Pali BJTවිනයපිටකෙ
Sinhala BJTවිනයපිටකයෙහි
Pali BJTමහාවග්ගපාළියා
Sinhala BJTමහවග
Pali BJTපඨමො භාගො
Sinhala BJTප්‍රථම භාගය
Pali BJTනමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස.
Sinhala BJTඒ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජානන් වහන්සේට නමස්කාර වේවා.
Pali BJTමහාක්ඛන්ධකං
Sinhala BJTමහාඛන්‍ධකය
Pali BJT1. තෙන{1} සමයෙන බුද්ධො භගවා උරුවෙලායං විහරති නජ්ජා නෙරඤ්ජරාය තීරෙ බොධිරුක්ඛමූලෙ පඨමාභිසම්බුද්ධො.
Sinhala BJT1. එකල්හි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ උරුවෙල්දනව්වෙහි නේරඤ්ජරා ගංඉවුර සමීපයෙහි වූ බෝරුක්මුල්හි අභිසම්බෝධියට පැමිණ ප්‍රථමයෙන් (=බුදු ව පළමු වර) වැඩ වාසය කරණ සේක.
Pali BJT2. අථ ඛො භගවා බොධිරුක්ඛමූලෙ සත්තාහං එකපල්ලඞ්කෙන නිසීදි විමුත්තිසුඛපටිසංවෙදී.{2}
Sinhala BJT2. එකල්හි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ බෝරුක්මුල්හි සත්දවසක් මුළුල්ලෙහි විමුක්තිසුඛය (=පලසමවත් සුව) විඳින සේක් එක ම පර්‍ය්‍යඞ්කයෙන් වැඩහුන් සේක.
Pali BJT3. අථ ඛො භගවා රත්තියා පඨමං යාමං පටිච්චසමුප්පාදං අනුලොමපටිලොමං මනසාකාසි:
Sinhala BJT3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රෑ පෙරයම මුළුල්ලෙහි ප්‍රතීත්‍යසමුත්පාදය අනුලෝමප්‍රතිලෝමවශයෙන් (=මුල සිට අගටත් අග සිට මුලටත්) මෙනෙහි කළ සේක.
Pali BJT4. අවිජ්ජාපච්චයා සඞ්ඛාරා; සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං; විඤ්ඤාණපච්චයා නාමරූපං; නාමරූපපච්චයා සළායතනං; සළායතනපච්චයා ඵස්සො; ඵස්සපච්චයා වෙදනා; වෙදනාපච්චයා තණ්හා; තණ්හාපච්චයා උපාදානං; උපාදානපච්චයා භවො; භවපච්චයා ජාති; ජාතිපච්චයා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJT4. අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ. විඥානප්‍රත්‍යයයෙන් නාමය ද රූපය ද නාමරූපය ද{*} වේ. නාමරූපප්‍රත්‍යයයෙන් ෂඩායතනය වේ. ෂඩායතනප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වේ. ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාව වේ. වේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ. තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදානය වේ. උපාදානප්‍රත්‍යයයෙන් භවය වේ. භවප්‍රත්‍යයයෙන් ජාතිය වේ. ජාතිප්‍රත්‍යයයෙන් ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ හටගණිත්. මෙසේ මේ හුදු දුක් රැසේ හටගැණීම වේ.
Pali BJT5. අවිජ්ජායත්වෙව අසෙසවිරාගනිරොධා සඞ්ඛාරනිරොධො; සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධො; විඤ්ඤාණනිරොධා නාමරූපනිරොධො; නාමරූපනිරොධා සළායතනනිරොධො; සළායතනනිරොධා ඵස්සනිරොධො; ඵස්සනිරොධා වෙදනානිරොධො; වෙදනානිරොධා තණ්හානිරොධො; තණ්හානිරොධා උපාදානනිරොධො; උපාදානනිරොධා භවනිරොධො; භවනිරොධා ජාතිනිරොධො; ජාතිනිරොධා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා නිරුජ්ඣන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතීති.
Sinhala BJT5. අවිද්‍යාවගේ ම අනවශේෂ විරාග නම් වූ නිරෝධයෙන් සංස්කාරනිරෝධය වේ. සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වේ. විඥානනිරෝධයෙන් නාමරූපනිරෝධය වේ. නාමරූපනිරෝධයෙන් ෂඩායතනනිරෝධය වේ. ෂඩායතනනිරොධයෙන් ස්පර්‍ශනිරෝධය වේ. ස්පර්‍ශනිරෝධයෙන් වේදනා නිරෝධය වේ. වේදනානිරෝධයෙන් තෘෂ්ණානිරෝධය වේ. තෘෂ්ණානිරෝධයෙන් උපාදානනිරෝධය වේ. උපාදානනිරෝධයෙන් භවනිරෝධය වේ. භවනිරෝධයෙන් ජාතිනිරොධය වේ. ජාතිනිරෝධයෙන් ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ.
Pali BJT6. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:-
Sinhala BJT6. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ අර්‍ත්‍ථය දැන එවේලෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කළ සේක:–
Pali BJT“යදා හවෙ පාතුභවන්ති ධම්මා ආතාපිනො ඣායතො බ්රාහ්මණස්ස, අථස්ස කඞ්ඛා වපයන්ති සබ්බා යතො පජානාති සහෙතුධම්ම”න්ති.
Sinhala BJT“යම් කලෙක කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුත් ධ්‍යාන කරන්නා වූ බැහැර කළ පව් ඇති රහතුන් වහන්සේට හෙතුප්‍රත්‍යයධර්‍මයෝ ප්‍රකට ව වැටහෙත් ද, එකල්හි උන්වහන්සේ අවිද්‍යාදි හේතුවෙන් සහේතුක වූ ධර්‍මය දනිති. එහෙයින් ඒ රහතුන් වහන්සේගේ සියලු සැක දුරු වේ.”
Pali BJT7. අථ ඛො භගවා රත්තියා මජ්ඣිමං යාමං පටිච්චසමුප්පාදං අනුලොමපටිලොමං මනසාකාසි: අවිජ්ජාපච්චයා සඞ්ඛාරා; සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං; විඤ්ඤාණපච්චයා නාමරූපං; නාමරූපපච්චයා සළායතනං -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති -පෙ- නිරොධො හොතීති.
Sinhala BJT7. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රාත්‍රියෙහි මධ්‍යමයාමය මුළුල්ලෙහි ප්‍රතීත්‍යසමුත්පාදය අනුලෝමප්‍රතිලෝමවශයෙන් මෙනෙහි කළ සේක: අවිද්‍යා ප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ. විඥාන ප්‍රත්‍යයයෙන් නාමරූපය වේ. නාමරූපප්‍රත්‍යයයෙන් ෂඩායතනය වේ. –පෙ–{1} මෙසේ මේ හුදු දුක් රැසේ හටගැණීම වේ –පෙ–{1} නිරෝධය වේ.
Pali BJT8. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:-
Sinhala BJT8. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ අර්‍ත්‍ථය දැන එවේලෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කළ සේක:–
Pali BJT“යදා හවෙ පාතුභවන්ති ධම්මා ආතාපිනො ඣායතො බ්රාහ්මණස්ස, අථස්ස කඞ්ඛා වපයන්ති සබ්බා යතො ඛයං පච්චයානං අවෙදී”ති
Sinhala BJT”යම් කලෙක්හි කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තා වූ ධ්‍යාන කරන්නා වූ බැහැර කළ පව් ඇති රහතුන් වහන්සේට හෙතුප්‍රත්‍යයධර්‍මයෝ ප්‍රකට ව වැටහෙත් ද, එකල්හි අවිද්‍යාදිප්‍රත්‍යයයන්ගේ ක්‍ෂය වීම දැනගත් හෙයින් ඒ රහතුන් වහන්සේගේ සියලු සැකයෝ දුරු වෙත්.”
Pali BJT9. අථ ඛො භගවා රත්තියා පච්ඡිමං යාමං පටිච්චසමුප්පාදං අනුලොමපටිලොමං මනසාකාසි: අවිජ්ජාපච්චයා සඞ්ඛාරා; සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං; විඤ්ඤාණපච්චයා නාමරූපං; නාමරූපපච්චයා සළායතනං -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති -පෙ- නිරොධො හොතීති.
Sinhala BJT9. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පැසුළුයම මුළුල්ලෙහි ප්‍රතීත්‍යසමුත්පාදය අනුලෝමප්‍රතිලෝමවශයෙන් මෙනෙහි කළ සේක: අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ. විඥානප්‍රත්‍යයෙන් නාමරූපය වේ. නාමරූපප්‍රත්‍යයයෙන් ෂඩායතනය වේ. –පෙ–{1} මෙසේ මේ හුදු දුක් රැසේ හටගැණීම වේ –පෙ–{1} නිරෝධය වේ.
Pali BJT10. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:-
Sinhala BJT10. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ අර්‍ත්‍ථය දැන එවේලෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කළ සේක:–
Pali BJT“යදා හවෙ පාතුභවන්ති ධම්මා ආතාපිනො ඣායතො බ්රාහ්මණස්ස, විධූපයං තිට්ඨති මාරසෙනං සුරියො’ව ඔභාසයමන්තලික්ඛ”න්ති
Sinhala BJT“යම් කලෙක්හි කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තා වූ ධ්‍යාන කරන්නා වූ බැහැර කළ පව් ඇති රහතුන් වහන්සේට හෙතුප්‍රත්‍යයධර්‍මයෝ ප්‍රකට ව වැටහෙත් ද, එකල්හි ඒ රහතුන් වහන්සේ මරසෙනඟ පිඹ හරිමින් අහස බබුළුවන්නා වූ හිරු මෙන්, සිටින සේක.”
Pali BJTබොධිකථා නිට්ඨිතා.
Sinhala BJTබෝධිකථාව නිමි.
Pali BJT1. අථ ඛො භගවා සත්තාහස්ස අච්චයෙන තම්හා සමාධිම්හා වුට්ඨහිත්වා බොධිරුක්ඛමූලා යෙන අජපාලනිග්රොධො, තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා අජපාලනිග්රොධමූලෙ සත්තාහං එකපල්ලඞ්කෙන නිසීදි විමුත්තිසුඛපටිසංවෙදී.
Sinhala BJT1. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සත් දවසක් ඇවෑමෙන් ඒ පලසමවතින් නැඟිට බෝරුක්මුලින් නික්ම අජපල්නුගරුක වෙතට වැඩි සේක. වැඩ අජපල්නුගරුක්මුල් හි සත් දවසක් මුළුල්ලෙහි පලසමවත් සුව විඳින සේක් එක ම පර්‍ය්‍යඞ්කයෙන් වැඩ හුන් සේක.
Pali BJT2. අථ ඛො අඤ්ඤතරො හුහුඞ්කජාතිකො{1} බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරනීයං{2} වීතිසාරෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො සො බ්රාහ්මණො භගවන්තං එතදවොච: “කිත්තාවතා නු ඛො භො ගොතම, බ්රාහ්මණො හොති? කතමෙ ච පන බ්රාහ්මණකරණා{3} ධම්මා?”ති
Sinhala BJT2. ඉක්බිති (මාන වශයෙන්) “හූම්! හූම්!” ය යි ශබ්ද කරණ ස්වභාවය{*} ඇති එක්තරා බමුණෙක් භාග්‍යවතුන් වහන්සේ වැඩහුන් තැනට පැමිණියේ ය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ හා සතුටු වූයේ ය. සතුටු විය යුතු වූ සිත් ඇලවිය යුතු වූ කතා කොට නිමවා එකත්පසෙක සිටියා වූ ඒ බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළ කෙළේ ය. “පින්වත් ගෞතමයන් වහන්ස, කොපමණකින් බමුණෙක් වේ ද? බමුණකු කරන්නාවූ ධර්‍මයෝ කවරහු ද?”
Pali BJT3. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:-
Sinhala BJT3. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ අර්‍ත්‍ථය දැන එ වේලෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කළ සේක:–
Pali BJT“යො බ්රාහ්මණො බාහිතපාපධම්මො නිහුහුඞ්කකො නික්කසාවො යතත්තො, වෙදන්තගූ වුසිතබ්රහ්මචරියො ධම්මෙන සො බ්රහ්මවාදං වදෙය්ය යස්සුස්සදා නත්ථි කුහිඤ්චි ලොකෙ”ති.
Sinhala BJT“පව් බැහැර කළ, හුහුංකාරයන්ගේ පහ කිරීමෙන් හුහුංකාර (මාන) රහිත වූ රාගාදිකසට නැත්තා වූ සංසුන් සිත් ඇත්තා වූ චතුර්විධමාර්ගඥාන නම් වේදයෙහි කෙළවරට පැමිණියා වූ වැස නිමවූ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යය ඇති යම් ක්‍ෂීණාශ්‍රවබ්‍රාහ්මණයෙක් වේ ද, යමකුට ලෝකයෙහි කිසි තැනක රාගාදි උත්සදයෝ* නැත්තාහු ද, ඒ පුද්ගල තෙමේ ‘මම බ්‍රාහ්මණ වෙමි’ යි ධර්‍මයෙන් (=නිවැරදි ලෙස) කියන්නේ ය.”
Pali BJTඅජපාලකථා නිට්ඨිතා.
Sinhala BJTඅජපාලකථාව නිමි.
Pali BJT1. අථ ඛො භගවා සත්තාහස්ස අච්චයෙන තම්හා සමාධිම්හා වුට්ඨහිත්වා අජපාලනිග්රොධමූලා යෙන මුචලින්දො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා මුචලින්දමූලෙ සත්තාහං එකපල්ලඞ්කෙන නිසීදි විමුත්තිසුඛපටිසංවෙදී.
Sinhala BJT1. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සත් දවසක් ඇවෑමෙන් ඒ පලසමවතින් නැඟිට අජපල් නුගරුක්මුලින් මිදෙල්ලරුක වෙතට වැඩි සේක. වැඩ, මිදෙල්ලරුක්මුල්හි සත් දවසක් මුළුල්ලෙහි පලසමවත්සුව විඳින සේක් එක ම පර්‍ය්‍යඞ්කයෙන් වැඩ හුන්සේක.
Pali BJT2. තෙන ඛො පන සමයෙන මහා අකාලමෙඝො උදපාදි; සත්තාහවද්දලිකා සීතවාතදුද්දිනී.
Sinhala BJT2. එකල්හි මහත් වූ නොකල්වැස්සෙක් පහළ වී ය. සීතසුළං වලාවෙන් වැලලි වූ හද්දාවැස්සෙකි.
Pali BJT3. අථ ඛො මුචලින්දො නාගරාජා සකභවනා නික්ඛමිත්වා භගවතො කායං සත්තක්ඛත්තුං භොගෙහි පරික්ඛිපිත්වා උපරි මුද්ධනි මහන්තං ඵණං කරිත්වා අට්ඨාසි: “මා භගවන්තං සීතං. මා භගවන්තං උණ්හං, මා භගවන්තං ඩංසමකසවාතාතපසිරිංසප{4}සම්ඵස්සො”ති.
