පබ්බාජනීයකර්‍මයෙහි ධර්‍මකර්‍ම දොළොස නිමි.
ආකඞ්ඛමාන චුද්දසකය
1. මහණෙනි, අඞ්ග තුණෙකින් සමන්‍විත මහණහට සංඝ තෙම කැමැති වන්නේ නම් පබ්බාජනීයකර්‍මය කරන්නේ ය: ඩබර කරන්නෙක්, කලහ කරන්නෙක්, විරුද්ධවාද කරන්නෙක්, වාක්කලහ කරන්නෙක්, සංඝයා විෂයෙහි අධිකරණ කරන්නෙක් වේ ද, අව්‍යක්ත වූ, ඇවැත් බහුල කොට ඇති, ඉමක් දැක්ක නොහැකි තරම් බොහෝ වූ ඇවැත් ඇති බාලයෙක් වේ ද; මහණුනට නොසුදුසු වූ ගෘහීසංසර්‍ගයෙන් ගිහින් හා එකට මුසු වූයේ වෙසේ ද, මහණෙනි, මේ අඞ්ග තුණෙකින් සමන්‍විත මහණහට සංඝ තෙම කැමැති වන්නේ නම් පබ්බාජනීයකර්‍මය කරන්නේ ය.
2. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් සමන්‍විත මහණහට සංඝ තෙමේ කැමැති වන්නේ නම් පබ්බාජනීයකර්‍මය කරන්නේ ය: උත්තමශීලයෙහි ශීලවිපන්න වේ ද, උත්තමාචාරයෙහි ආචාරවිපන්න (නට ආචාර ඇත්තේ) වේ ද, උතුම් (සම්‍යග්) දෘෂ්ටියෙහි නටුවා වූ දිටු ඇත්තේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණින් සමන්‍විත මහණහට සංඝ තෙමේ කැමැති වන්නේ නම් පබ්බාජනීයකර්‍මය කරන්නේ ය.
3. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් ... බුදුරුවන්හි අයුණු කියා ද, ධමුරුවන්හි අයුණු කියා ද, සඟුරුවන්හි අයුණු කියා ද, මේ අඞ්ග තුණින් සමන්‍විත මහණහට ...
4. මහණෙනි, අන්‍ය වූ ද කායික ක්‍රීඩායෙන් සමන්‍විත වේ ද, වාචසික ක්‍රීඩායෙන් සමන්‍විත වේ ද, කායික වාචසික ක්‍රීඩායෙන් සමන්‍විත වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණින් සමන්‍විත මහණහට ...
5. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුක්ත මහණහට ... කායික අනාචාරයෙන් යුක්ත වේ ද, වාචසික අනාචාරයෙන් යුක්ත වේ ද, කායික වාචසික අනාචාරයෙන් යුක්ත වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණින් යුක්ත මහණහට ...
6. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුක්ත මහණහට ... කාදොරෙහි පැණවූ සික පද කැඩීමෙන් යුත් වේ ද, විසිදොරෙහි පැණවූ සිකපද කැඩීමෙන් යුත් වේ ද, කාදොර විසිදොර දෙක්හි පැණැවූ සිකපද කැඩීමෙන් යුත් වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණින් සමන්‍විත මහණහට ...
7. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුක්ත මහණහට ... කායික මිථ්‍යාජීවයෙන් යුක්ත වේ ද, වාචසික–මිථ්‍යාජීවයෙන් යුක්ත වේ ද, කායිකවාචසික මිථ්‍යාජීවයෙන් යුක්ත වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණින් සමන්‍විත මහණහට සංඝ තෙමේ කැමැති වන්නේ නම්, පබ්බාජනීයකර්‍මය කරන්නේ ය.
8. මහණෙනි, සංඝ තෙමේ කැමැති වන්නේ නම්, මහණුන් තිදෙනකුන්හට පබ්බාජනීයකර්‍මය කරන්නේ ය: එකෙක් ඩබර කරන්නේ, කලහ කරන්නේ, විරුද්ධ වාද කරන්නේ, සඞ්ඝයා විෂයෙහි අධිකරණ කරන්නේ වේ ද, එකෙක් අව්‍යක්ත වූ, ඇවැත් බහුල කොටැති, ඉමක් දැක්ක නොහෙන තරම් බොහෝ ඇවැත් ඇති බාලයෙක් වේ ද, එකෙක් පැවිද්දනට නොසුදුසු ගෘහීසංසර්‍ගයෙන් ගිහීන් හා එකට මුසු වූයේ වෙසේ ද, මහණෙනි, සංඝ තෙමේ කැමැති වන්නේ නම්, මේ තුන් මහණුන්හට පබ්බාජනීයකර්‍මය කරන්නේ ය.
9. මහණෙනි, සංඝ තෙමේ කැමැති වන්නේ නම් අන්‍ය වූ ද මහණුන් තිදෙනකුන්හට පබ්බාජනීයකර්‍මය කරන්නේ ය: එකෙක් අධිශීලයෙහි ශීලවිපන්න වේ ද, එකෙක් උත්තමාචාරයෙහි ආචාරවිපන්න වේ ද, එකෙක් අතිදෘෂ්ටියෙහි දාෂ්ඨිවිපන්න වේ ද ...
10. මහණෙනි, අන්‍ය වූ ද මහණුන් තිදෙනකුන්හට ... එකෙක් බුදුරුවන්හි අයුණු කියා ද, එකෙක් ධමුරුවන්හි අයුණු කියා ද, එකෙක් සඟුරුවන්හි අයුණු කියා ද, මහණෙනි, මේ මහණුන් තිදෙනාට ...
11. මහණෙනි, අන්‍ය වූ ද මහණුන් තිදෙනකුන්හට ... එකෙක් කායික ද්වයෙන් යුත් වේ ද, එකෙක් වාචසික ද්වයෙන් යුත් වේ ද, එකෙක් කායික වාචසික ද්වයෙන් යුත් වේ ද, මහණෙනි, මේ මහණුන් තිදෙනාට ...
12. මහණෙනි, අන්‍ය වූ ද මහණුන් තිදෙනෙකුන් හට ... එකෙක් කායික අනාචාරයෙන් යුක්ත වේ ද, එකෙක් වාචසික අනාචාරයෙන් යුක්ත වේ ද, එකෙක් කායිකවාචසික අනාචාරයෙන් යුක්ත වේ ද ...
13. මහණෙනි, අන්‍ය වූ ද මහණුන් තිදෙනෙකුන්හට ... එකෙක් කායද්වාරයෙහි පැණැවූ සිකපද කැඩීමෙන් යුත් වේ ද, එකෙක් වාග්ද්වාරයෙහි පැණවූ සිකපද කැඩීමෙන් යුත් වේ ද, එකෙක් කායවාග්දවාර දෙක්හි පැණවූ සිකපද කැඩීමෙන් යුත් වේ ද ...
14. මහණෙනි, අන්‍ය වූ ද මහණුන් තිදෙනෙකුන්හට ... එකෙක් කායික මිථ්‍යාජීවයෙන් යුක්ත වේ ද, එකෙක් වාචසික මිථ්‍යාජීවයෙන් යුක්ත වේ ද, එකෙක් කායිකවාචසික මිථ්‍යාජීවයෙන් යුක්ත වේ ද, මහණෙනි, සංඝ තෙමේ කැමැති වන්නේ නම්, මේ මහණුන් තිදෙනාට පබ්බාජනීයකර්‍මය කරන්නේ ය.
