Pali BJTසුත්තන්තපිටකෙ
Sinhala BJTසූත්‍ර පිටකයෙහි
Pali BJTඛුද්දකනිකායො
Sinhala BJTකුදුගත් සඟිය
Pali BJT(පඨමො ගන්ථො)
Sinhala BJT(ප්‍රථම ග්‍රන්ථය)
Pali BJTඛුද්දකපාඨපාළි
Sinhala BJTඛුද්දකපාඨ පෙළ
Pali BJTනමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස.
Sinhala BJTඒ භාග්‍යවත් අර්හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
Pali BJT1. සරණගමනං{1}
Sinhala BJT1. ශරණගමනය
Pali BJTබුද්ධං සරණං ගච්ඡාමි.
Sinhala BJTබුදුරජුන් සරණයෙමි (පිහිට යැ යි දැන ගණිමි.)
Pali BJTධම්මං සරණං ගච්ඡාමි.
Sinhala BJTදහම් සරණ යෙමි (පිහිට යැ යි දැන ගණිමි.)
Pali BJTසඞ්ඝං සරණං ගච්ඡාමි.
Sinhala BJTසඟ සරණ යෙමි (පිහිට යැ යි දැන ගණිමි.)
Pali BJTදුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
Sinhala BJTදෙවනු ද බුදුරජුන් සරණ යෙමි.
Pali BJTදුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
Sinhala BJTදෙවනු ද දහම් සරණ යෙමි.
Pali BJTදුතියම්පි සඞ්ඝං සරණං ගච්ඡාමි.
Sinhala BJTදෙවනු ද සඟ සරණ යෙමි.
Pali BJTතතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
Sinhala BJTතෙවනු ද බුදුරජුන් සරණ යෙමි.
Pali BJTතතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
Sinhala BJTතෙවනු ද දහම් සරණ යෙමි.
Pali BJTතතියම්පි සඞ්ඝං සරණං ගච්ඡාමි.
Sinhala BJTතෙවනු ද සඟ සරණ යෙමි.
Pali BJTසරණගමනං.{1}
Sinhala BJTශරණගමනය යි.
Pali BJT2. දසසික්ඛාපදං
Sinhala BJT2. දසසිකපද
Pali BJTපාණාතිපාතා වෙරමණීසික්ඛාපදං සමාදියාමි.
Sinhala BJTපණිවායෙන් වැළැක්ම වූ සිකපදය මනා කොට ගණිමි.
Pali BJTඅදින්නාදානා වෙරමණීසික්ඛාපදං සමාදියාමි.
Sinhala BJTඅයිනා දනින් වැළැක්ම වූ සිකපදය මනා කොට ගණිමි.
Pali BJTඅබ්‍රහ්මචරියා වෙරමණීසික්ඛාපදං සමාදියාමි.
Sinhala BJTමෙවුන්දමින් වැළැක්ම වූ සිකපදය මනා කොට ගණිමි. අබ්රම්සරින් වැළැක්ම වූ සිකපදය මනා කොට ගණිමි.
Pali BJTමුසාවාදා වෙරමණීසික්ඛාපදං සමාදියාමි.
Sinhala BJTමුස වායෙන් වැළැක්ම වූ සිකපදය මනා කොට ගණිමි.
Pali BJTසුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණීසික්ඛාපදං සමාදියාමි .
Sinhala BJTමදයටත් ප්‍රමාදයටත් හේතු වූ රහමෙර පීමෙන් වැළැක්ම වූ සිකපදය මනා කොට ගණිමි.
Pali BJTවිකාලභොජනා වෙරමණීසික්ඛාපදං සමාදියාමි.
Sinhala BJTවිකල් බොජුනෙන් වැළැක්ම වූ සිකපදය මනා කොට ගණිමි.
Pali BJTනච්චගීතවාදිතවිසූකදස්සනා වෙරමණීසික්ඛාපදං සමාදියාමි.
Sinhala BJTනටනු ගයනු වයනු විසුළුදස්නෙන් වැළැක්ම වූ සිකපදය මනා කොට ගණිමි.
Pali BJTමාලාගන්ධවිලෙපනධාරණමණ්ඩනවිභූසනට්ඨානා වෙරමණීසික්ඛාපදං සමාදියාමි.
Sinhala BJTඅඩු තැන් පිරවීමටත් සැරසීමටත් කරුණු වූ මල් ගඳ විලෙවුන් දැරීමෙන් වැළැක්ම වූ සිකපදය මනා කොට ගණිමි.
Pali BJTඋච්චාසයනමහාසයනා වෙරමණීසික්ඛාපදං සමාදියාමි.
Sinhala BJTඋසසුන්මහස්නෙන් වැළැක්ම වූ සිකපදය මනා කොට ගණිමි.
Pali BJTජාතරූපරජතපටිග්ගහණා වෙරමණීසික්ඛාපදං සමාදියාමි.
Sinhala BJTරන් රිදී මසු කහවණු පිළිගැන්මෙන් වැළැක්ම වූ සිකපදය මනා කොට ගණිමි.
Pali BJTදසසික්ඛාපදං.
Sinhala BJTදසසිකපද යි.
Pali BJT3. ද්වත්තිංසාකාරං
Sinhala BJT3. දෙතිස් ආකාරය
Pali BJTඅත්ථි ඉමස්මිං කායෙ කෙසා ලොමා නඛා දන්තා තචො මංසං නහාරූ අට්ඨි අට්ඨිමිඤ්ජං{1} වක්කං හදයං යකනං කිලොමකං පිහකං පප්ඵාසං අන්තං අන්තගුණං උදරියං කරීසං පිත්තං සෙම්හං පුබ්බො ලොහිතං සෙදො මෙදො අස්සු වසා ඛෙළො සිඞ්ඝානිකා ලසිකා මුත්තං මත්ථකෙ මත්ථලුඞ්ගන්ති.
