Parivāra

Appendix

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 4019 segments

පෙන්වන කොටස් 801-900 න් 4019

කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ පළමු නො දන්වන ලදු වැ රජුගේ යහන්ගබට පිවිසියහ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි ... කඨින සමුට්ඨානයෙහි යැ.
2. රුවන් නගා ගන්නාහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරබ ද යත්: එක්තරා මහණක්හු ඇරබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: එක්තරා මහණෙක් රත්නයක් නඟා තැබී යැ. ඒ වස්තු යෙහි යැ.
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති දෙකෙකි.
සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...
3. වැළත සිටි මහණක්හු නො විචාරා නොකල්හි ගම් වදනහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු නොකල්හි ගම් වැදුනාහු යැ, ඒ වස්තු යෙහි යැ.
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති තුණෙකි.
සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කඨින සමුට්ඨානයෙහි යැ.
4. ඇටමුවා හෝ දළමුවා හෝ අංමුවා හෝ හිදිගුලා කරවන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද ද යත්: ශාක්‍යජනපදයෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: බොහෝ භික්‍ෂූන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ භික්‍ෂූහු පමණ නො දැන බොහෝ ඉදිකටුගුලා විනවා ගත්හ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. …
5. පමණ ඉක්මවූ ඇඳක් හෝ පුටුවක් හෝ කරවන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර උස් ඇඳෙක්හි ශයනය කෙළේ යැ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...
6. ඇතුළත පුළුන් බැහූ ඇඳක් හෝ පුටුවක් හෝ කරවන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු ඇතුළත පුළුන් බැහු ඇඳ ද පුටු ද කරවූහ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...
7. පමණ ඉක්ම වූ නිසදුන්සිවුරක් කරවන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු පමණ ඉක්මවූ නිසදුන්සිවුරු දැරූහ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. …
8. පමණ ඉක්ම වූ කස්පිළිසනක් කරවන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු පමණ ඉක්මවූ කස් පිළිසන් දැරූහ. ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...
9. පමණ ඉක්ම වූ වැසිසළු කරවන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු පමණ ඉක්ම වූ වැසිසළු දැරූහ. ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. …
10. සුගත් සිවුර පමණට සිවුරක් කරවන්නහු පිළිබඳ පචිතිසිකපදය කො තැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් නන්‍ද තෙරුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් නන්‍ද තෙරණුවෝ සුගත් සිවුර පමණ සිවුරක් දැරූහු, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...
නවවන රාජවර්‍ග යි.
දෙයානූ පචිතීහු නිමියහ.
එහි උද්දානය:
1. ‘සම්පජානමුසාවාද’ පචිති යැ. ‘ඔමසවාද’ පචිති යැ, ‘භික්බුපෙසුඤ්ඤ’ පචිති යැ, ‘පදසෝධම්ම’ පචිතියැ. (අනුපසපනකු හා ද මාගමක හා දැයි දෙදෙනා හා වෙන වෙන කරන නිපජ්ජනයෙන් වන) ‘සහසෙය්‍ය’ පචිති දෙක යැ. (මාගමකට සපස් බසෙකින් වැඩි දහමක් දෙසීමෙන් වන) ‘දේසනා’ පචිති යැ. (අනුපසපනක්හට උතුරු මිනිස්දම් කීමෙන් වන) ‘ආරෝචනා’ පචිති යැ, (අනුපසපනක්හට දුට්ඨුල්ලාපත්ති කීමෙන් වන) ‘දුට්ඨුල්ලාපත්ති’ පචිති යැ, (පොළෝ කැණීමෙන් වන) ‘ඛණන’ පචිති යැ,
2. (වෘක්‍ෂාදිය සිඳීමෙන් වන) ‘භූතගාමපාතව්‍යතා’ පචිති යැ, ‘අඤ්ඤවාදක’ පචිති යැ. ‘උජ්ඣාපනක’ පචිති යැ, (සඟසතු මඤ්චපීඨාදිය නො සඟවා තබා යාමෙන් වන) ‘මඤ්චපිඨාදි’ පචිති යැ, (සඟසතු යහන් නො හකුළුවා තබා යාමෙන් වන) ‘සයන’ පචිති යැ, (සඟසතු වෙහෙරකැ දී පුර්‍වොපගත තෙරමහණහු ඝටාගෙනැ ශයන කිරීමෙන් වන) ‘පුබ්බානුපඛජ්ජන’ පචිති යැ, (මහණකු සඟසතු වෙහෙරින් නෙරැ ලීමෙන් වන) ‘නික්කඩ්ඪන’ පචිති යැ, ‘ආහච්චපාදක’ පචිති යැ, (වෙහෙර බිඳවැටෙන සේ පුනපුනා පිරියම් කිරීමක් නිසා එන) ‘ද්වාර’ පචිති යැ, (සප්පාණක උදකාදි සේචනයෙන් වන) ‘සප්පාණක’ පචිති යැ.
