Cullavagga

Lesser Division

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 3843 segments

පෙන්වන කොටස් 801-900 න් 3843

4. ඒකාහපටිච්ඡන්න මානත
1. හෙ තෙම වුසූ පිරිවෙස් ඇත්තේ, “ඇවැත්නි, මම් එක් දවසක් පිළිසන් වූ එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස සඞ්ඝයාගෙන් ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස දුන්නේ ය. ඒ මම් වුසූ පිරිවෙස් ඇතියෙම් වෙමි. මා විසින් කෙසේ නම් පිළිපැදිය යුතු දැ? යි භික්‍ෂූනට කී ය. ඔහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළහ.
2. මහණෙනි, එසේ වී නම් සඞ්ඝ තෙමේ උදායී මහණහට එක් දවසක් පිළිසන් වූ එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දේවා. මහණෙනි, එය මෙසේ දිය යුතු:
ඒ උදායී මහණහු විසින් සඞ්ඝයා වෙත එළැඹ උතුරුසඟ එකස් කොට, මහලු මහණුන් පා වැඳ උත්කුටුක වැ හිඳ දොහොත් මුදුන් දී “වහන්ස, මම් එක් දවසක් පිළිසන් වූ එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස සඞ්ඝයාගෙන් ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස දුන්නේ ය. වහන්ස, ඒ මම වුසූ පිරිවෙස ඇතියෙම්, එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත සඞ්ඝයාගෙන් ඉල්ලමි” යි මෙසේ කිය යුතු වන්නේ ය. දෙවනු ද ඉල්ලිය යුතු ... තෙවනු ද ඉල්ලිය යුතු ...
3. ව්‍යක්ත වූ ප්‍රතිබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්විය යුතු:
“සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: මේ උදායී මහණ තෙම එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස සඞ්ඝයාගෙන් ඉල්ලී ය. සඞ්ඝ තෙම උදායී මහණහට එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස දුන්නේ ය. හේ වුසූ පිරිවෙස් ඇත්තේ, එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සඞ්ඝයාගෙන් සරැයක් පිරිය යුතු මානත ඉල්ලයි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ උදායී මහණහට එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දේවා. මේ ඥප්තිය යි.
වහන්ස, සඞ්ඝ තෙමෙ මාගේ වචනය අසාවා: මේ උදායී මහණ තෙම එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙතම සඞ්ඝයාගෙන් එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස ඉල්ලී ය. සඞ්ඝ තෙම උදායී මහණහට එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස දුන්නේ ය. හේ වුසූ පිරිවෙස් ඇත්තේ, එක් දවසක් පිළිසන් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත සඞ්ඝයාගෙන් ඉල්ලයි. සඞ්ඝ තෙමේ උදායී මහණහට එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දෙයි. උදායී මහණහට එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දීම යම් ආයුෂ්මතක් හට රිසියේ නම්, හේ නිහඬ වේවා. යමකුහට නො රිසියේ නම්, හේ කියාවා.
දෙවනු ද මේ කරුණ කියමි ... තෙවනු ද මෙ කරුණ කියමි ...
සඞ්ඝයා විසින් උදායී මහණහට එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත සඞ්ඝයා විසින් දෙන ලදී. එය සඞ්ඝයාට රිසියෙයි. එ හෙයින් නිහඬ ය. මෙසේ මෙය සලකමි” යනු යි.
ඒකාහපටිච්ඡන්න මානත නිමියේ ය.
5. ඒකාහපටිච්ඡන්න අබ්භානය
1. හෙ තෙම පිරූ මානත ඇත්තේ, “ඇවැත්නි, මම් එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සඞ්ඝයාගෙන් එක් දවසක් විසිය යුතු පිරිවෙස ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස දුන්නේ ය. ඒ මම් වුසූ පිරිවෙස් ඇතියෙම්, සඞ්ඝයාගෙන් එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙම එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දුන්නේ ය. ඒ මම් පිරූ මානත ඇතියෙමි. කෙසේ නම් මා විසින් පිළිපැදිය යුතු දැයි භික්‍ෂූනට කීය. භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැළකළහ.
2. (භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක:) “මහණෙනි, එසේ වී නම් සඞ්ඝ තෙමේ උදායී මහණ අබ්භාන කෙරේවා. මහණෙනි, මෙසේ අබ්භාන කට යුතු:
ඒ උදායී මහණහු විසින් සඞ්ඝයා වෙත එළඹ උතුරුසඟ එකස් කොට වැඩිමහලු මහණුන් පා වැඳ උත්කුටුක වැ හිඳ දොහොත් මුදුනැ තබා මෙසේ කිය යුතු: “වහන්ස, මම් එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් සඞ්ඝයාගෙන් එක් දවසක් පිළියන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙම එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස දුන්නේ ය. ඒ මම් වුසූ පිරිවෙස් ඇතියෙම්, සඞ්ඝයාගෙන් ඒ එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙම එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දුන්නේ ය. වහන්ස, ඒ මම පිරූ මානත ඇතියෙම්, සඞ්ඝයාගෙන් අබ්භානය ඉල්ලම්” කියා යි. දෙවනු ද ඉල්ලිය යුතු ... තෙවනු ද ඉල්ලිය යුතු ...
3. ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුතු:
“සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: මේ උදායී මහණ එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හේ සඞ්ඝයාගෙන් එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස ඉල්ලී ය. සඞ්ඝ තෙම් උදායී මහණහට එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස දුන්නේ ය. හේ වුසූ පිරිවෙස ඇත්තේ, සඞ්ඝයාගෙන් එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත ඉල්ලී ය. සඞ්ඝ තෙම උදායී මහණහට එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සරුයක් පිරිය යුතු මානත දුන්නේ ය. හේ පිරූ මානත ඇත්තේ, සඞ්ඝයාගෙන් අබ්භානය ඉල්ලයි. ඉදින් සඞ්ඝයාට ප්‍රාප්ත කාල වේ නම්, සඞ්ඝ තෙමේ උදායී මහණ අබ්භාන කෙරේවා. මේ ඥප්තිය යි.
සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: මේ උදායී මහණ තෙම එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම සඞ්ඝයාගෙන් එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස ඉල්ලී ය. සඞ්ඝ තෙම උදායී මහණහට එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස දුන්නේ ය. හේ වුසූ පිරිවෙස් ඇත්තේ, එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත සඞ්ඝයාගෙන් ඉල්ලී ය. සඞ්ඝ තෙම උදායී මහණහට එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දුන්නේ ය. හේ පිරූ මානත ඇත්තේ සඞ්ඝයාගෙන් අබ්භානය ඉල්ලයි. සඞ්ඝ තෙම උදායී මහණ අබ්භානය කෙරෙයි. උදායී මහණහුගේ අබ්භානය යම් ආයුෂ්මතක්හට රිසියේ නම්, හේ නිහඬ වේවා. යමකුට නො රිසියේ නම්, හේ කියාවා.
දෙවනු ද මේ කරුණ කියමි ... තෙවනු ද මේ කරුණ කියමි ...
සඞ්ඝයා විසින් උදායී මහණ අබ්භිත වෙයි. එය සඞ්ඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙය සලකමි” යි.
ඒකාහපටිච්ඡන්න අබ්භානය නිමියේ ය.
6. පඤ්චාහපටිච්ඡන්න පිරිවෙස
1. එසමයෙහි ආයුෂ්මත් උදායී තෙම දෙදවසක් පිළිසන් ... තුන් දවසක් පිළිසන් ... සතර දවසක් පිළිසන් ... එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ වෙයි ... එ සමයෙහි ආයුෂ්මත් උදායී තෙම් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ වෙයි. හේ භික්‍ෂුනට “ඇවැත්නි, පස්දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. කෙසේ නම් මා විසින් පිළිපැදිය යුතු දැ” යි සැළ කෙළේ ය. ඔහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළහ.
2. (භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක:) මහණෙනි, එසේ වී නම් සඞ්ඝ තෙමේ උදායී මහණහට පස්දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පස් දිනක් වසන පිරිවෙස දේවා. මහණෙනි, එය ද මෙසේ දිය යුතු: ඒ උදායී මහණහු විසින් සඞ්ඝයා වෙත එළැඹ උතුරුසඟ එකස් කොට වැඩි මහලු මහණුන් පා වැඳ, උත්කුටුක වැ හිඳ දොහොත් මුදුන් තබා “වහන්ස, මම පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. වහන්ස, ඒ මම් සඞ්ඝයාගෙන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පස් දිනක් වසන පිරිවෙස ඉල්ලමි” යි මෙසේ කිය යුතු වන්නේ ය. දෙවනු ද ඉල්ලිය යුතු ... තෙවනු ද ඉල්ලිය යුතු ... ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුතු:
3. “වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: මේ උදායී මහණ තෙම පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම සඞ්ඝයාගෙන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පස්දිනක් වසන පිරිවෙස ඉල්ලයි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ වී නම්, සඞ්ඝ තෙමේ උදායී මහණහට පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පස් දිනක් වසන පිරිවෙස දේවා. මේ ඥප්තිය යි.
වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: මේ උදායී මහණ තෙම පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම සඞ්ඝයාගෙන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පස් දිනක් වසන පිරිවෙස ඉල්ලයි. සඞ්ඝ තෙමේ උදායී මහණහට පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පස් දිනක් වසන පිරිවෙස දෙයි. උදායී මහණහට පස්දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පස් දිනක් වසන පිරිවෙස දීම යම් ආයුෂ්මතක්හට රිසියේ නම්, හේ නිහඬ වේවා. යමකුහට නො රිසියේ නම්, හේ කියාවා.
දෙවනුවද මේ කරුණ කියමි ... තෙවනු ව ද මෙ කරුණ කියමි ...
සඞ්ඝයා විසින් උදායී මහණහට පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පස් දිනක් වසන පිරිවෙස දෙන ලදි. සංඝයාට රිසියෙයි. එ හෙයින් නිහඬ ය. මෙසේ මෙය සලකමි.
පඤ්චාහපටිච්ඡන්න පිරිවෙස නිමියේ ය.
7. පාරිවාසිකමූලායපටිකස්සනාව
1. හෙ තෙම පිරිවෙස් වසනුයේ ඒ අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම භික්‍ෂූනට “ඇවැත්නි, මම් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් සඞ්ඝයාගෙන් පස්දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පස් දිනක් වසන පිරිවෙස සඞ්ඝයාගෙන් ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පස් දිනක් වසන පිරිවෙස දුන්නේ ය. ඒ මම් පිරිවෙස් වසන්නෙම් ඒ අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. මා විසින් කෙසේ පිළිපැදිය යුතු දැ” යි සැළ කෙළේ ය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් දැන්වූහ.
2. මහණෙනි, එසේ වී නම් සඞ්ඝ තෙමේ උදායී මහණහට අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට (පිළියම් පිණිස) මූලායපටිකස්සනාව කෙරේවා. මහණෙනි, මෙසේ මූලායපටිකස්සනාව කළ යුතු: ඒ උදායී මහණහු විසින් සඞ්ඝයා වෙත එළැඹ මෙසේ කිය යුතු වන්නේ ය: “වහන්ස, මම් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් සඞ්ඝයාගෙන් පස්දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පස් දිනක් වසන පිරිවෙස ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පස් දිනක් වසන පිරිවෙස දුන්නේ ය. ඒ මම පිරිවෙස් වසන්නෙම් ඒ අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. වහන්ස, ඒ මම් සඞ්ඝයාගෙන් ඒ අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට (පිළියම් පිණිස) මූලායපටිකස්සනාව (මුල් ඇවැතට පෙරළා ඇදීම) ඉල්ලමි” යි දෙවනු ද ඉල්ලිය යුතු ... තෙවනු ද ඉල්ලිය යුතු ... ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුතු:
3. “වහන්ස, සඞ්ඝ තෙමේ මගේ වචනය අසාවා: මේ උදායී මහණ පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම සඞ්ඝයාගෙන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පඤ්චාහපරිවාසය ඉල්ලී ය. සඞ්ඝ තෙමේ උදායී මහණහට පඤ්චාහපටිච්ඡන්න වූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පඤ්චාහපරිවාසය දුන්නේ ය. හේ පිරිවෙස වසනුයේ ඒ අතර නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම ඒ අතරැ අවන් ඒ නොපිළියන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට (පිළියම් පිණිස) සඞ්ඝයාගෙන් මූලායපටිකස්සනාය ඉල්ලයි. ඉදින් සඞ්ඝයාට ප්‍රාප්ත කාල නම්, සඞ්ඝ තෙම උදායී මහණහට අතරැ අවන් එක් නොපිළිසන් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කරන්නේ ය, මේ ඥප්තිය යි.
