Vimānavatthu

Stories of Heavenly Mansions

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

Showing entries 301-400 of 1239

SegmentPali BJTSinhala BJT
Pali BJT2. 8.
Sinhala BJT2. 8.
Pali BJT245. අභික්කන්තෙන වණ්ණෙන යා ත්වං තිට්ඨසි දෙවතෙ, ඔභාසෙන්තී දිසා සබ්බා ඔසධී විය තාරකා.
Sinhala BJT245. එම්බා දෙව්දුව, යම්බඳු වූ තෝ මනා රූසිරින් සියලු දිගුන් බබුළුවමින් දවහත් තරුව සේ සිටිනෙහි.
Pali BJT246. කෙන තෙ තාදිසො වණ්ණො කෙන තෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච තෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT246. කවර හේතුවකින් තිට එබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?
Pali BJT247. පුච්ඡාමි තං දෙවි මහානුභාවෙ මනුස්සභූතා කිමකාසි පුඤ්ඤං කෙනාසි එවං ජලිතානුභාවා වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT247. මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද? තීගේ මේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙහි ද?
Pali BJT248. සා දෙවතා අත්තමනා මොග්ගල්ලානෙන පුච්ඡිතා, පඤ්හං පුට්ඨා වියාකාසි යස්ස කම්මස්සිදං ඵලං.
Sinhala BJT248. මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මෙසේ පැවැසූ ය.
Pali BJT249. සද්ධාති මං අඤ්ඤිංසු රාජගහස්මිං උපාසිකා, සද්ධාසීලෙන සම්පන්නා සංවිභාගරතා සදා.
Sinhala BJT249. ශ්‍රද්ධාවෙන් හා ශීලයෙන් යුක්ත වූ නිතර දන්දීමෙහි ඇලුණු (මම) රජගහනුවරැ උපාසිකාවක් වීමි. (අන්‍යයෝ) මා සද්ධා යැ යි දත්හ.
Pali BJT250. අච්ඡාදනඤ්ච භත්තඤ්ච සෙනාසනං පදීපියං, අදාසිං උජුභූතෙසු විප්පසන්නෙන චෙතසා.
Sinhala BJT250. (එකල මම) වස්ත්‍ර ද ආහාර ද සෙනසුන් හා පහන්තෙල් ද ඍජුගුණ ඇත්තවුන් කෙරෙහි වෙසෙසින් පහන් සිතින් දුනිමි.
Pali BJT251. චාතුද්දසිං පඤ්චදසිං යා ච පක්ඛස්ස අට්ඨමී, පාටිහාරියපක්ඛඤ්ච අට්ඨඞ්ගසුසමාගතං.
Sinhala BJT251-252. මම පක්‍ෂය පිළිබඳවූ තුදුස්වක ද පසළොස්වක ද ප්‍රාතිහාර්‍ය්‍ය පක්‍ෂය ද යන පොහෝ දිනයන්හි අටඟින් යුත් පෙහෙවස් විසීමි. හැම කල්හි නිති සිල්හි ද කයින් හා වචනයෙන් සංවෘත වූවා ඉන්‍ද්‍රිය සංවරයෙන් යුක්ත වූවා මනා කොට බෙදා දෙන්නී ගෙහි විසීමි.
Pali BJT252. උපොසථං උපවසිස්සං සදා සීලෙසු සංවුතා, සඤ්ඤමා සංවිභාගා ච විමානං ආවසාමහං.
Sinhala BJTSegment missing in this edition
Pali BJT253. පාණාතිපාතා විරතා මුසාවාදා ච සඤ්ඤතා, ථෙය්යා ච අතිචාරා ච මජ්ජපානා ච ආරකා.
Sinhala BJT253. (එකල්හි මම) පණිවායෙන් දුරු වීමි. මුසවායෙන් සංයත වීමි. අයිනාදනින්ද මිසහසරින් ද රහමෙර පීමෙන් ද දුරු වීමි.
Pali BJT254. පඤ්ච සික්ඛාපදෙ රතා අරියසච්චාන කොවිදා, උපාසිකා චක්ඛුමතො ගොතමස්ස යසස්සිනො.
Sinhala BJT254. පස්සිකපද රැක්මෙහි ඇලුණු චතුරාර්‍ය්‍යසත්‍යයෙහි දක්‍ෂවූ මම යශස් ඇති පසැස් ඇති ගෞතම බුදුරදුන්ගේ උපාසිකාවක් වීමි.
Pali BJT255. තෙන මෙ තාදිසො වණ්ණො තෙන මෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT255. එම පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
Pali BJT256. අක්ඛාමි තෙ භික්ඛු මහානුභාව මනුස්සභූතා යමහං අකාසිං තෙනම්හි එවං ජලිතානුභාවා වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT256. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් දුවක් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇතියා වෙමි. මගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
Pali BJTසද්ධාවිමානං.{1}
Sinhala BJTසද්ධා විමාන යි.
Pali BJT2. 9.
Sinhala BJT2. 9.
Pali BJT257. අභික්කන්තෙන වණ්ණෙන යා ත්වං තිට්ඨසි දෙවතෙ, ඔභාසෙන්ති දිසා සබ්බා ඔසධී විය තාරකා.
Sinhala BJT257. එම්බා දෙව්දුව යම්බඳු වූ තෝ මනා රුසිරින් සියලු දිගුන් බබුළුවමින් දවහත් තරුව සේ සිටිනෙහි.
