Pali BJT7. චෙතියම්හි{1} ච සඞ්ඝෙ වා පුග්ගලෙ අතිථීසු වා මාතරි පිතරි වාපි අථො ජෙට්ඨම්හි භාතරි
Sinhala BJT7. චෛත්‍යය{1} කෙරෙහිද, සඞ්ඝයා කෙරෙහි ද, යම් පුද්ගලයකු ද කෙරෙහි ද, ආගන්තුකයකු කෙරෙහි ද, මව කෙරෙහි ද, පියා කෙරෙහි ද, නැවත වැඩි මහලු සහෝදරයා (හෝ සහෝදරිය) කෙරෙහි ද,
Pali BJT8. එසො නිධි සුනිහිතො අජෙය්යො අනුගාමිකො පහාය ගමනීයෙසු එතං ආදාය ගච්ඡති.
Sinhala BJT8. දානාදි විධියෙන් මනා සේ තැන්පත් කරණ ලද මේ නිධානය ද, අන්‍යයන් විසින් දිනා ගන්නට නො හැකි ය. පරලොව යන කල්හි ද විපාක දීම් වශයෙන් තමා අනු ව යන්නේ වෙයි. මරණාවස්ථාවෙහි හැර දමා යෑ යුතු වස්තූන් ඇති කල්හි මේ පුණ්‍යානිධානය රැගෙණ පර ලොව යෙයි.
Pali BJT9. අසාධාරණමඤ්ඤෙසං අචොරහරණො නිධි කයිරාථ ධීරො පුඤ්ඤානි යො නිධී අනුගාමිකො
Sinhala BJT9. පුණ්‍යානිධානය තෙමේ අන්‍යයන්ට සාධාරණ නොවේ. සොරුන් විසින් පැහැර ගත නො හැකිය. (පරලොව යන කල්හි ද) තමා අනුව යන්නා වු යම් පුණ්‍යනිධානයෙක වේ ද, නුවණැත්තේ ඒ පින්කම කරන්නේ ය.
Pali BJT10. එස දෙවමනුස්සානං සබ්බකාමදදො නිධි යං යදෙවාහිපත්ථෙන්ති සබ්බමෙතෙන ලබ්භති.
Sinhala BJT10. මේ පුණ්‍යකර්‍මය තෙමේ දෙවිමිනිසුන්ට සියලු කැමැති සම්පත් දෙන නිධානය යි. ඔහු යමක් යමක් ප්‍රාර්‍ත්‍ථනා කෙරෙද්ද ඒ සියල්ල මේ පුණ්‍ය නිධානය කරණ කොට ගෙණ ලැබේ.
Pali BJT11. සුවණ්ණතා සුස්සරතා සුසණ්ඨාන සුරූපතා ආධිපච්චපරිවාරං සබ්බමෙතෙන ලබ්භති.
Sinhala BJT11. සුන්‍දර ඡවිවර්‍ණ ඇති බව ද, මධුර වූ ස්වර ඇති බව ද, අඟපසඟ පිළිබඳ මනා සටහන් ඇති බව ද, සුන්‍දර ශරීර ඇති බව ද, අධිපතිභාවය හා පිරිවර ජනයා (පිරිස්) ද යන සියල්ල මේ පුණ්‍යනිධානය කරණ කොට ගෙණ ලැබේ.
Pali BJT12. පදෙසරජ්ජං ඉස්සරිය, චක්කවත්තිසුඛං පියං දෙවරජ්ජම්පි දිබ්බෙසු සබ්බමෙතෙන ලබ්භති.
Sinhala BJT12. ප්‍රදේශරාජ්‍යය ද, එක් එක් දිවයිනෙහි අණසක පැවැත්වීම නම් වූ ද්වීපචක්‍රවර්තිරාජ්‍යය ද, ප්‍රිය වූ මුළු සතර මහ දිවයිනේ අණසක පැවැත්වීම සඞ්ඛ්‍යාත චක්‍රවර්තිරාජ්‍ය සැපය ද දෙව්ලොව දිව්‍ය සැපය ද යන සියල්ල මේ පුණ්‍යනිධානය කරණ කොට ගෙණ ලැබේ.
Pali BJT13. මානුසිකා ච සම්පත්ති දෙවලොකෙ ච යා රති යා ච නිබ්බාණසම්පත්ති සබ්බමෙතෙන ලබ්භති.
