පඤ්චස්කන්‍ධය සාස්‍රව හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය අනාස්‍රව යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
පඤ්චස්කන්‍ධය සඞ්ඛත හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය අසඞ්ඛත යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
පඤ්චස්කන්‍ධය මාරාමිෂ හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය නිරාමිෂ යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
පඤ්චස්කන්‍ධය ජාතිධර්‍ම හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය අජාත යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
පඤ්චස්කන්‍ධය ජරාධර්‍ම හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය අජර යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
පඤ්චස්කන්‍ධය ව්‍යාධිධර්‍ම හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය ව්‍යාධි රහිත යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
පඤ්චස්කන්‍ධය මරණධර්‍ම හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය අමෘත යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
පඤ්චස්කන්‍ධය ශෝකධර්‍ම හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය අශෝක යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
පඤ්චස්කන්‍ධය පරිදේවධර්‍ම හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය පරිදේව රහිත යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
පඤ්චස්කන්‍ධය උපායාසධර්‍ම හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය අනුපායාස යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
පඤ්චස්කන්‍ධය සාංක්ලේශිකධර්‍ම හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය අසංක්ලිෂ්ට යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
අනිච්චතෝ යනු: අනිත්‍යානුදර්‍ශනා යැ.
දුක්ඛතෝ යනු: දුඃඛානුදර්‍ශනා යැ.
රෝගතෝ යනු: දුඃඛානුදර්‍ශනා යැ.
ගණ්ඩතෝ යනු: දුඃඛානුදර්‍ශනා යැ.
සල්ලතෝ යනු: දුඃඛානුදර්‍ශනා යැ.
අඝතෝ යනු: දුඃඛානුදර්‍ශනා යැ.
ආබාධතෝ යනු: දුඃඛානුදර්‍ශනා යැ.
පරතෝ යනු: අනාත්මානුදර්‍ශනා යැ.
පලෝකධම්මතෝ යනු: අනිත්‍යානුදර්‍ශනා යැ.
ඊතිතෝ යනු: දුඃඛානුදර්‍ශනා යැ.
උපද්දවතෝ යනු: දුඃඛානුදර්‍ශනා යැ.
භයතෝ යනු: දුඃඛානුදර්‍ශනා යැ.
උපස්සග්ගතෝ යනු: දුඃඛානුදර්‍ශනා යැ.
චලතෝ යනු: අනිත්‍යානුදර්‍ශනා යැ.
පහඞ්ගුතෝ යනු: අනිත්‍යානුදර්‍ශනා යැ.
අද්ධුවතෝ යනු: අනිත්‍යානුදර්‍ශනා යැ.
අත්තාණතෝ යනු: දුඃඛානුදර්‍ශනා යැ.
අලෙණතෝ යනු: දුඃඛානුදර්‍ශනා යැ.
අසරණතෝ යනු: දුඃඛානුදර්‍ශනා යැ.
රිත්තතෝ යනු: අනාත්මානුදර්‍ශනා යැ.
තුච්ඡතෝ යනු: අනාත්මානුදර්‍ශනා යැ.
සුඤ්ඤතෝ යනු: අනාත්මානුදර්‍ශනා යැ.
අනත්තතෝ යනු: අනාත්මානුදර්‍ශනා යැ.
ආදීනවතෝ යනු: දුඃඛානුදර්‍ශනා යැ.
විපරිණාමධම්මතෝ යනු: අනිත්‍යානුදර්‍ශනා යැ.
අසාරකතෝ යනු: අනාත්මානුදර්‍ශනා යැ.
අඝමූලතෝ යනු: දුඃඛානුදර්‍ශනා යැ.
වධකතෝ යනු: දුඃඛානුදර්‍ශනා යැ.
විභවතෝ යනු: අනිත්‍යානුදර්‍ශනා යැ.
සාසවතෝ යනු: දුඃඛානුදර්‍ශනා යැ.
සඞ්ඛතෝ යනු: අනිත්‍යානුදර්‍ශනා යැ.
මාරාමිසතෝ යනු: දුඃඛානුදර්‍ශනා යැ.
ජාතිධම්මතො යනු: දුඃඛානුදර්‍ශනා යැ.
ජරාධම්මතෝ යනු: දුඃඛානුදර්‍ශනා යැ.
ව්‍යාධිධම්මතෝ යනු: දුඃඛානුදර්‍ශනා යැ.
මරණධම්මතො යනු: අනිත්‍යානුදර්‍ශනා යැ.
සෝකධම්මතෝ යනු: දුඃඛානුදර්‍ශනා යැ.
