Pārājika

Defeats

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-22 · 2612 segments

පෙන්වන කොටස් 701-800 න් 2612

සුඤ්ඤාගාරෙ අභිරති යනු ප්‍රථමධ්‍යානයෙන් ශුන්‍යාගාරයෙහි ඇලීම ය. ද්වීතීයධ්‍යානයෙන් ශුන්‍යාගාරයෙහි ඇලීම ය, තෘතීයධ්‍යානයෙන් ශුන්‍යාගාරයෙහි ඇලීම ය, චතුර්‍ත්‍ථධ්‍යානයෙන් ශුන්‍යාගාරයෙහි ඇලීම යි.
1. තුන් අයුරකින් ප්‍රථමධ්‍යානයට සමවන්මි යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ: කැල ම ඔහුට බොරු කියන්නෙමි යන සිත වෙයි. මුසවා කියන්නහුට මුසවා බෙණෙමි යි සිත වෙයි. බිණු කල්හි ඔහුට මා විසින් මුසවා කියන ලදැ යි සිත වෙයි.
2. සිවු අයුරකින් ප්‍රථමධ්‍යානයට සමවන්මි යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ: කැල ම ඔහුට මුසවා කියන්නෙමි යි සිත වෙයි. කියන්නහුට මුසවා කියමි යි සිත වෙයි. බිණූ කල්හි ඔහුට මා විසින් මුසවා කියන ලදැ යි සිත වෙයි. දෘෂ්ටිය සඟවා තබා යී.
3. පස් අයුරකින් ප්‍රථම ධ්‍යානයට සමවන්මි යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ: කැල ම ඔහුට මුසවා කියන්නෙමි යි සිත වෙයි. කියන්නහුට මුසවා කියමි යි සිත වෙයි. කී කල්හි ඔහුට මා විසින් මුසවා කියන ලදැ යි සිත වෙයි. දෘෂ්ටිය, ක්‍ෂාන්තිය සඟවා තබා යී.
4. සායුරකින් ප්‍රථමධ්‍යානයට සමවන්මි යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. කැලම ඔහුට මුසවා කියන්නෙමි යි සිත වෙයි. කියන්නහුට මුසවා කියමි යි සිත වෙයි. කී කල්හි ඔහුට මා විසින් මුසවා කියන ලදැ යි සිත වෙයි. දෘෂ්ටිය, ක්‍ෂාන්තිය, රුචිය සඟවා තබා යී.
5. සත් අයුරකින් ප්‍රථම ධ්‍යානයට සමවැදිමි යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ: පෙර ම ඔහුට “බොරු කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “මුසවා කියමි” යි සිත වෙයි. බිණුවහුට “මා විසින් මුසවා කියන ලදැ” යි සිත වෙයි. දෘෂ්ටිය සඟවාගෙණය, ක්‍ෂාන්තිය සඟවාගෙණය, රුචිය සඟවාගෙණය, භාවය (අධ්‍යාශය) සඟවාගෙණ යි.
6. තුන් අයුරකින් ප්‍රථමධ්‍යානයට සමවදිමි යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ: පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “මුසවා බෙණෙමි” යි සිත වෙයි. බිණුවහුට “මා විසින් මුසවා කියන ලදැ” යි සිත වෙයි.
7. සිවු අයුරකින් ප්‍රථම ධ්‍යානයට සමවදිමි යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ: පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “මුසවා කියමි”යි සිත වෙයි. බිණුවහුට “මා විසින් මුසවා කියන ලදැ” යි සිත වෙයි. දෘෂ්ටිය සඟවාගෙණ යි.
8. පස් අයුරකින් ප්‍රථමධ්‍යානයට සමවදිමි යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ: පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “මුසවා කියමි” යි සිත වෙයි. බිණූවහුට “මවිසින් මුසවා කියන ලදැ” යි සිත වෙයි. දෘෂ්ටිය සඟවාගෙණය, ක්‍ෂාන්තිය සඟවාගෙණ යි.
9. සායුරකින් ප්‍රථම ධ්‍යානයට සමවදිමි යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ: පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “මුසවා කියමි” යි සිත වෙයි. බිණූවහුට “මවිසින් මුසවා කියන දලැ” යි සිත වෙයි. දෘෂ්ටිය සඟවාගෙණය, ක්‍ෂාන්තිය සඟවාගෙණය, රුචිය සඟවාගෙණ යි.
10. සත් අයුරකින් ප්‍රථමධ්‍යානයට සමවදිමි යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ: පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “මුසවා බෙණෙමි” යි සිත වෙයි. බිණූවහුට “මවිසින් මුසවා කියන ලදැ” යි සිත වෙයි. දෘෂ්ටිය සඟවාගෙණය, ක්‍ෂාන්තිය සඟවාගෙණය, රුචිය සඟවාගෙණය, භාවය සඟවාගෙණ යි.
11. තුන් අයුරකින් ප්‍රථමධ්‍යානයට සමවනැයි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ: පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “මුසවා බෙණෙමි” යි සිත වෙයි. බිණූවහුට මවිසින් මුසවා කියන ලදැයි සිත වෙයි.
12. සිවු අයුරකින් ප්‍රථම ධ්‍යානයට සමවනැයි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ: පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “මුසවා බෙණෙමි” යි සිත වෙයි. බිණූවහුට මවිසින් “මුසවා කියන ලදැ” යි සිත වෙයි. දෘෂ්ටිය සඟවාගෙණ යි.
13. පස් අයුරකින් ප්‍රථමධ්‍යානයට සමවනැයි දැන දැන මුසවා කියන්හුට පරිජිඇවැත් වේ: පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “මුසවා කියමි” යි සිත වෙයි. බිණූවහුට “මවිසින් මුසවා කියන ලදැ” යි සිත වෙයි. දෘෂ්ටිය සඟවාගෙණ ය, ක්‍ෂාන්තිය සඟවාගෙණ යි.
