Cullavagga

Lesser Division

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1-100 න් 3845

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTවිනයපිටකෙ
Sinhala BJTවිනයපිටකයෙහි
Pali BJTචුල්ලවග්ගපාළි
Sinhala BJTසුළුවග
Pali BJTනමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස.
Sinhala BJTඒ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජානන් වහන්සේට නමස්කාර වේවා.
Pali BJT1.
Sinhala BJT1.
Pali BJTකම්මක්ඛන්ධකං
Sinhala BJTකම්මක්ඛන‍්‍ධකය
Pali BJT1. තජ්ජනීයකම්මං
Sinhala BJT1. තර්‍ජනීයකර්‍මය
Pali BJT1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන පණ්ඩුකලොහිතකා භික්ඛූ අත්තනා භණ්ඩනකාරකා කලහකාරකා විවාදකාරකා භස්සකාරකා සඞ්ඝෙ අධිකරණකාරකා, යෙපි චඤ්ඤෙ භික්ඛූ භණ්ඩනකාරකා කලහකාරකා විවාදකාරකා භස්සකාරකා සඞ්ඝෙ අධිකරණකාරකා, තෙ උපසඞ්කමිත්වා එවං වදෙන්ති: “මා ඛො තුම්හෙ ආයස්මන්තො එසො අජෙසි. බලවාබලවං පතිමන්තෙථ. තුම්හෙ තෙන පණ්ඩිතතරා ච බ්යත්තතරා ච බහුස්සුතතරා ච අලමත්තතරා{1} ච. මා චස්ස භායිත්ථ. මයම්පි තුම්හාකං පක්ඛා භවිස්සාමා”ති තෙන අනුප්පන්නානි චෙව භණ්ඩනානි උප්පජ්ජන්ති. උප්පන්නානි ච භණ්ඩනානි භිය්යොභාවාය වෙපුල්ලාය සංවත්තන්ති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා සන්තුට්ඨා ලජ්ජිනො කුක්කුච්චකා සික්ඛාකාමා, තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති – “කථං හි නාම පණ්ඩුකලොහිතකා භික්ඛූ අත්තනා භණ්ඩනකාරකා කලහකාරකා විවාදකාරකා භස්සකාරකා සඞ්ඝෙ අධිකරණකාරකා, යෙපි චඤ්ඤෙ භික්ඛූ භණ්ඩනකාරකා කලහකාරකා විවාදකාරකා භස්සකාරකා සඞ්ඝෙ අධිකරණකාරකා, තෙ උපසඞ්කමිත්වා එවං වක්ඛන්ති: – ‘මා ඛො තුම්හෙ ආයස්මන්තො එසො අජෙසි. බලවාබලවං පතිමන්තෙථ. තුම්හෙ තෙන පණ්ඩිතතරා ච බ්යත්තතරා ච බහුස්සුතතරා ච අලමත්තතරා ච. මා චස්ස භායිත්ථ. මයම්පි තුම්හාකං පක්ඛා භවිස්සාමා’ති. තෙන අනුප්පන්නානි චෙව භණ්ඩනානි උප්පජ්ජන්ති. උප්පන්නානි ච භණ්ඩනානි භිය්යොභාවාය වෙපුල්ලාය සංවත්තන්තී”ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT1. එ සමයෙහි භගවත් බුදුරජුහු සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වෙසෙති. එකල්හි වනාහි පණ්ඩුකය ලෝහිතකය යන දෙ මහණහු, තුමූ ඩබර කරන්නෝ කලහ කරන්නෝ විරුද්ධ වාද කරන්නෝ වාක්කලහ කරන්නෝ සඟමැද අධිකරණ උපදවන්නෝ, ඩබර කරණ කලහ කරණ විරුද්ධ වාද කරණ වාක්කලහ ඇති කරණ සඟමැද අධිකරණ උපදවන වෙනත් යම් භික්‍ෂූහු වෙත් නම්, ඔවුන් කරා එළඹැ මෙසේ කියත්: “ආයුෂ්මත්වරුනි, මේ මහණ තෙම තොප නො පරදවාවා. තෙපි ඔහුට වඩා පණ්ඩිත ද වඩා ව්‍යක්ත ද වඩා බහුශ්‍රුත ද වඩා සමර්‍ත්‍ථ ද වවු. ඔහුට නො බවු. අපි දු තොපට පක්‍ෂ වන්නමු” යනු යි. එයින් නූපන් කලහ ද උපදී. උපන් කලහ ද බොහෝ වීම පිණිස විපුලබව පිණිස පවතී. යම් මහණ කෙනෙක් තුමූ අපිස් ගුණැත්තෝ ද, ලද දැයින් සතුටු වන්නේ ද, පවෙහි ලජ්ජා ඇත්තෝ ද, කැප නොකැප පිළිබඳ විමැසිලි ඇත්තෝ ද, හික්මෙනු කැමැත්තෝ ද, ඔහු අවඥා කෙරෙත්, දොස් නගත්, නුගුණ පතුරුවා බෙණෙත්: “කෙසේ නම් පණ්ඩුකලෝහිතක භික්‍ෂූහු තුමූ ඩබර කරන්නෝ කලහ කරන්නෝ විවාද කරන්නෝ, වාක් කලහ කරන්නෝ, සඟමැද අධිකරණ උපදවන්නෝ, ඩබර කරණ, කලහ කරණ, විවාද කරණ, වාක්කලහ කරණ, සඟමැද අධිකරණ උපදවන, අන් යම් මහණහු වෙත් නම්, ඔවුන් කරා එළැඹ ‘ආයුෂ්මත්වරුනි, මේ මහණෙතම තොප නො පරදවාවා. තෙපි වඩා බලවත් සේ ප්‍රතිවාද කරවු. තෙපි ඔහුට වඩා පණ්ඩිත ද වඩා ව්‍යක්ත ද වඩා බහුශ්‍රුත ද වඩා සමර්‍ත්‍ථ ද වවු. ඔහුට නො බවු. අපි දු තොපට පක්‍ෂ වන්නමු’ යි මෙසේ කීහු ද, එයින් නොඋපන් කලහ උපදී. උපන් කලහ බොහෝ වීම පිණිසත් මහත් වීම පිණිසත් පවතී” යනු යි. ඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළහ.
Pali BJT2. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා භික්ඛූ පටිපුච්ඡි: “සච්චං කිර භික්ඛවෙ පණ්ඩුකලොහිතකා භික්ඛූ අත්තනා භණ්ඩනකාරකා කලහකාරකා විවාදකාරකා භස්සකාරකා සඞ්ඝෙ අධිකරණකාරකා, යෙපි චඤ්ඤෙ භික්ඛූ භණ්ඩනකාරකා කලහකාරකා විවාදකාරකා භස්සකාරකා සඞ්ඝෙ අධිකරණකාරකා, තෙ උපසඞ්කමිත්වා එවං වදෙන්ති: ‘මා ඛො තුම්හෙ ආයස්මන්තො එසො අජෙසි. බලවාබලවං පතිමන්තෙථ. තුම්හෙ තෙන පණ්ඩිතතරා ච බ්යත්තතරා ච බහුස්සුතතරා ච අලමත්තතරා ච. මා චස්ස භායිත්ථ. මයම්පි තුම්හාකං පක්ඛා භවිස්සාමා’ති. තෙන අනුප්පන්නානි චෙව භණ්ඩනානි උප්පජ්ජන්ති. උප්පන්නානි ච භණ්ඩනානි භිය්යොභාවාය වෙපුල්ලාය සංවත්තන්තී?”ති. “සච්චං භගවා”. විගරහි බුද්ධො භගවා: ‘අනනුච්ඡවිකං භික්ඛවෙ තෙසං මොඝපුරිසානං අනනුලොමිකං අප්පතිරූපං අස්සාමණකං අකප්පියං අකරණීයං. කථං හි නාම තෙ භික්ඛවෙ මොඝපුරිසා අත්තනා භණ්ඩනකාරකා -පෙ- සඞ්ඝෙ අධිකරණකාරකා, යෙපි චඤ්ඤෙ භික්ඛූ භණ්ඩනකාරකා -පෙ- සඞ්ඝෙ අධිකරණකාරකා, තෙ උපසඞ්කමිත්වා එවං වක්ඛන්ති: ‘මා ඛො තුම්හෙ ආයස්මන්තො එසො අජෙසි. බලවාබලවං පතිමන්තෙථ. තුම්හෙ තෙන පණ්ඩිතතරා ච ව්යත්තතරා ච බහුස්සුතතරා ච අලමත්තතරා ච. මා චස්ස භායිත්ථ. මයම්පි තුම්හාකං පක්ඛා භවිස්සාමා’ති. තෙන අනුප්පන්නානි චෙව භණ්ඩනානි උප්පජ්ජන්ති. උප්පන්නානි ච භණ්ඩනානි භිය්යොභාවාය වෙපුල්ලාය සංවත්තන්ති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය පසන්නානං වා භිය්යොභාවාය. අථ ඛ්වෙතං භික්ඛවෙ අප්පසන්නානං චෙව අප්පසාදාය පසන්නානඤ්ච එකච්චානං අඤ්ඤථත්තායාති.
Sinhala BJT2. එකල්හි භගවත්හු මේ නිදානයෙහි මේ කාරණයෙහි බික්සඟන රැස් කරවා, “සැබෑ ද, මහණෙනි පණ්ඩුකලෝහිතක මහණහු තුමූ ඩබර කරන්නෝ, කලහ කරන්නෝ, විවාද කරන්නෝ, වාක්කලහ කරන්නෝ, සඟමැද අධිකරණ උපදවන්නෝ, ඩබර කරණ, කලහ කරණ, විවාද කරණ, වාක්කලහ කරණ, සඟමැද අධිකරණ උපදවන, අන් යම් මහණ කෙනෙක් වෙත් නම්, ඔවුන් කරා පැමිණ, “ආයුෂ්මත්වරුනි, මෙ තෙමේ තොප නො දිනාවා. තෙපි ඔහුට වඩා බලවත් සේ ප්‍රතිවාද කරවු ... අපි දු තොපට පක්‍ෂ වන්නමු”යි මෙසේ කියත් ද? එයින් නො උපන් කලහ උපදී. උපන් කලහ බෝ වීම පිණිසත් මහත් වනු පිණිසත් පවතී යනු සැබෑ දැ?” යි. මෙසේ භික්‍ෂූන් පුළුවුත්හ. “සැබැව, භාග්‍යවතුන් වහන්සැ” යි (ඒ මහණහු කීහ.) “මහණෙනි, ඒ හිස් පුරුෂයන්ගේ නුසුදුසු ක්‍රියාවෙක. සස්නට අනුලොම් නොවූයෙක. අයෝග්‍ය ක්‍රියාවෙක. මහණුනට නුසුදුසු එකෙක. නොකැපයෙක. නො කළ මනාවෙක. මහණෙනි, කෙස් නම් ඒ හිස් පුරුෂයෝ තුමූ ඩබර කරන්නෝ ... සඟමැද අධිකරණ උපදවන්නෝ, කලහ කරණ ... සඟමැද අධිකරණ උපදවන යම් අන් මහණ කෙනෙක් වෙත් නම්, ඔවුන් කරා එළැඹ ‘ආයුෂ්මත්නි, මෙ තෙම තොප නො දිනාවා. තෙපි වඩා බලවත් සේ ප්‍රතිවාද කරවු ... අපි දු තොපට පක්‍ෂ වන්නමු’ යි මෙසේ කීහු ද? එයින් නො උපන් කලහ උපදි. උපන් කලහ බෝ වීම පිණිසත් මහත් වනු පිණිසත් පවතී. මහණෙනි, මේ කාරණය නොපහන් වූවන්ගේ පැහැදීම පිණිස හෝ පහන් වූවන්ගේ ප්‍රසාදය වැඩීම පිණිස හෝ නො වෙයි. වැලි මෙය නොපැහැදුනවුන්ගේ නොපැහැදීම පිණිස ද පැහැදුනු ඇතැමුන්ගේ වෙනස්බව පිණිස ද පවතී” යි භගවත් බුදුහු ගැරැහූහ.
