Vimānavatthu

Stories of Heavenly Mansions

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 501-600 න් 1239

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT674. උපොසථං උපවසිස්සං සදා සීලෙසු සංවුතා, සඤ්ඤමා සංවිභාගා ච විමානං ආවසාමහං
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT675. පාණාතිපාතා විරතා මුසාවාදා ච සඤ්ඤතා, ථෙය්යා ච අතිචාරා ච මජ්ජපානා ච ආරකා.
Sinhala BJT675. (එකල්හි මම) පණිවායෙන් දුරුවීමි, මුසවායෙන් සංයතවීමි. අයිනාදනින් ද මිසහසරින් ද රහමෙර පීමෙන් ද දුරුවීමි.
Pali BJT676. පඤ්චසික්ඛාපදෙ රතා අරියසච්චාන කොවිදා, උපාසිකා චක්ඛුමතො ගොතමස්ස යසස්සිනො.
Sinhala BJT676. පස් සිකපද රැක්මෙහි ඇලුණු චතුරාර්‍ය්‍යසත්‍යයෙහි දක්‍ෂවූ මම යසස් ඇති පසැස් ඇති ගෞතම බුදුරජුන්ගේ උපාසිකාවක් වීමි.
Pali BJT677. තස්සා මෙ ඤාතිකුලා දාසී{4} සදා මාලාභිහාරතී, තාහං භගවතො ථූපෙ සබ්බමෙවාභිරොපයිං.
Sinhala BJT677. ඒ මට දිනපතා නෑ කුලයෙන් දැස්සක් මල්මාලා ගෙන එයි. මම ඒ සියල්ලම බුදුරජාණන් වහන්සේගේ ධාතුචෛත්‍යයට පූජා කෙළෙමි.
Pali BJT678. උපොසථෙ චහං ගන්ත්වා මාලාගන්ධවිලෙපනං, ථූපස්මිං අභිරොපෙසිං පසන්නා සෙහි පාණිහි.
Sinhala BJT678. පොහෝ දිනයෙහි ගොස් මම පහන් සිත් ඇත්තී සියතින් ම මල් ගඳ විලවුන් සෑයට පිදුවෙමි.
Pali BJT679. තෙන කම්මෙන දෙවින්ද රූපං මය්හං ගතී ච මෙ, ඉද්ධි ච අනුභාවො ච යං මාලං අභිරොපයිං.
Sinhala BJT679. දෙව්ඳුනි, යම් මාලාවක් පූජා කෙළෙම් ද, ඒ (කුශලකර්‍මයෙන්) මාගේ රූපයත් දිව්‍යගතියත් දිව්‍යර්ධියත් දිව්‍යානුභාවයත් විය.
Pali BJT680. යඤ්ච සීලවතී ආසිං න තං තාව විපච්චතී, ආසා ච පන මෙ දෙවින්ද සකදාගාමිනී සියන්ති.
Sinhala BJT680. යම් හෙයකින් මම සිල්වත් වීම් ද ඒ ශීලය මෙතෙක් විපාක නො දෙයි. දෙව්ඳුනි, කෙසේ නම් මම සෙදගැමිනියක් වන්නෙම් දැ යි මාගේ පැතුමෙක් ද වන්නේ යි.
Pali BJTවිසාලක්ඛී විමානං.
Sinhala BJTවිසාලක්ඛි විමාන යි.
Pali BJT3. 10.
Sinhala BJT3. 10.
Pali BJT681. පාරිච්ඡත්තකෙ කොවිළාරෙ රමණීයෙ මනොරමෙ, දිබ්බං මාලං ගන්ථමානා ගායන්තී සම්පමොදසී.
Sinhala BJT681. (එම්බා දෙව්දුව) තී රමණීය වූ සිත්කලු වූ පරසතු නම් කොබෝලීල මල් රැගෙන දිවකුසුම් දම් ගොතන්නී ගයන්නී මැනැවින් සතුටු වෙහි.
Pali BJT682. තස්සා තෙ නච්චමානාය අඞ්ගමඞ්ගෙහි සබ්බසො, දිබ්බා සද්දා නිච්ඡරන්ති සවණීයා මනොරමා.
Sinhala BJT682. නටන්නා වූ ඒ තීගේ අඟපසඟින් කන්කලු වූ මනරම් දිව්‍ය ශබ්දයෝ සර්‍වප්‍රකාරයෙන් නික්මෙති.
Pali BJT683. තස්සා තෙ නච්චමානාය අඞ්ගමඞ්ගෙහි සබ්බසො, දිබ්බා ගන්ධා පවායන්ති සුචිගන්ධා මනොරමා.
Sinhala BJT683. නටන්නා වූ ඒ තීගේ අඟපසඟින් පිරිසිදු සුවඳැති මනරම් වූ දිව්‍යගන්‍ධයෝ සර්‍වප්‍රකාරයෙන් හමත්.
Pali BJT684. විවත්තමානා කායෙන යා වෙණීසු පිළන්ධනා, තෙසං සූයති නිග්ඝොසො තුරියෙ පඤ්චඞ්ගිකෙ යථා.
Sinhala BJT684. (තීගේ) ශරීරය සැලෙන කල්හි කෙස් වේණියෙහි යම් පළඳනාවෝ වෙත් ද, ඔවුන්ගේ ශබ්දය පසඟතුරු නද සේ ඇසේ.
Pali BJT685. වටංසකා වාතධූතා වාතෙන සම්පකම්පිතා, තෙසං සූයති නිග්ඝොසො තුරියෙ පඤ්චඞ්ගිකෙ යථා.
Sinhala BJT685. මඳ සුළඟින් සැලෙන සුළඟින් වෙසෙසින් සැලෙන මුදුන් මල්කඩහු වෙත් ද, ඔවුන්ගේ ශබ්දය පසඟතුරු නද සේ ඇසේ.
