යයෙක් වේ නම් එය ප්‍රපාතයක් මෙන් වැටහෙයි. වහන්ස, මේ ධර්‍මවිනයෙහි තෙල නෛෂ්ක්‍රම්‍යය ශාන්තය යි දක්නා වූ තරුණ තරුණ පැවිද්දන්ගේ සිත නෛෂ්ක්‍රම්‍යයෙහි (අරමුණු වසයෙන්) නො බැස ගනියි. (එ අරමුණු කොට) පහදියි. (එහි ම) පිහිටයි. (සතුරු දහමුන්ගෙන් ද) මිදෙයි යන තෙල කරුණ මා විසින් අසන ලද. වහන්ස, මේ ධර්‍මවිනයෙහි මහණුන්ගේ යම් මේ නෛෂ්ක්‍රම්‍යයෙක් වේ නම් එය බොහෝදෙන සමග සභාග නොවන්නේයි.
Pali BJTඅත්ථි ඛො එතං ගහපති, කථාපාභතං භගවන්තං දස්සනාය, ආයාම ගහපති, යෙන භගවා තෙනුපසංකමිස්සාම, උපසඞ්කමිත්වා භගවතො එතමත්ථං ආරොචෙස්සාම. යථා නො භගවා බ්යාකරිස්සතී තථා නං ධාරෙස්සාමාති, එවං භන්තෙති ඛො තපුස්සො ගහපති ආයස්මතො ආනන්දස්ස පච්චස්සොසි. අථ ඛො ආයස්මා ආනන්දො තපුස්සෙන ගහපතිනා සද්ධිං යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා -පෙ- භගවන්තං එතදවොච:
Sinhala BJTගෘහපතිය, භාග්‍යවතුන් වහන්සේ දැක්ම පිණිස තෙල කථා ප්‍රාහෘතයෙක් (කථා මූලයෙක්) වෙයි. ගෘහපතිය, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හි ද, එහි එළැඹෙමු. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හට මෙ කරුණ සැල කරමු. භාග්‍යවතුන් වහන්සේ යම් සෙයෙකින් අපට පවසන සේක් නම් එසෙයින් එ ධරම්හ යි. ‘එසේ ය වහන්සැ’යි තපුස්ස ගෘහපති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවනට පිළිවදන් ඇස්වීය. ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ තපුස්ස ගැහැවිහු සමඟ භාග්‍යවතුන් වහන්සේ යම් තෙනෙක වූහු නම් එතනට එළැඹියහ. එළැඹ … භාග්‍යවතුන් වහන්සේට තෙල කීහ:
Pali BJTඅයං භන්තෙ තපුස්සො ගහපති එවමාහ: මයං භන්තෙ ආනන්ද ගිහී කාමභොගී කාමාරාමා කාමාරතා කාමසම්මුදිතා. තෙසං නො භන්තෙ, අම්හාකං ගිහීනං කාමභොගීනං කාමාරාමානං කාමරතානං කාමසම්මුදිතානං. පපාතො විය ඛායති යදිදං නෙක්ඛම්මං. සුතං මෙතං භන්තෙ, ඉමස්මිං ධම්මවිනයෙ දහරානං දහරානං භික්ඛූනං නෙක්ඛම්මෙ චිත්තං පක්ඛන්දති පසීදති සන්තිට්ඨති විමුච්චති එතං සන්තන්ති පස්සතං{1} තයිදං භන්තෙ, ඉමස්මිං ධම්මවිනයෙ භික්ඛූනං බහුනා ජනෙන විසභාගො යදිදං නෙක්ඛම්මන්ති.
Sinhala BJTවහන්ස, මේ තපස්සු ගැහැවි මෙසේ කියයි: “වහන්ස, ආනන්‍දයෙනි, අපි කාමභෝගී, කාමාරාම, කාමරත, කාමසම්මුදිත වූ ගිහියම්හ. වහන්ස, කාමභෝගී, කාමාරාම, කාමරත, කාමසම්මුදිත ගිහි වූ ඒ අපට මේ නෛෂ්ක්‍රම්‍යය (පැවිද්ද) ප්‍රපාතයක් මෙන් වැටහෙයි. මේ ධර්‍මවිනයෙහි තෙල (නෛෂ්ක්‍රම්‍යය) ශාන්තය යි දක්නා වූ තරුණ තරුණ පැවිද්දන්ගේ සිත බැස ගනියි, පහදියි, සිටියි, (ඒ අරමුණුකොට සතුරු දහමුන්ගෙන් ද) මිදෙයි යන තෙල පුවත මා විසින් අසන ලද්දේ ය. වහන්ස, මේ ධර්‍මවිනයෙහි මහණුන්ගේ යම් මේ නෛෂ්ක්‍රම්‍යයෙක් වේ නම් ඒ මේ කරුණ බොහෝ දෙනා සමඟ අසදෘශ ය”යි.
Pali BJTඑවමෙතං ආනන්ද, එවමෙතං ආනන්ද, මය්හම්පි ඛො ආනන්ද, පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො එතදහොසි: ‘සාධු නෙක්ඛම්මං, සාධු පවිවෙකො’ති. තස්ස මය්හං ආනන්ද නෙක්ඛම්මෙ චිත්තං න පක්ඛන්දති නප්පසීදති න සන්තිට්ඨති න විමුච්චති, එතං සන්තන්ති පස්සතො, තස්ස මය්හං ආනන්ද, එතදහොසි: කො නුඛො හෙතු, කො පච්චයො යෙන මෙ නෙක්ඛම්මෙ චිත්තං න පක්ඛන්දති නප්පසීදති න සන්තිට්ඨති න විමුච්චති, එතං සන්තන්ති පස්සතො. තස්ස මය්හං ආනන්ද, එතදහොසි: කාමෙසු ඛො මෙ ආදීනවො අදිට්ඨො, සො ච මෙ අබහුලීකතො, නෙක්ඛම්මෙ ආනිසංසො අනධිගතො, සො ච මෙ අනාසෙවිතො. තස්මා නෙක්ඛම්මෙ චිත්තං න පක්ඛන්දති නප්පසීදති න සන්තිට්ඨති න විමුච්චති එතං සන්තන්ති පස්සතො.