Sinhala BJTමේ සිරුරෙහි කෙස් ය, ලොම් ය, නිය ය, දත් ය, සම ය, මස් ය, නහර ය, ඇට ය, ඇටමිඳුලු ය, වකුගඩු ය, හදවත ය, අක්මාව ය, දලබුව ය, බඩදිව ය, පපුමස ය, අතුනුවැටිය ය, අතුනුබහන් ය, උදරිය (උදරයෙහි වූ නො පැසුණු අහර පැන් ආදිය) ය, වසුරු ය, පිත ය, සෙම ය, පූයා ය, ලේ ය, ඩහදිය ය, හැසුනු (මිදි ගිය) තෙල් ය, කඳුළු ය, වුරුණු (දිය ව ගිය) තෙල් ය, කෙල ය, මුකුණු (සොටු) ය, සඳමිඳුලු ය, මුත්‍ර ය, හිස් කබල් තුළ පිහිටි මිඳුලු රැස ය යන දෙතිස් කුණුප කොටස් කෙනෙක් ඇත්තාහ.
Pali BJTද්වත්තිංසාකාරං.
Sinhala BJTදෙතිස් ආකාර යි.
Pali BJT4. කුමාරපඤ්හා
Sinhala BJT4. කුමාරප්‍රශ්න
Pali BJTඑකං නාම{2} කිං? සබ්බෙ සත්තා ආහාරට්ඨිතිකා.
Sinhala BJTඑක නම් කිම? සියලු සත්හු අහරින් සිටින්නෝ ය.
Pali BJTද්වෙ නාම කිං? නාමඤ්ච රූපඤ්ච.
Sinhala BJTදෙක නම් කිම? නම් රූ දෙක ය.
Pali BJTතීණි නාම කිං? තිස්සො වෙදනා.
Sinhala BJTතුන නම් කිම? (සුඛ දුඃඛ උපේක්ෂා යන) තුන් වේදනාවෝ ය.
Pali BJTචත්තාරි නාම කිං? චත්තාරි අරියසච්චානි.
Sinhala BJTසතර නම් කිම? (දුඃඛ සමුදය නිරෝධ මාර්ග යන) සතර ආර්ය සත්‍යයෝ ය.
Pali BJTපඤ්ච නාම කිං? පඤ්චුපාදානක්ඛන්ධා.
Sinhala BJTපස නම් කිම? (රූප වේදනා සංඥා සංස්කාර විඥාන යන) උපාදානස්කන්ධ පස ය.
Pali BJTඡ නාම කිං? ඡ අජ්ඣත්තිකානි ආයතනානි.
Sinhala BJTසය නම් කිම? (චක්ඛු සෝත ඝාන ජිව්හා කාය මන යන) තමා කෙරෙහි වූ ආයතන සය ය.
Pali BJTසත්ත නාම කිං? සත්ත බොජ්ඣඞ්ගා.
Sinhala BJTසත නම් කිම? (සති ධම්මවිචය පීති විරිය පස්සද්ධි සමාධි උපෙක්ඛා යන) බෝධ්‍යඞ්ග සත ය.
Pali BJTඅට්ඨ නාම කිං? අරියො අට්ඨඞ්ගිකො මග්ගො.
Sinhala BJTඅට නම් කිම? (සම්මාදිට්ඨි සම්මාසඞ්කප්ප සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාආජීව සම්මාවායාම සම්මාසති සම්මාසාමාධි යන) ආර්ය අෂ්ටාඞ්ගික මාර්ගය ය.
Pali BJTනව නාම කිං? නව සත්තාවාසා.
Sinhala BJTනවය නම් කිම? (නානත්තකාය නානත්තසඤ්ඤි ය, නානත්තකාය ඒකත්තසඤ්ඤි ය, එකත්තකාය නානත්තසඤ්ඤි ය, එකත්තකාය ඒකත්තසඤ්ඤි ය, අසඤ්ඤි ය, අකාසානඤ්චායතනූපග ය, විඤ්ඤාණඤ්චායතනූපග ය, ආකිඤ්චඤ්ඤායතනූපග ය, නේවසඤ්ඤානාසඤ්ඤායතනූපග ය යන) සත්ත්‍වාවාස නවය ය.
Pali BJTදස නාම කිං? දසහඞ්ගෙහි සමන්නාගතො අරහා’ති වුච්චතීති.
Sinhala BJTදශය නම් කිම? (අසේඛ සම්මාදිට්ඨි ය, අසේඛ සම්මාසඞ්කප්ප ය, අසේඛ සම්මාවාචා, අසේඛ සම්මාකම්මන්ත ය, අසේඛ සම්මාආජීව ය, අසේඛ සම්මාවායාම ය, අසේඛ සම්මාසති ය, අසේඛ සම්මාසාමාධි ය, අසේඛ සම්මාඤාණ ය, අසේඛ සම්මාවිමුත්තිය යන) අඞ්ග දශයෙන් යුත් වූයේ රහත් තෙමේ ය යි කියනු ලැබේ.
Pali BJTකුමාරපඤ්හා.
Sinhala BJTකුමාරප්‍රශ්න යි.
Pali BJT5. මඞ්ගලසුත්තං
Sinhala BJT5. මඞ්ගල සූත්‍රය
Pali BJTඑවං මෙ සුත: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො අඤ්ඤතරා දෙවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවන්තං ගාථාය අජ්ඣභාසි.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර නිසා ජේතවන නම් වූ අනේපිඬු මහ සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි එක්තරා දෙවියෙක් රෑ (පෙර යම්) ඉක්ම ගිය කල්හි විශිෂ්ට ශරීරශෝභා ඇත්තේ සියලු ජේතවනය (ස්වකීය) ශරීරශොභායෙන් බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක ද එ තැනට එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි ඒ දෙවි තෙම භාග්‍යවතුන්වහන්සේට ගාථායෙන් (මෙසේ) කීයේ ය:
Pali BJT1. බහූ දෙවා මනුස්සා ච මඞ්ගලානි අචින්තයුං, ආකඞ්ඛමානා සොත්ථානං බ්රූහි මඞ්ගලමුත්තමං.
Sinhala BJT1. ස්වස්ථභාවය කැමැති බොහෝ දෙවියෝ ද මිනිස්සු ද (දෙලෝ වැඩ සලසන) මඞ්ගල කාරණයන් සිතූහ. වැඩ සලසන උතුම් මඟුල් (මඞ්ගල කාරණ) වදාළ මැනැවි.
Pali BJT2. අසෙවනා ච බාලානං පණ්ඩිතානං ච සෙවනා, පූජා ච පූජනීයානං එතං මඞ්ගලමුත්තමං.