පබ්බාජනීයකර්‍මයෙහි ආකඞ්ඛමාන චතුර්‍දශකය නිමි.
අටළොස් වත
1–18. මහණෙනි, පබ්බාජනීයකර්‍මය කරණු ලැබූ මහණහු විසින් මැනැවින් පැවැතිය යුතු යි. එහි මේ මැනැවින් පවත්නා අයුරු යි: තමා උපාධ්‍යාය ව උපසපන් නො කළ යුතු යි, නිස නො දිය යුතු යි … {*}මහණහු උනුනුන් කලහයෙහි නො යෙදිය යුතුයි.
පබ්බාජනීයකර්‍මයෙහි අටොළොස් වත නිමියේ ය.
නපටිප්පස්සම්හෙතබ්බඅට්ඨාරසකය
1. ඉක්බිති සැරියුත් මුගලන් දෙනම පුමුඛ කොටැති භික්‍ෂුසංඝ තෙම කීටාගිරියට වැඩ, ‘අස්සජි පුනබ්බසුක මහණුන් කීටාගිරියෙහි නො විසිය යුතු ය’ යි අස්සජීපුනබ්බසුක භික්‍ෂූන් කීටාගිරියෙන් නෙරපීම පිළිබඳ විනයකර්‍මය කෙළේ ය. සංඝයා විසින් පබ්බාජනීයකර්‍මය කරණු ලැබූ ඔහු අටළොස් වත්හි මනා ව නො පවතිත්. අවනත ව නො පවතිත්. නිස්තරණ වත අනුව නො පවතිත්. භික්‍ෂූන් නො කමවත්. කාරක සංඝයාට ආක්‍රෝශ කෙරෙත්. පරිභව කෙරෙත්. ඡන්‍දයෙන් අගතියට ගිය බවට, ද්වේෂයෙන් අගතියට ගිය බවට, මෝහයෙන් අගතියට ගිය බවට, භයින් අගතියට ගිය බවට පමුණුවත්, (භික්‍ෂූන් සතර අගතියෙන් ක්‍රියා කළ බව කියත්.) ඒ ඒ දිශාවට (බැහැර) යත්. සිවුරු හැර ද යත්. යම් ඒ භික්‍ෂූහු ඉච්ඡා නැත්තෝ ද ... ඒ භික්‍ෂූහු (අස්සජි පුනබ්බසුක භික්‍ෂූන්ගේ ක්‍රියා) ලාමක කොට සිතත්, අගුණ කියත්, අගුණ පතුරුවත්:
“කෙසේ නම් අස්සජී පුනබ්බසුක භික්‍ෂූහු සංඝයා විසින් පබ්බාජනීයකර්‍මය කරණු ලැබුවාහු යහපත් ලෙස නො පවතිත් ද, භික්‍ෂූන්ට අනුව නො යෙත් ද, නිස්තරණ වත්හි නො පිහිටත් ද, භික්‍ෂූන් කමා නො කරවත් ද, භික්‍ෂූන්හට ආක්‍රෝශ කරත් ද, නින්‍දා පෙරදැරි දෝෂාරෝපණ කරත් ද, ඡන්‍දයෙන් අගතියට ගිය බවට, ද්වේෂයෙන් අගතියට ගිය බවට, මෝහයෙන් අගතියට ගිය බවට, භයෙන් අගතියට ගිය බවට, පමුණුවත් ද, ඒ ඒ දිශාවන්ට පැන යත් ද, සිවුරු හැර යත් ද” කියා යි.
ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැළ කළහ.
2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි භික්‍ෂු සංඝයා රැස් කරවා, “සැබෑ ද මහණෙනි, සංඝයා විසින් පබ්බාජනීය කර්‍මය කරණු ලැබූ අස්සජි පුනබ්බසුක භික්‍ෂූහු යහපත් සේ නො පවතිත් ද?... සිවුරු හැර යත් දැ?” යි විචාළ සේක. ඔහු “භාග්‍යවතුන් වහන්ස, සැබෑ යැ” යි කීහ. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ ගැරැහු සේක: ...{*} ගරහා, දැහැමි කථා පවත්වා භික්‍ෂූන් ඇමතූ සේක: “එසේ නම් මහණෙනි, සංඝ තෙමේ පබ්බාජනීය කර්‍මය නො සංසිඳුවා වා” යී වදාළ සේක.
3. ‘මහණෙනි, අංග පසෙකින් යුක්ත භික්‍ෂූහුගේ පබ්බාජනීය කර්‍මය නො සංහිඳුවිය යුතු යි. (නො නැවැත්විය යුතු යි.) තෙමේ උපාධ්‍යාය ව උපසම්පදා කරයි ද, නිස දෙයි ද, හෙරණකු ලවා උවටන් කරවා ගණි ද, මෙහෙණනට ඔවා දීමේ සම්මතිය ඉවසයි ද, සම්මතිය ලදුයේත් මෙහෙණින්ට ඔවා දෙයි ද, මහණෙනි, මේ පසඟින් යුතු මහණහුගේ පබ්බාජනීය කර්‍මය නො සංහිඳුවිය යුතු යි.
4. මහණෙනි, අන්‍ය වූ ද පසඟකින් යුතු මහණහුගේ පබ්බාජනීය කර්‍මය නො ම සංහිඳුවිය යුතු ය: යම් ඇවැතකට සංඝයා විසින් පබ්බාජනීය කර්‍මය කරණ ලද්දේ, ඒ ඇවැතට පැමිණේ ද, එවැනි අන් ඇවැතකට හෝ පැමිණේ ද, එයටත් වඩා ලාමක ඇවැතකට හෝ පැමිණේ ද, කළ කර්‍මයට ගරහයි ද, කාරක සංඝයාට ගරහයි ද, මහණෙනි, මේ පසඟින් යුතු මහණහුගේ පබ්බාජනීය කර්‍මය නො සංහිඳුවිය යුතු යි.
5. මහණෙනි, අංග අටකින් යුතු මහණහුගේ පබ්බාජනීය කර්‍මය නො සංහිඳුවිය යුතු යි: පුවතත් මහණහුගේ පොහොය තබයි ද, පවුරුණු තබයි ද, සවචනීය කම් කරයි ද, වෙහෙරෙහි දෙටු තැන් දරයි ද, චෝදනාවට අවසර ගැණීම කරයි ද, චෝදනා කරයි ද, ඇවැත් සිහිපත් කරවයි ද, භික්‍ෂූන් හා කලහ පිණිස යෙදෙයි ද, මහණෙනි, “මේ අටඟින් යුතු මහණහුගේ පබ්බාජනීය කර්‍මය නො සංහිඳුවිය යුතු යි.
පබ්බාජනීය කර්‍මයෙහි නො සංහිඳුවිය යුතු අංග අටොළොස නිමි.