Pali BJT686. යාපි තෙ සිරස්මිං මාලා සුචිගන්ධා මනොරමා, වාති ගන්ධො දිසා සබ්බා රුක්ඛො මඤ්ජුස්සකො{1} යථා.
Sinhala BJT686. තීගේ හිසෙහි පිවිතුරු සුවඳැති මනරම් වූ යම් මල්දමක් වේ ද, එහි සුවඳ (සුපිපි) මඤ්ජුස්සක වෘක්‍ෂය සේ සියලු දිගුන් පැතිර හමයි.
Pali BJT687. ඝායසෙ තං සුචිං ගන්ධං රූපං පස්සසි අමානුසං, දෙවතෙ පුච්ඡිතාචික්ඛ කිස්ස කම්මස්සිදං ඵලන්ති.
Sinhala BJT687. ඒ පිවැතුරු සුවඳ ආඝ්‍රාණය කෙරෙහි. ඒ දිව්‍යමය වූ රූපය දකිහි. (එම්බා) දෙව්දුව, (මා විසින්) විචාරන ලද්දී මේ විපාකය කිනම් කර්‍මයක්හුගේ දැ යි කියව.
Pali BJT688. පභස්සරං අච්චිමන්තං වණ්ණගන්ධෙන සඤ්ඤුතං{2}, අසොකපුප්ඵමාලාහං බුද්ධස්ස උපනාමයිං.
Sinhala BJT688. මම පබසර කැලුම් ඇති පැහැයෙන් හා සුවඳින් යුක්ත වූ හෝපලු මල්දමක් බුදුරජුන්ට පිදුවෙමි.
Pali BJT689. තාහං කම්මං කරිත්වාන කුසලං බුද්ධවණ්ණිතං, අපෙතසොකා සුඛිතා සම්පමොදාමනාමයාති.
Sinhala BJT689. මම බුදුරදුන් විසින් පසස්නා ලද ඒ කුශල කර්‍මය කොට පහ වූ ශෝක ඇතියා සුව ඇතියා නිරෝග වූවා වෙසෙසින් සතුටු වෙමි.
Pali BJTපාරිච්ඡත්තක විමානං.
Sinhala BJTපාරිච්ඡත්තක විමන යි.
Pali BJTපාරිච්ඡත්තකවග්ගො තතියො.
Sinhala BJTතෙවෙනි පාරිච්ඡත්තක වර්‍ගය නිමි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTඋළාරං{3} උච්ඡුපල්ලඞ්කං{4} ලතා ච ගුත්තිලෙන ච දද්දල්ල සෙසවතී මල්ලී{5} විසාලක්ඛි පාරිච්ඡත්තකො වග්ගො තෙන පවුච්චතීති.
Sinhala BJTඋළාර යැ, උච්ඡුදායිකා යැ, පල්ලඞ්ක යැ, ගුත්තිල ය සමග ලතා යැ, දද්දල්ලමානා යැ, සේසවතී යැ, මල්ලිකා යැ, විසාලක්ඛි යැ, පාරිච්ඡත්තකයැ යි එයින් වර්‍ගය කියනු ලැබේ.
Pali BJT4. මඤ්ජෙට්ඨකවග්ගො
Sinhala BJT4. මඤ්ජෙට්ඨක වර්‍ගය
Pali BJT4. 1.
Sinhala BJT4. 1.
Pali BJT690. මඤ්ජෙට්ඨකෙ{1} විමානස්මිං සොණ්ණ වාලුක සන්ථතෙ, පඤ්චඞ්ගිකෙන තුරියෙන රමසි සුප්පවාදිතෙ.
Sinhala BJT690. රන් වැලි අතුළ රතුපළිඟුමිණිමුවා විමන්හි මැනැවින් වැයූ පසඟතුරු රැවින් ඇලෙහි.
Pali BJT691. තස්මා විමානා ඔරුය්හ නිම්මිතා රතනාමයා, ඔගාහසි සාලවනං පුප්ඵිතං සබ්බකාලිකං
Sinhala BJT691. (පෙර පිනෙන්) නිර්මිත රුවන්මුවා ඒ විමනින් බැස සියලු කලට සුදුසු සැප ඇති හැම කල්හි පිපී සිටි සල්වනයට පිවිසෙහි.
Pali BJT692. යස්ස යස්සෙව සාලස්ස මූලෙ තිට්ඨසි දෙවතෙ, සො සො මුඤ්චති පුප්ඵානි ඔනමිත්වා දුමුත්තමො
Sinhala BJT692. (එම්බා) දෙව්දුව, (තෝ) යම් යම් සල් රුකක්මුලැ සිටිහි ද, ඒ ඒ උතුම් රුක නැමී මල් මුදාලයි.
Pali BJT693. වාතෙරිතං සාලවනං ආධූතං දිජසෙවිතං, වාති ගන්ධො දිසා සබ්බා රුක්ඛො මඤ්ජූසකො යථා
Sinhala BJT693. සුළඟින් සැලෙන මඳ සුළඟින් සෙමෙන් කම්පා කරන ලද සල්වනය (මොනර කොවුල් ආදි) විහඟුන් විසින් සෙවුනේ වෙයි. (එහි) සුගන්‍ධය මඤ්ජුස්සක රුක සේ සියලු දිගුන් පැතිර හමයි.
Pali BJT694. ඝායසෙ තං සුචිං ගන්ධං රූපං පස්සසි අමානුසං, දෙවතෙ පුච්ඡිතාචික්ඛ කිස්ස කම්මස්සිදං ඵලන්ති
Sinhala BJT694. ඒ පිවිතුරු සුවඳ ආඝ්‍රාණය කෙරෙහි. ඒ දිව්‍යමය රූපය දකිහි. (එම්බා) දෙව්දුව, මා විසින් විචාරනලද්දී මේ විපාකය කිනම් කර්‍මයක්හු ගේ දැයි කියව.
