Vimānavatthu

Stories of Heavenly Mansions

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 201-300 න් 1239

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT158. පුච්ඡාමි තං දෙවි මහානුභාවෙ මනුස්සභූතා කිමකාසි පුඤ්ඤං කෙනාසි එවං ජලිතානුභාවා වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT158. මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද? තීගේ මේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙහි ද?
Pali BJT159. සා දෙවතා අත්තමනා මොග්ගල්ලානෙන පුච්ඡිතා, පඤ්හං පුට්ඨා වියාකාසි යස්ස කම්මස්සිදං ඵලං.
Sinhala BJT159. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි මෙසේ පැවසූ ය.
Pali BJT160. අහං මනුස්සෙසු මනුස්සභූතා දාසී අහොසිං පරපෙස්සියා කුලෙ උපාසිකා චක්ඛුමතො ගොතමස්ස යසස්සිනො තස්සා මෙ නික්ඛමො ආසි සාසනෙ තස්ස තාදිනො.
Sinhala BJT160. (වහන්ස,) මම (පෙර) මිනිසුන් අතර මිනිස්දුවක් වූවා පරහට මෙහෙ කරන කුලයෙක්හි දැස්සක් වීමි. පසැස් ඇති යසස් ඇති ගෞතම බුදුරජුන්ගේ උපාසිකාවක් වීමි. තාදී ගුණ ඇති ඒ බුදුරජුන්ගේ ශාසනයෙහි ඒ මාගේ සම්‍යග්ව්‍යායාමයෙක් වීය.
Pali BJT161. කාමං භිජ්ජතු’යං කායො නෙව අත්ථෙත්ථ සන්ථනං{1} සික්ඛාපදානං පඤ්චන්නං මග්ගො සොවත්ථිකො සිවො. 162. අකණ්ටකො අගහනො උජු සබ්භි පවෙදිතො නික්ඛමස්ස ඵලං පස්ස යථිදං පාපුණිත්ථිකා.
Sinhala BJT161-162. ඒකාන්තයෙන් මේ කය බිඳේවා. මේ කර්‍මස්ථානානුයෝගයෙහි වීර්‍ය්‍යයාගේ ලිහිල් බවෙක් නැත් ම යැ. පස් සිකපදයන්ගේ (පිරිපුන් බැවින්) සැපවත් බව සිදු කෙරෙන නිර්‍භය වූ රාගාදි කටු රහිත කෙලෙස් ලැහැබින් තොර ඍජු වූ බුද්ධාදී සත්පුරුෂයන් විසින් ප්‍රකාශ කරන ලද යම් ආර්‍ය්‍ය මාර්‍ගයෙක් වේ ද, (දෑඟිලි නුවණැති) ස්ත්‍රියක් වූ මම යම්බඳු උපායමාර්‍ගයෙකින් මෙයට පැමිණියෙම් ද, ඒ වීර්‍ය්‍යාගේ මේ ඵලය බලව.
Pali BJT163. ආමන්තනිකා රඤ්ඤොම්හි සක්කස්ස වසවත්තිනො සට්ඨිතුරියසහස්සානි පටිබොධං කරොන්ති මෙ.
Sinhala BJT163. වශවර්තී වූ සක්දෙව් රජුහුගේ අල්ලාප සල්ලාපය සඳහා අමතන්නියක් වීමි. සැට දහසක් තූර්‍ය්‍යයෝ මාගේ ප්‍රීතිය පුබුදුවත්.
Pali BJT164. ආලම්බො ගග්ගරො{2} භීමො සාධුවාදී ච සංසයො, පොක්ඛරො ච සුඵස්සො ච වීණාමොක්ඛා ච නාරියො.
Sinhala BJT164-166. ආලම්බ, ගග්ගර, හීම, සාධුවාදී, සංසය, පොක්බර, සුඵස්ස යන දිව්‍ය පුත්‍රයෝ ද, වීණාමොක්ඛා, නන්‍දා, සුනන්‍දා, සෝණදින්නා, සුවිමහිතා, අලම්බුසා, මිස්සකේසී, පුණ්ඩරීකා, අතිදාරුණි, එණිඵස්සා, සුඵස්සා, සුභද්දා, මුදුවාදිනී යන මේ දෙවඟනෝ ද, අප්සරාවන් අතුරෙන් සංගීතයෙහි ඉතා පැසසිය යුතු වූ පුබුදු කරවන මෙයින් අන්‍ය වූ අප්සරාවෝ ද වෙති.
Pali BJT165. නන්දා චෙව සුනන්දා ච සොණදින්නා සුචිම්හිතා{3} අලම්බුසා මිස්සකෙසී ච පුණ්ඩරීකාතිදාරුණී.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT166. එණිඵස්සා සුඵස්සා ච සුභද්දා මුදුවාදිනී, එතා චඤ්ඤා ච සෙය්යසා{4} අච්ඡරානං පබොධිකා.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT167. කාමං කාලෙනුපාගන්ත්වා අභිභාසන්ති දෙවතා, හන්ද නච්චාම ගායාම හන්ද තං රමයාමසෙ.
Sinhala BJT167. ඒ දේවතාවෝ සුදුසු කාලයෙහි මා වෙත එළඹ “දැන් නටමු ගයමු දැන් තී සතුටු කරවමු” යි ඉදිරියට පැමිණ කියත්.
Pali BJT168. නයිදං අකතපුඤ්ඤානං කතපුඤ්ඤානමෙවිදං අසොකං නන්දානං රම්මං තිදසානං මහාවනං.