14. සායුරකින් ප්‍රථමධ්‍යානයට සමවනැයි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “මුසවා කියමි” යි සිත වෙයි. බිණූවහුට “මවිසින් මුසවා කියන ලදැ” යි සිත වෙයි. දෘෂ්ටිය සඟවාගෙණය, ක්‍ෂාන්තිය සඟවාගෙණ ය, රුචිය සඟවාගෙණ යි.
15. සත් අයුරකින් ප්‍රථමධ්‍යානයට සමවනැයි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “මුසවා කියමි” යි සිත වෙයි. බිණූවහුට “මවිසින් මුසවා කියන ලදැ” යි සිත වෙයි. දෘෂ්ටිය සඟවාගෙණ ය, ක්‍ෂාන්තිය සඟවාගෙණ ය, රුචිය සඟවාගෙණය. භාවය සඟවාගෙණ යි.
16. තුන් අයුරකින් ප්‍රථමධ්‍යානය ලබන සුලුවෙමි යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “මුසවා කියමි” යි සිත වෙයි. බිණූවහුට මවිසින් “මුසවා කියන ලදැ” යි සිත වෙයි.
17. සිවු අයුරකින් ප්‍රථමධ්‍යානය ලබන සුලු වෙමි යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “මුසවා කියමි” යි සිත වෙයි. බිණූවහුට මවිසින් “මුසවා කියන ලදැ” යි සිත වෙයි. දෘෂ්ටිය සඟවාගෙණ යි.
18. පස් අයුරකින් ප්‍රථමධ්‍යානය ලබන සුලු වෙමි යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “මුසවා කියමි” යි සිත වෙයි. බිණූවහුට මවිසින් “මුසවා කියන ලදැ” යි සිත වෙයි. දෘෂ්ටිය සඟවාගෙණය, ක්‍ෂාන්තිය සඟවාගෙණ යි.
19. සය අයුරකින් ප්‍රථමධ්‍යානය ලබන සුලු වෙමි යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “මුසවා කියමි” යි සිත වෙයි. බිණූවහුට මවිසින් “මුසවා කියන ලදැ” යි සිත වෙයි. දෘෂ්ටිය සඟවාගෙණය, ක්‍ෂාන්තිය සඟවාගෙණය, රුචිය සඟවාගෙණ යි.
20. සත් අයුරකින් ප්‍රථමධ්‍යානය ලබන සුලු වෙමි යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “මුසවා කියමි” යි සිත වෙයි. බිණූවහුට මවිසින් “මුසවා කියන ලදැ” යි සිත වෙයි. දෘෂ්ටිය සඟවාගෙණය, ක්‍ෂාන්තිය සඟවාගෙණය, රුචිය සඟවාගෙණය, භාවය සඟවාගෙණ යි.
21. තුන් අයුරකින් ප්‍රථමධ්‍යානය පිළිබඳ වසියෙක්මි යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “මුසවා කියමි” යි සිත වෙයි. බිණූවහුට මවිසින් “මුසවා කියන ලදැයි” සිත වෙයි.
22. සිවු අයුරකින් ප්‍රථමධ්‍යානය පිළිබඳ වසියෙක්මි යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “මුසවා කියමි” යි සිත වෙයි. බිණූවහුට මවිසින් “මුසවා කියන ලදැ” යි සිත වෙයි. දෘෂ්ටිය සඟවාගෙණ යි.
23. පස් අයුරකින් ප්‍රථමධ්‍යානය පිළිබඳ වසියෙක්මි යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “මුසවා කියමි” යි සිත වෙයි. බිණූවහුට මවිසින් “මුසවා කියන ලදැ”යි සිත වෙයි. දෘෂ්ටිය සඟවාගෙණය, ක්‍ෂාන්තිය සඟවාගෙණ යි.
24. සය අයුරකින් ප්‍රථමධ්‍යානය පිළිබඳ වසියෙක්මි යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “මුසවා කියමි” යි සිත වෙයි. බිණූවහුට මවිසින් “මුසවා කියන ලදැ” යි සිත වෙයි. දෘෂ්ටිය සඟවාගෙණය. ක්‍ෂාන්තිය සඟවාගෙණය රුචිය සඟවාගෙණ යි.
25. සත් අයුරකින් ප්‍රථමධ්‍යානය පිළිබඳ වසියෙක්මි යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “මුසවා කියමි” යි සිත වෙයි. බිණූවහුට මවිසින් “මුසවා කියන ලදැ” යි සිත වෙයි. දෘෂ්ටිය සඟවාගෙණය, ක්‍ෂාන්තිය සඟවාගෙණය, රුචිය සඟවාගෙණය, භාවය සඟවාගෙණ යි.
26. තුන් අයුරකින් “මවිසින් ප්‍රථමධ්‍යානය පසක් කරණ ලදැ” යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “මුසවා කියමි” යි සිත වෙයි. බිණූවහුට මවිසින් “මුසවා කියන ලදැ” යි සිත වෙයි.
27. සිවු අයුරකින් “මවිසින් ප්‍රථමධ්‍යානය පසක් කරණ ලදැ” යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “මුසවා කියමි” යි සිත වෙයි. බිණූවහුට මවිසින් “මුසවා කියන ලදැ” යි සිත වෙයි. දෘෂ්ටිය සඟවාගෙණ යි.
28. පස් අයුරකින් “ම විසින් ප්‍රථමධ්‍යානය පසක් කරණ ලදැ” යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “මුසවා කියමි” යි සිත වෙයි. බිණූවහුට මවිසින් “මුසවා කියන ලදැ” යි සිත වෙයි. දෘෂ්ටිය සඟවාගෙණය, ක්‍ෂාන්තිය සඟවාගෙණ යි.
