Pali BJTවිහාරවිමානං.
Sinhala BJTවිහාරවිමාන යි.
Pali BJTභාණවාරං දුතියං.
Sinhala BJTදෙවන බණවර යි.
Pali BJT4. 7.
Sinhala BJT4. 7.
Pali BJT756. අභික්කන්තෙන වණ්ණෙන යා ත්වං තිට්ඨසි දෙවතෙ, ඔභාසෙන්ති දිසා සබ්බා ඔසධී විය තාරකා
Sinhala BJT756. (එම්බා) දෙව්දුව, යම්බඳු වූ තී මනා රුසිරෙන් සියලු දිගුන් බබුළුවන්නී දවහත් තරුව සේ සිටින්නෙහි.
Pali BJT757. කෙන තෙ තාදිසො වණ්ණො කෙන තෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච තෙ භොගා යෙ කෙචි මනසො පියා
Sinhala BJT757. කවර හේතුවකින් තිට එබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?
Pali BJT758. පුච්ඡාමි තං දෙවි මහානුභාවෙ මනුස්සභූතා කිමකාසි පුඤ්ඤං කෙනාසි එවං ජලිතානුභාවා වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතී’ති
Sinhala BJT758. මහත් ආනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද? තීගේ මේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ධි ඇත්තී වෙහි ද.
Pali BJT759. සා දෙවතා අත්තමනා මොග්ගල්ලානෙන පුච්ඡිතා, පඤ්හං පුට්ඨා වියාකාසි යස්ස කම්මස්සිදං ඵලං
Sinhala BJT759. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි (මෙසේ) පැවසූ ය.
Pali BJT760. ඉන්දීවරානං හත්ථකං අහමදාසිං භික්ඛුනො පිණ්ඩාය චරන්තස්ස එසිකානං උන්නතස්මිං නගරවරෙ පණ්ණකතෙ රම්මෙ
Sinhala BJT760. මම එසිකා රට උස්බිම් පෙදෙසක පිහිටි මනරම් වූ උතුම් පණ්ණකත නම් නුවරැ පිඬු පිණිස හැසිරෙන භික්‍ෂුනමක්හට ඇසළ මල් කළඹක් දුනිමි.
Pali BJT761. තෙන මෙ තාදිසො වණ්ණො තෙන මෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT761. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
Pali BJT762. අක්ඛාමි තෙ භික්ඛු මහානුභාව මනුස්සභූතා යමහං අකාසිං, තෙනම්හි එවං ජලිතානුභාවා වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතී’ති. (ඉන්දීවරදායිකා)
Sinhala BJT762. මහත් ආනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් දුවක් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තී වෙමි. මාගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. (ඉන්‍දීවරදායිකා)
Pali BJT763. අභික්කන්තෙන වණ්ණෙන යා ත්වං තිට්ඨසි දෙවතෙ, ඔභාසෙන්ති දිසා සබ්බා ඔසධී විය තාරකා
Sinhala BJT763. (එම්බා) දෙව්දුව, යම්බඳුවූ තෝ මනා රුසිරෙන් සියලු දිගුන් බබුළුවන්නී දවහත් තරුව සේ සිටිනෙහි.
Pali BJT764. කෙන තෙ තාදිසො වණ්ණො කෙන තෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච තෙ භොගා යෙ කෙචි මනසො පියා
Sinhala BJT764. කවර හේතුවකින් තිට එබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?
Pali BJT765. පුච්ඡාමි තං දෙවි මහානුභාවෙ මනුස්සභූතා කිමකාසි පුඤ්ඤං කෙනාසි එවං ජලිතානුභාවා වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතී’ති
Sinhala BJT765. මහත් ආනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද? තිගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ධි ඇත්තී වෙහි ද?
Pali BJT766. සා දෙවතා අත්තමනා මොග්ගල්ලානෙන පුච්ඡිතා, පඤ්හං පුට්ඨා වියාකාසි යස්ස කම්මස්සිදං ඵල’න්ති.
Sinhala BJT766. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි (මෙසේ) පැවසූ ය.
Pali BJT767. නීලුප්පලහත්ථකං අහමදාසිං භික්ඛුනො පිණ්ඩාය චරන්තස්ස එසිකානං උන්නතස්මිං නගරවරෙ පණ්ණකතෙ රම්මෙ
Sinhala BJT767. මම එසිකාරට උස්බිම් පෙදෙසක පිහිටි මනරම් වූ උතුම් පණ්ණකත නම් නුවරැ පිඬු පිණිස හැසිරෙන භික්‍ෂු නමක්හට නිලුපුල් කළඹක් දුනිමි.
Pali BJT768. තෙන මෙ තාදිසො වණ්ණො තෙන මෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT768. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
Pali BJT769. අක්ඛාමි තෙ භික්ඛු මහානුභාව මනුස්සභූතා යමහං අකාසිං තෙනම්හි එවං ජලිතානුභාවා වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතී’ති. (නීල්ලුප්පලදායිකා)
Sinhala BJT769. මහත් ආනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් දුවක් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තී වෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. (නිලුප්පලදායිකා)
Pali BJT770. අභික්කන්තෙන වණ්ණෙන යා ත්වං තිට්ඨසි දෙවතෙ, ඔභාසෙන්ති දිසා සබ්බා ඔසධී විය තාරකා
Sinhala BJT770. (එම්බා) දෙව්දුව, යම්බඳු වූ තෝ මනා රුසිරෙන් සියලු දිගුන් බබුළුවන්නී දවහත් තරුව සේ සිටිනෙහි?
