Paṭisambhidāmagga

Path of Discrimination

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 2879 segments

පෙන්වන කොටස් 2401-2500 න් 2879

සත් බෝසත්නට සප්තසූත්‍රාන්තයෙහි ධර්‍ම සැත්තෑවෙක, අර්‍ත්‍ථ සැත්තෑවෙක, නිරුක්ති එක්සියසාලිසෙක, ඥාන දෙසියඅසූවෙකි.
යම්තාක් අභිඥායෙහි අභිඥාර්‍ත්‍ථය වේ ද හේ දන්නාලද යැ දක්නා ලද යැ ප්‍රකට කරන ලද යැ සාක්‍ෂාත්කෘත යැ ප්‍රඥායෙන් (පුනපුනා සමූදාචාර විසින්) පහස්නා ලද යැ. ප්‍රඥායෙන් නො පහස්නාලද අභීඥාර්‍ත්‍ථයෙක් නැතැ’යි චක්‍ෂුස පහළ විය, ඥානය පහළ විය, ප්‍රඥාව පහළ විය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය අභිඥාවගේ අභිඥාර්‍ත්‍ථයෙහි ධර්‍ම පස්විස්සෙක, අර්‍ත්‍ථ පස්විස්සෙක, නිරුක්ති පනසෙක, ඥාන සියයෙකි.
යම්තාක් පරිඥාවගේ පරිඥාර්‍ත්‍ථය වේ ද ... යම්තාක් ප්‍රහාණයාගේ ප්‍රහාණාර්‍ත්‍ථය වේ ද ... යම්තාක් භාවනායෙහි භාවනාර්‍ත්‍ථය වේ ද ... යම්තාක් සාක්‍ෂාත්ක්‍රියාවගේ සාක්‍ෂාත්ක්‍රියාර්‍ත්‍ථය වේ ද හේ දන්නාලද යැ දක්නා ලද යැ ප්‍රකට කරන ලද යැ සාක්‍ෂාත්කෘත යැ ප්‍රඥායෙන් පහස්නාලද යැ ප්‍රඥායෙන් නො පහස්නාලද සාක්‍ෂාත්ක්‍රියාර්‍ත්‍ථයෙක් නැතැ’යි චක්‍ෂුස පහළ විය, ඥානය පහළ විය, ප්‍රඥාව පහළ විය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය. සාක්‍ෂාත්ක්‍රියාවගේ සාක්‍ෂාත්ක්‍රියාර්‍ත්‍ථයෙහි ධර්‍ම පස්විස්සෙක, අර්‍ත්‍ථ පස්විස්සෙක, නිරුක්ති පනසෙක, ඥාන සියයෙකි.
අභිඥාවගේ අභිඥාර්‍ත්‍ථයෙහි, පරිඥාවගේ පරිඥාර්‍ත්‍ථයෙහි, ප්‍රහාණයාගේ ප්‍රහාණාර්‍ත්‍ථයෙහි, භාවනාවගේ භාවනාර්‍ත්‍ථයෙහි, සාක්‍ෂාත් ක්‍රියාවගේ සාක්‍ෂාත්ක්‍රියාර්‍ත්‍ථයෙහි ධර්‍ම එක්සියපස්විස්සෙක, අර්‍ත්‍ථ එක්සියපස්විස්සෙක, නිරුක්ති දෙසියපනසෙක, ඥාන පන්සියයෙකි.
යම්තාක් ස්කන්‍ධන්ගේ ස්කන්‍ධාර්‍ත්‍ථය වේ ද හේ දන්නාලද යැ දක්නා ලද යැ ප්‍රකට කරනලද යැ සාක්‍ෂාත්කෘත යැ ප්‍රඥායෙන් ස්පර්‍ශ කරනලද යැ, ප්‍රඥායෙන් ස්පර්‍ශ නො කරනලද ස්කන්‍ධාර්‍ත්‍ථයෙක් නැතැ’යි චක්‍ෂුස පහළ විය, ඥානය පහළ විය, ප්‍රඥාව පහළ විය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය. ස්කන්‍ධයන්ගේ ස්කන්‍ධාර්‍ත්‍ථයෙහි ධර්‍ම පස්විස්සෙක, අර්‍ත්‍ථ පස්විස්සෙක, නිරුක්ති පනසෙක, ඥාන සියයෙකි.
යම්තාක් ධාතූන්ගේ ධාත්‍වර්‍ත්‍ථය වේ ද ... යම්තාක් ආයතනයන්ගේ ආයතනාර්‍ත්‍ථය වේ ද ... යම්තාක් සඞ්ඛතයන්ගේ සඞ්ඛතාර්‍ත්‍ථය වේ ද ... යම්තාක් අසඞ්ඛතයන්ගේ අසඞ්ඛතාර්‍ත්‍ථය වේ ද හේ දන්නාලද යැ දක්නා ලද යැ ප්‍රකට කරනලද යැ සාක්‍ෂාත්කෘත යැ ප්‍රඥායෙන් ස්පර්‍ශ කරනලද යැ. ප්‍රඥායෙන් ස්පර්‍ශ නො කරනලද අසඞ්ඛතාර්‍ත්‍ථයෙක් නැතැ’ යි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය. අසඞ්ඛතයාගේ අසඞ්ඛතාර්‍ත්‍ථයෙහි ධර්‍ම පස්විස්සෙක, අර්‍ත්‍ථ පස්විස්සෙක, නිරුක්ති පනසෙක, ඥාන සියයෙකි.
ස්කන්‍ධයන්ගේ ස්කන්‍ධාර්‍ත්‍ථයෙහි, ධාතූන්ගේ ධාත්‍වර්‍ත්‍ථයෙහි, ආයතනයන්ගේ ආයතනාර්‍ත්‍ථයෙහි, සඞ්ඛතයන්ගේ සඞ්ඛතාර්‍ත්‍ථයෙහි, අසඞ්ඛතයන්ගේ අසඞ්ඛතාර්‍ත්‍ථයෙහි ධර්‍ම එක්සියපස්විස්සෙක, අර්‍ත්‍ථ එක්සියපස්විස්සෙක, නිරුක්ති දෙසියපනසෙක, ඥාන පනසියයෙකි.
යම්තාක් දුඃඛයාගේ දුඃඛාර්‍ත්‍ථය වේ ද, හේ දන්නාලද යැ දක්නාලද යැ ප්‍රකට කරනලද යැ සාක්‍ෂාත්කෘත යැ ප්‍රඥායෙන් පහස්නාලද යැ ප්‍රඥායෙන් නො පහස්නාලද දුඃඛාර්‍ත්‍ථයෙක් නැතැ’යි චක්‍ෂුස පහළ විය, ඥානය පහළ විය, ප්‍රඥාව පහළ විය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය. දුඃඛයාගේ දුඃඛාර්‍ත්‍ථයෙහි ධර්‍ම පස්විස්සෙක, අර්‍ත්‍ථ පස්විස්සෙක, නිරුක්ති පනසෙක, ඥාන සියයෙකි.
යම්තාක් සමුදයාගේ සමුදයාර්‍ත්‍ථය වේ ද ... යම්තාක් නිරෝධයාගේ නිරෝධාර්‍ත්‍ථය වේ ද ... යම්තාක් මාර්‍ගයාගේ මාර්‍ගාර්‍ත්‍ථය වේ ද, හේ දන්නා ලද යැ දක්නාලද යැ ප්‍රකට කරනලද යැ සාක්‍ෂාත්කෘත යැ ප්‍රඥායෙන් ස්පර්‍ශ කරනලද යැ. ප්‍රඥායෙන් නො පහස්නාලද මාර්‍ගාර්‍ත්‍ථයෙක් නැතැ’යි චක්‍ෂුස පහළ විය, ඥානය පහළ විය, ප්‍රඥාව පහළ විය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය. මාර්‍ගයාගේ මාර්‍ගාර්‍ත්‍ථයෙහි ධර්‍ම පස්විස්සෙක, අර්‍ත්‍ථ පස්විස්සෙක, නිරුක්ති පනසෙක, ඥාන සියයෙකි.
සතර ආර්‍ය්‍යසත්‍යයෙහි ධර්‍ම සියයෙක, අර්‍ත්‍ථ සියයෙක, නිරුක්ති දෙසියයෙක, ඥාන සාරසියයෙකි.
යම්තාක් අර්‍ත්‍ථප්‍රතිසංවිදායෙහි අර්‍ත්‍ථප්‍රතිසංවිදාර්‍ත්‍ථය වේ ද, හේ දන්නා ලද යැ, දක්නා ලද යැ ප්‍රකට කරන ලද යැ, සාක්‍ෂාත්කෘත යැ ප්‍රඥායෙන් පහස්නා ලද යැ, ප්‍රඥායෙන් නො පහස්නා ලද අර්‍ත්‍ථප්‍රතිසංවිදායෙක් නැතැ’යි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය. අර්‍ත්‍ථප්‍රතිසංවිදාවගේ අර්‍ත්‍ථප්‍රතිසංවිදාර්‍ත්‍ථයෙහි ධර්‍ම පස්විස්සෙක, අර්‍ත්‍ථ පස්විස්සෙක, නිරුක්ති පනසෙක, ඥාන සියයෙකි.
