Pali BJTසුත්තන්තපිටකෙ ඛුද්දකනිකායෙ
Sinhala BJTසූත්‍රාන්තපිටකයෙහි කුදුගත්සඟියෙහි
Pali BJTමහානිද්දෙසපාළි
Sinhala BJTමහානිර්දේශය
Pali BJTනමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස.
Sinhala BJTඒ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා
Pali BJT1.
Sinhala BJT1.
Pali BJTකාමසුත්තනිද්දෙසො
Sinhala BJTකාමසූත්‍රනිර්දේශය
Pali BJT1. 1.
Sinhala BJT1. 1.
Pali BJT“කාමං කාමයමානස්ස තස්ස චෙ තං සමිජ්ඣති, අද්ධා පීතිමනො හොති ලද්ධා මච්චො යදිච්ඡති.”
Sinhala BJT“වස්තුකාමය කැමැති වන සත්ත්වයාහට ඉදින් ඒ කාමය සමෘද්ධ වේ නම්, එකල්හි සත්ත්‍ව තෙමේ කැමැති වස්තුව ලැබ ඒකාන්තයෙන් සතුටු සිත් ඇත්තේ වේ.”
Pali BJTකාමං කාමයමානස්සාති - ‘කාමා’ති උද්දානතො{1} ද්වෙ කාමා: වත්ථුකාමා ච කිලෙසකාමා ච. කතමෙ වත්ථුකාමා? මනාපිකා රූපා මනාපිකා සද්දා මනාපිකා ගන්ධා මනාපිකා රසා මනාපිකා ඵොට්ඨබ්බා, අත්ථරණා පාපුරණා, දාසිදාසා අජෙළකා කුක්කුටසූකරා හත්ථිගවාස්සවළවා, ඛෙත්තං වත්ථු{2} හිරඤ්ඤං සුවණ්ණං ගාමනිගමරාජධානියො රට්ඨං ච ජනපදො ච කොසො ච කොට්ඨාගාරං ච, යං කිඤ්චි රජනීයං වත්ථූ{3} වත්ථුකාමා.
Sinhala BJTකාමං කාමයමානස්ස - ‘කාමා’ යනු විස්තර විසින් වස්තුකාමයෝ යැ, ක්ලේශකාමයෝ යැ යි කාමයෝ දෙදෙනෙක් වෙති. වස්තුකාමයෝ කවරහ?යත්: මන වඩන රූපයෝ යැ, මන වඩන ශබ්දයෝ යැ, මන වඩන ගන්‍ධයෝ යැ, මන වඩන රසයෝ යැ, මන වඩන ස්පර්‍ශයෝ යැ, අතුරුණු යැ, පොරෝන යැ, දැසිදස්හු යැ, එළු බැටෙළු යැ, හූරු කුකුළු යැ, ඇත් අස් ගව වෙළඹහු යැ, කෙත් යැ, වතු යැ, කහවණු යැ, රන් යැ, ගම් නියම්ගම් රජදහන්හු යැ, රට යැ, දනවු යැ, කොෂ යැ, කොටුගෙ යැ, යම් කිසි ඇලුම් කට යුතු වස්තු යැ (යන මොහු) වස්තුකාමයෝ යැ.
Pali BJTඅපි ච, අතීතා කාමා, අනාගතා කාමා, පච්චුප්පන්නා කාමා, අජ්ඣත්තා කාමා, බහිද්ධා කාමා, අජ්ඣත්තබහිද්ධා කාමා, හීනා කාමා, මජ්ඣිමා කාමා, පණීතා කාමා, ආපායිකා කාමා, මානුසිකා කාමා, දිබ්බා කාමා, පච්චුපට්ඨිතා කාමා, නිම්මිතා කාමා, පරනිම්මිතා කාමා, අනිම්මිතා කාමා{4}, පරිග්ගහිතා කාමා, අපරිග්ගහිතා කාමා, මමායිතා කාමා, අමමායිතා කාමා, සබ්බෙ’පි කාමාවචරා ධම්මා, සබ්බෙ’පි රූපාවචරා ධම්මා, සබ්බෙ’පි අරූපාවචරා ධම්මා, තණ්හාවත්ථුකා තණ්හාරම්මණා කමනීයට්ඨෙන{5} රජනීයට්ඨෙන මදනීයට්ඨෙන කාමා. ඉමෙ වුච්චන්ති වත්ථුකාමා.
Sinhala BJTතව ද, අතීතකාමයෝ යැ, අනාගතකාමයෝ යැ, වර්‍තමානකාමයෝ යැ, ආද්ධ්‍යාත්මිකකාමයෝ යැ, බාහිරකාමයෝ යැ, අද්ධ්‍යාත්මබාහ්‍යකාමයෝ යැ, හීනකාමයෝ යැ, මධ්‍යමකාමයෝ යැ, ප්‍රණීතකාමයෝ යැ, සතර අපායයෙහි වූ කාමයෝ යැ, මිනිස්ලොවැ වූ කාමයෝ යැ, දෙව්ලොවැ වූ කාමයෝ යැ, එළඹ සිටි කාමයෝ යැ, (අරමුණු මවා රමණය කරන) නිර්මිතකාමයෝ යැ, පර නිර්මිත කාමයෝ යැ, අනිර්මිත (=පියෙවින් පිළියෙල වූ) කාමයෝ යැ, (මේ මාගේ යැ යි) පිළිගත් කාමයෝ යැ, (එසෙයින්) නො පිළිගත් කාමයෝ යැ, (තෘෂ්ණාවශයෙන්) මේ මාගේ යැ යි ගත් කාමයෝ යැ, (එසේ නො ගත්) අමමායිත කාමයෝ යැ, සියලු මැ කාමාවචරධර්‍මයෝ යැ, සියලු මැ රූපාවචරධර්‍මයෝ යැ, සියලු මැ අරූපාවචරධර්‍මයෝ යැ, තෘෂ්ණාවට කාරණ වූ තෘෂ්ණාවට අරමුණු වූ (ධර්‍මයෝ) ප්‍රාර්‍ත්‍ථනා කළ යුතු අර්‍ත්‍ථයෙන් ඇලීමට යොග්‍යාර්ථයෙන් (කුලමදාදි) මද ඉපදවිය යුතු අර්‍ත්‍ථයෙන් කාමයෝ යි. මොහු වස්තුකාමයෝ යැ යි කියනු ලැබෙත්.
Pali BJTකතමෙ කිලෙසකාමා? ඡන්දො කාමො, රාගො කාමො, ඡන්දරාගො කාමො: සඞ්කප්පො කාමො, රාගො කාමො, සඞ්කප්පරාගො කාමො, යො කාමෙසු කාමච්ඡන්දො, කාමරාගො, කාමනන්දි, කාමතණ්හා, කාමසිනෙහො, කාමපරිළාහො, කාමමුච්ඡා, කාමජ්ඣොසානං, කාමොඝො, කාමයොගො, කාමූපාදානං, කාමච්ඡන්දනීවරණං.
Sinhala BJTක්ලේශකාමයෝ කවරහ? යත්: ඡන්‍දය කාම යැ, රාගය කාම යැ, ඡන්‍දරාගය කාම යැ, සඞ්කල්පය කාම යැ, රාගය කාම යැ, සඞ්කල්පරාගය කාම යැ, පඤ්චකාමගුණයෙහි යම් කාමසඞ්ඛ්‍යාත ඡන්‍දයෙක්, කාමරාගයෙක්, කාමනන්‍දියෙක්, කාමතෘෂ්ණායෙක්, කාමස්නේහයෙක්, කාමපරිදාහයෙක්, කාමමූර්ඡායෙක්, කාමයන්හි ඇතුළු වීමෙක්, කාමසඞ්ඛ්‍යාත ඕඝයෙක්, කාමයෝගයෙක්, කාමොපාදානයෙක්, කාමච්ඡන්‍දනීවරණයෙක් වේ ද -
Pali BJT1. “අද්දසං කාම තෙ මූලං සඞ්කප්පා කාම ජායසි, න තං සඞ්කප්පයිස්සාමි එවං කාම න හෙහිසී{1}”ති.
Sinhala BJT1. කාමය, තා ගේ මුල දිටිමි. කාමය, තෝ සඞ්කල්පය හේතු කොට ගෙන උපදනෙහි. (දැන් මම) තා නො පතමි. කාමය, මෙසෙයින් තෝ නූපදනෙහි යැ යි.
Pali BJTඉමෙ වුච්චන්ති කිලෙසකාමා.
Sinhala BJTමොහු ක්ලේශකාමයෝය යි කියනු ලැබෙත්.
Pali BJTකාමයමානස්සාති{2} - කාමයමානස්ස ඉච්ඡමානස්ස සාදියමානස්ස පත්ථයමානස්ස පිහයමානස්ස{3} අභිජප්පමානස්සාති කාමං කාමයමානස්ස.
Sinhala BJTකාමයමානස්ස - කැමැති වන, ආශංසනය කරන, ආස්වාදනය කරන, ප්‍රාර්‍ත්‍ථනා කරන, ලබනු කැමති වන, තෘෂ්ණායෙන් තෘප්තිය උපදවන ඔහුට නු යි ‘කාමං කාමයමානස්ස’ යනු වේ.
Pali BJTතස්ස චෙ තං සමිජ්ඣතීති - ‘තස්ස චෙ’ති තස්ස ඛත්තියස්ස වා බ්රාහ්මණස්ස වා වෙස්සස්ස වා සුද්දස්ස වා ගහට්ඨස්ස වා පබ්බජිතස්ස වා දෙවස්ස වා මනුස්සස්ස වා, තන්ති වත්ථුකාමා වුච්චන්ති: මනාපිකා රූපා මනාපිකා සද්දා මනාපිකා ගන්ධා මනාපිකා රසා මනාපිකා ඵොට්ඨබ්බා, සමිජ්ඣතීති ඉජ්ඣති සමිජ්ඣති ලභති පටිලභති අධිගච්ඡති වින්දතීති තස්ස චෙ තං සමිජ්ඣති.
Sinhala BJTතස්ස චේතං සමිජ්ඣති- ‘තස්ස චෙ’ යනු: ක්‍ෂත්‍රිය වූ හෝ බ්‍රාහ්මණ වූ හෝ වෛශ්‍ය වූ හෝ ශුද්‍ර වූ හෝ ගිහි වූ හෝ පැවිදි වූ හෝ දෙවි වූ හෝ මිනිස් වූ හෝ ඔහුට යැ. ‘තං’ යි වස්තුකාමයෝ කියනු ලැබෙති. මන වඩන රූපයෝ යැ, ශබ්දයෝ යැ, ගන්‍ධයෝ යැ, රසයෝ යැ, ස්පර්‍ශයෝ යි. සමිජ්ඣති යනු: නිපැදෙයි, මොනවට නිපැදෙයි, ලැබෙයි, පිළිලැබෙයි, පැමිණෙයි, විඳී නු යි ‘තස්ස චෙ තං සමිජ්ඣති’ යනු වේ.
Pali BJTඅද්ධා පීතිමනො හොතීති - අද්ධා ති එකංසවචනං නිස්සංසයවචනං නික්කඞ්ඛාවචනං අද්වෙජ්ඣවචනං අද්වෙළ්හකවචනං නියොගවචනං අපණ්ණකවචනං අවත්ථාපනවචනමෙතං අද්ධා ති. පීති ති යා පඤ්චකාමගුණපටිසංයුත්තා පීති පාමොජ්ජං ආමොදනා පමොදනා හාසො පහාසො විත්ති තුට්ඨි ඔදග්යං අත්තමනතා අභිප්ඵරණතා{4} චිත්තස්ස. මනොති යං චිත්තං මනො මානසං හදයං පණ්ඩරං මනො මනායතනං මනින්ද්රියං විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්ධො තජ්ජා මනොවිඤ්ඤාණධාතු. අයං වුච්චති මනො. අයං මනො ඉමාය පීතියා සහගතො හොති සහජාතො සංසට්ඨො සම්පයුත්තො එකුප්පාදො එකනිරොධො එකවත්ථුකො එකාරම්මණො. පීතිමනො හොතීති පීතිමනො{5} හොති තුට්ඨමනො හට්ඨමනො පහට්ඨමනො අත්තමනො උදග්ගමනො මුදිතමනො පමුදිතමනො හොතීති අද්ධා පීතිමනො හොති.
Sinhala BJTඅද්ධා පීතිමනො හොති- අද්ධා යනු: ඒකාන්තවචන යැ, නිස්සංශය වචන යැ, නිසැකවචන යැ, අද්වෛධවචන යැ, නොදෙහිත් වචන යැ, නියොගවචන යැ, අවිරුද්ධවචන යැ, සනිටුහන් වචනයෙකි. මේ ‘අද්ධා’ යනු වේ. පීති යනු පඤ්චකාමගුණප්‍රතිසංයුක්ත වූ යම් ප්‍රීතියෙක්, ප්‍රාමෝද්‍යයෙක්, ආමොදනයෙක්, ප්‍රමෝදනයෙක්, හර්‍ෂයෙක්, ප්‍රහර්‍ෂයෙක් (=හටුපහටු ආකාරයෙක්), ප්‍රීතිධනයෙක්, සතුටෙක්, ඔද වැඩිබවෙක්, සතුටුසිත් ඇති බවෙක්, චිත්තයාගේ පැතුරුණුබවෙක් වේ ද එය යි. මනෝ යනු: යම් සිතෙක්, මනසෙක්, මානසයෙක්, හෘදයයෙක්, පණ්ඩර වූ භවාඞ්ගසිතෙක්, මනසෙක්, ‘මන’සඞ්ඛ්‍යාත ආයතනයෙක්, මනින්‍ද්‍රියයෙක්, විඥානයෙක්, විඥානස්කන්‍ධයෙක්, තදනුරූප වූ (හෙවත් ඒ ස්පර්‍ශාදිය උපදවන) මනෝවිඥානධාතුයෙක් වේ ද, මෙය ‘මන” යැ යි කියනු ලැබේ. මේ මනස මේ ප්‍රීතිය හා සහගත වූයේ, සමග උපන්නේ, සංසෘෂ්ට වූයේ, සම්ප්‍රයුක්ත වූයේ, එක් වැ උපන්නේ, එක් වැ නිරුද්ධ වනුයේ, (හදවත් විසින්) ඒකවස්තුක වූයේ, එක් අරමුණෙහි වූයේ වේ. පීතිමනො හොති - ප්‍රීති සහිත සිත් ඇතියේ වෙයි. තුටුසිත් ඇතියේ, හටුසිත් ඇතියේ, පහටුසිත් ඇතියේ, අත්තමන වූයේ, ඔද වැඩි සිත් ඇතියේ, මුදිත වූ සිත් ඇතියේ, ප්‍රමුදිත වූ සිත් ඇතියේ වේ නු යි ‘අද්ධා පීතිමනො හොති’ යනු වේ.
Pali BJTලද්ධා මච්චො යදිච්ඡතීති - ලද්ධා ති ලභිත්වා{1} අධිගන්ත්වා වින්දිත්වා පටිලභිත්වා, මච්චොති - සත්තො නරො මානවො පොසො පුග්ගලො ජීවො ජාගූ{2} ජන්තු ඉන්දගූ{3} මනුජො{4}, යදිච්ඡතීති - යං ඉච්ඡති යං සාදියති, යං පත්ථෙති, යං පිහෙති{5}, යං අභිජප්පති රූපං වා සද්දං වා ගන්ධං වා රසං වා ඵොට්ඨබ්බං වාති ‘ලද්ධා මච්චො යදිච්ඡති’. තෙනාහ භගවා:
Sinhala BJTලද්ධා මච්චො යදිච්ඡති - ලද්ධා යනු: ලැබ, පැමිණ, විඳ, ප්‍රතිලාභ කොට; මච්චො යනු: සත්ත්‍ව තෙම, නර තෙම, මානවයා, පුරුෂයා, පුද්ගලයා, ජීවයා, (ච්‍යුතියෙන් ජාතියට යන්නේ නු යි) ජාගු තෙම, ජන්තු තෙම, (ඉන්දසඞ්ඛ්‍යාත කර්‍මයෙන් යේ නු යි) ඉන්දගු තෙම, මනුජ තෙමේ යි. යදිච්ඡති යනු: රූපයක් හෝ ශබ්දයක් හෝ ගන්‍ධයක් හෝ රසයක් හෝ ස්ප්‍රෂ්ටව්‍යයක් හෝ යම් කිසිවක් කැමැති වේ නු යි, යමක් ආස්වාද කෙරේ නු යි, යමක් ප්‍රාර්‍ත්‍ථනා කෙරේ නු යි, යමක් (තෘෂ්ණාවශයෙන්) ලබනු කැමැති වේ නු යි, යමෙක (තෘෂ්ණාවශයෙන්) ගුණ කියා නු යි ‘ලද්ධා මච්චො යදච්ඡති’ යනුවේ. එයින් වදාළහ බුදුහු:
Pali BJT“කාමං කාමයමානස්ස තස්ස චෙ තං සමිජ්ඣති, අද්ධා පීතිමනො හොති ලද්ධා මච්චො යදිච්ඡතී”ති.
Sinhala BJT“කාමං කාමයමානස්ස -පෙ- ලද්ධා මච්චො යදිච්ඡති” යි.
Pali BJT1. 2.
Sinhala BJT1. 2.
Pali BJT“තස්ස චෙ කාමයානස්ස{6} ඡන්දජාතස්ස ජන්තුනො, තෙ කාමා පරිහායන්ති සල්ලවිද්ධො’ව රුප්පති”.
Sinhala BJT“ඒ වස්තුකාමයන් කැමැති වන්නා වූ උපන් තෘෂ්ණා ඇති ඒ පුද්ගලයාගේ ඒ කාමයෝ ඉදින් පිරිහෙත් නම්, එකල්හි හෙතෙම විෂ පෙවූ ශල්‍යයෙකින් (=ඊතලයෙකින්) විදුනා ලද්දකු සෙයින් පෙළනු ලැබේ.”
