9. මහණ තෙම ‘මට කුටියක් කරව’යි ඇණවා නික්ම යේ නම්, දේසිතවත්‍ථුක ද අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි නො ද ඇණවා නම් ඔහට දෙසූ කුටිවත් ඇති සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරෙත් නම් දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... සාරම්භ වූ සපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ සපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) ඇවැත් නැති.
10. මහණ තෙම ‘මට කුටියක් කරව’යි ඇණවා නික්ම යේ නම්, පමාණික ද අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි නො ද ඇණවා නම් ඔහට පමණ ඉක්ම වූ සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරෙත් නම් සඟවෙසෛස් සමග දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... සාරම්භ වූ සපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) සඟවෙසෙස් සමග දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරෙත් නම් සඟවෙසෙස් සමග දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ සපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) සඟවෙසෙස් ඇවැත් වේ.
11. මහණ තෙම ‘මට කුටියක් කරව’යි ඇණවා නික්ම යේ නම් පමාණික ද අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි නො ද ඇණවා නම් ඔහට පමණින් යුත් සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරෙත් නම් දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... සාරම්භ වූ සපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ සපරික්කමන වූ කුටියක් කෙරෙත් නම් ඇවැත් නැති.
12. මහණ තෙම ‘මට කුටියක් කරව’යි ඇණවා නික්ම යේ නම්, දේසිතවත්‍ථුක ද පමාණික ද අනාරම්භ ද සපරික්කමන ද වේවා’ නො ද ඇණවා නම් ඔහට නො දෙසූ කුටිවත් ඇති පමණ ඉක්ම වූ සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරෙත් නම් දෙ සඟවෙසෙසක් සමග දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... සාරම්භ වූ සපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) දෙ සඟවෙසෙසක් සමග දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) දෙ සඟවෙසෙසක් සමග දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ සපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) දෙ සඟවෙසෙස් ඇවැතෙක් වෙයි.
13. මහණ තෙම ‘මට කුටියක් කරව’යි ඇණවා නික්ම යේ නම් දේසිතවත්‍ථුක ද පමාණික ද අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි නො ද ඇණවා නම් ඔහට දෙසූ කුටිවත් ඇති පමණින් යුත් සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරෙත් නම් දුකුළාඇවැත් වෙයි. ... සාරම්භ වූ සපරික්කමන වූ කුටියක් කෙරෙත් නම් දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ සපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) ඇවැත් නැති.
14. මහණ තෙම ‘මට කුටියක් කරව’යි ඇණවා නික්ම යේ නම් යළි දේසිතවත්‍ථුක ද අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි ඇණවා නම් ඔහට නො දෙසූ කුටිවත් ඇති සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරෙත් නම් හෙතෙම මට නො දෙසූ කුටිවත් ඇති සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කරනු ලැබේ ල යි අසා ද ඒ මහණහු තමා හෝ යායුතු ය. දේසිතවත්‍ථුක ද අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි දූතයෙක් හෝ යැවිය යුත්තේ ය. ඉදින් තෙමේ හෝ නො යේ නම් දූතයකු හෝ නො යවා නම් දුකුළාඇවැත් වේ.
15. මහණ තෙම ‘මට කුටියක් කරව’යි ඇණවා නික්ම යේ නම් යළි දේසිතවත්‍ථුක ද අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි ඇණවා නම් ඔහට නො දෙසූ කුටිවත් ඇති සාරම්භ වූ සපරික්කමන වූ කුටියක් කෙරෙත් නම් හෙතෙම මට ආදේසිතවත්‍ථුක වූ සාරම්භ වූ සපරික්කමන වූ කුටියක් කරනු ලැබේ ල’ යි අසා ද ඒ මහණහු තමා හෝ යායුතු ය. ‘දේසිතවත්‍ථුක ද අනාරම්භ ද වේවා’යි දූතයෙක් හෝ යැවිය යුත්තේ ය. ඉදින් තෙමේ හෝ නො යේ නම් දූතයෙකු හෝ නො යවා නම් දුකුළාඇවැත් වේ.
16. මහණ තෙම ‘මට කුටියක් කරව’යි ඇණවා නික්ම යේ නම් යළි දේසිත–වත්‍ථුක ද අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි ඇණවා නම් ඔහට අදේසිතවත්‍ථුක වූ අනාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරෙත් නම් හෙතෙම ‘මට අදේසිතවත්‍ථුක වූ අනාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරේ ල’ යි අසා ද ඒ මහණහු තමා හෝ යායුතු ය. දේසිතවත්‍ථුක ද සපරික්කමන ද වේවා’යි දූතයෙක් හෝ යැවිය යුත්තේ ය. ඉදින් තෙමේ හෝ නො යේ නම් දූතයකු හෝ නො යවා නම් දුකුළාඇවැත් වේ.
17. මහණ තෙම ‘මට කුටියක් කරව’යි ඇණවා නික්ම යෙයි. යළි දේසිතවත්‍ථුක ද අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි ඇණවයි. ඔහට අදේසිතවත්‍ථුක වූ අනාරම්භ වූ සපරික්කමන වූ කුටියක් කෙරෙති. හෙතෙම මට අදේසිතවත්‍ථුක වූ අනාරම්භ වූ සපරික්කමන වූ කුටියක් කෙරේ ල’යි අසා ද ඒ මහණහු තමා හෝ යායුතු ය. ‘දේසිතවත්‍ථුක වේවා’යි දූතයෙක් හෝ යැවිය යුත්තේ ය. ඉදින් තෙමේ හෝ නො යේ නම් දූතයකු හෝ නො යවා නම් දුකුළාඇවැත් වේ.
18. මහණ තෙම ‘මට කුටියක් කරව’යි ඇණවා නික්ම යෙයි. යළි දේසිතවත්‍ථුක ද අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි ඇණවයි. ඔහට දේසිතවත්‍ථුක වූ සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරෙති. හෙතෙම ‘මට දේසිතවත්‍ථුක වූ සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරේ ල’යි අසා ද ඒ මහණහු තමා හෝ යායුතු ය, අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි දූතයෙක් හෝ යැවිය යුත්තේ ය. ඉදින් තෙමේ හෝ නො යේ නම් දූතයකු හෝ නො යවා නම් දුකුළාඇවැත් වේ.
19. මහණ තෙම ‘මට කුටියක් කරව’යි ඇණවා නික්ම යෙයි. යළි දේසිතවත්‍ථුක ද අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි ඇණවයි. ඔහට දේසිතවත්‍ථුක වූ සාරම්භ වූ සපරික්කමන වූ කුටියක් කෙරෙති. හෙතෙම දේසිතවත්‍ථුක වූ සාරම්භ වූ සපරික්කමන වූ කුටියක් කෙරේ ල’ යි අසා නම් ඒ මහණහු තමා හෝ යායුතු ය. අනාරම්භ වේවා’යි දූතයෙක් හෝ යැවිය යුත්තේ ය. ඉදින් තෙමේ හෝ නො යේ නම් දූතයකු හෝ නො යවා නම් දුකුළාඇවැත් වේ.
20. මහණ තෙමේ ‘මට කුටියක් කරව’යි ඇණවා නික්ම යෙයි. යළි දේසිතවත්‍ථුක ද අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි ඇණවයි. ඔහට දේසිතවත්‍ථුක වූ අනාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරෙති. හෙතෙම ‘මට දේසිතවත්‍ථුක වූ අනාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරේ ල’ යි අසා නම් ඒ මහණහු තමා හෝ යායුතු ය. ‘සපරික්කමන ද වේවා’යි දූතයෙක් හෝ යැවිය යුත්තේ ය. ඉදින් තෙමේ හෝ නො යේ නම් දූතයකු හෝ නො යවා නම් දුකුළාඇවැත් වේ.
21. මහණ තෙම ‘මට කුටියක් කරව’යි ඇණවා නික්ම යෙයි. යළි දේසිතවත්‍ථුක ද අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි ඇණවයි. ඔහට දේසිතවත්‍ථුක වූ අනාරම්භ වූ සපරික්කමන වූ කුටියක් කෙරෙත් නම් ඇවැත් නැති.
22. මහණ තෙම ‘මට කුටියක් කරව’යි ඇණවා නික්ම යෙයි. යළි පමාණික ද අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි ඇණවයි. ඔහට පමණ ඉක්ම වූ සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරෙති. හෙතෙම ‘මට පමණ ඉක්ම වූ සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කැරේ ල’යි අසා ද ඒ මහණහු තමා හෝ යායුතු ය. පමාණික ද අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි දූතයෙක් හෝ යැවිය යුත්තේ ය. ... පමාණික ද අනාරම්භ ද වේවා’යි ... පමාණික ද සපරික්කමන ද වේවා’යි ... පමාණික වේවා’යි ඉදින් තෙමේ හෝ නො යේ නම් දූතයකු හෝ නො යවා නම් දුකුළාඇවැත් වේ.