Sinhala BJT2. බාලයන් ඇසුරු නොකිරීම ද මඟුලෙකි. පණ්ඩිතයන් ඇසුරු කිරීම ද මඟුලෙකි. පිදිය යුත්තන් පිදීම ද මඟුලෙකි. මේ (එක එකෙක්) උතුම් මඟුල් ය (මඞ්ගල කාරණය).
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[බුදුරජුහු වදාළහ:]
Pali BJT3. පතිරූපදෙසවාසො ච පුබ්බෙ ච කතපුඤ්ඤතා අත්තසම්මාපණිධි ච එතං මඞ්ගලමුත්තමං.
Sinhala BJT3. සුදුසු පෙදෙසෙහි විසීම ද, පෙරකළ පින් ඇති බව ද, සිය අත්බව (ශීලාදි) මනා දහම්හි පිහිටුවීම ද යන මේ (එක එකෙක්) උතුම් මඟුල් ය.
Pali BJT4. බාහුසච්චඤ්ච සිප්පඤ්ච විනයො ච සුසික්ඛිතො සුභාසිතා ච යා වාචා එතං මඞ්ගලමුත්තමං.
Sinhala BJT4. බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව ද, (ගිහි පැවිදි) සිප්හි අත් හුරු බව ද, මොනොවට හික්මුනු කා විසි මුනි තුන් දොර ඇති බව ද, මොනොවට කියන ලද වචනය ද (මුසාවා ආදියෙන් වැළකි වචනය ද) යන මේ (එක එකෙක්) උතුම් මඟුල් ය.
Pali BJT5. මාතාපිතුඋපට්ඨානං පුත්තදාරස්ස සඞ්ගහො අනාකුලා ච කම්මන්තා එතං මඞ්ගලමුත්තමං.
Sinhala BJT5. මවුට උවටන ද, පියාට උවටන ද, අඹුදරුවනට සඞ්ග්‍රහ ද, (ගොවිතැන් ආදි) නිරවුල් කර්මාන්තය ද යන මේ (එක එකෙක්) උතුම් මඟුල් ය.
Pali BJT6. දානං ච ධම්මචරියා ච ඤාතකානඤ්ච සඞ්ගහො අනවජ්ජානි කම්මානි එතං මඞ්ගලමුත්තමං.
Sinhala BJT6. දානය ද, දස කුසල්දහම්හි හැසිරීම ද, නෑයන්ට සංග්‍රහ ද, පෙහෙවස් විසීම් ආදි නිවැරැදි කර්ම ද යන මේ (එක එකෙක්) උතුම් මඟුල් ය.
Pali BJT7. ආරති විරති පාපා මජ්ජපානා ච සඤ්ඤමො අප්පමාදො ච ධම්මෙසූ එතං මඞ්ගලමුත්තමං.
Sinhala BJT7. මානසික අකුශලයෙන් වැළැක්ම ද, කායික වාචසික අකුශලයෙන් වැළැක්ම ද, මත්පැනෙන් වැළැක්ම ද, කුසල්දහම් වැඩීමෙහි නොපමා බව ද යන මේ (එක එකෙක්) උතුම් මඟුල් ය.
Pali BJT8. ගාරවො ච නිවාතො ච සන්තුට්ඨි ච කතඤ්ඤුතා කාලෙන ධම්මසවණං එතං මඞ්ගලමුත්තමං.
Sinhala BJT8. ගරු කටයුත්තනට ගරු කිරීම ද, මන් නැති බව ද (නිහතමාන බව) ද, ලද දැයින් සතුටු වන බව ද, කෙළෙහි ගුණ දන්නා බව ද, සුදුසු කල්හි බණ ඇසීම ද යන මේ (එක එකෙක්) උතුම් මඟුල් ය.
Pali BJT9. ඛන්තී ච සොවචස්සතා සමණානඤ්ච දස්සනං කාලෙන ධම්මසාකච්ඡා එතං මඞ්ගලමුත්තමං.
Sinhala BJT9. ඉවැසීම ද, සුවච බව ද, ශ්රමණයන් දැක්ම ද, සුදුසු කල්හි ධර්ම සාකච්ඡාව ද යන මේ (එක එකෙක්) උතුම් මඟුල් ය.
Pali BJT10. තපො ච බ්රහ්මචරියඤ්ච අරියසච්චානදස්සනං නිබ්බාණසච්ඡිකිරියා ච එතං මඞ්ගලමුත්තමං.
Sinhala BJT10. තපස ද (ඉන්ද්රියසංවර හා වීර්‍ය්‍යය ද,) බඹසර ද (මෙවුන්දමින් වැළැක්ම, මහණදම, සසුන් බඹසර යන තුන් බඹසර ද), චතුරාර්‍ය්‍යසත්‍යයන් දැකීමද (මාර්ගදර්ශනය ද), නිවන්පසක් කිරීම ද යන මේ (එක එකෙක්) උතුම් මඟුල් ය.
Pali BJT11. පුට්ඨස්ස ලොකධම්මෙහි චිත්තං යස්ස න කම්පති අසොකං විරජං ඛෙමං එතං මඞ්ගලමුත්තමං.
Sinhala BJT11. අට ලෝදහමින් පහස්නා ලද (ස්පර්ශකරන ලද, මඬනා ලද) යමක්හුගේ සිත නො සැලේ ද, ශෝක රහිත ද, රාගාදි රජස් රහිත ද, කාමයෝගාදීන්ගෙන් නිරුපද්‍රත ද, එ බඳු වූ රහත්හුගේ සිතෙහි වූ ඒ නොසැලෙන බව ආදි එක එකෙක් උතුම් මඟුල් ය.
Pali BJT12. එතාදිසානි කත්වාන සබ්බත්ථ මපරාජිතා සබ්බත්ථ සොත්ථිං ගච්ඡන්ති තං තෙසං මඞ්ගලමුත්තමන්ති.
Sinhala BJT12. යම් කෙනෙක් මෙබඳු වූ බාලයන් ඇසුරු නොකිරීම් ආදි මඞ්ගල කාරණයන් කිරීමෙන් හැම තන්හි (දෙලෙව්හි ම) නොපැරැදුනෝ ව සියලු ඉරියව්වෙහි ස්වස්ථ ව වෙසෙත් ද, එය (ඒ බාලයන් ඇසුරු නොකිරීම් ආදිය) ඔවුන්ට උතුම් මඟුල් ය.
Pali BJTමඞ්ගලසුත්තං.
Sinhala BJTමඞ්ගල සූත්‍රය යි.
