Mahāvagga

Great Division

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 2789 segments

පෙන්වන කොටස් 2401-2500 න් 2789

13. “මහණෙනි, මෙහි මහණහුට පිළියම් කටයුතු ඇවැතක් වේ. සඞ්ඝ තෙමේ හෝ බොහෝ දෙන හෝ එක් පුද්ගලයෙක් හෝ ‘ඇවැත්නි, තෝ ආපත්තියට පැමිණියෙහි ය. ඒ ඇවතට පිළියම් කරව’යි ඔහුට චෝදනා කෙරෙයි. හෙතෙමේ ‘ඇවැත්නි, මම යම් ඇවැතකට පිළියම් කරන්නෙම් ද, මට එබඳු ඇවැතක් නැතැ’ යි මෙසේ කියයි. සඞ්ඝ තෙමේ ඇවැතට පිළියම් නො කිරීමෙහි ඔහු බැහැර කෙරෙයි නම්, ධර්‍මකර්‍ම වේ.
14. “මහණෙනි, මෙහි මහණහුට දුරු කළයුතු පවිටු දෘෂ්ටියක් වේ. සඞ්ඝ තෙමේ හෝ බොහෝ දෙන හෝ එක් පුද්ගලයෙක් හෝ ‘ඇවැත්නි, තාගේ දෘෂ්ටිය පවිටු ය. තෙල පවිටු දෘෂ්ටිය දුරු කරව’ යි ඔහුට චෝදනා කෙරෙයි. හෙතෙමේ ‘ඇවැත්නි, මම යම් දෘෂ්ටියක් දුරු කරන්නෙම් ද, මට එබඳු පවිටු දෘෂ්ටියක් නැතැ’ යි මෙසේ කියයි. සඞ්ඝ තෙමේ පවිටු දෘෂ්ටිය දුරු නො කිරීමෙහි ඔහු බැහැර කෙරෙයි නම්, ධර්‍මකර්‍ම වේ.
15. “මහණෙනි, මෙහි මහණහුට දැක්ක යුතු ඇවැතක් වේ ද, පිළියම් කළයුතු ඇවැතක් වේ ද, –පෙ– දැක්ක යුතු ඇවැතක් වේ ද, දුරු කළ යුතු පවිටු දෘෂ්ටියක් වේ ද, –පෙ– පිළියම් කළයුතු ඇවැතක් වේ ද, දුරු කටයුතු පවිටු දෘෂ්ටියක් වේ ද, –පෙ– දැක්ක යුතු ඇවැතක් වේ ද, පිළියම් කටයුතු ඇවැතක් වේ ද, දුරු කළයුතු පවිටු දෘෂ්ටියක් වේ ද, සඞ්ඝ තෙමේ හෝ බොහෝ දෙන හෝ එක් පුද්ගලයෙක් හෝ ‘ඇවැත්නි, තෝ, ආපත්තියට පැමිණියෙහි ය. තෙල ඇවැත දකුව. ඒ ඇවැතට පිළියම් කරව. තාගේ දෘෂ්ටිය පවිටු ය. තෙල පවිටු දෘෂ්ටිය දුරු කරව’ යි ඔහුට චෝදනා කෙරෙයි. හෙතෙමේ ‘ඇවැත්නි, මම යම් ඇවැතක් දක්නෙම් ද, මට එබඳු ඇවැතක් නැත. මම යම් ඇවැතකට පිළියම් කරන්නෙම් ද, මට එබඳු ඇවැතක් නැත. මම යම් පවිටු දෘෂ්ටියක් දුරු කරන්නෙම් ද, මට එබඳු පවිටු දෘෂ්ටියක් නැතැ’ යි මෙසේ කියයි. සඞ්ඝ තෙමේ ඇවැත් නො දැක්මෙහි හෝ ඇවැතට පිළියම් නො කිරීමෙහි හෝ පවිටු දෘෂ්ටිය දුරු නො කිරීමෙහි හෝ ඔහු බැහැර කෙරෙයි නම්, ධර්‍මකර්‍ම වේ.”
16. ඉක්බිති ආයුෂ්මත් උපාලි ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්හ. පසෙක හුන් ආයුෂ්මත් උපාලි ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ.
17. “ස්වාමීනි, සමගි සඞ්ඝයා වූ යම් භික්‍ෂු සමූහයක් අභිමුඛයෙහි කළයුතු කර්‍මයක් අනභිමුඛයෙහි කෙරේ ද, ස්වාමීනි, එය ධර්‍මකර්‍මයෙක් විනයකර්‍මයෙක් වේ ද?” ‘උපාලි, එය අධර්‍මකර්‍මයෙකි. අවිනයකර්‍මයෙකි”. “ස්වාමීනි, සමගි වූ යම් භික්‍ෂු සමූහයක් පිළිවිස කළයුතු කර්‍මයක් නො පිළිවිස කෙරේ ද, –පෙ– ප්‍රතිඥාවෙන් කළයුතු කර්‍මයෙක් ප්‍රතිඥා රහිත ව කෙරේ ද, –පෙ– සති විනය දිය යුත්තහුට අමූළ්හවිනය දේ ද, –පෙ– අමූළ්හවිනය දිය යුත්තහුට තස්සපාපිය්‍යසිකාකර්‍මය කෙරේ ද, –පෙ– තස්සපාපිය්‍යසිකාකර්‍මය කළයුත්තහුට තජ්ජනීයකර්‍මය කෙරේ ද, –පෙ– තජ්ජනීයකර්‍මය කළ යුත්තහුට නියස්සකර්‍මය කෙරේ ද, –පෙ– නියස්සකර්‍මය කළ යුත්තහුට පබ්බාජනීයකර්‍මය කෙරේ ද, –පෙ– පබ්බාජනීයකර්‍මය කළ යුත්තහුට පටිසාරණීයකර්‍මය කෙරේ ද, –පෙ– පටිසාරණීය කර්‍මය කළ යුත්තහුට උක්ඛේපනීයකර්‍මය කෙරේ ද, –පෙ– උක්ඛේපනීයකර්‍මය කළ යුත්තහුට පිරිවෙස දේ ද, –පෙ– පිරිවෙසට සුදුසු වූවහුට මූලායපටිකස්සනය කෙරේ ද, –පෙ– මූලායපටිකස්සනය කළ යුත්තහුට මානත දේ ද, –පෙ– මානත දිය යුත්තහුට අබ්භානය කෙරේ ද, –පෙ– අබ්භානයට සුදුස්සහු උපසපන් කෙරේ ද, උපසම්පදාවට සුදුස්සහුට අබ්භානය කෙරේ ද, ස්වාමීනි, එය ධර්‍මකර්‍මයෙක් විනයකර්‍මයෙක් වේ ද?” “උපාලි එය අධර්‍මකර්‍මයෙකි. අවිනයකර්‍මයෙකි” යි වදාළහ.
18. “උපාලි, සමගි සඞ්ඝයා වූ යම් භික්‍ෂු සමූහයක් අභිමුඛයෙහි කළයුතු කර්‍මයක් අනභිමුඛයෙහි කෙරේ ද, උපාලි, මෙසේ (කිරීම) අධර්‍මකර්‍ම වේ. අවිනයකර්‍ම වේ. මෙසේ සඞ්ඝ තෙමේ ද දොස් සහිත වේ. උපාලි, සමගි සඞ්ඝයා වූ යම් භික්‍ෂු සමූහයක් පිළිවිස කළයුතු කර්‍මයක් නො පිළිවිස කෙරේ ද, –පෙ– ප්‍රතිඥාවෙන් කළයුතු කර්‍මයක් ප්‍රතිඥා රහිත ව කෙරේ ද, –පෙ– සතිවිනය දිය යුත්තහුට අමූළ්හවිනය දේ ද, –පෙ– අමූළ්හවිනය දිය යුත්තහුට තස්සපාපිය්‍යසිකාකර්‍මය කෙරේ ද, –පෙ– තස්සපාපිය්‍යසිකාකර්‍මය කළ යුත්තහුට තජ්ජනීයකර්‍මය කෙරේ ද, –පෙ– තජ්ජනීයකර්‍මය කළ යුත්තහුට නියස්සකර්‍මය කෙරේ ද, –පෙ– නියස්සකර්‍මය කළ යුත්තහුට පබ්බාජනීයකර්‍මය කෙරේ ද, –පෙ– පබ්බාජනීයකර්‍මය කළ යුත්තහුට පටිසාරණීයකර්‍මය කෙරේ ද, –පෙ– පටිසාරණීයකර්‍මය කළයුත්තහුට උක්ඛේපනීය කර්‍මය කෙරේ ද, –පෙ– උක්ඛේපනීය කර්‍මය කළ යුත්තහුට පිරිවෙස දේ ද, –පෙ– පිරිවෙසට සුදුසු වූවහුට මූළයපටිකස්සනය කෙරේ ද, –පෙ– මූලායපටිකස්සනයට සුදුසු වූවහුට මානත දේ ද, මානතට සුදුසු වූවහු අබ්භානය කෙරේ ද, –පෙ– අබ්භානයට සුදුසු වූවහු උපසපන් කෙරේ ද, –පෙ– උපසම්පදාවට සුදුසු වූවාහුට අබ්භානය කෙරේ ද, උපාලි, මෙසේ (කිරීම) අධර්‍මකර්‍ම වේ. අවිනයකර්‍ම වේ. සඞ්ඝ තෙමේ ද මෙසේ (කිරීමෙන්) දොස් සහිත වේ” යි.