23. මහණ තෙම ‘මට කුටියක් කරව’යි ඇණවා නික්ම යෙයි. යළි පමාණික ද අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි ඇණවයි. ඔහට පමාණික වූ සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරෙති. හෙතෙම මට ‘පමාණික වූ සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කැරේ ල’යි අසා ද ඒ මහණහු තමා හෝ යායුතු ය. ‘අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි දූතයෙක් හෝ යැවිය යුත්තේ ය. ... ‘අනාරම්භ වේවා’යි ... ‘සපරික්කමන වේවා’යි ... ඇවැත් නැති.
24. මහණ තෙම ‘මට කුටියක් කරව’යි ඇණවා නික්ම යෙයි. යළි දේසිතවත්‍ථුක ද පමාණික ද අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි ඇණවයි. ඔහට නො දෙසූ කුටිවත් ඇති පමණ ඉක්ම වූ සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරෙති. හේ මට අදේසිතවත්‍ථුක වූ පමණ ඉක්ම වූ සාරම්භ වූ අපරික්කමන ද වූ කුටියක් කැරේ ල’යි අසා ද ඒ මහණහු තමා හෝ යායුතුය. දේසිතවත්‍ථුක ද පමාණික ද අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි දූතයෙක් හෝ යැවිය යුත්තේ ය. ... දේසිතවත්‍ථුක ද පමාණික ද අනාරම්භ ද වේවා’යි ... දේසිතවත්‍ථුක ද පමාණික ද සපරික්කමන ද වේවා’යි ... දේසිතවත්‍ථුක ද පමාණික ද වේවා’යි (දූතයෙක් හෝ යැවිය යුත්තේ ය.) ඉදින් තෙමේ හෝ නො යේ නම් දූතයකු හෝ නො යවා නම් දුකුළාඇවැත් වේ.
25. මහණ තෙම ‘මට කුටියක් කරව’යි ඇණවා නික්ම යෙයි. යළි දේසිතවත්‍ථුක ද පමාණික ද අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි ඇණවයි. ඒ මහණහට දෙසූ කුටිවත් ඇති පමණින් යුත් සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරෙති. හෙතෙම ‘මට දේසිතවත්‍ථුක වූ පමාණික වූ සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කැරේ ල’යි අසා ද ඒ මහණහු තමා හෝ යායුතු ය. අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි දූතයෙක් හෝ යැවිය යුත්තේ ය. ... අනාරම්භ වේවා’යි ... සපරික්කමන වේවා’යි (දූතයෙක් හෝ යැවිය යුත්තේ ය.) ... ඇවැත් නැති.
26. මහණ තෙම ‘මට කුටියක් කරව’යි ඇණවා නික්ම යෙයි. යළි දේසිතවත්‍ථුක ද අනාරම්භ ද සපරික්කමන ද වේවායි ඇණව’යි. ඔහට අදේසිතවත්‍ථුක වූ සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරෙති. කරනුවනට තුන් දුකුළාඇවැතෙක් වෙයි. ... සාරම්භ වූ සපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) කරනුවනට දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) කරනුවනට දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... අනාරම්භ වූ සපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) කරනුවනට දුකුළාඇවැත් වේ.
27. මහණ තෙමේ ‘මට කුටියක් කරව’යි ඇණවා නික්ම යෙයි. යළි ‘දේසිතවත්‍ථුක ද අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි ඇණවයි. ඔහට දේසිතවත්‍ථුක වූ සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරෙත් නම් කාරකයනට දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... සාරම්භ වූ සපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) කාරකයනට දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) කාරකයනට දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ සපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) ඇවැත් නැති.
28. මහණ තෙම ‘මට කුටියක් කරව’යි ඇණවා නික්ම යෙයි. යළි “පමාණික ද අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි ඇණවයි. ඔහට පමණ ඉක්ම වූ සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරෙත් නම් කාරකයනට තුන් දුකුළාඇවැතෙක් වෙයි. ... සාරම්භ වූ සපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) කාරකයනට දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) කාරකයනට දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... අනාරම්භ වූ සපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) කාරකයනට දුකුළාඇවැත් වේ.
29. මහණ තෙම ‘මට කුටියක් කරව’යි ඇණවා නික්ම යෙයි. යළි “පමාණික ද අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි ඇණවයි. ඔහට පමණින් යුත් සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරෙත් නම් කාරකයනට දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... සාරම්භ වූ සපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) කාරකයනට දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) කාරකයනට දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ සපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) ඇවැත් නැති.
30. මහණ තෙම ‘මට කුටියක් කරව’යි ඇණවා නික්ම යෙයි. යළි “දේසිතවත්‍ථුක ද පමාණික ද අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි ඇණවයි. ඔහට නො දෙසූ කුටිවත් ඇති පමණ ඉක්ම වූ සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරෙත් නම් කාරකයනට සතර දුකුළාඇවැතෙක් වෙයි. ... සාරම්භ වූ සපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) කාරකයනට තුන් දුකුළාඇවැතෙක් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) කාරකයනට තුන් දුකුළාඇවැතෙක් වෙයි. ... අනාරම්භ වූ සපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) කාරකයනට දෙ දුකුළාඇවැතෙක් වේ.
31. මහණ තෙම ‘මට කුටියක් කරව’යි ඇණවා නික්ම යෙයි. යළි “දේසිතවත්‍ථුක ද පමාණික ද සපරික්කමන ද වේවා’යි ඇණවයි. ඔහට දෙසූ කුටිවත් ඇති පමණින් යුත් සාරම්භ වූ අපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) කාරකයනට දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... සාරම්භ වූ සපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) කාරකයනට දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) කාරකයනට දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ සපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) ඇවැත් නැති.
32. මහණ තෙම ‘මට කුටියක් කරව’යි අණවා නික්ම යෙයි. ඔහට නො දෙසූ කුටිවත් ඇති සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරෙති. ඉදින් ඒ මහණ (කුටිය) නොනිමවා–තබන ලද කල්හි පැමිණේ නම්, ඒ මහණහු විසින් ඒ කුටිය අනෙකක්හට හෝ දියයුතු ය. බිඳ දමා හෝ වටාලා කළයුතු ය. ඉදින් අනෙකක්හට හෝ නො දේ නම් බිඳපියා හෝ වටාලා නො කෙරේ නම්, සඟවෙසෙස් සමග දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... සාරම්භ වූ සපරික්කමන වූ ... සඟවෙසෙස් සමග දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ ... සඟවෙසෙස් සමග දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ සපරික්කමන වූ ... සඟවෙසෙස් ඇවැත් වේ.
33. මහණ තෙම ‘මට කුටියක් කරව’යි අණවා නික්ම යෙයි. ඔහට දෙසූ කුටිවත් ඇති සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරෙති. ඉදින් ඒ මහණ (කුටිය) කොට අඩාළ කල්හි පැමිණේ නම් ඒ මහණහු විසින් ඒ කුටිය අනෙකක්හට හෝ දියයුතු ය. බිඳපියා හෝ වටාලා කළයුතු ය. ඉදින් අනෙකක්හට හෝ නො දේ නම් බිඳපියා හෝ වටාලා නො කෙරේ නම් දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... සාරම්භ වූ සපරික්කමන වූ ... දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ ... දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ සපරික්කමන වූ ... ඇවැත් නැති.
34. මහණ තෙම ‘මට කුටියක් කරව’යි අණවා නික්ම යෙයි. ඔහට පමණ ඉක්ම වූ සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරෙති: ඉදින් ඒ මහණ (කුටිය) කොට අඩාළ කල්හි පැමිණේ නම් ඒ මහණහු විසින් ඒ කුටිය අනෙකක්හට හෝ දියයුතු ය. බිඳපියා හෝ වටාලා කළයුතු ය. ඉදින් අනෙකක්හට හෝ නො දේ නම් බිඳපියා හෝ වටාලා නො කෙරේ නම්, සඟවෙසෙස් සමග දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... සාරම්භ වූ සපරික්කමන වූ ... සඟවෙසෙස් සමග දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ ... සඟවෙසෙස් සමග දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ සපරික්කමන වූ ... සඟවෙසෙස් ඇවැත් වේ.