Sinhala BJT13. යම් මනුෂ්‍ය සම්පත්තියක් ඇද්ද, දෙව්ලොව යම් සුඛයක් හා සුඛ වස්තුවකුත් ඇද්ද, යම් නිර්‍වාණසම්පත්තියකුත් ඇද්ද, ඒ සියල්ල මේ පුණ්‍යනිධානයකරණ කොට ගෙණ ලැබේ.
Pali BJT14. මිත්තසම්පදමාගම්ම යොනිසොව පයුඤ්ජතො. විජ්ජාවිමුත්තිවසීභාවො සබ්බමෙතෙන ලබ්භති.
Sinhala BJT14. කල්‍යාණමිත්‍රසම්පත්තිය නිසා උපායමනස්කාරයෙන් භාවනායෝගයෙහි යෙදෙන්නහුට පූර්වේනිවාසානුස්මෘතිඥානාදි ත්‍රිවිද්‍යාවෝ ය, අෂ්ටසමාපත්ති හා නිර්‍වාණධර්‍මසඞ්ඛ්‍යාත විමුක්තිය යන මොවුන් කෙරෙහි වශීභාවය ද යන සියල්ල මේ පුණ්‍යනිධානය කරණ කොට ගෙණ ලැබේ.
Pali BJT15. පටිසම්භිදා විමොක්ඛා ච යා ච සාවකපාරමී පච්චෙකබොධි බුද්ධභූමි සබ්බමෙතෙන ලබ්භති.
Sinhala BJT15. අර්‍ත්‍ථ - ධර්‍ම - නිරුක්ති - ප්‍රතිභානප්‍රඥාසඞ්ඛ්‍යාත පටිසම්භිදාවන් ද, අෂ්ටවිධවිමෝක්‍ෂයන් ද, බුද්ධශ්‍රාවකයන් විසින් ලැබිය යුතු වූ ශ්‍රාවකසම්පත්තිය සිද්ධ කර්‍ණ යම් ශ්‍රාවකපාරමිතාවක් ඇත් නම් එය ද, ස්වයම්භූභාවය සිද්ධ කරණ යම් ප්‍රත්‍යෙකබෝධියක් (පසේ බුදුබවක්) ඇත් නම් එය ද, සියලු සත්ත්‍වයන්ට උතුම් බව සිද්ධ කරණ අනුත්තර බුද්ධභූමියක් (ලොව්තුරා බුදු බවක්) ඇත් නම් එය ද යන සියල්ල මේ පුණ්‍යනිධානය කරණ කොට ගෙණ ලැබේ.
Pali BJT16. එවං මහත්ථිකා එසා යදිදං පුඤ්ඤසම්පදා තස්මා ධීරා පසංසන්ති පණ්ඩිතා කතපුඤ්ඤතං.
Sinhala BJT16. යම් මේ පුණ්‍යසම්පත්තියක් වේ ද, එය මෙසේ මහත් අභිවෘද්ධිය පිණිස පවත්නේ ය. එහෙයින් ධීර ගුණයෙන් යුත් පණ්ඩිතයෝ කළ පින් ඇති බව පසසත්.
Pali BJTනිධිකණ්ඩසුත්තං.
Sinhala BJTනිධිකණ්ඩ සූත්‍රය යි.
Pali BJT9. මෙත්තසුත්තං.
Sinhala BJT9. මෙත්ත සූත්‍රය
Pali BJT1. කරණීයමත්ථකුසලෙන යන්තං{1} සන්තං පදං අභිසමෙච්ච සක්කො උජූ ච සූජූ ච{2} සුවචො චස්ස මුදු අනතිමානී.
Sinhala BJT1. යම් ඒ ශාන්තිපද සඞ්ඛ්‍යාත නිර්‍වාණයෙක් වේ ද, එයට පැමිණ නොහොත් එය අවබෝධ කොට වසනු කැමති අභිවෘද්ධිය සලසා ගැණීමෙහි දක්‍ෂයා විසින් එයට සුදුසු දෙය කළ යුතු ය. නිවණට පැමිණ වසනු කැමැත්තේ සත්‍යප්‍රතිවේධය පිණිස පිළිපදින්නට නොහොත් කිසුණු පිරියම් කිරීම් වත් සමාදන් වීම් ආදී සියලු කාර්‍ය්‍යයන් කරන්නට දක්‍ෂයෙක් වන්නේ ය. (දක්‍ෂයකු විය යුතු ය.) ඍජු වන්නේ ය. එක් වරක් ඍජු වීමෙන් නො නැවතී දිවි ඇති තාක් මනා කොට ඍජු වන්නේ ය. අන්‍යයන් ගේ අවවාද මනාකොට පිළිගැණීම් වශයෙන් සුවච වන්නේ ය. මෘදු වන්නේ ය. අතිමාන ඇත්තේ නො වන්නේ ය.
