Pali BJT5. 6.
Sinhala BJT5. 6.
Pali BJT927. උච්චමිදං මණිථූණං විමානං සමන්තතො ද්වාදස යොජනානි කූටාගාරා සත්තසතා උළාරා වෙළුරියත්ථම්භා රුචකත්ථතා සුභා.
Sinhala BJT927. ඉතා උස් වූ පියුම්රාමිණි ඈයෙන් කළ ටැම් ඇති මේ විමානය හාත්පස දොළොස් යොදුනක් තැන වෙරළුමිණියෙන් කළ ටැම් ඇති රන්පෝරු ඇතුරූ බිම් ඇති උදාර වූ යහපත් වූ කුළුගෙවල් සත් සියයෙක් වෙයි.
Pali BJT928. තත්ථච්ඡසි පිවසි ඛාදසි ච දිබ්බා ච වීණා පවදන්ති වග්ගුං දිබ්බා රසා කාමගුණෙත්ථ පඤ්ච නාරියො ච නච්චන්ති සුවණ්ණඡත්තා.
Sinhala BJT928. එහි ඔබ සිටිනෙහි ය, පානය කරන්නෙහි ය, අනුභව කරන්නෙහි ය, දිව්‍ය වීණාවෝ ද මිහිරිසේ වාදනය වෙති. මෙහි දිව්‍යමය වූ පස්කම් ගුණයෝ වෙත්. ස්වර්‍ණාභරණයෙන් විභූෂිත වූ නාරීහු ද රඟ දක්වත්.
Pali BJT929. කෙන තෙ තාදිසො වණ්ණො කෙන තෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච තෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT929. කවර හේතුවකින් තට මෙබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනකින් තාගේ සුචරිත ඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නාවූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනකින්) තට පහළ වෙත් ද?
Pali BJT930. පුච්ඡාමි තං දෙව මහානුභාව මනුස්සභූතො කිමකාසි පුඤ්ඤං කෙනාසි එවං ජලිතානුභාවො වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT930. මහත් අනුභාව ඇති දිව්‍යපුත්‍රය, තා විචාරමි. මිනිස් වූයෙහි කවර පිනක් කෙළෙහි ද? තාගේ මේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තෙහි ද?
Pali BJT931. සො දෙවපුත්තො අත්තමනො මොග්ගල්ලානෙන පුච්ඡිතො, පඤ්හං පුට්ඨො වියාකාසි යස්සකම්මස්සිදං ඵලං
Sinhala BJT931. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දිව්‍යපුත්‍ර තෙමේ තුටුසිත් ඇත්තේ මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැයි පැන විචාරන ලද්දේ (මෙසේ) පැවසී ය:
Pali BJT932. කරණීයානි පුඤ්ඤානි පණ්ඩිතෙන විජානතා, සම්මග්ගතෙසු බුද්ධෙසු යත්ථ දින්නං මහප්ඵලං.
Sinhala BJT932. (තමහට හිතාහිත) දන්නා වූ ප්‍රාඥයා විසින් යම් තැනෙක දුන් දෙය මහත් ඵල වේ ද, ඒ මනාව පිළිපන් බුදුවරුන් කෙරෙහි පින් කළ යුතු ය.
Pali BJT933. අත්ථාය වත මෙ බුද්ධො අරඤ්ඤා ගාමමාගතො, තත්ථ චිත්තං පසාදෙත්වා තාවතිසූපගො අහං{1}
Sinhala BJT933. බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් මට වැඩ පිණිස වනයෙන් (දෙව්රම් වෙහෙරින්) ගමට වැඩිසේක. උන් වහන්සේ කෙරෙහි සිත පහදවා තව්තිසා දෙව්ලොවට (උත්පත්ති විසින්) එළඹියෙම් වෙමි.
Pali BJT934. තෙන මෙ තාදිසො වණ්ණො තෙන මෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT934. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මනවඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
Pali BJT935. අක්ඛාමි තෙ භික්ඛු මහානුභාව මනුස්සභූතො යමකාසි පුඤ්ඤං තෙනම්හි එවං ජලිතානුභාවො වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT935. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තෙම් වෙමි. මාගේ සිරුරු පැහැය ද, සියලු දිගුන් බබුළුවයි.
Pali BJTකරණීයවිමානං.
Sinhala BJTකරණීයවිමාන යි.
Pali BJT5. 7.
Sinhala BJT5. 7.
Pali BJT936. උච්චමිදං මණිථූණං විමානං සමන්තතො ද්වාදස යොජනානි කූටාගාරා සත්තසතා උළාරා වෙළුරියත්ථම්භා රුචකත්ථතා සුභා.
Sinhala BJT936. ඉතා උස් වූ පියුම්රා මිණිඈයෙන් කළ ටැම් ඇති මේ විමානය හාත්පස දොළොස් යොදුනක් තැන වෙරළුමිණියෙන් කළ ටැම් ඇති රන්පෝරු ඇතුරූ බිම්ඇති උදාර වූ යහපත් වූ කුළුගෙවල් සත් සියයෙක් වෙයි.
Pali BJT937. තත්ථච්ඡසි පිවසි ඛාදසි ච දිබ්බා ච වීණා පවදන්ති වග්ගුං දිබ්බා රසා කාමගුණෙත්ථ පඤ්ච නාරියො ච නච්චන්ති සුවණ්ණඡත්තා.