Pali BJTතස්ස චෙ කාමයානස්සාති - ‘තස්ස චෙ’ති තස්ස ඛත්තියස්ස වා බ්රාහ්මණස්ස වා වෙස්සස්ස වා සුද්දස්ස වා ගහට්ඨස්ස වා පබ්බජිතස්ස වා දෙවස්ස වා මනුස්සස්ස වා, කාමයානස්සාති - කාමෙ ඉච්ඡමානස්ස සාදියමානස්ස පත්ථයමානස්ස පිහයමානස්ස අභිජප්පමානස්ස, අථවා කාමතණ්හාය යායති නීයති වුය්හති සංහරීයති, යථා හත්ථියානෙන වා අස්සයානෙන වා ගොයානෙන වා අජයානෙන වා මෙණ්ඩකයානෙන වා ඔට්ඨයානෙන වා ඛරයානෙන වා යායති නීයති වුය්හති සංහරීයති. එවමෙවං කාමතණ්හාය යායති නීයති වුය්හති සංහරීයතීති තස්ස චෙ කාමයානස්ස.
Sinhala BJTතස්ස චෙ කාමයානස්ස - තස්ස චෙ යනු: ඒ ක්‍ෂත්‍රියයාගේ හෝ බ්‍රාහ්මණයාගේ හෝ වෛශ්‍යයාගේ හෝ ශුද්‍රයාගේ හෝ ගෘහස්ථයාගේ හෝ ප්‍රව්‍රජිතයාගේ හෝ දෙවියාගේ හෝ මිනිසාගේ හෝ යැ. කාමයානස්ස යනු: කාමවස්තූන් කැමැති වන්නහුගේ, ඉවසන්නහු (=ආස්වාදනය කරන්නහු)ගේ, ප්‍රාර්‍ත්‍ථනා කරන්නහුගේ, ලබනු කැමැති වන්නහුගේ, තෘෂ්ණා වශයෙන් ගුණ කියන්නහුගේ; නොහොත් කාමතෘෂ්ණාව විසින් යවනු ලැබෙයි, පමුණුවනු ලැබෙයි, වහනය කරනු ලැබෙයි, ගෙනයනු ලැබෙයි; යම් සේ ඇත්යානයෙකින් හෝ අස්යානයෙකින් හෝ ගවයානයෙකින් හෝ බැටෙළුයානයෙකින් හෝ මැඬයානයෙකින් හෝ ඔටුයානයෙකින් හෝ කොටළුයානයෙකින් හෝ යවනු ලැබේ ද, පමුණුවනු ලැබේ ද, වහනය කරනු ලැබේ ද, ගෙන යනු ලැබේ ද, එසෙයින් ම කාමතෘෂ්ණාව විසින් යවනු ලැබෙයි, පමුණුවනු ලැබෙයි, වහනය කරනු ලැබෙයි, ගෙන යනු ලැබේ නුයි ‘තස්ස චෙ කාමයානස්ස’ යනු වේ.
Pali BJTඡන්දජාතස්ස ජන්තුනොති - ඡන්දො ති යො කාමෙසු කාමච්ඡන්දො කාමරාගො කාමනන්දි කාමතණ්හා කාමසිනෙහො කාමපරිළාහො කාමමුච්ඡා කාමජ්ඣොසානං කාමොඝො කාමයොගො කාමූපාදානං කාමච්ඡන්දනීවරණං, තස්ස සො කාමච්ඡන්දො ජාතො හොති සඤ්ජාතො නිබ්බත්තො අභිනිබ්බත්තො පාතුභූතො. ජන්තුනොති - සත්තස්ස නරස්ස මානවස්ස පොසස්ස පුග්ගලස්ස ජීවස්ස ජාගුස්ස{7} ජන්තුස්ස ඉන්දගුස්ස මනුජස්සාති ‘ඡන්දජාතස්ස ජන්තුනො’.
Sinhala BJTඡන්දජාතස්ස ජන්තුනො - ඡන්‍ද නම්: පස්කම්ගුණයෙහි යම් කාම සඞ්ඛ්‍යාත ඡන්‍දයෙක්, කාමතෘෂ්ණායෙක්, කාමස්නෙහයෙක්, කාමපරිදාහයෙක්, කාමමූර්ච්ඡායෙක්, කාමයන්හි බැසගැනීමෙක්, කාමසංඛ්‍යාත ඕඝයෙක්, කාමයෝගයෙක්, කාමොපාදානයෙක්, කාමච්ඡන්‍දනීවරණයෙක් වේ ද, ඔහුට ඒ කාමච්ඡන්‍දය තෙමේ උපන්නේ, මොනොවට උපන්නේ, නිපන්නේ, වෙසෙසින් නිපන්නේ, පහළ වූයේ වේ. ජන්තුනො යනු: සත්ත්‍වයාගේ නරයාගේ, මානවයාගේ, පුරුෂයාගේ, පුද්ගලයාගේ, ජීවයාගේ, ච්‍යුතියෙන් ජාතියට යන්නහුගේ, ජන්තුහු ගේ, කර්‍මයෙන් යන්නහු ගේ, මිනිසාගේ, නු යි ‘ඡන්දජාතස්ස ජන්තුනො’ යනු වේ.
Pali BJTතෙ කාමා පරිහායන්තීති - තෙ වා කාමා පරිහායන්ති, සො වා කාමෙහි පරිහායති, කථං තෙ කාමා පරිහායන්ති? තස්ස තිට්ඨන්තස්සෙව තෙ භොගෙ රාජානො වා හරන්ති, චොරා වා හරන්ති, අග්ගි වා දහති{8}, උදකං වා වහති, අප්පියා වා දායාදා හරන්ති, නිහිතං{9} වා නාධිගච්ඡති{10}, දුප්පයුත්තා වා කම්මන්තා භිජ්ජන්ති, කුලෙ වා කුලඞ්ගාරො{11} උප්පජ්ජති, යො{12} තෙ භොගෙ විකිරති විධමති විද්ධංසෙති, අනිච්චතා එව අට්ඨමී. එවං තෙ කාමා හායන්ති පරිහායන්ති පරිධංසන්ති{13} පරිපතන්තී{14} අන්තරධායන්ති විප්පලුජ්ජන්ති.
Sinhala BJTතෙ කාමා පරිහායන්ති - වස්තුකාමාදි ඒ කාමයෝ හෝ පිරිහෙති, ඒ පුද්ගල තෙමේ හෝ කාමයන් කෙරෙන් පිරිහේ. කිසෙයින් ඒ කාමයෝ පිරිහෙති? යත්: ඔහු ජීවත් වැ සිටිය දී මැ ඒ (කාමසඞ්ඛ්‍යාත) භෝගයන් රජදරුවෝ හෝ හැරගනිති. සොරු හෝ පැහැරැගනිති. ගින්න හෝ දවයි. (ඕඝ ආදි) උදකය හෝ මුහුදට ගෙන යයි. අමනාප වූ දායාදයෝ (=නොහිමියෝ) හෝ හැරැගනිති. නිධාන කොට තබන ලදුයේ හෝ නො ලැබෙයි. දුෂ්ප්‍රයුක්ත වූ (=වරදවා යොදන ලද කෘෂිවණිගාදි) කර්‍මාන්තයෝ හෝ බිදීයෙති. කුලයෙහි ඒ භෝගයන් විසුරුවන, නසන, විධවංසනය කරන, කුලඅඟුරෙක් (=කුලඝාතකයෙක්) හෝ උපදී. අනිත්‍යතාව මැ අටවැනි කොට ඇත. මෙසේ ඒ කාමයෝ හෙති, පිරිහෙති, හාත්පසින් වැනැසෙති, වැගිරෙති, අතුරුදහන් වෙති, සුණුවිසුණු වැ යෙත්.
Pali BJTකථං සො කාමෙහි පරිහායති? තිට්ඨන්තෙව තෙ භොගෙ{1} සො චවති මරති අන්තරධායති විප්පලුජ්ජති. එවං සො කාමෙහි හායති පරිහායති පරිධංසති පරිපතති{2} අන්තරධායති විප්පලුජ්ජති.
Sinhala BJTකිසෙයින් හෙතෙම කාමයන් කෙරෙන් පිරිහෙයි? යත්: ඒ භෝගයන් තිබියැ දී මැ හෙතෙම ච්‍යුත වෙයි, මැරෙයි, අතුරුදන් වෙයි, වැනැසේ. මෙසෙයින් හෙතෙම කාමයන් කෙරෙන් හෙයි, පිරිහෙයි, හාත්පසින් වැනැසෙයි, ගිලිහෙයි, අතුරුදහන් වෙයි, සුණුවිසුණු වේ.
Pali BJT1. “චොරා හරන්ති රාජානො අග්ගි දහති නස්සති, අථ{3} අන්තෙන ජහති{4} සරීරං සපරිග්ගහං.
Sinhala BJT1. “සොරු ද රජදරුවෝ ද (භෝගයන්) පැහැරගනිති. ගින්න දවයි. උදකාදියෙන් නැසෙයි. යළි (ශේෂ වූ) භෝගයන් සහිත ශරීරය මරණය සමග හැරැපියයි.
Pali BJT2. එතදඤ්ඤාය මෙධාවී භුඤ්ජෙථ ච දදෙථ ච, දත්වා ච භුත්වා ච යථානුභාවං, අනින්දිතො සග්ගමුපෙති ඨානං”ති.
Sinhala BJT2. පණ්ඩිතපුරුෂ තෙමේ තෙල භෝගයන්ගේ විනාශය දැන වළඳනුයේ ද දෙනුයේ ද වෙයි. සම්පත් වූ ලෙසින් දී වළඳා අනින්‍දිත වූයේ දෙව්ලොවට පැමිණේ.”
Pali BJTතෙ කාමා පරිහායන්ති සල්ලවිද්ධොව රුප්පතීති - යථා අයොමයෙන වා සල්ලෙන විද්ධො අට්ඨිමයෙන වා සල්ලෙන දන්තමයෙන වා සල්ලෙන විසාණමයෙන වා සල්ලෙන කට්ඨමයෙන වා සල්ලෙන විද්ධො රුප්පති කුප්පති ඝට්ටීයති පීළීයති ව්යථිතො{5} දොමනස්සිතො{6} හොති, එවමෙව{7} වත්ථුකාමානං විපරිණාමඤ්ඤථාභාවා උප්පජ්ජන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා. සො කාමසල්ලෙන ච සොකසල්ලෙන ච විද්ධො රුප්පති කුප්පති ඝට්ටීයති පීළීයති ව්යථිතො{5} දොමනස්සිතො{6} හොතීති - සල්ලවිද්ධොව රුප්පති.
Sinhala BJTතෙ කාමා පරිහායන්තී සල්ලවිද්ධොව රුප්පති - යම් සේ ලොහොමුවා හීයෙකින් හෝ ඇටමුවා හීයෙකින් හෝ දළමුවා හීයෙකින් හෝ සිඟුමුවා හීයෙකින් හෝ දඬුමුවා හීයෙකින් හෝ විදුනා ලදුයේ විසිරේ ද (=විකාරයට පැමිණේ ද), සැලේ ද (=කිපේ ද), ගැටේ ද, පෙළේ ද, පෙළන ලදුයේ හටගත් දොම්නස් ඇතියේ වේ ද, එසෙයින් ම වස්තුකාමයන්ගේ විපරිණාමයෙන් වූ අන්‍යථාත්‍වයෙන් සෝකපරිදේව දුක්ඛදෝමනස්සුපායාසයෝ උපදිත්. හෙතෙම කාමශල්‍යයෙන් ද ශෝකශල්‍යයෙන් ද විදුනා ලදුයේ විසිරෙයි, සැලෙයි, ගැටෙයි, පෙළෙයි. පෙළන ලදුයේ හටගත් දොම්නස් ඇතියේ වේ නු යි “සල්ලවිද්ධොව රුප්පති” යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“තස්ස චෙ කාමයානස්ස{7} ඡන්දජාතස්ස ජන්තුනො, තෙ කාමා පරිහායන්ති සල්ලවිද්ධොව රුප්පතී”ති.
Sinhala BJT“තස්ස චෙ කාමයානස්ස -පෙ- සල්ලවිද්ධොව රුප්පති” යි.
Pali BJT1. 3.
Sinhala BJT1. 3.
Pali BJT“යො කාමෙ පරිවජ්ජෙති සප්පස්සෙව පදා සිරො, සො’මං විසත්තිකං ලොකෙ{8} සතො සමතිවත්තති”.
Sinhala BJT“යමෙක් වස්තුකාමක්ලේශකාමයන් (එහි ඡන්‍දරාගය විෂ්කම්භණයෙන් හෝ සමුච්ඡේදයෙන් හෝ) තමාගේ පයින් සර්‍පයකුගේ හිස මෙන් දුරු කෙරේ ද, ඒ මහණ ලොව්හි විසත්තිකා සඞ්ඛ්‍යාත වූ මේ තෘෂ්ණාව ස්මෘතිමත් වැ ඉක්මවයි.”
Pali BJTයො කාමෙ පරිවජ්ජෙතීති - යොති යො යාදිසො යථායුත්තො යථාවිහිතො යථාපකාරො යං ඨානං පත්තො යංධම්ම{9} සමන්නාගතො ඛත්තියො වා බ්රාහ්මණො වා වෙස්සො වා සුද්දො වා ගහට්ඨො වා පබ්බජිතො වා දෙවො වා මනුස්සො වා, කාමෙ පරිවජ්ජෙතීති’ - කාමා’ති උද්දානතො{10} ද්වෙ කාමා: වත්ථුකාමා ච කිලෙසකාමා ච -පෙ- ඉමෙ වුච්චන්ති වත්ථුකාමා -පෙ- ඉමෙ වුච්චන්ති කිලෙසකාමා.
Sinhala BJTයො කාමෙ පරිවජ්ජේති - යො - යම් කිසි, යම් බඳු වූ, යමෙකින් යුක්ත වූ, යම්සේ සිටි, යම් ප්‍රකාර වූ, යම් තනතුරකට පැමිණි, යම් ධර්‍මයෙකින් යුක්ත වූ ක්‍ෂත්‍රියයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ වෛශ්‍යයෙක් හෝ ශුද්‍රයෙක් හෝ ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ දෙවියෙක් හෝ මිනිසෙක් හෝ යි. කාමෙ පරිවජ්ජේති- කාමයෝ නම්: විස්තර විසින් කාමයෝ දෙදෙනෙක් වෙති: වස්තුකාමයෝ ද, ක්ලේශකාමයෝ දැ යි... මොහු වස්තු කාමයෝ යැ යි කියනු ලැබෙත්... මොහු ක්ලේශකාමයෝ යැ යි කියනු ලැබෙත්.
Pali BJTකාමෙ පරිවජ්ජෙතීති ද්වීහි කාරණෙහි කාමෙ පරිවජ්ජෙති: වික්ඛම්භණතො වා සමුච්ඡෙදතො වා. කථං වික්ඛම්භණතො කාමෙ පරිවජ්ජෙති? “අට්ඨිකඞ්කලූපමා කාමා අප්පස්සාද{11}ට්ඨෙනා”ති පස්සන්තො වික්ඛම්භණතො කාමෙ පරිවජ්ජෙති. “මංසපෙසූපමා කාමා බහුසාධාරණට්ඨෙනා”ති පස්සන්තො වික්ඛම්භණතො කාමෙ පරිවජ්ජෙති. “තිණුක්කූපමා කාමා අනුදහනට්ඨෙනා”ති පස්සන්තො වික්ඛම්භණතො කාමෙ පරිවජ්ජෙති. ‘අඞ්ගාරකාසූපමා කාමා මහාපරිළාහට්ඨෙනා”ති පස්සන්තො වික්ඛම්භණතො කාමෙ පරිවජ්ජෙති.
Sinhala BJTකාමෙ පරිවජ්ජේති - දෙකරුණෙකින් කාමයන් දුරු කෙරෙයි: විෂ්කම්භණ විසින් හෝ සමුච්ඡේද විසින් හෝ යැ. කෙසේ විෂ්කම්භණ විසින් කාමයන් පරිවර්‍ජන කෙරේ ද ? යත්: ‘අල්පාස්වාද වන බැවින් කාමයෝ ඇටසැකිල්ලක් වැන්නැ’යි නුවණැසින් දක්නේ විෂ්කම්භණ හෙයින් කාමයන් දුරු කෙරෙයි; බහුසාධාරණ වන බැවින් ‘කාමයෝ මාංසපෙශි වැන්නහ’යි නුවණැසින් දක්නේ විෂ්කම්භණ හෙයින් කාමයන් දුරු කෙරෙයි; ‘දහනකෘත්‍යසම්පාදක වන (=හස්තාදිය දවන) බැවින් කාමයෝ තෘණොල්කා (=තණහුලක්) වැන්නහ’යි නුවණින් දක්නේ විෂ්කම්භණ හෙයින් කාමයන් පරිවර්‍ජන කෙරෙයි. ‘මහාපරිදාහකර වන බැවින් කාමයෝ අඞ්ගාරකර්ෂු (=අඟුරුවළ) වැන්නහ’යි නුවණින් දක්නේ විෂ්කම්භණ හෙයින් කාමයන් පරිවර්‍ජන කෙරෙයි.
Pali BJT“සුපිනකූපමා කාමා ඉත්තරපච්චුපට්ඨානට්ඨෙනා”ති පස්සන්තො වික්ඛම්භණතො කාමෙ පරිවජ්ජෙති. “ යාචිතකූපමා කාමා තාවකාලිකට්ඨෙනා” ති පස්සන්තො වික්ඛම්භණතො කාමෙ පරිවජ්ජෙති. “රුක්ඛඵලූපමා කාමා සම්භඤ්ජනපරිභඤ්ජන{1}ට්ඨෙනා”ති පස්සන්තො වික්ඛම්භණතො කාමෙ පරිවජ්ජෙති. “අසිසූනූපමා කාමා අධිකුට්ටන{2}ට්ඨෙනා”ති පස්සන්තො වික්ඛම්භණතො කාමෙ පරිවජ්ජෙති. “සත්තිසූලූපමා{3} කාමා විනිවිජ්ඣනට්ඨෙනා”ති පස්සන්තො වික්ඛම්භණතො කාමො පරිවජ්ජෙති. “සප්පසිරූපමා කාමා සප්පටිභයට්ඨෙනා”ති පස්සන්තො වික්ඛම්භණතො කාමෙ පරිවජ්ජෙති. “අග්ගික්ඛන්ධූපමා කාමා මහාභි{4}තාපකරට්ඨෙනා{5}”ති පස්සන්තො වික්ඛම්භණතො කාමෙ පරිවජ්ජෙති.