Sinhala BJT168. (මා විසින් ලැබූ ) මේ දෙව් විමන පින් නො කළවුන්ට නො ලැබේ. සෝක නැති තව්තිසාවැසි දෙවියන්ගේ රම්‍ය වූ මේ නන්‍දන මහාවනය පින් කළවුන්ට ම ලැබේ.
Pali BJT169. සුඛං අකතපුඤ්ඤානං ඉධ නත්ථි පරත්ථ ච, සුඛඤ්චෙ කතපුඤ්ඤානං ඉධ චෙව පරත්ථ ච.
Sinhala BJT169. පින් නො කළවුන්ට මෙලොව හා පරලොව සැපයෙක් නැත. පින් කළවුන්ට ම මෙලොව හා පරලොව සැප ලැබේ.
Pali BJT170. තෙසං සහව්යකාමානං කත්තබ්බං කුසලං බහුං කතපුඤ්ඤා හි මොදන්ති සග්ගෙ භොසසමඞ්ගිනොති.
Sinhala BJT170. ඒ තව්තිසාවැසි දෙවියන් හා සහභාවයට යනු කැමැත්තන් විසින් බොහෝ කුසල් කළයුතු වේ. කළ පිනැත්තෝ ම ස්වර්‍ගයෙහි පස්කම් සැපතින් යුක්ත වූවාහු සතුටු වෙත්.
Pali BJTදාසීවිමානං.
Sinhala BJTදාසීවිමන යි.
Pali BJT2. 2.
Sinhala BJT2. 2.
Pali BJT171. අභික්කන්තෙන වණ්ණෙන යා ත්වං තිට්ඨසි දෙවතෙ, ඔභාසෙන්ති දිසා සබ්බා ඔසධී විය තාරාකා.
Sinhala BJT171. එම්බා දෙව්දුව යම්බඳු වූ තෝ මන රුසිරින් සියලු දිගුන් බබුළුවමින් දවහත් තරුව සේ සිටිනෙහි?
Pali BJT172. කෙන තෙ තාදිසො වණ්ණො කෙන තෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච තෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT172. කවර හේතුවකින් තිට එබඳු සිරුරුපැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?
Pali BJT173. පුච්ඡාමි තං දෙවි මහානුභාවෙ මනුස්සභූතා කිමකාසි පුඤ්ඤං කෙනාසි එවං ජලිතානුභාවා වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT173. මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද? තීගේ මේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලිසෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙහි ද?
Pali BJT174. සා දෙවතා අත්තමනා මොග්ගල්ලානෙන පුච්ඡිතා, පඤ්හං පුට්ඨා වියාකාසි යස්ස කම්මස්සිදං ඵලං.
Sinhala BJT174. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි මෙසේ පැවැසූ ය.
Pali BJT175. කෙවට්ටද්වාරා නික්ඛම්ම අහු මය්හං නිවෙසනං, තත්ථ සඤ්චරමානානං සාවකානං මහෙසිනං.
Sinhala BJT175-176. (බරණැස) කෙවුල් ගම්දොරින් නික්මෙන තැන මාගේ නිවාසය වී ය. එහි පිඬු පිණිස හැසිරෙන මහර්ෂීන්ගේ සවුවනට බත් ද කොමු පිඬු ද පලාකොළ (එළවලු) ද ලෝණසෝවීරකය ද ඍජු සිතැත්තවුන් කෙරෙහි වෙසෙසින් පහන් සිතින් පිදීමි.
Pali BJT176. ඔදනං කුම්මාසං සාකං{1} ලොණසොවීරකඤ්චහං, අදාසිං උජුභූතෙසු විප්පසන්නෙන චෙතසා.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT177. චාතුද්දසිං පඤ්චදසිං යා ච පක්ඛස්ස අට්ඨමී, පාටිහාරියපක්ඛඤ්ච අට්ඨඞ්ගසුසමාගතං
Sinhala BJT177-178. මම පක්‍ෂය පිළිබඳ තුදුස්වක ද පසළොස්වක ද ප්‍රාතිහාර්‍ය්‍ය පක්‍ෂය ද (යන පොහෝදිනයන්හි) අටඟින් යුත් පෙහෙවස් විසීමි. සියලු කල්හි නිති සිහිල් කයින් හා වචනයෙන් සංවෘත වූවා ඉන්‍ද්‍රිය සංවරයෙන් යුක්ත වූවා මනා කොට බෙදා දෙන්නී ගෙහි විසීමි.
Pali BJT178. උපොසථං උපවසිස්සං සදා සීලෙසු සංවුතා, සඤ්ඤමා සංවිභාගා ච විමානං ආවසාමහං
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT179. පාණාතිපාතා විරතා මුසාවාදා ච සඤ්ඤතා, ථෙය්යා ච අතිචාරා ච මජ්ජපානා ච ආරකා
Sinhala BJT179. (එකල්හි මම) පණිවායෙන් දුරු වීමි. මුසවායෙන් සංයත වීමි. අයිනාදනින් ද මිසහසරින් ද රහමෙර පීමෙන් ද දුරු වීමි.
Pali BJT180. පඤ්චසික්ඛාපදෙ රතා අරියසච්චාන කොවිදා, උපාසිකා චක්ඛුමතො ගොතමස්ස යසස්සිනො
Sinhala BJT180. පස් සිකපද රැක්මෙහි ඇලුණු චතුරාර්‍ය්‍යසත්‍යයෙහි දක්‍ෂ වූ මම යසස් ඇති පසැස් ඇති ගෞතම බුදුරදුන්ගේ උපාසිකාවක් වීමි.