පරිදේවධම්මතෝ යනු: දුඃඛානුදර්‍ශනා යැ.
උපායාසධම්මතො යනු: දුඃඛානුදර්‍ශනා යැ.
සඞ්කිලේසිකධම්මතෝ යනු: දුඃඛානුදර්‍ශනා යි.
මේ සතලිස් අයුරින් අනුලෝමක්‍ෂාන්තිය ලබයි. මේ සතලිස් අයුරින් සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යි.
මේ සතලිස් අයුරින් අනුලෝමක්‍ෂාන්තිය ලබනුවහට මේ සතලිස් අයුරින් සම්‍යක්ත්‍වනියාමයට බස්නහුට අනිත්‍යානුදර්‍ශනා කෙතෙක් ද, දුඃඛානුදර්‍ශනා කෙතෙක් ද, අනාත්මානුදර්‍ශනා කෙතෙක් ද යත්:
ඒ අනාත්මානුදර්‍ශනා පස්විස්සෙක් ද, අනිත්‍යානුදර්‍ශනා පනසෙක් ද, යම් අනුදර්‍ශනා කෙනෙක් දුඃඛයෙහි (පඤ්චස්කන්‍ධයෙහි) ලා කියනු ලැබෙත් ද, ඒ දුඃඛානුදර්‍ශනා එක්සියපස්විස්සෙක් ද වේ යයි.
විදර්‍ශනාකථා නිමි.
3. 10.
මාතෘකා කථා
නිච්ඡාත යැ මොක්ඛවිමෝක්ඛ යැ විජ්ජාවිමුත්ති යැ අධිසීල යැ අධිචිත්ත යැ අධිපඤ්ඤා යැ පස්සද්ධි යැ ඤාණ යැ දස්සන යැ විසුද්ධි යැ නෙක්ඛම්ම යැ නිස්සරණ යැ පවිවේක යැ වොස්සග්ග යැ චරියා යැ ඣානවිමොක්ඛ යැ භාවනා යැ අධිට්ඨානයැ ජීවිත යි.
නිච්ඡාතො යනු: නෛෂ්ක්‍රම්‍ය විසින් කාමච්ඡන්‍දයෙන් නො මලා වූයේ, අව්‍යාපාද විසින් ව්‍යාපාදයෙන් නො මලා වූයේ ... ප්‍රථමධ්‍යාන විසින් නීවරණයන්ගෙන් නො මලා වූයේ ... රහත්මඟ විසින් සර්‍වක්ලේශයන්ගෙන් නො මලා වූයේ වේ.
මොක්ඛො විමොක්ඛො යනු: නෛෂ්ක්‍රම්‍ය විසින් කාමච්ඡන්‍දය කෙරෙන් මිදේ නුයි මෝක්‍ෂ විමෝක්‍ෂ යැ, අව්‍යාපාද විසින් ව්‍යාපාදය කෙරෙන් මිදේ නුයි මෝක්‍ෂ විමෝක්‍ෂ යැ ... ප්‍රථමධ්‍යාන විසින් නීවරණයන් කෙරෙන් මිදේ නුයි මෝක්‍ෂ විමෝක්‍ෂ යැ ... අර්‍හත්ත්‍වමාර්‍ග විසින් සර්‍වක්ලේශයන් කෙරෙන් මිදේ නුයි මෝක්‍ෂ විමෝක්‍ෂ යි.
විජ්ජාවිමුත්ති යනු: නෛෂ්ක්‍රම්‍ය විද්‍යාමාන වේ නුයි (නොහොත් දන්නා ලැබේ නුයි, ලබානුයි හෝ) විජ්ජා යැ, කාමච්ඡන්‍දය කෙරෙන් මිදේනුයි විමුත්ති යැ, විද්‍යාමාන වූයේ මිදෙයි, මිදෙනුයි විද්‍යාමාන වේ නුයි විජ්ජාවිමුත්ති යැ. අව්‍යාපාදය ඇත් නුයි විජ්ජා යැ, ව්‍යාපාදය කෙරෙන් මුක්ත වේ නුයි විමුත්ති යැ, විද්‍යාමාන වූයේ මුක්ත වෙයි, මුක්ත වනුයේ විද්‍යාමාන වේ නුයි විජ්ජාවිමුත්ති යැ ... අර්‍හත්ත්‍වමාර්‍ගය විද්‍යාමාන වේ නුයි විජ්ජා යැ, සර්‍වක්ලේශයන් කෙරෙන් මුක්ත වේ නුයි විමුත්ති යැ, විද්‍යාමාන වූයේ මුක්ත වෙයි, මුක්ත වනුයේ (රහත්මඟ) විද්‍යාමාන වේ නුයි විජ්ජාවිමුත්ති නම් වන්නීය.