සංහිඳුවිය යුතු අංග අටොළොස
1. “මහණෙනි, අංග පසකින් යුක්ත මහණහුගේ පබ්බාජනීය කර්‍මය සංහිඳුවිය යුතු යි. (ඒ පසඟ නම්) තමන් උපාධ්‍යාය ව උපසම්පදා නො කරයි ද, නිස නො දෙයි ද. හෙරණ ලවා උවටන් නො ගණී ද, මෙහෙණිනට අවවාද දීමේ සම්මතිය නො ඉවසයි ද, සම්මතිය ලදු වත් මෙහෙණිනට ඔවා නො දෙයි ද, මහණෙනි, මේ පසඟින් යුත් මහණහුගේ පබ්බාජනීය කර්‍මය සංහිඳුවිය යුතු ය.
2. මහණෙනි, අන්‍ය වූ ද පංච අඞ්ගයකින් යුක්ත මහණහුගේ පබ්බාජනීය කර්‍මය සංහිඳුවිය යුතු යි. සංඝයා විසින් යම් ඇවැතකට පබ්බාජනීය කර්‍මය කරණ ලද්දේ වේ ද, ඒ ඇවැතට නො පැමිණෙයි ද, එ වැනි අන් ඇවැතකට හෝ නොපැමිණේ ද, එයටත් වඩා ලාමක ඇවැතකට හෝ නො පැමිණේ ද, සඞ්ඝයා කළ කර්‍මයට නො ගරහයි ද, කාරක සංඝයාට නො ගරහයි ද, මහණෙනි, මේ පසඟින් යුතු මහණහුගේ පබ්බාජනීය කර්‍මය සංහිඳුවිය යුතු යි.
3. මහණෙනි, අංග අටකින් යුත් මහණහුගේ පබ්බාජනීය කර්‍මය සංහිඳුවිය යුතු යි. පුවතත් මහණහුගේ පොහොය නො තබයි ද, පවුරුණු නො තබයි ද, සවචනීය කර්‍ම නො කරයි ද, විහාරයෙහි දෙටු තැන නො සිටියි ද, අවසර ගැණීම නො කරවයි ද, ඇවැත් සිහි පත් නො කරවයි ද, භික්‍ෂූන් ලවා කලහ නො කරවයි ද, මහණෙනි, මේ අටඟින් යුතු මහණහුගේ පබ්බාජනීයකර්‍මය සංහිඳුවිය යුතු යි.
පබ්බාජනීය කර්‍මයෙහි සංහිඳුවිය යුතු අංග අටොළොස නිමි.
1. මහණෙනි, පබ්බාජනීය කර්‍මය මෙසේ සංහිඳුවිය යුතු ය: මහණෙනි, ඒ පබ්බාජනීය කර්‍මය කරණු ලැබූ මහණ විසින් සංඝයා වෙත එළඹ උතුරුසඟ ඒකාංශ කොට පෙරෙවැ වැඩිමහලු භික්‍ෂූන්ගේ පාදයන් වැඳ උත්කුටුක ව හිඳ ඇඳිලි බැඳ මෙසේ කිව යුත්තේ ය:
“ස්වාමීනි, මම සංඝයා විසින් පබ්බාජනීය කර්‍මය කරණු ලැබූයෙම් මැනැවින් පවතිමි. භික්‍ෂූන්හට අනුලොම් ව පවතිමි. නිස්තරණ වතට අනුව පවතිමි. පබ්බාජනීය කර්‍මයාගේ සංහිඳුවීම යදිමි”යි. දෙවනුත් යැදිය යුතු ය. තෙවනුත් යැදිය යුතු යි.
සමත් වූ ව්‍යක්ත භික්‍ෂුනමක් විසින් සංඝ තෙමේ දැන්විය යුතු යි:
‘ස්වාමීනි, සංඝ තෙමේ මාගේ වචනය අසා වා. මෙ නම් ඇති මේ භික්‍ෂු තෙමේ සංඝයා විසින් පබ්බාජනීය කර්‍මය කරණු ලැබුයේ යහපත් ලෙස පවතියි. භික්‍ෂූන් අනුව පවතියි. අටළොස් නිස්තරණ වතෙහි පවතියි. පබ්බාජනීය කර්‍මයාගේ සංහිඳුවීම (නැවැත්වීම) යදියි. ඉදින් සංඝයාට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ මෙ නම් ඇති භික්‍ෂුහුගේ පබ්බාජනීය කර්‍මය සංසිඳුවා. මේ ඤත්තිය යි.
“ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මෙ නම් ඇති මේ භික්‍ෂු තෙමේ සඞ්ඝයා විසින් පබ්බාජනීයකර්‍මය කරණු ලැබුයේ යහපත් ලෙස පවතියි. භික්‍ෂූන් අනුව පවතියි. අටළොස් නිස්තරණ වතෙහි පවතියි. පබ්බාජනීයකර්‍මයාගේ සංහිඳුවීම (නැවැත්වීම්) යදියි. ඉදින් සඞ්ඝයාහට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ මෙ නම් ඇති මහණහුගේ පබ්බාජනීයකර්‍මය සංහිඳුවන්නේය.
ස්වාමීනි, සංඝ තෙමේ මාගේ වචනය අසා වා: මෙ නම් ඇති භික්‍ෂු තෙමේ සංඝයා විසින් පබ්බාජනීය කර්‍මය කරණ ලද්දේ මනාසේ පවතියි. භික්‍ෂූන් අනුව පවතියි. අටළොස් නිස්තරණ වතට අනුව පවතියි. පබ්බාජනීය කර්‍මයාගේ සංහිඳුවීම යදියි. සංඝ තෙමේ මෙ නම් ඇති භික්‍ෂුහුගේ පබ්බාජනීයකර්‍මය සංහිඳුවයි. මෙ නම් ඇති භික්‍ෂුහු පිළිබඳ පබ්බාජනීය කර්‍මයාගේ සංහිඳුවීම යම් ආයුෂ්මතකුට රුචි වේ නම් හෙ තෙම නිශ්ශබ්ද වේවා. යමකුට රුචි නො වේ නම් හෙ තෙම කියාවා.
දෙවෙනු වත් මේ කාරණය කියමි: –පෙ– තෙවෙනු වත් මේ කාරණය කියමි: ස්වාමීනි, සංඝ තෙමේ මාගේ වචනය අසා වා. මෙ නම් ඇති මේ භික්‍ෂු තෙමේ සංඝයා විසින් පබ්බාජනීය කර්‍මය කරණු ලැබූයේ මැනැවින් පවතියි. භික්‍ෂූන් අනුව පවතියි. අටොළොස් නිස්තරණ වතට අනුව පවතියි. පබ්බාජනීය කර්‍මයාගේ සංහිඳුවීම යදියි. සංඝ තෙමේ මෙ නම් ඇති භික්‍ෂුහුගේ පබ්බාජනීය කර්‍මය සංහිඳුවයි. මෙ නම් ඇති භික්‍ෂුහු පිළිබඳ පබ්බාජනීය කර්‍මයාගේ සංහිඳුවීම යම් ආයුෂ්මතකුහට රුචි වේ නම් හෙ තෙම නිශ්ශබ්ද වේ වා. යමකුට රුචි නො වේ නම් හෙ තෙම කියාවා.
සංඝයා විසින් මෙ නම් ඇති මහණහුගේ පබ්බාජනීයකර්‍මය සංහිඳුවන ලදී. (එය) සංඝයාට අභිමත යි. එ හෙයින් නිශ්ශබ්ද යි. මේ කාරණය මෙසේ දරමි.”
