Vimānavatthu

Stories of Heavenly Mansions

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1201-1239 න් 1239

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT1261. ඉමෙ සිරීසූපවනා ච{2} තාතා දිබ්බා{3} ගන්ධා සුරභිං{4} සම්පවන්ති තෙ සම්පවායන්ති ඉමං විමානං දිවා ච රත්තො ච තමං නිහන්ත්වා.
Sinhala BJT1261. දරුවෙනි, මහරිරුක් වනයෙන් මේ දිවගඳහු හමති. ඒ දිවගඳහු දව රෑ අඳුර නසා මේ විමානයට හමත්.
Pali BJT1262. ඉමෙසං ච ඛො වස්සසතච්චයෙන සිපාටිකා ඵලති එකමෙකා මානුස්සකං වස්සසතා අතීතං යදග්ගෙ කායම්හි ඉධූපපන්නො.
Sinhala BJT1262. මේ මහරිරුක් එක් එක් මල් පෙති හවුරුදු සියයක්හුගේ ඇවෑමෙන් පැසී වැටෙ යි. යම් දිනක පටන් මේ දිව්‍ය ආත්මයෙහි උපන්නෙම් වෙම් ද? (එතැන් පටන්) මිනිස් සියවසරෙක් ඉක්මිණි.
Pali BJT1263. දිස්වානහං වස්සසතානි පඤ්ච අස්මිං විමානෙ ඨත්වාන තාතා ආයුක්ඛයා පුඤ්ඤඛයා චවිස්සං තෙනෙව සොකෙන පමුච්ඡිතොස්මීති{5}.
Sinhala BJT1263. දරුවෙනි, මේ විමන්හි මම පන්සිය වසරක් සිට ආයු හා පින් පිරිහීමෙන් ච්‍යුත වන්නෙමි යි දැක ඒ ශෝකයෙන් ම අතිශයින් මුසපත් වීමි.
Pali BJT1264. කථං නු සොචෙය්ය තථාවිධො සො ලද්ධා විමානං අතුලං චිරාය යෙ චාපි ඛො ඉත්තරමුපපන්නා තෙ නූන සොවෙය්යුං පරිත්තපුඤ්ඤාති.
Sinhala BJT1264. (එම්බා දේවපුත්‍රය,) චිරායුෂ්ක වූ අතුල්‍ය වූ මේ විමානය ලැබූ එබඳු වූ තෝ කෙසේ නම් ශෝක කරන්නෙහි ද? මඳ ආයු ඇති ව උපන් මඳ පිනැති යම් කෙනෙක් වෙත් නම් ඔහු ඒකාන්තයෙන් ශෝක කරන්නාහු ය.
Pali BJT1265. අනුච්ඡවිං ඔවදියඤ්ච මෙතං යං මං තුම්හෙ පෙය්යවාචං වදෙථ තුම්හෙ ච ඛො තාතා මයානුගුත්තා යෙනිච්ඡකං තෙන පලෙථ සොත්ථින්ති.
Sinhala BJT1265. (එම්බා) දරුවෙනි, මා පිළිබැඳි ඒ සුදුසු ප්‍රිය වූ අවවාද වචනයක් යම් හෙයෙකින් මට කියහු ද? ඒ තෙපි ද මා විසින් රක්‍ෂිත වූවාහු යම් ඒ කැමැති තැනකට සැපසේ යවු.
Pali BJT1266. ගන්ත්වා මයං සින්ධු සොවීරභූමිං ධනත්ථිකා උද්දයං පත්ථයානා යථා පයොගා පරිපුණ්ණචාගා කාහාම සෙරිස්සමහං උළාරන්ති.
Sinhala BJT1266. ධනය බලාපෙරොත්තු වූ එහි වැඩීම ප්‍රාර්‍ත්‍ථනා කරන්නා වූ අපි සින්‍ධු සෝවීර භූමිප්‍රදේශයට ගොස් ප්‍රතිඥා පරිදි වූවාහු පිරිපුන් ත්‍යාග ඇත්තාහු උදාර වූ සේරිස්සක පූජාවක් කරන්නෙමු.
Pali BJT1267. මා චෙව සෙරිස්සමහං අකත්ථ සබ්බඤ්ච වො භවිස්සති යං වදෙථ පාපානි කම්මානි විවජ්ජයාථ ධම්මානුයොගඤ්ච අධිට්ඨාහාථාති.