අධිසීලං අධිචිත්තං අධිපඤ්ඤා යනු: නෛෂ්ක්‍රම්‍ය විසින් කාමච්ඡන්‍දය නිවාරණාර්‍ත්‍ථයෙන් (ඒ නෛෂ්ක්‍රම්‍යය) ශීලවිශුද්ධි යැ, (එ මැ) අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් චිත්තවිශුද්ධි යැ, දර්‍ශනාර්‍ත්‍ථයෙන් දෘෂ්ටිවිශුද්ධි යැ. එහි යම් සංවරාර්‍ත්‍ථයෙක් වේ ද, මේ තෙම අධිශීලශික්‍ෂා යැ, එහි යම් අවික්‍ෂේපාර්‍ත්‍ථයෙක් වේ ද, මේ තෙම අධිචිත්තශික්‍ෂා යැ, එහි යම් දර්‍ශනාර්‍ත්‍ථයෙක් වේ ද, මේ තෙම අධිප්‍රඥාශික්‍ෂා යි. අව්‍යාපාද විසින් ව්‍යාපාදය නිවාරණාර්‍ත්‍ථයෙන් (ඒ අව්‍යාපාදය ) ශීලවිශුද්ධි යැ ... අර්‍හත්ත්‍වමාර්‍ග විසින් සර්‍වක්ලේශයන් නිවාරණාර්‍ත්‍ථයෙන් (ඒ රහත් මඟ) ශීලවිශුද්ධි යැ අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් චිත්තවිශුද්ධ යැ, දර්‍ශනාර්‍ත්‍ථයෙන් දෘෂ්ටිවිශුද්ධි යැ, එහි යම් සංවරාර්‍ත්‍ථයෙක් වේ ද, මේ අධිශීලශික්‍ෂා යැ, එහි යම් අවික්‍ෂේපාර්‍ත්‍ථයෙක් වේ ද, මේ අධිචිත්තශික්‍ෂා යැ. එහි යම් දර්‍ශනාර්‍ත්‍ථයෙක් වේ ද, මේ අධිප්‍රඥාශික්‍ෂා යි.
පස්සද්ධි යනු: නෛෂ්ක්‍රම්‍ය විසින් (යෝගාවචර තෙම) කාමච්ඡන්‍දය වළහයි, අව්‍යාපාද විසින් ව්‍යාපාදය වළහයි .... රහත්මඟින් සර්‍වක්ලේශයන් වළහයි.
ඤාණං යනු: කාමච්ඡන්‍දය ප්‍රහීණ බැවින් නෛෂ්ක්‍රම්‍යය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ, ව්‍යාපාදය ප්‍රහීණ බැවින් අව්‍යාපාදය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ... සර්‍වක්ලේශයන් ප්‍රහීණ බැවින් අර්‍හත්ත්‍වමාර්‍ගය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යි.
දස්සනං යනු: කාමච්ඡන්‍දය ප්‍රහීණ බැවින් නෛෂ්ක්‍රම්‍ය තෙම දෘෂ්ටාර්‍ත්‍ථයෙන් දර්‍ශන යැ, ව්‍යාපාදය ප්‍රහීණ බැවින් අව්‍යාපාද තෙම දෘෂ්ටාර්‍ත්‍ථයෙන් දර්‍ශන යැ .. සර්‍වක්ලේශයන් ප්‍රහීණ බැවින් රහත්මඟ දෘෂ්ටාර්‍ත්‍ථයෙන් දර්‍ශන යි.
විසුද්ධි යනු: කාමච්ඡන්‍දය දුරලනුයේ නෛෂ්ක්‍රම්‍යයෙන් විශුද්ධ වෙයි, ව්‍යාපාදය දුරලනුයේ අව්‍යාපාදයෙන් විශුද්ධ වෙයි ... සර්‍වක්ලේශයන් දුරලනුයේ රහත්මඟින් විශුද්ධ වේ.
නෙක්ඛම්මං යනු: යම් නෛෂ්ක්‍රම්‍යයෙක් වේ ද, තෙල කාමයන්ගේ නිස්සරණ යැ, යම් ආරූප්‍යයෙක් වේ ද, තෙල රූපයන් ගේ නිස්සරණ යැ, තවද යම් කිසි උත්පන්න වූ සංස්කෘත වූ ප්‍රතීත්‍යසමුත්පන්නයෙක් වේ ද, නිරෝධය ඒ සඞඛතයා ගේ නෛෂ්ක්‍රම්‍ය වේ. අව්‍යාපාදයා ව්‍යාපාදයා ගේ නෛෂ්ක්‍රම්‍ය වෙයි, ආලෝකසංඥාව ථිනමිද්ධයා ගේ නෛෂ්ක්‍රම්‍ය වෙයි ... අර්‍හත්ත්‍වමාර්‍ගය සර්‍වක්ලේශයන් ගේ නෛෂ්ක්‍රම්‍ය වේ.