Pali BJT771. කෙන තෙ තාදිසො වණ්ණො කෙන තෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච තෙ භොගා යෙ කෙචි මනසො පියා
Sinhala BJT771. කවර හේතුවකින් තිට එබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධවේ ද? මන වඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද ඒ සම්පත්තීහු කවර පිනෙකින් තිට පහළ වෙත් ද?
Pali BJT772. පුච්ඡාමි තං දෙවි මහානුභාවෙ මනුස්සභූතා කිමකාසි පුඤ්ඤං කෙනාසි එවං ජලිතානුභාවා වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතී’ති
Sinhala BJT772. මහත් ආනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද? තීගේ මේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ධි ඇත්තී වෙහි ද?
Pali BJT773. සා දෙවතා අත්තමනා මොග්ගල්ලානෙන පුච්ඡිතා, පඤ්හං පුට්ඨා වියාකාසි යස්ස කම්මස්සිදං ඵලන්ති
Sinhala BJT773. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි (මෙසේ) පැවසූ ය.
Pali BJT774. ඔදාතමූලකං හරිතපත්තං උදකස්මිං සරෙ ජාතං අහමදාසිං භික්ඛුනො පිණ්ඩාය චරන්තස්ස එසිකානං උන්නතස්මිං නගරවරෙ පණ්ණකතෙ රම්මෙ
Sinhala BJT774. මම එසිකා රට උස්බිම් පෙදෙසක පිහිටි මනරම් වූ උතුම් පණ්ණකත නම් නුවරැ පිඬු පිණිස හැසිරෙන භික්‍ෂුනමක්හට විල්දියෙහි හටගත් පලාවන් මිණිපත් ඇති සුදුමල් ඇති පියුම් කළඹක් දුනිමි.
Pali BJT775. තෙන මෙ තාදිසො වණ්ණො තෙන මෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT775. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
Pali BJT776. අක්ඛාමි තෙ භික්ඛු මහානුභාව මනුස්සභූතා යමහං අකාසි තෙනම්හි එවං ජලිතානුභාවා වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතී’ති. (ඔදාතමූලදායිකා)
Sinhala BJT776. මහත් ආනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් දුවක් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තී වෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. (ඕදාතමූලදායිකා)
Pali BJT777. අභික්කන්තෙන වණ්ණෙන යා ත්වං තිට්ඨසි දෙවතෙ, ඔභාසෙන්තී දිසා සබ්බා ඔසධී විය තාරකා
Sinhala BJT777. (එම්බා) දෙව්දුව, යම්බඳු වූ තෝ මනා රුසිරෙන් සියලු දිගුන් බබුළුවන්නී දවහත් තරුව සේ සිටින්නෙහි.
Pali BJT778. කෙන තෙ තාදිසො වණ්ණො කෙන තෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච තෙ භොගා යෙ කෙචි මනසො පියා
Sinhala BJT778. කවර හේතුවකින් තිට එබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු කවර පිනෙකින් තිට පහළවෙත් ද?
Pali BJT779. පුච්ඡාමි තං දෙවි මහානුභාවෙ මනුස්සභූතා කිමකාසි පුඤ්ඤං කෙනාසි එවං ජලිතානුභාවා වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතී’ති
Sinhala BJT779. මහත් ආනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද? තීගේ මේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ධි ඇත්තී වෙහි ද?
Pali BJT780. සා දෙවතා අත්තමනා මොග්ගල්ලානෙන පුච්ඡිතා, පඤ්හං පුට්ඨා වියාකාසි යස්ස කම්මස්සිදං ඵල’න්ති
Sinhala BJT780. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැයි (මෙසේ) පැවසූ ය.
Pali BJT781. අහං සුමනා සුමනස්ස සුමනමකුළානි දන්තවණ්ණානි අහමදාසිං භික්ඛුනො පිණ්ඩාය චරන්තස්ස එසිකානං උන්නතස්මිං නගරවරෙ පණ්ණකතෙ රම්මෙ
Sinhala BJT781. සුමනා නම් වූ මම එසිකා රට උස්බිම් පෙදෙසක පිහිටි මනරම් වූ උතුම් පණ්ණකත නම් නුවරැ පිඬු පිණිස හැසිරෙන මනා සිතැති භික්‍ෂුනමක්හට ලියූ ඇත්දළ පැහැඇති දෑසමන් මල්කැකුළු දුනිමි.
Pali BJT782. තෙන මෙ තාදිසො වණ්ණො තෙන මෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා
Sinhala BJT782. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
Pali BJT783. අක්ඛාමි තෙ භික්ඛු මහානුභාව මනුස්සභූතා යමහං අකාසිං තෙනම්හි එවං ජලිතානුභාවා වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතී’ති (සුමනමකුළදායිකා)
Sinhala BJT783. මහත් ආනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් දුවක් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තී වෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. (සුමනමකුළදායිකා)
Pali BJTචතුරිත්ථිවිමානං.