යම්තාක් ධර්‍මප්‍රතිසංවිදාව ගේ ධර්‍මප්‍රතිසංවිදාර්‍ත්‍ථය වේ ද ... යම්තාක් නිරුක්තිප්‍රතිසංවිදාවගේ නිරුක්තිප්‍රතිසංවිදාර්‍ත්‍ථය වේ ද ... යම්තාක් ප්‍රතිභානප්‍රතිසංවිදාව ගේ ප්‍රතිභානප්‍රතිසංවිදාර්‍ත්‍ථය වේ ද, හේ දන්නා ලද යැ, දක්නා ලද යැ ප්‍රකට කරන ලද යැ සාක්‍ෂාත්කෘත යැ ප්‍රඥායෙන් පහස්නා ලද යැ, ප්‍රඥායෙන් නො පහස්නාලද ප්‍රතිභානප්‍රතිසංවිදාර්‍ත්‍ථයෙක් නැතැ’යි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය. ප්‍රතිභාන ප්‍රතිසංවිදාර්‍ත්‍ථයෙහි ධර්‍ම පස්විස්සෙක, අර්‍ත්‍ථ පස්විස්සෙක, නිරුක්ති පනසෙක, ඥාන සියයෙකි.
සතර ප්‍රතිසංවිද්හි ධර්‍ම සියයෙක, අර්‍ත්‍ථ සියයෙක, නිරුක්ති දෙසියයෙක, ඥාන සාරසියයෙකි.
යම්තාක් ඉන්‍ද්‍රියපරාවරතායෙහි ඥානය වේ ද, හේ දන්නාලද යැ දක්නාලද යැ ප්‍රකට කරනලද යැ සාක්‍ෂාත්කෘත යැ ප්‍රඥායෙන් පහස්නාලද යැ, ප්‍රඥායෙන් නො පහස්නාලද ඉන්‍ද්‍රියපරාවරතාඥානයෙක් නැතැ’යි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය. ඉන්‍ද්‍රියපරාවරතාඥානයෙහි ධර්‍ම පස්විස්සෙක, අර්‍ත්‍ථ පස්විස්සෙක, නිරුක්ති පනසෙක, ඥාන සියයෙකි.
යම්තාක් සත්ත්‍වයන්ගේ ආශයානුශය (ආශය අනුශය දන්නා) ඥානය වේ ද ... යම්තාක් යමකප්‍රාතිහාර්‍ය්‍යඥානය වේ ද ... යම්තාක් මහා කරුණා සමාපත්තිඥානය වේ ද ... යම්තාක් සර්‍වඥතාඥානය වේ ද ... යම්තාක් අනාවරණඥානය වේ ද, හේ දන්නාලද යැ දක්නා ලද යැ ප්‍රකට කරන ලද යැ සාක්‍ෂාත්කෘත යැ, ප්‍රඥායෙන් පහස්නාලද යැ. ප්‍රඥායෙන් නො පහස්නා ලද අනාවරණඥානයෙක් නැතැ’යි චක්‍ෂුස පහළ විය, ඥානය පහළ විය, ප්‍රඥාව පහළ විය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය. අනාවරණඥානයෙහි ධර්‍ම පස්විස්සෙක, අර්‍ත්‍ථ පස්විස්සෙක, නිරුක්ති පනසෙක, ඥාන සියයෙකි.
සවැදැරුම් බුද්ධධර්‍මයෙහි ධර්‍ම එක්සිය පනසෙක, අර්‍ත්‍ථ එක්සියපනසෙක, නිරුක්ති තුන්සියයෙක, ඥාන සසියයෙකි.
පටිසම්භිදාධිකාරයෙහි ධර්‍ම අටසියපනසෙක, අර්‍ත්‍ථ අටසියපනසෙක නිරුක්ති එක්දහස්සත්සියයෙක, ඥාන තුන්දහස්සාරසියයෙකි.
ප්‍රතිසංවිත්කථා නිමි.
දම්සක් කථා
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ බරණැස් නුවර වැඩ වාසය කරන සේක ... මෙසෙයින් ආයුෂ්මත් කෞණ්ඩින්‍ය ස්ථවිරයන්හට ‘අඤ්ඤාකොණ්ඩඤ්ඤ’යයි මෙ නම් වී.
‘මේ දුඃඛ නම් වූ ආර්‍ය්‍යසත්‍ය යැ’ යි පෙර නො ඇසු විරූ දහම්හි ප්‍රඥාචක්‍ෂුස පහළ විය, ඥානය පහළ විය, ප්‍රඥාව පහළ විය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය.
‘චක්ඛුං උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන, ‘ඤාණං උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන, ‘පඤ්ඤා උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන, ‘විජ්ජා උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන, ‘ආලෝකො උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන යත්: ‘චක්ඛුං උදපාදි’ යනු දර්‍ශනාර්‍ත්‍ථයෙන, ‘ඤාණං උදපාදි’ යනු ඥාතාර්‍ත්‍ථයෙන, ‘පඤ්ඤා උදපාදි’ යනු ප්‍රජානනාර්‍ත්‍ථයෙන, ‘විජ්ජා උදපාදි’ යනු ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන, ‘ආලෝකො උදපාදි’ යනු අවභාසාර්‍ත්‍ථයෙනි.
චක්‍ෂුස ධර්‍ම යැ, දර්‍ශනාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යැ, ඥානය ධර්‍ම යැ, ඥාතාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යැ, ප්‍රඥාව ධර්‍ම යැ, ප්‍රජානනාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යැ, විද්‍යාව ධර්‍ම යැ, ප්‍රතිවේධාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යැ, ආලෝකය ධර්‍ම යැ, අවභාසාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යැ. මේ පඤ්චධර්‍මයෝ පඤ්ච අර්‍ත්‍ථයෝ දුඃඛය වස්තු කොට ඇත්තාහු යැ සත්‍යය වස්තු කොට ඇත්තාහු යැ සත්‍යය ආලම්බන කොට ඇත්තාහු යැ සත්‍යය විෂය කොට ඇත්තාහු යැ මාර්‍ගසත්‍යයෙන් සඞ්ගෘහීතයහ, මාර්‍ගසත්‍යයට අයත් වූවාහ යැ, දුඃඛසත්‍යයෙහි උපන්නාහු යැ, සත්‍යයෙහි සිටියාහු යැ සත්‍යයෙහි පිහිටියාහු යි.
ධම්මචක්කං’ යනු කවර අරුතෙකින් ධම්මචක්ක නම් වී ද යත්, ප්‍රතිවේධ ධර්‍මය ද පවත්වයි. (කෙලෙස් සතුරන් නැසීමට වැටෙන බැවින් ප්‍රහරණචක්‍රයක් වැනි නු’ යි) චක්‍රය ද පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නමි: (ප්‍රතිවේධධර්‍මචක්‍රය යි.) චක්‍රය ද පවත්වයි. දේශනාධර්‍මය ද පවත්නා නු’ යි ‘ධම්මචක්ක’ නමි (දේශනා ධර්‍මචක්‍රය යි) (යථාස්වභාව හෙයින්) ධර්‍මයෙන් පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, (චෛනෙස සන්තානයෙහි) ධර්‍මචර්‍ය්‍යාපිණිස පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්‍මයෙහි (විෂයීභාවයෙන්) සිටියේ පවත්වා නු’ යි ‘ධම්මචක්ක යැ, ධර්‍මයෙහි (අචලභාවයෙන්) පිහිටියේ පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්‍මයෙහි පිහිටුවමින් පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්‍මයෙහි වශී (ඊශ්වර) භාවයට පැමිණියේ පවත්වා නු’ යි, ‘ධම්මචක්ක’ යැ, ධර්‍මයෙහි වශීභාවයට පමුණුවමින් පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්‍මයෙහි කෙළවරට පැමිණියේ පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්‍මයෙහි කෙළවරට පමුණුවමින් පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්‍මයෙහි විශාරද බවට පැමිණියේ පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්‍මයෙහි විශාරද බවට පමුණුවමින් පවත්නා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්‍මයට සත්කාර කෙරෙමින් පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධම්මයට ගුරු කෙරෙමින් පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්‍මයට බුහුමන් කෙරෙමින් පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්‍මය පුදමින් පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්‍මය අපචායන කෙරෙමින් පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්‍ම ධ්වජයක් සෙයින් පෙරටු කොට ඇතියේ පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්‍මය කෙහෙලි කොට ඇතියේ පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්‍මය අධිපති කොට ඇති වැ පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, තවද ඒ ධර්‍මචක්‍රය (අන්‍යලබ්ධික) මහණකු විසින් හෝ බමුණකු විසින් හෝ දෙවියකු විසින් හෝ මරකු විසින් හෝ බඔකු විසින් හෝ ලොව කිසිවක්හු විසින් හෝ නො පැවැත්විය හැකි නු’ යි ‘ධම්මචක්ක’යි.
