Pali BJT81. යො අන්ධකාරම්හි තිමීසිකායං පදීපකාලම්හි දදාති දීපං, උප්පජ්ජති ජොතිරසං විමානං පහූතමාල්යං බහුපුණ්ඩරීකං.
Sinhala BJT81. යමෙක් පහන් දැල්වීමට සුදුසු බොල් ගන අඳුරෙහි පහන් දේ ද, (ඒ පිනෙන් හේ) බොහෝ උපුල් මල් ඇති බොහෝ සුදුපියුම් ඇති ජෝතිරස විමානයට පිළිසඳ විසින් පැමිණෙයි.
Pali BJT82. තෙන මෙ තාදිසො වණ්ණො තෙන මෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT82. ඒ පිනෙන් මාගේ සිරුරුපැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම් කිසි සම්පත්තීහු වෙත් ද ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
Pali BJT83. තෙනාහං විමලොභාසා අතිරොචාමි දෙවතා, තෙන මෙ සබ්බගත්තෙහි සබ්බා ඔභාසරෙ දිසා.
Sinhala BJT83. නිර්‍මල වූ ශරීරාලෝක ඇති මම ඒ පින කරණකොට ගෙන අන් හැම දෙවියන් ඉක්මවා බබළමි. ඒ පිනින් මාගේ සියලු ශරීරාවයවයන් ගෙන් සියලු දිගුහු බබළත්.
Pali BJT84. අක්ඛාමි තෙ භික්ඛු මහානුභාව මනුස්සභූතා යමකාසි පුඤ්ඤං, තෙනම්හි එවං ජලිතානුභාවා වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT84. මහත් ආනුභාව ඇති ශ්‍රමණන් වහන්ස, මිනිස් දුවක් වූ මම යම් පිනක් කෙළෙම් ද (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙමි. මාගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි.
Pali BJTදීපවිමානං.
Sinhala BJTදීපවිමාන යි.
Pali BJT1. 10.
Sinhala BJT1. 10.
Pali BJT85. අභික්කන්තෙන වණ්ණෙන යා ත්වං තිට්ඨසි දෙවතෙ, ඔභාසෙන්තී දිසා සබ්බා ඔසධී විය තාරකා.
Sinhala BJT85. (එම්බා) දෙව්දුව, යම්බඳු වූ තෝ මනා රුසිරෙන් සියලු දිගුන් බබුළුවමින් දවහත් තරුව සේ සිටිවු ද,
Pali BJT86. කෙන තෙ තාදිසො වණ්ණො කෙන තෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච තෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT86. කවර හේතුවකින් තිට එබඳු සිරුරුපැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද? ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද,
Pali BJT87. පුච්ඡාමි තං දෙවි මහානුභාවෙ මනුස්සභූතා කිමකාසි පුඤ්ඤං, කෙනාසි එවං ජලිතානුභාවා වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT87. මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කළහු ද, තීගේ මේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. (කවර පිනෙකින්) මෙබඳු දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වවු ද?
Pali BJT88. සා දෙවතා අත්තමනා මොග්ගල්ලානෙන පුච්ඡිතා. පඤ්හං පුට්ඨා වියාකාසි යස්ස කම්මස්සිදං ඵලං.
Sinhala BJT88. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැයි පැන පුළුවුස්නා ලද්දී (මෙසේ) පැවසූ ය.
Pali BJT89. අහං මනුස්සෙසු මනුස්සභූතා පුරිමාය ජාතියා මනුස්සලොකෙ. අද්දසං විරජං බුද්ධං විප්පසන්නමනාවිලං
Sinhala BJT89. මම පෙර අත්බැව්හි මිනිස් ලොවැ මිනිසුන් අතර මිනිස් දුවක් වූමු. (එකල මම) පහවූ රාගාදී රජස් ඇති වෙසෙසින් පහන් වූ නොකැළඹුණු සිත් ඇති බුදුන් දුටිමි.
Pali BJT90. ආසජ්ජ දානං අදාසිං අකාමා තිලදක්ඛිණං දක්ඛිණෙය්යස්ස බුද්ධස්ස පසන්නා සෙහි පාණිහි.
Sinhala BJT90. (දැක දෙය ධර්‍මය නොවටින්නක් හෙයින් ඒ ගැන) නොකැමැත්තෙන් ඉදිරියට පැමිණ දක්‍ෂිණාවට සුදුසු වු බුදුරජාණන් වහන්සේට පහන්සිත් ඇති ව සියතින් ම තලදොහොතක් දුනිමි.
Pali BJT91. තෙන මෙ තාදිසො වණ්ණො තෙන මෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT91. ඒ පිනෙන් මාගේ සිරුරුපැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම් කිසි සම්පත්තීහු වෙත් ද ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
Pali BJT92. අක්ඛාමි තෙ භික්ඛු මහානුභාව මනුස්සභූතා යමකාසි පුඤ්ඤං, තෙනම්හි එවං ජලිතානුභාවා වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT92. මහත් ආනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස්දුවක් වූ මම යම් පිනක් කෙළෙම් ද (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තී වෙමි. මාගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි.
Pali BJTතිලදක්ඛිණාවිමානං.
Sinhala BJTතිලදක්‍ෂිණාවිමාන යි.
Pali BJT1. 11.
Sinhala BJT1. 11.