Sinhala BJT937. එහි ඔබ සිටිනෙහි ය, පානය කරන්නෙහි ය, අනුභව කරන්නෙහි ය, දිව්‍ය වීණාවෝ ද මිහිරිසේ වාදනය වෙති. මෙහි දිව්‍යමය වූ පස්කම් ගුණයෝ වෙති. ස්වර්‍ණාභරණයෙන් විභූෂිත වූ නාරීහු ද රඟ දක්වත්.
Pali BJT938. කෙන තෙ තාදිසො වණ්ණො කෙන තෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච තෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT938. කවර හේතුවකින් තට මෙබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනකින් තාගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මනවඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනකින්) තට පහළ වෙත් ද?
Pali BJT939. පුච්ඡාමි තං දෙව මහානුභාව මනුස්සභූතො කිමකාසි පුඤ්ඤං කෙනාසි එවං ජලිතානුභාවො වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT939. මහත් අනුභාව ඇති දිව්‍යපුත්‍රය තා විචාරමි. මිනිස් වූයෙහි කවර පිනක් කෙළෙහි ද? තාගේ මේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ද්ධි ඇතිවෙහි ද?
Pali BJT940. සො දෙවපුත්තො අත්තමනො මොග්ගල්ලානෙන පුච්ඡිතො, පඤ්හං පුට්ඨො වියාකාසි යස්සකම්මස්සිදං ඵලං.
Sinhala BJT940. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද දිව්‍යපුත්‍ර තෙමේ තුටුසිත් ඇත්තේ මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැයි පැන විචාරන ලද්දේ (මෙසේ) පැවසීය.
Pali BJT941. කරණීයානි පුඤ්ඤානි පණ්ඩිතෙන විජානතා, සම්මග්ගතෙසු භික්ඛූසූ යත්ථ දින්නං මහප්ඵලං.
Sinhala BJT941. (තමහට හිතාහිත) දන්නා වූ ප්‍රාඥයා විසින් යම් තැනෙක දුන් දෙය මහත්ඵල වේද, ඒ මනාව පිළිපන් භික්‍ෂූන් කෙරෙහි පින් කළ යුතු ය.
Pali BJT942. අත්ථාය වත මෙ භික්ඛු අරඤ්ඤා ගාමමාගතො, තත්ථ චිත්තං පසාදෙත්වා තාවතිංසොපගො අහං.
Sinhala BJT942. භික්‍ෂූන් වහන්සේ ඒකාන්තයෙන් මට වැඩ පිණිස වනයෙන් ගමට වැඩිසේක. උන්වහන්සේ කෙරෙහි සිත පහදවා තව්තිසා දෙව්ලොවට (උත්පත්ති විසින්) එළඹියෙම් වෙමි.
Pali BJT943. තෙන මෙ තාදිසො වණ්ණො තෙන මෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT943. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි, ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
Pali BJT944. අක්ඛාමි තෙ භික්ඛු මහානුභාව මනුස්සභූතො යමකාසි පුඤ්ඤං තෙනම්හි එවං ජලිතානුභාවො වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT944. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තෙම් වෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
Pali BJTදුතියකරණීයවිමානං.
Sinhala BJTද්විතීය කරණීය විමාන යි.
Pali BJT5. 8.
Sinhala BJT5. 8.
Pali BJT945. උච්චමිදං මණිථූණං විමානං සමන්තතො ද්වාදස යොජනානි කූටාගාරා සත්තසතා උළාරා වෙළුරියත්ථම්භා රුචකත්ථතා සුභා.
Sinhala BJT945. ඉතා උසස් වූ පියුම්රා මිණිඈයෙන් කළ ටැම් ඇති මේ විමානය හාත්පස දොළොස් යොදුනක් තැන වෙරළුමිණියෙන් කළ ටැම් ඇති රන්පෝරු ඇතුරූ බිම් ඇති උදාර වූ යහපත් වූ කුළු ගෙවල්හු සත් සියයෙක් වෙත්.
Pali BJT946. තත්ථච්ඡසි පිවසි ඛාදසි ච දිබ්බා ච වීණා පවදන්ති වග්ගුං දිබ්බා රසා කාමගුණෙත්ථ පඤ්ච නාරියො ච නච්චන්ති සුවණ්ණ ඡත්තා.
Sinhala BJT946. එහි ඔබ සිටිනෙහිය. පානය කරන්නෙහිය. අනුභව කරන්නෙහිය. දිව්‍ය වීණාවෝ ද මිහිරිසේ වාදනය වෙති. මෙහි දිව්‍යමය වූ පස්කම් ගුණයෝ වෙත්. ස්වර්‍ණාභරණයෙන් විභූෂිත වූ නාරීහු ද රඟ දක්වත්.
Pali BJT947. කෙන තෙ තාදිසො වණ්ණො කෙන තෙ ඉධමිජ්ඣති උප්පජ්ජන්ති ච තෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT947. කවර හේතුවකින් තට මෙබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනකින් තාගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මනවඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනකින්) තට පහළ වෙත් ද?
Pali BJT948. පුච්ඡාමි තං දෙව මහානුභාව මනුස්සභූතො කිමකාසි පුඤ්ඤං කෙනාසි එවං ජලිතානුභාවො වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT948. මහත් අනුභාව ඇති දිව්‍යපුත්‍රය, තා විචාරමි. මිනිස් වූයෙහි කවර පිනක් කෙළෙහි ද? තාගේ මේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනකින් දිලියෙන පුණ්‍යර්ද්ධි ඇති වෙහි ද?