3. (අසම්මත වැ මෙහෙණනට ඔවදන් දෙන මහණහට වන) ‘අසම්මත’ පචිති යැ, (හිරු අස්තඞ්ගත වැ තිබියැ දී මෙහෙණනට ඔවදන් දෙන මහණහට වන) ‘අත්‍ථඞ්ගත’ පචිති යැ, ‘භික්බුනූපස්සය’ පචිති යැ. (ආමිස හේතුයෙන් මෙහෙණනට ඔවදන් දෙන මහණහට වන) ‘ආමිස’ පචිති යැ. (නො නෑ මෙහෙණෙකට සිවුරු දෙන මහණහට වන) ‘දාන’ පචිතියැ. (නො නෑ මෙහෙණ ලවා සිවුරු සිබ්බන කරවන මහණහට වන) ‘සිබ්බන’ පචිති යැ. (මෙහෙණක හා සංවිධාන කොටගෙනැ අදන්මඟ පිළිපන් මහණහට වන) ‘සංවිධාන’ පචිති යැ, (මෙහෙණක හා සංවිධාන කොට ගෙනැ එක් මැ නැවකට නඟින මහණහට වන) ‘නාවාරුහන’ පචිති යැ. (දැනැ දැනැ මෙහෙණක විසින් පරිපාචිත පිණ්ඩපාතය වළඳන මහණහට වන) ‘භුඤ්ජන’ පචිති යැ, (මෙහෙණක හා එකලා වැ රහෝගත වැ නිෂද්‍යා කරන මහණහට වන) ‘ඒකතෝනිසජ්ජා’ පචිති යැ,
4. ‘ආවස්ථපිණ්ඩ’ පචිති යැ, ‘ගණභෝජන’ පචිති යැ, ‘පරම්පරභෝජන’ පචිති යැ, ‘පූව’ පචිති යැ, ‘පවාරිත’ පචිති යැ. (යලි “භික්ඛුං භුත්තාවිං පවාරිතං” යි නිර්දිෂ්ට) ‘පවාරිත’ පචිති යැ, ‘විකාලභොජන’ පචිති යැ, ‘සන්නිධිකාරක’ පචිති යැ, (‘ඛීර’ ශබ්ද යෙන් සඞ්ග්‍රහ කළ) ‘පණීතභෝජන’ පචිති යැ, (‘දන්තපෝණෙන’ යනුවෙන් නය වශයෙන් කියන) ‘අදින්නමුඛද්වාර’ පචිති යැ යන දසය ද,
5. (“අචේලකස්ස වා ... ඛාදනියං වා භෝජනියං වා” ... යි නිර්දිෂ්ට) ‘අචේලක’ පචිති යැ, (“භික්ඛු ... උය්‍යෝජෙන්තස්ස” ... යි නිර්දිෂ්ට) ‘උය්‍යෝජන’ පචිති යැ. (“සහොජනෙ කුලෙ” යනාදීන් නිර්දිෂ්ට) ‘අනුපඛජ්ජනිසීදන’ පචිති යැ, (“මාතු ගාමෙන සද්ධිං රහෝ පටිච්ඡන්නෙ” යනාදීන් නිර්දිෂ්ට) ‘පටිච්ඡන්න’ පචිති යැ, (“මාතු ගාමෙන සද්ධිං ඒකෝ ඒකාය රහො” යනාදීන් නිර්දිෂ්ට) ‘රහො නිසජ්ජා’ පචිති යැ. (“තතුත්තරිං භේසජ්ජා” ... යනාදීන් නිර්දිෂ්ට) ‘ග්ලානප්‍රත්‍යය’ පිළිබඳ පචිති ය, (“උය්‍යුත්තං සේනං” ... යනාදීන් නිර්දිෂ්ට) ‘සේනා’ පචිති යැ. (සේනායෙහි විසීම් නිසා වදාළ) ‘ආවස්ථ’ පචිති යැ, ‘උය්‍යෝධික’ පචිති යැ,
6. ‘සුරා’ පචිති යැ. ‘අඞ්ගුලිපතෝදක’ පචිති යැ, ‘හස්සධම්ම’ පචිති යැ, ‘අනාදරිය’ පචිති යැ, ‘හිංසන’ පචිති යැ, ‘ජෝති’ පචිති යැ, ‘නහාන’ පචිති යැ. ‘දුබ්බණ්ණකරණ’ පචිති යැ, (සාමං’ යන නිපාතය ඇතුළත් වැ ඇතියෙන් එයින් සඞ්ග්‍රහ කළ) ‘චීවරපරිභෝග’ පචිති යැ, ‘අපනිධාන’ පචිති යැ.
