Mahāniddesa

Great Exposition

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 2295 segments

පෙන්වන කොටස් 401-500 න් 2295

ඒ භූරිප්‍රාඥ වූ ක්‍ෂීණාස්‍රව තෙමෙ චතුර්විධ ක්ලෙශසීමාව ඉක්මවූයේ යැ, බාහිතපාපී හෙයින් බ්‍රාහ්මණ යැ, ඒ ක්‍ෂීණාශ්‍රව හට පරසිත් දන්නා නුවණින් පෙර විසූ කඳපිළිවෙළ දන්නා නුවණින් දැන හෝ මසැසින් හා දිවැසින් දැක හෝ මොනොවට බැස ගන්නා ලද්දක් නැත. තවද හෙතෙම කාමරාගයෙන් රාගවත් නො වෙයි. රූපාරූපරාග සඞ්ඛ්‍යාත විරාගයෙන් රත්ක වූයේ නො වෙයි. ඔහුට මෙලොවැ උතුමැයි දැඩිව ගන්නා ලද කිසිවක් නැත්තේ යි.
සීමාතිගො බ්‍රාහ්මණො තස්ස නත්‍ථි ඤත්‍වා ච දිස්වා ච සමුග්ගහීතං - ‘සීමා’ යනු: සතර සීමාවෙකි: සත්කායදෘෂ්ටි යැ විචිකිත්සා යැ ශීලව්‍රතපරාමර්‍ශ යැ දෘෂ්ට්‍යනුශය යැ විචිකිත්සානුශය යැ ඔවුන් හා (සහජෛකාත්ව විසින්) එක් වැ සිටි කෙලශයෝ යැ යන මේ ප්‍රථම සීමා යැ; ඖදාරික වූ කාමරාගසංයෝජන යැ ප්‍රතිඝසංයොජයන යැ, ඖදාරික වූ කාමරාගානුශය යැ ප්‍රතිඝානුශය යැ, ඔවුන් හා එක් වැ සිටි ක්ලේශයෝ යැ යන මෝ තොමෝ දෙවැනි සීමා යැ; අණුසහගත වූ කාමරාගසංයෝජන යැ ප්‍රතිඝසංයොජයන යැ, අණුසහගත වූ කාමරාගානුශය යැ ප්‍රතිඝානුශය යැ ඔවුන් හා එක් වැ සිටි ක්ලේශයෝ යැ යන මෝ තොමෝ තෙවැනි සීමා යැ, රූපරාග යැ අරූපරාග යැ මාන යැ ඖද්ධත්‍ය යැ අවිජ්ජා යැ, මානානුශය යැ භවරාගානුශය යැ අවිද්‍යානුශය යැ, ඔවුන් හා සහජෛකස්ථ විසින් එක් වැ සිටි ක්ලේශයෝ යැ යන මෝ තොමෝ සතරවැනි සීමා යි. සතර ආර්‍ය්‍යමාර්‍ගයෙන් මේ සතර කෙලෙස් සීමාවන් ඉක්මවූ වෙසෙසින් ඉක්මවූ අත්‍යන්තයෙන් ඉක්මවූ තැන් සිට හෙතෙම ‘සීමාතිග’ යයි කියනු ලැබේ. බ්‍රාග්මණො - සප්තධර්‍ම කෙනකුන් බාහිත වන බැවින් ‘බ්‍රාහ්මණ’ යැ; සත්කායදෘෂ්ටිය බාහිත වෙයි, විචිකිත්සාව - ශීලව්‍රතපරාමර්‍ශය බාහිත වෙයි...තෘෂ්ණාදෘෂ්ටීන් අනිශ්‍රිත වූ අටලෝදහම්හි තාදී වූ හෙතෙම ‘බ්‍රාහ්මණ’ යයි කියනු ලැබේ. තස්ස - රහත් හට ක්ෂීණාශ්‍රවහට; ඤත්‍වා - පරචිත්තඥානයෙන් හෝ දැන පුර්‍වනිවාසානුස්මෘති ඥානයෙන් හෝ දැන; දිස්වා - මසැසින් හෝ දැක, දිවැසින් හෝ දැක; “සීමාතිගො බ්‍රාහ්මණො තස්ස නත්‍ථි ඤත්‍වා ච දිස්වා ච සමුග්ගහීතං” - ඔහුට මේ පරම යැ අග්‍ර යැ ශ්‍රේෂ්ඨ යැ වෙසෙසින් ශ්‍රේෂ්ඨ යැ පාමොක් යැ උතුම් යැ ප්‍රවර යැයි ගන්නා ලද පරාමෘෂ්ට වූ අභිනිවේශය කළ අධ්‍යවසිත වූ අධිමුක්ත වූවක් නැත, අවිද්‍යාමාන යැ නො ලැබෙයි ප්‍රහීණ යැ සමුච්ඡින්න යැ ව්‍යුප්ශාන්ත යැ ප්‍රතිප්‍රශ්‍රබ්ධ යැ අභව්‍යොත්පත්තික යැ ඥානාග්නීන් දග්ධ නුයි ‘සීමාතිගො බ්‍රාහ්මණො තස්ස නත්‍ථි ඤාත්වා ච දිස්වා ච සමුග්ගහීතං’ යනු වේ.
න රාගරාගී න විරාගරත්තො - පස්කම්ගුණයෙහි ඇලුණාහු ගිජු වූවාහු ගෙතුණාහු මුසපත් වූවාහු ඇතුළත් වූවාහු ලැගුණාහු ඇවුරුණාහු ‘රාගරත්ත’ යයි කියනු ලැබෙති; රුවාරූ සමවත්හි ඇලුණාහු...ඇවුරුණාහු ‘විරාගරත්ත’ යයි කියනු ලැබෙත්. ‘න රාගරාගී න විරාගරත්තො’ - යම් තැනෙක සිට කාමරාගය ත් රූපරාගය ත් අරූපරාගය ත් ප්‍රහීණ වූවාහු වෙත් ද, උපුටා හළ මුල් ඇත්තාහු තාලවස්තුවක් මෙන් කරන ලද්දාහු අන්වභාවය කරන ලද්දාහු නැවත නූපදනා ස්වභාව ඇත්තාහු වෙත් ද; මෙතෙකින් ‘න රාගරාගී න විරාගරත්ත’ නම් වේ.
තස්සීධ නත්‍ථි පරමුග්ගහීතං - ‘තස්ස’ - රහත් හට, ක්‍ෂීණාස්‍රව හට; ඔහුට මේ පරම යැ අග්‍ර යැ ශ්‍රේෂ්ඨ යැ විශිෂ්ට යැ පාමොක් යැ උතුම් යැ ප්‍රවර යැයි ගෘහීත වූ පරාමෘෂ්ට වූ අභිනිවිෂ්ට අධ්‍යවසිත වූ අධිමුක්ත වූවක් නැත අවිද්‍යාමාන යැ නො ලැබෙයි ප්‍රහීණ යැ සමුච්ඡින්න යැ ව්‍යුපශාන්ත යැ ප්‍රතිප්‍රශ්‍රබ්ධ යැ අභව්‍යොත්පත්තික යැ ඥානාග්නීන් දග්ධ නුයි -තස්සීධ නත්‍ථි පරමුග්ගහීතං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“සීමාතිගො -පෙ- පරමුග්ගහීතං” යී.
සතරවැනි සුද්ධට්ඨක සූත්‍රනිර්දේශය යි.
පරමට්‌ඨකසූත්‍රනිර්දේශය
ඉක්බිති පරමට්ඨකසූත්‍රනිර්‍දෙශය කියනු ලැබේ.
ලොවැ යම් සත්ත්‍වයෙක් දෙසැට දිටු අතුරෙන් එක්තරා දෘෂ්ටියක් මේ පරම යැයි ගෙන තමන් තමන් ගේ දෘෂ්ටියෙහි ඇතුළත් වැ වසනුයේ යම් හෙයකින් තමා ගේ ශාස්තෘ ආදිය උතුමැයි කියා ද, එයින් අන්‍ය වූ සියල්ල හීන යැයි කියා ද, එහෙයින් හෙතෙම දෘෂ්ටිවිවාදයන් නො ඉක්මැ වූයේ වේ.
පරමන්ති දිට්ඨීසු පරිබ්බසානො - දෘෂ්ටි ගෙන සිටුනා ඇතැම් මහණ බමුණුකෙනෙක් වෙති, ඔවුහු දෙසැට දෘෂ්ටිගතයන් අතුරෙන් එක්තරා දෘෂ්ටියක් මේ පරම යැ අග්‍ර යැ ශ්‍රේෂ්ඨ යැ විශිෂ්ට යැ ප්‍රධාන යැ උත්තම යැ ප්‍රවර යැයි ගෙන දැඩි වැ ගෙන ග්‍රහණය කොට පරාමර්‍ශ කොට අභිනිවේශය කොට තමන් තමන් ගේ දෘෂ්ටියෙහි වෙසෙති වෙසෙසින් වෙසෙති හාත්පසින් වෙසෙත්; යම් සේ ගිහිගේ වැසියෝ තමන් ගේ ගෙවල (නිසැකව) වෙසෙත් ද, ආපත්ති බහුල වූවෝ ඇවැත්හි වෙසෙත් ද, කෙලෙස් බහුලයෝ කෙලෙස්හි පිවිසැ වෙසෙත් ද, එසෙයින් මැ දෘෂ්ටි ගෙන සිටුනා ඇතැම් මහණබමුණු කෙනෙක් ඇත්තාහ; ඔවුහු දෙසැට දෘෂ්ටිගතයන් අතුරෙන් එක්තරා දෘෂ්ටියක් ‘මේ පරම යැ අග්‍ර යැ...ප්‍රවර ය’යි ගෙන... අභිනිවේශය කොට තමන් තමන්‍ ගේ දෘෂ්ටියෙහි වෙසෙති පිවිසැ වෙසෙති සර්‍වාකාරයෙන් වෙසෙත් නුයි ‘පරමන්ති දිට්ඨීසු පරිබ්බසානො’ යනු වේ.