35. මහණ තෙමේ ‘මට කුටියක් කරව’යි අණවා නික්ම යෙයි. ඔහට පමණින් යුත් සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරෙති. ඉදින් ඒ මහණ (කුටිය) කොට අඩාළ කල්හි පැමිණේ නම් ඒ මහණහු විසින් ඒ කුටිය අනෙකක්හට හෝ දියයුතු ය. බිඳපියා හෝ වටාලා කළ යුතු ය. ඉදින් අනෙකක්හට නො දේ නම් හෝ බිඳපියා වටාලා නො කෙරේ නම් හෝ දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... සාරම්භ වූ සපරික්කමන වූ ... දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ ... දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ ... ඇවැත් නැති.
36. මහණ තෙම ‘මට කුටියක් කරව’යි අණවා නික්ම යෙයි. ඔහට නො දෙසූ කුටිවත් ඇති පමණ ඉක්ම වූ සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරෙති. ඉදින් ඒ මහණ (කුටිකම්) කොට අඩාළ කල්හි පෙරළා ඒ නම්, ඒ මහණහු විසින් ඒ කුටිය අනෙකක්හට හෝ දියයුතු ය: බිඳපියා හෝ වටාලා කළ යුතු ය. ඉදින් අනෙකක්හට නො දේ නම් හෝ බිඳපියා වටාලා නො කෙරේ නම් හෝ දෙ සඟවෙසෙසක් සමග දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... සාරම්භ වූ සපරික්කමන වූ ... දෙ සඟවෙසෙසක් සමග දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ ... දෙ සඟවෙසෙසක් සමග දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ සපරික්කමන වූ ... දෙ සඟවෙසෙස්ඇවැත් වේ.
37. මහණ තෙම ‘මට කුටියක් කරව’යි අණවා නික්ම යෙයි. ඔහට දෙසූ කුටිවත් ඇති පමණින් යුත් සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරෙති. ඉදින් හෙතෙම (කුටිය) අවසන් නොකළ කල්හි පෙරළා ඒ නම්, ඒ මහණහු විසින් ඒ කුටිය අනෙකක්හට හෝ දියයුතු ය. බිඳපියා හෝ වටාලා කළයුතු ය. ඉදින් අනෙකක්හට නො දේ නම් හෝ බිඳපියා වටාලා නො කරවා නම් හෝ දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... සාරම්භ වූ සපරික්කමන වූ ... දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ ... දුකුළාඇවැත් වෙයි. මහණ තෙම ‘මට කුටියක් කරව’යි අණවා නික්ම යෙයි. ඔහට දෙසූ කුටිවත් ඇති පමණින් යුත් අනාරම්භ වූ සපරික්කමන වූ කුටියක් කෙරෙත් නම් ඇවැත් නැති.
38. තමා විසින් අවසන් නො කරන ලද්ද තෙමේ නිමවා නම්, සඟවෙසෙස් ඇවැත් වෙයි. තමා විසින් කොට අඩාළ කරන ලද්ද මෙරමා ලවා නිමවා නම්, සඟවෙසෙස්ඇවැත් වෙයි. මෙරමා විසින් නොනිමවා තබන ලද්ද තෙමේ නිමවා නම්, සඟවෙසෙස්ඇවැත් වෙයි. මෙරමා විසින් කොට අඩාළ කරන ලද්ද මෙරමා ලවා නිම කරවා නම්, සඟවෙසෙස් ඇවැත් වේ.
39. ලෙනෙහි, ගුහායෙහි, තණකිළියෙහි, අනෙකක්හු උදෙසා කරණ ලද්දෙහි, වසන ගෙය හැර හැම තැනැදැ යි ඇවැත් නැති. උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
කුටීකාර ශික්‍ෂාපදය නිමි.
3. 7.
විහාරකාරශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ කොසඹෑනුවර ඝෝෂිතාරාමයෙහි වාසය කරණ සේක. එසමයෙහි ආයුෂ්මත් ඡන්න තෙරුන්ගේ උපස්ථායක වූ ගෘහපති තෙම ආයුෂ්මත් ඡන්න තෙරුන්ට මෙපවත් කීය: ‘වහන්ස, ආර්‍ය්‍යයන් වහන්සේට විහාරයක් කරවන්නෙමි. විහාරයට ගෙබිමක් දනුව’යි. ඉක්බිති ආයුෂ්මත් ඡන්නයෝ විහාරවාස්තුව ශුද්ධ කරන්නාහු ගැමියන් විසින් පුදන ලද නියම්ගම් වැස්සන් විසින් පුදන ලද නුවරුන් විසින් පුදන ලද දනව්වැස්සන් විසින් පුදන ලද රටවැසියන් විසින් පුදන ලද එක්තරා සෑරුකක් සිඳැ වූහ. මනුෂ්‍යයෝ ‘කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ ගැමියන් විසින් පුදන ලද නිගමුන් විසින් පුදන ලද නුවරුන් විසින් පුදන ලද දනව්වැස්සන් විසින් පුදන ලද රටවැස්සන් විසින් පුදන ලද සෑරුක සිඳැ වූහු ද, ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ ඒකින්‍ද්‍රියජීවය කලකුරුවති’යි මනුෂ්‍යයෝ අවමන් කෙරෙති. අයුණු කියති, දොස් පහළ කෙරෙති. භික්‍ෂූහු අවමන් කරන අයුණු කියන දොස් පහළ කරණ ඒ මිනිසුන්ගේ බස් ඇසූහ. අල්පේච්ඡ වූ යම් මහණ කෙනෙක් වෙත් නම් ඔහු අවමන් කෙරෙති. අයුණු කියති දොස් පහළ කෙරෙති. ‘කෙසේ නම් ආයුෂ්මත් ඡන්න තෙමේ ගැමියන් විසින් පුදන ලද … රටවැසියන් විසින් පුදන ලද සෑරුකක් සිඳැවී ද?’යි.
2. ඉක්බිති ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ඡන්න තෙරුන්ට නොයෙක් අයුරින් ගරහා භාග්‍යවතුන් වහන්සේට මෙපවත් දැන්වූහ ... “සැබෑවෙක් ද ඡන්නය, තෝ ගැමියන් විසින් පුදන ලද … රටුන් විසින් පුදන ලද සෑරුකක් සිඳැවූයෙහිදැ?”යි. ‘සැබෑව භාග්‍යවතුන් වහන්සැ’යි. භාග්‍යවත් බුදුහු වෙසෙසින් ගර්‍හා කළහ. හිස් පුරුෂය, කෙසේ නම් තෝ ගැමියන් විසින් පුදන ලද නිගමුන් විසින් පුදන ලද නුවරුන් විසින් පුදන ලද දනව්වැසියන් විසින් පුදන ලද රටුන් විසින් පුදන ලද සෑරුකක් සිඳැවූයෙහි ද? හිස් පුරුෂය, මනුෂ්‍යයෝ වෘකෂයෙහි ජීවසංඥා ඇත්තාහු ම ය. හිස් පුරුෂය, තෙල නො පහන් වූවන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි, ... තවද මහණෙනි, මෙසේ මේ ශික්‍ෂාපදය උදෙසවු:
“කරවා දෙන හිමියන් ඇති තමා උදෙසා වූ මහල්ලක විහාරයක් කරවන මහණහු විසින් වාස්තුදේශනාව පිණිස භික්‍ෂූහු පැමිණවිය යුත්තාහ. ඒ භික්‍ෂූන් විසින් නිරුපද්‍රව වූ උපචාර සහිත වූ ගෙබිම දෙසියයුතු ය. ඉදින් මහණ තෙම උපද්‍රව සහිත වූ උපචාර රහිත වූ ගෙබිම්හි මහල්ලක විහාරයක් කරවා නම් වාස්තුදේශනාව පිණිස භික්‍ෂූන් නො පමුණුවා නම් සඟවෙසෙස් වේ ය”යි.
මහල්ලක නම්: සස්වාමික වූ විහාරය කියනු ලැබේ.
විහාර නම්: ඇතුළත පිරියම් කරණ ලදුයේ හෝ පිටත පිරියම් කරණ ලදුයේ හෝ ඇතුළත පිටත පිරියම් කරණ ලදුයේ හෝ වේ.
කාරයමානෙන යනු: කරණුයේ හෝ කරවනුයේ හෝ ය.
සස්සාමිකං යනු: ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ගෘහස්ථයෙක් හෝ ප්‍රව්‍රජිතයෙක් හෝ අන් කිසි හිමියෙක් වේ.
අත්තුදෙදසං යනු: තමා සඳහා.
