Vimānavatthu

Stories of Heavenly Mansions

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1101-1200 න් 1239

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT1169. තදෙව කම්මං කුසලං කතං මයා සුඛඤ්ච කම්මං අනුභොමි අත්තනා තයා හි භන්තෙ අනුකම්පිතො භුසං කතඤ්ඤුතාය අභිවාදයාමි තං
Sinhala BJT1169. මා විසින් ඒ කුශලකර්‍මය ම කරන ලදි. වහන්ස, ඔබ විසින් බොහෝසේ අනුකම්පා කරනු ලැබූ මම ඒ කර්‍මයෙන් සැප ද විඳිමි. කළගුණ දන්නා බැවින් ඔබ වහන්සේ වඳිමි.
Pali BJT1170. සදෙවකෙ ලොකෙ සමාරකෙ ච අඤ්ඤො මුනී නත්ථි තයානුකම්පකො තයා හි භන්තෙ අනුකම්පිතො භුසං කතඤ්ඤුතාය අභිවාදයාමි තං
Sinhala BJT1170. දෙවියන් සහිත වූ මරුන් සහිත වූ ලෝකයෙහි ඔබ වහන්සේ හා සම වූ අනුකම්පා ඇති අන්‍ය වූ මුනිවරයෙක් නැත. වහන්ස, ඔබ වහන්සේ විසින් අතාශයින් අනුකම්පා කරනු ලැබූ (මම) කළගුණ දන්නා බැවින් ඔබ වඳිමි.
Pali BJT1171. ඉමස්මිං ලොකෙ පරස්මිං වා පන අඤ්ඤො මුනී නත්ථි තයානුකම්පකො තයා හි භන්තෙ අනුකම්පිතො භුසං කතඤ්ඤුතාය අභිවාදයාමි තන්ති.
Sinhala BJT1171. මෙලොව ද පරලොව ද ඔබ වහන්සේ හා සම වූ අනුකම්පා ඇති අන්‍ය වූ මුනිවරයෙක් නැත. වහන්ස, ඔබ වහන්සේ විසින් අතිශයින් අනුකම්පා කරනු ලැබූ මම කළගුණ දන්නා බැවින් ඔබ වඳිමි.
Pali BJTගොපාල විමානං.
Sinhala BJTගෝපාලවිමාන යි.
Pali BJT7. 7.
Sinhala BJT7. 7.
Pali BJT1172. පුණ්ණමාසෙ යථා චන්දො නක්ඛත්තපරිවාරිතො, සමන්තා අනුපරියාති තාරකාධිපතී සසී.
Sinhala BJT1172. තාරකාවන්ට අධිපති වූ සස ලකුණු ඇත්තා වූ තාරකාවන් විසින් පිරිවරන ලද පුරපසළොස්වක් හි චන්‍ද්‍රයා යම්සේ හාත්පස වටා ඇවිදී ද,
Pali BJT1173. තථූපමං ඉදං ව්යම්හං දිබ්බං දෙවපුරම්භි ච. අතිරොචති වණ්ණෙන උදයන්තොව රංසිමා.
Sinhala BJT1173. එබඳු වූ මේ දිව්‍යවිමානය ද උදාහිරුමෙන් දෙව්ලොවැ පැහැයෙන් අතිශයින් බබළයි.
Pali BJT1174. වෙළුරියසුවණ්ණස්ස ඵලිකා රූපියස්ස ච. මසාරගල්ලමුත්තාහි ලොහිතඞ්කමණීහි ච.
Sinhala BJT1174-1175. වෙරළුමිණියෙන් හා රනින් ද පළිඟුයෙන් හා රිදීයෙන් ද මැසිරිගලින් හා මුතුයෙන් ද රතුමිණියෙන් ද විසිතුරු වූ සිත්කලු භූමිය වෙයි. වෙරළුමිණියෙන් අතුරන ලද වෙයි. සිත්කලු වූ යහපත් වූ කුළු ගෙවල් ද වෙයි. මෙසෙයින් තාගේ පහය මැනවින් මැවුණේ වේ.