19. “ස්වාමීනි, සමගි සඞ්ඝයා වූ යම් භික්‍ෂුසමූහයක් අභිමුඛයෙහි කළයුතු කර්‍මයක් අභිමුඛයෙහි කෙරේ ද, ස්වාමීනි, එය ධර්‍මකර්‍මයෙක් විනයකර්‍මයෙක් වේ ද?” “උපාලි, ධර්‍මකර්‍මයකි. විනයකර්‍මයකි” යි. “ස්වාමීනි, සමගි සඞ්ඝයා වූ යම් භික්‍ෂූ සමූහයක් තෙමේ පිළිවිස කළයුතු වූ කර්‍මය පිළිවිස කෙරේ ද –පෙ– ප්‍රතිඥාවෙන් කළයුතු වූ කර්‍මය ප්‍රතිඥාවෙන් කෙරේ ද, –පෙ– සතිවිනය දිය යුත්තහුට සතිවිනය දේ ද, –පෙ– අමූළ්හවිනය දිය යුත්තහුට අමූළ්හවිනය දේ ද, –පෙ– තස්සපාපිය්‍යසිකාකර්‍මයට සුදුස්සහුට තස්සපාපිය්‍යසිකාකර්‍මය කෙරේ ද, තජ්ජනීයකර්‍මයට සුදුස්සහුට තජ්ජනීයකර්‍මය කෙරේ ද, –පෙ– නියස්සකර්‍මයට සුදුස්සහුට නියස්සකර්‍මය කෙරේ ද, –පෙ– පබ්බාජනීයකර්‍මයට සුදුස්සහුට පබ්බාජනීයකර්‍මය කෙරේ ද, –පෙ– පටිසාරණීයකර්‍මයට සුදුස්සහුට පටිසාරණීයකර්‍මය කෙරේ ද, –පෙ– උක්ඛේපනීයකර්‍මයට සුදුස්සහුට උක්ඛේපනීයකර්‍මය කෙරේ ද, –පෙ– පිරිවෙසට සුදුස්සහුට පිරිවෙස දේ ද, මූලායපටිකස්සනයට සුදුස්සහුට මූලායපටිකස්සනය කෙරේ ද, –පෙ– මානතට සුදුස්සහුට මානත දේ ද, –පෙ– අබ්භානයට සුදුස්සහුට අබ්භානය කෙරේ ද, –පෙ– උපසම්පදාවට සුදුස්සහු උපසපන් කෙරේ ද, ස්වාමීනි, (එය) ධර්‍මකර්‍මයෙක් ද? විනයකර්‍මයෙක් ද?” “උපාලි, එය ධර්‍මකර්‍මයෙකි. විනයකර්‍මයෙකි?” යි.
20. “උපාලි, සමගි සඞ්ඝයා වූ යම් භික්‍ෂු සමූහයක් හමුවෙහි කළයුතු වූ කර්‍මය හමුවෙහි කෙරේ ද, උපාලි මෙසේ ධර්‍මකර්‍මය වේ. විනයකර්‍මය වේ. මෙසේ සඞ්ඝ තෙමේ ද දොස් රහිත වේ. උපාලි, සමගි වු යම් භික්‍ෂූ සමූහයක් පිළිවිස කළයුතු වූ කර්‍මය පිළිවිස කෙරේ ද, –පෙ– ප්‍රතිඥාවෙන් කළ යුතු වූ කර්‍මය ප්‍රතිඥාවෙන් කෙරේ ද, –පෙ– සතිවිනය දිය යුත්තහුට සතිවිනය දේ ද, –පෙ– අමූළ්හවිනය දියයුත්තහුට අමූළ්හවිනය දේ ද, –පෙ– තස්සපාපිය්‍යසිකාකර්‍මයට සුදුස්සහුට තස්සපාපිය්‍යසිකාකර්‍මය කෙරේ ද, –පෙ– තජ්ජනීයකර්‍මයට සුදුස්සහුට තජ්ජනීයකර්‍මය කෙරේ ද, –පෙ– නියස්සකර්‍මයට සුදුස්සහුට නියස්සකර්‍මය කෙරේ ද, –පෙ– පබ්බාජනීයකර්‍මයට සුදුස්සහුට පබ්බාජනීයකර්‍මය කෙරේ ද, –පෙ– පටිසාරණීයකර්‍මයට සුදුස්සහුට පටිසාරණීයකර්‍මය කෙරේ ද, –පෙ– උක්ඛේපනීයකර්‍මය සුදුස්සහුට උක්ඛේපනීයකර්‍මය කෙරේ ද, –පෙ– පිරිවෙසට සුදුස්සහුට පිරිවෙස දේ ද, –පෙ– මූලායපටිකස්සනයට සුදුස්සහුට මූලාය පටිකස්සනය කෙරේ ද, –පෙ– මානතට සුදුස්සහුට මානත දේ ද, –පෙ– අබ්භානයට සුදුස්සහුට අබ්භානය කෙරේ ද, –පෙ– උපසම්පදාවට සුදුස්සහු උපසපන් කෙරේ ද, උපාලි, මෙසේ ධර්‍මකර්‍මය වේ. විනයකර්‍මය වේ. මෙසේ සඞ්ඝ තෙමේ ද දොස් රහිත වේ”.
21. “ස්වාමීනි, සමගි සඞ්ඝයා වූ යම් භික්‍ෂුසමූහයක් සතිවිනය දිය යුත්තහුට අමූළ්හවිනය දේ ද, අමූළ්හවිනය දිය යුත්තහුට සතිවිනය දේ ද, ස්වාමීනි, එය ධර්‍මකර්‍මයෙක් ද? විනයකර්‍මයෙක් දැ?” යි. “උපාලි, එය අධම් කර්‍මයෙකි. අවිනය කර්‍මයෙකි.” යි බුදුහු වදාළහ. “ස්වාමීනි, සමගි සඞ්ඝයා වූ යම් භික්‍ෂු සමූහයක් අමූළ්හවිනය කළ යුත්තහුට තස්සපාපිය්‍යසිකාකර්‍මය කෙරේ ද, තස්සපාපිය්‍යසිකාකර්‍මය කළ යුත්තහුට අමූළ්හවිනය දේ ද, –පෙ– තස්සපාපිය්‍යසිකාකර්‍මය කළ යුත්තහුට තජ්ජනීයකර්‍මය කෙරේ ද, තජ්ජනීයකර්‍මය කළ යුත්තහුට තස්සපාපිය්‍යසිකාකර්‍මය කෙරේ ද, –පෙ– තජ්ජනීයකර්‍මය කළ යුත්තහුට නියස්සකර්‍මය කෙරේ ද, නියස්සකර්‍මය කළ යුත්තහුට තජ්ජනීයකර්‍මය කෙරේ ද, –පෙ– නියස්සකර්‍මය කළ යුත්තහුට පබ්බාජනීය කර්‍මය කෙරේද, පබ්බාජනීයකර්‍මය කළ යුත්තහුට නියස්සකර්‍මය කෙරේ ද, –පෙ– පබ්බාජනීයකර්‍මය කළයුත්තහුට පටිසාරණීයකර්‍මය කෙරේ ද, පටිසාරණීයකර්‍මය කළ යුත්තහුට පබ්බාජනීයකර්‍මය කෙරේ ද, –පෙ– පටිසාරණීයකර්‍මය කළ යුත්තහුට උක්ඛේපනීයකර්‍මය කෙරේ ද, උක්ඛේපනීයකර්‍මය කළ යුත්තහුට පටිසාරණීයකර්‍මය කෙරේ ද, –පෙ– උක්ඛේපනීයකර්‍මය කළ යුත්තහුට පිරිවෙස දේ ද, පිරිවෙස දිය යුත්තහුට උක්ඛේපනීයකර්‍මය කෙරේ ද, –පෙ– පිරිවෙසට සුදුසු වූවහු මූලායපටිකස්සනය කෙරේ ද, මූලායපටිකස්සනයට සුදුසු වූවහුට පිරිවෙස දේ ද, –පෙ– මූලායපටිකස්සනයට සුදුසු වූවහුට මානත දේ ද, මානතට සුදුසු වූවහුට මූලායපටිකස්සනය කෙරේ ද, –පෙ– මානතට සුදුසු වූවහුට අබ්භානය කෙරේ ද, අබ්භානයට සුදුසු වූවහුට මානත දේ ද, –පෙ– අබ්භානයට සුදුසු වූවහු උපසපන් කෙරේ ද, උපසම්පදාවට සුදුසු වූවහුට අබ්භානය කෙරේ ද, ස්වාමීනි, එය ධර්‍මකර්‍මයෙක් ද? විනයකර්‍මයෙක් දැ” යි උපාලි තෙරහු ඇසූහ. “උපාලි, එය අධර්‍මකර්‍මයෙකි. අවිනයකර්‍මයෙකි” යි බුදුහු වදාළහ.