Sinhala BJT3. ඉක්බිති මුචලින්‍දනාරජ තෙමේ ස්වකීයභවනයෙන් නික්ම භාග්‍යවතුන් වහන්සේගේ සිරුර සත්වරක් දරණවැලින් හාත්පසින් වට කොට “ශීතය භාග්‍යවතුන් වහන්සේ නො පෙළාවා. උෂ්ණය භාග්‍යවතුන් වහන්සේ නො පෙළාවා. ඩැහැ ලේ බොන මැසි මදුරු සුළං අවු සර්‍ප යන මොවුන්ගේ ස්පර්‍ශය භාග්‍යවතුන් වහන්සේ නො පෙළාවා” යි හිස මුදුනෙහි මහත් පෙණයක් කොට සිටියේ ය.
Pali BJT4. අථ ඛො මුචලින්දො නාගරාජා සත්තාහස්ස අච්චයෙන විද්ධං විගතවලාහකං දෙවං විදිත්වා භගවතො කායා භොගෙ විනිවෙඨෙත්වා සකවණ්ණං පටිසංහරිත්වා මාණවකවණ්ණං අභිනිම්මිනිත්වා භගවතො පුරතො අට්ඨාසි පඤ්ජලිකො භගවන්තං නමස්සමානො.
Sinhala BJT4. ඉක්බිති මුචලින්‍දනාරජතෙමේ සත්දවසක් ඇවෑමෙන් පහ වූ වලාපටල ඇති පැහැදිලි අහස (ඇති බව) දැන භාග්‍යවතුන් වහන්සේගේ සිරුරෙන් දරණවෙළුම් හැර සියවේසය අතුරුදහන් කොට තරුණ මිනිස් වෙසක් මවා ගෙණ බුදුරජුන් ගේ ඉදිරියෙහි ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේ වඳිමින් සිටියේ ය.
Pali BJT5. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:-
Sinhala BJT5. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන එ වේලෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කළසේක:
Pali BJT“සුඛො විවෙකො තුට්ඨස්ස සුතධම්මස්ස පස්සතො, අබ්යාපජ්ජං{1} සුඛං ලොකෙ පාණභූතෙසු සංයමො.
Sinhala BJT“නිවණ නම් වූ උපධිවිවේකය සැප වේ. චතුර්මාර්‍ගඥානසන්තෝෂයෙන් යුත්, ප්‍රකට වූ දහම් ඇති, ඒ උපධිවිවේකය නුවණ නැමැති ඇසින් දක්නහුට නො කිපීම සැප වේ. ලෙව්හි සතුන් කෙරෙහි හිංසා නො කිරීම සැප වේ.
Pali BJT“සුඛා විරාගතා ලොකෙ කාමානං සමතික්කමො, අස්මිමානස්ස යො විනයො එතං වෙ පරමං සුඛ”න්ති.
Sinhala BJT“ලෝකයෙහි නො ඇලීම – වස්තුකාමක්ලේශකාමයන්ගේ ඉක්මවීම සැප වේ. අස්මිමානයාගේ යම් වැනසීමෙක් වේ ද මෙය ඒකාන්තයෙන් උතුම් වූ සැපය වේ.”
Pali BJTමුචලින්දකථා නිට්ඨිතා.
Sinhala BJTමුචලින්‍දකථාව නිමි.
Pali BJT1. අථ ඛො භගවා සත්තාහස්ස අච්චයෙන තම්හා සමාධිම්හා වුට්ඨහිත්වා මුචලින්දමූලා යෙන රාජායතනං, තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා රාජායතනමූලෙ සත්තාහං එකපල්ලඞ්කෙන නිසීදි විමුත්තිසුඛපටිසංවෙදී.
Sinhala BJT1. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සත්දවසක් ඇවෑමෙන් ඒ පලසමවතින් නැඟිට මුචලින්‍දරුක්මුලින් කිරිපලුරුක වෙතට වැඩි සේක. වැඩ කිරිපලුරුක්මුල්හි සත්දවසක් මුළුල්ලෙහි පලසමවත්සුව විඳින සේක් එක ම පර්‍ය්‍යඞ්කයෙන් වැඩ හුන් සේක.
Pali BJT2. තෙන ඛො පන සමයෙන තපුස්සුභල්ලිකා{2} වාණිජා උක්කලා තං දෙසං අද්ධානමග්ගප්පටිපන්නා හොන්ති. අථ ඛො තපුස්සභල්ලිකානං වාණිජානං ඤාතිසාලොහිතා දෙවතා තපුස්සභල්ලිකෙ වාණිජෙ එතදවොච:
Sinhala BJT2. එකල්හි ත්‍රපුෂ්‍ය–භල්ලික{*} වෙළඳදෙබෑයෝ උක්කලාජනපදයෙන් ඒ දේශයට යනු පිණිස දීර්‍ඝමාර්‍ගයට පිළිපන්නාහු වෙත්. එකල්හි ත්‍රපුෂ්–භල්ලික1 වෙළෙඳුන්ගේ සහලේනෑ වූ දේවතාවෙක් ත්‍රපුෂ්‍ය–භල්ලික වෙළෙඳුන්ට මෙය කී ය:–
Pali BJT“අයං මාරිසා, භගවා රාජායතනමූලෙ විහරති පඨමාභිසම්බුද්ධො. ගච්ඡථ තං භගවන්තං මන්ථෙන ච මධුපිණ්ඩිකාය ච පතිමානෙථ. තං වො භවිස්සති දීඝරත්තං හිතාය සුඛායා”ති.
Sinhala BJT“නිදුකානෙනි, මේ භාග්‍යවතුන් වහන්සේ අභිසම්බෝධියට පැමිණි අළුත ම කිරිපලුරුක් මුල්හි වැඩ වසන සේක. යවු; ඒ භාග්‍යවතුන් වහන්සේ අත්සුණුයෙන් ද මීපිඬුයෙන් ද පුදවු. ඒ පිදීම තොපට බොහෝ කලක් මුළුල්ලෙහි හිත පිණිස ද සැප පිණිස ද වන්නේ ය”.
Pali BJT3. අථ ඛො තපුස්සභල්ලිකා වාණිජා මන්ථඤ්ච මධුපිණ්ඩිකඤ්ච ආදාය යෙන භගවා, තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො තපුස්සභල්ලිකා වාණිජා භගවන්තං එතදවොචුං: “පතිගණ්හාතු නො භන්තෙ, භගවා මන්ථඤ්ච මධුපිණ්ඩිකඤ්ච යං අම්හාකං අස්ස දීඝරත්තං හිතාය සුඛායා”ති.
Sinhala BJT3. ඉක්බිති ත්‍රපුෂ්‍ය–භල්ලික වෙළෙන්දෝ අත්සුණු ද මීපිඬු ද ගෙණ භාග්‍යවතුන් වහන්සේ වැඩ හුන් තැනට ගියහ. ගොස් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක සිටියාහු ය. එකත්පසෙක සිටියා වූ ත්‍රපුෂ්‍ය–භල්ලික1 වෙළෙන්දෝ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ අපගේ අත්සුණු හා මීපිඬුත් පිළිගන්නා සේක්වා; ඒ පිළිගැණීම අපට බොහෝ කලක් හිත සැප පිණිස වන්නේ ය”යි සැළ කළහ.
Pali BJT4. අථ ඛො භගවතො එතදහොසි: “න ඛො තථාගතා හත්ථෙසු පතිගණ්හන්ති. කිම්හි නු ඛො අහං පතිගණ්හෙය්යං මන්ථඤ්ච මධුපිණ්ඩිකඤ්චාති. අථ ඛො චත්තාරො මහාරාජා භගවතො චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය චතුද්දිසා චත්තාරො සෙලමයෙ පත්තෙ භගවතො උපනාමෙසුං- “ඉධ භන්තෙ, භගවා පතිගණ්හාතු මන්ථඤ්ච මධුපිණ්ඩිකඤ්චා”ති. පටිග්ගහෙසි භගවා පච්චග්ඝෙ සෙලමයෙ පත්තෙ මන්ථඤ්ච මධුපිණ්ඩිකඤ්ච. පටිග්ගහෙත්වා ච{3} පරිභුඤ්ජි.
Sinhala BJT4. එකල්හි භාග්‍යවතුන් වහන්සේට “තථාගතයෝ අතින් නො පිළිගණිති. මම වනාහි කුමකින් අත්සුණුත් මීපිඬුත් පිළිගන්නෙම් දැ”යි සිතෙක් වූයේ ය. එකල්හි සතරවරම්මහරජහු තම සිතින් භාග්‍යවතුන් වහන්සේගේ සිත දැන සිවුදිගින් අවුත් “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මෙයින් අත්සුණුත් මීපිඬුත් පිළිගන්නා සේක්වා”යි ශෛලමය පාත්‍ර සතරක් භාග්‍යවතුන් වහන්සේ අතට එළවූහ. භාග්‍යවතුන් වහන්සේ එකෙණෙහි උපන් අළුත් මාහැඟි ශෛලමය වූ පාත්‍රයෙන් අත්සුණු ද මීපිඬු ද පිළිගත් සේක. පිළිගෙණ වැළඳූ සේක.
Pali BJT5. අථ ඛො තපුස්සභල්ලිකා වාණිජා භගවන්තං{4} එතදවොචුං: “එතෙ මයං භන්තෙ, භගවන්තං සරණං ගච්ඡාම ධම්මඤ්ච. උපාසකෙ නො භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතෙ සරණං ගතෙ”ති{5}. තෙ ච ලොකෙ පඨමං උපාසකා අහෙසුං ද්වෙවාචිකා.
Sinhala BJT5. ඉක්බිති ත්‍රපුෂ්‍ය–භල්ලික වෙළෙන්දෝ “ස්වාමීනි, මේ අපි භාග්‍යවතුන් වහන්සේ ද ධර්‍මය ද සරණ යමු, භාග්‍යවතුන් වහන්සේ අප අද පටන් දිවි හිම් කොට සරණ ගියා වූ උපාසකයනැයි දරණ සේක්වා” යි භාග්‍යවතුන් වහන්සේට සැළ කළෝ ය. ඔහු දෙදෙන ද පළමු කොට ලෝකයෙහි ද්වේවාචික (=‘බුද්ධ, ධම්ම’ යන වචන දෙකින් සරණ ගියා වූ) උපාසකයෝ වූහ.
Pali BJTරාජායතනකථා නිට්ඨිතා.
Sinhala BJTරාජායතනකථාව නිමි.
Pali BJT1. අථ ඛො භගවා සත්තාහස්ස අච්චයෙන තම්හා සමාධිම්හා වුට්ඨහිත්වා රාජායතනමූලා යෙන අජපාලනිග්රොධො, තෙනුපසඞ්කමි. තත්ර සුදං භගවා අජපාලනිග්රොධමූලෙ විහරති.
Sinhala BJT1. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සත්දවසක් ඇවෑමෙන් ඒ පලසමවතින් නැඟිට කිරිපලුරුක්මුලින් නික්ම අජපල්නුගරුක්මුලට වැඩි සේක. එහි භාග්‍යවතුන් වහන්සේ අජපල්නුගරුක්මුල්හි වැඩවසන සේක.
Pali BJT2. අථ ඛො භගවතො රහොගතස්ස පතිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: “අධිගතො ඛො ම්යායං ධම්මො ගම්භීරො දුද්දසො දුරනුබොධො සන්තො පණීතො අතක්කාවචරො නිපුණො පණ්ඩිතවෙදනීයො. ආලයරාමා ඛො පනා’යං පජා ආලයසම්මුදිතා. ආලයරාමාය ඛො පන පජාය ආලයරතාය ආලයසම්මුදිතාය දුද්දසං ඉදං ඨානං - යදිදං ඉදප්පච්චයතාපඅච්චසමුප්පාදො. ඉදම්පි ඛො ඨානං සුදුද්දසං - යදිදං සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හාක්ඛයො විරාගො නිරොධො නිබ්බානං. අහඤ්චෙව{1} ඛො පන ධම්මං දෙසෙය්යං, පරෙ ච මෙ න ආජානෙය්යුං, සො මම’ස්ස කිලමථො සා මම’ස්ස විහෙසා”ති.
Sinhala BJT2. එකල්හි හුදකලා වූ, පලසමවතින් යුක්ත වූ, භාග්‍යවතුන් වහන්සේට මෙබඳු කල්පනාවෙක් පහළ වි ය:– “මා විසින් අවබෝධ කළ මේ චතුරාර්‍ය්‍ය සත්‍යධර්‍මය ගැඹුරු ය. දැකීමට දුෂ්කර ය. අවබෝධයට දුෂ්කර ය. ශාන්ත ය. ප්‍රණීත ය. තර්‍කයෙන් නො දත හැකි ය. සියුම් ය. පණ්ඩිතයන් විසින් ම දත යුතු ය. මේ ප්‍රජා තොමෝ පඤ්චකාමගුණයෙහි සතුටු වූවා ය. පඤ්චකාමගුණයෙහි ඇලුනී ය. පඤ්චකාමගුණයෙහි දැඩි සේ මුදිත ය. පස්කම්ගුණයෙහි සතුටු වූ පස්කම්ගුණයෙහි ඇලුනා වූ පස්කම් ගුණයෙහි දැඩි සේ සතුටු වූ ප්‍රජාව විසින් යම් මේ (එකිනෙක ප්‍රත්‍යය හා ප්‍රත්‍යයසමුත්පන්න වන ආකාර ඇති) අවිද්‍යාදි ප්‍රත්‍යය සමූහය වූ ප්‍රතීත්‍යසමුත්පාදයෙක් වේ ද, මෙය දැකීම දුෂ්කර ය. යම් මේ සකලසංස්කාරයන්ගේ සංසිඳීමෙක් වේ ද, සකලඋපධීන්ගේ බැහැර ලීමෙක් වේ ද, තෘෂ්ණාවගේ ක්‍ෂය වීමෙක් වේ ද, නො ඇල්මෙක් වේ ද, සකල දුඃඛනිරෝධයෙක් වේ ද, නිර්‍වාණයෙක් වේ ද, (යන) මෙය ද දැකීම ඉතා දුෂ්කර ය. ඉදින් මම දහම් දෙසන්නෙම් නම්, අන්‍යයෝ මාගේ දහම් දැන නො ගන්නාහු නම්, එය මට ක්ලාන්තියෙක් වන්නේ ය; ඒ මට වෙහෙසෙක් ම වන්නේ” යි.
Pali BJT3. අපිස්සු භගවන්තං ඉමා අනච්ඡරියා ගාථායො පටිභංසු පුබ්බෙ අස්සුතපුබ්බා:
Sinhala BJT3. වැලිදු භාග්‍යවතුන් වහන්සේට පෙර නො ඇසූවිරූ නැවත නැවත විස්මයකර වූ මේ ගාථාවෝ ද වැටහුනහ:–
Pali BJT“කිච්ඡෙන මෙ අධිගතං හලංදානි පකාසිතුං, රාගදොසපරෙතෙහි නායං ධම්මො සුසම්බුධො.