Pali BJT181. තෙන මෙ තාදිසො වණ්ණො තෙන මෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT181. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
Pali BJT182. අක්ඛාමි තෙ භික්ඛු මහානුභාව මනුස්සභූතා යමහං අකාසිං තෙනම්හි එවං ජලිතානුභාවා වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT182. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස්දුවක් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙමි. මාගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි.
Pali BJTමම ච භන්තෙ වචනෙන භගවතො පාදෙ සිරසා වන්දෙය්යාසි, ලඛුමා නාම භන්තෙ උපාසිකා භගවතො පාදෙ සිරසා වන්දතීති. අනච්ඡරියං ඛො පනෙතං භන්තෙ යං මං භගවා අඤ්ඤතරස්මිං සාමඤ්ඤඵලෙ ව්යාකරෙය්ය තං භගවා සකදාගාමිඵලෙ ව්යාකාසීති.
Sinhala BJTවහන්ස, ලඛුමා නම් උපාසිකා තොමෝ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීපාදයන් මස්තකයෙන් වඳී. වහන්ස, මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීපාදයන් මස්තකයෙන් වඳිනු මැනැවි. වහන්ස, යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ මා එක්තරා මාර්‍ගඵලයෙක්හි ලා වදාරන සේක් නම් එය පුදුමයෙක් නො වේ. භාග්‍යවතුන් වහන්සේ ඒ මා සකෘදාගාමී ඵලයෙහි ලා ප්‍රකාශ කළාසේක.
Pali BJTලඛුමාවිමානං.
Sinhala BJTලඛුමාවීමාන යි.
Pali BJT2. 3.
Sinhala BJT2. 3.
Pali BJT183. පිණ්ඩාය තෙ චරන්තස්ස තුණ්හීභූතස්ස තිට්ඨතො, දළිද්දා කපණා නාරී පරාගාරං අවස්සිතා{1}
Sinhala BJT183-4. වහන්ස, පිඬු පිණිස හැසිරෙන්නා වූ ඔබ නිහඬව සිටිය දී මෙරමා ගෙය ඇසුරු කළ දිළිඳු වූ දීන වූ යම් ස්ත්‍රියක් පහන් වූවා සියතින් ඔබ වහන්සේට දමුබතක් පිදී ද ඕ තොමෝ මිනිස්සිරුර හැර (උපත් විසින්) කිනම් දිශාවකට ගියා ද?
Pali BJT184. යා තෙ අදාසි ආචාමං පසන්නා සෙහි පාණිහි, සා හිත්වා මානුසං දෙහං කන්නු සා දිසතං ගතා
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT185. පිණ්ඩාය මෙ චරන්තස්ස තුණ්හීභූතස්ස තිට්ඨතො, දළිද්දා කපණා නාරී පරාගාරං අවස්සිතා
Sinhala BJT185-6. (සක්දෙව් රජුනි,) නිහඬ ව මා පිඬු පිණිස හැසිරෙමින් සිටිය දී මෙරමා ගෙය ඇසුරු කළ දිළිඳු වූ දීන වූ යම් ස්ත්‍රියක් පහන් වූවා සියතින් මට දමුබතක් පිදී ද, ඕ තොමෝ මිනිස්සිරුර හැර මිනිස් දුබග බැවින් මිදුණී මෙයින් ච්‍යුත වූවා ය.
Pali BJT186. යා මෙ අදාසි ආචාමං පසන්නා සෙහි පාණිහි, සා හිත්වා මානුසං දෙහං විප්පමුත්තා ඉතො චුතා
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT187. නිම්මාණරතිනො නාම සන්ති දෙවා මහිද්ධිකා, තත්ථ සා සුඛිතා නාරී මොදතාචාමදායිකාති
Sinhala BJT187. මහත් ඍද්ධි ඇති නිර්‍මාණරතී නම් දෙව් කෙනෙක් ඇත. දමුබත් දුන් ඒ ස්ත්‍රී තොමෝ ඔවුනතර සුවපත් වූවා සතුටු වෙයි.
Pali BJT188. අභො දානං වරාකියා කස්සපෙ සුපතිට්ඨිතං, පරාභතෙන දානෙන ඉජ්ඣිත්ථ වත දක්ඛිණා
Sinhala BJT188. මහසුප් තෙරුන් කෙරෙහි පිහිටුවන ලද ඒ දීන වූ ස්ත්‍රියගේ දානය අනේ පුදුමයි. සිඟීමෙන් මෙරමා ගෙයින් ගෙනෙනලද දියයුතු දෙයින් දක්‍ෂිණාව සමෘද්ධ වූවා ය. පුදුමයි.
Pali BJT189. යා මහෙසිත්තං කාරෙය්ය චක්කවත්තිස්ස රාජිනො නාරී සබ්බඞ්ගකල්යාණී භත්තු චානොමදස්සිකා එතස්සාචාමදානස්ස කලං නාග්ඝති සොළසිං.
Sinhala BJT189. සියලු අඟපසඟින් හොබනා වූ සැමියාට ලමු නො වූ දැකුම් ඇති යම් ස්ත්‍රියක් තොමෝ සක්විති රජක්හට අගමෙහෙසිබව කරන්නී ද, මේ දමුබත් දානඵලයාගේ සොළොස් වැනි කලාවෙන් කලාවටත් එය නො අගී.