වහන්ස, සඞ්ඝ තෙමේ මගේ වචනය අසාවා: මේ උදායී මහණ පඤ්චාහපටිච්ඡන්න එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම සඞ්ඝයාගෙන් පඤ්චාහපටිච්ඡන්න වූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පඤ්චාහපරිවාසය ඉල්ලී ය. සඞ්ඝ තෙමේ උදායී මහණහට පඤ්චාහපටිච්ඡන්න එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පඤ්චාහපරිවාසය දුන්නේ ය. හේ පිරිවෙස් වසන්නේ ඒ අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම සඞ්ඝයාගෙන් අතරැ අවන් නොපිළිසන් ඒ සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සානාව (මුල් ඇවැතට ඇදීම) ඉල්ලයි. සඞ්ඝ තෙමේ උදායී මහණහට අතරැ අවන් නොපිළිසන් වූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙරේ. උදායී මහණහට අතරැ අවන් එක් අපටිච්ඡන්න සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව යම් ආයුෂ්මතක්හට රිසියේ නම් හෙ තෙම නිහඬ වේවා. යමකුට නො රිසියේ නම් හේ කියාවා.
දෙවනු ද මේ කරුණ කියමි ... තෙවනු ද මේ කරුණ කියමි ...
සඞ්ඝයා විසින් උදායී මහණ තෙම අතරැ පැමිණි නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කරණ ලද්දේ ය. සඞ්ඝයාට රිසියෙයි. එ හෙයින් නිහඬ වෙයි. මෙසේ මෙ කරුණ සලකමි” යි
පාරිවාසිකමූලායපටිකස්සනාව නිමි.
8. මානත්තාරහමූලායපටිකස්සනාව
1. හේ වුසූ පිරිවෙස් ඇත්තේ, මානතට සුදුසු වූයේ, ඒ අතරැ එක් නොපිළිසන් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම මහණුනට “ඇවැත්නි, මම පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් සඞ්ඝයාගෙන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පඤ්චාහපරිවාසය ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ පස්දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පඤ්චාහපරිවාසය දුන්නේ ය. ඒ මම් පිරිවෙස වසන්නෙම්, ඒ අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් සඞ්ඝයාගෙන් අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව ඉල්ලීමි. සඞ්ඝ තෙමේ ඒ මට නොපිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. ඒ මම් වුසූ පිරිවෙස් ඇතියෙම්, මානතට සුදුසු වූයෙම්, ඒ අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. කෙසේ නම් මා විසින් පිළිපැදිය යුතු දැ” යි සැළ කෙළේ ය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළහ. (භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක:)
2. මහණෙනි, එසේ වී නම් සඞ්ඝ තෙමේ අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට උදායී මහණහට මූලායපටිකස්සනාව කෙරේවා.-
මහණෙනි, මෙසේ මුලට ඇද්ද යුතු: මහණෙනි, ඒ උදායී මහණහු විසින් සඞ්ඝයා වෙත එළැඹ, උතුරුසඟ එකස් කොට, වැඩි මහලු මහණුන් පා වැඳ උත්කුටුක වැ හිඳ, දොහොත් මුදුන් තබා, ‘වහන්ස, මම් පස්දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි ඒ මම් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පස්දිනකට පිරිවෙස් ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පස්දිනක පිරිවෙස දුන්නේ ය. ඒ මම් අතරැ අවන් අපටිච්ඡන්න වූ ඒ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ අතරැ අවන් අපටිච්ඡන්න වූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. ඒ මම් වුසූ පිරිවෙස් ඇතියෙම්, මානතට සුදුසු වූයෙම්, ඒ අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. වහන්ස, ඒ මම් අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සඞ්ඝයාගෙන් මූලායපටිකස්සනාව ඉල්ලමි” යි මෙසේ කිය යුතු වන්නේ ය. දෙවනු ද ඉල්ලිය යුතු. තෙවනු ද ඉල්ලිය යුතු. ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්විය යුතු:
“වහන්ස, සඞ්ඝ තෙමේ මබස් අසාවා: මේ උදායී මහණ පස්දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම සඞ්ඝයාගෙන් පස්දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පස් දවසට පිරිවෙස ඉල්ලී ය. ඔහුට සඞ්ඝ තෙම පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පස් දවසකට පිරිවෙස දුන්නේ ය. හේ පිරිවෙස් වසනුයේ අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හේ අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව ඉල්ලී ය. ඔහුට සඞ්ඝ තෙමේ අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. හේ වුසූ පිරිවෙස ඇත්තේ මානතට සුදුසු වූයේ, ඒ අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව සඞ්ඝයාගෙන් ඉල්ලයි. ඉදින් සඞ්ඝයාට ප්‍රාප්ත කාල නම්, සඞ්ඝ තෙමේ උදායී මහණහට අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙරේවා. මේ ඥප්තිය යි.
