Mahāvagga

Great Division

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 2789 segments

පෙන්වන කොටස් 2501-2600 න් 2789

84. එකල්හි භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ සඞ්ඝයා විසින් පවිටු මිසදිටු නො හැරීමෙහි බැහැර කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවතී. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවතී. පවිටු මිසදිටු නො හැරීමෙහි (කළ) උක්ඛේපනීයකර්‍මයාගේ සන්සිඳීම ඉල්ලයි. එබැවින් අපි මොහුගේ පවිටු මිසදිටු නො හැරීමෙහි (කළ) උක්ඛේපනීයකර්‍මය සන්සිඳුවමු” යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු ඔහුගේ පවිටු මිසදිටු නො හැරීමෙහි උක්ඛේපනීයකර්‍මය සන්සිඳුවත්.
85. හෙතෙමේ ඒ ආවාසයෙන් අන්‍ය ආවාසයකට යයි. එහි භික්‍ෂූන්ට “ඇවැත්නි, අධර්‍මයෙන් ව්‍යග්‍ර වූ සඞ්ඝයා විසින් මේ මහණහුගේ පවිටු මිසදිටු නො හැරීමෙහි (කළ) උක්ඛේපනීය කර්‍මය සන්සිඳුවන ලද්දේ ය. එබැවින් අපි මොහුගේ පවිටු මිසදිටු නො හැරීමෙහි උක්ඛේපනීයකර්‍මය සන්සිඳුවමු” යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් සමග්‍ර වූවාහු –පෙ– ධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍ර වූවාහු ඔහුගේ පවිටු මිසදිටු නො හැරීමෙහි (කළ) උක්ඛේපනීය – කර්‍මය සන්සිඳුවත්. චක්‍ර කළ යුතු ය.
86. මහණෙනි, මෙහි ඩබර කරන්නා වූ කලහ කරන්නා වූ විවාද කරන්නා වූ කතාවෙන් කලහ උපදවන්නා වු සඞ්ඝයා වෙත පැමිණිලි කරන්නා වූ මහණෙක් වේ. එකල්හි භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ ඩබර කරන්නේ ය –පෙ– සඞ්ඝයා වෙත පැමිණිලි කරන්නේ ය. එබැවින් අපි මොහුට තජ්ජනීයකර්‍මය කරමු” යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු ඔහුට තජ්ජනීයකර්‍මය කෙරෙත්.
87. එහි සිටි සඞ්ඝ තෙමේ “අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. අධර්‍මයෙන් සමග්‍රකර්‍මය යි. ධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය යි. කර්‍මය නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවත කළ යුතු” යි විවාද කෙරෙයි.
88. මහණෙනි, එහි යම් ඒ භික්‍ෂූහු “අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍ම ය” යි මෙසේ කීහු ද, යම් ඒ භික්‍ෂූහු “කර්‍මය නො කරණ ලදී. කර්‍ම ය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු” යි මෙසේත් කීහු ද, මේ භික්‍ෂූහු එහි ධර්‍මවාදී වෙත්.
89. මහණෙනි, මෙහි ඩබර කරන්නා වූ –පෙ– සඞ්ඝයා වෙත පැමිණිලි කරන්නා වූ මහණෙක් වේ. එකල්හි භික්‍ෂූන්ට ‘ඇවැත්නි, මේ මහණ තෙමේ ඩබර කරන්නේ ය –පෙ– සඞ්ඝයා වෙත පැමිණිලි කරන්නේ ය. එබැවින් අපි මොහුට තජ්ජනීයකර්‍මය කරමු’ යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් සමග්‍ර වූවාහු ඔහුට තජ්ජනීය කර්‍මය කෙරෙත්.
90. එහි සිටි සඞ්ඝ තෙමේ “අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මයයි. අධර්‍මයෙන් සමග්‍රකර්‍මය යි. ධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය යි. කර්‍මය නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවත කළයුතු” යි විවාද කෙරෙයි.
91. මහණෙනි, එහි යම් ඒ භික්‍ෂූහු “අධර්‍මයෙන් සමග්‍රකර්‍මය’ යි මෙසේ කීහු ද, යම් ඒ භික්‍ෂූහු ‘කර්‍මය නො කරණලදී. කර්‍මය වැරදි සේ කරණලදී. කර්‍මය නැවැත කළ යුතු” යි මෙසේත් කීහු ද, එහි මේ භික්‍ෂූහු ධර්‍මවාදී වෙත්.
92. මහණෙනි, මෙහි ඩබර කරන්නා වූ –පෙ– සඞ්ඝයා වෙත පැමිණිලි කරන්නා වූ මහණෙක් වේ. එකල්හි භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ ඩබර කරන්නේ ය –පෙ– සඞ්ඝයා වෙත පැමිණිලි කරන්නේ ය. එබැවින් අපි මොහුට තජ්ජනීයකර්‍මය කරමු” යි. මෙසේ අදහස් වේ. ඔහු ධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු ඔහුට තජ්ජනීයකර්‍මය කෙරෙත්.
93. එහි සිටි සඞ්ඝ තෙමේ “අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. අධර්‍මයෙන් සමග්‍රකර්‍මය යි. ධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය යි. කර්‍මය නො කරණ ලදී. කර්‍ම ය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළයුතු” යි විවාද කෙරෙයි.
94. මහණෙනි, එහි යම් ඒ භික්‍ෂූහු “ධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය” යි මෙසේ කීහු ද, යම් ඒ භික්‍ෂූහු ‘කර්‍මය නො කරණලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු” යි මෙසේත් කීහු ද, එහි මේ භික්‍ෂූහු ධර්‍මවාදී වෙත්.
95. මහණෙනි, මෙහි ඩබර කරන්නා වූ –පෙ– සඞ්ඝයා වෙත පැමිණිලි කරන්නා වූ මහණෙක් වේ. එකල්හි භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ ඩබර කරන්නේ ය –පෙ– සඞ්ඝයා වෙත පැමිණිලි කරන්නේ ය. එබැවින් අපි මොහුට තජ්ජනීයකර්‍මය කරමු” යි මෙසේ අදහස් වේ. ඔහු ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍ර වූවාහු ඔහුට තජ්ජනීයකර්‍මය කෙරෙත්.
96. එහි සිටි සඞ්ඝ තෙමේ “අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. අධර්‍මයෙන් සමග්‍රකර්‍මය යි. ධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍මය යි ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය යි. කර්‍මය නොකරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු” යි විවාද කෙරෙයි.
97. මහණෙනි, එහි යම් ඒ භික්‍ෂූහු “ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍ම ය” යි මෙසේ කීහු ද, යම් ඒ භික්‍ෂූහු “කර්‍මය නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු” යි මෙසේත් කීහු ද, එහි මේ භික්‍ෂූහු ධර්‍මවාදී වෙත්.
98. මහණෙනි, මෙහි ඩබර කරන්නා වූ –පෙ– සඞ්ඝයා වෙත පැමිණිලි කරන්නා වූ මහණෙක් වේ. එකල්හි භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ ඩබර කරන්නේ ය. –පෙ– සඞ්ඝයා වෙත පැමිණිලි කරන්නේ ය. එබැවින් අපි මොහුට තජ්ජනීයකර්‍මය කරමු” යි මෙසේ අදහස් වේ. ඔහු ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍ර වූවාහු තජ්ජනීයකර්‍මය කෙරෙත්.