ශ්‍රද්ධේන්‍ද්‍රියය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, වීර්ය්‍යේන්‍ද්‍රියය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, ස්මෘතීන්‍ද්‍රියය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, සමාධීන්‍ද්‍රියය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, ප්‍රඥේන්‍ද්‍රියය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නමි.
ශ්‍රද්ධාබලය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, වීර්‍ය්‍යබලය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, ස්මෘතිබලය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, සමාධිබලය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, ප්‍රඥාබලය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නමි.
ස්මෘතිසම්බොධ්‍යඞ්ගය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, සමාධිසම්බෝධ්‍යඞ්ගය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය ධර්‍මය යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නමි.
සම්‍යග්දෘෂ්ටිය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, සම්‍යක්සංකල්පය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, සම්‍යග්වචනය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, සම්‍යක්කර්‍මාන්ත ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, සම්‍යගාජීවය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, සම්‍යග්ව්‍යායාමය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, සම්‍යක්ස්මෘතිය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, සම්‍යක්සමාධිය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නමි.
අධිපතිභාවාර්‍ත්‍ථයෙන් ඉන්‍ද්‍රියය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, අකම්ප්‍යාර්‍ත්‍ථයෙන් බලය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, නිර්‍ය්‍යාණාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ගය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, හෙත්‍වර්‍ත්‍ථයෙන් මාර්‍ගය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, වටහන අර්‍ත්‍ථයෙන් සතිපට්ඨානයෝ ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, ප්‍රදහනාර්‍ත්‍ථයෙන් සම්‍යක්ප්‍රධානයෝ ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, සමෘද්ධ වන අර්‍ත්‍ථයෙන් ඍද්ධිපාදයෝ ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, යථාස්වභාවාර්‍ත්‍ථයෙන් සත්‍යයෝ ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් ශමථය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනාව ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, ඔවුනොවුන් නො ඉක්ම පවත්වා අර්‍ත්‍ථයෙන් යුගනද්ධය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, සංවරාර්‍ත්‍ථයෙන් ශීලවිශුද්ධිය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් චිත්තවිශුද්ධිය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, දර්‍ශනාර්‍ත්‍ථයෙන් දෘෂ්ටිවිශුද්ධිය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, මුක්ත්‍යර්‍ත්‍ථයෙන් විමෝක්‍ෂය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් විද්‍යාව ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, පරිත්‍යාගාර්‍ත්‍ථයෙන් විමුක්තිය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, සමුච්ඡේදාර්‍ත්‍ථයෙන් ක්‍ෂයඥානය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, ප්‍රතිප්‍රශ්‍රබ්ධ්‍යර්‍ත්‍ථයෙන් අනුත්පාදඥානය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, ඡන්‍දය මූලාර්‍ත්‍ථයෙන් ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම,
මනසිකාරය සමුත්‍ථානාර්‍ත්‍ථයෙන් ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, ස්පර්‍ශ සමවධානාර්‍ත්‍ථයෙන් ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, වේදනාව සමවසරණාර්‍ත්‍ථයෙන් ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, සමාධිය ප්‍රමුඛාර්‍ත්‍ථයෙන් ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, ස්මෘතිය අධිපතිභාවාර්‍ත්‍ථයෙන් ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, ප්‍රඥාව තදුත්තරාර්‍ත්‍ථයෙන් ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, විමුක්තිය සාරාර්‍ත්‍ථයෙන් ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, අමතෝගධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය පර්‍ය්‍යවසානාර්‍ත්‍ථයෙන් ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නමි.
තව ද ඒ මේ දුඃඛ නම් වූ ආර්‍ය්‍යසත්‍යය ‘පිරිසිඳ දතයුතු යැ’ යි ... ‘පිරිසිඳ දන්නාලදැ’ යි පෙර නො ඇසූවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය.
‘චක්ඛුං උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන ... ‘ආලෝකෝ උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන් යත්: ‘චක්ඛුං උදපාදි’ යනු දර්‍ශනාර්‍ත්‍ථයෙන ... ‘ආලෝකෝ උදපාදි’ යනු අවභාසාර්‍ත්‍ථයෙනි.
චක්‍ෂුස ධර්‍ම යැ, දර්‍ශනාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යැ ... ආලෝකය ධර්‍ම යැ අවභාසාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යි. මේ පඤ්චධර්‍මයෝ පඤ්චඅර්‍ත්‍ථයෝ දුඃඛය වස්තු කොට ඇත්තාහු යැ, සත්‍යය වස්තු කොට ඇත්තාහු යැ, සත්‍යය ආලම්බන කොට ඇත්තාහු යැ, සත්‍යය ගෝචර කොට ඇත්තාහු යැ, මාර්‍ගසත්‍යයෙන් සඞ්ගෘහීත යැ, මාර්‍ගසත්‍යයට අයත් වූවාහු යැ, දුඃඛසත්‍යයෙහි උපන්නාහු යැ, සත්‍යයෙහි සිටියාහු යැ, සත්‍යයෙහි පිහිටියා හු යි.
ධම්මචක්කං යනු කවර අර්‍ත්‍ථයෙන් ‘ධම්මචක්ක’ නම් වී ද යත්: ප්‍රතිවේධ ධර්‍මය ද පවත්වයි චක්‍රය ද පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ. (ප්‍රතිවේධධර්‍ම චක්‍රය යි.) චක්‍රය ද පවත්වයි දේශනාධර්‍මය ද පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ (දේශනාධර්‍මචක්‍රය යි), ධර්‍මයෙන් පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ. ධර්‍මචර්‍ය්‍යා පිණිස පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්‍මයෙහි සිටියේ පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්‍මයෙහි පිහිටියේ පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ ... අමතෝගධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය පර්‍ය්‍යවසානාර්‍ත්‍ථයෙන් ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යි.
‘මේ දුඃඛසමුදය නම් වූ ආර්‍ය්‍යසත්‍ය යැ’ යි පෙර නො ඇසූවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය .. තවද ඒ මේ දුඃඛ නම් වූ ආර්‍ය්‍යසත්‍යය ‘ප්‍රහාතව්‍ය යැ’ යි ... ‘ප්‍රහීණ යැ’ යි පෙර නො ඇසූවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය.
‘චක්ඛුං උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන ... ‘ආලෝකෝ උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන යත්: ‘චක්ඛුං උදපාදි’ යනු දර්‍ශනාර්‍ත්‍ථයෙන ... ‘ආලෝකො උදපාදි’ යනු අවභාසාර්‍ත්‍ථයෙනි.
චක්‍ෂුස ධර්‍ම යැ, දර්‍ශනාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යැ ... ආලෝකය ධර්‍ම යැ, අවභාසාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යි. මේ පඤ්චධර්‍මයෝ පඤ්චඅර්‍ත්‍ථයෝ සමුදය වස්තු කොට ඇත්තාහු යැ සත්‍යය වස්තු කොට ඇත්තාහු යැ නිරෝධය වස්තු කොට ඇත්තාහු යැ සත්‍යය වස්තු කොට ඇත්තාහු යැ ... මාර්‍ගය වස්තු කොට ඇත්තාහු යැ සත්‍යය වස්තු කොට ඇත්තාහු යැ සත්‍යය ආලම්බන කොට ඇත්තාහු යැ සත්‍යය විෂය කොට ඇත්තාහු යැ මාර්‍ගසත්‍යයෙන් සඞ්ගෘහීතයහ. (මාර්‍ග) සත්‍යයට අයත් වූවාහු යැ (දුඃඛ) සත්‍යයෙහි උපන්නාහු යැ සත්‍යයෙහි සිටියාහු යැ සත්‍යයෙහි පිහිටියාහු යි.
ධම්මචක්කං යනු කවර අරුතෙකින් ‘ධම්මචක්ක’ නම් වී ද යත්: ප්‍රතිවේධධර්‍මය ද පවත්වයි චක්‍රය ද පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, චක්‍රය ද පවත්වයි දේශනාධර්‍මය ද පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්‍මයෙන් පවත්වා නු’ යි ‘ධම්මචක්ක’යැ, ධර්‍මචර්‍ය්‍යා පිණිස පවත්වානු’ යි ධම්මචක්ක’යැ, ධර්‍මයෙහි සිටියේ පවත්වානු’ යි ‘ධම්මචක්ක’යැ, ධර්‍මයෙහි පිහිටියේ පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ ... අමතෝගධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය පර්‍ය්‍යවසානාර්‍ත්‍ථයෙන් ධර්‍ම යැ, ඒ ධර්‍ම ය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යි.