Sinhala BJT“මා විසින් දුක සේ අවබෝධ කළ චතුරාර්‍ය්‍යසත්‍යධර්‍මය දැන් ප්‍රකාශ කිරීමෙන් වැඩෙක් නැත්තේ ය. රාග ද්වේෂයන්ගෙන් පෙළුනවුන් විසින් මේ චතුරාර්‍ය්‍යසත්‍යධර්‍මය තෙමේ අවබෝධ කට හැක්කේ නො වේ.
Pali BJTපටිසොතගාමිං නිපුණං ගම්භීරං දුද්දසං අණුං, රාගරත්තා න දක්ඛන්ති{2} තමොක්ඛන්ධෙන ආවටාති{3}”
Sinhala BJT“උඩුහෝ (නිවන්) කරා යන්නා වූ නිපුණ වූ ගැඹුරු වූ දුක සේ දැක්ක යුතු වූ සියුම් වූ චතුරාර්‍ය්‍යසත්‍යධර්‍මය රාගයෙන් රත් වූ අවිද්‍යාස්කන්‍ධයෙන් වැසුනා වූ සත්ත්‍වයෝ නො දක්නාහු ය”.
Pali BJT4. ඉතිහ භගවතො පටිසඤ්චික්ඛතො අප්පොස්සුක්කතාය චිත්තං නමති, නො ධම්මදෙසනාය. අථ ඛො බ්රහ්මුනො සහම්පතිස්ස භගවතො චෙතසා චෙතො පරිවිතක්කමඤ්ඤාය එතදහොසි: “නස්සති වත භො, ලොකො; විනස්සති වත භො, ලොකො; යත්ර හි නාම තථාගතස්ස අරහතො සම්මාසම්බුද්ධස්ස අප්පොස්සුක්කතාය චිත්තං නමති, නො ධම්මදෙසනායා”ති.
Sinhala BJT4. මෙසේ සලකන්නා වූ භාග්‍යවතුන් වහන්සේගේ සිත මන්‍දෝත්සාහභාවයට නැමේ. දහම් දෙසීම පිණිස නො නැමේ.* එකල්හි භාග්‍යවතුන් වහන්සේගේ අදහස දත් සහම්පතිබ්‍රහ්මයා හට මෙ බඳු සිතෙක් වී ය. යම් ලෝකයක රහත් වූ සම්මාසම්බුදු වූ තථාගතයන් වහන්සේගේ සිත මන්‍දෝත්සාහභාවයට නැමේ ද, දහම් දෙසනු පිණිස නො නැමේ ද, භවත්නි, ඒ ලෝකය නැසේ. භවත්නි, ඒ ලෝකය වැනසේ”යි කියායි.
Pali BJT5. අථ ඛො බ්රහ්මා සහම්පති සෙය්යථාපි නාම බලවා පුරිසො සමිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය, එවමෙව බ්රහ්මලොකෙ අන්තරහිතො භගවතො පුරතො පාතුරහොසි. අථ ඛො බ්රහ්මා සහම්පති එකංසං උත්තරාසඞ්ගං කරිත්වා දක්ඛිණං ජාණුමණ්ඩලං{4} පුථුවියං{5} නිහන්ත්වා යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා භගවන්තං එතදවොච: “දෙසෙතු භන්තෙ, භගවා ධම්මං. දෙසෙතු සුගතො ධම්මං. සන්ති{6} සත්තා අප්පරජක්ඛජාතිකා. අස්සවණතා ධම්මස්ස පරිහායන්ති. භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරො”ති. ඉදමවොච බ්රහ්මා සහම්පති, ඉදං වත්වාන{7} අථාපරං එතදවොච:-
Sinhala BJT5. ඉක්බිති සහම්පති බ්‍රහ්ම තෙමේ බලවත් පුරුෂයෙක් හැකිළූ අත යම් සේ දිගු කරන්නේ ද, දිගු කළ අත යම් සේ හකුළන්නේ ද, එපරිද්දෙන් (වහා) බ්‍රහ්මලෝකයෙහි අතුරුදහන් වූයේ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහි පහළ වූයේ ය. ඉක්බිති සහම්පතිබ්‍රහ්මතෙමේ උතුරුසළුව එකස් කොට දකුණු දණමඬල පොළොවෙහි ඇන භාග්‍යවතුන් වහන්සේට ඇඳිලි බැඳ මෙය සැළ කෙළේ ය:– “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසන සේක්වා. ස්වල්ප වූ රාගාදි රජස් ඇති සත්ත්‍වයෝ වෙති. (ඔහු) දහම් නො ඇසීමෙන් පිරිහෙත්. දහම් දැනගන්නෝ (ලෝකයෙහි) ඇත්තාහ” කියා යි. නැවත මේ ගාථා ද කීයේ ය:
Pali BJT“පාතුරහොසි මගධෙසු පුබ්බෙ ධම්මො අසුද්ධො සමලෙහි චින්තිතො, අවාපුරෙතං අමතස්ස ද්වාරං සුණන්තු ධම්මං විමලෙනානුබුද්ධං.
Sinhala BJT“පෙර මගදදනව්වෙහි රාගාදිකෙලෙස්මලින් යුක්ත වූවන්{*} විසින් සිතන ලද අපිරිසිදු වූ මිත්‍ථාදෘෂ්ටිධර්‍මයෙක් පහළ වූයේ ය. නිවන් දොරටුව වූ මේ ආර්‍ය්‍යමාර්‍ගය විවෘත කළ මැනවි. දුරු වූ රාගාදි කෙලෙස් මල ඇති බුදුන් විසින් අවබෝධ කළ වතුරාර්‍ය්‍ය සත්‍ය ධර්‍මය සත්ත්‍වයෝ අසත්වා.
Pali BJTසෙලෙ යථා පබ්බතමුද්ධනිට්ඨිතො යථාපි පස්සෙ ජනතං සමන්තතො, තථූපමං ධම්මමයං සුමෙධ පාසාදමාරුය්හ සමන්තචක්ඛු, සොකාවතිණ්ණං ජනතමපෙතසොකො අවෙක්ඛස්සු ජාතිජරාභිභූතං.
Sinhala BJT“සමතැස් ඇති සුන්‍දර ප්‍රඥා ඇති භාග්‍යවතුන් වහන්ස, ශෛලමය පර්‍වතයක් මුදුනෙහි සිටි පුරුෂයෙක් හාත්පස ජනසමූහයා යම් සේ දකී ද, පහ වූ ශෝක ඇති ඔබවහන්සේ ඒ ශෛලමපර්‍වතය වැනි වූ ප්‍රඥාමය වූ පහයට නැඟී ශෝකයට බැසගත් ජාතිජරායෙන් මැඩුනා වූ ජනසමූහයා බලා වදාරණසේක්වා.
Pali BJTඋට්ඨෙහි වීර විජිතසඞ්ගාම සත්ථවාහ අනණ{1} විචර ලොකෙ, දෙසස්සු භගවා ධම්මං අඤ්ඤාතාරො භවිස්සන්තී”ති{2}
Sinhala BJT“දිනූ මාරසඞ්ග්‍රාම ඇති සාර්‍ත්‍ථවාහක වූ කාමච්ඡන්‍දාදි නය නැත්තා වූ වීරයන් වහන්ස, නැඟී සිටිනු මැනවි. ලෝකයෙහි හැසිරෙණු මැනවි. භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසනසේක්වා. දහම් අවබෝධ කරන්නෝ වන්නාහ” යි.
Pali BJT6. අථ ඛො භගවා බ්රහ්මුනො ච අජ්ඣෙසනං විදිත්වා සත්තෙසු ච කාරුඤ්ඤතං පටිච්ච බුද්ධචක්ඛුනා ලොකං ඔලොකෙසි. අද්දසා ඛො භගවා බුද්ධචක්ඛුනා ලොකං ඔලොකෙන්තො සත්තෙ අප්පරජක්ඛෙ මහාරජක්ඛෙ තික්ඛින්ද්රියෙ මුදින්ද්රියෙ ස්වාකාරෙ ද්වාකාරෙ සුවිඤ්ඤාපයෙ දුවිඤ්ඤාපයෙ අප්පෙකච්චෙ පරලොකවජ්ජභයදස්සාවිනො{3} විහරන්තෙ.
Sinhala BJT6. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බ්‍රහ්මයාගේ ආරාධනාව දැන සත්ත්‍වයන් කෙරෙහි කරුණාව නිසා බුදුඇසින් ලෝකය බලා වදාළසේක. භාග්‍යවතුන් වහන්සේ බුදුඇසින් සත්ත්‍වලෝකය බලාවදාරණ සේක්, අල්ප වූ රාගාදි රජස් ඇත්තා වූ ද මහත් වූ රජස් ඇත්තා වූ ද තියුණු වූ ශ්‍රද්ධාදිඉන්‍ද්‍රියයන් ඇත්තා වූ ද ශ්‍රද්ධාදීන්ගේ අඩු වැඩි ආකාර ඇත්තා වූ ද සුව සේත් දුක සේත් ධර්‍මාවබෝධය කට හැක්කා වූ ද පරලොව වරද හා බිය දක්නාසුලු ව වසන්නා වූ ද ඇතැම් සත්ත්‍වයන් දුටු සේක.
Pali BJT7. සෙය්යථාපි නාම උප්පලිනියං වා පදුමිනියං වා පුණ්ඩරීකිනියං වා අප්පෙකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකෙ ජාතානි උදකෙ සංවද්ධානි උදකානුග්ගතානි අන්තො නිමුග්ගපොසීනි, අප්පෙකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකෙ ජාතානි උදකෙ සංවද්ධානි සමොදකං ඨිතානි, අප්පෙකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකෙ ජාතානි උදකෙ සංවද්ධානි උදකං අච්චුග්ගම්ම ඨිත්තන්ති{4} අනුපලිත්තානි උදකෙන; එවමෙව භගවා බුද්ධචක්ඛුනා ලොකං ඔලොකෙන්තො අද්දස සත්තෙ අප්පරජක්ඛෙ මහාරජක්ඛෙ තික්ඛින්ද්රියෙ මුදින්ද්රියෙ ස්වාකාරෙ ද්වාකාරෙ සුවිඤ්ඤාපයෙ දුවිඤ්ඤාපයෙ අප්පෙකච්චෙ පරලොකවජ්ජභයදස්සාවිනො5 විහරන්තෙ. දිස්වාන බ්රහ්මානං සහම්පතිං ගාථාය පච්චභාසි:-
Sinhala BJT7. යම් සේ උපුල්විලක හෝ පියුම්විලක හෝ හෙලපියුම්විලක හෝ දියෙහි හටගත්, දියෙහි මොනවට වැඩුනා වූ, දියෙන් මතු නො වූ, ඇතැම් උපුල්හු හෝ පියුම්හු හෝ හෙලපියුම්හු හෝ දිය තුළ ගැලී වැඩෙන්නාහු ද, දියෙහි හටගත් දියෙහි වැඩුනු ඇතැම් උපුල්හු හෝ පියුම්හු හෝ හෙලපියුම්හු හෝ දිය හා සම ව සිටිත් ද, දියෙහි හටගත් දියෙහි වැඩුනු ඇතැම් උපුල්හු හෝ පියුම්හු හෝ හෙලපියුම්හු හෝ දියෙන් උඩට නැඟී දිය හා නො තැවරී සිටිත් ද, එපරිද්දෙන් භාග්‍යවතුන් වහන්සේ බුදුඇසින් සත්ත්‍වලෝකය බලා වදාරණ සේක් අල්පරජස්ක වූ ද මහාරජස්ක වූ ද තියුණු වූ ත් මෘදු වූ ත් ශ්‍රද්ධාදිඉන්‍ද්‍රියයන් ඇත්තා වූ ද ශ්‍රද්ධාදීන්ගේ අඩු වැඩි ආකාර ඇත්තා වූ ද සුව සේත් දුක සේත් ධර්‍මවාබෝධය කට හැක්කා වූ ද පරලොව වරද හා බිය දක්නා සුලු ව වසන්නා වූ ද ඇතැම් සත්ත්‍වයන් දුටු සේක. දැක සහම්පතිබ්‍රහ්මයාහට ගාථාවකින් මෙසේ වදාළසේක:–
Pali BJT“අපාරුතා තෙසං අමතස්ස ද්වාරා යෙ සොතවන්තො පමුඤ්චන්තු සද්ධං, විහිංසසඤ්ඤී පගුණං න භාසයිං ධම්මං පණීතං මනුජෙසු බ්රහ්මෙ”ති.
Sinhala BJT“බ්‍රහ්මය, (නොදන්නවුන්ට දෙසීම කයට) වෙහෙස ය යන කල්පනා ඇත්තෙම් ප්‍රගුණ වූ උතුම් වූ චතුරාර්‍ය්‍යසත්‍යධර්‍මය මිනිසුන් අතර නො කීයෙමි. යම් කෙනෙක් කන් ඇත්තෝ වෙත් ද, ඔහු ශ්‍රද්ධාව මුදත්වා (හෙවත් ඉදිරිපත් කෙරෙත්වා): ඔවුන්ට (දැන්) නිර්‍වාණද්වාරයෝ (=ආර්‍ය්‍යයමාර්‍ගයෝ) විවෘත කරණ ලදහ”.
Pali BJTඅථ ඛො බ්රහ්මා සහම්පති ‘කතාවකාසො ඛො’ම්හි භගවතා ධම්මදෙසනායා’ති භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායි.
Sinhala BJTඉක්බිති සහම්පති බ්‍රහ්මතෙමේ “භාග්‍යවතුන් වහන්සේ විසින් දහම් දෙසනු පිණිස කළ අවකාශ ඇත්තෙම් වෙමි”යි භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට එහි ම අතුරුදහන් වූයේ ය.
Pali BJTබ්රහ්මායාචනකථා නිට්ඨිතා.
Sinhala BJTබ්‍රහ්මායාචනකථා නිමි.
Pali BJT1. අථ ඛො භගවතො එතදහොසි: “කස්ස නු ඛො අහං පඨමං ධම්මං දෙසෙය්යං? කො ඉමං ධම්මං ඛිප්පමෙව ආජානිස්සතී?”ති. අථ ඛො භගවතො එතදහොසි: “අයං ඛො ආළාරො කාලාමො පණ්ඩිතො ව්යත්තො මෙධාවී දීඝරත්තං අප්පරජක්ඛජාතිකො. යන්නූනාහං ආළාරස්ස කාලාමස්ස පඨමං ධම්මං දෙසෙය්යං; සො ඉමං ධම්මං ඛිප්පමෙව ආජානිස්සතී”ති. අථ ඛො අන්තරහිතා දෙවතා භගවතො ආරොචෙසි{1}: “සත්තාහකාලකතො{2} භන්තෙ, ආළාරො කාලාමො”ති. භගවතො’පි ඛො ඤාණං උදපාදි: “සත්තාහකාලකතො ආළාරො කාලාමො”ති. අථ ඛො භගවතො එතදහොසි: “මහාජානියො ඛො ආළාරො කාලාමො. සචෙ හි සො ඉමං ධම්මං සුණෙය්ය, ඛිප්පමෙව ආජානෙය්යා”ති.