යදුත්තරිං කුරුතෙ ජන්තු ලෝකේ - ‘යද’ යනු යම් හෙයකින්; උත්තරිං කුරුතෙ - අතිරේක කෙරෙයි, අග්‍ර - ශ්‍රේෂ්ඨ - විශිෂ්ට - ප්‍රමුඛ - උත්තම - ප්‍රවර කෙරෙයි: ‘මේ ශාස්තෘ තෙමේ සර්‍වඥ ය’යි අතිරේක කෙරෙයි... ප්‍රවර කෙරෙයි ‘මේ ධර්‍මය ස්වාඛ්‍යාත යැ, මේ ගණ තෙමේ සුප්‍රතිපන්න යැ, මේ දෘෂ්ටි තොමෝ භද්‍ර වූ යැ, මේ ප්‍රතිපදා තොමෝ සුප්‍රඥප්ත යැ, මේ මාර්‍ගය නෛර්‍ය්‍යාණික යැ’යි අතිරේක කෙරෙයි, අග්‍ර...ප්‍රවර කෙරෙයි, නිපදවයි වෙසෙසින් නිපදවයි; ජන්තු - සත්ත්‍ව නර...මනුජ තෙමේ; ලෝකේ - අපායලෝකයෙහි… ආයතනලෝකයෙහි නුයි ‘යදුත්තරිං කුරුතෙ ජන්තු ලෝකේ’ යනු වේ.
හිනාති අඤ්ඤෙ තතො සබ්බමාහ - තමා ගේ ශාස්තෘහු ධර්‍මාඛ්‍යානය ගණයා දෘෂ්ටිය ප්‍රතිපදාව මාර්‍ගය තබා සියලු පරවාදයන් හැරදමයි බැහර කෙරෙයි පරාඞ්මුඛ කෙරෙයි: ‘ඒ ශාස්තෘ සර්‍වඥ නො වෙයි, ධර්‍මය ස්වාඛ්‍යාත නො වෙයි, ගණයා සුප්‍රතිපන්න නො වෙයි, දෘෂ්ටිය භද්‍ර නො වෙයි ප්‍රතිපදාව සුප්‍රඥප්ත නො වෙයි, මාර්‍ගය නෛර්‍ය්‍යාණික නො වෙයි, මෙහි ශුද්ධියක් විශුද්ධියක් පරිශුද්ධියක් හෝ මුක්තියක් විමුක්තියක් පරිමුක්තියක් හෝ නැත; එහි පැවිද්දෙන් ශුද්ධ - විශුද්ධ - පරිශුද්ධ හෝ නො වෙති, මුක්ත - විමුක්ත පරිමුක්ත හෝ නො වෙත්; හීන - නිහීන - ඔමක - ලාමක වූවාහ, හරන ලද්දාහ, අල්ප වූවාහ’යි මෙසේ කියයි, මෙසේ බෙණෙයි, මෙසේ දක්වයි, මෙසේ ව්‍යවහාර කෙරේ නුයි ‘හීනාති අඤ්ඤෙ තතො සබ්බමාහ’ යනු වේ.
තස්මා විවාදානි අවීතිවත්තො - ‘තස්මා’ යනු: එහෙයින් එ කරුණෙන් ඒ හේතුයෙන් ඒ ප්‍රත්‍යයෙන් ඒ නිදානයෙන්; විවාදානි දෘෂ්ටිකලහයන් දෘෂ්ටිභණ්ඩනයන් දෘෂ්ටිවිග්‍රහයන් දෘෂ්ටිවිවාදයන් දෘෂ්ටිමෙධගයන්; අවීතිවත්තො - නො ඉක්මැ වූයේ මොනොවට නො ඉක්මැ වූයේ බැහැර නො කෙළේ නුයි ‘තස්මා විවාදානි අවීතිවත්තො’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“පරමන්ති දිට්ඨීසු -පෙ- අවීතිවත්තො” යී.
මෙසේ දෘෂ්ටිකලහයන් නො ඉක්මැවූයේ රූපාලම්බනයෙහි ද ශබ්දාලම්බනයෙහි ද ශීලව්‍රත දෙක්හි ද ගන්‍ධරසස්ප්‍රෂ්ටව්‍යාලම්බනයෙහි ද උපන් දෘෂ්ටිසඞ්ඛ්‍යාත වූ ආත්මයෙහි උක්තප්‍රකාර වූ යම් අනුසසක් දකී ද, හෙතෙම ස්වකීය දෘෂ්ටියෙහි ඒ අනුසස ම ශ්‍රේෂ්ඨ යයි දැඩිව ගෙන පරශාස්තෘ ආදි අන් සියල්ල නිහීන හෙයින් දක්නේ යි.
යදත්තනි පස්සති ආනිසංසං දිට්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වා - ‘යදත්තිනි - යං අත්තති’. ‘ආත්ම’ යී දෘෂ්ටිගතය කියනු ලැබෙයි. ස්වකීය දෘෂ්ටියෙහි දෙ අනුසසක් දකී: දෘෂ්ටධාර්මික ආනෘශංසය ද සාම්පරායික ආනෘශංසය ද කියායි. දෘෂ්ටියෙහි දෘෂ්ටධාර්මික ආනෘශංසය කවරැ යත්? ශාස්තෘ තෙමේ යම් දෘෂ්ටියක් ඇත්තේ වේ නම්, ශ්‍රාවකයෝ එබඳු දෘෂ්ටි ඇත්තාහු වෙති, ශ්‍රාවකයෝ ඒ දෘෂ්ටිය ඇති ශාස්තෘ හට සත්කාර කෙරෙති ගරු කෙරෙති බුහුමන් කෙරෙති පුදත්. එහෙයින් සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පසබෙහෙත්පිරිකර ද ලබයි, මේ (දෘෂ්ටි පිළිබඳ) ඉහාත්මයෙහි විපාක දෙන අනුසසි. දෘෂ්ටියෙහි සාම්පරායික ආනෘශංසය කවරැ යත්? මේ දෘෂ්ටිය (පරලොව්හි විපාක දෙන) නාගබවට හෝ ගුරුළුබවට හෝ යක්බවට හෝ අසුරබවට හෝ ගඳෙව්බවට හෝ වරම්රජබවට හෝ ශක්‍රබවට හෝ බ්‍රහ්මබවට හෝ දෙවිබවට හෝ පමණ වෙයි, මේ දෘෂ්ටිය ශුද්ධියට විශුද්ධියට පරිශුද්ධියට මුක්තියට විමුක්තියට පරිමුක්තියට ප්‍රමාණ වෙයි, මේ දෘෂ්ටියෙන් සත්ත්‍වයෝ ශුද්ධ - විශුද්ධ - පරිශුද්ධ වෙති, මුක්ත - විමුක්ත - පරිමුක්ත වෙත්. මේ දෘෂ්ටියෙන් ශුද්ධ - විශුද්ධ - පරිශුද්ධ වෙමි, මුක්ත - විමුක්ත - පරිමුක්ත වෙමී අනාගතයෙහි විපාකඵලය පතන්නේ වෙයි, මේ දෘෂ්ටිය පිළිබඳ පරලොව දී ලැබියයුතු අනුසසි. තමා ගේ දෘෂ්ටියෙහි මේ දෙ අනුසස් දකී. චක්‍ෂුර්විඥානයෙන් දුටු රූපායතනවශයෙන් ශුද්ධිය හේතු කොටගෙන ද අනුසස් දෙකක් දකී, ශබ්දායතනශුද්ධියෙන් ද... ශීලශුද්ධියෙන් ද... ව්‍රතශුද්ධියෙන් ද... ගන්‍ධරසඵොට්ඨබ්බායතනසුද්ධියෙන් ද අනුසස් දෙකක් දකී: දෘෂ්ටධාර්මික ආනෘශංසය ද සාම්පරායික ආනෘශංසය ද කියායි. මුතශුද්ධියෙහි දිට්ඨධම්මික (=ඉහාත්මයෙහි) ආනිසංසය කවරැ යත්? ශාස්තෘ තෙමේ යම් දෘෂ්ටියක් ඇත්තේ නම් ශ්‍රාවකයෝ ඒ දෘෂ්ටිය ඇත්තාහු වෙති... මේ යැ මුතශුද්ධියෙහි ඉහාත්ම ආනෘශංසය. මුතශුද්ධියෙහි සාම්පරායික ආනෘශංසය කවරැ යත්? මේ දෘෂ්ටි තොමෝ පරලොවැ නාගභාවයට පමණ යැ... මේ මුතශුද්ධියෙහි සාම්පරායික ආනෘශංසය යි. මුතශුද්ධියෙහි මේ අනුසස් දෙක බලයි දකියි අවලෝකනය කෙරෙයි සිතයි විමසා නුයි ‘යදත්තනි පස්සති ආනිසංසං දිට්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වා’ යනු වේ.