Pali BJT93. කොඤ්චා මයූරා දිවියා ච හංසා වග්ගුස්සරා කොකිලා සම්පතන්ති, පුප්ඵාභිකිණ්ණං රම්මමිදං විමානං අනෙකචිත්තං නරනාරිසෙවිතං.
Sinhala BJT93.නන් වැදෑරුම් රුවන් මලින් ගැවසුණා වූ නොයෙක් සිතියමින් විසිතුරු වූ දෙවියන් හා දෙවඟනන් විසින් නිති සෙවුනා ලද රමණීය වූ මේ විමනට දිව්‍යමය වූ කොස්වාලිහිණියෝ ද දිව්‍යමය වූ මොනරු ද දිව්‍යමය වූ හංසයෝ ද මිහිරිනද ඇති කොවුලෝ ද නිතර අවටින් පැමිණෙති.
Pali BJT94. තත්ථච්ඡසි දෙවි මහානුභාවෙ ඉද්ධි{1} විකුබ්බන්තී අනෙකරූපා, ඉමා ච තෙ අච්ඡරායො සමන්තතො නච්චන්ති ගායන්ති පමොදයන්ති{2}.
Sinhala BJT94. මහානුභාව ඇති දෙව්දුව අනේක ස්වරූප වූ ඍද්ධි විකුර්‍වණය කරමින් සිටිහු. තීගේ මේ දිව්‍යප්සරාවෝ හාත්පස නටති. ගයති. සතුටු කරවති.
Pali BJT95. දෙවිද්ධිපත්තාසි මහානුභාවෙ මනුස්සභූතා කිමකාසි පුඤ්ඤං, කෙනාසි එවං ජලිතානුභාවා වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT95. මහත් අනුභාව ඇති දෙව්දුව, (තෝ) දිව්‍යර්ධියට පැමිණියා වහු. මිනිස්දුවක් වූවා කවර පිනක් කළහු ද? තීගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වවු ද?
Pali BJT96. සා දෙවතා අත්තමනා මොග්ගල්ලානෙන පුච්ඡිතා, පඤ්හං පුට්ඨා වියාකාසි යස්ස කම්මස්සිදං ඵලං.
Sinhala BJT96. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැයි (මෙසේ) පැවසූ ය.
Pali BJT97. අහං මනුස්සෙසු මනුස්සභූතා පතිබ්බතා නාඤ්ඤමනා{3} අහොසිං, මාතාව පුත්තං අනුරක්ඛමානා කුද්ධාපහං{4} නප්ඵරුසං අවොචං.
Sinhala BJT97. මම පෙර අත්බැව්හි මිනිසුන් අතර මිනිස්දුවක් වූවා අන් පුරුෂයකු නොපතන්නී පතිව්‍රතා වීමි. පුතකු රකින මවක් මෙන් තමහිමි රැක්කෙමි.(අනුන් කළ වරදකට) කිපුණි නමුදු පරොස් බස් නො කීමි.
Pali BJT98. සච්චෙ ඨිතා මොසවජ්ජං පහාය දානෙ රතා සඞ්ගහිතත්තභාවා, අන්නං ච පානං ච පසන්නචිත්තා සක්කච්ච දානං විපුලං අදාසිං.
Sinhala BJT98. මුසාවාදය හැර සත්‍යයෙහි පිහිටියා වෙමි. දීමෙහි ඇලුණා වු මම සතර සඞ්ග්‍රහ වස්තුවෙන් අනුන්ට සඞ්ග්‍රහ කරණ ස්වාභාව ඇත්තී පසන් සිතැත්තී අහර ද පැන් ද සකස් කොට මහත් දානයක් දුනිමි.
Pali BJT99. තෙන මෙ තාදිසො වණ්ණො තෙන මෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT99. ඒ පිනෙන් මාගේ සිරුරුපැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
Pali BJT100. අක්ඛාමි තෙ භික්ඛු මහානුභාව මනුස්සභූතා යමකාසි පුඤ්ඤං තෙනම්හි එවං ජලිතානුභාවා වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT100. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස්දුවක් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තී වෙමි. මාගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි.
Pali BJTපතිබ්බතාවිමානං.
Sinhala BJTපතිව්‍රතාවිමාන යි.
Pali BJT1. 12.
Sinhala BJT1. 12.
Pali BJT101. වෙළුරීයත්ථම්භං රුචිරං පභස්සරං විමානමාරුය්හ අනෙකචිත්තං තත්ථච්ඡසි දෙවි මහානුභාවෙ උච්චාවචා ඉද්ධිවිකුබ්බමානා ඉමා ච තෙ අච්ඡරායො සමන්තතො නච්චන්ති ගායන්ති පමොදයන්ති{1}
Sinhala BJT101. මහත් අනුභාව ඇති දෙව්දුව, වෙරළුමිණි මුවා ටැම් ඇති සිත්කලු වූ අතිශයින් බබළන නොයෙක් සිතියමින් විසිතුරු වු විමනට නැග කුදු මහත් ඍද්ධිවිකුර්‍වණය කරමින් එහි සිටුනාව. තීගේ මේ දෙවඟනෝ හාත්පස්හි නටති ගයති සතුටු කරවත්.
