Mahāniddesa

Great Exposition

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 2295 segments

පෙන්වන කොටස් 301-400 න් 2295

නිරස්සති ආදියතිච්ච ධම්මං - ‘නිරස්සති’ යනු: දෙකරුණෙකින් දුර ලයි: පරවිච්ඡන්දනායෙන් හෝ දුර ලයි, අනභිසම්භවනයෙන් හෝ දුර ලයි. කිසෙයින් පරවිච්ඡන්දනායෙන් (=අන්‍යයන් විසින් වෙන් කරනු ලැබීමෙන්) දුර ලයි යත් - අනෙකෙක් වියෝග කෙරෙයි: ‘ඒ ශාස්තෘ සර්‍වඥ නො වෙයි. ධර්‍මය ස්වාඛ්‍යාත නො වෙයි, ගණයා සුප්‍රතිපන්න නො වෙයි, දෘෂ්ටිය සොඳුරු නො වෙයි, ප්‍රතිපදාව සුප්‍රඥප්ත නො වෙයි, මාර්‍ගය නෛර්‍ය්‍යාණික නො වෙයි, මෙහි ශුද්ධියක් හෝ විශුද්ධියක් - පාරිශුද්ධියක් - මුක්තියක් - විමුක්තියක් - පරිමුක්තියක් හෝ නැත; මෙහි ශුද්ධ වෙතී හෝ විශුද්ධ වෙතී - පරිශුද්ධ වෙතී - මුක්ත වෙතී - විමුක්ත වෙතී - පරිමුක්ත වෙතී හෝ නැත; හීනයෝ යැ, නිහීනයෝ යැ, අවමකයෝ යැ, ලාමකයෝ යැ, ඡත්තක (=ප්‍රත්‍යයහීන)යෝ යැ, අල්පයෝ යැ’යි මෙසෙයින් අනෙකෙක් වියෝග කරවයි. මෙසේ වියෝග කරනු ලබනුයේ ශාස්තෘහු දුර ලයි, ධර්‍මාඛ්‍යානය - ගණයා - දෘෂ්ටිය - ප්‍රතිපදාව - මාර්‍ගය දුර ලයි. මෙසේ පරවිච්ඡන්දනායෙන් දුර ලයි. කිසෙයින් අනභිසම්භවනයෙන් (=නොපැමිණෙනුයේ හෝ නො හැකි වනුයේ) දුර ලයි යත්: ශීලය නො පුරනුයේ ශීලය දුර ලයි, ව්‍රතය නො පුරනුයේ ව්‍රතය දුර ලයි, ශීලව්‍රතය නො පුරනුයේ ශීලව්‍රතය දුර ලයි. ආදියතිච්ච ධම්මං - ශාස්තෘහු ගනී, ධර්‍මාඛ්‍යානය - ගණයා - දෘෂ්ටිය - ප්‍රතිපදාව - මාර්‍ගය ගනී පරාමර්‍ශ කෙරෙයි, බැසගනී නුයි ‘නිරස්සති ආදියතිච්ච ධම්මං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“දිට්ඨනිවෙසා -පෙ- ආදියතිච්ච ධම්මං” යනු.
යම් හෙයකින් ධුතපාප ඇති ක්‍ෂීණාස්‍රව මහණහු හට කාමාදිභවයන්හි ආත්මභාවලොකයෙහි කිසි තැනෙක්හි තෘෂ්ණාදෘෂ්ටි විසින් ප්‍රකල්පිත (=සලකන ලද) දෘෂ්ටියක් නැද්ද, එහෙයින් ඒ ක්‍ෂීණාස්‍රව තෙම මායාව ද මානය ද දුර ලා සිටියේ රාගාදි කුමකින් නිරයාදිගතිවිශෙෂයකට යන්නේ ද, හෙතෙම තෘෂ්ණාදෘෂ්ටිඋපය (=දෝෂ) රහිත වූයේ මැයි.
ධොනස්ස හි නත්‍ථි කුහිඤ්චි ලෝකේ පකප්පිතා දිට්ඨි භවාභවෙසු - ‘ධොනො’ යනු: ‘ධොනා’ යී ප්‍රඥාව කියනු ලබයි. අනිත්‍යාදිප්‍රකාරයෙන් ධර්‍මයන් දැනගන්නා වූ අනිත්‍යාදිය විමසන්නා වූ ප්‍රකර්‍ෂයෙන් විමසන්නා වූ සිවුසස්දහම් විමසන්නා වූ අනිත්‍යාදිය සලකන උපලක්‍ෂණ - ප්‍රත්‍යුපලක්‍ෂණ වූ පණ්ඩිතබව කුසලබව නිපුණබව යයි කියන ලද අනිත්‍යාදිය විභාවනය කරන අනිත්‍යාදිය සිතන පරීක්‍ෂා කරන පොළොව මෙන් පතළ හෙයින් භූරි නම් වූ කෙලෙසුන් නසන හෙයින් මේධා යයි කියන ලද යාථාවලක්ෂණප්‍රතිවෙධයෙහි පමුණුවන හෙයින් පරිණායිකා නම් වූ අනිත්‍යාදි විසින් ධර්‍මයන් දක්නා හෙයින් විදර්‍ශනා නම් වූ අනිත්‍යාදිය දැනගන්නා හෙයින් සම්ප්‍රඥාන නම් වූ නොමග යන සිත විදසුන්මඟට නඟන හෙයින් ප්‍රතෝදයක් (=කෙවිටක්) වැනි වූ ප්‍රඥෙන්ද්‍රිය ප්‍රඥාබලය (කෙලෙස් සිඳින හෙයින්) ප්‍රඥශස්ත්‍රය (අත්‍යුද්ගත හෙයින්) ප්‍රඥාප්‍රාසාදය ප්‍රඥාලෝකය ප්‍රඥාවභාසය ප්‍රඥාප්‍රද්‍යොතය ප්‍රඥාරත්නය යි කියන ලද අරමුණෙහි නො මුළා වන හෙයින් අමොහ නම් වූ ධර්‍මවිචය සඞ්ඛ්‍යාත වූ සම්‍යග්දෘෂ්ටි යයි කියන ලද ප්‍රඥාව යි. කවර කරුණෙකින් ප්‍රඥාව ‘ධොනා’ නම් වූ යැ යත්:
ඒ ප්‍රඥාවෙන් කායදුශ්චරිතය කම්පිත වූයේත් ධොවිත = දෝනා ලදුයේත් සන්ධොවිත නිද්ධොවිත වූයේත් වේ ද, වාග්දුශ්චරිතය - මනෝදුශ්චරිතය - රාගය - ද්වේෂය - මෝහය - ක්‍රෝධය - උපනාහය - මකුබව - පලාස - (=යුගග්‍රාහ) ය - ඊර්‍ෂ්‍යාව - මාත්සර්‍ය්‍යය - මායාව - ශඨබව - තදබව - සාරම්භ (=කරණුත්තරියකරණ) ය - මානය - අතිමානය - මදය - ප්‍රමාදය ධුත ධෞත සන්ධෞත නිර්ධෞත (=කම්පා කරන ලද සෝදන ලද මැනවින් සෝදන ලද වෙසෙසින් සෝදන ලද) වේ ද, සියලු ක්ලේශයෝ සියලු දුශ්චරිතයෝ සියලු දරථයෝ සියලු පරිදාහයෝ සියලු සන්තාපයෝ සියලු අකුශලාභිසංස්කාරයෝ ධුත ධෞත සන්ධෞත නිර්ධෞත වූවාහු වෙත් ද, එ කරුණෙන් ප්‍රඥාව ‘ධොනා’ නම් වූ යැ. නොහොත් සම්‍යග්දෘෂ්ටිය විසින් මිත්‍ථ්‍යාදෘෂ්ටිය කම්පිත ධොවිත සන්ධොවිත නිද්ධොවිත වූ යැ, සම්‍යක්සඞ්කල්පය විසින් මිත්ථ්‍යාසඞ්කල්පය... සම්‍යග්වචනයෙන් මිත්ථ්‍යාවචනය... සම්‍යක්කර්‍මාන්තයෙන් මිත්ථ්‍යාකර්‍මාන්තය ...සම්‍යගාජීවයෙන් මිත්ථ්‍යාජීවය ... සම්‍යග්ව්‍යායාමයෙන් මිත්ථ්‍යාව්‍යායාමය ... සම්‍යක්ස්මෘතියෙන් මිත්ථ්‍යාස්මෘතිය ... සම්‍යක්සමාධියෙන් මිත්ථ්‍යාසමාධිය ... සම්‍යග්ඥානයෙන් මිත්ථ්‍යාඥානය ... සම්‍යග්විමුක්තියෙන් මිත්ථ්‍යාවිමුක්තිය ධුත ධෞත සන්ධෞත නිර්ධෞත වූවාත් වෙයි. නොහොත් ආර්‍ය්‍යාෂ්ටාඞ්ගිකමාර්‍ගයෙන් සියලු ක්ලෙශයෝ - දුශ්චරිතයෝ - දරථයෝ - පරිදාහයෝ - සියලු අකුශලාභිසංස්කාරයෝ ධුත ධෞත සන්ධෞත නිර්ධෞත වූවාහු ද වෙත්. ක්‍ෂීණාස්‍රව තෙමේ මේ ධොනිය ධර්‍මයන්ගෙන් යම් හෙයකින් උපේත - සමුපේත - උපගත - සමුපගත - උපපන්න - සමුපපන්න - සමන්‍විත වූයේ වේ ද, එහෙයින් ක්‍ෂීණාස්‍රව ‘ධොන’ නම් වෙයි. හෙතෙම ධුතරාග ධුතපාප ධුතක්ලෙශ ධුතපරිදාහ ඇති වන බැවින් ‘ධොන’ නම් වේ.
කුහිඤ්චි - කිසිතැනෙක්හි කිසිවෙක්හි අධ්‍යාත්මයෙහි හෝ බාහ්‍යයෙහි හෝ අධ්‍යාත්මබාහ්‍යයෙහි හෝ ලෝකේ - අපායලෝකයෙහි ... ආයතනලෝකයෙහි. පකප්පිතා - තෘෂ්ණාප්‍රකල්පනා යැ දෘෂ්ටිප්‍රකල්පනා යැයි ප්‍රකල්පනා දෙකෙකි ... භවාභවෙසු - භව-අභව (=කාමභව - රූපාරූප-භවයන්හි (2-5. ගාථානිද්දෙසය.) ... පුනපුනා ආත්මභාවයාගේ පහළ වීමෙහි; ධොනස්ස හි නත්‍ථි කුහිඤ්චි ලෝකේ පකප්පිතා දිට්ඨි භවාභවෙසු - රහත්හු හට අපායාදිලොකයෙහි ද කාමාදිභවයන්හි ද කල්පිත (=සිතින් ගන්නා ලද) පරිකල්පිත වූ ප්‍රත්‍යයෙන් සකස් කළ ප්‍රත්‍යයවශයෙන් ම මොනොවට තබන ලද දෘෂ්ටීහු නැත, නො වෙති, විද්‍යාමාන නො වෙති, නො ලැබෙති, ප්‍රහීණ වූවාහු සිඳින ලද්දාහු සන්සිඳණාහු දුර ලන ලද්දාහු උපතට අභව්‍ය වූවාහු නුවණගින්නෙන් දවන ලද්දාහු නුයි ‘ධොනස්ස හි නත්‍ථි කුහිඤ්චි ලෝකේ පකප්පිතා දිට්ඨි භවාභවෙසු’ යනු වේ.