Sinhala BJT1267. සෙරිස්සකපූජා නො කරවු. යමක් තෙපි කියවු ද? (ඒ) සියල්ල එසේ ම වන්නේ ය. පව්කම් හරිවු. දහම් අනුව හැසිරීම ඉටා ගනිවු. (මේ සේරිස්සක පූජා යි).
Pali BJT1268. උපාසකො අත්ථි ඉමම්හි සඞ්ඝෙ බහුස්සුතො සීලවතූපපන්නො සද්ධො ච චාගී ච සුපෙසලො ච විචක්ඛණො සන්තුසිතො මුතීමා.
Sinhala BJT1268. මේ සත්ත්‍ව සමූහයා අතුරෙහි බහුශ්‍රුත වූ ශීලව්‍රතයෙන් යුක්ත වූ සැදැහැති ත්‍යාගවත් සුපේසල වූ විචක්‍ෂණ වූ ප්‍රීතිමත් වූ කම්පල දැනීමේ නුවණ ඇති උපාසකයෙක් ඇත.
Pali BJT1269. සඤ්ජානමානො න මුසා භණෙය්ය පරූපඝාතාය න චෙතයෙය්ය වෙභූතිකං පෙසුනං නො කරෙය්ය සණ්හඤ්ච වාචං සඛිලං භණෙය්ය.
Sinhala BJT1269. දැන දැන බොරු නො කියන්නේ ය. පරපණ නැසීම පිණිස නො සිතන්නේ ය. සමගි වූවන් වෙන් කරන පිසුනු බස් නො කියන්නේ ය. සියුම් මෙළෙක් බස් කියන්නේ ය.
Pali BJT1270. සගාරවො සප්පතිස්සො විනීතො අපාපකො අධිසීලෙ විසුද්ධො සො මාතරං පිතරං චාපි ජන්තු ධම්මෙන පොසෙති අරියවුත්ති.
Sinhala BJT1270. ගෞරව සහිත වූ කීකරු සැහැවි ඇති හික්මුණු පව් නොකරන්නා වූ (උපාසකයන් විසින් රැකියයුතු) අධිශීලයෙහි පිරිසිදු වූ නිදොස් පැවතුම් ඇති ඒ සත්ත්‍ව තෙමේ මව ද පියා ද දැහැමෙන් පෝෂණය කරයි.
Pali BJT1271. මඤ්ඤෙ සො මාතාපිතුන්නං කාරණා භොගානි පරියෙසති න අත්තහෙතු මාතාපිතුන්නඤ්ච යො අච්චයෙන නෙක්ඛම්මපොණො චරිස්සති බ්රහ්මචරියං.
Sinhala BJT1271. නිවනට නැමුණු යමෙක් මවු පියන්ගේ ඇවෑමෙන් ශාසන බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙන්නේ ද, හෙතෙමේ මවුපියන් නිසා භොග සොයයි. තමා පිණිස නො සොයතී සිතමි.
Pali BJT1272. උජු අවඞ්කො අසඨො අමායො න ලෙසකප්පෙන ච වොහරෙය්ය සො තාදිසො සුක්කතකම්මකාරී{1} ධම්මෙ ඨිතො කින්ති ලභෙථ දුක්ඛං.
Sinhala BJT1272. ඍජු වූ අවංක වූ අසඨ වූ අමායාවී වූ හෙතෙමේ කප්පිය ලෙසයෙන් (මායා සාඨෙය්‍ය විසින්) වචන නො කියන්නේ ය. එබඳු යහපත් කර්‍ම කරන ධර්‍මයෙහි පිහිටි පුද්ගල තෙමේ කෙසේ නම් දුකක් ලබන්නේ ද?
Pali BJT1273. තං කාරණා පාතුකතොම්හි අත්තනා තස්මා ධම්මං පස්සථ වාණිජාසෙ අඤ්ඤත්ර තෙනීහ භස්මි{1} භවෙථ අන්ධාකුලා විප්පනට්ඨා අරඤ්ඤෙ තං ඛිප්පමානෙන ලහුං පරෙන සුඛො භවෙ සප්පුරිසෙන සඞ්ගමොති.
Sinhala BJT1273. ඒ උපාසකයා හේතුකොට (තොප ඉදිරියෙහි) මම තෙමේ ම පහළ වූයෙමි. එහෙයින් වෙළෙඳුනි, ධර්‍මය දකිවු. ඒ උපාසකයා හැර මෙහි (ආවාහු නම්) තෙපි අන්‍යයා විසින් පීඩා කිරීම කරණ කොට මේ මරු කතරැ අන්‍ධයන් මෙන් ආකූල වූවාහු විනාශයට පත් වූවාහු වහා අළු වන්නාහු ය. ඒකාන්තයෙන් සත්පුරුෂ සඞ්ගමය සැප වේ.