Pali BJT102. දෙවිද්ධිපත්තාසි මහානුභාවෙ මනුස්සභූතා කිමකාසි පුඤ්ඤං කෙනාසි එවං ජලිතානුභාවා වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතීති
Sinhala BJT102. මහත් අනුභාව ඇති දෙව්දුව, තෝ දිව්‍යර්ධියට පැමිණියා වෙහි. මිනිස් දුවක් වූවා කවර පිනක් කළහු ද? තීගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තී වවු ද?
Pali BJT103. සා දෙවතා අත්තමනා මොග්ගල්ලානෙන පුච්ඡිතා, පඤ්හං පුට්ඨා වියාකාසි යස්ස කම්මස්සිදං ඵලං
Sinhala BJT103. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි. (මෙසේ) පැවසූ ය.
Pali BJT104. අහං මනුස්සෙසු මනුස්සභූතා උපාසිකා චක්ඛුමතො අහොසිං පාණාතිපාතා විරතා අහොසිං ලොකෙ අදින්නං පරිවජ්ජයිස්සං
Sinhala BJT104.මම පෙර අත්බැව්හි මිනිසුන් අතර මිනිස්දුවක් වූවා පසැස් ඇති බුදුරදුන්ගේ උවැසියක් වීමි. පණිවායෙන් දුරු වූවා වෙමි. ලෝකයෙහි නුදුන් දෙය ගැනීම හැම ලෙසින් මා දුරු කෙළෙමි.
Pali BJT105. අමජ්ජපා නො ච{2} මුසා අභාසිං{3} සකෙන සාමිනාව{4} අහොසිං තුට්ඨා අන්නඤ්ච පානඤ්ච පසන්නචිත්තා සක්කච්ච දානං විපුලං අදාසිං
Sinhala BJT105. මත්පැන් නො බීමි. බොරු නො කීමි, සිය සැමියා සමග ම සතුටු වූවා වෙමි. පහන් සිත් ඇත්තී අහර ද පැන් ද සකස් කොට මහත් දානයක් දුනිමි.
Pali BJT106. තෙන මෙ තාදිසො වණ්ණො තෙන මෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා
Sinhala BJT106. ඒ පිනෙන් මාගේ සිරුරුපැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
Pali BJT107. අක්ඛාමි තෙ භික්ඛු මහානුභාව මනුස්සභූතා යමකාසි පුඤ්ඤං තෙනම්හි එවං ජලිතානුභාවා වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතීති
Sinhala BJT107. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් දුවක් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙමි. මාගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි.
Pali BJTදුතිය පතිබ්බතාවිමානං.
Sinhala BJTද්විතීය පතිව්‍රතා විමාන යි.
Pali BJT1. 13.
Sinhala BJT1. 13.
Pali BJT108. අභික්කන්තෙන වණ්ණෙන යා ත්වං තිට්ඨසි දෙවතෙ, ඔභාසෙන්තී දිසා සබ්බා ඔසධී විය තාරකා.
Sinhala BJT108. එම්බා දෙව්දුව, යම්බඳු වූ තෝ මනා රූසිරින් සියලු දිගුන් බබුළුවමින් දවහත් තරුව සේ සිටිනෙහි.
Pali BJT109. කෙන තෙ තාදිසො වණ්ණො කෙන තෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච තෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT109. කවර හේතුවකින් තිට මෙබඳු සිරුරුපැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?
Pali BJT110. පුච්ඡාමි තං දෙවි මහානුභාවෙ මනුස්සභූතා කිමකාසි පුඤ්ඤං කෙනාසි එවං ජලිතානුභාවා වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT110.මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද? තීගේ මේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙහි ද?
Pali BJT111. සා දෙවතා අත්තමනා මොග්ගල්ලානෙන පුච්ඡිතා, පඤ්හං පුට්ඨා වියාකාසි යස්ස කම්මස්සිදං ඵලං.
Sinhala BJT111. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැයි මෙසේ පැවසූ ය.
Pali BJT112. අහං මනුස්සෙසු මනුස්සභූතා සුණිසා අහොසිං සසුරස්ස ගෙහෙ{1} අද්දසං විරජං භික්ඛුං විප්පසන්නමනාවිලං
Sinhala BJT112. මම පෙර අත්බැව්හි මිනිසුන් අතර මිනිස් දුවක් වූවා මයිලණුවන්ගේ ගෙහි ලේලියක් වූමු. පහ වූ රාගාදී රජස් ඇති වෙසෙසින් පහන් වූ නො කැලඹුණු සිත් ඇති මහණක්හු දුටිමි.
Pali BJT113. තස්ස අදාසහං පූවං පසන්නා සෙහි පාණිහි භාගඩ්ඪභාගං දත්වාන මොදාමි නන්දනෙ වනෙ
Sinhala BJT113.(දැක) උන්වහන්සේට පහන් වූවා සියතින් කැවුමක් දුනිමි. තමා ලත් කොටසින් අඩක් දී නදුන් වෙනෙහි සතුටු වෙමි.
Pali BJT114. තෙන මෙ තාදිසො වණ්ණො තෙන මෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT114. ඒ පිනෙන් මාගේ සිරුරුපැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත් ද ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
Pali BJT115. අක්ඛාමි තෙ භික්ඛු මහානුභාව මනුස්සභූතා යමකාසි පුඤ්ඤං තෙනම්හි එවං ජලිතානුභාවා වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT115. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස්දුවක් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙමි. මාගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවායි.
Pali BJTසුණිසාවිමානං.