Pali BJT3. අථ ඛො භගවා තෙ භික්ඛූ අනෙකපරියායෙන විගරහිත්වා දුභරතාය දුප්පොසතාය මහිච්ඡතාය අසන්තුට්ඨියා{1} සඞ්ගණිකාය කොසජ්ජස්ස අවණ්ණං භාසිත්වා අනෙකපරියායෙන සුභරතාය{2} සුප්පොසතාය අප්පිච්ඡස්ස සන්තුට්ඨස්ස සල්ලෙඛස්ස ධුතස්ස පාසාදිකස්ස අපචයස්ස වීරියාරම්භස්ස වණ්ණං භාසිත්වා භික්ඛූනං තදනුච්ඡවිකං තදනුලොමිකං ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: තෙන හි භික්ඛවෙ සඞ්ඝො පණ්ඩුකලොකහිතකානං භික්ඛූනං තජ්ජනීයකම්මං කරොතු. එවඤ්ච පන භික්ඛවෙ කාතබ්බං: පඨමං පණ්ඩුකලොහිතකා භික්ඛූ චොදෙතබ්බා. චොදෙත්වා සාරෙතබ්බා. සාරෙත්වා ආපත්ති{3} ආරොපෙතබ්බා. ආපත්තිං ආරොපෙත්වා ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJT3. ඉක්බිති භගවත්හු ඒ මහණුන් නොයෙක් කරුණින් ගරහා, දුර්‍භරතාවගේ ද දුෂ්පෝෂතාවගේ ද මහේච්ඡතාවගේ ද අසන්තුෂ්ටතාවගේ ද ගණසඞ්ගණිකාවගේ ද කුසීතභාවයාගේ ද දොස් වදාරා, නොයෙක් කරුණින් සුභරතාවගේ ද සුපෝෂතාවගේ ද අල්පෙච්ඡතාවගේ ද සන්තුෂ්ටතාවගේ ද සංලේඛයාගේ ද ධුතගුණයාගේ ද ප්‍රසාද එළවන සාරූප්‍යයාගේ ද ක්ලේශාපචයයාගේ (කෙලෙස් බැහැර ලීමේ) ද වීර්‍ය්‍යාරම්භයාගේ ද අනුසස් වදාරා, මහණුනට ඒ කාරණයට සුදුසු වූ ඒ කාරණයට අනුලොම් වූ ධර්‍මකථාවක් කොට, මහණුන් අමතා මෙසේ වදාළ සේක: ‘මහණෙනි, එසේ නම් සඞ්ඝ තෙමේ (ඇසුරු කරන්නවුන් සහිත) පණ්ඩුක ලෝහිතක යන දෙ මහණුනට තර්‍ජනීයකර්‍මය කෙරේවා. මහණෙනි, එය කටයුත්තේ මෙසේ ය: පළමු කොට පණ්ඩුකලෝහිතක භික්‍ෂූහු චෝදයිතව්‍යයහ (ඒ මහණුනට චෝදනා කට යුතු ය). චෝදනා කොට ස්මාරයිතව්‍යයහ (වරද සිහි කැරැවිය යුතු ය). සිහි කරවා ඇවැත නැංවිය යුතු ය. ඇවැත නංවා, වියත් සමත් මහණක්හු විසින් සඞ්ඝ තෙමේ (මෙසේ) දැන්වියයුත්තේ ය:
Pali BJT4. “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. ඉමෙ පණ්ඩුකලොහිතකා භික්ඛූ අත්තනා භණ්ඩනකාරකා කලහකාරකා විවාදකාරකා භස්සකාරකා සඞ්ඝෙ අධිකරණකාරකා, යෙපි චඤ්ඤෙ භික්ඛූ භණ්ඩනකාරකා කලහකාරකා භස්සකාරකා සඞ්ඝෙ අධිකරණකාරකා, තෙ උපසඞ්කමිත්වා එවං වදෙන්ති: මා ඛො තුම්හෙ ආයස්මන්තො එසො අජෙසි. බලවාබලවං පතිමන්තෙථ. තුම්හෙ තෙන පණ්ඩිතතරා ච ව්යත්තතරා ච බහුස්සුතතරා ච අලමත්තතරා ච. මා චස්ස භායිත්ථ. මයම්පි තුම්හාකං පක්ඛා භවිස්සාමාති. තෙන අනුප්පන්නානි චෙව භණ්ඩනානි උප්පජ්ජන්ති, උප්පන්නානි ච භණ්ඩනානි භිය්යොභාවාය වෙපුල්ලාය සංවත්තන්ති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො පණ්ඩුකලොහිතකානං භික්ඛූනං තජ්ජනීයකම්මං කරෙය්ය. එසා ඤත්ති.
Sinhala BJT4. “වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්න අසාවා. මේ පණ්ඩුක ලෝහිතක භික්‍ෂූහු තුමූ ඩබර කරන්නාහු, කලහ කරන්නාහු, විවාද උපදවන්නාහු, වාක්කලහ කරන්නාහු, සඟමැද අධිකරණ ඇති කරන්නාහු, ඩබර කරණ, කලහ කරණ, විවාද උපදවන, වාක්කලහ කරණ, සඟමැද අධිකරණ ඇති කරණ යම් වෙනත් මහණහු ඇත් ද, ඔවුන් කරා එළැඹ ‘ආයුෂ්මත්නි, මේ තෙම තොප නො දිනවා. වඩා බලවත් කොට ප්‍රතිවාද කරවු. තෙපි ඔහුට වඩා පණ්ඩිත ද වඩා ව්‍යක්ත ද වඩා බහුශ්‍රුත ද වඩා සමර්‍ත්‍ථ ද වවු. ඔහුට නො බවු. අපි දු තොපට පක්‍ෂ වන්නමු’ යි මෙසේ කියත්. එයින් නො උපන් ඩබර ද උපදී. උපන් ඩබර ද බොහෝ වනු පිණිස, මහත්බව පිණිස පවතී. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම්, සඞ්ඝ තෙමේ පණ්ඩුකලෝහිතක මහණුනට තර්‍ජනීයකර්‍මය කරන්නේ ය. මේ ඥප්තිය ය.
Pali BJT“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. ඉමෙ පණ්ඩුකලොහිතකා භික්ඛූ අත්තනා භණ්ඩනකාරකා -පෙ- සඞ්ඝෙ අධිකරණකාරකා, යෙපි චඤ්ඤෙ භික්ඛූ භණ්ඩනකාරකා -පෙ- සඞ්ඝෙ අධිකරණකාරකා, තෙ උපසඞ්කමිත්වා එවං වදෙන්ති: මා ඛො තුම්හෙ ආයස්මන්තො එසො අජෙසි. බලවාබලවං පතිමන්තෙථ. තුම්හෙ තෙන පණ්ඩිතතරා ච ව්යත්තතරා ච බහුස්සුතතරා ච අලමත්තතරා ච. මා චස්ස භායිත්ථ. මයම්පි තුම්හාකං පක්ඛා භවිස්සාමාති. තෙන අනුප්පන්නානි චෙව භණ්ඩනානි උප්පජ්ජන්ති උප්පන්නානි ච භණ්ඩනානි භිය්යොභාවාය වෙපුල්ලාය සංවත්තන්ති. සඞ්ඝො පණ්ඩුකලොහිතකානං භික්ඛූනං තජ්ජනීයකම්මං කරොති. යස්සායස්මතො ඛමති පණ්ඩුකලොහිතකානං භික්ඛූනං තජ්ජනීයස්ස කම්මස්ස කරණං, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
Sinhala BJTවහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්න අසාවා. මේ පණ්ඩුකලෝහිතක මහණහු තුමූ ඩබර කරන්නාහු,... සඟමැද අධිකරණ ඇති කරන්නාහු, ඩබර කරණ ... සඟමැද අධිකරණ ඇති කරණ යම් වෙනත් මහණහු ඇත් ද, ඔවුන් කරා එළැඹ, ‘ආයුෂ්මත්නි, මේ තෙමේ තොප නො දිනාවා ... අපි දු තොපට පක්‍ෂ වන්නමු’ යි මෙසේ කියත්. එයින් නො උපන් ඩබර ද උපදී. උපන් ඩබර ද ... මහත්බව පිණිස පවතී. සඞ්ඝ තෙමේ පණ්ඩුකලෝහිතක මහණුනට තර්‍ජනීයකර්‍මය කෙරෙයි. පණ්ඩුකලෝහිතක මහණුනට තර්‍ජනීය කර්‍මය කිරීම යම් ආයුෂ්මත්හට රිසියේ නම්, හේ නිහඬ වේවා. යමකුහට නො රිසියේ නම්, හේ කියාවා.
Pali BJT“දුතියම්පි එතමත්ථං වදාමි – සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. පණ්ඩුකලොහිතකා භික්ඛූ අත්තනා භණ්ඩනකාරකා කලහකාරකා -පෙ- සඞ්ඝෙ අධිකරණකාරකා, යෙපි චඤ්ඤෙ භික්ඛූ භණ්ඩනකාරකා -පෙ- සඞ්ඝෙ අධිකරණකාරකා තෙ උපසඞ්කමිත්වා එවං වදෙන්ති: ‘මා ඛො තුම්හෙ ආයස්මන්තො එසො අජෙසි. බලවාබලවං පතිමන්තෙථ. තුම්හෙ තෙන පණ්ඩිතතරා ච ව්යත්තතරා ච බහුස්සුතතරා ච අලමත්තතරා ච. මා චස්ස භායිත්ථ. මයම්පි තුම්හාකං පක්ඛා භවිස්සාමාති. තෙන අනුප්පන්නානි චෙව භණ්ඩනානි උප්පජ්ජන්ති, උප්පන්නානි ච භණ්ඩනානි භිය්යොභාවාය වෙපුල්ලාය සංවත්තන්ති. සඞ්ඝො පණ්ඩුකලොහිතකානං භික්ඛූනං තජ්ජනීයකම්මං කරොති. යස්සායස්මතො ඛමති පණ්ඩුකලොහිතකානං භික්ඛූනං තජ්ජනීයස්ස කම්මස්ස කරණං, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
Sinhala BJTදෙවනු ද මේ කරුණ කියමි. වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්න අසාවා. මේ පණ්ඩුකලෝහිතක මහණහු තුමූ ඩබර කරන්නාහු, ... අපි දු තොපට පක්‍ෂ වන්නමු’යි මෙසේ කියත්. එයින් නොඋපන් ඩබර ද උපදි. උපන් ඩබර ද ... මහත්බව පිණිස පවතී. සඞ්ඝ තෙමේ පණ්ඩුකලෝහිතක මහණුනට තර්‍ජනීයකර්‍මය කෙරෙයි. පණ්ඩුකලෝහිතක මහණුනට තර්‍ජනීයකර්‍මය කිරීම යම් ආයුෂ්මතක්හට රිසියේ නම්, හේ නිහඬ වේවා. යමක්හට නො රිසියේ නම්, හේ කියාවා.
Pali BJTතතියම්පි එතමත්ථං වදාමි. සුණාතු මෙ භන්තෙ සඞ්ඝො . ඉමෙ පණ්ඩුකලොහිතකා භික්ඛූ අත්තනා භණ්ඩනකාරකා කලහකාරකා විවාදකාරකා භස්සකාරකා සඞ්ඝෙ අධිකරණකාරකා, යෙපි චඤ්ඤෙ භික්ඛූ භණ්ඩනකාරකා -පෙ- සඞ්ඝෙ අධිකරණකාරකා, තෙ උපසඞ්කමිත්වා එවං වදෙන්ති: මා ඛො තුම්හෙ ආයස්මන්තො එසො අජෙසි. බලවාබලවං පතිමන්තෙථ. තුම්හෙ තෙන පණ්ඩිතතරා ච ව්යත්තතරා ච බහුස්සුතතරා ච අලමත්තතරා ච. මා චස්ස භායිත්ථ. මයම්පි තුම්හාකං පක්ඛා භවිස්සාමා’ති. තෙන අනුප්පන්නානි චෙව භණ්ඩනානි උප්පජ්ජන්ති, උප්පන්නානි ච භණ්ඩනානි භිය්යොභාවාය වෙපුල්ලාය සංවත්තන්ති. සඞ්ඝො පණ්ඩුකලොහිතකානං භික්ඛූනං තජ්ජනීයකම්මං කරොති. යස්සායස්මතො ඛමති පණ්ඩුකලොහිතකානං භික්ඛූනං තජ්ජනීයස්ස කම්මස්ස කරණං, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
Sinhala BJTතෙවනු ද මෙ කරුණ කියමි. වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්න අසාවා ... යමක් හට නො රිසියේ නම්, හේ කියාවා.
Pali BJTකතං සඞ්ඝෙන පණ්ඩුකලොහිතකානං භික්ඛූනං තජ්ජනීයකම්මං. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJTපණ්ඩුකලෝහිතක මහණුනට සඞ්ඝයා විසින් තර්‍ජනීයකර්‍මය කරණ ලද්දේ ය. එය සඞ්ඝයාට රිසියෙයි. එ හෙයින් නිහඬ ය. මෙය මෙසේ සලකමි” යනු යි.
Pali BJTඅධම්මකම්මද්වාදසකං
Sinhala BJTඅධර්‍මකර්‍ම දොළොස
Pali BJT1. තීහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතං තජ්ජනීයකම්මං අධම්මකම්මඤ්ච හොති, අවිනයකම්මඤ්ච දුවූපසන්තඤ්ච: අසම්මුඛා කතං හොති, අපටිපුච්ඡා කතං හොති, අපටිඤ්ඤාය කතං හොති. ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං තජ්ජනීයකම්මං අධම්මකම්මඤ්ච හොති අවිනයකම්මඤ්ච දුවූපසන්තඤ්ච:
Sinhala BJT1. “මහණෙනි, අඞ්ග තුණෙකින් සමන්‍විත වූ තර්‍ජනීයකර්‍මය අධර්‍මකර්‍ම ද අවිනයකර්‍ම ද, නො මනා ලෙස සංහිඳුනෙක් ද වෙයි: නො හමුයෙහි කරණ ලද්දේ වේ ද, නො පිළිවිස කරණ ලද්දේ වේ ද, පිළිණ නො ගෙණ කරණ ලද්දේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණින් සමන්‍විත තර්‍ජනීයකර්‍මය අධර්‍මකර්‍ම ද අවිනයකර්‍ම ද නොමනා ලෙස සංහිඳුනෙක් ද වෙයි.
Pali BJT2. අපරෙහි’පි භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං තජ්ජනීයකම්මං අධම්මකම්මඤ්ච හොති අවිනයකම්මඤ්ච දුවූපසන්තඤ්ච: අනාපත්තියා කතං හොති, අදෙසනාගාමිනියා ආපත්තියා කතං හොති, දෙසිතාය ආපත්තියා කතං හොති. ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං තජ්ජනීයකම්මං අධම්මකම්මඤ්ච හොති අවිනයකම්මඤ්ච, දුවූපසන්තඤ්ච:
Sinhala BJT2. මහණෙනි, අනෙකුදු අඞ්ග තුණෙකින් සමන්‍විත තර්‍ජනීයකර්‍මය අධර්‍මකර්‍ම ද අවිනයකර්‍ම ද නොමනා ලෙස සංහිඳුනෙක් ද වෙයි: නොඇවැතෙහි කරණ ලදුයේ වේ ද, දේශනාගාමිනී නො වන ඇවැතෙහි කරණ ලදුයේ වේ ද, දෙසූ ඇවැතෙහි කරණ ලදුයේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණින් සමන්‍විත තර්‍ජනීයකර්‍මය අධර්‍මකර්‍ම ද අවිනයකර්‍ම ද නො මනා ලෙස සංහිඳුනෙක් ද වෙයි.