Sinhala BJTචතුරිත්තිවිමාන යි.
Pali BJT4. 8.
Sinhala BJT4. 8.
Pali BJT784. දිබ්බංතෙ අම්බවනං රම්මං පාසාදෙත්ථ මහල්ලකො, නානා තුරියසඞ්ඝුට්ඨො අච්ඡරාගණ ඝොසිතො
Sinhala BJT784. (එම්බා දෙව්දුව) තීගේ දිව්‍යමය වූ අඹවනය සිත්කලු ය. මෙහි නොයෙක් තුරු රැවින් ඝෝෂිත වූ අප්සරා සමූහයා විසින් හඬ නැගුණු මහත් වූ පහයෙක් වෙයි.
Pali BJT785. පදීපො චෙත්ථ ජලති නිච්චං සොවණ්ණමයො මහා, දුස්සඵලෙහි රුක්ඛෙහි සමන්තා පරිවාරිතො
Sinhala BJT785. මෙහි රන්මුවා මහපහනෙක් නිතර දිලෙයි. හාත්පස වස්ත්‍රමය ඵලඇති වෘක්‍ෂයන්ගෙන් පිරිවරණ ලද්දේ ය.
Pali BJT786. කෙන තෙ තාදිසො වණ්ණො තෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච තෙ භොගා යෙ කෙචි මනසො පියා
Sinhala BJT786. කවර හේතුවකින් තිට මෙබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නාවූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළවෙත් ද?
Pali BJT787. පුච්ඡාමි තං දෙවි මහානුභාවෙ මනුස්සභූතා කිමකාසි පුඤ්ඤං කෙනාසි එවං ජලිතානුභාවා වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතී’ති
Sinhala BJT787. මහත් ආනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද? තීගේ මේ සිරුරු පැහැයද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ධි ඇත්තී වෙහි ද?
Pali BJT788. සා දෙවතා අත්තමනා මොග්ගල්ලානෙන පුච්ඡිතා, පඤ්හං පුට්ඨා වියාකාසි යස්ස කම්මස්සිදං ඵල’න්ති
Sinhala BJT788. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි (මෙසේ) පැවසූ ය.
Pali BJT789. අහං මනුස්සෙසු මනුස්සභූතා පුරිමාය ජාතියා මනුස්සලොකෙ විහාරං සඞ්ඝස්ස කාරෙසිං අම්බෙහි පරිවාරිතං
Sinhala BJT789. මම පෙර අත්බැව්හි මිනිස්ලොවැ මිනිසුන් අතරැ මිනිස් දුවක් වූවා අඹරුක්වලින් පිරිවැරුණු විහාරයක් සඟුන්උදෙසා කරවීමි.
Pali BJT790. පරියොසිතෙ විහාරෙ කාරෙන්තෙ නිට්ඨිතෙ මහෙ, අම්බෙ අච්ඡාදයිත්වාන{1} කත්වා දුස්සමයෙ ඵලෙ
Sinhala BJT790. විහාරය නිමි කල්හි පූජාව නිමි කල්හි වස්ත්‍රමයඵල කොට අඹරුක් සරසා,
Pali BJT791. පදීපං තත්ථ ජාලෙත්වා භොජයිත්වා ගණුත්තමං, නීයාදෙසිං තං සඞ්ඝස්ස පසන්නා හොති පාණිහි
Sinhala BJT791. එහි පහනක් දල්වා උතුම් වූ සඞ්ඝයා වළඳවා පහන් වූවා සියතින් එය සඞ්ඝයාට පිළිගැන්වීමි.
Pali BJT792. තෙන මෙ අම්බවනං රම්මං පාසාදෙත්ථ මහල්ලකො, නානාතුරිය සඞ්ඝුට්ඨො අච්ඡරාගණ ඝොසිතො
Sinhala BJT792. (වහන්ස) එයින් මගේ අඹවනය සිත්කලු ය. මෙහි නොයෙක් තුරු රැවින් හඬ නැගුණු දිව්‍යප්සරා සමූහයෙන් ඝෝෂිත වූ මහත් පහයෙක් වෙයි.
Pali BJT793. පදීපො චෙත්ථ ජලති නිච්චං සොවණ්ණමයො මහා, දුස්සඵලෙහි රුක්ඛෙහි සමන්තා පරිවාරිතො
Sinhala BJT793. මෙහි රන්මුවා මහ පහනෙක් නිතර දැල්වෙයි. හාත්පස වස්ත්‍රමය ඵල ඇති වෘක්‍ෂයන්ගෙන් පිරිවැරුණේ ය.
Pali BJT794. තෙන මෙ තාදිසො වණ්ණො තෙන මෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා
Sinhala BJT794. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
Pali BJT795. අක්ඛාමි තෙ භික්ඛු මහානුභාව මනුස්සභූතා යමහං අකාසිං තෙනම්හි එවං ජලිතානුභාවා වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතී’ති
Sinhala BJT795. මහත් ආනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් දුවක් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තී වෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
Pali BJTඅම්බවිමානං.