තෙවැනි වූ පබ්බාජනීයකර්‍මය නිමියේ ය.
4. පටිසාරණීයකර්‍මය
1. එ සමයෙහි ආයුෂ්මත් සුධර්‍ම නම් ස්ථවිර තෙම මච්ජිකාසණ්ඩ නම් නුවර චිත්ත නම් ගැහැවිහුගේ ආවාසයෙහි වසන්නේ නවකම්හි යෙදුනේ නිති බත් ලබන්නේ වේ. යම් කලෙක චිත්ත ගැහැවි තෙම සඞ්ඝයා හෝ ගණයා හෝ පුද්ගලයකු හෝ පවරණු කැමැති වේ ද, එ කල්හි ආයුෂ්මත් සුධර්‍ම ස්ථවිරයන් නොවිචාරා සංඝයා හෝ ගණයා හෝ පුද්ගලයකු හෝ නො පවරයි. නො කැඳවයි (නො අමතයි).
2. එ සමයෙහි බොහෝ ස්ථවිර භික්‍ෂූහු (එ නම්) – ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝ ද, ආයුෂ්මත් මහාමොග්ගල්ලාන තෙරණුවෝ ද, ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවෝ ද, ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ද, ආයුෂ්මත් මහාකප්පින තෙරණුවෝ ද, ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවෝ ද, ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ ද, ආයුෂ්මත් රේවත තෙරණුවෝ ද, ආයුෂ්මත් උපාලි තෙරණුවෝ ද, ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ද, ආයුෂ්මත් රාහුල තෙරණුවෝ ද කසීරට සැරි සරන්නාහු මච්ජිකාසණ්ඩ නම් නුවරට පැමිණියහ.
3. චිත්ත ගෘහපති තෙමේ ‘ස්ථවිරභික්‍ෂූහු මච්ජිකසණ්ඩනගරයට පැමිණියාහු ලැ’ යි ඇසී ය. ඉක්බිති චිත්ත ගෘහපති තෙමේ ස්ථවිර භික්‍ෂූන් කරා එළැඹියේ ය. එළැඹ ඔවුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් චිත්ත ගෘහපතිහට ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝ දැහැමි කථායෙන් කරුණු දැක්වූහ. කුශලධර්‍මයෙහි සමාදන් කරවූහ. තෙද ගැන්වූහ. (කුසල් දහම් වැඩීමෙහි) මනා ව සතුටු කළහ. ඉක්බිති චිත්ත ගෘහපති තෙමේ ආයුෂ්මත් සාරිපුත්ත ස්ථවිරයන් විසින් දැහැමි කථාවෙන් දෙලෝ වැඩ දක්වන ලද්දේ, කුසල්දහම්හි සමාදන් කරවන ලද්දේ, තෙද ගන්වන ලද්දේ (උත්සාහී කරණ ලද්දේ), මනා ව සතුටු කරණු ලැබුයේ ස්ථවිර භික්‍ෂූනට මෙසේ සැළ කළේය: “ස්වාමීනි, ස්ථවිරවරුන් වහන්සේ හෙට දවසට මාගේ ආගන්තුක බත ඉවසන සේක්වා” යි. ස්ථවිරභික්‍ෂූහු නිශ්ශබ්ද භාවයෙන් ඉවැසූහ.
4. ඉක්බිති චිත්ත ගෘහපති තෙම ස්ථවිර භික්‍ෂූන්ගේ ඉවැසීම දැන (අයැදුම පිළිගත් බව දැන) හුනස්නෙන් නැගිට ස්ථවිරභික්‍ෂූන් වැඳ පැදකුණු කොට ආයුෂ්මත් සුධර්‍ම තෙරුන් කරා එළඹ උන්වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි චිත්ත ගැහැවි තෙම ආයුෂ්මත් සුධර්‍ම ස්ථවිරයන් අමතා, “ස්වාමීනි, සුධර්‍ම ආර්‍ය්‍යයන් වහන්සේ සෙට දවස මාගේ බත ස්ථවිරභික්‍ෂූන් සමග ඉවසන සේක් වා” යි කී ය.
5. ඉක්බිති ආයුෂ්මත් සුධර්‍ම ස්ථවිර තෙම “මේ චිත්ත ගෘහපතියා පෙර යම් දිනක සංඝයා හෝ ගණයා හෝ පුද්ගලයකු හෝ නිමතනු කැමැත්තේ නම්, එ කල මා නො විචාරා සංඝයා හෝ ගණයා හෝ පුද්ගලයකු හෝ නො පවරයි. එහෙත් හෙතෙම දැන් මා නො විචාරා ස්ථවිර භික්‍ෂූන් පැවැරී ය. මේ චිත්ත ගහපති තෙම දැන් මා කෙරෙහි දූෂිත සිතැත්තේ වන, බලාපොරොත්තු නැත්තේ වන, මා කෙරෙහි කලකිරුණේ වනැ” යි සිතී ය. සිතා චිත්ත ගෘහපතිහට ‘ගෘහපතිය, කම් නැත, නො ඉවසමි’ යි කී ය. දෙවනුත් ... තෙවනුත් චිත්ත ගෘහපති තෙම සුධර්‍ම ස්ථවිරයනට “ස්වාමීනි, සුධර්‍ම ආර්‍ය්‍යයන් වහන්සේ හෙට දවස පිණිස මාගේ බත ස්ථවිර වරුන් වහන්සේ සමග ඉවසන සේක් වා” යි කී ය. ‘ගෘහපතිය, කම් නැත, නො ඉවසමි’ යි සුධර්‍ම තෙර කී ය. ඉක්බිති චිත්ත ගෘහපති තෙම ‘ආර්‍ය්‍ය සුධර්‍ම තෙමේ ඉවසන්නේ හෝ නොඉවසන්නේ හෝ මට කුමක් කරන්නේ දැ’ යි ආයුෂ්මත් සුධර්‍ම ස්ථවිරයන් වැඳ පැදැකුණු කොට නික්ම ගියේ ය.
6. ඉක්බිති චිත්ත ගෘහපති තෙමේ ඒ රාත්‍රිය ඇවෑමෙන් ස්ථවිර භික්‍ෂූන් සඳහා ප්‍රණීත වූ කෑ යුතු බුදිය යුතු ආහාරපාන පිළියෙල කරවූයේ ය. ඉක්බිති ආයුෂ්මත් සුධර්‍ම තෙම ‘චිත්ත ගෘහපති විසින් ස්ථවිර භික්‍ෂූනට පිළියෙල කරණ ලද්ද දක්නෙම් නම් ඉතා යෙහෙකැ’යි පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ චිත්ත ගෘහපතියාගේ නිවෙස්න කරා පැමිණියේ ය. පැමිණ පැණවූ අස්නෙහි වැඩ හුන්නේ ය.