Sinhala BJT1. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට “මම කවරකුට පළමු කොට දහම් දෙසන්නෙම් ද? කවරෙක් මේ චතුරාර්‍ය්‍යසත්‍යධර්‍මය වහා ම අවබෝධ කරන්නේ දැ?”යි මෙබඳු සිතෙක් වූයේ ය. එකල්හි භාග්‍යවතුන් වහන්සේට “කාලාමගෝත්‍රයෙහි වූ මේ අළාරතවුස් තෙමේ පණ්ඩිත ය. ව්‍යක්ත ය. නුවණැත්තේ ය. බොහෝ කලක් මුළුල්ලෙහි අල්පරජස්ක වූයේ ය. මම කාලාමගෝත්‍රයෙහි වූ ආළාරතවුසාහට පළමු කොට දහම් දෙසන්නෙම් නම් යෙහෙක. හෙතෙමේ වහා ම මේ ධර්‍මය දැනගන්නේ ය” යි මෙබඳු සිතෙක් වූයේ ය. එකල්හි අතුරුදහන් වූ (නො පෙණී සිටි) දේවතාවෙක් භාග්‍යවතුන් වහන්සේහට “ස්වාමීනි, කාලාමගෝත්‍රයෙහි වූ ආළාරතවුස් තෙමේ මින් සත් දවසකට පෙර කලුරිය කෙළේ ය” යි සැළකෙළේ ය. භාග්‍යවතුන් වහන්සේ ද ආළාරකාලාම තවුස් තෙමේ සත්දවසකට පෙර කලුරිය කෙළේ ය” යි සර්‍වඥතාඥානයෙන් දත් සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේහට ආළාරකාලාම තවුස්තෙමේ මහත් පිරිහීම් ඇත්තෙක. ඉදින් හෙතෙමේ මේ ධර්‍මය ඇසුයේ නම්, වහා ම දැන ගන්නේ ය” යි මෙබඳු සිතෙක් වූයේ ය.
Pali BJT2. අථ ඛො භගවතො එතදහොසි: “කස්ස නු ඛො අහං පඨමං ධම්මං දෙසෙය්යං? කො ඉමං ධම්මං ඛිප්පමෙව ආජානිස්සතී?”ති. අථ ඛො භගවතො එතදහොසි: “අයං ඛො උද්දකො{3} රාමපුත්තො පණ්ඩිතො බ්යත්තො මෙධාවී දීඝරත්තං අප්පරජක්ඛජාතිකො. යන්නූනාහං උදකස්ස රාමපුත්තස්ස පඨමං ධම්මං දෙසෙය්යං; සො ඉමං ධම්මං ඛිප්පමෙව ආජානිස්සතී”ති. අථ ඛො අන්තරහිතා දෙවතා භගවතො ආරොචෙසි: “අභිදොසකාලකතො භන්තෙ, උද්දකො රාමපුත්තො”ති. භගවතො’පි ඛො ඤාණං උදපාදි: “අභිදොසකාලකතො උද්දකො රාමපුත්තො”ති. අථ ඛො භගවතො එතදහොසි: “මහාජානියො ඛො උද්දකො රාමපුත්තො; සචෙ හි සො ඉමං ධම්මං සුණෙය්ය, ඛිප්පමෙව ආජානෙය්යා”ති
Sinhala BJT2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට “මම කවරකුහට පළමු කොට දහම් දෙසන්නෙම් ද? කවරෙක් මේ ධර්‍මය වහා ම දැනගන්නේ දැ?” යි සිතෙක් වූයේ ය. එකල්හි භාග්‍යවතුන් වහන්සේහට “රාමපුත්‍ර වූ මේ උද්දක තවුස් තෙමේ පණ්ඩිත ය. ව්‍යක්ත ය. නුවණැත්තේ ය. බොහෝ කලක් මුළුල්ලෙහි අල්පරජස්ක වූයේ ය. මම උද්දකරාමපුත්‍රයාහට පළමු කොට දහම් දෙසන්නෙම් නම් යෙහෙක, හෙතෙමේ මේ ධර්‍මය වහා ම දැනගන්නේ ය”යි සිතෙක් උපන. ඉක්බිති මුවා ව සිටි දේවතාවෙක් භාග්‍යවතුන් වහන්සේහට “ස්වාමීනි, රාමපුත්‍රවූ උද්දක තවුස් තෙමේ රෑ මැදියම කලුරිය කෙළේ ය” යි සැළකළේ ය. භාග්‍යවතුන් වහන්සේ ද “උද්දකරාමපුත්‍ර තෙමේ රෑ මැදියම කලුරිය කෙළේ ය” යි සර්‍වඥතාඥානයෙන් දත් සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේහට උද්දකරාමපුත්‍ර තෙමේ මහත් පිරිහීම් ඇත්තෙක. ඉදින් හෙතෙමේ මේ ධර්‍මය ඇසූයේ නම්, වහා ම දැනගන්නේ ය”යි සිතෙක් උපන්නේ ය.
Pali BJT3. අථ ඛො භගවතො එතදහොසි: “කස්ස නු ඛො අහං පඨමං ධම්මං දෙසෙය්යං? කො ඉමං ධම්මං ඛිප්පමෙව ආජානිස්සතී?”ති. අථ ඛො භගවතො එතදහොසි: බහුකාරා{4} ඛො මෙ පඤ්චවග්ගියා භික්ඛූ, යෙ මං පධානපහිතත්තං{5} උපට්ඨහිංසු. යන්නූනාහං පඤ්චවග්ගියානං භික්ඛූනං පඨමං ධම්මං දෙසෙය්යන්ති. අථ ඛො භගවතො එතදහොසි: “කහන්නු ඛො එතරහි පඤ්චවග්ගියා භික්ඛූ විහරන්තී?ති. අද්දසා ඛො භගවා දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන පඤ්චවග්ගියෙ භික්ඛූ බාරාණසියං විහරන්තෙ ඉසිපතනෙ මිගදායෙ. අථ ඛො භගවා උරුවෙලායං යථාභිරත්තං{6} විහරිත්වා යෙන බාරාණසී, තෙන චාරිකං පක්කාමි.
Sinhala BJT3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේහට “මම කවරකුට පළමු කොට දහම් දෙසන්නෙම් ද? කවරෙක් මේ ධර්‍මය වහා ම දැනගන්නේ දැ?” යි සිතෙක් විය. එකල්හි භාග්‍යවතුන් වහන්සේට “යම් කෙනෙක් (ක්ලේශ) ප්‍රදහනවීර්‍ය්‍යකරණයෙහි යැවූ සිත් ඇති මට උපස්ථාන කළාහු ද, ඒ පස්වගමහණහු මට බොහෝ උපකාර ඇත්තෝ ම ය. මම් ඒ පස්වග මහණුන්හට පළමු කොට දහම් දෙසන්නෙම් නම් යෙහෙකැ”යි ද “මෙකල්හි පස්වග මහණහු කොතැන්හි වෙසෙත් දැ?” යි ද සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේ පිරිසිදු වූ මිනිසැස ඉක්ම පවත්නා වූ දිවැසින් බරණැස්නුවර මෘගදාය නම් වූ ඉසිපතනයෙහි වසන්නා වූ පස්වගමහණුන් දුටු සේක. ඉක්බිති උන්වහන්සේ උරුවෙල්දනව්වෙහි කැමැති තාක් වාසය කොට බරණැස්නුවරට වඩිනු පිණිස චාරිකාවෙහි වැඩි සේක.
Pali BJT4. අද්දසා ඛො උපකො ආජීවකො{1} භගවන්තං අන්තරා ච ගයං අන්තරා ච බොධිං අද්ධානමග්ගප්පටිපන්නං. දිස්වාන භගවන්තං එතදවොච: “විප්පසන්නානි ඛො තෙ ආවුසො ඉන්ද්රියානි. පරිසුද්ධො ඡවිවණ්ණො පරියොදාතො. කං සි ත්වං ආවුසො උද්දිස්ස පබ්බජිතො? කො වා තෙ සත්ථා? කස්ස වා ත්වං ධම්මං රොචෙසී?”ති. එවං වුත්තෙ භගවා උපකං ආජීවකං ගාථාහි අජ්ඣභාසි:-
Sinhala BJT4. උපකආජීවක තෙමේ ගයාවට හා බෝධිවෘක්‍ෂයට ද අතරෙහි වූ දීර්‍ඝමාර්‍ගයට පිළිපන් භාග්‍යවතුන් වහන්සේ දුටුයේ ය. දැක භාග්‍යවතුන් වහන්සේහට මෙසේ කී ය: “ඇවැත්නි, නුඹවහන්සේගේ චක්‍ෂුරාදිඉන්‍ද්‍රියයෝ විශේෂයෙන් ප්‍රසන්නයහ. සිරුරුපැහැය පිරිසිදු ය. අතිශයින් නිර්‍මල ය. ඇවැත්නි, තමුන්නාන්සේ කවරකු උදෙසා පැවිදි වූ සේක් ද? තමුන්නාන්සේගේ ශාස්තෘතෙමේ කවරෙක් හෝ වේ ද? තමුන්නාන්සේ කවරකුගේ ධර්‍මය රුචි කරණ සේක් දැ?”යි විචාළේ ය. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ උපකආජීවකයාහට මේ ගාථාවන් වදාළ සේක:
Pali BJT“සබ්බාභිභූ සබ්බවිදූ’හමස්මි සබ්බෙසු ධම්මෙසු අනූපලිත්තො, සබ්බඤ්ජහො තණ්හාක්ඛයෙ විමුත්තො සයං අභිඤ්ඤාය කමුද්දිසෙය්යං.
Sinhala BJT“මම සියල්ල මැඩ සිටියෙමි. සියල්ල දන්නෙම් වෙමි. සියලු ධර්‍මයන්හි නො ඇලුනෙමි. සියලු කෙලෙස් හැර සිටියෙමි. තෘෂ්ණාක්‍ෂයයෙහි නිමාවට ගියෙමි. (මෙසේ) තෙමේ ම සියල්ල දැන සිටි මම අන් කවරකු ආචාර්‍ය්‍ය වශයෙන් උදෙසන්නෙම් ද?
Pali BJT“න මෙ ආචරියො අත්ථි සදිසො මෙ න විජ්ජති, සදෙවකස්මිං ලොකස්මිං නත්ථි මෙ පටිපුග්ගලො.
Sinhala BJT“මට ලෝකෝත්තරධර්‍මයෙහි ඇදුරෙක් නැත. මට සමානයෙක් විද්‍යාමාන නො වේ. දෙවියන් සහිත ලෝකයෙහි මාහට සම පුද්ගලයෙක් නැත.
Pali BJTඅහං හි අරහා ලොකෙ අහං සත්ථා අනුත්තරො, එකො’ම්හි සම්මාසම්බුද්ධො සීතීභූතොස්මි නිබ්බුතො.
Sinhala BJT“ලෝකයෙහි මම ම රහත් වෙමි. මම ම නිරුත්තර වූ ශාස්තෘ වෙමි. මම ම සම්‍යක්සම්බුද්ධ වෙමි. (සියලු කෙලෙස්ගිනි නිවීමෙන්) සිහිල් වූයෙමි. එහෙයින් ම නිවුනෙමි.
Pali BJTධම්මචක්කං පවත්තෙතුං ගච්ඡාමි කාසිනං පුරං, අන්ධභූතස්මිං ලොකස්මිං ආහඤ්ඡං{2} අමතදුන්දුභි”න්ති.
Sinhala BJT“මම දම්සක් පැවැත්වීමට කසීරට බරණැස් නුවර බලා යමි. අවිද්‍යාවෙන් අන්‍ධ වූ ලෝකයෙහි අමාදහම්බෙරය ගසන්නෙමි.”
Pali BJTයථා ඛො ත්වං ආවුසො පටිජානාසි, අරහසි අනන්තජිනොති.
Sinhala BJTඇවැත්නි, තමුන්නාන්සේ යම් සේ පිළිණ කරණ සේක් ද, එසේ “අනන්තජින” වීමට සුදුසු සේක.
Pali BJT“මා දිසා වෙ ජිනා හොන්ති යෙ පත්තා ආසවක්ඛයං, ජිතා මෙ පාපකා ධම්මා තස්මා’හං උපකා ජිනො”ති.
Sinhala BJT“යම් කෙනෙක් කාමාදිආශ්‍රවයන් ක්‍ෂය කිරීමට පැමිණියෝ ද, මා වැනි ඔහු ඒකාන්තයෙන් ‘ජින’ නම් වෙති. උපකය, ‘මා විසින් පාප ධර්‍මයෝ දිනන ලදහ. එහෙයින් මම ‘ජින’ නම් වෙමි.”
Pali BJT5. එවං වුත්තෙ උපකො ආජීවකො “හුපෙය්යපාවුසො”ති{3} වත්වා සීසං ඔකම්පෙත්වා උම්මග්ගං ගහෙත්වා පක්කාමි.
Sinhala BJT5. මෙසේ වදාළ කල්හි උපක ආජීවක තෙමේ “ඇවැත්නි, එහෙමත් විය හැකි ය”යි හිස සලා කුඩාමගකට බැස වඞ්ගහාරජනපදය බලා ගියේ ය.
Pali BJT6. අථ ඛො භගවා අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන බාරාණසී ඉසිපතනං මිගදායො, යෙන පඤ්චවග්ගියා භික්ඛූ, තෙනුපසඞ්කමි. අද්දසංසු ඛො පඤ්චවග්ගියා භික්ඛූ භගවන්තං දූරතො’ව ආගච්ඡන්තං. දිස්වාන අඤ්ඤමඤ්ඤං සණ්ඨපෙසුං: “අයං ආවුසො සමණො ගොතමො ආගච්ඡති බාහුලිකො පධානවිබ්භන්තො ආවත්තො බාහුල්ලාය. සො නෙව අභිවාදෙතබ්බො. න පච්චුට්ඨාතබ්බො. නාස්ස පත්තචීවරං පටිග්ගහෙතබ්බං. අපි ච ඛො ආසනං ඨපෙතබ්බං, සචෙ ආකඞ්ඛිස්සති, නිසීදිස්සතී”ති.