Sinhala BJTඅම්බවිමාන යි.
Pali BJT4. 9.
Sinhala BJT4. 9.
Pali BJT796. පීතවත්ථෙ පීතධජෙ පීතාලඞ්කාරභූසිතෙ, පීතචන්දනලිත්තඞ්ගෙ පීතඋප්පලමාලිනි{1}
Sinhala BJT796. රන්වන් වත් ඇති රන්වන් දද ඇති රන්වන් අබරණින් සැරසුණු රන්සඳුන් අලෙව්දුන් සිරුරු ඇති රන්උපුල්මල් පැලඳි,
Pali BJT797. පීතපාසාදසයනෙ පීතාසනෙ පීතභාජනෙ, පීතඡත්තෙ පීතරථෙ පීතස්සෙ පීතවීජනෙ.
Sinhala BJT797. රන් පහයෙන් හා රනින් පිරිකෙව් කළ යහනින් හෙබි රන් ආසන ඇති රන්වන්බඳුන් ඇති රන්සත් ඇති රන්රිය ඇති රන්අසුන් ඇති රන් වල් විදුනා ඇති.
Pali BJT798. කිං කම්මමකරී භද්දෙ පුබ්බෙ මානුසකෙ භවෙ, දෙවතෙ පුච්ඡිතාචික්ඛ කිස්ස කම්මස්සිදං ඵල’න්ති.
Sinhala BJT798. සොඳුර, තී පෙර මිනිස්ලොවැ කිනම් කුශලකර්‍මයක් කෙළෙහි ද? (එම්බා) දෙව්දුව, විචාරනලද්දී මේ කිනම් කර්‍මයක්හුගේ විපාකයක් දැ යි කියව.
Pali BJT799. කොසාතකී නාම ලතත්ථි භන්තෙ කිත්තිතා අනභිජ්ඣිතා,{2} තස්සා චත්තාරි පුප්ඵානි ථූපං අභිහරිං අහං.
Sinhala BJT799. සක්රජතුමනි, කෝසාතකී (වැටකොළු) යි ප්‍රසිද්ධ වැලක් ඇත්තේ ය. බලාපොරොත්තු රහිත වූ මම ඒ වැලේ මල් සතරක් බුදුරජුන්ගේ ධාතු චෛත්‍යය කරා ගෙන ගියෙමි.
Pali BJT800. සත්ථු සරීරමුද්දිස්ස විප්පසන්නෙන චෙතසා, නාස්ස මග්ගං අවෙක්ඛිස්සං තදග්ගමනසා{3} සති.
Sinhala BJT800. ශාස්තෲන් වහන්සේගේ ධාතුශරීරය උදෙසා වෙසෙසින් පහන් සිතින් ඒ සෑය කෙරෙහි ගිය සිත් ඇත්තී ඒ දෙන ආ මඟ නො දැක්කෙමි.
Pali BJT801. තතො මං අවධී ගාවී ථූපං අප්පත්තමානසං, තඤ්චාහං අභිසඤ්චෙය්යං භීයො නූන ඉතො සියා.
Sinhala BJT801. එහෙයින් (ඒ) දෙන සෑය වෙත නො ගියසිත් ඇති (අසම්පූර්‍ණවූ පූජාමය මනදොළ ඇති) මා මැරී ය. ඉදින් මම ඒ පින් රැස් කෙළෙම් නම් මෙයට වඩා උතුම් සැපතක් වන්නේ යයි සිතමි.
Pali BJT802. තෙන කම්මෙන දෙවින්ද මඝවා දෙවකුඤ්ජර, පහාය මානුසං දෙහං තව සහව්යතමාගතා, ති{4}
Sinhala BJT802. දේවේන්‍ද්‍රය, මඝවත් නම් දේවොත්තමය, ඒ කර්‍මයෙන් මිනිස් සිරුර හැරැපියා ඔබගේ සහභාවයට පැමිණියා වෙමි.
Pali BJT803. ඉදං සුත්වා තිදසාධිපති මඝවා දෙවකුඤ්ජරො, තාවතිංසෙ පසාදෙන්තො මාතලිං එතදබ්රවී, ති.
Sinhala BJT803. තිදස් පුරට අධිපති වූ මඝවත් නම් දේවශ්‍රේෂ්ඨ තෙමේ මෙබස් තව්තිසා වැසියන් පහදවනුයේ මාතලී දෙව්පුත්හට මෙසේ කීයේ ය.
Pali BJT804. පස්ස මාතලි අච්ඡෙරං චිත්තං කම්මඵලං ඉදං, අප්පකම්පි කතං දෙය්යං පුඤ්ඤං හොති මහප්ඵලං
Sinhala BJT804. මාතලී, අසිරිමත් වූ විසිතුරු වූ මේ කර්‍මඵලය බලව, දියයුත්ත ස්වල්ප විසින් නමුත් දෙනලද්දේ ද (එහි) පින මහත්ඵල ඇත්තේ වේ.
Pali BJT805. නත්ථි චිත්තෙ පසන්නම්හි අප්පිකා{1}නාම දක්ඛිණා, තථාගතෙ වා සම්බුද්ධෙ අථවා තස්ස සාවකෙ.