7. ඉක්බිති චිත්ත ගෘහපති තෙම ආයුෂ්මත් සුධර්‍මයන් කරා පැමිණියේ ය. පැමිණ ආයුෂ්මත් සුධර්‍ම ස්ථවිරයන් වැඳ එකත්පසෙක හුන්නේ ය. එක් පසෙක හුන් චිත්ත ගෘහපතියාට ආයුෂ්මත් සුධර්‍ම ස්ථවිර තෙම “ගෘහපතිය, ඔබ විසින් බොහෝ වූ මේ කෑ යුතු වූ ද බුදිය යුතු වූ ද ආහාරපාන පිළියෙල කරණ ලද්දේ වෙයි. තලසඟළා නම් එක ම දැයක් පමණක් මෙහි නැතැ”යි කී ය. (එවිට ගැහැවි මෙසේ කී ය:) “ඒකාන්තයෙන් රුවන් වැනි බොහෝ බුදුවදන් ඇති කල්හිත් සුධර්‍ම ආර්‍ය්‍යයන් වහන්සේ විසින් ‘තලසඟළා’ යැ යි සුලු දැයක් ම කියන ලදි.”
8. ස්වාමීනි, පෙර වූවක් කියමි. දක්‍ෂිණාපථයෙහි වැසි වෙළෙන්දෝ වෙළෙඳාම පිණිස පෙරදිග ජනපදයට ගියෝ ය. ඔහු එ දෙසින් කිකිළියක ගෙණාවෝ ය. ස්වාමීනි, ඉන් පසු ඒ කිකිළි කවුඩකු හා සංවාස කළා. ඕ තොමෝ පැටියකු වැදුවා. “ස්වාමීනි, යම් විටෙක ඒ කුකුළු පැටියා කවුඩුහඬ කරණු කැමැති වේ ද, එ කල්හි ‘කාකකුක්කුට’ ය යි හඬ ලයි. යම් කලෙක කුකුළු හඬ හඬ ලනු කැමැති වේ ද, එ කල්හි ‘කුක්කුටකාක’ ය යි හඬලයි. ස්වාමීනි, එ පරිද්දෙන් ම ඒකාන්තයෙන් රුවන් වැනි බොහෝ බුද්ධවචන ඇති කල්හි සුධර්‍ම ආර්‍ය්‍යයන් වහන්සේ විසින් යම් ඒ ‘තලසඟළා’ ය යි කිසිවක් ම කියන ලදැ” යි කී ය.
9. “ගෘහපතිය, තෝ මට ආක්‍රෝශ කෙරෙහි ය. ගෘහපතිය, තෝ මට පරිභව බෙණෙහි ය. ගෘහපතිය, (මෙන්න,) තෙල තොපගේ ආවාසය, මම නික්ම යන්නෙමි”යි කී ය. “ස්වාමීනි, ආර්‍ය්‍ය සුධර්‍මයන් වහන්සේට මම ආක්‍රෝශ නො කරමි. පරිභව නො කරමි. ස්වාමීනි, ආර්‍ය්‍ය සුධර්‍මයන් වහන්සේ මච්ජිකාසණ්ඩ නගරයෙහි වසන සේක් වා. මේ ඇඹැල්ල වනය සිත් අලවනසුලු ය. මම ආර්‍ය්‍ය සුධර්‍මයන් වහන්සේට සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත්පිරිකර පිණිස ඊහා කරමි”යි ගෘහපති තෙම කී ය. දෙවනුත් සුධර්‍ම ස්ථවිර තෙමේ චිත්ත ගෘහපතිහට “ගැහැවිය, තෝ මට ආක්‍රෝශ කෙරෙහි ය. පරිභව කෙරෙහි ය. මෙන්න, තොපගේ ආවාසය, මම මෙයින් බැහැර මි”යි කී ය. “ස්වාමීනි, ආර්‍ය්‍ය සුධර්‍මයන් වහන්සේ කොහි වඩිනසේක් දැ”යි හේ ඇසී ය. “ගැහැවිය, මම භාග්‍යවතුන් වහන්සේ දකිනු පිණිස සැවැත් නුවරට යන්නෙමි” යි තෙරණුවෝ කීහ. “ස්වාමීනි, එසේ නම් තමන් වහන්සේ විසින් යමක් කියන ලද ද, මවිසිනුත් යමක් කියන ලද ද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට සැළ කළ මැනවි. ස්වාමීනි, යම් හෙයකින් සුධර්‍ම ආර්‍ය්‍යයන් වහන්සේ නැවතත් මච්ජිකාසණ්ඩයට පෙරළා එන්නාහ යන මේ කාරණය නම් පුදුමයක් නො වන්නේ ය”යි ගැහැවි කී ය.
10. ඉක්බිති ආයුෂ්මත් සුධර්‍ම ස්ථවිර තෙමේ සෙනසුන් තැන් පත් කොට පාසිවුරු රැගෙණ සැවැත් නුවර බලා නික්මිණ. පිළිවෙළින් සැවැත් නුවර දෙව්රම් වෙහෙර භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් සුධර්‍ම ආයුෂ්මත් තෙමේ යමක් තමා විසින් කියන ලද ද, යමක් චිත්ත ගෘහපතියා විසින් කියන ලද ද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට සැළ කෙළේ ය.
11. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ ගර්‍හා කළ සේක: “හිස් පුරුෂය, නොනිසි ය, නොසුදුසු ය, නො ගැළපෙන්නේ ය. මහණදමට නොතරම් ය. නොකැප වූවකි. නොකටයුත්තකි. හිස් පුරුෂය, තෝ කෙසේ නම් සැදැහැති පැහැදුනු දායක වූ කැපකරු වූ සංඝයාගේ උපස්ථායක වූ චිත්ත ගෘහපතිහට ලාමක වචනයෙන් නින්‍දා කෙළෙහි ද? පහත් වචනයෙන් ගර්‍හා කෙළෙහි ද? හිස් පුරුෂය, මේ කාරණය නොපැහැදුනවුන්ගේ පැහැදීම පිණිස හෝ පැහැදුනවුන්ගේ ප්‍රසාදබහුල්‍යය පිණිස හෝ නො වෙයි. වැලි දු හිස් පුරුෂය, මෙය නොපහන් වූවන්ගේ නොපහන්බව පිණිස ද, පහන් වූ ද ඇතැමුන්ගේ වෙනස් බව පිණිස ද පවතියි.”... සුධර්‍ම භික්‍ෂුහට ගරහා තදනුරූප දැහැමි කථා කොට භික්‍ෂූන් ඇමතූ සේක:
12. මහණෙනි, එහෙයින් සංඝ තෙමේ සුධර්‍ම භික්‍ෂුහට ‘නුඹ විසින් චිත්ත ගෘහපති තෙමේ ක්‍ෂමා කරවිය යුත්තේ ය’ යි කියා පටිසාරණීය කර්‍මය කෙරේ වා.
