Nettippakaraṇa

The Guide

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 1311 segments

පෙන්වන කොටස් 1001-1100 න් 1311

(9) එහි සංකිලෙසභාගිය ද වාසනාභාගිය ද නිබ්බේධභාගිය ද සූත්‍ර කවරෙ යැ :
“අභිජාතීහු සදෙනෙකි : කෘෂ්ණ වූ කෘෂ්ණාභිජාති (නීචකුල) ඇති පුද්ගලයෙක් ඇත, හේ කෘෂ්ණ වූ අකුශලධර්‍මය රැස්කෙරෙයි, කෘෂ්ණ වූ කෘෂ්ණාභිජාති ඇති පුද්ගලයෙක් ඇත, හේ ශුක්ල වූ කුශලධර්‍මය රැස්කෙරෙයි, කෘෂ්ණ වූ කෘෂ්ණාභිජාති ඇති පුද්ගලයෙක් ඇත, හේ අකෘෂ්ණ අශුක්ල වූ අකණ්හඅසුක්කවිපාක උපදවන අත්‍යන්ත නිෂ්ඨා වූ අර්‍හත්‍ව සංඛ්‍යාත නිවන උපදවයි. ශුක්ල වූ ශුක්ලාභිජාති (උසස්කුල) ඇති පුඟුලෙක් ඇත, හේ අකුශලධර්‍ම රැස්කෙරෙයි, ශුක්ල වූ ශුක්ලාභිජාති ඇති පුඟුලෙක් ඇත, හේ කුශලධර්‍ම රැස්කෙරෙයි, ශුක්ල වූ ශුක්ලාභිජාති ඇති පුඟුලෙක් ඇත, හේ අකෘෂ්ණ අශුක්ල වූ අකෘෂ්ණඅශුක්ල විපාක ඇති අත්‍යන්තනිෂ්ඨා වූ අර්‍හත්‍ව සංඛ්‍යාත නිවන උපදවයි.
ඒ පුඟුලන් සදෙනා කෙරෙහි යම් පුඟුලෙක් කෘෂ්ණ වූ කෘෂ්ණජාති ඇතියේ අකුශල ධර්‍ම රැස්කෙරේ ද, යම් පුඟුලෙක් ශුක්ල වූ ශුක්ලාභිජාති ඇතියේ අකුශලධර්‍ම රැස්කෙරේ ද මේ පුද්ගලයෝ දෙදෙන සංකිලෙසභාගිය වෙති.
එහි යම් පුඟුලෙක් කෘෂ්ණ වූයේ කෘෂ්ණාභිජාති ඇතියේ කුශලධර්‍ම රැස්කෙරේ ද, යම් පුඟුලෙක් ශුක්ල වූ ශුක්ලාභිජාති ඇතියේ කුශලධර්‍ම රැස්කෙරේ ද, මේ පුද්ගලයෝ දෙදෙන වාසනාභාගිය වෙති.
එහි යම් පුඟුලෙක් කෘෂ්ණ වූ කෘෂ්ණාභිජාති ඇතියේ අකෘෂ්ණ අශුක්ල වූ අකෘෂ්ණා ශුක්ල විපාක ඇති අත්‍යන්ත නිෂ්ඨා වූ අර්‍හත්‍ව සංඛ්‍යාත නිවන ආරාධනය කෙරේ ද, යම් පුඟුලෙක් ශුක්ල වූ ශුක්ලාභිජාති ඇතියේ අකෘෂ්ණ අශුක්ල වූ අකෘෂ්ණාශුක්ල විපාක ඇති අත්‍යන්තනිෂ්ඨා වූ අර්‍හත්‍ව සංඛ්‍යාත නිර්‍වාණය අධිගම කෙරේ ද, මේ පුද්ගලයෝ දෙදෙන නිබ්බේධභාගිය වූවාහු” යයි.
මේ සංකිලෙසභාගිය ද වාසනාභාගිය ද නිබ්බේධභාගිය ද සූත්‍ර යැ.
“මහණෙනි, මේ කර්‍මයෝ සතරදෙනෙකි, කවර සතරදෙනෙක යත් : කෘෂ්ණ වූ කෘෂ්ණවිපාක ඇති කර්‍මයෙක් ඇත, ශුක්ල වූ ශුක්ලවිපාක ඇති කර්‍මයෙක් ඇත, කෘෂ්ණ ශුක්ල වූ කෘෂ්ණශුක්ලවිපාක ඇති කර්‍මයෙක් ඇත, අකෘෂ්ණ අශුක්ල වූ අකෘෂ්ණාශුක්ල විපාක ඇති කර්‍මයෙක් ඇත, කර්‍මයන් කෙරෙහි උත්තම වූ කර්‍මශ්‍රේෂ්ඨ වූ ඒ කර්‍මය කර්‍මක්‍ෂය පිණිස පවත්නේ” යි.