නිස්සරණං යනු: යම් නෛෂ්ක්‍රම්‍යයෙක් වේ ද, තෙල කාමයන් ගේ නිස්සරණ යැ, යම් ආරූප්‍යයෙක් වේ ද, තෙල රූපයන් ගේ නිස්සරණ යැ, තවද යම් කිසි උත්පන්න වූ සඞ්ඛත වූ ප්‍රතීත්‍යසමුත්පන්නයෙක් වේ ද, නිරෝධය ඒ සඞ්ඛතයා ගේ නිස්සරණය වෙයි, නෛෂ්ක්‍රම්‍යය කාමච්ඡන්‍දයා ගේ නිස්සරණය යැ, අව්‍යාපාදය ව්‍යාපාදයා ගේ නිස්සරණ යැ ... අර්‍හත්ත්‍වමාර්‍ගය සර්‍වක්ලේශයන් ගේ නිස්සරණ යි.
පවිවේකො යනු: නෛෂ්ක්‍රම්‍ය කාමච්ඡන්‍දයා ගේ පවිවේක යැ ... අර්‍හත්ත්‍වමාර්‍ගය සර්‍වක්ලේශයන් ගේ පවිවේක යයි.
වොස්සග්ගෝ යනු: නෛෂ්ක්‍රම්‍යයෙන් කාමච්ඡන්‍දය හැරපියා නුයි වොස්සග්ග යැ, අවය්‍යාපාදයෙන් ව්‍යාපාදය හැරපියා නුයි වොස්සග්ග නම ... රහත්මගින් හැම කෙලෙසුන් හැරපියා නුයි වොස්සග්ග නමි.
චරියා යනු: කාමච්ඡන්‍දය දුරලනුයේ නෛෂ්ක්‍රම්‍යයෙන් හැසිරෙයි, ව්‍යාපාදය දුරලනුයේ අව්‍යාපාදයෙන් හැසිරෙයි. රහත්මගින් හැම කෙලෙසුන් දුරලමින් හැසිරෙයි.
ඣානවිමොක්ඛො යනු: නෛෂ්ක්‍රම්‍යය ධ්‍යාන කරනු ලැබේ නුයි ධ්‍යාන යැ, කාමච්ඡන්‍දය දවා නුයි ධ්‍යාන යැ, ධ්‍යාන කෙරෙමින් මිදේ නුයි ඣානවිමොක්ඛ නම, දවමින් මිදේ නුයි ඣානවිමොක්ඛ නමි, ‘ඣායන්ති’ යනු දහම්හු යැ, ‘ඣාපෙන්ති’ යනු කෙලෙසුන් යැ, ධ්‍යාන කරන ලදුවන් ද දවන ලදුවන් ද දනී නුයි ඣානඣායී නම. අව්‍යාපාදය ධ්‍යාන කරනු ලැබේ නුයි ධ්‍යාන යැ, ව්‍යාපාදය දවා නුයි ධ්‍යාන යැ ... ආලෝකසංඥාව ධ්‍යාන කරනු ලැබේ නුයි ධ්‍යාන යැ, ථිනමිද්ධය දවා නුයි ධ්‍යාන යැ ... රහත්මග ධ්‍යාන කරනු ලැබේ නුයි ධ්‍යාන යැ, හැම කෙලෙසුන් දවා නුයි ධ්‍යාන යැ, ධ්‍යාන කෙරෙමින් මිදේ නුයි ඣානවිමොක්ඛ යැ, දවමින් මිදේ නුයි ඣානවිමොක්ඛ යැ, ‘ඣායන්ති’ යනු ධර්‍මයෝ යැ, ‘ඣාපෙන්ති’ යනු කෙලෙසුන් යැ, ධ්‍යාන කරන ලදුවන් ද දවන ලදුවන් ද දනි නුයි ‘ඣානඣායී’ නම් වේ.