7. (“සඤ්චිච්ච පාණං ජීවිතා වෝරෝපෙන්තස්ස” ... යනාදීන් නිර්දිෂ්ට) ‘ප්‍රාණඝාත’ පචිති යැ, (“ජානං සප්පාණකං උදකං”... යනාදීන් නිර්දිෂ්ට) ‘උදකපරිභෝග’ පචිති යැ. (“ජානං යථා ධම්මං” ... යනාදීන් නිර්දිෂ්ට) ‘පුනකම්ම’ පචිති යැ. (“භික්ඛුස්ස ජානං දුට්ඨුල්ලං ආපත්තිං ...” යනාදීන් නිර්දිෂ්ට) ‘දුට්ඨුල්ලාපත්ති’ පචිති යැ, ‘ඌනවීසති’ පචිති යැ. (‘ජානං ථෙය්‍යසත්‍ථේන’ ... යනාදීන් නිර්දිෂ්ට) ‘ඒකද්ධානමග්ග’ පචිති යැ. (“මාතුගාමෙන සද්ධිං” ... යනාදීන් නිර්දිෂ්ට) ‘ඒකද්ධා නමග්ග’ පචිති යැ, ‘අවදෙස’ පචිති යැ. ‘සංවාස’ පචිති යැ, ‘නාසන’ පචිති යැ,
8. (“භික්ඛූහි සහධම්මිකං ...” යනාදීන් නිර්දිෂ්ට) ‘සහධම්මික’ පචිති යැ. (‘විනයං විවණෙණන්තස්ස’ යනාදීන් නිර්දිෂ්ට) ‘විවණ්ණ’ (විලේඛ) පචිතියැ, ‘මොහනක’ පචිති යැ. ‘පහාර’ පචිති යැ, (“භික්ඛුස්ස ... තලසත්ත්තිකං උග්ගිරන්තස්ස ...” යනාදීන් නිර්දිෂ්ට) ‘උග්ගිරණ’ පචිති යැ. ‘අමූලක’ පචිති යැ. (“භික්ඛුස්ස සඤ්චිච්ච ...” යනාදීන් නිර්දිෂ්ට) ‘සඤ්චිච්ච’ (-කුක්කුච්ච) පචිති යැ. (සොස්සාමි-) ‘උපස්සුති’ පචිති යැ, ‘ඛීයනධම්ම’ පචිති යැ, ‘පක්කමන’ පචිති යැ, (“සමග්ගෙන සඞ්ඝේන චීවරං දත්වා ...” යනාදීන් නිර්දිෂ්ට) ‘ඛීයන’ පචිති යැ. ‘පුග්ගලපරිණාමන’ පචිති යැ.