Pali BJT949. සො දෙවපුත්තො අත්තමනො මොග්ගල්ලානෙන පුච්ඡිතො, පඤ්හං පුට්ඨො වියාකාසි යස්ස කම්මස්සිදං ඵලං.
Sinhala BJT949. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දිව්‍යපුත්‍ර තෙමේ තුටුසිත් ඇත්තේ මේ පුණ්‍යඵලය යම්කිසි කර්‍මයක්හුගේ දැයි පැන විචාරන ලද්දේ (මෙසේ) පැවසීය.
Pali BJT950. යං දදාති න තං හොති යඤ්චෙව දජ්ජා තඤ්චෙව සෙය්යො සූචි දින්නා සූචිමෙව සෙය්යො.
Sinhala BJT950. යම්බඳු දැයක් දේ නම් එයට එබඳු වූ ම ඵලය නො ලැබෙයි. (විද්‍යමාන වූ) යම් කිසිවක් ම දේ නම් ඒ (නිවැරැදි දැය) දීම ම උතුම් වෙයි. ම විසින් (චීවරකර්‍මය පිණිස) හිදියෙක් දෙනලදී. ඒ දානය ම (මට) උතුම් විය.
Pali BJT951. තෙන මෙ තාදිසො වණ්ණො තෙන මෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT951. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මනවඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
Pali BJT952. අක්ඛාමි තෙ භික්ඛු මහානුභාව මනුස්සභූතො යමකාසි පුඤ්ඤං තෙනම්හි එවං ජලිතානුභාවො වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT952. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තෙම් වෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
Pali BJTසූචීවිමානං.
Sinhala BJTසුචිවිමාන යි.
Pali BJT5. 9.
Sinhala BJT5. 9.
Pali BJT953. උච්චමිදං මණිථූණං විමානං සමන්තතො ද්වාදස යොජනානි කූටාගාරා සත්තසතා උළාරා වෙළුරියත්ථම්භා රුචකත්ථතා සුභා.
Sinhala BJT953. ඉතා උසස් වූ පියුම්රා මිණිඈයෙන් කළ ටැම් ඇති මේ විමානය හාත්පස දොළොස් යොදුනක් තැන වෙරළුමිණියෙන් කළ ටැම් ඇති රන්පෝරු ඇතුරූ බිම් ඇති උදාර වූ යහපත් වූ කුළුගෙවල් සත් සියයෙක් වෙයි.
Pali BJT954. තත්ථච්ඡසි පිවසි ඛාදසි ච දිබ්බා ච වීණා පවදන්ති වග්ගුං දිබ්බා රසා කාමගුණෙත්ථ පඤ්ච නාරියො ච නච්චන්ති සුවණ්ණ ඡන්නා.
Sinhala BJT954. එහි (තෝ) සිටිනෙහි ය, පානය කරන්නෙහි ය, අනුභව කරන්නෙහි ය, දිව්‍ය වීණාවෝ ද මිහිරිසේ වාදනය වෙති. මෙහි දිව්‍යමය වූ පස්කම් ගුණයෝ වෙති. ස්වර්‍ණාභරණයෙන් විභූෂිත වූ නාරීහු ද රඟ දක්වත්.
Pali BJT955. කෙන තෙ තාදිසො වණ්ණො කෙන තෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච තෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT955. කවර හේතුවකින් තට එබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනකින් තාගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මනවඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද? ඒ සම්පත්තීහු (කවර පිනකින්) තට පහළ වෙත් ද?
Pali BJT956. පුච්ඡාමි තං දෙව මහානුභාව මනුස්සභූතො කිමකාසි පුඤ්ඤං කෙනාසි එවං ජලිතානුභාවො වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT956. මහත් අනුභාව ඇති දිව්‍යපුත්‍රය, තා විචාරමි. මිනිස් වූයෙහි කවර පිනක් කෙළෙහි ද? තාගේ මේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙහි ද?
Pali BJT957. සො දෙවපුත්තො අත්තමනො මොග්ගල්ලානෙන පුච්ඡිතො, පඤ්හං පුට්ඨො වියාකාසි යස්ස කම්මස්සිදං ඵලන්ති.
Sinhala BJT957. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දිව්‍යපුත්‍ර තෙමේ තුටුසිත් ඇත්තේ මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැයි පැන විචාරන ලද්දේ (මෙසේ) පැවසී ය.
Pali BJT958. අහං මනුස්සෙසු මනුස්සභූතො. පුරිමාය ජාතියා මනුස්සලොකෙ.
Sinhala BJT958. මම පෙරැ අත්බැව්හි මිනිස්ලොවැ මිනිසුන් අතරැ මිනිස් වූයෙමි.
Pali BJT959. අද්දසං විරජං භික්ඛුං විප්පසන්නමනාවිලං, තස්ස අදාසහං සූචිං පසන්නො සෙහි පාණිහි.
Sinhala BJT959. පහ වූ රාගාදි රජස් ඇති වෙසෙසින් පහන් වූ නො කැලඹුණු සිත් ඇති භික්‍ෂු නමක් දිටිමි. උන්වහන්සේට පහන් වූයෙම් සියතින් හිදියක් පිදුවෙමි.
Pali BJT960. තෙන මෙ තාදිසො වණ්ණො තෙන මෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT960. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මනවඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
Pali BJT961. අක්ඛාමි තෙ භික්ඛු මහානුභාව මනුස්සභූතො යමකාසි පුඤ්ඤං තෙනම්හි එවං ජලිතානුභාවො වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT961. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තෙම් වෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
Pali BJTදුතියසූචිවිමානං.
