Vimānavatthu

Stories of Heavenly Mansions

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 1218 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 301-400 න් 1218

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
kn-vv:52.13
256. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් දුවක් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇතියා වෙමි. මගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
kn-vv:52.14
සද්ධා විමාන යි.
kn-vv:54.1
2. 9.
kn-vv:54.2
257. එම්බා දෙව්දුව යම්බඳු වූ තෝ මනා රුසිරින් සියලු දිගුන් බබුළුවමින් දවහත් තරුව සේ සිටිනෙහි.
kn-vv:54.3
258. කවර හේතුවකින් තිට එබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනෙකින් තිගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?
kn-vv:54.4
259. මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද, තීගේ මේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙහි ද?
kn-vv:54.5
260. මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හු ගේ දැ යි මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මෙසේ පැවැසූ ය.
kn-vv:54.6
261. ශ්‍රද්ධාවෙන් හා ශීලයෙන් යුක්ත වූ නිතර දන්දීමෙහි ඇලුණු (මම) රජගහනුවරැ උපාසිකාවක් වීමි. (අන්‍යයෝ) මා සුනන්‍දා යැ යි දත්හ.
kn-vv:54.7
262. (එකල මම) වස්ත්‍ර ද ආහාර ද සෙනසුන් හා පහන්තෙල්ද ඍජුගුණ ඇත්තවුන් කෙරෙහි වෙසෙසින් පහන් සිතින් දුනිමි.
kn-vv:54.8
263-264. මම පක්‍ෂය පිළිබඳ වූ තුදුස්වක ද පසළොස්වක ද ප්‍රාතිහාර්‍ය්‍ය පක්‍ෂය ද යන පොහෝ දිනයන්හි අටඟින් යුත් පෙහෙවස් විසීමි. හැම කල්හි නිති සිල්හි ද කයින් හා වචනයෙන් සංවෘත වූවා ඉන්‍ද්‍රිය සංවරයෙන් යුක්ත වූවා මනාකොට බෙදා දෙන්නී ගෙහි විසීමි.
kn-vv:54.10
265. (එකල්හි මම) පණිවායෙන් දුරු වීමි. මුසවායෙන් ද සංයත වීමි. අයිනාදනින් ද මිසහසරින් ද රහමෙර පීමෙන් ද දුරු වීමි.
kn-vv:54.11
266. පස් සිකපද රැක්මෙහි ඇලුණු චතුරාර්‍ය්‍ය සත්‍යයෙහි දක්‍ෂ වූ (මම) යසස් ඇති පසැස් ඇති ගෞතම බුදුරදුන්ගේ උපාසිකාවක් වීමි.
kn-vv:54.12
267. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
kn-vv:54.13
268. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් දුවක් වූ මම යම් පිනක් කෙළෙම් ද (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලිසෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙමි. මගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
kn-vv:54.14
සුනන්‍දා විමාන යි.
kn-vv:56.1
2. 10.
kn-vv:56.2
269. එම්බා දෙව්දුව, යම්බඳු වූ තෝ මනා රුසිරින් සියලු දිගුන් බබුළුවමින් දවහත් තරුව සේ සිටිනෙහි.
kn-vv:56.3
270. කවර හේතුවකින් තිට එබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?
kn-vv:56.4
271. මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද? තීගේ මේ සිරුරුපැහැය සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙහි ද?
kn-vv:56.5
272. මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැයි මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටු සිත් ඇත්තී මෙසේ පැවැසූ ය.
kn-vv:56.6
273. මම පෙර අත්බැව්හි මිනිස්ලොවැ මිනිසුන් අතර මිනිස් දුවක් වූවා වෙමි. (එකල මම) පහවූ රාගාදි රජස් ඇති වෙසෙසින් පහන් වූ නො කැලඹුණු සිත් ඇති බුදුන් දිටිමි. මම ඒ බුදුරජාණන් වහන්සේට පහන් වූවා සියතින් භික්‍ෂාව දුනිමි.
kn-vv:56.7
274. ඒ පිනෙන් මාගේ සිරුරුපැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
kn-vv:56.8
275. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් දුවක් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙමි. මාගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි.
kn-vv:56.9
භික්ඛාදායිකා විමාන යි.
kn-vv:56.10
2. 11.