Pali BJT190. සතං නික්ඛා සතං අස්සා සතං අස්සතරීරථා සතං කඤ්ඤා සහස්සානි ආමුත්තමණිකුණ්ඩලා එතස්සාචාමදානස්ස කලං නාග්ඝන්ති සොළසිං
Sinhala BJT190. සියක් දහසක් රන් නික ද සියක් දහසක් අස්සු ද සියක් දහසක් අස්වෙළෙඹුන් යෙදූ රිය ද පැළැඳි මිණි කොඬොල් ඇති සියක් දහසක් කන්‍යාවෝ ද මේ දමුබත් දානඵලයාගේ සොළොස් වැනි කලාවෙන් කලාවකුදු නො අගිත්.
Pali BJT191. සතං හෙමවතා නාගා ඊසා දන්තා උරූළ්හවා සුවණ්ණකච්ඡා මාතඞ්ගා හෙමකප්පනවාසසා{1} එතස්සාචාමදානස්ස කලං නාග්ඝන්ති සොළසිං
Sinhala BJT191. ශ්‍රේෂ්ඨ වූ රියහිස් වැනි දළ ඇති ථාමජව පරාක්‍රමයෙන් වැඩෙන රුවන්මුවා ගෙළබරණින් සැරැසූ රන් එබූ ඇත්අබරණින් හොබන සියයක් හේමවත ඇත්හු මේ දමුබත් දානඵලයාගේ සොළොස් වැනි කලාවෙන් කලාවකුදු නො අගිත්.
Pali BJT192. චතුන්නම්පි{2}ච දීපානං ඉස්සරං යොධ කාරයෙ, එතස්සාචාමදානස්ස කලං නාග්ඝති සොළසින්ති
Sinhala BJT192. මෙලොව යමෙක් සිවුමහදිවයිනට අධිපති සක්විති රජබව කෙරේ ද, එය මේ දමුබත් දානඵලයාගේ සොළොස් වැනි කලාවෙන් කලාවකුදු නො අගී.
Pali BJTආචාමදායිකාවිමානං.
Sinhala BJTආචාමදායිකාවිමාන යි.
Pali BJT2. 4.
Sinhala BJT2. 4.
Pali BJT193. චණ්ඩාලී වන්ද පාදානි ගොතමස්ස යසස්සිනො, තවෙව{3} අනුකම්පාය අට්ඨාසි ඉසිසත්තමො{4}
Sinhala BJT193. එම්බා සැඬොලිය, යසස් ඇති ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදයන් වඳුව. ශෛක්‍ෂ-අශෛක්‍ෂ බුද්ධ ප්‍රත්‍යෙක බුද්ධ ඍෂිනට වඩා උතුම් වූ නොහොත් විපස්සී ආදී බුදුවරයන් අතර සත්වැනි වූ ඍෂි ශ්‍රේෂ්ඨයන් වහන්සේ තිට අනුකම්පා පිණිස ම මෙහි වැඩ සිටිසේක.
Pali BJT194. අභිප්පසාදෙහි මනං අරහත්තම්හි තාදිනී{5}, ඛිප්පං පඤ්ජලිකා වන්ද පරිත්තං තව ජීවිතන්ති
Sinhala BJT194. තාදී වූ රහතුන් වහන්සේ කෙරෙහි සිත පහදුව බඳැදිලි ඇත්තී වහා වඳුව, තීගේ ජීවිතය ඉතා ස්වල්ප ය.
Pali BJT195. චොදිතා භාවිතත්තෙන සරීරන්තිමධාරිනා, චණ්ඩාලී වන්දි පාදානි ගොතමස්ස යසස්සිනො
Sinhala BJT195. පැසුළු සිරුරු දරන වැඩු සිතැත්තහු විසින් මෙහෙයවන ලද සෙඩොලී යසස් ඇති ගෞතම බුදුරදුන්ගේ පා වැන්දා ය.
Pali BJT196. තමෙනමවධී ගාවී චණ්ඩාලිං පඤ්ජලිං ඨිතං, නමස්සමානං සම්බුද්ධං අන්ධකාරෙ පභඞ්කරන්ති
Sinhala BJT196. ගවදෙනක් තොමෝ අවිද්‍යාන්‍ධකාරයෙන් අඳුරු වූ ලෝකයෙහි නැණලු දෙන බුදුරජුන් බඳැදිලි ව වඳිමින් සිටි ඒ සැඩොලිය ඇණ මැරුවා ය.
Pali BJT197. ඛීණාසවං විගතරජං අනෙජං එකං අරඤ්ඤම්හි රහො නිසින්නං දෙවිද්ධිපත්තා උපසඞ්කමිත්වා වන්දාමි තං වීර මහානුභාවාති{6}
Sinhala BJT197. වීරයන් වහන්ස, දිව්‍යර්ධියට පැමිණි මම මහත් අනුභාව ඇති ක්‍ෂය කළ ආසවයන් ඇති පහවූ කෙලෙස් රජස් ඇති තෘෂ්ණා රහිත වෙනෙහි එකලාව විවේකී ව වැඩහුන් ඔබ වහන්සේ වඳිමි.
Pali BJT198. සුවණ්ණවණ්ණා ජලිතා මහායසා විමානමොරුය්හ අනෙකචිත්තා පරිවාරිතා අච්ඡරානං ගණෙන{7} කා ත්වං සුභෙ දෙවතෙ වන්දසෙ මමන්ති.