මහණෙනි, මට ‘මේ කයෙහි කායානුපස්සනා යැ’ යි පෙර නො ඇසූවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය. තවද මහණෙනි, මට ‘ඒ මේ කයෙහි කායානුපස්සනාව භාවිතව්‍ය යැ’ යි ... ‘භාවිත යැ’ යි මහණෙනි, මට පෙර නො ඇසූවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය.
‘මේ වේදනාවන්හි ... මේ චිත්තයෙහි මේ ධර්‍මයන්හි ධර්‍මානුදර්‍ශනා යැ’ යි මහණෙනි, මට පෙර නො ඇසූවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය. ‘තව ද ඒ මේ ධර්‍මයන්හි ධර්‍මානුදර්‍ශනාව භාවිතව්‍ය යැ’ යි මහණෙනි, මට ... ‘භාවිත යැ’ යි මහණෙනි, මට පෙර නො ඇසූවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය.
‘මේ කයෙහි කායානුපස්සනා යැ’ යි පෙර නො ඇසූවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය. ‘තවද ඒ මේ කයෙහි කායානුපස්සනාව වැඩියයුතු යැ’ යි ... වඩනලදැ’ යි පෙර නො ඇසූවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය.
‘චක්ඛුං උදපාදි’ යනු කවර අරුතෙකින ... ‘ආලෝකො උදපාදි’ යනු කවර අරුතෙකින යත්: ‘චක්ඛුං උදපාදි’ යනු දර්‍ශනාර්‍ත්‍ථයෙන ... ‘ආලෝකො උදපාදි’ යනු අවභාසාර්‍ත්‍ථයෙනි.
චක්‍ෂුස ධර්‍ම යැ, දර්‍ශනාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යැ ... ආලෝකය ධර්‍ම යැ, අවභාසාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යි. මේ පඤ්චධර්‍මයෝ පඤ්චඅර්‍ත්‍ථයෝ කායවස්තුක වූ සතිපට්ඨානය වස්තු කොට ඇත්තාහු යැ ... වේදනාවස්තුක වූ සතිපට්ඨානය වස්තු කොට ඇත්තාහු යැ ... චිත්තවස්තුක වූ සතිපට්ඨානය වස්තු කොට ඇත්තාහු යැ ... ධර්‍මවස්තුක වූ සතිපට්ඨානය වස්තු කොට ඇත්තාහු යැ, සතිපට්ඨානය අරමුණු කොට ඇත්තාහු යැ, සතිපට්ඨානය ගොදුරු කොට ඇත්තාහු යැ, සතිපට්ඨානයෙන් සඞ්ගෘහීතය හ, සතිපට්ඨානයට අයත් වූවාහු යැ, සතිපට්ඨානයෙහි උපන්නාහු යැ, සතිපට්ඨානයෙහි සිටියාහු යැ, සතිපට්ඨානයෙහි පිහිටියාහු යි.
ධම්මචක්කං යනු කවර අරුතෙකින් ‘ධම්මචක්ක’ වේ ද යත්: ප්‍රතිවේධධර්‍මය ද පවත්වයි චක්‍රය ද පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, චක්‍රය ද පවත්වයි දේශනාධර්‍මය ද පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්‍මයෙන් පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්‍මචර්‍ය්‍යා පිණිස පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්‍මයෙහි සිටියේ පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්‍මයෙහි පිහිටියේ පවත්වා නු’ යි ‘ධම්මචක්ක’, යැ ... අමතෝගධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය පර්‍ය්‍යවසානාර්‍ත්‍ථයෙන් ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යි.
‘මේ ඡන්‍දය අධිපති කොට ඇති සමාධියෙන් හා ප්‍රධන්වීර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූ ඍද්ධිපාද යැ’ යි මහණෙනි, මට පෙර නො ඇසූවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය. තවද ඒ මේ ඡන්‍දය අධිපති කොට ඇති සමාධියෙන් හා ප්‍රධන්වීර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූ ඍද්ධිපාදය ‘භාවිතව්‍ය යැ’ යි මහණෙනි, මට ... ‘භාවිත යැ’ යි මහණෙනි, මට පෙර නො ඇසූවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය.
‘මේ වීර්‍ය්‍යය අධිපති කොට ඇති සමාධියෙන් හා ... මේ චිත්තය අධිපති කොට ඇති සමාධියෙන් හා ... මේ වීමංසාව අධිපති කොට ඇති සමාධියෙන් හා ප්‍රධන්වීර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූ ඍද්ධිපාද යැ’ යි මහණෙනි, මට පෙර නො ඇසූවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය. තවද ඒ මේ විමංසාධිපති සමාධියෙන් හා ප්‍රධන්වීර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූ ඍද්ධිපාදය ‘භාවිතව්‍ය යැ’ යි මහණෙනි, මට ... ‘භාවිත යැ’ යි මහණෙනි, මට පෙර නො ඇසූවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය.
‘මේ ඡන්‍දාධිපතිසමාධියෙන් හා ප්‍රධන්වීර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූ ඍද්ධිපාද යැ’ යි පෙර නො ඇසූවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය. තවද ඒ මේ ඡන්‍දාධිපතිසමාධියෙන් හා ප්‍රධන්වීර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූ ඍද්ධිපාදය ‘භාවිතව්‍ය යැ’ යි ... ‘භාවිත යැ’ යි පෙර නො ඇසූවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය, ඥානය පහළ විය, ප්‍රඥාව පහළ විය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය.
‘චක්ඛුං උදපාදි’ යනු කවර අරුතෙකින ... ‘ආලෝකො උදපාදි’ යනු කවර අරුතෙකින යත්: ‘චක්ඛුං උදපාදි’ යනු දර්‍ශනාර්‍ත්‍ථයෙන ... ‘ආලෝකො උදපාදි’ යනු අවභාසාර්‍ත්‍ථයෙනි.
චක්‍ෂුස ධර්‍ම යැ, දර්‍ශනාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යැ ... ආලෝකය ධර්‍ම යැ, අවභාසාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යි. මේ පඤ්ච ධර්‍මයෝ මේ පඤ්ච අර්‍ත්‍ථයෝ ඡන්‍දවස්තුක වූ ඍද්ධිපාදය වස්තු කොට ඇත්තාහු යැ, ඍද්ධිපාදය ආලම්බන කොට ඇත්තාහු යැ, ඍද්ධිපාදය විෂය කොට ඇත්තාහු යැ, ඍද්ධිපාදයෙන් සඞ්ගෘහීතයහ, සෘද්ධිපාදයට අයත් වූවාහු යැ, ඍද්ධිපාදයෙහි උපන්නාහු යැ, ඍද්ධිපාදයෙහි සිටියාහු යැ, ඍද්ධිපාදයෙහි පිහිටියාහු යි.
ධම්මචක්කං යනු කවර අරුතෙකින් ‘ධම්මචක්ක’ නම් වී ද යත්: ප්‍රතිවේධධර්‍මය ද පවත්වයි චක්‍රය ද පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ චක්‍රය ද පවත්වයි දේශනාධර්‍මය ද පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්‍මයෙන් පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්‍මචර්‍ය්‍යා පිණිස පවත්වා නු’ යි ‘ධම්මචක්ක’යැ, ධර්‍මයෙහි සිටියේ පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්‍මයෙහි පිහිටියේ පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්‍මයෙහි පිහිටුවමින් පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්‍මයෙහි වශීභාවයට පැමිණියේ පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්‍මයෙහි වශීභාවයට පමුණුවමින් පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්‍මයෙහි කෙළවරට පැමිණියේ පවත්වා නු’ යි ‘ධම්මචක්ක’යැ, ධර්‍මයෙහි කෙළවරට පමුණුවමින් පවත්වා නු’ යි ‘ධම්මචක්ක’යැ ... ධර්‍ම අපචායන කෙරෙමින් පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්‍ම ධ්වජයක් සෙයින් පෙරටු කොට ඇතියේ පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්‍මය කෙහෙලි කොට ඇතියේ පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්‍මය අධිපති කොට ඇතියේ පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යි. තවද ඒ ධර්‍මචක්‍රය මහණකු විසින් හෝ බමුණකු විසින් හෝ දෙවියකු විසින් හෝ මරකු විසින් හෝ බඹකු විසින් හෝ ලොවැ කිසිවක්හු විසින් හෝ නො පැවැත්විය හැකි නු’ යි ‘ධම්මචක්ක’ යි.
ශ්‍රද්ධේන්‍ද්‍රියය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ධම්මචක්ක යැ ... අමතෝගධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය පර්‍ය්‍යවසානාර්‍ත්‍ථයෙන් ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’යි.
‘මේ වීර්‍ය්‍යාධිපතිසමාධියෙන් හා ප්‍රධන්වීර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූ ඍද්ධිපාද යැ’ යි පෙර නො ඇසූවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය ... තව ද ඒ මේ වීර්‍ය්‍යාධිපතිසමාධියෙන් හා ප්‍රධන්වීර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූ ඍද්ධිපාදය ‘භාවිතව්‍ය යැ’ යි ... ‘භාවිත යැ’ යි පෙර නො ඇසූවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය.