Sinhala BJTප්‍රථම සුණිසාවිමාන යි.
Pali BJT1. 14.
Sinhala BJT1. 14.
Pali BJT116. අභික්කන්තෙන වණ්ණෙන යා ත්වං තිට්ඨසි දෙවතෙ, ඔභාසෙන්තී දිසා සබ්බා ඔසධී විය තාරකා.
Sinhala BJT116. එම්බා දෙව්දුව, යම්බඳු වූ තෝ මනා රූසිරින් සියලු දිගුන් බබුළුවමින් දවහත් තරුව සේ සිටිනෙහි.
Pali BJT117. කෙන තෙ තාදිසො වණ්ණො කෙන තෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච තෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT117. කවර හේතුවකින් තිට එබඳු සිරුරුපැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?
Pali BJT118. පුච්ඡාමි තං දෙවි මහානුභාවෙ මනුස්සභූතා කිමකාසි පුඤ්ඤං කෙනාසි එවං ජලිතානුභාවා වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT118. මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද? තීගේ මේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙහි ද?
Pali BJT119. සා දෙවතා අත්තමනා මොග්ගල්ලානෙන පුච්ඡිතා, පඤ්හං පුට්ඨා වියාකාසි යස්ස කම්මස්සිදං ඵලං.
Sinhala BJT119. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටු සිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැයි මෙසේ පැවසූ ය.
Pali BJT120. අහං මනුස්සෙසු මනුස්සභූතා සුණිසා අහොසිං සසුරස්ස ගෙහෙ අද්දසං විරජං භික්ඛුං විප්පසන්නමනාවිලං
Sinhala BJT120. මම පෙර අත්බැව්හි මිනිසුන් අතර මිනිස්දුවක් වූවා මයිලණුවන් ගේ ගෙහි ලේලියක් වූමු.
Pali BJT121. තස්ස අදාසහං භාගං පසන්නා සෙහි පාණිහි කුම්මාසපිණ්ඩං දත්වාන මොදාමි නන්දනෙ වනෙ.
Sinhala BJT121. පහවූ රාගාදී රජස් ඇති වෙසෙසින් පහන් වූ නො කැලඹුණු සිත් ඇති මහණක්හු දුටිමි. (දැක) උන්වහන්සේට පහන් වූවා සියතින් යව ධාන්‍යයෙන් කළ කොමු පිඬෙකින් භාගයක් දුනිමි. ඒ කොමුපිඬු දී නඳුන් වෙනෙහි සතුටු වෙමි.
Pali BJT122. තෙන මෙ තාදිසො වණ්ණො තෙන මෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT122. ඒ පිනෙන් මාගේ සිරුරුපැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
Pali BJT123. අක්ඛාමි තෙ භික්ඛු මහානුභාව මනුස්සභූතා යමකාසි පුඤ්ඤං තෙනම්හි එවං ජලිතානුභාවා වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT123. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස්දුවක් වූ මම යම් පිනක් කෙළෙම් ද (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලිසෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙමි. මගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි.
Pali BJTදුතිය සුණිසාවිමානං.
Sinhala BJTද්විතීය සුණිසාවිමාන යි.
Pali BJT1. 15.
Sinhala BJT1. 15.
Pali BJT124. අභික්කන්තෙන වණ්ණෙන යා ත්වං තිට්ඨසි දෙවතෙ, ඔභාසෙන්තී දිසා සබ්බා ඔසධී විය තාරකා.
Sinhala BJT124. එම්බා දෙව්දුව, යම්බඳු වූ තෝ මනා රූසිරින් සියලු දිගුන් බබුළුවමින් දවහත් තරුව සේ සිටිනෙහි?
Pali BJT125. කෙන තෙ තාදිසො වණ්ණො කෙන තෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච තෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT125. කවර හේතුවකින් තිට එබඳු සිරුරුපැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු කවර පිනෙකින් තිට පහළ වෙත් ද?
Pali BJT126. පුච්ඡාමි තං දෙවි මහානුභාවෙ මනුස්සභූතා කිමකාසි පුඤ්ඤං කෙනාසි එවං ජලිතානුභාවා වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT126. මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද? තීගේ මේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ධි ඇත්තී වෙහි ද?
Pali BJT127. සා දෙවතා අත්තමනා මොග්ගල්ලානෙන පුච්ඡිතා, පඤ්හං පුට්ඨා වියාකාසි යස්ස කම්මස්සිදං ඵලං.
Sinhala BJT127. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටු සිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි (මෙසේ) පැවසූ ය.
Pali BJT128. ඉස්සා ච මච්ඡෙරමථො පළාසො, නාහොසි මය්හං ඝරමාවසන්නියා අක්කොධනා භත්තුවසානුවත්තිනී උපොසථෙ නිච්චහමප්පමත්තා.
Sinhala BJT128. ගිහිගෙහි වසන මට ඊර්‍ෂ්‍යායෙක් හෝ මසුරුබවෙක් හෝ නැවත යුගග්‍රාහයෙක් හෝ නොවීය. ක්‍රෝධ නැත්තී සිය සැමියාගේ අදහස් අනුව පවත්නී පෙහෙවස් රැකීමෙහි නිරතුරු ව අප්‍රමත්ත වූවා වෙමි.