මායං ච මානං ච පහාය ධොනො- වඤ්චක ක්‍රියාව (=වඤ්චා කිරීම) ‘මායා’ නමු. මෙලොවැ ඇතැම් පුද්ගලයෙක් කයින් දුසිරිත් කොට වචනයෙන් දුසිරිත් කොට සිතින් දුසිරිත් කොට එය ප්‍රකාශ නො වනු නිසා ලාමක වූ ප්‍රාර්‍ත්‍ථනාව තබයි: ‘මා කළ පව මෙරමා නහමක් දනිත්ව’ යි කැමැති වෙයි, - සලකයි, - වචන කියයි, ‘මා කළ පව නහමක් දනිත්ව’යි කයින් වෑයම් කෙරෙයි; මෙබඳු වූ මායාව මායා ඇති බව අත්‍යය (=ඉක්මැ යෑම) වඤ්චනාව නිකෘතිය (=මිත්ථ්‍යාක්‍රියාව) ‘මම් මෙසේ නො කෙරෙමී’ පාපවික්ෂෙපය පාපපරිහරණය පව් සැඟවීම හාත්පසින් සැඟවීම පව් වැසීම හාත්පසින් වැසීම ප්‍රකට නො කිරීම පව් කොට නො පැවසීම මොනොවට වැසීම පෙරළාත් පව් කිරීම ‘මායා’ නැමැයි කියනු ලැබේ. මාන නම්: එක් ප්‍රකාරයකින් මානය වෙයි: චිත්තයාගේ උන්නතිය යි; ආත්මොත්කර්‍ෂණමාන යැ පරවම්භනමාන යැයි ද්විප්‍රකාරයෙන් මානය වෙයි. ‘මම් ශ්‍රේෂ්ඨ වෙමී’ මාන යැ, සදෘශ වෙමී මාන යැ හීන වෙමී මාන යැයි, ත්‍රිප්‍රකාරයෙන් මානය වෙයි. ලාභයෙන් මානය උපදවයි, යශසින් මානය උපදවයි, ප්‍රශංසායෙන් මානය උපදවයි, සුවය කරණ කොට මානය උපදවා යයි සිවුපරිද්දෙකින් මානය වෙයි. ‘මනාප වූ රූප - ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යයන් ලබනුයෙම් වෙමී’ පඤ්චප්‍රකාරයෙන් මානය වෙයි. චක්ෂුඃසම්පත්තියෙන් මානය උපදවයි, ශ්‍රෝත - ඝ්‍රාණ - ජිහ්වා - කාය - මනස්සම්පත්තියෙන් මානය උපදවා යැයි සපරිද්දෙකින් මානය වෙයි. මාන යැ අතිමාන යැ මානාතිමාන යැ අවමාන (=හීනමාන) යැ අධිමාන යැ අස්මිමාන යැ මිත්ථ්‍යාමාන යැයි සත් පරිද්දෙකින් මානය වෙයි. ලාභයෙන් මානය උපදවයි, අලාභයෙන් අවමානය උපදවයි, යශසින් මානය - අයශසින් අවමානය - ප්‍රශංසායෙන් මානය - නින්‍දායෙන් අවමානය - සුවයෙන් මානය - දුකින් අවමානය උපදවා යැයි අෂ්ටප්‍රකාරයෙකින් මානය වෙයි. ශ්‍රෙෂ්ඨයා හට ශ්‍රේෂ්ඨ වෙමී මාන යැ, ශ්‍රෙෂ්ඨයා හට සදෘශ වෙමී මාන යැ, ශ්‍රෙෂ්ඨයා හට හීන වෙමී මානයැ; සදෘශයා හට ශ්‍රේෂ්ඨ වෙමී මාන යැ, සදෘශයාහට සදෘශ වෙමී මාන යැ සදෘශයා හට හීන වෙමී මාන යැ; හීනයාට ශ්‍රේෂ්ඨ වෙමී මාන යැ, හීනයාට සදෘශ වෙමී මාන යැ, හීනයාට හීන වෙමී මාන යැයි නවප්‍රකාරයකින් මානය වේ. මෙලොවැ කිසිවෙක් ජාතියෙන් හෝ ග්‍රොත්‍රයෙන් හෝ කුලපුත්‍රභාවයෙන් හෝ වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් හෝ ධනයෙන් හෝ අධ්‍යයනයෙන් හෝ කර්‍මායතනයකින් හෝ ශිල්පායතනයකින් හෝ විද්‍යාවකින් හෝ ශ්‍රැතයෙන් හෝ ප්‍රතිභානයෙන් හෝ එක්තරා වස්තුවකින් හෝ මානය උපදවා යැයි දශප්‍රකාරයකින් මානය වේ. මෙබඳු වූ යම් මානයෙක් මඤ්ඤනාවෙක් මාන ඇතිබවෙක් උන්නතියෙක් ඔසවා තැබීමෙක් මානධ්වජයෙක් සිත ඔසවාගැනීමෙක් චිත්තයාගේ කේතුකම්‍යතායෙක් වේ නම්’ මේ ‘මාන’ නමැයි කියනු ලැබේ. මායං ච මානං ච පාහය ධොනො යනු: ධොන - ක්‍ෂීණාස්‍රව තෙමේ මායාවත් මානයත් හැර දුරු කොට බැහැර කොට විගතාන්ත කොට අනු-අභාවයට (=සමුච්ඡෙදප්‍රහාණයට) පමුණුවා නුයි ‘මායං ච මානං ච පහාය ධොනො’ යනු වේ.
ස කෙන ගච්ඡෙය්‍ය අනූපයො සො - ‘උපය’ යනු: තෘෂ්ණා උපය දෘෂ්ටි උපය යැයි ‘උපය’ දෙකෙක් වෙයි. ඔහු විසින් තෘෂ්ණාඋපය ප්‍රහීණ යැ. දෘෂ්ටිඋපය දුර ලන ලද්දේ යැ තෘෂ්ණාඋපය ප්‍රහීණ වන බැවින් දෘෂ්ටිඋපය දුර ලන ලද වන බැවින් උපය රහිත වූ පුද්ගල තෙමේ කවර රාගයකින් - කවර ද්වේෂයකින් - කවර මොහයකින් - කවර මානයකින් - කවර දෘෂ්ටියකින් - කවර ඖද්ධත්‍යයෙකින් - කවර විචිකිත්සායෙකින් - කවර අනුශයධර්‍මයන්ගෙන් - රක්ත වූයෙකැයි හෝ ද්විෂ්ට වූයෙකැයි හෝ මූඪ වූයෙකැයි හෝ විනිබද්ධයෙකැයි හෝ පරාමෘෂ්ටයෙකැයි හෝ වික්ෂෙපයට පැමිණියෙකැයි හෝ නිෂ්ඨාවට නො ගියේ යැයි හෝ ස්ථාම (=තද) බවට ගියේ යැයි හෝ (යමෙකින් නිරයාදි ගතිවිශෙෂයෙහි) සඞ්ඛ්‍යාවට යන්නේ ද: ඒ අභිසංස්කාරයෝ ප්‍රහීණයෝ යැ. අභිසංස්කාරයන් ප්‍රහීණ කළ වන බැවින් නිරයෙහි උපදනා සත්ත්වයෙකැයි හෝ තිරිසන්යොන්හි උපදනෙකැයි හෝ ප්‍රෙතවිෂයයෙහි උපදනෙකැයි හෝ මිනිසෙකැයි හෝ දෙවියෙකැයි හෝ රූපීබ්‍රහ්ම යැයි හෝ සංඥී යැයි හෝ අසංඥී යැයි හෝ නෛවසංඥීනාසංඥී යැයි හෝ කවර අභිසංස්කාරයෙකින් කවර ගතියක් හා සඞ්ඛ්‍යාවට යන්නේ ද; යම් හෙයකින් යේ නම්, ඒ හේතුව නැත, ප්‍රත්‍යය නැත, කාරණය නැත් නුයි ‘ස කෙන ගච්ඡෙය්‍ය අනූපයො සො’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“ධොනස්ස හි නත්‍ථි -පෙ- අනූපයො සො” යනු.
තෘෂ්ණාදි උපය (=නිඃශ්‍රය) ඇති සත්ත්‍ව තෙමේ රාගරක්ත යැ යනාදි ඒ ඒ දහම්හි ලා වාදයට (=කියැ යුතු බවට) පැමිණෙයි. තෘෂ්ණාදෘෂ්ටි පුහුන් බැවින් උපය රහිත වූ ක්‍ෂීණාස්‍රවයා රාගාදි කවර දහමකින් කිසෙයින් කියන්නේ ද, යම්හෙයකින් ඒ ක්ෂීණාස්‍රවයාහට ආත්මදෘෂ්ටිය හෝ උච්ඡේදදෘෂ්ටිය නැත්තේ ද, යම් හෙයකින් හෙතෙම මේ අත්බැව්හි මැ නුවණ නැමැති දියෙන් සියලු දෘෂ්ටිගතය දෙවී ද, දුරු කෙළේ ද, එහෙයිනි.
උපයො හි ධම්මේසු උපේති වාදං - ‘උපය’ යනු: තෘෂ්ණාඋපය ද දෘෂ්ටිඋපය දැයි උපය දෙකෙක් වෙයි. ...ඔහු විසින් තෘෂ්ණාඋපය අප්‍රහීණ යැ, දෘෂ්ටිඋපය නො හරන ලද්දේ යැ; තණ්හූපය නො පුහුන් වන බැවින් දිට්ඨූපය නො හළ වන බැවින් රක්ත යැයි හෝ ද්විෂ්ට යැ - මූඪ යැ - විනිබද්ධ යැ - පරාමෘෂ්ට යැ - වික්ෂෙපගත යැ - අනිෂ්ඨාගත යැ - ස්ථාමගත යැයි හෝ වාදයට (=කියැයුත් බවට) පැමිණෙයි. ඒ පුණ්‍යාපුණ්‍යනඤ්ජාභිසංස්කාරයෝ අප්‍රහීණ වූවාහු ය. කර්‍මාභිසංස්කාරයන් අප්‍රහීණ වන බැවින් එක්තරා ගතියකින් කීමට පැමිණෙයි, නිරයෙහි උපදිනුයෙකැයි හෝ තිරශ්චීනයෝනි ඇතියෙකැයි හෝ ප්‍රේතවිෂයයෙහි උපදිනුයෙකැයි හෝ මිනිසෙකැයි හෝ දෙවියෙකැයි හෝ රූපී යැයි හෝ අරූපී යැයි හෝ සංඥී යැයි හෝ අසංඥී යැයි හෝ නෛවසංඥීනාසංඥී යැයි හෝ (එක්තරා ගතියකින්) කථනයට පැමිණෙයි, එළැඹෙයි, ග්‍රහණය කෙරෙයි, පරාමර්‍ශ කෙරෙයි, පිවිසේ නුයි ‘උපයො හි ධම්මේසු උපේති වාදං’ යනු වේ.