Sinhala BJT805. තථාගත සම්බුදුන් කෙරෙහි හෝ උන්වහන්සේගේ සව්වන් කෙරෙහි හෝ සිත පහන් කල්හි දෙන දක්‍ෂිණා තොමෝ ස්වල්ප වූවා නම් නො වේ.
Pali BJT806. එහි මාතලි අම්හෙපි භිය්යො භිය්යො මහෙමසෙ, තථාගතස්ස ධාතුයො සුඛො පුඤ්ඤානමුච්චයො.
Sinhala BJT806. මාතලී, එව අපිදු තථාගතයන් වහන්සේගේ වඩ වඩාත් පුදමු. පින් රැස්කිරීම සැප වේ.
Pali BJT807. තිට්ඨන්තෙ නිබ්බුතෙ චාපි සමෙ චිත්තෙ සමං ඵලං, චෙතොපණිධිහෙතූහි සත්තා ගච්ඡන්ති සුග්ගතිං.
Sinhala BJT807. ධරමාන බුදුරදුන් කෙරෙහි ද පිරිනිවී බුදුරදුන් කෙරෙහි ද සමසිත් ඇති කල්හි සම විපාක වේ. ඒ එසේ මැ යි, චිත්තප්‍රණිධිය හේතුකොටගෙන සත්ත්‍වයෝ සුගතියට යෙත්.
Pali BJT808. බහුන්නං{2} වත අත්ථාය උප්පජ්ජන්ති තථාගතා, යත්ථ කාරං කරිත්වාන සග්ගං ගච්ඡන්ති දායකා, ති.
Sinhala BJT808. යමකු කෙරෙහි පූජා සත්කාර කොට දායකයෝ සුගතියට යෙත් ද, (ඒ) තථාගතවරයෝ ඒකාන්තයෙන් ම බොහෝදෙනාට වැඩ පිණිස උපදිත්.
Pali BJTපීත විමානං.
Sinhala BJTපීතවිමාන යි.
Pali BJT4. 10.
Sinhala BJT4. 10.
Pali BJT809. ඔභාසයිත්වා පඨවිං සදෙවකං අතිරොචසි චන්දිමසුරියා විය සිරියා ච වණ්ණෙන යසෙන තෙජසා බ්රහ්මා ව දෙවෙ තිදසෙ සඉන්දකෙ.
Sinhala BJT809. (එම්බා දෙව්දුව තෝ) සඳ හිරු මෙන් අහස පොළව එකලු කොට අතිශයින් බබළහි. ශෝභාවෙන් ද ශරීර වර්‍ණයෙන් ද පරිවාරයෙන් ද ස්වකීය අනුභාවයෙන් ද ඉන්‍ද්‍රයා සහිත තව්තිසා වැසි දෙවියන් ඉක්මවා බබළන බ්‍රහ්මයා මෙනි.
Pali BJT810. පුච්ඡාමි තං උප්පලමාලධාරිණී ආවෙළිනී කඤ්චන සන්තිභත්තචෙ අලඞ්කතෙ උත්තමවත්ථධාරිණී කා ත්වං සුභෙ දෙවතෙ වන්දසෙ මමං
Sinhala BJT810. උපුල්මල් දරන රුවන්මුවා මලින් නැගුණු රැළි ඇති රන්වන් සිවි ඇති උතුම් වත් දරන සැරසුණු සොඳුරු දෙව්දුව, මා වඳනෙහි, (ඒ) තෝ කවරැයි විචාරමි.
Pali BJT811. කිං ත්වං පුරෙ කම්මමකාසි අත්තනා මනුස්සභූතා පුරිමාය ජාතියා දානං සුචිණ්ණං අථ සීලසඤ්ඤමං කෙනූපපන්නා සුගතිං යසස්සිනී. දෙවතෙ පුච්ඡිතාචික්ඛ කිස්ස කම්මසිදං ඵල’න්ති.
Sinhala BJT811. තෝ පෙර අත්බැව්හි මිනිස්දුවක් වූවා කිනම් කර්‍මයක් කෙළෙහි ද? මැනැවින් දැන් දෙනලද ද? නැතහොත් සිල් රක්නා ලද ද? කුමකින් යසස් ඇතිව සුගතියෙහි උපන්නී වෙහි ද? (එම්බා) දෙව්දුව, විචාරනලද්දී මේ විපාකය කවර කර්‍මයක්හුගේ දැ යි කියව.
Pali BJT812. ඉදානි භන්තෙ ඉමමෙව ගාමං පිණ්ඩාය අම්හාක ඝරං උපාගමි තතො තෙ උච්ඡුස්ස අදාසිං ඛණ්ඩිකං පසන්නචිත්තා අතුලාය පීතියා.
Sinhala BJT812. වහන්ස, මෙකල්හි (භික්‍ෂුනමක්) පිඬු පිණිස මේ ගමෙහි අප ගෙට එළඹියේ ය. ඉක්බිති උන්වහන්සේට පහන් සිතැත්තී ඉමහත් ප්‍රීතියෙන් උක්දඬුකඩක් පිදුවෙමි.