Pali BJT129. චාතුද්දසිං පඤ්චදසිං යා ච පක්ඛස්ස අට්ඨමී, පාටිහාරියපක්ඛඤ්ච අට්ඨඞ්ගසුසමාගතං
Sinhala BJT129-130. මම පක්‍ෂය පිළිබඳ වූ තුදුස්වක ද පසළොස්වක ද යම්බඳු අටවක ද ප්‍රාතිහාර්‍ය්‍ය පක්‍ෂය ද (යන පොහෝ දිනයන්හි) අටඟින් යුත් පෙහෙවස් විසීමි. සියලු කල්හි නිති සිල්හිද කයින් හා වචනයෙන් සංවෘත වූවා ඉන්‍ද්‍රියසංවරයෙන් යුක්ත වූවා මොනවට බෙදා දෙන්නී ගෙහි විසීමි.
Pali BJT130. උපොසථං උපවසිස්සං සදා සීලෙසු සංවුතා, සංයමා සංවිභාගා ච විමානං ආවසාමහං{1}
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT131. පාණාතිපාතා විරතා මුසාවාදා ච සඤ්ඤතා, ථෙය්යා ච අතිචාරා ච මජ්ජපානා ච ආරකා.
Sinhala BJT131. (එකළ මම) පණිවායෙන් දුරු වීමි, මුසවායෙන් සංයත වීමි, අයිනාදනින් මිසහසරින් රහමෙර පීමෙන් දුරු වීමි.
Pali BJT132. පඤ්ච සික්ඛාපදෙ රතා අරියසච්චාන කොවිදා, උපාසිකා චක්ඛුමතො ගොතමස්ස යසස්සිනො.
Sinhala BJT132. පස් සිකපද රැක්මෙහි ඇලුණු චතුරාර්‍ය්‍ය සත්‍යයෙහි දක්‍ෂ වූ මම යසස් ඇති පසැස් ඇති ගෞතම බුදුරදුන්ගේ උපාසිකාවක් වීමි.
Pali BJT133. සාහං සකෙන සීලෙන යසසා ච යසස්සිනී, අනුභොමි සකං පුඤ්ඤං සුඛිතා චම්හි අනාමයා.
Sinhala BJT133. (එසේම) ඒ මම ස්වකීය සීලයෙන් ද කීර්තියෙන් ද යසස් ඇතියා සිය පින්පල විදීමි. නිරෝග වූවා සැප ඇතියා ද වෙමි.
Pali BJT134. තෙන මෙ තාදිසො වණ්ණො තෙන මෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT134. ඒ පිනෙන් මාගේ සිරුරුපැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
Pali BJT135. අක්ඛාමි තෙ භික්ඛු මහානුභාව මනුස්සභූතා යමහං අකාසිං තෙනම්හි එවං ජලිතානුභාවා වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT135. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් දුවක් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලිසෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙමි. මාගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. වහන්ස, උත්තරා නම් උපාසිකා තොමෝ භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රී පාදයන් මස්තකයෙන් වඳී.
Pali BJTමම ච භන්තෙ වචනෙන භගවතො පාදෙ සිරසා වන්දෙය්යාසි, උත්තරා නාම භන්තෙ උපාසිකා භගවතො පාදෙ සිරසා වන්දතීති අනච්ඡරියං ඛො පනෙතං භන්තෙ යං මං භගවා අඤ්ඤතරස්මිං සාමඤ්ඤඵලෙ ව්යාකරෙය්ය. තං භගවා සකදාගාමිඵලෙ වියාකාසීති.
Sinhala BJTවහන්ස, මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාදයන් වඳිනු මැනැවි. වහන්ස, යම් හෙයෙකින් භාග්‍යවතුන් වහන්සේ මා එක්තරා මාර්‍ගඵලයෙක්හි ලා වදාරන සේක් නම් ඒ පුදුමයෙක් නොවේ. භාග්‍යවතුන් වහන්සේ ඒ (මා) සකෘදාගාමී ඵලයෙහි ලා ප්‍රකාශ කළ සේක.
Pali BJTඋත්තරාවිමානං.
Sinhala BJTඋත්තරාවිමාන යි.
Pali BJT1. 16.
Sinhala BJT1. 16.
Pali BJT136. යුත්තා ච තෙ පරම අලඞ්කතා හයා අධොමුඛා අඝසිගමා බලී ජවා අභිනිම්මිතා පඤ්චරථා සතා ච තෙ අන්වෙන්ති තං සාරථිචොදිතා හයා.
Sinhala BJT136. (එම්බා දෙව්දුව) තීගේ රියෙහි යොදන ලද අශ්වයෝ උතුම් වූ දිව්‍යමය වූ අශ්වාභරණයෙන් සරසන ලදහ, යටිහුරු කළ මුව ඇතියහ, ආකාශචරියහ, බල ඇත්තාහ, ජව ඇත්තාහ. ඒ රිය පන්සියය තීගේ පිනෙන් නිපන. රියැදුරන් විසින් මෙහෙයන ලද්දවුන් වැනි අශ්වයෝ තී අනුව යෙත්.
Pali BJT137. සා තිට්ඨසි රථවරෙ අලඞ්කතා ඔභාසයං ජලමිව ජොතිපාවකො පුච්ඡාමි තං වරතනු{2} අනොමදස්සනෙ කස්මා නු කායා අනධිවරං උපාගමීති.