අනූපයං කෙන කථං වදෙය්‍ය - ‘උපය’ යනු: තණ්හූපය ද දිට්ඨූපය දැයි ‘උපය’ දෙකෙකි. ...ඔහු විසින් තණ්හූපය ප්‍රහීණ යැ. දිට්ඨූපය දුර ලන ලද්දේ යැ. තණ්හූපය ප්‍රහීණ වන බැවින් දිට්ඨූපය දුර ලන ලද වන බැවින් උපය රහිත වූ පුද්ගලයා කවර රාගයක් හේතු කොට ගෙන කියන්නේ ද? කවර ද්වේෂයකින් - මොහයකින් - මානයකින් - දෘෂ්ටියෙකින් - ඖද්ධත්‍යයෙකින් - විචිකිත්සාවකින් - කවර අනුශයධර්‍මයකින් රක්ත යැ යි හෝ දුෂ්ට යැ - මූඪ යැ - විනිබද්ධ යැ - පරාමෘෂ්ට යැ - වික්ෂෙපගත යැ - අනිෂ්ඨාගත යැ - ස්ථාමගත යැ යි හෝ කියන්නේ ද? ඒ කර්‍මාභිසංස්කාරයෝ ප්‍රහීණයෝ යැ පුණ්‍යාදි අභිසංස්කාරයන් ප්‍රහීණ වන බැවින් කවර රාගාදික්ලෙශයක් හේතු කොට ගෙන නෙරිසත් වන්නේ යැ යි හෝ... නෛවසංඥීනාසංඥී යැයි හෝ එක්තරා ගතියෙකින් කියන්නේ ද; යම් හෙයකින් කියන්නේ නම් බණන්නේ නම් දක්වන්නේ නම් වහරන්නේ නම්, ඒ හේතුව නැත, ප්‍රත්‍යය නැත, කාරණය නැත් නු යි ‘අනූපයං කෙන කථං වදෙය්‍ය’ යනු වේ.
අත්තං නිරත්තං න හි තස්ස අත්‍ථි - ‘අත්තා’ යී ශාශ්වතදෘෂ්ටිය නැත, ‘නිරත්තා’ යී උච්ඡේදදෘෂ්ටිය නැති. ආත්ම යැයි ගන්නා ලදුයෙක් නැත, නිරාත්ම යැයි හළ යුත්තෙක් නැති. යමක් හට ‘මම යැ මා ගේ යැයි ගන්නා ලදුයෙක් ඇත් නම්, ඔහුට හළ යුත්තෙක් ඇති; යමක් හට හළ යුත්තෙක් ඇත් නම්, ඔහුට ගන්නා ලදුයෙක් ඇති. ග්‍රහණමුඤ්චන ඉක්මවා සිටි රහත්හු වෘද්ධිපරිහාණි ඉක්මැවූහ. ඒ රහත්හු දශවිධ ආර්‍ය්‍යවාසයෙහි වැසැ නිමවූහ. ශීලය සමග අටසමවත්හි චීර්ණවශීහ. සසරඅදන්මඟ ඉක්මැවූහ. සිහිනෙහි පවා නොගියවිරූ නිවන්දසාවට ගියහ. ජාතිමරණසංසාර සඞ්ඛ්‍යාත පුනර්‍භවය ඔවුනට නැත් නු යි ‘අත්තං නිරත්තං න හි තස්ස අත්‍ථි’ යනු වේ.
අධොසි සො දිට්ඨිමිධෙව සබ්බං - ඔහු විසින් ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයෝ ප්‍රහාණ කරන ලදහ, මුල් සිඳින ලදහ, සන්හිඳුවන ලදහ, අභව්‍යොත්පත්ති කරන ලදහ, නුවණගින්නෙන් දවන ලදහ. ඒ රහතුන් වහන්සේ සියලු දෘෂ්ටිගතය මේ අත්බැව්හි මැ හළහ... විගතාන්ත කළහ, අන්වභාවයට පැමිණැවූහු නු යි ‘අධොසි සො දිට්ඨිමිධෙව සබ්බං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“උපයෝ හි ධම්මේසු -පෙ- දිට්ඨිමිධෙව සබ්බං” යනු.
තුන්වැනි දුට්ඨට්ඨක සූත්‍රනිර්දේශය යි.
සුද්‌ධට්‌ඨකසූත්‍රනිර්දේශය
ඉක්බිති සුද්ධට්ඨක සූත්‍රනිර්දේශය කියනු ලැබේ.
දෘෂ්ටිගතික බාල තෙමේ කෙලෙස්කිලුටින් අශුද්ධ වූ කෙලෙස් රොවින් සරෝග වූවකු දැක ශුද්ධ වූ උත්තම නිර්ව්‍යාධියට පැමිණ සිටියක්හු දකිමි යැයි ද, ඒ දෘෂ්ටිසඞ්ඛ්‍යාත දර්‍ශනයෙන් මිනිසාගේ සංශුද්ධිය වේ යයි ද, මෙසේ වෙසෙසින් දන්නේ ඒ දර්‍ශනය පරම යයි සලකා ඒ දර්‍ශනයෙහි ශුද්ධිය දක්නාසුලු වූයේ ඒ දර්‍ශනය මාර්‍ගඥාන යයි හදහයි. (එතෙකුදු වුවත් එය මාර්‍ගඥානය නොවේ.)
පස්සාමි සුද්ධං පරමං අරොගං - ‘පස්සාමි සුද්ධං’ යනු: ශුද්ධ වූවකු බලමි, ශුද්ධ වූවකු දක්මි, අවලෝකන කෙරෙමි, සිතමි, ශුද්ධ වූවකු විමසමි. පරමං අරොගං - උත්තම වූ ආරොග්‍යයට පැමිණියක්හු ක්‍ෂේමයට පැමිණියක්හු ත්‍රාණ(පාලන) යට පැමිණියක්හු ආරක්ෂාවට - පිහිටට - නිභීයට - අචලබවට - අමෘතයට - නිර්‍වාණයට පැමිණියක්හු නුයි ‘පස්සාමි සුද්ධං’ පරමං අරොගං යනු වේ.
දිට්ඨෙන සංසුද්ධි නරස්ස හොති - චක්ෂූර්විඥානයෙන් රූපදර්ශණxxය හේතු කොට ගෙන සත්‍වයාගේ ශුද්ධිය xx පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය වෙයි, සත්‍ව තෙමෙ ශුද්ධ විශුද්ධ පරිශුද්ධ මුක්ත විමුක්ත පරිමුක්ත වේ යයි ‘දිට්ඨෙන සංසුද්ධි නරස්ස හොති’ යනු වේ.
එවාභිජානං පරමන්ති ඤත්‍වා - මෙසේ වෙසෙසින් දන්නේ ඒකාන්තයෙන් දන්නේ විවිධාකාරයෙන් දන්නේ ඒ ඒ කරැණෙන් විවිධාකාරයෙන් දන්නේ ප්‍රතිවේධ කරන්නේ මෙය පරම යැ සෙට යැ දෙටු යැ පාමොක් යැ උතුම් යැ පවර යැයි සලකා දැන තුලනය කොට තීරණය කොට විභාවනය කොට විභූත කොට නුයි ‘එවාභිජානං පරමන්ති ඤත්‍වා’ යනු වේ.
සුද්ධානුපස්සී පච්චේති ඤාණං - යමෙක් ශුද්ධ යයි දකී නම්, හේ ශුද්ධානුදර්ශී යැ; පච්චේති ඤාණං - රූපදර්‍ශනය හේතු කොට ගෙන චක්‍ෂුර්විඥානය ඥානය යි හදහයි, මාර්‍ගය යි හදහයි, පථය යි හදහයි, නිර්‍ය්‍යාණය යි හදහා නුයි - ‘සුද්ධානුපස්සී පච්චෙති ඤාණං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“පස්සාමි සුද්ධං -පෙ- පච්චේති ඤාණං” යී.
ඒ රූපදර්‍ශන සඞ්ඛ්‍යාත වූ දර්‍ශනය හේතු කොට ගෙන ඉදින් සත්‍වයාගේ ශුද්ධිය වේ නම්, නොහොත් ඒ චක්‍ෂුර්විඥානය සඞ්ඛ්‍යාත ඥානයෙන් හෙතෙම ජාත්‍යාදි දුක දුරු කෙර් නම්, එකල්හි ආර්‍ය්‍යමාර්‍ගයෙන් අන්‍ය වු අශුද්ධිමාර්‍ගයෙකින් කාමාදි උපධි සහිත වූයේ මැ හෙතෙම ශුද්ධ වේ යයි කිය යුතු බවට පැමිණෙයි; යම් හෙයකින් දෘෂ්ටි තොමෝ එසේ කියන්නා වූ ඔහු ‘මේ තෙමේ මිසදිටුවෙකැ’ යි පවසා ද, එහෙයිනි.
දිට්ඨෙන චෙ සුද්ධි නරස්ස හොති - චක්‍ෂුර්විඥානයෙන් රූප දැකීමෙන් ඉදින් සත්‍වයාගේ ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය වේ නම්, සත්‍ව තෙමේ ශුද්ධ විශුද්ධ පරිශුද්ධ මුක්ත විමුක්ත පරිමුක්ත වේ නම් යී ‘දිට්ඨෙන චෙ සුද්ධි නරස්ස හොති’ යනු වේ.
ඤාණෙන වා සො පජහාති දුක්ඛං - චක්‍ෂුර්විඥානයෙන් රූප දැකීමෙන් ඉදින් සත්‍ව තෙමේ ජාතිදුක දුරු කෙරේ නම්, ජරාදුක - ව්‍යාධිදුක - මරණදුක - සොකපරිදෙවදුක්ඛදොමනසුපායාස දුක දුරු කෙරේ නම් යී ‘ඤාණෙන වා සො පජහාති දුක්ඛං’ යනු වේ.