Sinhala BJT‘ඉත්‍වර වැ (=නො පැමිණ හෝ අල්ප වැ එළඹ) සිටි වන බැවින් කාමයෝ ස්වප්නයක් වැන්නහ’යි නුවණින් දක්නේ විෂ්කම්භණ හෙයින් කාමයන් පරිවර්‍ජන කෙරෙයි. ‘තාවත්කාලික වන බැවින් කාම පිරුළුයෙන් අළ දැයක් වැන්නැ’යි දක්නේ විෂ්කම්භණ හෙයින් කාමයන් දුරු කෙරෙයි. ‘සම්භඤ්ජනපරිභඤ්ජනකර වන බැවින් කාම වෘක්‍ෂඵල වැන්නැ’යි නුවණින් දක්නේ විෂ්කම්භණ හෙයින් කාමයන් පරිවර්‍ජන කෙරෙයි. ‘අධිකුට්ටනා{*}ර්ථයෙන් (=සිඳුනා බැවින්) කාම අසිසූනා (කඩුව හා මස්ලොඹුව) වැන්නැ’යි දක්නේ විෂ්කම්භණ හෙයින් කාමයන් දුරු කෙරෙයි. ‘විනිවිදුනා බැවින් කාමයෝ සැත්හුලක් වැන්නහ’යි දක්නේ විෂ්කම්භණ හෙයින් කාමයන් දුරු කෙරෙයි. ‘සප්‍රතිභයාර්‍ත්‍ථයෙන් කාමයෝ සර්පශීර්‍ෂ වැන්නහ’යි දක්නේ විෂ්කම්භණ හෙයින් කාමයන් පරිවර්‍ජන කෙරෙයි. ‘මහාහිතාපකර වන බැවින් කාමයෝ වහනිස්කන්ධ වැන්නහ’යි නුවණැසින් දක්නේ කාමයන් පරිවර්‍ජන කෙරේ.
Pali BJTබුද්ධානුස්සතිං භාවෙන්තොපි වික්ඛම්භණතො කාමෙ පරිවජ්ජෙති. ධම්මානුස්සතිං භාවෙන්තොපි -පෙ- සඞ්ඝානුස්සතිං භාවෙන්තොපි, සීලානුස්සතිං භාවෙන්තොපි, දෙවතානුස්සතිං භාවෙන්තොපි, ආනාපානසතිං{6} භාවෙන්තොපි, මරණසතිං භාවෙන්තොපි, කායගතාසතිං භාවෙන්තොපි, උපසමානුස්සතිං භාවෙන්තොපි වික්ඛම්භණතො කාමෙ පරිවජ්ජෙති, පඨමජ්ඣානං භාවෙන්තොපි වික්ඛම්භණතො කාමෙ පරිවජ්ජෙති. දුතියජ්ඣානං භාවෙන්තොපි, තතියජ්ඣානං භාවෙන්තොපි, චතුත්ථජ්ඣානං භාවෙන්තොපි, ආකාසානඤ්චායතනසමාපත්තිං භාවෙන්තොපි, විඤ්ඤාණඤ්චායතනසමාපත්තිං භාවෙන්තොපි, ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිං භාවෙන්තොපි, නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිං භාවෙන්තොපි වික්ඛම්භණතො කාමෙ පරිවජ්ජෙති. එවං වික්ඛම්භණතො කාමෙ පරිවජ්ජෙති.
Sinhala BJTබුද්ධානුස්මෘතිය වඩනුයේ ද විෂ්කම්භණ හෙයින් කාමයන් පරිවර්‍ජන කෙරෙයි. ධර්‍මානුස්මෘතිය වඩනුයේ ද... සඞ්ඝානුස්මෘතිය වඩනුයේ ද... ශීලානුස්මෘතිය වඩනුයේ ද... ත්‍යාගානුස්මෘතිය වඩනුයේ ද... දේවතානුස්මෘතිය වඩනුයේ ද... ආනාපානස්මෘතිය වඩනුයේ ද... මරණානුස්මෘතිය වඩනුයේ ද... කායගතානුස්මෘතිය වඩනුයේ ද... උපශමානුස්මෘතිය වඩනුයේ ද විෂ්කම්භණ හෙයින් කාමයන් දුරු කෙරෙයි; ප්‍රථමධ්‍යානය වඩනුයේ ද විෂ්කම්භණ හෙයින් කාමයන් දුරු කෙරෙයි. ද්විතීයධ්‍යානය වඩනුයේ ද... තෘතීයධ්‍යානය වඩනුයේ ද... චතුර්‍ත්‍ථධ්‍යානය වඩනුයේ ද... ආකාසානඤ්චායතනසමාපත්තිය වඩනුයේ ද... විඤ්ඤාණඤ්චායතනසමාපත්තිය වඩනුයේ ද... ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිය වඩනුයේ ද... නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිය වඩනුයේ ද විෂ්කම්භණ හෙයින් කාමයන් පරිවර්‍ජන කෙරෙයි. මෙසේ විෂ්කම්භණ හෙයින් කාමයන් පරිවර්‍ජන කෙරේ.
Pali BJTකථං සමුච්ඡෙදතො කාමෙ පරිවජ්ජෙති? සොතාපත්තිමග්ගං භාවෙන්තොපි අපායගමනීයෙ කාමෙ සමුච්ඡෙදතො පරිවජ්ජෙති. සකදාගාමිමග්ගං භාවෙන්තොපි ඔළාරිකෙ කාමෙ සමුච්ඡෙදතො පරිවජ්ජෙති. අනාගාමිමග්ගං භාවෙන්තොපි අණුසහගතෙ කාමෙ සමුච්ඡෙදතො පරිවජ්ජෙති. අරහත්තමග්ගං භාවෙන්තොපි සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං අසෙසං නිස්සෙසං{7} සමුච්ඡෙදතො කාමෙ පරිවජ්ජෙති.
Sinhala BJTකෙසේ සමුච්ඡේද විසින් කාමයන් පරිවර්‍ජන කෙරෙයි ? යත්: ස්‍රෝතාපත්තිමාර්‍ගය වඩනුයේ ද අපායගමනීය වූ කාමයන් සමුච්ඡේද හෙයින් පරිවර්‍ජන කෙරෙයි: සකෘදාගාමිමාර්‍ගය වඩනුයේ ද ඖදාරික වූ කාමයන් සමුච්ඡේද හෙයින් දුරු කෙරෙයි; අනාගාමීමාර්‍ගය වඩනුයේ ද අණුසහගත වූ කාමයන් සමුච්ඡේද හෙයින් දුරු කෙරෙයි, අර්‍හත්ත්‍වමාර්‍ගය වඩනුයේ ද සියල්ලෙන් සියල්ල සර්‍වප්‍රකාරයෙන් සියල්ල අශේෂ කොට නිරවශේෂ කොට සමුච්ඡේදවශයෙන් කාමයන් පරිවර්‍ජන කෙරෙයි. මෙසෙයින් සමුච්ඡේද හෙයින් කාමයන් දුරු කෙරේ.
Pali BJTයො කාමෙ පරිවජ්ජෙති සප්පස්සෙව පදා සිරොති - සප්පො වුච්චති අහි. කෙනට්ඨෙන සප්පො? සංසප්පන්තො ගච්ඡතීති - සප්පො; භුජන්තො{8} ගච්ඡතීති භුජගො, උරෙන ගච්ඡතීති උරගො, පන්නසිරො ගච්ඡතීති පන්නගො; සිරෙන සුපතීති සිරිංසපො{9}; බිලෙ සයතීති බිලාසයො; ගුහායං සයතීති ගුහාසයො; දාඨා තස්ස ආවුධොති දාඨාවුධො; විසං තස්ස ඝොරන්ති ඝොරවිසො; ජිව්හා තස්ස දුවිධාති ද්විජිව්හො; ද්වීහි ජිව්හාහි රසං සායතීති ද්විරසඤ්ඤූ; යථා පුරිසො ජීවිතුකාමො අමරිතුකාමො සුඛකාමො දුක්ඛපටික්කූලො පාදෙන සප්පසිරං විවජ්ජෙය්ය පරිවජ්ජෙය්ය අභිනිවජ්ජෙය්ය, එවමෙව සුඛකාමො දුක්ඛපටික්කූලො කාමෙ වජ්ජෙය්ය විවජ්ජෙය්ය පරිවජ්ජෙය්ය අභිනිවජ්ජෙය්යාති - සප්පස්සෙව පදා සිරො.
Sinhala BJTයො කාමෙ පරිවජ්ජේති සප්පස්සෙව පදා සිරො - ‘සප්ප’ යී නාගයා කියනු ලැබෙයි. කවර හෙයෙකින් සර්‍ප නම් වී ද ? යත්: සංසර්‍පණ කෙරෙමින් යේ නු යි සර්‍ප යැ, වක්‍රවක්‍ර වැ යේ නු යි භුජග යැ; උරයෙන් (ළෙන්) යේ නුයි උරග යැ; නැමූ ශීර්‍ෂ ඇති වැ යේ නු යි;= පන්නග යැ; සිරසින් හොවී නු යි සිරිංසප යැ; බිලයෙහි හොවී නු යි;= බිලාශය යැ; ගුහායෙහි හොවී නු යි; ගුහාශය යැ; දංෂ්ට්‍රා ඔහුට ආයුධ නු යි දංෂ්ට්‍රායුධ යැ; විෂ ඔහුගේ ඝෝර නු යි ඝොරවිෂ යැ; ජිහ්වා ඔහුගේ ද්විවිධ නු යි ද්විජිහ්ව යැ, දෙදිවින් රස විඳීනු යි ද්විරසඥ යැ. යම් සේ ජීවත් වනු කැමැති නො මැරෙනු කැමැති සුව කැමැති දුඃඛප්‍රතිකූල වූ පුරුෂයෙක් පයින් සර්පශීර්‍ෂය හරනේ ද, වෙසෙසින් හරනේ ද, හාත්පසින් හරනේ ද, දුරින් දුරු කෙරේ ද, එසෙයින් ම සුව කැමැති වූයේ දුඃඛප්‍රතිකූල වූයේ කාමයන් හරනේ යැ, වෙසෙසින් හරනේ යැ, හාත්පසින් හරනේ යැ, දුරින් දුරු කෙරේ නු යි සප්පස්සෙව පදා සිරො යනු වේ.
Pali BJTසො‘මං විසත්තිකං ලොකෙ සතො සමතිවත්තතීති - “සො”ති යො කාමෙ පරිවජ්ජෙති; විසත්තිකා වුච්චති තණ්හා - යො රාගො සාරාගො අනුනයො අනුරොධො නන්දි නන්දිරාගො, චිත්තස්ස සාරාගො ඉච්ඡා මුච්ඡා අජ්ඣොසානං, ගෙධො පළිගෙධො{1} සඞ්ගො පඞ්කො එජා මායා ජනිකා සඤ්ජනනී සිබ්බනී ජාලිනී සරිතා විසත්තිකා සුත්තං විසතා ආයූහනී දුතියා පණිධි භවනෙත්තී වනං{2} වනථො සන්ථවො ස්නෙහො අපෙක්ඛා පටිබන්ධු{3} ආසා ආසිංසනා ආසිංසිතත්තං, රූපාසා සද්දාසා ගන්ධාසා රසාසා ඵොට්ඨබ්බාසා ලාභාසා ධනාසා{4} පුත්තාසා ජීවිතාසා, ජප්පා පජප්පා අභිජප්පා ජප්පනා ජප්පිතත්තං, ලොලුප්පං{5} ලොලුප්පායනා ලොලුප්පායිතත්තං, පුච්ඡඤ්චිකතා{6} සාදු{7}කම්යතා, අධම්මරාගො විසමලොභො නිකන්ති නිකාමනා පත්ථනා පිහනා සම්පත්ථනා, කාමතණ්හා භවතණ්හා විභවතණ්හා, රූපතණ්හා අරූපතණ්හා නිරොධතණ්හා, රූපතණ්හා සද්දතණ්හා ගන්ධතණ්හා රසතණ්හා ඵොට්ඨබ්බතණ්හා ධම්මතණ්හා, ඔඝො යොගො ගන්ථො උපාදානං ආවරණං නීවරණං ඡදනං බන්ධනං උපක්කිලෙසො අනුසයො පරියුට්ඨානං ලතා වෙවිච්ඡං දුක්ඛමූලං දුක්ඛනිදානං දුක්ඛප්පභවො මාරපාසො මාරබළිසං මාරවිසො, තණ්හානදී තණ්හාජාලං තණ්හාගද්දුලං තණ්හාසමුද්දො, අභිජ්ඣා ලොභො අකුසලමූලං.
Sinhala BJTසො‘මං විසත්තිකං ලෝකේ සතෝ සමතිවත්තතී - ‘සො’ යනු: යමෙක් කාමයන් පරිවර්‍ජන කෙරේ නම් හේ ය. ‘විසත්තිකා’ යි තෘෂ්ණා කියැවෙයි. යම් රාගයෙක් සංරාගයෙක් (පුනපුනා පමුණුවන හෙයින්) අනුනයයෙක් අනුරෝධයෙක් නන්‍දියෙක් නන්‍දිරාගයෙක්, චිත්තයාගේ සංරාගයෙක් (අරමුණු කැමැති වන) ඊප්සායෙක් (බොල් කෙලෙස් බැවින් මුසපත් කරන) මූර්ඡායෙක් අධ්‍යවසානයෙක්, ගෙධයෙක් පරිගෙධයෙක් (අරමුණෙහි ලැගෙන හෙයින්) සඞ්ගයෙක් (ගැලෙන හෙයින්) පඞ්කයෙක් (ඒ ඒ භවයට ආකර්‍ෂණ කරන) එජාවෙක් (රවටන හෙයින්) මායාවෙක් (සසරවට උපදවන හෙයින්) ජනිකායේක් (දුක හා සංයොග කරමින් උපදවන හෙයින්) සංජනනියෙක් (=ච්‍යුති ප්‍රතිසන්‍ධි විසින් භවයෙහි) මැසීමෙක් ජාලිනියෙක් (සරිත් සදෘශ ව ආකර්‍ෂණ කරන හෙයින්) නදියෙක් වෙසෙසින් ඇලීමෙක් (බඳනා හෙයින්) හුයෙක් (විස්තෘත වන හෙයින්) විසතායෙක් ආයූහනියෙක් (සහාය වන හෙයින්) ද්විතීයායෙක් ප්‍රණිධියෙක් භවනෙත්තියෙක් (සමුත්ථාපන - ගහන හෙයින්) වනයෙක් (බලවද්භාවයෙන්) වනථයෙක් සන්‍ථවයෙක් ස්නේහයෙක් අපේක්‍ෂායෙක් ප්‍රතිබන්‍ධුයෙක් ආශායෙක් ආශංසායෙක් ආශංසිත බවෙක්, රූපයෙහි ආශායෙක් ශබ්දාශායෙක් ගන්‍ධාශායෙක් රසාශායෙක් ස්පර්‍ශාශායෙක් ධනාශායෙක් පුත්‍රාශායෙක් ජීවිතාශායෙක්, (ජල්පන කරන හෙයින්) ජල්පායෙක් ප්‍රජල්පායෙක් අභිජල්පායෙක් ජල්පනයෙක් ජල්පිතබවෙක් ලෝලුප බවෙක් ලොලුපාකාරයෙක් ලෝලුපායිත බවෙක්, නඟුට සලන බවෙක් මධුර අරමුණු කැමැති වන බවෙක්, අධර්‍මරාගයෙක් විෂමලොභයෙක් නිකාන්තියෙක් නිකාමනයෙක් ප්‍රාර්‍ත්‍ථනායෙක් පිහායෙක් සම්ප්‍රාර්‍ත්‍ථනායෙක්, කාමතෘෂ්ණායෙක් භවතෘෂ්ණායෙක් විභවතෘෂ්ණායෙක්, රූපතෘෂ්ණායෙක් අරූපතෘෂ්ණායෙක් නිරොධතෘෂ්ණායෙක්, ශබ්දතෘෂ්ණායෙක් ගන්‍ධතෘෂ්ණායෙක් රසතෘෂ්ණායෙක් ස්පර්‍ශතෘෂ්ණායෙක් ධර්‍මතෘෂ්ණායෙක්, ඕඝයෙක් යෝගයෙක් ග්‍රන්‍ථයෙක් උපාදානයෙක් ආවරණයෙක් නීවරණයෙක් (කුසල් දහම් වසන හෙයින්) ඡදනයෙක් බන්‍ධනයෙක් උපක්ලෙශයෙක් අනුශයයෙක් (උපදනා කුසලවාරය ගන්නා) පරියුට්ඨානයෙක් (පරිවෙෂ්ටන කරන හෙයින්) ලතායෙක් (විවිධ වස්තු කැමැති වන හෙයින්) විවිධ වීප්සායෙක් දුඃඛමූලයෙක් දුඃඛනිදානයෙක් දුඃඛප්‍රභවයෙක් මාරපාශයෙක් මාරබඩිශයෙක් මාරවිෂයයෙක්, තෘෂ්ණානදියෙක් තෘෂ්ණාසඞ්ඛ්‍යාත ජාලයෙක් තෘෂ්ණා සඞ්ඛ්‍යාත ගර්දුල (=ශුනකබන්ධන) යෙක් තෘෂ්ණාසමුද්‍රයෙක්, අභිධ්‍යායෙක් ලෝභ අකුශලමූලයෙක් වේ නම් එය යි.
Pali BJTවිසත්තිකාති - කෙනට්ඨෙන විසත්තිකා? විසතාති විසත්තිකා; විසාලාති විසත්තිකා; විසටාති විසත්තිකා; විසක්කතීති විසත්තිකා; වීසං හරතීති විසත්තිකා; විසංවාදිකා{8} ති විසත්තිකා; විසමූලාති විසත්තිකා; විසඵලාති විසත්තිකා; විසපරිභොගා විසත්තිකා. විසාලා වා පන සා තණ්හා{9} රූපෙ සද්දෙ ගන්ධෙ රසෙ ඵොට්ඨබ්බෙ, කුලෙ ගණෙ ආවාසෙ ලාභෙ යසෙ පසංසායං සුඛෙ, චීවරෙ පිණ්ඩාපාතෙ සෙනාසනෙ ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙ, කාමධාතුයා රූපධාතුයා අරූපධාතුයා, කාමභවෙ රූපභවෙ අරූපභවෙ සඤ්ඤාභවෙ අසඤ්ඤාභවෙ නෙවසඤ්ඤානාසඤ්ඤාභවෙ එකවොකාරභවෙ චතුවොකාරභවෙ පඤ්චවොකාරභවෙ, අතීතෙ අනාගතෙ පච්චුප්පන්නෙ, දිට්ඨසුතමුතවිඤ්ඤාතබ්බෙසු ධම්මෙසු විසතා විත්ථතාති විසත්තිකා.