තදෙව සො තත්‍ථ සමුග්ගහාය - ‘තදෙව’ යනු: ඒ දෘෂ්ටිගතය; තත්‍ථ - ස්වකීය දෘෂ්ටියෙහි - කැමැත්තෙහි - රුචියෙහි ස්වකීය ලබ්ධියෙහි; සමුග්ගහාය - මෙය පරම ය අග්‍ර ය ශ්‍රේෂ්ඨ ය විශිෂ්ට ය ප්‍රධාන ය උත්තම ය ප්‍රවර යයි ගෙන දැඩි වැ ගෙන ග්‍රහණය කොට පරාමර්‍ශනය කොට අභිනිවේශ කොට නුයි ‘තදෙව සො තත්‍ථ සමුග්ගහාය’ යනු වේ.
නිහිනතො පස්සති සබ්බමඤ්ඤං - අන්‍ය ශාස්තෘහු ධර්‍මාඛ්‍යානය ගණයා ලබ්ධිය ප්‍රතිපදාව මාර්‍ගය හීනහෙයින් නිහීනහෙයින් පහත් හෙයින් ලාමක හෙයින් ප්‍රත්‍යයහීන හෙයින් අල්ප හෙයින් බලයි දකී අවලොකනය කෙරෙයි සිතයි විමසා නුයි ‘නිහීනතො පස්සති සබ්බමඤ්ඤං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“යදත්තනි පස්සති -පෙ- නිහීනතො පස්සති සබ්බමඤ්ඤං” යී.
මෙසේ දක්නේ තමාගේ යම් ශාස්තෘ ආදියක් ඇසිරු කරන ලදුයේ නම්, එයින් අන්‍ය වූ පරශාස්තෘ ආදිය ලාමක කොට දක්නේය. ඒ දර්‍ශනය ද ස්කන්‍ධාදිය දැනීමෙහි නිපුණ වූවාහු බන්‍ධනයෙකැයි කියති. එහෙයින් ම මහණ තෙමේ රූපාලම්බනය හෝ ශබ්දාලම්බනය හෝ ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යාලම්බනය හෝ ශීලව්‍රතසඞ්ඛ්‍යාත ධර්‍මාලම්බන හෝ ඇසුරු නො කරන්නේ යි.
තං චාපි ගන්‍ථං කුසලා වදන්ති - ‘කුසලා’ යනු: යම් කෙනෙක් රූපාදි පඤ්චස්කන්‍ධයෙහි නිපුණ වූවාහු ද, ධාතු - ආයතන - ප්‍රතීත්‍යසමුත්පාද - සතිපට්ඨාන - සම්‍යක්ප්‍රදහන - ඍද්ධිපාද - ඉන්‍ද්‍රිය - බල - බෝධ්‍යඞ්ග - මාර්‍ග - ඵල - නිර්‍වාණයෙහි නිපුණ වූවාහු ද, ඒ නිපුණයෝ මෙසේ කියති: (එසේ දක්නාවුන්ට) තෙල ග්‍රන්‍ථයෙක, තෙල (නාගදන්තයක මෙන්) යටට එල්බීමෙක, තෙල බන්‍ධයෙක, තෙල (සසරින් නික්මැ යා නො දෙන හෙයින්) පළිබොධයෙකැයි මෙසේ පවසති මෙසේ කියති මෙසේ බෙණෙති මෙසේ දක්වති මෙසේ ව්‍යවහාර කෙරෙත් නුයි ‘තං චාපි ගන්‍ථං කුසලා වදන්ති’ යනු වේ.
යං නිස්සීතො පස්සති හීනමඤ්ඤං - ‘යං නිස්සීතො’ - යම් ශාස්තෘවක්හු ධර්‍මාඛ්‍යානයක් ගණයක් දෘෂ්ටියක් ප්‍රතිපදාවක් මාර්‍ගයක් ඇසුරු කෙළේ මොනොවට ඇසුරු කෙළේ ඇලුණේ එළැඹියේ ඇතුළත් වූයේ බැසගත්තේ වේ ද; පස්සති හීනමඤ්ඤං - අන්‍ය ශාස්තෘහු ධර්‍මාඛ්‍යානය ගණයා දෘෂ්ටිය ප්‍රතිපදාව මාර්‍ගය හීනහෙයින් පහත්හෙයින් ලාමකහෙයින් ප්‍රත්‍යයහීනහෙයින් අල්පහෙයින් බලයි දකී අවලොකනය කෙරෙයි සිතයි පුනපුනා සිතයි පිරික්සා නුයි ‘යං නිස්සීතො පස්සති හීනමඤ්ඤං’ යනු වේ.
තස්මා හි දිට්ඨං ව සුතං මුතං වා සීලබ්බතං භික්ඛු න නිස්සයෙය්‍ය - ‘තස්මා’ - එහෙයින් එකරුණෙන් ඒ හේතුයෙන් ඒ ප්‍රත්‍යයෙන් ඒ නිදානයෙන් රූපායතනය හෝ දෘෂ්ටශුද්ධිය හෝ ශබ්දායතනය හෝ ශ්‍රැතශුද්ධිය හෝ ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යායතනය හෝ මුතශුද්ධිය හෝ ශීලය හෝ ශීලශුද්ධිය හෝ ව්‍රතය හෝ ව්‍රතශුද්ධිය හෝ නො ඇසිරු කරන්නේ ය නො ගන්නේ ය පරාමර්‍ෂණය නො කරන්නේ ය අභිනිවේශය නො කරන්නේ නුයි ‘තස්මා හි දිට්ඨං ව සුතං මුතං වා සීලබ්බතං භික්ඛු න නිස්සයෙය්‍ය’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“තං වාපි ගන්‍ථං කුසලා වදන්ති -පෙ- භික්ඛු න නිස්සයෙය්‍ය” යී.
හුදෙක් ඒ මහණ දෘෂ්ටි-ශ්‍රැතාදිය මතු නො ගන්නේ වෙයි. යළි ලොවැ නූපන් දෘෂ්ටිය ද සමාපත්ත්‍යාදිඥානයෙන් හෝ ශීලව්‍රතයෙන් හෝ නූපන්නේ ය. තවද ජාත්‍යාදිවස්තුයෙන් ‘මම් සදෘශයෙමී’ තමා (මානවශයෙන්) නො සිතන්නේ ය, - හීනයෙමී’ ද නො සිතන්නේ යි.
දිට්ඨිම්පි ලෝකස්මිං න කප්පයෙය්‍ය ඤාණෙන වා සීලවතෙන වාපි - අෂ්ටසමාපත්තිඥානයෙන් හෝ පඤ්චාභිඥාඥානයෙහ් හෝ විපරීතඥානයෙන් හෝ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ ශීලව්‍රතයෙන් හෝ දෘෂ්ටිය නූපදවන්නේ ය මොනොවට නූපදවන්නේ ය මැනවින් නූපදවන්නේ ය. ලෝකස්මිං - අපායලෝකයෙහි... ආයතනලෝකයෙහි නුයි ‘දිට්ඨිම්පි ලෝකස්මිං න කප්පයෙය්‍ය’ යනු වේ.
ඤාණෙන වා සීලවතෙන වාපි සමොති අත්තාන මනූපනෙය්‍ය - ‘මම් සදෘශයෙමී, තමා ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ කුලපුත්‍රභාවයෙන් හෝ වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් හෝ ධනයෙන් හෝ අධ්‍යයනයෙන් හෝ කර්‍මායතනයකින් හෝ ශිල්පායතනයකින් හෝ විද්‍යාවකින් හෝ ශ්‍රැතයෙන් හෝ ප්‍රතිභාණයෙන් හෝ අන්‍යතර අන්‍යතරවස්තුවෙකින් හෝ නො සිතන්නේ නුයි - ‘සමොති අත්තානමනූපනෙය්‍ය’ යනු වේ.
හීනො න මඤ්ඤෙථ විසෙසි වාපි - ‘මම් හීනයෙමී’ තමා ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ... අන්‍යතරාන්‍යතර වස්තුවෙකින් හෝ නො සිතන්නේ ය, ‘මම් ශ්‍රේෂ්ඨ වෙමී’ තමා ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ... අන්‍යතරාන්‍යතර වස්තුවෙකින් හෝ නො සිතන්නේ නුයි - ‘හීනො න මඤ්ඤෙථ විසෙසි වාපි’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“දිට්ඨිම්පි ලෝකස්මිං -පෙ- හීනො න මඤ්ඤෙථ විසෙසි වාපි” යී.
