Pārājika

Defeats

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-22 · 2612 segments

පෙන්වන කොටස් 801-900 න් 2612

කියනු කැමැති වැ එය සඳහන් නොකරන්නහුගේ ඒකමූලක බද්ධචක්‍රයයි.
මූලකය සංක්‍ෂිප්ත යි.
1. තුන් අයුරකින් ‘මා සිත මෝහයෙන් නිරාවරණය’ යි කියනු කැමැත්තේ ‘පළමුවන දැහැනට සමවැදිමි’ යි දන්නක්හු වෙත දැන දැන මුසවා කියන මහණහට පරිජිඇවැත් වේ. නො දන්නකුට කියන මහණහට ථුලැසි ඇවැත් වේ.
2. තුන් අයුරකින් ‘මා සිත මෝහයෙන් නිරාවරණය’ යි කියනු කැමැත්තේ ‘මා සිත ද්වේෂයෙන් නිරාවරණය’ යි දන්නා පුඟුලක්හු වෙත දැන දැන මුසවා කියන මහණහට පරිජිඇවැත් වේ. නොදන්නක්හු වෙත කියන මහණහට ථුලැසිඇවැත් වේ.
කියනු කැමති වැ එය සඳහන් නොකරන්නහුගේ එකමූලකය නිමි.
3. දිමූලකය ද, තිමූලකය ද, චතුමූලකය ද, පඤ්චමූලකය ද, ඡමූලකය ද, සත්තමූලකය ද, අට්ඨමූලකය ද, නවමූලකය ද, දසමූලකය ද මෙසේ ම විස්තර කටයුතු යි.
මේ සබ්බමූලකය යි.
1. තුන් අයුරකින් ... සත් අයුරකින් ‘පළමුවන දැහැනට ද දෙවන දැහැනට ද තෙවන දැහැනට ද සිවුවන දැහැනට ද සුඤ්ඤතවිමොක්ඛයට ද අනිමිත්තවිමොක්ඛයට ද අප්පණිහිතවිමොක්ඛයට ද සුඤ්ඤත සමාධියට ද අනිමිත්තසමාධියට ද අප්පණිහිත සමාධියට ද සුඤ්ඤතසමාපත්තියට ද අනිමිත්තසමාපත්තියට ද අප්පණිහිතසමාපත්තියට ද ත්‍රිවිද්‍යාවට ද සතර සතිපට්ඨානයට ද, සතර සම්‍යක් පධන්වීර්‍ය්‍යයන්ට ද සතර ඍද්ධිපාදයන්ට ද පඤ්චේන්‍ද්‍රියන්ට ද පඤ්චබලයන්ට ද සත්තබොජ්ඣඞ්ගයන්ට ද අරිඅටගිමඟට ද සෝවාන් ඵලයට ද සකදාගාමි ඵලයට ද අනාගාමි ඵලයට ද රහත් බවට ද සමවැදිමි. ... ම විසින් රාගය ද හරණ ලද. මා විසින් ද්වේෂය ද හරණ ලද. මා විසින් මෝහය ද හරණ ලද. විගතාන්තකරණ ලද. මුදන ලද. පහකරණ ලද. බැහැර කරණ ලද. උපුටා හරිණ ලද. හැම අයුරින් උපුටා හරිණ ලද. ‘මා සිත රාගයෙන් ද නිරාවරණය. මා සිත ද්වේෂයෙන්ද නිරාවරණය’ යි කියනු කැමැත්තේ, ‘මා සිත මෝහයෙන් ද නිරාවරණය’යී දන්නකුට දැන දැන මුසවා කියන ‘මහණහට පරිජිඇවැත් වේ. නො දන්නකුට කියන මහණහට ථුලැසිඇවැත් වේ. ... භාවය සඟවාගෙණයි.
2. තුන් අයුරකින් ‘දෙවන දැහැනට ද තෙවන දැහැනට ද සිවුවන දැහැනට ද සුඤ්ඤතවිමොක්ඛයට ද අනිමිත්තවිමොක්ඛයට ද අප්පණිහිතවිමොක්ඛයට ද සුඤ්ඤතසමාධියට ද අනිමිත්තසමාධියට ද අප්පණිහිත සමාධියට ද සුඤ්ඤතසමාපත්තියට ද අනිමිත්තසමාපත්තියට ද අප්පණිහිතසමාපත්තියට ද ත්‍රිවිද්‍යාවට ද සතර සතිපට්ඨානයට ද සතර සම්මාපධානයන්ට ද සතර ඉද්ධිපාදයන්ට ද පඤ්චඉන්‍ද්‍රියයන්ට ද පඤ්චබලයන්ට ද සත්තබොජ්ඣඞ්ගයන්ට ද අරිඅටගිමඟට ද සෝවාන්ඵලයට ද සකදාගාඵලයට ද අනාගාමිඵලයට ද රහත්බවට ද සම වැදිමි. ... මා විසින් රාගය ද හරණ ලද. මා විසින් ද්වේෂය ද හරණ ලද. මා විසින් මෝහය ද හරණ ලද. විහිට. මිදින. පැහින. නෙරිණ. උපුළ. මැනවින් උපුළ. මා සිත රාගයෙන් ද අනීවරණය. මා සිත ද්වේෂයෙන් අනාවරණය මා සිත මෝහයෙන් නිරාවරණය’ යි කියනු කැමැත්තේ ‘පළමුවන දැහැනට සමවැදිමි’ යි දන්නකුට දැන දැන මුසවා කියන මහණහට පරිජිඇවැත් වේ. නොදන්නකුට කියන මහණහට ථුලැසිඇවැත් වේ.
3. තුන් අයුරකින් තෙවන දැහැනට ද සිවුවන දැහැනට ද ... මා සිත මෝහයෙන් ද නිරාවරණය. ... පළමුවන දැහැනට ද සමවැදිමි යි කියනු කැමැත්තේ දෙවන දැහැනට සමවැදිමි යි දන්නෙකුට දැන දැන මුසවා කියන මහණට පරිජිඇවැත් වේ. නොදන්නකුට කියන මහණහට ථුලැසිඇවැත් වේ.
4. තුන් අයුරකින් ‘මා සිත මෝහයෙන් ද නිරාවරණය’ පළමුවන දැහැනට ද දෙවන දැහැනට ද තෙවන දැහැනට ද සිවුවන දැහැනට ද ... මා සිත රාගයෙන් ද නිරාවරණ යයි කියනු කැමැත්තේ මා සිත ද්වේෂයෙන් නිරාවරණය’ යි දන්නකු හමුයෙහි දැන දැන මුසවා කියන මහණහට පරිජිඇවැත් වේ. නො දන්නකු හමුයෙහි කියන මහණහට ථුලැසිඇවැත් වේ. පෙර ම ඔහුට ‘මුසවා කියන්නෙමි’ යි සිත වෙයි. කියන මහණහට ‘මුසවා කියමි’ යි සිත වෙයි. බිණුවහුට ‘මා විසින් මුසවා කියන ලදැ’ යි සිත වෙයි. ... දෘෂ්ටිය – ඛන්තිය – රුචිය – භාවය සඟවාගෙණයි.
සබ්බමූලකය යි.
කියනු කැමැති ව එය සඳහන් නො කරන්නහුගේ චක්කපෙය්‍යාලය නිමි.
වත්තුකාමවාර කථාව නිමි.
1. තුන් අයුරකින් ‘යම් මහණෙක් තොප විහාරයෙහි විසී ද ඒ මහණ තෙමේ පළමුවන දැහැනට සමවැදිනි. සමවදියි. සමවැදුනේ වෙ යි; ඒ මහණ පළමුවන දැහැන ලාභියෙක. වශියෙක. ඒ මහණ විසින් පළමුවන දැහැන පසක් කරණ ලදැ’ යි දන්නකු හමුයෙහි දැන දැන මුසවා කියන මහණහට ථුලැසිඇවැත් වේ. නො දන්නකු හමුයෙහි කියන මහණහට දුකුළාඇවැත් වේ. පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “මුසවා කියමි” යි සිත වෙයි. බිණූවහුට මා විසින් “මුසවා කියන ලදැ” යි සිත වෙයි.