Sinhala BJTද්විතීය සූචිවිමාන යි.
Pali BJT5. 10.
Sinhala BJT5. 10.
Pali BJT962. සුසුක්කඛන්ධං අභිරුය්හං නාගං අකාචිතං දන්තිං බලිං මහාජවං අභිරුය්හ ගජවරං{1} සුකප්පිතං ඉධාගමා වෙහාසයමන්තළික්ඛෙ.
Sinhala BJT962. (දිව්‍ය පුත්‍රය) ඉතා සුදු කඳක් ඇති මහත් දළ ඇති නිදොස් වූ බල ඇති මහාජව ඇති මොනවට සැරසූ නැග යාමට සුදුසු වූ උතුම් ඇතකු පිට නැගී අහසින් මෙහි පැමිණියෙහි.
Pali BJT963. නාගස්ස දන්තෙසු දුවෙසු නිම්මිතා අච්ඡොදිකා{2} පදුමිනියො සුඵුල්ලා පදුමෙසු ච තුරියගණා පවජ්ජරෙ ඉමා ච නච්චන්ති මනොභරායො.
Sinhala BJT963. ඇත්රජුගේ දෙදළෙහි පැහැදි දිය ඇති සුපිපි පියුම් ඇති දෙපොකුණෙක් මැවිණ. පියුම් මත පසඟතුරු මුළුහු වැයෙති. මේ මනහර දෙවඟනෝ ද නටත්.
Pali BJT964. දෙවිද්ධිපත්තොසි මහානුභාවො මනුස්සභූතො කිමකාසි පුඤ්ඤං කෙනාසි එවං ජලිතානුභාවො වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT964. මහත් අනුභාව ඇති දිව්‍යපුත්‍රය (තෝ) දිව්‍යර්ද්ධියට පැමිණියෙහි මිනිස් වූයෙහි කවර පිනක් කෙළෙහි ද? තාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනකින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇති වෙහි ද?
Pali BJT965. සො දෙවපුත්තො අත්තමනො මොග්ගල්ලානෙන පුච්ඡෙතා, පඤ්හං පුට්ඨො වියාකාසි යස්ස කම්මස්සිදං ඵලං.
Sinhala BJT965. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දිව්‍යපුත්‍ර තෙමේ තුටුසිත් ඇත්තේ මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැයි පැන විචාරන ලද්දේ (මෙසේ) පැවැසී ය.
Pali BJT966. අට්ඨෙව මුත්තපුප්ඵානි කස්සපස්ස මහෙසිනො{3} ථූපස්මිං අභිරොපෙසිං පසන්නො සෙහි පාණිහි.
Sinhala BJT966. පහන් සිත් ඇති මම නටුයෙන් ගිලිහුණු මල් අටක් සියතින් කාශ්‍යප බුදුරදුන්ගේ සෑයෙහි පිදුවෙමි.
Pali BJT967. තෙන මෙ තාදිසො වණ්ණො තෙන මෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT967. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මනවඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
Pali BJT968. අක්ඛාමි තෙ භික්ඛු මහානුභාව මනුස්සභූතො යමකාසි පුඤ්ඤං තෙනම්හි එවං ජලිතානුභාවො වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT968. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස මිනිස් වූ මම යම් පිනක් කෙළෙම් ද? (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තෙම් වෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
Pali BJTනාගවිමානං.
Sinhala BJTනාගවිමන යි.
Pali BJT5. 11.
Sinhala BJT5. 11.
Pali BJT969. මහන්තං නාගං අභිරුය්හ සබ්බසෙතං ගජුත්තමං වනාවනං අනුපරියාසි නාරීගණපුරක්ඛතො ඔභාසෙන්තො දිසා සබ්බා ඔසධී විය තාරකා.
Sinhala BJT969. සියල්ල සුදු වූ ඇතුනට උතුම් වූ මහත් ඇතකු පිට නැගී ස්ත්‍රී සමූහයා විසින් පිරිවරන ලද්දේ දවහත් තරුව මෙන් සියලු දිගුන් බබුළුවමින් වනයෙන් වනයට යෙහි.
Pali BJT970. කෙන තෙ තාදිසො වණ්ණො කෙන තෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච තෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT970. කවර හේතුවකින් තට එබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනකින් තාගේ සුචරිත ඵලය මෙහි සමෘද්ධ වේ ද? මනවඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද? එ සම්පත්තීහු (කවර පිනකින්) තට පහළ වෙත් ද?
Pali BJT971. පුච්ඡාමි තං දෙව මහානුභාව මනුස්සභූතො කිමකාසි පුඤ්ඤං කෙනාසි එවං ජලිතානුභාවො වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT971. මහත් අනුභාව ඇති දිව්‍යපුත්‍රය තා විචාරමි. මිනිස් වූයෙහි කවර පිනක් කෙළෙහි ද? තාගේ මේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තෙහි වෙහි ද?
Pali BJT972. සො දෙවපුත්තො අත්තමනො වඞ්ගීසෙනෙව පුච්ඡිතො, පඤ්හං පුට්ඨො වියාකාසි යස්ස කම්මස්සිදං ඵලං.
Sinhala BJT972. වඞ්ගීස තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දිව්‍යපුත්‍ර තෙමේ තුටුසිත් ඇත්තේ මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැයි පැන විචාරන ලද්දේ (මෙසේ) පැවැසීය.
