Vimānavatthu

Stories of Heavenly Mansions

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 701-800 න් 1239

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT843. සො මං මුදූහි වාචාහි ආලපිත්වා තථාගතො, රජ්ජුමාලෙති මං අවොච{7} සරණං ගච්ඡ තථාගතං.
Sinhala BJT843. ඒ තථාගත තෙමේ මුදුවදනින් රජ්ජුමාලා යී මා අමතා තථාගතයන් සරණ යවයි මට වදාළේ ය.
Pali BJT844. තාහං ගිරං සුණිත්වාන නෙලං අත්ථවතිං සුචිං, සණ්හං මුදුං ච වග්ගුං ච සබ්බසොකා පනූදනං.
Sinhala BJT844. මම නිදොස් වූ අර්‍ත්‍ථවත් පිරිසිදු නො රළු මොළොක් මිහිරි සියලු ශෝක දුරු කරන ඒ වචනය අසා,
Pali BJT845. කල්ලචිත්තං ච මං ඤත්වා පසන්නං සුද්ධමානසං, හිතො සබ්බස්ස ලොකස්ස අනුසාසි තථාගතො.
Sinhala BJT845. භාවනාකර්‍මයට යෝග්‍ය වූ සිත් ඇති (එහෙයින් ම) පහන් වූ පිරිසිදු සිත් ඇති මා දැන සියලු ලෝකයට හිත වූ තථාගත තෙමේ (මට) අනුශාසනා කෙළේ යි.
Pali BJT846. ඉදං දුක්ඛන්ති මං අවොච අයං දුක්ඛස්ස සම්භවො, අයං නිරොධො{8} මග්ගො ච අඤ්ජසො අමතොගධො.
Sinhala BJT846. මේ දුඃඛ යයි ද, මේ දුඃඛසමුදය යි ද මේ දුඃඛනිරෝධ යයි ද මේ අන්තද්වය වර්ජිත වූ නිර්‍වාණගාමිනී ප්‍රතිපදාසඞ්ඛ්‍යාත මාර්‍ග යයි ද මට වදාළේ යි.
Pali BJT847. අනුකම්පකස්ස කුසලස්ස ඔවාදම්හි අහං ඨිතා, අජ්ඣගා අමතං සන්තිං නිබ්බාන{9} පදමච්චුතං.
Sinhala BJT847. මම දක්‍ෂ වූ කාරුණික වූ බුදුරජුන්ගේ අවවාදයෙහි පිහිටියෙම් නිත්‍ය වූ සියලු දුක් සන්සිඳීම වූ ච්‍යුති රහිත වූ නිර්‍වාණපදය අවබෝධ කෙළෙමි.
Pali BJT848. සාහං අවට්ඨිතා පෙමා දස්සනෙ අවිකම්පිනී, මූලජාතාය සද්ධාය ධීතා බුද්ධස්ස ඔරසා.
Sinhala BJT848. ඒ මම සම්‍යග්දර්‍ශනයෙහි නො සැලෙන සුළු වූ නො සෙල්විය හැකි දැඩි පෙම් ඇති හටගත් මුල් ඇති සදැහෙයෙන් යුක්ත වැ බුදුරජුන්ගේ ඔෳරස පුත්‍රියක් වීමි.
Pali BJT849. සාහං රමාමි කීළාමි මොදාමි අකුකොභයා, දිබ්බං මාලං ධාරයාමි පිවාමි මධුමද්දවං.
Sinhala BJT849. ඒ මම දැන් නො බිය වූයෙම් මාර්‍ගඵලරතියෙන් රමණය කරමි. කාමගුණයෙන් ක්‍රීඩා කරමි. එදෙකින් සතුටු වෙමි. දිවමල් දරමි. මධුමද්දව නම් ගඟපැන් බොමි.
Pali BJT850. සට්ඨිං තුරියසහස්සානි{1} පටිබොධං කරොන්ති මෙ, ආළම්බො ගග්ගරො භීමො සාධුවාදී ච සංසයො.
Sinhala BJT850. සැටදහසක් තූර්‍ය්‍යයෝ මා පුබුදුවති. එසේම ම ආලම්බ යැ ගග්ගර යැ භීම යැ සාධුවාදී යැ සංසය යැ.
Pali BJT851. පොක්ඛරො ච සුඵස්සොච වීණා මොක්ඛා ච නාරියො, නන්දා චෙව සුනන්දා ච සොණදින්නා සුවිම්හිතා.
Sinhala BJT851. පොක්ඛර යැ සුඵස්ස යැ යන දිව්‍යපුත්‍රයෝ ද, වීණා යැ මොක්ඛා යැ යන දිව්‍යස්ත්‍රීහු ද, නන්‍දා යැ සුනන්‍දා යැ සෝණදින්නා යැ සුවිමහිතා යැ යන.
Pali BJT852. අලම්බුසා මිස්සකෙසී ච පුණ්ඩරීකාතිචාරුණී,{2} එණිඵස්සා සුඵස්සා ච සුභද්දා{3} මුදුවාදිනී.
Sinhala BJT852. අළම්ඹුසා යැ මිස්සකේසි යැ පුණ්ඩරීකා යැ අතිචාරුණී යැ එනිඵස්සා යැ සුඵස්සා යැ සුභාද්දා යැ මුදුවාදිනී යැ යන
Pali BJT853. එතා චඤ්ඤා ච සෙය්යසා අච්ඡරානං පබොධිකා, තා මං කාලෙනුපාගන්ත්වා අභිභාසන්ති දෙවතා.
Sinhala BJT853. තෙල අප්සරාවෝ ද, අප්සරාවන් අතුරෙහි සංගීතයෙහි අතිශයින් පැසසියයුතු වූ පුබුදු කරවන අන්‍ය වූ අප්සරාවෝ ද සුදුසු කල්හි මා වෙත පැමිණ මෙසේ කියත්.
Pali BJT854. හන්ද නච්චාම ගායාම හන්ද තං රමයාමසෙ නයිදං අකතපුඤ්ඤානං කතපුඤ්ඤානමෙවිදං අසොකං නන්දනං රම්මං තිදසානං මහාවනං
Sinhala BJT854. හොඳයි නටමු, ගයමු, තී සතුටු කරවමු, මේ දෙව්විමන පින් නො කළවුනට නො ලැබේ. තව්තිසා වැසි දෙවියන්ගේ ශෝක දුරු කරන මනරම් වූ නන්‍දන මහාවනය පින් කළවුනට ම ලැබේ.