Pali BJT695. අහං මනුස්සෙසු මනුස්සභූතා දාසී අයිරකුලෙ අහුං, බුද්ධං නිසින්නං දිස්වාන සාලපුප්ඵෙහි ඔකිරිං
Sinhala BJT695. මම පෙරැ මිනිසුන් කෙරෙහි මිනිස් දුවක් වූවා සැමි කුලයෙහි දැස්සක් වීමි. (ඒ මම) වැඩහුන් බුදුරජුන් දැක සල්මලින් විසිරැවීමි.
Pali BJT696. වටංසකං ච සුකතං සාලපුප්ඵමයං අහං, බුද්ධස්ස උපනාමෙසිං පසන්නා සෙහි පාණිහි.
Sinhala BJT696. මම පහන් සිත් ඇත්තී මැනැවින් කළ සල්මල් බහුල කොට ඇති මුදුන්මල්කඩක් බුදුරජුන්ට සියතින් පිදීමි.
Pali BJT697. තාහං කම්මං කරිත්වාන කුසලං බුද්ධවණ්ණිතං, අපෙතසොකා සුඛිතා සම්පමොදාමනාමයාති.
Sinhala BJT697. මම බුදුරජුන් විසින් පසස්නාලද ඒ කුශලකර්‍මය කොට පහවූ ශෝක ඇතියා සුව ඇතියා නිරෝගවූවා වෙසෙසින් සතුටු වෙමි.
Pali BJTමඤ්ජෙට්ඨක විමානං.
Sinhala BJTමඤ්ජෙට්ඨක විමාන යි.
Pali BJT4. 2.
Sinhala BJT4. 2.
Pali BJT698. පභස්සර වරවණ්ණනිභෙ සුරත්තවත්ථ නිවාසනෙ{2} මහිද්ධිකෙ චන්දනරුචිරගත්තෙ කා ත්වං සුභෙ දෙවතෙ වන්දසෙ මමං
Sinhala BJT698. ප්‍රභාස්වර වූ උතුම් වූ වර්‍ණයෙන් බබළන අතිරක්ත වූ වස්ත්‍ර හැඳි මහත් ඉදුහ ඇති සඳුන් අලෙව් කළාක් වැනි මනරම් සිරිරි අවයව ඇති (එම්බා) හොබනා දෙව්දුව, මා වඳනෙහි. තී කවරක් ද?
Pali BJT699. පල්ලඞ්කො ව තෙ මහග්ඝො නානාරතනචිත්තිතො රුචිරො යත්ථ ත්වං නිසින්නා විරොචසි දෙවරාජාරිව{3} නන්දනෙ වනෙ
Sinhala BJT699. නඳුනුයනෙහි සක්දෙව් රජු සේ තී ඇසනෙකැ හුන්නී බබළන්නෙහි ද, තිගේ (මේ) පලඟ මහඟු ය, නන් රුවනින් විසිතුරු කරන ලද්දේ මනහර ය.
Pali BJT700. කිං ත්වං පුරෙ සුචරිතමාචරි භද්දෙ කිස්ස කම්මස්ස විපාකං අනුභොසි දෙවලොකස්මිං දෙවතෙ පුච්ඡිතාචික්ඛ කිස්සකම්මස්සිදං ඵලන්ති
Sinhala BJT700. සොඳුර, පෙරැ තී කිනම් සුචරිතයක් කෙළෙහි ද? දෙව්ලොවැ කිනම් කර්‍මයක්හුගේ විපාකය (මෙසේ) අනුභව කෙරෙහි ද? (එම්බා) දෙව්දුව, විචාරන ලද්දී මේ විපාකය කිනම් කර්‍මයක්හුගේ දැ යි කියව.
Pali BJT701. පිණ්ඩාය තෙ චරන්තස්ස මාලං ඵාණිතඤ්ච අදදං භන්තෙ තස්ස කම්මස්සිදං විපාකං අනුභොමි දෙවලොකස්මිං
Sinhala BJT701. වහන්ස, පිඬු පිණිස හැසිරෙන ඔබවහන්සේට දෑසමන් මල්දමක් ද උක්කුරුපැනක් ද දුනිමි. (මම) ඒ කර්‍මයෙහි මේ විපාකය දෙව්ලොවැ විඳිමි.
Pali BJT702. හොති ච මෙ අනුතාපො අපරද්ධං{1} දුක්කතඤ්ච මෙ භන්තෙ සාහං ධම්මං නාස්සොසිං සුදෙසිතං ධම්මරාජෙන
Sinhala BJT702. වහන්ස, මට විපිළිසරෙක් ද වෙයි. මට ම වැරදිණි. නපුරෙක් ද කරන ලදි. ඒ මම ධර්‍මරාජන් වූ බුදුරජුන් විසින් මැනවින් දෙසූ ධර්‍මය නො ඇසීමි.
Pali BJT703. තං තං වදාමි භද්දන්තෙ යස්ස මෙ අනුකම්පියො කොචි ධම්මෙසු තං සමාදපෙථ{2} සුදෙසිතං ධම්මරාජෙන
Sinhala BJT703. වහන්ස, එහෙයින් එය ඔබට කියමි. යම්කිසිවෙක් මට අනුකම්පා කරන්නේවේ ද (හෙතෙම) ඒ මා ධර්‍මරාජයන් වහන්සේ විසින් මනාකොට දෙසනලද (සීලාදී) ධර්‍මයන්හි සමාදන් කරවනු මැනව.
Pali BJT704. යෙසං අත්ථි සද්ධා බුද්ධෙ ධම්මෙ ච සඞ්ඝරතනෙ ච, තං{3} තෙ මං අතිවිරොචන්ති ආයුනා යසසා සිරියා
Sinhala BJT704. බුදුරුවන්හි ද දමුරුවන්හි ද සඟුරුවන්හි ද යම් දෙව් කෙනෙකුන්ගේ සැදැහැ ඇත්තේ නම් ඒ දෙවියෝ ආයුෂයෙන්, යසසින් හා සිරියෙන් ඒ මා ඉක්මවා බබළත්.