29. සය අයුරකින් “ම විසින් ප්‍රථමධ්‍යානය පසක් කරණ ලදැ” යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “මුසවා කියමි” යි සිත වෙයි. බිණූවහුට මවිසින් “මුසවා කියන ලදැ” යි සිත වෙයි. දෘෂ්ටිය සඟවාගෙණය. ක්‍ෂාන්තිය සඟවාගෙණය. රුචිය සඟවාගෙණ යි.
30. සත් අයුරකින් “මවිසින් ප්‍රථමධ්‍යානය පසක් කරණ ලදැ යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “මුසවා කියමි” යි සිත වෙයි. බිණූවහුට මවිසින් “මුසවා කියන ලදැ” යි සිත වෙයි. දෘෂ්ටිය සඟවාගෙණය, ක්‍ෂාන්තිය සඟවාගෙණය, රුචිය සඟවාගෙණය, භාවය සඟවාගෙණ යි.
(මේ පළමුවන දැහැන යම්සේ විස්තර කරණ ලද ද, එසේ ම සියල්ල විස්තර කටයුතු යි.)
31. තුන් අයුරකින් දෙවන දැහැනට ... තෙවන දැහැනට ... සිවුවන දැහැනට සමවැදිමි. ... සමවදිමි. ... සමවැදුනෙමි. ... සිවුවන දැහැන ලබන සුලු වෙමි. ... වශියෙමි. ... මවිසින් සිවුවන දැහැන පසක් කරණ ලදැයි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “මුසවා කියමි” යි සිත වෙයි. බිණූවහුට “මුසවා කියන ලදැ” යි සිත වෙයි. ... දෘෂ්ටිය සඟවාගෙණය, ක්‍ෂාන්තිය සඟවාගෙණය. රුචිය සඟවාගෙණය, භාවය සඟවාගෙණ යි.
32. තුන් අයුරකින් ශුන්‍යතවිමෝක්‍ෂයට ... අනිමිත්තවිමෝක්‍ෂයට ... අප්‍රණිහිතවිමොක්‍ෂයට සම වැදිමි. ... සමවදිමි. ... සමවැදුනෙමි. ... අප්‍රණිහිතවිමෝක්‍ෂය ලබනසුලු වෙමි. ... වශියෙමි. ... මවිසින් අප්‍රණිහිතවිමෝක්‍ෂය පසක් කරණ ලදැයි, දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
33. තුන් අයුරකින් ශුන්‍යතසමාධියට ... අනිමිත්තසමාධියට ... අප්‍රණිහිතසමාධියට ... සමවැදිමි. ... සමවදිමි, සමවැදුනෙමි, ... අප්‍රණිහිතසමාධිය ලබනසුලු වෙමි. ... වශියෙමි. ... මවිසින් අප්‍රණිහිතසමාධිය පසක් කරණ ලදැ’යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
34. තුන් අයුරකින් ශුන්‍යතසමාපත්තියට ... අනිමිත්තසමාපත්තියට ... අප්‍රණිහිතසමාපත්තියට ... සමවැදිමි. ... සමවදිමි. ... සමවැදුනෙමි. ... අප්‍රණිහිත සමාපත්තිය ලබන සුලු වෙමි. ... වශීයෙමි. ... අප්‍රණිහිතසමාපත්තිය මවිසින් පසක් කරණ ලදැයි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
35. තුන් අයුරකින් ත්‍රිවිද්‍යාවට සමවැදිමි. ... සමවදිමි. ... සමවැදුනෙමි. ... ත්‍රිවිද්‍යාව ලබන සුලු වෙමි. ... වශියෙමි. ... ත්‍රිවිද්‍යාව මවිසින් පසක් කරණ ලදැයි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
36. තුන් අයුරකින් සිවු සීවටන් ... සිවු පධන්වෙර ... සිවු ඉදුපා සමවැදිමි. ... සමවදිමි. ... සමවැදුනෙමි. ... සිවු ඉදුපා ලබනසුලු වෙමි. ... වශියෙමි. ... සිවු ඉදුපා මවිසින් පසක් කරණ ලදැ යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
37. තුන් අයුරකින් (සැදැහැ ආදී) පස් ඉඳුරනට ... පස් බලයනට ... සමවැදිමි. ... සමවදිමි. ... සමවැදුනෙමි. ... පස් බල ලබනසුලු වෙමි. ... වශියෙමි. ... පස් බල මවිසින් පසක් කරණ ලදැයි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
38. තුන් අයුරකින් සත් බොජඟ සමවැදිමි. ... සමවදිමි. ... සමවැදුනෙමි. ... සත් බොජඟ ලබනසුලු වෙමි. ... වශියෙමි. ... සත් බොජඟ මවිසින් පසක් කරණ ලදැ යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
39. තුන් අයුරකින් අරීඅටඟිමඟ සමවැදිමි. ... සමවදිමි. ... සමවැදුනෙමි. ... අරිඅටඟි මඟ ලබනසුලු වෙමි. ... වශීයෙමි. ... අරිඅටඟිමඟ මවිසින් පසක් කරණ ලදැ යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
40. තුන් අයුරකින් සෝවාන්පල ... සෙදගැමිපල ... අනගැමිපල ... රහත්බව සමවැදිමි. ... සමවදිමි. ... සමවැදුනෙමි. ... රහත් බව ලබනසුලු වෙමි. ... වශීයෙමි. ... රහත්බව් මවිසින් පසක් කරණ ලදැ යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
41. තුන් අයුරකින් මවිසින් රාගය හළ, විහට, මිදින, පැහින, නෙරින උපුටා හරිණ ලද, මැනවින් උපුටා හරිණ ලදැ යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
42. තුන් අයුරකින් ද්වේෂය මවිසින් හළ, විහට, මිදින, පැහින, නෙරින, උපුටා හරිණ ලද, මැනවින් උපුටා හරිණ ලදැයි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
43. තුන් අයුරකින් මවිසින් මෝහය හළ, විහට, මිදින, පැහින, නෙරින, උපුටා හරිණ ලද, මැනවින් උපුටා හරිණ ලදැයි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
44. තුන් අයුරකින් රාගයෙන් මා සිත නො ඇවිරිනැයි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
45. තුන් අයුරකින් ද්වේෂයෙන් මා සිත නොඇවිරිනැයි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
46. තුන් අයුරකින් මෝහයෙන් මා සිත නො ඇවිරිනැයි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ: පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “මුසවා කියමි” සිත වෙයි. බිණුවහුට “මවිසින් මුසවා කියන ලදැ” යි සිත වෙයි.