‘චක්ඛුං උදපාදි’ යනු කවර අරුතෙකින ... ‘ආලෝකෝ උදපාදි’ යනු කවර අරුතෙකින යත්: ‘චක්ඛුං උදපාදි’ යනු දර්‍ශනාර්‍ත්‍ථයෙන, ... ‘ආලෝකෝ උදපාදි’ යනු අවභාසාර්‍ත්‍ථයෙනි.
චක්‍ෂුස ධර්‍ම යැ, දර්‍ශනාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යැ … ආලෝකය ධර්‍ම යැ, අවභාසාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යි. මේ පඤ්චධර්‍මයෝ පඤ්චඅර්‍ත්‍ථයෝ වීර්‍ය්‍යවස්තුක වූ ඍද්ධිපාදය වස්තු කොට ඇත්තාහු යැ ... චිත්තවස්තුක වූ ඍද්ධිපාදය වස්තු කොට ඇත්තාහු යැ ... විමංසාවස්තුක වූ ඍද්ධිපාදය වස්තු කොට ඇත්තාහු යැ, ඍද්ධිපාදය ආලම්බන කොට ඇත්තාහු යැ, ඍද්ධිපාදය විෂය කොට ඇත්තාහු යැ, ඍද්ධිපාදයෙන් සඞ්ගෘහීතයහ. සෘද්ධිපාදයට අයත් වූවාහු යැ, ඍද්ධිපාදයෙහි උපන්නාහු යැ, ඍද්ධිපාදයෙහි සිටියාහු යැ, ඍද්ධිපාදායෙහි පිහිටියාහු යි.
ධම්මචක්කං යනු කවර අරුතෙකින් ‘ධම්මචක්ක’ නම් වී ද යත්: ප්‍රතිවේධධර්‍මය ද පවත්වයි චක්‍රය ද පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, චක්‍රය ද පවත්වයි දේශනාධර්‍මය ද පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්‍මයෙන් පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්‍මචර්‍ය්‍යා පිණිස පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්‍මයෙහි සිටියේ පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්‍මයෙහි පිහිටියේ පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ... අමතෝගධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය පර්‍ය්‍යවසානාර්‍ත්‍ථයෙන් ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යි.
ධර්‍මචක්‍ර කථා නිමි.
ලෝකෝත්තර කථා
ලෝකෝත්තරධර්‍ම කවරහ යත්: සතර සතිපට්ඨානයෝ යැ සතර සම්‍යක්ප්‍රධානයෝ යැ සතර ඍද්ධිපාදයෝ යැ පඤ්චේන්‍ද්‍රියයෝ යැ පඤ්චබලයෝ යැ සප්තබෝධ්‍යඞ්ගයෝ යැ ආර්‍ය්‍යාෂ්ටාඞ්ගිකමාර්‍ග යැ සතර ආර්‍ය්‍යමාර්‍ගයෝ යැ සතර ශ්‍රාමණ්‍යඵලයෝ යැ නිර්‍වාණ යැ යන මොහු ලෝකෝත්තරධර්‍මයෝ යි.
‘ලෝකුත්තරා’ යනු කවර අරුතෙකින් ලෝකෝත්තර නම් වූහ යත්: ලෝකය තරණය කෙරෙන් නු’යි ලෝකෝත්තරයහ, ලෝකයෙන් උත්තරණය කෙරෙන් නු’යි ලෝකෝත්තරයහ, ලෝකය කෙරෙන් උත්තරණය කෙරෙන් නු’යි ලෝකෝත්තරයහ, ලොවින් උත්තරණය කෙරෙන් නු’යි ලෝකෝත්තරයහ, ලොව ඉක්මයෙත් නු’යි ලෝකෝත්තරයහ, ලොව මොනොවට ඉක්මයෙත් නු’යි ලෝකෝත්තරයහ, ලොව මොනොවට ඉක්ම ගියහ’යි ලෝකෝත්තරයහ, ලෝකය කෙරෙන් අධිකයහ’යි ලෝකෝත්තරයහ, ලෝකාන්තයට තරණය කෙරෙන් නු’යි ලෝකෝත්තරයහ.
ලොවින් නික්මෙත් නු’යි ලෝකෝත්තරයහ, ලෝකය කෙරෙන් නික්මෙත් නු’යි ලෝකෝත්තරයහ, ලෝකයෙන් නික්මෙත් නු’යි ලෝකෝත්තරයහ, ලොවින් නික්මුණහ’යි ලෝකෝත්තරයහ, ලෝකය කෙරෙන් නික්මුණහ’යි ලෝකෝත්තරයහ, ලෝකයෙන් නික්මුණහ’යි ලෝකෝත්තරයහ.
(අපර්‍ය්‍යාපන්න බැවින්) ලෝකයෙහි නො සිටිත් නු’යි ලෝකෝත්තරයහ, ලොවැ නො සිටිත් නු’යි ලෝකෝත්තරයහ, ලෝකයෙහි නො තැවැරෙත් නු’යි ලෝකෝත්තරයහ, ලෝකය හා නො තැවැරෙත් නු’යි ලෝකෝත්තරයහ, ලෝකයෙහි අසංලිප්ත නු’යි ලෝකෝත්තරයහ, ලෝකය හා සමග අසංලිප්ත නු’යි ලෝකෝත්තරයහ, ලෝකයෙහි නො තැවැරුණාහු’යි ලෝකෝත්තරයහ, ලෝකය හා සමග නො තැවැරුණාහු’යි ලෝකෝත්තරයහ.
ලෝකයෙහි විප්‍රමුක්ත නු’යි ලෝකෝත්තරයහ, ලෝකය හා සමග විප්‍රමුක්ත නු’යි ලෝකෝත්තරයහ, ලෝකයෙන් විප්‍රමුක්ත නු’යි ලෝකෝත්තරයහ, ලෝකය කෙරෙන් විප්‍රමුක්ත නු’යි ලෝකෝත්තරයහ, ලොවින් විප්‍රමුක්ත නු’යි ලෝකෝත්තරයහ.
ලෝකයෙහි විසංයුක්ත නු’යි ලෝකෝත්තරයහ, ලෝකය හා සමග විසංයුක්ත නු’යි ලෝකෝත්තරයහ, ලෝකයෙන් විසංයුක්ත නු’යි ලෝකෝත්තරයහ, ලොව්හි විසංයුක්ත නු’යි ලෝකෝත්තරයහ, ලෝකය කෙරෙන් විසංයුක්ත නු’යි ලෝකෝත්තරයහ, ලොවින් විසංයුක්ත නු’යි ලෝකෝත්තරයහ.
ලෝකයෙන් (ලෝකමල සෝදා) ශුද්ධ වෙත් නු’යි ලෝකෝත්තරයහ, ලෝකය කෙරෙන් ශුද්ධ වෙත් නු’යි ලෝකෝත්තරයහ, ලොවින් ශුද්ධ වෙත් නු’යි ලෝකෝත්තරයහ, ලෝකයෙන් විශුද්ධ වෙත් නු’යි ලෝකෝත්තරයහ, ලෝකය කෙරෙන් විසුද්ධ වෙත් නු’යි ලෝකෝත්තරයහ, ලොවින් විශුද්ධ වෙත් නු’යි ලෝකෝත්තරයහ.
ලෝකයෙන් නැඟීසිටිත් නු’යි ලෝකෝත්තරයහ, ලෝකය කෙරෙන් නැඟීසිටිත් නු’යි ලෝකෝත්තරයහ, ලොවින් නැඟීසිටිත් නු’යි ලෝකෝත්තරයහ.
ලෝකයෙන් නවතිත් නු’යි ලෝකෝත්තරයහ, ලෝකය කෙරෙන් නවතිත් නු’යි ලෝකෝත්තරයහ, ලොවින් නවතිත් නු’යි ලෝකෝත්තරයහ.
ලෝකයෙහි නො ලැගෙත් නු’යි ලෝකෝත්තරයහ, ලෝකයෙහි (කිසි සංස්කාර කෙනෙක්) නො ගන්නා ලැබෙත් නු’යි ලෝකෝත්තරයහ, ලෝකයෙහි නො පෙළෙත් නු’යි ලෝකෝත්තරයහ.
ලෝකය මුලුසුන් කෙරෙන් නු’යි ලෝකුත්තර නම් වෙති, ලෝකය මුලුසුන් කරනලද බැවිනැ’යි ලෝකුත්තර නම් වෙති, ලෝකය සන්හිඳුවත් නු’යි ලෝකුත්තර නම් වෙති, ලෝකය සන්හිඳුවන ලද බැවිනැ’යි ලෝකුත්තර නම් වෙත්.
ලෝකයට අමාර්‍ග නු’යි ලෝකුත්තර නම් වෙති, ලෝකයට අප්‍රතිෂ්ඨා නු’යි ලෝකුත්තර නම් වෙති, ලෝකයට අයත් නො වෙත් නු’යි ලෝකුත්තර නම් වෙති, ලෝකයට අසමාන නු’යි ලෝකුත්තර නම් වෙත්.