Sinhala BJT6. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළින් සැරිසරා වඩිනා සේක් බරණැස්නුවර ඉසිපතන නම් වූ මෘගදායයෙහි පස්වගමහණුන් වෙත වැඩිසේක. පස්වගමහණහු වඩින්නා වූ භාග්‍යවතුන් වහන්සේ දුර දී ම දුටුවාහු ය. දැක, උන් උන් කතිකාවක් කළාහු ය: “ඇවැත්නි, මේ ග්‍රමණගෞතම තෙමේ එයි. ප්‍රත්‍යය බහුල කොට ඇත්තේ, ප්‍රධන් වීර්‍ය්‍ය කිරීමෙන් පිරිහුනේ, ප්‍රත්‍යයයන්ගේ බහුලභාවයට පෙරළුනේ ය. ඒ ශ්‍රමණගෞතම තෙමේ නො ම වැඳිය යුත්තේ ය. උපස්ථාන නො කට යුතු ය. පාසිවුරු නො පිළිගත යුතු ය. එසේ නමුත් කැමැති නම් හිඳිනු පිණිස අසුනක් එළවිය යුතු ය.”
Pali BJT7. යථා යථා ඛො භගවා පඤ්චවග්ගියෙ භික්ඛූ උපසඞ්කමති, තථා තථා තෙ පඤ්චවග්ගියා භික්ඛූ නාසක්ඛිංසු සකාය කතිකාය සණ්ඨාතුං. අසණ්ඨහන්තා භගවන්තං පච්චුග්ගන්ත්වා එකො භගවතො පත්තචීවරං පටිග්ගහෙසි. එකො ආසනං පඤ්ඤාපෙසි. එකො පාදොදකං, එකො පාදපීඨං එකො පාදකඨලිකං උපනික්ඛිපි. නිසීදි භගවා පඤ්ඤත්තෙ ආසනෙ. නිසජ්ජ ඛො භගවා පාදෙ{1} පක්ඛාලෙසි. අපිස්සු භගවන්තං නාමෙන ච ආවුසොවාදෙන ච සමුදාචරන්ති. එවං වුත්තෙ භගවා පඤ්චවග්ගියෙ භික්ඛූ එතදවොච: “මා භික්ඛවෙ තථාගතං නාමෙන ච ආවුසොවාදෙන ච සමුදාචරිත්ථ{2}. අරහං භික්ඛවෙ, තථාගතො සම්මාසම්බුද්ධො. ඔදහථ භික්ඛවෙ, සොතං. අමතමධිගතං. අහමනුසාසාමි, අහං ධම්මං දෙසෙමි. යථානුසිට්ඨං තථා පටිපජ්ජමානා න චිරස්සෙව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සථා”ති.
Sinhala BJT7. භාග්‍යවතුන් වහන්සේ පස්වගමහණුන් වෙත එළඹෙත් එළඹෙත් ම පස්වගමහණහු සිය කතිකාවෙහි සිටින්නට නො හැකි වූහ. නො සිටින්නෝ භාග්‍යවතුන් වහන්සේ කරා ගියහ. ගොස්, එක් නමක් භාග්‍යවතුන් වහන්සේගේ පාසිවුරු පිළිගත්තේ ය. එක් නමක් අසුනක් පැණැවී ය. එක් නමක් පා දෝනා දිය ද පාපුටුව ද නො සේදූ පා තබනා පුවරුව ද එළවා තැබී ය. භාග්‍යවතුන් වහන්සේ පැණවූ අසුනෙහි වැඩ හුන් සේක. භාග්‍යවතුන් වහන්සේ එහි වැඩ හිඳ පා සේදු සේක. එසේ නමුත් ඔහු භාග්‍යවතුන් වහන්සේට ගෞතම නාමයෙන් ද “ඇවැත්නි” යන කීමෙන් ද කතා කෙරෙත්. මෙසේ කතා කළ කල්හි භාග්‍යවතුන් වහන්සේ පස්වගමහණුන්ට “මහණෙනි, තථාගතයන්ට නාමයෙන් ද ‘ඇවැත්නි’ කීමෙන් ද කතා නො කරවු. මහණෙනි, තථාගත තෙමේ රහත් ය. සම්‍යක්සම්බුද්ධ ය. මහණෙනි, කන් යොමු කරවු. මවිසින් නිවණ ලබන ලදී. මම අනුශාසනා කරමි. මම දහම් දෙසමි. ඒ අනුශාසනය පරිද්දෙන් පිළිපදින්නා වූ තෙපි නොබෝ කලකින් ම, යම් අර්‍හත්ඵලයක් පිණිස කුලපුත්‍රයෝ මනා කොට ම ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත් ද, බඹසර කෙළවර කොට ඇති නිරුත්තර වූ ඒ අර්‍හත්ඵලය ඉහාත්මයෙහි ම තුමූ ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාසය කරන්නහු ය”යි යන මෙය වදාළ සේක.
Pali BJT8. එවං වුත්තෙ පඤ්චවග්ගියා භික්ඛූ භගවන්තං එතදවොචුං: “තාය’පි ඛො ත්වං ආවුසො ගොතම, ඉරියාය තාය පටිපදාය තාය දුක්කරකාරිකාය නෙවජ්ඣගා උත්තරි මනුස්සධම්මා{3} අලමරියඤාණදස්සනවිසෙසං. කිම්පන ත්වං එතරහි, බාහුලිකො පධානවිබ්භන්තො ආවත්තො බාහුල්ලාය අධිගමිස්සසි උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙස”න්ති. එවං වුත්තෙ භගවා පඤ්චවග්ගියෙ භික්ඛූ එතදවොච: “න භික්ඛවෙ තථාගතො බාහුලිකො. න පධානවිබ්භන්තො. න ආවත්තො බාහුල්ලාය. අරහං භික්ඛවෙ, තථාගතො සම්මාසම්බුද්ධො. ඔදහථ භික්ඛවෙ, සොතං. අමතමධිගතං, අහමනුසාසාමි. අහං ධම්මං දෙසෙමි. යථානුසිට්ඨං තථා පටිපජ්ජමානා නචිරස්සෙ’ව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සථා”ති. දුතියම්පි ඛො පඤ්චවග්ගියා භික්ඛූ භගවන්තං එතදවොචුං -පෙ- දුතියම්පි ඛො භගවා පඤ්චවග්ගියෙ භික්ඛූ එතදවොච -පෙ- තතියම්පි ඛො පඤ්චවග්ගියා භික්ඛූ භගවන්තං එතදවොචුං: “තාය’පි ඛො ත්වං ආවුසො ගොතම තාය ඉරියාය තාය පටිපදාය තාය දුක්කරකාරිකාය නෙවජ්ඣගා උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං. කිම්පන ත්වං එතරගි බාහුලිකො පධානවිබ්භන්තො ආවත්තො බාහුල්ලාය, අධිගමිස්සසි උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙස”න්ති.
Sinhala BJT8. මෙසේ වදාළ කල්හි පස්වගමහණහු භාග්‍යවතුන් වහන්සේට “ඇවැත්නි ගෞතමයෙනි, තමුන්නාන්සේ ඒ දුෂ්කර ඉරියවු පැවැත්වීමෙන් ඒ දුෂ්කර පිළිවෙත් පිරීමෙන්, ඒ දුෂ්කරක්‍රියාවෙන් මනුෂ්‍යධර්‍මයෙන් අධික වූ ආර්‍ය්‍යභාවය කිරීමට සමර්‍ත්‍ථ වූ ඥානදර්‍ශනවිශේෂයක් නො ලැබූ සේක. මෙකල්හි චීවරාදිප්‍රත්‍යය බහුල කොට ඇති, වීර්‍ය්‍ය කිරීමෙන් පිරිහුනු, චීවරාදිප්‍රත්‍යය බහුලභාවයට පෙරළුනු තමුන්නාන්සේ මනුෂ්‍යධර්‍මයෙන් අධික වූ ආර්‍ය්‍යභාවය කිරීමට සමර්‍ත්‍ථ වූ ඥානදර්‍ශනවිශේෂයක් කෙසේ නම් අවබෝධ කළසේක් දැ” යි කීහ. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ පස්වගමහණුන්හට “මහණෙනි, තථාගත වූ මම චීවරාදිප්‍රත්‍යය බහුල කොට ඇත්තේ නො වෙමි. වීර්‍ය්‍ය කිරීමෙන් පිරිහුනේ නො වෙමි. චීවරාදිප්‍රත්‍යය බහුලභාවය පිණිස පෙරළුනේ නො වෙමි. මහණෙනි, තථාගත තෙමේ රහත් ය. සම්‍යක්සම්බුද්ධ ය. මහණෙනි, කන් යොමු කරවු. නිවණ ලබනලදී. මම අනුශාසනා කරමි. මම දහම් දෙසමි. ඒ අනුශාසනය පරිද්දෙන් පිළිපදින්නා වූ තෙපි නොබෝ කලකින් ම යම් නිවණක් පිණිස කුලපුත්‍රයෝ මනා කොට ම ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවෙත් ද, බඹසර කෙළවර කොට ඇති නිරුත්තර වූ ඒ නිවණ ඉහාත්මයෙහි ම තුමූ ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාසය කරන්නහුය” යි වදාළ සේක. දෙවන වර ද පස්වගමහණහු භාග්‍යවතුන් වහන්සේට මෙය කීහ. දෙවනවර ද භාග්‍යවතුන් වහන්සේ පස්වගමහණුන්ට මෙය වදාළ සේක –පෙ– තෙවන වර ද පස්වගමහණහු භාග්‍යවතුන් වහන්සේට “ඇවැත්නි ගෞතමයෙනි, තමුන්නාන්සේ ඒ දුෂ්කර ඉරියවු පැවැත්වීමෙන්, දුෂ්කර පිළිවෙත් පිරීමෙන්, ඒ දුෂ්කරක්‍රියාවෙන් මනුෂ්‍යධර්‍මයෙන් අධික වූ ආර්‍ය්‍යභාවය කිරීමට සමර්‍ත්‍ථ වූ ඥානදර්‍ශනවිශේෂයක් නො ලැබූසේක. මෙකල්හි චීවරාදිප්‍රත්‍යය බහුල කොට ඇති, වීර්‍ය්‍ය කිරීමෙන් පිරිහුනු, චීවරාදිප්‍රත්‍යයබහුලභාවයට පෙරළුනු තමුන්නාන්සේ මනුෂ්‍යධර්‍මයෙන් අධික වූ ආර්‍ය්‍යභාවය කිරීමට සමර්‍ත්‍ථ වූ ඥානදර්‍ශනවිශේෂයක් කෙසේ නම් අවබෝධ කළසේක් දැ” යි කීහ.
Pali BJT9. එවං වුත්තෙ භගවා පඤ්චවග්ගියෙ භික්ඛූ එතදවොච: “අභිජානාථ මෙ නො තුම්හෙ භික්ඛවෙ ඉතො පුබ්බෙ එවරූපං භාසිතමෙත”න්ති. “නොහෙතං භන්තෙ”. අරහං භික්ඛවෙ තථාගතො සම්මාසම්බුද්ධො. ඔදහථ භික්ඛවෙ, සොතං. අමතමධිගතං. අහමනුසාසාමි. අහං ධම්මං දෙසෙමි. යථානුසිට්ඨං තථා පටිපජ්ජමානා න චිරස්සෙ’ව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙ’ව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සථා”ති. අසක්ඛි ඛො භගවා පඤ්චවග්ගියෙ භික්ඛූ සඤ්ඤාපෙතුං. අථ ඛො පඤ්චවග්ගියා භික්ඛූ භගවන්තං සුස්සූසිංසු. සොතං ඔදහිංසු. අඤ්ඤාය චිත්තං උපට්ඨාපෙසුං. අථ ඛො භගවා පඤ්චවග්ගියෙ භික්ඛූ ආමන්තෙසි:
Sinhala BJT9. මෙසේ කීකල්හි භාග්‍යවතුන් වහන්සේ පස්වගමහණුන්ට “මහණෙනි, මින් පෙර ‘මහණෙනි, මම රහත්මි. සම්මා සම්බුදු වෙමි’ යි මවිසින් මෙබඳු වචනයක් කියනලදැ යි තෙපි දන්නහු දැ?”යි අසා වදාළසේක. “ස්වාමීනි, මෙබඳු වචනයක් නො වදාළහු ම ය”. “මහණෙනි, තථාගත තෙමේ රහත් ය. සම්‍යක්සම්බුද්ධ ය. මහණෙනි, කන් යොමු කරවු, නිවණ ලබන ලදී. මම අනුශාසනා කරමි. මම දහම් දෙසමි. ඒ අනුශාසනය පරිද්දෙන් පිළිපදින්නා වූ තෙපි නොබෝ කලකින් ම, යම් නිවණක් පිණිස කුලපුත්‍රයෝ මනා කොට ම ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත් ද, බඹසර කෙළවර කොට ඇති නිරුත්තර වූ ඒ නිවණ ඉහාත්මයෙහි ම තුමූ ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වසන්නහු ය” යි (වදාළසේක). භාග්‍යවතුන් වහන්සේ පස්වගමහණුන්ට (තමන් වහන්සේ ගේ බුදුබව) හඟවාලන්නට හැකි වූසේක් ම ය. එකල්හි පස්වගමහණහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය මනා කොට ඇසූහ. කන් යොමු කළහ. රහත්බව පිණිස සිත පිහිටවූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පස්වග මහණුන් ඇමතූසේක.
Pali BJT10. “ද්වෙ’මෙ භික්ඛවෙ, අන්තා පබ්බජිතෙන න සෙවිතබ්බා: යො චා’යං කාමෙසු කාමසුඛල්ලිකානුයොගො හීනො ගම්මො පොථුජ්ජනිකො අනරියො අනත්ථසංහිතො; යො චා’යං අත්තකිලමථානුයොගො දුක්ඛො අනරියො අනත්ථසංහිතො. එතෙ තෙ භික්ඛවෙ උභො අන්තෙ අනුපගම්ම මජ්ඣිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති.”
Sinhala BJT10. “මහණෙනි, ලාමක වූ ග්‍රාම්‍ය වූ පොදුජනයා විසින් සෙවුනා වූ අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථයෙන් යුක්ත වූ වස්තුකාමයන්හි යම් මේ ක්ලේශකාම – සුඛවශයෙන් ඇලීමෙක් වේ ද, (එ ද), දුක් වූ අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථයෙන් යුක්ත වූ යම් මේ ශරීරයට වෙහෙස දීමක් වේ ද (එ ද යන) මේ දෙ කොටස පැවිද්දා විසින් සේවනය නො කට යුතු ය. මහණෙනි, ඒ මේ අන්ත දෙකට නො පැමිණ තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරණලද දර්‍ශනමාර්‍ගඥානය කරන්නී වූ භාවනාමාර්‍ගඥානය කරන්නී වූ මධ්‍යමප්‍රතිපදා තොමෝ කෙලෙසුන් සංසිඳීම පිණිස, සිවුසස්දහම් මොනවට දැනීම පිණිස, සිවුසස්දහම් මනා කොට අවබෝධ කිරීම පිණිස, නිවන් පිණිස පවතී.”