Pali BJT6. රතනසුත්තං
Sinhala BJT6. රතන සූත්‍රය
Pali BJT1. යානීධ භූතානි සමාගතානි භුම්මානි වා යානි ව අන්තළික්ඛෙ{1} සබ්බෙව භූතා සුමනා භවන්තු අථො’පි සක්කච්ච සුණන්තු භාසිතං.
Sinhala BJT1. පොළොවෙහි වූ හෝ අහසෙහි වූ හෝ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙහි රැස් වූහු ද, ඒ සියලු අමනුෂ්‍යයෝ ම සතුටු සිතැත්තෝ වෙත්වා. තව ද මගේ වචනය සකසා අසත්වා.
Pali BJT2. තස්මා හි භූතා නිසාමෙථ සබ්බෙ, මෙත්තං කරොථ මානුසියා පජාය. දිවා ච රත්තො ච හරන්ති යෙ බලිං තස්මා හි නෙ රක්ඛථ අප්පමත්තා.
Sinhala BJT2. භූතයෙනි, ඒ බැවින් සියලු තෙපි (මගේ වචනය) අසවු. මනුෂ්‍ය ප්‍රජාවට මෛත්‍රිය කරවු. යම් කෙනෙක් දහවල් ද රෑ ද පුද පඬුරු එළවත් ද, එහෙයින් නො පමා ව ම ඔවුන් රකිවු.
Pali BJT3. යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වා{2} සග්ගෙසු වා යං රතනං පණීතං න නො සමං අත්ථි තථාගතෙන ඉදම්පි බුද්ධෙ රතනං පණීතං එතෙන සච්චෙන සුවත්ථි හොතු.
Sinhala BJT3. මේ මිනිස්ලොව හෝ නාලෝ ආදි අන් ලොවෙක හෝ යම් ධනයෙක් වේ ද දෙව්ලෝහි හෝ මහඟු රුවනෙක් වේ ද (ඔවුන් අතුරෙහි) තථාගතයන් හා සදෘශයෙක් නැත් ම ය. මෙ කරුණින් ද බුදුරජුහු උතුම් රුවනෙකි (නොහොත් මෙය බුදුරජුන් ගේ රත්නභාවය යි.) මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.
Pali BJT4. ඛයං විරාගං අමතං පණීතං යදජ්ඣගා සක්‍යමුනී සමාහිතො න තෙන ධම්මෙන සමත්ථි කිඤ්චි ඉදම්පි ධම්මෙ රතනං පණීතං එතෙන සච්චෙන සුවත්ථි හොතු.
Sinhala BJT4. ශාක්‍යමුනි තෙම (ආර්ය්යමාර්ග සමාධියෙන්) එකඟ වූ සිත් ඇත්තේ, කෙලෙස් නැසීමට නිමිති වූ, රාගයෙන් වෙන් වීමට නිමිති වූ, මරණයක් නැති, උතුම් වූ (මහත් වූ) යම් නිවනක් පසක් කළේ ද, ඒ දහම හා සම වූ කිසිවෙක් නැත්තේ ය. මෙ කරුණින් ද නිවන්දහම උතුම් රුවනෙකි. මේ සත්‍යවචනානුභාවයෙන් සෙත් වේවා.
Pali BJT5. යම්බුද්ධසෙට්ඨො පරිවණ්ණයී සුචිං{3} සමාධිමානන්තරිකඤ්ඤමාහු සමාධිනා තෙන සමො න විජ්ජති ඉදම්පි ධම්මෙ රතනං පණීතං එතෙන සච්චෙන සුවත්ථි හොතු
Sinhala BJT5. බුද්ධශ්‍රේෂ්ඨ තෙම අත්‍යන්තපරිශුද්ධ වූ යම් මාර්ගසමාධියක් වර්ණනා කළේ ද, බුද්ධාදීහු ආනන්තරික (අනතුරුව ම පල දෙන) සමාධිය යැ යී යමකට කියත් ද, ඒ සමාධිය හා සදෘශ (අන් සමාධි) යෙක් නැත. මේ කරුණින් ද ආර්‍ය්‍යමාර්‍ගධර්‍මය උතුම් රුවනෙකි. මේ සත්‍යබලයෙන් සෙත් වේවා.
Pali BJT6. යෙ පුග්ගලා අට්ඨසතම්පසත්ථා චත්තාරි එතානි යුගානි හොන්ති තෙ දක්ඛිණෙය්යා සුගතස්ස සාවකා එතෙසු දින්නානි මහප්ඵලානි ඉදම්පි සඞ්ඝෙ රතනං පණීතං එතෙන සච්චෙන සුවත්ථි හොතු.{1}
Sinhala BJT6. සත්පුරුෂයන් විසින් පසස්නා ලද යම් ආර්ය පුද්ගලයෝ අට දෙනෙක් වෙත් ද නොහොත් ප්රශස්ත වූ යම් අටෝරාසියක් අරී පුගුලෝ වෙත් ද, මොහු හැම දෙන සතර යුග කෙනෙක් වෙති. සුගත බුදුරජුන්ගේ සවු වූ ඔහු තුමූ දක්ෂිණාවට (කර්මය ද කර්මවිපාකය ද අදහා දෙන දානය පිළිගැන්මට) සුදුස්සෝ වෙති. මේ බුදුසව්වන් කෙරෙහි දෙන ලද දානයෝ මහත් පල ඇත්තෝ වෙත්. මේ කරුණින් ද බුද්ධශ්රාවක සඞ්ඝ තෙමේ උතුම් රුවනෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.
Pali BJT7. යෙ සුප්පයුත්තා මනසා දළ්හෙන නික්කාමිනො ගොතමසාසනම්හි තෙ පත්තිපත්තා අමතං විගය්හ ලද්ධා මුධා නිබ්බුතිං භුඤ්ජමානා. ඉදම්පි සඞ්ඝෙ රතනං පණීතං එතෙන සච්චෙන සුවත්ථි හොතු.{2}
Sinhala BJT7. ගොයුම්බුදුරජුන් ගේ සස්නෙහි වූ, සුවිශුද්ධ කායවාක්කර්ම සංඛාත ශීලස්කන්ධයෙන් යුක්ත වූ, ස්ථිර සිතින් (හෙවත් සමාධිගත සිතින්) යුක්ත වූ, ප්‍රඥාව කරණ කොට ගෙණ සියලු කෙලෙසුන්ගෙන් නික්මුනා වූ යම් පුද්ගල කෙනෙක් වෙත ද, ඔහු තුමූ (අරමුණු කිරීම් වශයෙන්) නිවනට බැස ගෙණ නො මිලේ ම රහත්පල සමවත ලැබ ගෙණ එය විඳින්නාහු වෙති. මේ කරුණින් ද ආර්‍ය්‍යසඞ්ඝයා උතුම් රුවනෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.