kn-vv:56.11
276. එම්බා දෙව්දුව, යම්බඳු වූ තෝ මනා රුසිරින් සියලු දිගුන් බබුළුවමින් දවහත් තරුව සේ සිටිනෙහි.
kn-vv:56.12
277. කවර හේතුවකින් තිට එබඳු සිරුරුපැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?
kn-vv:56.13
278. මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද, තිගේ මේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු පුණ්‍යර්ධි ඇත්තී වෙහි ද?
kn-vv:58.1
279. මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මෙසේ පැවැසූ ය.
kn-vv:58.2
280. මම පෙර අත්බැව්හි මිනිස් ලොව මිනිසුන් අතර මිනිස් දුවක් වූවා පහවූ රාගාදී රජස් ඇති වෙසෙසින් පහන්වූ නො කැලඹුණු සිත් ඇති රහත් නමක් දිටිමි. මම උන් වහන්සේට පහන් වූවා සියතින් භික්‍ෂාව දුනිමි.
kn-vv:58.3
281. ඒ පිනෙන් මාගේ සිරුරුපැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
kn-vv:58.4
282. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස්දුවක් වූ මම යම් පිනක් කෙළෙම්ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවා යයි.
kn-vv:58.5
දුතියභික්ඛාදායිකා විමාන යි.
kn-vv:58.6
දෙවෙනි චිත්තලතා වර්‍ග යි.
kn-vv:58.7
එහි උද්දානය:
kn-vv:58.8
දාසී යැ, ලඛුමා යැ, ආචාමදායිකා යැ, චන්ඩාලී යැ, හද්දිත්‍ථි යැ, සෝණදින්නා යැ, උපෝසථා යැ, නන්‍දා යැ, සුනන්‍දා යැ, භික්ඛදායිකා දෙක යැ යන මෙයින් වර්‍ගය කියනු ලැබේ.
kn-vv:58.9
පළමුවන බණවර යි.
kn-vv:60.1
3. පාරිච්ඡත්තක වර්‍ගය
kn-vv:60.2
3. 1.
kn-vv:60.3
283-284 (එම්බා) දෙව්දුව, තීගේ පිරිවර මහත් ය. උදාර වූ සිරුරු පැහැය සියලු දිගින් බබුළුවයි. දිවබරණින් සැරසුණු දිව්‍යස්ත්‍රීහු ද දිව්‍ය පුත්‍රයෝ ද තිට පුද පිණිස නටති. ගයති. (තී) සතුටු කරවති. (තී) පිරිවරා සිටිත්. මනා දැකුම් ඇත්තිය, තිගේ මේ විමානයෝ රන්මුවා වූහ.
kn-vv:60.5
285. සියලු පස්කම් ගුණයෙන් සමෘද්ධ වූ තී ඔවුනට අධිපති වෙහි. මනාකොට උපන් තී මහත් අනුභාව ඇත්තී වෙහි. මේ දිව්‍යනිකායෙහි ප්‍රමුදිත වෙහි. (එම්බා) දෙව්දුව, විචාරනලද්දා වූ තී මේ විපාකය කිනම් කර්‍මයක්හුගේ දැ යි කියව.
kn-vv:60.6
286. කවර හේතුවකින් තිට මෙබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?
kn-vv:60.7
287. මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් ලො වැ කවර පිනක් කෙළෙහි ද? තීගේ මේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලිසෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙහි ද?
kn-vv:60.8
288. මේ පුණ්‍යඵලය කවර කර්‍මයක්හුගේ දැ යි මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී (මෙසේ) පැවසූ ය.
kn-vv:60.9
289. මම පෙරැ අත්බැව්හි මිනිස්ලොවැ මිනිසුන් අතරැ මිනිස් දුවක් වීමි. මම සැදැහැ නැති තද මසුරු බැව් ඇතියන් අතර දුසිල් කුලයෙක ලෙහෙලියක් වීමි.
kn-vv:60.10
290. ශ්‍රද්ධාවෙන් හා ශීලයෙන් යුක්ත වූ නිතර දන්දීමෙහි ඇලුණු (මම) පිඬු පිණිස හැසිරෙන මුබ වහන්සේට කබලුපූවක් පිදුවෙමි.