මහණෙනි, ඒ පටිසාරණීය කර්‍මය මෙසේ කළ යුතු ය: පළමු කොට සුධර්‍ම භික්‍ෂු තෙමේ චෝදනා කළ යුතු යි. චෝදනා කොට (කරුණ) සිහි පත් කරවිය යුතු යි. සිහිපත් කරවා ඇවැත නැංවිය යුතු යි. ඇවැත නංවා ව්‍යක්ත වූ ප්‍රතිබල දක්‍ෂ මහණකු විසින් සංඝ තෙමේ මෙසේ දැන්විය යුතු යි:
“ස්වාමීනි, සංඝ තෙමේ මාගේ වචනය අසාවා: මේ සුධර්‍ම නම් භික්‍ෂු තෙමේ ශ්‍රද්ධාවත් ප්‍රසන්න වූ දායක වූ කැපකරු වූ සංඝොපස්ථායක වූ චිත්ත නම් ගෘහපතිහට ලාමක වචනයෙන් ආක්‍රෝශ කෙළේ ය. ලාමක වචනයෙන් ගර්‍හා කෙළේ ය. ඉදින් සංඝයාට පැමිණි කල් ඇත් නම් සංඝ තෙමේ සුධර්‍ම භික්‍ෂුහට ‘ඔබ විසින් චිත්ත නම් ගැහැවි තෙම ක්‍ෂමා කරවිය යුත්තේ ය’යි පටිසාරණීය කර්‍මය කරන්නේය. (කළ යුතු ය.) මේ ඤත්තිය යි.
ස්වාමීනි, සංඝ තෙමේ මාගේ වචනය අසාවා. මේ සුධර්‍ම නම් භික්‍ෂු තෙමේ සැදැහැති පැහැදුනා වූ දායක වූ කාරක වූ සංඝඋපස්ථායක චිත්ත නම් ගැහැවිහට ලාමක වචනයෙන් ආක්‍රෝශ කෙළේ ය. පහත් වචනයෙන් නින්‍දා කෙළේ ය. සංඝ තෙමේ සුධර්‍ම භික්‍ෂුහට ‘තා විසින් චිත්ත ගෘහපති තෙම ක්‍ෂමා කරවිය යුතු ය’ යි පටිසාරණීයකර්‍මය කරයි. යම් ආයුෂ්මතකුහට ඔබ විසින් චිත්ත ගහපති තෙම ක්‍ෂමා කරවිය යුත්තේ ය’ යි සුධර්‍ම භික්‍ෂුහට පටීසාරණිය කර්‍මය කිරීම රුචි වේ නම් හෙතෙමේ නිශ්ශබ්ද වේවා, යමකුට රුචි නො වේ නම්, හෙ තෙමේ කියාවා.
දෙවනුත් මේ කාරණය කියමි ... තෙවනුත් මේ කාරණය කියමි: ස්වාමීනි, සංඝ තෙමේ මාගේ වචනය අසාවා. මේ සුධර්‍ම භික්‍ෂු තෙමේ ශ්‍රද්ධා ඇති පැහැදුනා වූ පසය දෙන්නා වූ සංඝකෘත්‍ය කරන්නා වූ සංඝයාට උවටන් කරන්නා වූ චිත්ත නම් ගැහැවිහට පහත් වචනයෙන් නින්‍දා කෙළේ ය. පහත් වචනයෙන් ගැරැහී ය. සංඝ තෙමේ සුධර්‍ම භික්‍ෂුහට ‘ඔබ විසින් චිත්ත ගැහැවි තෙම ක්‍ෂමා කරවිය යුත්තේ යැ’ යි පටිසාරණීය කර්‍මය කරයි. යම් ආයුෂ්මතකුහට ‘චිත්ත ගෘහපති තෙම ඔබ විසින් ක්‍ෂමා කරවිය යුතු ය’ යි සුධර්‍ම භික්‍ෂුහට පටිසාරණීයකර්‍මය කිරීම රුචි වේ නම්, හෙ තෙම නිශ්ශබ්ද වේවා. යමකුට රුචි නො වේ නම් හෙ තෙමේ කියාවා.
සංඝයා විසින් සුධර්‍ම භික්‍ෂුහට ‘චිත්ත ගහපති තෙමේ ඔබ විසින් ක්‍ෂමා කරවිය යුතු ය’ යි පටිසාරණීයකර්‍මය කරණ ලදී. සංඝයාට එය රුචි යි. එ හෙයින් නිහඬ ය. මේ කාරණය මෙසේ සලකමි” යි.
අධම්මකම්මද්වාදසකය
1. මහණෙනි, අංග තුණෙකින් යුක්ත වූ පටිසාරණීය කර්‍මය නොදැහැමි කමෙක් ද වෙයි. අවිනය කමෙක් ද වෙයි. නොමනාව සංහිඳුනෙක් ද වෙයි: නොහමුයෙහි කරණ ලද්දේ වේද, නොපිළිවිස කරණ ලද්දේ වේ ද, පිළිණ නො ගෙණ කරණ ලද්දේ වේ ද, මහණෙනි, මේ අංග තුණින් යුක්ත පටිසාරණීයකර්‍මය නොදැහැමි කමෙක් ද වෙයි. අවිනය කමෙක් ද වෙයි. මනාව නොසංහිඳුනෙක් ද වෙයි.
2. මහණෙනි, අන්‍ය වූ ද අංග තුණෙකින් යුක්ත වූ පටිසාරණීය කර්‍මය නොදැහැමි කමෙක් ද වෙයි. අවිනය කමෙක් ද වෙයි. නොමනාව සංසිඳුනෙක් ද වෙයි: ඇවැත් නැති කල්හි කරණලද්දේ වේ ද, දෙසීමෙන් පිරිසිදු නොවන ඇවැතෙහි කරණ ලද්දේ වේ ද ඇවැත දෙසූ කල්හි කරණ ලද්දේ වේ ද, මහණෙනි, මේ තෙඅඟින් යුතු පටිසාරණීයකර්‍මය ...
3. මහණෙනි, අනිත් තෙඅඟෙකින් යුක්තවූ පටිසාරණීයකර්‍මය ද නොදැහැමි කමෙක් ද වෙයි ... චෝදනා නොකොට කරණ ලද ද, සිහිපත් නොකරවා කරණ ලද ද, ඇවැත් නොනංවා කරණ ලද ද ...
4. මහණෙනි, අනිත් තෙඅඟකින් යුක්ත වූ පටිසාරණීයකර්‍මය ද නො දැහැමිකමෙක් ද වෙයි. … නොහමුයෙහි කරණ ලද ද, නොදැහැමින් කරණ ලද ද, ව්‍යග්‍ර ව කරණ ලද ද ...
5. මහණෙනි, අනිත් තෙඅඟකින් යුක්ත වූ පටීසාරණියකර්‍මය ද නොදැහැමිකමෙක් ද වෙයි ... නො පිළිවිස කරණ ලද ද, නොදැහැමින් කරණ ලද ද, ව්‍යග්‍ර ව කරණ ලද ද,...
6. මහණෙනි, අනිත් තෙඅඟකින් යුක්තවූ පටිසාරණීයකර්‍මය ද නො දැහැමිකමෙක්ද වෙයි… පිළිණ නොගෙණ කරණ ලද ද, නොදැහැමින් කරණ ලද ද, ව්‍යග්‍ර ව කරණ ලද ද යන තුණ යි ...
7. මහණෙනි, අනිත් තෙ අඟෙකින් යුතු පටිසාරණීයකර්‍මය ද නොදැහැමිකමෙක් ද වෙයි ... නොඇවැතෙහි කරණ ලද ද, නොදැහැමින් කරණ ලද ද, ව්‍යග්‍ර ව කරණ ලද ද ...
8. මහණෙනි, අනිත් තෙ අඟෙකින් යුතු පටිසාරණීයකර්‍මය ද නොදැහැමිකමෙක් ද වෙයි. … දෙසීමෙන් පිරිසිදු නොවන ඇවැතෙහි කරණ ලද ද, නොදැහැමින් කරණ ලද ද, ව්‍යග්‍ර ව කරණ ලද ද ...