Pali BJT258. කෙන තෙ තාදිසො වණ්ණො කෙන තෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච තෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT258. කවර හේතුවකින් තිට එබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනෙකින් තිගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?
Pali BJT259. පුච්ඡාමි තං දෙවි මහානුභාවෙ මනුස්සභූතා කිමකාසි පුඤ්ඤං කෙනාසි එවං ජලිතානුභාවා වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT259. මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද, තීගේ මේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙහි ද?
Pali BJT260. සා දෙවතා අත්තමනා මොග්ගල්ලානෙන පුච්ඡිතා, පඤ්හං පුට්ඨා වියාකාසි යස්සකම්මස්සිදං ඵලං.
Sinhala BJT260. මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හු ගේ දැ යි මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මෙසේ පැවැසූ ය.
Pali BJT261. සුනන්දාති මං අඤ්ඤිංසු{1} රාජගහස්මිං උපාසිකා, සද්ධා සීලෙන සම්පන්නා සංවිභාගරතා සදා.
Sinhala BJT261. ශ්‍රද්ධාවෙන් හා ශීලයෙන් යුක්ත වූ නිතර දන්දීමෙහි ඇලුණු (මම) රජගහනුවරැ උපාසිකාවක් වීමි. (අන්‍යයෝ) මා සුනන්‍දා යැ යි දත්හ.
Pali BJT262. අච්ඡාදනඤ්ච භත්තඤ්ච සෙනාසනං පදීපියං, අදාසිං උජුභූතෙසු විප්පසන්නෙන චෙතසා.
Sinhala BJT262. (එකල මම) වස්ත්‍ර ද ආහාර ද සෙනසුන් හා පහන්තෙල්ද ඍජුගුණ ඇත්තවුන් කෙරෙහි වෙසෙසින් පහන් සිතින් දුනිමි.
Pali BJT263. චාතුද්දසිං පඤ්චදසිං යා ච පක්ඛස්ස අට්ඨමී, පාටිහාරියපක්ඛඤ්ච අට්ඨඞ්ගසුසමාගතං.
Sinhala BJT263-264. මම පක්‍ෂය පිළිබඳ වූ තුදුස්වක ද පසළොස්වක ද ප්‍රාතිහාර්‍ය්‍ය පක්‍ෂය ද යන පොහෝ දිනයන්හි අටඟින් යුත් පෙහෙවස් විසීමි. හැම කල්හි නිති සිල්හි ද කයින් හා වචනයෙන් සංවෘත වූවා ඉන්‍ද්‍රිය සංවරයෙන් යුක්ත වූවා මනාකොට බෙදා දෙන්නී ගෙහි විසීමි.
Pali BJT264. උපොසථං උපවසිස්සං සදා සීලෙසු සංවුතා, සඤ්ඤමා සංවිභාගා ච විමානං ආවසාමහං.
Sinhala BJTSegment missing in this edition
Pali BJT265. පාණාතිපාතා විරතා මුසාවාදා ච සඤ්ඤතා, ථෙය්යා ච අතිචාරා ච මජ්ජපානා ච ආරකා.
Sinhala BJT265. (එකල්හි මම) පණිවායෙන් දුරු වීමි. මුසවායෙන් ද සංයත වීමි. අයිනාදනින් ද මිසහසරින් ද රහමෙර පීමෙන් ද දුරු වීමි.
Pali BJT266. පඤ්ච සික්ඛාපදෙ රතා අරියසච්චාන කොවිදා, උපාසිකා චක්ඛුමතො ගොතමස්ස යසස්සිනො.
Sinhala BJT266. පස් සිකපද රැක්මෙහි ඇලුණු චතුරාර්‍ය්‍ය සත්‍යයෙහි දක්‍ෂ වූ (මම) යසස් ඇති පසැස් ඇති ගෞතම බුදුරදුන්ගේ උපාසිකාවක් වීමි.
Pali BJT267. තෙන මෙ තාදිසො වණ්ණො තෙන මෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT267. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
Pali BJT268. අක්ඛාමි තෙ භික්ඛු මහානුභාව මනුස්සභූතා යමහං අකාසිං තෙනම්හි එවං ජලිතානුභාවා වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT268. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් දුවක් වූ මම යම් පිනක් කෙළෙම් ද (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලිසෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙමි. මගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
Pali BJTසුනන්දා විමානං.{2}
Sinhala BJTසුනන්‍දා විමාන යි.
Pali BJT2. 10.
Sinhala BJT2. 10.
Pali BJT269. අභික්කන්තෙන වණ්ණෙන යා ත්වං තිට්ඨසි දෙවතෙ, ඔභාසෙන්ති දිසා සබ්බා ඔසධී විය තාරකා.
Sinhala BJT269. එම්බා දෙව්දුව, යම්බඳු වූ තෝ මනා රුසිරින් සියලු දිගුන් බබුළුවමින් දවහත් තරුව සේ සිටිනෙහි.
Pali BJT270. කෙන තෙ තාදිසො වණ්ණො කෙන තෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච තෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT270. කවර හේතුවකින් තිට එබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?
Pali BJT271. පුච්ඡාමි තං දෙවි මහානුභාවෙ මනුස්සභූතා කිමකාසි පුඤ්ඤං කෙනාසි එවං ජලිතානුභාවා වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT271. මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද? තීගේ මේ සිරුරුපැහැය සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙහි ද?