Sinhala BJTවිසත්තිකා - කවරහෙයෙකින් (තෘෂ්ණා තොමෝ) විසත්තිකා නම් වූ ද? යත්: විසෘත වන හෙයින් විසත්තිකා යැ; විශාල වන හෙයින් විසත්තිකා යැ; විඍෂ්ට වන හෙයින් විසත්තිකා යැ; විශේෂයෙන් සහ්‍ය (=සහනය කළ හැකි) වන හෙයින් විසත්තිකා යැ; වෙසෙසින් සිත හකුළුවන හෙයින් හෝ දුඃඛවිෂය එළවන හෙයින් විසත්තිකා යැ; (අනිත්‍යාදිය) විසංවාදන කරන හෙයින් විසත්තිකා යැ; විෂමූල හෙයින් විසත්තිකා යැ; විෂඵල හෙයින් විසත්තිකා යැ; විෂපරිභොග හෙයින් = විසත්තිකා යැ. යළි විශාල වූ ඒ තෘෂ්ණා තොමෝ රූපයෙහි ශබ්දයෙහි ගන්‍ධයෙහි රසයෙහි ස්පර්‍ශයෙහි, කුලයා කෙරෙහි, ගණයා කෙරෙහි ආවාසයෙහි ලාභයෙහි යශස්හි ප්‍රශංසායෙහි සුඛයෙහි, චීවරයෙහි පිණ්ඩපාතයෙහි ශයනාසනයෙහි ග්ලානප්‍රත්‍යයයෙහි, කාමධාතුයෙහි රූපධාතුයෙහි අරූපධාතුයෙහි, කාමභවයෙහි රූපභවයෙහි අරූපභවයෙහි සංඥාභවයෙහි අසංඥාභවයෙහි නෛවසංඥානාසංඥාභවයෙහි එකස්කන්ධභවයෙහි චතුඃස්කන්ධභවයෙහි පඤ්චස්කන්‍ධභවයෙහි, අතීතකාලයෙහි අනාගතකාලයෙහි පුත්‍යුපන්නකාලයෙහි, දෘෂ්ටශ්‍රැතමුතවිඥාතව්‍යධර්‍මයන්හි විඍත විස්තෘත නු යි ‘විසත්තිකා’ නමු.
Pali BJTලොකෙති - අපායලොකෙ මනුස්සලොකෙ දෙවලොකෙ ඛන්ධලොකෙ ධාතුලොකෙ ආයතනලොකෙ.
Sinhala BJTලෝකේ - අපායලෝකයෙහි මනුෂ්‍යලොකයෙහි දෙවලොකයෙහි ස්කන්‍ධලෝකයෙහි ධාතුලොකයෙහි ආයතනලෝකයෙහි යැ.
Pali BJTසතොති - චතුහි කාරණෙහි සතො: කායෙ කායානුපස්සනාසතිපට්ඨානං භාවෙන්තො සතො; වෙදනාසු - චිත්තෙ - ධම්මෙසු ධම්මානුපස්සනාසතිපට්ඨානං භාවෙන්තො සතො. අපරෙහිපි චතුහි කාරණෙහි සතො: අසති පරිවජ්ජනාය සතො, සතිකරණීයානඤ්ච ධම්මානං කතත්තා සතො; සතිපටිපක්ඛානං{1} ධම්මානං හතත්තා සතො; සතිනිමිත්තානං ධම්මානං අසම්මුට්ඨත්තා{2} සතො. {3}*අපරෙහිපි චතූහි කාරණෙහි සතො: සතියා සමන්නාගතත්තා සතො, සතියා වසිතත්තා සතො, සතියා පාගුඤ්ඤතාය සතො, සතියා අපච්චොරොපනතාය{4} සතො.* අපරෙහිපි චතුහි කාරණෙහි සතො: සත්තත්තා සතො, සන්තත්තා සතො, සමිතත්තා සතො, සන්තධම්මසමන්නාගතත්තා සතො. බුද්ධානුස්සතියා සතො, ධම්මානුස්සතියා සතො, සඞ්ඝානුස්සතියා සතො, සීලානුස්සතියා සතො, චාගානුස්සතියා සතො, දෙවතානුස්සතියා සතො, ආනාපානසතියා සතො, මරණානුස්සතියා සතො, කායගතාසතියා සතො, උපසමානුස්සතියා සතොති. යා සති අනුස්සති පටිස්සති සති සරණතා ධාරණතා අපිලාපනතා{5} අසම්මුස්සනතා{6} සති සතින්ද්රියං සතිබලං සම්මාසති සතිසම්බොජ්ඣඞ්ගො එකායනමග්ගො, අයං වුච්චති සති, ඉමාය සතියා උපෙතො හොති සමුපෙතො උපගතො{7} සමුපගතො උපපන්නො සමුපපන්නො{8} සමන්නාගතො. සො වුච්චති සතො.
Sinhala BJTසතෝ - සතර කරුණෙකින් ස්මෘති ඇතියේ: රූපකායයෙහි කායානුදර්‍ශනාස්මෘතිප්‍රස්ථානය (=කය අනිත්‍යාදි විසින් පුනපුනා දක්නා සීවටන්) වඩනුයේ ස්මෘති ඇතියේ යැ. වේදනායෙහි - චිත්තයෙහි - ධර්‍මයන්හි ධර්‍මානුදර්‍ශනාස්මෘතිප්‍රස්ථානය වඩනුයේ ස්මෘති ඇතියේ යි. අනෙකුදු සතර කරුණෙකින් ස්මෘති ඇතියේ: මුෂිතස්මෘතිය දුර ලීමෙන් ස්මෘති ඇතියේ, ස්මෘතියෙන් කර්‍තව්‍ය වූ ධර්‍මයන් (=සතර මාර්‍ගයන්) වඩන ලද හෙයින් ස්මෘති ඇතියේ (කාමච්ඡන්‍දාදි) ස්මෘතිප්‍රතිපක්ෂධර්‍මයන් නැසූ හෙයින් ස්මෘති ඇතියේ, ස්මෘතිනිමිත්ත වූ (කායාදි) ධර්‍මයන් නො නට හෙයින් ස්මෘතිමත් වූයේ යැ. අන්‍ය වූ ද සතර කරුණෙකින් ස්මෘති ඇතියේ: ස්මෘතියෙන් සමන්‍විත වන හෙයින් ස්මෘතිමත් වූයේ, ස්මෘතිවශීභාවයට පැමිණි හෙයින් ස්මෘතිමත් වූයේ, ස්මෘතියෙහි ප්‍රගුණ බැවින් ස්මෘතිමත් වූයේ, ස්මෘතියෙන් අපරිවර්‍තතිත වන (=නො පසුබස්නා) බැවින් ස්මෘතිමත් වූයේ. අන්‍ය වූ ද සතර කරුණෙකින් ස්මෘතිමත් වූයේ: සත්ත්‍ව (=ස්වභාවයෙන් විද්‍යමාන) වන බැවින් ස්මෘතිමත් වූයේ, ශාන්ත (=නිවුණ වන) බැවින් ස්මෘතිමත් වූයේ, කෙලෙස් සන්හිඳුවන ලද බැවින් ස්මෘතිමත් වූයේ, සත්පුරුෂධර්‍මයන්ගෙන් සමන්‍විත වන බැවින් ස්මෘතිමත් වූයේ. බුද්ධානුස්මෘතියෙන් ස්මෘතිමත් වූයේ, ධර්‍මානුස්මෘතියෙන් ස්මෘතිමත් වූයේ, සඞ්ඝානුස්මෘතියෙන් ස්මෘතිමත් වූයේ, ශීලානුස්මෘතියෙන් ස්මෘතිමත් වූයේ ත්‍යාගානුස්මෘතියෙන් ස්මෘතිමත් වූයේ, දෙවතානුස්මෘතියෙන් ස්මෘතිමත් වූයේ, ආනාපානස්මෘතියෙන් ස්මෘතිමත් වූයේ, මරණානුස්මෘතියෙන් ස්මෘතිමත් වූයේ, කායගතස්මෘතියෙන් ස්මෘතිමත් වූයේ, උපශමානුස්මෘතියෙන් ස්මෘතිමත් වූයේ යි. යම් සිහියෙක් නැවත නැවත සිහි කිරීමෙක් අභිමුඛ ව මෙන් සිහි කිරීමෙක් සිහියක් සිහි කරන අයුරක් (ශ්‍රැතය) ධරන බවෙක් (අරමුණෙහි) බැසගන්නා බවෙක් (චිරකෘත භාෂිතයන්) ප්‍රමොෂ (=විස්මෘත) නොවන බවෙක් ස්මෘතියෙක් ස්මෘතීන්‍ද්‍රියයෙක් ස්මෘතිබලයෙක් සම්‍යක්ස්මෘතියෙක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් එකායනමාර්‍ගයෙක් වේ ද, මෝ ස්මෘති නමැයි කියනු ලැබේ. මේ ස්මෘතියෙන් උපේත වූයේ සමුපේත වූයේ උපගත වූයේ සමුපගත වූයේ නොවෙන් වූයේ පරිපූර්‍ණ වූයේ සමන්‍වාගත වූයේ වෙයි. හේ ස්මෘතිමත් වූයේ ය යි කියනු ලැබේ.
Pali BJTසො‘මං විසත්තිකං ලොකෙ සතො සමතිවත්තතීති - ලොකෙ වෙසා{9} විසත්තිකා, ලොකෙවෙතං{10} විසත්තිකං සතො තරති උත්තරති පතරති සමතික්කමති වීති{11}වත්තතීති ‘සො‘මං විසත්තිකං ලොකෙ සතො සමතිවත්තති’.
Sinhala BJTසො‘මං විසත්තිකං ලෝකේ සතෝ සමතිවත්තති - මේ විසත්තිකා තොමෝ ස්කන්‍ධලෝකයෙහි මැ වෙයි. ස්කන්‍ධලෝකයෙහි මැ පවත්නා වූ මේ විසත්තිකා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව ස්මෘතිමත් වූයේ (කාමයන් දුරු කෙරෙමින්) තරණය කෙරෙයි. (ක්ලේශයන් දුරු කෙරෙමින්) උත්තරණය කෙරෙයි. (ඔවුන්ගේ ප්‍රතිෂ්ඨාහෙතුව සිඳිමින්) ප්‍රතරණය කෙරෙයි. (සසර ඉක්මවමින්) සමතික්‍රමණය කෙරෙයි, (ප්‍රතිසන්‍ධියට අභව්‍යොත්පත්තික කෙරෙමින්) ඉක්මවා නු යි “සො‘මං විසත්තිකං ලෝකේ සතෝ සමතිවත්තති” යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“යො කාමෙ පරිවජ්ජෙති සප්පස්සෙව පදා සිරො, සො’මං විසත්තිකං ලොකෙ සතො සමතිවත්තතී”ති.
Sinhala BJT“යො කාමෙ පරිවජ්ජේති -පෙ- සතෝ සමතිවත්තති” යී.
Pali BJT1. 4.
Sinhala BJT1. 4.
Pali BJT“ඛෙත්තං වත්ථුං හිරඤ්ඤං වා ගවාස්සං දාසපොරිසං, ථියො බන්ධු පුථූ කාමෙ යො නරො අනුගිජ්ඣති”.
Sinhala BJT“යම් මිනිසෙක් හැල් ආදි කෙත් හෝ ගෙවතු ආදි වතු හෝ අමුරන් හෝ ගවයන් අසුන් හෝ දසුන් කම්කරු පුරුෂයන් හෝ නෑයන් හෝ අන් බොහෝ කාමයනු දු පුනපුනා ප්‍රාර්‍ත්‍ථනා කෙරේ නම්”
Pali BJTඛෙත්තං වත්ථුං හිරඤ්ඤං වා ති - ‘ඛෙත්ත’න්ති සාලික්ඛෙත්තං වීහික්ඛෙත්තං මුග්ගක්ඛෙත්තං මාසක්ඛෙත්තං යවක්ඛෙත්තං ගොධූමක්ඛෙත්තං තිලක්ඛෙත්තං;
Sinhala BJTඛෙත්තං වත්ථුං හිරඤ්ඤං වා - ‘ඛෙත්ත’ නම්: හැල්කෙත යැ, වීකෙත යැ, මුංකෙත යැ, මෑකෙත යැ, යවකෙත යැ, තිරිඟුකෙත යැ, තලකෙත යි.
Pali BJTවත්ථුන්ති{1} - ඝරවත්ථුං කොට්ඨකවත්ථුං පුරෙවත්ථුං පච්ඡාවත්ථුං ආරාමවත්ථුං විහාරවත්ථුං, හිරඤ්ඤන්ති - හිරඤ්ඤං වුච්චති කහාපණොති ‘ඛෙත්තං වත්ථුං හිරඤ්ඤං වා’
Sinhala BJTවත්‍ථු නම්: ගෙවතු යැ, කොටුවතු යැ, ගේ පෙරටුයෙහි වතු යැ, අරම්වතු යැ, වෙහෙරවතු යි. හිරඤ්ඤ නම්: කහවුණු හිරණ්‍ය යැ යි කියනු ලැබේ නු යි (මෙසේ) “ඛෙත්තං වත්ථුං හිරඤ්ඤං වා” යනු වේ.
Pali BJTගවාස්සං දාසපොරිසන්ති - ‘ගවා’ති ගාවො{*} වුච්චන්ති. අස්සාති පසුකාදයො වුච්චන්ති. දාසාති - චත්තාරො දාසා: අන්තොජාතකො දාසො, ධනක්කීතකො දාසො, සාමං වා දාසව්යං උපෙති, අකාමතො වා දාසව්යං{2} උපෙති.
Sinhala BJTගවාස්සං දාසපොරිසං - ‘ගවා’ යී ගවයෝ (=ගෙරිහු) කියනු ලැබෙත්. අස්සා යී එළු ආදි සිවුපාහු කියනු ලැබෙත්. දාසා යනු: දාසයෝ සතර දෙනෙකි: (ඇතුළුගෙයි දාසියගේ කුසෙහි උපන්) අන්තර්දාසයා යැ, ධනයෙන් විකොට ගත් දාසයා යැ, තෙමේ මැ හෝ දස්බවට පැමිණියේ යැ, කරමරානීත (=බැඳ ලා ගැනීමෙන්) නො කැමැත්තෙන් දාසබවට පැමිණියේ යි.
Pali BJT1. “ආමාය{3} දාසා’පි භවන්ති හෙකෙ ධනෙන කීතාපි භවන්ති දාසා, සාමං ච එකෙ උපයන්ති දාස්යං{4} භයා පණුන්නාපි භවන්ති දාසා”ති.
Sinhala BJT1. “ඇතැම් කෙනෙක් ඇතුළත්හි උපන් දාසයෝ වෙත් මැ ය. ධනයෙන් විකිණිගත් දාසයෝ ද වෙති. තව ද ඇතැම් කෙනෙක් තුමූ ම දාසබවට පැමිණෙති. බියෙන් මඩනා ලද්දාහු ද දාසයෝ වෙත්.”
Pali BJTපුරිසාති - තයො පුරිසා: භතකා කම්මකරා උපජීවිනොති ‘ගවාස්සං දාසපොරිසං.’
Sinhala BJTපුරිසා යනු: පුරුෂයෝ තිදෙනෙකි: බැළයෝ යැ, කම්කරුවෝ යැ, ඇසුරු කොට ජීවත් වන්නාහු යැ යි “ගවාස්සං දාසපොරිසං” යනු වේ.
Pali BJTථියො බන්ධු පථූකාමෙ’ති - ‘ථියො ති ඉත්ථිපරිග්ගහො වුච්චති. බන්ධූති - චත්තාරො බන්ධූ: ඤාතිබන්ධවාපි බන්ධූ, ගොත්තබන්ධවාපි බන්ධූ, මන්තබන්ධවාපි බන්ධූ, සිප්පබන්ධවාපි බන්ධූ. පුථූ කාමෙති බහූ කාමෙ, එතෙ පුථූකාමා: මනාපිකා රූපා -පෙ- මනාපිකා ඵොට්ඨබ්බාති ‘ථියො බන්ධූ පුථූ කාමෙ.’
Sinhala BJTථියො බන්ධූ පුථූ කාමෙ - ‘ථියො’ යී ස්ත්‍රීපරිග්‍රහය කියනු ලැබෙයි. බන්ධූ යනු: සතර බන්ධූ කෙනෙකි: මවුපිය දෙපස ඥාති වු බාන්ධවයෝ ද බන්‍ධූහු යැ. සමානගොත්‍ර ඇති බාන්ධවයෝ ද බන්‍ධූහු යැ. (එක් ඇදුරුකුලයෙහි උගත් මන්ත්‍ර ඇති) මන්ත්‍රබාන්ධවයෝ ද බන්‍ධූහු යැ. (එක් වැ උගත් ශිල්ප ඇති) ශිල්පබාන්ධවයෝ ද බන්‍ධූහු යි. පුථූ කාමෙ යනු: බොහෝ කාමයන්; මොහු යැ පුථුකාමයෝ: මන වඩන රූපයෝ යැ... මන වඩන ස්ප්‍රෂ්ටව්‍යයෝ යැ යි යි “ථියො බන්ධූ පුථූ කාමෙ” යනු වේ.