47. සිවු අයුරකින් ... පස් අයුරකින් ... සායුරකින් ... සත් අයුරකින් මෝහයෙන් මා සිත නො වැසිනැයි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ: පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “මුසවා කියමි” සිත වෙයි. බිණුවහුට මවිසින් “මුසවා කියන ලදැ” යි සිත වෙයි. දෘෂ්ටිය සඟවාගෙණය, ක්‍ෂාන්තිය සඟවාගෙණය, රුචිය සඟවාගෙණය, භාවය සඟවාගෙණ යි.
සුද්ධිකවාරය නිමි.
1. තුන් අයුරකින් පළමුවන දැහැනට ද දෙවන දැහැනට ද සමවැදිමි ... සමවදිමි ... සමවැදුනෙමි ... පළමුවන දැහැන ද දෙවන දැහැන ද ලබනසුලු වෙමි ... වශීවෙමි .... මවිසින් පළමු දැහැන ද දෙවන දැහැන ද පසක් කරණ ලදැ යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
2. තුන් අයුරකින් පළමුවන දැහැනට ද තෙවන දැහැනට ද සමවැදිමි. ... සමවදිමි. ... සමවැදුනෙමි ... පළමුවන දැහැන ද තෙවන දැහැන ද ලබනසුලු වෙමි ... වශීවෙමි .... මා විසින් පළමුවන දැහැන ද තෙවන දැහැන ද පසක් කරණ ලදැ යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
3. තුන් අයුරකින් පළමුවන දැහැනට ද සිවුවන දැහැනට ද සමවන්මි ... සමවදිමි ... සමවැදුනෙමි ... පළමුවන දැහැන ද සිවුවන දැහැන ද ලබනසුලු වෙමි ... වශී වෙමි .... මවිසින් පළමුවන දැහැන ද සිවුවන දැහැන ද පසක් කරණ ලදැ යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
4. තුන් අයුරකින් පළමුවන දැහැනට ද සුඤ්ඤතවිමොක්ඛයට ද පළමුවන දැහැනට ද අනිමිත්තවිමොක්ඛයට ද පළමුවන දැහැනට ද අප්පණිහිතවිමොක්ඛයට ද සමවැදිමි, සමවදිමි, සමවැදුනෙමි, පළමුවන දැහැන ද අප්පණිහිතවිමොක්ඛය ද ලබනසුලු වෙමි, වශීවෙමි, මවිසින් පළමුවන දැහැන ද අප්පණිහිත විමොක්ඛය ද පසක් කරණ ලදැ යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
5. තුන් අයුරකින් පළමුවන දැහැනට ද සුඤ්ඤතසමාධියට ද, පළමුවන දැහැනට ද අනිමිත්තසමාධියට ද පළමුවන දැහැනට ද අප්පණිහිතසමාධියට ද, සමවැදිමි, සමවදිමි, සමවැදුනෙමි, පළමුවන දැහැන ද අප්පණිහිතසමාධිය ද ලබනසුලු වෙමි. වශීවෙමි. මවිසින් පළමුවන දැහැන ද අප්පණිහිතසමාධිය ද පසක් කරණ ලදැ යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
6. තුන් අයුරකින් පළමුවන දැහැනට ද සුඤ්ඤතසමාපත්තියට ද, පළමුවන දැහැනට ද අනිමිත්තසමාපත්තියට ද පළමුවන දැහැනට ද අප්පණිහිතසමාපත්තියට ද සමවන්මි, සමවදිමි, සමවැදුනෙමි, පළමුවන දැහැන ද අප්පණිහිතසමාපත්තිය ද ලබනසුලු වෙමි, වශීවෙමි, මවිසින් පළමුවන දැහැනද අප්පණිහිතසමාපත්තිය ද පසක් කරණ ලදැ යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
7. තුන් අයුරකින් පළමුවන දැහැනට ද ත්‍රිවිද්‍යාවන්ට ද සමවැදිමි, සමවදිමි, සමවැදුනෙමි, පළමුවන දැහැන ද ත්‍රිවිද්‍යාවන් ද ලබනසුලු වෙමි, වශීවෙමි, මවිසින් පළමු දැහැන ද ත්‍රිවිද්‍යා ද පසක් කරණ ලදැ යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
8. තුන් අයුරකින් පළමුවන දැහැනට ද සතර සතිපට්ඨානයන්ට ද, පළමුවන දැහැනට ද සතර සම්‍යක්පධන්වීර්‍ය්‍යයන්ට ද, පළමුවන දැහැනට ද, සතර ඍද්ධිපාදයන්ට ද සමවැදිමි, සමවදිමි, සමවැදුනෙමි, පළමුවන දැහැන ද සතර ඍද්ධිපාදයන් ද ලබනසුලු වෙමි, වශීවෙමි, මවිසින් පළමුවන දැහැන ද සතර ඍද්ධිපාද ද පසක් කරණ ලදැ යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
9. තුන් අයුරකින් පළමුවන දැහැනට ද සද්ධාදි පසිඳුරන්ට ද, පළමුවන දැහැනට ද පඤ්ච බලයන්ට ද සමවැදිමි, සමවදිමි, සමවැදුනෙමි, පළමුවන දැහැන ද පස්බල ද ලබනසුලු වෙමි, වශීවෙමි, මවිසින් පළමුවන දැහැන ද පස්බල ද පසක් කරණ ලදැ යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
10. තුන් අයුරකින් පළමුවන දැහැනට ද සත්තබොජ්ඣඞ්ගයන්ට ද සමවැදිමි, සමවදිමි, සමවැදුනෙමි, පළමුවන දැහැන ද සත්ත බොජ්ඣඞ්ග ද ලබනසුලු වෙමි, වශීවෙමි, මවිසින් පළමුවන දැහැන ද සත්ත බොජ්ඣඞ්ග ද පසක් කරණ ලදැයි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