Pali BJT272. සා දෙවතා අත්තමනා මොග්ගල්ලානෙන පුච්ඡිතා, පඤ්හං පුට්ඨා වියාකාසි යස්ස කම්මස්සිදං ඵලං.
Sinhala BJT272. මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැයි මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටු සිත් ඇත්තී මෙසේ පැවැසූ ය.
Pali BJT273. අහං මනුස්සෙසු මනුස්සභූතා පුරිමාය ජාතියා මනුස්සලොකෙ අද්දසං විරජං බුද්ධං විප්පසන්නමනාවිලං තස්ස අදාසහං භික්ඛං පසන්නා සෙහි පාණිහි
Sinhala BJT273. මම පෙර අත්බැව්හි මිනිස්ලොවැ මිනිසුන් අතර මිනිස් දුවක් වූවා වෙමි. (එකල මම) පහවූ රාගාදි රජස් ඇති වෙසෙසින් පහන් වූ නො කැලඹුණු සිත් ඇති බුදුන් දිටිමි. මම ඒ බුදුරජාණන් වහන්සේට පහන් වූවා සියතින් භික්‍ෂාව දුනිමි.
Pali BJT274. තෙන මෙ තාදිසො වණ්ණො තෙන මෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT274. ඒ පිනෙන් මාගේ සිරුරුපැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
Pali BJT275. අක්ඛාමි තෙ භික්ඛු මහානුභාව මනුස්සභූතා යමහං අකාසිං තෙනම්හි එවං ජලිතානුභාවා වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT275. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් දුවක් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙමි. මාගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි.
Pali BJTභික්ඛාදායිකා විමානං.
Sinhala BJTභික්ඛාදායිකා විමාන යි.
Pali BJT2. 11.
Sinhala BJT2. 11.
Pali BJT276. අභික්කන්තෙන වණ්ණෙන යා ත්වං තිට්ඨසි දෙවතෙ, ඔභාසෙන්තී දිසා සබ්බා ඔසධී විය තාරකා.
Sinhala BJT276. එම්බා දෙව්දුව, යම්බඳු වූ තෝ මනා රුසිරින් සියලු දිගුන් බබුළුවමින් දවහත් තරුව සේ සිටිනෙහි.
Pali BJT277. කෙන තෙ තාදිසො වණ්ණො කෙන තෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච තෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT277. කවර හේතුවකින් තිට එබඳු සිරුරුපැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?
Pali BJT278. පුච්ඡාමි තං දෙවි මහානුභාවෙ මනුස්සභූතා කිමකාසි පුඤ්ඤං කෙනාසි එවං ජලිතානුභාවා වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT278. මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද, තිගේ මේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු පුණ්‍යර්ධි ඇත්තී වෙහි ද?
Pali BJT279. සා දෙවතා අත්තමනා මොග්ගල්ලානෙන පුච්ඡිතා, පඤ්හං පුට්ඨා වියාකාසි යස්ස කම්මස්සිදං ඵලං.
Sinhala BJT279. මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මෙසේ පැවැසූ ය.
Pali BJT280. අහං මනුස්සෙසු මනුස්සභූතා පුරිමාය ජාතියා මනුස්සලොකෙ අද්දසං විරජං භික්ඛුං විප්පසන්නමනාවිලං තස්ස අදාසහං භික්ඛං පසන්නා සෙහි පාණිහි.
Sinhala BJT280. මම පෙර අත්බැව්හි මිනිස් ලොව මිනිසුන් අතර මිනිස් දුවක් වූවා පහවූ රාගාදී රජස් ඇති වෙසෙසින් පහන්වූ නො කැලඹුණු සිත් ඇති රහත් නමක් දිටිමි. මම උන් වහන්සේට පහන් වූවා සියතින් භික්‍ෂාව දුනිමි.
Pali BJT281. තෙන මෙ තාදිසො වණ්ණො තෙන මෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT281. ඒ පිනෙන් මාගේ සිරුරුපැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
Pali BJT282. අක්ඛාමි තෙ භික්ඛු මහානුභාව මනුස්සභූතා යමහං අකාසිං තෙනම්හි එවං ජලිතානුභාවා වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT282. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස්දුවක් වූ මම යම් පිනක් කෙළෙම්ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවා යයි.
Pali BJTදුතියභික්ඛාදායිකා විමානං.
Sinhala BJTදුතියභික්ඛාදායිකා විමාන යි.
Pali BJTචිත්තලතාවග්ගො දුතියො
Sinhala BJTදෙවෙනි චිත්තලතා වර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTදාසී චෙව ලඛුමා ච අථ ආචාමදායිකා චණ්ඩාලී භද්දිත්ථි චෙව{1} සොණදින්නා උපොසථා නන්දා චෙව සුනන්දා ච{2} දෙව ච භික්ඛාය දායිකා වග්ගො තෙන පවුච්චතීති.
Sinhala BJTදාසී යැ, ලඛුමා යැ, ආචාමදායිකා යැ, චන්ඩාලී යැ, හද්දිත්‍ථි යැ, සෝණදින්නා යැ, උපෝසථා යැ, නන්‍දා යැ, සුනන්‍දා යැ, භික්ඛදායිකා දෙක යැ යන මෙයින් වර්‍ගය කියනු ලැබේ.
Pali BJTභාණවාරං පඨමං.
Sinhala BJTපළමුවන බණවර යි.