හෙතෙම (පෙර ගන්නා ලද) ආත්මලබ්ධිය ප්‍රහාණය කොට (අනෙකක් චතුරුපාදානයෙන්) නො ගන්නේ (උක්තප්‍රකාර) ඥානයෙහි පවා තෘෂ්ණාදෘෂ්ටිනිඃශ්‍රය නො කෙරෙයි. (තවද) හෙතෙම ඒකාන්තයෙන් දෘෂ්ටිවශයෙන් වෙන් වැ ගිය සත්ත්‍වයන් කෙරෙහි (ඡන්‍දාදිවශයෙන්) නො යන ස්වභාව ඇතියේ වෙයි. හෙතෙම (දෙසැට දිටු අතුරෙන්) කිසි දෘෂ්ටියකට ද නො පැමිණෙන්නේ වේ.
අත්තං පහාය අනුපාදියානො - ‘අත්තං පහාය’ - ආත්මදෘෂ්ටිය ප්‍රහාණය කොට; අත්තං පහාය - ආත්මග්‍රාහය ප්‍රහාණය කොට; අත්තං පහාය - තෘෂ්ණාවශයෙන් දෘෂ්ටිවශයෙන් ගන්නා ලද හාත්පසින් ආමර්‍ශනය කරන ලද අභිනිවේශය කරන ලද ඇතුළු වැ සිටි බැසගන්නා ලද (ආත්මලබ්ධිය) ප්‍රහාණය කොට දුරු කොට බැහැර කොට විගතාන්ත කොට අභාවයට පමුණුවා නුයි - ‘අත්තං පහාය’ යනු වේ. අනුපාදියානො - සතර උපාදානයන්ගෙන් උපාදානය නො කරනුයේ නො ගන්නේ පරාමර්‍ශනය නො කරනුයේ අභිනිවේශය නො කරනුයේ නුයි - ‘අත්තං පහාය අනුපාදියානො’ යනු වේ.
ඤාණෙපි සො නිස්සයං නො කරෝති - අෂ්ටසමාපත්තිඥානයෙහි හෝ පඤ්චාභිඥාඥානයෙහි හෝ මිත්‍ථ්‍යාඥානයෙහි හෝ තෘෂ්ණානිඃශ්‍රය හෝ දෘෂ්ටිනිඃශ්‍රය හෝ නො කෙරෙයි නො දනවයි සඤ්ජනනය නො කෙරෙයි නූපදවයි වෙසෙසින් නූපදවා නුයි - ‘ඤාණෙපි සො නිස්සං නො කරෝති’ යනු වේ.
ස වෙ වියත්තෙසු න වග්ගසාරී - හෙතෙම ඒකාන්තයෙන් ව්‍යස්ත වූ භින්න වූ දෙකට බෙදුණු හටගත් සැක ඇති නානාදෘෂ්ටිකයන් කෙරෙහි නානාඛන්තිකයන් - නානාරුචිකයන් - නානාලබ්ධිකයන් කෙරෙහි නානාදෘෂ්ටිනිඃශ්‍රය ඇසුරු කළවුන් කෙරෙහි ඡන්‍දයෙන් අගතියට යනුවන්, ද්වේෂයෙන් - මෝහයෙන් - භයින් අගතියට යනුවන් කෙරෙහි ඡන්‍දාගතියට - ද්වෙෂාගතියට - මෝහාගතියට - භයාගතියට නො යෙයි, රාගවශයෙන් නො පැමිණෙයි, ද්වෙෂවශයෙන් - මොහවශයෙන් - මානවශයෙන් - දෘෂ්ටිවශයෙන් - ඖද්ධත්‍යවශයෙන් - විචික්ත්සාවශයෙන් - අනුශයවශයෙන් - නො පැමිණෙයි, (ඡන්‍දාදිවශයෙන්) පැමිණෙන ධර්‍මයන් ගෙන් නො යැවෙයි නො පමුණුවනු ලැබෙයි වහනය සංහරණය නො කරනු ලැබේ නුයි - ‘ස වෙ වියත්තෙසු න වග්ගසාරී’ යනු වේ.
දිට්ඨිම්පි සො න පච්චෙති කිඤ්චි - ඔහු විසින් ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයෝ ප්‍රහීණ කරන ලද්දාහුය, මොනොවට සිඳින ලද්දාහුය, සන්හිඳුවන ලද්දාහුය, දුරලන ලද්දාහුය, උපතට නුසුදුසු කරන ලද්දාහුය, නුවණගින්නෙන් දවන ලද්දාහුය; හෙතෙම කිසි දෘෂ්ටිගතයකට නො පැමිණෙයි, පෙරළා නො පැමිණේ නුයි - ‘දිට්ඨිම්පි සො න පච්චෙති කිඤ්චි’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“අත්තං පහාය -පෙ- සො න පච්චෙති කිඤ්චි” යී.
යම් ක්‍ෂීණාස්‍රවයක් හට (පෙර කියන ලද) ඵස්ස-ඵස්සසමුදයාදි භේද වූ උභයාන්තයෙහි ද පුනපුනා භවය පිණිස ද ස්වාත්මභාවයෙහි හෝ පරාත්මභාවයෙහි ද තෘෂ්ණා නැත්තේ ද, ඒ ක්‍ෂීණාස්‍රවහට කිසි තෘෂ්ණාදෘෂ්ටිනිවේසන කෙනෙක් නො වෙති; දෙසැටදිටුදහම්හි නිශ්චය කොට දැඩි ව ගන්නා ලද්දෙක් නැත්තේ යි.
යස්සූභයන්තෙ පණිධීධ නත්‍ථි භවාභවාය ඉධ වා හුරං වා - ‘යස්ස’ යනු: අර්‍හත් වූ ක්‍ෂීණාස්‍රවහට; ‘අන්ත’ නම්: ස්පර්‍ශය එක් අන්තයෙක ස්පර්‍ශසමුදය දෙවැනි අන්ත යයි, අතීතය එක් අන්තයෙක අනාගතය දෙවැනි අන්තය යි, සුඛවේදනාව එක් අන්තයෙක දුඃඛවේදනාව දෙවැනි අන්තය යි, නාමය එක් අන්තයෙක රූපය දෙවැනි අන්තය යි, ෂඩ්ආධ්‍යාත්මිකායතනයෝ එක් අන්තයෙක ෂඩ්වාහ්‍යායතනයෝ දෙවැනි අන්තය යි, සත්කාය එක් අන්තයෙක සත්කායසමුදය දෙවැනි අන්තය යි: ‘පණිධි’ යී රාග සංරාග...අභිධ්‍යා, ලෝභඅකුශලමූල නම් වූ තෘෂ්ණා කියනු ලබයි; භවාභවාය කාමභව - රූපභව - අරූපභවයන් සඳහා, කර්‍මවෘත්තවිපාකවෘත්තයන් සඳහා මතුමත්තෙහි භවය සඳහා පඤ්චගතිය - පුනපුන උත්පත්තිය ප්‍රතිසන්‍ධිය සඳහා නැවත නැවත ආත්මභාවය පහළවීම සඳහා; ඉධ යනු: සිය අත්බැව, හුරං යනු: පරඅත්බැව; ඉධ යනු: ස්වකීය රූපවෙදනාසංඥාසංස්කාරවිඥානය යැ, හුරං යනු: පරකීය රූපවෙදනාසංඥාසංස්කාරවිඥානය යැ, ඉධ යනු: සවැදෑරුම් ආධ්‍යාත්මික ආයතනයෝ යැ, හුරං යනු: සවැදෑරුම් බාහ්‍යායතනයෝ යැ; ඉධ යනු: මිනිස්ලොව යැ, හුරං යනු: දෙව්ලොව යැ, ඉධ යනු: කාමධාතුව යැ, හුරං යනු: රූප-අරූපධාතු යැ; ඉධ යනු: කාම-රූපධාතු යැ, හුරං යනු: අරූපධාතුව යි.
යස්සූභයන්තෙ පණිධීධ නත්‍ථි භවාභවාය ඉධ වා හුරං වා - යම් රහත් මහණක් හට ඵස්සාදි උභයාන්තයෙහි ද, කාමාදි භවය සඳහා ද, ස්ව-පරආත්මභාවාදියෙහි ද, ප්‍රාර්‍ත්‍ථනා තෘෂ්ණා නැද්ද නො වේ ද, අවිද්‍යමාන වේ ද, නො ලැබේ ද, ප්‍රහීණ වූවා සන්හිඳුණී දුරලන ලද්දී උපතට නුසුදුසු වූවා නුවණ ගින්නෙන් නසන ලද්දී නුයි ‘යස්සූභයන්තෙ පණිධීධ නත්‍ථි භවාභවාය ඉධ වා හුරං වා’ යනු වේ.
නිවෙසනා තස්ස න සන්ති කෙචි - ‘නිවෙසනා’ යනු, නිවේසන දෙකෙකි: තෘෂ්ණානිවෙසන ද දෘෂ්ටිනිවෙසන දැයි කියායි. ...තස්ස - රහත් ක්‍ෂීණාස්‍රවහට; නිවෙසනා තස්ස න සන්ති කෙචි’ යනු. ඔහුට කිසි නිවේසන කෙනෙක් නැත, නො වෙති, නො ලැබෙත්; ප්‍රහීණ වූවාහු සිඳුනා ලද්දාහු සන්හිඳුණාහු උපතට නුසුදුසු වූවාහු නුවණගින්නෙන් දවන ලද්දාහු නුයි “නිවෙසනා තස්ස න සන්ති කෙචි” යනු වේ.