kn-vv:60.11
291. එකල්හි මම “ශ්‍රමණයන් වහන්සේ නමක් මෙහි වැඩිසේක පහන් වූ මම උන්වහන්සේට සියතින් පූවක් පිදුවෙමි ය” නැන්දණියට කීයෙමි
kn-vv:60.12
292. ඒ නැන්දණියෝ “තෝ අවිනීත ස්ත්‍රියක, ‘මම මහණට (කබලුපූ) දෙමැ’යි මා විචාරන්නට නොකැමති වූ” යයි මට පරිභව කළහ.
kn-vv:60.13
293. ඉක්බිති කිපියා වූ මාගේ නැන්දණියෝ මට මොහොලින් පහර දුන්හ. උරහිස සිඳලූහ. මා නසාලූහ. කලක් ජීවත්වන්නට නො හැකි වීමි.
kn-vv:62.1
294. ඒ දුකින් මිදුණු මම කය බිඳීමෙන් එයින් ච්‍යුත වූවා තව්තිසා දෙවියන්ගේ සහභාවයට පැමිණියෙමි.
kn-vv:62.2
295. එම පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
kn-vv:62.3
296. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් දුවක් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇතියා වෙමි. මාගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි.
kn-vv:62.4
උළාරවිමාන යි.
kn-vv:62.5
3. 2.
kn-vv:62.6
297. (තෝ) සඳ හිරු මෙන් අහස සහිත පොළොව එකලු කොට අතිශයින් බබළහි. ශෝභාවෙන් ද ශරීර වර්‍ණයෙන් ද පරිවාරයෙන් ද ස්වකීය අනුභාවයෙන් ද ඉන්‍ද්‍රයා සහිත තව්තිසා වැසි දෙවියන් ඉක්මවා බබළන බ්‍රහ්මයා මෙනි.
kn-vv:62.7
298. උපුල් මල්දම් දරන රුවන්මුවා මලින් නැගුණු රැළි ඇති රන්වන් සිවි ඇති උතුම් වත් දරන සැරසුණු සොඳුරු දෙව්දුව, මා වඳින තී කවරැ යි විචාරමි.
kn-vv:62.8
299. තෝ පෙරැ අත්බැව්හි මිනිස්දුවක් වූවා කිනම් කර්‍මයක් කෙළෙහි ද? මැනැවින් දන් දෙන ලද ද? නැතහොත් සිල් රක්නා ලද ද? කුමකින් යසස් ඇතිව සුගතියෙහි උපන්නී වෙහි ද? එම්බා දෙව්දුව, විචාරන ලද්දී මේ ව්පාකය කවර කර්‍මයක්හුගේ දැ යි කියව.
kn-vv:62.9
300. වහන්ස, මෙකල්හි මෙගම්හි ම (භික්‍ෂුනමක්) පිඬු පිණිස අප ගෙට එළඹියේ ය. ඉක්බිති උන්වහන්සේට පහන් සිතැත්තී ඉමහත් ප්‍රීතියෙන් උක් දඞු කඩක් පිදුවෙමි.
kn-vv:62.10
301. පසුව නැඳි තොමෝ, ලෙහෙලිය උක්දඞුකඩ කොහි දැමුවෙහි දැ යි මා විචාළා ය. එය මා විසින් බැහැර නො දමන ලදී. නො ද අනුභව කරන ලදි. මම සන්සුන් කෙලෙසුන් ඇති භික්‍ෂුනමක්හට පිදුවෙමි.
kn-vv:64.1
302. ගෙහි මේ අධිපතිභාවය තීගේ ද නැතහොත් මාගේ දැ යි මෙසේ නැඳි තොමෝ මට පරිභව කළා ය. නැවත පුටුවක් ගෙන පහර දුනි. කලුරිය කළා වූ මම එයින් සැව දෙව්දුවක් වූවා වෙමි.
kn-vv:64.2
303. මා විසින් ඒ කුශල කර්‍මය පමණක් කරණ ලදී. තමා විසින් (කරන ලද) ඒ කුශල කර්‍මය කරණ කොට ගෙන (මේ) සැප විඳිමි. මම දෙවියන් සමග හැසිරෙමි. මම පස්කම් ගුණයෙන් සතුටු වෙමි.
kn-vv:64.3
304. මා විසින් ඒ කුශල කර්‍මය පමණක් කරණ ලදී. තමා විසින් (කරන ලද) ඒ කුශල කර්‍මය කරණ කොට ගෙන (මේ) සැප විඳිමි. සක් දෙවිඳු විසින් ගෝපිත වූ තව්තිසා වැසි දෙවියන් විසින් රක්නාලද මම පස්කම් ගුණයෙන් යුක්ත වූවා වෙමි.