Pali BJT3. අපරෙහි’පි භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං තජ්ජනීයකම්මං අධම්මකම්මං ච හොති අවිනයකම්මං ච, දුවූපසන්තඤ්ච: අචොදෙත්වා කතං හොති, අසාරෙත්වා කතං හොති, ආපත්තිං අනාරොපෙත්වා කතං හොති. ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං තජ්ජනීයකම්මං අධම්මකම්මඤ්ච හොති අවිනයකම්මඤ්ච දුවූපසන්තඤ්ච:
Sinhala BJT3. මහණෙනි, අනෙකුදු අඞ්ග තුණෙකින් සමන්‍විත තර්‍ජනීයකර්‍මය අධර්‍මකර්‍ම ද අවිනයකර්‍ම ද නොමනා ලෙස සංහිඳුනෙක් ද වෙයි: චෝදනා නොකොට කරණ ලදුයේ වේ ද, සිහිපත් නො කරවා කරණ ලදුයේ වේ ද, ඇවැත නොනංවා කරණ ලදුයේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණින් සමන්‍විත තර්‍ජනීයකර්‍මය අධර්‍මකර්‍ම ද අවිනයකර්‍ම ද නොමනා ලෙස සංහිඳුනෙක් ද වෙයි.
Pali BJT4. අපරෙහි’පි භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං තජ්ජනීයකම්මං අධම්මකම්මඤ්ච හොති අවිනයකම්මඤ්ච දුවූපසන්තඤ්ච: අසම්මුඛා කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති. ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං තජ්ජනීයකම්මං අධම්මකම්මඤ්ච හොති අවිනයකම්මඤ්ච දුවූපසන්තඤ්ච.
Sinhala BJT4. මහණෙනි, අනෙකුදු අඞ්ග තුණෙකින් සමන්‍විත තර්‍ජනීයකර්‍මය අධර්‍මකර්‍ම ද අවිනයකර්‍ම ද නොමනා ලෙස සංහිඳුනෙක් ද වෙයි: නොහමුයෙහි කරණ ලදුයේ වේ ද, අධර්‍මයෙන් කරණ ලදුයේ වේ ද, ව්‍යග්‍ර (නො සමග) වූ සඞ්ඝයා විසින් කරණ ලදුයේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණින් සමන්‍විත තර්‍ජනීයකර්‍මය අධර්‍මකර්‍ම ද අවිනයකර්‍ම ද නොමනා ලෙස සංහිඳුනෙක් ද වෙයි.
Pali BJT5. අපරෙහි’පි භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං තජ්ජනීයකම්මං අධම්මකම්මඤ්ච හොති අවිනයකම්මඤ්ච දුවූපසන්තඤ්ච: අපටිපුච්ඡා කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති. ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං තජ්ජනීයකම්මං අධම්මකම්මඤ්ච හොති අවිනයකම්මඤ්ච දුවූපසන්තඤ්ච.
Sinhala BJT5. මහණෙනි, අනෙකුදු අඞ්ග තුණෙකින් සමන්‍විත වූ තර්‍ජනීයකර්‍මය අධර්‍මකර්‍ම ද අවිනයකර්‍ම ද නොමනා ලෙස සංහිඳුනෙක් ද වෙයි: නොපිළිවිස කරණ ලදුයේ වේ ද, අධර්‍මයෙන් කරණ ලදුයේ වේ ද, ව්‍යග්‍ර (සමග නොවූ) සඞ්ඝයා විසින් කරණ ලදුයේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණින් සමන්‍විත තර්‍ජනීයකර්‍මය අධර්‍මකර්‍ම ද අවිනයකර්‍ම ද නොමනා ලෙස සංහිඳුනෙක් ද වේ.
Pali BJT6. අපරෙහි’පි භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං තජ්ජනීයකම්මං අධම්මකම්මඤ්ච හොති අවිනයකම්මඤ්ච දුවූපසන්තඤ්ච: අපටිඤ්ඤාය කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති. ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං තජ්ජනීයකම්මං අධම්මකම්මඤ්ච හොති අවිනයකම්මඤ්ච දුවූපසන්තඤ්ච.
Sinhala BJT6. මහණෙනි, අනෙකුදු අඞ්ග තුණෙකින් සමන්‍විත තර්‍ජනීයකර්‍මය අධර්‍මකර්‍ම ද අවිනයකර්‍ම ද නොමනා සේ සංහිඳුනෙක් ද වේ: පිළිණ නො ගෙණ කරණ ලදුයේ වේ ද, අධර්‍මයෙන් කරණ ලදුයේ වේ ද, ව්‍යග්‍ර වූ සඞ්ඝයා විසින් කරණ ලදුයේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණින් සමන්‍විත තර්‍ජනීයකර්‍මය අධර්‍මකර්‍ම ද අවිනයකර්‍ම ද නො මනාසේ සංහිඳුනෙක් ද වෙයි.
Pali BJT7. අපරෙහි’පි භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං තජ්ජනීයකම්මං අධම්මකම්මඤ්ච හොති අවිනයකම්මඤ්ච දුවූපසන්තඤ්ච: අනාපත්තියා කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති. ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං තජ්ජනීයකම්මං අධම්මකම්මඤ්ච හොති අවිනයකම්මඤ්ච දුවූපසන්තඤ්ච.
Sinhala BJT7. මහණෙනි, අනෙකුදු අඞ්ග තුණෙකින් සමන්‍විත තර්‍ජනීයකර්‍මය අධර්‍මකර්‍ම ද අවිනයකර්‍ම ද නොමනා සේ සංහිඳුනෙක් ද වෙයි. නොඇවැතෙහි කරණ ලදුයේ වේ ද, අධර්‍මයෙන් කරණ ලදුයේ වේ ද, ව්‍යග්‍ර වූ සඞ්ඝයා විසින් කරණ ලදුයේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණින් සමන්‍විත තර්‍ජනීයකර්‍මය අධර්‍මකර්‍ම ද අවිනයකර්‍ම ද නොමනා සේ සංහිඳුනෙක් ද වෙයි.
Pali BJT8. අපරෙහි’පි භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං තජ්ජනීයකම්මං අධම්මකම්මඤ්ච හොති අවිනයකම්මඤ්ච දුවූපසන්තඤ්ච: අදෙසනාගාමිනියා ආපත්තියා කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති. ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං තජ්ජනීයකම්මං අධම්මකම්මඤ්ච හොති අවිනයකම්මඤ්ච දුවූපසන්තඤ්ච.
Sinhala BJT8. මහණෙනි, අනෙකුදු අඞ්ග තුණෙකින් සමන්‍විත තර්‍ජනීයකර්‍මය අධර්‍මකර්‍ම ද අවිනයකර්‍ම ද නොමනා සේ සංහිඳුනෙක් ද වෙයි: දෙසීමෙන් පිරිසිදු නොවන ඇවතෙහි කරණ ලද්දේ වේ ද, නොදැහැමින් කරණ ලද්දේ වේ ද, නොසමග සඞ්ඝයා විසින් කරණ ලද්දේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණින් සමන්‍විත තර්‍ජනීයකර්‍මය අධර්‍මකර්‍ම ද අවිනයකර්‍ම ද නොමනා සේ සංහිඳුනෙක් ද වේ.
Pali BJT9. අපරෙහි’පි භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං තජ්ජනීයකම්මං අධම්මකම්මඤ්ච හොති අවිනයකම්මඤ්ච දුවූපසන්තඤ්ච: දෙසිතාය ආපත්තියා කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති. ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං තජ්ජනීයකම්මං අධම්මකම්මඤ්ච හොති අවිනයකම්මඤ්ච දුවූපසන්තඤ්ච.
Sinhala BJT9. මහණෙනි, අනෙකුදු අඞ්ග තුණෙකින් සමන්‍විත තර්‍ජනීයකර්‍මය අධර්‍මකර්‍ම ද අවිනයකර්‍ම ද නොමනා සේ සංහිඳුනෙක් ද වේ: දෙසූ ඇවැතෙහි කරණ ලද්දේ වේ ද, නොදැහැමින් කරණ ලද්දේ වේ ද, ව්‍යග්‍ර වූ (සමග නො වූ) සඞ්ඝයා විසින් කරණ ලද්දේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණින් සමන්‍විත තර්‍ජනීයකර්‍මය අධර්‍මකර්‍ම ද අවිනයකර්‍ම ද නොමනා සේ සංහිඳුනෙක් ද වේ.
Pali BJT10. අපරෙහි’පි භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං තජ්ජනීයකම්මං අධම්මකම්මඤ්ච හොති අවිනයකම්මඤ්ච දුවූපසන්තඤ්ච: අචොදෙත්වා කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති. ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං තජ්ජනීයකම්මං අධම්මකම්මඤ්ච හොති අවිනයකම්මඤ්ච දුවූපසන්තඤ්ච.
Sinhala BJT10. මහණෙනි, අනෙකුදු අඞ්ග තුණෙකින් සමන්‍විත තර්‍ජනීයකර්‍මය අධර්‍මකර්‍ම ද අවිනයකර්‍ම ද නොමනා සේ සංහිඳුනෙක් ද වේ: චෝදනා නොකොට කරණ ලද්දේ වේ ද, නොදැහැමින් කරණ ලද්දේ වේ ද, ව්‍යග්‍ර වූ සඞ්ඝයා විසින් කරණ ලද්දේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණෙන් සමන්‍විත තර්‍ජනීයකර්‍මය අධර්‍මකර්‍ම ද අවිනයකර්‍ම ද නොමනා සේ සංහිඳුනෙක් ද වෙයි.
Pali BJT11. අපරෙහි’පි භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං තජ්ජනීයකම්මං අධම්මකම්මඤ්ච හොති අවිනයකම්මං ච දුවූපසන්තඤ්ච: අසාරෙත්වා කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති. ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං තජ්ජනීයකම්මං අධම්මකම්මඤ්ච හොති. අවිනයකම්මඤ්ච දුවූපසන්තඤ්ච.
Sinhala BJT11. මහණෙනි, අනෙකුදු අඞ්ග තුණෙකින් සමන්‍විත තර්‍ජනීයකර්‍මය අධර්‍මකර්‍ම ද අවිනයකර්‍ම ද නොමනා සේ සංහිඳුනෙක් ද වෙයි. සිහි පත් නොකරවා කරණ ලදුයේ වේ ද, නොදැහැමින් කරණ ලදුයේ වේ ද, ව්‍යග්‍ර වූ සඞ්ඝයා විසින් කරණ ලදුයේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණින් සමන්‍විත තර්‍ජනීයකර්‍මය අධර්‍මකර්‍ම ද අවිනයකර්‍ම ද නොමනා සේ සංහිඳුනෙක් ද වේ.
Pali BJT12. අපරෙහි’පි භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං තජ්ජනීයකම්මං අධම්මකම්මං ච හොති අවිනයකම්මං ච දුවුපසන්තං ච: ආපත්තිං අනාරොපෙත්වා කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති. ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං තජ්ජනීයකම්මං අධම්මකම්මං ච හොති, අවිනයකම්මං ච, දුවුපසන්තං ච:
Sinhala BJT12. මහණෙනි, අනෙකුදු අඞ්ග තුණෙකින් සමන්‍විත වූ තර්‍ජනීයකර්‍මය අධර්‍මකර්‍ම ද අවිනයකර්‍ම ද නොමනා සේ සංහිඳුනෙක් ද වෙයි: ඇවත නොනංවා කරණ ලදුයේ වේ ද, නොදැහැමින් කරණ ලදුයේ වේ ද, ව්‍යග්‍ර වූ සඞ්ඝයා විසින් කරණ ලදුයේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණින් සමන්‍විත වූ තර්‍ජනීයකර්‍මය අධර්‍මකර්‍ම ද අවිනයකර්‍ම ද නොමනා සේ සංහිඳුනෙක් ද වේ.
Pali BJTඅධම්මකම්මද්වාදසකං නිට්ඨිතං.
Sinhala BJTඅධර්‍මකර්‍ම දොළොස නිමි.
Pali BJTධම්මකම්මද්වාදසකං
Sinhala BJTධර්‍මකර්‍ම දොළොස
Pali BJT1. තීහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතං තජ්ජනීයකම්මං ධම්මකම්මං ච හොති විනයකම්මං ච සුවුපසන්තං ච: සම්මුඛා කතං හොති, පටිපුච්ඡා කතං හොති, පටිඤ්ඤාය කතං හොති. ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං තජ්ජනීයකම්මං ධම්මකම්මං ච හොති, විනයකම්මං ච, සුවුපසන්තඤ්ච.
Sinhala BJT1. මහණෙනි, අඞ්ග තුණෙකින් සමන්‍විත තර්‍ජනීයකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද විනයකර්‍මයෙක් ද මනා ව සංහිඳුනෙක් ද වෙයි: හමුවෙහි කරණ ලද්දේ වේ ද, පිළිවිස කරණ ලද්දේ වේ ද, ප්‍රතිඥාව ගෙණ කරණ ලද්දේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණෙන් සමන්‍විත තර්‍ජනීයකර්‍මය ධාර්‍මමික කර්‍මයෙක් ද විනයකර්‍මයෙක් ද මනා ව සංහිඳුනෙක් ද වෙයි.
Pali BJT2. අපරෙහි’පි භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං තජ්ජනීයකම්මං ධම්මකම්මං ච හොති විනයකම්මං ච සුවුපසන්තං ච: ආපත්තියා කතං හොති, දෙසනාගාමිනියා ආපත්තියා කතං හොති, අදෙසිතාය ආපත්තියා කතං හොති. ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං තජ්ජනීයකම්මං ධම්මකම්මඤ්ච හොති විනයකම්මං ච සුවුපසන්තං ච.