Pali BJT1274. කිං නාම සො කිඤ්චි කරොති කම්මං කිං නාමධෙය්යං කිං පන තස්ස ගොත්තං මයම්පි නං දට්ඨුකාමම්හ යක්ඛ යස්සානුකම්පාය ඉධාගතොසි ලාභා හි තස්ස යස්ස තුවං පිහෙසීති.
Sinhala BJT1274. (එම්බා) දේව පුත්‍රය, හෙතෙමේ කිනම් ඇත්තේ ද? කිනම් කර්‍ම කරයි ද? (මවුපියන් විසින් ඔහුට) තිබූ නම කුමක් ද? ඔහුගේ ගෝත්‍රය කුමක් ද? අපි දු ඔහු දක්නා කැමතියම්හ. ඒ එසේ මැ යි. තෝ යමකුට අනුකම්පාවෙන් මෙහි පැමිණියෙහි ද, යමෙකුට ප්‍රිය කෙරෙහි ද? ඔහුගේ (පැමිණීම) ලාභයෙක් මැ යි.
Pali BJT1275. යො කප්පකො සම්භව නාමධෙය්යො උපාසකො කොච්ඡඵලූපජීවී{2} ජානාථ නං තුම්හාකං පෙසියො සො මා ඛො නං හීළිත්ථ සුපෙසලො සොති.
Sinhala BJT1275. කොස්සෙන් හා පනාවෙන් ජීවත්වනසුලු වූ තොපගේ ඒ සේවක වූ සුපේසල උපාසක වූ ප්‍රසිද්ධ වූ සම්භව නම් කරනවෑමියෙක් වේ ද, ඔහු දනිවු. ඔහු පහත් කොට නො සිතවු.
Pali BJT1276. ජානමසෙ යං ත්වං වදෙසි යක්ඛ න ඛො නං ජානාම ස ඊදිසොති මයම්පි තං පූජයිස්සාම යක්ඛ සුත්වා{3} තුය්හං වචනං උළාරන්ති.
Sinhala BJT1276. (එම්බා) දේව පුත්‍රය, යමකු සඳහා තෙපි කියවු ද, අපි ඔහු දනුම්හ. හෙතෙමේ ගුණවශයෙන් මෙබඳු යයි ඔහු නො දනුම්හ. දේවපුත්‍රය තාගේ උදාර වූ වචනය අසා අපි දු ඔහු පුදන්නෙමු.
Pali BJT1277. යෙ කෙචිමස්මිං සත්ථෙ මනුස්සා දහරා මහන්තා අථවාපි මජ්ඣිමා සබ්බෙව තෙ ආලම්බන්තු විමානං පස්සන්තු පුඤ්ඤාන ඵලං කදරීයාති.
Sinhala BJT1277. මේ වෙළඳමුළෙහි හෙවත් තවලමෙහි තරුණ වූ මහලු වූ තවද මැදුම් වූ යම්කිසි මසුරු මිනිස්සු වෙත් ද, ඒ සියල්ලෝම මේ විමනට නගිත්වා. පින්පල බලත්වා.
Pali BJT1278. තෙ තත්ථ සබ්බෙව අහං පුරෙති තං කප්පකං තත්ථ පුරක්ඛිපිත්වා{4} සබ්බෙව තෙ ආලම්බිංසු විමානං මසක්කසාරං විය වාසවස්ස.
Sinhala BJT1278. එහි ඒ සියලු දෙන ම ‘මම පෙරටු වෙමි, මම පෙරටු වෙමි’ යි එහි ඒ කරනෑවෑමියා පෙරටු කොට (උත්සාහවත් වූහ.) ඒ සියල්ලෝ ම තව්තිසා භවනයට මෙන් ඒ විමානයට නැංගාහු ය.
Pali BJT1279. තෙ තත්ථ සබ්බෙව අහං පුරෙති උපාසකත්තං පටිවෙදයිංසු පාණාතිපාතා විරතා අහෙසුං ලොකෙ අදින්නං පරිවජ්ජයිංසු.
Sinhala BJT1279. එහි ඒ සියලු දෙන ම ‘මම පෙරටු වෙමි. මම පෙරටු වෙමි’ යි උත්සුක වෙමින් උවසු බව ගිවිස්සාහු ය. පණිවායෙන් දුරු වූහ. ලොව නුදුන් දෑ ගැන්ම දුරු කළාහු ය.