Pali BJT8. යථින්දඛීලො පඨවිංසිතො සියා චතුබ්භි වාතෙභි අසම්පකම්පියො තථූපමං සප්පුරිසං වදාමි යො අරියසච්චානි අවෙච්ච පස්සති. ඉදම්පි සඞ්ඝෙ රතනං පණීතං එතෙන සච්චෙන සුවත්ථි හොතු.{3}
Sinhala BJT8. යම්සේ පොළොව තුළ වැද ගෙණ සිටි ඉන්ද්රකීලය තෙමෙ සිවු දිගින් හමන සුළඟින් සෙලවිය හැකි නො වේ ද. ආර්‍ය්‍යසත්‍යයන් ප්‍රඥායෙන් බැස ගෙණ දක්නා සත්පුරුෂයා (හෙවත් සෝවාන් පුඟුලා) එබන්දකු කොට කියමි. මේ කරුණින් ද ආර්‍ය්‍යසඞ්ඝයා උතුම් රුවනෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.
Pali BJT9. යෙ අරියසච්චානි විභාවයන්ති ගම්භීරපඤ්ඤෙන සුදෙසිතානි කිඤ්චාපි තෙ හොන්ති භූසප්පමත්තා න තෙ භවං අට්ඨමං ආදියන්ති ඉදම්පි සඞ්ඝෙ රතනං පණීතං එතෙන සච්චෙන සුවත්ථි හොතු.{4}
Sinhala BJT9. යම් සෝවාන් පුඟුල් කෙනෙක් ගැඹුරු නුවණැති බුදුරජුන් දෙසූ ආර්‍ය්‍යසත්‍යයන් තමනට ප්‍රකට කෙරෙත් ද, ඔහු (දෙව්සුව සක්විති රජස්‍රව ආදි පමාවට කරුණු වන තැනකට පැමිණ) බෙහෙවින් පමා වූවාහු නමුදු අටවන භවයක් නො ගණිති. මෙ කරුණින් ද ආර්ය්යසංඝ තෙමේ උතුම් රුවනෙකි. මේ සත්‍යබලයෙන් සෙත් වේවා.
Pali BJT10. සහාවස්ස දස්සනසම්පදාය තයස්සු ධම්මා ජහිතා භවන්ති සක්කායදිට්ඨී විචිකිච්ඡිතඤ්ච සීලබ්බතං වාපි යදත්ථි කිඤ්චී චතූහපායෙහි ච විප්පමුත්තො ඡ චාභිඨානානි අභබ්බො කාතුං ඉදම්පි සඞ්ඝෙ රතනං පණීතං එතෙන සච්චෙන සුවත්ථි හොතු.{1}
Sinhala BJT10. මේ සෝවාන්හුගේ දර්ශනසම්පත්තිය (පළමු වන නිවන් දැක්ම) හෙවත් සෝවාන් මඟ නුවණ පහළ වීම සමග ම සත්කායදෘෂ්ටිය ද, (බුද්ධාදි අට තන්හි) සැකය ද, යම් මිථ්‍යාශීලව්‍රත කෙනෙක් වූහු නම් ඒ සියල්ල ද යන මේ තුන් සංයෝජනයෝ දුරු කරණ ලද්දෝ වෙත්. හෙතෙම සතර අපායයන් කෙරෙන් මිදුනේ ද වේ. (ආනන්තර්‍ය්‍ය කර්ම පසත් මිථ්‍යාදෘෂ්ටියත් යන බැරෑරුම් වූ පව් සය කරන්නට ද හේ අභව්‍ය ය (ඔහු විසින් ඒ පව් සය නො කට හැක්ක). මෙ කරුණින් ද ආර්ය්යසංඝ තෙමේ උතුම් රුවනෙකි. මේ සත්‍යබලයෙන් සෙත් වේවා.
Pali BJT11. කිඤ්චාපි සො කම්මං කරොති පාපකං කායෙන වාචා උද චෙතසා වා අභබ්බො සො තස්ස පටිච්ඡාදාය අභබ්බතා දිට්ඨපදස්ස වුත්තා. ඉදම්පි සඞ්ඝෙ රතනං පණීතං එතෙන සච්චෙන සුවත්ථි හොතු.{2}
Sinhala BJT11. ඒ (සෝවාන්) පුද්ගල තෙම (ප්‍රමාදයෙකින්) කයින් හෝ වචනයෙන් හෝ නැත හොත් සිතින් හෝ ප්‍රඥප්තිවද්‍යමාත්‍ර වූ කිසි වරදක් කරන්නේ නුමුදු, හේ එය සඟොවන්නට නො හැක්කේ ය. දක්නා ලද නිර්වාණපදය ඇති සෝවාන්හුගේ (වරද සැඟෙවීමෙහි) අභව්‍ය බව (හෙවත් වරද සැඟෙවිය නො හැකි බව) (බුදු රජුන් විසින්) වදාරන ලද්දේ ය. මේ කරුණින් ද ආර්‍ය්‍යසඞ්ඝ තෙමේ උතුම් රුවනෙකි. මේ සත්‍යබලයෙන් සෙත් වේවා.
Pali BJT12. වනප්පගුම්බෙ යථා ඵුස්සිතග්ගෙ ගිම්හාණමාසෙ පඨමස්මිං ගිම්හෙ තථූපමං ධම්මවරං අදෙසයී නිබ්බාණගාමිං පරමං හිතාය. ඉදම්පි බුද්ධෙ රතනං පණීතං එතෙන සච්චෙන සුවත්ථි හොතු.{3}
Sinhala BJT12. වන ලැහැබ තෙමේ ග්‍රීෂ්මර්තුව සම්බන්ධී වූ ප්‍රථම ග්‍රීෂ්ම මාසයෙහි (හෙවත් බක් මස) සුපිපි අක් ඇත්තේ යම්සේ ද, එසේ වූ නිවන්පුර පමුණුවන පර්ය්යාප්තිධර්මරත්නය පරමහිතාඛ්‍ය වූ නිවන් පිණිස (ඒ බුදුරජ තෙම) දෙසී ය. මේ කරුණින් ද බුදුරජ තෙමේ උතුම් රුවනෙකි. මේ සත්‍යබලයෙන් සෙත් වේවා.