Pali BJT813. සස්සු ච පච්ඡා අනුයුඤ්ජතෙ මමං කහං නු උච්ඡු වධකෙ අවාකිරි නච්ඡඩ්ඪිතං නො පන ඛාදිතං මයා සන්තස්ස භික්ඛුස්ස සයං අදාසහං.
Sinhala BJT813. පසුව නැන්දණියෝ “යෙහෙළිය, උක්දඬුකඩ කොහි දැමුවෙහි දැ” යි මා විචාළහ. එය මා විසින් බැහැර නො දමනලද. නො ද අනුභව කරන ලදි. මම සන්සුන් කෙලෙස් ඇති භික්‍ෂුනමකට පිදුවෙමි.
Pali BJT814. තුය්හංනවිදං ඉස්සරියං අථො මම ඉතිස්සා{1} සස්සු පරිහාසතෙ මමං ලෙඩ්ඩුං ගහෙත්වා පහාරං අදාසි මෙ තතො චුතා කාලකතාම්භි දෙවතා.
Sinhala BJT814. ගෙහි මේ අධිපතිභාවය තීගේ ද, නැතහොත් මාගේ දැ යි මෙසේ නැන්දණියෝ මට පරිභව කළහ. නැවත කැටක් ගෙන මට පහර දුන්හ. කලුරියකළා වූ මම එයින් සැව දෙව්දුවක් වූවා වෙමි.
Pali BJT815. තදෙව කම්මං කුසලං කතං මයා සුඛඤ්ච කම්මං අනුභොමි අත්තනා දෙවෙහි සද්ධිං පරිචාරයාමහං මොදාමහං කාමගුණෙහි පඤ්චහි.
Sinhala BJT815. මා විසින් ඒ කුශලකර්‍මය පමණක් කරන ලදී. තමා විසින් (කරන ලද) ඒ කුශලකර්‍මය කරණ කොටගෙන ම (මේ) සැප විඳිමි. මම දෙවියන් සමග හැසිරෙමි. මම පස්කම් ගුණයෙන් සතුටු වෙමි.
Pali BJT816. තදෙව කම්මං කුසලං කතං මයා සුඛඤ්ච කම්මං අනුභොමි අත්තනා දෙවින්ද ගුත්තා තිදසෙහි රක්ඛිතා සමප්පිතා කාමගුණෙහි පඤ්චහි
Sinhala BJT816. මා විසින් ඒ කුශලකර්‍මය පමණක් කරන ලද. තමා විසින් (කරන ලද) ඒ කුශල කර්‍මය කරණ කොට ගෙන (මේ) සැප විඳිමි. සක් දෙවිඳුන් විසින් ගෝපිත වූ තව්තිසා වැසි දෙවියන් විසින් රක්නා ලද මම පස්කම් ගුණයෙන් යුක්ත වූවා වෙමි.
Pali BJT817. එතාදිසං පුඤ්ඤඵලං අනප්පකං මහාවිපාකා මම උච්ඡුදක්ඛිණා දෙවෙහි සද්ධිං පරිචාරයාමහං මොදාමහං කාමගුණෙහි පඤ්චහි.
Sinhala BJT817. මාගේ උක්දඬු පූජාව මහත් විපාක ඇත්තී ය. එයින් මෙබඳු අනල්ප වූ පුණ්‍යඵලයෙක් වෙයි. මම දෙවියන් සමග හැසිරෙමි. මම පස්කම් ගුණයෙන් සතුටු වෙමි.
Pali BJT818. එතාදිසං පුඤ්ඤඵලං අනප්පකං මහාජුතීකා මම උච්ඡුදක්ඛිණා දෙවින්දගුත්තා තිදසෙහි රක්ඛිතා සහස්සනෙත්තොරිව{2} නන්දනෙ වනෙ.
Sinhala BJT818. ඒ මාගේ උක්දඬුපූජාව මහත් ආනුභාව ඇත්තීය. මෙබඳු අනල්ප වූ පුණ්‍යඵලයෙක් වෙයි. සක්දෙවිඳුන් විසින් ගෝපිත වූ තව්තිසාවැසි දෙවියන් විසින් රක්නා ලද මම නඳුන් වෙනෙහි සක්දෙව්රජු මෙන් (ප්‍රීති වෙමි.)
Pali BJT819. තුවඤ්ච භන්තෙ අනුකම්පකං විදුං උපෙච්ච වන්දිං කුසලඤ්ච පුච්ඡිසං තතො තෙ උච්ඡුස්ස අදාසිං ඛණ්ඩිකං පසන්නචිත්තා අතුලාය පීතියාති.
Sinhala BJT819. වහන්ස, මම කාරුණික වූ නුවණැත්තා වූ ඔබ වෙත පැමිණ වැන්දෙමි. නීරෝග බව විචාළෙමි. ඉක්බිති පහන්සිත් ඇති මම ඉමහත් ප්‍රීතියෙන් ඔබ වහන්සේට උක්දඬුකඩක් පූජා කළෙමි.
Pali BJTඋච්ඡු විමානං.
Sinhala BJTඋච්ඡුවිමාන යි.
Pali BJT4. 11.
Sinhala BJT4. 11.