Sinhala BJT2. මහණෙනි, අන්‍ය වූත් අඞ්ග තුණෙකින් සමන්‍විත තර්‍ජනීයකර්‍මය ධාර්මිකකර්‍මයෙක් ද විනයකර්‍මයෙක් ද මනා ව සංහිඳුනෙක් ද වෙයි. ඇවැතෙහි කරණ ලද්දේ වේ ද, දෙසීමෙන් පිරිසිදු වන ඇවැතෙහි කරණ ලද්දේ වේ ද, නොදෙසු ඇවැතෙහි කරණ ලද්දේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණෙකින් සමන්‍විත තර්‍ජනීයකර්‍මය ධාර්මිකකර්‍මයෙක් ද විනය කර්‍මයෙක් ද මනා ව සංහිඳුනෙක් ද වෙයි.
Pali BJT3. අපරෙහි’පි භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං තජ්ජනීයකම්මං ධම්මකම්මං ච හොති විනයකම්මං ච, සුවුපසන්තං ච: චොදෙත්වා කතං හොති, සාරෙත්වා කතං හොති, ආපත්තිං ආරොපෙත්වා කතං හොති. ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං තජ්ජනීයකම්මං ධම්මකම්මං ච හොති විනයකම්මං ච සුවුපසන්තං ච.
Sinhala BJT3. මහණෙනි, අන්‍ය වූත් අඞ්ග තුණෙකින් සමන්‍විත තර්‍ජනීයකර්‍මය ධාර්මිකකර්‍මයෙක් ද විනයකර්‍මයෙක් ද මනා ව සංහිඳුනෙක් ද වෙයි: චෝදනා කොට කරණ ලද්දේ වේ ද, සිහි පත් කරවා කරණ ලද්දේ වේ ද, ඇවැත නංවා කරණ ලද්දේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණෙන් යුක්ත තර්‍ජනීයකර්‍මය ධාර්මිකකර්‍මයෙක් ද විනයකර්‍මයෙක් ද මනා ව සංහිඳුනෙක් ද වෙයි.
Pali BJT4. අපරෙහි’පි භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං තජ්ජනීයකම්මං ධම්මකම්මං ච හොති විනයකම්මං ච සුවුපසන්තං ච: සම්මුඛා කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති. ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං තජ්ජනීයකම්මං ධම්මකම්මං ච හොති, විනයකම්මං ච, සුවුපසන්තං ච.
Sinhala BJT4. මහණෙනි, අන්‍ය වූද අඞ්ග තුණෙකින් සමන්‍විත තර්‍ජනීයකර්‍මය ධාර්මිකකර්‍මයෙක් ද, විනයකර්‍මයෙක් ද මනා ව සංහිඳුනෙක් ද වෙයි: හමුවෙහි කරණ ලද්දේ වේ ද දැහැමින් කරණ ලද්දේ වේ ද, සමග්‍ර සංඝයා විසින් කරණ ලද්දේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණෙන් සමන්‍විත තර්‍ජනීයකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද විනයකර්‍මයෙක් ද මනා ච සංහිඳුනෙක් ද වෙයි.
Pali BJT5. අපරෙහි’පි භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං තජ්ජනීයකම්මං ධම්මකම්මං ච හොති විනයකම්මං ච, සුවුපසන්තං ච: පටිපුච්ඡා කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං තජ්ජනීයකම්මං ධම්මකම්මං ච හොති විනයකම්මං ච සුවුපසන්තං ච.
Sinhala BJT5. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් සමන්‍විත තර්‍ජනීයකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද විනයකර්‍මයෙක් ද මනාව සංහිඳුනෙක් ද වෙයි: පිළිවිස කරණ ලද්දේ වේ ද, ධර්‍මයෙන් කරණ ලද්දේ වේ ද, සමග්‍ර සංඝයා විසින් කරණ ලද්දේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණෙන් සමන්‍විත තර්‍ජනීයකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද මනා ව සංහිඳුනෙක් ද විනයකර්‍මයක් ද වෙයි,
Pali BJT6. අපරෙහි’පි භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං තජ්ජනීයකම්මං ධම්මකම්මඤ්ච හොති විනයකම්මං ච සුවුපසන්තං ච: පටිඤ්ඤාය කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති. ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං තජ්ජනීයකම්මං ධම්මකම්මං ච හොති විනයකම්මං ච සුවුපසන්තං ච.
Sinhala BJT6. මහණෙනි, අන්‍ය වූත් අඞ්ග තුණෙකින් සමන්‍විත තර්‍ජනීයකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද විනයකර්‍මයෙක් ද මනා සේ සංහිඳුනෙක් ද වෙයි: ප්‍රතිඥා ගෙණ කරණ ලද්දේ වේ ද, ධර්‍මයෙන් කරණ ලද්දේ වේ ද, සමග්‍ර සඞ්ඝයා විසින් කරණ ලද්දේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණින් සමන්‍විත තර්‍ජනීයකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද වෙයි, විනයකර්‍මයෙක් ද වෙයි, මනා ව සංහිඳුනෙක් ද වෙයි,
Pali BJT7. අපරෙහි’පි භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං තජ්ජනීයකම්මං ධම්මකම්මං ච හොති විනයකම්මං ච සුවුපසන්තං ච: ආපත්තියා කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති.– ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං තජ්ජනීයකම්මං ධම්මකම්මං ච හොති, විනයකම්මං ච සුවුපසන්තං ච.
Sinhala BJT7. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් සමන්‍විත තර්‍ජනීයකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද, විනයකර්‍මයෙක් ද, මනා ලෙස සංහිඳුනෙක් ද වෙයි: ඇවැතෙහි කරණ ලද්දේ වේ ද, ධර්‍මයෙන් කරණ ලද්දේ වේ ද, සමග්‍ර සංඝයා විසින් කරණ ලද්දේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණෙන් සමන්‍විත තර්‍ජනීයකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද විනයකර්‍මයෙක් ද මනා ලෙස සංහිඳුනෙක් ද වෙයි.
Pali BJT8. අපරෙහි’පි භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං තජ්ජනීයකම්මං ධම්මකම්මං ච හොති විනයකම්මං ච සුවුපසන්තං ච: දෙසනාගාමිනියා ආපත්තියා කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති. ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං තජ්ජනීයකම්මං ධම්මකම්මං ච හොති විනයකම්මං ච, සුවුපසන්තං ච.
Sinhala BJT8. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් සමන්‍විත තර්‍ජනීයකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද විනයකර්‍මයෙක් ද මනා ලෙස සංහිඳුනෙක් ද වෙයි: දෙසීමෙන් පිරිසිදු වන ඇවැතෙහි කරණ ලද්දේ වේ ද, ධර්‍මයෙන් කරණ ලද්දේ වේ ද, සමග්‍ර සංඝයා විසින් කරණ ලද්දේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණෙන් සමන්‍විත තර්‍ජනීයකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද විනයකර්‍මයෙක් ද මනා ලෙස සංහිඳුනෙක් ද වෙයි.
Pali BJT9. අපරෙහි’පි භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං තජ්ජනීයකම්මං ධම්මකම්මං ච හොති විනයකම්මං ච සුවුපසන්තං ච: අදෙසිතාය ආපත්තියා කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති. ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං තජ්ජනීයකම්මං ධම්මකම්මං ච හොති විනයකම්මං ච සුවුපසන්තං ච.
Sinhala BJT9. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් සමන්‍විත තර්‍ජනීයකර්‍මය ධාර්මිකකර්‍මයෙක් ද විනයකර්‍මයෙක් ද මනා ලෙස සංහිඳුනෙක් ද වෙයි: නොදෙසු ඇවතෙහි කරණ ලද්දේ වේ ද, ධර්‍මයෙන් කරණ ලද්දේ වේ ද, සමග්‍ර සංඝයා විසින් කරණ ලද්දේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණෙන් සමන්‍විත තර්‍ජනීයකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද විනයකර්‍මයෙක් ද මනා ලෙස සංහිඳුනෙක් ද වෙයි.
Pali BJT10. අපරෙහි’පි භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං තජ්ජනීයකම්මං ධම්මකම්මං ච හොති විනයකම්මං ච සුවුපසන්තං ච: චොදෙත්වා කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති. ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං තජ්ජනීයකම්මං ධම්මකම්මං ච හොති විනයකම්මං ච සුවුපසන්තං ච.
Sinhala BJT10. මහණෙනි, අන්‍ය වූත් අඞ්ග තුණෙකින් සමන්‍විත තර්‍ජනීයකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද විනයකර්‍මයෙක් ද මනා ලෙස සංහිඳුනෙක් ද වෙයි. චෝදනා කොට කරණ ලද්දේ වේ ද, ධර්‍මයෙන් කරණ ලද්දේ වේ ද, සමග්‍ර සංඝයා විසින් කරණ ලද්දේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණෙන් සමන්‍විත තර්‍ජනීයකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද විනයකර්‍මයෙක් ද මනා ලෙස සංහිඳුනෙක් ද වෙයි.
Pali BJT11. අපරෙහි’පි භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං තජ්ජනීයකම්මං ධම්මකම්මං ච හොති විනයකම්මං ච සුවුපසන්තං ච: සාරෙත්වා කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති. ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං තජ්ජනීයකම්මං ධම්මකම්මං ච හොති විනයකම්මං ච සුවුපසන්තං ච.
Sinhala BJT11. මහණෙනි, අන්‍ය වූත් අඞ්ග තුණෙකින් සමන්‍විත තර්‍ජනීයකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද විනයකර්‍මයෙක් ද මනා ලෙස සංහිඳුනෙක් ද වෙයි: සිහිපත් කරවා කරණ ලද්දේ වේ ද, ධර්‍මයෙන් කරණ ලද්දේ වේද, සමග්‍ර සංඝයා විසින් කරණ ලද්දේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණින් සමන්‍විත තර්‍ජනීයකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද විනයකර්‍මයෙක් ද මනා ලෙස සංහිඳුනෙක් ද වෙයි.
Pali BJT12. අපරෙහි’පි භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං තජ්ජනීයකම්මං ධම්මකම්මං ච හොති විනයකම්මං ච සුවුපසන්තං ච: ආපත්තිං ආරොපෙත්වා කතං හොති, ධම්මෙන කතං හොති, සමග්ගෙන කතං හොති ඉමෙහි ඛො, භික්ඛවෙ, තීහඞ්ගෙහි සමන්නාගතං තජ්ජනීයකම්මං ධම්මකම්මං ච හොති විනයකම්මං ච සුවුපසන්තං ච.
Sinhala BJT12. මහණෙනි, අන්‍යවූත් අඞ්ග තුණෙකින් සමන්‍විත තර්‍ජනීයකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද විනයකර්‍මයෙක් ද මනාලෙස සංසිඳුනෙක් ද වෙයි. ඇවැත නංවා කරණ ලද්දේ වේ ද, ධර්‍මයෙන් කරණ ලද්දේ වේ ද, සමග්‍ර සංඝයා විසින් කරණ ලද්දේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණෙන් සමන්‍විත තර්‍ජනීයකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද විනයකර්‍මයෙක් ද මනා ලෙස සංහිඳුනෙක් ද වෙයි.
Pali BJTධම්මකම්මද්වාදසකං නිට්ඨිතං.
Sinhala BJTධර්‍මකර්‍ම දොළොස නිමි.
Pali BJTආකඞ්ඛමානඡක්කං
Sinhala BJTආකඞ්ඛමානඡක්කය
Pali BJT1. තීහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආකඞ්ඛමානො සඞ්ඝො තජ්ජනීයකම්මං කරෙය්ය. භණ්ඩනකාරකො හොති කලහකාරකො විවාදකාරකො භස්සකාරකො සඞ්ඝෙ අධිකරණකාරකො, බාලො හොති අව්යත්තො ආපත්තිබහුලො අනපදානො, ගිහීසංසට්ඨො විහරති අනනුලොමිකෙහි ගිහීසංසග්ගෙහි. ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආකඞ්ඛමානො සඞ්ඝො තජ්ජනීයකම්මං කරෙය්ය.
Sinhala BJT1. මහණෙනි, අඞ්ග තුණෙකින් යුක්ත මහණහට සංඝ තෙමේ කැමැත්තේ (නම්) තර්‍ජනීයකර්‍මය කරන්නේ ය: ඩබර කරන්නේ කලහ කරන්නේ විරුද්ධවාද කරන්නේ වාක්කලහ කරන්නේ සංඝයා විෂයයෙහි අධිකරණ උපදවන්නේ වේ ද, යමක් ප්‍රකට කොට කීමෙහි අදක්‍ෂ වූ ඇවැත් බහුල කොට ඇති ආපත්තිපරිච්ඡේදරහිත බාලයෙක් වේ ද, ගිහියන් හා එකට මිශ්‍ර වූයේ ශාසනයට අනුලොම් නොවූ ගෘහීසංසර්‍ගයෙන් යුක්ත වූයේ වෙසේ ද, මහණෙනි, මේ අඞ්ග තුණෙන් යුක්ත මහණහට සංඝ තෙමේ කැමැති නම් තර්‍ජනීයකර්‍මය කරන්නේ ය.
Pali BJT2. අපරෙහි’පි භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආකඞ්ඛමානො සඞ්ඝො තජ්ජනීයකම්මං කරෙය්ය: අධිසීලෙ සීලවිපන්නො හොති, අජ්ඣාචාරෙ ආචාරවිපන්නො හොති, අතිදිට්ඨියා දිට්ඨිවිපන්නො හොති. ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආකඞ්ඛමානො සඞ්ඝො තජ්ජනීයකම්මං කරෙය්ය.
Sinhala BJT2. මහණෙනි, අන්‍ය වූත් අඞ්ග තුණෙකින් යුක්ත මහණහට සංඝ තෙමේ කැමැති වන්නේ නම්, තර්‍ජනීයකර්‍මය කරන්නේ ය: උත්තම ශීලයෙහි විපන් (නට) සිල් ඇත්තේ වේ ද, උත්තමආචාරයෙහි විපන් ආචාර ඇත්තේ වේ ද, උතුම් වූ සම්‍යග්දෘෂ්ටියෙහි විපන් දිටු ඇත්තේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණෙන් යුක්ත මහණහට සංඝ තෙමේ කැමැති වන්නේ නම්, තර්‍ජනීයකර්‍මය කරන්නේ ය.