22. “උපාලි, සමගි සඞ්ඝයා වූ යම් භික්‍ෂූසමූහයක් සතිවිනය දිය යුත්තහුට අමූළ්හවිනය දේ ද, අමූළ්හවිනය දිය යුත්තහුට සතිවිනය දේ ද, උපාලි, මෙසේ (කිරීම) අධර්‍මකර්‍මයෙකි. අවිනයකර්‍මයෙකි. ඒ සඞ්ඝ තෙමේ ද මෙසේ දොස් සහිත වේ. උපාලි, සමගි සඞ්ඝයා වූ යම් භික්‍ෂු සමූහයක් අමූළ්හවිනය කළ යුත්තහුට තස්සපාපිය්‍යසිකාකර්‍මය කෙරේ ද, තස්සපාපිය්‍යසිකාකර්‍මය කළ යුත්තහුට අමූළ්හවිනය දේ ද, –පෙ– තස්සපාපිය්‍යසිකාකර්‍මය කළ යුත්තහුට තජ්ජනීයකර්‍මය කෙරේ ද, තජ්ජනීයකර්‍මය කළ යුත්තහුට තස්සපාපිය්‍යසිකාකර්‍මය කෙරේ ද –පෙ– තජ්ජනීයකර්‍මය කළ යුත්තහුට නියස්සකර්‍මය කෙරේ ද, නියස්සකර්‍මය කළ යුත්තහුට තජ්ජනීයකර්‍මය කෙරේ ද, –පෙ– නියස්සකර්‍මය කළ යුත්තහුට පබ්බාජනීයකර්‍මය කෙරේ ද, පබ්බාජනීයකර්‍මය කළ යුත්තහුට නියස්සකර්‍මය කෙරේ ද, –පෙ– පබ්බාජනීයකර්‍මය කළ යුත්තහුට පටිසාරණීයකර්‍මය කෙරේ ද, පටිසාරණීයකර්‍මය කළ යුත්තහුට පබ්බාජනීයකර්‍මය කෙරේ ද, –පෙ– පටිසාරණීයකර්‍මය කළ යුත්තහුට උක්ඛේපනීයකර්‍මය කෙරේ ද, උක්ඛේපනීයකර්‍මය කළ යුත්තහුට පටිසාරණීයකර්‍මය කෙරේ ද, –පෙ– උක්ඛේපනීයකර්‍මය කළ යුත්තහුට පිරිවෙස දේ ද, පිරිවෙසට සුදුසු වූවහුට උක්ඛේපනීයකර්‍මය කෙරේ ද, –පෙ– පිරිවෙසට සුදුසු වූවහුට මූලායපටිකස්සනය කෙරේ ද, මූලායපටිකස්සනයට සුදුසු වූවහුට පිරිවෙස දේ ද, –පෙ– මූලායපටිකස්සනයට සුදුසු වූවහුට මානත දේ ද, මානතට සුදුසු වූවහුට මූලායපටිකස්සනය කෙරේ ද, –පෙ– මානතට සුදුසු වූවහුට අබ්භානය කෙරේ ද, අබ්භානයට සුදුසු වූවහුට මානත දේ ද, –පෙ– අබ්භානයට සුදුසු වූවහු උපසපන් කෙරේ ද, උපසම්පදාවට සුදුසු වූවහුට අබ්භානය කෙරේ ද, උපාලි, මෙසේ කිරීම අධර්‍මකර්‍ම වේ. අවිනයකර්‍ම වේ. ඒ සඞ්ඝ තෙමේ ද මෙයින් දොස් සහිත වේ”.
23. “ස්වාමීනි, සමගි සඞ්ඝයා වූ යම් භික්‍ෂූසමුහයක් සතිවිනය දිය යුත්තහුට සතිවිනය දේ ද, ස්වාමීනි, එය ධර්‍මකර්‍මයෙක් ද? විනයකර්‍මයෙක් ද?” “උපාලි, එය ධර්‍මකර්‍මයෙකි. විනයකර්‍මයෙකි.” ස්වාමීනි, සමගි සඞ්ඝයා වූ යම් භික්‍ෂුසමූහයක් අමූළ්හවිනය දිය යුත්තහුට අමූළ්හවිනය දේ ද, –පෙ– තස්සපාපිය්‍යසිකාකර්‍මය කළ යුත්තහුට තස්සපාපිය්‍යසිකාකර්‍මය කෙරේ ද, –පෙ– තජ්ජනීයකර්‍මය කළ යුත්තහුට තජ්ජනීයකර්‍මය කෙරේ ද, –පෙ– නියස්සකර්‍මය කළ යුත්තහුට නියස්සකර්‍මය කෙරේ ද, –පෙ– පබ්බාජනීයකර්‍මය කළ යුත්තහුට පබ්බාජනීයකර්‍මය කෙරේ ද, –පෙ– පටිසාරණීයකර්‍මය කළ යුත්තහුට පටිසාරණීයකර්‍මය කෙරේ ද, –පෙ– උක්ඛේපනීයකර්‍මය කළ යුත්තහුට උක්ඛේපනීයකර්‍මය කෙරේ ද, –පෙ– පිරිවෙසට සුදුසු වූවහුට පිරිවෙස දේ ද, –පෙ– මූලායපටිකස්සනයට සුදුසු වූවහුට මූලායපටිකස්සනය කෙරේ ද, –පෙ– මානත දිය යුත්තහුට මානත දේ ද, –පෙ– අබ්භානයට සුදුසු වූවහුට අබ්භානය කෙරේ ද, –පෙ– උපසපන් කිරීමට සුදුසු වූවහු උපසපන් කෙරේ ද, ස්වාමීනි, එය ධර්‍මකර්‍මයෙක් ද? විනයකර්‍මයෙක් ද?” “උපාලි, එය ධර්‍මකර්‍මයෙකි. විනයකර්‍මයෙකි” යී වදාළසේක.
24. “උපාලි, සමගි සඞ්ඝයා වූ යම් භික්‍ෂූසමුහයක් සතිවිනය දිය යුත්තහුට සතිවිනය දේ ද, උපාලි, මෙසේ (කිරීම) ධර්‍මකර්‍ම වේ. විනයකර්‍ම වේ. ඒ සඞ්ඝ තෙමේ ද මෙසේ දොස් රහිත වේ. උපාලි, සමගි සඞ්ඝයා වූ යම් භික්‍ෂූසමූහයක් අමූළ්හවිනය දිය යුත්තහුට අමූළ්හවිනය දේ ද, –පෙ– තස්සපාපිය්‍යසිකාකර්‍මයට සුදුසු වූවහුට තස්සපාපිය්‍යසිකාකර්‍මය කෙරේ ද, –පෙ– තජ්ජනීයකර්‍මයට සුදුසු වූවහුට තජ්ජනීයකර්‍මය කෙරේ ද, –පෙ– නියස්සකර්‍මයට සුදුසු වූවහුට නියස්සකර්‍මය කෙරේ ද, –පෙ– පබ්බාජනීයකර්‍මයට සුදුසු වූවහුට පබ්බාජනීයකර්‍මය කෙරේ ද, –පෙ– පටිසාරණීයකර්‍මයට සුදුසු වූවහුට පටිසාරණීයකර්‍මය කෙරේ ද, –පෙ– උක්ඛේපනීයකර්‍මයට සුදුසු වූවහුට උක්ඛේපනීයකර්‍මය කෙරේ ද, –පෙ– පිරිවෙසට සුදුසු වූවහුට පිරිවෙස දේ ද, –පෙ– මූලායපටිකස්සනයට සුදුසු වූවහුට මූලායපටිකස්සනය කෙරේ ද, –පෙ– මානතට සුදුසු වූවහුට මානත දේ ද, අබ්භානයට සුදුසු වූවහුට අබ්භානය කෙරේ ද, –පෙ– උපසම්පදාවට සුදුසු වූවහු උපසපන් කෙරේ ද, උපාලි, මෙසේ (කිරීම) ධර්‍මකර්‍ම වේ. විනයකර්‍ම වේ. ඒ සඞ්ඝ තෙමේ ද මෙසේ කිරීමෙන් දොස් නැත්තේ වේ” යී වදාළසේක.
25. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් අමතා “මහණෙනි, සමගි වූ යම් භික්‍ෂූසමූහයක් සතිවිනය දිය යුත්තහුට අමූළ්හවිනය දේ ද, මහණෙනි, මෙසේ (කිරීම) අධර්‍මකර්‍මයෙක් වේ. අවිනයකර්‍මයෙක් වේ. මෙසේ කිරීමෙන් සඞ්ඝ තෙමේ ද දොස් සහිත වේ” යි වදාළ සේක. “මහණෙනි, සමගි වූ යම් භික්‍ෂුසමූහයක් සතිවිනය දිය යුත්තහුට තස්සපාපිය්‍යසිකාකර්‍මය කෙරේ ද, –පෙ– සතිවිනය දිය යුත්තහුට තජ්ජනීයකර්‍මය කෙරේ ද, –පෙ– සතිවිනය දිය යුත්තහුට නියස්සකර්‍මය කෙරේ ද, –පෙ– සතිවිනය දිය යුත්තහුට පබ්බාජනීයකර්‍මය කෙරේ ද, –පෙ– සතිවිනය දිය යුත්තහුට පටිසාරණීයකර්‍මය කෙරේ ද, –පෙ– සතිවිනය දිය යුත්තහුට උක්ඛේපනීයකර්‍මය කෙරේ ද, –පෙ– සතිවිනය දිය යුත්තහුට පිරිවෙස දේ ද, –පෙ– සතිවිනය දිය යුත්තහුට මූලායපටිකස්සනය කෙරේ ද, –පෙ– සතිවිනය දිය යුත්තහුට මානත දේ ද, –පෙ– සතිවිනය දිය යුත්තහුට අබ්භානය කෙරේ ද, –පෙ– සතිවිනය දිය යුත්තහු උපසපන් කෙරේ ද, මහණෙනි, මෙසේ (කිරීම) අධර්‍මකර්‍ම වේ. අවිනයකර්‍ම වේ. ඒ සඞ්ඝ තෙමේ ද මෙසේ කිරීමෙන් දොස් සහිත වේ යී වදාළසේක.