2. සිවු අයුරකින් ... පස් අයුරකින් ... ස අයුරකින් ... සත් අයුරකින් ‘යම් මහණෙක් තොප විහාරයෙහි විසී ද ඒ මහණ තෙමේ පළමුවන දැහැනට සමවැදිනි, සමවදියි, සමවැදුනේ වෙයි. ඒ මහණ ප්‍රථමධ්‍යාන ලාභීය, වශීය, ඒ මහණ විසින් පළමුවන දැහැන පසක් කරණ ලදැ’ යි දන්නකු හමුයෙහි දැන දැන මුසවා කියන මහණහට ථුලැසිඇවැත් වේ. නොදන්නකු හමුයෙහි කියන මහණහට දුකුළාඇවැත් වේ. පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “මුසවා කියමි” යි සිත වෙයි. බිණූවහුට මා විසින් “මුසවා කියන ලදැ” යි සිත වෙයි. දෘෂ්ටිය – ක්‍ෂාන්තිය – රුචිය – භාවය සඟවාගෙණය.
3. තුන් අයුරකින් ‘යම් මහණෙක් තොප විහාරයෙහි විසී ද ඒ මහණ දෙවන දැහැනට – තෙවන දැහැනට – සිවුවන දැහැනට – සුඤ්ඤතවිමොක්ඛයට – අනිමිත්තවිමොක්ඛයට – අප්පණිහිතවිමොක්ඛයට – සුඤ්ඤතසමාධියට – අනිමිත්තසමාධියට – අප්පණිහිතසමාධියට – සුඤ්ඤතසමාපත්තියට – අනිමිත්තසමාපත්තියට – අප්පණිහිතසමාපත්තියට – ත්‍රිවිද්‍යාවට – සතරසතිපට්ඨානයන්ට – සතර සම්මප්පධානයන්ට – සතර ඉද්ධිපාදයන්ට – පඤ්ච ඉන්‍ද්‍රියයන්ට – පඤ්ච බලයන්ට – සත්ත බොජ්ඣඞ්ගයන්ට – අරිඅටගිමඟට – සෝවාන් ඵලයට – සකදාගාමීඵලයට – අනාගාමීඵලයට – රහත්බවට සමවැදිනි. සමවදියි. සමවැදුනේ වෙයි. ඒ මහණ තෙමේ අර්‍හත්‍ව ලාභියෙක. වසියෙක. ඒ මහණ විසින් රහත් බව පසක් කරණ ලදැ’ යි දන්නකු හමුයෙහි දැන දැන මුසවා කියන මහණහට ථුලැසිඇවැත් වේ. නො දන්නකු හමුයෙහි කියන මහණහට දුකුළා ඇවැත් වේ.
4. තුන් අයුරකින් ‘ඒ මහණහු විසින් රාගය හරණ ලද ... ද්වේෂය හරණ ලද ... මෝහය හරණ ලද. විහිට. මිදින. පැහින. නෙරිණ. උපුළ. මැනවින් උපුළැයි දන්නකු හමුයෙහි දැන දැන මුසවා කියන මහණහට ථුලැසිඇවැත් වේ. නොදන්නකු හමුයෙහි කියන මහණහට දුකුළාඇවැත් වේ.
5. තුන් අයුරකින් ... සත් අයුරකින් ඒ මහණහුගේ සිත රාගයෙන් නිරාවරණය ... සිත ද්වේෂයෙන් නිරාවරණය ... සිත මෝහයෙන් නිරාවරණයයි දන්නකු හමුයෙහි දැන දැන මුසවා කියන මහණහට ථුලැසිඇවැත් වේ. නො දන්නකු හමුයෙහි කියන මහණහට දුකුළාඇවැත් වේ. පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “මුසවා කියමි” යි සිත වෙයි. බිණුවහුට මා විසින් “මුසවා කියන ලදැ” යි සිත වෙයි. දෘෂ්ටිය – ක්‍ෂාන්තිය – රුචිය – භාවය සඟවාගෙණ ය.
6. තුන් අයුරකින් ... සත් අයුරකින් ‘යම් මහණෙක් තොප විහාරයෙහි විසී ද ඒ මහණ ශුන්‍යාගාරයෙහි පළමුවන දැහැනට ... දෙවන දැහැනට ... තෙවන දැහැනට ... සිවුවන දැහැනට සමවැදිනි. සමවදියි ... සමවැදුනේ වෙයි. ... ඒ මහණ ශුන්‍යාගාරයෙහි චතුර්‍ත්‍ථධ්‍යාන ලාභියෙක වසියෙකි. ඒ මහණ විසින් ශුන්‍යාගාරයෙහි සිවුවන දැහැන පසක් කරණ ලදැ’ යි දන්නකු හමුයෙහි දැන දැන මුසවා කියන මහණහට ථුලැසිඇවැත් වේ. නොදන්නකු හමුයෙහි කියන මහණහට දුකුළාඇවැත් වේ. පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “මුසවා කියමි” යි සිත වෙයි. බිණූවහුට මා විසින් “මුසවා කියන ලදැ” යි සිත වෙයි. දෘෂ්ටිය – ක්‍ෂාන්තිය – රුචිය – භාවය සඟවාගෙණ ය.
7. තුන් අයුරකින් ... ‘සත් අයුරකින් යම් මහණෙක් තොපගේ විහාරය පරිභෝග කළේ ද, යම් මහණෙක් තොපගේ සිවුරු පරිභෝග කළේ ද, යමෙක් තොපගේ පිණ්ඩපාතය පරිභෝග කළේ ද, යමෙක් තොපගේ සෙනසුන පරිභෝග කළේ ද, යමෙක් තොපගේ ගිලන්පස බෙහෙත් පිරිකර පරිභෝග කළේ ද ඒ මහණ තෙමේ ශුන්‍යාගාරයෙහි සිවුවන දැහැනට සමවැදිනි. ... සමවදියි. සමවැදුනේ වෙයි. ඒ මහණ තෙමේ ශුන්‍යාගාරයෙහි චතුර්‍ත්‍ථධ්‍යානලාභියෙක, වසියෙකි, ඒ මහණ විසින් ශුන්‍යාගාරයෙහි සිවුවන දැහැන පසක් කරණ ලදැ’යි දන්නකු හමුවෙහි දැන දැන මුසවා කියන මහණහට ථුලැසි ඇවැත් වේ. නො දන්නහු හමුයෙහි කියන මහණහට දුකුළාඇවැත් වේ. ...
8. තුන් අයුරකින් ... ‘සත් අයුරකින් යම් මහණකු විසින් තොප විහාරය පරිභෝග කරණ ලද ද, යමකු විසින් තොපගේ සිවුරු පරිභෝග පරිභෝග කරණ ලද ද, යමකු විසින් තොපගේ පිණ්ඩපාතය පරිභෝග කරණ ලද ද, යමකු විසින් තොපගේ සෙනසුන පරිභෝග කරණ ලද ද යමකු විසින් තොපගේ ගිලන්පස බෙහෙත් පිරිකර පරිභෝග කරණ ලද ද ඒ මහණ ශුන්‍යාගාරයෙහි සිවුවන දැහැනට සමවැදිනි. ... සමවදියි. ... සමවැදුනේ වෙයි. ඒ මහණ ශුන්‍යාගාරයෙහි චතුර්‍ත්‍ථධ්‍යානලාභීය. වසියෙකි. ඒ මහණහු විසින් ශුන්‍යාගාරයෙහි සිවුවන දැහැන පසක් කරණ ලදැ’ යි දන්නකු හමුයෙහි දැන දැන මුසවා කියන මහණහට ථුලැසිඇවැත් වේ. නො දන්නකු හමුවෙහි කියන මහණහට දුකුළාඇවැත් වේ. ...