Sinhala BJT137. දිව බරණින් සැරැසුණු සඳහිරු තරු සේ බබළන ගිනි සේ දිලියෙන ඒ කී උතුම් රියෙහි සිටිනෙහි ය. අලාමක දර්‍ශන ඇති උතුම් සිරුරු ඇත්තී ය, කිනම් දිව්‍ය නිකායෙකින් බුදුරදුන් වෙත පැමිණියෙහි දැ යි තී විචාරමි.
Pali BJT138. කාමග්ගපත්තානං යමාහුනුත්තරං{1} නිම්මාය නිම්මාය රමන්ති දෙවතා තස්මා කායා අච්ඡරා කාමවණ්ණිනී ඉධාගතා අනධිවරං නමස්සිතුන්ති.
Sinhala BJT138. දෙවියෝ කැමති පරිදි කම්සැප මවා ගනිමින් ඇලෙත් ද, කාමසුඛයෙන් අගතැන් පැමිණි තැන් අතුරෙන් යම් දෙව්ලොවක් ශ්‍රේෂ්ඨ යයි කියත් ද ඒ දෙව්ලොවින් කැමති රූ දරන අප්සරාවක් වූ මම බුදුරදුන් වඳින්නට මෙහි ආමි.
Pali BJT139. කිං ත්වං පුරෙ සුචරිතමාචරීධ කෙනච්ඡසි ත්වං අමිතයසා සුඛෙධිතා ඉද්ධී ච තෙ අනධිවරා විහඞ්ගමා වණ්ණො ච තෙ දසදිසා විරොචති.
Sinhala BJT139. එම්බා දෙව්දුව, තෝ පෙර කවර පිනක් කේලෙහි ද? අපමණ පිරිවර ඇති සැපෙන් වැඩුණු තෝ කවර පිනෙකින් මෙහි (සැනසී) සිටිනෙහි ද? තීගේ අත්‍යුත්තම වූ ආකාශචාරී වූ දිව්‍යානුභාවය ද වෙයි. තීගේ සිරුරුපැහැය ද දස දිගුන් බබුළුවයි.
Pali BJT140. දෙවෙහි තං පරිවුතා සක්කතා චසි කුතො චුතා සුගතිගතාසි දෙවතෙ කස්ස වා ත්වං වචනකරානුසාසනිං ආචික්ඛ මෙ ත්වං යදි බුද්ධසාවිකාති.
Sinhala BJT140. එම්බා දෙව්දුව, තෝ දෙවියන් විසින් පිරිවරන ලද්දී සත්කාර ද කරන ලද්දී වෙහි. කිනම් භවයෙකින් ච්‍යුත වූවා සුගතියට පැමිණියා වෙහි ද? තෝ කිනම් ශාස්තෘවරයක්හුගේ අවවාදානුශාසනා පිළිගැනීමෙන් වචන කරන්නී වෙහි ද? ඉදින් තෝ බුද්ධශ්‍රාවිකා වූවා නම් මට කියව.
Pali BJT141. නගන්තරෙ නගරවරෙ සුමාපිතෙ පරිචාරිකා රාජවරස්ස සිරීමතො නච්චෙ ගීතෙ පරමසුසික්ඛිතා අහුං සිරිමාති මං රාජගහෙ අවෙදිසුං.{2}
Sinhala BJT141.(ඉසිගිලි ඈ) පවු අතර මැනැවින් පිහිටුවන ලද උතුම් (රජගහ) නුවර නැටුම් ගැයුම් මැනැව්‍න් පුහුණු වූ මම සිරිමත් (බිම්සර) රජුගේ පරිචාරිකාවක් වීමි. ඒ මා රජගහ නුවර සිරිමා යැ යි දැනගත්හ.
Pali BJT142. බුද්ධො ච මෙ ඉසිනිසභො විනායකො අදෙසයී සමුදයදුක්ඛනිච්චතං අසඞ්ඛතං දුක්ඛනිරොධසස්සතං මග්ගඤ්චිමං අකුටිලමඤ්ජසං සිවං.
Sinhala BJT142. ඍෂි ශ්‍රේෂ්ඨ වූ විනායක වූ බුදුරජ සමුදය දුඃඛ සත්‍යයන්ගේ අනිත්‍යතාව ද අසංස්කෘත වූ ශාශ්වත දුඃඛනිරෝධය වූ නිර්‍වාණය ද අකුටිල වූ කෙලෙස් නසන ආර්‍ය්‍යමාර්‍ගය ද මට පැවසී ය.
Pali BJT143. සුත්වානහං අමතපදං අසඞ්ඛතං තථාගතස්සනධිවරස්ස සාසනං සීලෙස්වහං පරමසුසංවුතා අහුං ධම්මෙ ඨිතා නරවරබුද්ධභාසිතෙ.{3}
Sinhala BJT143. මම උතුම් වූ තථාගතයන් වහන්සේගේ අසංස්කෘත නිර්‍වාණයට කරුණු වූ සද්ධර්‍මය අසා නරශ්‍රේෂ්ඨ වූ බුදුරදුන් විසින් දෙසනලද ප්‍රතිපත්තියෙහි පිහිටියා වූ මම ශීලයෙහි මැනැවින් සංවෘත වූමු.
Pali BJT144. ඤත්වානහං විරජපදං අසඞ්ඛතං තථාගතෙන නධිවරෙන දෙසිතං තත්ථෙවහං සමථසමාධිමාඵුසිං සා යෙව මෙ පරමනියාමතා අහු.