භික්ඛු අභිනෙතබ්බා වත්‍ථුදේසනාය යනු: ඒ විහාරකාරක භික්‍ෂූහු විසින් විහාරවාස්තුව ශුද්ධ කොට සඟුන් වෙත එළැඹ උතුරුසඟ එකස් කොට මහලුතෙරුන් පා වැඳ උළුල්ලෙන් හිඳ ඇඳිලි බැඳ මෙසේ කියයුතු වන්නේ ය. ‘වහන්ස, මම කරවා දෙන හිමියන් ඇති තමා උදෙසා වූ මහල්ලකවිහාරයක් කරණු කැමැත්තෙමි. වහන්ස, ඒ මම විහාරවාස්තු අවලෝකනයට සඞ්ඝයා අයැදිමි’යි. දෙවන වට ද යැදිය යුතු ය. තෙවන වට ද යැදිය යුතු ය. ඉදින් හැම සඞ්ඝ තෙමේ විහාරවාස්තුව බැලීම ඉවසා නම් හැම සඞ්ඝයා විසින් බැලිය යුතු ය. ඉදින් හැම සඞ්ඝ තෙමේ විහාරවාස්තුව බැලීම නො ඉවසා නම් සෝපද්‍රව අනුපද්‍රව බව සෝපචාර අනුපචාර බව දැනගන්නට ව්‍යක්ත වූ ප්‍රතිබල වූ යම් භික්‍ෂු කෙනෙක් එහි වෙත් නම් ඒ භික්‍ෂූහු අයැද සම්මත කළ යුත්තාහ. තවද මහණෙනි, මෙසෙයින් සම්මත කළ යුත්තාය: ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ ය.
‘වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා, මේ මෙනම් මහණ තෙම තමා උදෙසා වූ මහල්ලකවිහාරයක් කරණු කැමැත්තේ ය. හේ විහාරවාස්තුව බැලීමට සඞ්ඝයා අයැදී. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ මෙනම් මහණහුගේ විහාරවාස්තුව බලන්නට මෙනම් වූ ද මෙනම් වූ ද භික්‍ෂූන් සම්මත කරන්නේ ය. මේ ඤත්තිය යි’
‘වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා. මේ මෙනම් මහණ තෙමේ හිමියන් ඇති තමා උදෙසා වූ මහල්ලකවිහාරයක් කරණු කැමැත්තේ ය. හෙතෙම විහාරවාස්තුව බැලීමට සඞ්ඝයා අයැද සිටී. සඞ්ඝ තෙමේ මෙනම් මහණහුගේ විහාරවාස්තුව බලන්නට මෙනම් වූ ද මෙනම් වූ ද භික්‍ෂූන් සම්මත කෙරෙයි. යම් ආයුෂ්මතක්හට මෙනම් මහණහුගේ විහාර වාස්තුව බලන්නට මෙනම් වූ ද මෙනම් වූ ද භික්‍ෂූන් සම්මත කිරීම රුචි වේ නම් හේ තූෂ්ණීම්භූත වන්නේ ය. යමක්හට නො රුස්නේ නම් හේ බණන්නේ ය.
සඞ්ඝයා විසින් මෙනම් මහණහුගේ විහාරවාස්තුව බලන්නට මෙනම් වූ ද මෙනම් වූ ද මහණහු සම්මත කරණ ලද්දාහ. සඞ්ඝයාට රුචි වෙයි. එහෙයින් තූෂ්ණීම් වෙ යි. තෙල මෙසේ ධරමි’යි.
ඒ සම්මත වූ භික්‍ෂූන් විසින් එහි ගොස් විහාරවාස්තුව බැලියයුතු ය. සොපද්‍රව බව නිරුපද්‍රව බව සෝපචාර බව අනුපචාර බව දතයුතු යි. ඉදින් සාරම්භ අපරික්කමන වේ නම් ‘මෙහි නහමක් කරා’යි කියයුත්තේ ය. ඉදින් අනාරම්භ සපරික්කමන වේ නම්, අනාරම්භය ය සපරික්කමන ය’යි සඞ්ඝයාට ආරොචන කළයුතු ය. ඒ විහාරකාරක මහණහු විසින් සඟුන් වෙත එළැඹ උතුරුසඟ එකස් කොට මහලුතෙරුන් පා වැඳ උළුල්ලෙන් හිඳ ඇඳිලි බැඳ මෙසේ කියයුතු වන්නේ ය. ‘වහන්ස, මම සස්වාමික වූ ආත්මෝද්දේශ්‍ය වූ මහල්ලකවිහාරයක් කරණු කැමැත්තෙමි. වහන්ස, ඒ මම විහාරවාස්තු දේශනාවට සඞ්ඝයා අයදිමි’යි. දෙවන වට ද යැදියයුතු ය. තෙවන වට ද යැදියයුතු ය. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ ය.
“වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා, මේ මෙනම් මහණ තෙම සස්වාමික වූ ආත්මෝද්දේශ්‍යය වූ මහල්ලකවිහාරයක් කරණු කැමැත්තේ ය. හෙතෙම විහාරවාස්තු දේශනාවට සඞ්ඝයා අයැද සිටී. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම්, සඞ්ඝ තෙමේ මෙනම් මහණහුගේ විහාරවාස්තුව දෙසන්නේ ය. තෙල ඤත්තිය”යි.
වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා. මේ මෙනම් මහණ තෙම සස්වාමික වූ ආත්මෝද්දේශ්‍ය වූ මහල්ලකවිහාරයක් කරණු කැමැත්තේ ය. හෙතෙම විහාරවාස්තු දේශනාවට සඞ්ඝයා අයැද සිටී. සඞ්ඝ තෙමේ මෙනම් මහණහුගේ විහාරවාස්තුව දෙසයි. යම් ආයුෂ්මතක්හට මෙනම් මහණහුගේ විහාරවාස්තුව දේශනාව රුචි වේ නම් හේ තූෂ්ණීම්භූත වන්නේ ය. යමක්හට නො රුස්නේ නම් හේ බණන්නේ ය.
සඞ්ඝයා විසින් මෙනම් මහණහුගේ විහාරවාස්තුව දෙසන ලදී. සඞ්ඝයාට රුචි වෙයි. එහෙයින් තූෂ්ණීම් වෙයි. තෙල මෙසේ ධරමි”යි.
සාරම්භ නම්: කුහුඹුවන්ගේ හෝ බිලයෙක් වෙයි. ... යන එන මග ඇසිරි කරණ ලද හෝ වේ. තෙල සාරම්භ නම.
අපරික්කමන නම්: ගොනුන් යෙදූ ගැලකින් සිසාරා යන්නට, හාත්පස හිණකින් සිසාරා යන්නට නො හැකි වෙයි. තෙල අපරික්කමන නම.
අනාරම්භ නම්: කුහුඹුවන්ගේ හෝ බිලයෙක් නො වෙයි. ... යන එන මග ඇසිරි කරණ ලද්දේ හෝ නො වේ. තෙල අනාරම්භ නම.
සපරික්කමන නම්: ගොනුන් යෙදූ ගැලකින් සිසාරා යන්නට, හාත්පස හිණකින් සිසාරා යන්නට හැකි වේ. තෙල සපරික්කමන නම.
මහල්ලක නම්: සස්වාමික වූ විහාරය කියනු ලැබේ.
විහාර නම්: ඇතුළත පිරියම් කරණ ලද්දේ හෝ පිටත පිරියම් කරණ ලද්දේ හෝ ඇතුළත පිටත පිරියම් කරණ ලද්දේ හෝ වේ.
කාරෙය්‍ය යනු: කෙරෙයි හෝ කරවා හෝ යි.
භික්ඛු වා අනභිනෙය්‍ය වත්‍ථුදේසනාය යනු: ඤත්තිදුතිය කර්‍මවදනින් විහාරවාස්තුව නොදෙසවා කෙරෙයි හෝ කරවා හෝ පියොව්හි පියොව්හි දුකුළා වෙයි. පැසුළු මැටිපිඬ නො පත් කල්හි ථුලැසිඇවැත් වෙයි. ඒ පිඬ පැමිණි කල්හි සඟවෙසෙස්ඇවැත් වේ.
සඞ්ඝාදිසේසො යනු ... එයිනු දු සඞ්ඝාදිසේස ය යි කියනු ලැබේ.
3. මහණ තෙම නො දෙසූ ගෙබිම් ඇති උපද්‍රව සහිත වූ උපචාර රහිත වූ විහාරයක් කෙරේ හෝ කරවා නම් සඟවෙසෙස් සමග දෙ දුකුළාඇවැතෙක් වෙයි.
මහණ තෙම නො දෙසූ ගෙබිම් ඇති උපද්‍රව සහිත වූ උපචාර සහිත වූ විහාරයක් කරවා නම් සඟවෙසෙස් සමග දුකුළාඇවැත් වෙයි.