26. “මහණෙනි, සමගි සඞ්ඝයා වූ යම් භික්‍ෂුසමූහයක් අමූළ්හවිනයට සුදුසු වූවහුට සතිවිනය දේ ද, මහණෙනි, මෙසේ කිරීම අධර්‍මකර්‍ම වේ. අවිනයකර්‍ම වේ. ඒ සඞ්ඝ තෙමේ ද මෙසේ කිරීමෙන් දොස් සහිත වේ. මහණෙනි, සමගි සඞ්ඝයා වූ යම් භික්‍ෂු සමූහයක් අමූළ්හවිනයට සුදුසු වූවහුට තස්සපාපිය්‍යසිකාකර්‍මය කෙරේ ද, –පෙ– අමූළ්හවිනයට සුදුසු වූවහුට තජ්ජනීයකර්‍මය කෙරේ ද, –පෙ– අමූළ්හවිනයට සුදුසු වූවහුට නියස්සකර්‍මය කෙරේ ද –පෙ– අමූළ්හවිනයට සුදුසු වූවහුට පබ්බාජනීයකර්‍මය කෙරේ ද, –පෙ– අමූළ්හවිනයට සුදුසු වූවහුට පටිසාරණීයකර්‍මය කෙරේ ද, –පෙ– අමූළ්හවිනයට සුදුසු වූවහුට උක්ඛේපනීයකර්‍මය කෙරේ ද, –පෙ– අමූළ්හවිනයට සුදුසු වූවහුට පිරිවෙස දේ ද –පෙ– අමූළ්හවිනයට සුදුසු වූවහුට මූලායපටිකස්සනය කෙරේ ද, අමූළ්හවිනයට සුදුසු වූවහුට මානත දේ ද, අමූළ්හවිනයට සුදුසු වූවහුට අබ්භානය කෙරේ ද, –පෙ– අමූළ්හවිනයට සුදුසු වූවහු උපසපන් කෙරේ ද, මහණෙනි, මෙසේ (කිරීම) අධර්‍මකර්‍ම වේ. අවිනයකර්‍ම වේ. ඒ සඞ්ඝ තෙමේ ද මෙසේ කිරීමෙන් දොස් සහිත වේ.{*}
27. “මහණෙනි, සමගි සඞ්ඝයා වූ යම් භික්‍ෂු සමූහයක් තස්සපාපිය්‍යසිකාකර්‍මයට සුදුසු වූවහුට සතිවිනය දේ ද, –පෙ– තජ්ජනීයකර්‍මයට සුදුසු වූවහුට –පෙ– නියස්සකර්‍මයට සුදුසු වූවහුට –පෙ– පබ්බාජනීයකර්‍මයට සුදුසු වූවහුට –පෙ– පටිසාරණීය කර්‍මයට සුදුසු වූවහුට –පෙ– උක්ඛේපනීයකර්‍මයට සුදුසු වූවහුට –පෙ– පිරිවෙසට සුදුසු වූවහුට –පෙ– මූලායපටිකස්සනයට සුදුසු වූවහුට –පෙ– මානතට සුදුසු වූවහුට –පෙ– අබ්භානයට සුදුසු වූවහුට සතිවිනය දේ ද, –පෙ– මහණෙනි, මෙසේ (කිරීම) අධර්‍මකර්‍ම වේ. අවිනයකර්‍ම වේ. ඒ සඞ්ඝ තෙමේ ද මෙසේ කිරීමෙන් දොස් සහිත වේ.”
28. “මහණෙනි, සමගි සඞ්ඝයා වූ යම් භික්‍ෂු සමූහයක් උපසම්පදාවට සුදුසු වූවාහුට සතිවිනය දේ ද, –පෙ– උපසම්පදාවට සුදුසු වූවහුට අමූළ්හවිනය දේ ද, –පෙ– උපසම්පදාවට සුදුසු වූවහුට තස්සපාපිය්‍යසිකාකර්‍මය කෙරේ ද, –පෙ– උපසම්පදාවට සුදුසු වූවහුට තජ්ජනීයකර්‍මය කෙරේ ද, –පෙ– උපසම්පදාවට සුදුසු වූවහුට නියස්සකර්‍මය කෙරේ ද, –පෙ– උපසම්පදාවට සුදුසු වූවහුට පබ්බාජනීයකර්‍මය කෙරේ ද, –පෙ– උපසම්පදාවට සුදුසු වූවහුට පටිසාරණීයකර්‍මය කෙරේ ද, –පෙ– උපසම්පදාවට සුදුසු වූවහුට උක්ඛේපනීයකර්‍මය කෙරේ ද, –පෙ– උපසම්පදාවට සුදුසු වූවහුට පිරිවෙස දේ ද, –පෙ– උපසම්පදාවට සුදුසු වූවහුට මූලායපටිකස්සනය කෙරේ ද –පෙ– උපසම්පදාවට සුදුසු වූවහුට මානත දේ ද, –පෙ– උපසම්පදාවට සුදුසු වූවාහුට අබ්භානය කෙරේ ද, මහණෙනි, මෙසේ (කිරීම) අධර්‍මකර්‍ම වේ. අවිනයකර්‍ම වේ. ඒ සඞ්ඝ තෙමේ ද මෙසේ කිරීමෙන් දොස් සහිත වේ.” යී වදාළ සේක.
උපාලිපුච්ඡා නම්වූ දෙවැනි බණවර නිමි.
1. මහණෙනි, මෙහි ඩබර කරන්නා වූ කලහ කරන්නා වූ විවාද කරන්නා වූ කතාවෙන් කලහ උපදවන්නා වූ සඞ්ඝයා වෙත පැමිණිලි කරන්නා වූ මහණෙක් වේ. එහි දී භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ ඩබර කරන්නේ ය. කලහ කරන්නේ ය. විවාද කරන්නේ ය. කථා ප්‍රතිකථා කරන්නේ ය. සඞ්ඝයා වෙත පැමිණිලි කරන්නේ ය. එහෙයින් අපි මොහුට තජ්ජනීයකර්‍මය කරමු” යි මෙසේ අදහස් වේ නම්, අධර්‍මයෙන් ව්‍යග්‍ර (අසමගි) වූ ඒ භික්‍ෂූහු ඔහුට තජ්ජනීයකර්‍මය කෙරෙත්.
2. හෙතෙමේ ඒ ආවාසයෙන් අන්‍ය ආවාසයකට යයි. එහි භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ සඞ්ඝයා විසින් අධර්‍මයෙන් ව්‍යග්‍ර වීමෙන් තජ්ජනීයකර්‍මය කරණ ලද්දේ වේ. එහෙයින් අපි මොහුට තජ්ජනීය කර්‍මය කරමු” යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් සමග්‍ර වූවාහු ඔහුට තජ්ජනීයකර්‍මය කරත්.
3. හෙතෙමේ ඒ ආවාසයෙන් ද අන්‍ය ආවාසයකට යයි. එහි ද භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ සඞ්ඝයා විසින් අධර්‍මයෙන් සමග්‍ර වීමෙන් තජ්ජනීයකර්‍මය කරණ ලද්දේ වේ. එහෙයින් අපි මොහුට තජ්ජනීයකර්‍මය කරමු” යි මෙසේ අදහස් වේ. ඔහු ධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු ඔහුට තජ්ජනීයකර්‍මය කරත්.
4. හෙතෙමේ ඒ ආවාසයෙන් ද අන්‍ය ආවාසයකට යයි. එහි ද භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ සඞ්ඝයා විසින් ධර්‍මයෙන් ව්‍යග්‍ර වීමෙන් තජ්ජනීයකර්‍ම කරණ ලද්දේ වේ. එහෙයින් අපි මොහුට තජ්ජනීයකර්‍මය කරමු” යි මෙසේ අදහස් වේ. ඔහු ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍ර වූවාහු ඔහුට තජ්ජනීයකර්‍මය කරත්.
5. හෙතෙමේ ඒ ආවාසයෙන් ද අන්‍ය ආවාසයකට යයි. එහි ද භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ සඞ්ඝයා විසින් ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍ර වීමෙන් තජ්ජනීයකර්‍මය කරණ ලද්දේ වේ. එබැවින් අපි මොහුට තජ්ජනීයකර්‍මය කරමු” යි මෙසේ අදහස් වේ. ඔහු ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍ර වූවාහු ඔහුට තජ්ජනීයකර්‍මය කරත්.
6. මහණෙනි, මෙහි ඩබර කරන්නා වූ කලහ කරන්නා වූ විවාද කරන්නා වූ කථා ප්‍රතිකථා කරන්නා වූ සඞ්ඝයා වෙත අධිකරණ කරන්නා වූ මහණෙක් වේ. එහි දී භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ ඩබර කරන්නේ ය. කලහ කරන්නේ ය. විවාද කරන්නේ ය. කථා ප්‍රතිකථා කරන්නේ ය. සඞ්ඝයා වෙත අධිකරණ කරන්නේ ය. එහෙයින් අපි මොහුට තජ්ජනීයකර්‍මය කරමු” යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් සමග්‍ර වූවාහු ඔහුට තජ්ජනීයකර්‍මය කරත්.
7. හෙතෙමේ ඒ ආවාසයෙන් අන්‍ය ආවාසයකට යයි. එහි භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ සඞ්ඝයා විසින් අධර්‍මයෙන් සමග්‍ර වීමෙන් තජ්ජනීයකර්‍ම කරණ ලද්දේ වේ. එබැවින් අපි මොහුට තජ්ජනීයකර්‍මය කරමු” යි මෙසේ අදහස් වේ. ඔහු ධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු ඔහුට තජ්ජනීයකර්‍මය කරත් .
8. හෙතෙමේ ඒ ආවාසයෙන් අන්‍ය ආවාසයකට යයි. එහි ද භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ සඞ්ඝයා විසින් ධර්‍මයෙන් ව්‍යග්‍ර වීමෙන් තජ්ජනීයකර්‍ම කරණ ලද්දේ වේ. එබැවින් අපි මොහුට තජ්ජනීයකර්‍මය කරමු” යි මෙසේ අදහස් වේ. ඔහු ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍ර වූවාහු ඔහුට තජ්ජනීයකර්‍මය කෙරෙත්.