9. මහණෙනි, අනිත් තෙ අඟෙකින් යුතු පටිසාරණීයකර්‍මය ද නොදැහැමිකමෙක් ද වෙයි… ඇවැත දෙසූ කල්හි කරණ ලද ද, නොදැහැමින් කරණ ලද ද, ව්‍යග්‍ර ව කරණ ලද ද ...
10. මහණෙනි, අනිත් තෙ අඟෙකින් යුතු පටිසාරණීයකර්‍මය ද නොදැහැමිකමෙක්ද වෙයි… චෝදනා නොකොට කරණ ලද ද, නොදැහැමින් කරණ ලද ද, ව්‍යග්‍ර ව කරණ ලද ද ...
11. මහණෙනි, අනිත් තෙ අඟෙකින් යුතු පටිසාරණීයකර්‍මය ද නොදැහැමිකමෙක් ද වෙයි… සිහි නොකරවා කරණ ලද ද, නොදැහමින් කරණ ලද ද, ව්‍යග්‍ර ව කරණ ලද ද ....
12. මහණෙනි, අනිත් තෙ අඟෙකින් යුතු පටිසාරණීයකර්‍මය ද නො දැහැමිකමෙක් ද වෙයි… ඇවැත නො නගා කරණ ලද ද, නොදැහැමින් කරණ ලද ද, ව්‍යග්‍ර ව කරණ ලද ද ... මහණෙනි, මේ තෙ අඟින් යුතු පටිසාරණීය කර්‍මය නොදැහැමිකමෙක් ද වෙයි. අවිනයකමෙක් ද වෙයි. නොමනාව සංහිඳුනෙක් ද වෙයි.
පටිසාරණීය කර්‍මයෙහි අධර්‍මකර්‍ම දොළොස නිමියේ ය.
ධර්‍මකර්‍මද්වාදශකය
1. මහණෙනි, අංග තුණෙකින් යුත් පටිසාරණීයකර්‍මය දැහැමි කමෙක් ද වෙයි, විනය කමෙක් ද වෙයි, මනා ව සංහිඳුනෙක් ද වෙයි: හමුවෙහි කරණ ලද ද, පිළිවිස කරණ ලද ද, පිළිණ ගෙණ කරණ ලද ද, මහණෙනි, මේ තෙ අඟින් යුත් පටිසාරණීයකර්‍මය දැහැමි කමෙක් ද වෙයි, විනය කමෙක් ද වෙයි, මනා ව සංහිඳුනෙක් ද වෙයි.
2 මහණෙනි, අනිත් තෙ අඟෙකින් යුත් පටිසාරණීයකර්‍මය ද දැහැමි කමෙක් ද වෙයි, විනයකමෙක් ද වෙයි, මැනැවින් සංහිඳුනෙක් ද වෙයි: ඇවැත ඇති කල්හි කරණ ලද ද, දෙසීමෙන් පිරිසිදු වන ඇවැතෙහි කරණ ලද ද, ඇවත නොදෙසූ කල්හි කරණ ලද ද ...
3. මහණෙනි, අනිත් තෙ අඟෙකින් යුත් පටිසාරණීයකර්‍මය ද ධර්‍මකර්‍මයෙක් ද වෙයි ... චෝදනා කොට කරණ ලද්දේ වේ ද, සිහිපත් කරවා කරණ ලද්දේ වේ ද, ඇවැත නංවා කරණ ලද්දේ වේ ද ...
4. මහණෙනි, අනිත් අංග තුණෙකින් යුතු පටිසාරණීයකර්‍මය ද ධර්‍මකර්‍මයෙක් ද වෙයි … හමුවෙහි කරණ ලද්දේ වේ ද, දැහැමින් කරණ ලද්දේ වේ ද, සමග ව කරණ ලද්දේ වේ ද ...
5. මහණෙනි, අනිත් අංග තුණෙකින් යුතු පටිසාරණීයකර්‍මය ද ධර්‍මකර්‍මයෙක් ද වෙයි… පිළිවිස කරණ ලද්දේ වේ ද, දැහැමින් කරණ ලද්දේ වේ ද, සමග ව කරණ ලද්දේ වේ ද ...
6. මහණෙනි, අනිත් තෙ අඟෙකින් යුතු පටිසාරණීයකර්‍මය ද ධර්‍මකර්‍මයෙක් ද වෙයි ... පිළිණ ගෙණ කරණ ලද්දේ වේ ද, දැහැමින් කරණ ලද්දේ වේ ද, සමග ව කරණ ලද්දේ වේ ද ...
7. මහණෙනි, අනිත් අංග තුණෙකින් යුතු පටිසාරණීයකර්‍මය ද ධර්‍මකර්‍මයෙක් ද වෙයි ... ඇවැත ඇති කල්හි කරණ ලද්දේ වේ ද, දැහැමින් කරණ ලද්දේ වේ ද, සමග ව කරණ ලද්දේ වේ ද ...
8. මහණෙනි, අනිත් තෙ අඟකින් යුතු පටිසාරණීයකර්‍මය ද ධර්‍මකර්‍මයෙක් ද වෙයි ... දෙසීමෙන් පිරිසිදු වන ඇවැතෙහි කරණ ලද්දේ වේ ද, දැහැමින් කරණ ලද්දේ වේ ද, සමග ව කරණ ලද්දේ වේ ද ...
9. මහණෙනි, අනිත් තෙ අඟෙකින් යුතු පටිසාරණීයකර්‍මය ද ධර්‍මකර්‍මයෙක් ද වෙයි ... නොදෙසූ ඇවැතෙහි කරණ ලද්දේ වේ ද, දැහැමින් කරණ ලද්දේ වේ ද, සමග ව කරණ ලද්දේ වේ ද ...
10. මහණෙනි, අනිත් අංග තුණෙකින් යුතු පටිසාරණීයකර්‍මය ද ධර්‍මකර්‍මයෙක් ද වෙයි ... චෝදනා කොට කරණ ලද්දේ වේ ද, දැහැමින් කරණ ලද්දේ වේ ද, සමග ව කරණ ලද්දේ වේ ද ....
11. මහණෙනි, අනිත් තෙ අඟෙකින් යුතු පටිසාරණීයකර්‍මය ද ධර්‍මකර්‍මයෙක් ද වෙයි ... සිහිපත් කරවා කරණ ලද්දේ වේ ද, දැහැමින් කරණ ලද්දේ වේ ද, සමග ව කරණ ලද්දේ වේ ද ...
12. මහණෙනි, අනිත් අංග තුණෙකින් යුතු පටිසාරණීයකර්‍මය ද ධර්‍මකර්‍මයෙක් ද වෙයි ... ඇවැත නංවා කරණ ලද්දේ වේ ද, දැහැමින් කරණ ලද්දේ වේ ද, සමග ව කරණ ලද්දේ වේ ද, මහණෙනි, මේ අංග තුණෙන් යුතු පටිසාරණීය කර්‍මය දැහැමි කමෙක් ද වෙයි, විනය කමෙක් ද වෙයි, මැනැවින් සංහිඳුනෙක් ද වෙයි.