Pali BJT3. පාරිච්ඡත්තකවග්ගො
Sinhala BJT3. පාරිච්ඡත්තක වර්‍ගය
Pali BJT3. 1.
Sinhala BJT3. 1.
Pali BJT283. උළාරො තෙ යසො වණ්ණො සබ්බා ඔභාසතෙ දිසා, නාරියො නච්චන්ති ගායන්ති දෙවපුත්තා අලඞ්කතා.
Sinhala BJT283-284 (එම්බා) දෙව්දුව, තීගේ පිරිවර මහත් ය. උදාර වූ සිරුරු පැහැය සියලු දිගින් බබුළුවයි. දිවබරණින් සැරසුණු දිව්‍යස්ත්‍රීහු ද දිව්‍ය පුත්‍රයෝ ද තිට පුද පිණිස නටති. ගයති. (තී) සතුටු කරවති. (තී) පිරිවරා සිටිත්. මනා දැකුම් ඇත්තිය, තිගේ මේ විමානයෝ රන්මුවා වූහ.
Pali BJT284. මොදෙන්ති පරිවාරෙන්ති තව පූජාය දෙවතෙ, සොවණ්ණානි විමානානි තවිමානි සුදස්සනෙ.
Sinhala BJTSegment missing in this edition
Pali BJT285. තුවංසි ඉස්සරා තෙසං සබ්බකාමසමිද්ධිනී, අභිජාතා මහන්තාසි දෙවකායෙ පමොදසි, දෙවතෙ පුච්ඡිතාචික්ඛ කිස්ස කම්මස්සිදං ඵලන්ති.
Sinhala BJT285. සියලු පස්කම් ගුණයෙන් සමෘද්ධ වූ තී ඔවුනට අධිපති වෙහි. මනාකොට උපන් තී මහත් අනුභාව ඇත්තී වෙහි. මේ දිව්‍යනිකායෙහි ප්‍රමුදිත වෙහි. (එම්බා) දෙව්දුව, විචාරනලද්දා වූ තී මේ විපාකය කිනම් කර්‍මයක්හුගේ දැ යි කියව.
Pali BJT286. කෙන තෙ තාදිසො වණ්ණො කෙන තෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච තෙ භොගා යෙ කෙචි මනසො පියා
Sinhala BJT286. කවර හේතුවකින් තිට මෙබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?
Pali BJT287. පුච්ඡාමි තං දෙවි මහානුභාවෙ, මනුස්සලොකෙ කිමකාසි පුඤ්ඤං කෙනාසි එවං ජලිතානුභාවා, වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT287. මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් ලො වැ කවර පිනක් කෙළෙහි ද? තීගේ මේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලිසෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙහි ද?
Pali BJT288. සා දෙවතා අත්තමනා මොග්ගල්ලානෙන පුච්ඡිතා, පඤ්හං පුට්ඨා වියාකාසි යස්ස කම්මස්සිදං ඵලං.
Sinhala BJT288. මේ පුණ්‍යඵලය කවර කර්‍මයක්හුගේ දැ යි මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී (මෙසේ) පැවසූ ය.
Pali BJT289. අහං මනුස්සෙසු මසුස්සභූතා පුරිමාය ජාතියා මනුස්සලොකෙ දුස්සීලකුලෙ සුණිසා අහොසිං අස්සද්ධෙසු කදරියෙසු අහං.
Sinhala BJT289. මම පෙරැ අත්බැව්හි මිනිස්ලොවැ මිනිසුන් අතරැ මිනිස් දුවක් වීමි. මම සැදැහැ නැති තද මසුරු බැව් ඇතියන් අතර දුසිල් කුලයෙක ලෙහෙලියක් වීමි.
Pali BJT290. සද්ධා සීලෙන සම්පන්නා සංවිභාගරතා සදා, පිණ්ඩාය චරමානස්ස අපූවං තෙ අදාසහං.
Sinhala BJT290. ශ්‍රද්ධාවෙන් හා ශීලයෙන් යුක්ත වූ නිතර දන්දීමෙහි ඇලුණු (මම) පිඬු පිණිස හැසිරෙන මුබ වහන්සේට කබලුපූවක් පිදුවෙමි.
Pali BJT291. තදාහං සස්සුයාචික්ඛිං සමණො ආගතො ඉධ, තස්ස අදාසහං පූවං පසන්නා සෙහි පාණිහි.
Sinhala BJT291. එකල්හි මම “ශ්‍රමණයන් වහන්සේ නමක් මෙහි වැඩිසේක පහන් වූ මම උන්වහන්සේට සියතින් පූවක් පිදුවෙමි ය” නැන්දණියට කීයෙමි
Pali BJT292. ඉති සා සස්සු පරිභාසි අවිනීතා{1} තුවං වධූ, න මං සම්පුච්ඡිතුං ඉච්ඡි සමණස්ස දදාමහං.
Sinhala BJT292. ඒ නැන්දණියෝ “තෝ අවිනීත ස්ත්‍රියක, ‘මම මහණට (කබලුපූ) දෙමැ’යි මා විචාරන්නට නොකැමති වූ” යයි මට පරිභව කළහ.
Pali BJT293. තතො මෙ සස්සු කුපිතා පහාසි මුසලෙන මං, කූටඞ්ගච්ඡි අවධි මං නාසක්ඛිං ජීවිතුං චිරං.
Sinhala BJT293. ඉක්බිති කිපියා වූ මාගේ නැන්දණියෝ මට මොහොලින් පහර දුන්හ. උරහිස සිඳලූහ. මා නසාලූහ. කලක් ජීවත්වන්නට නො හැකි වීමි.