Pali BJT705. පතාපෙන වණ්ණෙන උත්තරිතරා අඤ්ඤෙ මහිද්ධිකතරා මයා දෙවාති
Sinhala BJT705. අන්‍ය දෙවියෝ ආනුභාවයෙන් වර්‍ණයෙන් මට වඩා උත්තරීතරයහ. මහත් ඉදුහ ඇතියහ.
Pali BJTපභස්සර විමානං.
Sinhala BJTපහස්සර විමාන යි.
Pali BJT4. 3.
Sinhala BJT4. 3.
Pali BJT706. අලඞ්කතා මණිකඤ්චනාචිතං සුවණ්ණජාල චිත්තං{4} මහන්තං අභිරුය්හ ගජවරං සුකප්පිතං ඉධාගමා වෙහාසයං{5} අන්තළික්ඛෙ
Sinhala BJT706. සියලු අබරණින් සැරසුණු තෙපි මිණි කසුනෙන් කරන ලද රුවන් දැලින් ගැවසීගත් මහත් වූ (ගමන සන්නාහයෙන්) සන්නද්ධ වූ අහස්ගත උතුම් ඇතකු මත නැගී අහසින් මෙහි පැමිණියහු.
Pali BJT707. නාගස්ස දන්තෙසු දුවෙසු නිම්මිතා අච්ඡොදිකා පදුමිනියො සුඵුල්ලා පදුමෙසු ච තුරියගණා පභිජ්ජරෙ ඉමා ච නච්චන්ති මනොහරායො
Sinhala BJT707. ඇත් රජුගේ දෙදළෙහි, පැහැදි දිය ඇති සුපිපි පියුම් ඇති පොකුණු දෙකෙක් පහළ විය. පියුම් මත පසඟතුරු සමූහයෝ ප්‍රභේදයට යෙත් (වාදනය වෙත්). මේ මනහර දෙවඟනෝ ද නටත්.
Pali BJT708. දෙවිද්ධිපත්තාසි මහානුභාවෙ මනුස්සභූතා කිමකාසි පුඤ්ඤං කෙනාසි එවං ජලිතානුභාවා වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතීති
Sinhala BJT708. මහත් ආනුභාව ඇති දෙව්දුව, (තී) දිව්‍යර්ද්ධියට පැමිණියා වෙහි. මිනිස් දුවක් වූවා කවර පිනක් කෙළෙහි ද? තිගේ සිරිරි පැහැය ද සියලු දිගින් බබුළුවයි. කවර පිනෙකින් මෙසේ දිලියෙන පුණ්‍යාර්ධි ඇත්තී වෙහි ද?
Pali BJT709. බාරාණසියං උපසඞ්කමිත්වා බුද්ධස්සහං වත්ථයුගං අදාසිං පාදානි වන්දිත්ව ඡමා නිසීදිං චිත්තා චහං අඤ්ජලිකං අකාසිං
Sinhala BJT709. මම බරණැසට එළඹ බුදුරජුන්ට වස්ත්‍ර යුග්මයක් දුනිමි. පා වැඳ බිම හිඳගතිමි. තුටු වූ මම ඇඳිලි ද කෙළෙමි.
Pali BJT710. බුද්ධො ච මෙ කඤ්චනසන්නිභත්තවො අදෙසයී සමුදයදුක්ඛනිච්චතං අසඞ්ඛතං දුක්ඛනිරොධසස්සතං මග්ගං අදෙසෙසි{1} යතො විජානියං
Sinhala BJT710. යම් ධර්‍මදේශනාවකින් (මම) සිවුසස් දහම් පිළිවිදුයෙම් ද, කසුන්වන් සිවි ඇති බුදුරජාණන් වහන්සේ සමුදය දුඃඛ සත්‍යයන්ගේ අනිත්‍යතාව මට දේශනා කළසේක. තවද, අසංස්කෘත වූ ශාශ්වත වූ දුඃඛ නිරෝධය වූ නිර්‍වාණය ද කෙලෙස් නසන ආර්‍ය්‍යමාර්‍ගය ද දේශනා කළසේක.
Pali BJT711. අප්පායුකී කාලකතා තතො චුතා උපපන්නා තිදසගණං යසස්සිනී සක්කස්සාහං{2} අඤ්ඤතරා පජාපතී යසුත්තරා නාම දිසාසු විස්සුතා’ති.
Sinhala BJT711. මඳ ආයු ඇති ඒ මම කලුරිය කළා එයින් ච්‍යුත වූවා දෙවියන් අත්රැ උපන්නී යසස් ඇත්තී වීමි. සක්දෙව් රජහුගේ එක්තරා භාර්‍ය්‍යාවක් වූ මම (දෙදෙව්ලොවැ) දිගුන්හි පතළා වූ යසුත්තරා නම් වෙමි.
Pali BJTනාග විමානං.
Sinhala BJTනාගවිමාන යි.
Pali BJT4. 4.
Sinhala BJT4. 4.
Pali BJT712. අභික්කන්තෙන වණ්ණෙන යා ත්වං තිට්ඨසි දෙවතෙ, ඔභාසෙන්තී දිසා සබ්බා ඔසධී විය තාරකා
Sinhala BJT712. (එම්බා) දෙව්දුව, යම්බඳු වූ තෝ මනා රුසිරෙන් සියලු දිගුන් බබුළුවන්නී දවහත් තරුව සේ සිටිනෙහි.
Pali BJT713. කෙන තෙ තාදිසො වණ්ණො කෙන තෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච තෙ භොගා යෙ කෙචි මනසො පියා
Sinhala BJT713. කවර හේතුවකින් තිට එබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනෙකින් තිගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?