Pali BJT820. අභික්කන්තෙන වණ්ණෙන යා ත්වං තිට්ඨසි දෙවතෙ, ඔභාසෙන්තී දිසා සබ්බා ඔසධී විය තාරකා.
Sinhala BJT820. (එම්බා) දෙව්දුව, යම්බඳු වූ තෝ මනා රුසිරෙන් සියලු දිගුන් බබුළුවන්නී දවහත් තරුව සේ සිටිනෙහි.
Pali BJT821. කෙන තෙ තාදිසො වණ්ණො කෙන තෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච තෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT821. කවර හේතුවකින් තිට එබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?
Pali BJT822. පුච්ඡාමි තං දෙවි මහානුභාවෙ, මනුස්සභූතා කිමකාසි පුඤ්ඤං කෙනාසි එවං ජලිතානුභාවා වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතී’ති.
Sinhala BJT822. මහත් ආනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද? තීගේ මේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ධි ඇත්තී වෙහි ද?
Pali BJT823. සා දෙවතා අත්තමනා මොග්ගල්ලානෙන පුච්ඡිතා, පඤ්හං පුට්ඨා වියාකාසි යස්ස කම්මස්සිදං ඵලං.
Sinhala BJT823. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දෙව්දූ තොමෝ තුටු සිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි (මෙසේ) පැවසුවා ය.
Pali BJT824. අහං මනුස්සෙසු මනුස්සභූතා දිස්වාන සමණෙ සීලවන්තෙ පාදානි වන්දිත්ව මනං පාසාදයිං චිත්තාමහං අඤ්ජලිකං අකාසිං.
Sinhala BJT824. (වහන්ස) මම පෙරැ මිනිසුන් අතැර මිනිස් දුවක් වූවා සිල්වත් මහණුන් දැක පා වැඳ සිත පැහැදවීමි. තුටුසිත් ඇති මම ඇඳිලි ද කෙළෙමි.
Pali BJT825. තෙන මෙ තාදිසො වණ්ණො තෙන මෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT825. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
Pali BJT826. අක්ඛාමි තෙ භික්ඛු මහානුභාව මනුස්සභූතා යමහං අකාසිං තෙනම්හි එවං ජලිතානුභාවා වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතී’ති.
Sinhala BJT826. මහත් ආනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් දුවක් වූ මම යම්කිසි පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තී වෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
Pali BJTචන්දන විමානං.
Sinhala BJTවන්‍දන විමාන යි.
Pali BJT4. 12.
Sinhala BJT4. 12.
Pali BJT827. අභික්කන්තෙන වණ්ණෙන යා ත්වං තිට්ඨසි දෙවතෙ, හත්ථෙ පාදෙ ච{1} විග්ගය්හ නච්චසි සුප්පවාදිතෙ.
Sinhala BJT827. (එම්බා) දෙව්දුව යම්බඳු වූ තෝ මනා රුසිරෙන් යුක්තව මනහර වැයුම් පවත්නා කල්හි ඇත් පා විවිධාකාරයෙන් ගෙන නටන්නෙහි.
Pali BJT828. තස්සා තෙ නච්චමානාය අඞ්ගමඞ්ගෙහි සබ්බසො, දිබ්බා සද්දා නිච්ඡරන්තී සවනීයා මනොරමා.
Sinhala BJT828. නටන්නා වූ ඒ තීගේ අඟපසඟින් හැම ලෙසින් කන්කලු මනරම් දිව්‍යමය ශබ්දයෝ නික්මෙත්.
Pali BJT829. තස්සා තෙ නච්චමානාය අඞ්ගමඞ්ගෙහි සබ්බසො, දිබ්බා ගන්ධා පවායන්තී පුචිගන්ධා මනොරමා.
Sinhala BJT829. නටන්නා වූ ඒ තීගේ අඟපසඟින් පිරිසිදු සුවඳැති මනරම් වූ දිව්‍යමය ගන්‍ධයෝ හැම ලෙසින් හමත්.
Pali BJT830. විවත්තමානා කායෙන යා වෙණීසු පිළන්ධනා, තෙසං සූයති නිග්ඝොසො තුරියෙ පඤ්චඞ්ගිකෙ යථා.
Sinhala BJT830. (තීගේ) ශරීරය සැලෙන කල්හි කෙස් වේණියෙහි යම් පළඳනාවෝ වෙත් ද, ඔවුන්ගේ ශබ්දය පසඟතුරනද සේ ඇසේ.
Pali BJT831. වටංසකා වාතධූතා වාතෙන සම්පකම්පිතා, තෙසං සූයති නිග්ඝොසො තුරියෙ පඤ්චඞ්ගිකෙ යථා.
Sinhala BJT831. මද සුළඟින් සැලෙන සුළඟින් වෙසෙසින් සැලෙන මුදුන් මල්කඩහු වෙත් ද, ඔවුන්ගේ ශබ්දය පසඟතුරනද සේ ඇසේ.
Pali BJT832. යාපි තෙ සිරස්මිං මාලා සුචිගන්ධා මනොරමා, වාති ගන්ධො දිසා සබ්බා රුක්ඛො මඤ්ජුසකො යථා.