Sinhala BJTආනන්‍දය, තෙල කරුණ එසේ ම ය. ආනන්‍දය, තෙල කරුණ එසේ මැ යි. සම්බෝධියෙන් පෙර ම අභිසම්බුද්ධ නො වූ බෝධිසත්ත්‍ව වූ ම මට දු නෛෂ්ක්‍රම්‍යය මැනැවි, ප්‍රවිවේකය මැනවි යන තෙල සිත වී ය. තෙල නෛෂ්ක්‍රම්‍යය ශාන්තය යි දක්නා වූ ඒ මාගේ සිත නෛෂ්ක්‍රම්‍යය කෙරෙහි නො පනියි, නො පහදියි, නො පිහිටයි, (ඒ අරමුණු කොට කෙලෙසුන්ගෙන්) නො මිදේ. ආනන්‍දය, ඒ මට තෙල සිත විය: “තෙල නෛෂ්ක්‍රම්‍යය ශාන්තය යි දක්නා වූ මාගේ සිත යම් හෙයෙකින් නෛෂ්ක්‍රම්‍යයෙහි නො පනී ද, නො පහදී ද, නො පිහිටා ද, (ඒ අරමුණු කොට කෙලෙසුන් කෙරෙන්) නො මිදේ ද, එයට හේතු කවර ප්‍රත්‍යය කවරැ”යි. ආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “මා විසින් කාමයන්හි ආදීනව නො දක්නා ලද ම ය, හේ ද මා විසින් අබහුලීකෘත ය, නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස් අවබෝධ නො කරන ලද, හේ ද මා විසින් ආදරයෙන් සේවන නො කරන ලද, එහෙයින් තෙල ශාන්තය යි දක්නා වූ මාගේ සිත නෛෂ්ක්‍රම්‍යයෙහි නො බැස ගනියි. නො පහදියි, නො පිහිටයි, (කෙලෙසුන් ගෙන්) නො මිදෙයි”.
Pali BJTතස්ස මය්හං ආනන්ද, එතදහොසි: ‘සචෙ ඛො අහං කාමෙසු ආදීනවං දිස්වා තං බහුලීකරෙය්යං, නෙක්ඛම්මෙ ආනිසංසං අධිගම්ම තමාසෙවෙය්යං, ඨානං ඛො පනෙතං විජ්ජති යං මෙ නෙක්ඛම්මෙ චිත්තං පක්ඛන්දෙය්ය පසීදෙය්ය සන්තිට්ඨෙය්ය විමුච්චෙය්ය එතං සන්තන්ති පස්සතො.
Sinhala BJTආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “ඉදින් මම කාමයන්හි ආදීනව දැක එය බහුල කරනෙම් නම් නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස් ලැබ එය අවබෝධ කරනෙම් නම් තෙල ශාන්තය යි දක්නා වූ මාගේ සිත නෛෂ්ක්‍රම්‍යෙයහි යම් හෙයෙකින් බැසගන්නේ ය, පහදින්නේ ය, පිහිටන්නේ ය, (කෙලෙසුන් කෙරෙන්) මිදෙන්නේ ය යන තෙල කරුණ ඇත්ම ය.
Pali BJTසො ඛො අහං ආනන්ද, අපරෙන සමයෙන කාමෙසු ආදීනවං දිස්වා තං බහුලමකාසිං, නෙක්ඛම්මෙ ආනිසංසං අධිගම්ම තමාසෙවිං, තස්ස මය්හං ආනන්ද, නෙක්ඛම්මෙ චිත්තං පක්ඛන්දති පසීදති සන්තිට්ඨති විමුච්චති, ‘එතං සන්තන්ති’ පස්සතො.
Sinhala BJTආනන්‍දය, ඒ මම පසුකාලයෙහි කාමයන්හි ආදීනව දැක එය බහුල කෙළෙමි. නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස් අවබෝධ කොට එය ආසේවනය කෙළෙමි. තෙල ශාන්ත යි දක්නා වූ ඒ මාගේ නෛෂ්ක්‍රම්‍යයෙහි පනියි, පහදියි, පිහිටයි, (ඒ අරමුණුකොට කෙලෙසුන් කෙරෙන්) මිදෙයි.
Pali BJTසො ඛො අහං ආනන්ද, අපරෙන සමයෙන විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරාමි. තස්ස මය්හං ආනන්ද, ඉමිනා විහාරෙන විහරතො කාමසහගතා සඤ්ඤා මනසිකාරා සමුදාචරන්ති. ස්වාස්ස මෙ හොති ආබාධො. සෙය්යථාපි ආනන්ද, සුඛිනො දුක්ඛං උප්පජ්ජෙය්ය යාවදෙව ආබාධාය, එවමෙවස්ස මෙ කාමසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති, ස්වාස්ස මෙ හොති ආබාධො.