Pali BJTයො නරො අනුගිජ්ඣතීති - ‘යො’ති යො යාදිසො යථායුත්තො{5} යථා විහිතො යථාපකාරො යං{6} ඨානං පත්තො යංධම්ම{7}සමන්නාගතො ඛත්තියො වා බ්රාහ්මණො වා වෙස්සො වා සුද්දො වා ගහට්ඨො වා පබ්බජිතො වා දෙවො වා මනුස්සො වා. නරොති - සත්තො නරො මානවො පොසො පුග්ගලො ජීවො ජාගූ{8} ජන්තු ඉන්දගූ{9} මනුජො, අනුගිජ්ඣතීති - කිලෙසකාමෙන වත්ථුකාමෙසු ගිජ්ඣති අනුගිජ්ඣති පළිගිජ්ඣතීති ‘යො නරො අනුගිජ්ඣති’,
Sinhala BJTයො නරෝ අනුගිජ්ඣති - ‘යො’ යනු: යමෙක් යම්බඳු වූයෙක්, (නවකම් ආදි) යමෙකින් යුක්ත වූයෙක්, යම්සේ සිටියෙක්, යම් ප්‍රකාර වූයෙක්, යම් තනතුරකට පැමිණියෙක්, යම් ධර්‍මයෙකින් යුක්ත වූයෙක්, ක්‍ෂත්‍රියයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ වෛශ්‍යයෙක් හෝ ශුද්‍රයෙක් හෝ ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ දෙවියෙක් හෝ මිනිසෙක් හෝ යැ. නරෝ යනු: සත්ත්‍වයෙක්, නරයෙක්, මානවයෙක්, පුරුෂයෙක්, පුද්ගලයෙක්, ජීවයෙක්, ජාතියට පැමිණෙනුයෙක්, ජන්තුයෙක්, කර්‍මයෙන් යනුයෙක්, මනුජයෙක් යැ. අනුගිජ්ඣති - ක්ලේශකාමයෙන් වස්තුකාමයන්හි ගිජු වෙයි, පුනපුනා පතයි, හාත්පසින් ගිජු වේ නු යි “යො නරෝ අනුගිජ්ඣති” යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“ඛෙත්තං වත්ථුං හිරඤ්ඤං වා ගවාස්සං දාසපොරිසං, ථියො බන්ධු පුථූ කාමෙ යො නරො අනුගිජ්ඣතී”ති.
Sinhala BJT“ඛෙත්තං වත්ථුං හිරඤ්ඤං වා -පෙ- යො නරෝ අනුගිජ්ඣති” යි.
Pali BJT1. 5.
Sinhala BJT1. 5.
Pali BJT“අබලා නං බලීයන්ති මද්දන්තෙ නං පරිස්සයා, තතො නං දුක්ඛමන්වෙති නාවං භින්නමිවොදකං”.
Sinhala BJT“අබල වූ කෙලෙස්හු ඒ මිනිසා මැඩ ගනිති. යළි ප්‍රකට අප්‍රකට උපද්‍රවයෝ ඒ කාමගිද්ධයා මඩිති. එහෙයින් සිදුරු වූ නැවකට ජලය වදනා සෙයින් ජාත්‍යාදි දුක ඔහු අනුව යේ”
Pali BJTඅබලා නං බලීයන්තීති - අබලාති අබලා කිලෙසා දුබ්බලා අප්පබලා අප්පථාමා හීනා නිහීනා පරිහීනා ඔමකා ලාමකා ඡත්තකා{1} පරිත්තා. තෙ කිලෙසා නං{2} පුග්ගලං සහන්ති පරිසහන්ති අභිභවන්ති අජ්ඣොත්ථරන්ති පරියාදියන්ති මද්දන්තීති එවම්පි අබලා නං බලීයන්ති. අථවා අබලං පුග්ගලං දුබ්බලං අප්පබලං අප්පථාමකං හීනං නිහීනං පරිහීනං ඔමකං ලාමකං ඡත්තකං පරිත්තං, යස්ස නත්ථි සද්ධාබලං විරියබලං සතිබලං සමාධිබලං පඤ්ඤාබලං හිරිබලං ඔත්තප්පබලං. තෙ කිලෙසා තං පුග්ගලං සහන්ති පරිසහන්ති අභිභවන්ති අජ්ඣොත්ථරන්ති පරියාදියන්ති මද්දන්තීති එවම්පි අබලා නං බලීයන්ති.
Sinhala BJTඅබලා නං බලියන්ති - අබලා යනු: කෙලෙස්හු, අබලයෝ යැ, දුබලයෝ යැ, අල්පබලයෝ යැ, අල්පශක්ති ඇතියෝ යැ, හීනයෝ යැ, නිහීනයෝ යැ, පරිහීනයෝ යැ, අවමත(අවඥාත)යෝ යැ, ලාමකයෝ යැ, ප්‍රත්‍යයහීනයෝ යැ, පරිත්තයෝ යි. ඒ කෙලෙස්හු ඒ පුද්ගලයා සහනය කෙරෙති (-මඩිති), හාත්පසින් මඩිති, අභිභවනය කෙරෙති, යටපත් කෙරෙති, හාත්පසින් අල්වාගනිති, මර්දනය කෙරෙත් නුයි මෙසෙයින් ද අබලයෝ ඔහු මඩිති. නොහොත් ශ්‍රද්ධාබල වීර්‍ය්‍යබල ස්මෘතිබල සමාධිබල ප්‍රඥාබල හිරිබල ඔත්තපබල යමක් හට නැද්ද, (එහෙයින්) අබල වූ දුබල වූ අල්පබල වූ අල්පශක්ති වූ හීන වූ නිහීන වූ පරිහීන වූ අවමත වූ ලාමක වූ ප්‍රත්‍යයහීන වූ පරිත්ත වූ ඒ පුද්ගලයා ඒ ක්ලේශයෝ සහනය කෙරෙති, හාත්පසින් මඩිති, අභිභවනය කෙරෙති, යටපත් කෙරෙති, හාත්පසින් ගනිති, මිරිකත් නුයි මෙසෙයින් ද “අබලයෝ ඔහු මඩිත්”.
Pali BJTමද්දන්තෙ නං පරිස්සයාති - පරිස්සයාති ද්වෙ පරිස්සයා: පාකටපරිස්සයා ච පටිච්ඡන්නපරිස්සයා ච. කතමෙ පාකටපරිස්සයා? සීහා ව්යග්ඝා දීපී අච්ඡා තරච්ඡා කොකා{3} මහිසා හත්ථි අහී විච්ඡිකා සතපදී, චොරා වා අස්සු මාණවා වා කතකම්මා වා අකතකම්මා වා, චක්ඛුරොගො සොතරොගො ඝානරොගො ජිව්හාරොගො කායරොගො සීසරොගො කණ්ණරොගො මුඛරොගො දන්තරොගො කාසො සාසො පිනාසො ඩහො ජරො කුච්ඡිරොගො මුච්ඡා පක්ඛන්දිකා{4} සූලා විසූචිකා කුට්ඨං ගණ්ඩො කිලාසො සොසො අපමාරො දද්දු කණ්ඩු කච්ඡු රඛසා{5} විතච්ඡිකා ලොහිතපිත්තං{6} මධුමෙහො අංසා{7} පිළකා භගන්දලා පිත්තසමුට්ඨානා ආබාධා සෙම්හසමුට්ඨානා ආබාධා වාතසමුට්ඨානා ආබාධා උතුපරිණාමජා ආබාධා විසමපරිහාරජා ආබාධා ඔපක්කමිකා ආබාධා කම්මවිපාකජා ආබාධා සීතං උණ්හං ජිඝච්ඡා පිපාසා උච්චාරො පස්සාවො ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සා ඉති වා, ඉමෙ වුච්චන්ති පාකටපරිස්සයා.
Sinhala BJTමද්දන්තෙ නං පරිස්සයා - පරිස්සයා යනු: පරිශ්‍රය (උපද්‍රවයෝ) දෙදෙනෙකැ: ප්‍රකටපරිශ්‍රය යැ, ප්‍රතිච්ඡන්නපරිශ්‍රය යැයි. ප්‍රකට උපද්‍රවයෝ කවරහ? යත්: සිහ යැ, වග යැ, දිවි යැ, වලස් යැ, තරස් යැ, කොක්නා යැ, මියු යැ, ඇත් යැ, සප් යැ, නුහුසු යැ, පත්තෑ යැ, කළ සොරකම් ඇති හෝ කළ සොරකම් නැති හෝ සොරු හෝ සැහැසියෝ යැ; චක්ෂුරොග යැ ශ්‍රෝත්‍රරෝග යැ ඝ්‍රාණරොග යැ ජිහ්වාරෝග යැ කායරොග යැ ශීර්‍ෂරොග යැ කර්‍ණරොග යැ මුඛරොග යැ දන්තරෝග යැ කාශ යැ ශ්වාස යැ පීනස යැ දාහ යැ ජ්වර යැ කුක්ෂිරොග යැ මූර්ඡා යැ රක්තාතීසාර යැ ආමශුල යැ විසූචිකා යැ කුෂ්ට යැ ගණ්ඩ යැ කිලාසකුෂ්ට යැ ක්‍ෂය යැ අපස්මාර යැ දද යැ කැසි යැ කස් යැ ව්‍රණ යැ විතච්ඡිකා (-තලරොග) යැ රක්තපිත්ත යැ මධුමේහ යැ අර්‍ශස් යැ පොළ යැ භගන්‍දරා යැ පිතින් නැඟි ආබාධ යැ සෙමින් නැඟි ආබාධ යැ වයින් නැඟි ආබාධ යැ සාන්නිපාතික ආබාධ යැ ඍතුපරිණාමයෙන් උපන් ආබාධ යැ විෂම වූ ඊර්‍ය්‍යාපථයෙන් නැඟි ආබාධ යැ උපක්‍රමයෙන් උපන් ආබාධ යැ කර්‍මවිපාකයෙන් උපන් ආබාධ යැ ශීත යැ උෂ්ණ යැ ජිඝත්සා යැ පිපාසා යැ උච්චාර යැ ප්‍රස්‍රාව යැ, මැසි - මදුරු - වා - අවි - දික්දැ යන මොවුන්ගේ පහසින් උපන් පීඩා යැ යන මේ හෝ යි. මොහු ප්‍රකට උපද්‍රවයෝ යැයි කියනු ලැබෙත්.
Pali BJTකතමෙ පටිච්ඡන්නපරිස්සයා? කායදුච්චරිතං වචීදුච්චරිතං මනොදුච්චරිතං, කාමච්ඡන්දනීවරණං ව්යාපාදනීවරණං ථීනමිද්ධනීවරණං උද්ධච්චකුක්කුච්චනීවරණං විචිකිච්ඡානීවරණං, රාගො දොසො මොහො කොධො උපනාහො මක්ඛො පලාසො ඉස්සා මච්ඡරියං මායා සාඨෙය්යං ථම්භො සාරම්භො මානො අතිමානො මදො පමාදො, සබ්බෙ කිලෙසා සබ්බෙ දුච්චරිතා සබ්බෙ දරථා සබ්බෙ පරිළාහා සබ්බෙ අකුසලාභිසඞ්ඛාරා, ඉමෙ වුච්චන්ති පටිච්ඡන්නපරිස්සයා.
Sinhala BJTප්‍රතිච්ඡන්න උපද්‍රවයෝ කවරහ? යත්: කායදුශුචරිත යැ වාග්දුශ්චරිත යැ මනෝදුශ්චරිත යැ, කාමච්ඡන්‍දනීවරණ යැ ව්‍යාපාදනීවරණ යැ ථීනමිද්ධ නීවරණ යැ උද්ධච්චකුක්කුච්චනීවරණ යැ විචිකිච්ඡානීවරණ යැ, රාග යැ ද්වේෂ යැ මෝහ යැ ක්‍රෝධ යැ උපනාහ යැ ම්‍රක්ෂ (මෙරමා ගුණ මැකීම්) යැ පලාස (යුගග්‍රාහ) යැ ඊර්‍ෂ්‍යා යැ මාත්සර්‍ය්‍ය යැ මායා (ස්වදෝෂ ගුහන) යැ සාඨෙය්‍ය (අසද් ගුණ ප්‍රකාශ) යැ (ඔවා නො ගන්නා) ස්තම්භ යැ සංරම්භ යැ මාන යැ අතිමාන යැ මද යැ ප්‍රමාද යැ, සියලු ක්ලේශයෝ යැ සියලු දුශ්චරිතයෝ යැ සියලු දරථයෝ යැ සියලු (ක්ලේශ) පරිදාහයෝ යැ සියලු (ක්ලේශ) සන්තාපයෝ යැ සියලු අකුශලාභිසංස්කාරයෝ යැ යන මොහු ප්‍රතිච්ඡන්න උපද්‍රවයෝ යැයි කියනු ලැබෙත්.
Pali BJTපරිස්සයාති - කෙනට්ඨෙන පරිස්සයා? පරිසහන්තීති පරිස්සයා, පරිහානාය සංවත්තන්තීති පරිස්සයා, තත්රාසයාති පරිස්සයා. කථං පරිසහන්තීති පරිස්සයා? තං පුග්ගලං සහන්ති පරිසහන්ති අභිභවන්ති අජ්ඣොත්ථරන්ති{1} පරියාදියන්ති මද්දන්ති. එවං පරිසහන්තීති පරිස්සයා.
Sinhala BJTපරිස්සයා යනු කවරහෙයින් පරිස්සය වෙති? යත්: පරිසහනය කෙරෙත් නුයි ‘පරිස්සය’ නම් වෙති, පරිහානයට වැටෙත් නුයි ‘පරිස්සය’ නම් වෙති, එහි ආසය ඇත්තාහු නුයි - පරිස්සය නම් වෙත්. කෙසේ ‘පරිසහනය කෙරෙත්’ නුයි ‘පරිස්සය’ නම් වෙති ? යත්: ඒ උපද්‍රවයෝ ඒ පුඟුල්හු සහනය කෙරෙති, පරිසහනය කෙරෙති, මැඩගෙන සිටිති, හාත්පසින් අල්වාගනිති, මිරිකාගනිත්. මෙසේ පරිසහනය කෙරෙත් නුයි ‘පරිස්සය’ නම් වෙත්.
Pali BJTකථං පරිහානාය සංවත්තන්තීති පරිස්සයා? තෙ පරිස්සයා කුසලානං ධම්මානං අන්තරායාය පරිහානාය සංවත්තන්තීති. කතමෙසං කුසලානං ධම්මානං? සම්මාපටිපදාය අනුලොමපටිපදාය අපච්චනීකපටිපදාය අවිරුද්ධපටිපදාය අන්වත්ථපටිපදාය ධම්මානුධම්මපටිපදාය සීලෙසු පරිපූරකාරිතාය ඉන්ද්රියෙසු ගුත්තද්වාරතාය භොජනෙ මත්තඤ්ඤුතාය ජාගරියානුයොගස්ස සතිසම්පජඤ්ඤස්ස චතුන්නං සතිපට්ඨානානං භාවනානුයොගස්ස චතුන්නං සම්මප්පධානානං භාවනානුයොගස්ස චතුන්නං ඉද්ධිපාදානං භාවනානුයොගස්ස පඤ්චන්නං ඉන්ද්රියානං භාවනානුයොගස්ස පඤ්චන්නං බලානං භාවනානුයොගස්ස සත්තන්නං බොජ්ඣඞ්ගානං භාවනානුයොගස්ස අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස භාවනානුයොගස්ස, ඉමෙසං කුසලානං ධම්මානං අන්තරායාය පරිහානාය සංවත්තන්ති. එවං පරිහානාය සංවත්තන්තීති පරිස්සයා.
Sinhala BJTකෙසේ ‘පරිහානයට වැටෙත්’ නුයි ‘පරිස්සය’ නම් වෙති ? යත්: ඒ උපද්‍රවයෝ කුශලධර්‍මයන්ගේ අන්තරාය පිණිස පරිහානය (හැරීම) පිණිස පවතිත්. කවර කුශලධර්‍මයන්ගේ ද යත්: සම්‍යක්ප්‍රතිපත් යැ අනුලොමප්‍රතිපත් යැ අප්‍රත්‍යනීකප්‍රතිපත් යැ අවිරුද්ධප්‍රතිපත් යැ අන්‍වර්ථ (අර්‍ත්‍ථානුගත) ප්‍රතිපත් යැ ධර්‍මානුධර්‍මප්‍රතිපත් යැ ශීලයෙහි පරිපූරකාරිත්ව යැ ඉන්‍ද්‍රියයන්හි ගුප්තද්වාරතා යැ භෝජනයෙහි මාත්‍රඥතා යැ ජාගර්‍ය්‍යානුයෝග යැ ස්මෘතිසම්ප්‍රඥාන යැ චතුර්විධ ස්මෘතිප්‍රස්ථානයන්ගේ භාවනානුයෝග යැ චතුර්විධ ඍද්ධිපාදයන්ගේ භාවනානුයෝග යැ පඤ්චෙන්ද්‍රියයන්ගේ භාවනානුයෝග යැ පඤ්චබලයන්ගේ භාවනානුයෝග යැ සප්තබෝධ්‍යඞ්ගයන්ගේ භාවනානුයෝග යැ ආර්‍ය්‍යාෂ්ටාඞ්ගිකමාර්‍ගයාගේ භාවනානුයෝග යැ යන මේ කුශලධර්‍මයන්ගේ අන්තරාය පිණිස පරිහානය පිණිස වැටෙත්. මෙසේ පරිහානයට වැටෙත් නුයි ‘පරිස්සය’ නම් වෙත්.
Pali BJTකථං තත්රාසයාති පරිස්සයා? තත්ථෙතෙ පාපකා අකුසලා ධම්මා උප්පජ්ජන්ති අත්තභාවසන්නිස්සයා යථා බිලෙ බිලාසයා පාණා සයන්ති, දකෙ දකාසයා පාණා සයන්ති, වනෙ වනාසයා පාණා සයන්ති, රුක්ඛෙ රුක්ඛාසයා පාණා සයන්ති; එවමෙව තත්ථෙතෙ පාපකා අකුසලා ධම්මා උප්පජ්ජන්ති අත්තභාවසන්නිස්සයාති. එවම්පි තත්රාසයාති පරිස්සායා.
Sinhala BJTකෙසේ ‘එහි ආසය ඇත්තාහු’ නුයි ‘පරිස්සය’ නම් වෙති ? යත්: ඒ ඇත්බැව්හි තෙල ලාමක අකුශලධර්‍මයෝ ආත්මභාවය ඇසිරි කොට උපදිත්. යම්සේ බිලය ඇසුරු කරන ප්‍රාණීහු බිලයෙහි හොවිත් ද, දිය ඇසුරු කරන ප්‍රාණීහු දියෙහි හොවිත් ද, වනය ඇසුරු කරන ප්‍රාණීහු වෙනෙහි හොවිත් ද, රුක ඇසුරු කරන ප්‍රාණීහු රුක්හි හොවිත් ද, එසෙයින් ම අත්බැව ඇසුරු කරන තෙල ලාමක අකුශලධර්‍මයෝ ඒ අත්බැව්හි උපදිත්. මෙසෙයිනුදු තත්‍රාසය (එහි ආසය) ඇත්තාහු නුයි පරිස්සය නම් වෙත්.