9. ‘රාජන්තෙපුර’ පචිති යැ, ‘රතන’ පචිති යැ, (“සන්තං භික්ඛු අනාපුච්ඡා ...” යනාදීන් නිර්දිෂ්ට) ‘ආනාපුච්ඡන’ පචිති යැ. ‘සුචිඝර’ පචිති යැ, ‘මඤ්ච’ පචිති යැ, ‘තූලො නද්ධ’ පචිති යැ, ‘නිසීදන’ පචිති යැ, ‘කණ්ඩුපටිච්ඡාදි’ පචිතියැ, ‘වස්සිකසාටිකා’ පචිති යැ. ‘සුගතචීවර’ පචිති යැ යන පචිති ඇවත් දැක්වින.
ඒ වර්‍ගයන් පිළිබඳ නාමාවලිය
මුසාවාද යැ, භූතගාම යැ, භික්ඛුනෝවාද යැ, භෝජන යැ, අචේලක යැ, සුරාපාන යැ, සප්පාණක යැ, සහධම්මික යැ, රාජයැ යි වර්‍ග නවයෙකි.
පාටිදේසනීය කාණ්ඩය
1. සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යයක් සම්බුද්ධයන් වහන්සේ විසින් ඇතුළුගමට පිවිසි නො නෑ මෙහෙණක අතින් කෑ යුතු දැයක් හෝ බුදිය යුතු දැයක් හෝ සියතින් පිළිගෙණ වළඳන්නහු පිළිබඳ පිළිදෙස්නී සිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: එක්තරා මහණක්හු ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: එක්තරා මහණෙක් ඇතුළුගමට පිවිසි නො නෑ මෙහෙණක අතින් ආහාරයක් පිළිගත්තේ ය, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කිසි විටෙක කයින් නඟියි, වචනයෙන් නො නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...
2. විධාන කරණ මෙහෙණක නො වළක්වා වළඳන්නහු පිළිබඳ පිළිදෙස්නී සිකපදය කොතැන්හි පණවන ලද ද යත්: රජගහ නුවරැ දී පණවන ලදි.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු විධාන කරණ මෙහෙණන් නො වැළැක් වූහු, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
3. සේඛසම්මතය ලත් කුලයන්හි කෑ යුතු දැයක් හෝ බිදිය යුතු දැයක් හෝ සියතින් පිළිගෙණ වළඳන්නහු පිළිබඳ පිළිදෙස්නී සිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි දී පණවන ලදි.
කවරක්හු ඇරැබ ද යත්: බොහෝ මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මහණහු පමණ නො දැන පිළිගත්හ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති දෙකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කිසි විටෙක කයින් නඟි යි, වචනයෙන් නො නඟි යි, සිතින් නො නඟී, කිසිවිටෙක කයින් ද සිතින් ද නඟි යි, වචනයෙන් නො නඟී. …
4. වන සෙනසුන්හි පෙරැ නො දන්වන ලද කෑ යුතු දැයක් හෝ බිදිය යුතු දැයක් හෝ අරම තුළැ සියතින් පිළිගෙණ වළඳන්නහු පිළිබඳ පිළිදෙස්නී සිකපදය කොතැන්හි පණවන ලද ද යත්: ශාක්‍ය ජනපදයෙහි දී පණවන ලදි.
කවරක්හු ඇරැබ ද යත්: බොහෝ මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මහණහු අරම තුළ වසන සොරුන් ගැණ නො දැන්වූහ. ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කිසි විටෙක කයින් ද වචනයෙන් ද නඟි යි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
සිවු පිළිදෙස්නීහු නිමියහ.
එහි උද්දානය:
අඤ්ඤාතික යැ, වොසාසන්තී යැ, සේඛසම්මත යැ, ආරඤ්ඤභෝජන යැ යි සම්බුදු රදුන් විසින් පණවන ලද පාටිදේසනීය සතරෙකි.
සේඛියා කාණ්ඩය
1. සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් අනදර පිණිස (නිසා) ඉදිරිපසින් හෝ පසුපසින් හෝ එල්වමින් හඳින්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු ඉදිරිපසින් ද පසුපසින් ද එල්වමින් හැන්දාහ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...
2. අනදර පිණිස ඉදිරිපසින් හෝ පසුපසින් හෝ එල්වමින් පොරවන්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කවර වස්තුයෙක්හි ද යත්: සවග මහණහු ඉදිරිපසින් ද පසු පසින් ද එල්වමින් පෙරැවූහ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟි යි, වචනයෙන් නො නඟී. ...