වහන්ස, සඞ්ඝ තෙමේ මබස් අසාවා: මේ උදායී මහණ පස්දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හේ වුසූ පිරිවෙස් ඇත්තේ මානතට සුදුසු වූයේ ඒ අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව සඞ්ඝයාගෙන් ඉල්ලයි. සඞ්ඝ තෙමේ උදායී මහණහට අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙරෙයි. උදායී මහණහට අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කිරීම යම් ආයුෂ්මතක්හට රිසියේ නම්, හේ නිහඬ වේවා, යමකුට නො රිසියේ නම් හේ කියාවා.
දෙවනු ද මෙ කරුණ කියමි ... තෙවනු ද මෙ කරුණ කියමි ...
සඞ්ඝයා විසින් උදායී මහණ තෙම අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කරණ ලද්දේ ය. සඞ්ඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙය සලකමි” යි.
මානත්තාරහමූලායපටිකස්සනාව නිමි.
9. තිකාපත්ති මානත
1. හෙ තෙම වුසූ පිරිවෙස් ඇතියේ, “ඇවැත්නි, මම පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි ... ඒ මම් වුසූ පිරිවෙස් ඇතියෙමි. කෙසේ නම් මා විසින් පිළිපැදිය යුතු දැ” යි මහණුනට සැළ කෙළේ ය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් දැන්වූහ.
2. මහණෙනි, එසේ වී නම් සඞ්ඝ තෙමේ උදායී මහණහට තුන් ආපත්තීනට ෂාඩ්රාත්‍රික මානත දේවා. මහණෙනි, මෙසේ එය දිය යුතු: ඒ උදායී මහණහු විසින් සඞ්ඝයා වෙත එළඹ “වහන්ස, මම් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම සඞ්ඝයාගෙන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පඤ්චාහපරිවාසය ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙම පඤ්චාහප්‍රතිච්ඡන්න එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පඤ්චාහපරිවාසය දුන්නේ ය. ඒ මම් පිරිවෙස් වසන්නෙම්, අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි අතුරු ඇවැතට සඞ්ඝයාගෙන් මූලායපටිකස්සනාව ඉල්ලීමි. සඞ්ඝ තෙමේ මට අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. ඒ මම් වුසූ පිරිවෙස් ඇතියෙම්, මානතට සුදුසු වූයෙම්, අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි අතුරු ඇවැතට මූලායපටිකස්සනාව සඞ්ඝයාගෙන් ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි අතුරු ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. වහන්ස, ඒ මම් වුසූ පිරිවෙස් ඇතියෙම්, සඞ්ඝයාගෙන් තුන් ඇවැත්නට ෂඩ්රාත්‍රික මානත ඉල්ලමි’ යනු යි. දෙවනු ද ඉල්ලිය යුතු ... තෙවනු ද ඉල්ලිය යුතු ව්‍යක්ත වූ ප්‍රතිබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්විය යුතු:
3. “වහන්ස, සඞ්ඝ තෙමේ මබස් අසාවා. මේ උදායී මහණ පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය ... හේ වුසූ පිරිවෙස ඇත්තේ සඞ්ඝයාගෙන් තුන් ඇවැත්නට ෂාඩ්රාත්‍රික මානත ඉල්ලයි. ඉදින් සඞ්ඝයාට ප්‍රාප්තකාල වී නම්, සඞ්ඝ තෙමේ උදායී මහණහට තුන් ඇවැත්නට ෂාඩ්රාත්‍රික මානත දේවා. මේ ඥප්තිය යි.
වහන්ස, සඞ්ඝ තෙමේ මබස් අසාවා: මේ උදායී මහණ පඤ්චාහ ප්‍රතිච්ඡන්න එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය ... හේ පිරූ පිරිවෙස් ඇතියේ සඞ්ඝයාගෙන් තුන් ඇවැත්නට ෂඩ්රාත්‍රික මානත ඉල්ලයි. සඞ්ඝ තෙමේ උදායී මහණහට තුන් ඇවැත්නට ෂාඩ්රාත්‍රික මානත දෙයි. උදායී මහණහට තුන් ඇවැත්නට ෂඩ්රාත්‍රික මානත දීම යම් ආයුෂ්මතකුට රිසියේ නම් හේ නිහඬ වේවා. යමකුට නො රිසියේ නම්, හේ කියාවා.
දෙවනු ද මෙ කරුණ කියමි ... තෙවනු ද මෙ කරුණ කියමි ...
සඞ්ඝයා විසින් උදායී මහණහට තුන් ඇවැත්නට ෂඩ්රාත්‍රික මානත දෙන ලද්දේ ය. සඞ්ඝයාට රිසියෙයි. එ හෙයින් නිහඬ ය. මෙසේ මෙය සලකමි” යි.
තිකාපත්ති මානත නිමියේ ය.
10. මානත්තචාරිකමුලායපටිකස්සනාව
1. හේ මානත පුරණුයේ, අතරැ නොපිළිසන් වූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හේ භික්‍ෂූනට “ඇවැත්නි, පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට මම් පැමිණියෙමි … ඒ මම් මානත පුරණුයෙම්, නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. කෙසේ නම් මා විසින් පිළිපැදිය යුතු දැ” යි සැළ කෙළේ ය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් දැන්වූහ.
2. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:) මහණෙනි, එසේ නම් සඞ්ඝ තෙම උදායී මහණහට අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කොට, ෂාඩ්රාත්‍රික මානත දේවා. මහණෙනි, මෙසේ මූලායපටිකස්සනාව කළ යුතු: මහණෙනි, ඒ උදායී මහණහු විසින් සඞ්ඝයා වෙත එළඹ උතුරු සඟ එකස් කොට වැඩිමහලු තෙරුන් පා වැඳ උත්කුටුක වැ හිඳ, දොහොත් මුදුන තබා මෙසේ කියැ යුතු වන්නේය: “වහන්ස, මම් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතක් අවනිමි. ඒ මම් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්විසැටි ඇවැතට පස්දිනක් පිරිවෙස සඞ්ඝයා වෙතින් ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ පස්දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්විසැටි ඇවැතට පස් දිනක් පිරිවෙස දුන්නේ ය. ඒ මම් පිරිවෙස් වසන්නෙම්, අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්විසැටි ඇවැතක් අවනිමි. ඒ මම් අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්විසැටි ඇවැතට මූලායපටිකස්සනාව සඞ්ඝයා වෙතින් ඉල්ලීමි. ඒ මට සංඝ තෙමේ අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. ඒ මම් වුසූ පිරිවෙසැත්තෙම්, මානතට සුදුසු වූයෙම්, ඒ අතරැ නොපිළිසන් සඤ්චේතනක සුක්විසැටි ඇවැතක් අවනිමි. ඒ මම් අතරැ අවන් නොපිළිසන් සඤ්චේතනක සුක්විසැටි ඇවැතට මූලායපටිකස්සනාව ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ අතරැ අවන් නොපිළිසන් සඤ්චේතනක සුක්විසැටි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. වහන්ස, ඒ මම් පිරිවුසු පිරිවෙස ඇතියෙම්, තුන් ඇවැතුන් සඳහා සරැයෙක මානත සඟහු යැදීමි.
ඒ මට සඟ තෙමේ තුන් ඇවැත්නට සරැයෙක මානත දුනි. ඒ මම් මානත පුරනුයෙම්, අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්විසැටි ඇවතක් අවනිමි. වහන්ස, (ඒ මම අතරැ අවන්) නො පිළිසන් එක් සඤ්චේතනක සුක්විසැටි ඇවැතට මූලායපටිකස්සනාව සඟහු යදිමි” යනු යි. දෙවනු දු යැදිය යුතු ... තෙවනුදු යැදියැ යුතු ... වියත් පිළිබල මහණක්හු විසින් මෙසේ සඟ තෙමේ දැන්වියැ යුතු:
3. “සඟ තෙමේ මබස් අසාවා. මේ උදායී මහණ පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්විසැටි ඇවැතක් අවන ... හේ වුසූ පිරිවෙස් ඇත්තේ තුන් ඇවැත්නට සඟහු සරැයෙක මානත යැදී. සඟ තෙමේ උදායී මහණහට තුන් ඇවැත්නට සරැයෙක මානත දුන. හේ මානත පුරනුයේ අතරැ එක් නොපිළිසන් සඤ්චේතනක සුක්විසැටි ඇවැතක් අවන හේ අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්විසැටි ඇවැතට මූලායපටිකස්සනාව සඟහු යදි. ඉදින් (මෙය) සඟහට ප්‍රාප්තකාල කර්‍මයෙක් වේ නම්, සඟ තෙමේ උදායී මහණහට අතරැ අවන් නොපිළිසන් සඤ්චේතනක සුක්විසැටි ඇවැත සඳහා මූලායපටිකස්සනාව කරන්නේ ය. මේ ඥප්ති යැ.
සඟ තෙමේ මබස් අසාවා: මේ උදායී මහණ පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්විසැටි ඇවැතක් අවන ... හේ මානත පුරනුයේ, අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්විසැටි ඇවැතට මූලායපටිකස්සනාව සඟහු යදී. සඟ තෙමේ උදායී මහණහට අතරැ අවන් නො පිළිසන් එක් සඤ්චේතනක සුක්විසැටි ඇවැතට මූලායපටිකස්සනා කෙරෙයි උදායී මහණහට ... මූලායපටිකස්සනාව යම් ආයුෂ්මතක්හට රිසියේ නම්, හේ නිහඬ වන්නේ ය. යමක් හට නො රිසියේ නම්, හේ කියන්නේ ය.
දෙවනුදු මෙ කරුණ කියමි. තෙවනුදු මෙ කරුණ කියමි ...
සඟහු විසින් උදායී මහණ තෙම අතරැ අවන් එක් සඤ්චේතනක සුක්විසැටි ඇවැත සඳහා මූලායපටිකස්සනායෙන් පිළිකස්නා ලද සඟහට කැමෙයි. එහෙයින් නිහඬ යැ. මෙසේ මෙය දරම්” යනු යි.
4. මහණෙනි, මානත ද මෙසේ දියැ යුතු: මහණෙනි, ඒ උදායී මහණ විසින් සඟහු කරා එළැඹ ... මෙසේ කියැ යුතු: “වහන්ස, මම් එක් නොපිළිසන් සඤ්චේතනක සුක්විසැටි ඇවැතක් අවනිමි ... ඒ මා සඟ තෙමේ මුලට පිළිකැසී. ඒ මම් පිරිවුසු පිරිවෙස් ඇතියෙම්, මානතට සුදුසුයෙම්, අතරැ එක් නොපිළිසන් සඤ්චේතනක සුක්විසැටි ඇවැතක් අවනිමි ... සඟ තෙමේ ඒ මා ... මුලට පිළිකැසී ... වහන්ස, ඒ මම් පිරිවුසු පිරිවෙස් ඇතියෙම්, තුන් ඇවැතුන් සඳහා සරැයක් පිරිය යුතු මානත සඟහු යැදීමි. ඒ මට සඟ තෙමේ තුන් ඇවැත්නට සරැයක් පිරියයුතු මානත දුන. ඒ මම් මානත පුරනුයෙම්, අතරැ එක් නොපිළිසන් සඤ්චේතනක සුක්විසැටි ඇවැතක් අවනිමි. වහන්ස, ඒ මම් අතරැ අවන් එක් නොපිළිසන් සඤ්චේතනික සුක්විසැටි ඇවැතට සරැයක් පිරිය යුතු මානත යදිමි” යි.
දෙවනු ද යැද්ද යුතු: තෙවනු ද යැද්ද යුතු ... වියත් පිළිඹුල් මහණක්හු විසින් සහ තෙමේ (මෙසේ) දැන්වියැ යුතු:
“වහන්ස, සඟ තෙමේ මබස් අසාවා: මේ උදායී මහණ ... සරැයක් පිරියැ යුතු මානත යදී. ඉදින් මේ කර්‍මය සඟහට ප්‍රාප්තකාල නම් සඟ තෙමේ උදායී මහණහට සරැයක් පිරියැ යුතු මානත දෙන්නේ ය. මේ ඥප්ති යැ.