ලෝකය නඟත් නු’යි ලෝකුත්තර නම් වෙති, ලෝකය වටාලා නො නඟත් නු’යි ලෝකුත්තර නම් වෙති, ලෝකය දුරුකෙරෙත් නු’යි ලෝකුත්තර නම් වෙති, ලෝකය උපාදානය නො කෙරෙත් නු’යි ලෝකුත්තර නම් වෙති, ලෝකය විසුරුවත් නු’යි ලෝකුත්තර නම් වෙති, ලෝකය නො විසුරුවත් නු’යි ලෝකුත්තර නම් වෙති, ලෝකය නිවත් නු’යි ලෝකුත්තර නම් වෙති, ලෝකය නො දල්වත් නු’යි ලෝකුත්තර නම් වෙති, ලෝකය ඉක්ම අභිභවනය කොට සිටිත් නු’යි ලෝකුත්තර නම් වෙත්.
ලෝකෝත්තර කථා නිමි.
බල කථා
[සැවැත්නිදාන යි]
“මහණෙනි, මේ බලයෝ පස්දෙනෙක් වෙති. කවර පස් දෙනෙක යත්: ශ්‍රද්ධාබල යැ වීර්‍ය්‍යබල යැ ස්මෘතිබල යැ සමාධිබල යැ ප්‍රඥාබල යි. මහණෙනි, මොහු පඤ්චබලයෝ වෙත්.”
තවද අටසැට බල කෙනෙක් වෙති: ශ්‍රද්ධාබල යැ වීර්‍ය්‍යබල යැ ස්මෘතිබල යැ සමාධිබල යැ ප්‍රඥාබල යැ හිරිබල යැ ඔත්තපප්බල යැ පටිසඞ්ඛානබල යැ භාවනා බල යැ අනවද්‍යබල යැ සඞ්ග්‍රහබල යැ ක්‍ෂාන්තිබල යැ ප්‍රඥප්තිබල යැ නිදිධ්‍යාසන (අධීතාර්‍ත්‍ථාගමන) බල යැ ඓශ්වර්‍ය්‍යබල යැ අධිෂ්ඨානබල යැ ශමථබල යැ විදර්‍ශනාබල යැ දශ ශෛක්‍ෂබලයෝ යැ දශ අශෛක්‍ෂ බලයෝ යැ දශක්‍ෂීණාශ්‍රවබලයෝ යැ දශ ඍද්ධිබලයෝ යැ දශ තථාගතබලයෝ යි.
ශ්‍රද්ධාබල කවරෙ යත්: අශ්‍රද්ධායෙහි නො සැලේ නු’යි ශ්‍රද්ධාබල යැ, සහජාත (අරූප) ධර්‍මයනට උපස්ථම්භනාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධාබල යැ, කෙලෙසුන් ක්‍ෂය කිරීම් අර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධාබල යැ, ප්‍රතිවේධාදිවිශෝධනාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධාබල යැ, චිත්තයාගේ අධිෂ්ඨානාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධාබල යැ, චිත්තයාගේ පරිශුද්ධාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධාබල යැ, විශේෂාධිගමාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධාබල යැ, මත්තෙහි (මාර්‍ග) ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධාබල යැ, සත්‍යාභිසමයාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධාබල යැ නිරෝධයෙහි පිහිටුවන අර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධාබල යැ, මේ ශ්‍රද්ධාබල යි.
වීර්‍ය්‍යබල කවරෙ යත්: කුසීදභාවයෙහි නො සැලේ නු’යි වීර්‍ය්‍යබල යැ, සහජාතධර්‍මයනට උපස්ථම්භනාර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යබල යැ, කෙලෙසුන් ක්‍ෂය කිරීම් අර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යබල යැ, ප්‍රතිවේධාදිවිශෝධනාර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යබල යැ, චිත්තයාගේ අධිෂ්ඨානාර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යබල යැ, චිත්තයාගේ පරිශුද්ධාර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යබල යැ, විශේෂාධිගමාර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යබල යැ, මත්තෙහි (මාර්‍ග) ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යබල යැ, සත්‍යාභිසමයාර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යබල යැ, නිරෝධයෙහි පිහිටුවන අර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යබල යැ, මේ වීර්‍ය්‍යබල යි.
ස්මෘතිබල කවරෙ යත්: ප්‍රමාදයෙහි නො සැලේ නු’යි ස්මෘතිබල යැ, සහජාත (අරූප) ධර්‍මයනට උපස්ථම්භනාර්‍ත්‍ථයෙන් ස්මෘතිබල යැ ... නිරෝධයෙහි පිහිටුවන අර්‍ත්‍ථයෙන් ස්මෘතිබල යැ, මේ ස්මෘතිබල යි.
සමාධිබල කවරෙ යත්: උද්ධතභාවයෙහි නො සැලේ නු’යි සමාධිබල යැ, සහජාතධර්‍මයනට උපස්ථම්භනාර්‍ත්‍ථයෙන් සමාධිබල යැ ... නිරෝධයෙහි පිහිටුවන අර්‍ත්‍ථයෙන් සමාධිබල යැ, මේ සමාධිබල යි.
ප්‍රඥාබල කවරෙ යත්: අවිද්‍යායෙහි නො සැලේනු’යි ප්‍රඥාබල යැ, සහජාත ධර්‍මයනට උපස්ථම්භනාර්‍ත්‍ථයෙන් ප්‍රඥාබල යැ, ... නිරෝධයෙහි පිහිටුවන අර්‍ත්‍ථයෙන් ප්‍රඥාබල යැ, මේ ප්‍රඥාබල යි.
හිරිබල කවරෙ යත්: නෛෂ්ක්‍රම්‍ය හෙයින් කාමච්ඡන්‍දය කෙරෙත් ලජ්ජිත වේ නු’යි හිරිබල යැ, අව්‍යාපාද හෙයින් ව්‍යාපාදය කෙරෙත් ලජ්ජිත වේනු’යි හිරිබල යැ, ආලෝකසංඥා හෙයින් ථිනමිද්ධය කෙරෙත් ලජ්ජිත වේනු’යි හිරිබල යැ, අවික්‍ෂේප හෙයින් ඖද්ධත්‍යය කෙරෙත් ලජ්ජිත වේ නු’යි හිරිබල යැ, ධර්‍මනිශ්චය හෙයින් විචිකිත්සාව කෙරෙත් ලජ්ජිත වේ නු’යි හිරිබල යැ, ඥාන හෙයින් අවිද්‍යාව කෙරෙත් ලජ්ජිත වේ නු’යි හිරිබල යැ, ප්‍රාමෝද්‍ය හෙයින් අරතිය කෙරෙත් ලජ්ජිත වේ නු’යි හිරිබල යැ, ප්‍රථමධ්‍යාන හෙයින් නීවරණයන් කෙරෙත් ලජ්ජිත වේ නු’යි හිරිබල යැ, ... අර්‍හන්මාර්‍ග හෙයින් හැම කෙලෙසුන් කෙරෙත් ලජ්ජිත වේ නු’යි හිරිබල යැ. මේ හිරිබල යි.
ඔත්තප්පබල කවරෙ යත්: නෛෂ්ක්‍රම්‍ය හෙයින් කාමච්ඡන්‍දය කෙරෙත් තැවේ නු’යි ඔත්තප්පබල යැ, අව්‍යාපාද හෙයින් ව්‍යාපාදය කෙරෙත් තැවේ නු’යි ඔත්තප්පබල යැ, ආලෝකසංඥා හෙයින් ථිනමිද්ධය කෙරෙත් තැවේ නු’යි ඔත්තප්පබල යැ, අවික්‍ෂේප හෙයින් ඖද්ධත්‍යය කෙරෙත් තැවේ නු’යි ඔත්තප්පබල යැ, ධර්‍මනිශ්චය හෙයින් විචිකිත්සාව කෙරෙත් තැවේ නු’යි ඔත්තප්පබල යැ, ඥාන හෙයින් අවිද්‍යාව කෙරෙත් තැවේ නු’යි ඔත්තප්පබල යැ, ප්‍රාමෝද්‍ය හෙයින් අරතිය කෙරෙත් තැවේ නු’යි ඔත්තප්පබල යැ: ප්‍රථමධ්‍යාන හෙයින් නීවරණයන් කෙරෙත් තැවේ නු’යි ඔත්තප්පබල යැ ... අර්‍හන්මාර්‍ග හෙයින් හැම කෙලෙසුන් කෙරෙත් තැවේ නු’යි ඔත්තප්පබල යැ. මේ ඔත්තප්පබල යි.