එහි කෘෂ්ණ වූ කෘෂ්ණවිපාක ඇති යම් කර්‍මයෙකුත් කෘෂ්ණ ශුක්ල වූ කෘෂ්ණශුක්ල විපාක ඇති යම් කර්‍මයෙකුත් වේ ද, මේ සංකිලේස යැ. එහි ශුක්ල වූ ශුක්ලවිපාක ඇති යම් කර්‍මයෙකුත් වේ ද, මේ වාසනා යැ. අකෘෂ්ණ අශුක්ල වූ අකෘෂ්ණාශුක්ලවිපාක ඇති යම් කර්‍මයෙක් වේ ද, කර්මෝත්තම වූ කර්‍මශ්‍රේෂ්ඨ වූ ඒ කර්‍මය කර්‍මක්‍ෂය පිණිස පවතී. මේ නිබ්බේධ යි.
මේ සංකිලෙසභාගිය ද වාසනාභාගිය ද නිබ්බේධභාගිය ද සූත්‍ර යි.
(10) එහි වාසනාභාගිය ද නිබ්බේධභාගිය ද සූත්‍ර කවරෙ යැ.
1. මනුෂ්‍යභාවය ලැබ කටයුතු දැය ද නො කටයුතු දැය ද යන දෙක කෙරෙති. එහෙත් මොනොවට කටයුතු වූයේ කුසල් හෝ සංයෝජනය ප්‍රහාණය හෝ යි.
‘සුකිච්චං චෙවපුඤ්ඤනි’ යනු වාසනා යැ. ‘සංයෝජනවිප්පහානං’ යනු නිබ්බේධ යි.
2. පින්කම් කොට කළ පින් ඇත්තාහු ස්වර්‍ගයෙන් ස්වර්‍ගයට යෙති සංයෝජනයන්ගේ ප්‍රහාණයෙන් ජරාමරණයෙන් මිදෙත් යයි.
‘පුඤ්ඤානි කරිත්‍වාන සග්ගා සග්ගං වජන්ති කතපුඤ්ඤා’ යනු වාසනායැ. ‘සංයෝජනාප්පහානා ජරාමරණං විමුච්චන්ති’ යනු නිබ්බේධ යි.
මේ වාසනා භාගිය ද නිබ්බේධභාගිය ද සූත්‍ර යැ.
මහණෙනි, මේ ප්‍රධන්වීර්‍ය්‍යයෝ (නොහොත්) උත්තම කර්‍මයෝ දෙදෙනෙක් වෙති, කවර දෙදෙනෙක යත් : යමෙක් ගිහිගෙන් නික්මැ සසුන්හි පැවිදිවූවන් විෂයෙහි සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර පරිත්‍යාග කෙරේ ද, ගිහිගෙන් නික්මැ සසුන්හි පැවිදි වූවන් කෙරෙහි යම් සියලු උපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාක්‍ෂයයෙක් විරාග සංඛ්‍යාත මාර්‍ගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් ඇද්ද, යන මේ දෙක යි.
එහි යමෙක් ගිහිගෙන් නික්මැ සසුන්හි පැවිදි වූවන් විෂයෙහි සිවුරු … පිරිකර පරිත්‍යාග කෙරේ ද, මේ වාසනා යැ. ගිහිගෙන් නික්මැ සසුන්හි පැවිදි වූවන් කෙරෙහි යම් සියලු උපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාක්‍ෂයයෙක් විරාගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් ඇද්ද’
මේ නිබ්බේධ යි.
මේ වාසනාභාගිය ද නිබ්බේධභාගිය ද සූත්‍ර යි.
ඒ සොළොස් වැදෑරුම් සූත්‍රයන් කෙරෙහි තණ්හාසංකිලේසභාගිය සූත්‍රය තෘෂ්ණා පක්‍ෂයෙන් මැ දැක්විය යුතු යැ. කාමතණ්හායෙන් භවතණ්හායෙන් විභවතණ්හායෙන් යන තණ්හා තුනෙනි, නොහොත් උච්ඡේදාදි යම් යම් වස්තුයෙකින් බැසගන්නා ලද ද ඒ ඒ වස්තුයෙන් මැ දැක්විය යුතු යැ. ඒ තෘෂ්ණාවගේ විස්තරය ෂට්ත්‍රිංශත් තෘෂ්ණා ජාලිනියගේ විචරිතයෝ යි.