Pali BJT973. අහං මනුස්සෙසු මනුස්සභූතො. උපාසකො චක්ඛුමතො අහොසිං පාණාතිපාතා විරතො අහොසිං ලොකෙ අදින්නං පරිවජ්ජයිස්සං.
Sinhala BJT973. මම මිනිසුන් අතරැ මිනිස් වූයෙම් පසැස් ඇති බුදුරදුන්ගේ උපාසකයෙක් වීමි. පණිවායෙන් දුරුවූයෙම් වෙමි. ලෝකයෙහි නුදුන් දෙය හැම ලෙසින් දුරුකෙළෙමි.
Pali BJT974. අමජ්ජපො නො ච මුසා අභාණිං සකෙන දාරෙන ච තුට්ඨො අහොසිං. අන්නං ච පානං ච පසන්නචිත්තො සක්කච්ච දානං විපුලං අදාසිං.
Sinhala BJT974. මත්පැන් නො බීමි. බොරු නො කීමි. සිය බිරිය සමගම සතුටුවූයෙම් වෙමි. පහන් සිත් ඇත්තෙම් අහර ද පැන් ද සකස් කොට මහදන් දුනිමි.
Pali BJT975. තෙන මෙ තාදිසො වණ්ණො තෙන මෙ ඉධ මිජ්ඣති, උප්පජ්ජන්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT975. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
Pali BJT976. අක්ඛාමි තෙ භික්ඛු මහානුභාව මනුස්සභූතො යමකාසි පුඤ්ඤං තෙනම්හි එවං ජලිතානුභාවො වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT976. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස මිනිස් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තෙම් වෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
Pali BJTදුතියනාගවිමානං.
Sinhala BJTද්විතීය නාගවිමාන යි.
Pali BJT5. 12.
Sinhala BJT5. 12.
Pali BJT977. කොනු දිබ්බෙන යානෙන සබ්බසෙතෙන හත්ථිනා, තුරියතාළිත නිග්ඝොසො අන්තළික්ඛෙ මහීයති.
Sinhala BJT977. (එම්බා දිව්‍යපුත්‍රය) සර්‍වධවල වූ දිව්‍යමය වූ හස්තිවාහනයෙකින් පැමිණියා වූ කවරෙක් අහසෙහි තූර්‍ය්‍යවාදනඝෝෂා ඇති ව පුදනු ලැබේ ද?
Pali BJT978. දෙවතානුසි ගන්ධබ්බො ආදු{1} සක්කො පුරින්දදො, අජානන්තා තං පුච්ඡාම කථං ජානෙමු තං මයන්ති.
Sinhala BJT978. දෙවියෙක් වෙහි ද? ගන්‍ධර්‍වයෙක් වෙහි ද? නැතහොත් පුරින්‍ද ද නම් ශක්‍රයා වෙහි ද? එය නො දන්නමෝ තා විචාරමු. අපි එය කෙසේ දනිමු ද?
Pali BJT979. නම්හි දෙවො න ගන්ධබ්බො නාපි සක්කො පුරින්දදො, සුධම්මා නාම යෙ දෙවා තෙසං අඤ්ඤතරො අහන්ති.
Sinhala BJT979. දෙවි නො වෙමි. ගන්‍ධර්‍ව නො වෙමි. පුරින්‍දද නම් ශක්‍ර ද නො වෙමි. සුධර්‍ම නම් යම් දෙවි කෙනෙක් වෙත් ද, මම ඔවුන් අතරැ එක්තරා එකෙක්මි.
Pali BJT980. පුච්ඡාම දෙවං සුධම්මං{1} පුථුං කත්වාන අඤ්ජලිං, කිං කත්වා මානුසෙ කම්මං සුධම්මං උපපජ්ජතීති.
Sinhala BJT980. (එම්බා දිව්‍යපුත්‍රය) සුධර්‍ම නම් දෙවි වූ තාහට සකසා ඇඳිලි බැඳ විචාරමි. මිනිස් ලොවැ කිනම් කර්‍මයක් කොට සුධර්‍ම නම් දිව්‍ය නිකායයෙහි උපදී ද?
Pali BJT981. උච්ඡාගාරං තිණාගාරං වත්ථාගාරඤ්ච යො දදෙ, තිණ්ණමඤ්ඤතරං දත්වා සුධම්මං උපපජ්ජතීති.
Sinhala BJT981. යමෙක් උක්ගෙයක් තණගෙයක් පිළිගෙයක් දෙන්නේ ද, හෙතෙමේ මේ තුන් ගෙයින් එක්තරාවක් දී සුධර්‍ම නම් දිව්‍ය නිකායයෙහි උපදී.
Pali BJTතතියනාගවිමානං
Sinhala BJTතෘතීය නාගවිමාන යි.
Pali BJT5. 13.
Sinhala BJT5. 13.
Pali BJT982. දළ්හධම්මා නිසාරස්ස ධනුං ඔලුබ්භ තිට්ඨසි, ඛත්තියො නු සි රාජඤ්ඤො ආදු ලුද්දො වනෙ චරොති.{2}
Sinhala BJT982. මනා රුක්හරයෙන් කළ දැඩි දුන්නක් ගත්තෙහි? එහි (එක් කෙළවරක්) ඔබා ගෙන සිටිනෙහි, ඒ තෝ කැත්රජකුමරෙක් වෙහි ද? නැතහොත් වෙනෙහි හැසිරෙන වැද්දෙක් වෙහි ද?