Pali BJT855. සුඛං අකතපුඤ්ඤානං ඉධ නත්ථි පරත්ථ ච, සුඛං ච කතපුඤ්ඤානං ඉධ චෙව පරත්ථ ච.
Sinhala BJT855. පින් නො කළවුන්ට මේ ලොව හා පරලොව සැපයෙක් නැත. පින් කළවුන්ට ම මෙලොව හා පරලොව සැප ලැබේ.
Pali BJT856. තෙසං සහව්යකාමානං කත්තබ්බං කුසලං බහුං, කතපුඤ්ඤා හි මොදන්ති සග්ගෙ භොගසමඞ්ගිනො.
Sinhala BJT856. ඒ තව්තිසාවැසි දෙවියන් හා සහභාවයට යනු කැමැත්තන් විසින් බොහෝ කුසල් කළයුතු වේ. කළ පිනැත්තෝ ම ස්වර්‍ගයෙහි පස්කම් සැපතින් යුක්ත වූවාහු සතුටු වෙත්.
Pali BJT857. බහුන්නං වත අත්ථාය උප්පජ්ජන්ති තථාගතා දක්ඛිණෙය්යා මනුස්සානං පුඤ්ඤක්ඛෙත්තානමාකරා යත්ථ කාරං කරිත්වාන සග්ගෙ මොදන්ති දායකාති.
Sinhala BJT857. යමකු කෙරෙහි පූජා සත්කාර කොට දායකයෝ සුගතියට යෙත් ද, මිනිසුන්ගේ දක්‍ෂිණාවට සුදුසුවූ පින්කෙත් වූ ආර්‍ය්‍යයන්ට ආකාර වූ (ඒ) තථාගතවරයෝ එකැතින් ම බොහෝ දෙනාට වැඩ පිණිස උපදිත්.
Pali BJTරජ්ජුමාලා විමානං.
Sinhala BJTරජ්ජුමාලාවිමාන යි.
Pali BJTමඤ්ජෙට්ඨක වග්ගො චතුත්ථො.
Sinhala BJTසිවුවන මඤ්ජෙට්ඨක වර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි නාමාවලිය:
Pali BJTමඤ්ජෙට්ඨා පභස්සරා නාගා අලොමා කඤ්ජිකදායිකා විහාරචතුරිත්ථම්බා පීතුච්ඡු වන්දනරජ්ජුමාලා වග්ගො තෙන පවුච්චතීති.
Sinhala BJTමඤ්ජෙට්ඨ ය, පහස්සර ය, නාග ය, අලෝමා ය, කඤජිකදායිකා ය, විහාර ය, චතුරිත්‍ථි ය, අම්බ ය, පීත ය, උච්ඡු ය, වන්‍දන ය, රජ්ජුමාලා යී එයින් වර්‍ගය කියනු ලැබේ.
Pali BJTඉත්ථිවිමානං සමත්තං.
Sinhala BJTස්ත්‍රී විමාන නිමි.
Pali BJT5. මහාරථවග්ගො
Sinhala BJT5. මහාරථ වර්‍ගය
Pali BJT5. 1.
Sinhala BJT5. 1.
Pali BJT858. කො මෙ වන්දති පාදානි ඉද්ධියා යසසා ජලං, අභික්කන්තෙන වණ්ණෙන සබ්බා ඔභාසයං දිසාති.
Sinhala BJT858. දිව ඉදුහයෙන් යා යසසින් හා බබළමින් මනහර රුසිරෙන් සියලු දිගුන් බබුළුවමින් කවරෙක් මාගේ පා වඳී ද?
Pali BJT859. මණ්ඩුකොහං පුරෙ ආසිං උදකෙ වාරිගොචරො, තව ධම්මං සුණන්තස්ස අවධී වච්ඡපාලකො.
Sinhala BJT859. මම පෙරැ අත්බැව්හි දියෙහි උපන්නෙම් දියෙහි හැසිරෙන මැඬියෙක් වූයෙමි. ඔබ වහන්සේගේ ධර්‍මය අසද්දී ගොපල්ලෙක් (මා) මැරීය.
Pali BJT860. මුහුත්තං චිත්තප්පසාදස්ස ඉද්ධිං පස්ස යසඤ්ච මෙ, අනුභාවං ච මෙ පස්ස වණ්ණං පස්ස ජුතිඤ්ච මෙ.
Sinhala BJT860. මොහොතක් සිත පැහැදුණු මාගේ ඍද්ධිය ද යසස ද බලනු මැනැවි. මාගේ අනුභාවය ද බලනු මැනැවි. මාගේ ශරීර වර්‍ණය හා පැතිරෙන ප්‍රභාව ද බලනු මැනැවි.
Pali BJT861. යෙ ච තෙ දීඝමද්ධානං ධම්මං අස්සොසුං ගොතම, පත්තා තෙ අචලට්ඨානං යත්ථ ගන්ත්වා න සොචරෙති.
Sinhala BJT861. ගෞතමයන් වහන්ස, යම් කෙනෙක් ඔබවහන්සේගේ ධර්‍මය දිගු කලක් ඇසුවාහු ද ඔහු යම් තැනෙක ගොස් ශෝක නොකරත් ද, ඒ අචලස්ථානයට පැමිණියාහු ය.
Pali BJTමණ්ඩූකදෙවපුත්තවිමානං.
Sinhala BJTමණ්ඩුක දේවපුත්ත විමාන යි.
Pali BJT5. 2.
Sinhala BJT5. 2.
Pali BJT862. චිරප්පවාසිං පුරිසං දූරතො සොත්ථිමාගතං, ඤාතිමිත්තා සුහජ්ජා ච අභිනන්දන්ති ආගතං.
Sinhala BJT862. බොහෝ කලක් නොරට විසූ දුර සිට සැපසේ පැමිණි පුරුෂයකු දැක නෑ මිතුරු සුහදයෝ ඒ පැමිණියහු (යම්සේ) සතුටින් පිළිගනිත් ද,
Pali BJT863. තථෙව කතපුඤ්ඤම්පි අස්මා ලොකා පරං ගතං, පුඤ්ඤානි පතිගණ්හන්ති පියං ඤාතිං ව{1} ආගතන්ති.