9. හෙතෙමේ ඒ ආවාසයෙන් ද අන්‍ය ආවාසයකට යයි. එහි ද භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ සඞ්ඝයා විසින් ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍ර වීමෙන් තජ්ජනීයකර්‍මය කරණ ලද්දේ වේ. එබැවින් අපි මොහුට තජ්ජනීයකර්‍මය කරමු” යි මෙසේ අදහස් වේ. ඔහු ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍ර වූවාහු ඔහුට තජ්ජනීයකර්‍මය කෙරෙත්.
10. හෙතෙමේ ඒ ආවාසයෙන් ද අන්‍ය ආවාසයකට යයි. එහි ද භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ සඞ්ඝයා විසින් ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍ර වීමෙන් තජ්ජනීයකර්‍මය කරණ ලද්දේ වේ. එබැවින් අපි මොහුට තජ්ජනීයකර්‍මය කරමු” යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු ඔහුට තජ්ජනීයකර්‍මය කරත්.
11. මහණෙනි, මෙහි ඩබර කරන්නා වූ කලහ කරන්නා වූ විවාද කරන්නා වූ කථා ප්‍රතිකථා කරන්නා වූ සඞ්ඝයා වෙත අධිකරණ කරන්නා වූ මහණෙක් වේ. එහි දී භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ ඩබර කරන්නේ ය. කලහ කරන්නේ ය. විවාද කරන්නේ ය. කථා ප්‍රතිකථා කරන්නේ ය. සඞ්ඝයා වෙත අධිකරණ කරන්නේ ය. එබැවින් අපි මොහුට තජ්ජනීයකර්‍මය කරමු” යි මෙසේ අදහස් වේ. ඔහු ධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු ඔහුට තජ්ජනීයකර්‍මය කරත්,
12. හෙතෙමේ ඒ ආවාසයෙන් අන්‍ය ආවාසයකට යයි. එහි භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ සඞ්ඝයා විසින් ධර්‍මයෙන් ව්‍යග්‍ර වීමෙන් තජ්ජනීයකර්‍ම කරණ ලද්දේ වේ. එබැවින් අපි මොහුට තජ්ජනීයකර්‍මය කරමු” යි මෙසේ අදහස් වේ. ඔහු ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍ර වූවාහු ඔහුට තජ්ජනීයකර්‍මය කරත්.
13. හෙතෙමේ ඒ ආවාසයෙන් ද අන්‍ය ආවාසයකට යයි. එහි ද භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ සඞ්ඝයා විසින් ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍ර වීමෙන් තජ්ජනීයකර්‍මය කරණ ලද්දේ වේ. එබැවින් අපි මොහුට තජ්ජනීයකර්‍මය කරමු” යි මෙසේ අදහස් වේ. ඔහු ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍ර වූවාහු ඔහුට තජ්ජනීයකර්‍මය කරත්.
14. හෙතෙමේ ඒ ආවාසයෙන් ද අන්‍ය ආවාසයකට යයි. එහි ද භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ සඞ්ඝයා විසින් ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍ර වීමෙන් තජ්ජනීයකර්‍මය කරණ ලද්දේ වේ. එබැවින් අපි මොහුට තජ්ජනීයකර්‍මය කරමු” යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු ඔහුට තජ්ජනීයකර්‍මය කරත්.
15. හෙතෙමේ ඒ ආවාසයෙන් ද අන්‍ය ආවාසයකට යයි. එහි ද භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ සඞ්ඝයා විසින් අධර්‍මයෙන් ව්‍යග්‍ර වීමෙන් තජ්ජනීයකර්‍ම කරණ ලද්දේ වේ. එබැවින් අපි මොහුට තජ්ජනීයකර්‍මය කරමු” යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් සමග්‍ර වූවාහු ඔහුට තජ්ජනීයකර්‍මය කරත්.
16. මහණෙනි, මෙහි ඩබර කරන්නා වූ කලහ කරන්නා වූ විවාද කරන්නා වූ කථා ප්‍රතිකථා කරන්නා වූ සඞ්ඝයා වෙත පැමිණිලි කරන්නා වූ මහණෙක් වේ. එහි දී භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ ඩබර කරන්නේ ය. කලහ කරන්නේ ය. විවාද කරන්නේ ය. කථා ප්‍රතිකථා කරන්නේ ය. සඞ්ඝයා කෙරෙහි පැමිණිලි කරන්නේ ය. එබැවින් අපි මොහුට තජ්ජනීයකර්‍මය කරමු” යි මෙසේ අදහස් වේ. ඔහු ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍ර වූවාහු ඔහුට තජ්ජනීයකර්‍මය කෙරෙත්.
17. හෙතෙමේ ඒ ආවාසයෙන් අන්‍ය ආවාසයකට යයි. එහි භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ සඞ්ඝයා විසින් ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍ර වීමෙන් තජ්ජනීයකර්‍මය කරණ ලද්දේ වේ. එබැවින් අපි මොහුට තජ්ජනීයකර්‍මය කරමු” යි මෙසේ අදහස් වේ. ඔහු ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍ර වූවාහු ඔහුට තජ්ජනීයකර්‍මය කෙරෙත්.
18. හෙතෙමේ ඒ ආවාසයෙන් ද අන්‍ය ආවාසයකට යයි. එහි ද භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ සඞ්ඝයා විසින් ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍ර වීමෙන් තජ්ජනීයකර්‍මය කරණ ලද්දේ වේ. එබැවින් අපි මොහුට තජ්ජනීයකර්‍මය කරමු” යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු ඔහුට තජ්ජනීයකර්‍මය කෙරෙත්.
19. හෙතෙමේ ඒ ආවාසයෙන් ද අන්‍ය ආවාසයකට යයි. එහි ද භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ සඞ්ඝයා විසින් අධර්‍මයෙන් ව්‍යග්‍ර වීමෙන් තජ්ජනීයකර්‍මය කරණ ලද්දේ වේ. එබැවින් අපි මොහුට තජ්ජනීයකර්‍මය කරමු” යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් සමග්‍ර වූවාහු ඔහුට තජ්ජනීයකර්‍මය කෙරෙත්.
20. හෙතෙමේ ඒ ආවාසයෙන් ද අන්‍ය ආවාසයකට යයි. එහි ද භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ සඞ්ඝයා විසින් අධර්‍මයෙන් සමග්‍ර වීමෙන් තජ්ජනීයකර්‍ම කරණ ලද්දේ වේ. එබැවින් අපි මොහුට තජ්ජනීයකර්‍මය කරමු” යි මෙසේ අදහස් වේ. ඔහු ධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු ඔහුට තජ්ජනීයකර්‍මය කෙරෙත්.
21. මහණෙනි, මෙහි ඩබර කරන්නා වූ කලහ කරන්නා වූ විවාද කරන්නා වූ කථා ප්‍රතිකථා කරන්නා වූ සඞ්ඝයා වෙත පැමිණිලි කරන්නා වූ මහණෙක් වේ. එහි දී භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ ඩබර කරන්නේ ය. කලහ කරන්නේ ය. විවාද කරන්නේ ය. කථා ප්‍රතිකථා කරන්නේ ය. සඞ්ඝයා වෙත පැමිණිලි කරන්නේ ය. එබැවින් අපි මොහුට තජ්ජනීයකර්‍මය කරමු” යි මෙසේ අදහස් වේ. ඔහු ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍ර වූවාහු ඔහුට තජ්ජනීයකර්‍මය කෙරෙත්.
22. හෙතෙමේ ඒ ආවාසයෙන් අන්‍ය ආවාසයකට යයි. එහි භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ සඞ්ඝයා විසින් ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍ර වීමෙන් තජ්ජනීයකර්‍මය කරණ ලද්දේ වේ. එබැවින් අපි මොහුට තජ්ජනීයකර්‍මය කරමු” යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු ඔහුට තජ්ජනීයකර්‍මය කෙරෙත්.
23. හෙතෙමේ ඒ ආවාසයෙන් ද අන්‍ය ආවාසයකට යයි. එහි ද භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ සඞ්ඝයා විසින් අධර්‍මයෙන් ව්‍යග්‍ර වීමෙන් තජ්ජනීයකර්‍මය කරණ ලද්දේ වේ. එබැවින් අපි මොහුට තජ්ජනීයකර්‍මය කරමු” යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් සමග්‍ර වූවාහු ඔහුට තජ්ජනීයකර්‍මය කෙරෙත්.
24. හෙතෙමේ ඒ ආවාසයෙන් ද අන්‍ය ආවාසයකට යයි. එහි ද භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ සඞ්ඝයා විසින් අධර්‍මයෙන් සමග්‍ර වීමෙන් තජ්ජනීයකර්‍මයකරණ ලද්දේ වේ. එබැවින් අපි මොහුට තජ්ජනීයකර්‍මය කරමු” යි මෙසේ අදහස් වේ. ඔහු ධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු ඔහුට තජ්ජනීයකර්‍මය කෙරෙත්.
25. හෙතෙමේ ඒ ආවාසයෙන් ද අන්‍ය ආවාසයකට යයි. එහි ද භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ සඞ්ඝයා විසින් ධර්‍මයෙන් ව්‍යග්‍ර වීමෙන් තජ්ජනීයකර්‍මය කරණ ලද්දේ වේ. එබැවින් අපි මොහුට තජ්ජනීයකර්‍මය කරමු” යි මෙසේ අදහස් වේ. ඔහු ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍ර වූවාහු ඔහුට තජ්ජනීයකර්‍මය කෙරෙත්.