Pali BJT1175. චිත්රා මනොරමා භූමි වෙළුරියස්ස සන්ථතා, කූටාගාරා සුභා රම්මා පාසාදො තෙ සුමාපිතො.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT1176. රම්මා ච තෙ පොක්ඛරණී පුථුලොමනිසෙවිතා, අච්ඡොදිකා විප්පසන්නා සොණ්ණවාලුකසන්ථතා.
Sinhala BJT1176-77. දිවමසුන් විසින් සෙවුනා ලද නිර්‍මල ජලය ඇති වෙසෙසින් පහන් වූ රුවන්වැලි ඇතුරූ නොයෙක් පියුමෙන් ගැවැසීගත් හෙළ පියුමෙන් හාත්පස පැතුරුණු පවනින් කම්පිත වූ මනරම් වූ තාගේ පොකුණු මනා සුවඳ වහනය කෙරේ.
Pali BJT1177. නානාපදුම සඤ්ඡන්නා පුණ්ඩරීකසමොතතා{1} සුරභිං සම්පවායන්ති මනුඤ්ඤා මාළුතෙරිතා.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT1178. තස්සා තෙ උභතො පස්සෙ වනගුම්බා සුමාපිතා, උපෙතා පුප්ඵරුක්ඛෙහි ඵලරුක්ඛෙහි චූභයං.
Sinhala BJT1178. තාගේ ඒ පොකුණු දෙපස මල්රුකින් හා පලරුකින් යුක්ත වූ වනලැහැබ්හු මවනලදහ.
Pali BJT1179. සොවණ්ණපාදෙ පල්ලඞ්කෙ මුදුකෙ චොලසන්ථතෙ,{2} නිසින්නං දෙවරාජංව උපතිට්ඨන්ති අච්ඡරා.
Sinhala BJT1179. රන්වන් පා ඇති දිවසළු අතුළ මොළොක් වූ පලඟෙහි සක්දෙව් රජු මෙන් හුන්නා වූ තා වෙත දිව්‍යාප්සරාවෝ එළඹ සිටිත්.
Pali BJT1180. සබ්බාභරණසඤ්ඡන්නා නානාමාලා විභූසිතා, රමන්ති තං මහිද්ධිකං වසවත්තීව මොදසි.
Sinhala BJT1180. සියලු අබරණින් වැසුණු නන්වන් මලින් සැරැහුණු ඒ දිව්‍යාප්සරාවෝ මහත් ඍද්ධි ඇති තා සතුටු කරවත්. (ඒ තෝ) වසවත් දෙව්රජහු මෙන් සතුටු වෙහි.
Pali BJT1181. භෙරිසඞ්ඛමුදිඞ්ගාහි වීණාහි පණවෙහි ච, රමසි රතිසම්පන්නො නච්චගීතෙ සුවාදිතෙ.
Sinhala BJT1181. දේවරතියෙන් යුක්ත වූ (තෝ) බෙර සක් මිහිඟුයෙන් ද වීණායෙන් හා පණාබෙරින් ද නැටුම් ගැයුම් මැනවින් පවත්නා කල්හි සිත් අලවා වෙසෙහි.
Pali BJT1182. දිබ්බා තෙ විවිධා රූපා දිබ්බා සද්දා අථො රසා, ගන්ධා ච තෙ අධිප්පෙතා ඵොට්ඨබ්බා ච මනොරමා.
Sinhala BJT1182. තා විසින් කැමතිවන ලද මනරම් වූ නන්වැදෑරුම් වූ දිව්‍යමය රූපයෝ ද දිව්‍යමය ශබ්දයෝ ද නැවැත දිව්‍යමය රසයෝ ද දිව්‍යමය සුගන්‍ධයෝ ද දිව්‍යමය ස්ප්‍රෂ්ටව්‍යයෝ ද තට ඇත්තාහ.