Sinhala BJT863. එසේම කළ පිනැති මෙලොවින් පරලොව ගිය පුඟුලා ද පැමිණි ප්‍රිය නෑයකු මෙන් පුණ්‍යයෝ තුමූ පිළිගනිත්.
Pali BJT864. උට්ඨෙහි රෙවතෙ සුපාපධම්මෙ අපාරුතං ද්වාරං{2} අදානසීලෙ නෙස්සාම තං යත්ථ ථුනන්ති දුග්ගතා සමජ්ජතා{3} නෙරයිකා දුඛෙන.
Sinhala BJT864. සුපවිටු දහම් ඇති නො දෙනසුලුවූ රේවතිය, නැගී සිටුව දොර නො වසන ලදී. දුගතියට ගියාවූ නිරා දුකින් යුක්ත වූ නේරයිකයෝ යම් තැනක (පව නො ගෙවෙන තුරු දැඩි දුක් විඳිමින්) තතනත් ද, එහි තී පමුණු වන්නෙමු.
Pali BJT865. ඉච්වෙච{4} වත්වාන යමස්ස දූතා තෙ ද්වෙ යක්ඛා ලොහිතක්ඛා බ්රහන්තා පච්චෙකබාහාසු ගහෙත්වාන රෙවතං පක්කාමයුං දෙවගණස්ස සන්තිකෙති.
Sinhala BJT865. යමදූත වූ ලේවන් ඇස් ඇති මහත් වූ ඒ යක්‍ෂයෝ මෙසේ කියා වෙන වෙන ම දෑතින් රේවතිය අල්වාගෙන (තව්තිසා වැසි) දෙව්ගණයා වෙත පැමිණ වූහ.
Pali BJT866. ආදිච්චවණ්ණං රුචිරං පභස්සරං ව්යම්හං සුභං කඤ්චනජාලඡන්නං කස්සෙතමාකිණ්ණජනං විමානං සුරියස්ස රංසීරිව ජොතමානං
Sinhala BJT866. හිරු රැස් බඳු පැහැ ඇති මනහර වූ පැහැසර වූ යහපත් වූ කසුන් දැලින් ගැවසුණු ජනයාගෙන් පිරුණු හිරුරැස් මෙන් බබළන විසීමට රිසි මේ විමානය කවරක්හුගේ ද?
Pali BJT867. නාරීගණා චන්දනසාරලිත්තං{5} උභතො විමානං උපසොභයන්ති තං දිස්සති සුරියසමානවණ්ණං කො මොදති සග්ගප්පත්තො විමානෙති.
Sinhala BJT867. සඳුන්හර සුවඳින් අලෙව්දුන් සිරුරු ඇති දිව්‍ය ස්ත්‍රීසමූහයෝ විමන් (ඇතුළත පිටත) දෙපස හොබවත්. හිරුට සමාන පැහැ ඇති ඒ විමන පෙනේ. දෙව්ලොව පැමිණි කවරෙක් (මේ) විමනෙහි සතුටු වේ ද?
Pali BJT868. බාරාණසියං නන්දියො නාමාසි උපාසකො අමච්ඡරී දානපතී වදඤ්ඤූ තස්සෙතමාකිණ්ණජනං විමානං සුරියස්ස රංසීරිව ජොතමානං.
Sinhala BJT868. බරණැසැ නො මසුරු දානපති වූ වචන දන්නාවූ නන්‍දිය නම් උපාසකයෙක් විය. ගැවසුණු ජනයා ඇති හිරු රැස් මෙන් බබළන මේ විමන ඔහුගේ ය.
Pali BJT869. නාරීගණා චන්දනසාරලිත්තා උභතො විමානං උපසොභයන්තී තං දිස්සති සුරියසමානවණ්ණං සො මොදති සග්ගප්පත්තො විමානෙති.
Sinhala BJT869. සඳුන්හර සුවඳින් අලෙව්දුන් සිරුරු ඇති (දිව්‍යස්ත්‍රීසමූහයෝ) විමන් (ඇතුළත පිටත) දෙපස හොබවත්. හිරුට සමාන පැහැ ඇති ඒ විමන පෙනේ. දෙව්ලොව පැමිණි හෙතෙමේ මේ විමනෙහි සතුටුවේ.
Pali BJT870. නන්දියස්සාහං භරියා අගාරිනී සබ්බකුලස්ස ඉස්සරා භත්තුවිමානෙ රමිස්සාමි දානහං න පත්ථයෙ නිරයං දස්සනායාති.
Sinhala BJT870. ගෘහිණි වූ සියලු කුලයට ඉසුරුවූ (මම ඒ නන්‍දියගේ බිරිය වෙමි. එහෙයින් හිමි විමනෙහි දැන්) මම සිත් අලවමි. නිරය දැක්මට නො පතමි.
Pali BJT871. එසො තෙ නිරයො සුපාපධම්මෙ පුඤ්ඤං තයා අකතං ජීවලොකෙ න හි මච්ඡරී රොසකො පාපධම්මො සග්ගූපගානං ලභති සහව්යතන්ති.
Sinhala BJT871. සුපවිටු දහම් ඇත්තීය. තෙල තීගේ නිරය ය. තී විසින් මනුලොව දී පිනක් නො කරන ලද. මසුරුවූ අනුන් කුපිත කරවන්නාවූ පවිටු දහම් ඇත්තේ දෙවියන්ගේ සහභාවය නො ලබයි.
Pali BJT872. කින්නු ගූථඤ්ච මුත්තඤ්ච අසුචි{1} පතිදිස්සති, දුග්ගන්ධං කිමිදං මීළ්හං කිමෙතං උපවායතීති.
Sinhala BJT872. කිමෙක් ද? මල මූත්‍ර හා අසූචි දක්නා ලැබෙයි. මේ දුගඳ කුමක්ද? මේ කිනම් අසූචි ගඳෙක් හමාද?
Pali BJT873. එස සංසවකො නාම ගම්භීරො සතපොරිසො, යත්ථ වස්සසහස්සානි තුවං පච්චසි රෙවතෙති.
Sinhala BJT873. රේවතිය, තී දහසක් හවුරුදු යම් තැනෙක පැසෙහි ද, මේ ශතපුරුෂප්‍රමාණ ගැඹුරු වූ සංසවක නම් නිරයයි.
Pali BJT874. කින්නු කායෙන වාචාය මනසා දුක්කතං කතං. කෙන සංසවකො ලද්ධො ගම්භීරො සතපොරිසොති.