9. තුන් අයුරකින් ... ‘සත් අයුරකින් තෝ යම් මහණකු වෙත පැමිණ විහාරය පිදුවෙහි ද, සිවුරු පිදුවෙහි ද, පිඬු පිදුවෙහි ද, සෙනසුනක් පිදුවෙහි ද, ගිලන්පස බෙහෙත් පිරිකර පිදුවෙහි ද, ඒ මහණ තෙමේ ශුන්‍යාගාරයෙහි සිවුවන දැහැනට සමවැදිනි. ... සමවදියි. ... සමවැදුනේ වෙයි. ඒ මහණ තෙමේ ශුන්‍යාගාරයෙහි චතුර්‍ත්‍ථධ්‍යානලාභීය, වසියෙකි, ඒ මහණහු විසින් ශුන්‍යාගාරයෙහි සිවුවන දැහැන පසක් කරණ ලදැ’ යි දන්නකු හමුවෙහි දැන දැන මුසවා කියන මහණහට ථුලැසිඇවැත් වේ. නො දන්නකු හමුවෙහි කියන මණහට දුකුළාඇවැත් වේ: පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි, කියන්නහුට “මුසවා කියමි” යි සිත වෙයි. බිණූවහුට මා විසින් “මුසවා කියන ලද” යි සිත වෙයි. දෘෂ්ටිය – ක්‍ෂාන්තිය – රුචිය – භාවය සඟවා ගෙණ යි.
පෙය්‍යාලපණ්ණරසකය නිමි.
ප්‍රත්‍යයප්‍රතිසංයුක්තවාරකථාව නිමි.
උතුරු මිනිස්දම් පිළිබඳ චක්කපෙය්‍යාලය නිමි.
අධිමානයෙන් කියන්නහුට ද උතුරුමිනිස්දම් නො කියැටි මහණහට ද උමතුවූවහුට ද පෙරළි සිත් ඇත්තහුට ද වේදනාවෙන් පෙළුනහුට ද ආදිකම්මිකයාට ද ඇවැත් නො වේ.
විනිශ්චිත කථාවස්තු
උද්දානගාථා:
අධිමානෙන ය, අරඤ්ඤම්හි ය, පිණ්ඩ යයි වස්තු තුණෙක, උපජ්ඣාය වස්තු දෙකය, ඉරියාපථ වස්තු සතර ය, සංයෝජන වස්තු ය, රහෝධම්ම වස්තු දෙක ය, විහාරවස්තු ය, පච්චුපට්ඨිත (උපට්ඨිත) වස්තු ය.
නදුක්කර වස්තු ය, විරිය වස්තු ය, මච්චු වස්තුව ය, විප්පටිසාර වස්තු ය, සම්මාපයුත්ත වස්තු ය, ආරද්ධවිරිය වස්තු ය, යුත්තයෝග ආරාධන වස්තු ය, වැලිදු අනික් වේදනා වස්තු දෙක ය.
බ්‍රාහ්මණවස්තු පසෙක, අඤ්ඤබ්‍යාකරණ වස්තු තුණ ය, අගාරාවරණ වස්තුව ය, කාමාවරණ වස්තු ය, අභිරති වස්තු ය, පක්කම වස්තු ය.
අට්ඨි – පෙසි ගෝඝාතක වස්තු දෙක ය, මංසපිණ්ඩ සාකුණික වස්තු ය. නිච්ඡවිඕරබ්භික වස්තු ය, අසිලෝමසූකරිකවස්තු ය, සත්තිලෝම මාගවික වස්තු ය, උසුලොම කාරණික වස්තු ය, සුචිලෝම සාරථි වස්තු ය.
යමෙක් සූචියෙන් මැසේ ද ඒ සූචක වස්තු ය, අණ්ඩහාරී ගාමකූටක වස්තු ය, ගූථකූපයෙහි නිමග්න පාරදාරික වස්තු ය, ගූථඛාදී දුෂ්ට බ්‍රාහ්මණ වස්තු ය.
නිච්ඡවිඅතිවාරිණි වස්තු ය, මඞ්ගුලීඉක්ඛණිකා වස්තු ය. ඔකිලිනී සපත්තඞ්ගාර වස්තු ය, සීසච්ඡින්න චෝරඝාතක වස්තු ය.
භික්ඛු ය, භික්ඛුණි ය, සික්ඛමානා ය, සාමණේර ය, සාමණේරි ය යන මොහු කසුප් බුදු සස්නෙහි පැවිදිවූවාහු එකල්හි පව් කළාහු ය. ඔවුන්ගේ වස්තු ය.
තපෝදාය, රාජගහයුද්ධය, නාගානෝගාහනය, රහත් වූ සෝභිත මහණ පන්සිය කපක් සිහිකෙරෙයි යන මේ වස්තු දැයි විනීතවස්තු සැටකි.
1. එසමයෙහි එක්තරා මහණෙක් අධිමානයෙන් අර්‍හත්ත්‍වය ප්‍රකාශ කළේ ය. ඒ මහණහට කුකුස් විය. “භාග්‍යවතුන් වහන්සේ විසින් සිකපද පණවන ලදී. කිම? මම පරිජිඇවැත් අවන්නෙම් දෝ”යි ඉක්බිති ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල පවත් සැළ කළේ ය. ... මහණ අධිමානයෙන් කියන්නහුට ඇවැත් නො වේ. (1)
2. එසමයෙහි එක්තරා මහණෙක් බුහුමන් පතා වෙනෙහි වෙසෙයි “ජන තෙමේ මට සම්භාවනා කරන්නේ” යි. ජන තෙමේ ඒ මහණහට සම්භාවනා කළේ ය. ඔහුට කුකුස් විය. භාග්‍යවතුන් වහන්සේට තෙල පවත් සැළ කළේ ය. ... මහණ පරිජිඇවැත් නො වේ. මහණෙනි, බුහුමන් පතා වෙනෙහි නො විසිය යුතුයි. යමෙක් වෙසේ නම් දුකුළාඇවැත් වේ. (2)
3. එසමයෙහි එක්තරා මහණෙක් බුහුමන් පතා පිඬු පිණිස හැසිරෙයි. “මෙසේ ජනතෙමේ මට සමිභාවනා කරන්නේ” යි. ජනතෙමේ ඒ මහණහට සම්භාවනා කළේ ය. ඔහුට කුකුස් විය. භාග්‍යවතුන් වහන්සේට තෙල පවත් සැළ කළේ ය. ... මහණ පරිජිඇවැත් නො වේ. මහණෙනි, බුහුමන් පතා පිඬු පිණිස නො ද හැසිරිය යුතුයි. යමෙක් හැසිරේ නම් දුකුළාඇවැත් වේ. (3)
4. එසමයෙහි එක්තරා මහණෙක් එක්තරා මහණකුට මෙය කී ය: “ඇවැත්නි, අපගේ උපාධ්‍යායයන් වහන්සේගේ යම් සද්ධිවිහාරිකයෝ වෙද්ද, ඒ සියල්ලෝ ම රහත්හු” යි. ඒ මහණහට කුකුස් විය. භාග්‍යවතුන් වහන්සේට තෙල පවත් සැළ කෙළේ ය. ... මහණ, තෝ කෙබඳු සිතැත්තෙහි ද? “භාග්‍යවතුන් වහන්ස, මම හුවා දක්වනු රිසියෙමි” යි. මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (4)
5. එසමයෙහි එක්තරා මහණෙක් එක්තරා මහණකුට මෙය කී ය: “ඇවැත්නි, අපගේ උපාධ්‍යායන් වහන්සේගේ යම් අතවැස්සෝ වෙද්ද ඒ සියල්ලෝ ම මහත් ඍද්ධි ඇත්තෝ ය. මහත් ආනුභාව ඇත්තෝ” යි. ඔහුට කුකුස් විය. භාග්‍යවතුන් වහන්සේට තෙල පවත් සැළ කෙළේ ය. ... මහණ, තෝ කෙබඳු සිතැත්තෙහිදැ යි. ‘භාග්‍යවතුන් වහන්ස, මම හුවා දක්වනු රිසියෙමි’ යි. මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (5)
6. එසමයෙහි එක්තරා මහණෙක් බුහුමන් පතා සක්මන් කෙරෙයි – බුහුමන් පතා සිටියි – බුහුමන් පතා හිඳියි – බුහුමන් පතා හොවියි “ජනතෙමේ මෙසේ මට සම්භාවනා කරන්නේය” යි. ජනතෙමේ ඔහුට සම්භාවනා කළේ ය. ... ඔහුට කුකුස් විය. භාග්‍යවතුන් වහන්සේට තෙල පවත් සැළ කෙළේ ය. ... මහණ, පරිජිඇවැත් නො වේ. මහණෙනි, බුහුමන් පතා ... ශයනය නො කට යුතුයි. යමෙක් ශයනය කරන්නේ නම් දුකුළාඇවැත් වේ. (6-9)