26. මහණෙනි, මෙහි මහණෙක් තෙමේ අඥ වූයේ අව්‍යක්ත වූයේ ඉමක් නැති ඇවැත් ඇත්තේ ගිහීන් හා හැනී සිටියේ වේ. සසුනට අනුලොම් නො වූ ගිහිසසගින් යුක්ත ව වාසය කෙරේ. එකල්හි භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ අඥ ය. අව්‍යක්ත ය. ඇවැත් බහුල කොට සිටියේ ය. පිරිසිඳිය නො හැකි ඇවැත් ඇත්තේ ය. ගිහියන් හා හැනී සිටියේ අනුලොම් නො වූ ගිහිසසගින් යුක්ත ව වසයි. එහෙයින් අපි මොහුට නියස්සකර්‍මය කරමු” යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු ඔහුට නියස්සකර්‍මය කෙරෙත්.
27. හෙතෙමේ ඒ ආවාසයෙන් අන්‍ය ආවාසයකට යයි. එහි භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ සඞ්ඝයා විසින් අධර්‍මයෙන් ව්‍යග්‍ර වීමෙන් නියස්සකර්‍ම කරණ ලද්දේ වේ. එබැවින් අපි මොහුට නියස්සකර්‍මය කරමු” යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් සමග්‍ර වූවාහු ඔහුට –පෙ– ධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍ර වූවාහු ඔහුට නියස්සකර්‍මය කෙරෙත්. යට කියූ පරිදි චක්‍ර කළ යුතුය.{*}
28. මහණෙනි, මෙහි මහණෙක් තෙමේ පවිටු හැසිරීම් ඇත්තේ කුලදූෂක වේ. එකල්හි මහණුන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ කුලදූෂක ය. පවිටු හැසිරීම් ඇත්තේ ය. එබැවින් අපි මොහුට පබ්බාජනීයකර්‍මය කරමු” යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු ඔහුට පබ්බාජනීයකර්‍මය කෙරෙත්.
29. හෙතෙමේ ඒ ආවාසයෙන් අන්‍ය ආවාසයකට යයි. එහි භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ සඞ්ඝයා විසින් අධර්‍මයෙන් ව්‍යග්‍ර වීමෙන් පබ්බාජනීයකර්‍මය කරණ ලද්දේ වේ. එබැවින් අපි මොහුට පබ්බාජනීයකර්‍මය කරමු” යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් සමග්‍ර වූවාහු ඔහුට –පෙ– ධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍ර වූවාහු ඔහුට පබ්බාජනීයකර්‍මය කෙරෙත්. චක්‍ර කළ යුතු ය.{*}
30. මහණෙනි, මෙහි මහණෙක් තෙමේ ගිහීන්ට ආක්‍රෝශ කෙරෙයි. පරිභව කෙරෙයි. එකල්හි භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ ගිහින්ට ආක්‍රෝශ කෙරෙයි. පරිභව කෙරෙයි. එබැවින් අපි මොහුට පටිසාරණීයකර්‍මය කරමු” යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු ඔහුට පටිසාරණීයකර්‍මය කෙරෙත්.
31. හෙතෙමේ ඒ ආවාසයෙන් අන්‍ය ආවාසයකට යයි. එහි භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ සඞ්ඝයා විසින් අධර්‍මයෙන් ව්‍යග්‍ර වීමෙන් පටිසාරණීයකර්‍මය කරණ ලද්දේ වේ. එබැවින් අපි මොහුට පටිසාරණීයකර්‍මය කරමු” යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් සමග්‍ර වූවාහු ඔහුට –පෙ– ධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍ර වූවාහු ඔහුට පටිසාරණීයකර්‍මය කෙරෙත්. චක්‍ර කළ යුතු ය.{*}
32. මහණෙනි, මෙහි මහණෙක් තෙමේ ඇවැතට පැමිණ ඇවැත දක්නට නො කැමැති වෙයි. එකල්හි භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ ඇවැතට පැමිණ ඇවැත දක්නට කැමැති නො වෙයි. එබැවින් අපි මොහුට ඇවැත් නො දැක්මෙහි උක්ඛේපනීයකර්‍මය කරමු” යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු ඔහුට ඇවැත් නො දැක්මෙහි උක්ඛේපනීයකර්‍මය කෙරෙත්.
33. හෙතෙමේ ඒ ආවාසයෙන් අන්‍ය ආවාසයකට යයි. එහි භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ සඞ්ඝයා විසින් අධර්‍මයෙන් ව්‍යග්‍ර වීමෙන් ඇවැත් නො දැක්මෙහි උක්ඛේපනීයකර්‍මය කරණ ලද්දේ වේ. එබැවින් අපි මොහුට ඇවැත් නො දැක්මෙහි උක්ඛේපනීයකර්‍මය කරමු” යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් සමග්‍ර වූවාහු –පෙ– ධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍ම ප්‍රතිරූපකයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍ර වූවාහු ඔහුට ඇවැත් නො දැක්මෙහි උක්ඛේපනීයකර්‍මය කෙරෙත්. චක්‍ර කළ යුතු ය.
34. මහණෙනි, මෙහි මහණෙක් තෙමේ ඇවැතට පැමිණ ඇවැතට පිළියම් කරන්ට කැමැති නො වෙයි. එකල්හි භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ ඇවැතට පැමිණ ඇවැතට පිළියම් කරන්නට කැමැති නො වෙයි. එබැවින් අපි මොහුට ඇවැතට පිළියම් නො කිරීමෙහි උක්ඛේපනීයකර්‍මය කරමු” යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු ඔහුට ඇවැත් නො දැක්මෙහි උක්ඛේපනීයකර්‍මය කෙරෙත්.
35. හෙතෙමේ ඒ ආවාසයෙන් අන්‍ය ආවාසයකට යයි. එහි භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ සඞ්ඝයා විසින් අධර්‍මයෙන් ව්‍යග්‍ර වීමෙන් ඇවැතට පිළියම් නො කිරීමෙහි උක්ඛේපනීයකර්‍මය කරණ ලද්දේ වේ. එබැවින් අපි මොහුට ඇවැතට පිළියම් නො කිරීමෙහි උක්ඛේපනීයකර්‍මය කරමු” යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් සමග්‍ර වූවාහු –පෙ– ධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍ර වූවාහු ඔහුට ඇවැතට පිළියම් නො කිරීමෙහි උක්ඛේපනීයකර්‍මය කෙරෙත්. චක්‍ර කළ යුතු ය.
36. මහණෙනි, මෙහි මහණෙක් තෙමේ පවිටු මිසදිටු අත් හරින්නට කැමැති නො වේ. එකල්හි භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ ලාමකදාෂ්ටිය අත් හරින්නට නො කැමති වෙයි. එබැවින් අපි මොහුට පවිටු දෘෂ්ටිය අත් නො හැරීමෙහි උක්ඛේපනීයකර්‍මය කරමු” යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු ඔහුට පවිටු දෘෂ්ටිය අත් නො හැරීමෙහි උක්ඛේපනීයකර්‍මය කෙරෙත්.
37. හෙතෙමේ ඒ ආවාසයෙන් අන් ආවාසයකට යයි. එහි භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ සඞ්ඝයා විසින් අධර්‍මයෙන් ව්‍යග්‍ර වීමෙන් පවිටු දෘෂ්ටිය අත් නො හැරීමෙහි උක්ඛේපනීයකර්‍මය කරණ ලද්දේ වේ. එබැවින් අපි මොහුට පවිටු දෘෂ්ටිය අත් නො හැරීමෙහි උක්ඛේපනීයකර්‍මය කරමු” යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් සමග්‍ර වූවාහු –පෙ– ධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍ර වූවාහු ඔහුට පවිටු දෘෂ්ටිය අත් නො හැරීමෙහි උක්ඛේපනීයකර්‍මය කෙරෙත්. චක්‍ර කළ යුතු ය.
38. මහණෙනි, මෙහි මහණෙක් තෙමේ සඞ්ඝයා විසින් තප්ජනීයකර්‍ම කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවතී. වරදින් නිදහස් වීම පිණිස සුදුසු සේ පවතී. තජ්ජනීයකර්‍මයාගේ සන්සිඳීම ඉල්ලයි.
39. එකල්හි භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ සඞ්ඝයා විසින් තජ්ජනීයකර්‍ම කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවතී. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවතී. තජ්ජනීයකර්‍මයාගේ සන්සිඳීම ඉල්ලයි. එබැවින් අපි මොහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවමු” යි. මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු ඔහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවත්.
40. හෙතෙමේ ඒ ආවාසයෙන් අන්‍ය ආවාසයකට යයි. එහි භික්‍ෂූන්ට “ඇවැත්නි, අධර්‍මයෙන් ව්‍යග්‍ර වූ සඞ්ඝයා විසින් මේ මහණහුගේ තජ්ජනීයකර්‍මය අධර්‍මයෙන් සන්සිඳුවන ලද්දේ ය. එබැවින් අපි මොහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවමු” යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් සමග්‍ර වූවාහු ඔහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවත්.
41. හෙතෙමේ ඒ ආවාසයෙන් ද අන්‍ය ආවාසයකට යයි. එහි ද භික්‍ෂූන්ට “ඇවැත්නි, සඞ්ඝයා විසින් සමග්‍ර වීමෙන් මේ මහණහුගේ තජ්ජනීයකර්‍මය අධර්‍මයෙන් සන්සිඳුවන ලද්දේ ය. එබැවින් අපි මොහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවමු” යි. මෙසේ අදහස් වේ. ඔහු ධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු ඔහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවත්.
42. හෙතෙමේ ඒ ආවාසයෙන් ද අන්‍ය ආවාසයකට යයි. එහි ද භික්‍ෂූන්ට “ඇවැත්නි, ධර්‍මයෙන් ව්‍යග්‍ර වූ සඞ්ඝයා විසින් මේ මහණහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවන ලද්දේ ය. එබැවින් අපි මොහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවමු” යි මෙසේ අදහස් වේ. ඔහු ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍ර වූවාහු ඔහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවත්.