එහි දිට්ඨිසංකිලේසභාගිය සූත්‍රය දෘෂ්ටිපක්‍ෂයෙන් මැ දැක්විය යුතු යැ. උච්ඡේද ශෘස්වත දෘෂ්ටි දෙකෙහි නොහොත් අමරාවික්ඛේපාදි යම් යම් වස්තුයෙකින් මෙය මැ සැබැවැ අන්‍යය තුච්ඡ යැ යි දෘෂ්ටිවශයෙන් බැසගනී ද, ඒ ඒ වස්තුයෙන් මැ දැක්විය යුතුයැ. ඒ දෘෂ්ටියගේ විස්තරය දෙසැට දෘෂ්ටිගතයෝ යි.
එහි දුශ්චරිත සංකිලෙසභාගිය සූත්‍රය චේතනායෙන් ද චෛතසික කර්‍මයෙන් ද දැක්විය යුතු යැ. කායදුශ්චරිතයෙන් වාග්දුශ්චරිතයෙන් මනෝදුශ්චරිතයෙන් යන තුන් දුශ්චරිතයෙනි. ඒ දුශ්චරිතයාගේ විස්තරය දශඅකුශල කර්‍මපථයෝ යි.
එහි තණ්හාවෝදානභාගිය සූත්‍රය සමථයෙන් දැක්විය යුතු යැ. දිට්ඨිවෝදානභාගිය සූත්‍රය විදර්‍ශනායෙන් දැක්විය යුතු යැ. දුච්චරිතවෝදානභාගිය සූත්‍රය සුචරිතයෙන් දැක්විය යුතු යි.
අකුශලමූලයෝ තිදෙනෙක් වෙති, ඒ කවරහෙයින යත් : සංසාරයාගේ ඉපදීම ඇති හෙයිනි. එසේ උපන් සසරෙහි කායදුශ්චරිත යැ කායසුචරිත යැ වාග්දුශ්චරිත යැ වාග්සුචරිත යැ මනෝදුශ්චරිත යැ මනස්සුචරිත යැ (යන මේ උපදවයි).
මේ කායදුශ්චරිතාදි අනිෂ්ට වූ කර්‍මවිපාකයෙන් (පූර්‍වභවයෙහි දුශ්චරිතසමඞ්ගී බැවින් මේ බාලයෙකැයි දක්වා ලියැහෙන) බාලලක්‍ෂණය උපදී යයි.
මේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
මේ කායසුචරිතාදි ඉෂ්ට වූ කර්‍මවිපාකයෙන් (පූර්‍වභවයෙහි සුචරිත සමඞ්ගී බැවින් මේ පණ්ඩිතයෙකැ යි දක්වා ලියැහෙන) මේ මහාපුරුෂ (පණ්ඩිත) ලක්‍ෂණය උපදී” යයි.
මේ වාසනාභාගිය සූත්‍ර යි.
එහි සංකිලෙසභාගිය සූත්‍රය අනුසයභූමියෙන් පරිසුට්ඨානභූමියෙන් සංයෝජනභූමියෙන් උපාදානභූමියෙන් යන සතර ක්ලේශභූමියෙන් (ක්ලේශ අවස්ථායෙන්) දැක්විය යුතු යැ. අනුශය සහිත අප්‍රහීණ අනුශය ඇතියහුට (ප්‍රත්‍යය සමායෝගය ඇති කල්හි) රාගාදීන්ගේ පරියුට්ඨානය වෙයි. රාගාදීන් පරියුට්ඨිත සිත් ඇතියේ කාමරාගාදි සංයෝජනයෙන් බැඳෙයි, බැඳෙනුයේ උපාදානය කෙරෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ යැ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ හටගනිත්, මෙසේ තෙල සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ. මේ සතර ක්ලේශභූමියෙන් සකල ක්ලේශයෝ සංග්‍රහයට සමෝසරණයට යෙත්.
මේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
වාසනාභාගිය සූත්‍රය ත්‍රිවිධ සුචරිතයෙන් දැක්විය යුතු යැ, නිබ්බේධභාගිය සූත්‍රය චතුස්සත්‍යයෙන් දැක්විය යුතු යැ. අසේඛභාගිය සූත්‍රය බුද්ධධර්‍මයෙන් ප්‍රත්‍යෙක බුද්ධධර්‍මයෙන් ශ්‍රාවකභූමියෙන් යන තුන් ධර්‍මයෙන් දැක්විය යුතු යැ. ධ්‍යායීන් විෂයෙහි දැක්විය යුත්තේ යයි.