ධම්මේසු නිච්ඡෙය්‍ය සමුග්ගහීතං - ‘ධම්මේසු’ යනු: දෙසැට දෘෂ්ටිගතයන් අතුරෙහි; නිච්ඡෙය්‍ය නිශ්චය කොට විනිශ්චය කොට විමසා තුලනය කොට තීරණය කොට විභාවනය කොට විභූත කොට; සමුග්ගහීතං - අවධිවශයෙන් කොටස් වශයෙන් - උත්තමවශයෙන් - කොට්ඨාසවශයෙන් - රාශිවශයෙන් - විශෙෂරාශිවශයෙන් ගැනීම, මේ සැබැව තත්‍ථ්‍ය ය අවිපරිණාම ය විද්‍යමාන ය යථාස්වභාව ය අවිපරීත යයි ගන්නා ලද පරාමර්‍ශ කළ අභිනිවේස කළ ඇතුළත් වූ බැසගන්නා ලද්දක් නැත, නො වෙයි අවිද්‍යමාන වෙයි, නො ලැබෙත්, ප්‍රහීණ ය මුලුසුන් කරන ලද සන්හිඳුවන ලද දුරලන ලද උපතට නුසුදුසු කරන ලද නුවණගින්නෙන් නසන ලද නුයි - ‘ධම්මේසු නිච්ඡෙය්‍ය සමුග්ගහීතං’ යනු වේ.
එයින් වදාළහ, බුදුහු:
“යස්සූභයන්තෙ -පෙ- ධම්මේසු නිච්ඡෙය්‍ය සමුග්ගහීතං” යී.
ඒ රහත් මහණ හට රූපායතන සඞ්ඛ්‍යාත දෘෂ්ටශුද්ධියෙහි හෝ ශ්‍රැතශුද්ධියෙහි හෝ මුතශුද්ධියෙහි හෝ තෘෂ්ණාදෘෂ්ටි විසින් ප්‍රකල්පිත වූ අණුමාත්‍ර වූ ද සංඥාවෙන් උපදවන ලද දෘෂ්ටියෙක් නැත, මේ සත්ත්‍වලෝකයෙහි (තෘෂ්ණාමානදෘෂ්ටි විසින්) දෙසැටදිටු නො ගන්නාවූ ඒ බාහිතපාපී බ්‍රාහ්මණයා රාගාදි කවර ධර්‍මයෙකින් විකල්පනය කරන්නේ ද.
තස්සීධ දිට්ඨෙ ව සුතෙ මුතෙ වා පකප්පිතා නත්‍ථි අණූපි සඤ්ඤා - ‘තස්ස’ යනු: අර්‍හත් ක්‍ෂීණාස්‍රව හට; රූපාලම්බනයෙහි හෝ, දෘෂ්ටශුද්ධියෙහි හෝ ශබ්දාලම්බනයෙහි හෝ ශ්‍රැතශුද්ධියෙහි හෝ, ගන්‍ධරසස්ප්‍රෂ්ටව්‍යාලම්බනයෙහි හෝ මුතශුද්ධියෙහි හෝ, සංඥා පූර්‍වඞ්ගම කොට ඇති සංඥාවිකල්පන ඇති සංඥාවිග්‍රහයෙන් සංඥාවෙන් ඔසවන ලද මොනොවට ඔසවන ලද කල්පිත වූ ප්‍රකල්පිත වූ සකස් කරන ලද මොනොවට සකස් කරන ලද පිහිටුවන ලද දෘෂ්ටියෙක් නැත, නො වෙයි, විද්‍යාමාන නො වෙයි, නො ලැබෙයි, ප්‍රහීණ වූවා සමුච්ඡින්න වූවා සන්හිඳුණා දුරලන ලද්දී අභව්‍යොත්පත්තික වූවා ඥානාග්නීන් දවන ලද්දී නුයි - ‘තස්සීධ දිට්ඨෙ ව සුතෙ මුතෙ වා පකප්පිතා නත්‍ථි අණූපි සඤ්ඤා’ යනු වේ.
තං බ්‍රාහ්මණං දිට්ඨිමනාදියානං - ‘බ්‍රාහ්මණො’ යනු: සප්තධර්‍ම කෙනකුන් බාහිත හෙයින් බ්‍රාහ්මණ යැ...(4. 3. සූත්‍රනිර්දේශය.) තං බ්‍රාහ්මණං දිට්ඨිමනාදියානං - ඒ බාහිතපාපී බ්‍රාහ්මණයා දෘෂ්ටිය ආදානය නො කරනුවහු නො ගන්නහු පරාමර්‍ශනය නො කරනුවහු අභිනිවේශය නො කරනුවහු නුයි ‘තං බ්‍රාහ්මණං දිට්ඨිමනාදියානං’යනු වේ.
කෙනීධ ලෝකස්මිං විකප්පයෙය්‍ය - ‘කප්පා’ යනු: තෘෂ්ණාකල්ප යැ දෘෂ්ටිකල්ප යැයි දෙ කල්ප කෙනෙකි: ... ඔහු විසින් තෘෂ්ණාකල්පය ප්‍රහීණ කරන ලද, දෘෂ්ටිකල්පය දුරලන ලද, තෘෂ්ණාකල්පය ප්‍රහීණ කළ හෙයින් දෘෂ්ටිකල්පය දුරලූ හෙයින් කවර රාගයෙකින් කල්පනය කරන්නේ ද? කවර ද්වෙෂයෙකින් - කවර මොහයෙකින් - කවර මානයෙකින් - කවර දෘෂ්ටියෙකින් - කවර ඖද්ධත්‍යයෙකින් - කවර විචිකිත්සායෙකින් - කවර අනුශයයෙකින් රක්ත යැයි හෝ ද්විෂ්ට යැයි හෝ මූඪ යැයි හෝ විනිබද්ධ යැයි හෝ පරාමෘෂ්ට යැයි හෝ වික්‍ෂේපයට ගියේ යැයි හෝ අනිෂ්ඨාවට ගියේ යැයි හෝ තිරබවට ගියේ යැයි හෝ කල්පනය කරන්නේ නම් ඒ කර්‍මාභිසංස්කාරයෝ ප්‍රහීණයහ, අභිසංස්කාරයන් ප්‍රහීණ කළ වන බැවින් ගතිවශයෙන් තිරිසන් යැයි හෝ තිරිසන්ගත යැයි හෝ ප්‍රේතවිෂය ඇතියෙකැයි හෝ මිනිස් යැයි හෝ දෙවි යැයි හෝ රූපී යැයි හෝ අරූපී යැයි හෝ සංඥී යැයි හෝ අසංඥී යැයි හෝ නෛවසංඥී නාසංඥී යැයි හෝ කුමකින් කල්පනය කරන්නේ ද; යම් කරුණෙකින් කල්පනය - විකල්පනය - කරන්නේ නම් විකල්පනයට පැමිණෙන්නේ නම්, ඒ හේතුව නැත ප්‍රත්‍යය නැත කාරණය නැති; කෙනීධ ලෝකස්මිං - අපායලෝකයෙහි...ආයතනලෝකයෙහි නුයි - ‘කෙනීධ ලෝකස්මිං විකප්පයෙය්‍ය’ යනු වේ.
එයින් වදාළහ, බුහුදු:
“තස්සීධ දිට්ඨෙ ව -පෙ- ලෝකස්මිං විකප්පයෙය්‍ය” යි.
ඒ ක්‍ෂීණාස්‍රවයෝ තෘෂ්ණාදෘෂ්ටිකල්පයන් නො කෙරෙති, පෙරටු කොට නො හැසිරෙත්; ඔවුන් විසින් දෙසැට දිටුදහම්හු ද නො පිළිගන්නා ලද්දාහු වෙති. ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ තෙමෙ ශීලව්‍රතය කරණ කොටගෙන ගෙනයා නො හැක්ක. යම්හෙයකින් තාදී වූ රහත් තෙම නිර්‍වාණපාරයට ගියේ මාර්‍ගයෙන් නැසූ කෙලෙසුන් කරා පෙරළා නො පැමිණේ ද එහෙයිනි.