පටිසාරණීය කර්‍මයෙහි ධර්‍මකර්‍ම දොළොස නිමි.
ආකඞ්ඛමානචතුක්කය
1. මහණෙනි, අංග පසෙකින් යුක්ත භික්‍ෂුහට සංඝ තෙමේ කැමැති වන්නේ නම් පටිසාරණීය කර්‍මය කරන්නේ ය (කළ යුතු යි): ගිහීනට අලාභය පිණිස උත්සාහ කරයි ද, ගිහීනට අනර්‍ත්‍ථය පිණිස උත්සාහ කරයි ද, ගිහීන්ගේ නොවිසීම පිණිස (වසන තැනින් බැහැර කරණු පිණිස) උත්සාහ කරයි ද, ගිහීනට අක්‍රොශ කරයි ද, පරිභව කරයි ද, ගිගියන් ගිහියන් හා බිඳුවයි ද, මහණෙනි, මේ අංග පසින් යුක්ත භික්‍ෂුහට සංඝ තෙමේ කැමැති නම් පටිසාරණීයකර්‍මය කරන්නේ ය.
2. මහණෙනි, අන්‍ය වූ ද අංග පසෙකින් යුක්ත භික්‍ෂුහට සංඝ තෙමේ කැමැති වන්නේ නම් පටිසාරණීය කර්‍මය කරන්නේය (කළ යුතු යි): ගිහියනට බුදුන්ගේ අගුණ කියයි ද, ගිහියනට ධර්‍මයේ අගුණ කියයි ද, ගිහියනට සංඝයාගේ අගුණ කියයි ද, ගිහියනට පහත් වචනයෙන් ආක්‍රෝශ කරයි ද, ගිහියනට ලාමක බසින් ගරහයි ද, ගිහියනට දුන් ධාර්‍මමික ප්‍රතිඥාව සත්‍ය නොකරයි ද (කඩ කෙරේ ද), මහණෙනි, මේ අංග පසින් යුක්ත මහණහට සංඝ තෙමේ කැමැති නම් පටිසාරණීය කර්‍මය කරන්නේ ය.
3. මහෙණනි, භික්‍ෂූන් පස් නමකට සංඝ තෙමේ කැමැති නම් පටිසාරණීය කර්‍මය කරන්නේය. එක් මහණෙක් ගිහියනට අලාභය පිණිස උත්සාහ කරයි. එක් මහණෙක් ගිහියනට අනර්‍ත්‍ථ පිණිස උත්සාහ කරයි. එක් මහණෙක් ගිහියන්ගේ නොවිසීම පිණිස උත්සාහ කරයි. එක් මහණෙක් ගිහියනට ආක්‍රෝශ පරිභව කරයි. එක් මහණෙක් ගිහියන් ගිහියන් හා බිඳුවයි. මහණෙනි, මේ භික්‍ෂූන් පස් නමට සංඝ තෙමේ කැමැති නම් පටිසාරණීය කර්‍මය කරන්නේ ය.
4. මහණෙනි, අන්‍ය වූ ද භික්‍ෂූන් පස්නමකට සංඝ තෙමේ කැමැති නම් පටිසාරණීය කර්‍මය කරන්නේය. එක් නමක් ගිහියනට බුදුරුවන්හි අයුණු කියයි. එක්නමක් ගිහියන්ට දමුරුවන්හි අයුණු කියයි. එක් නමක් ගිහියනට සඟුරුවන්හි අයුණු කියයි. එක් නමක් ගිහියනට ලාමක වචනයෙන් අවමන් කරයි. ගිහියනට පහත් බසින් ගරහයි. එක් නමක් ගිහියනට කළ දැහැමි පිළිණ කඩ කරයි. මහණෙනි, මේ භික්‍ෂූන් පස් නමට සංඝ තෙමේ කැමැති නම් පටිසාරණීයකර්‍මය කරන්නේ ය.
ආකඞ්ඛමානචතුක්කය නිමි.
පටිසාරණීයකර්‍මයෙහි අටොළොස්වත
1. මහණෙනි, පටිසාරණීය කර්‍මය කරණු ලැබූ මහණහු විසින් (අටළොස් නිස්තරණ වතට) අනුව මැනැවින් පැවැතිය යුතු යි. එහි මේ මැනැවින් පවතින පරිදි යි. තමන් උපාධ්‍යාය ව උපසම්පදා නො කළ යුතු යි. නිස නො දිය යුතු යි. හෙරණකු ලවා උවටන් කරවා නොගත යුතු යි. මෙහෙණිනට ඔවා දීමේ සම්මතිය නො ඉවැසිය යුතු යි. සම්මතිය ලදුහු විසිනුත් ඔවා නො දිය යුතු යි. යම් ඇවැතකට සංඝයා විසින් පටිසාරණීය කර්‍මය කරණ ලද ද, ඒ ඇවතට නො පැමිණිය යුතු යි. එවැනි අන් ඇවැතකට හෝ නො පැමිණිය යුතු යි. එයටත් වඩා ලාමක ඇවැතකට හෝ නො පැමිණිය යුතු යි. කර්‍මයට නො ගැරැහිය යුතු යි. කර්‍ම කළ සංඝයාට නො ගැරැහිය යුතු යි. පුවතත් මහණහුගේ පොහෝ තැබීම නො කළ යුතු ය. එ වැන්නහුගේ පවුරුණු තැබීම් නොකළයුතු ය. සවචනීය කර්‍මය නො කළයුතු ය. විහාරයෙහි දෙටු තනතුරෙහි නොපිහිටිය යුතු ය. අවකාශ නො කරවිය යුතුය. චෝදනා නො කළ යුතු ය. සාරණා නොකළ යුතු ය. භික්‍ෂූන් ඔවුනොවුන් කලහයෙහි නො යෙදිය යුතු යි.
පටිසාරණීය කර්‍මයෙහි අටොළොස් වත නිමි.
නොසන්හිඳුවියයුතු අංග අටොළොස
1. ඉක්බිති සංඝ තෙමේ සුධර්‍ම භික්‍ෂූහට ‘ඔබ වහන්සේ විසින් චිත්ත ගැහැවි තෙම ක්‍ෂමා කරවිය යුතු ය’ යි පටිසාරණීය කර්‍මය කෙළේ ය. සඞ්ඝයා විසින් පටිසාරණීය කර්‍මය කරණු ලැබූ ඒ සුධර්‍ම භික්‍ෂු තෙම මකු වූයේ, තේජස් රහිත වූයේ චිත්ත ගැහැවියා කමවන්නට නො හැකි විය. ඒ සුධර්‍ම භික්‍ෂු තෙම නැවතත් සැවැත් නුවරට පෙරළා පැමිණියේ ය. භික්‍ෂුහු “ඇවැත්නි, සුධර්‍මයිනි, ඔබ විසින් චිත්ත ගැහැවි තෙමේ කමවන ලද දැ?” යි මෙසේ කීහ. “ඇවැත්නි, මම් වනාහි මච්ජිකාසණ්ඩයට ගොස් තෙද නැති වූයෙම්, චිත්ත ගෘහපතියා කම වන්නට නොහැකි වීමි” යි හේ කී ය. (භික්‍ෂුහු) භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැළ කළෝ ය.