(මෙසේ සොළොස් වැදෑරුම් ශාසනපට්ඨානය නානාසූත්‍රයන්ගෙන් උදාහරණ වශයෙන් විභාග කොට යළි අටවිසි අයුරෙකින් ශාසනපට්ඨානය දක්වනුවෝ පට්ඨාන විභාගය ද මුල පදයෙන් සංග්‍රහවන හෙයින් මූලාපදාමර්‍ශ කෙරෙති).
ඒ පට්ඨානවිභාගයෙහි අටළොස් මූලපදයෝ කවරහ : ලෞකිකාර්‍ත්‍ථ ඇති ලෝකිය සූත්‍ර යැ ලෝකෝත්තරාර්‍ත්‍ථ ඇති ලෝකුත්තර සූත්‍ර යැ පෙදෙසක ලෞකික ද පෙදෙසක ලෝකෝත්තර අර්‍ත්‍ථ ද වදාළ ලෝකිය ද ලෝකුත්තර ද සූත්‍ර යැ. සත්ත්‍ව ප්‍රඥප්ති විසින් වදාළ සත්තාධිට්ඨාන සූත්‍ර යැ ධර්‍ම වශයෙන් ම වදාළ ධම්මාධිට්ඨාන සූත්‍රය යැ උභයවශයෙන් වදාළ සත්තාධිට්ඨාන ද ධම්මාධිට්ඨාන ද සූත්‍ර යැ. (මෙපරිද්දෙන්) ඤාණ සූත්‍ර යැ ඤෙය්‍ය සූත්‍ර යැ. ඤාණ ද ඤෙය්‍ය ද සූත්‍ර යැ. දස්සන සූත්‍ර යැ භාවනා සූත්‍ර යැ දස්සන භාවනා සූත්‍ර යැ, සකවචන යැ, පරවචන යැ, සකවචන පරවචන යැ, විස්සජ්ජනීය යැ අවිස්සජ්ජනීය යැ විස්සජ්ජනීය ද අවිස්සජ්ජනීය ද සූත්‍ර යැ, කම්ම යැ විපාක යැ කම්ම ද විපාක ද සූත්‍ර යැ, කුසල යැ අකුසල යැ කුසල අකුසල සූත්‍ර යැ, අනුඤ්ඤාත සූත්‍ර යැ පටික්ඛිත්ත සූත්‍ර යැ අනුඤ්ඤාත පටික්ඛිත්ත සූත්‍ර යැ. (යළි බුද්ධාදීන්ගේ ගුණස්තව වශයෙන් වදාළ) ථව සූත්‍ර දැයි අටවිසි සූත්‍ර කෙනෙක් වෙත්.
(1) ඒ අටවිසි සූත්‍රයන් කෙරෙහි ලෝකිය සූත්‍ර කවරෙ යැ :
1. කරනලද පාපකර්‍මය එකෙණෙහි (දෙනගෙන් දොවනලද ධාරොෂ්ණ) ක්‍ෂීරය දිහිබවට නොයන්නාක් මෙන් නො මැ විපාක දෙයි, හළුයෙන් වැසුණු සඟලඟරක් සෙයින් පව්කම් කළ බාලයා දවමින් ඔහු ලුහුබැඳ යේ යයි.
මේ ලෝකිය සූත්‍ර යැ.
“මහණෙනි, මේ අගතිගමනයෝ සතර දෙනෙකි’ යි (සියල්ල) ... ඔහුගේ යසස් අවපසැ සඳ සෙයින් පිරිහේ” යයි.
මේ ලෝකිය සූත්‍ර යැ.
“මහණෙනි, මේ ලෝකධර්‍මයෝ අටදෙනෙකි, කවර අටෙක යත් : ලාභය ද අලාභය ද අයශස් ද යශස් ද නින්‍දා ද ප්‍රශංසා ද සුව ද දුක් ද යන මහණෙනි, මේ ලෝකධර්‍මයෝ අටදෙන වෙත්” යයි.
මේ ලෝකිය සූත්‍ර යි.