Sinhala BJTආනන්‍දය, ඒ මම පසුකාලයෙහි කාමයන්ගෙන් වෙන් ව ම … ප්‍රථම ධ්‍යානයට එළැඹ වෙසෙමි. ආනන්‍දය, මේ විහරණයෙන් වෙසෙන ඒ මට කාමසහගත සංඥාමනසිකාරයෝ (මනෝද්වාරයෙහි) හැසිරෙත්. ඒ මට ආබාධ වෙයි. ආනන්‍දය, යම් සේ සුව ඇතියහට හුදු ආබාධ පිණිසම දුක් උපදනේ ද, එපරිද්දෙන් ම ඒ මට කාමසහගතසංඥාමනසිකාරයෝ හැසිරෙත්. ඒ මට ආබාධ වෙයි.
Pali BJTතස්ස මය්හං ආනන්ද, එතදහොසි: “යන්නූනාහං විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම්පජ්ජ විහරෙය්යන්ති” තස්ස මය්හං ආනන්ද, අවිතක්කෙ චිත්තං න පක්ඛන්දති, නප්පසීදති, න සන්තිට්ඨති, න විමුච්චතී “එතං සන්තන්ති” පස්සතො.
Sinhala BJTආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “මම විතර්‍කවිචාරයන්ගේ ව්‍යුපශමයෙන් … දෙවෙනි ධ්‍යානයට එළැඹ වෙසෙම් නම් යෙහෙකැ”යි. ආනන්‍දය, තෙල ශාන්තය යි දක්නා වූ ඒ මාගේ සිත අවිතර්‍ක අවිචාරයෙහි නො පනියි, නො පහදියි, නො පිහිටයි, (කෙලෙසුන්ගෙන්) නො මිදෙයි.
Pali BJTතස්ස මය්හං ආනන්ද, එතදහොසි: “කො නු ඛො හෙතු, කො පච්චයො යෙන මෙ අවිතක්කෙ චිත්තං න පක්ඛන්දති, නප්පසීදති, න සන්තිට්ඨති, න විමුච්චති “එතං සන්තන්ති” පස්සතො.
Sinhala BJTආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “තෙල ශාන්ත ය යි දක්නා වූ මාගේ සිත අවිතර්‍ක අවිචාරයෙහි යම්හෙයෙකින් නො පනී ද, නො පහදී ද, නො පිහිටා ද, නො මිදේ ද, එයට හේතු කවරේ ද, ප්‍රත්‍යය කවරේ දැ”යි.
Pali BJTතස්ස මය්හං ආනන්ද, එතදහොසි: “විතක්කෙසු ඛො මෙ ආදීනවො අදිට්ඨො, සො ච මෙ අබහුලීකතො, අවිතක්කෙ ආනිසංසො අනධිගතො, සො ච මෙ අනාසෙවිතො. තස්මා මෙ අවිතක්කෙ චිත්තං න පක්ඛන්දති, නප්පසීදති, න සන්තිට්ඨති, න විමුච්චති. “එතං සන්තන්ති” පස්සතො.
Sinhala BJTආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “මා විසින් විතර්‍ක (විචාර) යන්හි ආදීනව නො දක්නා ලද ය. හේ මා විසින් අබහුලීකෘත ද වෙයි. අවිතර්‍ක (අවිචාර) යෙහි අනුසස් අවබෝධ නො කරන ලද ය. හේ මා විසින් අනාසේවිත ද වෙයි. එහෙයින් තෙල ශාන්තය යි දක්නා වූ මාගේ සිත අවිතර්‍ක අවිචාරයෙහි නො බැසගනියි, නො පහදියි, නො පිහිටයි, නො මිදෙයි.”
Pali BJTතස්ස මය්හං ආනන්ද, එතදහොසි: “සචෙ ඛො අහං විතක්කෙසු ආදීනවං දිස්වා තං බහුලීකරෙය්යං අවිතක්කෙ ආනිසංසං අධිගම්ම තමාසෙවෙය්යං, ඨානං ඛො පනෙතං විජ්ජති යං මෙ අවිතක්කෙ චිත්තං පක්ඛන්දෙය්ය, පසීදෙය්ය, සන්තිට්ඨෙය්ය, විමුච්චෙය්ය ‘එතං සන්තන්ති’ පස්සතො.
Sinhala BJTආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “ඉදින් මම විතර්‍ක (විචාර) යන්හි ආදීනව දැක එය බහුල කරන්නෙම් නම් අවිතර්‍කයෙහි අනුසස් අවබෝධ කොට එය භජනය කරන්නෙම් නම් තෙල ශාන්තය යි දක්නා වූ මාගේ සිත යම් හෙයෙකින් අවිතර්‍ක අවිචාරයෙහි බැස ගනියි, පහදියි, පිහිටයි, මිදෙයි තෙල කරුණ විද්‍යමාන වේ මැ යි.
Pali BJTසො ඛො අහං ආනන්ද, අපරෙන සමයෙන විතක්කෙසු ආදීනවං දිස්වා තං බහුලමකාසිං. අවිතක්කෙ ආනිසංසං අධිගම්ම තමාසෙවිං. තස්ස මය්හං ආනන්ද, අවිතක්කෙ චිත්තං පක්ඛන්දති, පසීදති, සන්තිට්ඨති, විමුච්චති ‘එතං සන්තන්ති’ පස්සතො.
Sinhala BJTආනන්‍දය, ඒ මම පසුකාලයෙහි විතර්‍කවිචාරයන්හි ආදීනව දැක එය බහුල කෙළෙමි. අවිතර්‍ක (අවිචාර) යෙහි අනුසස් අවබෝධ කොට ගෙන එය ආසේවන කෙළෙමි, ආනන්‍දය, තෙල ශාන්තය යි දක්නා වූ ඒ මාගේ සිත අවිතර්‍ක අවිචාරයෙහි බැස ගනියි, පහදියි, පිහිටයි, මිදෙයි.