අඤ්ඤෙන සො සුජ්ඣති සොපධීකො - අන්‍ය වූ අශුද්ධිමාර්‍ගයෙන් මිත්ථ්‍යාප්‍රතිපදායෙන් අනෛර්ය්‍යාණිකමාර්‍ගයෙන් සතිපඨානයන්ගෙන් වෙන් වැ සම්‍යක්ප්‍රදහනයන්ගෙන් වෙන් වැ සෘද්ධිපාදයන්ගෙන් වෙන් වැ ඉන්ද්‍රියන්ගෙන් වෙන් වැ බලයන්ගෙන් වෙන් වැ බොධ්‍යඞ්ගයන්ගෙන් වෙන් වැ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගයෙන් වෙන් වැ ශුද්ධ විශුද්ධ පරිශුද්ධ වූයේ වෙයි, මුක්ත විමුක්ත පරිමුක්ත වූයේ වේ. සොපධීකො - සරාග වූයේ සද්වේෂ වූයේ සමෝහ වූයේ තෘෂ්ණා සහිත වූයේ දෘෂ්ටි සහිත වූයේ ක්ලේශ සහිත වූයේ උපාදාන සහිත වූයේ නුයි ‘අඤ්ඤෙන සො සුජ්ඣති සොපධීකො’ යනු වේ.
දිට්ඨී හි නං පාව තථා වදානං - තවද ඒ දෘෂ්ටි තොමෝ ඒ පුගුලා ‘මෙසේත් මේ පුද්ගල තෙමේ මිථ්‍යාදෘෂ්ටි ඇත්තෙක, විපරීත දර්‍ශන ඇත්තෙකැ’ යි ප්‍රකාශ කෙරෙයි. තථා වදානං - එසේ පවසන කියන බණන දක්වන බැවහර කරනුවහු, ‘ලෝකය ශාශ්වත යැ, මේ මැ සැබව, අන්‍යදෘෂ්ඨිය සිස් යැ’ යි එසේ පවසන්නහු... බැවහර කරනුවහු, ලෝකය අශාශ්වත යැ, ලෝකය අන්තවත් යැ, ලෝකය අනන්තවත් යැ, යමක් ජීවය ද එය ම ශරීර යැ, ජීවය අනෙකෙකැ ශරීරය අනෙකෙකැ, සත්‍ව තෙමේ මරණින් මතු උපදනේ වෙයි, සත්ත්‍ව තෙමේ මරණින් මතු නූපදනේ වෙයි. සත්ත්‍ව තෙමේ මරණින් මතු උපදනේත් නො ද උපදනේත් වෙයි, සත්ත්‍ව තෙමේ මරණින් මතු නො මැ උපදනේ වෙයි. නූපදනේත් නොවෙයි, මේ මැ සැබව අන්‍යය තුච්ඡ යැ’යි එසේ පවසනුවහු කියනුවහු බණන්නහු දක්වනුවහු බැවහර කරනුවහු යී ‘දිට්ඨී හි නං පාව තථාවදානං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“දිට්ඨෙන චෙ සුද්ධි -පෙ- තථා වදානං” යී.
ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ තෙමේ ආර්‍ය්‍යමාර්‍ගඥානයෙන් අන්‍ය වූ අභිමඞ්ගල සම්මතරූපසඞ්ඛ්‍යාත රූපායතනයෙහි ද, එබඳු මැ වු ශබ්දායතනයෙහි ද, අව්‍යාතික්‍රමසඞ්ඛ්‍යාත ශීලය හා (හස්තිව්‍රතාදි ) වූ ව්‍රතයෙහි ද, ගන්‍ධ රස ස්ප්‍රර්ෂව්‍යායතනයෙහි ද උපන් මිත්ථ්‍යාඥානයෙන් ශුද්ධිය වේ යයි නො කියයි. යම් හෙයකින් හෙතෙම ත්‍රෛධාතුක පුණ්‍යයෙහිත් සියලු පාපයෙහිත් නො ඇලුණේ වේ ද, එහෙයින් ආත්මදෘෂ්ටිය ප්‍රහීණ කෙළේ මේ ත්‍රෛධාතුක ලෝකයෙහි පුණ්‍යාභිසංස්කාරාදිය නො කරනුයේ වේ.
න බ්‍රාහ්මණො අඤ්ඤතො සුද්ධිමාහ දිට්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වා - ‘න’ යනු: ප්‍රතික්‍ෂේප යැ; බ්‍රාහ්මණො - සප්තධර්‍ම කෙනෙකුන් දුරු කළ වන බැවින් බ්‍රාහ්මණ යැ; සත්කායදෘෂ්ටිය (ප්‍රහීණ ) කරන ලද්දී වෙයි, විචිකිත්සාව - ශීලව්‍රතපරාමර්‍ශය - රාගය - ද්වේෂය - මෝහය - මානය - ප්‍රහීණ කරන ලදුයේ වෙයි, ඔහු විසින් සංක්ලෙශික වු පුනර්‍භවය ඇති කරන්නාවූ දුක් සහිත වූ දුඃඛවිපාක වූ මතුයෙහි ජාතිජරාමරණයට හේතු වූ ලාමක අකුශලධර්‍මයෝ ප්‍රහීණ කරන ලද්දාහු වෙත්.
1. (‘සභිය’ යි අමතා භාග්‍යවත්හු මෙසේ වදාළහ:) සියලු පාපධර්‍මයන් ප්‍රහීණ කොට එහෙයින් ම විගතමල වූ (-ශ්‍රේෂ්ඨ වූ) මාර්‍ගඵලසමාධියෙන් මොනොවට සමාහිත වූ ලොකධර්‍මයන්ගෙන් කම්පිත නො වන හෙයින් ස්ථිතාත්ම වූ සංසාර හේතු ඉක්මා සිටි නිමවන ලද කෘත්‍ය ඇති හෙයින් කේවලී වූ ඒ ක්‍ෂීණාස්‍රව තෙම තෘෂ්ණාදෘෂ්ටිනිඃශ්‍රය නැති හෙයින් ‘අසිත’ යයි ද, ලොකධර්‍මයෙන් නිර්විකාර හෙයින් ‘තාදි’ යයි ද කියනු ලැබේ. හෙතෙම බ්‍රාග්මණ නම් වේ.
න බ්‍රාහ්මණො අඤ්ඤතො සුද්ධිමාහ - ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ තෙමේ අන්‍ය වූ අශුද්ධිමාර්‍ගයෙන් මිත්‍යාප්‍රතිපදායෙන් අනෛය්‍යාණිකපථයෙන් සතිපට්ඨාන - සම්මප්පධාන - ඉද්ධිපාද - ඉන්‍ද්‍රිය - බල - බොජ්ඣ්ඞ්ග - ආර්යාෂ්ටාඞ්ගිකමාර්‍ගයෙන් වෙන් වැ ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය නො කියයි නො බෙණෙයි නො දක්වයි නො බැවහර කෙරේ නුයි ‘න බ්‍රාහ්මණො අඤ්ඤතො සුද්ධිමාහ’ යනු වේ.
දිට්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වා - දෘෂ්ට (- මඞ්ගලසම්මත රූපායතන )යෙන් ශුද්ධිය කැමැති වන ඇතැම් මහණ බමුණු කෙනෙක් වෙති. ඔහු ඇතැම් රූපයන් දැකීම මඞ්ගල යයි ද ඇතැම් රූපයන් දැකීම අමඞ්ගල යයි ද හදහති.
කවර රූපයන්ගේ දැකීම ‘මඞ්ගල’ යයි හදහති? යත්: ඒ දෘෂ්ටමාංගලිකයෝ උදෑසන ම නැගීසිට අභිමඞ්ගල බවට (වෘද්ධිකාරණයට ) ගිය ගේකුරුල්ලකු බලති, පුසනකතින් හිදුවන ලද තරැණ බෙලිගසක් බලති, ගැබිනිඅඟනක බලති, දරැවකු ඇකයේ හිඳුවා යනුවක්හු බලති, පුන්කළස බලති, රේමසකු බලති, ආජානීයා අසකු බලති, අජානීය අසුන් යෙදූ රියක් බලති, සෘෂභයකු බලති, කබරදෙනක බලත්. මෙබඳු රූපයන් දැකීම ම්ංගල යයි හදහත්.
කවර රූපයන්ගේ දැකීම ‘අමඞ්ගල’ යයි හදහති ? යත්: පිදුරුමිටියක් දකිත් නම්, මෝරුකළයක් - සිස්කළයක් - නළුවකු - නග්නශ්‍රමණයකු - කොටළුවකු - කොටළුරියක් - එක ගවයකු යෙදූ රියක්, කණකු - කොරකු - කුදකු - පිළකු - මහල්ලකු - ලෙඩ වූවකු - මළ එකක් හු, දකිත් නම්, මෙබඳු රූපයන්ගේ දැකීම “අමඞ්ගල’ යයි හදහත්.
ඒ මෙකී මහණබමුණෝ දෘෂ්ඨශුද්ධිකයෝ යැ; ඔහු අභිමඞ්ගලසම්මත රූපයෙන් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය කැමැති වෙත්.
මඞ්ගලසම්මත ශබ්දයෙන් ශුද්ධිය කැමැති වන ඇතැම් මහණබමුණු කෙනෙක් වෙති. ඔහු ඇතැම් ශබ්දයන් ඇසීම ‘මඞ්ගල’ යයිද, ඇතැම් ශබ්දයන් ඇසීම ‘අමඞ්ගල’ යයිද හදහත්.
කවර ශබ්දයන්ගේ ශ්‍රවණය ‘මඞ්ගල’ යයි හදහති? යත්: ඔවුහු උදෑසන මැ නැගීසිට ‘අභිමඞ්ගල’ යැයි සම්මත වැ ගිය ශබ්ද අසති: වැඩෙව (=දිනේවා) යැ - වඩ්ඪමාන යැ - පූර්‍ණ යැ - පුෂ්‍ය යැ - අශෝක යැ - සුමන යැ - සුනක්ඛත්ත යැ - සුමඞ්ගල යැ - ශ්‍රී යැ - ශ්‍රීවර්ධන (-සිරිවඩු) යැ හෝ මෙබඳු වූ ශබ්දයන්ගේ ඇසීම ‘මඞ්ගල’ යයි කැමැති වෙත්.
කවර ශබ්දයන්ගේ ඇසීම ‘අමඞ්ගල’ යයි හදහති ? යත්: ‘කණා යැ හෝ කොර යැ -කුදු යැ - පිළු යැ - මහලු යැ - ලෙඩ ඇත්තේ යැ - මළේ යැ - දිරුයෙ යැ - බිදුණෙ යැ - දැවුණෙ යැ -නටුයෙ යැ - ‘නැත’යි හෝ මෙබඳු ශබ්දයන්ගේ ශ්‍රවණය ‘අමඞ්ගල’ යයි හදහති.