(2) එහි ලෝකුත්තර සූත්‍ර කවරෙ යැ :
2. යම් මහණක්හුගේ චක්‍ෂුරාදි ඉන්‍ද්‍රියයෝ දක්‍ෂ රියදුරක්හු විසින් මොනොවට දමනය කළ අසුන් මෙන් ශමථයට (දැමුණුබවට) ගියාහු ද, ප්‍රහීණ වූ මානඇති අනාස්‍රව වූ ලාභාලාභාදියෙහි තාදීවූ ඒ ක්‍ෂීණාස්‍රවහට දෙවියෝ ද (මනුෂ්‍යයෝ ද) කැමැති වෙත් යයි.
මේ ලෝකුත්තර සූත්‍ර යැ.
“මහණෙනි, මේ ලෝකෝත්තර ඉන්‍ද්‍රිය පසෙකි, කවර පසෙක යත් : සද්ධින්‍ද්‍රිය විරියින්‍ද්‍රිය සතින්‍ද්‍රිය සමාධින්‍ද්‍රිය පඤ්ඤින්‍ද්‍රිය යන මහණෙනි, මේ ලෝකෝත්තර පඤේචින්ද්‍රියයෝ යි.
මේ ලෝකුත්තර සූත්‍ර යි.
(3) එහි ලෝකිය ද ලෝකුත්තර ද සූත්‍ර කවරෙ යැ.
“ලද්ධාන මානුසත්තං ද්වෙ කිච්චං අකිච්චමෙව ච” යනාදි දෙගය නිදසුනි. මෙහි යම් “සුකිච්චං චෙව පුඤ්ඤානි” යනු ද “පුඤ්ඤානි කරිත්‍වාන සග්ගා සග්ගං වජන්ති කතපුඤ්ඤා” යනු ද මේ ලෝකිය යැ. මෙහි යම් “සංයෝජන විප්පහානං ච” යනු ද “සංයෝජනප්පහානා ජරාමරණා විමුච්චන්ති” යනු ද මේ ලෝකුත්තර යැ.
මේ ලෝකිය ද ලෝකුත්තර ද සූත්‍ර යැ.
“මහණෙනි, විඤ්ඤාණාහාරය ඇතිකල්හි නාමරූපයාගේ අවක්‍රාන්තිය වෙයි, නාමරූපයාගේ අවක්‍රාන්තිය ඇතිකල්හි පුනර්‍භවය වෙයි, පුනර්‍භවය ඇති කල්හි ජාතිය වෙයි. ජාතිය ඇතිකල්හි ජරාමරණ යැ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ වෙත්, මෙසේ තෙල කේවල දුක්ඛක්ඛන්‍ධයාගේ සමුදය වේ. මහණෙනි, මහරුකෙක් යම්සේ ද, ඒ රුකෙහි යටට බස්නා යම් මුල් වේ ද සරසට යන යම් මුල් වේ ද ඒ හැම මුල් උඩට ඕජාව ගෙනයති, මහණෙනි, මෙසේ මැ ඒ මහරුක ඒ ඕජාව ආහාර කොට ඇතියේ එය උපාදාන කොට ඇතියේ බොහෝ දිගුකලක් පවත්නේ යැ. එසෙයින් මැ මහණෙනි, විඤ්ඤාණාහාරය ඇතිකල්හි නාමරූපයාගේ අවක්‍රාන්තිය වෙයි. ... මෙසේ තෙල කේවල දුක්ඛක්ඛන්‍ධයාගේ සමුදය වේ” යයි. මේ ලෝකිය යැ.
“මහණෙනි, ඉදින් විඤ්ඤාණාහාරය නැතිකල්හි නාමරූපයාගේ අවක්‍රාන්තිය නො වෙයි, නාමරූපාවක්‍රාන්තිය නැතිකල්හි පුනර්‍භවය නො වෙයි, පුනර්‍භවය නැති කල්හි ජාතිය නො වෙයි, ජාතිය නැතිකල්හි ජරාමරණ යැ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙති. මෙසේ තෙල කේවල දුක්ඛක්ඛන්‍ධයාගේ නිරෝධය වේ. මහණෙනි, යම්පරිදි මහරුකෙක් වේ ද, එකල පුරුෂයෙක් උදැල්ලක් පැසක් ගෙන එන්නේ යැ, හේ ඒ රුක මුලැ සිඳුනේ යැ, මුලැ සිඳ අවට කණිනේ යැ, අවට කැණැ යටත් පිරිසෙයින් සැවැන්නමුල් පමණ වූ ද උදුරන්නේ යැ, හේ ඒ රුක කුදුමහත් කඩකොට සිඳුනේ යැ, කඩකඩවැ සිඳ පළන්නේ යැ, පළා කැබැලි කැබැලි කරන්නේ යැ, කැබැලි කොට අවුසුළඟෙහි වියළන්නේ යැ, වාතාතපයෙහි වියළා ගින්නෙන් දවන්නේ යැ, ගින්නෙන් දවා හළුකරන්නේ යැ, හළු කොට මහසුළඟෙහි හෝ පිඹැ හරින්නේ යැ, සැඩදිය ඇති නදියක හෝ උල්පවාහරින්නේ යැ.