kn-vv:64.4
305. මාගේ උක්දඞු පූජාව මහත් විපාක ඇත. එයින් මෙබඳු අනල්ප වූ පුණ්‍යඵලයෙක් වෙයි. මම දෙවියන් සමග හැසිරෙමි. මම පස්කම් ගුණයෙන් සතුටු වෙමි
kn-vv:64.5
306. ඒ මාගේ උක්දඞු පූජාව මහත් අනුභාව ඇත. එයින් මෙබඳු අනල්ප වූ පුණ්‍යඵලයෙක් වෙයි. සක් දෙවිඳුන් විසින් ගෝපිත වූ තව්තිසා වැසි දෙවියන් විසින් රක්නාලද මම නදුන් වෙනෙහි සක්දෙව් රජු මෙන් (ප්‍රීත වෙමි)
kn-vv:64.6
307. වහන්ස මම කාරුණික වූ නුවණැත්තා වූ ඒ ඔබ වෙත පැමිණ වැන්දෙමි. නීරෝග බව ද විචාළෙමි. ඉක්බිති පහන්සිත් ඇති මම ඉමහත් ප්‍රීතියෙන් ඔබ වහන්සේට උක්දඞුකඩක් පූජා කෙළෙමි.
kn-vv:64.7
උච්ඡුදායිකා විමාන යි.
kn-vv:64.8
3. 3.
kn-vv:64.9
308. මහත් අනුභාව ඇති දෙව්දුව, මිණියෙන් හා රනින් විසිතුරු වූ මලින් ගැවසීගත් මහත් යහනක් වූ උතුම් පළඟෙහි කුදුමහත් ඍද්ධි විකුර්‍වණය කරන්නී එහි සිටිනෙහි ය.
kn-vv:64.10
309. තීගේ මේ අප්සරාවෝ හාත්පස නටති, ගයති, සතුටු කරවත්. මහත් අනුභාව ඇති දෙව්දුව, දිව්‍යර්ධියට පැමිණියා වෙහි. මිනිස් වූවා කිනම් පිනක් කෙළෙහි ද? කවර හේතුවකින් මෙසේ දිලිසෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙහි ද? තීගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි.
kn-vv:66.1
310. මිනිසුන් කෙරෙහි මිනිස්දුවක් වූ මම ආඪ්‍යකුලයෙක ලේලියක් වීමි. ක්‍රෝධ නො කරන සුලු ස්වාමියාගේ වසයෙහි පවත්නාසුලු මම පෙහෙවස්හි අප්‍රමත්ත වීමි.
kn-vv:66.2
311. මිනිස්දුවක් වූ තරුණ වූ මම පතීව්‍රතාවක් විමි. පහන්සිත් ඇත්තී ස්වාමියා සතුටු කෙළෙමි. දවරෑ දෙක්හි මනවඩන්නියක් ව හැසුරුණු මම පෙර සිල් ඇත්තී වීමී.
kn-vv:66.3
312. ඒ (මම) සතුන් මැරීමෙන් වෙන් වීමි. සොරකම් නො කරන්නියක් වීමි. පිරිසිදු කායකර්‍ම ඇත්තියක් ද පිවිතුරු බඹසර ඇත්තියක් ද මත්පැන් නො බොන්නියක් ද වීමි. බොරු නො ද කීමි. ශික්‍ෂාපදයන් සම්පූර්‍ණ කරන්නියක් වීමි.
kn-vv:66.4
313. මෙසේ ආර්‍ය්‍ය ධර්‍මානුගත වූ ප්‍රීතිසිත් ඇති ඒ මම පක්‍ෂය පිළිබඳ වූ තුදුස්වක ද පසළොස්වක ද අටවක ද ප්‍රාතිහාර්‍ය්‍ය පක්‍ෂය ද (යන පොහෝ දිනයන්හි) පහන් සිත් ඇත්තී අටඟින් යුත් පෙහෙවස් විසීමි.
kn-vv:66.5
314. මේ උතුම් ආර්‍ය්‍ය අෂ්ටාංගයෙන් යුක්ත වූ සැප විපාක ඇති කුශලය සමාදන් ව යහපත් තැනැත්තියක් වූවා ස්වාමියා අනුව පවත්නී පෙරැ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් වීමි.