Sinhala BJT198. සොඳුරු දෙව්දුව, රන්වන් පැහැ ඇති සිය සිරුරුපැහැයෙන් දිලෙන පිරිවර ඇති නොයෙක් ලෙසින් විසිතුරු වූ දිවසරන් විසින් පිරි වරනු ලැබූ කිනම් දෙවඟනක් වූ තෝ විමනෙන් බැස මා වඳනෙහි ද?
Pali BJT199. අහං භදන්තෙ{1} චණ්ඩාලී තයා වීරෙන පෙසිතා, වන්දිං අරහතො පාදෙ ගොතමස්ස යසස්සිනො
Sinhala BJT199. පින්වතුන් වහන්ස, වීර වූ ඔබ වහන්සේ විසින් මෙහෙයන ලද සැඩොලියක් වූ මම යසස් ඇති රහත් වූ ගෞතම බුදුරදුන්ගේ පා වැන්දෙමි.
Pali BJT200. සාහං වන්දිත්ව{2} පාදානි චුතා චණ්ඩාලයොනියා, විමානං සබ්බතො භද්දං උපපන්නම්භි නන්දනං{3}
Sinhala BJT200. ඒ මම බුදුරදුන්ගේ පා වැඳ සැඬොල් බවෙන් ච්‍යුත ව නඳුන් වෙනෙහි හැමලෙසින් සොඳුරු වූ විමනෙක උපන්නී වෙමි.
Pali BJT201. අච්ඡරානං සතසහස්සං පුරක්ඛත්වාන{4} තිට්ඨති, තාසාහං පවරා සෙට්ඨා වණ්ණෙන යස්සා යුතා.
Sinhala BJT201. දෙවසරක් සිය දහසෙක් මා පෙරටු කොට සිටී. ඔවුනතුරෙන් මම වර්‍ණයෙන් යසසින් හා ආයුෂයෙන් ද ඒ දිවසරනට වඩා උතුම් වෙමි, ශ්‍රේෂ්ඨ වෙමි.
Pali BJT202. පහූතකතකල්යාණා සම්පජානා පතිස්සතා, මුනිං කාරුණිකං ලොකෙ තං භන්තෙ වන්දිතුමාගතාති.
Sinhala BJT202. වහන්ස, බොහෝ කළ පින් ඇති මනා නුවණැති මනා සිහි ඇති මම ලෝකයෙහි මහාකාරුණික වූ ඒ බුදුරදුන් වැඳීම සඳහා පැමිණියා වෙමි.
Pali BJT203. ඉදං වත්වාන චණ්ඩාලී කතඤ්ඤූ කතවෙදිනී, වන්දිත්වා අරහතො පාදෙ තත්ථෙවන්තරධායථාති.{5}
Sinhala BJT203. කෘතඥ වූ කෘතවේදිනී වූ ඒ සැඬොල් දෙවඟන මෙය කියා අරහත් වූ මුගලන් මහතෙරුන්ගේ පා වැඳ එහි ම අතුරුදහන් වූවා ය.
Pali BJTචණ්ඩාලීවිමානං.
Sinhala BJTචණ්ඩාලිවිමාන යි.
Pali BJT2. 5.
Sinhala BJT2. 5.
Pali BJT204. නීලා පීතා ච කාළා ච මඤ්ජෙට්ඨා{6} අථ ලොහිතා, උච්චාවචානං වණ්ණානං කිඤ්ජක්ඛපරිවාරිතා.
Sinhala BJT204-5. මහා නුවණැති දෙව්දුව, නීලදී නන් වැදෑරුම් පැහැ ඇති කෙසුරින් පිරිවැරුණු මදාරා මල්දමක් (තෝ) හිසෙහි දරහි. නිල්වන් වූ ද රන්වන් වූ ද කළුවන් වූ ද මදටියවන් වූ ද ලේවන් වූ ද සෙසු සුදුවන් ඈ පැහැ ඇත්තා වූ ද මේ වෘක්‍ෂයෝ අන්‍ය දිව්‍යනිකායන්හි නො වෙත්.
Pali BJT205. මන්දාරවානං පුප්ඵානං මාලං ධාරෙසි මුද්ධනි, නයිමෙ අඤ්ඤෙසු කායෙසු රුක්ඛා සන්ති සුමෙධසෙ.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT206. කෙන කායං උපපන්නා තාවතිංසං යසස්සිනී, දෙවතෙ පුච්ඡිතාචික්ඛ කිස්ස කම්මස්සිදං ඵල’න්ති
Sinhala BJT206. යසස් ඇති දෙව්දුව, (තෝ) කවර පිනෙකින් මේ තව්තිසා දෙව්ලොවැ උපනෙහි ද? විචාරන ලද්දී වූ තෝ මේ විපාකය කිනම් කර්‍මයක්හුගේ දැ යි කියව.
Pali BJT207. භද්දිත්ථිති{7} මං අඤ්ඤිංසු කිම්බිලායං උපාසිකා, සද්ධා සීලෙන සම්පන්නා සංවිභාගරතා සදා.
Sinhala BJT207. ශ්‍රද්ධාවෙන් හා ශීලයෙන් යුක්ත වූ නිතර දන්දීමෙහි ඇලුණු මම කිම්බිලනුවරැ උපාසිකාවක් වීමි. එසේ වූ මා භද්දිත්‍ථි යයි අන්‍යයෝ දත්හ.
Pali BJT208. අච්ඡාදනඤ්ච භත්තඤ්ච සෙනාසනං පදීපියං, අදාසිං උජුභූතෙසු විප්පසන්නෙන චෙතසා
Sinhala BJT208. (එකල මම) වස්ත්‍ර ද ආහාර ද සෙනසුන් හා පහන් ද ඍජුගුණ ඇත්තවුන් කෙරෙහි වෙසෙසින් පහන් සිතින් දුනිමි.