Pali BJT1183. තස්මිං විමානෙ පවරෙ දෙවපුත්ත මහප්පභො, අතිරොචසි වණ්ණෙන උදයන්තොව භානුමා.
Sinhala BJT1183. (එම්බා) දේව පුත්‍රය, (තෝ) ඒ උතුම් දෙව්විමනෙහි උදාහිරු මෙන් මහත් ප්‍රභා ඇති වැ පැහැයෙන් අතිශයින් බබළන්නෙහි.
Pali BJT1184. දානස්ස තෙ ඉදං ඵලං අථො සීලස්ස වා පන, අථො අඤ්ජලිකම්මස්ස තං මෙ අක්ඛාහි පුච්ඡිතොති.
Sinhala BJT1184. (එම්බා දේවපුත්‍රය,) තාගේ මේ පුණ්‍යඵලය දානයක්හුගේ ද? නැතහොත් සීලයක්හුගේ ද නැතහොත් අඤ්ජලිකර්‍මයක්හුගේ දැ යි මා විසින් විචාරන ලදුයෙහි එය මට කියව.
Pali BJT1185. සො දෙවපුත්තො අත්තමනො මොග්ගල්ලානෙන පුච්ඡිතො, පඤ්හං පුට්ඨො වියාකාසි යස්ස කම්මස්සිදං ඵලං.
Sinhala BJT1185. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දිව්‍යපුත්‍ර තෙමේ තුටු සිත් ඇත්තේ මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි (මෙසේ) පැවැසී ය.
Pali BJT1186. අහං කපිලවත්ථුස්මිං සාකියානං පුරුත්තමෙ, සුද්ධොදනස්ස පුත්තස්ස කන්ථකො සහජො අහං.
Sinhala BJT1186. (වහන්ස) මම (පෙරැ) ශාක්‍යයන්ගේ උතුම් වූ පුරය වූ කපිල වස්තුයෙහි සුද්ධෝදන රජුගේ පුත්‍රයාගේ සහජ වූ කන්‍ථක අශ්වයා වීමි.
Pali BJT1187. යදා සො අඩ්ඪරත්තායං බොධාය මභිනික්ඛමි, සො මං මුදූහි පාණීහි ජාලතම්බනඛෙහි{1} ච.
Sinhala BJT1187-88. යම් කලෙක ඒ සිද්ධාර්‍ත්‍ථකුමාර තෙමේ බුදුබව ලැබීම පිණිස මැදියම නික්මුණේ ද එකල්හි හෙතෙමේ ජාලහත්‍ථ ලකුණෙන් යුත් තඹවන් නිය ඇති මොළොක් අත් කලවෙහි සන් කොට යහළුව මම උතුම් බුදුබවට පැමිණියෙම් ලෝකයා (සසරින්) එතෙර කරන්නෙමි. එහෙයින් මා උසුලාගෙන යව යි කී ය.
Pali BJT1188. සත්ථිං ආකොටයිත්වාන වහ සම්මාති ච බ්රවී, අහං ලොකං තාරයිස්සං පත්තො සම්බොධිමුත්තමං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT1189. තං මෙ ගිරං සුණන්තස්ස හාසො මෙ විපුලො අහු, උදග්ගචිත්තො සුමනො අභිසිංසිං{2} තදා අහං.
Sinhala BJT1189. මා ඒ වචනය අසත් ම මට මහත් වූ සතුටෙක් විය. එකල්හි ඔදවැඩිසිත් ඇත්තා වූ එසේ ම සතුටුසිත් ඇත්තා වූ මම එය ආදරයෙන් පිළිගතිමි.