43. හෙතෙමේ ඒ ආවාසයෙන් ද අන්‍ය ආවාසයකට යයි. එහි ද භික්‍ෂූන්ට “ඇවැත්නි, ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍ර වූ සඞ්ඝයා විසින් මේ මහණහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවන ලද්දේ ය. එබැවින් අපි මොහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවමු” යි. මෙසේ අදහස් වේ. ඔහු ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍ර වූවාහු ඔහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවත්.
44. මහණෙනි, මෙහි මහණෙක් තෙමේ සඞ්ඝයා විසින් තජ්ජනීයකර්‍ම කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවතී. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවතී. තජ්ජනීයකර්‍මයාගේ සන්සිඳීම ඉල්ලයි.
45. එකල්හි භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ සඞ්ඝයා විසින් තජ්ජනීයකර්‍ම කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවතී. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවතී. තජ්ජනීයකර්‍මයාගේ සන්සිඳීම ඉල්ලයි. එබැවින් අපි මොහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවමු” යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් සමග්‍ර වූවාහු ඔහුගේ තජ්ජනීය කර්‍මය සන්සිඳුවත්.
46. හෙතෙමේ ඒ ආවාසයෙන් අන්‍ය ආවාසයකට යයි. එහි භික්‍ෂූන්ට “ඇවැත්නි, අධර්‍මයෙන් සමග්‍ර වූ සඞ්ඝයා විසින් මේ මහණහුගේ තජ්ජනීයකර්‍මය සන්හිඳුවන ලද්දේ ය. එහෙයින් අපි මොහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවමු” යි මෙසේ අදහස් වේ. ඔහු ධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු ඔහුගේ තජ්ජනීයකර්‍මය සන්හිඳුවත්.
47. හෙතෙමේ ඒ ආවාසයෙන් ද අන්‍ය ආවාසයකට යයි. එහි ද භික්‍ෂූන්ට “ඇවැත්නි, ධර්‍මයෙන් ව්‍යග්‍ර වු සඞ්ඝයා විසින් මේ මහණහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවන ලද්දේ ය. එබැවින් අපි මොහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවමු” යි මෙසේ අදහස් වේ. ඔහු ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍ර වූවාහු ඔහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවත්.
48. හෙතෙමේ ඒ ආවාසයෙන් ද අන්‍ය ආවාසයකට යයි. එහි ද භික්‍ෂූන්ට “ඇවැත්නි, ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍ර වූ සඞ්ඝයා විසින් මේ මහණහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවන ලද්දේ ය. එබැවින් අපි මොහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවමු” යි. මෙසේ අදහස් වේ. ඔහු ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍ර වූවාහු ඔහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවත්.
49. හෙතෙමේ ඒ ආවාසයෙන් ද අන්‍ය ආවාසයකට යයි. එහි ද භික්‍ෂුන්ට “ඇවැත්නි, ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍ර වූ සඞ්ඝයා විසින් මේ මහණහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවන ලද්දේ ය. එබැවින් අපි මොහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවමු” යි. මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු ඔහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවත්.
50. මහණෙනි, මෙහි මහණෙක් තෙමේ සඞ්ඝයා විසින් තජ්ජනීයකර්‍ම කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවති. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවතී. තජ්ජනීයකර්‍මයාගේ සන්සිඳීම ඉල්ලයි.
51. එකල්හි භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ සඞ්ඝයා විසින් තජ්ජනීයකර්‍ම කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවතී. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවති. තජ්ජනීයකර්‍මයාගේ සන්සිඳීම ඉල්ලයි. එබැවින් අපි මේ මහණහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවමු” යි මෙසේ අදහස් වේ. ඔහු ධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු ඔහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවත්.
52. හෙතෙමේ ඒ ආවාසයෙන් අන්‍ය ආවාසයකට යයි. එහි භික්‍ෂූන්ට “ඇවැත්නි, ධර්‍මයෙන් ව්‍යග්‍ර වූ සඞ්ඝයා විසින් මේ මහණහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවන ලද්දේ ය. එබැවින් අපි මේ මහණහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවමු” යි මෙසේ අදහස් වේ. ඔහු ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍ර වූවාහු ඔහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවත්.
53. හෙතෙමේ ඒ ආවාසයෙන් ද අන්‍ය ආවාසයකට යයි. එහි ද භික්‍ෂූන්ට “ඇවැත්නි, ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍ර වූ සඞ්ඝයා විසින් මේ මහණහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවන ලද්දේ ය. එබැවින් අපි මොහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවමු” යි මෙසේ අදහස් වේ. ඔහු ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍ර වූවාහු ඔහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවත්.
54. හෙතෙමේ ඒ ආවාසයෙන් ද අන්‍ය ආවාසයකට යයි. එහි ද භික්‍ෂූන්ට “ඇවැත්නි, ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍ර වු සඞ්ඝයා විසින් මේ මහණහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවන ලද්දේ ය. එබැවින් අපි මොහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවමු” යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු ඔහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවත්.
55. හෙතෙමේ ඒ ආවාසයෙන් ද අන්‍ය ආවාසයකට යයි. එහි ද භික්‍ෂූන්ට “ඇවැත්නි, අධර්‍මයෙන් ව්‍යග්‍ර වූ සඞ්ඝයා විසින් මේ මහණහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවන ලද්දේ ය. එබැවින් අපි මොහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවමු” යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් සමග්‍ර වූවාහු ඔහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවත්.
56. මහණෙනි, මෙහි මහණෙක් තෙමේ සඞ්ඝයා විසින් තජ්ජනීයකර්‍මය කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවතී. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවතී. තජ්ජනීයකර්‍මයාගේ සන්සිඳීම ඉල්ලයි.
57. එකල්හි භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ සඞ්ඝයා විසින් තජ්ජනීයකර්‍ම කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවතී. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවතී. තජ්ජනීයකර්‍මයාගේ සන්සිඳීම ඉල්ලයි. එබැවින් අපි මොහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවමු” යි මෙසේ අදහස් වේ. ඔහු ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍ර වූවාහු ඔහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවත්.
58. හෙතෙමේ ඒ ආවාසයෙන් අන්‍ය ආවාසයකට යයි. එහි භික්‍ෂූන්ට “ඇවැත්නි, ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍ර වු සඞ්ඝයා විසින් මේ මහණහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවන ලද්දේ ය. එබැවින් අපි මොහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවමු” යි මෙසේ අදහස් වේ. ඔහු ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍ර වූවාහු ඔහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවත්.
59. හෙතෙමේ ඒ ආවාසයෙන් ද අන්‍ය ආවාසයකට යයි. එහි ද භික්‍ෂූන්ට “ඇවැත්නි, ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍ර වූ සඞ්ඝයා විසින් මේ මහණහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවන ලද්දේ ය. එබැවින් අපි මොහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවමු” යි. මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු ඔහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවත්.
60. හෙතෙමේ ඒ ආවාසයෙන් ද අන්‍ය ආවාසයකට යයි. එහි ද භික්‍ෂූන්ට “ඇවැත්නි, අධර්‍මයෙන් ව්‍යග්‍ර වූ සඞ්ඝයා විසින් මේ මහණහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවන ලද්දේ ය. එබැවින් අපි මොහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවමු” යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් සමග්‍ර වූවාහු ඔහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවත්.
61. හෙතෙමේ ඒ ආවාසයෙන් ද අන්‍ය ආවාසයකට යයි. එහි ද භික්‍ෂූන්ට “ඇවැත්නි, අධර්‍මයෙන් සමග්‍ර වූ සඞ්ඝයා විසින් මේ මහණහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවන ලද්දේ ය. එබැවින් අපි මොහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවමු” යි මෙසේ අදහස් වේ. ඔහු ධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු ඔහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවත්.
62. මහණෙනි, මෙහි මහණෙක් තෙමේ සඞ්ඝයා විසින් තජ්ජනීයකර්‍ම කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවතී. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවතී. තජ්ජනීයකර්‍මයාගේ සන්සිඳීම ඉල්ලයි.
63. එකල්හි භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ සඞ්ඝයා විසින් තජ්ජනීයකර්‍ම කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවතී. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවතී. තජ්ජනීයකර්‍මයාගේ සන්සිඳීම ඉල්ලයි. එබැවින් අපි මොහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවමු” යි මෙසේ අදහස් වේ. ඔහු ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍ර වූවාහු ඔහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවත්.
64. හෙතෙමේ ඒ ආවාසයෙන් අන්‍ය ආවාසයකට යයි. එහි භික්‍ෂූන්ට “ඇවැත්නි, ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍ර වූ සඞ්ඝයා විසින් මේ මහණහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවන ලද්දේ ය. එබැවින් අපි මොහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවමු” යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු ඔහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවත්.
65. හෙතෙමේ ඒ ආවාසයෙන් ද අන්‍ය ආවාසයකට යයි. එහි ද භික්‍ෂූන්ට “ඇවැත්නි, අධර්‍මයෙන් ව්‍යග්‍ර වූ සඞ්ඝයා විසින් මේ මහණහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවන ලද්දේ ය. එබැවින් අපි මොහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවමු” යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් සමග්‍ර වූවාහු ඔහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවත්.
66. හෙතෙමේ ඒ ආවාසයෙන් ද අන්‍ය ආවාසයකට යයි. එහි ද භික්‍ෂූන්ට “ඇවැත්නි, අධර්‍මයෙන් සමග්‍ර වූ සඞ්ඝයා විසින් මේ මහණහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවන ලද්දේ ය. එබැවින් අපි මොහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවමු” යි මෙසේ අදහස් වේ. ඔහු ධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු ඔහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවත්.