Pali BJT714. පුච්ඡාමි තං දෙවි මහානුභාවෙ මනුස්සභූතා කිමකාසි පුඤ්ඤං කෙනාසි එවං ජලිතානුභාවා වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතී’ති
Sinhala BJT714. මහත් ආනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද? තීගේ මේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ධි ඇත්තී වෙහි ද?
Pali BJT715. සා දෙවතා අත්තමනා මොග්ගල්ලානෙන පුච්ඡිතා, පඤ්හං පුට්ඨා වියාකාසි යස්ස කම්මස්සිදං ඵල’න්ති
Sinhala BJT715. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇතිතී මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි (මෙසේ) පැවැසූ ය.
Pali BJT716. අහං ච බාරාණසියං බුද්ධස්සාදිච්චබන්ධුනො, අදාසිං සුක්ඛකුම්මාසං පසන්නා සෙහි{3} පාණිහි
Sinhala BJT716. මම ද බරණැස දී සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන්ට පහන් වූවා සියතින් වියළි කොමු පිඬූවක් දුනිමි.
Pali BJT717. සුක්ඛාය අලොණිකාය ච පස්ස ඵලං කුමාමාසපිණ්ඩියා, අලොමං සුඛිතං දිස්වා කො පුඤ්ඤං න කරිස්සති
Sinhala BJT717. වියළි ලුණු නැති කොමුපිඬු දානයෙහි විපාකය ද බලනු මැනවි. (වියළි කොමුපිඬු පමණක් දී) සුඛිත වූ අලෝමාව දැක කවරෙක් පින් නො කරන්නේ ද?
Pali BJT718. තෙන මෙ තාදිසො වණ්ණො තෙන මෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT718. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
Pali BJT719. අක්ඛාමි තෙ භික්ඛු මහානුභාවෙ මනුස්සභූතා යමහං අකාසිං තෙනම්හි එවං ජලිතානුභාවා වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතී’ති.
Sinhala BJT719. මහත් ආනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් දුවක් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තී වෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බුබුළුවයි.
Pali BJTඅලොමා විමානං{1}.
Sinhala BJTඅලොමාවිමාන යි.
Pali BJT4. 5.
Sinhala BJT4. 5.
Pali BJT720. අභික්කන්තෙන වණ්ණෙන යා ත්වං තිට්ඨසි දෙවතෙ, ඔභාසෙන්ති දිසා සබ්බා ඔසධී විය තාරකා
Sinhala BJT720. (එම්බා) දෙව්දුව, යම්බඳු වූ තෝ මනා රුසිරෙන් සියලු දිගුන් බබුළුවන්නී දවහත් තරුව සේ සිටිනෙහි.
Pali BJT721. කෙන තෙ තාදිසො වණ්ණො කෙන තෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච තෙ භොගා යෙ කෙචි මනසොපියා
Sinhala BJT721. කවර හේතුවකින් තිට එබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළවෙත් ද?
Pali BJT722. පුච්ඡාමි තං දෙවි මහානුභාවෙ මනුස්සභූතා කිමකාසි පුඤ්ඤං කෙනාසි එවං ජලිතානුභාවා වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතී’ති
Sinhala BJT722. මහත් ආනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද? තීගේ මේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි, කවර පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ධි ඇත්තී වෙහි ද?
Pali BJT723. සා දෙවතා අත්තමනා මොග්ගල්ලානෙන පුච්ඡිතා, පඤ්හං පුට්ඨා වියාකාසි යස්ස කම්මස්සිදං ඵලං
Sinhala BJT723. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි (මෙසේ) පැවසූ ය.
Pali BJT724. අහං අන්ධකවින්දස්මිං බුද්ධස්සාදිච්චබන්ධුනො, අදාසිං කොලසම්පාකං කඤ්ජිකං{2} තෙලධූපිතං
Sinhala BJT724. මම අන්‍ධකවින්‍ද රටදී සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන්ට තෙලින් දුහුන් කරනලද කෝලසම්පාක නම් බෙහෙත් කැඳක් දුනිමි.
Pali BJT725. පිප්ඵල්යා ලසුනෙන ච මිස්සං ලාමඤ්ජකෙන ච, අදාසිං උජුභූතස්මිං{3} විප්පසන්නෙන චෙතසා
Sinhala BJT725. තිප්පිලි සුදුලූනු සුවඳ හොටින් මිශ්‍ර වූ බෙහෙත් කැඳක් ඍජු වූ බුදුරජුන් වෙත වෙසෙසින් පහන් සිතින් දුනිමි.
Pali BJT726. යා මහෙසිත්තං කාරෙය්ය චක්කවත්තිස්ස රාජිනො නාරී සබ්බඞ්ගකල්යාණී භත්තුචානොමදස්සිකා එතස්ස කඤ්ජිකදානස්ස කලං නාග්ඝති සොළසිං
Sinhala BJT726. සියලු අඟපසඟින් හොබනා වූ සැමියාහට නො ලමු දැකුම් ඇති යම් ස්ත්‍රියක් තොමෝ සක්විති රජකුට අගමෙහෙසි බව කරන්නී ද? එය මේ හඹුදනෙහි සොළොස්වන කලාවෙන් කලාවටත් නො අගී.
Pali BJT727. සතං නික්ඛා සතං අස්සා සතං අස්සතරී රථා සතං කඤ්ඤාසහස්සානි ආමුත්තමණිකුණ්ඩලා එතස්ස කඤ්ජිකදානස්ස කලං නාග්ඝන්ති සොළසිං
Sinhala BJT727. සියක් දහසක් රන්නික ද සියක් දහසක් අස්සු ද සියක් දහසක් අස් වෙළෙඹුන් යෙදූ රිය ද පැළැඳි මිණි කොඬොල් ඇති සියක් දහසක් කන්‍යාවෝ ද මේ කැඳ දුන් ඵලයෙහි සොළොස්වැනි කලාවෙන් කලාවකුදු නො අගිත්.