Pali BJT13. වරො වරඤ්ඤූ වරදො වරාහරො අනුත්තරො ධම්මවරං අදෙසයී. ඉදම්පි බුද්ධෙ රතනං පණීතං එතෙන සච්චෙන සුවත්ථි හොතු.
Sinhala BJT13. උතුම් වූ නිවන් දන්නා වූ, උතුම් නිවන දෙන්නා වූ, උතුම් නිවන් මඟ ගෙන හැර පාන්නා වූ, නිරුත්තර වූ බුදුරජ තෙම උතුම් දහමක් දෙසී ය. මේ කරුණින් ද බුදුරජ තෙමේ උතුම් රුවනෙකි. මේ සත්‍යබලයෙන් සෙත් වේවා.
Pali BJT14. ඛීණං පුරාණං නවං නත්ථි සම්භවං විරත්තචිත්තා ආයතිකෙ භවස්මිං. තෙ ඛීණබීජා අවිරූළ්හිච්ඡන්දා නිබ්බන්ති ධීරා යථායම්පදීපො. ඉදම්පි සඞ්ඝෙ රතනං පණීතං එතෙන සච්චෙන සුවත්ථි හොතු.{4}
Sinhala BJT14. යම් කෙනෙකුන්ගේ පුරාතන කර්ම (මෙයින් මත්තෙහි ප්‍රතිසන්ධියක් දිය නො හැක්කේ) රහත්මඟින් ක්ෂීණ වූයේ ද, (කර්මක්ෂය කළ බැවින් මත්තෙහි විපාක දිය හැකි) අළුත් කර්මයන්ගේ පහළ වීමෙකුත් නැද්ද, මතු භවයක් කෙරෙහි නො ඇලුණු සිතැති, ක්ෂීණ වූ ප්‍රතිසන්ධිවිඥාන සඞ්ඛාත වීජ ඇති, පුනර්භව සඞ්ඛාත සංස්කාර වෘද්ධිය කෙරෙහි කැමැත්තක් නැති, ධෛර්ය්යසම්පන්න වූ ඒ රහත්හු මේ පහන මෙන් අවසන් සිත නිරුද්ධ වීමෙන් පිරිනිවෙත්. මේ කරුණින් ද සඞ්ඝයා උතුම් රුවනි නොහොත් මේ ද සඞ්ඝයා ගේ උතුම් රුවන් බවෙකි). මේ සත්‍යබලයෙන් සෙත් වේවා.
Pali BJT15. යානීධ භූතානි සමාගතානි භුම්මානි වා යානි ව අන්තළික්ඛෙ තථාගතං දෙවමනුස්සපූජිතං බුද්ධං නමස්සාම සුවත්ථි හොතු.{1}
Sinhala BJT15. පොළොවෙහි හෝ අහසෙහි වූ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙ තන්හි රැස් වූහු ද, ඔහු ද, මම් ද (අපි) දෙව් මිනිසුන් විසින් පුදන ලද තථාගත බුදුරජාණන් වහන්සේ නමදිමු. (සත්ත්වප්‍රජාවට) සෙත් වේවා.
Pali BJT16. යානීධ භූතානි සමාගතානි භුම්මානි වා යානි ව අන්තළික්ඛෙ. තථාගතං දෙවමනුස්සපූජිතං ධම්මං නමස්සාම සුවත්ථි හොතු.{1}
Sinhala BJT16. පොළොවෙහි හෝ අහසෙහි වූ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙ තන්හි රැස් වූහු ද, ඔහු ද, මම් ද දෙව්මිනිසුන් විසින් පුදන ලද, (බුද්ධාදීන්) විසින් අවබෝධ කරන ලද බැවින් තථාගත වු ධර්මය නමදිමු. (සත් වගට) සෙත් වේවා.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(සක්දෙව්රජ කී ය:)
Pali BJT17. යානීධ භූතානි සමාගතානි භුම්මානි වා යානි ව අන්තළික්ඛෙ තථාගතං දෙවමනුස්සපූජිතං සඞ්ඝං නමස්සාම සුවත්ථි හොතු.{1}
Sinhala BJT17. පොළොවෙහි හෝ අහසෙහි වූ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙ තන්හි රැස් වූහු ද, ඔහු ද, මම් ද දෙව්මිනිසුන් විසින් පුදන ලද (ආත්මහිතයෙහි පිළිපන්නවුන් විසින් යෑ යුතු මඟෙහි යෑම් ආදී අරුතින්) තථාගත වූ සඞ්ඝයා නමදිමු සෙත් වේවා.
Pali BJTරතනසුත්තං.
Sinhala BJTරතන සූත්‍රය යි.
Pali BJT7. තිරොකුඩ්ඩසුත්තං
Sinhala BJT7. තිරොකුඩ්ඩ සූත්‍රය
Pali BJT1. තිරොකුඩ්ඪෙසු තිට්ඨන්ති සන්ධිසිඞ්ඝාටකෙසු ච ද්වාරබාහාසු තිට්ඨන්ති ආගන්ත්වාන සකං ඝරං.
Sinhala BJT1. (ඥාතිප්‍රේතයෝ) තමන් පෙර වුසූ ගෙය කරා අවුත් බිත්තියෙන් පිටත්හි ද ගෘහසන්ධි භිත්තිසන්ධි සතරමංහන්දි තුන්මංහන්දි යන මේ තන්හි ද දොරබා නිසා ද සිටිත්.
Pali BJT2. පහූතෙ අන්නපානම්හි ඛජ්ජභොජ්ජෙ උපට්ඨිතෙ න තෙසං කොචි සරති සත්තානං කම්මපච්චයා.
Sinhala BJT2. බොහෝ වූ ආහාරපාන ද ඛාද්‍යභෝජ්‍ය ද පිළියෙල ව ඇති කල්හි (පවා) ඒ ප්‍රේතලෝකයෙහි උපන් සත්ත්වයන්ගේ අකුශලකර්ම හේතුවෙන් කිසි ම නෑදෑයෙක් ඔවුන් සිහි නො කෙරෙයි.