ඒ මෙකී මහණබමුණෝ ශ්‍රැතශුද්ධිකයෝ යැ. ඔහු ශ්‍රැත (=අභිමඞ්ගල - සම්මත ශබ්ද) යෙන් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය කැමැති වෙත්.
ශීලයෙන් ශුද්ධිය කැමැති වන ඇතැම් මහණබමුණු කෙනෙක් වෙති. ඔහු ශීලමාත්‍රයෙන් සංයමමාත්‍රයෙන් (=ඉඳුරන් දැමීම් පමණෙකින්) තුන්දොරා වැසීම් පමණෙකින් ව්‍යතික්‍රම නො කිරීම් පමණෙකින් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය කැමැති වෙත්.
මණ්ඩිකාපුත්‍ර වූ ශ්‍රමණ තෙමේ මෙසේ කියයි: “ස්ථපතිය, (=වඩුව,) මම සතර ධර්‍මයකින් සමන්‍විත වූ පුරැෂයක් හු පරිපූර්‍ණ වූ කුසල් ඇතියකු පරමකුසල් ඇත්තකු උත්තම් වූ අභීත්වයට (=පැමිණිය යුත්තට) පැමිණියකු නො පරදවාලියැ හැකි මහණකු කොට පනවමි. කවර සතරකි නැ? යත්: ථපතිය, මෙලොවැ යමෙක් කයින් පව්කම් නො කෙරේද, ලාමක බස් නො බෙණේ ද, පවිටු කල්පනා (-සංකල්ප) නො සිතා ද, ලාමක ආජීවයෙන් ජීවත් නො වේද, ස්ථපතිය, මම් මේ සතර දහමින් යුත් පුගුලක් හු පරිපූර්‍ණ වූ සිල් ඇතියක් හු… නො පරදවාලියැ හැකි මහණෙකු කොට පනවමි”. එසෙයින් මැ ශීලයෙන් ශුද්ධිය කැමැති වන ඇතැම් මහණබමුණු කෙනෙක් වෙති. ඔහු සිල්මතුයෙකින් (සිල් පමණෙකින්) සංයමමතුයෙකින් සංවරමතුයෙකින් අව්‍යතික්‍රමමතුයෙකින් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය කැමැති වෙත්.
ව්‍රතසමාදානයෙන් ශුද්ධිය කැමැති වන ඇතැම් මහණබමුණු කෙනෙක් වෙති. ඔහු හස්තිව්‍රත ඇත්තාහු හෝ වෙති, අශ්වව්‍රත ඇත්තාහු - ගෝව්‍රත ඇත්තාහු - කුක්කුර (=බලු) ව්‍රත ඇත්තාහු - කාකව්‍රත ඇත්තාහු - වාසුදෙවව්‍රත - බලදෙවව්‍රත - පූර්ණභද්‍රව්‍රත - මණිභද්‍රව්‍රත - අග්නිව්‍රත - නාගව්‍රත - ගරුඩව්‍රත - යක්ෂව්‍රත - අසුරව්‍රත - ගාන්ධර්වව්‍රත - මහාරාජව්‍රත - චන්ද්‍රව්‍රත - සූර්යව්‍රත - ඉන්ද්‍රව්‍රත - බ්‍රහ්මව්‍රත - දෙවව්‍රත ඇත්තාහු හෝ පෙරදිග්ආදියට නමස්කාර කරන දිශාව්‍රත ඇත්තාහු හෝ වෙත්. ඒ මේ මහණබමුණෝ ව්‍රතයෙන් ශුද්ධිය කැමැති වන්නාහු වෙත්. ඔහු ව්‍රතයෙන් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය කැමැති වෙත්.
මුත(=ගන්‍ධ රස ස්ප්‍රෂ්ටව්‍ය) යෙන් ශුද්ධිය කැමැති වන ඇතැම් මහණබමුණු කෙනෙක් වෙති: ඔහු උදෑසන මැ නැගීසිට මහපොළොව කයින් ස්පර්‍ශ කෙරෙති, තෙත් නිල්තණ ස්පර්‍ශ කෙරෙති, අමුගොම ස්පර්‍ශ කෙරෙති, කසුබුවකු ස්පර්‍ශ කෙරෙති, සීවැල් ඇක්මෙති, තලරැසක් ස්පර්‍ශ කෙරෙති, මඞ්ගල සඳහා සකස් කළ (-පුෂ්‍ය) තල අනුභව කෙරෙති, මඟුල්තෙල් ඇග ගල්වති, මඟුල්දැහැටි කති, මඟුල්මැටියෙන් ස්නානය කෙරෙති, මඟුල්සළු හදිති, මඟුල් හිස්වෙළුම් වෙළත්. මොහු ඒ මුතයෙන් ශුද්ධිය පතන මහණබමුණෝ යැ. ඔහු මුතයෙන් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය කැමැති වෙත්.
න බ්‍රාහ්මණො අඤ්ඤතො සුද්ධිමාහ දිට්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වා - බාහිතපාපී බ්‍රාහ්මණ තෙමේ දෘෂ්ටශුද්ධියෙනුදු ශුද්ධිය නො කියයි, ශ්‍රැතශුද්ධියෙනුදු ශුද්ධිය නො කියයි, ශීලශුද්ධියෙනු දු ශුද්ධිය නො කියයි, ව්‍රතශුද්ධියෙනුදු ශුද්ධිය නො කියයි, මුතශුද්ධියෙනුදු ශුද්ධිය නො කියයි නො බෙණෙයි, නො දක්වයි, ව්‍යවහාර නො කෙරේ නුයි ‘න බ්‍රාහ්මණො අඤ්ඤතො සුද්ධිමාහ දිට්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වා’ යනු වේ.
පුඤ්ඤෙ ච පාපෙ ච අනුපලිත්තො - යම් කිසි ත්‍රෛධාතුක කුශලාභිසංස්කාරයෙක් ‘පුණ්‍ය’ යී කියනු ලැබෙයි, සියලු අකුශලය ‘අපුණ්‍ය’ යී කියනු ලැබේ. යම් තැනක පටන් පුණ්‍යාභිසංස්කාරයත් අපුණ්‍යාභිසංස්කාරයත් ආනෙඤ්ජාභිසංස්කාරයත් ප්‍රහීණ වූවාහු උපුටා හළ මුල් ඇත්තාහු තාලවස්තුවක් මෙන් කරන ලද්දාහු අන්වභාවයට ගියාහු මතු නූපදනා ස්වභාව ඇත්තාහු වෙත් ද, මෙතෙකින් පුණ්‍යයෙහි ද පාපයෙහි ද නො ඇලෙයි, වෙසෙසින් නො ඇලෙයි, නො තැවැරෙයි, අලිප්ත වූයේ (=නො ඇලුණේ) අසංලිප්ත - අනුපලිප්ත වූයේ නික්මැ ගියේ නිසෘෂ්ට වූයේ විප්‍රමුක්ක වූයේ විසංයුxක්ක්ත වූයේ විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත වැ වෙසේ නුයි ‘පුඤ්ඤෙ ච පාපෙ ච අනුපලිත්තො’ යනු වේ.
අත්තඤ්ජහො නයිධ පකුබ්බමානො - ‘අත්තඤ්ජහො’ යනු: ආත්මදෘෂ්ටිය හළුයේ, ‘අත්තං ජහො’ - ග්‍රාහය හළුයේ, ‘අත්තං ජහො’ - තෘෂ්ණාවශයෙන් දෘෂ්ටිවශයෙන් ගන්නා ලද පරාමර්‍ශ කරන ලද අභිනිවේශ කළ ඇතුළත් ව සිටි බැස ගෙන සිටි ඒ සියල්ල ත්‍යක්ත වෙයි, වාන්ත මුක්ත ප්‍රහීණ ප්‍රතිනිසෘෂ්ට වෙයි. නයිධ පකුබ්බමානො - පුණ්‍යාභිසංස්කාරය හෝ අපුණ්‍යාභිසංස්කාරය හො ආනෙඤ්ජාභිසංස්කාරය හෝ නො කරනුයේ යී නො දනවනුයේ වෙසෙසින් නො දනවනුයේ නුපදවනුයේ වෙසෙසින් නුපදවනුයේ නුයි ‘අත්තඤ්ජහො නයිධ පකුබ්බමානො’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“න බ්‍රාහ්මණො -පෙ- නයිධ පකුබ්බමානො” යි.
පූර්ව ශාස්තෘආදීන් හැරපියා අපර ශාස්තෘ ආදීන් ඇසුරු කරන එජාසංඛ්‍යාත තෘෂ්ණායෙන් මඩනා ලද්දාහු රාගාදි සඞ්ගය තරණය නොකෙරෙති. යළි ඔහු පූර්‍වශාඛාව හැරපියා අපරශාඛාවක් ගන්නා වූ වඳුරකු සෙයින් ඒ ඒ ධර්‍මයන් ගන්නා හු ද වෙත්.
පුරිමං පහාය අපරං සීතා සෙ - පූර්වශාස්තෘවරයකු හැරපියා අපර ශාස්තෘවරයක්හු ඇසුරැ කළාහු පළමු ගත් ධර්‍මය හැරපියා අන්‍ය ධර්‍මයක් ඇසුරැ කළාහු පළමු ගත් ගණයා හැරපිය අන් ගණයක් ඇසුරු කළාහු පළමු ගත් දෘෂ්ටිය හැර අන්‍යදෘෂ්ඨියක් ඇසුරු කළාහු පූර්වප්‍රතිපදාව හැර අපරප්‍රතිපදාවක් ඇසුරැ කළාහු පූර්වමාර්‍ගය හැර අපරමාර්‍ගයක් ඇසුරැ කළාහු වෙසෙසින් ඇසුරු කළාහු ඇලුණාහු එළැඹියාහු පිවිසියාහු බැසගත්තාහු නුයි ‘පුරිමං පහාය අපරං සීතා සෙ’ යනු වේ.
එජානුගාතෙ න තරන්ති සඞ්ගං - ‘එජා’ යී තෘෂ්ණාව කියනු ලබයි, යම් රාගයෙක් සංරාගයෙක්...අභිධ්‍යාවෙක් ලොභඅකුශලමූලයෙක් වේද (එයයි). එජානුගා - තෘෂ්ණාව අනුව ගියාහු තෘෂ්ණාවට අනුගත වූවාහු තෘෂ්ණාවට පිවිසියාහු තෘෂ්ණාවට පැමිණියාහු වැටුණාහු මඩනැ ලද්දාහු හාත්පසින් අල්ලාගත් සිත් ඇත්තාහු. තෙ න තරනති සඞ්ගං - රාගසංගය ද්වේශසංගය මෝහසංගය මානසංගය දෘෂ්ටිසංගය කෙලශසංගය දුශ්චරිතසංගය තරණය නො කෙරෙති උත්තරණය නො කෙරෙති ප්‍රතරණය නො කෙරෙති නො ඉක්මෙති ව්‍යතික්‍රමණය නො කෙරෙත් නුයි ‘එජානුගාතෙ න තරන්ති සඞ්ගං’ යනු වේ.