kn-vv:66.6
315. දිව්‍ය සම්පත්තියට හිමි වූ මම මිනිස් ලොව මෙබඳු කුශල කර්‍මයක් කොට මරණින් මතු පරලෙව්හි දිව්‍යර්ධියට පැමිණියා සුගතියට ආයෙමි.
kn-vv:66.7
316. සිත්කලු වූ උතුම් වූ විමානයෙකැ අප්සරා සමූහයෙන් පිරිවරන ලද මම ස්වකීය ශරීරාලෝක ඇත්තියක් වීමි. දීර්‍ඝායුෂ ඇති දිව්‍ය විමානයට පැමිණි මා දිව්‍ය සමූහයෝ රමණය කෙරෙත්.
kn-vv:66.8
පල්ලඞ්කවිමාන යි.
kn-vv:66.9
3. 4.
kn-vv:66.10
317. සිරිමත් වූ සක්දෙව් රජහුගේ (පිරරිවර වූ ද) වෙසවුණු රජුගේ දූවරු වූ ද වෙසෙසින් බබළන සිරුරු ඇති ලතා-සජ්ජා-පවරා-අච්චිමුඛී-සුතා යන දෙවඟනෝ දැහැමි ගුණයෙන් බබළන්නාහු ය.
kn-vv:66.11
318. එම දිව්‍යස්ත්‍රීහු පස්දෙන හිමවත් පෙදෙසෙහි සිහිල්දිය පිරුණු උපුල් මලින් ගැවසීගත් යහපත් ගඟට දියනෑමට ගියාහු ය. ඒ දෙවඟනෝ එහි ස්නානය කොට සිත් අලවා නටා ගී ගයා ක්‍රීඩා කළහ. (ඔවුනතුරෙන්) සුතා දෙව්දූතොමෝ ලතා දෙව්දුවට මෙසේ කීවා ය.
kn-vv:68.1
319. උපුල්මල්දම් දරන රුවන්මුවා මලින් නැඟුණු රැළි ඇති රන්වන් සිවි ඇත්තීය, තී විචාරමි. මිදෙල්ල මලක රොන් වැනි තඹවන් රොදින් ගැවසීගත් ඇස් ඇති ශරදාකාශය වැනි පිරිසිදු අඟපසඟින් බබළන දීර්‍ඝායු ඇති ලතාවෙනි, තීගේ මේ පරිවාර සම්පත්තිය හා කීර්තිය කවර පිනෙකින් උපනු ද?
kn-vv:68.2
320. සොඳුර, කවර පිනකින් සැමියාට අතිශයින් ප්‍රිය වූවා වෙහි ද? රූපයෙන් උතුම් වූ ඉතා සොඳුරු බැව් ඇත්තී වෙහි ද? නැටුම් ගැයුම් වැයුම්හි දක්‍ෂ වූවා වෙහි ද? (දිව්‍ය) ස්ත්‍රී පුරුෂයන් විසින් විචාළ තී අපට කියව.
kn-vv:68.3
321. මිනිසුන් අතරැ මිනිස් දුවක් වූ මම මහත් සම්පත් ඇති කුලයෙකැ ලේලියක් වීමි. ක්‍රෝධ නො කරන සුලු ස්වාමියාගේ වශයෙහි එක්වන් පවත්නා සුලු මම පෙහෙවස්හි අප්‍රමත්ත වීමි.
kn-vv:68.4
322. මිනිස් දුවක් වූ තරුණ වූ මම පතිව්‍රතාවක් වීමි. පහන්සිත් ඇත්තී සුහුරුබඩු සහිත වූ නැදිමයිලන් ද දැසි දසුන් ද සහිත වූ සැමියා සතුටු කෙළෙමි. එහි දී (ඒ කුලයෙහි හෝ කාලයෙහි හෝ) මා විසින් මේ පින කරන ලදී.
kn-vv:68.5
323. ඒ මම ඒ කුශලකර්‍මයෙන් ආයුෂ-වර්‍ණ-සැප-බල යන කරුණු සතරින් විශිෂ්ඨත්‍වය ලැබීමි. අපමණ කෙළිසුව ද විඳිමි.