Pali BJT1280. අමජ්ජා නො ච මුසා භණිංසු සකෙන දාරෙන ච අහෙසුං තුට්ඨා තෙ තත්ථ සබ්බෙව අහං පුරෙති උපාසකත්තං පටිවෙදයිත්වා පක්කාමි සත්ථො අනුමොදමානො යක්ඛිද්ධියා අනුමතො පුනප්පුනං.
Sinhala BJT1280. මත්පැන් නො පූහ. බොරු නො බිණූහ. සිය අඹුව හා තුටු වූහ. එහි සියලු දෙන ම ‘මම පෙරටු වෙමි. මම පෙරටු වෙමි’ යි උත්සුක ව උවසු බව ගිවිස්වා ඒ වෙළඳමුළ ඒ දෙව්පුත් විසින් අනුමත වූයේ දිව්‍යර්ද්ධියෙන් නැවත නැවතත් අනුමෝදන් වනුයේ කැමැති තැනට ගියේ ය.
Pali BJT1281. ගන්ත්වාන තෙ සින්ධුසොවීරභූමිං ධනත්ථිකා උද්දයං{1} පත්ථයානා යථා පයොගා පරිපුණ්ණලාභා පච්චාගමුං පාටලිපුත්තමක්ඛතං.
Sinhala BJT1281. ධනාර්ත්‍ථීවූ අධික ලාභාශා ඇත්තා වූ ඔවුහු සින්‍ධු සෝවීර භූමියට ගොස් සිතැඟි පරිදි වෙළඳාම් කොට පිරිපුන් ලාභ ඇත්තෝ යළි නිරුපද්‍රැත වැ පැළලුප් නුවරට ආවාහු ය.
Pali BJT1282. ගන්ත්වාන තෙ සඞ්ඝරං සොත්ථිවන්තො පුත්තෙහි දාරෙහි සමඞ්ගිභූතා ආනන්දි චිත්තා{2} සුමනා පතීතා අකංසු සෙරිස්සමහං උළාරං.
Sinhala BJT1282. ඔවුහු නිර්‍භය වූවාහු සිය ගෙවලට ගොස් අඹුදරුවන් හා එක් වූවාහු මුදිත වූවාහු තුටු වූවාහු සොම්නස් වූවාහු අධික සොම්නස් ඇත්තාහු උදාර වූ සේරිස්සක නම් උත්සව පූජාවක් කළහ.
Pali BJT1283. සෙරීස්සකා තෙ පරිවෙණං මාපයිංසු එතාදිසා සප්පුරිසාන සෙවනා මහත්ථිකා ධම්මගුණාන සෙවනා එකස්ස අත්ථාය උපාසකස්ස සබ්බෙව සත්තා සුඛිතා{3} අහෙසුන්ති.
Sinhala BJT1283. ඔවුහු සේරිස්සක නම් පිරිවෙනක් ද තැනූහ. එක ම උපාසකයකු නිසා සියලු සත්ත්‍වයෝ සුවපත් වූවාහු ය. සත්පුරුෂයන්ගේ සේවනය මෙබඳු ය. ධර්‍මධර ගුණවතුන්ගේ සේවනය මෙබඳු මහත් වැඩ ඇත්තේ යි.
Pali BJTසෙරිස්සකවිමානං.
Sinhala BJTසේරිස්සක විමාන යි
Pali BJT7. 11.
Sinhala BJT7. 11.
Pali BJT1284. උච්චමිදං මණිථූණං විමානං සමන්තතො ද්වාදස යොජනානි කූටාගාරා සත්තසතා උළාරා වෙළුරියත්ථම්හා රුචකත්ථතා සුභා
Sinhala BJT1284. (එම්බා දේවපුත්‍රය) ඉතා උස් වූ පියුම්රාමිණි ආදියෙන් කළ ටැම් ඇති මේ විමානය හාත්පසින් දොළොස් යොදුනෙකි. වෙරළු මිණියෙන් කළ ටැම් ඇති රන්පෝරු අතුළ බිම් ඇති උදාර වූ යහපත් වූ කුළු ගෙවල් සත් සියයෙක් වෙයි.
Pali BJT1285. තත්ථච්ඡසි පිවසි ඛාදසි ච දිබ්බා ච වීණා පවදන්ති වග්ගුං දිබ්බා රසා කාමගුණෙත්ථ පඤ්ච නාරියො ච නච්චන්ති සුවණ්ණඡන්නා.