Pali BJT983. අස්සකාධිපස්සාහං භන්තෙ පුත්තො වනෙ චරො, නාමං මෙ භික්ඛු තෙ බ්රූමි සුජාතො ඉති මං විදුං.{3}
Sinhala BJT983. වහන්ස වෙනෙහි හැසිරෙන මම අස්සකරට රජුගේ පුත්‍රයෙමි. මහණ ඔබට මාගේ නම කියමි. සුජාත යැයි මා දනිත්.
Pali BJT984. මිගෙ ගවෙසමානොහං ඔගාහන්තො බ්රහාවනං, මිගං කඤ්චෙව{4} නාද්දක්ඛිං තඤ්ච දිස්වා ඨිතො අහන්ති.
Sinhala BJT984. මම මුවන් සොයන්නෙම් මහවලැ වැදුනෙම් මුවකු නො දිටිමි. මම ඔබ ම දැක සිටියෙම් වෙමි.
Pali BJT985. ස්වාගතං තෙ මහාපුඤ්ඤ අථො තෙ අදුරාගතං, එත්තො උදකමාදාය පාදෙ පක්ඛාලයස්සු තෙ.
Sinhala BJT985. මහ පිනැත්ත තාගේ මේ පැමිණීම මනා පැමිණීමෙකි. තව ද තාගේ පැමිණීම නො මනා පැමිණීමෙක් නො වෙයි. මෙතැනින් දිය ගෙන තාගේ පා දොවා ගනුව.
Pali BJT986. ඉදම්පි පානීයං සීතං ආභතං ගිරිගබ්භරා, රාජපුත්ත තතො පීත්වා සත්ථතස්මිං උපාවිසාති.
Sinhala BJT986. ගිරිලෙනෙන් ගෙනෙන ලද මේ පැන් ද ඉතා සිහිල් ය. රාජපුත්‍රය එයින් පැන් බී (මේ) ඇතිරියෙහි හිඳුව.
Pali BJT987. කල්යාණී වත තෙ වාචා සවණීයා මහාමුනි, නෙලා චත්ථවතී{5} වග්ගු මන්ත්වා{6} අත්ථංච භාසසෙ{7}
Sinhala BJT987. මහර්ෂීන් වහන්ස ඒකාන්තයෙන් ම ඔබ වහන්සේගේ වචනය යහපත් ය. ඇසිය යුතු ය. නිදොස් ය. අරුත් සහිත ය. මිහිරි ය. අරුත් දැන කියන්නෙහි ය.
Pali BJT988. කා තෙ රති වනෙ විහරතො ඉසිනිසභ වදෙහි පුට්ඨො තව වචනපථං නිසාමයිත්වා අත්ථධම්මපදං සමාචරෙමසෙති.
Sinhala BJT988. ඍෂි ශ්‍රේෂ්ඨය වෙනෙහි වසන ඔබ වහන්සේට කිනම් ඇල්මෙක් දැ යි පුළුවුස්නා ලදුයේ කියනු මැනවි. ඔබ වහන්සේගේ වදන් මග අසා අර්‍ත්‍ථ ධර්‍ම පද සඞ්ඛ්‍යාත ශීලා දී ධර්‍මකොට්ඨාසයෙහි (අපිදු) පි ළිපදිම්හ.
Pali BJT989. අහිංසා සබ්බපාණිනං කුමාරම්හාක රුච්චති. ථෙය්යා ච අතිචාරාව මජ්ජපානා ච ආරති.
Sinhala BJT989. (පින්වත්) කුමාරය සියලු සතුන්ට හිංසා නො කිරීම සොරකමින් මිසහසරින් රහමෙරින් වැළකීම අපට රුස්නේ වෙයි.
Pali BJT990. ආරති සමචරියා ච බාහුසච්චං කතඤ්ඤුතා, දිට්ඨෙව ධම්මෙ පාසංසා ධම්මා එතෙ පසංසියාති.
Sinhala BJT990. (මෙකී පව්කමින්) වැළකීම ද (කාය සමතාදීන්ගේ වශයෙන්) සමව හැසිරීම ද ඇසූ පිරූ තැන් ඇති බව ද කළගුණ දන්නා බව ද යන පැසසිය යුතු මේ දහම් මෙලොව ම (නුවණැත්තන් විසින්) පැසසිය යුතු වේ.
Pali BJT991. සන්තිකෙ මරණං තුය්හං ඔරං මාසෙහි පඤ්චහි, රාජපුත්ත විජානාහි අත්තානං පරිමොචයාති.
Sinhala BJT991. රාජපුත්‍රය පස්මසකින් මොබ නුදුරෙහි තාගේ මරණය දනුව. (එහෙයින්) තමා (අපාය දුකින්) මුදව.
Pali BJT992. කතමං ස්වාහං ජනපදං ගන්ත්වා කිං කම්මං කිඤ්ච පොරිසං, කාය වා පන විජ්ජාය භවෙය්යං අජරාමරොති.
Sinhala BJT992. ඒ මම කවර දනව්වකට ගොස් කිනම් කර්‍මයක් කිනම් පුරුෂකාර්‍ය්‍යයක් කොට කවර නම් හෝ විද්‍යාවකින් පරාමරණ නැත්තෙම් වන්නෙම් දැයි.
Pali BJT993. න විජ්ජතෙ සො පදෙසො කම්මං විජ්ජාච පොරිසං, යත්ථ ගන්ත්වා භවෙ මච්චො රාජපුත්තාජරාමරො.