Pali BJT3. අපරෙහි’පි භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආකඞ්ඛමානො සඞ්ඝො තජ්ජනීයකම්මං කරෙය්ය: බුද්ධස්ස අවණ්ණං භාසති, ධම්මස්ස අවණ්ණං භාසති, සඞ්ඝස්ස අවණ්ණං භාසති. ඉමෙහි ඛො භික්ඛවෙ, තීහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආකඞ්ඛමානො සඞ්ඝො තජ්ජනීයකම්මං කරෙය්ය.
Sinhala BJT3. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුක්ත වූ මහණහට සංඝ තෙමේ කැමැති වන්නේ නම්, තර්‍ජනීයකර්‍මය කරන්නේ ය: බුදුරුවන්හි අයුණු කියා ද, දමුරුවන්හි අයුණු කියා ද, සඟුරුවන්හි අයුණු කියා ද, මහණෙනි, මේ අඞ්ග තුණෙන් යුක්ත මහණහට සංඝ තෙමේ කැමැති වන්නේ නම්, තර්‍ජනීයකර්‍මය කරන්නේ ය.
Pali BJT4. තිණ්ණං භික්ඛවෙ භික්ඛූනං ආකඞ්ඛමානො සඞ්ඝො තජ්ජනීයකම්මං කරෙය්ය: එකො භණ්ඩනකාරකො හොති කලහකාරකො විවාදකාරකො භස්සකාරකො සඞ්ඝෙ අධිකරණකාරකො, එකො බාලො හොති අව්යත්තො ආපත්ති බහුලො අනපදානො, එකො ගිහීසංසට්ඨො විහරති අනනුලොමිකෙහි ගිහිසංසග්ගෙහි. ඉමෙසං ඛො භික්ඛවෙ තිණ්ණං භික්ඛූනං ආකඞ්ඛමානො සඞ්ඝො තජ්ජනීයකම්මං කරෙය්ය.
Sinhala BJT4. මහණෙනි, භික්‍ෂූන් තිදෙනෙකුන්හට සංඝ තෙමේ කැමැති වන්නේ නම්, තර්‍ජනීයකර්‍මය කරන්නේ ය: එක් මහණෙක් ඩබර කරන්නේ කලහ කරන්නේ විවාද කරන්නේ වාක්කලහ කරන්නේ සංඝයා විෂයයෙහි අධිකරණ ඇති කරන්නේ වේ ද, එකෙක් යමක් ප්‍රකට කොට කීමෙහි අදක්‍ෂ වූයේ ඇවැත් බහුල කොට ඇත්තේ පරිචේඡදරහිත ඇවැත් ඇත්තේ බාලයෙක් වේ ද, එකෙක් ගිහීන් හා එකට මිශ්‍ර වූයේ ශාසනානුලෝම නොවූ ගෘහීසංසර්‍ගයෙන් යුක්ත වූයේ වෙසේ ද, මහණෙනි, මේ භික්‍ෂූන් තිදෙනාට සංඝ තෙමේ කැමැති වන්නේ නම්, තර්‍ජනීයකර්‍මය කරන්නේ ය.
Pali BJT5. අපරෙසම්පි භික්ඛවෙ තිණ්ණං භික්ඛූනං ආකඞ්ඛමානො සඞ්ඝො තජ්ජනීයකම්මං කරෙය්ය: එකො අධිසීලෙ සීලවිපන්නො හොති, එකො අජ්ඣාචාරෙ ආචාරවිපන්නො හොති, එකො අතිදිට්ඨියා දිට්ඨිවිපන්නො හොති. ඉමෙසං ඛො භික්ඛවෙ තිණ්ණං භික්ඛූනං ආකඞ්ඛමානො සඞ්ඝො තජ්ජනීයකම්මං කරෙය්ය.
Sinhala BJT5. මහණෙනි, අන්‍ය වූත් භික්‍ෂූන් තිදෙනෙකුන්හට සංඝ තෙමේ කැමැති වන්නේ නම්, තර්‍ජනීයකර්‍මය කරන්නේ ය: එකෙක් උත්තම ශීලයෙහි විපන් සිල් ඇත්තේ වේ ද, එකෙක් උතුම් ආචාරයෙහි විපන් ආචාර ඇත්තේ වේද, එකෙක් උතුම් දෘෂ්ටියෙහි විපන් දිටු ඇත්තේ වේ ද, මහණෙනි, මේ භික්‍ෂූන් තිදෙනාට සංඝ තෙමේ කැමැති වන්නේ නම්, තර්‍ජනීයකර්‍මය කරන්නේ ය.
Pali BJT6. අපරෙසම්පි භික්ඛවෙ තිණ්ණං භික්ඛූනං ආකඞ්ඛමානො සඞ්ඝො තජ්ජනීයකම්මං කරෙය්ය: එකො බුද්ධස්ස අවණ්ණං භාසති, එකො ධම්මස්ස අවණ්ණං භාසති, එකො සඞ්ඝස්ස අවණ්ණං භාසති. ඉමෙසං ඛො භික්ඛවෙ තිණ්ණං භික්ඛූනං ආකඞ්ඛමානො සඞ්ඝො තජ්ජනීයකම්මං කරෙය්ය.
Sinhala BJT6. මහණෙනි, අන්‍ය වූ ද භික්‍ෂූන් තිදෙනෙකුන්හට සංඝ තෙමේ කැමැති වන්නේ නම්, තර්‍ජනීයකර්‍මය කරන්නේ ය. එක් මහණෙක් බුදුරුවන්හි අයුණු කියයි ද, එක් මහණෙක් දමුරුවන්හි අයුණු කියයි ද, එක් මහණෙක් සඟුරුවන්හි අගුණ කිය යි ද, මහණෙනි, මේ භික්‍ෂූන් තිදෙනාට සංඝ තෙමේ කැමැති වන්නේ තර්‍ජනීයකර්‍මය කරන්නේ ය.
Pali BJTආකඞ්ඛමානඡක්කං නිට්ඨිතං.
Sinhala BJTතර්‍ජනීයකර්‍මය කිරීමට කැමැති වන්නන් පිළිබඳ ෂට්කය නිමි.
Pali BJTඅට්ඨාරසවත්තං
Sinhala BJTඅටොළොස් වත
Pali BJT1. තජ්ජනීයකම්මකතෙන භික්ඛවෙ භික්ඛුනා සම්මා වත්තිතබ්බං. තත්රායං සම්මාවත්තනා: න උපසම්පාදෙතබ්බං. න නිස්සයො දාතබ්බො. න සාමණෙරො උපට්ඨපෙතබ්බො. න භික්ඛුනොවාදකසම්මුති{1} සාදිතබ්බා. සම්මතෙනපි භික්ඛුනියො න ඔවදිතබ්බා. යාය ආපත්තියා සඞ්ඝෙන තජ්ජනීයකම්මං කතං හොති සා ආපත්ති න ආපජ්ජිතබ්බා. අඤ්ඤා වා තාදිසිකා, තතො වා පාපිට්ඨතරා. කම්මං න ගරහිතබ්බං. කම්මිකා න ගරහිතබ්බා. න පකතත්තස්ස භික්ඛුනො උපොසථො ඨපෙතබ්බො. න පවාරණා ඨපෙතබ්බා. න සවචනීයං කාතබ්බං. න අනුවාදො පට්ඨපෙතබ්බො. න ඔකාසො කාරෙතබ්බො. න චොදෙතබ්බො. න සාරෙතබ්බො. න භික්ඛූහි සම්පයොජෙතබ්බන්ති.
Sinhala BJT1. මහණෙනි, තර්‍ජනීයකර්‍මය කරණු ලැබූ මහණ විසින් මනා ව පැවැතිය යුතු යි. මේ එහි ලා මනා පැවැත්ම යි: තමා උපාධ්‍යාය වී උපසම්පදා කර්‍ම නො කළ යුතු යි. නිස නො දිය යුතු යි. හෙරණකු තමනට උවටන් පිණිස නො ගත යුතු යි. භිකඛුනෝවාදකසම්මතිය නො පිළිගත යුතු යි. සම්මතිය ලද්දහු විසින් ද මෙහෙණන්හට අවවාද නො කළ යුතු යි. යම් ඇවැතක් කරණ කොට සංඝයා විසින් තර්‍ජනීයකර්‍මය කරණ ලද්දේ ද, ඒ ඇවැතට නැවත නො පැමිණිය යුතු යි. එබඳු අනෙක් ඇවැතකට හෝ නො පැමිණිය යුතු යි. එයටත් වඩා පවිටු ඇවැතකට හෝ නො පැමිණිය යුතු යි. විනයකර්‍මය නො ගැරහිය යුතු යි. තර්‍ජනීයකර්‍මය කළ භික්‍ෂූහු නො ගැරහිය යුත්තාහ. පුවතක් මහණහුගේ උපෝසථකර්‍මය නො තැබිය යුතු යි. පවාරණය නො තැබිය යුතු යි. සවචනීය කර්‍මය නොකළ යුතු යි. විහාරයෙහි දෙටුතනතුර නො දැරිය යුතු යි. චෝදනාවට අවසර නොගත යුතු යි. (පියෙවි මහණකුට) චෝදනා නො කළ යුතු යි. ඇවැත් සිහිපත් නො කරවිය යුතු යි. භික්‍ෂූන් භික්‍ෂූන් හා කලහයට නො යෙදිය යුතු යි.
Pali BJTඅට්ඨාරසවත්තං නිට්ඨිතං.
Sinhala BJTඅටොළොස් වත නිමි.
Pali BJTනපටිප්පස්සම්භෙතබ්බඅට්ඨාරසකං
Sinhala BJTනොසංහිඳුවිය යුතු අටොළොස් වත
Pali BJT1. අථ ඛො සඞ්ඝො පණ්ඩුකලොහිතකානං භික්ඛූනං තජ්ජනීයකම්මං අකාසි. තෙ සඞ්ඝෙන තජ්ජනීයකම්මකතා සම්මා වත්තන්ති, ලොමං පාතෙන්ති, නෙත්ථාරං වත්තන්ති, භික්ඛූ උපසඞ්කමිත්වා එවං වදෙන්ති: “මයං ආවුසො සඞ්ඝෙන තජ්ජනීයකම්මකතා සම්මා වත්තාම, ලොමං පාතෙම, නෙත්ථාරං වත්තාම, කථන්නුඛො අම්හෙහි පටිපජ්ජිතබ්බන්ති. භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. “තෙන හි භික්ඛවෙ සඞ්ඝො පණ්ඩුකලොහිතකානං භික්ඛූනං තජ්ජනීයකම්මං පටිප්පස්සම්භෙතු.”
Sinhala BJT1. ඉක්බිති සංඝ තෙමේ පණ්ඩුකලෝහිතක භික්‍ෂූන්හට තර්‍ජනීයකර්‍මය කෙළේ ය. සංඝයා විසින් තර්‍ජනීයකර්‍මය කරණු ලැබූ ඔහු මනා ව පවතිත්. භික්‍ෂූන් අනුව හැසිරෙත්. නිස්තරණ වත් පුරත්. භික්‍ෂූන් වෙත එළැඹ, “ඇවැත්නි, සංඝයා විසින් තර්‍ජනීයකර්‍මය කරණු ලැබූ අපි මනා ව පවතිමු, අනුලොම් ව පවතිමු, වරදින් මිදෙනු වස් පැවැතිය යුතු වත පුරමු. අප විසින් කෙසේ පිළිපැදිය යුතු දැ?” යි. මෙසේ කියත්. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැළ කළහ. (එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “මහණෙනි, එසේ නම් සංඝ තෙමේ පණ්ඩුකලෝහිතක භික්‍ෂූන්ගේ තර්‍ජනීයකර්‍මය සංහිඳුවාවා.”
Pali BJT2. පඤ්චහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො තජ්ජනීයකම්මං න පටිප්පස්සම්භෙතබ්බං: උපසම්පාදෙති, නිස්සයං දෙති, සාමණෙරං උපට්ඨාපෙති, භික්ඛුනොවාදකසම්මුතිං සාදියති, සම්මතො’පි භික්ඛුනියො ඔවදති – ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො තජ්ජනීයකම්මං න පටිප්පස්සම්භෙතබ්බං.
Sinhala BJT2. මහණෙනි, අඞ්ග පසෙකින් යුක්ත මහණහුගේ තර්‍ජනීයකර්‍මය නො සංහිඳුවිය යුතු යි: උපසම්පදා කම් කරයි ද, නිස දෙයි ද, හෙරණකු ලවා උවටැන් කරවා ගණි ද, මෙහෙණනට ඔවා දීමේ සම්මතිය පිළිගණී ද, සම්මත කරණු ලැබූයේත් මෙහෙණනට ඔවා දේ ද, මහණෙනි, මේ අඞ්ග පසින් යුක්ත මහණහුගේ තර්‍ජනීයකර්‍මය නො සංහිඳුවිය යුතු යි.
Pali BJT3. අපරෙහි’පි භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො තජ්ජනීයකම්මං න පටිප්පස්සම්භෙතබ්බං: යාය ආපත්තියා සඞ්ඝෙන තජ්ජනීයකම්මං කතං හොති තං ආපත්තිං ආපජ්ජති. අඤ්ඤං වා තාදිසිකං, තතො වා පාපිට්ඨතරං. කම්මං ගරහති, කම්මිකෙ ගරහති. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො තජ්ජනීයකම්මං න පටිප්පස්සම්භෙතබ්බං.