99. එහි සිටි සඞ්ඝ තෙමේ “අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. අධර්‍මයෙන් සමග්‍රකර්‍මය යි. ධර්‍මයෙන් ව්‍යග්‍ර කර්‍ම ය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය යි. කර්‍මය නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු” යි විවාද කෙරෙයි.
100. මහණෙනි, එහි යම් ඒ භික්‍ෂූහු “ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය’ යි මෙසේ කීහු ද, යම් ඒ භික්‍ෂූහු කර්‍මය නො කරණ ලදි. කර්‍මය වැරදි සේ කරණ ලදී. නැවැත කර්‍මය කළ යුතු” යි මෙසේත් කීහු ද, එහි මේ භික්‍ෂූහු ධර්‍මවාදී වෙත්.
101. මහණෙනි, මෙහි මහණෙක් තෙමේ අඥ වූයේ අව්‍යක්ත වූයේ ඇවැත් බහුල කොට ඇත්තේ ඉමක් නැති ඇවැත් ඇත්තේ ගිහීන් හා හැනී සිටියේ වේ. අනුලොම් නො වූ ගිහිසසඟින් යුක්ත ව වෙසෙයි. එකල්හි භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ අඥ ය. අව්‍යක්ත ය. ඇවැත් බහුල කොට ඇත්තේ ය. ඉමක් නැති ඇවැත් ඇත්තේ ය. ගිහීන් හා හැනී සිටියේ ය. අනුලොම් නො වූ ගිහිසසඟින් යුක්ත ව වෙසේ. එබැවින් අපි මොහුට නියස්සකර්‍මය කරමු” යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– අධර්‍මයෙන් සමග්‍ර වූවාහු –පෙ– ධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍ර වූවාහු ඔහුට නියස්සකර්‍මය කෙරෙත්. එහි සිටි සඞ්ඝ තෙමේ “අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. අධර්‍මයෙන් සමග්‍රකර්‍මය යි. ධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය යි. කර්‍මය නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු” යි විවාද කෙරෙයි. මහණෙනි, එහි යම් ඒ භික්‍ෂූහු “ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය” යි මෙසේ කීහු ද, යම් ඒ භික්‍ෂූහු “කර්‍මය නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු” යි මෙසේත් කීහු ද, එහි මේ භික්‍ෂූහු ධර්‍මවාදී වෙත්. මේ පස් වර සංක්‍ෂේප කරණ ලදී.
102. මහණෙනි, මෙහි මහණෙක් තෙමේ කුලදූෂක වූයේ පවිටු හැසිරීම් ඇත්තේ වේ. එකල්හි භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ කුලදූෂක ය. පවිටු හැසිරීම් ඇත්තේ ය. එබැවින් අපි මොහුට පබ්බාජනීයකර්‍මය කරමු” යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– අධර්‍මයෙන් සමග්‍ර වූවාහු –පෙ– ධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍ර වූවාහු ඔහුට පබ්බාජනීයකර්‍මය කෙරෙත්. එහි සිටි සඞ්ඝ තෙමේ “අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. අධර්‍මයෙන් සමග්‍රකර්‍මය යි. ධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය යි. කර්‍මය නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු” යි විවාද කෙරෙයි. මහණෙනි, එහි යම් ඒ භික්‍ෂූහු “ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍ම ය” යි මෙසේ කීහු ද, යම් ඒ භික්‍ෂූහු ‘කර්‍මය නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු” යි මෙසේත් කීහු ද, එහි මේ භික්‍ෂූහු ධර්‍මවාදී වෙත්. මේ පස් වර සංක්‍ෂේප කරණ ලදී.
103. මහණෙනි, මෙහි මහණෙක් තෙමේ ගිහීන්ට ආක්‍රෝශ කෙරෙයි. පරිභව කෙරෙයි. එකල්හි භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ ගිහීන්ට ආක්‍රෝශ කෙරෙයි. පරිභව කෙරෙයි. එහෙයින් අපි මොහුට පටිසාරණීයකර්‍මය කරමු” යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– අධර්‍මයෙන් සමග්‍ර වූවාහු –පෙ– ධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍ර වූවාහු ඔහුට පටිසාරණීයකර්‍මය කෙරෙත්. එහි සිටි සඞ්ඝ තෙමේ “අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. අධර්‍මයෙන් සමග්‍රකර්‍මය යි. ධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය යි. කර්‍මය නො කරණ ලදි. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු” යි විවාද කෙරෙයි. මහණෙනි, එහි යම් ඒ භික්‍ෂූහු “ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍ම ය” යි මෙසේ කීහු ද, යම් ඒ භික්‍ෂූහු කර්‍මය නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු ය” යි මෙසේත් කීහු ද, එහි මේ භික්‍ෂූහු ධර්‍මවාදී වෙත්. මේ පස්වර සංක්‍ෂේප කරණලදී.
104. මහණෙනි, මෙහි මහණෙක් තෙමේ ඇවැතට පැමිණ ඇවැත දක්නට කැමැති නො වේ. එකල්හි භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ ඇවැතට පැමිණ ඇවැත දක්නට කැමැති නො වේ. එබැවින් අපි මොහුට ඇවැත් නො දැක්මෙහි උක්ඛේපනීයකර්‍මය කරමු” යි. මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– අධර්‍මයෙන් සමග්‍ර වූවාහු –පෙ– ධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍ර වූවාහු ඔහුට ඇවැත් නො දැක්මෙහි උක්ඛේපනීයකර්‍මය කෙරෙත්. එහි සිටි සඞ්ඝ තෙමේ “අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. අධර්‍මයෙන් සමග්‍රකර්‍ම ය යි. ධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය යි. කර්‍මය නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු ය” යි විවාද කෙරෙයි. මහණෙනි, එහි යම් ඒ භික්‍ෂූහු “ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය” යි මෙසේ කීහු ද, යම් ඒ භික්‍ෂූහු “කර්‍මය” නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු ය” යි මෙසේත් කීහු ද, එහි මේ භික්‍ෂූහු ධර්‍මවාදී වෙත්. මේ පස්වර සංක්‍ෂේප කරණ ලදී.
105. මහණෙනි, මෙහි මහණෙක් තෙමේ ඇවැතට පැමිණ ඇවැතට පිළියම් කරන්නට කැමැති නො වේ. එකල්හි භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ ඇවැතට පැමිණ ඇවැතට පිළියම් කරන්නට කැමැති නො වේ. එබැවින් අපි මොහුට ඇවැතට පිළියම් නො කිරීමෙහි උක්ඛේපනීයකර්‍මය කරමු” යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– අධර්‍මයෙන් සමග්‍ර වූවාහු –පෙ– ධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍ර වූවාහු ඔහුට ඇවැතට පිළියම් නො කිරීමෙහි උක්ඛේපනීයකර්‍මය කෙරෙත්. එහි සිටි සඞ්ඝ තෙමේ “අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. අධර්‍මයෙන් සමග්‍රකර්‍මය යි. ධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය යි. කර්‍මය නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු ය” යි විවාද කෙරෙයි. මහණෙනි, එහි යම් ඒ භික්‍ෂූහු “ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය” යි මෙසේ කීහු ද, යම් ඒ භික්‍ෂූහු කර්‍මය නො කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු ය” යි මෙසේත් කීහු ද, එහි මේ භික්‍ෂූහු ධර්‍මවාදී වෙත්. මේ පස්වර සංක්‍ෂේප කරණ ලදී.