“වහන්ස, සහ තෙමේ මබස් අසාවා ... සඟ තෙමේ උදායී මහණහට සරැයක් පිරියැ යුතු මානත දෙයි ... දෙවනු ද මෙ කරුණ කියමි ... තෙවනු ද මෙ කරුණ කියමි ...
සඟහු විසින් උදායී මහණහට අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්විසැටි ඇවැතට සරැයක් පිරියැ යුතු මානත දෙන ලද. සඟහට රිසියෙ යි. එහෙයින් නිහඬ යැ. මෙසේ මෙය දරමි” යි.
මානත්තචාරිකමූලායපටිකස්සනාව නිමි.
11. අබ්භානාරහමූලායපටිකස්සනාව
1. හේ පිරූ මානත ඇත්තේ අබ්භානයට සුදුසු වූයේ, ඒ අතරැ එක් නොපිළිසන් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හේ භික්‍ෂූනට “ඇවැත්නි, මම එක් පඤ්චාහප්‍රතිච්ඡන්න සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි ... ඒ මම් පිරූ මානත ඇතියෙම්, අබ්භානයට සුදුසු වූයෙම්, ඒ අතරැ එක් නොපිළිසන් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. මා විසින් කෙසේ නම් පිළිපැදියැ යුතුදැ” යි සැළ කෙළේ ය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළහ.
2. (භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක:) “මහණෙනි, එසේ නම් සඞ්ඝ තෙමේ උදායී මහණහට අතරැ අවන් නො පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කොට, ෂාඩ්රාත්‍රික මානත දේවා. මහණෙනි, මෙසේ මූලායපටිකස්සනාව කළ යුතු ... මහණෙනි, මෙසේ ෂාඩ්රාත්‍රික මානත දිය යුතු ... සඞ්ඝයා විසින් උදායී මහණහට අතරැ අවන් එක් නොපිළිසන් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට ෂාඩ්රාත්‍රික මානත දෙන ලද්දේ ය. සඞ්ඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙය සලකමි” යි.
අබ්භානාරහමූලායපටිකස්සනාව නිමි.
12. මූලායපටිකස්සිත අබ්භානය
1. හේ පිරුමානත ඇත්තේ භික්‍ෂූනට “ඇවැත්නි, මම් පඤ්චාහප්‍රතිච්ඡන්න, එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි ... ඒ මම් පිරූ මානත ඇතියෙම් වෙමි. කෙසේ නම් මා විසින් පිළිපැදිය යුතු දැ” යි මෙය කී ය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළහ.
(භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:) මහණෙනි, එසේ නම් සඞ්ඝ තෙමේ උදායී මහණ අබ්භාන කෙරේවා. මහණෙනි, මෙසේ අබ්භාන කළ යුතු: මහණෙනි, ඒ උදායී මහණහු විසින් සඞ්ඝයා වෙත එළඹ ... මෙසේ කියැ යුතු:
“වහන්ස, මම් පස්දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් සඞ්ඝයාගෙන් පස්දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පඤ්චාහපරිවාසය ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙම පඤ්චාහප්‍රතිච්ඡන්න වූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පඤ්චාහපරිවාසය දුන්නේ ය. ඒ මම් පිරිවෙස් වසන්නෙම්, ඒ අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සඞ්ඝයාගෙන් මූලායපටිකස්සනාව ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙම අතරැ අවන් නොපිළිසන් වූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. ඒ මම් වුසූ පිරිවෙස් ඇතියෙම්, මානතට සුදුසු වූයෙම්, ඒ අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම අතරැ අවන් එක් නොපිළිසන් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙම අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. ඒ මම් වුසූ පිරිවෙස් ඇතියෙම්, සඞ්ඝයාගෙන් තුන් ඇවැත්නට ෂාඩ්රාත්‍රික මානත ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙම තුන් ඇවැත්නට ෂාඩ්රාත්‍රික මානත දුන්නේ ය. ඒ මම් මානත පුරන්නෙම්, ඒ අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් සඞ්ඝයාගෙන් අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. ඒ මම් සඞ්ඝයාගෙන් අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට ෂාඩ්රාත්‍රික මානත ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට ෂාඩ්රාත්‍රික මානත දුන්නේ ය. ඒ මම් පිරූ මානත ඇත්තෙම්, අබ්භානයට සුදුසු වූයෙම්, ඒ අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් සඞ්ඝයාගෙන් අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. ඒ මම් සඞ්ඝයාගෙන් අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට ෂාඩ්රාත්‍රික මානත ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ අතරැ අවන් නොපිළියන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට ෂාඩ්රාත්‍රික මානත දුන්නේ ය. වහන්ස, ඒ මම් පිරූ මානත ඇතියෙම්, සඞ්ඝයාගෙන් අබ්භානය ඉල්ලමි” යනු යි. දෙවනු ද ඉල්ලිය යුතු. තෙවනු ද ඉල්ලිය යුතු.
2. ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ (මෙසේ) දැන්විය යුතු:
“වහන්ස, සඞ්ඝ තෙමේ මබස් අසාවා: මේ උදායී මහණ පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම සඞ්ඝයාගෙන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පඤ්චාහ පිරිවෙස ඉල්ලී ය. සඞ්ඝ තෙමේ උදායී මහණහට පස්දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පඤ්චාහපිරිවෙස දුන්නේ ය. හේ පිරිවෙසෙන්නේ ඒ අතරැ එක් නොපිළිසන් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙතෙම ඒ අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව ඉල්ලී ය. සඞ්ඝ තෙමේ උදායී මහණහට අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. හේ වුසූ පිරිවෙස් ඇත්තේ, මානතට සුදුසු වූයේ, ඒ අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම සඞ්ඝයාගෙන් එක් නොපිළිසන් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව ඉල්ලී ය. සඞ්ඝ තෙමේ උදායී මහණහට අතර අවන් එක් නොපිළිසන් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. හේ වුසූ පිරිවෙස් ඇත්තේ, සඞ්ඝයාගෙන් තුන් ඇවැතට ෂාඩ්රාත්‍රික මානත ඉල්ලී ය. සඞ්ඝ තෙමේ උදායී මහණහට තුන් ඇවැත්නට ෂාඩ්රාත්‍රික මානත දුන්නේ ය. හේ මානත පුරණුයේ, ඒ අතරැ එක් නොපිළිසන් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවතකට පැමිණියේ ය. හෙ තෙම සඞ්ඝයාගෙන් අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව ඉල්ලී ය. සඞ්ඝ තෙමේ උදායී මහණහට අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. හෙ තෙම සඞ්ඝයාගෙන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට ෂාඩ්රාත්‍රික මානත ඉල්ලී ය. සඞ්ඝ තෙමේ උදායී මහණහට අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට ෂඩ්රාත්‍රික මානත දුන්නේ ය. හෙ තෙම පිරූ මානත ඇත්තේ, අබ්භානයට සුදුසු වූයේ, ඒ අතරැ නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම සඞ්ඝයාගෙන් අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක ඇවැතට මූලායපටිකස්සනාව ඉල්ලී ය. සඞ්ඝ තෙමේ අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට උදායී මහණහට මූලායපටිකස්සනාව කෙළේ ය. හෙ තෙම සඞ්ඝයාගෙන් අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට ෂාඩ්රාත්‍රික මානත ඉල්ලී ය. සඞ්ඝ තෙමේ උදායී මහණහට අතරැ අවන් නොපිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට ෂඩ්රාත්‍රික මානත දුන්නේ ය. හේ පිරූ මානත ඇත්තේ, සඞ්ඝයාගෙන් අබ්භානය ඉල්ලයි. ඉදින් සඞ්ඝයාට ප්‍රාප්තකාල වේ නම්, සඞ්ඝ තෙමේ උදායී මහණහට අබ්භාන කර්‍මය කෙරේවා. මේ ඥප්තිය යි.
වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මේ උදායී මහණ තෙම පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේය. හෙ තෙම පිරූ මානත ඇත්තේ සඞ්ඝයාගෙන් අබ්භාන කර්‍මය ඉල්ලයි. සඞ්ඝ තෙමේ උදායී මහණහට අබ්භානකර්‍මය කෙරෙයි. යම් ආයුෂ්මතක්හට උදායී මහණහු පිළිබඳ අබ්භාන කර්‍මය රිසියේ නම්, හේ නිහඬ වේවා. යමකුට නො රිසියේ නම, හේ කියාවා.
දෙවනු ද මෙ කරුණ කියමි ... තෙවනු ද මෙ කරුණ කියමි ... සඞ්ඝයා විසින් උදායී මහණ තෙම අබ්භිත (=අබ්භානකර්‍මය කරණ ලදුයේ ) වෙයි. එය සඞ්ඝයාට රිසියෙයි. එ හෙයින් නිහඬ වෙයි. මෙසේ මෙය සලකමි” යනු යි.
මූලායපටිකස්සිතයා පිළිබඳ අබ්භානය යි.
13. පක්ඛපටිච්ඡන්න පිරිවෙස
1. එ සමයෙහි වනාහි ආයුෂ්මත් උදායී තෙම පක්‍ෂයක් පිළිසන් වූ සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. “ඇවැත්නි, මම් පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි, මා විසින් කෙසේ පිළිපැදිය යුතු දැ?” යි හේ භික්‍ෂූනට කි ය. ඔහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළහ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: “මහණෙනි, එසේ වී නම් සඞ්ඝ තෙමේ උදායී මහණහට පක්‍ෂප්‍රතිච්ඡන්න එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පිරිවෙස දේවා. එය මෙසේ දිය යුතු: ඒ උදායී මහණහු විසින් සඞ්ඝයා කරා එළැඹ ... “වහන්ස, මම් පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. වහන්ස, ඒ මම් පක්‍ෂප්‍රතිච්ඡන්න එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂපරිවාසය සඞ්ඝයා යදිමි”යි මෙසේ යැද්ද යුතු. දෙවනු ද යැද්ද යුතු. තෙවනු ද යැද්ද යුතු.
2. ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුතු:
“වහන්ස, සඞ්ඝ තෙමේ මබස් අසාවා: මේ උදායී මහණ පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම පක්‍ෂයක් පිළිසන් වූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂපරිවාසය සඞ්ඝයා යදී. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇති කර්‍මයෙක් වේ නම්, සඞ්ඝ තෙම උදායී භික්‍ෂූහට පක්‍ෂයක් පිළිසන් වූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂපරිවාසය දෙන්නේ ය. මේ ඥප්තිය යි.
වහන්ස, සඞ්ඝ තෙමේ මබස් අසාවා. මේ උදායී භික්‍ෂු තෙම පක්‍ෂයක් පිළිසන් වූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙතෙම සඞ්ඝයාගෙන් පක්‍ෂප්‍රතිච්ඡන්න වූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂපරිවාසය සඞ්ඝයා යදී. සඞ්ඝ තෙම උදායී මහණහට පක්‍ෂප්‍රතිච්ඡන්න වූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂපරිවාසය දෙයි. උදායී භික්‍ෂූහට පක්‍ෂප්‍රතිච්ඡන්නවූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂපරිවාසය දීම යම් ආයුෂ්මතක්හට රිසියේ නම්, හේ නිහඬ වේවා. යමකුට නො රිසියේ නම් හේ කියාවා.
දෙවනු ද මේ කරුණ කියම් ... තෙවනු ද මෙ කරුණ කියම් ... සඞ්ඝයා විසින් උදායී මහණහට පක්‍ෂප්‍රතිච්ඡන්න එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂපරිවාසය දෙන ලද්දේ ය. සඞ්ඝයාට රිසියෙයි. එයින් නිහඬ ය. මෙසේ මෙය දරමි (පිළිගනිමි).