11. තුන් අයුරකින් පළමුවන දැහැනට ද අරීඅටඟිමගට ද සමවැදිමි, සමවදිමි, සමවැදුනෙමි, පළමුවන දැහැන ද අරීඅටඟිමග ද ලබනසුලු වෙමි, වශීවෙමි, මවිසින් පළමුවන දැහැන ද අරීඅටඟිමග ද පසක් කරණ ලදැයි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
12. තුන් අයුරකින් පළමුවන දැහැනට ද සෝවාන් ඵලයට ද, පළමුවන දැහැනට ද සකදාගාමි ඵලයට ද, පළමුවන දැහැනට ද අනාගාමි ඵලයට ද, පළමුවන දැහැනට ද රහත්බවට ද සමවැදිමි, සමවදිමි, සමවැදුනෙමි, පළමුවන දැහැන ද රහත්බව ද ලබනසුලු වෙමි, වශීවෙමි, මවිසින් පළමුවන දැහැන ද රහත්බව ද පසක් කරණ ලදැ යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
13. තුන් අයුරකින් පළමුවන දැහැනට ද සමවැදිමි, සමවදිමි, සමවැදුනෙමි, පළමුවන දැහැන ද ලබනසුලු වෙමි, වශීවෙමි, මවිසින් පළමුවන දැහැන ද පසක් කරණ ලදී, මවිසින් රාගය ද හළ, මවිසින් ද්වේෂය ද හළ, මවිසින් මෝහය ද, විහිට, මිදින, පැහින, නෙරින, උපුටා හරිණ ලද, හැම අයුරින් උපුටා හරිණ ලදැයි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
14. තුන් අයුරකින් ... සත් අයුරකින් පළමුවන දැහැනට ද සමවැදිමි, සමවදිමි, සමවැදුනෙමි, පළමුවන දැහැන ද ලබනසුලු වෙමි, වශීවෙමි, මවිසින් පළමුවන දැහැන ද පසක් කරණ ලදී, මා සිත රාගයෙන් ද නිරාවරණය, මා සිත ද්වේෂයෙන් ද, නිරාවරණය, මා සිත මෝහයෙන් ද, නිරාවරණයයි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ: පෙර ම ඔහුට “බොරු කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “බොරු කියමි” යි සිත වෙයි. බිණූවහුට “මවිසින් බොරු කියන ලදැ” යි සිත වෙයි. දෘෂ්ටිය සඟවාගෙණය, ක්‍ෂාන්තිය සඟවාගෙණය, රුචිය සඟවාගෙණය, භාවය සඟවාගෙණයි.
ඛණ්ඩචක්‍රය නිමි.
1. තුන් අයුරකින් දෙවන දැහැනට ද තෙවන දැහැනට ද සමවැදිමි, සමවදිමි, සමවැදුනෙමි, දෙවන දැහැන ද තෙවන දැහැන ද ලබන සුලුවෙමි, වශීවෙමි, මවිසින් දෙවන දැහැන ද තෙවන දැහැන ද පසක් කරණ ලදැයි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
2. තුන් අයුරකින් දෙවන දැහැනට ද සිවු වන දැහැනට ද සමවැදිමි, සමවදිමි, සමවැදුනෙමි, දෙවන දැහැන ද සිවු වන දැහැන ද ලබනසුලු වෙමි, වශී වෙමි, මවිසින් දෙවන දැහැන ද සිවුවන දැහැන ද පසක් කරණ ලදැ යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
3. තුන් අයුරකින් දෙවන දැහැනට ද සුඤ්ඤතවිමොක්ඛයට ද, අනිමිත්ත විමොක්ඛයට ද, අප්පණිහිතවිමොක්ඛයට ද, සුඤ්ඤතසමාධියට ද, අනිමිත්තසමාධියට ද, අප්පණිහිතසමාධියට ද, සුඤ්ඤතසමාපත්තියට ද, අනිමිත්තසමාපත්තියට ද, අප්පණිහිතසමාපත්තියට ද, ත්‍රිවිද්‍යාවන්ට ද, සතර සතිපට්ඨානයන්ට ද, සතර සම්‍යක්ප්‍රධන්වීර්‍ය්‍යයන්ට ද, සතර ඍද්ධිපාදයන්ට ද, පඤ්චේන්‍ද්‍රියන්ට ද, පඤ්චබලයන්ට ද, සත්ත බොජ්ඣඞ්ගයන්ට ද, ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගයට ද, සෝවාන් ඵලයට ද, සකදාගාමී ඵලයට ද, අනාගාමි ඵලයට ද, අරහත් ඵලයට ද, සමවැදිමි, සමවදිමි, සමවැදුනෙමි, දෙවන දැහැන ද අරහත් ඵලය ද ලබනසුලු වෙමි, වශී වෙමි, මවිසින් දෙවන දැහැන ද අරහත් ඵලය ද පසක් කරණ ලදැ යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
4. තුන් අයුරකින් දෙවන දැහැනට ද සමවැදිමි, සමවදිමි, සමවැදුනෙමි, දෙවන දැහැන ද ලබනසුලු වෙමි, වශී වෙමි, මවිසින් දෙවන දැහැන ද පසක් කරණ ලදී, මවිසින් රාගයද හරණ ලදී, මවිසින් ද්වේෂය ද හරණ ලදී, මවිසින් මෝහය ද හරණ ලදී. විහිට, මිදින, පැහින, නෙරින, උපුටා හරිණ ලදී, මැනවින් උපුටා හරිණ ලදී. මා සිත රාගයෙන් ද නිරාවරණය, මා සිත ද්වේෂයෙන් ද නිරාවරණය, මා සිත මෝහයෙන් ද නිරාවරණයැ යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
5. තුන් අයුරකින් ... සත් අයුරකින් දෙවන දැහැනට ද පළමුවන දැහැනට ද සමවැදිමි, සමවදිමි, සමවැදුනෙමි, දෙවන දැහැන ද පළමුවන දැහැන ද ලබනසුලු වෙමි, වශී වෙමි, මවිසින් දෙවන දැහැන ද පළමු වන දැහැන ද පසක් කරණ ලදැ යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ, ...