106. මහණෙනි, මෙහි මහණෙක් තෙමේ, පවිටු මිසදිටු අත් හැරීමට කැමැතී නො වේ. එකල්හි භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ පවිටු මිසදිටු අත්හරින්නට කැමැති නො වේ. එබැවින් අපි මොහුට පවිටු මිසදිටු අත් නො හැරීමෙහි උක්ඛේපනීයකර්‍මය කරමු” යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– අධර්‍මයෙන් සමග්‍ර වූවාහු –පෙ– ධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍ර වූවාහු ඔහුට පවිටු මිසදිටු අත් නො හැරීමෙහි උක්ඛේපනීයකර්‍මය කෙරෙත්. එහි සිටි සඞ්ඝ තෙමේ “අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. අධර්‍මයෙන් සමග්‍රකර්‍මය යි. ධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය යි. කර්‍මය නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු ය” යි විවාද කෙරෙයි. මහණෙනි, එහි යම් ඒ භික්‍ෂූහු “ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය” යි මෙසේ කීහු ද, යම් ඒ භික්‍ෂූහු ‘කර්‍මය නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු ය.” යි මෙසේත් කීහු ද, එහි මේ භික්‍ෂූහු ධර්‍මවාදී වෙත්. මේ පස්වර සංක්‍ෂේප කරණ ලදී.
107. මහණෙනි, මෙහි, මහණෙක් තෙමේ සඞ්ඝයා විසින් තජ්ජනීයකර්‍ම කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවතී. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවතී. තජ්ජනීයකර්‍මයාගේ සන්සිඳීම ඉල්ලයි. එකල්හි භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ සඞ්ඝයා විසින් තජ්ජනීයකර්‍ම කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවතී. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවතී. තජ්ජනීයකර්‍මයාගේ සන්සිඳීම ඉල්ලයි. එබැවින් අපි මොහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවමු” යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු ඔහුගේ තජ්ජනීයකර්‍ම ය සන්සිඳුවත්. එහි සිටි සඞ්ඝ තෙමේ “අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. අධර්‍මයෙන් සමග්‍රකර්‍මය යි. ධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍ර කර්‍මය යි. කර්‍මය නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු ය” යි විවාද කෙරෙයි. මහණෙනි, එහි යම් ඒ භික්‍ෂූහු “අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය” යි මෙසේ කීහු ද, යම් ඒ භික්‍ෂූහු “කර්‍මය නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු ය” යි මෙසේත් කීහු ද, එහි මේ භික්‍ෂූහු ධර්‍මවාදී වෙත්.
108. මහණෙනි, මෙහි මහණෙක් තෙමේ සඞ්ඝයා විසින් තජ්ජනීයකර්‍ම කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවතී. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවතී. තජ්ජනීයකර්‍මයාගේ සන්සිඳිම ඉල්ලයි. එකල්හි භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ සඞ්ඝයා විසින් තජ්ජනීයකර්‍ම කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවතී. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවතී. තර්‍ජනීයකර්‍මයාගේ සන්සිඳීම ඉල්ලයි. එබැවින් අපි මොහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවමු” යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් සමග්‍ර වූවාහු ඔහුගේ තජ්ජනීයකර්‍ම ය සන්සිඳුවත්. එහි සිටි සඞ්ඝ තෙමේ “අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. අධර්‍මයෙන් සමග්‍රකර්‍මය යි. ධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය යි. කර්‍මය නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු ය” යි විවාද කෙරෙයි. මහණෙනි, එහි යම් ඒ භික්‍ෂූහු “අධර්‍මයෙන් සමග්‍රකර්‍ම” යි මෙසේ කීහු ද, යම් ඒ භික්‍ෂූහු “කර්‍මය නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු ය” යි මෙසේත් කීහු ද, එහි මේ භික්‍ෂූහු ධර්‍මවාදී වෙත්.
109. මහණෙනි, මෙහි මහණෙක් තෙමේ සඞ්ඝයා විසින් තජ්ජනීයකර්‍ම කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවතී. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවතී. තජ්ජනීයකර්‍මයාගේ සන්සිඳීම ඉල්ලයි. එකල්හි භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ සඞ්ඝයා විසින් තජ්ජනීයකර්‍ම කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවතී. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවතී. තජ්ජනීයකර්‍මයාගේ සන්සිඳීම ඉල්ලයි. එබැවින් අපි මොහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවමු” යි. මෙසේ අදහස් වේ. ඔහු ධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු ඔහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවත්. එහි සිටි සඞ්ඝ තෙමේ “අධර්‍මයෙන් ව්‍යග්‍ර කර්‍මය යි. අධර්‍මයෙන් සමග්‍රකර්‍මය යි. ධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍ම ය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය යි. කර්‍මය නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු ය” යි විවාද කෙරෙයි. මහණෙනි, එහි යම් ඒ භික්‍ෂූහු ‘ධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය’ යි මෙසේ කීහු ද, යම් ඒ භික්‍ෂූහු කර්‍මය “නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු ය” යි මෙසේත් කීහු ද, එහි මේ භික්‍ෂූහු ධර්‍මවාදී වෙත්.
110. මහණෙනි, මෙහි මහණෙක් තෙමේ සඞ්ඝයා විසින් තජ්ජනීයකර්‍ම කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවතී. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවතී. තජ්ජනීයකර්‍මයාගේ සන්සිඳීම ඉල්ලයි. එකල්හි භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ සඞ්ඝයා විසින් තජ්ජනීයකර්‍ම කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවතී. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවතී. තජ්ජනීයකර්‍මයාගේ සන්හිඳීම ඉල්ලයි. එබැවින් අපි මොහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවමු” යි. මෙසේ අදහස් වේ. ඔහු ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍ර වූවාහු ඔහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවත්. එහි සිටි සඞ්ඝ තෙමේ “අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. අධර්‍මයෙන් සමග්‍රකර්‍මය යි. ධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය යි. කර්‍මය නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු ය” යි විවාද කෙරෙයි. මහණෙනි, එහි යම් ඒ භික්‍ෂූහු “ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍ම ය” යි මෙසේ කීහු ද, යම් ඒ භික්‍ෂූහු “කර්‍මය නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු ය” යි මෙසේත් කීහු ද, එහි මේ භික්‍ෂූහු ධර්‍මවාදී වෙත්.