Pali BJT3. එවං දදන්ති ඤාතීනං යෙ හොන්ති අනුකම්පකා සුචිං පණීතං කාලෙන කප්පියං පානභොජනං.
Sinhala BJT3-5. නෑයන් අතුරෙන් යම් කෙනෙක් ඔවුනට අනුකම්පා කරන්නාහු වෙත් ද. ඔහු තුමූ “මේ පින පරලොව ගිය අප නෑයනට වේවා. ඒ නෑයෝ සුවපත් වෙත්වා”යි කියා, ඔවුන් අවුත් සිට කල්හි, ඒ නෑයන් උදෙසා පවිත්‍ර වූ ප්‍රණීත වූ කැප වූ ආහාර පාන දන් දෙත්. ඒ ඥාති ප්‍රේතයෝ ද ඒ දන් දෙන තැනට නොයෙක් දිශාභාගයෙන් අවුත් එක් රැස් වූවාහු, තමන් උදෙසා බොහෝ ආහාරපාන දෙනු ලබන කල්හි සකසා (කම් පල අදහා) පින් අනුමෝදන් කෙරෙත් (හෙවත් එය අනුව සතුටු වෙත්). “යම් කෙනෙකුන් නිසා (පින් අනුමෝදන් කළ) මෙ කෙණෙහි සම්පත් ලබමෝ ද, ඒ අප නෑයෝ බොහෝ කල් ජීවත් වෙත්වා. ඔවුන් විසින් දන් දී පින් පැමිණවීම් වශයෙන් අපට ද පූජා කරන ලදී” යී ද තුති කෙරෙත්. ඒ දන් දුන් දායකයෝ ද ඵල රහිතයෝ නො වෙති.
Pali BJT4. ඉදං වො ඤාතීනං හොතු, සුඛිතා හොන්තු ඤාතයො තෙ ච තත්ථ සමාගන්ත්වා ඤාතිපෙතා සමාගතා
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT5. පහූතෙ අන්නපානම්හි සක්කච්චං අනුමොදරෙ. “චිරං ජීවන්තු නො ඤාතී යෙසං හෙතු ලභාමසෙ අම්හාකං ච කතා පූජා” දායකා ච අනිප්ඵලා.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT6. න හි තත්ථ කසී අත්ථි ගොරක්ඛෙත්ථ න විජ්ජති වණිජ්ජා ත දීසි නත්ථි හිරඤ්ඤෙන [කයාක්කයං ඉතො දින්නෙන යාපෙන්ති පෙතා කාලකතා තහිං.
Sinhala BJT6. ඒ ප්‍රේතලෝකයෙහි සී සෑමෙක් නැත්තේ ය. ගව පාලනයත් එහි නැත්තේ ය. (සම්පත් ලැබීමට හේතු වූ) එබඳු වෙළෙඳාමෙකුත් නැත්තේ ය. රන්රිදියෙන් කරණ ගණුදෙනුවෙක් ද නැත්තේ ය. (හුදෙක් ) මැරී ඒ ප්‍රේතවිෂයයට පැමිණියෝ මේ මිනිස්ලොව වසන නෑමිතුරන් විසින් දෙන ලද පිනෙකින් ඒ ප්‍රේතයෝනියෙහි යැපෙත්.
Pali BJT7. උන්නමෙ උදකං වට්ඨං{2} යථා නින්නං පවත්තති එවමෙව ඉතො දින්නං පෙතානං උපකප්පති.
Sinhala BJT7. යම්සේ උස් බිමෙක් වට ජලය මිටි බිම කරා ගලා බසී ද, එ පරිද්දෙන් ම මේ මිනිස්ලොවෙහි දී ඥාත්යාදීන් විසින් දුන් දානය (එහි විපාක වශයෙන්) ප්රේතයන්හට පැමිණේ (ලැබේ).
Pali BJT8. යථා වාරිවහා පූරා පරිපූරෙන්ති සාගරං එවමෙව ඉතො දින්නං, පෙතානං උපකප්පති.
Sinhala BJT8. යම් සේ මහා නදීහු කුඩා ගං හෝ ආදියෙහි රැස් වන දියෙන් පිරුණාහු සාගරය පුරාලත් ද, එ පරිද්දෙන් ම මේ මිනිස්ලොවෙහිදී ඥාත්යාදීන් විසින් දුන් දානය (එහි විපාක වශයෙන්) ප්රේතයන්හට පැමිණේ (ලැබේ).
Pali BJT9. අදාසි මෙ අකාසි මෙ ඤාතිමිත්තා සඛා ච මෙ පෙතානං දක්ඛිණං දජ්ජා පුබ්බෙ කතමනුස්සරං.
Sinhala BJT9. “මට මෙ බඳු ධනයක් හෝ ධාන්‍යයක් හෝ දුන්නේ ය යි ද, මගේ මේ කටයුත්ත කෙළේ ය යි ද, මොහු තුමූ මගේ නෑයෝ ය යි ද, මිත්‍රයෝ ය යි ද (අසුවලා වැළි කෙළියෙහි පටන්) මාගේ යහළුවා ය”යි ද මෙසේ පෙර කරණ ලද උපකාර සිහි කෙරෙමින් මිය පරලොව ගියවුන් උදෙසා දන් දිය යුත්තේ ය.
Pali BJT10. න හි රුන්නං ව සොකො වා යා චඤ්ඤා පරිදෙවනා න තං පෙතානමත්ථාය එවං තිට්ඨන්ති ඤාතයො.
Sinhala BJT10. හැඬීමක් හෝ ශෝක කිරීමක් හෝ යම් අනෙක් වැලැපීමෙක් හෝ වේ ද, එය පරලොව ගියවුන්ගේ ප්‍රයෝජනය පිණිස නො වේ. ඒ ප්‍රෙතයෝ එහි උපන් පරිද්දෙන් ම සිටිත්. (මේ ඇඩුම්වැලැපුම්වලින් වැඩෙක් නො වේ.)
Pali BJT11. අයං ඛො දක්ඛිණා දින්නා සඞ්ඝම්හි සුප්පතිට්ඨිතා, දීඝරත්තං හිතායස්ස ඨානසො උපකප්පති.