7. එසමයෙහි එක්තරා මහණෙක් එක්තරා මහණකුට උතුරුමිනිස්දම් පවසයි. හෙ තෙමේ ද මෙසේ කියයි. “ඇවැත මාගේ දස සංයෝජනයෝ ප්‍රහීණයහ” යි. ඔහුට කුකුස් විය. භාග්‍යවතුන් වහන්සේට තෙල පවත් සැළ කෙළේ ය. ... මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය. (10)
8. එසමයෙහි එක්තරා මහණෙක් එක්තරා මහණකුට රහසිගතව උතුරුමිනිස්දම් පවසයි. පරසිත් දන්නා ඒ මහණ තෙමේ තෙල මහණහට ගැරහී ය: ඇවැත, මෙබන්දක් නහමක් කියව. ‘තෙල උතුරුමිනිස්දම තට නැත, ඒ මහණහට කුකුස් විය. භාග්‍යවතුන් වහන්සේට තෙල පවත් සැළ කළේ ය. ... මහණ, පරිජිඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ. (11)
9. එසමයෙහි එක්තරා මහණෙක් රහසිගතව උතුරුමිනිස්දම් පවසයි. දෙවියෙක් ඒ මහණහට ගැරහී ය. ‘වහන්ස, මෙබන්දක් නහමක් කියව. ඔබට එබන්දක් නැත. ඒ මහණහට කුකුස් විය. ... මහණ, පරිජිඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ. (12)
10. එසමයෙහි එක්තරා මහණෙක් එක්තරා උවසුවකුහට මෙසේ කීය. ඇවැත, යමෙක් තොපගේ වෙහෙර වෙසේ ද, ඒ මහණතෙමේ රහතෙකි. හෙතෙමේ ද ඔහුගේ වෙහෙර වෙසෙයි. ඒ මහණහට කුකුස් විය. ... මහණ, තෝ කෙබඳු සිතැත්තෙහි ද? භාග්‍යවතුන් වහන්ස, “මම උතුරුමිනිස්දහම් එළවා දක්වනු රිසියෙමි” යි. මහණ, පරිජිඇවැත් නොවේ. ථුලැසිඇවැත් වේ. (13)
11. එසමයෙහි එක්තරා මහණෙක් එක්තරා උවසුවකුහට මෙසේ කීය: ‘යමකුට තෝ සිවුරු පිඬු සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරින් උවැටන් කෙරෙහි ද? ඒ මහණතෙමේ රහතෙකි.’ හෙතෙමේ ඒ මහණහට සිවුරු පිඬු සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරින් උවැටන් කෙරෙයි. ඒ මහණහට කුකුස් විය. ... මහණ, කෙබඳු සිතැත්තෙහි ද? භාග්‍යවතුන් වහන්ස, මම උතුරුමිනිස්දම් එළවා දක්වන රිසියෙමි. මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (14)
12. එසමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. භික්‍ෂුහු ඒ මහණහට මෙය කීහු: “ආයුෂ්මත්හට උතුරුමිනිස්දම් ඇද්ද යි” ඇවත, අර්‍හත්ත්‍වය ප්‍රකාශ කරන්නට දුෂ්කර නො වෙයි. ඒ මහණහට කුකුස් විය. භාග්‍යවතුන් වහන්සේගේ යම් ඒ සවුවෝ වෙද්ද, ඔහු මෙසේ කියන්නාහ: “මම වනාහි භාග්‍යවතුන් වහන්සේගේ සවුවෙක් නො වෙමි. කිමෙක් ද? මම පරිජිඇවැත් අවන්නෙම් ද?” යි, භාග්‍යවතුන් වහන්සේට තෙල පවත් සැළ කෙළේය. “මහණ, තෝ කෙබඳු සිතැත්තෙහි” ද? “භාග්‍යවතුන් වහන්ස, මම නහමක් උතුරු මිනිස්දම් එළවා දක්වනු රිසියෙමි”යි, මහණ, නහමක් හුවා දක්වන රිසියහුට ඇවැත් නො වේ. (15)
13. එසමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. භික්‍ෂූහු ඒ මහණහට මෙසේ කීහ: “ආයුෂ්මත්හට උතුරුමිනිස්දම් ඇද්ද”යි. ඇවැත්නි, උතුරුමිනිස්දම ඇරඹූ වෙර ඇත්තහු විසින් ඇරැයිය හැක්කේ ය. ඒ මහණහට කුකුස් විය. භාග්‍යවතුන් වහන්සේට තෙල පවත් සැළ කළේය. ... මහණ, නහමක් උතුරුමිනිස්දම් එළවා දක්වන රිසියහුට ඇවැත් නො වේ. (16)
14. එසමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. භික්‍ෂූහු ඒ මහණහට මෙය කීහ: ‘ඇවැත, නොබා’යි. ‘ඇවත, මම මරුට නොබාමි’ යි. ඒ මහණහට කුකුස් විය. මහණ, අනුල්ල පනාධිප්‍රාය ඇතියහුට ඇවැත් නො වේ. (17)
15. එසමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. භික්‍ෂූහු ඒ මහණහට මෙය කීහ: ‘ඇවැත, නොබා’ යි. ‘ඇවැත්නි, යමෙක් ඒකාන්තයෙන් විපිළිසරවන්නේ නම් හෙතෙමේ බන්නේය’යි. ඒ මහණහට කුකුස් විය. ... මහණ, නහමක් හුවා දක්වන රිසියහුට ඇවැත් නො වේ. (18)
16. එසමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. භික්‍ෂූහු ඒ මහණහට මෙය කීහ: “ආයුෂ්මත්හට උතුරුමිනිස්දම් ඇද්ද” යි. “ඇවැත්නි, උතුරු මිනිස්දම මනා පිළිවෙතෙහි යෙදුනහු විසින් ඇරයිය හැක්කේ ම ය.” ඒ මහණහට කුකුස් විය. භාග්‍යවතුන් වහන්සේට තෙල පවත් සැළ කළේය. –පෙ– මහණ, අනුල්ලපනාධිප්‍රාය ඇතියහුට ඇවැත් නො වේ. (19)
17. එසමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. භික්‍ෂූහු ඒ මහණහට මෙය කීහ: ‘ආයුෂ්මත්හට උතුරුමිනිස්දම් ඇද්ද’ යි. ‘ඇවැත්නි, ඇරඹු වෙර ඇත්තහු විසින් උතුරුමිනිස්දම් ඇරයිය හැක්කේ ම ය’. ඒ මහණහට කුකුස් විය. –පෙ– මහණ, අනුල්ලපනාධිප්‍රාය ඇතියහුට ඇවැත් නො වේ. (20)
18. එසමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. භික්‍ෂූහු ඒ මහණහට මෙය කීහු: ‘ආයුෂ්මත්හට උතුරුමිනිස්දම් ඇද්ද’ යි. ඇවැත්නි, උතුරුමිනිස්දම් භාවනාවෙහි යෙදුනහු විසින් ඇරැයිය හැක්කේ ම ය. ඒ මහණහට කුකුස් විය –පෙ– මහණ, අනුල්ලපනාධිප්‍රාය ඇතියහුට ඇවැත් නො වේ. (21)
19. එසමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. භික්‍ෂූහු ඒ මහණහට මේ කීහු: ‘ඇවැත, කිම, ඉවසිය හැකිද’යි, කිම? යැපිය හැකිද’ යි. ඇවැත්නි, යම්තමකු විසින් ඉවසන්නට නොහැකිය. ඒ මහණහට කුකුස් විය. ... මහණ, අනුල්ලපනාධිප්‍රාය ඇතියහුට ඇවැත් නො වේ. (22)
20. එසමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. භික්‍ෂූහු ඒ මහණහට මෙය කීහ: ඇවැත්නි, කිම, ඉවසිය හැකි ද, කිම, යැපියහැකි ද’යි. ඇවැත්නි, පුහුදුන් විසින් ඉවසන්නට නො හැකිය. ඒ මහණහට කුකුස් විය. ... ‘මහණ, තෝ කෙබඳු සිතැත්තෙහි ද?යි භාග්‍යවතුන් වහන්ස, උල්ලපනාධිප්‍රාය ඇතියෙමියි, මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (23)
21. එසමයෙහි එක්තරා බමුණෙක් භික්‍ෂූන් පවරා මෙය කීය: “භවත් රහත්හු වඩිත්වා”යි. ඒ භික්‍ෂූන්ට කුකුස් විය. අපි වනාහි නො රහතුම්හ. මේ බමුණු තෙමේ අපට අරහන්තවාදයෙන් ව්‍යවහාර කෙරෙයි. අප විසින් කෙසේ පිළිපැදිය යුතු ද? භාග්‍යවතුන් වහන්සේට තෙල පවත් සැළ කළහ. ... මහණෙනි, පහන් සිතින් බිණීමෙහි ඇවැත් නො වේ. (24)
22. එසමයෙහි එක්තරා බමුණෙක් භික්‍ෂූන් පවරා මෙය කීහ. “භවත් රහත්හු වැඩ හිඳින සේක්වා” යි ... “භවත් රහත්හු වළඳන සේක්වා” යි ... “භවත් රහත්හු තෘප්ත වෙත්වා” යි ... “භවත් රහත්හු යන සේක්වා” යි. ඒ භික්‍ෂූන්ට කුකුස් විය. අපි වනාහි නො රහතුම්හ. මේ බමුණුතෙමේ අපට අරහත්වාදයෙන් කථා කරයි. අප විසින් කෙසේ නම් පිළිපැදිය යුතුද’ යි, භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළාහුය. ... මහණෙනි, පහන් සිතින් බිණීමෙහි ඇවැත් නො වේ. (25-28)
23. එසමයෙහි එක්තරා මහණෙක් එක්තරා මහණකුට උතුරුමිනිස්දම් පවසයි. හෙ තෙමේ ද මෙසේ කීය: “ඇවැත, මාගේ ද ආශ්‍රවයෝ ප්‍රහීණයහ” යි, ඒ මහණහට කුකුස් විය. ... මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය. (29)
24. එසමයෙහි එක්තරා මහණෙක් එක්තරා මහණකුට උතුරුමිනිස්දම් පවසයි. හෙ තෙමේ ද මෙසේ කීය: “ඇවැත, මාගේ ද තෙලෙ උතුරුමිනිස්දම් විද්‍යාමාන වේ” යි. ඒ මහණහට කුකුස් විය. ... මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය. (30)
25. එසමයෙහි එක්තරා මහණෙක් එක්තරා මහණකුට උතුරුමිනිස්දම් පවසයි. හෙ තෙමේ ද මෙසේ කීය. “ඇවැත, මම ද තෙල උතුරුමිනිස්දම්හි පැණෙන්නෙමි”යි ඒ මහණහට කුකුස් විය. ... මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය. (31)
26. එසමයෙහි එක්තරා මහණකුට නෑයෝ මෙය කීහු: “වහන්ස, එනු මැනව. ගිහිගෙයි වසනු මැනව. ඇවැත්නි, මා වැන්නෙක් ගිහිගෙයි වසන්නට නුසුදුසු වෙයි. ඒ මහණහට කුකුස් විය. ... මහණ, අනුල්ලපනාධිප්‍රාය ඇතියහුට ඇවැත් නො වේ. (32)
27. එසමයෙහි එක්තරා මහණකුට නෑයෝ මෙය කීහු: “වහන්ස, එනු මැනව. පස්කම් සැප අනුභව කරව” යි. “ඇවැත්නි, මට කාමයෝ ඇවුරුණහ” යි, ඒ මහණහට කුකුස් විය. ... මහණ, අනුල්ලපනාධිප්‍රාය ඇතියහුට ඇවැත් නො වේ. (33)
28. එසමයෙහි එක්තරා මහණකුට නෑයෝ මෙය කීහු: “වහන්ස, අභිරමණය කරව” යි. “ඇවැත්නි, මම උතුම් අභිරතියෙහි ඇලුනෙම් වෙමි” යි ඒ මහණහට කුකුස් විය. භාග්‍යවතුන් වහන්සේගේ යම් ඒ සව්වෝ වෙද්ද, ඔවුහු මෙසේ කියන්නාහුය. මම ද භාග්‍යවතුන් වහන්සේගේ සව්වෙක් නො වෙමි. කිම? “මම පරිජිඇවැත් අවන්නෙම් දෝ” යි භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළේ ය. මහණ තෝ කෙබඳු සිතැත්තෙහි ද? භාග්‍යවතුන් වහන්ස, “මම අනුල්ලපනාධිප්‍රාය ඇතියෙමි” යි. මහණ, අනුල්ලපනාධිප්‍රාය ඇතියහුට ඇවැත් නො වේ. (34)
29. එසමයෙහි බොහෝ භික්‍ෂූහු කතිකා කොට එක්තරා ආවාසයෙක්හි වස් විසූහ. යමෙක් මේ අවසින් පළමුව බැහැර යන්නේ ද “ඔහු රහතෙකැයි අපි දැන ගන්නමු” යි, එක්තරා මහණෙක් “මා රහතෙකැයි දැන ගණිත්වා” යි ඒ අවසින් පළමුව නික්මුනි. ඒ මහණහට කුකුස් විය. ... මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය. (35)
30. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ රජගහනුවර කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වසන සේක. එසමයෙහි ආයුෂ්මත් ලක්‍ෂණ තෙරණුවෝ ද, ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ද ගිජුකුළු පව්වෙහි වෙසෙත්. ඉක්බිති ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ පෙරවරු වේලෙහි හැඳ පෙරව පා සිවුරු ගෙන ආයුෂ්මත් ලක්‍ෂණ තෙරුන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් ලක්‍ෂණ තෙරුණුවන්ට මෙය කීහ: “ඇවැත් ලක්‍ෂණය, යම්හ. රජගහනුවරට පිඬු පිණිස පිවිසෙන්නම්හ”යි. “ඇවැත්නි, එසේ” යි ආයුෂ්මත් ලක්‍ෂණ තෙමේ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ට පිළිවදන් දුනි.
31. ඉක්බිති ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවෝ ගිජුකුළුපව්වෙන් බස්නාහු එක්තරා පෙදෙසක දී සිනා පහළ කළහ. ඉක්බිති ආයුෂ්මත් ලක්‍ෂණ තෙමේ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ට මෙය කීය: ඇවැත්, මුගලන, සිනා පහළ කිරීමට හේතු කවරේ ද? ප්‍රත්‍යය කවරේ දැ යි? ඇවැත් ලක්ඛණය, තෙල පැනයට කල් නො වේ ම ය. භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි දී මාගෙන් තෙල පැනය විචාරව’යි.