මහණෙනි, මෙසේ ඒ මහරුක උසුන්මුල් ඇත්තේ තල්වත්තක් මෙන් කරනලද්දේ අනභාවයට ගියේ මතු නූපදනාසැහැවි ඇතිවන්නේ යැ. එසෙයින් මැ මහණෙනි, විඤ්ඤාණාහාරය නැතිකල්හි නාමරූපයාගේ අවක්‍රාන්තිය නො වෙයි, නාමරූපයාගේ අවක්‍රාන්තිය නැතිකල්හි ... මෙසේ තෙල කේවල දුක්ඛක්ඛන්‍ධයාගේ නිරෝධය වේ” යයි. මේ ලෝකුත්තර යැ.
මේ ලෝකිය ද ලෝකුත්තර ද සූත්‍ර යි.
(4) එහි සත්තාධිට්ඨාන කවරෙ යැ :
3. සියලු දසදිගුන් සිතින් විමසාගොස් තමහට වඩා ඉතාප්‍රිය වූවකු කිසිතැනෙක්හි නො මැ දක්නේ යැ, එසෙයින් අන්‍යයනට වෙන වෙන මැ ස්වකීය ආත්මය ප්‍රිය වෙයි එහෙයින් තමහට සුව කැමැත්තේ මෙරමා නො පෙළන්නේ යි.
මේ සත්තාධිට්ඨාන යැ.
4. යම් සත්ත්‍ව කෙනෙක් උපන්හු ද යම් කෙනෙකුන් මතු උපදනාහු ද ඒ සියල්ලෝ දේහය හැරපියා පරලොව යන්නාහ, පණ්ඩිතපුරුෂ ඒ සියලු පරිහානිය (සියලු සත්ත්‍වයන්ගේ විනාශය) මරණසති වශයෙන් දැන කෙලෙස් තවන වැරඇති හේ බඹසර වසන්නේ යි.
මේ සත්තාධිට්ඨාන යැ.
“මහණෙනි, සප්තාඞ්ගයෙකින් සමන්‍වාගත කල්‍යාණමිත්‍රයා වෙන්කරනු ලබන්නහු විසිනුදු බැහැර කරනුලබන්නහු විසිනුදු ගෙලෙහිදු ගෙන නෙරනුලබන්නහු විසිනුදු නො හළයුතු යැ, කවර සතඟින යත් : ප්‍රිය වූයේ ද වෙයි, පාෂාණච්ඡත්‍රයක් මෙන් ගුරු වූයේ ද සම්භාවනා කටයුත්තේ ද වක්තෘ වූයේ ද වචනක්‍ෂම වූයේ ද චතුස්සත්‍යාදි ගම්භීර කථා කරන්නේ ද නො ද අස්ථානයෙහි යොදනුයේ ද වෙයි. මහණෙනි, මේ සතඟින් සමන්‍වාගත ... නො හළයුත්තේ” යි. බුදුහු මේ වදාළ සේක, මේ වදාරා සුගත වූ ශාස්තෲන් වහන්සේ යළි අනෙකුදු තෙල ගාථාධර්‍මය වදාළහ :
5. යමෙක් ප්‍රිය වූයේ වේ ද ගුරු වූයේ ද භාවනීය ද වක්තෘ වේ ද වචනක්‍ෂම වේ ද ගැඹුරු කථා කරන්නේ ද නො ද අස්ථානයෙහි යොදවන්නේ වේ ද, මිත්‍රයන් කැමැතියහු විසින් ඒ කල්‍යාණමිත්‍රයා යාවජ්ජීවයෙන් සේවනය කළයුත්තේ යයි.
මේ සත්තාධිට්ඨාන දේශනා යි.
(5) එහි ධම්මාධිට්ඨාන කවරෙ යත් :
6. ලොවැ යම් කාමසහගත සුඛයෙක් වේ ද, දිව්‍යවිහාර වශයෙන් ලැබියැයුතු යම් රූපසමාපත්තිසුඛයෙක් වේ ද, තෙල සුඛයෝ තෘෂ්ණාක්‍ෂය සංඛ්‍යාත නිවන්සුවයාගේ සොළොස්වන කලාවට නො අගනාහු වෙත් යයි.