Sinhala BJT3. මහණෙනි, අන්‍යවූත් අඞ්ග පසෙකින් යුක්ත මහණහුගේ තර්‍ජනීයකර්‍මය නො සංහිඳුවිය යුතු යි: යම් ඇවැතක් කරණ කොට සංඝයා විසින් තර්‍ජනීයකර්‍මය කරණ ලද ද, ඒ ඇවැතට නැවත පැමිණෙයි ද, එබඳු අන් ඇවැතකට හෝ පැමිණෙයි ද, එයට වඩා පවිටු ඇවැතකට හෝ පැමිණෙයි ද, විනයකර්‍මය ගරහයි ද, කාරක සඟනට ගරහයි ද, මහණෙනි. මේ අඞ්ග පසෙන් යුක්ත මහණහුගේ තර්‍ජනීයකර්‍මය නො සංහිඳුවිය යුතු යි.
Pali BJT4. අට්ඨහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො තජ්ජනීයකම්මං න පටිප්පස්සම්භෙතබ්බං: පකතත්තස්ස භික්ඛුනො උපොසථං ඨපෙති, පවාරණං ඨපෙති, සවචනීයං කරොති, අනුවාදං පට්ඨපෙති, ඔකාසං කාරෙති, චොදෙති, සාරෙති, භික්ඛූහි සම්පයොජෙති. ඉමෙහි ඛො භික්ඛවෙ අට්ඨහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො තජ්ජනීයකම්මං න පටිප්පස්සම්භෙතබ්බං.
Sinhala BJT4. මහණෙනි, අඞ්ග අටෙකින් යුක්ත මහණහුගේ තර්‍ජනීයකර්‍මය නො නැවැත්විය යුතු යි: ශුද්ධ භික්‍ෂුවගේ උපෝසථය තබයි ද, පවාරණය තබයි ද, සවචනීයකර්‍මය කරයි ද, වෙහෙරැ දෙටුකම් කරයි ද, චෝදනාවට අවසර ගණී ද, චෝදනා කරයි ද, ඇවැත් සිහිපත් කරවයි ද, භික්‍ෂූන් භික්‍ෂූන් හා කලහයට යොදයි ද, මහණෙනි, මේ අඞ්ග අටෙන් යුක්ත මහණහුගේ තර්‍ජනීයකර්‍මය නො සංහිඳුවිය යුතු යි.
Pali BJTන පටිප්පස්සම්භෙතබ්බඅට්ඨාරසකං නිට්ඨිතං.
Sinhala BJTනොසංහිඳුවිය යුතු අඞ්ග අටොළොස නිමි.
Pali BJTපටිප්පස්සම්භෙතබ්බඅට්ඨාරසකං
Sinhala BJTසංහිඳුවිය යුතු අටොළොස
Pali BJT1. පඤ්චහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො තජ්ජනීයකම්මං පටිප්පස්සම්භෙතබ්බං. න උපසම්පාදෙති, න නිස්සයං දෙති, න සාමණෙරං උපට්ඨපෙති, න භික්ඛුනොවාදකසම්මුතිං සාදියති, සම්මතො’පි භික්ඛුනියො න ඔවදති, ඉමෙහි ඛො, භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො තජ්ජනීයකම්මං පටිප්පස්සම්භෙතබ්බං.
Sinhala BJT1. “මහණෙනි, අඞ්ග පසෙකින් යුක්ත මහණහුගේ තර්‍ජනීයකර්‍මය සංහිඳුවිය යුතු යි: උපසම්පදා කර්‍ම නොකරයි ද, නිස නො දෙයි ද, හෙරණකු ලවා උවටැන් කරවා නො ගණි ද, මෙහෙණනට ඔවා දීමේ සම්මතිය නො පිළිගණී ද, සම්මතිය ලදුයේ ද මෙහෙණනට ඔවා නො දෙයි ද, මහණෙනි, මේ අඞ්ග පසින් යුක්ත මහණහුගේ තර්‍ජනීයකර්‍මය සංහිඳුවිය යුතු යි.
Pali BJT2. අපරෙහි’පි භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො තජ්ජනීයකම්මං පටිප්පස්සම්භෙතබ්බං: යාය ආපත්තියා සඞ්ඝෙන තජ්ජනීයකම්මං කතං හොති තං ආපත්තිං න ආපජ්ජති, අඤ්ඤං වා තාදිසිකං, තතො වා පාපිට්ඨතරං. කම්මං න ගරහති. කම්මිකෙ න ගරහති. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො තජ්ජනීයකම්මං පටිප්පස්සම්භෙතබ්බං.
Sinhala BJT2. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග පසෙකින් යුක්ත මහණහට කළ තර්‍ජනීයකර්‍මය සංහිඳුවිය යුතු යි. යම් ඇවැතක් නිසා සංඝයා විසින් තර්‍ජනීයකර්‍මය කරණ ලද්දේ වේ නම් ඒ ඇවැතට නැවත නො පැමිණෙයි ද, එබඳු අන් ඇවැතකටත් නො පැමිණෙයි ද, එයටත් වඩා පවිටු ඇවැතකට හෝ නො පැමිණෙයි ද, විනයකර්‍මයට නො ගරහයි ද, කර්‍මය කළ සංඝයාට නො ගරහයි ද, මහණෙනි, මේ අඞ්ග පසින් යුක්ත මහණහට කළ තර්‍ජනීයකර්‍මය සංහිඳුවිය යුතු යි.
Pali BJT3. අට්ඨහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො තජ්ජනීයකම්මං පටිප්පස්සම්භෙතබ්බං: න පකතත්තස්ස භික්ඛුනො උපොසථං ඨපෙති, න පවාරණං ඨපෙති, න සවචනීයං කරොති, න අනුවාදං පට්ඨපෙති, න ඔකාසං කාරෙති, න චොදෙති, න සාරෙති, න භික්ඛූහි සම්පයොජෙති – ඉමෙහි ඛො භික්ඛවෙ අට්ඨහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො, තජ්ජනීයකම්මං පටිප්පස්සම්භෙතබ්බං.
Sinhala BJT3. මහණෙනි, අඞ්ග අටෙකින් යුක්ත මහණහුගේ තර්‍ජනීයකර්‍මය සංහිඳුවිය යුතු යි: පුවතත් මහණහුගේ උපෝසථය නො තබයි ද, පවාරණය නො තබයි ද, සවචනීයකර්‍මය නො කරයි ද, වෙහෙරැ දෙටු තනතුර නො දරයි ද, චෝදනාවට අවසර නො ගණි ද, චෝදනා නො කරයි ද, ඇවැත් සිහිපත් නො කරවයි ද, භික්‍ෂූන් භික්‍ෂූන් හා කලහයට නො යොදයි ද, මහණෙනි, මේ අඞ්ග අටෙන් යුක්ත මහණහට කළ තර්‍ජනීයකර්‍මය සංහිඳුවිය යුතු යි.
Pali BJTපටිප්පස්සම්භෙතබ්බඅට්ඨාරසකං නිට්ඨිතං.
Sinhala BJTසංහිඳුවිය යුතු අටොළොස නිමි.
Pali BJT[පටිප්පස්සම්භනං]
Sinhala BJT[සංහිඳුවීම]
Pali BJT1. එවඤ්ච පන භික්ඛවෙ පටිප්පස්සම්භෙතබ්බං. තෙහි භික්ඛවෙ පණ්ඩුකලොහිතකෙහි භික්ඛූහි සඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා බුඩ්ඪානං භික්ඛූනං පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො: “මයං භන්තෙ සඞ්ඝෙන තජ්ජනීයකම්මකතා සම්මා වත්තාම, ලොමං පාතෙම, නෙත්ථාරං වත්තාම, තජ්ජනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචාමා”ති. දුතියම්පි යාචිතබ්බො, තතියම්පි යාචිතබ්බො. ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJT1. මහණෙනි, මෙසේ තර්‍ජනීයකර්‍මය සංහිඳුවිය යුතු යි: මහණෙනි ඒ පණ්ඩුකලෝහිතක භික්‍ෂූන් විසින් සංඝයා වෙත එළඹ උතුරුසඟ සිවුර එකස් කොට පොරොවා වැඩි මහලු භික්‍ෂූන්ගේ පා වැඳ, උලුළු යෙන් හිඳ ඇඳිලි බැඳ මෙසේ කිය යුතු වෙයි: “ස්වාමිනී, සංඝයා විසින් තර්‍ජනීයකර්‍මය කරණු ලැබූ අපි මනා ව පවතිමු. භික්‍ෂූනට අනුව පවතිමු, නිස්තරණ වතෙහි පවතිමු. තර්‍ජනීයකර්‍මයාගේ සංහිඳුවීම යදිමු” යනු යි. දෙවනුවත් යැදිය යුතු යි, තෙවනුවත් යැදිය යුතු යි. ව්‍යක්ත වූ ප්‍රතිබල මහණකු විසින් සංඝ තෙමේ දැන්විය යුතු යි:
Pali BJT2. “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො, ඉමෙ පණ්ඩුකලොහිතකා භික්ඛූ සඞ්ඝෙන තජ්ජනීයකම්මකතා සම්මා වත්තන්ති, ලොමං පාතෙන්ති, නෙත්ථාරං වත්තන්ති, තජ්ජනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචන්ති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො පණ්ඩුකලොහිතකානං භික්ඛූනං තජ්ජනීයකම්මං පටිප්පස්සම්භෙය්ය. එසා ඤත්ති.
Sinhala BJT2. “වහන්ස, සංඝ තෙමේ මා කියන්න අසාවා. මේ පණ්ඩුකලෝහිතක භික්‍ෂූහු සංඝයා විසින් තර්‍ජනීයකර්‍මය කරණු ලැබුවාහු මනා ව පවතිත්. භික්‍ෂූන්හට අනුකූල ව පවතිත්. නිස්තරණ වතෙහි පිහිටා සිටිත්. තර්‍ජනීයකර්‍මයාගේ සංහිඳුවීම යදිත්. ඉදින් සංඝයාට පැමිණි කල් ඇත්තේ නම් සංඝ තෙමේ පණ්ඩුකලෝහිතක භික්‍ෂූන්හට තර්‍ජනීයකර්‍මය සංහිඳුවන්නේ ය. මේ ඤත්තිය යි.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො. ඉමෙ පණ්ඩුකලොහිතකා භික්ඛූ සඞ්ඝෙන තජ්ජනීයකම්මකතා සම්මා වත්තන්ති, ලොමං පාතෙන්ති, නෙත්ථාරං වත්තන්ති, තජ්ජනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචන්ති. සඞ්ඝො පණ්ඩුකලොහිතකානං භික්ඛූනං තජ්ජනීයකම්මං පටිප්පස්සම්භෙති. යස්සායස්මතො ඛමති පණ්ඩුකලොහිතකානං භික්ඛූනං තජ්ජනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධි, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
Sinhala BJTවහන්ස, සංඝ තෙමේ මාගේ වචනය අසාවා. මේ පණ්ඩුකලෝහිතක භික්‍ෂූහු සංඝයා විසින් තර්‍ජනීයකර්‍මය කරණු ලැබුවාහු මනා ව පවතිත්. භික්‍ෂූන්හට අනුකූල ව පවතිත්. නිස්තරණ වතෙහි (වරදින් මිදෙනු වස් පැවැතිය යුතු වතෙහි) පවතිත්. තර්‍ජනීයකර්‍මයාගේ සංහිඳුවීම යදිත්. සංඝ තෙමේ පණ්ඩුකලෝහිතක භික්‍ෂූන්හට තර්‍ජනීයකර්‍මය සංහිඳුවයි. පණ්ඩුකලෝහිතක භික්‍ෂූන්ගේ තර්‍ජනීයකර්‍මය සංහිඳුවීම යම් ආයුෂ්මතක් හට රුචි වෙයි ද, හෙ තෙමේ නිශ්ශබ්ද වේවා. යමකුට රුචි නො වෙයි නම්, හෙ තෙමේ කියාවා.
Pali BJTදුතියම්පි එතමත්ථං වදාමි: සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. ඉමෙ පණ්ඩුකලොහිතකා භික්ඛූ සඞ්ඝෙන තජ්ජනීයකම්මකතා සම්මා වත්තන්ති, ලොමං පාතෙන්ති, නෙත්ථාරං වත්තන්ති, තජ්ජනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචන්ති. සඞ්ඝො පණ්ඩුකලොහිතකානං භික්ඛූනං තජ්ජනීයකම්මං පටිප්පස්සම්භෙති. යස්සායස්මතො ඛමති පණ්ඩුකලොහිතකානං භික්ඛූනං තජ්ජනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධි, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
Sinhala BJTදෙවනුවත් මේ කරුණ කියමි. වහන්ස, සංඝ තෙමේ මාගේ වචනය අසාවා. මේ පණ්ඩුකලෝහිතක භික්‍ෂූහු සංඝයා විසින් තර්‍ජනීයකර්‍මය කරණු ලැබුවාහු මනා සේ පවතිත්. භික්‍ෂූන්හට අනුකූල ව පවතිත්. නිස්තරණ වතෙහි පවතිත්. තර්‍ජනීයකර්‍මයාගේ සංහිඳුවීම යදිත්. සංඝ තෙමේ පණ්ඩුකලෝහිතක භික්‍ෂූන්ගේ තර්‍ජනීයකර්‍මය සංහිඳුවයි. පණ්ඩුකලෝහිතක භික්‍ෂූන්ගේ තර්‍ජනීයකර්‍මය නැවැත්වීම යම් ආයුෂ්මතක් හට රුචි වෙයි ද, හෙ තෙමේ නිහඬ වේවා. යමකුට රුචි නො වෙයි නම්, හෙ තෙමේ කියාවා.