111. මහණෙනි, මෙහි මහණෙක් තෙමේ සඞ්ඝයා විසින් තජ්ජනීයකර්‍ම කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවතී. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවතී. තජ්ජනීයකර්‍මයාගේ සන්සිඳීම ඉල්ලයි. එකල්හි, භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ සඞ්ඝයා විසින් තජ්ජනීයකර්‍ම කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවතී. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවතී. තජ්ජනීයකර්‍මයාගේ සන්සිඳීම ඉල්ලයි. එබැවින් අපි මොහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවමු” යි මෙසේ අදහස් වේ. ඔහු ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍ර වූවාහු ඔහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවත්. එහි සිටි සඞ්ඝ තෙමේ “අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. අධර්‍මයෙන් සමග්‍රකර්‍මය යි. ධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය යි. කර්‍මය නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු ය” යි විවාද කෙරෙයි. මහණෙනි, එහි යම් ඒ භික්‍ෂූහු “ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍ම ය” යි මෙසේ කීහු ද, යම් ඒ භික්‍ෂූහු “කර්‍මය, නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු ය” යි මෙසේත් කීහු ද, එහි මේ භික්‍ෂූහු ධර්‍මවාදී වෙත්.
112. මහණෙනි, මෙහි මහණෙක් තෙමේ සඞ්ඝයා විසින් නියස්සකර්‍ම කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවතී. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවතී. නියස්සකර්‍මයාගේ සන්සිඳීම ඉල්ලයි. එකල්හි භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ සඞ්ඝයා විසින් නියස්සකර්‍ම කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවතී. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවතී. නියස්සකර්‍මයාගේ සන්සිඳීම ඉල්ලයි. එබැවින් අපි මොහුගේ නියස්සකර්‍මය සන්සිඳුවමු” යි. මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– අධර්‍මයෙන් සමග්‍ර වූවාහු –පෙ– ධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍ර වූවාහු ඔහුගේ නියස්සකර්‍මය සන්සිඳුවත්. එහි සිටි සඞ්ඝ තෙමේ “අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. අධර්‍මයෙන් සමග්‍රකර්‍මය යි. ධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය යි. කර්‍මය නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු ය” යි විවාද කෙරෙයි. මහණෙනි, එහි යම් ඒ භික්‍ෂූහු “ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය” යි මෙසේ කීහු ද, යම් ඒ භික්‍ෂූහු “කර්‍මය නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු ය” යි. මෙසේත් කීහු ද, එහි මේ භික්‍ෂූහු ධර්‍මවාදී වෙත්. මේ පස්වර සංක්‍ෂේප කරණ ලදී.
113. මහණෙනි, මෙහි මහණෙක් තෙමේ සඞ්ඝයා විසින් පබ්බාජනීය කර්‍ම කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවතී. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවතී. පබ්බාජනීයකර්‍මයාගේ සන්සිඳීම ඉල්ලයි. එකල්හි භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ සඞ්ඝයා විසින් පබ්බාජනීයකර්‍ම කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවතී. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවතී. පබ්බාජනීයකර්‍මයාගේ සන්සිඳීම ඉල්ලයි. එබැවින් අපි මොහුගේ පබ්බාජනීයකර්‍මය, සන්සිඳුවමු” යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– අධර්‍මයෙන් සමග්‍ර වූවාහු –පෙ– ධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍ර වූවාහු ඔහුගේ පබ්බාජනීයකර්‍මය සන්සිඳුවත්. එහි සිටි සඞ්ඝ තෙමේ “අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. අධර්‍මයෙන් සමග්‍රකර්‍මය යි. ධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය යි. කර්‍මය නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු ය” යි විවාද කෙරෙයි. මහණෙනි, එහි යම් ඒ භික්‍ෂූහු “ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය” යි මෙසේ කීහු ද, යම් ඒ භික්‍ෂූහු “කර්‍මය නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතුය” යි. මෙසේත් කීහු ද, එහි මේ භික්‍ෂූහු ධර්‍මවාදී වෙත්. මේ පස්වර සංක්‍ෂේප කරණ ලදි.
114. මහණෙනි, මෙහි මහණෙක් තෙමේ සඞ්ඝයා විසින් පටිසාරණීයකර්‍ම කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවතී. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවතී. පටිසාරණීයකර්‍මයාගේ සන්සිඳීම ඉල්ලයි. එහි භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ සඞ්ඝයා විසින් පටිසාරණීයකර්‍ම කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම්ව පවතී. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවතී. පටිසාරණීයකර්‍මයාගේ සන්සිඳීම ඉල්ලයි. එබැවින් අපි මොහුගේ පටිසාරණීයකර්‍මය සන්සිඳුවමු” යි. මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– අධර්‍මයෙන් සමග්‍ර වූවාහු –පෙ– ධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍ර වූවාහු ඔහුගේ පටිසාරණීයකර්‍මය සන්සිඳුවත්. එහි සිටි සඞ්ඝ තෙමේ “අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. අධර්‍මයෙන් සමග්‍රකර්‍මය යි. ධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය යි. කර්‍මය නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු ය” යි විවාද කෙරෙයි. මහණෙනි, එහි යම් ඒ භික්‍ෂූහු “ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍ර කර්‍මය” යි මෙසේ කීහු ද, යම් ඒ භික්‍ෂූහු “කර්‍මය නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු ය”යි මෙසේත් කීහු ද, එහි මේ භික්‍ෂූහු ධර්‍මවාදී වෙත්. මේ පස්වර සංක්‍ෂේප කරණ ලදී.
115. මහණෙනි, මෙහි මහණෙක් තෙමේ සඞ්ඝයා විසින් ඇවැත් නො දැක්මෙහි උත්ක්‍ෂේපණීයකර්‍ම කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවතී. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවතී. ඇවැත් නො දැක්මෙහි (කළ) උත්ක්‍ෂේපණීයකර්‍මයාගේ සන්සිඳීම ඉල්ලයි. එකල්හි භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ සඞ්ඝයා විසින් ඇවැත් නො දැක්මෙහි උත්ක්‍ෂේපණීයකර්‍ම කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවති. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවතී. ඇවැත් නො දැක්මෙහි (කළ) උත්ක්‍ෂේපණීයකර්‍මයාගේ සන්සිඳීම ඉල්ලයි. එබැවින් අපි මොහුගේ ඇවැත් නො දැක්මෙහි (කළ) උත්ක්‍ෂේපණීයකර්‍ම සන්සිඳුවමු” යි. මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– අධර්‍මයෙන් සමග්‍ර වූවාහු –පෙ– ධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍ර වූවාහු ඔහුගේ ඇවැත් නො දැක්මෙහි (කළ) උත්ක්‍ෂේපණීයකර්‍මය සන්සිඳුවත්. එහි සිටි සඞ්ඝ තෙමේ “අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. අධර්‍මයෙන් සමග්‍රකර්‍මය යි. ධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය යි. කර්‍මය නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු ය” යි විවාද කෙරෙයි. මහණෙනි, එහි යම් ඒ භික්‍ෂූහු “ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය” යි මෙසේ කීහු ද, යම් ඒ භික්‍ෂූහු “කර්‍මය නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු ය” යි මෙසේත් කීහු ද, එහි මේ මහණහු ධර්‍මවාදී වෙත්. මේ පස්වර සංක්‍ෂේප කරණ ලදි.