Pali BJT1190. අභිරූළ්හඤ්ච මං ඤත්වා සක්යපුත්තං මහායසං, උදග්ගචිත්තො මුදිතො වහිස්සං පුරිසුත්තමං
Sinhala BJT1190. මහායසස් ඇති ශාක්‍යපුත්‍ර වූ ඒ සිද්ධාර්‍ත්‍ථ කුමාරයන් මා පිට නැඟී හුන්නාහු දැන ඔදවැඩි සිතැති වැ සොම්නස් වැ ඒ පුරුෂෝත්තමයා උසුලාගෙන ගියෙමි.
Pali BJT1191. පරෙසං විජිතං ගන්ත්වා උග්ගතස්මිං දිවාකරෙ, මමං ඡන්නඤ්ච ඔහාය අනපෙක්ඛො සො අපක්කමි.
Sinhala BJT1191. ඒ සිද්ධාර්‍ත්‍ථ කුමාර තෙමේ අන්‍ය රජුන්ගේ දේශයකට ගොස් හිරු උදා වූ කල්හි මා ද ඡන්න (අසරුවා) ද හැර බලාපොරොත්තු රහිත ව බැහැර ගියේ ය.
Pali BJT1192. තස්ස තම්බනඛෙ පාදෙ ජිව්හාය පරිලෙහිසං, ගච්ඡන්තඤ්ච මහාවීරං රුදමානො උදික්ඛිසං.
Sinhala BJT1192. (මම) ඒ සිද්ධාර්‍ත්‍ථ කුමාරයන්ගේ තඹවන් නිය ඇති පායුවල දිවින් ලෙවීමි. යන්නා වූ ඒ මහාවීරයන් දෙස හඬමින් බලා සිටියෙමි.
Pali BJT1193. අදස්සනෙනහං තස්ස සක්යපුත්තස්ස සිරීමතො, අලත්ථං ගරුකාබාධං ඛිප්පං මෙ මරණං අහු.
Sinhala BJT1193. ශ්‍රීමත් වූ ඒ ශාක්‍යපුත්‍රයන්ගේ නො දැක්මෙන් (මම) මරණාන්තික රෝගයකට පැමිණියෙමි. එයින් වහා මාගේ මරණය වීය.
Pali BJT1194. තස්සෙව අනුභාවෙන විමානං ආවසාමිදං, සබ්බකාමගුණොපෙතං දිබ්බං දෙවපුරම්භි ච
Sinhala BJT1194. ඒ පුණ්‍යකර්‍මයාගේ අනුභාවයෙන් (මම) තව්තිසා භවනයෙහි සියලු කම් සැපතින් යුක්ත වූ මේ විමානයෙහි වසමි.
Pali BJT1195. යඤ්ච මෙ අහුවා හාසො සද්දං සුත්වාන බොධියා, තෙනෙව කුසලමූලෙන ඵුසිස්සං ආසවක්ඛයං.
Sinhala BJT1195. බුදුවීම පිළිබඳ යම් ශබ්දයක් අසා මට හර්‍ෂයෙක් වී ද, ඒ කුසලමූලයෙන් ම නිවනට ද පැමිණෙන්නෙමි.
Pali BJT1196. සචෙ හි භන්තෙ ගච්ඡෙය්යාසි සත්ථු බුද්ධස්ස සන්තිකෙ, මමා පි නං වචනෙන සිරසා වජ්ජාසි වන්දනං.
Sinhala BJT1196. වහන්ස, ඉදින් ශාස්තෘ වූ බුදුන් වෙත යන්නහු නම් උන්වහන්සේට මාගේ වචනයෙන් ද මස්තකයෙන් මාගේ වැඳීම සැලකරනු මැනැවි.
Pali BJT1197. අහම්පි දට්ඨුං ගච්ඡිස්සං ජිනං අප්පටිපුග්ගලං, දුල්ලභං දස්සනං හොති ලොකනාථාන තාදිනන්ති.