Sinhala BJT993. රාජපුත්‍රය සත්‍ව තෙමේ යම් තැනකට ගොස් ජරාමරණ නැත්තේ වේ ද, එබඳු ප්‍රදේශයෙක් එබඳු කර්‍මයෙක් එබඳු විද්‍යාවෙක් එබඳු පුරුෂකාර්‍ය්‍යයෙක් විද්‍යමාන නො වේ.
Pali BJT994. මහද්ධනා මහාභොගා රට්ඨවන්තොපි ඛත්තියා, පහූතධනධඤ්ඤාසෙ න තෙපි අජරාමරා.{1}
Sinhala BJT994. මහත් ධන ඇති මහත් භොග ඇති රාෂ්ට්‍රාධිපති වූ බොහෝ ධනධාන්‍ය ඇති ක්‍ෂත්‍රියයෝ වෙත් ද, ඔහු ද ජරාමරණ නැතියෝ නො වෙත්.
Pali BJT995. යදි තෙ සුතා අන්ධක වෙණ්හුපුත්තා,{2} සූරා වීරා වික්කත්තප්පහාරිනො. තෙපි ආයුක්ඛයං පත්තා විද්ධස්තා සස්සතීසමා.
Sinhala BJT995. ඉදින් සූර වූ වීර වූ වික්‍රමයෙන් සතුරන්ට පහර දෙන සුලු අන්‍ධක වෙණ්හු පුත්‍රයයි ප්‍රසිද්ධ වූ (කුල පරපුරෙන්) චන්‍ද්‍රසූර්‍ය්‍යාදීන් බඳු වූ ඒ ඔහු ද ආයුක්‍ෂයට පැමිණියාහු නටහ.
Pali BJT996. ඛත්තියා බ්රාහ්මණා වෙස්සා සුද්දා චණ්ඩාලපුක්කුසා, යෙ කෙචඤ්ඤෙ ච ජාතියා තෙපිනො අජරාමරා.
Sinhala BJT996. යම් ක්‍ෂත්‍රිය කෙනෙක් බ්‍රාහ්මණ කෙනෙක් වෛශ්‍ය කෙනෙක් ශුද්‍ර කෙනෙක් චණ්ඩාල කෙනෙක් පුක්කුස කෙනෙක් වෙත් ද ඔහු ද අන්හු ද වෙත් නම් ඒ හැමදෙන ද ජාතියෙන් ජරා මරණ නැතියෝ නො වෙත්.
Pali BJT997. යෙ මන්තං පරිවත්තෙන්ති ඡළඞ්ගං බ්රහ්මචින්තිතං, එතෙ චඤ්ඤෙ ච විජ්ජාය තෙපි නො අජරාමරා.
Sinhala BJT997. යම් කෙනෙක් අට්ටකාදී ඍෂීන් විසින් නුවණැසින් දුටු (කල්පව්‍යාකරණාදී) අඞ්ග සයෙන් යුක්ත වූ වේදය පිරිවහත් ද, මොහු ද අන්හු ද වෙත් නම් ඒ හැමදෙන ද විද්‍යාවෙන් ජරාමරණ නැතියෝ නො වෙත්.
Pali BJT998. ඉසයො චාපි යෙ සත්තා සඤ්ඤතත්තා තපස්සිනො, සරීරං තෙපි කාලෙන විජහන්ති තපස්සිනො.
Sinhala BJT998. ශාන්ත කායවාග්කර්‍ම ඇති සංයත වූ සිත් ඇති තපස් ඇසුරු කළ යම් ඍෂි කෙනෙකුත් වෙත් ද, ඒ තපස්වීහු ද සුදුසු කල්හි ශරීරය හැර දමත්.
Pali BJT999. භාවිතත්තාපි අරහත්තො කතකිච්චා අනාසවා, නික්ඛිපන්ති ඉමං දෙහං පුඤ්ඤපාපපරික්ඛයාති.
Sinhala BJT999. වැඩූ සිත් ඇති සිව් මගින් කිස ඇති ආස්‍රව රහිත වූ රහත්හු ද පින් පව් ගෙවාලීමෙන් මේ සිරුර බහා තබත්.
Pali BJT1000. සුභාසිතා අත්ථවතී ගාථායො තෙ මහාමුනි, නිජ්ඣත්තොම්හි{3} සුභට්ඨෙන ත්වඤ්ච මෙ සරණං භවාති.
Sinhala BJT1000. මහා මුනිවරය ඔබ විසින් මොනවට දෙසන ලද ගාථාවෝ අර්‍ත්‍ථ සහිතයහ. (ඒ) මනා දෙසුමෙන් ධර්‍මසංඥාවට පැමිණියෙම් වෙමි. ඔබ වහන්සේ ද මට පිහිටවන සේක්වා.
Pali BJT1001. මා මං ත්වං සරණං ගච්ඡ තමෙව සරණං වජ, සක්යපුත්තං මහාවීරං යමහං සරණං ගතොති.
Sinhala BJT1001. (එම්බා කුමාරය) තෝ මා නහමක් සරණ යව. මම ශාක්‍යපුත්‍ර වූ යම් මහාවීරයක්හු සරණ කොට ගියෙම් ද, උන්වහන්සේ ම සරණ කොට යව.
Pali BJT1002. කතරස්මිං සො ජනපදෙ සත්ථා තුම්හාක මාරිස, අහම්පි දට්ඨුං ගච්ඡිස්සං ජිනං අප්පටිපුග්ගලන්ති.