බද්ධචක්ක වාරයයි.
මෙසේ එක එක මුල් කොට බද්ධචක්‍රය පරිවර්‍තනය කටයුතු යි.
1. තුන් අයුරකින් තෙවන දැහැනට සිවුවන දැහැනට ද ... තුන්වන දැහැනට ද රහත් ඵලයට ද සමවැදිමි, සමවදිමි, සමවැදුනෙමි, තුන්වන දැහැන ද රහත් ඵලය ද ලබනසුලු වෙමි, වශී වෙමි, මවිසින් තුන්වන දැහැන ද රහත් ඵලය ද පසක් කරණ ලදැ යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
2. තුන් අයුරකින් තෙවන දැහැනට ද සමවැදිමි, සමවදිමි, සමවැදුනෙමි, තෙවන දැහැන ද ලබනසුලු වෙමි, වශී වෙමි, මවිසින් තෙවන දැහැන ද පසක් කරණ ලදී, මවිසින් රාගය හරණ ලදී, මවිසින් ද්වේෂය ද හරණ ලදී, මවිසින් මෝහය ද හරණ ලදී, විහිට, මිදින, පැහින, නෙරින, උපුටා හරිණ ලදී, මැනවින් උපුටා හරිණ ලදී, මා සිත රාගයෙන් ද නිරාවරණය, මා සිත ද්වේෂයෙන් ද නිරාවරණය, මා සිත මෝහයෙන් ද නිරාවරණය යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
3. තුන් අයුරකින් තෙවන දැහැනට ද, පළමුවන දැහැනට ද, තෙවන දැහැනට ද, දෙවන දැහැනට ද, සමවැදිමි, සමවදිමි, සමවැදුනෙමි, තෙවන දැහැන ද දෙවන දැහැන ද ලබනසුලු වෙමි, වශී වෙමි. මා විසින් තෙවන දැහැන ද දෙවන දැහැන ද පසක් කරණ ලදැ යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
4. තුන් අයුරකින් මා සිත මෝහයෙන් ද නිරාවරණය, පළමුවන දැහැනට ද ... දෙවන දැහැනට ද, තෙවන දැහැනට ද, සමවැදිමි, සමවදිමි, සමවැදුනෙමි, මා සිත මෝහයෙන් ද නිරාවරණය, සිවුවන දැහැන ද ලබනසුලු වෙමි, වශීවෙමි. මා සිත මෝහයෙන් ද නිරාවරණය, මවිසින් සිවුවන දැහැන ද පසක් කරණ ලදැයි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
5. තුන් අයුරකින් මා සිත මෝහයෙන් ද නිරාවරණ ය, සුඤ්ඤතවිමොක්ඛයට ද, අනිමිත්තවිමොක්ඛයට ද අප්පණිහිතවිමොක්ඛයට ද, සමවැදිමි, සමවදිමි, සමවැදුනෙමි, මා සිත මෝහයෙන් ද නිරාවරණය, අප්පණිහිතවිමොක්ඛය ද ලබනසුලුමි, වසියෙක්මි, මා සිත මෝහයෙන් ද නිරාවරණය, මවිසින් අප්පණිහිතවිමොක්ඛය ද පසක් කරණ ලදැ යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
6. තුන් අයුරකින් මා සිත මෝහයෙන් ද නිරාවරණය, සුඤ්ඤතසමාධියට ද, අනිමිත්තසමාධියට ද, අප්පණිහිතසමාධියට ද, සමවැදිමි, සමවදිමි, සමවැදුනෙමි, මා සිත මෝහයෙන් ද නිරාවරණය, අප්පණිහිතසමාධිය ද ලබනසුලු වෙමි, වශී වෙමි, මා සිත මෝහයෙන් ද නිරාවරණය, මවිසින් අප්පණිහිතසමාධිය ද පසක් කරණ ලදැ යි දැන දැන මුසවා කියන්නහු ට පරිජිඇවැත් වේ. ...
7. තුන් අයුරකින් මා සිත මෝහයෙන් ද නිරාවරණය. සුඤ්ඤත සමාපත්තියට ද, අනිමිත්තසමාපත්තියට ද, අප්පණිහිතසමාපත්තියට ද, සමවැදිමි, සමවදිමි, සමවැදුනෙමි, මා සිත මෝහයෙන් ද නිරාවාරණය, අප්පණිහිතසමාපත්තිය ද ලබනසුලු වෙමි, වශී වෙමි, මා සිත මෝහයෙන් ද නිරාවරණය. මා විසින් අප්පණිහිතසමාපත්තිය ද පසක් කරණ ලදැ යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
8. තුන් අයුරකින් මා සිත නිරාවරණය, මෝහයෙන් ද නිරාවරණය, ත්‍රිවිද්‍යාවන්ට ද සමවැදිමි, සමවදිමි, සමවැදුනෙමි, මා සිත මෝහයෙන් ද නිරාවරණය, ත්‍රිවිද්‍යාවන් ද ලබනසුලු වෙමි, වසියෙක්මි, මා සිත මෝහයෙන් ද නිරාවරණය, මා විසින් ත්‍රිවිද්‍යා ද පසක් කරණ ලදැයි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ.