67. හෙතෙමේ ඒ ආවාසයෙන් ද අන්‍ය ආවාසයකට යයි. එහි ද භික්‍ෂූන්ට “ඇවැත්නි, ධර්‍මයෙන් ව්‍යග්‍ර වූ සඞ්ඝයා විසින් මේ මහණහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවන ලද්දේ ය. එබැවින් අපි මොහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවමු” යි මෙසේ අදහස් වේ. ඔහු ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍ර වූවාහු ඔහුගේ තජ්ජනීයකර්‍මය සන්සිඳුවත්.
68. මහණෙනි, මෙහි මහණෙක් තෙමේ සඞ්ඝයා විසින් නියස්සකර්‍ම කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවතී. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවතී. නියස්සකර්‍මයාගේ සන්සිඳීම ඉල්ලයි.
69. එකල්හි භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ සඞ්ඝයා විසින් නියස්සකර්‍ම කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවතී. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවතී. නියස්සකර්‍මයාගේ සන්සිඳීම ඉල්ලයි. එබැවින් අපි මොහුගේ නියස්සකර්‍මය සන්සිඳුවමු” යි. මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු ඔහුගේ නියස්සකර්‍මය සන්සිඳුවත්.
70. හෙතෙමේ ඒ ආවාසයෙන් අන්‍ය ආවාසයකට යයි. එහි භික්‍ෂූන්ට “ඇවැත්නි, අධර්‍මයෙන් ව්‍යග්‍ර වූ සඞ්ඝයා විසින් මේ මහණහුගේ නියස්සකර්‍මය සන්සිඳුවන ලද්දේ ය. එබැවින් අපි මොහුගේ නියස්සකර්‍මය සන්සිඳුවමු” යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් සමග්‍ර වූවාහු –පෙ– ධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍ර වූවාහු ඔහුගේ නියස්සකර්‍මය සන්සිඳුවත් චක්‍ර කළ යුතු ය.
71. මහණෙනි, මෙහි මහණෙක් තෙමේ සඞ්ඝයා විසින් පබ්බාජනීයකර්‍ම කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවතී. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවතී. පබ්බාජනීයකර්‍මයාගේ සන්සිඳීම ඉල්ලයි.
72. එකල්හි භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ සඞ්ඝයා විසින් පබ්බාජනීයකර්‍ම කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවතී. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවතී. පබ්බාජනීයකර්‍මයාගේ සන්සිඳීම ඉල්ලයි. එබැවින් අපි මොහුගේ පබ්බාජනීයකර්‍මය සන්සිඳුවමු” යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු ඔහුගේ පබ්බාජනීයකර්‍මය සන්සිඳුවත්.
73. හෙතෙමේ ඒ ආවාසයෙන් අන්‍ය ආවාසයකට යයි. එහි භික්‍ෂූන්ට “ඇවැත්නි, අධර්‍මයෙන් ව්‍යග්‍ර වූ සඞ්ඝයා විසින් මේ මහණහුගේ පබ්බාජනීයකර්‍මය සන්සිඳුවන ලද්දේ ය. එබැවින් අපි මොහුගේ පබ්බාජනීයකර්‍මය සන්සිඳුවමු” යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් සමග්‍ර වූවාහු –පෙ– ධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍ර වූවාහු ඔහුගේ පබ්බාජනීයකර්‍මය සන්සිඳුවත්. චක්‍ර කළ යුතු ය.
74. මහණෙනි, මෙහි මහණෙක් තෙමේ සඞ්ඝයා විසින් පටිසාරණීයකර්‍ම කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවතී. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවතී. පටිසාරණීයකර්‍මයාගේ සන්සිඳීම ඉල්ලයි.
75. එකල්හි භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ සඞ්ඝයා විසින් පටිසාරණීයකර්‍ම කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවතී. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවතී. පටිසාරණීයකර්‍මයාගේ සන්සිඳීම ඉල්ලයි. එහෙයින් අපි මොහුගේ පටිසාරණීයකර්‍මය සන්සිඳුවමු” යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු ඔහුගේ පටිසාරණීයකර්‍මය සන්සිඳුවත්.
76. හෙතෙමේ ඒ ආවාසයෙන් අන්‍ය ආවාසයකට යයි. එහි භික්‍ෂුන්ට “ඇවැත්නි, අධර්‍මයෙන් ව්‍යග්‍ර වූ සඞ්ඝයා විසින් මේ මහණහුගේ පටිසාරණීයකර්‍මය සන්සිඳුවන ලද්දේ ය. එබැවින් අපි මොහුගේ පටිසාරණීයකර්‍මය සන්සිඳුවමු” යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් සමග්‍ර වූවාහු –පෙ– ධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍ර වූවාහු ඔහුගේ පටිසාරණීයකර්‍මය සන්සිඳුවත්. චක්‍ර කළයුතු ය.
77. මහණෙනි, මෙහි මහණෙක් තෙමේ සඞ්ඝයා විසින් ඇවැත් නො දැක්මෙහි උක්ඛේපනීයකර්‍මය කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවතී. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවතී. ඇවැත් නො දැක්මෙහි (කළ) උක්ඛේපනීයකර්‍මයාගේ සන්සිඳීම ඉල්ලයි.
78. එකල්හි භික්‍ෂූන්ට “ඇවැත්නි, මේ මහණ තෙමේ සඞ්ඝයා විසින් ඇවැත් නො දැක්මෙහි උක්ඛේපනීයකර්‍ම කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවතී. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවතී. ඇවැත් නො දැක්මෙහි (කළ) උක්ඛේපනීයකර්‍මයාගේ සන්සිඳීම ඉල්ලයි. එබැවින් අපි මොහුගේ ඇවැත් නො දැක්මෙහි (කළ) උක්ඛේපනීයකර්‍මය සන්සිඳුවමු” යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු ඔහුගේ ඇවැත් නො දැක්මෙහි (කළ) උක්ඛේපනීයකර්‍මය සන්සිඳුවත්.
79. හෙතෙමේ ඒ ආවාසයෙන් අන්‍ය ආවාසයකට යයි. එහි භික්‍ෂූන්ට “ඇවැත්නි, අධර්‍මයෙන් ව්‍යග්‍ර වු සඞ්ඝයා විසින් මේ මහණහුගේ ඇවැත් නො දැක්මෙහි (කළ) උක්ඛේපනීයකර්‍මය සන්සිඳුවන ලද්දේ ය. එබැවින් අපි මොහුගේ ඇවැත් නො දැක්මෙහි (කළ) උක්ඛේපනීයකර්‍මය සන්සිඳුවමු” යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් සමග්‍ර වූවාහු –පෙ– ධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍ර වූවාහු ඔහුගේ ඇවැත් නො දැක්මෙහි (කළ) උක්ඛේපනීයකර්‍මය සන්සිඳුවත්. චක්‍ර කළ යුතු ය.
80. මහණෙනි, මෙහි මහණෙක් තෙමේ සඞ්ඝයා විසින් ඇවැතට පිළියම් නො කිරීමෙහි උක්ඛේපනීයකර්‍ම කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවතී. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවතී. ඇවැතට පිළියම් නො කිරීමෙහි (කළ) උක්ඛේපනීයකර්‍මය සන්සිදීම ඉල්ලයි.
81. එකල්හි භික්‍ෂූන්ට “මේ මහණ තෙමේ සඞ්ඝයා විසින් ඇවැතට පිළියම් නො කිරීමෙහි උක්ඛේපනීයකර්‍ම කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවතී. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවතී. ඇවැතට පිළියම් නො කිරීමෙහි කළ උක්ඛේපනීයකර්‍මයාගේ සන්සිඳීම ඉල්ලයි. එබැවින් අපි මොහුගේ ඇවැතට පිළියම් නො කිරීමෙහි (කළ) උත්ක්‍ෂේපණීයකර්‍මය සන්සිඳුවමු” යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු ඔහුගේ ඇවැතට පිළියම් නො කිරීමෙහි (කළ) උක්ඛේපනීයකර්‍මය සන්සිඳුවත්.
82. හෙතෙමේ ඒ ආවාසයෙන් අන්‍ය ආවාසයකට යයි. එහි භික්‍ෂූන්ට “ඇවැත්නි අධර්‍මයෙන් ව්‍යග්‍ර වූ සඞ්ඝයා විසින් මේ මහණහුගේ ඇවැතට පිළියම් නො කිරීමෙහි (කළ) උක්ඛේපනීයකර්‍මය සන්සිඳුවන ලද්දේ ය. එබැවින් අපි මොහුගේ ඇවැතට පිළියම් නො කිරීමෙහි (කළ) උක්ඛේපනීයකර්‍මය සන්සිඳුවමු” යි මෙසේ අදහස් වේ. ඔහු අධර්‍මයෙන් සමග්‍ර වූවාහු –පෙ– ධර්‍මයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍ර වූවාහු –පෙ– ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍ර වූවාහු ඔහුගේ ඇවැතට පිළියම් නො කීරිමෙහි (කළ) උක්ඛේපනීයකර්‍මය සන්සිඳුවත්. චක්‍ර කළ යුතු ය.
83. මහණෙනි, මෙහි මහණෙක් තෙමේ සඞ්ඝයා විසින් පවිටු මිසදිටු අත් නො හැරීමෙහි උක්ඛේපනීයකර්‍ම කරණ ලද්දේ මනා කොට පවතී. අනුලොම් ව පවතී. වරදින් නිදහස් වීමට සුදුසු සේ පවතී. පවිටු මිසදිටු අත් නො හැරීමෙහි (කළ) උක්ඛේපනීයකර්‍මයාගේ සන්සිඳීම ඉල්ලයි.