පටිසඞ්ඛානබල කවරෙ යත්: නෛෂ්ක්‍රම්‍ය හෙයින් කාමච්ඡන්‍දය විමසා නු’යි පටිසඞ්ඛානබල යැ, අව්‍යාපාද හෙයින් ව්‍යාපාදය විමසා නු’යි පටිසඞ්ඛානබල යැ, ආලෝකසංඥා හෙයින් ථිනමිද්ධය විමසා නු’යි පටිසඞ්ඛානබල යැ, අවික්‍ෂේප හෙයින් ඔද්ධත්‍යය විමංසා නු’යි පටිසඞ්ඛානබල යැ, ධර්‍මනිශ්චය හෙයින් විචිකිත්සාව විමසා නු’යි පටිසඞ්ඛානබල යැ, ඥාන හෙයින් අවිද්‍යාව විමසා නු’යි පටිසඞ්ඛානබල යැ, ප්‍රාමෝද්‍ය හෙයින් අරතිය විමසා නු’යි පටිසඞ්ඛානබල යැ, ප්‍රථමධ්‍යාන හෙයින් නීවරණයන් විමසා නු’යි පටිසඞ්ඛානබල යැ ... අර්‍හන්මාර්‍ග හෙයින් හැම කෙලෙසුන් විමංසා නු’යි පටිසඞ්ඛානබල යැ, මේ පටිසඞ්ඛාන බල යි.
භාවනාබල කවරෙ යත්: කාමච්ඡන්‍දය දුරු කෙරෙමින් නෛෂ්ක්‍රම්‍යය වඩා නු’යි භාවනාබල යැ, ව්‍යාපාදය දුරු කෙරෙමින් අව්‍යාපාද වඩා නු’යි භාවනාබල යැ, ථිනමිද්ධය දුරු කෙරෙමින් ආලෝකසංඥාව වඩා නු’යි භාවනාබල යැ, උද්ධතභාවය දුරු කෙරෙමින් අවික්‍ෂේපය වඩානුයි භාවනාබල යැ, විචිකිත්සාව දුරු කෙරෙමින් ධර්‍මනිශ්චය වඩා නු’යි භාවනාබල යැ, අවිද්‍යාව දුරු කෙරෙමින් ඥානය වඩා නු’යි භාවනාබල යැ, අරතිය දුරු කෙරෙමින් ප්‍රාමෝද්‍යය වඩා නු’යි භාවනාබල යැ, නීවරණයන් දුරු කෙරෙමින් ප්‍රථමධ්‍යානය වඩා නු’යි භාවනාබල යැ ... හැම කෙලෙසුන් දුරු කෙරෙමින් අර්‍හන්මාර්‍ගය වඩා නු’යි භාවනා බල යැ, මේ භාවනා බල යි.
අනවද්‍යබල කවරෙ සත්: කාමච්ඡන්‍දය ප්‍රහීණ බැවින් නෛෂ්ක්‍රම්‍යයෙහි කිසි (රාගාදි) වද්‍යයෙක් (වරදෙක්) නැත් නු’යි අනවද්‍යබල යැ, ව්‍යාපාදය ප්‍රහීණ බැවින් අව්‍යාපාදයෙහි කිසි වද්‍යයෙක් නැත් නු’යි අනවද්‍යාබල යැ, ථිනමිද්ධය ප්‍රහීණ බැවින් ආලෝකසංඥායෙහි කිසි වද්‍යයෙක් නැත්නු’යි අනවද්‍යබල යැ, ඖද්ධත්‍යය ප්‍රහීණ බැවින් අවික්‍ෂේපයෙහි කිසි වද්‍යයෙක් නැත්නු’යි අනවද්‍යබල යැ, විචිකිත්සාව ප්‍රහීණ බැවින් ධර්‍මනිශ්චයෙහි කිසි වද්‍යයෙක් නැත් නු’යි අනවද්‍යබල යැ, අවිද්‍යාව ප්‍රහීණ බැවින් ඥානයෙහි කිසි වද්‍යයෙක් නැත් නු’යි අනවද්‍යබල යැ, අරතිය ප්‍රහීණ බැවින් ප්‍රාමෝද්‍යයෙහි කිසි වද්‍යයෙක් නැත්නු’යි අනවද්‍යබල යැ, නීවරණයන් ප්‍රහීණ බැවින් ප්‍රථමධ්‍යානයෙහි කිසි වද්‍යයෙක් නැත් නු’යි අනවද්‍යබල යැ ... හැම කෙලෙසුන් ප්‍රහීණ බැවින් අර්‍හන්මාර්‍ගයෙහි කිසි වද්‍යයෙක් නැත්නු’යි අනවද්‍යබල යැ, මේ අනවද්‍යබල යි.
සඞ්ග්‍රහබල කවරෙ යත් කාමච්ඡන්‍දය දුරු කරනුයේ නෛෂ්ක්‍රම්‍ය වශයෙන් සිත සඞ්ග්‍රහ කෙරේ (බඳී) නු’යි සඞ්ග්‍රහබල යැ, ව්‍යාපාදය දුරු කරනුයේ අව්‍යාපාද වශයෙන් සිත සඞ්ග්‍රහ කෙරේ නු’යි සඞ්ග්‍රහබල යැ, ථිනමිද්ධය දුරු කරනුයේ ආලෝකසංඥාවශයෙන් සිත සඞ්ග්‍රහ කෙරේ නු’යි සඞ්ග්‍රහබල යැ ... හැම කෙලෙසුන් දුරු කරනුයේ අර්‍හන්මාර්‍ගවශයෙන් සිත සඞ්ග්‍රහ කෙරේ නු’යි සඞ්ග්‍රහ බල යැ, මේ සඞ්ග්‍රහබල යි.
ක්‍ෂාන්තිබල කවරෙ යත්: කාමච්ඡන්‍දය ප්‍රහීණ බැවින් (යෝගීහට) නෛෂ්ක්‍රම්‍යය රිසි වේ නු’යි ක්‍ෂාන්තිබල යැ, ව්‍යාපාදය ප්‍රහීණ බැවින් අව්‍යාපාදය රිසි වේ නු’යි ක්‍ෂාන්තිබල යැ, ථිනමිද්ධය ප්‍රහීණ බැවින් ආලෝකසංඥාව රිසි වේ නු’යි ක්‍ෂාන්තිබල යැ, ඖද්ධත්‍යය ප්‍රහීණ බැවින් අවික්‍ෂේපය රිසි වේ නු’යි ක්‍ෂාන්තිබල යැ, විචිකිත්සාව ප්‍රහීණ බැවින් ධර්‍මනිශ්චය රිසි වේ නු’යි ක්‍ෂාන්ති බල යැ, අවිද්‍යාව ප්‍රහීණ බැවින් ඥානය රිසි වේ නු’යි ක්‍ෂාන්තිබල යැ, අරතිය ප්‍රහීණ බැවින් ප්‍රාමෝද්‍යය රිසි වේ නු’යි ක්‍ෂාන්තිබල යැ, නීවරණයන් ප්‍රහීණ බැවින් ප්‍රථමධ්‍යානය රිසි වේ නු’යි ක්‍ෂාන්තිබල යැ ... හැම කෙලෙසුන් ප්‍රහීණ බැවින් අර්‍හන්මාර්‍ගය රිසි වේ නු’යි ක්‍ෂාන්තිබල යැ, මේ ක්‍ෂාන්තිබල යි.
ප්‍රඥප්තිබල කවරෙ යත්: කාමච්ඡන්‍දය දුරු කරනුයේ නෛෂ්ක්‍රම්‍ය වශයෙන් සිත පනවා නු’යි ප්‍රඥප්තිබල යැ, ව්‍යාපාදය දුර කරනුයේ අව්‍යාපාද වශයෙන් සිත පනවා නු’යි ප්‍රඥප්තිබල යැ, ථිනමිද්ධය දුරු කරනුයේ ආලෝකසංඥාවශයෙන් සිත පනවා නු’යි ප්‍රඥප්තිබල යැ ... හැම කෙලෙසුන් දුරු කරනුයේ අර්‍හන්මාර්‍ගවශයෙන් සිත පනවා නු’යි ප්‍රඥප්තිබල යැ, මේ ප්‍රඥප්තිබල යි.
නිදිධ්‍යාසනබල කවරෙ යත්: කාමච්ඡන්‍දය දුරු කරනුයේ නෛෂ්ක්‍රම්‍ය වශයෙන් සිත නිදිධ්‍යාසන (ශ්‍රැතාර්‍ත්‍ථවීමර්‍ශනය) කරවා නු’යි නිදිධ්‍යාසනබල යැ, ව්‍යාපාදය දුරු කරනුයේ අව්‍යාපාද වශයෙන් සිත නිදිධ්‍යාසන කරවා නු’යි නිදිධ්‍යාසනබල යැ, ථිනමිද්ධය දුරු කරනුයේ ආලෝකසංඥාවශයෙන් සිත නිදිධ්‍යාසන කරවා නු’යි නිදිධ්‍යාසනබල යැ ... හැම කෙලෙසුන් දුරු කරනුයේ අර්‍හන්මාර්‍ගවශයෙන් සිත නිදිධ්‍යාසන කරවා නු’යි නිදිධ්‍යාසනබල යැ. මේ නිදිධ්‍යාසනබල යි.