Pali BJT209. චාතුද්දසිං පඤ්චදසිං යා ච පක්ඛස්ස අට්ඨමී, පාටිහාරියපක්ඛඤ්ච අට්ඨඞ්ගසුසමාගතං.
Sinhala BJT209-10. මම පක්‍ෂය පිළිබඳ වූ තුදුස්වක ද පසළොස්වක ද ප්‍රාතිහාර්‍ය්‍ය පක්‍ෂය ද යන පොහෝ දිනයන්හි අටඟින් යුත් පෙහෙවස් විසීමි. හැම කල්හි නිති සිල්හි ද කයින් හා වචනයෙන් සංවෘත වූවා ඉන්‍ද්‍රිය සංවරයෙන් යුක්ත වූවා මනා කොට බෙදා දෙන්නී ගෙහි විසීමි.
Pali BJT210. උපොසථං උපවසිස්සං සදා සීලෙසු සංවුතා, සඤ්ඤමා සංවිභාගා ච විමානං ආවසාමහං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT211. පාණාතිපාතා විරතා මුසාවාදා ච සඤ්ඤතා, ථෙය්යා ච අතිචාරා ච මජ්ජපානා ච ආරකා.
Sinhala BJT211. (එකල්හි) මම පණිවායෙන් දුරු වීමි. මුසවායෙන් සංවෘත වීමි. අයිනාදනින් ද මිසහසරින් ද රහමෙර පීමෙන් ද දුරු වීමි.
Pali BJT212. පඤ්ච සික්ඛාපදෙ රතා අරියසච්චාන කොවිදා, උපාසිකා චක්ඛුමතො අප්පමාදවිහාරිණී.
Sinhala BJT212. පස් සිකපද රැක්මෙහි ඇලුණු චතුරාර්‍ය්‍යසත්‍යයෙහි දක්‍ෂ වූ අප්‍රමාද විහරණ ඇත්තා වූ මම පසැස් ඇති බුදුරදුන්ගේ උපාසිකාවක් වීමි.
Pali BJT213. භික්ඛු චහං පරමහිතානුකම්පකෙ අභොජයං තපස්සියුගං මහාමුනිං කතාවාසා කතකුසලා තතො චුතා සයංපභා අනුවිචරාමි නන්දනං.
Sinhala BJT213. මම බිඳහළ සියලු කෙලෙස් ඇති ඉතා උතුම් වූ හිතානුකම්පා ඇති මහා නුවණැති අගසවු දෙනම මනා කොට වැළඳවීමි. කරන ලද සුචරිතාවාස ඇති කරන ලද කුසල් ඇති ඒ මම එයින් ච්‍යුත ව සිය සිරුරු රැසින් බබළන්නී නදුනුයනෙහි එක්වන් හැසිරෙමි.
Pali BJT214. අට්ඨඞ්ගිකං අපරිමිතං සුඛාවහං උපොසථං සත්තමුපාවසිං අහං කතාවාසා කතකුසලා තතො චුතා සයංපභා අනුවිචරාමි නන්දනන්ති.
Sinhala BJT214. මම නිතර අපරිමිත සැප එළවන අටඟින් යුත් පෙහෙවස් විසීමි. කරන ලද සුචරිතාවාස ඇති කරන ලද කුසල් ඇති ඒ මම එයින් ච්‍යුත ව සිය සිරුරු රැසින් බබළන්නී නඳුනුයනෙහි එක්වන් හැසිරෙමි.
Pali BJTභද්දිත්ථිවිමානං.
Sinhala BJTභද්දිත්‍ථි විමානයි
Pali BJT2. 6.
Sinhala BJT2. 6.
Pali BJT215. අභික්කන්තෙන වණ්ණෙන යා ත්වං තිට්ඨසි දෙවතෙ, ඔභාසෙන්තී දිසා සබ්බා ඔසධී විය තාරකා.
Sinhala BJT215. එම්බා දෙව්දුව, යම්බඳු වූ තෝ මනා රුසිරින් සියලු දිගුන් බබුළුවමින් දවහත් තරුව සේ සිටිනෙහි.
Pali BJT216. කෙන තෙ තාදිසො වණ්ණො කෙන තෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච තෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT216. කවර හේතුවකින් තිට එබඳු සිරුරුපැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?
Pali BJT217. කෙන ත්වං විමලොභාසා අතිරොචසි දෙවතෙ, කෙන තෙ සබ්බගත්තෙහි සබ්බා ඔභාසරෙ දිසා.
Sinhala BJT217. එම්බා දෙව්දුව, නිර්‍මල ශරීරාලෝකයක් ඇති තෝ කවර පිනෙකින් (අන් හැම සුරන් මැඩ) බබළන්නෙහි ද? කවර පිනෙකින් තීගේ සියලු ශරීරාවයවයන්ගෙන් සියලු දිශාවෝ බබළත් ද?
Pali BJT218. පුච්ඡාමි තං දෙවි මහානුභාවෙ මනුස්සභූතා කිමකාසි පුඤ්ඤං කෙනාසි එවං ජලිතානුභාවා වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතී’ති.
Sinhala BJT218. මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද? තීගේ මේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙහි ද?
Pali BJT219. {*}සා දෙවතා අත්තමනා මොග්ගල්ලානෙන පුච්ඡිතා, පඤ්හං පුට්ඨා වියාකාසි යස්සකම්මස්සිදං ඵලං.