Sinhala BJT11. (මහරජ, ඔබ විසින් අද තමන්ගේ ඥාතිසමූහයා උදෙසා) යම් දානයෙක් දෙන ලද්දේ ද, ඒ මේ දක්ෂිණාව (නිරුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර හෙයින්) සඞ්ඝයා කෙරෙහි සුපිහිටියේ වන්නේ ය. එ හෙයින් එය ඒ ප්රේතසමුහයාට දීර්ඝ කාලයක් හිත සැප පිණිස විපාක දෙයි. එ කෙණෙහි ම (පහළ වීම් වශයෙන්) විපාක දෙයි.
Pali BJT12. සො ඤාතිධම්මො ච අයං නිදස්සිතො පෙතාන පූජා ච කතා උළාරා. බලඤ්ච භික්ඛූනමනුප්පදින්නං තුම්හෙහි පුඤ්ඤං පසුතං අනප්පකං.
Sinhala BJT12. (මේ දක්ෂිණාවදෙන්නාවූ ඔබ විසින්) නෑයන් විසින් නෑයන් සඳහා කට යුතු වූ ඥාතිධර්මය දක්වන ලදි. (නිරර්‍ත්‍ථක වූ හැඬීම් වැලපීම් ආදිය ඥාතිධර්මය නො වෙයි.) (ප්‍රෙතයන් ප්‍රේතභාවයෙන් මුදවා දිව්යසම්පත්තියට පමුණවන්නාවු ඔබ විසින්) ප්‍රේතයනට මහත් වු පූජාවෙක් ද කරණ ලදී. (බුද්ධප්‍රමුඛ සඞ්ඝයා ආහාරපානාදීන් සන්තර්පණය කරවන්නාවූ ඔබ විසින්) භික්ෂූන්හට ශක්තිය ද දෙන ලදී. ඔබ විසිනුදු මහත් වූ පිනෙක් රැස් කර ගන්නා ලදී.
Pali BJTතිරොකුඩ්ඩසුත්තං.
Sinhala BJTතිරොකුඩ්ඩ සූත්‍රය යි.
Pali BJT8. නිධිකණ්ඩසුත්තං
Sinhala BJT8. නිධිකණ්ඩ සූත්‍රය
Pali BJT1. නිධිං නිධෙති පුරිසො ගම්භීරෙ ඔදකන්තිකෙ අත්ථෙ කිච්චෙ සමුප්පන්නෙ අත්ථාය මෙ භවිස්සති.
Sinhala BJT1. “අභිවෘද්ධිදායක යම් කිසි කටයුත්තක් ඇති වූ කල්හි මගේ ප්‍රයෝජනය පිණිස වන්නේ ය”යි සලකා පුරුෂයෙක් ජලය තාක් ගැඹුරු වූ තැනෙක්හි නිධානයක් කෙරෙයි.
Pali BJT2. රාජතො වා දුරුත්තස්ස චොරතො පීළිතස්ස වා ඉණස්ස වා පමොක්ඛාය දුබ්භික්ඛෙ ආපදාසු වා, එතදත්ථාය ලොකස්මිං නිධි නාම නිධීයති.
Sinhala BJT2. ‘මෙ තෙමේ සොරෙක අපරාධකාරයෙකැ’යි සතුරන් විසින් රජුට දැන්වූ කල්හි (එසේ දෝෂාරෝපණ වශයෙන්) නපුරු කොට කියන ලද්දහුට රජුගෙන් මිදීම පිණිස ද, සොරුන් විසින් පෙළන ලද්දහුට ඔවුන්ගෙන් මිදීම පිණිස ද, (නයහිමියන් තමන්ගේ නයමුදල් ඉල්ලා බල කරණ කල්හි ඒ) නයින් මිදීම පිණිස ද, දුර්භික්ෂ කාලයෙක්හි හෝ විපතක් පැමිණි කල්හි හෝ ප්‍රයෝජනය පිණිස වන්නේ ය යි සලකා ලෝකයෙහි (රන්රුවන් ආදි) ධනය නිධාන කොට තබනු ලැබේ.
Pali BJT3. තාව සුනිහිතො{1} සන්තො ගම්භීරෙ ඔදකන්තිකෙ න සබ්බො සබ්බදා එව තස්ස තං උපකප්පති.
Sinhala BJT3. ජලයට සමීප තාක් ගැඹුරු වූ තැනෙක්හි එතරම් සුරක්ෂිත ලෙස තැන්පත් කොට තබන ලද්දාවූ ඒ සියලු ධනය හැම කල්හි ම ඔහුගේ කාර්ය්යසිද්ධිය පිණිස නො වෙයි.
Pali BJT4. නිධි වා ඨානා චවති සඤ්ඤා වාස්ස විමුය්හති. නාගා වා අපනාමෙන්ති යක්ඛා වාපි හරන්ති නං.
Sinhala BJT4. නිධානය හෝ තුබූතැනින් ඉවත් වෙයි. නිධාන කළ තැන පිළිබඳ ඔහුගේ සංඥාව හෝ මුළා වෙයි. (තුබූ තැන හැඳින ගත නොහැකි වෙයි.) නාගයෝ හෝ නිධානය තුබූ තැනින් ඉවත් කෙරෙත්. යක්ෂයෝ හෝ එය හැර ගෙණ යත්.
Pali BJT5. අප්පියා වාපි දායාදා උද්ධරන්ති අපස්සතො යදා පුඤ්ඤක්ඛයො හොති සබ්බමෙතං විනස්සති
Sinhala BJT5. අප්‍රිය වූ දායාදයෝ (උරුමක්කාරයෝ) හෝ ඔහු නො දැක්කදී පොළොව සාරා නිධානය ගොඩ ගණිත්. යම් කලෙක්හි පින් ගෙවී යෑමක් වේ ද, එකල්හි මේ සියල්ල වැනසෙයි.
Pali BJT6. යස්ස දානෙන සීලෙන සංයමෙන දමෙන ච නිධී සුනිහිතො හොති ඉත්ථියා පුරිසස්ස වා
Sinhala BJT6. යම් ස්ත්‍රියක විසින් හෝ පුරුෂයකු විසින් හෝ දානයෙන් ද ශීලයෙන්ද චිත්තසංයම සඞ්ඛ්‍යාත සමාධියෙන් ද ක්ලේශෝපශම සඞ්ඛ්‍යාත ප්‍රඥායෙන් ද මනා සේ නිධානයක් කරණ ලද්දේ වේ ද,