Pali BJTවුත්තං හෙතං භගවතා:
Sinhala BJTමේ වදාරන ලද මැයි බුදුන් විසින්:
Pali BJT“සාන්තෙවාසිකො භික්ඛවෙ, භික්ඛු සාචරියකො දුක්ඛං න ඵාසු විහරති. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු සාන්තෙවාසිකො සාචරියකො දුක්ඛං න ඵාසු විහරති? ඉධ භික්ඛවෙ, භික්ඛුනො චක්ඛුනා රූපං දිස්වා උප්පජ්ජන්ති යෙ පාපකා අකුසලා ධම්මා සරසංකප්පා සඤ්ඤොජනියා, ත්යස්ස අන්තො වසන්ති අන්වාස්ස වසන්ති{2} පාපකා අකුසලා ධම්මාති, තස්මා සාන්තෙවාසිකො’ති වුච්චති. තෙ නං සමුදාචරන්ති - සමුදාචරන්ති නං පාපකා අකුසලා ධම්මාති, තස්මා සාචරියකොති වුච්චති. පුන ච පරං භික්ඛවෙ, භික්ඛුනො සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය උප්පජ්ජන්ති යෙ පාපකා අකුසලා ධම්මා සරසංකප්පා සඤ්ඤොජනියා, ත්යස්ස අන්තො වසන්ති අන්වාස්ස වසන්ති{2} පාපකා අකුසලා ධම්මාති, තස්මා සාන්තෙවාසිකො’ති වුච්චති. තෙ නං සමුදාචරන්ති - සමුදාචරන්ති නං පාපකා අකුසලා ධම්මාති, තස්මා සාචරියකොති වුච්චති. එවං ඛො භික්ඛවෙ, භික්ඛු සාන්තෙවාසිකො සාචරියකො දුක්ඛං න ඵාසු විහරතී”තී. එවම්පි{3} තත්රාසයාති පරිස්සයා.
Sinhala BJT“මහණෙනි, සාන්තේවාසික වූ සාචරියක වූ මහණ දුකසේ නො සුවසේ වෙසෙයි. මහණෙනි, කෙසේ නම් සාන්තේවාසික වූ සාචරියක වූ මහණ දුකසේ නො සුවසේ වෙසෙයි ? යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණක් හට ඇසින් රූපයක් දැක සරසංකල්ප (-අරමුණුවල හැසිරෙන හෙයින් සංකල්පනය කටයුතු) වූ සංයෝජනයන්ට හිත වූ ලාමක අකුශලධර්‍ම කෙනෙක් උපදිත් ද, ඒ අකුශලධර්‍මයෝ ඔහුගේ සිත තුළ වෙසෙති. සන්තානයට පිවිස වෙසෙති. එහෙයින් ‘සාන්තේවාසික’ යයි කියනු ලැබේ. යම් හෙයකින් ඒ ලාමක අකුශලධර්‍මයෝ ඔහු හසුරුවත් ද, ඔහු කෙරෙහි පවතිත් ද, එහෙයින් ‘සාචරියක’ යයි කියනු ලැබේ. තවද මහණෙනි, මහණක් හට කනින් ශබ්දයක් අසා... නාසයෙන් ගඳක් අසා... දිවින් රසයක් විඳ... කයින් පහසක් පැහැස... සිතින් දහමක් දැන නානාලම්බනයෙහි හැසිරීම් වශයෙන් පරිකල්පිත වූ සංයෝජනීය වූ යම් ලාමක අකුශලධර්‍ම කෙනෙක් උපදිත් ද, ඒ ලාමක අකුශල ධර්‍මයෝ ඔහුගේ සිත තුළ වෙසෙති. ඔහුගේ සන්තානයට පිවිස වෙසෙති. එහෙයින් ‘සාන්තේවාසික’ යයි කියනු ලැබේ. යම් හෙයකින් ඒ ලාමක අකුශල ධර්‍මයෝ ඔහු හසුරුවත් ද, ඔහු කෙරෙහි පවතිත් ද, එහෙයින් ‘සාචරියක’ යයි කියනු ලැබේ. මෙසෙයින් මහණෙනි, මහණ තෙමේ සාන්තේවාසික වූයේ සාචරියක වූයේ දුකසේ වෙසෙයි, සුවසේ නො වෙසේ යයි. මෙසේත් තත්‍රාසය වෙත් නුයි උපද්‍රව නම් වෙත්.
Pali BJTවුත්තං හෙතං භගවතා:
Sinhala BJTමේ වදාරන ලද මැයි බුදුන් විසින්:
Pali BJT“තයො මෙ භික්ඛවෙ, අන්තරා මලා අන්තරා අමිත්තා අන්තරා සපත්තා අන්තරා වධකා අන්තරා පච්චත්ථිකා. කතමෙ තයො? ලොභො භික්ඛවෙ, අන්තරා මලං අන්තරා අමිත්තො අන්තරා සපත්තො අන්තරා වධකො අන්තරා පච්චත්ථිකො. දොසො භික්ඛවෙ, -පෙ- මොහො භික්ඛවෙ, අන්තරා මලං අන්තරා අමිත්තො අන්තරා සපත්තො අන්තරා වධකො අන්තරා පච්චත්ථිකො. ඉමෙ ඛො භික්ඛවෙ, තයො අන්තරා මලා අන්තරා අමිත්තා අන්තරා සපත්තා අන්තරා වධකා අන්තරා පච්චත්ථිකා”ති.
Sinhala BJT“මහණෙනි, ඇතුළත මලයෝ ඇතුළත අමිත්‍රයෝ ඇතුළත සතුරෝ ඇතුළත වධකයෝ ඇතුළත පසමිතුරෝ තිදෙනෙක් වෙති. කවර තිදෙනෙක් ද ? යත්: මහණෙනි, ලෝභය ඇතුළත මලයෙක, ඇතුළත අමිත්‍රයෙක, ඇතුළත සතුරෙක, ඇතුළත වධකයෙක, ඇතුළත පසමිතුරෙකි. මහණෙනි, ද්වේෂය... මහණෙනි, මෝහය ඇතුළත මලයෙක, ඇතුළත අමිත්‍රයෙක, ඇතුළත සතුරෙක, ඇතුළත වධකයෙක, ඇතුළත පසමිතුරෙකි. මහණෙනි, මොහු තිදෙන ඇතුළත මලයෝ යැ, ඇතුළත අමිත්‍රයෝ යැ, ඇතුළත සතුරෝ යැ, ඇතුළත වධකයෝ යැ, ඇතුළත පසමිතුරෝ’යි.
Pali BJT1. “අනත්ථජනනො ලොභො ලොභො චිත්තප්පකොපනො, භයමන්තරතො ජාතං තං ජනො නාවබුජ්ඣති.
Sinhala BJT1 – 2. ලෝභය අනර්‍ත්‍ථ උපදවන්නේ යැ. ලෝභය සිත චලනය කරන්නේ යැ. හේ ඇතුළත (සිත්හි මැ) උපන් භයහෙතුයෙක. ඒ භය බාල මහාජන තෙමේ නො දනී. ලෝභී වූයේ (ලෞකිකලොකොත්තර) අර්‍ත්‍ථය නො දනී. (අර්‍ත්‍ථයට හේතු වූ) ධර්‍මය නො දකී. යම් කලෙක්හි ලෝභය තෙම මිනිසා මැඩගනී ද එකල්හි බහල වූ අන්‍ධකාරය වේ.
Pali BJT2. ලුද්ධො අත්ථං න ජානාති ලුද්ධො ධම්මං න පස්සති, අන්ධන්තමං{1} තදා හොති යං ලොභො සහතෙ නරං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT3. අනත්ථජනනො දොසො දොසො චිත්තප්පකොපනො, භයමන්තරතො ජාතං තං ජනො නාවබුජ්ඣති.
Sinhala BJT3 – 4. ද්වේෂය අනර්ථජනක යැ, ද්වේෂය සිත චලනය කෙරෙයි. හේ සිත්හි උපන් භය කාරණයෙක. බාලජන තෙමේ එය අවබෝධ නො කෙරෙයි. කිපියේ අර්‍ත්‍ථය නො දනී. ධර්‍මය නො දකී. ක්‍රෝධය මිනිසා යටපත් කරන කල්හි බහල වූ අන්‍ධකාරය වේ.
Pali BJT4. කුද්ධො අත්ථං න ජානාති කුද්ධො ධම්මං න පස්සති, අන්ධන්තමං{1} තදා හොති යං කොධො සහතෙ නරං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT5. අනත්ථජනනො මොහො මොහො චිත්තප්පකොපනො, භයමන්තරතො ජාතං තං ජනො නාවබුජ්ඣති.
Sinhala BJT5 – 6. මෝහය අනර්‍ත්‍ථ උපදවයි. මෝහය සිත කලඹයි. හේ සිත තුළ උපදනා භය කාරණයෙක. බාලජන තෙමේ එය අවබෝධ නො කෙරෙයි. මුළා වූයේ අර්‍ත්‍ථය නො දනී. ධර්‍මය නො දකී. මෝහය මිනිසා මැඩගන්නා කල්හි බහල වූ අන්‍ධකාරය වේ.
Pali BJT6. මූළ්හො අත්ථං න ජානාති මූළ්හො ධම්මං න පස්සති, අන්ධන්තමං{1} තදා හොති යං මොහො සහතෙ නරං”ති.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJTඑවම්පි තත්රාසයාති පරිස්සයා.
Sinhala BJTමෙසේත් ‘තත්‍රාසය වෙත්’ නුයි උපද්‍රව නම් වෙත්.
Pali BJTවුත්තං හෙතං භගවතා:
Sinhala BJTමේ වදාරන ලද මැයි බුදුන් විසින්:
Pali BJT“තයො ඛො මහාරාජ, පුරිසස්ස ධම්මා අජ්ඣත්තං උප්පජ්ජමානා උප්පජ්ජන්ති අහිතාය දුක්ඛාය අඵාසුවිහාරාය. කතමෙ තයො? ලොභො ඛො මහාරාජ, පුරිසස්ස ධම්මො අජ්ඣත්තං උප්පජ්ජමානො උප්පජ්ජති අහිතාය දුක්ඛාය අඵාසුවිහාරාය. දොසො ඛො මහාරාජ, පුරිසස්ස ධම්මො අජ්ඣත්තං උප්පජ්ජමානො උප්පජ්ජති අහිතාය දුක්ඛාය අඵාසුවිහාරාය. මොහො ඛො මහාරාජ, පුරිසස්ස ධම්මො අජ්ඣත්තං උප්පජ්ජමානො උප්පජ්ජති අහිතාය දුක්ඛාය අඵාසුවිහාරාය{2}. ඉමෙ ඛො මහාරාජ, තයො, පුරිසස්ස ධම්මා අජ්ඣත්තං උප්පජ්ජමානා උප්පජ්ජන්ති අහිතාය දුක්ඛාය අඵාසුවිහාරායාති.
Sinhala BJT“මහරජ, පුරුෂයාගේ අධ්‍යාත්මයෙහි උපදනා ධර්‍මයෝ තිදෙනෙක් අහිත පිණිස දුක් පිණිස අසුඛවිහරණය පිණිස උපදිති. කවර තිදෙනෙක් ද? යත්: මහරජ, ලොභධර්‍මය පුරුෂයාගේ අධ්‍යාත්මයෙහි උපදනේ අහිතයට දුකට නො සුවවිහරණයට උපදී. මහරජ, ද්වේෂධර්‍මය පුරුෂයාගේ අධ්‍යාත්මයෙහි උපදනේ අහිතයට දුකට නො සුවවිහරණයට උපදී. මහරජ, මෝහධර්‍මය පුරුෂයාගේ අධ්‍යාත්මයෙහි උපදනේ අහිතයට දුකට නො සුවවිහරණයට උපදී. මහරජ, මේ ධර්‍මයෝ තිදෙන පුරුෂයාගේ අධ්‍යාත්මයෙහි උපදනාහු අහිත පිණිස දුක් පිණිස අඵාසුවිහරණය පිණිස උපදිත්.
Pali BJT7. ලොභො දොසො ච මොහො ච පුරිසං පාපචෙතසං, හිංසන්ති අත්තසම්භූතා තචසාරං’ච සම්ඵල”න්ති
Sinhala BJT7. ලෝභය ද්වේෂය හා මෝහය ද ස්වසන්තානයෙහි උපන්නාහු ස්වකීය ඵලය ත්වක්සාර (හුණගසක්) මෙන් පව්සිත් ඇති පුරුෂයා නසත්.
Pali BJTඑවම්පි තත්රාසයාති පරිස්සයා.
Sinhala BJTමෙසෙයිනු දු තත්‍රාසය නුයි උපද්‍රව නම් වෙත්.
Pali BJTවුත්තං හෙතං භගවතා:
Sinhala BJTවදාරන ලද මැයි මේ බුදුන් විසින්:
Pali BJT8. “රාගො ච දොසො ච ඉතො නිදානා අරති රතී ලොමහංසො ඉතොජා,{3} ඉතො සමුට්ඨාය මනොවිතක්කා කුමාරකා{4} ධංකමිවොස්සජන්ති”
Sinhala BJT8. රාගය ද ද්වේෂය ද කුශලධර්‍මයෙහි උත්කණ්ඨාව ද පස්කම්හි ඇලීම හා ලොමහර්‍ෂය ද මේ ආත්මභාවය නිදාන කොට ඇත්තාහුය. මේ අත්බැවින් උපන්නාහුය. ලාමක වූ මනොවිතර්කයෝ මේ අත්බැවින් ඉපද, කුඩාදරුවන් දිග හුයකින් පය බැඳ හරන ලද කවුඩකු සෙයින් සිත (බැඳ භවයෙහි) හැර පියත්.
Pali BJTඑවම්පි තත්රාසයාති පරිස්සයා.
Sinhala BJTමේ පරිද්දෙන් ද තත්‍රාසය නුයි - ‘පරිස්සය (-උපද්‍රව)’ නම් වෙත්.
Pali BJTමද්දන්තෙ නං පරිස්සයාති - තෙ පරිස්සයා තං පුග්ගලං සහන්ති පරිසහන්ති අභිභවන්ති අජ්ඣොත්ථරන්ති{1} පරියාදියන්ති මද්දන්තීති මද්දන්තෙ නං පරිස්සයා.
Sinhala BJTමද්දන්තෙ නං පරිස්සයා - ඒ උපද්‍රවයෝ ඒ පුඟුල්හු සහනය කෙරෙති, පරිසහනය කෙරෙති, අභිභවනය කෙරෙති, යටපත් කෙරෙති, හාත්පසින් අල්වාගනිති, මිරිකත් නුයි ‘මද්දන්තෙ නං පරිස්සයා’ යනු වේ.
Pali BJTතතො නං දුක්ඛමන්වෙතීති - තතොති{2} තතො පරිස්සයතො තං පුග්ගලං දුක්ඛං අන්වෙති අනුගච්ඡති අන්වායිකං හොති. ජාතිදුක්ඛං අන්වෙති අනුගච්ඡති අන්වායිකං හොති. ජරාදුක්ඛං අන්වෙති අනුගච්ඡති අන්වායිකං හොති. ව්යාධිදුක්ඛං අන්වෙති අනුගච්ඡති අන්වායිකං හොති. මරණදුක්ඛං අන්වෙති අනුගච්ඡති අන්වායිකං හොති. සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසදුක්ඛං අන්වෙති අනුගච්ඡති අන්වායිකං හොති. නෙරයිකං දුක්ඛං -පෙ- තිරච්ඡානයොනිකං දුක්ඛං -පෙ- පෙත්තිවිසයිකං{3} දුක්ඛං අන්වෙති අනුගච්ඡති අන්වායිකං හොති. මානුසිකං දුක්ඛං{4} -පෙ-ගබ්භොක්කන්තිමූලකං දුක්ඛං -පෙ- ගබ්භට්ඨිති{5} මූලකං දුක්ඛං -පෙ- ගබ්භවුට්ඨානමූලකං දුක්ඛං -පෙ- ජාතස්සුපනිබන්ධනං දුක්ඛං -පෙ- ජාතස්ස පරාධෙය්යතං{6} දුක්ඛං -පෙ- අත්තූපක්කමං දුක්ඛං -පෙ- පරූපක්කමං දුක්ඛං අන්වෙති අනුගච්ඡති අන්වායිකං හොති. දුක්ඛදුක්ඛං අන්වෙති අනුගච්ඡති අන්වායිකං හොති. සඞ්ඛාරදුක්ඛං -පෙ- විපරිණාමදුක්ඛං -පෙ- චක්ඛුරොගො සොතරොගො ඝානරොගො ජිව්හාරොගො කායරොගො කණ්ණරොගො මුඛරොගො දන්තරොගො කාසො සාසො පිනාසො ඩහො{7} ජරො කුච්ඡිරොගො මුච්ඡා පක්ඛන්දිකා සූලා විසූචිකා කුට්ඨං ගණ්ඩො කිලාසො සොසො අපමාරො දද්දු කණ්ඩු කච්ඡු රඛසා{8} විතච්ඡිකා ලොහිතපිත්තං මධුමෙහො අංසා පිළකා භගන්දලා පිත්තසමුට්ඨානා ආබාධා සෙම්හසමුට්ඨානා ආබාධා වාතසමුට්ඨානා ආබාධා සන්නිපාතිකා ආබාධා උතුපරිණාමජා ආබාධා විසමපරිහාරජා ආබාධා ඔපක්කමිකා ආබාධා කම්මවිපාකජා ආබාධා, සීතං උණ්හං ජිඝච්ඡා පිපාසා උච්චාරො පස්සාවො ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සදුක්ඛං -පෙ- මාතුමරණං දුක්ඛං -පෙ- පිතුමරණං දුක්ඛං -පෙ- භාතුමරණං දුක්ඛං -පෙ- භගිනීමරණං දුක්ඛං -පෙ- පුත්තමරණං දුක්ඛං -පෙ- ධීතුමරණං දුක්ඛං -පෙ- ඤාතිව්යසනං දුක්ඛං -පෙ- භොගව්යසනං දුක්ඛං -පෙ- රොගව්යසනං දුක්ඛං -පෙ- සීලව්යසනං දුක්ඛං -පෙ- දිට්ඨිව්යසනං දුක්ඛං අන්වෙති අනුගච්ඡති අන්වායිකං හොතීති තතො නං දුක්ඛමන්වෙති.