Sinhala BJT219. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටු සිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි මෙසේ පැවසූ ය.
Pali BJT220. සොණදින්නාති මං අඤ්ඤිංසු{1} නාලන්දායං උපාසිකා, සද්ධා සීලෙන සම්පන්නා සංවිභාගරතා සදා.
Sinhala BJT220. ශ්‍රද්ධාවෙන් හා ශීලයෙන් යුක්ත වූ නිතර දන් දීමෙහි ඇලුණු (මම) නාලන්‍දාවෙහි උපාසිකාවක් වීමි. එසේ වූ මා සෝණදින්නා යයි (අන්‍යයෝ) දත්හ.
Pali BJT221. අච්ඡාදනඤ්ච භත්තඤ්ච සෙනාසනං පදීපියං, අදාසිං උජුභූතෙසු විප්පසන්නෙන චෙතසා
Sinhala BJT221. (එකල මම) වස්ත්‍ර ද ආහාර ද සෙනසුන් හා පහන් ද ඍජු ගුණ ඇත්තවුන් කෙරෙහි වෙසෙසින් පහන් සිතින් දුනිමි.
Pali BJT222. චාතුද්දසිං පඤ්චදසිං යා ච පක්ඛස්ස අට්ඨමී, පාටිහාරිය පක්ඛඤ්ච අට්ඨඞ්ගසුසමාගතං.
Sinhala BJT222-23. මම පක්‍ෂය පිළිබඳ වූ තුදුස්වක ද පසළොස්වක ද ප්‍රාතිහාර්‍ය්‍ය පක්‍ෂය ද යන පොහෝ දිනයන්හි පෙහෙවස් විසීමි. හැම කල්හි නිති සිල්හි කයින් හා වචනයෙන් සංවෘත වූවා ඉන්‍ද්‍රිය සංවරයෙන් යුක්ත වූවා මනා කොට බෙදා දෙන්නී ගෙහි විසීමි.
Pali BJT223. උපොසථං උපවසිස්සං සදා සීලෙසු සංවුතා, සඤ්ඤමා සංවිභාගා ච විමානං ආවසාමහං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT224. පාණාතිපාතා විරතා මුසාවාදා ච සඤ්ඤතා, ථෙය්යා ච අතිචාරා ච මජ්ජපානා ච ආරකා.
Sinhala BJT224. එකල්හි මම පණිවායෙන් දුරු වීමි. මුසවායෙන් සංවෘත වීමි. අයිනාදනින් ද මිසහසරින් ද රහමෙර පීමෙන් ද දුරු වීමි.
Pali BJT225. පඤ්චසික්ඛාපදෙ රතා අරියසච්චාන කොවිදා, උපාසිකා චක්ඛුමතො ගොතමස්ස යසස්සිනො.
Sinhala BJT225. පස් සිකපද රැක්මෙහි ඇලුණු චතුරාර්‍ය්‍යසත්‍යයෙහි දක්‍ෂ වූ මම යසස් ඇති පසැස් ඇති ගෞතම බුදුරදුන්ගේ උපාසිකාවක් වීමි.
Pali BJT226. තෙන මෙ තාදිසො වණ්ණො තෙන මෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා
Sinhala BJT226. ඒ පිනෙන් මාගේ සිරුරුපැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත් ද ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
Pali BJT227. අක්ඛාමි තෙ භික්ඛු මහානුභාව මනුස්සභූතා යමහං අකාසිං තෙනම්හි එවං ජලිතානුභාවා වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතී’ති.
Sinhala BJT227. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස්දුවක් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙමි. මගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
Pali BJTසොණදින්නා විමානං.
Sinhala BJTසෝණදින්නාවිමාන යි.
Pali BJT2. 7.
Sinhala BJT2. 7.
Pali BJT228. අභික්කන්තෙන වණ්ණෙන යා ත්වං තිට්ඨසි දෙවතෙ, ඔභාසෙන්තී දිසා සබ්බා ඔසධී විය තාරකා.
Sinhala BJT228. එම්බා දෙව්දුව, යම්බඳු වූ තෝ මනා රුසිරින් සියලු දිගුන් බබුළුවමින් දවහත් තරුව සේ සිටිනෙහි.
Pali BJT229. කෙන තෙ තාදිසො වණ්ණො කෙන තෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච තෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT229. කවර හේතුවකින් තිට එබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?
Pali BJT230. පුච්ඡාමි තං දෙවි මහානුභාවෙ මනුස්සභූතා කිමකාසි පුඤ්ඤං කෙනාසි එවං ජලිතානුභාවා වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතී’ති.
Sinhala BJT230. මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද? තීගේ මේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්‍යාර්ද්ධි ඇත්තී වෙහි ද?
Pali BJT231. සා දෙවතා අත්තමනා මොග්ගල්ලානෙන පුච්ඡිතා, පඤ්හං පුට්ඨා වියාකාසි යස්ස කම්මස්සිදං ඵලං.
Sinhala BJT231. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හු ගේ දැ යි මෙසේ පැවසූ ය.
Pali BJT232. උපොසථාති මං අඤ්ඤිංසු සාකෙතායං උපාසිකා, සද්ධා සීලෙන සම්පන්නා සංවිභාගරතා සදා.
Sinhala BJT232. ශ්‍රද්ධාවෙන් හා ශීලයෙන් යුක්ත වූ නිතර දන්දීමෙහි ඇලුණු (මම) සාකේත නුවරැ උපාසිකාවක් වීමි. (අන්‍යයෝ) මා උපෝසථා යැ යි දත්හ.