Sinhala BJT832. තීගේ හිසෙහි පිවිතුරු සුවඳැති මනරම් වූ යම් මල්දමෙක් වේ ද එහි සුවඳ (සුපිපි) මඤ්ජුස්සක වෘක්‍ෂය සේ සියලු දිගුන් පැතිරැ හමයි.
Pali BJT833. ඝායසෙ තං සුචිගන්ධං රූපං පස්සසි අමානුසං, දෙවතෙ පුච්ඡිකාචික්ඛ කිස්ස කම්මස්සිදං ඵලන්ති.
Sinhala BJT833. ඒ පිවිතුරු සුවඳ ආඝ්‍රාණය කෙරෙහි, ඒ දිව්‍යමය වූ රූපය දකිහි. (එම්බා) දෙව්දුව, මා විසින් විචාරන ලද්දී මේ විපාකය කිනම් කර්‍මයක්හුගේ දැ යි කියව.
Pali BJT834. දාසී අහං පුරෙ ආසිං ගයායං බ්රාහ්මණස්සහං, අප්පපුඤ්ඤා අලක්ඛිකා රජ්ජුමාලාති මං විදුං{1}.
Sinhala BJT834. මම පෙරැ ගයාවෙහි එක්තරා බමුණකුගේ දාසියක් වීමි. ඒ මා පින්නැති කාලකණ්ණි රජ්ජුමාලා යැ යි (අන්‍යයෝ) දත්හ.
Pali BJT835. අක්කොසානං වධානං ච තජ්ජනාය ච උක්කතා,{2} කූටං ගහෙත්වා නික්ඛම්ම ගච්ඡිං{3} උදකහාරියා.
Sinhala BJT835. ආක්‍රෝශයන්ගේද වධයන්ගේ ද තර්‍ජනයෙන් උපන් දොම්නසින් කළය ගෙන දිය ගෙනෙන්නියක මෙන් නික්ම ගියෙමි.
Pali BJT836. විපථෙ කුටං නික්ඛිපිත්වා වනසණ්ඩං උපාගමිං, ඉධෙවාහං මරිස්සාමි කො අත්ථො{4} ජීවිතෙන මෙ.
Sinhala BJT836. මම මෙහි ම මැරෙන්නෙමි. මාගේ ජීවිතයෙන් කම් කිමැ යි මගින් බැහැර කළය තබා වන ලැහැබකට පිවිසියෙමි.
Pali BJT837. දළ්හං පාසං කරිත්වාන ආසුම්හිත්වාන{5} පාදපෙ, තතො දිසා විලොකෙසිං කො නු ඛො වනමස්සිතො.
Sinhala BJT837. මළපුඩුව දැඩි කොට ගසෙක එල්වා තබා ඉක්බිති වනය ඇසුරු කළ කවරෙක් ඇත් දැ යි දිගුන් බැලීමි.
Pali BJT838. තත්ථද්දසාසිං සම්බුද්ධං සබ්බලොකහිතං මුනිං, නිසින්නං රුක්ඛමූලස්මිං ඣායත්තමකුතොභයං.
Sinhala BJT838. එහි රුක්මුල වැඩහුන් ධ්‍යාන කරනසුලු නිර්‍භය වූ සියලු ලොවට හිතැති මුනීන්‍ද්‍ර වූ සම්බුදුරජුන් දුටුයෙමි.
Pali BJT839. තස්සා මෙ අහු සංවෙගො අබ්භුතො ලොමහංසනො, කො නු ඛො වනමස්සිතො මනුස්සො උදාහු දෙවතා.
Sinhala BJT839. ඒ මට ලොමුදහගන්වන අද්භූත වූ සංවේගයෙක් හටගත්තේය. වනය ඇසුරු කළේ කවරෙක් ද, මිනිසෙක් හෝ දෙවියෙක් හෝ වේ දැ යි.
Pali BJT840. පාසාදිකං පසාදනීයං වනා නිබ්බානමාගතං, දිස්වා මනො මෙ පසීදි නායං යාදිස කීදිසො.
Sinhala BJT840. පැහැදීම එළවන පැහැදියයුතු (කෙලෙස්) වනයෙන් නික්ම නිවනට පැමිණි උන්වහන්සේ දැක මේ තෙමේ එසේ මෙසේ වූවෙක් නො වේ යයි මාගේ සිත පහන් වී.
Pali BJT841. ගුත්තින්ද්රියො ඣානරතො අබ්භිග්ගතමානසො, හිතො සබ්බස්ස ලොකස්ස බුද්ධො සො{6}යං භවිස්සති.
Sinhala BJT841. ඒ තෙමේ දැමුණු ඉඳුරන් ඇති දැහැන්හි ඇලුණු නිවනෙහි බැසගත් සිත් ඇති මුළුලොවට හිත වූ බුද්ධ නම් වන්නේ ය.
Pali BJT842. භයභෙරවො දුරාසදො සීහොව ගුහමස්සිතො, දුල්ලභායං දස්සනාය පුප්ඵං ඔදුම්බරං යථා.
Sinhala BJT842. මේ තෙමේ ගුහාව ඇසුරු කළ සිංහයකු සේ බිය දනවන සුලු ය. ළංවිය නො හැකි ය. දිඹුල්මල් මෙන් දැකීමට දුර්‍ලභ ය.