Pali BJT2. සො ඛො අහං ආනන්ද, අපරෙන සමයෙන විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම්පජ්ජ විහරාමි, තස්ස මය්හං ආනන්ද, ඉමිනා විහාරෙන විහරතො විතක්කසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති. ස්වාස්ස මෙ හොති ආබාධො සෙය්යථාපි ආනන්ද, සුඛිනො දුක්ඛං උප්පජ්ජෙය්ය යාවදෙව ආබාධාය. එවමෙවස්ස මෙ විතක්කසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්තී, ස්වාස්ස මෙ හොති ආබාධො.
Sinhala BJT2. ආනන්‍දය, ඒ මම පසුකාලයෙහි විතර්‍කවිචාරයන්ගේ ව්‍යුපශමයෙන් දෙවෙනි ධ්‍යානයට එළැඹ වෙසෙමි. ආනන්‍දය, මේ විහාරයෙන් වසන්නාවූ ඒ මට විතර්‍කසහගත සංඥාමනස්කාරයෝ හැසිරෙත්. එය මට ආබාධ වෙයි. ආනන්‍දය, යම්සේ සුව ඇතියහට ආබාධ පිණිසම දුක උපදනේ ද, එසෙයින් ම ඒ මට විතර්‍කසහගත මනස්කාරයෝ හැසිරෙත්. එය මට ආබාධ වෙයි.
Pali BJTතස්ස මය්හං ආනන්ද, එතදහොසි: “යන්නූනාහං පීතියා ච විරාගා -පෙ- තතියං ඣානං උපසම්පජ්ජ විහරෙය්යන්ති. තස්ස මය්හං ආනන්ද, නිප්පීතිකෙ චිත්තං න පක්ඛන්දති, නප්පසීදති, න සන්තිට්ඨති, න විමුච්චති “එතං සන්තන්ති” පස්සතො. තස්ස මය්හං ආනන්ද, එතදහොසි, “කො නු ඛො හෙතු කො පච්චයො, යෙන මෙ නිප්පීතිකෙ චිත්තං න පක්ඛන්දති, නප්පසීදති, න සන්තිට්ඨති, න විමුච්චති “එතං සන්තන්ති” පස්සතො.
Sinhala BJTආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “මම ප්‍රීතිහුගේ විරාගයෙන් … තෙවන ධ්‍යානයට එළැඹ වෙසෙම් නම් යෙහෙකැ”යි. ආනන්‍දය, තෙල ශාන්තය යි දක්නා වූ ඒ මාගේ සිත නිෂ්ප්‍රීතික ධ්‍යානයෙහි නො පනියි, නො පහදියි, නො පිහිටයි, නො මිදෙයි. ආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “තෙල ශාන්තය යි දක්නා වූ මාගේ සිත යම් හෙයෙකින් නිෂ්ප්‍රීතික ධ්‍යානයෙහි නො බැසගනී ද, නො පහදී ද, නො පිහිටා ද, නො මිදේ ද, හේතු කිම? ප්‍රත්‍යය කිමැ”යි.
Pali BJTතස්ස මය්හං ආනන්ද, එතදහොසි: පීතියා ඛො මෙ ආදීනවො අදිට්ඨො, යො ච මෙ අබහුලීකතො. නිප්පීතිකෙ ආනිසංසො අනධිගතො සො ච මෙ අනාසෙවිතො. තස්මා මෙ නිප්පීතිකෙ චිත්තං න පක්ඛන්දති නප්පසීදති න සන්තිට්ඨති න විමුච්චති “එතං සන්ති”න්ති පස්සතො.
Sinhala BJTආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “මා විසින් ප්‍රීතිහුගේ ආදීනව නො දක්නා ලද ය. හේ මා විසින් අබහුලීකෘත ද වෙයි. නිෂ්ප්‍රීතික ධ්‍යානයෙහි අනුසස් අවබෝධ නො කරන ලද ය. හේ මා විසින් අනාසේවිත ද වෙයි. එහෙයින් තෙල ශාන්තය යි දක්නා වූ ඒ මා ගේ සිත නිෂ්ප්‍රීතික ධ්‍යානයෙහි නො බැස ගනියි, නො පහදියි, නො පිහිටයි, නො මිදෙයි.
Pali BJTතස්ස මය්හං ආනන්ද එතදහොසි: “සචෙ ඛො අහං පීතියා ආදීනවං දිස්වා තං බහුලීකරෙය්යං, නිප්පීතිකෙ ආනිසංසං අධිගම්ම තමාසෙවෙය්යං ඨානං ඛො පනෙතං විජ්ජති, යං මෙ නිප්පීතිකෙ චිත්තං පක්ඛන්දෙය්ය පසීදෙය්ය, සන්තිට්ඨෙය්ය විමුච්චෙය්ය “එතං සන්තන්ති” පස්සතො.
Sinhala BJTආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “ඉදින් මම ප්‍රීතිහුගේ දොස් දැක එය බහුල කරනෙම් නම් නිෂ්ප්‍රීතික ධ්‍යානයෙහි අනුසස් අවබෝධ කොට එය ආසේවන කෙරෙම් නම් තෙල ශාන්තය යි දක්නා වූ මාගේ සිත නිෂ්ප්‍රීතික ධ්‍යානය කෙරෙහි යම්හෙයෙකින් බැසගන්නේ ය, පහදින්නේ ය, පිහිටන්නේ ය, මිදෙන්නේ ය, යන තෙල කරුණ විද්‍යමාන වේ මැයි.