Pali BJT294. සා අහං කායස්ස භෙදා විප්පමුත්තා තතො චුතා, දෙවානං තාවතිංසානං උපපන්නා සහව්යතං.
Sinhala BJT294. ඒ දුකින් මිදුණු මම කය බිඳීමෙන් එයින් ච්‍යුත වූවා තව්තිසා දෙවියන්ගේ සහභාවයට පැමිණියෙමි.
Pali BJT295. තෙන මෙ තාදිසො වණ්ණො තෙන මෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT295. එම පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
Pali BJT296. අක්ඛාමි තෙ භික්ඛු මහානුභාව මනුස්සභූතා යමහං අකාසිං තෙනම්හි එවං ජලිතානුභාවා වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT296. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් දුවක් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇතියා වෙමි. මාගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි.
Pali BJTඋළාර විමානං.
Sinhala BJTඋළාරවිමාන යි.
Pali BJT3. 2.
Sinhala BJT3. 2.
Pali BJT297. ඔභාසයිත්වා පඨවිං සදෙවකං අතිරොචසි චන්දිමසූරියා විය සිරියා ච වණ්ණෙන යසෙන තෙජසා බ්රහ්මා ව දෙවෙ තිදසෙ සඉන්දකෙ.{1}
Sinhala BJT297. (තෝ) සඳ හිරු මෙන් අහස සහිත පොළොව එකලු කොට අතිශයින් බබළහි. ශෝභාවෙන් ද ශරීර වර්‍ණයෙන් ද පරිවාරයෙන් ද ස්වකීය අනුභාවයෙන් ද ඉන්‍ද්‍රයා සහිත තව්තිසා වැසි දෙවියන් ඉක්මවා බබළන බ්‍රහ්මයා මෙනි.
Pali BJT298. පුච්ඡාමි තං උප්පලමාලධාරිණී ආවෙළිනී කඤ්චනසන්නිභත්තවෙ අලඞ්කතෙ උත්තමවත්ථධාරිණී කා ත්වං සුභෙ දෙවතෙ වන්දසෙ මමං.
Sinhala BJT298. උපුල් මල්දම් දරන රුවන්මුවා මලින් නැගුණු රැළි ඇති රන්වන් සිවි ඇති උතුම් වත් දරන සැරසුණු සොඳුරු දෙව්දුව, මා වඳින තී කවරැ යි විචාරමි.
Pali BJT299. කිං ත්වං පුරෙ කම්මමකාසි අත්තනා මනුස්සභූතා පුරිමාය ජාතියා දානං සුචිණ්ණං අථ සීලසඤ්ඤමං කෙනූපපන්නා සුගතිං යසස්සිනී. දෙවතෙ පුච්ඡිතාචික්ඛ කිස්ස කම්මස්සිදං ඵලන්ති.
Sinhala BJT299. තෝ පෙරැ අත්බැව්හි මිනිස්දුවක් වූවා කිනම් කර්‍මයක් කෙළෙහි ද? මැනැවින් දන් දෙන ලද ද? නැතහොත් සිල් රක්නා ලද ද? කුමකින් යසස් ඇතිව සුගතියෙහි උපන්නී වෙහි ද? එම්බා දෙව්දුව, විචාරන ලද්දී මේ ව්පාකය කවර කර්‍මයක්හුගේ දැ යි කියව.
Pali BJT300. ඉදානි භන්තෙ ඉමමෙව ගාමං{2} පිණ්ඩාය අම්හාක ඝරං උපාගමි තතො තෙ උච්ඡුස්ස අදාසි ඛණ්ඩිකං පසන්නචිත්තා අතුලාය පීතියා.
Sinhala BJT300. වහන්ස, මෙකල්හි මෙගම්හි ම (භික්‍ෂුනමක්) පිඬු පිණිස අප ගෙට එළඹියේ ය. ඉක්බිති උන්වහන්සේට පහන් සිතැත්තී ඉමහත් ප්‍රීතියෙන් උක් දඞු කඩක් පිදුවෙමි.
Pali BJT301. සස්සු ච පච්ඡා අනුයුඤ්ජතෙ මමං කහන්නු{3} උච්ඡුං වධුකෙ අවාකිරී{4} නච්ඡඩ්ඪිතං න ච පන ඛාදිතං{5} මයා සන්තස්ස භික්ඛුස්ස සයං අදාසහං.
Sinhala BJT301. පසුව නැඳි තොමෝ, ලෙහෙලිය උක්දඞුකඩ කොහි දැමුවෙහි දැ යි මා විචාළා ය. එය මා විසින් බැහැර නො දමන ලදී. නො ද අනුභව කරන ලදි. මම සන්සුන් කෙලෙසුන් ඇති භික්‍ෂුනමක්හට පිදුවෙමි.
Pali BJT302. තුය්හං නචිදං{1} ඉස්සරියං අථො මම ඉතිස්සා සස්සු පරිභාසතෙ මමං, පීඨං ගහෙත්වා පහාරං අදාසි මෙ තතො චුතා කාලකතාම්හි දෙවතා.
Sinhala BJT302. ගෙහි මේ අධිපතිභාවය තීගේ ද නැතහොත් මාගේ දැ යි මෙසේ නැඳි තොමෝ මට පරිභව කළා ය. නැවත පුටුවක් ගෙන පහර දුනි. කලුරිය කළා වූ මම එයින් සැව දෙව්දුවක් වූවා වෙමි.