9. තුන් අයුරකින් මා සිත මෝහයෙන් ද නිරාවරණය, සතර සතිපට්ඨානයන්ට ද සතර සම්‍යක්පධන්වීර්‍ය්‍යයන්ට ද සතර ඍද්ධිපාදයන්ට ද සමවැදිමි, සමවදිමි, සමවැදුනෙමි, මා සිත මෝහයෙන් ද නිරාවරණ ය, සතර ඍද්ධිපාදයන් ද ලබන සුලු වෙමි, වශී වෙමි, මා සිත මෝහයෙන් ද නිරාවරණය, මවිසින් සතර ඍද්ධිපාද ද පසක් කරණ ලදැ යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
10. තුන් අයුරකින් මා සිත මෝහයෙන් ද නිරාවරණය, සද්ධාදීපඤ්චේන්‍ද්‍රියයන්ට ද පඤ්චබලයන්ට ද සමවැදිමි, සමවදිමි, සමවැදුනෙමි, මා සිත මෝහයෙන් ද නිරාවරණය, පඤ්චබලයන් ද ලබනසුලු වෙමි, වශී වෙමි, මා සිත මෝහයෙන් ද නිරාවරණය, මා විසින් පඤ්චබල ද පසක් කරණ ලදැ යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
11. තුන් අයුරකින් මා සිත මෝහයෙන් ද නිරාවරණ ය, සත්තබොජ්ඣඞ්ගයන්ට ද සමවැදිමි, සමවදිමි, සමවැදුනෙමි, මා සිත මෝහයෙන් ද නිරාවරණය, සත්තබොජ්ඣඞ්ගයන් ද ලබනසුලු වෙමි, වසියෙක්මි, මා සිත මෝහයෙන් ද නිරාවරණය, මවිසින් සත්තබොජ්ඣඞ්ග ද පසක් කරණ ලදැ යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
12. තුන් අයුරකින් මා සිත මෝහයෙන් ද නිරාවරණ ය, අරිඅටගිමඟට ද සමවැදිමි– සමවදිමි– සමවැදුනෙමි– මා සිත මෝහයෙන් ද නිරාවරණය, අරිඅටගිමඟ ද ලබනසුලු වෙමි– වශී වෙමි– මා සිත මෝහයෙන් ද නිරාවරණය මවිසින් අරිඅටගි මඟ ද පසක් කරණ ලදැ යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
13. තුන් අයුරකින් මා සිත මෝහයෙන් ද නිරාවරණය, සෝවාන්ඵලයට ද සකදාගාමිඵලයට ද අනාගාමිඵලයටද රහත්ඵලයට ද සමවැදිමි– සමවදිමි– සමවැදුනෙමි– මා සිත මෝහයෙන් ද නිරාවරණය, රහත්ඵලය ලබනසුලු වෙමි– වශී වෙමි– මා සිත මෝහයෙන් ද නිරාවරණය, මවිසින් රහත් ඵලය ද පසක් කරණ ලදැ යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
14. තුන් අයුරකින් මා සිත මෝහයෙන් ද නිරාවරණය, ප්‍රථමධ්‍යානයට ද සමවැදිමි– සමවදිමි– සමවැදුනෙමි– මා සිත මෝහයෙන් ද නිරාවරණය, ප්‍රථමධ්‍යානය ලබනසුලු ද වෙමි– වශී වෙමි– මෝහයෙනුදු මා සිත නිරාවරණය, ම විසින් ප්‍රථමධ්‍යානය ද පසක් කරණ ලදැයි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. ...
15. තුන් අයුරකින් ... සත් අයුරකින් මා සිත මෝහයෙන් ද නිරාවරණය, ද්විතීයධ්‍යානයට ද ... තෘතීයධ්‍යානයට ද ... චතුර්‍ත්‍ථධ්‍යානයට ද ... සුඤ්ඤතවිමොක්ඛයට ද ... ද්වේෂයෙන් ද නිරාවරණය යි දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “මුසවා කියමි” යි සිත වෙයි. බිණූවහුට මවිසින් මුසවා කියන ලදැයි සිත වෙයි. දෘෂ්ටිය සඟවාගෙණය, ක්‍ෂාන්තිය සඟවාගෙණය, රුචිය සඟවාගෙණය, භාවය සඟවාගෙයි.
ඒක මූලකය නිමි.
16. දුමුලකය ද තිමූලකය ද චතුමුලකය ද පඤ්චමූලකය ද ඡමූලකය ද සත්තමූලකය ද අට්ඨමූලකය ද නව මූලකය ද දසමූලකය ද (විස්තර) කටයුතු යි. නික්‍ෂිප්ත පද ඇතිසැටියෙන් එකී එකී මූලකය වැඩිය යුතු යි. යම්සේ එකමූලකය විස්තර කරණ ලද්දේ ද එ පරිද්දෙන් ම දුමූලකාදිය ද විස්තර කට යුතුයි.