Pali BJTතතියම්පි එතමත්ථං වදාමි. සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. ඉමෙ පණ්ඩුකලොහිතකා භික්ඛූ සඞ්ඝෙන තජ්ජනීයකම්මකතා සම්මා වත්තන්ති, ලොමං පාතෙන්ති, නෙත්ථාරං වත්තන්ති, තජ්ජනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචන්ති. සඞ්ඝො පණ්ඩුකලොහිතකානං භික්ඛූනං තජ්ජනීයකම්මං පටිප්පස්සම්භෙති. යස්සායස්මතො ඛමති පණ්ඩුකලොහිතකානං භික්ඛූනං තජ්ජනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධි, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
Sinhala BJTතෙවෙනිවත් මේ කරුණ කියමි. වහන්ස, සංඝ තෙමේ මාගේ වචනය අසාවා. මේ පණ්ඩුකලෝහිතක භික්‍ෂූහු සංඝයා විසින් තර්‍ජනීයකර්‍මය කරණු ලැබුවාහු මනා ව පවතිත්. භික්‍ෂූන් අනුව පවතිත්. නිස්තරණ වතෙහි පවතිත්. තර්‍ජනීයකර්‍මයාගේ සංහිඳුවීම යදිත්. සංඝ තෙමේ පණ්ඩුකලෝහිතක භික්‍ෂූන්ගේ තර්‍ජනීයකර්‍මය සංහිඳුවයි. පණ්ඩුකලෝහිතක භික්‍ෂූන්ගේ තර්‍ජනීයකර්‍මය සංහිඳුවීම යම් ආයුෂ්මතක් හට රුචි වෙයි ද, හෙ තෙමේ නිහඬ වේවා. යමකුට රුචි නො වෙයි නම්, හෙ තෙමේ කියාවා.
Pali BJTපටිප්පස්සද්ධං සඞ්ඝෙන පණ්ඩුකලොහිතකානං භික්ඛූනං තජ්ජනීයකම්මං. ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJTපණ්ඩුකලෝහිතක භික්‍ෂූන්ගේ තර්‍ජනීයකර්‍මය සංඝයා විසින් සංහිඳුවන ලදී. සංඝයාට එය රුචි වෙයි. එහෙයින් නිහඬ ය. මෙය මෙසේ සලකමි” යනු යි.
Pali BJTතජ්ජනීයකම්මං නිට්ඨිතං පඨමං.
Sinhala BJTපළමුවන තර්‍ජනීයකර්‍මය නිමි.
Pali BJT2. නියස්සකම්මං
Sinhala BJT2. නියස්සකර්‍මය
Pali BJT1. තෙන ඛො පන සමයෙන ආයස්මා සෙය්යසකො බාලො හොති, අව්යත්තො ආපත්තිබහුලො අනපදානො, ගිහීසංසට්ඨො විහරති අනනුලොමිකෙහි ගිහිසංසග්ගෙහි. අපිස්සු භික්ඛූ පකතා පරිවාසං දෙන්තා, මූලාය පටිකස්සන්තා මානත්තං දෙන්තා, අබ්භෙන්තා.
Sinhala BJT1. එ සමයෙහි ආයුෂ්මත් සෙය්‍යසක භික්‍ෂූ තෙමේ අව්‍යාක්ත වූයේ, ඇවැත් බහුල කොට ඇත්තේ, ආපත්තිපරිච්ඡේදරහිත බාලයෙක් වෙයි. ගිහියන් හා එකට ගැටුනේ අනුලොම් නොවූ ගිහි සංසර්‍ගයෙන් යුක්ත ව වෙසෙයි. එහෙයින් භික්‍ෂූහු පිරිවෙස් දෙන්නාහු, මූලායපටිකස්සනා කරන්නාහු, මානත් දෙන්නාහු, අබ්භාන කරන්නාහු කටයුත්තෙහි යෙදුනාහු වෙත්.
Pali BJT2. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා, -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ආයස්මා සෙය්යසකො බාලො භවිස්සති අබ්යත්තො ආපත්තිබහුලො අනපදානො, ගිහීසංසට්ඨො විහරිස්සති අනනුලොමිකෙහි ගිහීසංසග්ගෙහි. අපිස්සු භික්ඛූ පකතා පරිවාසං දෙන්තා මූලාය පටිකස්සන්තා මානත්තං දෙන්තා, අබ්භෙන්තා”ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං.
Sinhala BJT2. අපිස් ගුණ ඇති, ලද දෙයින් සතුටු වන සුලු, පවට පිළිකුල් කරණ කැප නො කැප පිළිබඳ විමැසීම කරවා (සැක කරණ) හික්මෙනු කැමැති යම් භික්‍ෂූහු වෙත් ද, ඒ භික්‍ෂූහු “කෙසේ නම් සෙය්‍යසක භික්‍ෂූ තෙමේ බාල වූයේ, අව්‍යක්ත වූයේ, ඇවැත් බහුල කොට ඇත්තේ, ආපත්තිපරිච්ඡේද රහිත වූයේ ගිහියන් හා එකට ගැටුණේ නොගැළපෙන්නා වූ ගිහිසංසර්‍ගයෙන් යුක්ත වූයේ වෙසෙයි ද, එහෙයින් භික්‍ෂූහු පිරිවෙස් දෙන්නාහු, මූලායපටිකස්සනා කරන්නාහු, මානත් දෙන්නාහු අබ්භාන කරන්නාහු බොහෝ කටයුතු ඇත්තාහු වූහ” යි (සෙය්‍යසක මහණහුගේ ක්‍රියාව) ලාමක කොට සිතත්, අගුණ කියත්, අගුණ පතුරුවත්. ඉක්බිති ඒ භික්‍ෂූහු මේ කරුණ භාග්‍යවතුන් වහන්සේට සැළ කළාහු ය.
Pali BJT3. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා භික්ඛූ පටිපුච්ඡි:
Sinhala BJT3. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි භික්‍ෂුසංඝයා රැස් කරවා, භික්‍ෂූන් විචාළ සේක:
Pali BJT“සච්චං කිර භික්ඛවෙ සෙය්යසකො භික්ඛු බාලො අබ්යත්තො ආපත්තිබහුලො අනපදානො, ගිහීසංසට්ඨො විහරති අනනුලොමිකෙහි ගිහිසංසග්ගෙහි. අපිස්සු භික්ඛූ පකතා පරිවාසං දෙන්තා. මූලාය පටිකස්සන්තා, මානත්තං දෙන්තා, අබ්භෙන්තා”ති. “සච්චං භගවා”.
Sinhala BJT“මහණෙනි, සෙය්‍යසක මහණ තෙමේ අව්‍යක්ත වූයේ, ඇවැත් බහුල කොට ඇත්තේ, ඉමක් නැති ඇවැත් ඇත්තේ, බාලයෙක් වේ ද? ගිහියන් හා එකට ගැටුනේ අනුලොම් නොවූ ගිහීසංසර්‍ගයෙන් යුක්ත වූයේ වෙසෙයි ද? ‘එහෙයින් භික්‍ෂූහු පිරිවෙස් දෙන්නාහු, මූලායපටිකස්සනා කරන්නාහු, මානත් දෙන්නාහු, අබ්භාන කරන්නාහු බොහෝ කටයුතු ඇත්තෝ වෙත්’ යනු සැබෑදැ?” යි (ඇසූ සේක). “භාග්‍යවතුන් වහන්ස, සැබෑ ය” යී ඔහු උත්තර දුන්හ.
Pali BJT4. විගරහි බුද්ධො භගවා: “අනනුච්ඡවිකං භික්ඛවෙ තස්ස මොඝපුරිසස්ස අනනුලොමිකං අප්පතිරූපං අස්සාමණකං අකප්පියං අකරණීයං. කථං හි නාම සො භික්ඛවෙ මොඝපුරිසො බාලො භවිස්සති අබ්යත්තො ආපත්තිබහුලො අනපදානො, ගිහීසංසට්ඨො විහරිස්සති අනනුලොමිකෙහි ගිහීසංසග්ගෙහි. අපිස්සු භික්ඛූ පකතා පරිවාසං දෙන්තා මූලාය පටිකස්සන්තා, මානත්තං දෙන්තා, අබ්භෙන්තා.
Sinhala BJT4. “මහණෙනි, ඒ හිස් පුරුෂයාගේ නො සුදුසු ක්‍රියාවෙකි. ශාසනයට අනුලොම් නොවූ ක්‍රියාවෙකි. අයුත්තෙකි. ශ්‍රමණයනට අයත් නොවූයෙකි, කැප නොවූයෙකි, නොකළ යුත්තෙකි. මහණෙනි, ඒ හිස් පුරුෂ තෙමේ කෙසේ නම් බාල වූයේ, අව්‍යක්ත වූයේ, ඇවැත් බහුල කොට ඇත්තේ, ආපත්තිපරිච්ඡේද රහිත වූයේ ගිහියන් හා එකට ගැටුනේ, අනුලොම් නොවූ ගිහීසංසර්‍ගයෙන් යුක්ත වූයේ වෙසෙයි ද, එහෙයින් භික්‍ෂූහු පිරිවෙස් දෙන්නාහු, මුලට අදින්නාහු, මානත් දෙන්නාහු, අබ්භාන කරන්නාහු නිතර කටයුත්තෙහි යෙදුනාහු ද වෙත්.
Pali BJT5. “නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ-” විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “තෙන හි භික්ඛවෙ සඞ්ඝො සෙය්යසකස්ස භික්ඛුනො නියස්සකම්මං කරොතු නිස්සාය තෙ වත්ථබ්බන්ති. එවං ච පන භික්ඛවෙ කාතබ්බං: පඨමං සෙය්යසකො භික්ඛු චොදෙතබ්බො. චොදෙත්වා සාරෙතබ්බො. සාරෙත්වා ආපත්ති ආරොපෙතබ්බා. ආපත්තිං ආරොපෙත්වා ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
Sinhala BJT5. “මහණෙනි, මෙය නොපහන් වූවන්ගේ පහන් බව පිණිස හෝ නො වෙයි. ... පහන් වූවන්ගේ ඒ පහන් බව වැඩීම පිණිස හෝ නො වෙයි. වැලි දු මහණෙනි, මෙය නොපහන් වූවන්ගේ නොපහන් බව පිණිස ද, පහන් වූ ඇතැමුන්ගේ වෙනස් බව පිණිස ද පවතී ය”යි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ ගැරැහූ සේක. ගරහා දැහැමි කථා කොට භික්‍ෂූන් ඇමැතූ සේක. “මහණෙනි, එසේ නම් සංඝ තෙමේ සෙය්‍යසක භික්‍ෂූහට “තා විසින් නිස ගෙණ ආචාර්‍ය්‍ය ආශ්‍රයයෙහි ම විසිය යුතුයැ” යි නියස්සකර්‍මය කෙරේවා. මහණෙනි, ඒ නියස්සකර්‍මය ද මෙසේ කළ යුතු යි: පළමු කොට සෙය්‍යසක මහණ තෙමේ චෝදනා කළ යුතු යි. චෝදනා කොට, ඇවැත සිහිපත් කරවිය යුතු යි. සිහිපත් කරවා ඇවැත නැංවිය යුතු යි. ඇවැත නංවා ව්‍යක්ත වූ ප්‍රතිබල මහණකු විසින් සංඝ තෙමේ මෙසේ දැන්විය යුත්තේ ය:
Pali BJT6. සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං සෙය්යසකො භික්ඛු බාලො අබ්යත්තො ආපත්තිබහුලො අනපදානො ගිහීසංසට්ඨො විහරති අනනුලොමිකෙහි ගිහීසංසග්ගෙහි. අපිස්සු භික්ඛූ පකතා පරිවාසං දෙන්තා මූලාය පටිකස්සන්තා මානත්තං දෙන්තා අබ්භෙන්තා. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො සෙය්යසකස්ස භික්ඛුනො නියස්සකම්මං කරෙය්ය නිස්සාය තෙ වත්ථබ්බන්ති. එසා ඤත්ති.
Sinhala BJT6. “වහන්ස, සංඝ තෙමේ මාගේ වචනය අසාවා, මේ සෙය්‍යසක මහණ නොවියත් වූයේ ඇවැත් බහුල කොට ඇත්තේ ආපත්තිපරිච්ඡේද රහිත බාලයෙක් වෙයි. ගිහියන් හා එකට ගැටුනේ අනුලොම් නොවූ ගිහී සංසර්‍ගයෙන් යුක්ත වූයේ වෙසෙයි. එහෙයින් භික්‍ෂූහු පිරිවෙස් දෙන්නාහු මූලායපටිකස්සනය කරන්නාහු මානත් දෙන්නාහු අබ්භාන කරන්නාහු බොහෝ කටයුතු ඇත්තාහු වෙති. ඉදින් සංඝයාට පැමිණි කල් ඇත් නම්, සංඝ තෙමේ සෙය්‍යසක මහණහට ‘තා විසින් නිස ගෙණ ආචාර්‍ය්‍ය ආශ්‍රයයෙහි ම විසිය යුතු ය’ යි නියස්සකර්‍මය කරන්නේ ය. මේ ඤත්ති යයි.
Pali BJTසුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං සෙය්යසකො භික්ඛු බාලො අබ්යත්තො ආපත්තිබහුලො අනපදානො ගිහීසංසට්ඨො විහරති අනනුලොමිකෙහි ගිහීසංසග්ගෙහි. අපිස්සු භික්ඛූ පකතා පරිවාසං දෙන්තා මූලායපටිකස්සන්තා මානත්තං දෙන්තා අබ්භෙන්තා. සඞ්ඝො සෙය්යසකස්ස භික්ඛුනො නියස්සකම්මං කරොති නිස්සාය තෙ වත්ථබ්බන්ති. යස්සායස්මතො ඛමති සෙය්යසකස්ස භික්ඛුනො නියස්සස්ස කම්මස්ස කරණං නිස්සාය තෙ වත්ථබ්බන්ති, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති සො භාසෙය්ය.