Pali BJT11. “කතමා ච සා භික්ඛවෙ, මජ්ඣිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති? අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො. සෙය්යථිදං: සම්මාදිට්ඨි, සම්මාසඞ්කප්පො, සම්මාවාචා, සම්මාකම්මන්තො, සම්මාආජීවො, සම්මාවායාමො, සම්මාසති, සම්මාසමාධි. අයං ඛො සා, භික්ඛවෙ, මජ්ඣිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා, චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති.”
Sinhala BJT11. “මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරණ ලද දර්‍ශනමාර්‍ගඥානය කරන්නී වූ, භාවනාමාර්‍ගඥානය කරන්නී වූ ඒ කිනම් මධ්‍යමප්‍රතිපදාවක් තොමෝ කෙලෙසුන් සංසිඳීම පිණිස, සිවුසස් දහම් මොනවට දැනීම පිණිස, සිවුසස්දහම් මොනවට අවබෝධ කිරීම පිණිස, නිවන් පිණිස පවතී ද? ඒ මධ්‍යම ප්‍රතිපදාව මේ ආර්‍ය්‍යෂ්ටාඞ්ගිකමාර්‍ගය මැ යි. ඒ කවරී ද? යත්:– සම්‍යග්දෘෂ්ටි, සම්‍යක්සඞ්කල්පනා, සම්‍යග්වචන, සම්‍යක්කර්‍මාන්ත, සම්‍යගාජීව, සම්‍යග්ව්‍යායාම, සම්‍යක්ස්මෘති, සම්‍යක්සමාධි (යන මේ යි). මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරණලද දර්‍ශනමාර්‍ගඥානය කරන්නී වූ, භාවනාමාර්‍ගඥානය කරන්නී වූ ඒ මේ මධ්‍යම ප්‍රතිපදාතොමෝ කෙලෙසුන් සංසිඳීම පිණිස, සිවුසස්දහම් මනා කොට දැනීම පිණිස, සිවුසස්දහම් මනා කොට අවබෝධ කිරීම පිණිස, නිවන් පිණිස, පවතී.”
Pali BJT12. “ඉදං ඛො පන භික්ඛවෙ, දුක්ඛං අරියසච්චං: ජාති’පි දුක්ඛා. ජරා’පි දුක්ඛා, ව්යාධි’පි දුක්ඛො. මරණම්පි දුක්ඛං. අප්පියෙහි සම්පයොගො දුක්ඛො. පියෙහි විප්පයොගො දුක්ඛො. යම්පිච්ඡං න ලභති, තම්පි දුක්ඛං. සංඛිත්තෙන, පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා.”
Sinhala BJT12. “මහණෙනි, මේ (මතු කියන්නේ) දුඃඛාර්‍ය්‍යසත්‍යය යි: ජාතිය ද දුක් (දුකට හේතු) ය. ජරාව ද දුක් ය. ව්‍යාධිය ද දුක් ය. මරණය ද දුක් ය. අප්‍රියයන් හා එක් වීම ද දුක් ය. ප්‍රියයන්ගෙන් වෙන් වීම ද දුක් ය. කැමැති දේ නො ලැබීම ද දුක් ය. කොටින් පඤ්චඋපාදානස්කන්‍ධයෝ දුක් වෙත්.
Pali BJT13. “ඉදං ඛො පන භික්ඛවෙ දුක්ඛසමුදයං අරියසච්චං: යා’යං තණ්හා පොනොභවිකා නන්දිරාගසහගතා තත්ර තත්රාභිනන්දිනී, සෙය්යථිදං: කාමතණ්හා භවතණ්හා විභවතණ්හා.”
Sinhala BJT13. “මහණෙනි, මේ (මතු කියන්නේ) දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යය යි: යම් මේ තෘෂ්ණාවක් තොමෝ පුනර්‍භවය ඇති කරන්නී ද, නන්‍දිරාගය හා එක් වූවා ද, ඒ ඒ භවයෙහි ඇලෙන්නී ද, ඒ තෘෂ්ණාවයි. ඒ තෘෂ්ණා තොමෝ කවරී ද? කාමසහගත තෘෂ්ණා ය, ශාශ්වතදෘෂ්ටිසහගත තෘෂ්ණා ය, උච්ජෙදදෘෂ්ටිසහගත තෘෂ්ණා ය (යන මේයි).
Pali BJT14. “ඉදං ඛො පන භික්ඛවෙ, දුක්ඛනිරොධං අරියසච්චං: යො තස්සායෙව තණ්හාය අසෙසවිරාගනිරොධො චාගො පටිනිස්සග්ගො මුත්ති අනාලයො.”
Sinhala BJT14. “මහණෙනි, මේ දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍යය නම් ඒ තෘෂ්ණාව මුළුමනින් නැසීමක් වේ ද, අත්හැරීමක් වේ ද, දුර ලීමක් වේ ද, මිදීමක් වේ ද, නොඇලීමක් වේ ද (යන මේ ය).”
Pali BJT15. “ඉදං ඛො පන භික්ඛවෙ දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං: අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො. සෙය්යථිදං: සම්මාදිට්ඨි, සම්මාසඞ්කප්පො -පෙ- සම්මාසමාධි.”
Sinhala BJT15. “මහණෙනි, මේ දුඃඛනිරොධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය නම් මේ ආර්‍ය්‍යාෂ්ටාඞ්ගිකමාර්‍ගය මැ යි. ඒ කවරේ ද? සම්‍යග්දෘෂ්ටි, සම්‍යක්සංකල්පනා, –පෙ– සම්‍යක්සමාධි (යන මේයි).”
Pali BJT16. “ඉදං දුක්ඛං අරියසච්චන්ති මෙ, භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි. ඤාණං උදපාදි. පඤ්ඤා උදපාදි. විජ්ජා උදපාදි. ආලොකො උදපාදි. තං ඛො පනිදං දුක්ඛං අරියසච්චං පරිඤ්ඤෙය්යන්ති මෙ භික්ඛවෙ -පෙ- පරිඤ්ඤාතන්ති මෙ භික්ඛවෙ පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි. ඤාණං උදපාදි. පඤ්ඤා උදපාදි. විජ්ජා උදපාදි. ආලොකො උදපාදි.”
Sinhala BJT16. “මහණෙනි, මට ‘මේ දුඃඛාර්‍ය්‍යසත්‍යය’ යි පෙර නො ඇසූ දහම්හි නුවණැස පහළ වූයේ ය. ඥානය පහළ වූයේ ය. ප්‍රඥාව පහළ වී ය. විද්‍යාව පහළ වී ය. ආලොකය පහළ වූයේ ය. මහණෙනි, ‘ඒ මේ දුඃඛාර්‍ය්‍යසත්‍යය පිරිසිඳ දත යුතු ය’ යි (පෙර මෙනි). මහණෙනි, මට –පෙ– මහණෙනි, මට ‘පිරිසිඳ දන්නා ලද්දේ ය’ යි පෙර නො ඇසූ දහම්හි නුවණැස පහළ වූයේ ය. ඥානය පහළ වූයේ ය. ප්‍රඥාව පහළ වී ය. විද්‍යාව පහළ වී ය. ආලොකය පහළ වූයේ ය.”
Pali BJT17. “ඉදං දුක්ඛසමුදයං අරියසච්චන්ති මෙ භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි. ඤාණං උදපාදි. පඤ්ඤා උදපාදි. විජ්ජා උදපාදි. ආලොකො උදපාදි. තං ඛො පනිදං දුක්ඛසමුදයං අරියසච්චං පහාතබ්බන්ති මෙ භික්ඛවෙ -පෙ- පහීණන්ති මෙ භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි. ඤාණං උදපාදි. පඤ්ඤා උදපාදි. විජ්ජා උදපාදි. ආලොකො උදපාදි.”
Sinhala BJT17. “මහණෙනි, මට ‘මේ දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යය’ යි පෙර නො ඇසූ දහම්හි නුවණැස පහළ වූයේ ය. ඥානය පහළ වූයේ ය. ප්‍රඥාව උපන. විද්‍යාව උපන. ආලොකය උපන. මහණෙනි, මට ‘ඒ මේ දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යය දුරු කට යුතු’ යි –පෙ– මහණෙනි, මට ‘ප්‍රහීණ වූයේ ය’ යි පෙර නො ඇසූ දහම්හි නුවණැස උපන. ඥානය උපන. ප්‍රඥාව උපන. විද්‍යාව උපන. ආලොකය උපන.”
Pali BJT18. “ඉදං දුක්ඛනිරොධං අරියසච්චන්ති මෙ භික්ඛවෙ පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි. ඤාණං උදපාදි. පඤ්ඤා උදපාදි. විජ්ජා උදපාදි. ආලොකො උදපාදි. තං ඛො පනිදං දුක්ඛනිරොධං අරියසච්චං සච්ඡිකාතබ්බන්ති මෙ භික්ඛවෙ -පෙ- සච්ඡිකතන්ති මෙ භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි.
Sinhala BJT18. “මහණෙනි, මට ‘මේ දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍යය’ යි පෙර නො ඇසූ දහම්හි නුවණැස උපන. ඥානය උපන. ප්‍රඥාව උපන. විද්‍යාව උපන. ආලොකය උපන. මහණෙනි, මට ‘ඒ මේ දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍යය ප්‍රත්‍යක්‍ෂ කට යුතු ය’ යි –පෙ– මහණෙනි, මට ‘ප්‍රත්‍යක්‍ෂ කරණ ලද්දේ ය’ යි පෙර නො ඇසූ දහම්හි නුවණැස උපන. –පෙ– ආලොකය උපන.”
Pali BJT19. “ඉදං දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චන්ති මෙ භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි. තං ඛො පනිදං දුක්ඛනිරොධගාමිනී පටිපදාඅරියසච්චං භාවෙතබ්බන්ති මෙ භික්ඛවෙ -පෙ- භාවිතන්ති මෙ භික්ඛවෙ පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි. ඤාණං උදපාදි. පඤ්ඤා උදපාදි. විජ්ජා උදපාදි. ආලොකො උදපාදි.”
Sinhala BJT19. “මහණෙනි, මට ‘මේ දුඃඛනිරොධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය’ යි පෙර නො ඇසූ දහම්හි නුවණැස උපන. –පෙ– ආලොකය උපන. මහණෙනි, මට ‘ඒ මේ දුඃඛනිරොධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය වැඩිය යුතු ය.’ යි –පෙ– මහණෙනි, මට ‘වඩනාලද්දේ ය’ යි පෙර නො ඇසූ දහම්හි නුවණැස උපන. ඥානය උපන ප්‍රඥාව උපන. විද්‍යාව උපන. ආලොකය උපන.”
Pali BJT20. “යාවකීවඤ්ච මෙ භික්ඛවෙ, ඉමෙසු චතුසු අරියසච්චෙසු එවං තිපරිවට්ටං ද්වාදසාකාරං යථාභූතං ඤාණදස්සනං න සුවිසුද්ධං අහොසි, නෙව නාවා’හං භික්ඛවෙ, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය අනුත්තරං සම්මා සම්බොධිං අභිසම්බුද්ධො{1} පච්චඤ්ඤාසිං.”
Sinhala BJT20. “මහණෙනි, යම් තාක් මෙසේ (සත්‍යඥාන – කෘත්‍යඥාන – කෘතඥාන යි) ත්‍රිපරිවෘත්තයක් ඇති (එකී එකී සත්‍යයයෙක්හි තුන් තුන් ආකාර වශයෙන්) දොළොස් ආකාරයක් ඇති මේ චතුරාර්‍ය්‍යසත්‍යධර්‍මයන් කෙරෙහි ඇති සැටි දැකීම මට පැහැදිලි නො වී ද, මහණෙනි, ඒ තාක් දෙවියන් සහිත වූ, මරුන් සහිත වූ, බඹුන් සහිත වූ, ලෝකයෙහි ද, මහණ බමුණන් සහිත වූ, දෙවිමිනිසුන් සහිත වූ ප්‍රජාවෙහි ද ‘මම නිරුත්තර වූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළෙමි’ යි ප්‍රතිඥා නො කෙළෙමි.”
Pali BJT21. “යතො ච ඛො මෙ භික්ඛවෙ, ඉමෙසු චතූසු අරියසච්චෙසු එවං තිපරිවට්ටං ද්වාදසාකාරං යථාභූතං ඤාණදස්සනං සුවිසුද්ධං අහොසි අථාහං භික්ඛවෙ, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො පච්චඤ්ඤාසිං ඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදි:– ‘අකුප්පා මෙ චෙතොවිමුත්ති{1} අයමන්තිමා ජාති නත්ථිදානි පුනබ්භවො’ති.”
Sinhala BJT21. “මහණෙනි, යම් දිනක පටන් මෙසේ ත්‍රිපරිවෘත්තයක් ඇති දොළොස් ආකාරයක් ඇති මේ චතුරාර්‍ය්‍යසත්‍යධර්‍මයන් කෙරෙහි ඇති සැටි දැකීම මට පැහැදිලි වී ද, මහණෙනි, එකල්හි මම දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ලෝකයෙහි, මහණ බමුණන් සහිත වූ දෙවි මිනිසුන් සහිත වූ ප්‍රජාවෙහි නිරුත්තර වූ සම්‍යක්සම්බෝධිය අවබෝධ කෙළෙමි යි ප්‍රතිඥා කෙළෙමි. ‘මාගේ අර්‍හත්ඵලය ස්ථිර ය. මෙ අන්තිම ජාතිය ය. දැන් මතු භවයක් නැත්තේ ය’ යි මට ප්‍රත්‍යවේක්‍ෂාඥානය පහළ වි ය.”
Pali BJT22. ඉමස්මිඤ්ච පන වෙය්යාකරණස්මිං භඤ්ඤමානෙ ආයස්මතො කොණ්ඩඤ්ඤස්ස විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි: ‘යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්ම’න්ති.
Sinhala BJT22. මේ වෙය්‍යාකරණධර්‍මය දෙසන කල්හි ආයුෂ්මත් කොණ්ඩඤ්ඤ ස්ථවිරයන් වහන්සේට “යම් කිසි ධර්‍මයක් ප්‍රත්‍යයයෙන් උපන්නේ වේ ද, ඒ සියල්ල නිරුද්ධ වීම ස්වභාවය කොට ඇතැ” යි රාගාදිරජස් රහිත වූ පහ වූ (දිට්ඨිවිචිකිච්ඡා) මල ඇති සෝතාපත්තිමග්ගඤාණය පහළ වූයේ ය.
Pali BJT23. පවත්තිතෙ ච පන භගවතා ධම්මචක්කෙ භුම්මා දෙවා සද්දමනුස්සාවෙසුං: “එතං භගවතා බාරාණසියං ඉසිපතනෙ මිගදායෙ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණෙන වා බ්රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්රහ්මුනා වා කෙනචි වා ලොකස්මි”න්ති.