Sinhala BJT1197. සමාන පුද්ගලයෙක් නැත්තා වූ පස්මරුන් දිනූ බුදුරජාණන් වහන්සේ දැකීමට මම ද යන්නෙමි. තාදී ගුණ ඇති ලොවට පිහිට වූ බුදුවරුන්ගේ දැකීම දුර්‍ලභ වෙයි.
Pali BJT1198. සො කතඤ්ඤූ කතවෙදී සත්ථාරං උපසඞ්කමි, සුත්වා ගිරං චක්ඛුමතො ධම්මචක්ඛුං විසොධයි.
Sinhala BJT1198. කළ ගුණ දන්නා වූ ඒ දිව්‍යපුත්‍ර තෙමේ බුදුන් වෙත එළඹියේ ය. හෙ තෙමේ පැනැස් ඇති බුදුන්ගේ ධර්‍මය අසා දහම් ඇස (සෝවාන් මග) පිරිසිදු කෙළේ ය.
Pali BJT1199. විසොධෙත්වා දිට්ඨිගතං විචිකිච්ඡං වතානි ච වන්දිත්වා සත්ථුනො පාදෙ තත්ථෙවන්තරධායථාති.
Sinhala BJT1199. ඒ දිව්‍යපුත්‍ර තෙමේ බුදුන් සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාසයන් (ත්‍රිවිධ සංයෝජනයන්) නසා බුදුරදුන්ගේ සිරිපා වැඳ එහි ම අතුරුදහන් වී ය.
Pali BJTකන්ථක විමානං.
Sinhala BJTකන්‍ථක විමාන යි.
Pali BJT7. 8.
Sinhala BJT7. 8.
Pali BJT1200. අනෙකවණ්ණං දරසොකනාසනං විමානමාරුය්හ අනෙකචිත්තං පරිවාරිතො අච්ඡරාසංගණෙන සුනිම්මිතො භූතපතීව මොදසි.
Sinhala BJT1200. නොයෙක් පැහැ ඇති පරිදාහයන් හා ශෝක නසන්නා වූ නොයෙක් ලෙසින් විසිතුරු වූ විමානයට නැඟී දිව්‍යප්සරා සමූහයා විසින් පිරිවරන ලදුයේ සුනිර්මිත දිව්‍යරාජයා මෙන් සතුටු වෙහි.
Pali BJT1201. සමස්සමො නත්ථි කුතොපනුත්තරො, යසෙන පුඤ්ඤෙන ච ඉද්ධියා ච.
Sinhala BJT1201. යසසින් පිනෙන් හා ඉදුහයෙන් ඔබ හා සමාන වූවෙක් නැත. ඔබට ශ්‍රේෂ්ඨ වූයෙක් කොයින් ද?
Pali BJT1202. සබ්බෙ ච දෙවා තිදසගණා සමෙච්ච තං තං නමස්සන්ති සසිංව දෙවා ඉමා ච තෙ අච්ඡරායො සමන්තතො නච්චන්ති ගායන්ති පමොදයන්ති.
Sinhala BJT1202. සියලු තිදස් වැසි දේවසමූහයෝ එක් ව දෙවි මිනිසුන් චන්‍ද්‍රයාට මෙන් ඒ ඔබට වඳිත්. තාගේ මේ දිව්‍යප්සරාවෝ ද හාත්පසින් නටති, ගයති, ප්‍රමුදිත වෙත්.
Pali BJT1203. දෙවිද්ධිපත්තොසි මහානුභාවො මනුස්සභූතො කිමකාසි පුඤ්ඤං කෙනාසි එවං ජලිතානුභාවො වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT1203. (තෝ) දේවර්ධියට පැමිණියෙහි. මහත් අනුභාව ඇත්තෙහි. මනුෂ්‍ය වූයෙහි කිනම් පිනක් කෙළෙහි ද? තාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි, කිනම් පිනෙකින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තෙහි ද?