116. මහණෙනි, මෙහි මහණෙක් තෙමේ සඞ්ඝයා විසින් ඇවැතට පිළියම් නො කිරීමෙහි උත්ක්‍ෂේපණීයකර්‍ම කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවතී. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවතී. ඇවැතට පිළියම් නො කිරීමෙහි (කළ) උත්ක්‍ෂේපණීයකර්‍මයාගේ සන්සිඳීම ඉල්ලයි. එහි භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ සඞ්ඝයා විසින් ඇවැතට පිළියම් නො කිරීමෙහි උත්ක්‍ෂේපණීයකර්‍ම කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවතී. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවතී. ඇවැතට පිළියම් නො කිරීමෙහි (කළ) උත්ක්‍ෂේපණීයකර්‍මයාගේ සන්සිඳීම ඉල්ලයි. එබැවින් අපි මොහුගේ ඇවැතට පිළියම් නො කිරීමෙහි (කළ) උත්ක්‍ෂෙපණියකර්‍මය සන්සිඳූවමු” යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– අධර්‍මයෙන් සමග්‍ර වූවාහු –පෙ– ධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍ර වූවාහු ඔහුගේ ඇවැතට පිළියම් නො කිරීමෙහි උත්ක්‍ෂේපණීයකර්‍මය සන්සිඳුවත්. එහි සිටි සඞ්ඝ තෙමේ “අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. අධර්‍මයෙන් සමග්‍රකර්‍මය යි. ධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය යි. කර්‍මය නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු ය” යි විවාද කෙරෙයි. මහණෙනි, එහි යම් ඒ භික්‍ෂූහු “ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය” යි මෙසේ කීහු ද, යම් ඒ භික්‍ෂූහු “කර්‍මය නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු ය” යි මෙසේත් කීහු ද, එහි මේ භික්‍ෂූහු ධර්‍මවාදී වෙත්. මේ පස්වර සංක්‍ෂේප කරණ ලදී.
117. මහණෙනි, මෙහි මහණෙක් තෙමේ සඞ්ඝයා විසින් පවිටු මිසදිටු අත් නො හැරීමෙහි උත්ක්‍ෂේපණීයකර්‍මය කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවතී. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවති. පවිටු මිසදිටු අත් නො හැරීමෙහි උත්ක්‍ෂේපණීයකර්‍මයාගේ සන්සිඳීම ඉල්ලයි. එකල්හි භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ සඞ්ඝයා විසින් පවිටු මිසදිටු අත් නො හැරීමෙහි උත්ක්‍ෂේපණීයකර්‍ම කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවතී. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවතී. පවිටු මිසදිටු අත් නො හැරීමෙහි (කළ) උත්ක්‍ෂේපණීයකර්‍මයාගේ සන්සිඳීම ඉල්ලයි. එබැවින් අපි මොහුගේ පවිටු මිසදිටු අත් නො හැරීමෙහි උත්ක්‍ෂේපණීයකර්‍මය සන්සිඳුවමු” යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– අධර්‍මයෙන් සමග්‍ර වූවාහු –පෙ– ධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍ර වූවාහු ඔහුගේ පවිටු මිසදිටු අත් නො හැරීමෙහි කළ උත්ක්‍ෂේපණීයකර්‍මය සන්සිඳුවත්. එහි සිටි සඞ්ඝ තෙමේ “අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. අධර්‍මයෙන් සමග්‍රකර්‍මය යි. ධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍මය යි. ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය යි. කර්‍මය නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවැත කළ යුතු ය” යි විවාද කෙරෙයි. මහණෙනි, එහි යම් ඒ භික්‍ෂූහු “ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය” යි මෙසේ කීහු ද, යම් ඒ භික්‍ෂූහු “කර්‍මය නො කරණ ලදී. කර්‍මය වැරදි සේ කරණ ලදී. කර්‍මය නැවත කළ යුතු ය” යි මෙසේත් කීහු ද, එහි මේ භික්‍ෂූහු ධර්‍මවාදී වෙත්. මේ පස්වර සංක්‍ෂේප කරණලදි.
නවවැනි චම්පෙය්‍යක්‍ඛන්‍ධකය නිමි.
මේ ඛන්‍ධකයෙහි වස්තු සතිසෙකි.
එහි උද්දානය (වස්තුනාමාවලිය) මෙසේ ය:
1. භාග්‍යවතුන් වහන්සේ චම්පාවෙහි විසූ සේක. මේ වස්තුව වසභ ගාමයෙහි වී ය. කාශ්‍යපගෝත්‍ර භික්‍ෂූ තෙමේ ආගන්තුකයන් කැමැති දෙය සපයා දීමෙහි උත්සාහය කෙළේ ය.
2. ගොදුරුගම දන්නෝ යි දැන එකල්හි (හෙතෙමේ) උත්සාහය නො කෙළේ ය. උවටැන් නො කෙරේ ය යි උත්ක්‍ෂේපණීයකර්‍ම කරණ ලද හෙතෙමේ බුදුරජුන් වෙත ගියේ ය.
3. අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය, අධර්‍මයෙන් සමග්‍රකර්‍මය, ධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මය, ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍මය.
4. ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය, එකෙක් එකකු බැහැර කෙරෙයි. එකෙක් දෙදෙනකුන් ද බොහෝ දෙනකුන් ද, එතෙක් සඞ්ඝයා ද බැහැර කෙරෙයි.
5. දෙදෙනෙක් දෙදෙනකු ද, බොහෝ දෙන බොහෝ දෙනකු ද, බැහැර කළහ. සඞ්ඝ තෙමේ සඞ්ඝයා බැහර කෙළේ ය. ප්‍රවර වූ සර්‍වඥයන් වහන්සේ ඒ අසා අධර්‍මැ යි බැහැර කළහ.
6. ඤත්තියෙන් විපතට පත් යම් කර්‍මයක් අනුශ්‍රාවණසම්පත්තියෙන් යුක්ත ද ඒ කර්‍මය ද, අනුශ්‍රාවණයෙන් විපත් වූ යම් කර්‍මයක් ඤත්තියෙන් යුක්ත ද ඒ කර්‍මය ද–
7. ඤත්තිඅනුසාවණදෙකින් විපත් වු කර්‍මය ද, ධර්‍මයෙන් තොර වූ කර්‍මය ද, විනය හැර සිටි කර්‍මය ද, ශාස්තෘශාසනයෙන් බැහර වූ කර්‍මය ද, ප්‍රතික්‍රෝශ ලැබූ කර්‍මය ද, කෝප්‍ය වූ කර්‍මය ද, කරුණට නො ගැළපෙන කර්‍මය ද–
8. අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍ම, අධර්‍මයෙන් සමග්‍රකර්‍ම, ධර්‍මප්‍රතිරූපකව්‍යග්‍රකර්‍ම ධර්‍මප්‍රතිරූපකසමග්‍රකර්‍ම දෙක ද (යන මේ කර්‍ම නො කටයුතු ය). තථාගතයන් වහන්සේ ධර්‍මයෙන් සමග්‍ර වූ කර්‍මය අනුදත් සේක.
9. චතුවග්ග, පඤ්චවග්ග, දසවග්ග, වීසතිවග්ග, අතිරේකවීසතිවග්ග යි සඞ්ඝ තෙමේ පස් වැරදැම් ය.
10. උපසම්පදාකර්‍මය ද, අබ්භානකර්‍මය හා යම් පවාරණකර්‍මයක් වේ ද එද හැර සෙසු සඞ්ඝකර්‍ම චතුවග්ගසඞ්ඝයා විසින් කටයුතු ය.