Sinhala BJT874. කිම කයින් වචනයෙන් සිතින් නපුරක් කරන ලද ද? කවර හෙයකින් ශතපුරුෂප්‍රමාණ ගැඹුරු වූ සංසවක නම් නිරය ලබන ලද ද?
Pali BJT875. සමණෙ බ්රාහ්මණෙචාපි අඤ්ඤෙවාපි වණිබ්බකෙ, මුසාවාදෙන වඤ්චෙසි තං පාපං පකතං තයා.
Sinhala BJT875. මහණුන් ද බමුණන් ද සෙසු යාචකයන් ද මුසාවාදයෙන් වඤ්චා කෙළෙහිය. තී විසින් ඒ පාපය කරන ලදී.
Pali BJT876. තෙන සංසවකො ලද්ධො ගම්භීරො සතපොරිසො, තත්ථ වස්සසහස්සානි තුවං පච්චසි රෙවතෙ.
Sinhala BJT876. රේවතිය, එහෙයින් ශතපුරුෂප්‍රමාණ ගැඹුරු වූ සංසවක නිරය ලබන ලද. තී එහි දහසක් හව්රුදු පැසෙහි.
Pali BJT877. හත්ථෙපි ඡින්දන්ති අථොපි පාදෙ කණ්ණෙපි ඡින්දන්ති අථොපි තාසං අථොපි කාකොළගණා සමෙච්ච සඞ්ගම්ම ඛාදන්ති විඵන්දමානන්ති.
Sinhala BJT877. අත් ද සිඳිති. යළි පා ද සිඳිති. කන් ද සිඳිති. යළි නැහැය ද සිඳිති. යළි වනකවුඩුමුළුහු එකට එක්රැස්ව සලමින් මස් (විදගෙන) කත්.
Pali BJT878. සාධු ඛො මං පටිනෙථ කාහාමි කුසලං බහුං දානෙන සමචරියාය සඤ්ඤමෙන දමෙන ච යං කත්වා සුඛිතා හොන්ති න ච පච්ඡානුතප්පරෙති.
Sinhala BJT878. යම් කුශලයක් කොට සුවපත් වෙත් ද, නො ද පසුතැවෙත් ද, දානයෙන් ද යහපත් පැවැත්මෙන් ද ශීලසංයමයෙන් ද ඉන්‍ද්‍රිය දමනයෙන් ද, බොහෝ පින් කරන්නෙමි. (එහෙයින්) මා පෙරළා මනුලොවට ගෙන යනු මැනවි.
Pali BJT879. පුරෙ තුවං පමජ්ජිත්වා ඉදානි පරිදෙවසි, සයං කතානං කම්මානං විපාකං අනුභොස්සසීති.
Sinhala BJT879. තො පෙරැ පමා වී දැන් විලාප කියමින් හඬනෙහි තමා කළ කර්‍මයට අනුරූප විපාක විඳින්නෙහිය.
Pali BJT880. කො දෙවලොකතො මනුස්සලොකං, ගන්ත්වාන පුට්ඨො මෙ එවං වදෙය්ය නික්ඛිත්තදණ්ඩෙසු දදාථ දානං අච්ඡාදනං සයන{1}මථන්නපානං න හි මච්ඡරී රොසකො පාපධම්මො සග්ගූපගානං ලභති සහව්යතං.
Sinhala BJT880. දෙව් ලොවින් මිනිස් ලොවට ගොස් මවිසින් විචාරන ලද කවරෙක් මසුරු වූ කිපෙනසුලු වූ පවිටු දහම් ඇත්තේ දෙවියන්ගේ සහභාවය නො ලබයි, බහා තබන ලද දඬු ඇත්තවුන් කෙරෙහි දන් දෙව වත් දෙව සෙනසුන් දෙව අහර පැන් දෙවයි මෙසේ මට කියන්නේ ද,
Pali BJT881. සාහං නූන ඉතො ගන්ත්වා යොනිං ලද්ධාන මානුසිං වදඤ්ඤූ සීලසම්පන්නා කාහාමි කුසලං බහුං දානෙන සමචරියාය සඤ්ඤමෙන දමෙන ච.
Sinhala BJT881. ඒ මම ඒකාන්තයෙන් ම මෙලොවින් සැව මිනිසත් බව ලබා වචන දන්නී ශීලයෙන් යුක්ත වූවා දානයෙන් ද සම පැවැත්මෙන් ද ශීලසංයමයෙන් ද ඉන්‍ද්‍රිය දමනයෙන් ද බොහෝ පින් කරන්නෙමි.
Pali BJT882. ආරාමානි ච රොපිස්සං දුග්ගෙ සඞ්කමනානි ච, පපඤ්ච උදපානඤ්ච විප්පසන්නෙන චෙතසා.
Sinhala BJT882. වෙසෙසින් පහන් සිතින් දුර්‍ගමස්ථානයන්හි හේදඬු ද, පැන් හල් ද, ළිං ද, අරම් වතු වැවීම ද කරන්නෙමි.
Pali BJT883. චාතුද්දසිං පඤ්චදසිං යා ච පක්ඛස්ස අට්ඨමී, පාටිහාරියපක්ඛඤ්ච අට්ඨඞ්ගසුසමාගතං.
Sinhala BJT883. මම පක්‍ෂය පිළිබඳ තුදුස්වක ද පසළොස්වක ද ප්‍රාතිහාර්‍ය්‍ය පක්‍ෂය ද යන දිනයන්හි අටඟින් යුතු,
Pali BJT884. උපොසථං උපවසිස්සං සදා සීලෙසු සංවුතා, න ච දානෙ පමජ්ජීස්සං සාමං දිට්ඨමිදං මයාති.
Sinhala BJT884. පෙහෙවස් වසන්නෙමි. හැමකල්හි සිල්හි සංවෘත වූ මම දානයෙහි පමා නො වන්නෙමි. මෙය මා විසින් තමා ම දක්නා ලදී.
Pali BJT885. ඉච්චෙවං විප්පලපන්තිං ඵන්දමානං තතො තතො, ඛිපිංසු නිරයෙ ඝොරෙ උද්ධපාදං අවංසිරන්ති.
Sinhala BJT885. මෙසේ නන් දොඩවන ඔබ මොබ සැලෙන රේවතිය ගෙන පා උඩුකුරු කොට හිස යටිකුරු කොට ඝෝර වූ සංසවක නිරයෙහි හෙලූහ.