න කප්පයන්ති න පුරෙක්ඛරොන්ති - ‘කප්පා’ යනු: තෘෂ්ණා කල්පය ද දෘෂ්ටිකල්පය දැයි දෙ කල්ප කෙනෙක් වෙති:
තෘෂ්ණාකල්පය කවරැ යත්? යම් පමණ තෘෂ්ණාකොටසින් හිම් කරන ලද ද මර්‍ය්‍යාදා කරන ලද ද අවධි කරන ලද ද පර්‍ය්‍යන්ත කරන ලද ද අයත් කරන ලද ද මමායන කරන ලද ද: මේ මාගේ යැ, තෙල මාගේ යැ, මෙතෙක් මාගේ යැ, මාගේ රූප-ශබ්ද-ගන්‍ධ-රස-ස්ප්‍රෂ්ටව්‍යයෝ යැ, අතුරුණු බුමුතුරුණු යැ, දැසිදස්හු යැ, එළුතිරෙළු යැ, හූරුකුකුළු යැ, ඇත්අස්ගවවෙළඹු යැ, කෙත්වත් යැ, රන්රුවන් යැ, ගම්නියම්ගම්රජදහන්හු යැ, රට දනව්-කොටුගුල් හා සියලු මැ මහපොළොව තෘෂ්ණාවශයෙන් මමායන කෙරෙයි, යම්තාක් අටෝරාසියක් තෘෂ්ණාවිචරිතය වේ ද, මේ තෘෂ්ණාකල්ප නම් වෙයි.
දෘෂ්ටිකල්පය කවරැ යත්? විංශතිවස්තුකසත්කායදෘෂ්ටි යැ, දශවස්තුකමිත්‍ථ්‍යාදෘෂ්ටි යැ, දශවස්තුකඅන්තග්‍රාහිකාදෘෂ්ටි යැ යන මෙබඳු වූ යම් දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් විලෝමදෘෂ්ටියෙක් දෘෂ්ටිචලනයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් වේ ද, දෘඪග්‍රහණයෙක් මිත්‍ථ්‍යාමාර්‍ගයෙක් මිත්‍ථ්‍යාස්වභාවයෙක් තීර්ත්‍වායතනයෙක් විපර්‍ය්‍යාසග්‍රාහයෙක් විපරීතග්‍රාහයෙක් මිත්‍ථ්‍යාග්‍රාහයෙක් අස්වභාවයෙහි ස්වභාව යැයි ගැනීමෙක් වේ ද, යම් දෙ සැට දෘෂ්ටි කෙනෙක් වෙත් ද මේ දෘෂ්ටිකල්ප නම් වේ. ඒ රහතුන් විසින් තෘෂ්ණාකල්පය පහන ලද, දෘෂ්ටිකල්පය දුරලන ලද, තෘෂ්ණාකල්පය පුහුන් බැවින් දෘෂ්ටිකල්පය දුරැලූ බැවින් ඔවුහු තෘෂ්ණාකල්පය හෝ දෘෂ්ටිකල්පය හෝ කල්පනය නො කෙරෙති නො දනවති නූපදවත් නුයි - ‘න කප්පයන්ති’ යනු වේ.
න පුරෙක්ඛරොන්ති - ‘පුරෙක්ඛාර’ නම්: තෘෂ්ණාපුරස්කාරය ද දෘෂ්ටිපුරස්කාරය දැයි දෙ පුරස්කාර කෙනෙක් වෙති ... ඒ රහතුන් විසින් තෘෂ්ණාපුරස්කාරය පහන ලද, දෘෂ්ටිපුරස්කාරය දුරලන ලද, තෘෂ්ණාපුරස්කාරය පුහුන් බැවින් දෘෂ්ටිපුරස්කාරය දුරැලූ බැවින් තෘෂ්ණාව හෝ දෘෂ්ටිය හෝ පෙරටු කොට නො හැසිරෙති, තෘෂ්ණාව ධ්වජ කොට ඇත්තාහු තෘෂ්ණාව කෙහෙලි කොට ඇත්තාහු තෘෂ්ණාව අධිපති කොට ඇත්තාහු දෘෂ්ටිය ධ්වජ කොට ඇත්තාහු දෘෂ්ටිය කෙහෙලි (=කොඩි) කොට ඇත්තාහු දෘෂ්ටිය අධිපති කොට ඇත්තාහු නො වෙති, තෘෂ්ණාව විසින් හෝ දෘෂ්ටිය විසින් හෝ නො පිරිවරා හැසිරෙත් නුයි ‘න කප්පයන්ති න පුරෙක්ඛරොන්ති’ යනු වේ.
ධම්මාපි තෙසං න පටිච්ඡිතා සෙ - ‘ධම්මා’ යී දෙසැට දෘෂ්ටිගතයෝ කියනු ලැබෙත්. තෙසං ඒ අර්‍හත් ක්‍ෂීණාස්‍රවයන් විසින්; න පටිච්ඡිතා සෙ - ලෝකය ශාශ්වත යැ මේ මැ සැබැවැ අන්‍යය සිස් යැයි නො පිළිගන්නා ලද්දාහු වෙති. ලෝකය අශාශ්වත යැ, ලෝකය අන්තවත් යැ, ලෝකය අනන්තවත් යැ, ආත්ම සඞ්ඛ්‍යාත ජීවයත් ශරීරයත් එය ම යැ, ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැ, සත්ත්‍ව තෙමේ මරණින් මතු විද්‍යමාන වෙයි, සත්ත්‍ව තෙමේ මරණින් මතු අවිද්‍යමාන වෙයි, සත්ත්‍ව තෙමේ මරණින් මතු වන්නේ ත් නො වන්නේ ත් වෙයි, සත්ත්‍ව තෙමේ මරණින් මතු නො මැ වෙයි නො වන්නේ නො වෙයි, මේ මැ සැබැවැ අන්‍යය සිස් යැයි නොපිළිගන්නා ලද්දාහු නුයි - ‘ධම්මාපි තෙසං න පටිච්ඡිතා සෙ’ යනු වේ.
න බ්‍රාහ්මණො සීලවතෙන නෙය්‍යො - ‘න’ යනු ප්‍රතික්‍ෂේප යැ, බ්‍රාහ්මණො - සප්තධර්‍ම කෙනකුන් බාහිත (-ප්‍රහීණ කළ) වන බැවින් බ්‍රාහ්මණ යැ, සත්කායදෘෂ්ටිය බාහිත වෙයි,... (4. 3. නිර්‍දෙශය) න බ්‍රාහ්මණො සීලවතෙන නෙය්‍යො - ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ තෙමේ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ ශීලව්‍රතයෙන් හෝ නො යවනු ලැබෙයි නො පමුණුවනු ලැබෙයි නො අදනු ලැබෙයි නො එළවනු ලැබේ නුයි - ‘න බ්‍රාහ්මණො සීලවතෙන නෙය්‍යො’ යනු වේ.
පාරං ගතො න පච්චෙති තාදී - අමාමහනිවන ‘පාරං’ යයි කියනු ලැබෙයි, සියලු සංස්කාරයෙන් සන්හිඳුණු සියලු උපධි දුරු කළ තෘෂ්ණාක්‍ෂය වූ කෙලෙස්රජස් නැති සියලු දුක් නිරුද්ධ වූ නිර්‍වාණය යි; ඒ ක්‍ෂීණාස්‍රව පාරයට ගියේ පාරයට පැමිණියේ... (1. 6. සූත්‍රනිර්දේශය.) නුයි - ‘පාරං ගතො’ යනු වේ. න පච්චෙති - සෝවාන්මඟින් යම් කෙලෙස් කෙනෙක් ප්‍රහීණ වූවාහු නම් ඒ කෙලෙසුන් කරා නැවත නො එයි පෙරළා නො එයි ආපසු නො පැමිණෙයි, සකෘදාගාමීමඟින් යම් කෙලෙස් කෙනෙක් ප්‍රහීණ වූවාහු නම් ඒ කෙලෙසුන් කරා පෙරළා නො පැමිණෙයි - අනාගාමීමඟින් යම් කෙලෙස් කෙනෙක් ප්‍රහීණ වූවාහු නම් ඒ කෙලෙසුන් කරා පෙරළා නො පැමිණෙයි - රහත් මඟින් යම් කෙලෙස් කෙනෙක් ප්‍රහීණ වූවාහු නම් ඒ කෙලෙසුන් කරා නැවත නො එයි පෙරළා නො පැමිණෙයි ආපසු නො පැමිණේ නුයි - ‘පාරං ගතො න පච්චෙති’ යනු වේ.