මහණ තෙම නො දෙසූ ගෙබිම් ඇති අනුපද්‍රව වූ උපචාර රහිත වූ විහාරයක් කෙරේ හෝ කරවා නම් සඟවෙසෙස් සමඟ දුකුළාඇවැත් වෙයි.
මහණ තෙම නො දෙසූ ගෙබිම් ඇති අනුපද්‍රව වූ උපචාර සහිත වූ විහාරයක් කෙරෙයි හෝ කරවා නම් සඟවෙසෙස්ඇවැත් වේ.
මහණ තෙම දෙසූ ගෙබිම් ඇති සාරම්භ වූ අපරික්කමන වූ විහාරයක් කෙරෙයි හෝ කරවා නම් දෙ දුකුළාඇවැතෙක් වෙයි.
මහණ තෙම දෙසූ ගෙබිම් ඇති සාරම්භ වූ සපරික්කමන වූ විහාරයක් කෙරෙයි හෝ කරවා නම් දුකුළාඇවැත් වෙයි.
මහණ තෙම දෙසූ ගෙබිම් ඇති අනාරම්භ වූ අපරික්කමන වූ විහාරයක් කෙරෙයි හෝ කරවා නම් දුකුළාඇවැත් වෙයි.
මහණ තෙම දෙසූ ගෙබිම් ඇති අනාරම්භ වූ සපරික්කමන වූ විහාරයක් කෙරෙයි හෝ කරවා නම් ඇවැත් නැති.
මහණ තෙම ‘මට විහාරයක් කරව’යි අණවයි. ඔහට නො දෙසූ ගෙබිම් ඇති සාරම්භ වූ අපරික්කමන වූ විහාරයක් කෙරෙත් නම් සඟවෙසෙස් සමග දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... සාරම්භ වූ සපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) සඟවෙසෙස් සමග දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) සඟවෙසෙස් සමග දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ සපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) සඟවෙසෙස්ඇවැත් වේ.
4. මහණ තෙම ‘මට විහාරයක් කරව’යි අණවයි. ඔහට දෙසූ ගෙබිම් ඇති සාරම්භ වූ අපරික්කමන වූ විහාරයක් කෙරෙත් නම් දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... සාරම්භ වූ සපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ සපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) ඇවැත් නැති.
5. මහණ තෙම ‘මට විහාරයක් කරව’යි අණවා නික්ම යෙයි. ‘දේසිතවත්‍ථුක ද අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි නො ද අණවයි. ඔහට නො දෙසූ ගෙබිම් ඇති සාරම්භ වූ අපරික්කමන වූ විහාරයක් කෙරෙත් නම් සඟවෙසෙස් සමග දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... සාරම්භ වූ සපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) සඟවෙසෙස් සමග දුකුළැඇවැත් වෙයි. ... අනාරම්භ වූ සපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) සඟවෙසෙස්ඇවැත් වෙයි. අනාරම්භ වූ සපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) සඟවෙසෙස්ඇවැත් වේ.
6. මහණ තෙම ‘මට විහාරයක් කරව’යි අණවා නික්ම යෙයි. ‘දේසිතවත්‍ථුක ද අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි නො ද අණවයි. ඔහට දෙසූ ගෙබිම් ඇති සාරම්භ වූ අපරික්කමන වූ විහාරයක් කෙරෙත් නම් දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... සාරම්භ වූ සපරික්කමන වූ විහාරයක් කෙරෙත් නම් දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ සපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) ඇවැත් නැති.
7. මහණ තෙම ‘මට විහාරයක් කරව’යි අණවා නික්ම යෙයි. ‘දෙසූ ගෙබිම් ඇත්තේ ද අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි අණවන්නේත් වෙයි. ඔහට නො දෙසූ ගෙබිම් ඇති සාරම්භ වූ අපරික්කමන වූ විහාරයක් කෙරෙති. හෙතෙම මට නො දෙසූ ගෙබිම් ඇති සාරම්භ වූ අපරික්කමන වූ විහාරයෙක් කෙරේ ල’යි අසා නම් ඒ මහණහු විසින් තමා ම හෝ යායුතු ය. ‘දෙසූ ගෙබිම් ඇත්තේ ද අනාරම්භ ද සපරික්කමන ද වේව’යි දූතයෙක් හෝ යැවිය යුත්තේ ය. ඉදින් තෙමේ හෝ නො යේ නම් දූතයකු හෝ නො යවා නම් දුකුළාඇවැත් වෙයි. ... දේසිතවත්‍ථුක ද අනාරම්භ ද වේවා’යි (දූතයකු හෝ නො යවා නම්) ... දේසිතවත්‍ථුක ද සපරික්කමන ද වේවා’යි (දූතයකු හෝ නො යවා නම්) ... දේසිතවත්‍ථුක වේවා’යි ඉදින් තෙමේ හෝ නො යේ නම් දූතයකු හෝ නො යවා නම් දුකුළාඇවැත් වේ.
8. මහණ තෙම ‘මට විහාරයක් කරව’යි අණවා නික්ම යෙයි. යළි ‘දේසිතවත්‍ථුක ද අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි අණවයි. ඔහට දෙසූ ගෙබිම් ඇති සාරම්භ වූ අපරික්කමන වූ විහාරයක් කෙරෙති. හෙතෙම ‘මට දෙසූ ගෙබිම් ඇති සාරම්භ වූ අපරික්කමන වූ විහාරයෙක් කැරේ ල’යි අසා නම් ඒ මහණහු විසින් තමා හෝ යායුතු ය. ‘අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි දූතයෙක් හෝ යැවිය යුත්තේ ය. ... අනාරම්භ වේවා’යි ... සපරික්කමන වේවා’යි ... අනාරම්භ වූ සපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) ඇවැත් නැති.
9. මහණ තෙම ‘මට විහාරයක් කරව’යි අණවා නික්ම යෙයි. යළි ‘දේසිතවත්‍ථුක ද අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි අණවයි. ඕහට අදේසිතවත්‍ථුක වූ සාරම්භ වූ අපරික්කමන වූ විහාරයක් කෙරෙත් නම් කරණුවනට තුන් දුකුළාඇවැතෙක් වෙයි. ... සාරම්භ වූ සපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) කරණුවනට දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) කරණුවනට දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... අනාරම්භ වූ සපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) කරණුවනට දුකුළාඇවැත් වේ.
10. මහණ තෙම ‘මට විහාරයක් කරව’යි අණවා නික්ම යෙයි. යළි ‘දේසිතවත්‍ථුක ද අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි අණවයි. ඕහට දෙසූ ගෙබිම් ඇති සාරම්භ වූ අපරික්කමන වූ විහාරයක් කෙරෙත් නම් කරණුවනට දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... සාරම්භ වූ සපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) කරණුවනට දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) කරණුවනට දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ සපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) ඇවැත් නැති.
11. මහණ තෙම ‘මට විහාරයක් කරව’යි අණවා නික්ම යෙයි. ඕහට නො දෙසූ ගෙබිම් ඇති සාරම්භ වූ අපරික්කමන වූ විහාරයක් කෙරෙති. ඉදින් ඒ මහණ විහාරය කොට අඩාළ කල්හි පැමිණේ නම් ඒ මහණහු විසින් ඒ වෙහෙර අනෙකක්හට හෝ දියයුත්තේ ය. බිඳපියා හෝ වටාලා කළයුත්තේය. ඉදින් අනෙකක්හට හෝ නො දේ නම් බිඳපියා හෝ වටාලා නො කරවා නම් සඟවෙසෙස් සමග දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... සාරම්භ වූ සපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) සඟවෙසෙස් සමග දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) සඟවෙසෙස් සමග දුකුළාඇවැත් වෙයි. … අනාරම්භ වු සපරික්කමන වු (විහාරයක් කෙරෙත් නම්) සඟවෙසෙස්ඇවැත් වේ.
12. මහණ තෙම ‘මට විහාරයක් කරව’යි අණවා නික්ම යෙයි. ඕහට දෙසූ ගෙබිම් ඇති සාරම්භ වූ අපරික්කමන වූ විහාරයක් කෙරෙති. ඉදින් හෙතෙම විහාරය කොට අඩාළ කල්හි පැමිණේ නම් ඒ මහණහු විසින් ඒ විහාරය අනෙකක්හට හෝ දියයුත්තේ ය. බිඳපියා හෝ වටාලා කළයුත්තේ ය. ඉදින් අනෙකක්හට හෝ නො දේ නම් බිඳපියා හෝ වටාලා නො කරවා නම් දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... සාරම්භ වූ සපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ සපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) ඇවැත් නැති.