Sinhala BJTවහන්ස, සංඝ තෙමේ මා කියන්න අසාවා. මේ සෙය්‍යසක භික්‍ෂු තෙමේ අව්‍යක්ත වූ, ඇවැත් බහුල කොට ඇති, ආපත්තිපරිච්ඡේද රහිත බාලයෙක් වෙයි, ගිහියන් හා එකට ගැටුනේ අනුලොම් නොවූ ගිහී සංසර්‍ගයෙන් යුක්ත වූයේ වෙසෙයි. එහෙයින් භික්‍ෂූහු පිරිවෙස් දෙන්නාහු, මූලායපටිකස්සනය කරන්නාහු, මානත් දෙන්නාහු අබ්භාන කරන්නාහු කටයුතු ඇත්තාහු වෙති. සංඝ තෙමේ සෙය්‍යසක මහණහට “තා විසින් නිස ගෙණ ආචාර්‍ය්‍ය ආශ්‍රයයෙහි විසිය යුතු ය’ යි නියස්සකර්‍මය කෙරෙයි. සෙය්‍යසක මහණහට ‘තා විසින් නිස ගෙණ ආචාර්‍ය්‍ය ආශ්‍රයයේ විසිය යුතුය’ යි නියස්සකර්‍මය කිරීම යම් ආයුෂ්මතකුට රුචි වෙයි නම් හෙ තෙමේ නිශ්ශබ්ද වේවා. යමකුට රුචි නොවෙයි නම් හෙ තෙමේ කියාවා.
Pali BJTදුතියම්පි එතමත්ථං වදාමි. -පෙ- තතියම්පි එතමත්ථං වදාමි. සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං සෙය්යසකො භික්ඛු බාලො අබ්යත්තො ආපත්තිබහුලො අනපදානො. ගිහීසංසට්ඨො විහරති අනනුලොමිකෙහි ගිහීසංසග්ගෙහි. අපිස්සු භික්ඛූ පකතා පරිවාසං දෙන්තා, මූලාය පටිකස්සන්තා, මානත්තං දෙන්තා, අබ්භෙන්තා. සඞ්ඝො සෙය්යසකස්ස භික්ඛුනො නියස්සකම්මං කරොති නිස්සාය තෙ වත්ථබ්බන්ති. යස්සායස්මතො ඛමති සෙය්යසකස්ස භික්ඛුනො නියස්සකම්මස්ස කරණං නිස්සාය තෙ වත්ථබ්බන්ති, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති සො භාසෙය්ය.
Sinhala BJTදෙවනු වත් මේ කරුණ කියමි ... තෙවනු වත් මේ කරුණ කියමි. වහන්ස, සංඝ තෙමේ මාගේ වචනය අසාවා. මේ සෙය්‍යසක භික්‍ෂු තෙමේ අව්‍යක්ත වූයේ, ඇවැත් බහුල කොට ඇත්තේ, ආපත්තිපරිච්ඡේද රහිත බාලයෙක් වෙයි. ගිහියන් හා එකට ගැටුනේ ශාසනයට අනුලොම් නොවූ ගිහි සංසර්‍ගයෙන් යුක්ත වූයේ වෙසෙයි. එහෙයින් භික්‍ෂූහු පිරිවෙස් දෙන්නාහු මූලායපටිකස්සනය කරන්නාහු මානත් දෙන්නාහු අබ්භාන කරන්නාහු බොහෝ කටයුතු ඇත්තාහු වෙති. සංඝ තෙමේ සෙය්‍යසක භික්‍ෂුහට ‘තා විසින් නිස ගෙණ ආචාර්‍ය්‍ය ආශ්‍රයයේ විසිය යුතු ය’ යි නියස්සකර්‍මය කෙරෙයි. සෙය්‍යසක භික්‍ෂුහට ‘තා විසින් නිස ගෙණ ඇදුරු ඇසුරෙහි ම විසිය යුතු ය’ යි නියස්සකර්‍මය කිරීම යම් ආයුෂ්මතකුට රුචි වෙයි නම් හෙ තෙමේ නිශ්ශබ්ද වේවා. යමකුට අනභිමත වේ නම් හෙ තෙමේ කියාවා.
Pali BJTකතං සඞ්ඝෙන සෙය්යසකස්ස භික්ඛුනො නියස්සකම්මං, නිස්සාය තෙ වත්ථබ්බන්ති. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
Sinhala BJTසංඝයා විසින් සෙය්‍යසක භික්‍ෂූහට ‘තා විසින් නිස ගෙණ ඇදුරු ඇසුරෙහි ම විසිය යුතු ය’ යි නියස්සකර්‍මය කරණ ලදී. සංඝයාට එය අභිමත යි. එහෙයින් නිහඬ ය. මේ කරුණු මෙසේ ධරමී” යනු යි.
Pali BJTඅධම්මකම්මද්වාදසකං
Sinhala BJTඅධර්‍මකර්‍ම දොළොස
Pali BJT1. තීහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතං නියස්සකම්මං අධම්මකම්මඤ්ච හොති, අවිනයකම්මඤ්ච, දුවූපසන්තඤ්ච: අසම්මුඛා කතං හොති, අපටිපුච්ඡා කතං හොති, අපටිඤ්ඤාය කතං හොති. ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං නියස්සකම්මං අධම්මකම්මං ච හොති, අවිනයකම්මඤ්ච, දුවූපසන්තඤ්ච.
Sinhala BJT1. “මහණෙනි, අඞ්ග තුණෙකින් යුත් නියස්සකර්‍මය අධර්‍මකර්‍මයෙක් ද අවිනයකර්‍මයෙක්ද, නොසංහිඳුනෙක් ද වෙයි: අසම්මුඛයෙහි කරණ ලද්දේ වෙයි ද, නොපිළිවිස කරණ ලද්දේ වෙයි ද, ප්‍රතිඥා නොගෙණ කරණ ලද්දේ වෙයි ද, මහණෙනි, මේ අඞ්ග තුණින් යුත් නියස්සකර්‍මය අධර්‍මකර්‍මයෙක් ද අවිනයකර්‍මයෙක්ද මනා ව නොසංහිඳුනෙක් ද වෙයි.
Pali BJT2. අපරෙහි”පි භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං නියස්සකම්මං අධම්මකම්මං ච හොති, අවිනයකම්මඤ්ච, දුවූපසන්තඤ්ච: අනාපත්තියා කතං හොති, අදෙසනාගාමිනියා ආපත්තියා කතං හොති, දෙසිතාය ආපත්තියා කතං හොති ...
Sinhala BJT2. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුක්ත නියස්සකර්‍මය අධර්‍මකර්‍මයෙක් ද අවිනයකර්‍මයෙක් ද නොසංහිඳුනෙක් ද වෙයි: ඇවැත් නැත්තෙහි කරණ ලද්දේ වෙයි ද, දෙසීමෙන් පිරිසිදු නොවන ඇවැතෙහි කරණ ලද්දේ වෙයි ද, දෙසූ ඇවැතෙහි කරණ ලද්දේ වෙයි ද…
Pali BJT3. අපරෙහි’පි -පෙ- අචොදෙත්වා කතං හොති, අසාරෙත්වා කතං හොති, ආපත්තිං අනාරොපෙත්වා කතං හොති ...
Sinhala BJT3. අන්‍ය වූ ද ... චෝදනා නොකොට කරණ ලද්දේ වෙයි ද, සිහිපත් නො කරවා කරණ ලද්දේ වෙයි ද, ඇවැත නො නංවා කරණ ලද්දේ වෙයි ද ...
Pali BJT4. අපරෙහි’පි -පෙ- අසම්මුඛා කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති ...
Sinhala BJT4. අන්‍ය වූ ද ... අසම්මුඛයෙහි කරණ ලද්දේ වෙයි ද, අධර්‍මයෙන් කරණ ලද්දේ වෙයි ද, ව්‍යග්‍ර වූ (අසමග්‍ර වූ) සංඝයා විසින් කරණ ලද්දේ වෙයි ද ...
Pali BJT5. අපරෙහි’පි -පෙ- අපටිපුච්ඡා කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති ...
Sinhala BJT5. අන්‍යවූ ද ... නොපිළිවිස කරණ ලද්දේ වෙයි ද, අධර්‍මයෙන් කරණ ලද්දේ වෙයි ද, ව්‍යග්‍ර වූ සංඝයා විසින් කරණ ලද්දේ වෙයි ද ...
Pali BJT6. අපරෙහි’පි -පෙ- අපටිඤ්ඤාය කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති ...
Sinhala BJT6. අන්‍ය වූ ද ... පිළිණ නොගෙණ කරණ ලද්දේ වෙයි ද, අධර්‍මයෙන් කරණ ලද්දේ වෙයි ද, ව්‍යග්‍ර වූ සංඝයා විසින් කරණ ලද්දේ වෙයි ද ...
Pali BJT7. අපරෙහි’පි -පෙ- අනාපත්තියා කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති ...
Sinhala BJT7. අන්‍ය වූ ද ... ඇවැත නැත්තෙහි කරණ ලද්දේ වෙයි ද, අධර්‍මයෙන් කරණ ලද්දේ වෙයි ද, ව්‍යග්‍ර වූ සංඝයා විසින් කරණ ලද්දේ වෙයි ද ...
Pali BJT8. අපරෙහි’පි -පෙ- අදෙසනාගාමිනියා ආපත්තියා කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති ...
Sinhala BJT8. අන්‍ය වූ ද ... දෙසීමෙන් පිරිසිදු නොවන ඇවැතෙහි කරණ ලද්දේ වෙයි ද, අධර්‍මයෙන් කරණ ලද්දේ වෙයි ද, ව්‍යග්‍ර වූ සංඝයා විසින් කරණ ලද්දේ වෙයි ද ...
Pali BJT9. අපරෙහි’පි -පෙ- දෙසිතාය ආපත්තියා කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති ...
Sinhala BJT9. අන්‍ය වූ ද ... දෙසූ ඇවැතෙහි කරණ ලද්දේ, වෙයි ද, අධර්‍මයෙන් කරණ ලද්දේ වෙයි ද, ව්‍යග්‍ර වූ සංඝයා විසින් කරණ ලද්දේ වෙයි ද ...
Pali BJT10. අපරෙහි’පි -පෙ- අචොදෙත්වා කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති ...
Sinhala BJT10. අන්‍ය වූ ද ... චෝදනා නොකොට කරණ ලද්දේ වෙයි ද, අධර්‍මයෙන් කරණ ලද්දේ වෙයි ද, ව්‍යග්‍ර වූ සංඝයා විසින් කරණ ලද්දේ වෙයි ද ...
Pali BJT11. අපරෙහි’පි -පෙ- අසාරෙත්වා කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති ...
Sinhala BJT11. අන්‍ය වූ ද ... සිහිපත් නොකරවා කරණ ලද්දේ වෙයි ද, අධර්‍මයෙන් කරණ ලද්දේ වෙයි ද, ව්‍යග්‍ර වූ සංඝයා විසින් කරණ ලද්දේ වෙයි ද ...
Pali BJT12. අපරෙහි’පි -පෙ- ආපත්තිං අනාරොපෙත්වා කතං හොති, අධම්මෙන කතං හොති, වග්ගෙන කතං හොති. ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං නියස්සකම්මං අධම්මකම්මඤ්ච හොති අවිනයකම්මඤ්ච, දුවුපසන්තං ච.
Sinhala BJT12. අන්‍ය වූ ද ... ඇවැත නොනංවා කරණ ලද්දේ වෙයි ද, අධර්‍මයෙන් කරණ ලද්දේ වෙයි ද, ව්‍යග්‍ර වූ සංඝයා විසින් කරණ ලද්දේ වෙයි ද, මහණෙනි, මේ අඞ්ග තුණෙන් යුක්ත නියස්සකර්‍මය අධර්‍මකර්‍මයෙක් ද අවිනයකර්‍මයෙක් ද මනා ව නො සංහිඳුනෙක් ද වෙයි.
Pali BJTනියස්සකම්මෙ අධම්මකම්ම ද්වාදසකං නිට්ඨිතං.
Sinhala BJTනියස්සකර්‍මයෙහි අධර්‍මකර්‍ම දොළොස නිමි.
Pali BJTධම්මකම්මද්වාදසකං
Sinhala BJTධර්‍මකර්‍මදෙළොස
Pali BJT1. තීහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතං නියස්සකම්මං ධම්මකම්මං ච හොති විනයකම්මං ච සුවූපසන්තං ච: සම්මුඛා කතං හොති, පටිපුච්ඡා කතං හොති, පටිඤ්ඤාය කතං හොති. ඉමෙහි ඛො භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං නියස්සකම්මං ධම්මකම්මං ච හොති විනයකම්මං ච, සුවුපසන්තං ච:
Sinhala BJT1. මහණෙනි, අඞ්ග තුණෙකින් යුක්ත නියස්සකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද විනයකර්‍මයෙක් ද මනා ව සංහිඳුනෙක් ද වේ: සම්මුඛයෙහි කරණ ලද්දේ වෙයි ද, පිළිවිස කරන ලද්දේ වෙයි ද, පිළිණ ගෙණ කරණ ලද්දේ වෙයි ද, මහණෙනි, මේ අඞ්ග තුණෙන් යුක්ත නියස්සකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද විනයකර්‍මයෙක් ද, මනා ව සංහිඳුනෙක් ද වේ.
Pali BJT2. අපරෙහි’පි භික්ඛවෙ තීහඞ්ගෙහි සමන්නාගතං නියස්සකම්මං ධම්මකම්මං ච හොති විනයකම්මං ච සුවුපසන්තං ච: ආපත්තියා කතං හොති, දෙසනාගාමිනියා ආපත්තියා කතං හොති, අදෙසිතාය ආපත්තියා කතං හොති
Sinhala BJT2. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුක්ත නියස්සකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද විනය කර්‍මයෙක් ද මනාව සංහිඳුනෙක් ද වේ: ඇවැතෙහි කරණ ලද්දේ වේ ද, දෙසීමෙන් පිරිසිදු වන ඇවැතෙහි කරණ ලද්දේ වේ ද, නො දෙසූ ඇවැතෙහි කරණ ලද්දේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණින් යුත් නියස්සකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද විනයකර්‍මයෙක් ද මනා ව සංහිඳුනෙක් ද වෙයි.