ඓශ්වර්‍ය්‍යබල කවරෙ යත්: කාමච්ඡන්‍දය දුරු කරනුයේ නෛෂ්ක්‍රම්‍යවශයෙන් සිත වශයෙහි පවත්වා නු’යි ඓශ්වර්‍ය්‍යබල යැ, ව්‍යාපාදය දුරු කරනුයේ අව්‍යාපාදවශයෙන් සිත වශයෙහි පවත්වා නු’යි ඓශ්වර්‍ය්‍යබල යැ, ථිනමිද්ධය දුරු කරනුයේ ආලෝකසංඥාවශයෙන් සිත වශයෙහි පවත්වා නු’යි ඓශ්වර්‍ය්‍යබල යැ ... හැම කෙලෙසුන් දුරු කරනුයේ අර්‍හන්මාර්‍ගයාගේ වශයෙන් සිත වශයෙහි පවත්වා නු’යි ඓශ්වර්‍ය්‍යබල යැ, මේ ඓශ්වර්‍ය්‍යබල යි.
අධිෂ්ඨානබල කවරෙ යත්: කාමච්ඡන්‍දය දුරු කරනුයේ නෛෂ්ක්‍රම්‍යවශයෙන් සිත අධිෂ්ඨාන කෙරේ නු’යි අධිෂ්ඨානබල යැ, ව්‍යාපාදය දුරු කරනුයේ අව්‍යාපාදවශයෙන් සිත අධිෂ්ඨාන කෙරේ නු’යි අධිෂ්ඨානබල යැ, ථිනමිද්ධය දුරු කරනුයේ ආලෝකසංඥාවශයෙන් සිත අධිෂ්ඨාන කොර් නු’යි අධිෂ්ඨානබල යැ ... හැම කෙලෙසුන් දුරු කරනුයේ අර්‍හන්මාර්‍ගවශයෙන් සිත අධිෂ්ඨාන කෙරේ නු’යි අධිෂ්ඨාන බල යැ. මේ අධිෂ්ඨානබල යි.
ශමථබල කවරෙ යත්: නෛෂ්ක්‍රම්‍යයාගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රාතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය ශමථබල යැ, අව්‍යාපාදයාගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය ශමථබල යැ, ආලෝකසංඥාවගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රාතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය ශමථබල යැ ... ‘පටිනිස්සග්ගානුපස්සී’ යැයි කියනලද ආශ්වාසයාගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය ශමථබල යැ, පටිනිස්සග්ගානුපස්සී යැයි කියනලද ප්‍රශ්වාසයාගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය ශමථබල යි.
සමථබලං යනු: කවර අරුතෙකින් ශමථබල නම් වී ද යත්: ප්‍රථමධ්‍යාන හෙයින් නීවරණයෙහි නො සැලේ නු’යි ශමථබල යැ, ද්විතීයධ්‍යාන හෙයින් විතර්‍කවිචාරයෙහි නො සැලේ නු’යි ශමථබල යැ, තෘතීයධ්‍යාන හෙයින් ප්‍රීතියෙහි නො සැලේ නු’යි ශමථබල යැ, චතුර්‍ත්‍ථධ්‍යාන හෙයින් සුඛදුඃඛයෙහි නො සැලේ නු’යි ශමථබල යැ, ආකාසානඤ්චායතනසමාපත්ති හෙයින් රූපසංඥායෙහි ප්‍රතිඝසංඥායෙහි නානාත්‍වසංඥායෙහි නො සැලේ නු’යි ශමථබල යැ, විඤ්ඤාණඤ්චායතනසමාපත්ති හෙයින් ආකාසානඤ්චායතනසංඥායෙහි නො සැලේ නු’යි ශමථබල යැ, ආකිඤ්චඤ්ඤායතනසමාපත්ති හෙයින් විඤ්ඤාණඤ්චායතනසංඥායෙහි නො සැලේ නු’යි ශමථබල යැ, නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්ති හෙයින් ආකිඤ්චඤ්ඤායතනසංඥායෙහි නො සැලේ නු’යි ශමථබල යැ, ඖද්ධත්‍යයෙහි ද ඖද්ධත්‍යසහගතක්ලේශයෙහි ද ස්කන්‍ධයෙහි ද කම්පා නො වෙයි නො සැලෙයි වේධනය නො වේ නු’යි ශමථබල යැ, මේ ශමථබල යි.
විදර්‍ශනාබල කවරෙ යත්, අනිච්චානුපස්සනාව විදර්‍ශනාබල යැ ... පටිනිස්සග්ගානුපස්සනාව විදර්‍ශනාබල යැ ... රූපයෙහි අනිච්චානුපස්සනාව විදර්‍ශනාබල යැ ... රූපයෙහි පටිනිස්සග්ගානුපස්සනාව විදර්‍ශනාබල යැ: වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි ... චක්‍ෂුසෙහි ... ජරාමරණයෙහි අනිච්චානුපස්සනාව විදර්‍ශනාබල යැ, ජරාමරණයෙහි දුක්ඛානුපස්සනාව විදර්‍ශනාබල යැ ... ජරාමරණයෙහි පටිනිස්සග්ගානුපස්සනාව විදර්‍ශනාබල යි.
විපස්සනාබලං යනු: කවර අරුතෙකින් විදර්‍ශනාබල නම් වී ද යත්: අනිච්චානුපස්සනා හෙයින් නිත්‍යසංඥායෙහි නො සැලේ නු’යි විදර්‍ශනාබල යැ, දුක්ඛානුපස්සනා හෙයින් සුඛසංඥායෙහි නො සැලේ නු’යි විදර්‍ශනාබල යැ, අනත්තානුපස්සනා හෙයින් ආත්මසංඥායෙහි නො සැලේ නු’යි විදර්‍ශනාබල යැ, නිබ්බිදානුපස්සනා හෙයින් නන්‍දියෙහි නො සැලේ නු’යි විදර්‍ශනාබල යැ, විරාගානුපස්සනා හෙයින් රූපයෙහි නො සැලේ නු’යි විදර්‍ශනාබල යැ නිරෝධානුපස්සනා හෙයින් සමුදයෙහි නො සැලේ නු’යි විදර්‍ශනාබල යැ, පටිනිස්සග්ගානුපස්සනා හෙයින් ග්‍රහණයෙහි නො සැලේ නු’යි විදර්‍ශනාබල යැ, අවිද්‍යායෙහි ද අවිද්‍යාසහගත ක්ලේශයෙහි ද ස්කන්‍ධයෙහි ද කම්පා නො වෙයි නො සැලෙයි වේධනය නොවේ නු’යි විදර්‍ශනාබල යැ, මේ විදර්‍ශනාබල යි.
දශශෛක්‍ෂබල දශඅශෛක්‍ෂබල කවරහ යත්: සම්‍යග්දෘෂ්ටියෙහි හික්මේ නු’යි ශෛක්‍ෂබල යැ, එහි ශික්‍ෂිත බැවින් අශෛක්‍ෂබල යැ. සම්‍යක්සංකල්පයෙහි හික්මේ නු’යි ශෛක්‍ෂබල යැ, එහි ශික්‍ෂිත බැවින් අශෛක්‍ෂබල යැ. සම්‍යග්වචනයෙහි ... සම්‍යක්කර්‍මාන්තයෙහි ... සම්‍යගාජීවයෙහි ... සම්‍යග්ව්‍යායාමයෙහි ... සම්‍යක්ස්මෘතියෙහි ... සම්‍යක්සමාධියෙහි ... සම්‍යග්ඥානයෙහි ... සම්‍යග්විමුක්තියෙහි හික්මේ නු’යි ශෛක්‍ෂබල යැ, එහි ශික්‍ෂිත බැවින් අශෛක්‍ෂබල යැ මොහු දශශෛක්‍ෂබලයෝ යැ, දශඅශෛක්‍ෂබලයෝ යි.
දශක්‍ෂීණාස්‍රවබල කවරහ යත්: මෙ සස්නෙහි ක්‍ෂීණාස්‍රව මහණහු විසින් අනිත්‍ය හෙයින් හැම සංස්කාරයෝ යථාභූතයෙන් සම්‍යක්ප්‍රඥායෙන් මොනොවට දක්නා ලද වෙති, යම්සෙයෙකින් ක්‍ෂීණාස්‍රව මහණහු විසින් අනිත්‍ය හෙයින් හැම සංස්කාරයෝ යථාභූතයෙන් සම්‍යක්ප්‍රඥායෙන් මොනොවට දක්නා ලද වෙත් ද, යම් බලයක් පිණිස ක්‍ෂීණාස්‍රව මහණ මාගේ ආස්‍රවයෝ ක්‍ෂීණයහ’යි ආස්‍රවක්‍ෂය පිළින කෙරේ ද, මෙ ද ක්‍ෂීණාස්‍රව මහණහට බල වෙයි.