Sinhala BJT1285. එහි තෝ සිටිනෙහි ය. පානය කරන්නෙහි ය, අනුභව කරන්නෙහි ය. දිව්‍යවීණාවෝ ද මිහිරි සේ වාදනය වෙති. මෙහි දිව්‍යමය වූ රසයෝ ද පස්කම් ගුණයෝ ද වෙත්. ස්වර්‍ණාභරණයෙන් විභූෂිත වූ නාරීහු ද රඟ දක්වත්.
Pali BJT1286. කෙන තෙ තාදිසො වණ්ණො කෙන තෙ ඉධමිජ්ඣති උප්පජ්ජන්ති ච තෙ භොගා යෙ කෙචි මනසො පියා
Sinhala BJT1286. කවර හේතුවකින් තාගේ එබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනෙකින් තාගේ සුචරිත ඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තට පහළ වෙත් ද?
Pali BJT1287. පුච්ඡාමි තං දෙව මහානුභාව මනුස්සභූතො කිමකාසි පුඤ්ඤං කෙනාසි එවං ජලිතානුභාවො වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT1287. මහත් අනුභාව ඇති දේවපුත්‍රය, තා විචාරමි. මනුෂ්‍ය වූයෙහි කිනම් පිනක් කෙළෙහි ද? තාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කිනම් පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තෙහි.
Pali BJT1288. සො දෙවපුත්තො අත්තමනො මොග්ගල්ලානෙන පුච්ඡිතො, පඤ්හං පුට්ඨො වියාකාසි යස්ස කම්මස්සිදං ඵලං.
Sinhala BJT1288. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දේවපුත්‍ර තෙමේ තුටුසිත් ඇත්තේ මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි විචාරන ලදුයේ (මෙසේ) පැවසී ය.
Pali BJT1289. දුන්නීක්ඛිත්තං මාලං සුනික්ඛිපිත්වා පතිට්ඨපෙත්වා සුගතස්ස ථූපෙ මහිද්ධිකො චම්හි මහානුභාවො දිබ්බෙහි කාමෙහි සමඞ්ගිභූතො.
Sinhala BJT1289. (වහන්ස) මම කසුප් බුදුන්ගේ ධාතුචෛත්‍යයෙහි මැනැවින් නොතබන ලද මල් සකසා දැකුම්කලු කොට තබා බුදුගුණ සිත්හි පිහිටුවීමෙන් මහත් ඍද්ධි ඇත්තෙම් මහත් ආනුභාව ඇත්තෙම් දිව්‍යමය වූ කාමගුණයෙන් යුක්ත වූයෙම් වෙමි.
Pali BJT1290. තෙන මෙ තාදිසො වණ්ණො තෙන මෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT1290. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙහි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙහි. මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
Pali BJT1291. අක්ඛාමි තෙ භික්ඛු මහානුභාව මනුස්සභූතො යමහං අකාසිං තෙනම්හි එවං ජලිතානුභාවො වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT1291. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මම මනුෂ්‍ය වූයෙම් යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. ඒ පිනෙන් මෙබඳු දිලියෙන පුණ්‍යර්ධි ඇත්තෙම් වෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
Pali BJTසුනික්ඛිත්තවිමානං.
Sinhala BJTසුනික්ඛිත්ත විමාන යි.
Pali BJTසුනික්ඛිත්තවග්ගො සත්තමො.
Sinhala BJTසතරවෙනි බණවර යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTද්වෙ දළිද්දා ද්වෙ විහාරා{1} භතකො ගොපාලකන්ථකා{2} අනෙකවණ්ණා මට්ටකුණ්ඩලී සෙරිස්සකො සුනික්ඛිත්තං පුරිසානං තතියො වග්ගොති.{3}
Sinhala BJTදළිද්ද (චිත්තලතා යැ නන්දන යැ යි) දෙක යැ, විහාර (මණිථූණ යැ සුවණ්ණ යැ යි) දෙක යැ භතක (අම්බවිමාන) ගොපල යැ කන්ථක යැ අනෙක වණ්ණ යැ මට්ටකුණ්ඩලී යැ සේරිස්සක යැ සුනික්ඛිත්ත යැ යි පුරුෂ විමාන පිළිබඳ තුන්වැනි වර්‍ග යි
Pali BJTභාණවාරං චතුත්ථං.
Sinhala BJTසතරවෙනි බණවර යි.
Pali BJTවිමානවත්ථු නිට්ඨිතං
Sinhala BJTවිමාන වස්තු නිමියේ යි.