11. මධ්‍යදේශයෙහි උපසම්පදාව අබ්භානකර්‍මය යන කර්‍ම දෙක හැර පංචවග්ගිකසඞ්ඝ තෙමේ සියලු කර්‍මයන්හි කර්‍මාර්‍හ වේ.
12. දසවග්ගික වූ යම් භික්‍ෂූහු වෙත් නම් ඔහු අබ්භානය හැර සෙසු සියලු තන්හි කර්‍මාර්‍හ වෙති. සියලු කර්‍ම කරන්නා වූ වීසතිවග්ගික සඞ්ඝ තෙමේ සියලු තැන්හි කර්‍මාර්‍හ වේ.
13. භික්ඛුණි, සික්ඛමානා, සාමණේර, සාමණෙරී, සික්ඛං, පච්චක්ඛාතක, අන්තිමවත්‍ථු අජ්ඣාපන්තක, ආපත්තියා අදස්සනෙ උක්ඛිත්තක–
14. ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛිත්තක, පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ උක්ඛිත්තක, පණ්ඩක, ථෙය්‍යසංවාසක, තිර්‍ත්‍ථයපක්කන්තක, තිරච්ඡානගත, මාතුඝාතක, පිතුඝාතක–
15. අරහන්තඝාතක, භික්ඛුණිදූසක, සඞ්ඝභේදක, ලෝහිතුප්පාදක, උභතෝබ්‍යඤ්ජනක, නානාසංවාසක, නානාසීමායඨිත ඉද්ධියා වේහාසෙඨිත–
16. සඞ්ඝ තෙමේ යමකුට කර්‍ම කෙරේ ද, මොහු සූවිසි දෙනෙක් වෙති. එතැන මොහු ගණපූරක නො වෙති යි බුදුරජුන් විසින් බැහැර කරණ ලදහ.
17. පිරිවෙස් පුරණ මහණ සිවුවැනි කොට සිටියේ පිරිවෙස් දෙන්නේ ද, මූලායපටිකස්සනය කෙරේ ද, මානත දෙන්නේ ද, ඔහු විසිවැනි කොට අබ්භානය කෙරේද, ඒ කර්‍මයක් නො වේ. නො කටයුතු ය.
18. පිරිවෙස් පුරන්නහු, මූලායපටිකස්සනයට සුදුස්සහු, මානතට සුදුස්සහු, මානතට හැසිරෙන්නහු, අබ්භානයට සුදුස්සහු, යන පස් දෙන කර්‍මකාරක නො වෙති යි බුදුරජුන් විසින් දක්වන ලදහ.
19. භික්ඛුණි, සික්ඛමානා, සාමණේර, සාමණෙරී, සික්ඛා – පච්චක්ඛාතක, අන්තිම වස්තුවට පැමිණියහු, උම්මත්ත, ඛිත්තචිත්ත්ත, වේදනට්ට, ඇවැත ඇවැත යයි නො දක්නහු–
20. ඇවැතට පිළියම් නො කළහු, දෘෂ්ටිය බැහර නො කළහු, පණ්ඩක, උභතෝබ්‍යඤ්ජනක, නානාසංවාසක, යන මොහු ද, නානා සීමාවන්හි සිටියහු ද, ඍද්ධියෙන් අහස සිටියහු ද, යමකුගේ කර්‍මය වේ ද, ඔහු ද–
21. මේ අටළොස් දෙනාගේ පටික්කෝසනය (විරුද්ධ ව කරුණු කීම) නො නැගේ. පක්තත්තභික්‍ෂුහුගේ පටික්කෝසනය නගියි.
22. අනාපත්තිකභික්‍ෂුහුගේ බැහැර කිරීම, වැරදි සේ බැහැර කිරීමෙකි. අඥ තෙමේ මනා කොට බැහැර කරණ ලද්දේ වේ. පණ්ඩක, ථෙය්‍යසංවාසක, තිර්‍ත්‍ථයපක්කන්තක, තිරච්ඡානගත–
23. මාතුඝාතක, පිතුඝාතක, අරහන්තඝාතක, භික්ඛුණිදූසක, සඞ්ඝභේදක, ලෝහිතුප්පාදක, උභතෝබ්‍යඤ්ජනක යන–
24. මේ එකොළොස් දෙනාගේ ඔසාරණය නො යෙදේ. හත්‍ථච්‍ඡින්න, පාදච්‍ඡින්න, හත්‍ථපාදච්‍ඡින්න, කණ්ණච්‍ඡින්න, නාසච්‍ඡින්න, කණ්ණනාසච්‍ඡින්න–
25. අඞ්ගුලිච්‍ඡින්න, අළච්‍ඡින්න, කණ්ඩරච්‍ඡින්න, එණහත්‍ථක, ඛුජ්ජ, වාමන, ගලගණ්ඩි, ලක්ඛණාහත, කසාහත, ලිඛිතක, සීපදී–
26. පාපරෝගි, පරිසදූසක, කාණ, කුණී, ඛඤ්ජ, පක්‍ඛහත, ඡන්නිරියාපථ, ජරාදුබ්බල, අන්‍ධ, මූග, බධිර
27. අන්‍ධමූග, අන්‍ධබධිර, මූගබධිර, අන්‍ධමූගබධිර යන මොහු නො අඩු දෙතිස් දෙනෙක් වෙති.
28. ඔවුන්ගේ ඔසාරණය මේ ය යි බුදුරජුන් විසින් ප්‍රකාශ කරණ ලදී. දැක්ක යුතු වූ ද, පිළියම් කටයුතු වූ ද, දුරු කළයුතු වූ ද ඇවැතක් නො වේ.
29. ඒ මහණහුට අධාර්මික වූ උත්ක්‍ෂේපණීයකර්‍මයෝ සතක් වෙත්. ඇවැතට පැමිණියහුට ද, උත්ක්‍ෂේපණීයකර්‍මය කළවුන්ට අනුවර්‍තකවූවහුට ද මේ අධාර්මික වූ උත්ක්‍ෂේපණීයකර්‍මයෝ සතක් වෙත්.
30. ඇවතට පැමිණියහුට ද, උත්ක්‍ෂේපණීයකර්‍ම කළවුන්ට අනුව නො යන භික්‍ෂූන්ට කළයුතු වූ ධාර්මිකකර්‍ම සතෙකි. හමුයෙහි ද පිළිවිසීමෙන් ද ප්‍රතිඥාවෙන් ද කිරීම් වශයෙන්–
31. සතිවිනය, අමූළ්හවිනය, තස්සපාපිය්‍යසිකාකර්‍මය, තජ්ජනීයකර්‍මය, නියස්සකර්‍මය, පබ්බාජනීයකර්‍මය, පටිසාරණීයකර්‍මය, උක්ඛේපනීයකර්‍මය, පරිවාසයට සුදුස්සහු–
32. මූලායපටිකස්සනයට සුදුස්සහු, මානතට සුදුස්සහු, අබ්භානයට සුදුස්සහු, උපසම්පදාවට සුදුස්සහු – අනෙකකුට කටයුතු කර්‍මය අනෙකකුට කෙරේ ද, මේ සොළස අධාර්මිකකර්‍ම වෙති.