තෙ උග්ගහායන්ති නිර්ස්සජන්ති - ශාෂ්තෘවරයකු ගනිති, ඔහු හැරපිය අන් ශාෂ්තෘවරයකු ගනිත්; ධර්‍මාඛ්‍යානයක් ගනිති, එය හැරපියා අන් ධර්‍මාඛ්‍යානයක් ගනිත්, ගණයක් ගනිති, එය හැරපියා අන් ගණයක් ගනිති, දෘෂ්ටියක් ගනිති; එය හැර අන්‍යදෘෂ්ටියක් ගනිත්; ප්‍රතිපදාවක් ගනිති, එය හැරපියා අන් පිළිවෙතක් ගනිත්; මාර්‍ගයක් ගනිති, එය හැරපියා අන් මගක් ගනිත්; ගන්නාහු ද හරණාහු ද ආදානය කරන්නාහු ද බැහැර කරන්නහු ද වෙත් නුයි ‘තෙ උග්ගහායන්ති නිxxර්ස්සජන්ති’ යනු වේ.
කපීව සාඛං පමුඛංගහාය - යම් සේ අරණ්‍යසංඛ්‍යාත මහවෙනෙහි හැසිරෙන වඳුරෙක් එක් ශාඛාවක් ගෙන එය හැරපියා අනෙකක් ගනී ද, එය ද හැරපියා අන් ශාඛාවක් ගනී ද, එසෙයින් මැ බොහෝ මහණබමුණෝ බොහෝ දෘෂ්ටිගතයන් ගන්නාවු ද හරනාහු ද දුරු ලන්නාහු ද වෙත් නුයි ‘කපීව සාඛං පමුඛංගහාය’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“පුරිමං පහාය -පෙ- පමුඛංගහාය” යි.
කාමාදි සංඥායෙහි ඇලුණා වූ සත්‍ව තෙමේ හස්තිව්‍රතාදි ව්‍රතයන් තෙමේ මැ සමාදන් වැ එකකින් එකකට යෙයි. පරමාර්ත්වයෙන් විද්වත් වූ මහාප්‍රඥා ඇති රහත් මහණ සතර මාර්‍ගඥානවේදයෙන් දහම් අවබෝධ කොට සිටියේ උච්චාවච බවට නො පැමිණේ.
සයං සමාදාය වතානි ජන්තු - ‘සයං සමාදාය’ - තෙමේ මැ සමාදන් වැ; වතානි - හස්තිව්‍රතය හො අශ්ව - ගො - කුක්කුර - කාක - වාසුදෙව - බලදෙව - පූර්ණභද්‍ර - මණිභද්‍ර - අග්නි - නාග - සුපර්‍ණ - යක්‍ෂ - අසුර - ව්‍රතය හෝ... දිශාව්‍රතය හෝ ගෙන මොනොවට ගෙන ආදානය කොට සමාදානය කොට ග්‍රහණය කොට පරාමර්ශී කොට අභිනිවේශ කොට; ජන්තු - සත්‍ව - නර ...මනුජ තෙමේ නුයි ‘සයං සමාදාය වතානි ජන්තු’ යනු වේ.
උච්චාවචං ගච්ඡති සඤ්ඤසත්තො - ශාස්තෘවරයකු කෙරෙන් ශාස්තෘවරයකු කරා යෙයි, ධර්‍මාඛ්‍යානයකින් ධර්‍මාඛ්‍යානයකට - ගණයක් කෙරෙන් ගණයක්හු කරා - දෘෂ්ටියකින් දෘෂ්ටියකට - ප්‍රතිපදාවකින් ප්‍රතිපදාවකට - මාර්‍ගයකින් මාර්‍ගයකට යෙයි; සඤ්ඤසත්තො - කාමසංඥායෙහි ව්‍යාපාදසංඥායෙහි විහිංසාසංඥායෙහි දෘෂ්ටිසංඥායෙහි ඇලුණේ වෙසෙසින් ඇලුණේ හාත්පසින් ඇලුණේ ලැගුණේ ලග්න වූයේ පලිබුද්ධ වූයේ, යම් සේ භිත්තිඛීලය (=බිත්තියෙහි සවි කළ හුල)ක හේ නාගදන්තයක හෝ භාණ්ඩයක් සක්ත විෂක්ත ආසක්ත ලග්න ලග්නකළ පරිබුද්ධ වූයේ ද, එසෙයින් ම කාම - ව්‍යාපාද - විහිංසා - දෘෂ්ටිසංඥායෙහි සක්ත...පරිබුද්ධ වූයේ නුයි ‘උච්චාවචං ගච්ඡති සඤ්ඤසත්තො’ යනු වේ.
විද්වා ච වේදේහි සමෙච්ච ධම්මං - ‘විද්වා’ යනු: විද්වද් වූයේ විද්‍යාවට පැමිණියේ නුවණැතියේ නුවණින් විමසනුයේ මේධා (=අනිත්‍යාදි විසින් තුලනය කළ ඥාන) ඇතියේ; වේදේහි - සතර මාර්‍ගයන්හි ඥානය ‘වෙද’ යී කියනු ලැබේ; ප්‍රඥාව ප්‍රඥෙන්ද්‍රියය ප්‍රඥාබලය ධම්මවිචයසම්බොධ්‍යඞ්ගය වීමංසාව විදර්‍ශනාව සම්‍යක්දෘෂ්ටිය යි; ඒ මාර්‍ගඥානවෙදයන්ගෙන් ජාතිජරාමරණයන්ගේ අන්තයට ගියේ අන්තයට පැමිණියේ (මාර්‍ගයෙන්) කෙළවරට ගියේ (ඵලයෙන්) කෙළවරට පැමිණියේ පර්‍ය්‍යන්තයට ගියේ පර්‍ය්‍යන්තයට පැමිණියේ අවසානයට ගියේ අවසානයට පැමිණියේ (මාර්‍ගයෙන්) ත්‍රාණයට ගියේ (ඵලයෙන්) ත්‍රාණයට පැමිණියේ නිලීයනයට (මාර්‍ගයෙන්) ගියේ (ඵලයෙන්) පැමිණියේ ප්‍රතිෂ්ඨාවට (මාර්‍ගයෙන්) ගියේ (ඵලයෙන්) පැමිණියේ නිභීයට ගියේ නිභීයප්‍රාප්ත වූයේ අච්‍යුතිය (-නිවන)ට ගියේ අච්‍යුතප්‍රාප්ත වූයේ අමෘතයට ගියේ අමෘතයට පැමිණියේ මාර්‍ගයෙන් නිවනට ගියේ ඵලයෙන් නිවනට පැමිණියේ; නොහොත් වෙද(=දතයුතු ධර්‍ම) යන්ගේ අන්තයට ගියේ නුයි ‘වේදගූ’ යැ, සතරමාර්‍ගඥානවෙදයෙන් වෘත්තදුඃඛයාගේ අන්තයට ගියේ නුයි හෝ ‘වේදගු’ යැ; නොහොත් සප්තධර්‍මයන් විදිත වන බැවින් ‘වේදගූ’ යැ: සත්කායදෘෂ්ටිය විදිත වෙයි, විචිකිත්සාව - ශීලව්‍රතපරාමර්‍ශය - රාගය - ද්වේෂය - මෝහය - මානය විදිත වෙයි, ඔහු විසින් කෙලෙසුන්ට ප්‍රත්‍යය වූ පුනර්‍භවය උපදවන ක්ලෙශ්දරථ සහිත වූ දුඃඛ් විපාක දෙන අනාගතයෙහි ජාතිජරාමරණයන්ට ප්‍රත්‍යය වූ ලාමක අකුශලධර්‍මයෝ විදිත වූවාහු වෙත්.
1. (බුදුහු ‘සභිය’ යි අමතා මෙසේ වදාළහ:) යෙමෙක් ශ්‍රමණබ්‍රාහ්මණයන්ගේ ශාස්ත්‍ර යයි කියන ලද යම් වෙද කෙනෙක් වෙත් ද, ඒ සියලු වේදයන් මාර්‍ගභාවනායෙන් කෘත්‍ය හෙයින් අනිත්‍යාදිවශයෙන් විමසා එහි ඡන්‍දරාගප්‍රහාණයෙන් ඒ සියලු වේදයන් ඉක්මවා යළි වෙදප්‍රත්‍යයෙන් හෝ අන් පරිද්දෙකින් උපදනා සියලු වේදනාවන්හි වීතරාග වූයේ ද හෙතෙම පරමාර්‍ත්‍ථවශයෙන් ‘වේදගු’ නම් වේ යයි.