Sinhala BJT23. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මචක්‍රය පවත්වනු ලැබූ කල්හි බූමාටුදෙවියෝ ‘භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස මෘගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි ලෝකයෙහි ශ්‍රමණයකු විසින් හෝ බ්‍රාහ්මණයකු විසින් හෝ දෙවියකු විසින් හෝ මාරයකු විසින් හෝ බ්‍රාහ්මයකු විසින් හෝ අන්කිසිවකු විසින් හෝ නො පැවැත්විය හැකි වූ නිරුත්තර වූ මේ ධර්‍මචක්‍රය පවත්වනලද්දේ ය” යි සාධුනාද පැවැත්වූහ.
Pali BJT24. භුම්මානං දෙවානං සද්දං සුත්වා චාතුම්මහාරාජිකා දෙවා සද්දමනුස්සාවෙසුං -පෙ- චාතුම්මහාරාජිකානං දෙවානං සද්දං සුත්වා තාවතිංසා දෙවා - යාමා දෙවා - තුසිතා දෙවා - නිම්මානරතී දෙවා - පරනිම්මිතවසවත්තිනො දෙවා - බ්රහ්මකායිකා දෙවා සද්දමනුස්සාවෙසුං: “එතං භගවතා බාරාණසියං ඉසිපතනෙ මිගදායෙ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණෙන වා බ්රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්රහ්මුනා වා කෙනචි වා ලොකස්මි”න්ති.
Sinhala BJT24. බූමාටු දෙවියන්ගේ ශබ්දය අසා චාතුර්මහාරාජිකදෙවියෝ ශබ්ද ඇස්වූහ. –පෙ– චාතුර්‍මහාරාජිකදෙවියන්ගේ ශබ්දය අසා තව්තිසාවැසි දෙවියෝ – තව්තිසාවැසි දෙවියන්ගේ ශබ්දය අසා – යාමවැසි දෙවියෝ, යාමදෙවියන්ගේ ශබ්දය අසා – තුසිතවැසි දෙවියෝ – තුසිතදෙවියන්ගේ ශබ්දය අසා – නිම්මානරතිදෙවියෝ – නිම්මානරතී දෙවියන්ගේ ශබ්දය අසා පරනිම්මිතවසවත්තිදෙවියෝ – පරනිම්මිතවසවත්තිදෙවියන්ගේ ශබ්දය අසා බ්‍රහ්මකායිකදෙවියෝ “භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස මෘගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි ලෝකයෙහි ශ්‍රමණයකු විසින් හෝ බ්‍රාහ්මණයකු විසින් හෝ දෙවියකු විසින් හෝ මාරයකු විසින් හෝ බ්‍රාහ්මයකු විසින් හෝ අන් කිසිවකු විසින් හෝ නො පැවැත්විය හැකි වූ නිරුත්තර වූ මේ ධර්‍මචක්‍රය පවත්වනලද්දේ ය” යි සාධුනාද පැවැත්වූහ.
Pali BJT25. ඉතිහ තෙන ඛණෙන තෙන මුහුත්තෙන යාව බ්රහ්මලොකා සද්දො අබ්භුග්ගඤ්ඡි. අයං ච දසසහස්සී ලොකධාතු සඞ්කම්පි. සම්පකම්පි සම්පවෙධි. අප්පමාණො ච උළාරො ඔභාසො ලොකෙ පාතුරහොසි අතික්කම්ම දෙවානං දෙවානුභාවං. අථ ඛො භගවා උදානං{2} උදානෙසි: “අඤ්ඤාසි වත භො කොණ්ඩඤ්ඤො. අඤ්ඤාසි වත භො කොණ්ඩඤ්ඤො”ති. ඉති හි’දං ආයස්මතො කොණ්ඩඤ්ඤස්ස ‘අඤ්ඤාසිකොණ්ඩඤ්ඤො’{3} ත්වෙ ව නාමං අහොසි.
Sinhala BJT25. මෙසේ ඒ ක්‍ෂණයෙහි ඒ මොහොතෙහි බඹලොව තෙක් ශබ්දය ඉතා උස් ව නැංගේ ය. මේ දසදහසක් ලෝකධාතු තොමෝ කම්පිත වූවා ය. තදින් සැලුනී ය. තදින් වෙවුලූ ය. දෙවියන්ගේ දිව්‍යානුභාවය ඉක්මවා ප්‍රමාණරහිත වූ මහත් වූ ආලෝකයක් පහළ වූයේ ය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “භවත් කොණ්ඩඤ්ඤ තෙමේ ඒකාන්තයෙන් (චතුරාර්‍ය්‍යසත්‍යධර්‍මය) දත්තේය භවත් කොණ්ඩඤ්ඤ තෙමේ ඒකාන්තයෙන් (චතුරාර්‍ය්‍යසත්‍යධර්‍මය) දත්තේ ය” යි ප්‍රීතිවාක්‍යය පැවැත්වූ සේක. මෙසේ ආයුෂ්මත් කොණ්ඩඤ්ඤ ස්ථවිරයන් වහන්සේට “අඤ්ඤාකොණ්ඩඤ්ඤ” කියා ම මේ නමක් වූයේ ය.
Pali BJT26. “අථ ඛො ආයස්මා අඤ්ඤාකොණ්ඩඤ්ඤො දිට්ඨධම්මො පත්තධම්මො විදිතධම්මො පරියොගාළ්හධම්මො තිණ්ණවිචිකිච්ඡො විගතකථංකථො වෙසාරජ්ජප්පත්තො අපරප්පච්චයො සත්ථුසාසනෙ භගවන්තං එතදවොච: “ලභෙය්යා’හං භන්තෙ, භගවතො සන්තිකෙ පබ්බජ්ජං. ලභෙය්යං උපසම්පද”න්ති. “එහි භික්ඛූ”ති භගවා අවොච. “ස්වාක්ඛාතො ධම්මො. චර බ්රහ්මචරියං සම්මා දුක්ඛස්ස අන්තකිරියායා”ති. සා’ව තස්ස ආයස්මතො උපසම්පදා අහොසි.
Sinhala BJT26. ඉක්බිති ආයුෂ්මත් කොණ්ඩඤ්ඤ ස්ථවිර තෙමේ දක්නාලද (සිවුසස්) දහම් ඇත්තේ, පැමිණි (සිවුසස්)දහම් ඇත්තේ, වෙසෙසින් බැසගත් (සිවුසස්) දහම් ඇත්තේ, දුරු කළ සැක ඇත්තේ, පහ වූ (කෙසේ කෙසේ දැයි පැවති) සැක ඇත්තේ, විසාරදභාවයට පැමිණියේ, ශාස්තෘශාසනයෙහි අන් කෙනකුන්ගේ පිටිවහලක් නැත්තේ “භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිද්ද ලබන්නෙමි. උපසම්පදාව ලබන්නෙමි” යි භාග්‍යවතුන් වහන්සේට සැළ කෙළේය. භාග්‍යවතුන් වහන්සේ “මහණ, එව. ධර්‍මය තෙමේ මනා ව දෙසනලද්දේ ය. මනා කොට දුක් කෙළවර කිරීම පිණිස මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙව” යි වදාළ සේක. ඒ වචනය ම ඒ ආයුෂ්මතුන් වහන්සේහට උපසම්පදාව වි ය.
Pali BJT27. අථ ඛො භගවා තදවසෙසෙ භික්ඛූ ධම්මියා කථාය ඔවදි අනුසාසි. අථ ඛො ආයස්මතො ච වප්පස්ස ආයස්මතො ච භද්දියස්ස භගවතා ධම්මියා කථාය ඔවදියමානානං අනුසාසියමානානං විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි: “යං කිඤ්චි සමුදයධම්මං, සබ්බං තං නිරොධධම්ම”න්ති. තෙ දිට්ඨධම්මා පත්තධම්මා විදිතධම්මා පරියොගාළ්හධම්මා තිණ්ණවිචිකිච්ඡා විගතකථඞ්කථා වෙසාරජ්ජප්පත්තා අපරප්පච්චයා සත්ථුසාසනෙ භගවන්තං එතදවොචුං: “ලභෙය්යාම මයං භන්තෙ, භගවතො සන්තිකෙ පබ්බජ්ජං, ලභෙය්යාම උපසම්පද”න්ති. “එථ භික්ඛවො”ති භගවා අවොච. “ස්වාක්ඛාතො ධම්මො. චරථ බ්රහ්මචරියං සම්මා දුක්ඛස්ස අන්තකිරියායා”ති. සා’ව තෙසං ආයස්මන්තානං උපසම්පදා අහොසි.
Sinhala BJT27. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔහුගෙන් අවශේෂ වූ භික්‍ෂූන්ට දැහැමිකතාවෙන් අවවාද කළ සේක. අනුසාසනා කළ සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමිකතාවෙන් අවවාද කරණු ලැබූ අනුශාසනා කරණු ලැබූ සිවු දෙනා වහන්සේ අතුරෙන් ආයුෂ්මත් වප්ප ස්ථවිරයන් වහන්සේට ද, ආයුෂ්මත් භද්දිය ස්ථවිරයන් වහන්සේට ද “යම් කිසි ධර්‍මයක් ප්‍රත්‍යයයෙන් උපන්නේ වේ ද, ඒ ‘සියල්ල නිරුද්ධ වීම ස්වභාවය කොට ඇතැ” යි පහ වූ රාගාදිරජස් ඇති, පහ වූ දිට්ඨිවිචිකිච්ඡාමල ඇති සෝතාපත්තිමග්ගඤාණය පහළ වි ය. ඔහු දක්නාලද දහම් ඇත්තාහු පැමිණි දහම් ඇත්තාහු, අවබෝධ කළ දහම් ඇත්තාහු, වෙසෙසින් බැසගත් දහම් ඇත්තාහු, දුරු කළ සැක ඇත්තාහු, පහ වූ සැක ඇත්තාහු, නිර්‍භයභාවයට පැමිණියාහු, ශාස්තෘශාසනයෙහි පරප්‍රත්‍යයයක් නැත්තාහු “ස්වාමීනි, අපි භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිද්ද ලබන්නෙමු. උපසම්පදාව ලබන්නෙමු”යි භාග්‍යවතුන් වහන්සේට සැළකළහ. භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, එවු. ධර්‍මය තෙමේ මොනවට දෙසන ලද්දේ ය. දුක් කෙළවර කිරීම පිණිස මනා කොට මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙවු” යි වදාළසේක. ඒ වචනය ම ඒ ආයුෂ්මත්වරුන්ට උපසම්පදාව වී ය.
Pali BJT28. අථ ඛො භගවා තදවසෙසෙ භික්ඛූ නීහාරභත්තො ධම්මියා කථාය ඔවදි අනුසාසි. යං තයො භික්ඛූ පිණ්ඩාය චරිත්වා ආහරන්ති, තෙන ඡබ්බග්ගො යාපෙති.
Sinhala BJT28. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ (සෙසු භික්‍ෂූන් විසින්) ගෙණවුත් පිළිගැන්වූ බත් ඇති සේක් දැහැමිකතාවෙන් සෙසු භික්‍ෂූන්ට අවවාද කළ සේක. අනුශාසනා කළ සේක භික්‍ෂූහු තිදෙනෙක් පිඬු පිණිස හැසිර යම් අහරක් ගෙණ එත් ද, එ අහරින් ස නම යැපෙත්.
Pali BJT29. අථ ඛො ආයස්මතො ච මහානාමස්ස ආයස්මතො ච අස්සජිස්ස භගවතා ධම්මියා කථාය ඔවදියමානානං අනුසාසියමානානං. විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි: යං කිඤ්චි සමුදයධම්මං, සබ්බං තං නිරොධධම්ම”න්ති . තෙ දිට්ඨධම්මා පත්තධම්මා විදිතධම්මා පරියොගාළ්හධම්මා තිණ්ණවිචිකිච්ඡා විගතකථඞ්කථා වෙසාරජ්ජප්පත්තා අපරප්පච්චයා සත්ථුසාසනෙ භගවන්තං එතදවොචුං: “ලභෙය්යාම මයං භන්තෙ භගවතො සන්තිකෙ පබ්බජ්ජං. ලභෙය්යාම උපසම්පද”න්ති. “එථ භික්ඛවො”ති භගවා අවොච. “ස්වාක්ඛාතො ධම්මො. චරථ බ්රහ්මචරියං සම්මා දුක්ඛස්ස අන්තකිරියායා”ති. සා’ව තෙසං ආයස්මන්තානං උපසම්පදා අහොසි.
Sinhala BJT29. එකල්හි භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කතාවෙන් අවවාද කරණු ලබන්නා වූ අනුශාසනා කරණු ලබන්නා වූ ආයුෂ්මත් වූ මහානාම ස්ථවිරයන් වහන්සේට ද, ආයුෂ්මත් වූ අස්සජි ස්ථවිරයන් වහන්සේට ද “යම් කිසි ධර්‍මයක් ප්‍රත්‍යයයෙන් උපන්නේ ද, ඒ සියල්ල නිරුද්ධවීම ස්වභාවය කොට ඇතැ” යි පහ වූ රාගාදිරජස් ඇති පහ වූ මල ඇති සෝතාපත්තිමග්ගඤාණය පහළ වූයේ ය. ඔහු දක්නාලද දහම් ඇත්තාහු, පැමිණි දහම් ඇත්තාහු, අවබෝධ කළ දහම් ඇත්තාහු, වෙසෙසින් බැසගත් දහම් ඇත්තාහු, දුරු කළ සැක ඇත්තාහු, පහ වූ සැක ඇත්තාහු, නිර්‍භය භාවයට පැමිණියාහු, බුදුසසුනෙන් පිටත් ඇදහීමක් නැත්තාහු “ස්වාමීනි, අපි භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිද්ද ලබන්නෙමු. උපසම්පදාව ලබන්නෙමු” යි භාග්‍යවතුන් වහන්සේට සැළකළහ. භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, එවු. ධර්‍මය තෙමේ මොනවට දෙසනලද්දේ ය. දුක් කෙළවර කිරීම පිණිස මනා කොට බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙවු” යි වදාළ සේක. ඒ වචනය ම ඒ ආයුෂ්මත්වරුන්ට උපසම්පදාව වී ය.
Pali BJT30. අථ ඛො භගවා පඤ්චවග්ගියෙ භික්ඛූ ආමන්තෙසි: “රූපං භික්ඛවෙ, අනත්තා. රූපං ච හිදං භික්ඛවෙ, අත්තා අභවිස්ස, නයිදං රූපං ආබාධාය සංවත්තෙය්ය. ලබ්භෙථ ච රූපෙ ‘එවං මෙ රූපං හොතු, එවං මෙ රූපං මා අහොසී’ති. යස්මා ච ඛො භික්ඛවෙ, රූපං අනත්තා, තස්මා රූපං ආබාධාය සංවත්තති. න ච ලබ්භති රූපෙ ‘එවං මෙ රූපං හොතු. එවං මෙ රූපං මා අහොසී’ති.