Sinhala BJT144. මම උතුම් වූ තථාගතයන් වහන්සේ විසින් දෙසනලද අසංස්කෘත වූ නිර්‍වාණ පදය දැන මම ඒ අත්බැව්හි ලෝකෝත්තර සමාධිය අවබෝධ කෙළෙමි. ඒ ලෝකෝත්තර සමාධි ස්පර්‍ශය ම මට උතුම් මාර්‍ග නියාමය විය.
Pali BJT145. ලද්ධානහං අමතවරං විසෙසනං එකංසිකා අභිසමයෙ විසෙසිය අසංසයා බහුජනපූජිතා අහං ඛිඩ්ඩාරතිං{4} පච්චනුභොමනප්පකං.
Sinhala BJT145. මම විශිෂ්ඨභාව සාධක වූ උතුම් වූ නිර්‍වාණය ලැබ සත්‍ය ප්‍රති වේදයෙහි විශේෂයට පැමිණ තුණුරුවන්හි නිසැක වූවා වෙමි. පහවූ සැක ඇති මම බොහෝ දෙනා විසින් පුදන ලදුයෙම් ස්වල්ප නොවූ ක්‍රීඩාරතිය වළඳමි.
Pali BJT146. එවං අහං අමතදස්සම්හි දෙවතා තථාගතස්සනධිවරස්ස සාවිකා ධම්මද්දසා පඨමඵලෙ පතිට්ඨිතා සොතාපන්නා න ච පන මත්ථිදුග්ගති.
Sinhala BJT146. මෙසේ දෙව්දුවක් වූ මම තථාගතයන් වහන්සේගේ ශ්‍රාවිකාවක් වූවා නිවන දක්නී වෙමි. පළමු පෙලෙහි පිහිටියා වූ සිවුසස් දහම් දක්නා මම සෝවාන් වීමි. මට දුගතියෙක් නැත් මය.
Pali BJT147. සා වන්දිතුං අනධිවරං උපාගමිං පාසාදිකෙ කුසලරථෙ ච භික්ඛවො නමස්සිතුං සමණසමාගමං සිවං සගාරවා සිරිමතො ධම්මරාජිනො.
Sinhala BJT147. ගෞරව සහිත වූ ඒ මම බුදුරදුන් වැදීමට ද පැහැදීම ඇති කරණ නිවනෙහි ඇලුණු භික්‍ෂූන් වැදීමට ද ශ්‍රීමත් වූ බුදුරජාණන් වහන්සේගේ නිර්‍භය වූ ශ්‍රමණ සමාගමය (ඇසුරු කිරීමට ද) එළඹියෙමි.
Pali BJT148. දිස්වා මුනිං මුදිතමනම්හි පීණිතා තථාගතං නරවරදම්මසාරථිං තණ්හච්ඡිදං කුසලරතං විනායකං වන්දාමහං පරහිතානුකම්පකන්ති.
Sinhala BJT148. නරශ්‍රේෂ්ඨ වූ පුරුෂදම්‍යසාරතථී වූ තථාගත වූ බුදුරදුන් දැක පිනා ගියා වූ මම සතුටු සිත් ඇත්තී වෙමි. ඒ මම තෘෂ්ණාව සිඳහළ නිවනෙහි ඇලුණු උතුම් වූ හිතයෙන් සත්ත්‍වයන්ට අනුකම්පා කරන විනායක වූ තථාගතයන් වහන්සේ වඳිමි.
Pali BJTසිරිමාවිමානං.
Sinhala BJTසිරිමාවිමාන යි.
Pali BJT1. 17.
Sinhala BJT1. 17.
Pali BJT149. ඉදං විමානං රුචිරං පභස්සරං වෙළුරියත්ථම්හං සතතං සුනිම්මිතං සොවණ්ණරුක්ඛෙහි{1} සමන්තමොත්ථතං ඨානං මමං කම්මවිපාකසම්භවං.
Sinhala BJT149. මනාව මැවුණු වෙරළුමිණිමුවා ටැම් ඇති රන්රුකින් හාත්පසින් වැසුණු සියලු කල්හි සිත්කලු වූ පැහැසර වූ මේ විමාන ස්ථානය මාගේ කර්‍ම විපාකයෙන් පහළ විය.
Pali BJT150. තත්රූපපන්නා පුරිමච්ඡරා ඉමා සතං සහස්සානි සකෙන කම්මුනා තුවංසි අජ්ඣුපගතා යසස්සිනී ඔභාසයං තිට්ඨසි පුබ්බදෙවතා.
Sinhala BJT150. ඒ විමන්හි උපන් මේ ප්‍රථම දිව්‍යප්සරාවෝ ලක්‍ෂයක් පමණ වෙති. පිරිවර ඇත්තා වූ තෝ ස්වකීය කර්‍මානුභාවයෙන් මෙහි උපන්නී වෙහි. ඒ ප්‍රථම දිව්‍යප්සරාවන් බබුළුවමින් සිටිනෙහි.
Pali BJT151. සසී අධිග්ගය්හ යථා විරොචති නක්ඛත්තරාජාරිව තාරකාගණං තථෙව ත්වං අච්ඡරාසඞ්ගමං{2} ඉමං දද්දල්ලමානා යසසා විරොචසි.