32. ඉක්බිති ඇවැත් ලක්‍ෂණ තෙරණුවෝ ද, ඇවැත් මහමුගලන් තෙරණුවෝ ද රජගහනුවර පිඬු පිණිස හැසිර පසුබත් කල පිඬු සිඟීමෙන් පෙරළා ආවාහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියාහු ය. එළඹ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නාහු ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් ලක්‍ෂණ තෙරණුවෝ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ට මෙය කීහ: මෙහි ආයුෂ්මත් මුගලන් තෙරණුවෝ ගිජුකුළු පව්වෙන් බස්නාහු එක්තරා පෙදෙසක දී සිනා පහළ කළහ. ඇවැත් මුගලන සිනා පහළ කිරීමට හේතු කවරේ ද? ප්‍රත්‍යය කවරේ ද? ඇවැත්නි, මම මෙහි ගිජිකුළු පව්වෙන් බස්නෙම් අහසින් ගමන් කරණ ඇට සැකිල්ලක් දුටිමි. එය ගිජුලිහිණියෝ ද, කවුඩෝ ද උකුස්සෝ ද, ලුහුබැඳ ලුහුබැඳ ඉළ ඇට අතරෙන් විනිවිද යෙත්. ඒ ඇටසැකිල්ල බැගෑහඬ කරයි. ඇවැත්නි, ඒ මට මේ සිත විය: “පින්වත, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි. අද්භූතයෙකි. මෙබඳු නම් සත්ත්‍වයෙක් වන්නේ ද? මෙබඳු නම් යක්‍ෂයෙක් වන්නේ ද? මෙබඳු නම් අත්බැව් පිළිලැබුවෙක් වන්නේ ද” යි. භික්‍ෂූහු අවමන් කෙරෙත්. අයුණු කියත්. නුගුණ පතුරුවත්: “ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ උතුරුමිනිස්දම් දක්වති” යි.
33. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, ඒකාන්තයෙන් සව්වෝ ඇස් ඇති ව වෙසෙත්. මහණෙනි, ඒකාන්තයෙන් සව්වෝ නුවණ ඇති ව වෙසෙත්. යම් හෙයකින් ශ්‍රාවක තෙමේ මෙ බන්දක් දන්නේ හෝ දක්නේ හෝ සාක්‍ෂ්‍යය හෝ කරන්නේ ද, මහණෙනි, පෙර ම මා විසින් ඒ සත්ත්‍වතෙමේ දක්නා ලද්දේ විය. එතකුදු වුවත් මම එය ප්‍රකාශ නො කළෙමි. මම තෙල කරුණ ප්‍රකාශ කෙළෙම් නම් අන්‍යයෝ මාගේ වචනය නො අදහන්නාහු ය. යම් කෙනෙක් මාගේ වචනය නො අදහන්නාහු ද ඔවුන්ට එය දිගුකලක් අහිත පිණිස දුක් පිණිස වන්නේය. මහණෙනි, මේ සත්ත්‍ව තෙමේ මේ රජගහනුවර ම ගෝඝාතකයා විය. හෙ තෙම් ඒ කර්‍ම විපාකයෙන් බොහෝ අවුරුදු ගණන් බොහෝ අවුරුදු සියගණන් බොහෝ අවුරුදු දහස් ගණන්, බොහෝ අවුරුදු සුවහස් ගණන් නරකයෙහි පැසී ඒ කර්‍මයාගේ ම ශේෂ වූ විපාකයෙන් මෙබඳු අත්බැව් ලැබීමක් විඳියි. මහණෙනි, මුගලන් තෙමේ සත්‍යයක් කියයි. මහණෙනි, මුගලනට ඇවැත් නැති.” (36)
34. මහණෙනි, මම මෙහි ගිජුකුළුපව්වෙන් බස්නෙම් අහසින් ගමන් කරණ මස්වැදැල්ලක් දිටිමි. ගිජුලිහිණියෝ ද, කවුඩෝ ද, උකුස්සෝ ද, පැන පැන එය කඩා ගෙන කත්, ඉරා කත්. ඒ මස්වැදැල්ල බැගෑහඬ කෙරෙයි. ... මහණෙනි, තෙල සත්ත්‍ව තෙමේ මේ රජගහනුවර ම ගෝඝාතකයෙක් විය. (37)
35. ඇවැත්නි, මම මෙහි ගිජුකුළුපව්වෙන් බස්නෙම් අහස යන පිඬක් දිටිමි. ඒ මස් පිඩ ගිජුලිහිණියෝ ද, කවුඩෝ ද උකුස්සෝ ද තුඩින් සිඳිත්. කඩත්. ඒ මස් පිඬ බැගෑ හඬ කෙරෙයි. ... මහණෙනි, තෙල සත්ත්‍ව තෙමේ මේ රජගහනුවර ම ලිහිණි වැද්දෙක් විය. (38)
36. ඇවැත්නි, මම මෙහි ගිජුකුළුපව්වෙන් බස්නෙම් අහස යන සිවිනැති පුරුෂයකු දිටිමි. ඒ මේ පුරුෂයා ගිජු ලිහිණියෝ ද කවුඩෝ ද උකුස්සෝ ද පැන පැන තුඩින් සිඳිත්. කඩත්. ඒ පුරුෂ තෙමේ බැගෑහඬ කරයි. ... මහණෙනි, තෙල සත්ත්‍ව තෙමේ මේ රජගහ නුවර ම එළුවන් මරන්නෙක් විය. (39)
37. ඇවැත්නි, මම මෙහි ගිජුකුළුපව්වෙන් බස්නෙම් අහස යන අසිලොම් පුරුෂයකු දිටිමි. ඔහුගේ අසීහු නැඟි නැඟී ඔහුගේ ම සිරුරැ හෙත්. හෙතෙමේ බැගෑහඬ කෙරෙයි. ... මහණෙනි, තෙල සත්ත්‍ව තෙමේ මේ රජගහ නුවර ම ඌරන් මරන්නෙක් විය. (40)
38. ඇවැත්නි, මම මෙහි ගිජුකුළුපව්වෙන් බස්නෙම් අහස යන සැත්ලොම් පුරුෂයකු දිටිමි. ඔහුගේ ඒ සැත්හු නැඟි නැඟී ඔහුගේ ම සිරුරැ හෙත්. ඒ පුරුෂ තෙමේ බැගෑහඬ කෙරෙයි. ... මහණෙනි, තෙල සත්ත්‍ව තෙමේ මේ රජගහනුවර ම මුව වැද්දෙක් විය. (41)
39. ඇවැත්නි, මම මෙහි ගිජුකුළුපව්වෙන් බස්නෙම් අහස යන උසුලොම් පුරුෂයකු දිටිමි. ඔහුගේ ඒ ශරයෝ නැඟි නැඟී ඔහුගේ ම සිරුරැ හෙත්. හෙ තෙමේ බැගෑහඬ කෙරෙයි. ... මහණෙනි, තෙල සත්ත්‍ව තෙමේ මේ රජගහනුවර ම කම්කටුලු කොට මරන්නෙක් විය. (42)
40. ඇවැත්නි, මම මෙහි ගිජුකුළුපව්වෙන් බස්නෙම් අහස යන හිඳිලොම් පුරුෂයකු දිටිමි. ඔහුගේ ඒ හිඳිහු නැඟි නැඟී ඔහුගේ ම සිරුරැ හෙත්. හෙ තෙමේ බැගෑහඬ කෙරෙයි. ... මහණෙනි, තෙල සත්ත්‍ව තෙමේ මේ රජගහනුවර ම අසුන් හික්මවන්නෙක් (වධකයෙක්) විය. (43)