Pali BJT2. සන්තුස්සකො ච සුභරො ච අප්පකිච්චො ච සල්ලහුකවුත්ති, සන්තින්ද්රියො ච නිපකො ච අප්පගබ්භො කුලෙසු අනනුගිද්ධො.
Sinhala BJT2. ලද දෙයින් සතුටු වන්නෙක් ද පහසුවෙන් පෝෂණය කළ හැක්කෙක් ද, (ස්වකීය ශ්‍රමණධර්‍මය කිරීමට පමණක් සීමා වූ ) ස්වල්ප කටයුතු ඇත්තෙක් ද, සැහැල්ලු පැවතුම් ඇත්තෙක් ද, සන්හුන් ඉඳුරන් ඇත්තෙක් ද ප්‍රඥා ඇත්තෙක් ද, හැඩි දැඩි අසංවර ගති නැත්තෙක් ද, කුලයන් කෙරෙහි (සිවු පසයෙහි ඇලීම් ආදී වශයෙන්) නො ඇලුනෙක් ද වන්නේ ය.
Pali BJT3. න ච ඛුද්දං සමාචරෙ{3} කිඤ්චි යෙන විඤ්ඤූ පරෙ උපවදෙය්යුං සුඛිනො වා{4} ඛෙමිනො හොන්තු සබ්බෙ සත්තා{5} භවන්තු සුඛිතත්තා.
Sinhala BJT3. නුවණැති අන්‍යයන් නින්‍දා කරණ සුළු වරදක් වත් නො කරන්නේ ය. “සියලු සත්ත්‍වයෝ සැප ඇත්තෝ වෙත්වා, භය නැත්තෝ වෙත් වා, සුඛිත සිත් ඇත්තෝ වෙත් වා”යි ද,
Pali BJT4. යෙ කෙචි පාණභූතත්ථි තසා වා ථාවරා වා අනවසෙසා{6}, දීඝා වා යෙ මහන්තා වා{7} මජ්ඣිමා රස්සකා’ණුකථූලා.{8}
Sinhala BJT4. තෘෂ්ණාභය සහිත හෙයින් තැති ගන්නා සුලු වූ ද තෘෂ්ණා භය ප්‍රහීණ කළ හෙයින් ස්ථාවර වූ ද යම් කිසි සත්ත්‍වයෝ ඇත්තාහු නම්, ඒ සියලුදෙනා ද, (නාගාදි) දික් ශරීර ඇත්තෝ ද, (මත්ස්‍ය හස්ති අසුරා දී) මහත් ශරීර ඇත්තෝ ද, (අශ්වගවමහිෂාදී) මධ්‍යම ප්‍රමාණ ශරීර ඇත්තෝ ද, (වාමනාදී) මිටි සිරුරු ඇත්තෝ ද, (පියෙවි ඇසට නොපෙණෙන) ඉතා සියුම් ශරීර ඇත්තෝ ද, (මස් කැසුබු ආදී) ස්ථුල ශරීර ඇත්තෝ ද,
Pali BJT5. දිට්ඨා වා යෙව අද්දිට්ඨා{9} යෙ ච දූරෙ වසන්ති අවිදූරෙ භූතා වා සම්භවෙසී වා{10} සබ්බෙ සත්තා{11} භවන්තු සුඛිතත්තා.
Sinhala BJT5. ඇස් හමුවට පැමිණීම් වශයෙන් දුටු සත්තු ද, ඈත සිටි හෙයින් නුදුටු සත්තු ද, යම් සත්ත්‍ව කෙනෙක් දුරත් ලඟත් වසත් නම් ඔහු ද, ඉපදීම අවසන් කළ සත්ත්‍වයෝ ද (ක්‍ෂීණාශ්‍රවයෝ ද), මතු ඉපදීම සොයන (ශෛක්‍ෂ පෘථග්ජන) සත්ත්‍වයෝ ද යන මේ සියලු සත්ත්‍වයෝ සුඛිත සිත් ඇත්තෝ වෙත්’වා යි ද මෙත් වඩන්නේ ය.