33. ඒ ඒ කර්‍මයට සුදුසු වූවාහුට ඒ ඒ කර්‍මය කෙරේ ද– මේ ධාර්මිකකර්‍ම සොළොසෙකි. ඔවුනොවුන්ට නැවත අරෝපණය කෙරේ ද – මේ අධාර්මිකකර්‍ම සොළොසෙකි.
34. දෙකක් දෙකක් මුල් කොට ඇති ඒ කර්‍මයට ද ධාර්මිකකර්‍ම සොළොසෙක් ම ය. එකක් එකක් මුල් වූ වක්‍ර අධර්‍මය යි. සර්‍වඥයන් වහන්සේ වදාළ සේක.
35. සඞ්ඝ තෙමේ භණ්ඩනකාරක භික්‍ෂුහුහට තජ්ජනීයකර්‍මය කෙළේ ය. ඒ භණ්ඩනකාරක තෙමේ අන් ආවාසයකට ගියේ ය. (එහි දී) අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍ම කෙළේ ය.
36. එහි අධර්‍මයෙන් සමග්‍ර වූවාහු ඒ මහණහුට තජ්ජනීයකර්‍මය කළාහු ය. අන් තැනෙක ධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු ඔහුට තජ්ජනීයකර්‍මය කළහ.
37. ප්‍රතිරූපකයෙන් ව්‍යග්‍ර වූවාහු ද, සමග්‍ර වූවාහු ද එසේ ම කළහ. අධර්‍මයෙන් සමග්‍ර සඞ්ඝයා ද, ධර්‍මයෙන් ව්‍යග්‍ර සඞ්ඝයා ද–
38. ප්‍රතිරූපක වශයෙන් ව්‍යග්‍ර සඞ්ඝයා හා සමග්‍ර සඞ්ඝයා ද මේ පද එක එක මුල් කොට නුවණැත්තේ චක්‍රබන්‍ධනය කරන්නේ ය.
39. අඥ වූ අව්‍යක්තයාහට නියස්සකර්‍මය ද, කුලදූෂකයාහට පබ්බාජනීය කර්‍මය ද, ආක්‍රෝශ කරන්නහුට පටිසාරණීයකර්‍මය ද කරන්නේ ය.
40. ඇවැත් නො දැක්මෙහි, ඇවැතට පිළියම් නො කිරීමෙහි, පවිටු දිටු නො හැරීමෙහි යන මේ තුණෙහි බුදුරජුන් විසින් උත්ක්‍ෂේපණීය – කර්‍මය (කළ යුතු ය යි.) වදාරණ ලදී.
41. මත්තෙහි කර්‍මයන්ගේ ක්‍රමය පිළිබඳ ප්‍රශ්නයෙහි තජ්ජනීයකර්‍මයෙහි මෙන් වේ. ඒ ඒ කර්‍මයන්ට අනුලොම් ව යාච්ඤා කරණලද්දේ මනා කොට පවතී.
42-43. යට කී කර්‍මයන්ගේ ක්‍රමයෙන් ඒ ඒ කර්‍මයන්ගේ සන්සිඳීම ද, ඒ ඒ කර්‍මයන්හි, එහි සිටියේ “කර්‍මය නො කරණ ලද්දේ ය. කර්‍මය වැරදි සේ කරණ ලද්දේ ය. කර්‍මය නැවත කට යුතු ය” යි කර්‍මප්‍රශ්‍රබ්ධියෙහි මෙම විවාද කෙරේ. ඒ ඒ භික්‍ෂූහු ධර්‍මවාදී වෙත්.
44. ශල්‍යකර්‍ම කරන්නකු බෙහෙත් කියන්නා සේ මහාමුනි තෙමේ කර්‍මවිපත්තියෙන් පීඩිත වූ කර්‍මප්‍රාප්තයන් දැක ඔවුන්ගේ සන්සිඳීම වදාළේ ය.
කෝසම්බක්ඛන්‍ධකය
1. එකල්හි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ කොසඹෑනුවර ඝෝසිතාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි එක්තරා මහණෙක් ඇවැතකට පැමිණියේ වේ. හෙතෙමේ ඒ ඇවැතෙහි ආපත්ති දෘෂ්ටි (ඇවැත් යන ලබ්ධි) ඇත්තේ වේ. සෙසු භික්‍ෂූහු ඒ ඇවැතෙහි අනාපත්තිදෘෂ්ටි (ඇවැත් නැතැ යි යන ලබ්ධි) ඇත්තෝ වෙති.
2. හෙතෙමේ මෑත කාලයෙහි ඒ ඇවැතෙහි අනාපත්ති දෘෂ්ටි ඇත්තේ වේ. සෙසු භික්‍ෂූහු ඒ ඇවතෙහි ආපත්තිදෘෂ්ටි ඇත්තෝ වෙති.
3. ඉක්බිති ඒ භික්‍ෂූහු “ඇවැත, තෝ ඇවැතකට පැමිණියෙහි ය. තෙල ඇවැත දකුව” යි ඒ මහණහුට කීහ. “ඇවැත්නි, මම යම් ඇවැතක් දක්නෙම් ද, මට එබඳු ඇවැතක් නැතැ” යි හෙතෙමේ කීය.
4. එකල්හි ඒ භික්‍ෂූහු සමගිය ලබා ඒ භික්‍ෂුනම ඇවැත් නො දැක්මෙහි තහනම් කළහ.
5. ඒ මහණ තෙමේ ද බොහෝ ඇසූපිරූතැන් ඇත්තේ ය. ආගම පුහුණු කෙළේ වේ. ධර්‍මධර ය. විනයධර ය. උභයමාතෘකා (ප්‍රාතිමෝක්‍ෂ) ධර ය. පණ්ඩිත ය. ව්‍යක්ත ය. නුවණැත්තේ ය. ලජ්ජා ඇත්තේ ය. කුකුස් කරන්නේ ය. ශික්‍ෂාකාමී ය.
6. ඉක්බිති ඒ භික්‍ෂු තෙමේ දුටුමිතුරු දැඩිමිතුරු භික්‍ෂූන් වෙත එළඹ “ඇවැත්නි, මෙය අනාපත්ති වේ. මෙය ඇවැතක් නො වේ. ඇවැතට නො පැමිණියේ වෙමි. පැමිණියෙක් නො වෙමි. තහනම් නො කරණ ලද්දේ වෙමි. තහනම් කරණ ලද්දෙක් නො වෙමි. කෝප්‍ය වූ (ආක්‍රෝශ කටයුතු බවට පැමිණි) සසුනට නො ගැළපෙන්නා වු අධාර්මිකකර්‍මයෙන් තහනම් කරණ ලද්දේ වෙමි. (එහෙයින්) ආයුෂ්මත්හු ධර්‍මයෙන් විනයයෙන් මට පක්‍ෂ වවු” යි මෙය කීයේ ය. ඒ භික්‍ෂු තෙමේ දුටුමිතුරු වූ දැඩිමිතුරු වූ (තමහට) පක්‍ෂ වූ භික්‍ෂූන් ලැබී ය.