Pali BJT303. තදෙව කම්මං කුසලං කතං මයා සුඛඤ්ච කම්මං අනුභොමි අත්තනා, දෙවෙහි සද්ධිං පරිචාරයාමහං මොදාමහං කාමගුණෙහි පඤ්චහි.
Sinhala BJT303. මා විසින් ඒ කුශල කර්‍මය පමණක් කරණ ලදී. තමා විසින් (කරන ලද) ඒ කුශල කර්‍මය කරණ කොට ගෙන (මේ) සැප විඳිමි. මම දෙවියන් සමග හැසිරෙමි. මම පස්කම් ගුණයෙන් සතුටු වෙමි.
Pali BJT304. තදෙව කම්මං කුසලං කතං මයා සුඛඤ්ච කම්මං අනුභොමි අත්තනා දෙවින්දගුත්තා තිදසෙහි රක්ඛිතා සමප්පිතා කාමගුණෙහි පඤ්චහි.
Sinhala BJT304. මා විසින් ඒ කුශල කර්‍මය පමණක් කරණ ලදී. තමා විසින් (කරන ලද) ඒ කුශල කර්‍මය කරණ කොට ගෙන (මේ) සැප විඳිමි. සක් දෙවිඳු විසින් ගෝපිත වූ තව්තිසා වැසි දෙවියන් විසින් රක්නාලද මම පස්කම් ගුණයෙන් යුක්ත වූවා වෙමි.
Pali BJT305. එතාදිසං පුඤ්ඤඵලං අනප්පකං මහාවිපාකා මම උච්ඡුදක්ඛිණා, දෙවෙහි සද්ධිං පරිචාරයාමහං මොදාමහං කාමගුණෙහි පඤ්චහි.
Sinhala BJT305. මාගේ උක්දඞු පූජාව මහත් විපාක ඇත. එයින් මෙබඳු අනල්ප වූ පුණ්‍යඵලයෙක් වෙයි. මම දෙවියන් සමග හැසිරෙමි. මම පස්කම් ගුණයෙන් සතුටු වෙමි
Pali BJT306. එතාදිසං පුඤ්චඵලං අනප්පකං මහාජුතීකා මම උච්ඡුදක්ඛිණා, දෙවින්දගුත්තා තිදසෙහි රක්ඛිතා සහස්සනෙත්තො ඉව නන්දනෙ වනෙ.
Sinhala BJT306. ඒ මාගේ උක්දඞු පූජාව මහත් අනුභාව ඇත. එයින් මෙබඳු අනල්ප වූ පුණ්‍යඵලයෙක් වෙයි. සක් දෙවිඳුන් විසින් ගෝපිත වූ තව්තිසා වැසි දෙවියන් විසින් රක්නාලද මම නදුන් වෙනෙහි සක්දෙව් රජු මෙන් (ප්‍රීත වෙමි)
Pali BJT307. තුවඤ්ච භන්තෙ අනුකම්පකං විදුං උපෙච්ච වන්දිං කුසලඤ්ච පුච්ඡිසං තතො තෙ උච්ඡුස්ස අදාසිං ඛණ්ඩිකං පසන්නචිත්තා අතුලාය පීතියාති.
Sinhala BJT307. වහන්ස මම කාරුණික වූ නුවණැත්තා වූ ඒ ඔබ වෙත පැමිණ වැන්දෙමි. නීරෝග බව ද විචාළෙමි. ඉක්බිති පහන්සිත් ඇති මම ඉමහත් ප්‍රීතියෙන් ඔබ වහන්සේට උක්දඞුකඩක් පූජා කෙළෙමි.
Pali BJTඋච්ඡුදායිකාවිමානං.
Sinhala BJTඋච්ඡුදායිකා විමාන යි.
Pali BJT3. 3.
Sinhala BJT3. 3.
Pali BJT308. පල්ලඞ්කසෙට්ඨෙ මණිසොණ්ණචිත්තෙ පුප්ඵාභිකිණ්ණෙ සයනෙ උළාරෙ තත්ථච්ඡසි දෙවි මහානුභාවෙ උච්චාවචා ඉද්ධි විකුබ්බමානා.
Sinhala BJT308. මහත් අනුභාව ඇති දෙව්දුව, මිණියෙන් හා රනින් විසිතුරු වූ මලින් ගැවසීගත් මහත් යහනක් වූ උතුම් පළඟෙහි කුදුමහත් ඍද්ධි විකුර්‍වණය කරන්නී එහි සිටිනෙහි ය.
Pali BJT309. ඉමා ච තෙ අච්ඡරායො සමන්තතො නච්චන්ති ගායන්ති පමොදයන්ති දෙවිද්ධිපත්තාසි මහානුභාවෙ මනුස්සභූතා කිමකාසි පුඤ්ඤං කෙනාසි එවං ජලිතානුභාවා වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT309. තීගේ මේ අප්සරාවෝ හාත්පස නටති, ගයති, සතුටු කරවත්. මහත් අනුභාව ඇති දෙව්දුව, දිව්‍යර්ධියට පැමිණියා වෙහි. මිනිස් වූවා කිනම් පිනක් කෙළෙහි ද? කවර හේතුවකින් මෙසේ දිලිසෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙහි ද? තීගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි.
Pali BJT310. අහං මනුස්සෙසු මනුස්සභූතා අඩ්ඪෙ කුලෙ සුණිසා අහොසිං අක්කොධනා භත්තුවසානුවත්තිනී අහොසිං අප්පමත්තා උපොසථෙ.