මේ ධම්මාධිට්ඨාන යැ.
7. යම් තැනෙක්හි සකලවට්ටදුක්ඛය නිරුද්ධ වේ ද, සම්‍යක්සම්බුද්ධයන් විසින් දෙසනලද ශෝකරහිත වූ විරජ වූ නිර්‍භය වූ ඒ නිවන ඒකාන්තයෙන් අතිශයින් සුව වූයේ යි.
මේ ධම්මාධිට්ඨාන යි.
(6) එහි සත්තාධිට්ඨාන ද ධම්මාධිට්ඨාන ද සූත්‍ර කවරෙ යැ :
8. ‘තෘෂ්ණා සංඛ්‍යාත මව ද අස්මිමාන නමැති පියා ද ශාශ්වත උච්ඡේදදෘෂ්ටි සංඛ්‍යාත ක්‍ෂත්‍රිය රජුන් දෙදෙනා ද නන්‍දිරාග නමැති අයකැමියා සහිත ද්වාදශායතන නමැති රට ද, (රහත්මගනුවණ නමැති අසිපතින්) වනසා’ යන -
මේ ධම්මාධිට්ඨාන යැ.
‘බාහිතපාප වූ ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ නිදුක් වැ නිවන් පුර වදනේ යැ’ යන -
මේ සත්තාධිට්ඨාන යැ.
මේ සත්තාධිට්ඨාන ද ධම්මාධිට්ඨාන ද වූ දේශනා යැ.
“මහණෙනි, මේ ඍද්ධිපාදධර්‍මයෝ සතර දෙනෙකි, කවර සතරදෙනෙක යත් : කත්තුකම්‍යතාඡන්‍දය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක්ප්‍රධානවිර්‍ය්‍යයෙන් සමන්‍වාගත ඍද්ධිපාද යැ විරිය ... චිත්ත ... විමංසා සමාධියෙන් හා සම්‍යක්ප්‍රධානවිර්‍ය්‍යයෙන් සමන්‍වාගත ඍද්ධිපාද යැ යන මොහු යි.
මේ ධම්මාධිට්ඨාන යැ.
“හේ කරජකයෙහිදු පාදකධ්‍යානචිත්තය බහාලයි, පාදකධ්‍යානචිත්තයෙහිදු කරජකය බහාලයි, කයෙහි සුඛසංඥාව ද ලඝුසංඥාව ද එළවා ඊට පැමිණ වාස කෙරෙයි” යන -
මේ සත්තාධිට්ඨාන යැ.
මේ සත්තාධිට්ඨාන ද ධම්මාධිට්ඨාන ද දේශනා යි.
(7) එහි ඤාණ කවරෙ යැ :
9. ලෝකය තරණය කොට සිටි යම් ඥානයෙක් වේ ද, යම් ඥානයක් හේතු කොටගෙන සර්‍වඥයයි කියනු ලැබේ ද, ඒ ඥානයාගේ පිරිහීමෙක් නැත, (ආවජ්ජනාපටිබද්ධ හෙයින්) සියලු කල්හි පවතී’ යයි.
මේ ඤාණ යැ.
10. නිවනට පමුණුවන යම් ප්‍රඥාවක් ඇද්ද යම් විදර්‍ශනා සහිත මාර්‍ගඥානයෙකින් ජාතිමරණක්‍ෂය සංඛ්‍යාත නිවන හා අර්‍හත්‍වය මැනැවින් දැනගනී ද ලොවැ ඒ ප්‍රඥාව මැ ශ්‍රේෂ්ඨ වන්නීය’ යි.
මේ ඤාණ යැ.
(8) එහි ඤෙය්‍ය කවරෙ යැ :
11. (බුදුහු මෙසේ වදාළහ, ධෝතකය) ස්මෘතිමත් වැ හැසිරෙනුයේ දක්නාලද දුඃඛාදි ධර්‍මයෙහි නොහොත් මෙ අත්බව්හි මැ තමහට ප්‍රත්‍යක්‍ෂ වූ යම් දහමක් දැන ලොවැ විසත්තිකා නම්වූ තෘෂ්ණාව තරණය කරන්නේ නම් ඒ ශාන්තිය (නිවන ද) නිර්‍වාණගාමිනී ප්‍රතිපත් ද තොපට ප්‍රකාශ කරන්නෙමි.