13. තමා විසින් කොට අඩාළ කරණ ලද්ද තමා විසින් කොට නිමවා නම් සඟවෙසෙස්ඇවැත් වෙයි. තමා විසින් කොට අඩාළ කරණ ලද්ද මෙරමා ලවා නිමවා නම් සඟවෙසෙස්ඇවැත් වෙයි. මෙරමා විසින් කොට අඩාළ කරණ ලද්ද තමා විසින් නිමවා නම් සඟවෙසෙස්ඇවැත් වෙයි. මෙරමා විසින් කොට අඩාළ කරණ ලද්ද මෙරමා ලවා නිමවා නම් සඟවෙසෙස්ඇවැත් වේ.
14. ලෙනෙහි, ගුහායෙහි, තණකිළියෙහි, අනෙකක්හට කරවා නම්, වාසාගාර තබා හැම තන්හි දැ යි ඇවැත් නැති. උන්මත්තකය හට, ආදිකාර්මිකයා හට ඇවැත් නැති.
විහාරකාර ශික්‍ෂාපදය නිමි.
3. 8.
පඨමදුට්ඨදෝසශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ රජගහනුවර සමීපයෙහි වූ කලන්‍දකනිවාප නම් වූ වේළුවනයෙහි වාසය කරණ සේක. එසමයෙහි උපතින් සත්වැසි වූ මල්ලරාජපුත්‍ර දබ්බ තෙරුන් විසින් අර්‍හත්‍වය පසක් කරණ ලද වෙයි. ශ්‍රාවකයක්හු විසින් ලැබියයුතු (ත්‍රිවිද්‍යාදී) යම්කිසි ගුණජාතයෙක් වේ ද ඒ සියල්ල ඔවුන් විසින් ලබන ලද වෙයි. ඔවුන් විසින් මත්තෙහි කටයුත්තෙක් හෝ කරණ ලද්දහුගේ වටාලා වැඩීමෙක් හෝ නැත්තේ ද වෙයි. එකල්හි ආයුෂ්මත් දබ්බමල්ල පුත්‍රයන්ට රහසිගත ව විවෙක ව හුන්නවුන්ට මෙබඳු වූ චිත්තපරිවිතර්‍කයෙක් උපන. ‘උපතින් සත්හැවිරිදි වූ මා විසින් රහත් බව පසක් කරණ ලද. ශ්‍රාවකයක්හු විසින් ලැබියයුතු යම්කිසි ගුණජාතයෙක් වේ නම් ඒ සියල්ල මා විසින් ලබන ලද. මා විසින් මත්තෙහි කටයුත්තෙක් හෝ කරණ ලද්දහුගේ වැඩීමෙක් හෝ නැත්තේ ද වෙයි. මම් සඟනට කිනම් වතාවතක් කෙරෙම් දෝ හෝ’යි. ඉක්බිති ආයුෂ්මත් දබ්බමල්ලපුත්‍රයනට මේ සිත විය. ‘මම් සඟනට සෙනසුන් ද පනවම් නම් බත් ද උදෙසම් නම් මැනැවැ’යි.
2. ඉක්බිති ආයුෂ්මත් දබ්බමල්ලපුත්‍රයෝ සවස් වේලෙහි පිළිසලනින් නැඟී සිටියාහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේට අභිවාදනය කොට එකත්පස් ව හුන්නාහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ. “ස්වාමීනි, මෙහි රහෝගත ව විවේකී ව හුන් මට මෙබඳු වූ චිත්තපරිවිතර්‍කයෙක් උපන. උපතින් සත්හැවිරිදි වූ මා විසින් රහත් බව පසක් කරණ ලද. ශ්‍රාවකයක්හු විසින් ලැබියයුතු වූ සියලු ගුණජාතය මා විසින් ලබන ලද. මා විසින් මත්තෙහි කටයුතු කිසිවක් හෝ කරණ ලද්දහුගේ වටාලා වැඩීමෙක් හෝ නැත්තේ ද වෙයි. මම සඟනට කිනම් වතාවතක් කෙරෙම් දෝ හෝ”යි. ‘ස්වාමීනි, ඒ මට මේ සිත විය: මම් සඟනට සෙනසුන් ද පනවම් නම් බතුදු උදෙසම් නම් මනා මැ නු’යි. ස්වාමීනි, මම සඟනට සෙනසුනුදු පනවන්නට බතුදු උදෙසන්නට කැමැත්තෙමි”යි. “මැනැවැ, මැනැවැ, දබ්බයෙනි, එසේ වී නම් දබ්බයෙනි, තෙපි සඟනට සෙනසුනුදු පනවවු. බතුදු උදෙසවු ය”යි. ‘එසේ ය වහන්සැ’යි ආයුෂ්මත් දබ්බමල්ලපුත්‍රයෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ.
3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මෙ කරුණෙහි දැහැමි කථා කොට භික්‍ෂූන් ඇමතූ සේක: “එසේ වී නම් මහණෙනි, සඞ්ඝ තෙමේ දබ්බමල්ලපුත්‍රයා සෙනසුන් පනවන්නකු ද බත් උදෙසන්නකු ද කොට සම්මත කෙරේවා. තවද මහණෙනි, මෙසේත් සම්මත කළ යුත්තේ ය. පළමු කොට දබ්බමල්ලපුත්‍ර තෙමේ අයැදිය යුත්තේ ය. අයැද ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ ය”
4. “වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා, ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ ආයුෂ්මත් දබ්බමල්ලපුත්‍රයන් සෙනසුන් පනවන්නකු ද බත් උදෙසන්නකු ද කොට සම්මත කරන්නේ ය. තෙල ඤත්ති යි.
වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා, සඞ්ඝ තෙමේ ආයුෂ්මත් දබ්බමල්ලපුත්‍රයන් සෙනසුන් පනවන්නකු ද බත් උදෙසන්නකු ද කොට සම්මත කෙරෙයි. යම් ආයුෂ්මතක්හට ආයුෂ්මත් දබ්බමල්ලපුත්‍රයන් සෙනසුන් පනවන්නකු ද බත් උදෙසන්නකු ද කොට සම්මත කිරීම රුචි වේ නම් හෙතෙම තූෂ්ණීම්භූත වන්නේ ය. යමක්හට නො රුස්නේ නම් හෙතෙම බණන්නේ ය.
සඞ්ඝයා විසින් ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍ර තෙමේ සෙනසුන් පනවන්නකු ද බත් උදෙසන්නකු ද කොට සම්මත කරණ ලද්දේ ය. සඞ්ඝයාට රුචි වෙයි. එහෙයින් තූෂ්ණීම්භාවය යි. මේ මෙසේ ධරමි”යි.
5. ඉක්බිති සම්මත වූ ආයුෂ්මත් දබ්බමල්ලපුත්‍රයෝ සභාග සභාග වූ භික්‍ෂූන්ට එකට සෙනසුන් පනවති. යම් මහණ කෙනෙක් සෞත්‍රාන්තිකයෝ වෙද්ද ඔහු ඔවුනොවුන් සූත්‍රාන්තය සඞ්ගායනා කෙරෙති, ඔවුනට එකට සෙනසුන් පනවති. යම් මහණ කෙනෙක් විනයධරයෝ වෙද්ද ඔහු ඔවුනොවුන් විනය විනිශ්චය කෙරෙති’ ඔවුනට එකට සෙනසුන් පනවති. යම් මහණ කෙනෙක් ධර්‍මකථිකයෝ වෙද්ද, ‘ඔහු ඔවුනොවුන් ධර්‍මය සාකච්ඡා කෙරෙතී’ ඔවුනට එකට සෙනසුන් පනවති. යම් මහණ කෙනෙක් ධ්‍යායීහු වෙද් ද ‘ඔහු ඔවුනොවුන් නො වෙහෙසතී’ ඔවුනට එකට සෙනසුන් පනවති. යම් මහණ කෙනෙක් තිරච්ඡානකථා ඇත්තාහු සිරුරු තර කිරීම බහුල ව වෙසෙත් නම් ‘මේ ආයුෂ්මත්හු මේ තිරිසන් කථා රතියෙන් වෙසෙති’. ඔවුනට ද එකට සෙනසුන් පනවති. යම් මහණ කෙනෙක් විකාලයෙහි එත් නම් තේජෝධාතුවට සමවැද එම ආලෝකයෙන් ඔවුනට ද සෙනසුන් පනවත්. තවද භික්‍ෂූහු ‘ඇපි ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයන්ගේ ඍද්ධිප්‍රාතිහාර්‍ය බලම්හ’ යි දැන දැන නො කල්හි පැමිණෙති. ඔහු ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයන් කරා එළඹ ‘ඇවැත්නි, දබ්බයෙනි අපට සෙනසුන් පනවාලව’යි කියති. ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයෝ ඒ භික්‍ෂූන්ට මෙසේ කියති. ආයුෂ්මත්හු කොහි කැමැති වෙද්ද කොහි සෙනසුන් පනවම් දැ? යි. ඔහු දැන දැන දුරු තැන් දක්වති. ඇවැත් දබ්බයෙනි, අපට ගිජුකුළුපව්වෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට සොරපතනෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට ඉසිගිලිපව්පාත්හි කළුසලහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට වේභාරපව්පාත්හි සප්තපණ්ණිගුහායෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට ශීතවනයෙහි නාකෙමබෙයදෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට ගොයුම්කඳුරෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට තිඹිරිකඳුරෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට තපෝදකඳුරෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට තපෝදාරාමයෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට ජීවක අඹඋයන්හි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට මද්දකුච්ඡි නම් මුවළැව්හි සෙනසුන් පනවාලව”යි කියන්නාහ. ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයෝ තේජෝධාතුවට සමවැද දිලියෙන ඇඟිලි ඇති ව ඔවුනට පෙරට ව පෙරට ව යෙති. උයිත් එම එළියෙන් ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයන්ගේ පස්පස්හි යෙති. ඔවුනට ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයෝ මෙසෙයින් සෙනසුන් පනවත්. මේ ඇඳ ය, මේ පුටු ය, මේ බිසි ය, මේ බිම්බොහන ය, මේ වැසිකිළි ය, මේ කෙසකිළි ය, මේ පැන් ය, මේ පරිභෝග උදක ය, මේ සැරයටි ය, මේ සඟුන්ගේ කතිකාවත ය, මෙකල පිවිසියයුතු ය, මෙකල නික්මියයුතු ය’යි. ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයෝ ඔවුනට සෙනසුන් පනවා නැවත වේළුවනයට පෙරළා එන්නාහ.