Sinhala BJT310. මිනිසුන් කෙරෙහි මිනිස්දුවක් වූ මම ආඪ්‍යකුලයෙක ලේලියක් වීමි. ක්‍රෝධ නො කරන සුලු ස්වාමියාගේ වසයෙහි පවත්නාසුලු මම පෙහෙවස්හි අප්‍රමත්ත වීමි.
Pali BJT311. මනුස්සභූතා දහරාස’පාපිකා{1} පසන්නචිත්තා පතිමාභිරාධයිං දිවා ච රත්තො ච මනාපචාරිණී අහං පුරෙ සීලවතී අහොසිං.
Sinhala BJT311. මිනිස්දුවක් වූ තරුණ වූ මම පතීව්‍රතාවක් විමි. පහන්සිත් ඇත්තී ස්වාමියා සතුටු කෙළෙමි. දවරෑ දෙක්හි මනවඩන්නියක් ව හැසුරුණු මම පෙර සිල් ඇත්තී වීමී.
Pali BJT312. පාණාතිපාතා විරතා අචොරිකා සංසුද්ධකායා සුචිබ්රහ්මචාරිණී අමජ්ජපා නො ච මුසා අභාණිං සික්ඛාපදෙසු පරිපූරකාරිණී.
Sinhala BJT312. ඒ (මම) සතුන් මැරීමෙන් වෙන් වීමි. සොරකම් නො කරන්නියක් වීමි. පිරිසිදු කායකර්‍ම ඇත්තියක් ද පිවිතුරු බඹසර ඇත්තියක් ද මත්පැන් නො බොන්නියක් ද වීමි. බොරු නො ද කීමි. ශික්‍ෂාපදයන් සම්පූර්‍ණ කරන්නියක් වීමි.
Pali BJT313. චාතුද්දසිං පඤ්චදසිං යා ච පක්ඛස්ස අට්ඨමී පාටිහාරියපක්ඛඤ්ච පසන්නමනසා අහං අට්ඨඞ්ගුපෙතං අනුධම්මචාරිණී උපොසථං පීතිමනා උපාවසිං.
Sinhala BJT313. මෙසේ ආර්‍ය්‍ය ධර්‍මානුගත වූ ප්‍රීතිසිත් ඇති ඒ මම පක්‍ෂය පිළිබඳ වූ තුදුස්වක ද පසළොස්වක ද අටවක ද ප්‍රාතිහාර්‍ය්‍ය පක්‍ෂය ද (යන පොහෝ දිනයන්හි) පහන් සිත් ඇත්තී අටඟින් යුත් පෙහෙවස් විසීමි.
Pali BJT314. ඉමඤ්චාරියට්ඨඞ්ගවරෙහුපෙතං{2} සමාදියිත්වා කුසලං සුඛුද්රයං පතිම්හි කල්යාණි වසානුවත්තිනී අහොසිං පුබ්බෙ සුගතස්ස සාවිකා
Sinhala BJT314. මේ උතුම් ආර්‍ය්‍ය අෂ්ටාංගයෙන් යුක්ත වූ සැප විපාක ඇති කුශලය සමාදන් ව යහපත් තැනැත්තියක් වූවා ස්වාමියා අනුව පවත්නී පෙරැ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් වීමි.
Pali BJT315. එතාදිසං කුසලං ජීවලොකෙ කම්මං කරිත්වාන විසෙසභාගිනී කායස්ස භෙදා අභිසම්පරායං දෙවිද්ධිපත්තා සුගතිම්හි ආගතා.
Sinhala BJT315. දිව්‍ය සම්පත්තියට හිමි වූ මම මිනිස් ලොව මෙබඳු කුශල කර්‍මයක් කොට මරණින් මතු පරලෙව්හි දිව්‍යර්ධියට පැමිණියා සුගතියට ආයෙමි.
Pali BJT316. විමාන පාසාදවරෙ මනොරමෙ පරිවාරිතා අච්ඡරාසඞ්ගණෙන සයංපභා දෙවගණා රමෙන්ති මං දීඝායුකිං දෙවවිමානමාගතන්ති.
Sinhala BJT316. සිත්කලු වූ උතුම් වූ විමානයෙකැ අප්සරා සමූහයෙන් පිරිවරන ලද මම ස්වකීය ශරීරාලෝක ඇත්තියක් වීමි. දීර්‍ඝායුෂ ඇති දිව්‍ය විමානයට පැමිණි මා දිව්‍ය සමූහයෝ රමණය කෙරෙත්.
Pali BJTපල්ලඞ්කවිමානං.
Sinhala BJTපල්ලඞ්කවිමාන යි.
Pali BJT3. 4.
Sinhala BJT3. 4.
Pali BJT317. ලතා ච සජ්ජා පවරා ච දෙවතා අච්චිමුඛී{3} රාජවරස්ස සිරීමතො සුතා ච රඤ්ඤො වෙස්සවණස්ස ධීතා රාජීමතී ධම්මගුණෙහි සොභථ.
Sinhala BJT317. සිරිමත් වූ සක්දෙව් රජහුගේ (පිරරිවර වූ ද) වෙසවුණු රජුගේ දූවරු වූ ද වෙසෙසින් බබළන සිරුරු ඇති ලතා-සජ්ජා-පවරා-අච්චිමුඛී-සුතා යන දෙවඟනෝ දැහැමි ගුණයෙන් බබළන්නාහු ය.