තාදී යනු - රහත්හු පස්කරුණෙකින් තාදීහ: ඉටුඅනිටුයෙහි තාදී (-සමානය) හ, කෙලෙසුන් හළහු නුයි තාදීහ, සසර තරණය කළාහු නුයි තාදීහ, රාගාදියෙන් මිදුණාහු නුයි තාදීහ, තන්නිද්දෙසයෙන් (-ඒ ඒ ශීලශ්‍රද්ධාදියෙන් දැක්විය යුත්තාහු නුයි) තාදීහ. කිසෙයින් රහත්හු ඉෂ්ටානිෂ්ටයෙහි තාදී සේක් ද යත්: රහත්හු ලාභයෙහි දු තාදීහ, අලාභයෙහි දු - යශස්හි දු - අයශස්හි දු - ප්‍රශංසායෙහි දු - නින්‍දායෙහි දු - සුඛයෙහි දු - දුඃඛයෙහි දු තාදී සේක. ඉදින් එක් බාහුවක් සිවුදැගඳින් ආලේප කරන්නාහු නම්, අනෙක් බාහුව වෑයකින් සස්නාහු නම් අර ගන්‍ධාලෙපයෙහි ඇලීමෙක් නැත, අර සැසීමෙහි කොපයෙක් නැත; රාගද්වේෂ දුරු කොට සිටිහය, අනුග්‍රහනිග්‍රහ ඉක්මවා සිටියහ, අනුනයප්‍රතිඝ මොනොවට ඉක්මැවූහ. මෙසේ රහත්හු ඉෂ්ටානිෂ්ටයෙහි තාදී සේක. කිසෙයින් රහත්හු කෙලෙස් හළ හෙයින් ‘තාදී’ වූහ යත්: රහත්හු විසින් රාගය ත්‍යක්ත යැ වාන්ත යැ ප්‍රහීණ යැ දුරලන ලද්දේයැ, ද්වේෂය - මෝහය - ක්‍රෝධය - උපනාහය - මකුබව - යුගග්‍රාහය - ඊර්‍ෂ්‍යාව - මාත්සර්‍ය්‍යය - මායාව - ශඨබව - තදබව - සාරම්භය - මානය - අතිමානය - මදය - ප්‍රමාදය - සියලු ක්ලේශයෝ - සියලු දුශ්චරිතයෝ - සියලු දරථයෝ - සියලු පරිදාහයෝ - සියලු සන්තාපයෝ - සියලු අකුශලාභිසංස්කාරයෝ - ත්‍යක්තයහ වාන්තයහ මුක්තයහ ප්‍රහීණයහ දුරලන ලද්දාහ. මෙසෙයින් රහත්හු කෙලෙසුන් හළ හෙයින් ‘තාදී’ නම් වූ සේක. කිසෙයින් රහත්හු සසර තරණය කළහෙයින් ‘තාදී’ වූහ යත්: රහත්හු කාමෞඝය තරණය කළහ, භවෞඝය - දෘෂ්ට්‍යෞඝය - අවිද්‍යා - ඕඝය තරණය කළහ, සියලු සංසාරපථය තරණය කළහ, උත්තරණය - නිස්තරණය කළහ, ඉක්මැවූහ, මැනවින් ඉක්මැවූහ, වෙසෙසින් ඉක්මැවූහ, ඒ රහත්හු වුසූ ආර්‍ය්‍යවාස ඇතියහ, පුරුදු කළ චරණධර්‍ම ඇතියහ...(1. 6. සූත්‍රනිර්දේශය.) මෙසෙයින් රහත්හු තරණය කළහෙයින් රහත් නම් වූ සේක කිසෙයින් රහත්හු මිදුණු හෙයින් ‘තාදී’ වූහ යත්: රහත්හුගේ සිත රාගයෙන් මුක්ත ය විමුක්ත ය සුවිමුක්ත ය, ද්වේෂයෙන් - මෝහයෙන් මුක්ත ය විමුක්ත ය සුවිමුක්ත ය, ක්‍රෝධයෙන් උපනාහයෙන් මක්ඛයෙන් පළාසයෙන් ඊර්‍ෂ්‍යායෙන් මායාවෙන් ශාඨ්‍යයෙන් ස්තම්භයෙන් සාරම්භයෙන් මානයෙන් අතිමානයෙන් ප්‍රමාදයෙන් මදයෙන් සර්‍වදුශ්චරිතයෙන් සර්‍වදරථයෙන් සර්‍වපරිදාහයෙන් සර්‍වසන්තාපයෙන් සර්‍වාකුශලාභිසංස්කාරයන් කෙරෙන් මුක්තය විමුක්තය සුවිමුක්තය. මෙසෙයින් රහත්හු රාගාදියෙන් මිදුණු හෙයින් තාදී නම් වූහ. කිසෙයින් රහත්හු තන්නිර්‍දෙශයෙන් ‘තාදී’ වූහ යත්: ශීලය ඇති කල්හි ‘සිල්වත්හ’ යි ඒ ශීලයෙන් දැක්විය යුතු හෙයින් තාදීහ, ශ්‍රද්ධා ඇති කල්හි ‘සැදැහැවත්හ’ යි එයින් නිදෙසිය යුතු හෙයින් තාදීහ, වීර්‍ය්‍ය ඇති කල්හි ‘වීර්‍ය්‍යවත්හ’යි... ස්මෘතිය ඇති කල්හි ‘ස්මෘතිමත්හ’යි ...සමාධිය ඇති කල්හි ‘සමාහිත’යයි ...ප්‍රඥාව ඇති කල්හි ‘ප්‍රඥාවත්හ’යි ...විද්‍යාව ඇති කල්හි ‘ත්‍රිවිද්‍යා ඇත්තාහ’යි ...අභිඥාව ඇති කල්හි ‘ෂඩභිඥයහ’යි ඒ අභිඥායෙන් දැක්වියයුතු හෙයින් තාදී නම් වූහ. මෙසෙයින් රහත්හු තන්නිර්‍දෙශයෙන් ‘තාදී’ නම් වූවාහු නුයි - ‘පාරං ගතො න පච්චෙති තාදී’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“න කප්පයන්ති -පෙ- න පච්චෙති තාදී” යනු.
පස්වැනි පරමට්ඨකසූත්‍රනිර්‍දෙශය යි.
ජරාසූත්‍රනිර්දේශය
ඉක්බිති ජරාසූත්‍රනිර්‍දෙශය කියනු ලැබේ:
මිනිසුන්ගේ මේ ජීවිතය ඒකාන්තයෙන් අල්ප වෙයි. අවුරුදු සියයකින් මෙපිට (කලලාදි කාලයෙහි දු) මැරෙයි. ඉදින් යමෙක් සියක් වස් ඉක්මවා ජීවත් වේ නම්, එකල හෙතෙම ජරාවෙන් නමුදු මියන්නේ යි.
අප්පං වත ජීවිතං ඉදං - ‘ජීවිතං’ යනු: (අරූපධර්‍මයන්ගේ) ආයුසය සිටීම යපනය යාපනය (=යැපීම) ඉරීයනය පැවැත්ම පාලනය ජීවිතය ජීවිතේන්‍ද්‍රිය යි. තවද, දෙ කරුණෙකින් ජීවිතය අල්ප වෙයි: ස්ථිතික්‍ෂණය මඳ බැවින් හෝ ජීවිතය අල්ප යැ, කෘත්‍යලක්‍ෂණ හෝ සම්පත්තිලක්‍ෂණ රසය මඳ බැවින් හෝ ජීවිතය අල්ප යි. කිසෙයින් ස්ථිතිපරිත්තතායෙන් ජීවිතය අල්ප වෙයි යත්? අතීත චිත්තක්‍ෂණයෙහි ජීවත් විය, ජීවත් නො වෙයි, ජීවත් නො වන්නේ ය; අනාගත චිත්තක්‍ෂණයෙහි ජීවත් වන්නේ යැ, ජීවත් නො වෙයි, ජීවත් නො වී; වර්‍තමාන චිත්තක්‍ෂණයෙහි ජීවත් වෙයි, ජීවත් නො වී, ජීවත් නො වන්නේ යි.
1. (සංස්කාරස්කන්‍ධ සඞ්ඛ්‍යාත) ජීවිතය ද, (රූපස්කන්‍ධ සඞ්ඛ්‍යාත) ආත්මය ද, (වේදනාස්කන්‍ධ සඞ්ඛ්‍යාත) සුවදුක් ද, (ධුවසුඛසුභත්තභාව රහිත හෙයින්) කේවල වූවාහු (විඥානස්කන්‍ධ සඞ්ඛ්‍යාත) එක් සිතක් සමග යෙදුණාහු ඒ (ජීවිතාදීන්ගේ) ක්‍ෂණය අල්ප වශයෙන් පවත්නේ යැ.
2. යම් දෙවි කෙනෙක් කප් සුවාසූදහසක් ආයු ගෙන (නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි) සිටිත් නම්, ඔහු පවා දෙ සිතෙකින් යුක්ත වූවාහු නො මැ ජීවත් වෙති.
3. මෙ ලොවැ මළහුගේ හෝ ජීවත් වන්නහුගේ හෝ යම් ස්කන්‍ධ කෙනෙක් නිරුද්ධ වූවාහු ද, (ච්‍යුතියෙන් උඩ නිරුද්ධ වූ හෝ) ප්‍රවෘත්තියෙහි නිරුද්ධ වූ හෝ ඒ සියලු මැ ස්කන්‍ධයෝ ගියාහු අප්‍රතිසන්‍ධිකයෝ යැයි කියනු ලැබෙත්.
4. යම් ස්කන්‍ධ කෙනෙක් අනන්තර (=අතීත) වැ සිට බිඳී ගියාහු ද, යම් අනාගත ස්කන්‍ධ කෙනෙකුත් බිඳී යන්නාහු ද, ඒ අතුරැ නිරුද්ධ වූ වර්‍තමානස්කන්‍ධයන්ගේ ලක්‍ෂණයෙහි විෂම බවෙක් (=නානාත්‍වයෙක්) නැති.
5. නූපන් අනාගතස්කන්‍ධයෙන් නූපන්නේ යැ, ක්‍ෂණප්‍රත්‍යුත්පන්න වූ වර්‍තමානස්කන්‍ධයෙන් ජීවත් වෙයි, ලෝවැසි තෙම චිත්තයාගේ බිඳීමෙන් මළේ තම, (දත්ත මළේය, තිස්ස මළේය යන) ප්‍රඥප්තිය චිත්තභඞ්ගසඞ්ඛ්‍යාත පරමාර්ත්‍ථය නිඃශ්‍රිත කොට ඇත.