kn-vv:68.6
324. මේ ලතා තොමෝ යමක් කියා ද එය (තොප විසින්) අසන ලද්දේ නො වේ ද, අපගේ යම් සැකයෙක් වේ ද, එය අපි ඇසුවෙමි. (ඕ තොමෝ) අපට එය ඇති සැටි ප්‍රනාශ කළා යැ. උතුම් ස්ත්‍රීන් වූ අපට ස්වාමි පුරුෂයන්ගේ පිහිට උතුම් ය. අපට (ඔහු) උතුම් දෙවියෝ ද වෙත්.
kn-vv:68.7
325. සිය සැමියන් කෙරෙහි යම් ඒ හැසිරීමක් නිසා සියලු ස්ත්‍රීහු පතිවත ඇත්තෝ වෙත් ද, අපි සියලු දෙනා ද එම පතිවත රකිමු. මේ ලතා තොමෝ යම් සැපතක් ලබා ය යි කියා ද, ඒ පතිව්‍රතා ධර්‍මෙයහි හැසිර අපි සැපත ලබමු.
kn-vv:68.8
326. කඳු වනලැහැබ් ඇසුරු කළ මාංසාහාර කොට ඇති සිංහයා (මහීධර) පර්‍වතය ආශ්‍රය කොට වෙසෙමින් අන් සිවුපා සතුන් මැඩ නසා බල විසින් හීන වූ සතුන් යම්සේ මරා කයි ද.
kn-vv:68.9
327. එසේ ම මේ ලෝකයෙහි ධර්‍මචාරී වූ සැදැහැති යම් ආර්‍ය ශ්‍රාවිකාවක් වී ද, ඕතොමෝ සිය සැමියා නිසා වසන්නී ඔහු අනුව පතිවත රකින්නී ක්‍රෝධය මසුරුමල මැඩ ස්වර්‍ගයෙහි සතුටු වෙයි.
kn-vv:68.10
ලතාවිමාන යි.
kn-vv:70.1
3. 5.
kn-vv:70.2
328. සක්දෙව් රජතුමනි, සත්තතක් ඇති ඉතා මිහිරිවූ සිත්කලු වූ වීණාවාදනය (මූසිලයාට) ඉගැන්වීමි. ඒ මූසිල තෙමේ රඟමඞලෙහි තරඟ වශයෙන් මා කැඳවයි. මට පිහිට වනු මැනවි.
kn-vv:70.3
329. ඇදුරුතුමනි, මම ඔබට පිහිට වෙමි. මම ඇදුරන් පුදන්නෙක්මි. ශිෂ්‍ය වූ මූසිල තෙමේ තොප නො දිනන්නේ ය. (තෙපි) සිසුහු දිනන්නහුය.
kn-vv:70.4
330. (එම්බා) දෙව්දුව, යම්බඳු වූ තෝ මනාරුසිරෙන් සියලු දිගින් බබුළුවමින් දවහත් තරුව සේ සිටියෙහි.
kn-vv:70.5
331. කවර හේතුවකින් තිට එබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත් ද? ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?
kn-vv:70.6
332. මහත් ආනුභාව ඇති දෙව්දුව තා විචාරමි. මිනිස් වූවා කවර පිනක් කළාද? තීගේ මේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු පුණ්‍යාර්ද්ධි ඇත්තී වෙහි ද?
kn-vv:70.7
333. මේ පුණ්‍යඵලය කවර කර්‍මයක්හුගේ දැ යි මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මෙසේ පැවසූ ය.
kn-vv:70.8
334. උතුම් වස්ත්‍ර දෙන්නා වූ ස්ත්‍රී තොමෝ ස්ත්‍රීපුරුෂයන් අතුරෙහි උතුම් වෙයි. මෙසේ ප්‍රිය වස්තු දෙන්නා වූ ඕ තොමෝ දෙව්ලොවට පැමිණ මන වඩන්නා වූ දිව ඉසුරු ලබන්නී ය.
kn-vv:70.9
335. ඒ මාගේ විමානය බලනු මැනවි. මම කැමැති සේ රු දරන්නා වූ අප්සරාවක් වෙමි. මම අප්සරාවන් දහසකට උතුම් වෙමි. පිනෙහි විපාකය බලනු මැනවි.
kn-vv:70.10
336. එම පිනෙන් මාගේ සිරුරුපැහැය එබඳු වෙහි. එම පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද,ඒ සම්පත්තීහු මට පහළ වෙත්.