1. තුන් අයුරකින් ... සත් අයුරකින් පළමුවන දැහැනට ද දෙවන දැහැනට ද තෙවන දැහැනට ද සිවුවන දැහැනට ද සුඤ්ඤතවිමොක්ඛයට ද අනිමිත්ත විමොක්ඛයට ද අප්පණිහිතවිමොක්ඛයට ද සුඤ්ඤත සමාධියට ද අනිමිත්තසමාධියට ද අප්පණිහිතසමාධියට ද සුඤ්ඤතසමාපත්තියට ද අනිමිත්තසමාපත්තියට ද අප්පණිහිතසමාපත්තියට ද ත්‍රිවිද්‍යාවන්ට ද සතර සතිපට්ඨානයන්ට ද සතර සම්‍යක්පධන්වීර්‍ය්‍යයන්ට ද සතර ඍද්ධිපාදයන්ට ද පඤ්චේන්‍ද්‍රියයන්ට ද පඤ්චබලයන්ට ද සත්තබොජ්ඣඞ්ගයන්ට ද අරිඅටගිමඟට ද සෝවාන්ඵලයට ද සකදාගාමීඵලයට ද අනාගාමීඵලයට ද රහත් ඵලයට ද සමවැදිමි– සමවදිමි– සමවැදුනෙමි. ... මවිසින් රාගය ද හරණ ලදී, මවිසින් ද්වේෂය ද හරණලදී. මා විසින් මෝහය හරණ ලදී. වමාරණ ලදී. මුදන ලදී. පහකරණ ලදී. බැහැර කරණ ලදී. උපුටාහරිණ ලදී. සවාරෙන් උපුටාහරිණ ලදී. මා සිත රාගයෙන් ද නිරාවරණය, මා සිත ද්වේෂයෙන් ද නිරාවරණ ය, සිත මෝහයෙන් ද නිරාවරණ ය, දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ: පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි, කියන්නහුට “මුසවා කියමි” යි සිත වෙයි, බිණූවහුට මවිසින් “මුසවා කියන ලදැ” යි සිත වෙයි, දෘෂ්ටිය සඟවාගෙණය, ක්‍ෂාන්තිය සඟවාගෙණය, රුචිය සඟවාගෙණය, භාවය සඟවාගෙණයි.
සබ්බමූලකය නිමි.
සුද්ධිකවාර කථාව නිමි.
1. තුන් අයුරකින් ‘පළමුවන දැහැනට සමවැදිමි’ යි කියනු කැමැත්තේ ‘දෙවන දැහැනට සමවැදිමි’ යි දන්නා පුඟුලක්හු වෙත දැන දැන මුසවා කියන මහණහට පරිජිඇවැත් වේ. නො දන්නක්හු වෙත කියන්නහුට ථුලැසිඇවැත් වේ.
2. තුන් අයුරකින් ‘පළමුවන දැහැනට සමවන්මි’ යි කියනු කැමැත්තේ ‘තෙවන දැහැනට ... සිවුවන දැහැනට ... සුඤ්ඤතවිමොක්ඛයට ... අනිමිත්තවිමොක්ඛයට ... අප්පණිහිතවිමොක්ඛයට ... සුඤ්ඤතසමාධියට ... අනිමිත්තසමාධියට ... අප්පණිහිතසමාධියට ... සුඤ්ඤතසමාපත්තියට ... අනිමිත්තසමාපත්තියට ... අප්පණිහිතසමාපත්තියට ... ත්‍රිවිද්‍යාවට ... සතරසතිපට්ඨානයට ... සතර සම්‍යක්ප්‍රධානයන්ට ... සතර ඍද්ධිපාදයට ... පඤ්චේන්‍ද්‍රියන්ට ... පඤ්චබලයන්ට ... සත්තබොජ්ඣඞ්ගයන්ට ... අරිඅටගිමඟට ... සෝවාන් ඵලයට ... සකදාගාමි ඵලයට ... අනාගාමී ඵලයට ... රහත්බවට සමවැදිමි. ... මවිසින් රාගය හරණලද ... මවිසින් ද්වේෂය හරණ ලද ... මවිසින් මෝහය හරණ ලද. විගතාන්ත කරනලද. මුදනලද. පහ කරණලද. බැහැර කරණලද. උපුටා හරිණලද. හැමඅයුරින් උපුටා හරිණලද. මා සිත රාගයෙන් නිරාවරණය. ... මා සිත ද්වේෂයෙන් නිරාවරණය ... මා සිත මෝහයෙන් නිරාවරණයයි. දැනගන්නකු වෙත දැන දැන මුසවා කියන්නහුට පරිජිඇවැත් වේ. නො දැනගන්නකු වෙත කියන්නකුට ථුලැසිඇවැත් වේ: පෙර ම ඔහුට “මුසවා කියන්නෙමි” යි සිත වෙයි. කියන්නහුට “මුසවා කියමි” යි සිත වෙයි. බිණුවහුට මා විසින් “මුසවා කියන ලදැ” යි සිත වෙයි. ... දෘෂ්ටිය – ක්‍ෂාන්තිය – රුචිය – භාවය සඟවාගෙණයි.
කියනු කැමතිවැ එය සඳහන් නො කරන්නහු පිළිබඳ ඒකමූලකඛණ්ඩ චක්‍රය නිමි.
1. තුන් අයුරකින් ‘දෙවන දැහැනට සමවැදිමි’ යි කියනු කැමැත්තේ ‘තෙවන දැහැනට සමවන්මි’යි දන්නා පුඟුලක්හු වෙත දැන දැන මුසවා කියන මහණහට පරිජිඇවැත් වේ. නොදන්නක්හු වෙත කියන මහණහට ථුලැසිඇවැත් වේ.
2. තුන් අයුරකින් ‘දෙවන දැහැනට සමවන්මි’ යි කියනු කැමැත්තේ ... ‘මා සිත මෝහයෙන් නිරාවරණය’යි දන්නා පුඟුලක්හු වෙත දැන දැන මුසවා කියන මහණහට පරිජිඇවැත් වේ. නො දන්නක්හු වෙත කියන මහණහට ථුලැසිඇවැත් වේ.
3. තුන් අයුරකින් ... සත් අයුරකින් ‘දෙවන දැහැනට සමවන්මි’ යි කියනු කැමැත්තේ ‘පළමුවන දැහැනට සමවන්මි’ යි දන්නක්හු වෙත දැන දැන මුසවා කියන මහණහට පරිජිඇවැත් වේ. නො දන්නා පුඟුලක්හු වෙත කියන මහණහට ථුලැසිඇවැත් වේ. ... භාවය සඟවාගෙණයි.