12. (ආයුෂ්මත් ධෝතක මෙසේ කී :) මහර්ෂීන් වහන්ස, ස්මෘතිමත් වැ හැසිරෙනුයේ යම් දහමක් දැන ලොවැ විසත්තිකා (තෘෂ්ණා) ව තරණය කරන්නේ නම් මම නුඹ වහන්සේගේ ඒ ධර්‍මදේශනාව ද රුස්මි, උත්තම වූ ඒ ශාන්තිය ද රුස්මි.
13. (බුදුහු මෙසේ වදාළහ, ධෝතකය,) (අනාගතකාලාදි) උඩ ද (අතීතකාලාදි) යට ද (වර්‍තමානකාලාදි) මැද සරස ද වූ යම් කිසි ධර්‍මජාතයක් තෙපි දන්නවු නම් තෙල ලොවැ සඞ්ග යැයි දැන කුදුමහත් භවයෙහි තෘෂ්ණා නො කරව’ යි.
මේ ඤෙය්‍ය යැ.
“මහණෙනි, චතුරාර්‍ය්‍යසත්‍යයන්ගේ නො දැනීමෙන් ප්‍රතිවේධ නො කිරීමෙන් මෙසේ මේ දීර්‍ඝකාලය මුළුල්ලෙහි භවයෙන් භවයට යෑමෙන් මාගේ ද තොපගේ ද සන්‍ධාවනය විය. පුනපුනා යෑමෙන් සංසරණය විය. මහණෙනි, ඒ දුඃඛාර්‍ය්‍යසත්‍යය අවබෝධ කරනලද ප්‍රතිවේධ කරනලද, දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යය අවබෝධ කරණලද ප්‍රතිවේධ කරනලද, දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍යය අවබෝධ කරනලද ප්‍රතිවේධ කරනලද, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය අවබෝධ කරනලද ප්‍රතිවේධ කරනලදි. භවතෘෂ්ණාව මුලුසුන් කරන ලදු, භවරජ්ජුව ක්‍ෂය වූ යැ, දැන් පුනර්‍භවයෙක් නැතැ’ යි බුදුහු මේ වදාළහ. මේ වදාරා යළිදු සුගත වූ ශාස්තෲන් වහන්සේ තෙල ගාථා වදාළසේක :
14. චතුරාර්‍ය්‍යසත්‍යය යථාභූතව නො දැක්ම හේතු කොටගෙන දිගුකලක් මුළුල්ලෙහි ඒ ඒ ජාතීන්හි මැ සංසරණය විය.
15. ඒ තෙල චතුස්සත්‍යයෝ දක්නා ලදහ, භවනායිකාව නසනලද්දීය, දුඃඛයාගේ මූලය උසුන් කරන ලද, දැන් පුනර්‍භවයෙක් නැති’ යි.
මේ ඤෙය්‍ය දේශනා යි.
(9) එහි ඤාණ ද ඤෙය්‍ය ද කවරෙ යැ :
“රූපය අනිත්‍යය යැ වේදනා අනිත්‍ය යැ සංඥා අනිත්‍ය යැ සංස්කාරයෝ අනිත්‍යයහ විඥානය අනිත්‍ය යැ” යන මේ ‘ඤෙය්‍ය’ යි.
“මෙසේ දන්නා මෙසේ දක්නා ආර්‍ය්‍යශ්‍රාවක ‘රූපය අනිත්‍යය’ යි දකී, ‘වේදනා අනිත්‍ය වූ යැ’ යි දකී, සංඥාව ... සංස්කාරයෝ ... ‘විඥානය අනිත්‍ය යැ’ යි දකී” යන මේ ‘ඤාණ’ යැ.
“හේ රූපයෙන් මිදෙයි, වේදනායෙන් මිදෙයි, සංඥායෙන් මිදෙයි, සංස්කාරයන් කෙරෙන් මිදෙයි, විඥානයෙන් මිදෙයි, දුකින් මිදේ යයි කියමි” යන
මේ ‘ඤාණ ද ඤෙය්‍ය’ ද වේ.
“සියලු සංස්කාරයෝ අනිත්‍යයෝ යැ” යන මේ ඤෙය්‍ය යැ.
“යම් කලෙක විදර්‍ශනාප්‍රඥායෙන් දකී ද” යන මේ ඤාණ යැ.
“එකල පඤ්චස්කන්‍ධදුඃඛයෙහි නිර්වේදයට පැමිණෙයි, තෙල විශුද්ධියට මාර්‍ග වේ,” යන මේ ඤාණ ද ඤෙය්‍ය ද වේ.