6. තවද එසමයෙහි මෙත්තියභුම්මජක භික්‍ෂූහු නවකයෝ ද මඳ පිනැත්තාහු ද වෙති. ඔවුනට සඞ්ඝයා පිළිබඳ වූ යම් ලාමක සෙනසුන් කෙනෙක් වෙත් ද ලාමක වූ බතකුත් වේ ද ඒ ලාමක සෙනසුන් හා බත් ම ලැබෙත්. එසමයෙහි රජගහනුවර මනුෂ්‍යයෝ සකස් කළ පිණ්ඩපාතය ද ගිතෙල් ද තලතෙල් ද මස්අවුළු ද ස්ථවිර භික්‍ෂූන්ට දෙන්නට කැමැති වෙත්. එතෙකුදුවත් මෙත්තියභුම්මජක භික්‍ෂූන්ට කුඩු සහිත වූ කාඩි දෙවැනි කොට ඇති පියවි බත පිසූ සැටියෙන් දෙති. ඔහු පසුබත්හි පිණ්ඩපාතයෙන් නැවැත්තාහු “ස්ථවිරභික්‍ෂූන් පුළුවුස්ති ‘ඇවැත්නි, තොපට බොජුන්හල්හි කෙබඳු බතෙක් වී ද? තොපට කෙබඳු බතෙක් වී දැ?’යි. ඇතැම් තෙර කෙනෙක් මෙසේ කියති. ‘ඇවැත්නි, අපට ගිතෙල් විය. තලතෙල් විය. මස්අවුළු වී ය’යි. මෙත්තියභුම්මජක භික්‍ෂූහු වැළිත් මෙසේ කියති. ‘ඇවැත්නි, අපට කිසිවක් නො වී ය. කුඩු සහිත වූ කාඩි දෙවැනි කොට ඇති. පිසූ සැටියෙන් පියවි බත වී ය’යි.
7. තවද එසමයෙහි කල්‍යාණභක්තික ගෘහපති තෙම නිතිබත් කොට සතර බතක් දෙයි. හෙතෙම දන්හල්හි අඹුදරුවන් සහිත වූයේ සමීපයෙහි සිට වළඳවයි. කෙනෙක් බතින් පුළුවුස්ති. කෙනෙක් සූපයෙන් පුළුවුස්ති. කෙනෙක් තෙලින් පුළුවුස්ති. කෙනෙක් මසවුළෙන් පුළුවුසිත්. එසමයෙහි කල්‍යාණභක්තික ගෘහපතියාගේ බත සෙට දවසට මෙත්තියභුම්මජක භික්‍ෂූන්ට උදෙසන ලද වෙයි. එකල්හි කල්‍යාණභක්තික ගෘහපති තෙම කිසි කරුණෙකින් ආරාමයට ගියේ ය. හෙතෙම ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයන් සමීපයට එළැඹ ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයන් වැඳ එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් කල්‍යාණභක්තික ගෘහපතිහු ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයෝ දැහැමි කථායෙන් කරුණු දැක්වූහ. සමාදන් කරවූහ. තෙද ගැන්වූහ. සතුටු කළහ. ඉක්බිති කල්‍යාණභක්තික ගෘහපති ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයන් විසින් දැහැමි කථායෙන් කරුණු දක්වන ලද්දේ සමාදන් කරවන ලද්දේ තෙද ගන්වන ලද්දේ සතුටු කරණ ලද්දේ ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයනට මෙය කී ය. “වහන්ස, අපගේ ගෙහි සෙටදවසට කවරක්හට බත් උදෙසන ලද දැ?”යි. ගෘහපතිය, මෙත්තියභුම්මජක භික්‍ෂූන්ට තොපගේ ගෙහි සෙට දවසට බත් උදෙසන ලදැ යි කීහ.
8. එකල්හි කල්‍යාණභක්තික ගෘහපති නො සතුටුසිත් ඇති වී ය. ‘කෙසේ නම් පාප භික්‍ෂූහු අපගේ ගෙහි සෙට බත් වළඳන්නාහු දැ’යි ගෙට ගොස් ‘කොල, සෙට බත් වළඳන යම් කෙනෙක් එත් නම් ඔහු කොටුයෙහි අසුන් පනවා කාඩි දෙවැනි කොට ඇති නිවුඩු සහලේ බතින් වළඳව”යි දාසියට ඇණවීය. ‘එසේය ස්වාමීනි’යි ඒ දාසිය කල්‍යාණභක්තික ගෘහපතිහට පිළිවදන් දින.
9. ඉක්බිති මෙත්තියභුම්මජක භික්‍ෂූහු ඇවැත්නි, ඊයේ අපට කල්‍යාණභක්තික ගෘහපතිහුගේ බත උදෙසන ලද. සෙට කල්‍යාණභක්තික ගෘහපති තෙම අප සමීපයට එළඹ වළඳවන්නේය. කෙනෙක් ඕදනයෙන් පුළුවුස්ති, කෙනෙක් සූපයෙන් පුළුවුස්ති, කෙනෙක් තෙලින් පුළුවුස්ති. කෙනෙක් මසවුළෙන් පුළුවුසිත් ය”යි. ඔහු එ ම සොම්නසින් සිත් වූ පරිදි රාත්‍රියෙහි නිදි නො ගත්හ.
10. ඉක්බිති මෙත්තියභුම්මජක භික්‍ෂූහු පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙන කල්‍යාණභක්තික ගෘහපතිහුගේ නිවෙස්න කරා එළඹියහ. ඒ දාසිය දුරින් ම එන මෙත්තියභුම්මජක භික්‍ෂූන් දුටුවා ය. දැක කොටුයෙහි අසුන් පනවා මෙත්තියභුම්මජක භික්‍ෂූන්ට ‘වහන්ස, හුන මැනැවැ’යි කිව. එකල්හි මෙත්තියභුම්මජක භික්‍ෂූන්ට මේ සිත විය. එකැතින් ම තව බත් නො නිමියේ වන. ඒ තාක් ඇපි කොටුයෙහි හිඳුවනු ලබම්හ”යි. ඉක්බිති ඒ දාසිය කාඩි දෙවැනි කොට ඇති නිවුඩු බතින් යුක්ත ව එළඹියා ය. ‘වහන්ස, වළඳව’යි කිව. ‘නැගනියනි, ඇපි නිතිබත් ඇතියම්හ’යි. ස්වාමීනි, නිතිබත් ඇතියවුහු දනිමි. එතෙකුදුවත් මම ඊයේ ම අණ ලත්මු. කොල, සෙට බත් ලද යම් කෙනෙක් එත් නම් ඔහු කොටුයෙහි අසුන් පනවා කාඩි දෙවැනි කොට ඇති නිවුඩුසාලේ බතින් වළඳව’යි. වහන්ස, වැළඳුව මැනැවැ’යි.