7. “ඇවැත්නි, මෙය අනාපත්ති වේ. මෙය ඇවැතක් නො වේ. ඇවැතට නො පැමිණියෙම් වෙමි. පැමිණියෙම් නො වෙමි. තහනම් නො කරණ ලද්දේ වෙමි. තහනම් කරණ ලද්දේ නො වෙමි. කෝප්‍ය වූ සසුනට නො ගැළපෙන්නා වූ අධාර්මිකකර්‍මයෙන් තහනම් කරණ ලද්දේ වෙමි. (එහෙයින්) ආයුෂ්මත්හු ධර්‍මයෙන් විනයයෙන් මට පක්‍ෂවවු” යි මෙසේ කියා දනවු වැසි දුටුමිතුරු වූ දැඩිමිතුරු වූ භික්‍ෂූන් වෙත ද දූතයකු යැවී ය. ඒ භික්‍ෂු තෙමේ දනවුවැසි දුටුමිතුරු වූ දැඩිමිතුරු වූ පක්‍ෂ වූ භික්‍ෂූන් ද ලැබී ය.
8. ඉක්බිති ඒ උත්ක්‍ෂිප්තානුවර්‍තක (තහනම් කරණු ලැබූවහුට අනු ව පවතින) භික්‍ෂූහු තහනම් කළ භික්‍ෂූන් වෙත එළඹියහ. එළඹ “ඇවැත්නි, මෙය අනාපත්ති වේ. මෙය ඇවැතක් නො වේ. මේ මහණ තෙමේ ඇවැතට නො පැමිණියේ වේ. මේ මහණ තෙමේ ඇවැතට පැමිණියෙක් නො වේ. මේ මහණ තෙමේ බැහැර නො කරණ ලද්දේ වේ. මේ මහණ තෙමේ බැහැර කරණ ලද්දෙක් නො වේ. කෝප්‍ය වු සසුනට නො ගැළපෙන්නා වූ අධාර්මිකකර්‍මයෙන් බැහැර කරණ ලද්දේ ය” යි බැහැර කළ භික්‍ෂූන්ට මෙය කීහ.
9. මෙසේ කී කල්හි උත්ක්‍ෂේපකභික්‍ෂූහු “ඇවැත්නි, මෙය ඇවතකි. මෙය අනාපත්ති නො වේ. මේ මහණ තෙමේ ඇවැත් අවන් ය. මේ මහණ තෙමේ ඇවැතට අවන් නො වූයේ නො වේ. මේ මහණ තෙමේ උත්ක්‍ෂිප්ත ය. මේ මහණ තෙමේ උත්ක්‍ෂිප්ත නො වූයේ නො වේ. අකෝප්‍ය වූ සසුනට ගැළපෙන්නා වූ ධාර්මිකකර්‍මයෙන් උත්ක්‍ෂිප්ත ය. (එහෙයින්) ආයුෂ්මත්හු මේ උත්ක්‍ෂිප්ත භික්‍ෂුහුහට අනුවර්‍තක නො වවු. අනුගමනය නො කරවු” යි උත්ක්‍ෂිප්තානුවර්‍තක භික්‍ෂූන්ට මෙය කීහ.
10. උත්ක්‍ෂේපකභික්‍ෂූන් විසින් මෙසේත් කියනු ලබන්නා වූ ඒ උත්ක්‍ෂිප්තානුවර්‍තකභික්‍ෂූහු ඒ උත්ක්‍ෂිප්ත වූ මහණහු අනු ව පැවැත්තාහු ය. පිරිවැරූහ.
11. ඒ අතර එක්තරා මහණෙක් තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත ගියේ ය. ගොස් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන් ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේ ය. “ස්වාමීනි, මෙහි එක්තරා මහණෙක් ඇවැත් අවන්නේ වේ. හෙතෙමේ ඒ ඇවතෙහි ඇවැත් යි ලබ්ධි ඇත්තේ වී ය. සෙසු භික්‍ෂූහු ඒ ඇවැතෙහි ඇවැත් නැතැ යි ලබ්ධි ඇත්තෝ වූහ.”
12. “හෙතෙමේ මෑත කාලයෙහි ඒ ඇවතෙහි ඇවැත් නැතැ යි ලබ්ධි ඇත්තේ විය. සෙසු භික්‍ෂූහු ඒ ඇවතෙහි ඇවැත් යි ලබ්ධි ඇත්තෝ වූහ.”
13. “ස්වාමීනි, අනතුරු ව ඒ භික්‍ෂූහු ‘ඇවැත්නි, තෝ ඇවැතට පැමිණියෙහි ය. තෙල ඇවැත දකුව” යි ඒ මහණහුට මෙය කීහ. ‘මම යම් ඇවැතක් දක්නෙම් ද, මට එබඳු ඇවැතක් නැතැ’ යි (ඒ මහණ කී ය)
14. “එවිට ස්වාමීනි, ඒ භික්‍ෂූහු සමගිය ලබා ඒ මහණහු ඇවැත් නො දැක්මෙහි තහනම් කළහ.”
15. “ස්වාමීනි, ඒ භික්‍ෂු තෙමේත් බොහෝ ඇසූපිරූ තැන් ඇත්තේ ය. පුහුණු කළ නිකාය ඇත්තේ ය. ධර්‍මධර ය. විනයධර ය. මාතෘකාධර ය. පණ්ඩිත ය. ව්‍යක්ත ය. නුවණැත්තේ ය. ලජ්ජා ඇත්තේ ය. කුකුස් කරන්නේ ය. හික්මෙනු කැමැත්තේ ය.”
16. “ස්වාමීනි, ඉක්බිති ඒ භික්‍ෂු තෙමේ දුටු පමණින් මිතුරු වූ ආශ්‍රයයෙන් මිතුරු වූ භික්‍ෂූන් වෙත එළඹ ‘ඇවැත්නි, මෙය අනාපත්ති වේ. මෙය ඇවැත් නො වේ. ඇවැත් අවන් වූයෙම් නො වෙමි. ඇවැතට පැමිණියෙම් නො වෙමි. තහනම් නො කරණ ලද්දෙම් වෙමි. බැහැර කරණ ලද්දෙම් නො වෙමි. කෝප්‍ය වු සසුනට නො ගැළපෙන්නා වූ අධාර්මිකකර්‍මයෙන් තහනම් කරණ ලද්දේ වෙමි. (එහෙයින්) ආයුෂ්මත්හු මට ධර්‍මයෙන් විනයයෙන් පක්‍ෂ වවු’ යි මෙය කී ය.”
17. “ස්වාමීනි, ඒ භික්‍ෂු තෙමේ දුටුමිතුරු වූ දැඩි මිතුරු වූ පක්‍ෂ වූ භික්‍ෂූන් ලැබී ය.”
18. ‘ඇවැත්නි, මෙය අනාපත්ති වේ. මෙය ඇවැත් නො වේ. ඇවැතට නො පැමිණියෙම් වෙමි. ඇවැතට පැමිණියේ නො වෙමි. බැහැර නො කරණ ලද්දේ වෙමි. බැහැර කරණ ලද්දෙම් නො වෙමි. කෝප්‍ය වූ සසුනට නො ගැළපෙන්නා වූ අධාර්මිකකර්‍මයෙන් බැහැර කරණ ලද්දෙම් වෙමි. (එහෙයින්) ආයුෂ්මත්හු මට ධර්‍මයෙන් විනයයෙන් පක්‍ෂ වවු’ යි දනවුවැසි දුටුමිතුරු වූ දැඩිමිතුරු වූ භික්‍ෂූන් වෙත ද දූතයකු යැවී ය.