Pali BJT886. අහං පුරෙ මච්ඡරිනී අහොසිං පරිභාසිකා සමණබ්රාහ්මණානං විතථෙන ච සාමිකං වඤ්චයිත්වා පච්චාමහං නිරයෙ ඝොරරූපෙති.
Sinhala BJT886. මම පෙරැ මහණබමුණන්ට බැණවදින සුලුවූ මසුරුලියක් වීමි. මුසවායෙන් සැමියා ද රවටා මේ ගොරබිරම් සැහැවි ඇති (සංසවක) නිරයෙහි පැසෙමි.
Pali BJTරෙවතීවිමානං.
Sinhala BJTරේවතී විමාන යි.
Pali BJT5. 3.
Sinhala BJT5. 3.
Pali BJT887. යො වදතං පවරො මනුජෙසු සක්යමුනී භගවා කතකිච්චො පාරගතො බලවිරියසමඞ්ගී තං සුගතං සරණත්ථමුපෙහි.
Sinhala BJT887. මිනිසුන් අතරැ වාදීන්ගෙන් ශ්‍රේෂ්ඨ වූ ශාක්‍යමුනීන්‍ද්‍ර වූ භාග්‍යවත් වූ කළ කිස ඇති නිවනට පැමිණි කායබල ඤාණ බලයෙන් හා ප්‍රධන් වීර්‍ය්‍යයෙන් යුක්ත වූ යමෙක් වේ ද, ඒ සුගතයන් වහන්සේ වෙත පිහිට පිණිස එළඹෙව.
Pali BJT888. රාගවිරාගමනෙජමසොකං ධම්මමසඞ්ඛතමප්පටිකූලං මධුරමිමං පගුණං සුවිභත්තං ධම්මමිමං සරණත්ථමුපෙහි
Sinhala BJT888. රාගය දුරුකරන්නා වූ තෘෂ්ණා රහිත වූ ශෝක රහිත වූ අප්‍රතිකූල වූ මේ මාර්‍ගඵල නිර්‍වාණධර්‍මය ද (සියලු කල්හි) මිහිරිවූ ප්‍රගුණ වූ මැනැවින් බෙදූ මේ පර්‍ය්‍යාප්ති ධර්‍මය ද පිහිට පිණිස එළඹෙව.
Pali BJT889. යත්ථ ච දින්නමහප්ඵලමාහු චතුසු සුචීසු පුරිසයුගෙසු අට්ඨ ච පුග්ගල ධම්මදසා තෙ සඞ්ඝමිමං සරණත්ථමුපෙහීති.
Sinhala BJT889. යම් ආර්‍ය්‍යසඞ්ඝරත්නයක් කෙරෙහි දෙන ලද්ද මහත් ඵලැයි කීහු ද? පිරිසිදු පුරුෂයුග සතරෙක්හි වූ සිවුසස් හා නිවන් ප්‍රත්‍යක්‍ෂ විසින් දක්නා වූ ඒ පුද්ගලයෝ අටදෙනෙකි, මේ සඞ්ඝයා පිහිට පිණිස එළඹෙව.
Pali BJT890. න තථා තපති නභස්මිං{1} සුරියො චන්දො ච න භාසති න ඵුස්සො යථා අතුලමිදං මහප්පභාසං කො නු ත්වං තිදිවා මහිං උපගා.
Sinhala BJT890. මහත්සේ ප්‍රභාස්වර වූ නිරූපම වූ මේ විමන යම්සේ අහසෙහි බබළා ද හිරු ද එසේ නො ද බබළයි. සඳුද නො ද බබළයි, ඵුස නැකැත් තරුව ද නො ද බබළයි. දෙව්ලොවින් මිහිබට තෝ කවරෙහි?
Pali BJT891. ඡින්දති ච{2} රංසි පභඞ්කරස්ස සාධිකං{3} වීසති යොජනානි ආභා රත්තිම්පි ච යථා දිවං කරොති පරිසුද්ධං විමලං සුභං විමානං.
Sinhala BJT891. (ඒ විමනෙහි) රශ්මිය අයිරා විසි යොදුනක් පැතිරැ හිරු එළිය පවා සිඳලයි. පිරිසිදු විමල් යහපත් (ඒ) විමන රැය ද දහවල මෙන් කෙරෙයි.
Pali BJT892. බහු පදුම විචිත්ත පුණ්ඩරීකං වොකිණ්ණං කුසුමෙහි නෙකචිත්තං අරජවිරජහෙමජාලච්ඡන්නං ආකාසෙ තපති යථාපි සුරියො.
Sinhala BJT892. බොහෝ හෙළපියුම් හා විසිතුරු රත්පියුම් ඇති නන් වැදෑරුම් මලින් ගැවසුණු නන්වැදෑරුම් මල්කම් හා ලිය කමින් විසිතුරු වූ පිරිසුදු නිදොස් කසුන් දැලින් වැසුණු (විමානය) අහසෙහි හිරුමෙන් බබළයි.
Pali BJT893. රත්තම්බරපීතවාසසාහි අගරුපියඞ්ගුචන්දනුස්සදාහි කඤ්චනතනුසන්නිභත්තචාහි පරිපූරං ගගනංව තාරකාහි
Sinhala BJT893. රතුවත් කහවත් ඇති අලෙව්දුන් අගිල් පුවඟු සඳුන් ඇති කසුන් වැනි සියුම් සිවි ඇති දිව්‍ය ස්ත්‍රීන්ගෙන් පිරුණු මේ විමානය තාරකාවන්ගෙන් පිරුණු අහස මෙනි.
Pali BJT894. නරනාරියො බහුකෙත්ථනෙකවණ්ණා කුසුමවිභූසිතා භරණෙත්ථ සුමනා අනිලපමුඤ්චිකා පවන්ති සුරභිං තපනීයවිතතා සුවණ්ණනච්ඡදනා{4}.
Sinhala BJT894. මේ විමන්හි නන්වන්වූ දිව කුසුමින් සැරසූ දිව අබරණ ඇති සතුටු සිත් ඇති රන්කෙඳිවලින් ගැවසූ කේශරවනා ඇති රන් අබරණ පැළඳි දිව්‍ය පුරුෂ ස්ත්‍රීහු බොහෝ වෙත්. මෙහි මඳ සුළඟින් සැලෙන ස්වර්‍ණමය පුෂ්පයෝ සුවඳ විහිදුවත්.