41. ඇවැත්නි, මම මෙහි ගිජුකුළුපව්වෙන් බස්නෙම් අහස යන හිඳිලොම් පුරුෂයකු දිටිමි. ඔහුගේ ඒ හිඳිහු හිස පිවිස මුවින් නික්මෙත්. මුවෙහි පිවිස ලයෙන් නික්මෙත්. ලෙහි පිවිස කුසෙන් නික්මෙත්. කුස පිවිස වටොරින් නික්මෙත්. වටොර පිවිස කෙණ්ඩාවලින් නික්මෙත්. කෙණ්ඩාහි පිවිස පා වලින් නික්මෙත්. හේ තෙමේ බැගෑ හඬ කෙරෙයි. ... මහණෙනි, තෙල සත්ත්‍ව තෙමේ මේ රජගහ නුවර ම පිසුනු කියන්නෙක් විය. (44)
42. ඇවැත්නි, මම මෙහි ගිජුකුළුපව්වෙන් බස්නෙම් අහස යන කුම්භාණ්ඩ පුරුෂයකු දිටිමි. හෙ තෙමේ යමින් ද එම අණ්ඩයන් කොන්දෙහි නගා ගෙණ යෙයි. හිඳින්නේ ද එම අණ්ඩයන්හි හිඳියි. එය ගිජුලිහිණියෝ ද කවුඩෝ ද උකුස්සෝ ද තුඩින් සිඳිත්. කඩත්. හේ තෙමේ බැගෑහඬ කෙරෙයි. ... මහණෙනි, තෙල සත්ත්‍ව තෙමේ මෙම රජගහනුවර කුළු විනිසකරුවෙක් විය. (45)
43. ඇවැත්නි, මම මෙහි ගුජුකුළුපව්වෙන් බස්නෙම් අසුචි වළක හිස තෙක් ගැලුණු පුරුෂයකු දිටිමි. ... මහණෙනි, තෙල සත්ත්‍ව තෙමේ මෙම රජගහනුවර පරඹුවන් සෙවුනෙක් විය. (46)
44. ඇවැත්නි, මම මෙහි ගිජුකුළුපව්වෙන් බස්නෙම් අසුචි වළක හිස තෙක් ගැලුණු දෙ අතින් බුදින පුරුෂයකු දිටිමි. ... මහණෙනි, තෙල සත්ත්‍ව තෙමේ මෙම රජගහ නුවර දුෂ්ට බ්‍රාහ්මණයෙක් විය. හෙ තෙමේ කසුප් සම්බුදුන්ගේ සස්නෙහි බික්සඟන බතින් පවරා අසුචියෙන් ඔරු පුරවා කල් දන්වා මෙය කීය. “පින්වත්හු මින් ඇතිතාක් බුදිත්වා” ගෙණ යෙත්වා” යි. (47)
45. ඇවැත්නි, මම මෙහි ගිජුකුළුපව්වෙන් බස්නෙම් අහස යන සිවිනැති අඟනක් දිටිමි. ඇය ගිජුලිහිණියෝ ද කවුඩෝ ද උකුස්සෝ ද තුඩින් සිඳිත්. කඩත්. ඕ බැගෑපත්ව හඬයි. ... මහණෙනි, තෙල අඟන මෙම රජගහනුවර හිමියා ඉක්ම යන්නියක් වූවා ය. (48)
46. ඇවැත්නි, මම මෙහි ගිජුකුළුපව්වෙන් බස්නෙම් අහස යන පිළිකුල් දුගඳ හමන අඟනක් දිටිමි. ඇය ගිජුලිහිණියෝ ද කවුඩෝ ද උකුස්සෝ ද තුඩින් සිඳිත්. කඩත්. ඕ බැගෑපත්ව හඬයි. ... මහණෙනි, තෙල අඟන මෙම රජගහනුවර යක්දැස්සක් වූවා ය. (49)
47. ඇවැත්නි, මම ගිජුකුළුපව්වෙන් බස්නෙම් දැඩි ගින්නෙන් පැලහුනු තෙත බස්නා, ගිනි අඟුරෙන් ගැවසුනු, අඟනක් දිටිමි. ඕ බැගෑපත්ව හඬයි. ... මහණෙනි, තෙල අඟන කලිඟු රජහුගේ අගමෙහෙසිය වූවාය. ඕ තොමෝ ඉසි සිතින් මඬනා ලද්දී සපත්නියක මත අඟුරු කබලක් හෙළූ ය. (50)
48. ඇවැත්නි, මම මෙහි ගිජුකුළුපව්වෙන් බස්නෙම්, අහස යන හිස සුන් කවන්‍ධයකු දිටිමි. ඔහුගේ ලෙහි නෙත් ද මුව ද වෙත්. ඔහු ගිජුලිහිණියෝ ද කවුඩෝ ද උකුස්සෝ ද තුඩින් සිඳිත්. කඩත්. හෙ තෙමේ බැගෑපත්ව හඬයි. ... මහණෙනි, තෙල සත්ත්‍ව තෙමේ මෙම රජගහනුවර හාරික නම් චෝරඝාතකයෙක් විය. (51)
49. ඇවැත්නි, මම මෙහි ගිජුකුළුපව්වෙන් බස්නෙම් අහස යන මහණකු දිටිමි. ඔහුගේ සඟළ ද ඇවිලින, දිලිසින, ගිනිදැල් සහිතය. පය ද ඇවිලින, දිලිසින, ගිනිදැල් සහිතය. කාබාන ද ඇවිලින, දිලිසින, ගිනිදැල් සහිතය. කය ද ඇවිලින, දිලිසින, ගිනිදැලින් ද වෙළුනේ ය. හෙ තෙමේ බැගෑපත්ව හඬයි. ... මහණෙනි, තෙල මහණ තෙමේ කසුප් සම්බුදුන්ගේ සස්නෙහි පවිටු මහණෙක් විය. (52)
50. ඇවැත්නි, මම මෙහි ගිජුකුළුපව්වෙන් බස්නෙම් මෙහෙණක දිටිමි. ... සික්ඛමානාවක දිටිමි. ... හෙරණකු දිටිමි. “අහස යන හෙරැණියක දිටිමි. ... ඇගේ සඟළ ද, ඇවිලින, දිලිසින, ගිනිදැලින් වෙළුනාය. පය ද ඇවිලින, දිලිසින, ගිනිදැලින් වෙළුනේ ය. කාබාන ද ඇවිලින, දිලිසින, ගිනිදැලින් වෙළුනේ ය. කය ද ඇවිලින, දිලිසින, ගිනිදැලින් වෙළුනේ ය. ඕ බැගෑපත්ව හඬයි. ඇවැත්නි, ඒ මට මෙබඳු සිතෙක් විය. පින්වත, පුදුමයකි. පින්වත, නොවූ විරූවකි. මෙබඳු සත්ත්‍වයෙක් නම් වන්නේය. මෙබඳු යක්‍ෂයෙක් වන්නේය. මෙබඳු අත්බව් ලැබුවෙක් නම් වන්නේ” යි. භික්‍ෂූහු අවමන් කෙරෙත්, අයුණු කියත්, නුගුණ පතුරුවත්: “ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ උතුරුමිනිස්දම් එළවා දක්වති” යි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. මහණෙනි, සව්වෝ ඇස් ඇති ව නුවණැති ව වෙසෙත්. යම් කලෙක සව්වෙක් මෙබන්දක් දැනගන්නේ හෝ වේ ද දන්නේ හෝ වේ ද පසක් කරන්නේ හෝ වේ ද මහණෙනි, පෙර ම මා විසින් ඒ හෙරැණි තොමෝ දක්නා ලද්දී ය. එහෙත් මම එය නො පැවැසීමි. මම එය පවසන්නෙම් නමුදු අන්‍යයෝ මබස නො හදහන්නාහු ය. යම් කෙනෙක් මබස නො හදහන්නාහු නම් ඔවුන්ට දිගුකලක් අවැඩ පිණිස දුක් පිණිස වන්නේ ය. මහණෙනි, තෙල හෙරැණි තොමෝ කසුප් සම්බුදුන්ගේ සස්නෙහි පවිටු හෙරණ විය. ඕ තොමෝ බොහෝ ගණන් අවුරුදු බොහෝ සියගණන් අවුරුදු බොහෝ දහස් ගණන් අවුරුදු බොහෝ සුවහස් ගණන් අවුරුදු නිරයෙහි පැසී ඒ කර්‍මයාගේ විපාක ශේෂවීමෙන් මෙබඳු ආත්මභාවයක් ලබයි. මුගලන් තෙමේ සැබවක් කීය. මහණෙනි, මුගලන්හට ඇවැත් නැත. (53-56)