භාවනා අධිට්ඨානං ජීවිතං යනු: කාමච්ඡන්‍දය දුරලමින් නෛෂ්ක්‍රම්‍යය වඩා නුයි භාවනාසම්පන්න යැ, නෛෂ්ක්‍රම්‍යය විසින් සිත පිහිටුවා නුයි අධිට්ඨානසම්පන්න යැ, ඒ මේ යෝගාවචර මෙසේ භාවනාසම්පන්න වූයේ අධිට්ඨානසම්පන්න වූයේ සම වැ ජීවත් වෙයි, විෂම වැ නොවෙයි, මැනැවින් ජීවත් වෙයි. මිථ්‍යාවෙන් නො වෙයි. විශුද්ධ වැ ජීවත් වෙයි. ක්ලිෂ්ට වැ නො වේ නුයි ආජීවසම්පන්න වේ. හේ මෙසේ භාවනාසම්පන්න වූයේ අධිට්ඨානසම්පන්න වූයේ ආජීවසම්පන්න වූයේ යම් යම් පිරිස් කරා එළැඹෙ ද, කැත්පිරිසකට හෝ බමුණු පිරිසකට හෝ ගැහැවිපිරිසකට හෝ මහණ පිරිසකට හෝ විසාරද වූයේ තෙද ඇති වැ එළැඹෙයි. ඊට හේතු කිමැ යත්: යම් හෙයකින් හේ භාවනාසම්පන්න වූයේ අධිෂ්ඨානසම්පන්න වූයේ ආජීවසම්පන්න වූයේ ද එහෙයිනි.
ව්‍යාපාදය දුරලනුයේ අව්‍යාපාදය වඩා නුයි භාවනාසම්පන්න යැ ... ථිනනමිද්ධය දුරලනුයේ අලෝකසංඥාව වඩානුයි භාවනාසම්පන්න යැ … උද්ධච්චය දුරලනුයේ අවික්ඛේපය වඩා නුයි භාවනාසම්පන්න යැ ... විචිකිච්ඡාව දුරලනුයේ ධම්මවවත්‍ථානය වඩා නුයි භාවනාසම්පන්න යැ ... අවිද්‍යාව දුරලනුයේ විද්‍යාව වඩා නුයි භාවනාසම්පන්න යැ ... අරතිය දුරලනුයේ ප්‍රාමෝද්‍යය වඩා නුයි භාවනාසම්පන්න යැ ... නීවරණයන් දුරලනුයේ ප්‍රථමධ්‍යානය වඩා නුයි භාවනාසම්පන්න යැ ... හැම කෙලෙසුන් දුරලනුයේ රහත්මඟ වඩා නුයි භාවනාසම්පන්න යැ. රහත්මඟ විසින් සිත පිහිටුවා වඩා නුයි අධිට්ඨානසම්පන්න යැ, ඒ මේ යෝගාවචර තෙමේ මෙසේ භාවනාසම්පන්න වූයේ අධිෂ්ඨානසම්පන්න වූයේ සම ව ජීවත් වෙයි, විෂම ව ජීවත් නො වේ. සම්මාජීවයෙන් ජීවත් වෙයි, මිථ්‍යාජීවයෙන් ජීවත් නො වේ. විශුද්ධ ව ජීවත් වෙයි, ක්ලිෂ්ට ජීවත් නො වේ නුයි ආජීවසම්පන්න යැ. හේ මෙසේ භාවනාසම්පන්න වූයේ අධිෂ්ඨානසම්පන්න වූයේ ආජීවසම්පන්න වූයේ යම් මැ පිරිස් කරා එළැඹෙ ද, කැත් පිරිසකට හෝ බමුණුපිරිසකට හෝ ගැහැවි පිරිසකට හෝ මහණපිරිසකට හෝ විසාරද වූයේ නොහැකුළුණේ (තෙද ඇති වැ) එළැඹෙ යි. ඊට කාරණ කිමැ යත්: යම් හෙයකින් හේ භාවනාසම්පන්න වූයේ අධිෂ්ඨානසම්පන්න වූයේ ආජීවසම්පන්න වූයේ ද එහෙයිනැ’යි.
මාතෘකාකථා සමාප්ත යි.
තුන්වැනි ප්‍රඥාවර්‍ගය යි.
එහි උද්දානය වෙයි:
ප්‍රඥා කථා යැ, ඍද්ධි කථා යැ, අභිසමය කථා යැ, විවේක කථා යැ, පස්වැනි වූ, චර්‍ය්‍යා කථා යැ, ප්‍රාතිහාර්‍ය්‍ය කථා යැ, සමසීසි කථා යැ, සතිපට්ඨාන කථා යැ, විදර්‍ශනා කථා යැ යන මොහු ද මාතෘකා කථාව ද සමග තුන්වැනි ප්‍රඥාවර්‍ගයෙහි දශ කථාවෝ වෙත්.
ප්‍රතිසන්වින්මාර්‍ගප්‍රකරණ සමාප්ත යි.