විද්වා ච වේදේහි සමෙච්ච ධම්මං - සිවුසස් දහමට නුවණින් පැමිණ, සිවුසස් දහම් නුවණින් පිළිවිද; ‘සියලු සංස්කාරයෝ ඇති වැ නැති වනබැවින් අනිත්‍යයහ’ යි සිවුසස් දහම් නුවණින් පැමිණ අභිසමය කොට, ‘සියලු සංස්කාරයෝ පීඩා උපදවන බැවින් දුඃඛයහ’ යි දහම් දැන අභිසමය කොට, ‘සියලු ධර්‍මයෝ වසයෙහි නො පවත්නා බැවින් අනාත්මයහ’යි සිවුසස් දහම් නුවණින් දැන අභිසමය කොට; ‘අවිද්‍යාප්‍රත්‍යයෙන් (-අවිද්‍යාව නිසා) තුන් බිමට අයත් කුශලාදි සංස්කාරයෝ පහළ වෙති’ සිවුසස් දහම් නුවණින් දැන ප්‍රතිවේධ කොට, සංස්කාරප්‍රත්‍යයෙන් චක්‍ෂුර්විඥානාදි දෙතිස් ලෞකිකවිපාකවිඥානය පහළ වේ යයි...එකුන්විසි ප්‍රතිසන්‍ධිවිඥානප්‍රත්‍යයෙන් වේදනා සංඥා සංස්කාරස්කන්‍ධ සඞ්ඛ්‍යාත නාමය හා රූපය වේ යයි.. නාමරූපප්‍රත්‍යයෙන් චක්‍ෂුරායතනාදි ෂඩායතනය වේ යයි...ෂඩායතනප්‍රත්‍යයෙන් චක්ෂුඃසංස්පර්ශාදි ස්පර්‍ශය වේ යයි...ස්පර්‍ශප්‍රත්‍යයෙන් චක්ෂුඃසංස්පර්ශජාදි වේදනා වේ යයි...වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වේ යයි තෘෂ්ණාප්‍රත්‍යයෙන් කාමාදි උපාදානය වේ යයි...උපාදානප්‍රත්‍යයෙන් භවය වේ යයි… කර්මභවප්‍රත්‍යයෙන් ප්‍රතිසන්ධිස්කන්ධ සඞ්ඛ්‍යාත ජාතිය වේ යයි...ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ යයි නුවණින් දැන සිවුසස් දහම් ප්‍රතිවේධ කොට, ‘අවිද්‍යාව ගේ අනුත්පාදනිරෝධයෙන් සංස්කාරයන් ගේ අනුප්පාදනිරොධය වේ යයි නුවණින් දැන සිවුසස් දහම් අවබෝධ කොට; සංස්කාරයන් ගේ අනුත්පාදනිරෝධයෙන් විඥානනිරෝධය වේ යයි - ප්‍රතිසන්ධිවිඥානයා ගේ අනුත්පාදනිරෝධයෙන් නාමරූපනිරෝධය වේ යයි - නාමරූපනිරෝධයෙන් ෂඩායතනනිරෝධය වේ යයි - ෂඩායතනනිරොධයෙන් ස්පර්ෂනිරොධය වේ යයි - ස්පර්ෂනිරොධයෙන් වේදනානිරෝධය වේ යයි - වේදනානිරෝධයෙන් තෘෂ්ණානිරෝධය වේ යයි - තෘෂ්ණානිරොදයෙන් උපාදානනිරෝධය වේ යයි - උපාදානනිරෝධයෙන් භවනිරෝධය වේ යයි - භවනිරෝධයෙන් ජාතිනිරොධය වේ යයි - ජාතිනිරෝධයෙන් ජරාමරණ නිරෝධය වේයයි නුවණින් දැන සිවුසස් අවබෝධ කොට; ‘මේ දුකැ’යි දැන ...මේ දුක් සමුදය යි ...මේ දුක් නැසීම යැයි... මේ දුක් නිරෝධයට පමුණුවන පිළිවෙතැයි නුවණින් දැන සිවුසස් ප්‍රතිවේධ කොට; ‘මොහු ආස්‍රවයෝය’යි… මේ ආස්‍රවසමුදය යි...මෙ ආස්‍රවනිරෝධය යි...‘මෝ ආස්‍රවනිරෝධගාමිනීප්‍රතිපදා ය’යි දැන සිවුසස්දහම් අභිසමය කොට, ‘මේ ධර්‍මයේ ස්වභාවලක්ෂණාවබොධවශයෙන් දතයුත්තාහ’යි දැන - මේ (ත්‍රෛභූමක)ධර්‍මයෝ සාමාන්‍යලක්ෂණවබොධවශයෙන් හාත්පසින් දතයුත්තාහ’යි දැන ‘මේ සමුදයපක්ෂයෙහි වූ ධර්‍මයෝ ඒ ඒ ගුණාඞ්ගයෙන් හළ යුත්තාහ’යි - මේ දහම්හු වැඩිය යුත්තාහ’යි - ‘මේ දහම්හු ප්‍රත්‍යක්‍ෂ කටයුත්තාහ’යි නුවණින් දැන සිවුසස් දහම් අවබෝධ කොට, චක්‍ෂුරාදි ෂට්ස්පර්ශායතනයන් ගේ සමුදය (-ඉපදීම)ද නිරෝධය ද ආශ්වාදය ද ආදීනවය ද නිශ්ශරණය ද දැන දහම් පසක් කොට, පඤ්චොපදානස්කන්ධයන්ගේ සමුදය ද... නිශ්ශරණය ද දැන - සතරමහාභූතයන්ගේ සමුදය ද...නිශ්ශරණය ද දැන - ‘සමුදයපක්ෂයෙහි වූ සියලු ධර්‍මජාතය නිරෝධස්වභාව ඇතැ’යි නුවණින් දැන සිවුසස් දහම් විශිෂ්ටඥානයෙන් දැන නුයි ‘විද්වා ච වේදේහි සමෙච්ච ධම්මං’ යනු වේ.
න උච්චාවචං ගච්ඡති භූරිපඤ්ඤො - ශාස්තෘවරයකු කෙරෙන් ශාස්තෘවරයකු කරා නො යෙයි, ධර්‍මාඛ්‍යානයකින් ධර්‍මාඛ්‍යානයකට - දෘෂ්ටියකින් දෘෂ්ටියකට - පිළිවෙතකින් පිළිවෙතකට - මගෙකින් මගකට නො යන්නේයි. භූරිපඤ්ඤො - පෘථිවිය බදු විපුලප්‍රඥා ඇතියේ මහාප්‍රඥා ඇතියේ පැතුරැණු ප්‍රඥා ඇතියේ තුෂ්ටි බහුල වූ ප්‍රඥා ඇතියේ පැතුරුණු ප්‍රඥා ඇතියේ ලොභාදිය විනිවිදින ප්‍රඥා ඇතියේ යැ; පෘථිවිය ‘භූරි’ යැයි කියනු ලබයි, ඒ පෘථිවියම වූ විපුල වූ විස්තෘත වූ ප්‍රඥායෙන් සමන්‍විත නුයි ‘න උච්චාවචං ගච්ඡති භූරිපඤ්ඤො’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“සයං සමාදාය -පෙ- ගච්ඡති භූරිපඤ්ඤො” යි.
ඒ භූරිප්‍රාඥා වූ ක්‍ෂීණාස්‍රව තෙමේ යම් කිසි රූපාලම්බනයක් හෝ ශබ්දාලම්බයක් හෝ ගන්‍ධ-රස-ඵොට්ඨබ්බ ආලම්බණයක් හෝ වේද, ඒ සියලු ධර්‍මයන්හි අකුශලාභිසංස්කාර සඞ්ඛ්‍යාත මරසෙනග වනසා සිටි වන බැවින් විසෙනී වූයේ වෙයි. මෙසේ විශුද්ධ දර්‍ශන ඇති විවෘත වැ හැසිරෙන ඒ රහත්හු මෙ ලොවැ තෘෂ්ණාදි කවර කල්පනයකින් විකල්පනය කරන්නේ ද.
ස සබ්බධම්මෙසු විසෙනිභූතො යං කිඤ්චි දිට්ඨං ව සුතං මුතං වා - ‘සේනා’ යී මාරසෙනාව කියනු ලබයි, කායදුශ්චරිතය මාරසෙනා යැ, වාග්දුශ්චරිතය - මනෝදුශ්චරිතය මාරසෙනා යැ, රාගය මාරසෙනා යැ, ද්වේෂය - මෝහය - ක්‍රෝධය - උපනාහය...සියලු අකුශලාභිසංස්කාරයෝ මාරසෙනා යි. මෙ වදාරන ලද මැය භාග්‍යවත්හු විසින්:
1. “අන්තකය, වස්තුකාම ක්ලේශකාමයෝ තාගේ පළමු වැනි සේනාව යැ, වනසෙනසුන්හි හෝ අධිකුශලධර්‍මයන්හි උපදනා අරතිය දෙවැනි සේනාව යැයි කියනු ලැබෙයි, සා පවස් දෙක තාගේ තෙවැනි සේනාව යැ, පර්යෙෂණයතෘෂ්ණාව සතරවැනි සේනාව යැයි කියනු ලැබේ.
2. ථීනමිද්ධය තාගේ පස්වැනි සේනාව යැ, තැතිගැනීම් සංඛ්‍යාත බියසුලු බව සවැන්නී යැයි කියනු ලැබෙයි, පර්ය්‍යාප්තියෙහි සැකය තාගේ සත්වැනි සේනාව යැ (මානය) මකුබව හා ස්තම්භය තාගේ අටවැනි සේනාව යි.
3. ලාභය ප්‍රශංසාය සත්කාරය යන මොහු ද මිථ්‍යාවෙන් ලද යශස ද නවවැනි සේනාව වෙයි, ජාත්‍යාදිය හේතු කොටගෙන ආත්මොත්කෂීණය ද පරවම්භනය ද දසවැනි සේනාව වේ.
4. අන්තකය, කෘෂ්ණධර්‍මයෙන් සමන්‍විත වූ තා ගේ මේ දශවිධ සේනා තොමෝ මහණබමුණන්ට අන්තරාය කරන සුලු වෙයි, සූර නොවූ පුරැෂ තෙමේ ඒ මරසෙනග නො දිනයි, යළි කායජීවිත නිරපේක්‍ෂ වූ සූර තෙමේ ජයග්‍රහණය කොට මගපලසුවයට පැමිණේ” යයි.
යම් හෙයකින් සතර ආර්‍ය්‍යමාර්‍ගයෙන් සියලු දශවිධ මාරසෙනාව ද ප්‍රතිපක්‍ෂ බව කරන සියලු ක්ලේශයෝ ද දිනන ලද්දාහු පරදවන ලද්දාහු, බිඳින ලද්දාහු සුණුවිසුණු කරන ලද්දාහු පරාම්මුඛ බවට පමුණුවන ලද්දාහු ද වෙති, හෙතෙම විසෙනීභූත (=නික්ලේශ වූයේ) යැයි කියනු ලැබේ. හෙතෙම රූපායතනයෙහි විසෙනී වූයේ ශබ්දායතනයෙහි - ගන්‍ධ -රස - ස්ප්‍රෂ්ටව්‍යාතනයයෙහි - ධම්මායතනයෙහි විසෙනී වූයේ නුයි ‘ස සබ්බධම්මෙසු විසෙනිභූතො යං කිඤ්චි දිට්ඨං ව සුතං මුතං වා’ යනු වේ.
තමෙව දස්සිං විවටං චරන්තං - ඒ මෙසේ ශුද්ධදර්ශී වූවහු විශුද්ධදර්ශී වූවහු පරිශුද්ධදර්ශී වූවහු ව්‍යවදානදර්ශී වූවහු හාත්පසින් විශුද්ධ දර්‍ශන ඇත්තහු; නොහොත් ශුද්ධදර්ශන විශුද්ධදර්ශන පරිශුද්ධදර්ශන ව්‍යචදානදර්ශන පර්ය්‍යාවදානදර්ශන ඇත්තහු. විවටං - තෘෂ්ණා සඞ්ඛ්‍යාත ඡදන (=සෙවෙනි) ය දෘෂ්ටිඡදනය ක්ලෙශඡදනය දුශ්චරිතඡදනය අවිද්‍යාඡදනය යන මේ කෙලෙස් ඡදනයෝ විවෘත කරනා ලද්දාහු වෙති, විධ්වංශන කරන ලද්දාහු උද්ඝාටන කරන ලද්දාහු සමුද්ඝාටන කරන ලද්දාහු ප්‍රහීණ කරන ලද්දාහු සිඳින ලද්දාහු සන්හිඳුවන ලද්දාහු දුරලන ලද්දාහු අභව්ය්‍යොත්පත්තික කරන ලද්දාහු නුවණගින්නෙන් දවන ලද්දාහු වෙත්. චරන්තං - හැසිරෙනුවහු වෙසෙසින් හැසිරෙනුවහු ඉරියවු පවත්වනුවහු ඉරියවු උපදවනුවහු ඉරියහු රක්නහු යැපෙනවහු යාපනය කරවනුවහු නුයි ‘තමෙව දස්සිං විවටං චරන්තං’ යනු වේ.