Pali BJT895. කිස්ස සමදමස්ස{5} අයං විපාකො කෙනාසි කම්මඵලෙනිධූපපන්නො යථා ච තෙ අධිගතමිදං විමානං තදනුපදං අවචාසි ඉඞ්ඝ පුට්ඨොති
Sinhala BJT895. මේ විපාකය තෙමේ කිනම් (කායාදී) සංයමයක්හුගේ කිනම් (ඉන්‍ද්‍රිය දමනාදී) දමයක්හුගේ කිනම් කර්‍මයක්හුගේ ඵල විසින් මෙහි උපන්නේ ද? තා විසින් මේ විමන යම්සේ ලබන ලද ද? විචාරන ලද තෝ මා ඇසූ කරුණට සුදුසු කොට කියව.
Pali BJT896. යමිධපථෙ{6} සමෙච්ච මාණවෙන සත්ථානුසාසි අනුකම්පමානො තව රතනවරස්ස ධම්මං සුත්වා කරිස්සාමීති ච බ්රවිත්ථ ඡත්තො.
Sinhala BJT896. මේ මහමඟ බමුණු කුමරකු හමුව ශාස්තෘන් වහන්සේ යමකුට අනුග්‍රහ කරනුවෝ අනුශාසනා කළසේක් ද, ඒ උතුම් රත්න වූ ඔබවහන්සේගේ ධර්‍මය අසා පිළිපදින්නෙමියි ඡත්තමාණවක තෙමේ කීයේය.
Pali BJT897. ජිනවරපවරං{1} උපෙහි{2} සරණං ධම්මඤ්චාපි තථෙව භික්ඛුසඞ්ඝං නොති පඨමං අවොචාහං{3} භන්තෙ පච්ඡා තෙ වචනං තථෙවකාසිං.
Sinhala BJT897. වහන්ස, (සරණාගමනය දනිහි දැයි ඇසූවිට) මම පළමු කොට නො දනිමියි කීයෙමි. පසුව නුඹවහන්සේගේ වචනය එසේම කෙළෙමි. අත්‍යුත්තම වූ බුදුරදුන් ද එසේම ධර්‍මය ද සඞ්ඝයා ද පිහිට කොට යමි.
Pali BJT898. මා ච පාණවධං විවිධං චරස්සු අසුචිං න හි පාණෙසු අසඤ්ඤතං අවණ්ණයිංසු සප්පඤ්ඤා නොති පඨමං අවොචාහං භන්තෙ පච්ඡා තෙ වචනං තථෙවකාසිං.
Sinhala BJT898. අපවිත්‍ර නා නා විධ ප්‍රාණවධය ද නො කරව. පණ්ඩිතයෝ ප්‍රාණීන් කෙරෙහි අසංයමය නො ම වැණූහ. වහන්ස, මම පළමු කොට (පන්සිල් දනිහිදැයි ඇසූවිට) නො දනිමියි කීයෙමි. පසුව නුඹවහන්සේගේ වචනය එසේම කෙළෙමි.
Pali BJT899. මා ච පරජනස්ස රක්ඛිතම්පි ආදාතබ්බමමඤ්ඤිත්ථ{4} අදින්නං නොති පඨමං අවොචාහං භන්තෙ පච්ඡා තෙ වචනං තථෙවකාසිං.
Sinhala BJT899. මෙරමා විසින් රක්නා ලද නුදුන් දෙය ගතයුතු යයි නො සිතව. වහන්ස, මම පළමු කොට (පන්සිල් දනිහිදැයි ඇසූවිට) නො දනිමියි කීයෙමි. පසුව නුඹවහන්සේගේ වචනය එසේම කෙළෙමි.
Pali BJT900. මා ච පරජනස්ස රක්ඛිතායො පරිභරියා අගමා අනරියමෙතං නොති පඨමං අවොචාහං භන්තෙ පච්ඡා තෙ වචනං තථෙවකාසිං.
Sinhala BJT900. මෙරමා විසින් රක්නා ලද පරඹුවන් කරා නොයව මෙය අනාර්‍ය්‍යය. වහන්ස, මම පළමුකොට (පන්සිල් දනිහි දැයි ඇසූවිට) නො දනිමියි කීයෙමි. පසුව නුඹවහන්සේගේ වචනය එසේම කෙළෙමි.
Pali BJT901. මා ච විතථං අඤ්ඤථා අභාණී නහි මුසාවාදං අවණ්ණයිංසු සප්පඤ්ඤා නොති පඨමං අවොචාහං භන්තෙ පච්ඡා තෙ වචනං තථෙවකාසිං.
Sinhala BJT901. අසත්‍යය අසත්‍ය යයි හඟිමින් බොරු නො කියව. පණ්ඩිතයෝ බොරු බස නො වැණූහ. මම පළමු කොට (පන්සිල් දනිහිදැයි ඇසූවිට) නො දනිමියි කීයෙමි. පසුව නුඹවහන්සේගේ වචනය එසේම කෙළෙමි.
Pali BJT902. යෙන ච පුරියස්ස අපෙති සඤ්ඤා තං මජ්ජං පරිවජ්ජයස්සු සබ්බං නො ච පඨමං අවොචාහං භන්තෙ පච්ඡා තෙ වචනං තථෙවකාසිං.
Sinhala BJT902. යම් සුරා පානයකින් පුරුෂයාගේ සංඥාව පහවේ ද, ඒ සියලු රහමෙර දුරුකරව. වහන්ස, මම පළමු කොට (පන්සිල් දනිහිදැයි ඇසූවිට) නො දනිමියි කීයෙමි. පසුව නුඹවහන්සේගේ වචනය එසේ ම කෙළෙමි.
Pali BJT903. සාහං ඉධ පඤ්චසික්ඛා කරිත්වා පටිපජ්ජිත්වා තථාගතස්ස ධම්මෙ ද්වෙපථමගමාසිං චොරමජ්ඣෙ තෙ මං තත්ථ වධිංසු භොගහෙතු.
Sinhala BJT903. ඒ මම මෙහි පන්සිල් ඉටා තථාගතයන් වහන්සේගේ ධර්‍මයෙහි පිළිපැද සොරුන්ගේ මධ්‍යයෙයි දෙමංසන්‍ධියකට පැමිණියෙමි. එහිදී භොග හේතුවෙන් සොරු මා මැරූහ.