51. ඉක්බිති ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ භික්‍ෂූන් ඇමතූහ: ඇවැත්නි, මේ තපෝදා නදිය යම් තැනක පටන් ගලා බසී ද, ඒ විල පහන් දිය ඇත්තකි. සිහිල් දිය ඇත්තකි. මිහිරි දිය ඇත්තකි. පිරිසිදු වූවකි. මනා තොටු ඇත්තකි. සිත්කලු වූවකි. බොහෝ මස් කැසබුවන් ඇත්තකි. රියසක් සා පියුම් පිපෙයි කීහ. “කෙසේ නම් ආයුෂ්මත් මහමුගලන් තෙමේ මෙසේ කියන්නේ ද”යි, භික්‍ෂූහු අවමන් කෙරෙත්, අයුණු කියත්, නුගුණ පතුරුවත්: ඇවැත්නි, මේ තපෝදානදිය යම් තැනක පටන් ගලා බසී ද, ඒ විල පහන් දිය ඇත්තකි. සිහිල් දිය ඇත්තකි, මිහිරි දිය ඇත්තකි, පිරිසිදු වූවකි. මනා තොටු ඇත්තකි. සිත්කලු වූවකි. බොහෝ මස් කැසබුවන් ඇත්තකි. රියසක් සා පියුම් පිපේය” යි. එහෙත් මේ තපෝදා නදිය කැකෑරී ගලා බසී. ආයුෂ්මත් මහමුගලන් තෙමේ උතුරුමිනිස්දම් එළවා දක්වයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළාහු ය. මහණෙනි, මේ තපෝදානදිය යම් තැනක පටන් ගලා බසී ද, ඒ තපෝදා විල පහන් දිය ඇත්තකි. සිහිල් දිය ඇත්තකි. මිහිරි දිය ඇත්තකි. පිරිසිදු දිය ඇත්තකි. මනා තොටු ඇත්තකි. සිත්කලු වූවකි. බොහෝ මස් කැසුබුවන් ඇත්තකි. රියසක් සා පියුම් පිපෙයි’. මහණෙනි, එතකුදු වුවත් මේ තපෝදානදිය මහ නිරය දෙකකට මැදිව ගලා එයි. එහෙයින් මේ තපෝදානදිය කැකෑරී ගලයි. මහණෙනි, මුගලන් තෙමේ සැබවක් කීය. මහණෙනි, මුගලන්හට ඇවැත් නො වේ. (57)
52. එසමයෙහි මගධාධිපති සේනා ඇති බිම්සර රජ තෙමේ ලිච්ඡවීන් සමග යුද කරන්නේ බිඳී ගියේ වෙයි. ඉක්බිති රජ තෙමේ යලිත් සෙනග රැස් කොට ගෙණ ලිච්ඡවීන් පැරද විය. රජහු විසින් ලිච්ඡවීහු පරදවන ලදහයි ජය බෙරය පැතිරෙයි. එකල්හි ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ භික්‍ෂූන් ඇමතූහ. “ඇවැත්නි, රජ තෙමේ ලිච්ඡවීන් විසින් පරදවන ලද්දේ” යි. “කෙසේ නම් ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ මෙසේ කියන්නාහුද” යි. භික්‍ෂූහු අවමන් කෙරෙත්. අයුණු කියත්. නුගුණ පතුරුවත්. “ඇවැත්නි, රජ තෙමේ ලිච්ඡවීන් විසින් පරදවන ලද්දේය”යි. යුදබිමෙහි ද රජු විසින් ලිච්ඡවීහු පරදවන ලද්දාහු යි ජය බෙර පැතිරේ. ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ උතුරුමිනිස්දම් ඔසවා දක්වති” යි භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළාහු ය. මහණෙනි, පළමුකොට රජ තෙමේ ලිච්ඡවීන් විසින් පරදවන ලද්දේ ය. ඉක්බිති රජ තෙමේ යලිත් සෙනඟ රැස් කොට ලිච්ඡවීන් පැරැද වීය. මහණෙනි, මුගලන් තෙමේ සැබවක් කීය. මහණෙනි, මුගලන්හට ඇවැත් නො වේ. (58)
54. ඉක්බිති ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ භික්‍ෂූන් ඇමතූහ. “ඇවැත්නි, මම මෙහි සප්පිනිකා ගං තෙර නො සැලෙන සිවු වන සමවතට සමවන්නෙම් ගඟට බැස එතරවන කුඤ්චනාද කරණ ඇතුන්ගේ හඬ ඇසීමි” යි. “කෙසේ ශබ්දයක් අසන්නේ ද, භික්‍ෂූහු අවමන් කෙරෙත්. අයුණු කියත්. නුගුණ පතුරුවත්. “කෙසේ නම් ආයුෂ්මත් මහමුගලන් තෙමේ නො සැලෙන සිවුවන සමවතට සමවන්නේ අසා ද, ආයුෂ්මත් මහමුගලන් තෙමේ උතුරුමිනිස්දම් දක්වා” යි. භාග්‍යවතුන් වහන්සේට මෙ පුවත සැළ කළාහු ය. මහණෙනි, එබඳු සමාධියෙක් ඇත. හෙ ද වනාහි නොපිරිසුදු ය. මහණෙනි, මුගලන් තෙමේ සැබවක් කීය. මහණෙනි, මුගලන්හට ඇවැත් නො වේ. (59)
55. ඉක්බිති ආයුෂ්මත් සෝභිත තෙරණුවෝ භික්‍ෂූන් ඇමතූහ. “ඇවැත්නි, පන්සිය කපක් සිහිකරමි” යි. භික්‍ෂූහු අවමන් කෙරෙත්, අයුණු කියත්, නුගුණ පතුරුවත්, “කෙසේ නම් ආයුෂ්මත් සෝභිත තෙමේ මෙසේ කියා ද, “ඇවැත්නි, මම පන්සිය කපක් සිහි කරමි” යි. “ආයුෂ්මත් සෝභිත තෙමේ උතුරුමිනිස්දම් දක්වා” යි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළාහු ය. මහණෙනි, සෝභිතහට එබඳු සමවතෙක් ඇත. හෙ ද වනාහි එක ම ජාතියකි. මහණෙනි, සෝභිත තෙමේ සැබවක් කීය. මහණෙනි, සෝභිතහට ඇවැත් නො වේ. (60)
සිවුවන පරිජිය නිමි.
ආයුෂ්මත්නි, සිවුපරිජිඇවැත් උදෙසන ලදී. මහණ තෙමේ යම් ඒ ඇවැත් අතුරෙන් එක්තරා එක්තරා ඇවැතකට පැමිණ පියවි භික්‍ෂූන් සමග සහවාසය නො ලබා ද, පෙර ගිහිකල යම්සේ ද පසුවත් එසේ ම පැරදුනේ සංවාස රහිතයෙක් වෙයි. එහි ලා ආයුෂ්මතුන් විචාරමි: කිම පිරිසිදු වහු ද? දෙවනුවත් විචාරමි: කිම පිරිසිදු වහු ද? තෙවනුවත් විචාරමි: කිම පිරිසිදු වහු ද? ආයුෂ්මත්හු පිරිසිදු වහු ය. එහෙයින් නිහඬ ය. මේ පිරිසිදු බව මෙසේ දරමි.
සිවුපරිජි නිමි.
එහි උද්දානය මෙසේයි:
මෙථුනය, අදින්නාදානය, මනුස්සවිග්ගහය, උත්තරිමනුස්සධම්මය යන පරිජි සතරකි. ඔවුහු නිසැකයෙන් ඡේද්‍යවස්තූහු ය.
පාරාජිකකාණ්ඩය නිමි.
සඞ්ඝාදිසේසකාණ්ඩය