Sinhala BJTතතො නං දුක්ඛමන්වෙති - තතො යනු: ඒ උපද්‍රව හේතු කොට ගෙන ඒ පුද්ගලයා කරා දුක එයි, සමීපයට යයි, පැමිණියේ වෙයි. ජාතිදුක අනුව එයි, ළඟට යයි, පැමිණියේ වෙයි. ජරාදුක... ව්‍යාධි දුක... මරණදුක... සෝක - පරිදේව - දුක්ඛ - දෝමනස්ස - උපායාස දුක අනුව එයි, සමීපයට යයි, පැමිණියේ වෙයි. නිරය දුක... තිරිසන්යෝනියෙහි දුක... ප්‍රේතවිෂයෙහි දුක... මිනිස්ලොවැ (වධබන්‍ධනාදි) දුක... ගර්භාවක්‍රාන්තිමුලක දුක... ගර්භස්ථිතිමූලක දුක... ගර්භව්‍යුත්ථානමූලක දුක... උපන්නහු පිළිදග්නා දුක... උපන්නහු පරා අයත්බැව්හි දුක... ආත්මොපක්‍රම දුක... පරොපක්‍රම දුක අනුව එයි... දුඃඛදුඃඛය... සංස්කාර දුඃඛය... විපරිණාම දුඃඛය... චක්ෂුරොග ශ්‍රොතරොග ඝ්‍රාණරොග ජිහ්වාරෝග කායරොග ශීර්‍ෂරොග කර්‍ණරොග මුඛරොග දන්තරෝග කාස ශ්වාස පීනස දාහ ජ්වර කුක්ෂිරොග මූර්‍ජා ප්‍රස්කන්දිකා ශූල විසූචිකා කුෂ්ට ගණ්ඩ කිලාස ක්‍ෂය අපස්මාර දද්‍රැ කණ්ඩුති කච්ඡු රඛසා විතච්ඡිකා රක්තපිත්ත මධුමෙහ අර්‍ශස් පිඩකා භගන්දර පිත්තජරොග ශෙලෂ්මජරොග සාන්නිපාතිකාබාධ ඍතුපරිණාමජආබාධ විෂමපරිහාරජආබාධ ඖපක්‍රමිකආබාධ කර්‍මවිපාකජආබාධ, ශීතොෂ්ණ ජිඝත්සා පිපාසා උච්චාර ප්‍රස්‍රාව, මැසි - මදුරු - වා - අව් දිග් දෑ පහසින් වූ දුක... මාතෘමරණයෙන් වූ දුක... පිතෘමරණ දුක... භ්‍රාතෘමරණ දුක... භගනීමරණ දුක... පුත්‍රමරණ දුක... ධීතෘමරණ දුක... ඥාතිව්‍යසනයෙන් වූ දුක... භොගව්‍යසන දුක... රෝගව්‍යසන දුක... ශීලව්‍යසන දුක... දෘෂ්ටිව්‍යසන දුක අනුව එයි, සමීපයට යයි, පැමිණේ නුයි ‘තතො නං දුක්ඛමන්වෙති’ යනු වේ.
Pali BJTනාවං භින්නමිවොදකන්ති - යථා භින්නං නාවං උදකදායිතො{9} තතො තතො උදකං අන්වෙති අනුගච්ඡති අන්වායිකං හොති. පුරතොපි උදකං අන්වෙති අනුගච්ඡති අන්වායිකං හොති. පච්ඡතොපි, හෙට්ඨතොපි, පස්සතොපි උදකං අන්වෙති අනුගච්ඡති අන්වායිකං හොති. එවමෙව තතො තතො පරිස්සයතො තං පුග්ගලං දුක්ඛං අන්වෙති අනුගච්ඡති අන්වායිකං හොති. ජාතිදුක්ඛං අන්වෙති අනුගච්ඡති අන්වායිකං හොතීති. -පෙ- දිට්ඨිව්යසනං දුක්ඛං අන්වෙති අනුගච්ඡති අන්වායිකං හොතීති නාවං භින්නමිවොදකං.
Sinhala BJTනාවං භින්නමිවොදකං - යම් සේ බිඳුණු නැවට ඒ ඒ සිදුරෙන් දිය පිවිසේ ද, පිටුපසින් ද යටින් ද දෙපසින් ද ජලය පිවිසේ ද, එසෙයින් ම ඒ ඒ උපද්‍රවයෙන් ඒ පුද්ගලයා කරා දුක පිවිසෙයි, අනුව යෙයි, පැමිණේ. ජාතිදුක පිවිසෙයි... දෘෂ්ටිව්‍යසනයෙන් වූ දුක පිවිසෙයි, අනුව යෙයි, පැමිණේ නුයි ‘නාවං භින්නමිවොදකං’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ, බුදුහු:
Pali BJT“අබලා නං බලීයන්ති මද්දන්තෙ නං පරිස්සයා, තතො නං දුක්ඛමන්වෙති නාවං භින්නමිවොදක”න්ති.
Sinhala BJT“අබලානං බලියන්ති -පෙ- නාවං භින්නමිවොදකං” යි.
Pali BJT1. 6.
Sinhala BJT1. 6.
Pali BJT“තස්මා ජන්තු සදා සතො කාමානි පරිවජ්ජයෙ, තෙ පහාය තරෙ ඔඝං නාවං සිත්වාව පාරගූ.”
Sinhala BJTඑහෙයින් සත්ත්‍ව තෙමේ සියලු කල්හි සිහි ඇති වැ කාමයන් දුරු කරන්නේ යැ. මෙසේ ඒ කාමයන් දුරුකොට බිඳුණු නැව දිය ඉස පරතෙර යන්නකු සෙයින් චතුරෝඝය තරණය කරන්නේ යි.
Pali BJTතස්මා ජන්තු සදා සතොති - තස්මා තංකාරණා තංහෙතු තප්පච්චයා තංනිදානා එතං ආදීනවං සම්පස්සමානො කාමෙසූති තස්මා; ජන්තූති සත්තො නරො මානවො පොසො පුග්ගලො ජීවො ජාගූ{1} ජන්තු ඉන්දගූ මනුජො; සදාති සදා සබ්බදා සබ්බකාලං නිච්චකාලං ධුවකාලං සතතං සමිතං අබ්බොකිණ්ණං{2} පොඞ්ඛානුපොඞ්ඛං{3} උදකොමිකාජාතං අවීචි සන්තති සහිතං ඵුස්සිතං{4} පුරෙභත්තං පච්ඡාභත්තං පුරිමං යාමං මජ්ඣිමං යාමං පච්ඡිමං යාමං කාළෙ ජුණ්හෙ වස්සෙ හෙමන්තෙ ගිම්හෙ පුරිමෙ වයොඛන්ධෙ මජ්ඣිමෙ වයොඛන්ධෙ පච්ඡිමෙ වයොඛන්ධෙ; සතොති චතුහි කාරණෙහි සතො: කායො කායානුපස්සනාසතිපට්ඨානං භාවෙන්තො සතො, වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සනාසතිපට්ඨානං භාවෙන්තොපි සතො. අපරෙහිපි චතුහි කාරණෙහි සතො -පෙ-{*} සො වුච්චති ‘සතො’ති. තස්මා ජන්තු සදා සතො.
Sinhala BJTතස්මා ජන්තු සදා සතෝ - එහෙයින් එකරුණෙන් ඒ හේතුයෙන් ඒ ප්‍රත්‍යයෙන් ඒ නිදානයෙන් කාමයන්හි තෙල ආදීනව දක්නේ නුයි තස්මා: ජන්තු සත්ත්‍ව - නර-මාණව-පුරුෂ-පුද්ගල - ජීව - ජාගු - ජන්තු - ඉන්දගු - මනුජ තෙම; සදා - සියලු දවස්හි, සියලු කල්හි, දවසක් පාසා, අවිච්ඡන්න ව, නිරතුරු, අව්‍යාකීර්‍ණ ව, පිළිවෙළින් එක් ව, රළවැළක් මෙන් අවිරල ව, නො සිඳැ, එක් ව, ස්පෘෂ්ට ව, පෙරබතැ, පසුබතැ, පෙරයම්හි, මැදියම්හි, පසුයම්හි, අවපසැ, පුරපසැ, වසන්හි, හිමත්හි, ගිමන්හි, පෙරවියෙහි, මැදිවියෙහි, පසුවියෙහි; සතෝ යනු: සතර කරුණෙකින් සිහි ඇතියේ, කයෙහි කායානුපස්සනා සීවටන් වඩමින් සිහි ඇතියේ, වේදනාවන්හි... චිත්තයෙහි... ධර්‍මයන්හි ධම්මානුපස්සනා සීවටන් වඩමින් සිහි ඇතියේ; අන්‍ය වූ ද සතර කාරණයකින් සිහි ඇතියේ...*හෙතෙම ස්මෘතිමත් වූයේ සිහි ඇතියේ යයි කියනු ලැබේ නුයි ‘තස්මා ජන්තු සදා සතෝ’ යනු වේ.
Pali BJTකාමානි පරිවජ්ජයෙති - කාමාති උද්දානතො ද්වෙ කාමා: වත්ථු කාමා ච කිලෙසකාමා ච. -පෙ-ඉමෙ වුච්චන්ති වත්ථුකාමා. -පෙ- ඉමෙ වුච්චන්ති කිලෙසකාමා. කාමානි පරිවජ්ජයෙති ද්වීහි කාරණෙහි කාමෙ පරිවජ්ජෙය්ය: වික්ඛම්භණතො වා සමුච්ඡෙදතො වා. කථං වික්ඛම්භණතො කාමෙ පරිවජ්ජෙය්ය? අට්ඨිකඞ්කලූපමා කාමා අප්පස්සාදට්ඨෙනාති පස්සන්තො වික්ඛම්භණතො කාමෙ පරිවජ්ජෙය්ය. මංසපෙසූපමා කාමා බහුසධාරණට්ඨෙනාති පස්සන්තො වික්ඛම්භණතො කාමෙ පරිවජ්ජෙය්ය. තිණුක්කූපමා කාමා අනුදහනට්ඨෙනාති පස්සන්තො වික්ඛම්භණතො කාමෙ පරිවජ්ජෙය්ය. -පෙ- නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිං භාවෙන්තොපි වික්ඛම්භණතො කාමෙ පරිවජ්ජෙති. එවං වික්ඛම්භණතො කාමෙ පරිවජ්ජෙය්ය. -පෙ- එවං සමුච්ඡෙදතො කාමෙ පරිවජ්ජෙය්යාති කාමානි පරිවජ්ජෙයෙ.
Sinhala BJTකාමානි පරිවජ්ජයෙ - කාමා යනු: විස්තර හෙයින් වස්තුකාමයෝ ද ක්ලේශකාමයෝ දැයි කාමයෝ දෙදෙනෙක් වෙති. (වස්තුකාමයෝ නම් මනාපිකරූපාදීහු)... මොහු වස්තුකාමයෝ යැයි කියනු ලැබෙත්. (ක්ලේශකාමයෝ නම් ඡන්දකාමාදීහු)... මොහු ක්ලේශකාමයෝ යැයි කියනු ලැබෙත්. කාමානි පරිවජ්ජයෙ - දෙ කරුණෙකින් කාමයන් දුරු කරන්නේ ය: විෂ්කම්භණ හෙයින් හෝ සමුච්ඡේද හෙයිනැ. කිසෙයින් විෂ්කම්භණ හෙයින් කාමයන් දුරු කරන්නේ ද යත්: අස්ථිකඞ්කාලයක් (ඇටසැකිල්ලක්) වැන්නැ කාමයෝ අල්පාස්වාද හෙයිනැයි දක්නේ විෂ්කම්භණ හෙයින් කාමයන් දුරු කරන්නේ යැ. මාංසපේශියක් වැන්නැ කාමයෝ බහුසාධාරණ වන බැවිනැයි දක්නේ කාමයන් විෂ්කම්භණ හෙයින් දුරු කරන්නේ යැ. තෘණොල්කාවක් (තණහුලක්) වැන්නැ කාමයෝ අනුදහන (දහනකිස සපයන) බැවිනැයි දක්නේ විෂ්කම්භණ හෙයින් කාමයන් දුරු කරන්නේ යැ... නෛවසංඥානාසංඥායතන සමාපත්ති වඩනුයේ ද විෂ්කම්භණ විසින් කාමයන් දුරු කරන්නේ යැ. මෙපරිද්දෙන් විෂ්කම්භණ හෙයින් කාමයන් දුරු කරන්නේ යි. (සෝවාන් මඟ වඩමින් අපායගමනීය කාමයන් සමුච්ඡේද හෙයින් දුරු කරන්නේ යැ)... මෙසෙයින් සමුච්ඡේද හෙයින් කාමයන් දුරු කරන්නේ නුයි ‘කාමානි පරිවජ්ජයෛ’ යනු වේ.
Pali BJTතෙ පහාය තරෙ ඔඝන්ති - තෙති වත්ථුකාමෙ පරිජානිත්වා කිලෙසකාමෙ පහාය පජහිත්වා විනොදෙත්වා ව්යන්තීකරිත්වා අනභාවං ගමෙත්වා කාමච්ඡන්දනීවරණං පහාය පජහිත්වා විනොදෙත්වා ව්යන්තීකරිත්වා අනභාවං ගමෙත්වා, ව්යාපාදනීවරණං -පෙ- ථීනමිද්ධනීවරණං -පෙ- උද්ධච්චකුක්කුච්චනීවරණං -පෙ- විචිකිච්ඡානීවරණං පහාය පජහිත්වා විනොදෙත්වා ව්යන්තීකරිත්වා අනභාවං ගමෙත්වා කාමොඝං දිට්ඨොඝං අවිජ්ජොඝං තරෙය්ය උත්තරෙය්ය පතරෙය්ය සමතික්කමෙය්ය වීතිවත්තෙය්යාති - තෙ පහාය තරෙ ඔඝං.
Sinhala BJTතෙ පහාය තරෙ ඕඝං - තෙ යනු: වස්තුකාමයන් පරිජානනය කොට ක්ලේශකාමයන් පහාය - (හැර) දුරු කොට විනෝදනය කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා, කාමච්ඡන්‍දනීවරණය හැර දුරු කොට විනෝදනය කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා, ව්‍යාපාද නීවරණය... ථීනමිද්ධනීවරණය... උද්ධච්චකුක්කුච්චනීවරණය... විචිකිච්ඡානීවරණය... අනභාවයට පමුණුවා, කාමෝඝය භවොඝය දෘෂ්ට්‍යොඝය අවිද්‍යොඝය තරණය කරන්නේය, උත්තරණය, ප්‍රතරණය, සමතික්‍රමණය කරන්නේය ඉක්මවන්නේ නුයි ‘තෙ පහාය තරෙ ඕඝං’ යනු වේ.
Pali BJTනාවං සිත්වාව පාරගූති - යථා ගරුකං නාවං භාරිකං උදකං සිඤ්චිත්වා ඔසිඤ්චිත්වා ඡඩ්ඩෙත්වා ලහුකාය නාවාය ඛිප්පං ලහුං අප්පකසිරෙනෙව පාරං ගච්ඡෙය්ය, එවමෙවං වත්ථුකාමෙ පරිජානිත්වා කිලෙසකාමෙ පහාය පජහිත්වා විනොදෙත්වා ව්යන්තීකරිත්වා අනභාවං ගමෙත්වා, කාමච්ඡන්දනීවරණං - ව්යාපාදනීවරණං - ථීනමිද්ධනීවරණං - උද්ධච්චකුක්කුච්චනීවරණං - විචිකිච්ඡානීවරණං පහාය පජහිත්වා විනොදෙත්වා ව්යන්තීකරිත්වා අනභාවං ගමෙත්වා ඛිප්පං ලහුං පාරං අප්පකසිරෙනෙව ගච්ඡෙය්ය. පාරං වුච්චති අමතං නිබ්බානං. යො සො සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං. ‘පාරං ගච්ඡෙය්යා’ති පාරං අධිගච්ඡෙය්ය පාරං ඵුසෙය්ය පාරං සච්ඡිකරෙය්ය. පාරගූති යො’පි පාරං ගන්තුකාමො සො’පි පාරගූ, යො’පි පාරං ගච්ඡති සො’පි පාරගූ, යො’පි පාරං ගතො සො’පි පාරගූ.
Sinhala BJTනාවං සිත්වාවපාරගූ - යම්සේ බර වූ බඩු පුරවන ලද නැවක් දිය ඉස, ඉවත් කොට, හැරදමා, සැහැල්ලු වූ නැවින් ශීඝ්‍ර වැ වහා නිදුකින් මැ පරතෙරට යන්නේ ද, එසෙයින් වස්තුකාමයන් තීරණප්‍රඥාවෙන් දැන ක්ලේශකාමයන් (ප්‍රහාණ පරිඥාවෙන්) පරිත්‍යාග කොට හැරදමා විනෝදනය කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා, කාමච්ඡන්‍දනීවරණය - ව්‍යාපාද නීවරණය - ථීනමිද්ධනීවරණය - උද්ධච්චකුක්කුච්චනීවරණය - විචිකිච්ඡානීවරණය පරිත්‍යාග කොට, හැරදමා, විනෝදනය කොට, විගතාන්ත කොට, අනභාවයට පමුණුවා, ශීඝ්‍ර වැ වහා නිදුකින් මැ පරතෙරට යන්නේ යැ. අමෘත වූ නිර්‍වාණය ‘පාර’ යයි කියනු ලැබේ. යම් ඒ සියලු සංස්කාරයන්ගේ සන්හිඳීමෙක් සියලු උපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාවගේ ක්‍ෂය කිරීමෙක් ක්ලෙශවිරාගයෙක් දුඃඛනිරෝධයෙක් වේ ද, ඒ නිර්‍වාණයයි. ‘පාරං ගච්ඡෙය්‍ය’ යනු: (ඒ නිර්‍වාණ සඞ්ඛ්‍යාත වූ) පාරය අධිගම කරන්නේ යැ, පාරය (දුභතෝ වුට්ඨාන මාර්‍ගඥානයෙන්) ස්පර්‍ශ කරන්නේ යැ, (ප්‍රත්‍යවේක්‍ෂාඥානයෙන්) පාරය ප්‍රත්‍යක්‍ෂ කරන්නේ යි. පාරාගු යනු: යමෙක් පාරයට යනු කැමැති වූයේ නම් හෙ ද ‘පාරගූ’ නමැ, යමෙක් පාරයට යේ නම් හෙ ද ‘පාරගු’ නමැ, යමෙක් පාරයට ගියේ නම් හෙ ද ‘පාරගූ’ නමි.