Pali BJT728. සතං හෙමවතා නාගා ඊසා දන්තා උරූළ්හවා සුවණ්ණකච්ඡා මාතඞ්ගා හෙමකප්පන වාසසා{1} එතස්ස කඤ්ජිකදානස්ස කලං නාග්ඝන්ති සොළසිං
Sinhala BJT728. ශ්‍රේෂ්ඨ වූ රියහිස් වැනි දළ ඇති ථාමජව පරාක්‍රමයෙන් වැඩෙන රුවන් මුවා ගෙල බරණින් සැරසූ රන්එබූ ඇත් අබරණින් හොබනා සියයක් හේමවත ඇත්හු මේ කැඳදුන් ඵලයෙහි සොළොස්වැනි කලාවෙන් කලාවකුදු නො අගිත්.
Pali BJT729. චතුන්නම්පි{2} දීපානං ඉස්සරං යොධ කාරයෙ, එතස්ස කඤ්ජිකදානස්ස කලං නාග්ඝති සොළසි’න්ති.
Sinhala BJT729. මෙලොව යමෙක් සිවුමහදිවයිනට අධිපති සක්විතිරජබව කෙරේද, එය මේ කැඳ දුන් ඵලයෙහි සොළොස්වැනි කලාවෙන් කලාවකුදු නො අගී.
Pali BJTකඤ්ජිකදායිකා විමානං.
Sinhala BJTකඤ්ජිකදායිකා විමාන යි.
Pali BJT4. 6.
Sinhala BJT4. 6.
Pali BJT730. අභික්කන්තෙන වණ්ණෙන යා ත්වං තිට්ඨසි දෙවතෙ, ඔභාසෙන්තී{3} දිසා සබ්බා ඔසධී විය තාරකා
Sinhala BJT730. (එම්බා) දෙව්දුව, යම්බඳු වූ තෝ මනා රුසිරෙන් සියලු දස දිගුන් බබුළුවන්නී දවහත් තරුව සේ සිටිනෙහි.
Pali BJT731. තස්සා තෙ නච්චමානාය අඞ්ගමඞ්ගෙහි සබ්බසො, දිබ්බා සද්දා නිච්ඡරන්ති සවණීයා මනොරමා
Sinhala BJT731. නටන්නා වූ ඒ තිගේ අඟපසඟින් කන්කලු වූ මනරම් දිව්‍ය ශබ්දයෝ සර්‍වප්‍රකාරයෙන් නික්මෙති.
Pali BJT732. තස්ස තෙ නච්චමානාය අඞ්ගමඞ්ගෙහි සබ්බසො, දිබ්බා ගන්ධා පවායන්ති සුචිගන්ධා මනොරමා
Sinhala BJT732. නටන්නා වූ ඒ තිගේ අඟ පසඟින් පිරිසිදු සුවඳැති මනරම් වූ දිවසුවඳ සර්‍වප්‍රකාරයෙන් හමයි.
Pali BJT733. විවත්තමානා කායෙන යා වෙණීසු පිළන්ධනා, තෙසං සූයති නිග්ඝොසො තුරියෙ පඤ්චඞ්ගිකෙ යථා
Sinhala BJT733. තීගේ ශරීරය සැලෙන කල්හි කෙස් වේණියෙහි යම් පළඳනාවෝ වෙත් ද, ඔවුන්ගේ ශබ්දය පසඟතුරනද සේ ඇසේ.
Pali BJT734. වටංසකා වාතධූතා වාතෙන සම්පකම්පිතා, තෙසං සූයති නිග්ඝොසො තුරියෙ පඤ්චඞ්ගිකෙ යථා
Sinhala BJT734. මඳ සුළඟින් සැලෙන සුළඟින් වෙසෙසින් සැලෙන මුදුන් මල්කඩහු වෙත් ද, ඔවුන්ගේ ශබ්දය පසඟතුරුනද සේ ඇසේ.
Pali BJT735. යාපි තෙ සිරස්මිං මාලා සුචිගන්ධා මනොරමා, වාති ගන්ධො දිසා සබ්බා රුක්ඛො මඤ්ජුසකො යථා
Sinhala BJT735. තිගේ හිසෙහි පිවිතුරු සුවඳැති මනරම් වූ යම් මල්දමෙක් වේද, එහි සුවඳ (සුපිපි) මඤ්ජුසක වෘක්‍ෂය සේ සියලු දිගුන් පැතිරැ හමයි.
Pali BJT736. ඝායසෙ තං සුචිං ගන්ධං රූපං පස්සසි අමානුසං, දෙවතෙ පුච්ඡිතාචික්ඛ කිස්ස කම්මස්සිදං ඵල’න්ති
Sinhala BJT736. ඒ පිවිතුරු සුවඳ අඝ්‍රාණය කෙරෙහි, ඒ දිව්‍යමය වූ රූපය දකිහි. (එම්බා) දෙව්දුව, මා විසින් විචාරන ලද්දී මේ විපාකය කිනම් කර්‍මයක්හුගේ දැයි කියව.
Pali BJT737. සාවත්ථියං මය්හං සඛී භදන්තෙ සඞ්ඝස්ස කාරෙසි මහාවිහාරං තත්ථප්පසන්නා අහමනුමොදිං දිස්වා අගාරඤ්ච පියඤ්ච මෙතං
Sinhala BJT737. වහන්ස, මාගේ යෙහෙළි (වූ විසාඛා) තොමෝ සැවැත්නුවරැ සඞ්ඝයා උදෙසා මහවෙහෙරක් කරවූ ය. එහි පහන් වූ මම ඒ මහත් වූ ප්‍රාසාදය ද මට ප්‍රිය වූ බුද්ධප්‍රමුඛ සඞ්ඝයා උදෙසා කළ එබඳු මාහාධනපරිත්‍යාගය ද දැක පින් අනුමෝදන් වීමි.