Sinhala BJT30. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පස්වග මහණුන් ඇමතූ සේක: “මහණෙනි, රූපය අනාත්මයි. මහණෙනි, යම් හෙයකින් මේ රූපය ආත්ම වී නම්, මේ රූපය පීඩාව පිණිස නො පවත්නේ ය. ‘මාගේ රූපය මෙසේ වේවා. මෙසේ නො වේවා’ යනු ලැබිය හැකි වන්නේ ය. මහණෙනි, යම් හේතුවකින් රූපය ආත්ම නො වේ ද, ඒ හේතුවෙන් රූපය පීඩාව පිණිස පවතී. ‘මාගේ රූපය මෙසේ වේවා. මෙසේ නො වේවා’ යනු රූපයෙහි නො ලැබේ.
Pali BJT31. “වෙදනා භික්ඛවෙ, අනත්තා.{1} වෙදනා ච හිදං, භික්ඛවෙ, අත්තා අභවිස්ස, නයිදං වෙදනා ආබාධාය සංවත්තෙය්ය. ලබ්භෙථ ච වෙදනාය ‘එවං මෙ වෙදනා හොතු. එවං මෙ වෙදනා මා අහොසී’ති. යස්මා ච ඛො භික්ඛවෙ, වෙදනා අනත්තා, තස්මා වෙදනා ආබාධාය සංවත්තති. න ච ලබ්භති වෙදනාය ‘එවං මෙ වෙදනා හොතු. එවං මෙ වෙදනා මා අහොසී’ති.
Sinhala BJT31. “මහණෙනි, වේදනාව අනාත්මයි. මහණෙනි, යම්හෙයකින් මේ වේදනාව ආත්මය වී නම්, මේ වේදනාව පීඩාව පිණිස නො පවත්නී ය. ‘මාගේ වේදනාව මෙසේ වේවා. මෙසේ නො වේවා’ යනු වේදනාවෙහි ලැබිය හැකි වන්නේ ය. මහණෙනි, යම්හෙයකින් වේදනාව ආත්ම නො වේ ද, එහෙයින් වේදනාව පීඩාව පිණිස පවතී. ‘මාගේ වේදනාව මෙසේ වේවා. මෙසේ නො වේවා’ යනු වේදනාවෙහි නො ලැබේ.
Pali BJT32. “සඤ්ඤා භික්ඛවෙ, අනත්තා. -පෙ- සඞ්ඛාරා භික්ඛවෙ, අනත්තා. සඞ්ඛාරා ච හිදං භික්ඛවෙ, අත්තා අභවිස්සිංසු,{2} නයිමෙ සඞ්ඛාරා ආබාධාය සංවත්තෙය්යුං. ලබ්භෙථ ච සඞ්ඛාරෙසු ‘එවං මෙ සඞ්ඛාරා හොන්තු. එවං මෙ සඞ්ඛාරා මා අහෙසු’න්ති. යස්මා ච ඛො භික්ඛවෙ, සඞ්ඛාරා අනත්තා, තස්මා සඞ්ඛාරා ආබාධාය සංවත්තන්ති. න ච ලබ්භති සඞ්ඛාරෙසු “එවං මෙ සඞ්ඛාරා හොන්තු. එවං මෙ සඞ්ඛාරා මා අහෙසු’න්ති.
Sinhala BJT32. “මහණෙනි, සංඥාව අනාත්මයි –පෙ– මහණෙනි, සංස්කාරයෝ අනාත්ම වෙත්. මහණෙනි, යම්හෙයකින් මේ සංස්කාරයෝ ආත්ම වූවාහු නම්, මේ සංස්කාරයෝ පීඩාව පිණිස නො පවත්නාහු ය. ‘මාගේ සංස්කාරයෝ මෙසේ වෙත්වා මෙසේ නොවෙත්වා’ යනු සංස්කාරයන් කෙරෙහි ලැබිය හැකි වන්නේ ය. මහණෙනි, යම් හෙයකින් සංස්කාරයෝ ආත්ම නො වෙත් ද, එහෙයින් සංස්කාරයෝ පීඩාව පිණිස පවතිත්. ‘මාගේ සංස්කාරයෝ මෙසේ වෙත්වා. මෙසේ නො වෙත්වා’ යනු සංස්කාරයන් කෙරෙහි නො ලැබේ.
Pali BJT33. “විඤ්ඤාණං භික්ඛවෙ, අනත්තා. විඤ්ඤාණඤ්චහිදං භික්ඛවෙ, අත්තා අභවිස්ස, නයිදං විඤ්ඤාණං ආබාධාය සංවත්තෙය්ය, ලබ්භෙථ ච විඤ්ඤාණෙ ‘එවං මෙ විඤ්ඤාණං හොතු, එවං මෙ විඤ්ඤාණං මා අහොසී’ති. යස්මා ච ඛො භික්ඛවෙ විඤ්ඤාණං අනත්තා, තස්මා විඤ්ඤාණං ආබාධාය සංවත්තති, න ච ලබ්භති විඤ්ඤාණෙ ‘එවං මෙ විඤ්ඤාණං හොතු. එවං මෙ විඤ්ඤාණං මා අහොසී’ති.
Sinhala BJT33. “මහණෙනි, විඥානය අනාත්මයි. මහණෙනි, යම්හෙයකින් මේ විඥානය ආත්ම වී නම්, මේ විඥානය පීඩාව පිණිස නො පවත්නේ ය. ‘මා ගේ විඥානය මෙසේ වේවා මෙසේ නො වේ වා’ යනු විඥානයෙහි ලැබිය හැකි වන්නේ ය. මහණෙනි, යම්හෙයකින් විඥානය ආත්ම නො වේ ද, එහෙයින් විඥානය පීඩාව පිණිස පවතී. ‘මාගේ විඥානය මෙසේ වේවා. මෙසේ නො වේවා’ යනු විඥානයෙහි නො ලැබේ.
Pali BJT34. “තං කිම්මඤ්ඤථ භික්ඛවෙ, රූපං නිච්චං වා අනිච්චං වා?ති. අනිච්චං භන්තෙ. යම්පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා?ති. දුක්ඛං භන්තෙ. යම්පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලන්නු තං සමනුපස්සිතුං ‘එතං මම. එසො’හමස්මි. එසො මෙ අත්තා?ති. නො හෙතං භන්තෙ. වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං නිච්චා වා අනිච්චා වා?ති. අනිච්චං භන්තෙ. යම්පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා?ති. දුක්ඛං භන්තෙ. යම්පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලන්නු තං සමනුපස්සිතුං ‘එතං මම. එසො හමස්මි. එසො මෙ අත්තා?’ති. නො හෙතං භන්තෙ.
Sinhala BJT34. “මහණෙනි, ඒ කිමැ යි සිතවු ද? රූපස්කන්‍ධය නිත්‍ය ද? අනිත්‍ය ද? ස්වාමීනි, අනිත්‍ය යි. යමක් අනිත්‍ය වේ නම්, එය දුක් ද? සැප ද? ස්වාමීනි, දුක් ය, යමක් අනිත්‍ය ද, දුක් ද, පෙරළෙන සුලු ද, එබඳු දෙය ‘මෙය, මාගේ ය. මේ තෙමේ මම වෙමි. මේ තෙමේ මාගේ ආත්මය’ යි දක්නට සුදුසු ද? ස්වාමීනි, ඒ නුසුදුසු ම ය. වේදනා තොමෝ –පෙ– සංඥා තොමෝ –පෙ– සංස්කාරයෝ –පෙ– විඥානය නිත්‍ය ද? අනිත්‍ය ද? ස්වාමීනි, අනිත්‍ය යි. යමක් අනිත්‍ය නම් එය දුක් ද? සැප ද? ස්වාමීනි, දුක් ය. යමක් වනාහි අනිත්‍ය ද, දුක් ද, පෙරළෙන සුලු ද, එය ‘මෙය මාගේ ය. මේ තෙමේ මම වෙමි. මේ තෙමේ මාගේ ආත්මය’යි දක්නට සුදුසු ද? ස්වාමීනි, ඒ නුසුදුසු ම ය.
Pali BJT35. තස්මාතිහ භික්ඛවෙ, යං කිඤ්චි රූපං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා, යං දූරෙ සන්තිකෙ වා; සබ්බං තං රූපං නෙතං මම. නෙසො’හමස්මි, න මෙ සො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. යා කාචි වෙදනා - යා කාචි සඤ්ඤා - යෙ කෙචි සඞ්ඛාරා - යං කිඤ්චි විඤ්ඤාණං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකා වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ වා සන්තිකෙ වා සබ්බං තං විඤ්ඤාණං නෙතං මම, නෙසො’හමස්මි, න මෙ සො අත්තා’ති. එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං.
Sinhala BJT35. මහණෙනි, එහෙයින් මේ ලෝකයෙහි තමා ගේ වූ හෝ බැහැර වූ හෝ මහත් වූ හෝ සියුම් වූ හෝ ලාමක වූ හෝ ප්‍රණීත වූ හෝ අතීතානාගතවර්‍තමාන වූ හෝ යම් කිසි රූපයෙක් වේ ද, යම් රූපයෙක් දුරෙහි හෝ සමීපයෙහි හෝ වේ ද ඒ සියලු රූපය “මේ මාගේ නො වේ. මේ තෙමේ මම් නො වෙමි. මේ තෙමේ මාගේ ආත්මය නො වේ ය” යි මෙසේ මෙය යහපත් නුවණින් තත් වූ පරිදි දත යුතු ය. යම් කිසි වේදනාවක් වේ ද, – යම්කිසි සංඥාවක් වේ ද,– යම් කිසි සංස්කාරයෝ වෙත් ද – අධ්‍යාත්මයෙහි වූ හෝ බැහැර වූ හෝ මහත් වූ හෝ සියුම් වූ හෝ ලාමක වූ හෝ ප්‍රණීත වූ හෝ අතීතානාගතවර්‍තමාන වූ හෝ යම් කිසි විඥානයෙක් වේ ද, යම් විඥානයෙක් දුරෙහි හෝ සමීපයෙහි හෝ වේ ද, ඒ සියලු විඥානය “මේ මාගේ නොවේ. මේ තෙමේ මම නො වෙ මි. මේ තෙමේ මාගේ ආත්මය නොවේ ය’ යි මෙසේ මෙය යහපත් නුවණින් තත් වූ පරිදි දත යුතු ය.
Pali BJT36. එවං පස්සං භික්ඛවෙ, සුතවා අරියසාවකො රූපස්මිම්පි නිබ්බින්දති, වෙදනාය’පි නිබ්බින්දති, සඤ්ඤාය’පි නිබ්බින්දති. සඞ්ඛාරෙසු’පි නිබ්බින්දති. විඤ්ඤාණස්මිම්පි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති; විරාගා විමුච්චති; විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති; ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං; කතං කරණීයං; නාපරං ඉත්ථත්තායා’ති පජානාතී”ති.
Sinhala BJT36. මහණෙනි, මෙසේ දක්නා වූ බහුශ්‍රුත වූ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රූපස්කන්‍ධයෙහි ද කලකිරෙයි. වෙදනාස්කන්‍ධයෙහි ද කලකිරෙයි. සංඥාස්කන්‍ධයෙහි ද කලකිරෙයි. සංස්කාරස්කන්‍ධයෙහි ද කලකිරෙයි. විඥානස්කන්‍ධයෙහි ද කලකිරෙයි. කළකිරුණේ නො ඇලෙයි. නො ඇලීමෙන් (කෙලෙසුන් කෙරෙන්) මිදෙයි. මිදුනු කල්හි මිදුනේ යැ යි (පස්විකුම්) නුවණ වේ. ‘ජාතිය ක්‍ෂය වී ය. බඹසර වැස නිමවන ලදී. (සිවු මගින් කළ යුතු) කටයුතු කරණ ලදී. අර්‍හත්‍වය පිණිස (කටයුතු) අනිකක් නැතැ’ යි දනියි.
Pali BJT37. ඉදමවොච භගවා. අත්තමනා පඤ්චවග්ගියා භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුං. ඉමස්මිඤ්ච පන වෙය්යාකරණස්මිං භඤ්ඤමානෙ පඤ්චවග්ගියානං භික්ඛූනං අනුපාදාය ආසවෙහි චිත්තානි විමුච්චිංසු.
Sinhala BJT37. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු සිත් ඇති පස්වගමහණහු භාග්‍යවතුන් වහන්සේ ගේ වචනය (පසසමින්) සතුටු සිතින් පිළිගත්හ. මේ නිර්‍ගාථක සූත්‍රය දෙසනු ලබන කල්හි පස්වගමහණුන් ගේ සිත් තෘෂ්ණාදෘෂ්ටිවශයෙන් අල්ලා නොගැණීමෙන් ආශ්‍රවයන්ගෙන් මිදුනාහ.
Pali BJT38. තෙන ඛො පන සමයෙන ඡ ලොකෙ අරහන්තො හොන්ති.
Sinhala BJT38. එකල්හි ලෝකයෙහි රහත්හු සදෙනෙක් වෙත්.
Pali BJTපඨමකභාණවාරං
Sinhala BJTපළමු බණවර නිමි.
Pali BJT1. තෙන ඛො පන සමයෙන බාරාණසියං යසො නාම කුලපුත්තො සෙට්ඨිපුත්තො සුඛුමාලො හොති. තස්ස තයො පාසාදා හොන්ති. එකො හෙමන්තිකො, එකො ගිම්හිකො, එකො වස්සිකො. සො වස්සිකෙ පාසාදෙ වස්සිකෙ චත්තාරො මාසෙ{1} නිප්පුරිසෙහි තුරියෙහි පරිචාරයමානො න හෙට්ඨාපාසාදං ඔරොහති.
Sinhala BJT1. එකල්හි බරණැස යස නම් කුලපුත්‍රයෙක් වෙයි. සිටුපුත් වූ ඔහු සියුමැලි ය. ඔහුට ප්‍රාසාදයෝ තුණක් වෙත්. එක් ප්‍රාසාදයෙක් හේමන්ත ඍතුවට සුදුසු ය. එක් ප්‍රාසාදෙයක් ග්‍රීෂ්ම ඍතුවට සුදුසු ය. එක් ප්‍රාසාදයෙක් වර්‍ෂාඍතුවට සුදුසු ය. ඒ යස කුලපුත්‍රතෙමේ වැසිකලට සුදුසු පහයෙහි වැසි සාරමස්හි ස්ත්‍රීන් විසින්ම වාදනය කළ තූර්‍ය්‍යයන් ගෙන් හැම ලෙසින් ඉඳුරන් පිණවන්නේ යටපහයට නො බසියි.