Pali BJT904. එත්තකමිදං අනුස්සරාමි කුසලං තතො පරං න මෙ විජ්ජති අඤ්ඤං තෙන සුචරිතෙන කම්මුනාහං උප්පන්නො{5} තිදිවෙසු කාමකාමී.
Sinhala BJT904. මෙ පමණක් වූ මේ කුශලය සිහි කරමි, එයින් මත්තෙහි අන් පිනෙක් මට නැත්තේ ය. මම ඒ පින්කමින් දෙව්ලොවෙහි රිසි කම්සුව ඇතියෙම් (මේ) දෙව්ලොවෙහි උපන්මි.
Pali BJT905. පස්ස ඛණමුහුත්තං සඤ්ඤමස්ස අනුධම්මපටිපත්තියා විපාකං ජලමිව යසසා සමෙක්ඛමානා බහුකා මං පිහයන්ති හීනකම්මා.
Sinhala BJT905. ඇසිල්ලක් රැකි ශීලයෙහි ද දහම් අනුව පිළිපැදීමෙහි ද විපාකය බැලුව මැනවි. යසසින් දිලියෙන්නකු බඳුවූ මා දක්නා මට වඩා හීන සම්පත් ඇති බොහෝ දෙනා (අපිත් කෙසේ නම් මොහු බඳු වන්නමෝ දැයි) පතත්.
Pali BJT906. පස්ස කතිපයාය දෙසනාය සුගතිං චම්හි ගතො සුඛඤ්ච පත්තො යෙ ච තෙ සතතං සුණන්ති ධම්මං මඤ්ඤෙ තෙ අමතං ඵුසන්ති ඛෙමං
Sinhala BJT906. ස්වල්ප වූ දේශනාවෙකින් සුගතියට ද ගියෙමි. සැපයට ද පැමිණියෙම් වෙමි. බැලුව මැනවි, යම් කෙනෙක් දිනපතා ඔබවහන්සේගේ දහම් අසත් නම් ඔහු හැම උවදුරින් මිදුණු අමාමහ නිවන පහසත් යයි සිතමි.
Pali BJT907. අප්පම්පි{1} කතං මහාවිපාකං විපුලං හොති තථාගතස්ස ධම්මෙ පස්ස කතපුඤ්ඤතාය ඡත්තො ඔභාසෙති පඨවිං යථාපි සුරියො
Sinhala BJT907. බුදු රජුන්ගේ අවවාදයෙහි (පිහිටා) කළ මඳ පිනද මහත් විපාක ඇත්තේ මහත් ඵල වේ. බැලුව මැනවි. කළ පිනැති බැවින් ඡත්තමාණවක තෙමේ හිරු පොළොව මෙන් දෙව්ලොව බබුළුවයි.
Pali BJT908. කිමිදං කුසලං කිමාචරෙම ඉච්වෙකෙහි සමෙච්ච මන්තයන්ති තෙ මයං පුනරෙව ලද්ධමානුසත්තං පටිපන්නා විහරෙමු සීලවන්තො.
Sinhala BJT908. කුසල් නම් වූ මේ දැය කෙබඳු ද? කෙසේ හෝ කරමු ද? ඒ අපි නැවත මිනිසත් බව ලබා සිල්වත්ව දහම් පිළිපන්නමෝ වසන්නෙමුයි මෙසේ ඇතැම් දෙවි කෙනෙක් එක්රැස්ව සාකච්ඡා කෙරෙත්.
Pali BJT909. බහුකාරො මනුකම්පකො ච සත්ථා ඉති මෙ සති අගමා දිවාදිවස්ස ස්වාහං උපගතොම්හි සච්චනාමං අනුකම්පස්සු පුනපි සුණොම{2} ධම්මං
Sinhala BJT909. මට ශාස්තෲන් වහන්සේ බොහෝ උපකාර ඇතිසේක. අනුකම්පා කරන සේක. මා ඇතිකල්හි ඉතා දහවල්හි මෙසේ වැඩි සේක. ඒ මම සත්‍ය නම් ඇත්තහු කරා පැමිණියෙම් වෙමි. අනුකම්පා කළ මැනැවි. නැවත ද බණ අසම්හයි කීයේ ය.
Pali BJT910. යෙ චිධ{3} පජහන්ති කාමරාගං භවරාගානුසයං පහාය මොහං න ච තෙ පුන උපෙන්ති{4} ගබ්භසෙය්යං පරිනිබ්බානගතා හි සීතිභූතාති.
Sinhala BJT910. මේ සස්නෙහි යම් කෙනෙක් කාමරාගානුසය දුරලද්ද, මෝහය ප්‍රහීණ කිරීමෙන් භවරාගානුසයයත් දුරලද්ද, පිරිනිවන් පෑ එහෙයින් ම නිවී සැනහුණු ඒ රහත්හු තුමූ නැවැත ගැබ හෝනාබවට නො පැමිණෙත්.
Pali BJTඡත්තමාණවකවිමානං.
Sinhala BJTඡත්ත මාණවක විමාන යි.
Pali BJT5. 4.
Sinhala BJT5. 4.
Pali BJT911. උච්චමිදං මණිථූණං විමානං සමන්තතො ද්වාදස යොජනානි කූටාගාරා සත්තසතා උළාරා වෙළුරියත්ථම්හා රුචකත්ථතා{5} සුභා.
Sinhala BJT911. ඉතා උස් වූ පියුම්රා මිණිඈයෙන් කළ ටැම් ඇති මේ විමානය හාත්පස දොළොස් යොදුනක් තැන වෙරළු මිණියෙන් කළ ටැම් ඇති රුවන් පෝරු ඇතිරූ බිම් ඇති උදාර වූ යහපත් වූ කුළු ගෙවල් සත් සියයෙක් වෙයි.
Pali BJT912. තත්ථච්ඡසි පිවසි ඛාදසි ච දිබ්බා ච වීණා පවදන්ති වග්ගුං දිබ්බා රසා කාමගුණෙත්ථ පඤ්ච නාරියො ච නච්චන්ති සුවණ්ණඡන්නා.
Sinhala BJT912. එහි තෝ සිටිනෙහි ය. පානය කරන්නෙහි ය. අනුභව කරන්නෙහි ය. දිව්‍ය වීණාවෝ ද මිහිරිසේ වාදනය වෙති. මෙහි දිව්‍යමය වූ පස්කම් ගුණයෝ වෙති. ස්වර්‍ණාභරණයෙන් විභූෂිත වූ නාරීහු ද රඟ දක්වත්.