Pali BJT6. න පරො පරං නිකුබ්බෙථ නාතිමඤ්ඤෙථ කත්ථචි නං කඤ්චි බ්යාරොසනා පටිඝසඤ්ඤා නාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛමිච්ඡෙය්ය
Sinhala BJT6. එකෙක් අනෙකකු නො රවටන්නේ ය. (නො රවටාවා) අනෙකකුට අවමන් නො කරන්නේ ය. (නො කෙරේ වා) බ්‍යාරොසනා නම් වූ කය හා වචනය පිළිබඳ විකෘතියෙන් ද ප්‍රතිඝසංඥා සඞ්ඛ්‍යාත මනෝවිකාරයෙන් ද එකෙක් අනෙකකුට දුකක් නො කැමති වන්නේ ය. (නො කැමති වේවා).
Pali BJT7. මාතා යථා නියං පුත්තං ආයුසා{1} එකපුත්තමනුරක්ඛෙ එවම්පි සබ්බභූතෙසු මානසං භාවයෙ අපරිමාණං.
Sinhala BJT7. මව යම්සේ තමා ගෙන් ඇති වූ එක ම ඖරස පුත්‍රයා ජීවිතපරිත්‍යාගයෙන් වුවත් රක්නේ ද, එ පරිද්දෙන් ම සියලු සත්ත්‍වයන් කෙරෙහි අප්‍රමාණ වූ මෛත්‍රීසහගත සිත වඩන්නේ ය.
Pali BJT8. මෙත්තඤ්ච සබ්බලොකස්මිං මානසං භාවයෙ අපරිමාණං උද්ධං අධො ච තිරියං ච අසම්බාධං අවෙරං අසපත්තං{2}
Sinhala BJT8. උඩ ද යට ද සරස ද (සතුරන් ය යි කියන ලද) සීමාවකුදු නැති ව අතරතුර වත් වෛර චේතනා පහළ වීමක් නැති ව, සතුරන් රහිත ව සියලු ලෝකසත්ත්‍වයා කෙරෙහි අප්‍රමාණ වූ මෛත්‍රීසහගත සිත වඩන්නේ ය.
Pali BJT9. තිට්ඨං චරං නිසින්නො වා සයානො වා යාවතස්ස විගතමිද්ධො එතං සතිං අධිට්ඨෙය්ය බ්රහ්මමෙතං විහාරං ඉධමාහු{3}
Sinhala BJT9. සිටින්නේ හෝ ඇවිදින්නේ හෝ උන්නේ හෝ නිදන්නේ හෝ යම් තාක් මෛත්‍රීසහගත සිහිය ඉටනු කැමැත්තේ ද, ඒ තාක් පහ වූ මිද්ධය (අලස බව) ඇති ව ඉටන්නේ ය. මේ මෛත්‍රීවිහරණය මේ බුද්ධශාසනයෙහි ශ්‍රේෂ්ඨ විහරණයැ යි ප්‍රකාශ කළහ.
Pali BJT10. දිට්ඨිං ච අනුපගම්ම සීලවා දස්සනෙන සම්පන්නො, කාමෙසු විනෙය්ය ගෙධං{4} න හි ජාතු ගබ්භසෙය්යං පුනරෙතීති.
Sinhala BJT10. (සත්ත්‍වයෙක් පුද්ගලයෙක් ඇත්තේ ය යන) මිථ්‍යාදෘෂ්ටිය ට නො පැමිණ (ලෝකෝත්තරශීලයෙන්) සිල්වත් වූයේ (සෝතාපත්තිමග්ගසම්මාදිට්ඨි ය යි කියන ලද) දර්‍ශනයෙන් යුක්ත වූයේ (සකෘදාගාමි අනාගාමී මාර්‍ග දෙකින්) වස්තුකාමයන්හි ගිජුබව දුරු කොට, ඒකාන්තයෙන් ම නැවත ගර්‍භයෙක් හි විසීමට නො පැමිණෙන්නේ ය. (ශුද්ධාවාසයයෙක ඉපිද එහි දි ම රහත්බවට පැමිණ පිරිනිවන් පාන්නේ ය.)
Pali BJTමෙත්තසුත්තං.
Sinhala BJTමෙත්ත සූත්‍රය යි.
Pali BJTඛුද්දකපාඨපාළි නිට්ඨිතා.
Sinhala BJTඛුද්දකපාඨ පෙළ නිමියේ ය.