6. ඡන්‍ද විසින් පරිණාමිත වූවාහු නතු වූ පරිදි පවත්නාහු යැ, ෂඩායතනප්‍රත්‍යයෙන් නුසුන් ධාරා (=සන්තති) ඇති වැ පවතිත්.
7. බිඳුණු ස්කන්‍ධයෝ නිධානයට (=රැස්වීමට) නො ගියාහු යැ, අනාගතයෙහි දු ඔවුන්ගේ රැස්වීමෙක් නැති, උපන්නාහු මැ හිදිඅගැ අබඇට සෙයින් ස්ථිතික්‍ෂනයෙහි සිටිත්.
8. ඉපැදැ පවත්නාවූ ඒ ස්කන්‍ධධර්‍මයන්ගේ ද බිඳීම පෙරටු කරන ලද්දේ යැ, නැසෙන පියවි ඇත්තාහු පැරණි ස්කන්‍ධයන් හා අමිශ්‍ර වූවාහු සිටිත්.
9. නොදක්නාහු මැ පැමිණෙති (=උපදිති). නැසීමෙන් මතු නො දක්නා බවට මැ යෙති. අහසැ විදුලි කෙටීමක් මෙන් උපදනාහු ද නැසෙන්නාහු ද වෙත්.
මෙසේ ස්ථිතිපරිත්තතායෙන් ජීවිතය අල්ප වේ.
කිසෙයින් සරසපරිත්තතායෙන් ජීවිතය අල්ප වෙයි යත්? ආශ්වාසය නිසා පවත්නේ යැ ජීවිතය, ප්‍රශ්වාසය නිසා පවත්නේ යැ ජීවිතය, ආශ්වාසප්‍රශ්වාස පිළිබඳ යැ ජීවිතය, පෘථිව්‍යාදි මහාභූතයන් පිළිබඳ යැ ජීවිතය, කවලීකාරාහාරය පිළිබඳ යැ ජීවිතය. උණුසුම (=කර්‍මජතෙජස) පිළිබඳ යැ ජීවිතය, භවාඞ්ගවිඥානය පිළිබඳ යැ ජීවිතය. මේ ආශ්වාසාදීන් ගේ මූලකාරණය (=හේතුව) ද දුබල යැ, මොවුන් ගේ අවිද්‍යාදි පූර්‍වහෙතූහු ද දුබලයෝ යැ, ආරම්මණාදි අසාධාරණප්‍රත්‍යයෝ ද දුබලයෝ යැ, ප්‍රධාන වැ සිට උපදවන ඒ තෘෂ්ණාව ද දුබල යැ, මොවුන්ගේ සමග උපන් රූපාරූපධර්‍මයෝ ද දුබලයෝ යැ, මොවුන් ගේ එක් වැ යෙදුණු අරූපධර්‍මයෝ ද දුබලයෝ යැ, මොවුන්ගේ සහජධර්‍මයෝ ද දුබලයෝ යැ, ච්‍යුතිප්‍රතිසන්‍ධි විසින් යොදවන වෘත්තමූලක වූ ඒ තෘෂ්ණාව ද දුබල යැ, මොවුහු ඔවුනොවුන් නිරතුරු දුබලයෝ යැ. මොහු ඔවුනොවුන් අනවස්ථිතයෝ යැ, මොහු ඔවුනොවුන් පිරිහෙළති, ඔවුනොවුන් රැකීමෙක් නැති, මොහු ඔවුනොවුන් නො ද සිටුවති. මොවුන්ගේ උත්පාදකධර්‍මය ද නැත්.
10. එකෙක් එකක්හුගේ වශයෙන් නො ද පිරිහෙයි. මේ සියලු මැ ස්කන්‍ධයෝ සර්‍වප්‍රකාරයෙන් බිඳීමට යායුත්තාහු යැ. මේ වර්‍තමානස්කන්‍ධයෝ පූර්‍වහෙතුප්‍රත්‍යයන් විසින් උපදවන ලද්දාහු යැ. උත්පාදක වූ ඒ පූර්‍වහෙතුප්‍රත්‍යයෝ පළමු මැ මළාහු යැ. පූර්‍වහෙතුප්‍රත්‍යයෝ ද වර්‍තමාන ප්‍රත්‍යයසමුත්පන්නයෝ ද ඔවුනොවුන් කිසි කලෙක නොදුටුවිරූහ.
මෙසේ සරසපරිත්තතායෙන් ජීවිතය අල්ප වේ.
තවද - චාතුර්මහාරාජික දෙවියන්ගේ ජීවිතය පිණිස මිනිසුන්ගේ ජීවිතය අල්ප යැ, ජීවිතය පරිත්ත යැ, ජීවිතය මඳ යැ, ජීවිතය ක්‍ෂණික යැ, ජීවිතය සැහැල්ලු යැ, ඉත්‍වර යැ, ජීවිතය කල් නොපවත්නේ යැ, ජීවිතය චිරස්ථායී නො වේ. ත්‍රයත්‍රිංශත් දෙවියන්ගේ - යාමදෙවියන්ගේ - තුෂිතදෙවියන්ගේ - නිර්‍මාණරතීදෙවියන්ගේ - පරනිර්‍මමිතවශවර්‍තතී දෙවියන්ගේ - බ්‍රහ්මකායික දෙවියන්ගේ ජීවිතය පිණිස මිනිසුන්ගේ ජීවිතය අල්ප යැ, ජීවිතය පරිත්ත යැ, ජීවිතය මඳ යැ, ජීවිතය ක්‍ෂණික යැ, ජීවිතය ලහුක යැ, ජීවිතය ඉත්‍වර යැ, ජීවිතය අනද්ධනිය යැ, ජීවිතය අචිරස්ථායී වේ. වදාරන ලද මැනු භාග්‍යවත්හු විසින්:
“මහණෙනි, මිනිසුන්ගේ මේ ආයුස අල්ප යැ, පරලොව යා යුත්තේ යැ, නුවණින් දත යුතු යැ, කුසල් කළ යුතු යැ. බඹසර සිරියැ යුතු යැ, උපන්හුගේ නොමැරීමෙක් නැති. මහණෙනි, යමෙක් කලක් ජීවත් වේ නම් හෙතෙම හවුරුදු සියයක් ජීවත් වෙයි. අධික වූයේ නම් ස්වල්පයක් මැයි.
11. මිනිසුන්ගේ ආයුස අල්ප යැ. සාධුපුරුෂ තෙම ඒ මඳ වූ ආයුසයට ලජ්ජා වන්නේ යැ. හිස ගිනි ගත්තකු සෙයින් කුසල්හි හැසිරෙන්නේ යැ. මරහුගේ නො පැමිණීමෙක් නම් නැති.
12. රෑදාවල්හු ඉක්මැ යෙති. ජීවිතේන්‍ද්‍රියය අභාවයට යෙයි. කුඩා නදියක දියත්තක් සෙයින් මිනිසුන්ගේ ආයුස ගෙවේ.
අප්පං වත ජීවිතං ඉදං ඔරං වස්සසතාපි මීයති - කලලකාලයෙහිදු ච්‍යුත වෙයි මැරෙයි අතුරුදහන් වෙයි වැනැසෙයි. අර්බුදකාලයෙහි දු... පෙශීකාලයෙහි දු...ඝනකාලයෙහි දු...ප්‍රශාඛකාලයෙහි දු...උපන්කෙණෙහි දු...තිඹිරිගෙහි දු ච්‍යුත වෙයි මැරෙයි අතුරුදහන් වෙයි වැනසෙයි. අඩමැසි වූයේ ද...එක්මැසි වූයේ ද... දෙමැසි වූයේ ද... තෙමැසි වූයේ ද... සිවුමැසි වූයේ ද... පස්මැසි වූයේ ද... සමැසි වූයේ ද... සත්මැසි වූයේ ද... අටමැසි වූයේ ද... නවමැසි වූයේ ද... දසමැසි වූයේ ද ච්‍යුත වෙයි මැරෙයි අතුරුදහන් වෙයි වැනැසෙයි. එක්හැවිරිදි වූයේ ද... දෙහැවිරිදි වූයේ ද... තුන්හැවිරිදි වූයේ ද... සිවුහැවිරිදි වූයේ ද... පස්හැවිරිදි වූයේ ද... සහැවිරිදි වූයේ ද... සත්හැවිරිදි වූයේ ද... අටහැවිරිදි වූයේ ද... නවහැවිරිදි වූයේ ද... දසහැවිරිදි වූයේ ද... විසිහැවිරිදි... තිස්හැවිරිදි... සතලිස්හැවිරිදි... පනස්හැවිරිදි... සැටහැවිරිදි... සැත්තෑහැවිරිදි... අසූහැවිරිදි... අනූහැවිරිදි වූයේ ද ච්‍යුතවෙයි මැරෙයි අතුරුදහන් වෙයි වැනැසේ නුයි ‘ඔරං වස්සසතාපි මියතී’ යනු වේ.