Pali BJTසො ඛො අහං ආනන්ද, අපරෙන සමයෙන පීතියා ආදීනවං දිස්වා තං බහුලමකාසිං. නිප්පීතිකෙ ආනිසංසං අධිගම්ම තමාසෙවිං. තස්ස මය්හං ආනන්ද, නිප්පීතිකෙ චිත්තං පක්ඛන්දති පසීදති සන්තිට්ඨති විමුච්චති එතං සන්තන්ති පස්සතො.
Sinhala BJTආනන්‍දය, ඒ මම පසුකාලයෙහි ප්‍රීතිහුගේ දොස් දැක එය බහුල කෙළෙමි. ප්‍රීතිවිරහිත ධ්‍යානයෙහි අනුසස් අවබෝධ කොට එය ආසේවන කෙළෙමි. ආනන්‍දය, තෙල ශාන්තය යි දක්නා වූ ඒ මාගේ සිත නිෂ්ප්‍රීතික ධ්‍යානයෙහි පනියි, පහදියි, පිහිටයි, මිදෙයි.
Pali BJT3. සො ඛො අහං ආනන්ද, පීතියා ච විරාගා -පෙ- තතියං ඣානං උපසම්පජ්ජ විහරාමි. තස්ස මය්හං ආනන්ද, ඉමිනා විහාරෙන විහරතො පීතිසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති ස්වාස්ස මෙ හොති ආබාධො. සෙය්යථාපි ආනන්ද, සුඛිනො දුක්ඛං උප්පජ්ජෙය්ය යාවදෙව ආබාධාය. එවමෙවස්ස මෙ පීතිසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති, ස්වාස්ස මෙ හොති ආබාධො.
Sinhala BJT3. ආනන්‍දය, ඒ මම ප්‍රීතිහුගේ විරාගයෙන් … තෘතීය ධ්‍යානයට එළැඹ වෙසෙමි. ආනන්‍දය, මේ විහාරයෙන් වසන ඒ මට ප්‍රීතිසහගත සංඥා මනස්කාරයෝ හැසිරෙත්. හේ ඒ මට ආබාධ වෙයි. ආනන්‍දය, යම් සේ සුවඇතියහට ආබාධ පිණිස ම දුක් උපදනේ ද, එපරිද්දෙන් ම ඒ මට ප්‍රීතිසහගත සංඥාමනස්කාරයෝ හැසිරෙත්. හේ ඒ මට ආබාධ වෙයි.
Pali BJTතස්ස මය්හං ආනන්ද, එතදහොසි: ‘යන්නූනාහං සුඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරෙය්යන්ති. තස්ස මය්හං ආනන්ද, අදුක්ඛමසුඛෙ චිත්තං න පක්ඛන්දති, නප්පසීදති, න සන්තිට්ඨති, න විමුච්චති ‘එතං සන්ත’න්ති පස්සතො.
Sinhala BJTආනන්‍දය, ඒ මට තෙල සිත් වී ය: “මම සුඛයාගේ ද ප්‍රහාණයෙන් … සිවුවන ධ්‍යානයට එළැඹ වෙසෙම් නම් යෙහෙකැ”යි. ආනන්‍දය, තෙල ශාන්තය යි දක්නා වූ ඒ මාගේ සිත අදුක්ඛඅසුඛයෙහි නො බැස ගනියි, නො පහදියි, නො පිහිටයි, නො මිදෙයි.
Pali BJTතස්ස මය්හං ආනන්ද එතදහොසි: ‘කො නු ඛො හෙතු, කො පච්චයො යෙන මෙ අදුක්ඛමසුඛෙ චිත්තං න පක්ඛන්දති, නප්පසීදති න සන්තිට්ඨති න විමුච්චති’ ‘එතං සන්ත’න්ති පස්සතො.
Sinhala BJTආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “තෙල ශාන්තය යි දක්නා වූ ඒ මාගේ සිත යම් හෙයෙකින් අදුක්ඛඅසුඛයෙහි නො පනී ද, නො පහදී ද, නො පිහිටා ද, නො මිදේ ද, එයට හේතු කවර, ප්‍රත්‍ය කවර යත්:
Pali BJTතස්ස මය්හං ආනන්ද, එතදහොසි: ‘උපෙක්ඛාසුඛෙ ඛො මෙ ආදීනවො අදිට්ඨො, සො ච මෙ අබහුලීකතො. අදුක්ඛමසුඛෙ ච ආනිසංසො අනධිගතො, සො ච මෙ අනාසෙවිතො. තස්මා මෙ අදුක්ඛමසුඛෙ චිත්තං න පක්ඛන්දති, නප්පසීදති, න සන්තිට්ඨති, න විමුච්චති “එතං සන්ත”න්ති පස්සතො.
Sinhala BJTආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “උපේක්‍ෂාසුඛයෙහි ආදීනව මා විසින් නො දක්නා ලද ය. හේ මා විසින් අබහුලීකෘත ද වෙයි. අදුක්ඛ අසුඛයෙහි අනුසස් අවබෝධ නොකරන ලද ය. හේ මා විසින් අනාසේවිත ද වෙයි. එහෙයින් තෙල ශාන්තය යි දක්නා වූ මාගේ සිත අදුක්ඛඅසුඛයෙහි නො බැස ගනියි, නො පහදියි, නො පිහිටයි, නො මිදෙයි.”