Pali BJT318. පඤ්චෙත්ථ නාරියො අගමංසු නහායිතුං සීතොදිකං උප්පලිනිං සිවං නදිං තා තත්ථ නහායිත්ව රමෙත්ව දෙවතා නච්චිත්ව{4} ගායිත්ව{5} සුතා ලතං බ්රුවී.
Sinhala BJT318. එම දිව්‍යස්ත්‍රීහු පස්දෙන හිමවත් පෙදෙසෙහි සිහිල්දිය පිරුණු උපුල් මලින් ගැවසීගත් යහපත් ගඟට දියනෑමට ගියාහු ය. ඒ දෙවඟනෝ එහි ස්නානය කොට සිත් අලවා නටා ගී ගයා ක්‍රීඩා කළහ. (ඔවුනතුරෙන්) සුතා දෙව්දූතොමෝ ලතා දෙව්දුවට මෙසේ කීවා ය.
Pali BJT319. පුච්ඡාමි තං උප්පලමාලධාරිණී ආවෙළිනී කඤ්චනසන්නිභත්තචෙ තිමීරතමබක්ඛි නභෙව සොභනෙ දීඝායුකී කෙන කතො යසො තව.
Sinhala BJT319. උපුල්මල්දම් දරන රුවන්මුවා මලින් නැඟුණු රැළි ඇති රන්වන් සිවි ඇත්තීය, තී විචාරමි. මිදෙල්ල මලක රොන් වැනි තඹවන් රොදින් ගැවසීගත් ඇස් ඇති ශරදාකාශය වැනි පිරිසිදු අඟපසඟින් බබළන දීර්‍ඝායු ඇති ලතාවෙනි, තීගේ මේ පරිවාර සම්පත්තිය හා කීර්තිය කවර පිනෙකින් උපනු ද?
Pali BJT320. කෙනාසි භද්දෙ පතිනො පියතරා විසිට්ඨකල්යාණිතරස්සු රූපතො පදක්ඛිණා නච්චනගීතවාදිතෙ ආචික්ඛ නො ත්වං නරනාරිපුච්ඡිතා ති.
Sinhala BJT320. සොඳුර, කවර පිනකින් සැමියාට අතිශයින් ප්‍රිය වූවා වෙහි ද? රූපයෙන් උතුම් වූ ඉතා සොඳුරු බැව් ඇත්තී වෙහි ද? නැටුම් ගැයුම් වැයුම්හි දක්‍ෂ වූවා වෙහි ද? (දිව්‍ය) ස්ත්‍රී පුරුෂයන් විසින් විචාළ තී අපට කියව.
Pali BJT321. අහං මනුස්සෙසු මනුස්සභූතා උළාරභොගෙ කුලෙ සුණිසා අහොසිං අක්කොධනා භත්තුවසානුවත්තිනී උපොසථෙ අප්පමත්තා අහොසිං.
Sinhala BJT321. මිනිසුන් අතරැ මිනිස් දුවක් වූ මම මහත් සම්පත් ඇති කුලයෙකැ ලේලියක් වීමි. ක්‍රෝධ නො කරන සුලු ස්වාමියාගේ වශයෙහි එක්වන් පවත්නා සුලු මම පෙහෙවස්හි අප්‍රමත්ත වීමි.
Pali BJT322. මනුස්සභූතා දහරාස’පාපිකා පසන්නචිත්තා පතිමාභිරාධයිං සදෙවරං සස්සසුරං සදාසකං අභිරාධයිං තම්හි කතො යසො මම.
Sinhala BJT322. මිනිස් දුවක් වූ තරුණ වූ මම පතිව්‍රතාවක් වීමි. පහන්සිත් ඇත්තී සුහුරුබඩු සහිත වූ නැදිමයිලන් ද දැසි දසුන් ද සහිත වූ සැමියා සතුටු කෙළෙමි. එහි දී (ඒ කුලයෙහි හෝ කාලයෙහි හෝ) මා විසින් මේ පින කරන ලදී.
Pali BJT323. සාහං තෙන කුසලෙන කම්මුනා චතුබ්භි ඨානෙහි විසෙසමජ්ඣගා ආයුඤ්ච වණ්ණඤ්ච සුඛං බලඤ්ච ඛිඩ්ඩාරතිං පච්චනුභොමනප්පකං.
Sinhala BJT323. ඒ මම ඒ කුශලකර්‍මයෙන් ආයුෂ-වර්‍ණ-සැප-බල යන කරුණු සතරින් විශිෂ්ඨත්‍වය ලැබීමි. අපමණ කෙළිසුව ද විඳිමි.
Pali BJT324. සුතං නු තං භාසති යං අයං ලතා යං නො අපුච්ඡිම්හ අකිත්තයී නො පතිනො කිරම්හාකං විසිට්ඨනාරිනං ගතී ච තාසං පවරා ච දෙවතා.
Sinhala BJT324. මේ ලතා තොමෝ යමක් කියා ද එය (තොප විසින්) අසන ලද්දේ නො වේ ද, අපගේ යම් සැකයෙක් වේ ද, එය අපි ඇසුවෙමි. (ඕ තොමෝ) අපට එය ඇති සැටි ප්‍රනාශ කළා යැ. උතුම් ස්ත්‍රීන් වූ අපට ස්වාමි පුරුෂයන්ගේ පිහිට උතුම් ය. අපට (ඔහු) උතුම් දෙවියෝ ද වෙත්.