Pali BJT913. කෙන තෙ තාදිසො වණ්ණො කෙන තෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච තෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT913. කවර හේතුවකින් තට මෙබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනකින් තාගේ සුචරිත ඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනකින්) තට පහළ වෙත් ද?
Pali BJT914. පුච්ඡාමි තං දෙව මහානුභාව මනුස්සභූතො කිමකාසි පුඤ්ඤං කෙනාසි එවං ජලිතානුභාවො වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT914. මහත් අනුභාව ඇති දිව්‍යපුත්‍රය තා විචාරමි. මිනිස් වූයේ කවර පිනක් කෙළෙහි ද? තාගේ මේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ද්ධි ඇති වෙහි ද?
Pali BJT915. සො දෙවපුත්තො අත්තමනො මොග්ගල්ලානෙන පුච්ඡිතො, පඤ්හං පුට්ඨො වියාකාසි යස්ස කම්මස්සිදං ඵලං.
Sinhala BJT915. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දිව්‍යපුත්‍ර තෙමේ තුටුසිත් ඇත්තේ මේ පුණ්‍ය ඵලය යම් කවර කර්‍මයක්හුගේ දැයි පැන විචාරන ලද්දේ (මෙසේ) පැවසී ය.
Pali BJT916. සතිං සමුප්පාදකරො{1} ද්වාරෙ කක්කටකො ඨිතො, නිට්ඨිතො ජාතරූපස්ස සොභති දසපාදකො.
Sinhala BJT916. රනින් නිමවනලද (දෙපසින්) දස පයක් ඇති මෙනම් කුශලයෙන් මේ සම්පත් ලදැයි සිහි උපදවන්නා වූ රන් කකුළුවෙක් දොරටුවෙහි (එල්බ) සිටියේ බබළයි.
Pali BJT917. තෙන මෙ තාදිසො වණ්ණො තෙන මෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT917. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මනවඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
Pali BJT918. අක්ඛාමි තෙ භික්ඛු මහානුභාව මනුස්සභූතො යමකාසි පුඤ්ඤං තෙනම්හි එවං ජලිතානුභාවො වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT918. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස මිනිස්වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තෙම් වෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
Pali BJTකක්කටකරසදායකවිමානං.
Sinhala BJTකක්කටකරස දායක විමාන යි.
Pali BJT5. 5.
Sinhala BJT5. 5.
Pali BJT919. උච්චමිදං මණිථූණං විමානං සමන්තතො ද්වාදස යොජනානි කූටාගාරා සත්තසතා උළාරා වෙළුරියත්ථම්භා රුචකත්ථතා සුභා.
Sinhala BJT919. ඉතා උස් වූ පියුම්රා මිණිඈයෙන් කළ ටැම් ඇති මේ විමානය හාත්පස දොළොස් යොදුනක් තැන වෙරළුමිණියෙන් කළ ටැම් ඇති රන්පෝරු ඇතුරූ බිම් ඇති උදාර වූ යහපත් වූ කුළුගෙවල් සත් සියයෙක් වෙයි.
Pali BJT920. තත්ථච්ඡසි පිවසි ඛාදසිච දිබ්බා ච වීණා පවදන්ති වග්ගුං දිබ්බා රසා කාමගුණෙත්ථ පඤ්ච නාරියො ච නච්චන්ති සුවණ්ණඡන්නා.
Sinhala BJT920. එහි ඔබ සිටිනෙහි ය, පානය කරන්නෙහි ය, අනුභව කරන්නෙහි ය, දිව්‍ය වීණාවෝ ද මිහිරිසේ වාදනය වෙත්. මෙහි දිව්‍යමය වූ පස්කම් ගුණයෝ වෙති. ස්වර්‍ණාභරණයෙන් විභූෂිත වූ නාරීහු ද රඟ දක්වත්.
Pali BJT921. කෙන තෙ තාදිසො වණ්ණො කෙන තෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච තෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT921. කවර හේතුවකින් තට මෙබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනකින් තාගේ සුචරිත ඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනකින්) තට පහළ වෙත් ද?
Pali BJT922. පුච්ඡාමි තං දෙව මහානුභාව මනුස්සභූතො කිමකාසි පුඤ්ඤං කෙනාසි එවං ජලිතානුභාවො වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT922. මහත් අනුභාව ඇති දිව්‍යපුත්‍රය, තා විචාරමි. මිනිස් වූයේ කවර පිනක් කෙළෙහි ද? තාගේ මේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තේ වෙහි ද?
Pali BJT923. සො දෙවපුත්තා අත්තමනො මොග්ගල්ලානෙන පුච්ඡිතො, පඤ්හං පුට්ඨො වියාකාසි යස්ස කම්මස්සිදං ඵලං.
Sinhala BJT923. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දිව්‍යපුත්‍ර තෙමේ තුටුසිත් ඇත්තේ මේ පුණ්‍ය ඵලය යම් කවර කර්‍මයක්හුගේ දැයි පැන විචාරන ලද්දේ (මෙසේ) පැවැසීය.
Pali BJT924. දිබ්බං මමං වස්සසහස්සමායු වාචාභිගීතං මනසා පවත්තිතං එත්තාවතා ඨස්සති පුඤ්ඤකම්මො දිබ්බෙහි කාමෙහි සමඞ්ගිභූතො.
Sinhala BJT924. මාගේ ආයුෂය දිව්‍යමය වූ වර්‍ෂ සහස්‍රයෙකි. වචනයෙන් පිළිසඳර කරන ලදී. සිතින් පැහැදීම පවත්වන ලදී. මෙ පමණකින් කළ පින් ඇත්තේ දිව්‍ය වූ කාමයන්ගෙන් යුක්තවූ යේ වාසය කරන්නේ යි.
Pali BJT925. තෙන මෙ තාදිසො වණ්ණො තෙන මෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT925. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
Pali BJT926. අක්ඛාමි තෙ භික්ඛු මහානුභාව මනුස්සභූතො යමකාසි පුඤ්ඤං තෙනම්හි එවං ජලිතානුභාවො වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT926. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තෙම් වෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුව යි.
Pali BJTද්වාරපාලකවිමානං.
Sinhala BJTද්වාරපාලක විමාන යි.