Pali BJTතස්ස මය්හං ආනන්ද, එතදහොසි: ‘සචෙ ඛො අහං උපෙක්ඛාසුඛෙ ආදීනවං දිස්වා තං බහුලීකරෙය්යං, අදුක්ඛමසුඛෙ ආනිසංසං අධිගම්ම තමාසෙවෙය්යං, ඨානං ඛො පනෙතං විජ්ජති, යං මෙ අදුක්ඛමසුඛෙ චිත්තං පක්ඛන්දෙය්ය පසීදෙය්ය සන්තිට්ඨෙය්ය විමුච්චෙය්ය ‘එතං සන්තන්ති’ පස්සතො.
Sinhala BJTආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “ඉදින් මම උපේක්‍ෂා සුඛයෙහි ආදීනව දැක එය බහුල කරනෙම් නම් අදුක්ඛ අසුඛයෙහි අනුසස් අවබෝධ කොට එය ආසේවන කරනෙම් නම් තෙල ශාන්තය යි දක්නා වූ මාගේ සිත යම් හෙයෙකින් අදුක්ඛ අසුඛයෙහි පනින්නේ ය, පහදින්නේ ය, පිහිටන්නේ ය, මිදෙන්නේ ය, යන තෙල කරුණ ඇත්ම ය.”
Pali BJTසො ඛො අහං ආනන්ද, අපරෙන සමයෙන උපෙක්ඛාසුඛෙ ආදීනවං දිස්වා තං බහුලමකාසිං, අදුක්ඛමසුඛෙ ආනිසංසං අධිගම්ම තමාසෙවිං, තස්ස මය්හං ආනන්ද අදුක්ඛමසුඛෙ චිත්තං පක්ඛන්දති පසීදති සන්තිට්ඨති විමුච්චති ‘එතං සන්ත’න්ති පස්සතො.
Sinhala BJTආනන්‍දය, ඒ මම පසුකාලයෙහි උපේක්‍ෂාසුඛයෙහි ආදීනව දැක එය බහුල කෙළෙමි. අදුක්ඛ අසුඛයෙහි අනුසස් අවබෝධ කොට එය ආසේවන කෙළෙමි. තෙල ශාන්තය යි දක්නා ඒ මාගේ සිත අදුක්ඛ අසුඛයෙහි පනියි, පහදියි, පිහිටයි, මිදෙයි.
Pali BJT4. සො ඛො අහං ආනන්ද අපරෙන සමයෙන සුඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරාමි. තස්ස මය්හං ආනන්ද ඉමිනා විහාරෙන විහරතො උපෙක්ඛාසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති. ස්වාස්ස මෙ හොති ආබාධො. සෙය්යථාපි ආනන්ද සුඛිනො දුක්ඛං උපපජ්ජෙය්ය යාවදෙව ආබාධාය, එවමෙවස්ස මෙ උපෙක්ඛාසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති, ස්වාස්ස මෙ හොති ආබාධො.
Sinhala BJT4. ආනන්‍දය, ඒ මම පසුකාලයෙහි සුඛයාගේ ද ප්‍රහාණයෙන් … සිව්වන ධ්‍යානයට එළැඹ වෙසෙමි. ආනන්‍දය, මේ විහාරයෙන් වසන්නා වූ ඒ මට උපේක්‍ෂාසහගත සංඥාමනස්කාරයෝ හැසිරෙත්. හේ ඒ මට ආබාධ වෙයි. ආනන්‍දය, යම් සේ සුව ඇතියහට ආබාධ පිණිස ම දුක උපදනේ ද, එපරිදි ම ඒ මට උපේක්‍ෂාසහගත සංඥාමනස්කාරයෝ හැසිරෙත්. හේ ඒ මට ආබාධ වෙයි.
Pali BJTතස්ස මය්හං ආනන්ද, එතදහොසි: ‘යන්නූනාහං සබ්බසො රූපසඤ්ඤානං -පෙ- අනන්තො ආකාසොති, ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරෙය්ය’න්ති, තස්ස මය්හං ආනන්ද. ආකාසානඤ්චායතනෙ චිත්තං න පක්ඛන්දති නප්පසීදති න සන්තිට්ඨති න විමුච්චති ‘එතං සන්ත’න්ති පස්සතො.
Sinhala BJTආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “මම සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන්ගේ … ආකාසය අනන්තය යි ආකාසානඤ්චායතනයට එළැඹ වෙසෙම් නම් යෙහෙකැ”යි. ආනන්‍දය, තෙල ශාන්තයයි දක්නා වූ ඒ මාගේ සිත ආකාසානඤ්චායතනයෙහි නො බැස ගනියි, නො පහදියි, නො පිහිටයි, නො මිදෙයි.
Pali BJTතස්ස මය්හං ආනන්ද, එතදහොසි: ‘කො නු ඛො හෙතු, කො පච්චයො යෙන මෙ ආකාසානඤ්චායතනෙ චිත්තං න පක්ඛන්දති නප්පසීදති න සන්තිට්ඨති න විමුච්චති ‘එතං සන්ත’න්ති පස්සතො.
Sinhala BJTආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “තෙල ශාන්තය යි දක්නා වූ මාගේ සිත යම්හෙයෙකින් ආකාසානඤ්චායතනයෙහි නො පනී ද, නො පහදියි ද, නො පිහිටා ද, නො මිදේ ද, එයට හේතු කවර, ප්‍රත්‍යය කවර යත්:
Pali BJTතස්ස මය්හං ආනන්ද, එතදහොසි: ‘රූපෙසු ඛො මෙ ආදීනවො අදිට්ඨො, සො ච මෙ අබහුලීකතො. ආකාසානඤ්චායතනෙ ආනිසංසො අනධිගතො. සො ච මෙ අනාසෙවිතො. තස්මා මෙ ආකාසානඤ්චායතනෙ චිත්තං න පක්ඛන්දති නප්පසීදති න සන්තිට්ඨති න විමුච්චති ‘එතං සන්ත’න්ති පස්සතො.