11. ඉක්බිති මෙත්තියභුම්මජක භික්‍ෂූහු ‘ඇවැත්නි, ඊයේ කල්‍යාණභක්තික ගෘහපති තෙම අරමට ගියේ ය. දබ්බමල්‍යපුත්‍රයන් හමුයෙහි වී ය. එකැතින් ම ඇපි දබ්බමල්‍යපුත්‍රයන් විසින් ගෘහපතිහු කෙරෙහි බිඳුනා ලදුම්හ’යි ඔහු එම දොම්නසින් සිත් සේ නො වැළඳූහ. ඉක්බිති මෙත්තියභුම්මජක භික්‍ෂූහු පසුබත්හි පිණ්ඩපාතයෙන් නැවැත්තාහු අරමට ගොස් පාසිවුරු සඟවා තබා බිහිඅරම්කොටුයෙහි නිහඬ ව මකු ව නැමූ කඳට ඇතිව (කෝපයෙන්) දුමමින් වැටහීම් රහිත ව සඟළින් අකවටු අවුළුවා හුන්හ.
12. එකල්හි මෙත්තියා මෙහෙණ මෙත්තියභුම්මජක භික්‍ෂූන් කරා එළඹියාය. එළැඹ මෙත්තියභුම්මජක භික්‍ෂූන්ට ‘වඳිමි හිමියනි’යි කිව. මෙසේ කී කල් ද මෙත්තියභුම්මජක භික්‍ෂූහු නො බැණ හුන්හ. දෙවනවට ද ... තෙවනවටහි මෙත්තියා මෙහෙණ මෙත්තියභුම්මජක භික්‍ෂූන්ට ‘වඳිමි, හිමියනි’යි කිව. තෙවනවට ද මෙත්තියභුම්මජක භික්‍ෂූහු නො බැණ හුන්හ. මම ආර්‍ය්‍යයන්ට කවර අපරාධයන් කෙළෙම් ද? කුමක් හෙයින් ආර්‍ය්‍යයෝ මා හා නො බෙණෙත් දැ?යි. එසේ ම ය නැගනියනි, තෝ දබ්බමල්‍යපුත්‍රයන් විසින් අප වෙහෙසනු ලබනුවන් උපේක්‍ෂා කෙරෙහි ය”යි. ආර්‍ය්‍යයෙනි, මම කුම් කෙරෙම් දැ?යි ඉදින් නැගනියනි, තෝ රිසියවු නම් අද ම භාග්‍යවත්හු දබ්බමල්‍යපුත්‍රයා නසවන්නා හ යි, ආර්‍ය්‍යයෙනි, මම් කුම් කෙරෙම් ද? මා විසින් කුමක් කරන්නට හැකි දැ?යි. එව නැගනියනි, තෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹෙව. එළැඹ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කියව. ‘ස්වාමීනි, මේ නො රුස්නෙක නුසුදුස්සෙක, ස්වාමීනි, යම් දිශාවක් නිර්‍භය ද නිදුක් ද අනුපද්‍රව ද ඒ දිශාව භය සහිත ය. දුක් සහිත ය. උපද්‍රව සහිත ය. යම් තැනෙක්හි නීවාත ද එහි මහසුළං නැඟිණ. දිය ඇවිලගත් කලක් මෙන් ආර්‍ය්‍ය දබ්බමල්‍යපුත්‍රයන් විසින් මම් දූෂිතයමු”යි. ‘එසේය ආර්‍ය්‍යයෙනි’යි මෙත්තියා මෙහෙණ මෙත්තියභුම්මජක භික්‍ෂූන්ට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියා ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට අභිවාදනය කොට එකත්පස් ව සිටියා ය. එකත්පස් ව සිටි මෙත්තියා මෙහෙණ භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් කිව. ‘ස්වාමීනි, මෙය නො රුස්නෙක. නුසුදුස්සෙක. ස්වාමීනි, යම් දිශාවක් අභය ද අනීතික ද අනුපද්‍රව ද, ඒ දිශාව භය සහිතය. දුක් සහිත ය. උවදුරු සහිත ය. යම් තැනෙක්හි නිවාත ද එතැන්හි මහසුළං නැඟිණි. දිය ආදීප්ත කලක් මෙනි. ආර්‍ය්‍ය දබ්බමල්‍යපුත්‍රයන් විසින් දූෂිතයමු’යි කිව.
13. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ තෙල නිදානයෙහි තෙල කරුණෙහි භික්‍ෂුසඞ්ඝයා රැස් කරවා ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයන් පුළුවුත් සේක. “දබ්බය, යම්සේ මේ මෙහෙණ කිවු ද තෙපි මෙබන්දක් කළහු සිහි කරවු දැ”යි. “භාග්‍යවතුන් වහන්සේ යම්සේ මා දන්නාසේක් ද (එසෙයින් දතයුතු වෙමි”)යි. බුදුහු දෙවනවට ද ... බුදුහු තෙවනවට ද ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයන්ට මෙය වදාළහ. ‘දබ්බය, යම්සේ මේ මෙහෙණ කිවු ද, තෙපි මෙබන්දක් කළහු සිහි කරවු දැ’යි. දබ්බය පණ්ඩිතයෝ මෙසේ පරප්‍රත්‍යයෙන් නිරවුල් නො කෙරෙති. ඉදින් තා විසින් කරණ ලද නම් කරණ ලදැ යි කියව. නො කරණ ලද නම් නො කරණ ලදැයි කියව’යි. ‘ස්වාමීනි, මම යම් කලෙක උපන්නෙම් ද එතැන් පටන් සිහිනෙනුදු මෙවුන්දම් සෙවියෙම් නො දන්මි. නිදිවැරුයෙම් කැලමැ’යි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමැතූ සේක. එසේ වී නම් මහණෙනි, “මෙත්තියා මෙහෙණ (ලිඞ්ගනාසනායෙන්) නසවු. මේ (මෙහෙයූ) භික්‍ෂූන් ද විමසව”යි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාරා හුනස්නෙන් නැගී විහාරයට පිවිසි සේක.
14. ඉක්බිති ඒ භික්‍ෂූහු මෙත්තියා මෙහෙණ ලිඞ්ගනාසනායෙන් නසාපූහ. එකල්හි මෙත්තියභුම්මජක භික්‍ෂූන්ට මෙසේ කීහ. ‘ඇවැත්නි, මෙත්තියා මෙහෙණ නහමක් නසවු. ඕ තොමෝ කිසි වරදක් නො කෙරෙයි. කිපියා වූ නො සතුටු සිත් ඇති සස්නෙන් නෙරනු කැමැති වූ අප විසින් ඕ තොමෝ මෙහෙයන ලදු ය’යි. කිමෙක් ද ඇවැත්නි, “තෙපි ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයන් අමුලු පරිජිඇවතින් චෝදනා කරවු දැ”යි. එසේය ඇවැත්නි, යි. යම් භික්‍ෂු කෙනෙක් අපිස් වූවාහු ද ඔහු අවමන් කෙරෙති. නුගුණ කියති. දොස් පහළ කෙරෙත්. ‘කෙසේ නම් මෙත්තියභුම්මජක භික්‍ෂූහු ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයනට අමුලු පරිජිඇවැතින් චෝදනා කළාහු දැ’යි. එකල්හි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ දැන් වූහ. සැබෑද? මහණෙනි, තෙපි දබ්බමල්‍යපුත්‍රයනට අමුලු පරිජිඇවතින් චෝදනා කරවුදැ?යි. සැබව භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු වෙසෙසින් ගර්‍හා කළහ ... කෙසේ නම් සිස් පුරුෂයෙනි, තෙපි දබ්බමල්‍ය පුත්‍රයනට අමුලු පරිජිඇවැතින් චෝදනා කළහු ද? සිස් පුරුෂයෙන්, තෙල නො පහන් වූවන්ගේ පහන් බව පිණිස හෝ නො වෙයි ... තවද මහණෙනි, මේ ශික්‍ෂා පදය මෙසේ උදෙසවු.
“යම් මහණෙක් ද්විෂ්ට වූයේ, මෙරමා දූෂණය කරණුයේ, නො සතුටු සිත් ඇත්තේ ‘මොහු මෙසස්නෙන් නෙරනෙම් නම් යෙහෙකැ’යි මහණක්හට අමුලු පරිජිඇවතින් චෝදනා කෙරේ නම්, එයින් පසු කලෙක විචාරනු ලබන්නේ හෝ නො විචාරහු ලබන්නේ හෝ ඒ අධිකරණය මුල් රහිත වේ නම්, (චෝදක) මහණ තෙමේ ද දෝෂයෙහි පිහිටා නම් සඟවෙසෙස් වේ” ය යි.
15. යෝපන යනු: යමෙක් යමුබදුයෙක් ... භික්ඛු යනු … මේ තෙම මේ අර්‍ත්‍ථයෙහි භික්‍ෂු යයි අදහස් කරණ ලදී.