පක්ඛපටිච්ඡන්නපරිවාසය යි.
14. පක්ඛපාරිවාසිකමූලායපටිකස්සනාව
1. හෙ තෙම පිරිවෙස වසන්නේ ඒ අතරැ පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙතෙම භික්‍ෂූනට “ඇවැත්නි, මම් පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂපරිවාසය සඞ්ඝයා යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ පක්‍ෂයක් පිළිසන් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂපරිවාසය දුන්නේ ය. ඒ මම් පිරිවෙස් වසන්නෙම්, ඒ අතරැ පස් දිනක් පිළිසන් වූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. මා විසින් කෙසේ පිළිපැදිය යුතු දැ?” යි කීයේ ය.
2. ඔහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් දැන්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. මහණෙනි, එසේ වී නම්, සඞ්ඝ තෙමේ උදායී මහණ හට අතරැ පස් දිනක් පිළිසන් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කොට (ඇවැත මුලට නඟා) පළමු ඇවැතට සමෝධාන පිරිවෙස දේවා. මහණෙනි, මූලායපටිකස්සනාව මෙසේ කළ යුතු: ඒ උදායී මහණහු විසින් සඞ්ඝයා කරා එළැඹ ... මෙසේ කියැ යුතු වන්නේ ය: “වහන්ස, මම පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂපරිවාසය සඞ්ඝයා යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂපරිවාසය දුන්නේ ය. ඒ මම් පිරිවෙස් වසනුයෙම්, ඒ අතුරෙහි පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. වහන්ස, ඒ මම් ඒ අතරැ අවන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව සඞ්ඝයා යදිමි” යනු යි. දෙවනු ද යැද්ද යුතු. තෙවනු ද යැද්ද යුතු. ව්‍යක්ත වූ ප්‍රතිබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්විය යුතු:
3. “වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: මේ උදායී මහණ පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හේ පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සඞ්ඝයා (ගෙන්) පක්‍ෂ පිරිවෙස ඉල්ලී ය. සඞ්ඝ තෙමේ උදායී මහණහට පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂ පිරිවෙස දුන්නේ ය. හේ පිරිවෙස වසන්නේ, ඒ අතුරෙහි පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හේ අතරෙහි අවන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව සඞ්ඝයා යදී. ඉදින් සඞ්ඝයාට මේ කර්‍මය ප්‍රාප්තකාල වී නම්, සඞ්ඝ තෙමේ උදායී මහණහට අතරැ අවන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කරන්නේ ය. මේ ඥප්තිය යි.
වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: මේ උදායී මහණ තෙම පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හේ පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂපරිවාසය සඞ්ඝයා යැදී ය. සඞ්ඝ තෙම උදායී මහණහට පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂපරිවාසය දුන්නේ ය. හේ පිරිවෙස වසන්නේ ඒ අතුරෙහි පස් දිනක් පිළිසන් වූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම පස් දිනක් පිළිසන් වූ අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව සඞ්ඝයා යදී. සඞ්ඝ තෙමේ පස් දිනක් පිළිසන් වූ අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලාය පටිකස්සනාව කෙරෙයි. උදායී මහණහට පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කිරීම යම් ආයුෂ්මතක්හට රිසියේ ද, හේ නිහඬ වේවා. යමකුට නො රිසියේ ද, හේ කියාවා.
දෙවනු ද මෙ කරුණ කියමි ... තෙවනු ද මෙ කරුණ කියමි ...
පස් දිනක් පිළිසන්, අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට උදායී මහණ තෙමේ මූලායපටිකස්සනායෙන් පටිකස්සිත විය (මූලායපටිකස්සනාව කරණු ලැබී ය.) සඞ්ඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙ කරුණ සලකමි” යනු යි.
පක්ඛපාරිවාසිකමූලායපටිකස්සනාව නිමියේ ය.
15. සමෝධාන පිරිවෙස
1. “මහණෙනි, පළමු ඇවැතට සමෝධාන පරිවාසය ද මෙසේ දිය යුතු: මහණෙනි, ඒ උදායී මහණහු විසින් සඞ්ඝයා කරා එළැඹ ... මෙසේ කියැ යුතු. “වහන්ස, මම් පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් සඞ්ඝයාගෙන් පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂපරිවාසය යැදීමි. -
වහන්ස, සඞ්ඝ තෙමේ ඒ මට පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂපරිවාසය දුන්නේ ය. ඒ මම් පිරිවෙස් වසනුයෙම්, ඒ අතරැ පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම සඞ්ඝයාගෙන් අතරැ අවන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. වහන්ස, ඒ මම් අතරැ අවන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පළමු ඇවැත පටන් කොට සමෝධාන පිරිවෙස යදිමි” යනු යි. දෙවනු ද යැදිය යුතු ... තෙවනු ද යැදිය යුතු.
2. ව්‍යක්ත වූ ප්‍රතිබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්වියැ යුතු:
වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: මේ උදායී මහණ තෙම පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂපරිවාසය සඞ්ඝයා යැදී. සඞ්ඝ තෙම උදායී මහණහට පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂ පිරිවෙස දුන්නේ ය. හේ පිරිවෙස වසන්නේ, ඒ අතුරෙහි පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙතෙම පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සඞ්ඝයා ගෙන් මූලායපටිකස්සනාව යැදී ය. සඞ්ඝ තෙමේ පස් දිනක් පිළිසන් වූ, අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව මේ කළේ ය. හේ සඞ්ඝයාගෙන් අතරැ අවන් පස් දිනක් පිළිසන් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට (පළමු ඇවැත පටන් කොට) සමෝධාන පිරිවෙස යදි. ඉඳින් සඞ්ඝයාට පැමිණි කල් ඇති කර්‍මයෙක් වේ නම්, සඞ්ඝ තෙමේ උදායී මහණහට පස් දිනක් පිළිසන් වූ, අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පළමු ඇවැත පටන් කොට සමෝධාන පිරිවෙස දෙන්නේ ය. මේ ඥප්තිය යි.