Sinhala BJTආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “මා විසින් රූපයන්හි දෝස නො දක්නා ලද ය. ඒ මා විසින් අබහුලීකෘත ද වෙයි. ආකාසානඤ්චායතනයෙහි අනුසස් අවබෝධ නොකරන ලද ය. ඒ මා විසින් අනාසේවිත ද වෙයි. එහෙයින් තෙල ශාන්තය යි දන්නා වූ මාගේ සිත ආකාසානඤ්චායතනයෙහි නො පනියි, නො පහදියි, නො පිහිටයි, නො මිදෙයි.”
Pali BJTතස්ස මය්හං ආනන්ද, එතදහොසි: ‘සචෙ ඛො අහං රූපෙසු ආදීනවං දිස්වා තං බහුලීකරෙය්යං, ආකාසානඤ්චායතනෙ ආනිසංසං අධිගම්ම තමාසෙවෙය්යං, ඨානං ඛො පනෙතං විජ්ජති යං මෙ ආකාසානඤ්චායතනෙ චිත්තං පක්ඛන්දෙය්ය පසීදෙය්ය සන්තිට්ඨෙය්ය විමුච්චෙය්ය ‘එතං සන්ත’න්ති පස්සතො.
Sinhala BJTආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “ඉදින් මම රූපයන්හි ආදීනව දැක එය බහුලකරනෙම් නම් ආකිඤ්චඤ්ඤායතනයෙහි අනුසස් අවබෝධ කොට එය ආසේවන කරනෙම් නම් තෙල ශාන්තය යි දක්නා වූ මාගේ සිත යම්හෙයෙකින් ආකාසානඤ්චායතනයෙහි බැස ගන්නේ ය, පහදින්නේ ය, පිහිටන්නේ ය, මිදෙන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ මැයි.”
Pali BJTසො ඛො ආනන්ද, අපරෙන සමයෙන රූපෙසු ආදීනවං දිස්වා තං බහුලමකාසිං, ආකාසානඤ්චායතනෙ ආනිසංසං අධිගම්ම තමාසෙවිං, තස්ස මය්හං ආනන්ද, ආකාසානඤ්චායතනෙ චිත්තං පක්ඛන්දති පසීදති සන්තිට්ඨති විමුච්චති ‘එතං සන්ත’න්ති පස්සතො.
Sinhala BJTආනන්‍දය, ඒ මම පසුකාලයෙහි රූපයන්හි දොස් දැක එය බහුල කෙළෙමි. ආකාසානඤ්චායතනයෙහි අනුසස් සාක්‍ෂාත් කොට එය ආදරයෙන් සෙව්වෙමි. ආනන්‍දය, තෙල ශාන්ත යි දක්නා වූ ඒ මාගේ සිත ආකාසානඤ්චායතනයෙහි බැස ගනියි, පහදියි, පිහිටයි, මිදෙයි.
Pali BJT5. සො ඛො ආනන්ද, සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා -පෙ- අනන්තො ආකාසොති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරාමි. තස්ස මය්හං ආනන්ද, ඉමිනා විහාරෙන විහරතො රූපසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති. ස්වාස්ස මෙ හොති ආබාධො. සෙය්යථාපි ආනන්ද, සුඛිනො දුක්ඛං උප්පජ්ජෙය්ය, යාවදෙව ආබාධාය. එවමෙවස්ස මෙ රූපසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති. ස්වාස්ස මෙ හොති ආබාධො.
Sinhala BJT5. ආනන්‍දය, ඒ මම සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන්ගේ සමතික්‍රමයෙන් … (කසිණුග්ඝාටික) ආකාසය අනන්තය යි ආකාසානඤ්චායතනයට එළැඹ වෙසෙමි. ආනන්‍දය, මේ විහාරයෙන් වසන්නා වූ ඒ මට රූපසහගත වූ සංඥාමනසිකාරයෝ හැසිරෙත්. ඒ මට ආබාධ වෙයි. ආනන්‍දය, සුව ඇතියහට ආබාධ පිණිස ම යම්සේ දුක උපදනේ ද, එසෙයින් ම මට රූපසහගත වූ සංඥාමනසිකාරයෝ හැසිරෙත්. ඒ මට ආබාධ වෙයි.
Pali BJTතස්ස මය්හං ආනන්ද, එතදහොසි: යන්නූනාහං සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරෙය්යන්ති. ‘තස්ස මය්හං ආනන්ද විඤ්ඤාණඤ්චායතනෙ චිත්තං න පක්ඛන්දති නප්පසීදති න සන්තිට්ඨති න විමුච්චති එතං සන්තන්ති පස්සතො.
Sinhala BJTආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “මම සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා (ආකාසාරම්මණ) විඤ්ඤාණය අනන්තයි විඤ්ඤාණඤ්චායතනයට එළැඹ වෙසෙම් නම් යෙහෙකැ”යි. ආනන්‍දය, තෙල ශාන්ත යි දක්නා වූ ඒ මාගේ සිත විඤ්ඤාණඤ්චායතනයෙහි නො පනියි, නො පහදියි, නො පිහිටයි, නො මිදෙයි.