කෙනීධ ලෝකස්මිං විකප්පයෙය්‍ය - ‘කප්පා’ යනු: තෘෂ්ණාකල්පන යැ දෘෂ්ටිකල්පන යැයි කල්පනයෝ දෙදෙනෙකි:...ඔහු විසින් තෘෂ්ණාකල්පය ප්‍රහීණ යැ දෘෂ්ටිකල්පය දුරලන ලද; තෘෂ්ණාකල්පනය ප්‍රහීණ හෙයින් දෘෂ්ටිකල්පනය දුරලන ලද හෙයින් කවර රාගයෙකින් කවරෙක් විකල්පනය කරන්නේ ද, කවර ද්වෙෂයෙකින් - කවර මොහයෙකින් - කවර මානයෙකින් - කවර දෘෂටියෙකින් - කවර ඖද්ධත්‍යයෙකින් - කවර විචිකිත්සායෙකින් - කවර අනුසයධර්මයකින් - රක්ත යැ හෝ ද්විෂ්ට යැ හෝ මූඪ යැ හෝ විනිබද්ධ යැ හෝ පරාමෘෂ්ට යැ හෝ හෝ වික්ෂෙපයට ගියේ යැ හෝ අනිෂ්ඨාවට ගියේ යැ තදබවට ගියේ යැහෝ කල්පනය කරන්නේ ද, (කල්පනයට හේතු වූ) ඒ අභිසංස්කාරයෝ ප්‍රහීණයහ. අභිසංස්කාරයන් ප්‍රහීණ වන බැවින් කුමක් හේතු කොටගෙන් නිරයට යන්නෙකැයි හෝ තිරිසන් යෝනි ඇත්යෙකැයි හෝ ප්‍රේතවිෂය ඇතියෙකැයි හෝ මිනිස් වෙයි හෝ දෙවි වෙයි හෝ රූපී - අරූපී - සංඥී - අසංඥී - නෛවසංඥීනාසංඥී වෙයි හෝ එක්තරා ගතියෙකින් කල්පනය කරන්නේ ද, යම් හෙයකින් කල්පනය විකල්පනය කරන්නේ ද, විකල්පයට පැමිණෙන්නේ ද, ඒ හේතුව නැත, ප්‍රත්‍ය නැත, කාරණය නැති. ලෝකස්මිං - අපායලෝකයෙහි… ආයතනලෝකයෙහි නුයි ‘කෙනීධ ලෝකස්මිං විකප්පයෙය්‍ය’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“ස සබ්බධම්මෙසු -පෙ- විකප්පයෙය්‍ය” යී.
යම් හෙයකින් ඒ ශාන්ත වූ ක්‍ෂීණාස්‍රවයෝ ද්විවිධ තෘෂ්ණාදි කල්පනයන් හා පුරස්කාරයන් අතුරෙන් කිසිවකින් කල්පනය නො කෙරෙත් ද, පෙරටු නො කෙරෙත් ද, ඔවුහු (පරමාර්‍ත්‍ථ අත්‍යන්තශුද්ධිය අධිගත වන බැවින් අත්‍යන්තශුද්ධ වූවාහු මැ) අක්‍රිය - ශාශ්වතදෘෂ්ටි අත්‍යන්තශුද්ධි යයි නො කියත් ද එහෙයින් ස්වකීය චිත්තසන්තානයෙහි ගෙතුණාවු ආදානග්‍රන්‍ථ යයි කියන ලද අභිධ්‍යාදි චතුර්විධ කායග්‍රන්‍ථය සිඳපියා කිසි ලොකයෙක් හි තෘෂ්ණාව නූපදවත්.
න කප්පයන්ති න පුරෙක්ඛරොන්ති - ‘කප්පා’ යනු තෘෂ්ණාකල්ප යැ දෘෂ්ටිකල්ප යැයි කල්පයෝ දෙදෙනෙක් වෙති:...ඔවුන් විසින් තෘෂ්ණාකල්පය ප්‍රහීණ යැ, දෘෂ්ටිකල්පය දුරලන ලද්දේයැ තෘෂ්ණාකල්පය ප්‍රහීණ වන බැවින් දෘෂ්ටිකල්පය දුරලන ලද බැවින් තෘෂ්ණාකල්පය හෝ දෘෂ්ටිකල්පය හෝ කල්පනය නො කෙරෙති, නූපදවති, නො නිපදවත් නුයි - ‘න කප්පයන්ති’ යනු වේ. න පුරෙක්ඛරොන්ති - තෘෂ්ණාපුරස්කාරයැ දෘෂ්ටිපුරස්කාර යයි පුරස්කාරයෝ දෙදෙනෙක් වෙති:... තෘෂ්ණාපුරස්කාරය ප්‍රහීණ වන බැවින් දෘෂ්ටිපුරස්කාරය දුර ලන ලද බැවින් තෘෂ්ණාව හෝ දෘෂ්ටිය හෝ පෙරටු කොට නො හැසිරෙති; තෘෂ්ණාව ධ්වජ කොට ඇත්තාහු තෘෂ්ණාව කෙහෙලි කොට ඇත්තාහු තෘෂ්ණාව අධිපති කොට ඇත්තාහු, දෘෂ්ටිය ධ්වජ කොට ඇත්තාහු දෘෂ්ටිය කෙහෙලි කොට ඇත්තාහු දෘෂ්ටිය අධිපති කොට ඇත්තාහු නො හැසිරෙති; තෘෂ්ණාව විසින් හෝ දෘෂ්ටිය විසින් හෝ පිරිවරන ලද්දාහු නො හැසිරෙත් නුයි ‘න කප්පයන්ති න පුරෙක්ඛරොන්ති’ යනු වේ.
අච්චන්තසුද්ධින්ති න තෙ වදන්ති - අක්‍රියදෘෂ්ටිය ත් ශාශ්වතවාදයත් අත්‍යන්තශුද්ධි යැ සංසාරශුද්ධි යැයි නො කියති නො බෙණෙති නො දක්වති ව්‍යවහාර නො කෙරෙත් නුයි ‘අච්චන්තසුද්ධින්ති න තෙ වදන්ති’ යනු වේ.
ආදානගන්ථං ගථිතං විසජ්ජ - ‘ගන්‍ථ’ යනු අභිධ්‍යාකායග්‍රන්‍ථ යැ ව්‍යාපාදකායග්‍රන්‍ථ යැ ශීලව්‍රතපරාමර්‍ශකායග්‍රන්‍ථ යැ ඉදංසත්‍යාභිනිවෙශකායග්‍රන්ථ යැයි ග්‍රන්‍ථයෝ සතර දෙනෙක් වෙති: ස්වකීය දෘෂ්ටිය පිළිබඳ ඡන්‍දරාගය ‘අභිධ්‍යාකායග්‍රන්‍ථ’ නම, පරවාදයන්හි කෝපය නො සතුට ‘ව්‍යාපාදකායග්‍රන්‍ථ’ නම, තමාගේ ශීලය හෝ ව්‍රතය හෝ ශීලව්‍රතය හෝ පරාමර්‍ශ කෙරෙත් නුයි ‘ශීලව්‍රතපරාමර්‍ශකායග්‍රන්‍ථ’ නම, තමාගේ දෘෂ්ටිය ‘ඉදංසත්‍යාභිනිවෙශකායග්‍රන්ථ’ නමි. කවර කරුණෙකින් ‘ආදානගන්ථ’ යී කියනු ලැබෙයි? යත්: මෙ කියන ලද අභිධ්‍යාදි නාමකායග්‍රන්ථයන් හේතු කොටගෙන චතුසමුට්ඨානිකරූපාරම්මණය ආදානය කෙරෙති උපාදානය (=දැඩි කොට ගැනීම) කෙරෙති තෘෂ්ණාග්‍රහණයෙන් ගනිති, දෘෂ්ටිග්‍රහණයෙන් පරාමර්‍ශ කෙරෙති, මානග්‍රහණයෙන් අභිනිවේශය කෙරෙත්. වේදනාව සංඥාව සංස්කාරයන් විඥානය ගතිය උත්පත්තිය ප්‍රතිසන්‍ධිය භවය සංසාරවර්තනය ආදානය කෙරෙති උපාදානය කෙරෙති ග්‍රහණය කෙරෙති පරාමර්‍ශ කෙරෙති අභිනිවේශය කෙරෙත්. එ කරැණෙන් ‘ආදානග්‍රන්‍ථ’ යී කියනු ලැබේ. විසජ්ජ - ග්‍රන්‍ථ (බන්‍ධන) යන් මොනොවට විසුරුවා හෝ හැර, නොහොත් බන්ධනයන් ග්‍රන්ථනයන් බන්ධයන් විබන්ධයන් ආබන්ධ (-අනෙකවිධබන්ධ) යන් ලග්න වූවන් ලග්ගිත වූවන් හාත්පසින් බද්ධවූවන් බන්ධනයන් පොළා දුරුකොට; යම් සේ වාහනයක් හෝ රථයක් හෝ ගැලක් හෝ යානයක් හෝ ගලවා අපරිභොග කෙරෙත් ද සුණු කෙරෙත් ද, එසෙයින් ම කායග්‍රන්‍ථයන් විසුරුවා හෝ දුරු කොට, නොහොත් ග්‍රන්‍ථ (-බන්‍ධන)යන්...හාත්පසින් බන්‍ධ වූවන් බන්ධනයන් පොළා දුරුකොට නුයි ‘ආදානගන්ථං ගථිතං විසජ්ජ’ යනු වේ.
ආසං න කුබ්බන්ති කුහිඤ්චි ලෝකේ - ‘ආසා’ යී තෘෂ්ණාව කියනු ලබයි; යම් රාගයෙක් සංරාගයෙක්...අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එයයි. ආසං න කුබ්බන්ති - ආශා නො කෙරෙති නො දනවති නූපදවති වෙසෙසින් නූපදවත්. කුහිඤ්චි - අධ්‍යාත්මයෙහි හෝ බාහ්‍යයෙහි හෝ අධ්‍යාත්මබාහ්‍යයෙහි හෝ කිසි තැනෙක් හි කොහිත්; ලෝකේ - අපායලෝකයෙහි...ආයතනලෝකයෙහි නුයි ‘ආසං න කුබ්බන්ති කුහිඤ්චි ලෝකේ’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“න කප්පයන්ති -පෙ- කුහිඤ්චි ලෝකේ” යී.