Sinhala BJT1002. නිදුකාණෙනි ඔබ වහන්සේගේ ඒ ශාස්තෘ තෙමේ කවර දනව්වෙකැ වේ ද, මම ද අප්‍රතිපුද්ගල වූ (ඒ) බුදුරදුන් දකින්නට යන්නෙමි.
Pali BJT1003. පුරත්ථිමස්මිං ජනපදෙ ඔක්කාකකුලසම්භවො. තත්ථාසි පුරිසාජඤ්ඤො සො ච ඛො පරිනිබ්බුතොති.
Sinhala BJT1003. (පින්වත) ඔක්කාකකුලයෙහි උපන් ඒ පුරුෂ ශ්‍රේෂ්ඨ තෙමේ එහි පෙරදිග දනව්වෙහි විය. හෙ තෙමේත් පිරිනිවියේ වෙයි.
Pali BJT1004. සචෙ හි බුද්ධො තිට්ඨෙය්ය සත්ථා තුම්හාක මාරිස, යොජනානි සහස්සානි ගච්ඡෙය්යං{1} පයිරුපාසිතුං.
Sinhala BJT1004. නිදුකාණෙනි ඉදින් ඔබගේ ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින සේක් නම් ඇසුරු කිරීම පිණිස යොදුන් දහසක් වුව ද යන්නෙමි.
Pali BJT1005. යතො ච ඛො{2} පරිනිබ්බුතො සත්ථා තුම්හාක මාරිස, නිබ්බුතම්පි{3} මහාවීරං ගච්ඡාමි සරණං අහං.
Sinhala BJT1005. නිදුකාණෙනි යම් හෙයකින් වනාහි ඔබගේ ශාස්තෲන් වහන්සේ පිරිනිවී සේක් ද, මම ඒ පිරිනිවියා වූ ද මහාවීරයන් වහන්සේ සරණ කොට යෙමි.
Pali BJT1006. උපෙමි සරණං බුද්ධං ධම්මඤ්චාපි අනුත්තරං, සඞ්ඝඤ්ච නරදෙවස්ස ගච්ඡාමි සරණං අහං.
Sinhala BJT1006. මම බුදුන් සරණ කොට යෙමි. නරදේවයන් වහන්සේගේ අනුත්තර වූ ධර්‍මය ද සඞ්ඝයා ද සරණ කොට යෙමි.
Pali BJT1007. පාණාතිපාතා විරමාමි ඛිප්පං ලොකෙ අදින්නං පරිවජ්ජයාමි අමජ්ජපො නොච මුසා භණාමී සකෙන දාරෙන ච හොමි තුට්ඨොති
Sinhala BJT1007. (ඒ මම) පණිවායෙන් වහා දුරුවෙමි. ලොවැ නුදුන් දෙ ගැන්ම දුරලමි. මත්පැන් නො බොන්නෙම් වෙමි. මුසවා නො කියමි. සිය බිරියගෙන් ම තුටු වෙමි.
Pali BJT1008. සහස්සරංසීව යථා මහප්පභො දිසං යථාභාති නභෙ අනුක්කමං තථප්පකාරො{4} තවයං{5} මහාරථො. සමන්තතො යොජනසත්තමායතො.
Sinhala BJT1008. යම් සේ මහත් කැලුම් ඇති හිරු අහසෙහි රිසි රිසි දිගට යන්නේ බබළා ද, හාත්පසින් සත් යොදුනක් වටවූ තාගේ මේ මහාරථය එබඳු වේ.
Pali BJT1009. සුවණ්ණපට්ටෙහි සමන්තමොත්ථටො උරස්ස මුත්තාහි මණීහි චිත්තිතො ලෙඛා සුවණ්ණස්ස ච රූපියස්ස ච සොභෙන්ති වෙළුරියමයා සුනිම්මිතා.
Sinhala BJT1009. (හේ) හාත්පසින් රන්පටින් වැසුණේ වෙයි. එහි වියගස මුල මුතු මැණික් වලින් විසිතුරු කරන ලද්දේ වෙයි. රන්රිදී පටයන්හි මොනවට කළ වෙරළුමිණිමුවා මල්කම් ලියකම් ඈ රේඛාවෝ රිය හොබවත්.
Pali BJT1010. සීසඤ්චිදං වෙළුරියස්ස නිම්මිතං යුගඤ්චිදං ලොහිතකාය චිත්තිතං යුත්තා සුවණ්ණස්ස ච රූපියස්ස ච සොභන්ති අස්සා ච පිමෙ මනොජවා.{6}
Sinhala BJT1010. මේ රියහිස වෙරළුමිණියෙන් කරන ලදී, මේ වියගහ රතු මැණිකෙන් විසිතුරු කරනලදී. සිතට රිසි ගමන් ඇති මේ අශ්වයෝ ද රනින් හා රිදියෙන් හා කළ රැහැනින් බැඳුණාහු හොබිත්.
Pali BJT1011. සො තිට්ඨසි හෙමරථෙ අධිට්ඨිතො දෙවානමින්දොව සහස්සවාහනො පුච්ඡාමි තාහං යසවන්ත කොවිදං කථං තයා ලද්ධො අයං උළාරොති.
Sinhala BJT1011. දහසක් අසුන් යෙදූ විජයොත් රිය අරා සිටි සක්දෙවිඳු මෙන් ඒ තෝ ද රන්රියෙහි සිටිනෙහි, යසස් ඇත්ත තා විසින් මේ මහත් යසස කෙසේ ලබන ලද දැයි මම දක්‍ෂ වූ තා විචාරමි.