Pali BJTතස්ස මය්හං ආනන්ද, එතදහොසි: ‘කො නු ඛො හෙතු, කො පච්චයො, යෙන මෙ විඤ්ඤාණඤ්චායතනෙ චිත්තං න පක්ඛන්දති නප්පසීදති න සන්තිට්ඨති න විමුච්චති ‘එතං සන්ත’න්ති පස්සතො.
Sinhala BJTආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “තෙල ශාන්තය යි දක්නා වූ මාගේ සිත යම්හෙයෙකින් විඤ්ඤාණඤ්චායතනයෙහි නො පනී ද, නො පහදී ද, නො පිහිටා ද, නො මිදේ ද, එයට හේතු කවර, ප්‍රත්‍ය කවර යත්:
Pali BJTතස්ස මය්හං ආනන්ද, එතදහොසි: ආකාසානඤ්චායතනෙ ඛො මෙ ආදීනවො අදිට්ඨො, සො ච මෙ අබහුලීකතො. විඤ්ඤාණඤ්චායතනෙ ච ආනිසංසො අනධිගතො සො ච මෙ අනාසෙවිතො. තස්මා මෙ විඤ්ඤාණඤ්චායතනෙ චිත්තං න පක්ඛන්දති නප්පසීදති න සන්තිට්ඨති න විමුච්චති’ ‘එතං සන්ත’න්ති පස්සතො.
Sinhala BJTආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “මා විසින් ආකාසානඤ්චායතනයයෙහි ආදීනව නො දක්නා ලද ය. ඒ මා විසින් අබහුලීකෘත ද වෙයි. විඤ්ඤාණඤ්චායතනයෙහි අනුසස් ද නො ලබන ලද ය. මා විසින් ඒ අනාසේවිත ද වෙයි. එහෙයින් තෙල ශාන්තය යි දක්නා වූ මාගේ සිත විඤ්ඤාණඤ්චායතනයෙහි නො බැස ගනියි, නො පහදියි, නො පිහිටයි, නො මිදෙයි.
Pali BJTසචෙ ඛො අහං ආකාසානඤ්චායතනෙ ආදීනවං දිස්වා තං බහුලීකරෙය්යං, විඤ්ඤාණඤ්චායතනෙ ආනිසංසං අධිගම්ම තමාසෙවෙය්යං, ඨානං ඛො පනෙතං විජ්ජති යං මෙ විඤ්ඤාණඤ්චායතනෙ චිත්තං පක්ඛන්දෙය්ය පසීදෙය්ය සන්තිට්ඨෙය්ය විමුච්චෙය්ය ‘එතං සන්ත’න්ති පස්සතො.
Sinhala BJTඉදින් මම ආකාසානඤ්චායතනයෙහි ආදීනව දැක එය බහුල කරන්නෙම් නම් විඤ්ඤාණඤ්චායතනයෙහි අනුසස් අවබෝධ කොට එය ආසේවන කරන්නෙම් නම් තෙල ශාන්තය යි දක්නා වූ ඒ මාගේ සිත යම් හෙයෙකින් විඤ්ඤාණඤ්චායතනයෙහි පනින්නේ ය, පහදින්නේ ය, පිහිටන්නේ ය, මිදෙන්නේ ය යන තෙල කරුණ ඇත් ම ය.”
Pali BJTසො ඛො අහං ආනන්ද, අපරෙන සමයෙන ආකාසානඤ්චායතනෙ ආදීනවං දිස්වා තං බහුලමකාසිං, විඤ්ඤාණඤ්චායතනෙ ආනිසංසං අධිගම්ම තමාසෙවිං. තස්ස මය්හං ආනන්ද, විඤ්ඤාණඤ්චායතනෙ චිත්තං පක්ඛන්දති පසීදති සන්තිට්ඨති විමුච්චති ‘එතං සන්ත’න්ති පස්සතො.
Sinhala BJTආනන්‍දය, ඒ මම පසුකාලයෙහි ආකාසානඤ්චායතනයෙහි ආදීනව දැක එය බහුල කෙළෙමි. විඤ්ඤාණඤ්චායතනයෙහි අනුසස් අවබෝධ කොට එය ආසේවන කෙළෙමි. ආනන්‍දය, තෙල ශාන්තය යි දක්නාවූ ඒ මාගේ සිත විඤ්ඤාණඤ්චායතනයෙහි බැස ගනියි, පහදියි, පිහිටයි, මිදෙයි.
Pali BJT6. සො ඛො අහං ආනන්ද, සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරාමි. තස්ස මය්හං ආනන්ද, ඉමිනා විහාරෙන විහරතො ආකාසානඤ්චායතනසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති. ස්වාස්ස මෙ හොති ආබාධො. සෙය්යථාපි ආනන්ද, සුඛිනො දුක්ඛං උප්පජ්ජෙය්ය යාවදෙව ආබාධාය. එවමෙවස්ස මෙ ආකාසානඤ්චායතනසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති. ස්වාස්ස මෙ හොති ආබාධො.
Sinhala BJT6. ආනන්‍දය, ඒ මම සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණඤ්චායතනයට එළැඹ වෙසෙමි. ආනන්‍දය, මේ විහාරයෙන් වසන්නා වූ ඒ මට ආකාසානඤ්චායතනසහගත වූ සංඥාමනස්කාරයෝ හැසිරෙත්. හේ ඒ මට බාධා වෙයි. ආනන්‍දය, සුව ඇතියහට ආබාධ පිණිස ම යම්සේ දුක් උපදනේ ද, එසේ ම ඒ මට ආකාසානඤ්චායතනසහගත වූ සංඥාමනස්කාරයෝ හැසිරෙත්. හේ ඒ මට ආබාධ වෙයි.