Pali BJT738. තායෙව මෙ සුද්ධනුමොදනාය ලද්ධං විමානං අබ්භුතං දස්සනෙය්යං සමන්තතො සොළස යොජනානි වෙහාසයං ගච්ඡති ඉද්ධියා මම
Sinhala BJT738. ඒ මාගේ පිරිසිදු අනුමෝදනායෙන් දැකුම්කලු අසිරිමත් මේ විමන ලබන ලදී. මාගේ පුණ්‍යර්ධියෙන් (ඒ විමන) අහසෙහි හාත්පස සොළොස් යොදුන් තැන් පැතිරැ පවතී.
Pali BJT739. කූටාගාරා නිවෙසා මෙ විභත්තා භාගසො මිතා, දද්දල්ලමානා ආභන්ති සමන්තා සතයොජනං
Sinhala BJT739. කොටස් විසින් බෙදූ ප්‍රමාණවත් කරන ලද කුළුගෙවල් ඇති බබළන මාගේ නිවෙස්හු හාත්පස සියක් යොදුන් තැන් බබළත්.
Pali BJT740. පොක්ඛරඤ්ඤො ච මෙ එත්ථ පුථුලොමනිසෙවිතා, අච්ඡොදිකා විප්පසන්නා සොණ්ණවාලුකසන්ථතා
Sinhala BJT740. මෙහි මට දිවමසුන් විසින් සෙවුනා නො කැලඹුණු පිරිසිදු දිය ඇති රන්වන් වැලි ඇතුරූ පොකුණු ද වෙති.
Pali BJT741. නානාපදුමසඤ්ඡන්නා පුණ්ඩරීකසමොතතා, සුරභී සම්පවායන්තී මනුඤ්ඤා මාළුතෙරිතා
Sinhala BJT741. නොයෙක් පියුමෙන් වැසුණු හෙල පියුමෙන් හාත්පස පැතුරුණු මනරම් වූ පවනින් කම්පිත වූ පිරිසිදු සුවඳ හමයි.
Pali BJT742. ජම්බුයො පනසා තාලා නාළිකෙරවනානි ච, අන්තො නිවෙසනෙ ජාතා නානා රුක්ඛා අරොපිමා
Sinhala BJT742. දඹ කොස් තල් පොල් වනයෝ ද රෝපණය නොකළාවූ ම නොයෙක් වෘක්‍ෂයෝ ද නිවෙස් තුළ හටගත්තාහ.
Pali BJT743. නානා තුරියසඞ්ඝුට්ඨං අච්ඡරාගණඝොසිතං, යො’පි මං සුපිනෙ පස්සෙ සො’පි චිත්තො සියා නරො
Sinhala BJT743. තන්තුරු රැවින් හඬ නැගුණු දෙවඟනන් විසින් ඝෝෂිත වූ මා යමෙක් සිහිනෙන් දකින්නේ ද, ඒ මිනිස් තෙමේ ද ප්‍රීත වන්නේය.
Pali BJT744. එතාදිසං අබ්භුතං දස්සනීයං{1} විමානං සබ්බතො පභං, මම කම්මෙහි නිබ්බත්තං අලං පුඤ්ඤානි කාතවෙති
Sinhala BJT744. මෙබඳු අසිරිමත් දැකුම්කලු වූ සියලු ලෙසින් පැහැපත් වූ විමානය මාගේ කුශලකර්‍මයෙන් උපන්නේ ය. එහෙයින් පින් කිරීම සුදුසු ය.
Pali BJT745. තායෙව තෙ සුද්ධනුමොදනාය ලද්ධං විමානං අබ්භුතං දස්සනීයං යා චෙව සා දානමදාසි නාරී තස්සා ගතිං බ්රූහි කුහිං උපපන්නා සා ති
Sinhala BJT745. තිගේ ඒ පිරිසිදු අනුමෝදනාවෙන් ලත් විමන අසිරිමත් ය. දැකුම්කලු ය. යම් ඒ ස්ත්‍රියක් තොමෝ දැන් දුන්නී ද, ඕ තොමෝ කොහි උපන්නී දැයි ඇගේ ගතිය කියව.
Pali BJT746. යා සා අහු මය්හං සඛී භදන්තෙ සඞ්ඝස්ස කාරෙසි මහාවිහාරං විඤ්ඤාතධම්මා සා අදාසි දානං උප්පන්නා{2} නිම්මාණරතීසු දෙවෙසු
Sinhala BJT746. වහන්ස, ඒ මාගේ යම් යෙහෙළියක් තොමෝ සඞ්ඝයා උදෙසා මහවෙහෙරක් කරවූ ද, පිළිවිදි සිව්සස් දහම් ඇත්තී දැන් දුන්නී ද, ඕ තොමෝ නිර්‍මාණරතී නම් දෙවියන් අතර උපන්නී ය.
Pali BJT747. පජාපතී තස්ස සුනිම්මිතස්ස අචින්තියො කම්මවිපාකො තස්සා යමෙතං පුච්ඡසි කුහිං උපපන්නා සා’ති තං තෙ වියාකාසිං අනඤ්ඤථා අහං
Sinhala BJT747. (ඕතොමෝ) ඒ සුනිම්මිත දෙවිඳුන්ගේ බිරිඳ වූවා ය. ඇයගේ කර්‍මවිපාකය නො සිතිය හැකි ය. ඕතොමෝ කොහි උපන්නී දැ යි මේ යමක් විචාරහි ද, එය තොපට මම ඇති සැටියෙන් පැවැසීමි.