Pali BJTවුත්තං හෙතං භගවතා:
Sinhala BJTමේ වදාළේ මැනු භගවත්හු විසින්:
Pali BJT“තිණ්ණො පාරගතො{1} ථලෙ තිට්ඨති බ්රාහ්මණො”ති ඛො භික්ඛවෙ, අරහතො එතං අධිවචනං. සො අභිඤ්ඤාපාරගූ පරිඤ්ඤාපාරගූ පහාණපාරගූ භාවනාපාරගූ සච්ඡිකිරියාපාරගූ සමාපත්තිපාරගූ; අභිඤ්ඤාපාරගූ සබ්බධම්මානං, පරිඤ්ඤාපාරගූ සබ්බදුක්ඛානං, පහාණපාරගූ සබ්බකිලෙසානං, භාවනාපාරගූ චතුන්නං අරියමග්ගානං, සච්ඡිකිරියා{2}පාරගූ නිරොධස්ස, සමාපත්තිපාරගූ සබ්බසමාපත්තීනං. සො වසිප්පත්තො පාරමිප්පත්තො අරියස්මිං සීලස්මිං, වසිප්පත්තො පාරමිප්පත්තො අරියස්මිං සමාධිස්මිං, වසිප්පත්තො පාරමිප්පත්තො අරියාය පඤ්ඤාය, වසිප්පත්තො පාරමිප්පත්තො අරියාය විමුත්තියා. සො පාරගතො පාරප්පත්තො අන්තගතො අන්තප්පත්තො කොටිගතො කොටිප්පත්තො පරියන්තගතො පරියන්තප්පත්තො වොසානගතො වොසානප්පත්තො තාණගතො තාණප්පත්තො ලෙණගතො ලෙණප්පත්තො සරණගතො සරණප්පත්තො අභයගතො අභයප්පත්තො අච්චුතගතො අච්චුතප්පත්තො අමතගතො අමතප්පත්තො නිබ්බාණගතො නිබ්බාණප්පත්තො. සො වුත්ථවාසො චිණ්ණචරණො ගතද්ධො{3} ගතදිසො ගතකොටිකො පාලිතබ්රහ්මචරියො උත්තමදිට්ඨිප්පත්තො භාවිතමග්ගො පහීණකිලෙසො පටිවිද්ධාකුප්පො සච්ඡිකතනිරොධො.
Sinhala BJT“තිණ්ණො පාරගතො ථලෙ තිට්ඨති බ්‍රාහ්මණො” යී මහණෙනි, තෙල රහත් හට අධිවචනයෙකි (නමෙකි.) හේ ‘අභිඤ්ඤාපාරගු’ යැ, ‘පරිඤ්ඤාපාරගු’ යැ, ‘පහාණපාරගු’ යැ, ‘භාවනාපාරගු’ යැ, ‘සච්ඡිකිරියාපාරගු’ යැ, ‘සමාපත්ති පාරගු’ ද වේ. සියලු (පඤ්චස්කන්‍ධාදී) ධර්‍මයන්ගේ අභිඥා (-ඥාතපරිඥා) වෙන් නිර්‍වාණපාරයට ගියේ වෙයි, සියලු (ජාත්‍යාදි) දුඃඛයන් ගේ තීරණපරිඥාවෙන් පාරයට ගියේ වෙයි, (කායදුශ්චරිතාදි) සියලු ක්ලේශයන්ගේ ප්‍රහාණපරිඥාවෙන් පාරයට ගියේ වෙයි, (ස්‍රොතාපත්‍යාදි) සතර ආර්‍ය්‍යමාර්‍ගයන්ගේ භාවනායෙන් පාරයට ගියේ වෙයි, එල - නිර්‍වාණ- වශයෙන් ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් නිර්‍වාණයාගේ පාරයට ගියේ වෙයි, (අෂ්ටවිධ රූපාරූප) සියලු සමාපත්තීන්ගේ සමාපත්තියෙන් පාරයට ගියේ වේ. හෙතෙම ආර්‍ය්‍ය (-උත්තම හෝ නිරේදොෂ) ශීලයෙහි වශීභාවයට අවසානයට (-නිෂ්ඨාවට) පැමිණියේ, ආර්‍ය්‍යසමාධියෙහි වශීභාවයට අවසානයට පැමිණියේ, ආර්‍ය්‍යප්‍රඥායෙහි වශීභාවයට අවසානයට පැමිණියේ ආර්‍ය්‍යවිමුක්තියෙහි වශීභාවයට අවසානයට පැමිණියේ; හෙතෙම (මාර්‍ගයෙන්) පාරයට ගියේ, (ඵලයෙන්) පාරයට පැමිණියේ, (මාර්‍ගයෙන් සංස්කාරලෝකයෙහි) අන්තයට ගියේ, (ඵලයෙන්) අන්තයට පැමිණියේ, (මාර්‍ගයෙන් සංස්කාරයන්ගේ) කෝටි - කෙළවරට ගියේ, ඵලයෙක් කෙළවරට පැමිණියේ, (මාර්‍ගයෙන් ආයතනාදි ලෝක) පර්‍ය්‍යන්තයට ගියේ පර්‍ය්‍යන්තයට පැමිණියේ, (මාර්‍ගයෙන් අවසානයට ගියේ, (ඵලයෙන්) අවසානයට පැමිණියේ, ත්‍රාණයට ගියේ ත්‍රාණප්‍රාප්ත වූයේ, ලෙනයට ගියේ ලෙනප්‍රාප්ත වූයේ, සරණ - ප්‍රතිෂ්ඨාවට ගියේ සරණප්‍රාප්ත වූයේ, අභයගත - අභයප්‍රාප්ත වූයේ, අච්‍යුතිගත - අච්‍යුතිප්‍රාප්ත වූයේ, අමෘතගත - අමෘතප්‍රාප්ත වූයේ, (මාර්‍ගයෙන්) නිර්‍වාණගත වූයේ (ඵලයෙන්) නිර්‍වාණප්‍රාප්ත වූයේ; හෙතෙම (දශවිධ ආර්‍ය්‍යවාසය) වැස නිමවූයේ, (ශීලය හා සමාධියෙහි) චීර්‍ණවශී වූයේ, සසර අදන්මඟ ඉක්මවූයේ, (පෙර නො ගිය විරූ) නිවන් දෙසට ගියේ, (අනුපාදිශේෂ නිර්‍වාණකොටියට පැමිණ සිටියේ, රක්‍ෂිත බ්‍රහ්මචරියවාස ඇත්තේ, උත්තම සම්‍යග්දෘෂ්ටියට පැමිණියේ, භාවිතමාර්‍ග ඇත්තේ, ප්‍රහීණ ක්ලේශ ඇත්තේ, ප්‍රතිවේධ කළ (අර්‍හත්ඵලසඞ්ඛ්‍යාත) අකෝප්‍යය ඇත්තේ, සාක්‍ෂාත්කෘත නිරෝධ ඇත්තේ වෙයි.
Pali BJTදුක්ඛං තස්ස පරිඤ්ඤාතං, සමුදයො පහීණො, මග්ගො භාවිතො, නිරොධො සච්ඡිකතො. අභිඤ්ඤෙය්යං අභිඤ්ඤාතං, පරිඤ්ඤෙය්යං පරිඤ්ඤාතං, පහාතබ්බං පහීණං, භාවෙතබ්බං භාවිතං, සච්ඡිකාතබ්බං සච්ඡිකතං. සො උක්ඛිත්තපලිඝො සඞ්කිණ්ණපරිඛො අබ්බූළ්හෙසිකො නිරග්ගලො අරියො පණ්ණද්ධජො පණ්ණභාරො විසඤ්ඤුත්තො. පඤ්චඞ්ගවිප්පහීණො ඡළඞ්ගසමන්නාගතො එකාරක්ඛො චතුරපස්සෙනො පනුණ්ණපච්චෙකසච්චො සමවයසට්ඨෙසනො අනාවිලසඞ්කප්පො පස්සද්ධකායසංඛාරො සුවිමුත්තචිත්තො සුවිමුත්තපඤ්ඤො කෙවලී වුසිතවා උත්තමපුරිසො පරමපුරිසො පරමප්පත්තිපත්තො.
Sinhala BJTඔහු විසින් දුක පරිඥාත යැ, සමුදය ප්‍රහීණ යැ, මාර්‍ගය භාවිත යැ, නිරෝධය සාක්‍ෂාත්කෘත යි. (ස්වලක්ෂණාවබෝධයෙන්) අභිඥාතව්‍යය - දතයුත්ත අභිඥාත යැ, (සාමාන්‍ය ලක්‍ෂණාවබොධයෙන්) පරිඥාතව්‍යය හාත්පසින් දතයුත්ත පරිඥාත යැ, ප්‍රහාතව්‍යය ප්‍රහීණ යැ, භාවිතව්‍යය භාවිත යැ, සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත්කෘත යි. හෙතෙම නගන ලද (උත්ක්‍ෂිප්ත) අවිද්‍යාපරිඝය ඇත්තේ යැ, සංකීර්‍ණ (විසුරුවන ලද) කර්‍මාභිසංස්කාරපරිඛා ඇත්තේ යැ, උදුරන ලද තෘෂ්ණා ඒෂිකා ඇත්තේ යැ, (ඕරම්භාගිය සංයෝජන සඞ්ඛ්‍යාත) අර්‍ගල රහිත යැ, ආර්‍ය්‍ය (නික්ලේශ) යැ, හෙළන ලද මානධ්වජ ඇත්තේ යැ, තබන ලද ස්කන්‍ධාදි භාර ඇත්තේ යැ, (චතුර්විධ යෝගයෙන්) විසංයුක්ත යැ, (කාමච්ඡන්‍දාදි) පඤ්චාඞ්ගවිප්‍රහීණ යැ, ෂඩඞ්ගොපෙක්ෂාවෙන් සමන්‍විත යැ, (ස්මෘතිසඞ්ඛ්‍යාත) එකාරක්ෂා ඇත්තේ යැ, (ප්‍රතිසෙවනාදි) චතුර්විධ අපශ්‍රයන ඇත්තේ යැ, බැහැර කළ ප්‍රත්‍යෙකසත්‍ය ඇත්තේ යැ, මොනවට හරන ලද සියලු ඒෂණා (-සෙවීම්) ඇත්තේ යැ, අනාවිලසංකල්ප ඇත්තේ ය, සන්හිඳුණු කායසංස්කාර ඇත්තේ යැ, සුවිමුක්තචිත්ත යැ, සිවිමුක්තප්‍රාඥ යැ, පරිපූර්‍ණ යැ, වුසූ බඹසරවස් ඇත්තේ යැ, උත්තමපුරුෂ යැ, පරමපුරුෂ යැ, පරමප්‍රාප්තියට පැමිණියේ යි.
Pali BJTසො නෙව ආචිනාති න අපචිනාති අපචිනිත්වා{1} ඨිතො. නෙව පජහති න උපාදියති පජහිත්වා ඨිතො. නෙව සිනෙති{2} න උස්සිනෙති විසිනිත්වා ඨිතො. නෙව විධූපෙති න සන්ධූපෙති විධූපෙත්වා ඨිතො. අසෙඛෙන සීලක්ඛන්ධෙන සමන්නාගතත්තා ඨිතො, අසෙඛෙන සමාධික්ඛන්ධෙන අසෙඛෙන පඤ්ඤාක්ඛන්ධෙන අසෙඛෙන විමුත්තික්ඛන්ධෙන අසෙඛෙන විමුත්තිඤාණදස්සනක්ඛන්ධෙන සමන්නාගතත්තා ඨිතො. සච්චං සම්පටිපාදියිත්වා ඨිතො, එජං සමතික්කමිත්වා ඨිතො, කිලෙසග්ගිං පරියාදියිත්වා ඨිතො, අපරිගමනතාය ඨිතො. කථං{3} සමාදාය ඨිතො, මුත්තිපටිසෙවනතාය ඨිතො, මෙත්තාය පාරිසුද්ධියා ඨිතො, කරුණාය මුදිතාය උපෙක්ඛාය පාරිසුද්ධියා ඨිතො, අච්චන්තපාරිසුද්ධියා ඨිතො, අතම්මයතාය{4} පාරිසුද්ධියා ඨිතො, විමුත්තත්තා ඨිතො, සංතුස්සිතත්තා ඨිතො, ඛන්ධපරියන්තෙ ඨිතො, ධාතුපරියන්තෙ ඨිතො, ආයතන පරියන්තෙ ඨිතො, ගතිපරියන්තෙ ඨිතො, උපපත්තිපරියන්තෙ ඨිතො, පටිසන්ධිපරියන්තෙ ඨිතො, සංසාරපරියන්තෙ ඨිතො, වට්ටපරියන්තෙ ඨිතො, අන්තිමෙ භවෙ ඨිතො, අන්තිමෙ සමුස්සයෙ ඨිතො, අන්තිමදෙහධරො අරහා.
Sinhala BJTහෙතෙම (කුශලාකුශලවිපාකය) රැස් නො කෙරෙයි. (ඵලයෙහි සිටි හෙයින් විපාක) විධ්වංශනය නො කෙරෙයි. කෙලෙසුන් නසා සිටියේ වෙයි. (අවිද්‍යමාන හෙයින් කෙලෙසුන්) නො මැ දුරු කෙරෙයි. (තෘෂ්ණා - මාන දෘෂ්ටි විසින්) උපාදානය නො කෙරෙයි. (කෙලෙසුන්) දුරු කොට සිටියේ වෙයි. (තෘෂ්ණාවශයෙන්) නො මැ සීවනය (-බැඳීම) කෙරෙයි. (මානවශයෙන්) උත්කර්‍ෂණය නො කෙරෙයි. තෘෂ්ණාබන්‍ධනය දුරු කොට සිටියේ වෙයි. (අවිද්‍යමාන හෙයින් කෙලෙස්ගිනි) නො මැ නිවයි. නො ද දල්වයි. විධූපනය කොට (-නිවා) සිටියේ වේ. අශෛක්‍ෂ වූ ශීලස්කන්‍ධයෙන් සමන්‍විත බැවින් සිටියේ අශෛක්‍ෂ වූ සමාධිස්කන්‍ධයෙන්... අශෛක්‍ෂ වූ ප්‍රඥාස්කන්‍ධයෙන්... අශෛක්‍ෂ වූ විමුක්තිස්කන්‍ධයෙන්... අශෛක්‍ෂ වූ විමුක්තිඥානදර්‍ශනස්කන්‍ධයෙන් සමන්‍විත බැවින් සිටියේ, චතුස්සත්‍යය ප්‍රතිවේධ කොට සිටියේ, තෘෂ්ණාව ඉක්මවා සිටියේ, කෙලෙස්ගිනි ගෙවා සිටියේ, නැවත සංසාරයෙහි ගමන් නැති බැවින් සිටියේ, නයග්‍රහණයෙන් ගෙන සිටියේ, විමුක්තිප්‍රතිසෙවනභාවයෙන් සිටියේ, මෛත්‍රීපාරිශුද්ධියෙන් සිටියේ, කරුණා - මුදිතා - උපෙක්ෂාපාරිශුද්ධියෙන් සිටියේ, අත්‍යන්තපාරිශුද්ධියෙන් සිටියේ, අතම්මයතා (-තෘෂ්ණා - දෘෂ්ටි මානාභාව) පාරිශුද්ධියෙන් සිටියේ, සර්‍වක්ලෙශවිමුක්තභාවයෙන් සිටියේ, (යථාලාභාදි) සන්තුෂ්ටභාවයෙහි සිටියේ, ස්කන්ධපර්‍ය්‍යන්තයෙහි සිටියේ, ධාතුපර්‍ය්‍යන්තයෙහි සිටියේ, ආයතනපර්‍ය්‍යන්තයෙහි සිටියේ, ගතිපර්‍ය්‍යන්තයෙහි සිටියේ, උත්පත්තිපර්‍ය්‍යන්තයෙහි සිටියේ, ප්‍රතිසන්ධිපර්‍ය්‍යන්තයෙහි සිටියේ, සංසාරපර්‍ය්‍යන්තයෙහි සිටියේ, වෘත්තපර්‍ය්‍යන්තයෙහි සිටියේ, අන්තිමභවයෙහි සිටියේ, අන්තිම ශරීරයෙහි සිටියේ, අන්තිමදෙහධර වූයේ, ආරකාදිභාවයෙන් අර්‍හත් වූයේ වේ.
Pali BJT1. තස්සායං පච්ඡිමකොටි{5} චරිමොයං සමුස්සයො, ජාතිමරණසංසාරො නත්ථි තස්ස පුනබ්භවොති.
Sinhala BJT1. ඒ රහත්හුගේ මේ පශ්චිම කොටිය (කෙළවර) වෙයි. මේ අන්තිම ශරීරය වෙයි. ජාතිමරණසංසාරය, පුනර්‍භවය ඔහුට නැත්තේ යි.
Pali BJTනාවං සිත්වාව පාරගූ.
Sinhala BJT‘නාවං සිත්වාව පාරගු’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“තස්මා ජන්තු සදා සතො කාමානි පරිවජ්ජයෙ, තෙ පහාය තරෙ ඔඝං නාවං සිත්වා පාරගූ”ති.
Sinhala BJT“තස්මා ජන්තු සදා සතෝ -පෙ- නාවං සිත්වාව පාරගු” යනු.
Pali BJTකාමසුත්තනිද්දෙසො පඨමො සමත්තො.
Sinhala BJTපළමුවැනි කාමසූත්‍ර නිර්‍දෙශය සමාප්ත යි.