Sinhala BJT151. සසලපින් යුත් සඳු යම් සේ තුරුරැස මැඩගෙන බබළා ද එසේ ම තෝ යසසින් මේ දිවසර මුළුව අතිශයින් බබළවමින් බබළහි.
Pali BJT152. කුතො නු ආගම්ම අනොමදස්සනෙ උප්පන්නා ත්වං භවනං මමං ඉදං බ්රහ්මංව දෙවා තිදසා සඉන්දකා සබ්බෙ න තප්පාමසෙ දස්සනෙන තන්ති.{3}
Sinhala BJT152. අලාමක දැකුම් ඇත්තීය, තෝ කොතැනකින් නොහොත් කවර පිනෙකින් අවුත් මාගේ මේ විමන්හි උපනිහි ද? ඉන්‍ද්‍රයා සහිත වූ තව්තිසා වැසි දෙවියෝ බඹහු දැක යම්සේ සෑහීමට නො පැමිණෙත් ද, එසේ ම (අපි) සියලු දෙන තී දැකීමෙන් සෑහීමට නො පැමිණියෙමු.
Pali BJT153. යමෙතං සක්ක අනුපුච්ඡසෙ මමං කුතො චුතා ත්වං ඉධ ආගතාති{4} බාරාණසී නාම පුරත්ථි කාසිනං තත්ථ පුරෙ අහොසිං කෙසකාරිකා.
Sinhala BJT153. ශක්‍රය, කවර භවයෙකින් ච්‍යුත ව මෙහි ආයෙහි දැ යි යම් ඒ පැනයක් මා අතින් විචාරහි. කසී රට බරණැස් නම් පුරයෙක් ඇත. මම පෙර ඒ නුවර කේසකාරිකා නම් වීමි.
Pali BJT154. බුද්ධෙ ච ධම්මෙ ච පසන්නමානසා සඞ්ඝෙ ච එකන්තගතා අසංසයා අඛණ්ඩසික්ඛාපදා ආගතප්ඵලා සම්බොධිධම්මෙ නියතා අනාමයාති.
Sinhala BJT154. බුදුන් කෙරෙහි ද දහම් කෙරෙහි ද සඟුන් කෙරෙහි ද පහන් සිත් ඇතියා නියතගතික වූවා සැක නැතියා නොකඩ සිකපද ඇත්තී පැමිණි ඵල ඇතියා නිවනෙහි නියත වූවා නිදුක් වූවා වෙමි.
Pali BJT155. තනත්යාභිනන්දමසෙ සාගතඤ්ච{1} තෙ ධම්මෙන ච ත්වං යස්සා විරොචසි බුද්ධෙ ච ධම්මෙ ච පසන්නමානසෙ සඞ්ඝෙ ච එකන්තගතෙ අසංසයෙ අඛණ්ඩ සික්ඛාපදෙ ආගතප්ඵලෙ සම්බොධිධම්මෙ නියතෙ අනාමයෙති.
Sinhala BJT155. බුදුන් කෙරෙහි ද දහම් කෙරෙහි ද සඟුන් කෙරෙහි ද පහන් සිත් ඇති නියතගතික වූ නිසැක වූ නොකඩ සිකපද ඇති පැමිණිඵල ඇති නිවනෙහි නියත වූ එම්බා දෙව්දුව, තෝ ධර්‍ම සම්පත්තියෙන් ද පරිවාර සම්පත්තියෙන් ද බබළහි. තීගේ ඒ ද්විවිධ සම්පත්තිය පිළිගනිමු. තීගේ මෙහි පැමිණීම ද මනා පැමිණීමෙකි.
Pali BJTකෙසකාරීවිමානං.
Sinhala BJTකේසකාරීවිමාන යි.
Pali BJTපීඨවග්ගො පඨමො.
Sinhala BJTප්‍රථම පීඨවර්ග යි
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTපඤ්චපීඨා තයො නාවා දීපතිලදක්ඛිණා දුවෙ පති ද්වෙ සුණිසා උත්තරා සිරිමා කෙසකාරිකා වග්ගො තෙන පවුච්චතීති.
Sinhala BJTපඤ්චපීඨ යැ තයෝ නාවා යැ දීපතිල දක්ඛිණා දෙක යැ පතිබ්බතා දෙක යැ සුණිසා දෙක යැ උත්තරා යැ සිරිමා යැ කෙසකාරිකා යැ යි එයින් වර්ගය කියනු ලැබේ.
Pali BJT2. චිත්තලතාවග්ගො
Sinhala BJT2. චිත්තලතා වර්‍ගය
Pali BJT2. 1.
Sinhala BJT2. 1.
Pali BJT156. අපි සක්කො’ව දෙවින්දො රම්මෙ චිත්තලතා වනෙ සමන්තා අනුප්පියාසි නාරීගණපුරක්ඛතා ඔභාසෙන්තී දිසා සබ්බා ඔසධී විය තාරකා.
Sinhala BJT156. එම්බා දෙව්දුව, තෝ සක්දෙව් රජු මෙන් සිත්කලු සිතුලිය වෙනෙහි දෙවඟනන් විසින් පිරිවරන ලදුව දවහත්තරුව සේ සියලු දිගුන් බබුළුවමින් හාත්පස හැසිරෙහි ද?
Pali BJT157. කෙන තෙ තාදිසො වණ්ණො කෙන තෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච තෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT157. කවර හේතුවකින් තිට එබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?