Pali BJT748. තෙනහි අඤ්ඤෙපි{3} සමාදපෙථ සඞ්ඝස්ස දානානි දදාථ විත්තා ධම්මඤ්ච සුණාථ පසන්න මානසා සුදුල්ලභො ලද්ධො මනුස්සලාභො
Sinhala BJT748. ඒ කරුණෙන් සෙස්සන් ද කුසල් දහම්හි සමාදන් කරවු: සතුටු වූවාහු සඞ්ඝයා දන්දෙවු. පැහැදුණු සිතැත්තෝ දහම් ද අසවු. අතිශයින් දුර්‍ලභ වූ මනුෂ්‍යත්‍වය ලද්දේ (ද එහෙයිනි).
Pali BJT749. යං මග්ගං මග්ගාධිපන්ත්යදෙසයී{4} බ්රහ්මස්සරො කඤ්චන සන්නිභත්තවො සඞ්ඝස්ස දානානි දදාථ විත්තා මහප්ඵලා යත්ථ භවන්ති දක්ඛිණා
Sinhala BJT749. බ්‍රහමස්වර ඇති රන්වන්සිවි ඇති බුදුරජාණන් වහන්සේ යම් සුගතිගාමී මාර්‍ගයක් ශ්‍රේෂ්ඨ යයි වදාළසේක් ද, යමකු විෂයෙහි දක්‍ෂිණා තොමෝ මහත්ඵල වන්නී ද (තෙපි) සතුටු වූවාහු ඒ සඟනට දන් දෙවු.
Pali BJT750. යෙ පුග්ගලා අට්ඨ සතං පසත්ථා චත්තාරි එතානි යුගානි හොන්ති තෙ දක්ඛිණෙය්යා සුගතස්ස සාවකා එතෙසු දින්නානි මහප්ඵලානි
Sinhala BJT750. බුද්ධාදී සත්පුරුෂයන් විසින් පසස්නාලද යම් ආර්‍ය්‍ය පුද්ගලයෝ වෙත් ද, ඔහු අටදෙනෙකි. තෙල යුගයෝ සතර දෙනෙකි. බුදුරදුන්ගේ ශ්‍රාවක වූ ඒ ආර්‍ය්‍ය පුද්ගලයෝ දක්‍ෂිණාවට නිසස්හ. මුන්වහන්සේ කෙරෙහි දෙනලද දානයෝ මහත්ඵල වෙත්.
Pali BJT751. චත්තාරො ච පටිපන්නා චත්තාරො ච ඵලෙ ඨිතා, එස සඞ්ඝො උජුභූතො පඤ්ඤාසීලසමාහිතො
Sinhala BJT751. මාර්‍ගස්ථයෝ සිවුදෙනෙක, ඵලස්ථයෝ සිවු දෙනෙක, මේ සඞ්ඝ තෙමේ ඍජු වූයේ යැ. (ආර්‍ය්‍ය වූ) ප්‍රඥාශීලසමාධි ඇත්තේ යැ .
Pali BJT752. යජමානානං මනුස්සානං පුඤ්ඤපෙක්ඛාන පාණිනං, කරොතං ඔපධිකං පුඤ්ඤං සඞ්ඝෙ දින්නං මහප්ඵලං
Sinhala BJT752. යම් සඟරුවනක් කෙරෙහි දුන් දෙය පින්පල කැමති ව දැන් දෙන්නා වූ මිනිසුන්ට මහත්ඵල වේ ද,(එබඳු) ප්‍රතිසන්‍ධි ප්‍රවෘත්ති විපාක දෙන පින් කෙරේවා.
Pali BJT753. එසො හි සඞ්ඝො විපුලො මහග්ගතො එසප්පමෙය්යො උදධීව සාගරො එතෙහි සෙට්ඨා නරවීරසාවකා පභඞ්කරා ධම්මමුදීරයන්ති
Sinhala BJT753. මේ සඞ්ඝ තෙමේ ගුණයෙන් මහත්බවට ගියේ ය. (ඵලවිපුලත්‍වයට හේතුභාවයෙන්) විපුල වූයේ ය. මේ සඞ්ඝ තෙමේ උදධි නම් සාගරය සේ ගුණයෙන් පමණ නොකටහැක්කේ ය. ලොවට නැණලු කරන්නා වූ තෙල ශ්‍රේෂ්ඨ වූ නරවීරශ්‍රාවකයෝ ම නිවන්මඟ දක්වාත්.
Pali BJT754. තෙසං සුදින්නං සුහුතං සුයිට්ඨං යෙ සඞ්ඝමුද්දිස්ස දදන්ති දානං සා දක්ඛිණා සඞ්ඝගතා පතිට්ඨිතා පහප්ඵලා ලොකවිදූන වණ්ණිතා
Sinhala BJT754. යම් කෙනෙක් සඟුන් උදෙසා දන් දෙත් ද, ඔවුන් විසින් (එය) මැනැවින් දෙනලද ය. ගෙනවුත් පුදනලද ය. මහදන් විසින් යාග කරනලද ය. සඟුන් කෙරෙහි පිහිටියා වූ ඒ සඞ්ඝගත වූ දක්‍ෂිණා තොමෝ මහත්ඵල ඇතැ යි බුදුරජුන් විසින් වර්‍ණනා කරන ලදු.
Pali BJT755. එතාදිසං යඤ්ඤමනුස්සරන්තා යෙ වෙදජාතා විචරන්ති ලොකෙ විනෙය්ය මච්ඡෙරමලං සමූලං අනින්දිතා සග්ගමුපෙන්ති ඨානන්ති
Sinhala BJT755. හටගත් සොම්නස් ඇති යම් කෙනෙක් මුල් සහිත ව මසුරු මල දුරු කොට ලෝකයෙහි හැසිරෙත් ද, ඔහු නින්‍දා නො කරන ලද්දෝ සගලොවට පැමිණෙත්.