Pali BJT233. අච්ඡාදනං ච භත්තඤ්ච සෙනාසනං පදීපියං, අදාසිං උජුභූතෙසු විප්පසන්නෙන චෙතසා.
Sinhala BJT233. (එකල මම) වස්ත්‍ර ද ආහාර ද සෙනසුන් හා පහන් තෙල් ද ඍජුගුණ ඇත්තවුන් කෙරෙහි වෙසෙසින් පහන් සිතින් දුනිමි.
Pali BJT234. චාතුද්දසිං පඤ්චදසිං යා ච පක්ඛස්ස අට්ඨමී, පාටිහාරියපක්ඛඤ්ච අට්ඨඞ්ගසුසමාගතං.
Sinhala BJT234-235. මම පක්‍ෂය පිළිබඳ වූ තුදුස්වක ද පසළොස්වක ද ප්‍රාතිහාර්‍ය්‍ය පක්‍ෂය ද යන පොහෝ දිනයන්හි අටඟින් යුත් පෙහෙවස් විසීමි. හැම කල්හි නිති සිල්හි ද කයින් හා වචනයෙන් සංවෘත වූවා ඉන්‍ද්‍රිය සංවරයෙන් යුක්ත වූවා මනා කොට බෙදා දෙන්නී ගෙහි විසීමි.
Pali BJT235. උපොසථං උපවසිස්සං සදා සීලෙසු සංවුතා, සඤ්ඤමා සංවිභාගා ච විමානං ආවසාමහං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT236. පාණාතිපාතා විරතා මුසාවාදා ච සඤ්ඤතා, ථෙය්යා ච අතිචාරා ච මජ්ජපානා ච ආරකා.
Sinhala BJT236. (එකල්හි මම) පණිවායෙන් දුරු වීමි, මුසවායෙන් සංයත වීමි, අයිනාදනින් ද මිසහසරින් ද රහමෙර පීමෙන් ද දුරු වීමි.
Pali BJT237. පඤ්ච සික්ඛාපදෙ රතා අරියසච්චාන කොවිදා, උපාසිකා චක්ඛුමතො ගොතමස්ස යසස්සිනො.
Sinhala BJT237. පස් සිකපද රැකීමෙහි ඇලුණු චතුරාර්‍ය්‍යසත්‍යයෙහි දක්‍ෂ වූ මම යශස් ඇති පසැස් ඇති ගෞතම බුදුරදුන්ගේ උපාසිකාවක් වීමි.
Pali BJT238. තෙන මෙ තාදිසො වණ්ණො තෙන මෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT238. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
Pali BJT239. අක්ඛාමි තෙ භික්ඛු මහානුභාව මනුස්සභූතා යමහං අකාසිං තෙනම්හි එවං ජලිතානුභාවා වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT239. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් දුවක් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙමි. මගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
Pali BJT240. අභික්ඛණං නන්දනං සුත්වා ඡන්දො මෙ උදපජ්ජථ{1} තත්ථ චිත්තං පණිධාය උපපන්නම්හි නන්දනං.
Sinhala BJT240. නිතර නඳුනුයන ගැන අසා (එහි උපත පිණිස) ඡන්‍දය උපන. එහි සිත පිහිටුවා නඳුනුයනෙහි උපන්නී වෙමි.
Pali BJT241. නාකාසිං සන්ථුවචනං බුද්ධස්සාදිච්චබන්ධුනො, හීනෙ චිත්තං පණිධාය සාම්හි පච්ඡානුතාපිනීති.
Sinhala BJT241. ශාස්තෘ වූ සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරදුන්ගේ වචනය නො කෙළෙමි. ඒ මම හීන වූ භව සැපතෙහි සිත පිහිටුවා පසුතැවිලි වූවා වෙමි.
Pali BJT242. කීව චිරං විමානස්මිං ඉධ වච්ඡසුපොසථෙ, දෙවතෙ පුච්ඡිතාචික්ඛ යදි ජානාසි ආයුනොති.
Sinhala BJT242. එම්බා උපෝසථා දෙව්දුව, මේ විමනෙහි කොපමණ දිගුකලක් වසහි ද? විචාරන ලද්දී වූ තී ඉතින් ආයුෂය දන්නෙහි නම් එය කියව.
Pali BJT243. සට්ඨිවස්සසහස්සානි තිස්සො ච වස්සකොටියො ඉධ ඨත්වා මහාමුනි ඉතො චුතා ගමිස්සාමි මනුස්සානං සහව්යතන්ති.
Sinhala BJT243. මහා මුනිවරය, තුන් කෙළ සැටදහසක් හවුරුදු මෙහි සිට මෙයින් ච්‍යුත ව මිනිසුන්ගේ සහභාවයට යන්නෙමි.
Pali BJT244. මා ත්වං උපොසථෙ භායි සම්බුද්ධෙනාපි ව්යාකතා සොතාපන්නා විසෙසයි පහීනා තව දුග්ගතීති.
Sinhala BJT244. එම්බා උපෝසථාව, තෝ නො බව. සෝවාන් වූ තෝ මාර්‍ගඵල සංඛ්‍යාත විශේෂයට පැමිණියා යයි සම්බුදුරදුන් විසින් ප්‍රකාශ කරන ලද්දී වෙහි. තීගේ දුගතිය ප්‍රහීණ විය.
Pali BJTඋපොසථා විමානං.
Sinhala BJTඋපෝසථා විමාන යි.