Pali BJT1204. සො දෙවපුත්තො අත්තමනො මොග්ගල්ලානෙන පුච්ඡිතො, පඤ්හං පුට්ඨො වියාකාසි යස්ස කම්මස්සිදං ඵලං.
Sinhala BJT1204. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දේවපුත්‍ර තෙමේ තුටු සිත් ඇත්තේ මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි (මෙසේ) පැවසී ය.
Pali BJT1205. අහං භදන්තෙ අහුවාසිං{1} පුබ්බෙ සුමෙධනාමස්ස ජිනස්ස සාවකො පුථුජ්ජනො අනවබොධොහමස්මිං{2} සො සත්තවස්සානි පරිබ්බජිස්සහං.{3}
Sinhala BJT1205. වහන්ස, මම පෙරැ සුමේධ නම් වූ ශාස්තෘන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වූයෙමි. මම අධිගම රහිත වූ පෘථජ්ජනයෙක් වූයෙමි. ඒ මම සත් වසක් පැවිදි ගුණ මාත්‍රයෙන් හැසුරුණෙමි.
Pali BJT1206. ස්වාහං සුමෙධස්ස ජිනස්ස සත්ථුනො පරිනිබ්බුතස්සොඝතිණ්ණස්ස තාදිනො රතනුච්චයං හෙමජාලෙන ඡන්නං වන්දිත්වා ථූපස්මිං මනං පසාදයිං.
Sinhala BJT1206. ඒ මම පිරිනිවියා වූ චතුරෝඝය තරණය කළා වු තාදී ගුණ ඇති පස්මරුන් දිනූ සුමේධ නම් ශාස්තෲන් වහන්සේගේ හාත්පසින් කසුන් දැලින් වැසි රුවනින් කළ ධාතුචෛත්‍යයට වැඳ එහි සිත පැහැදවීමි.
Pali BJT1207. න මාසි දානං න ච මත්ථි දාතුං පරෙ ච ඛො තත්ථ සමාදපෙසිං පූජෙථ නං පූජනීයස්ස ධාතුං එවං කිර සග්ගමිතො ගමිස්සථ.
Sinhala BJT1207. මා විසින් දෙනලද දානයෙක් නම් නො වී ය. දෙන්නට මට දෙය්‍යවස්තුවෙකුදු නැත. පිදියයුත්තහුගේ ධාතූන් පුදවු. මෙසේ මෙලොවින් ච්‍යුත ව ස්වර්‍ගයට යන්නහු යයි එහි අනුන් සමාදන් කරවූයෙමි.
Pali BJT1208. තදෙව කම්මං කුසලං කතං මයා සුඛඤ්ච දිබ්බං අනුභොමි අත්තනා මොදාමහං තිදසගණස්ස මජ්ඣෙ න තස්ස පුඤ්ඤස්ස ඛයම්පි අජ්ඣගන්ති.{1}
Sinhala BJT1208. මා විසින් ඒ කුසල කර්‍මය කරන ලදී. (එහි විපාක විසින්) මම දිව සැපත් අනුභව කරමි. තිදස් වැසි දේවගණයා මැද මම සතුටු වෙමි. ඒ පුණ්‍යයාගේ ක්‍ෂයට ද නො පැමිණියෙමි.
Pali BJTඅනෙක වණ්ණ විමානං.
Sinhala BJTඅනේකවණ්ණ විමාන යි.
Pali BJT7. 9.
Sinhala BJT7. 9.
Pali BJT1209. අලඞ්කතො මට්ටකුණ්ඩලී මාලාධාරී හරිචන්දනුස්සදො බාහාපග්ගය්හ කන්දසි වනමජ්ඣෙ කිං දුක්ඛිතො තුවන්ති.
Sinhala BJT1209. අලඞ්කෘත වූයෙහි මටකොඬොල් ඇතියෙහි මල්බර ඇතියෙහි රන්වන් සඳුන් ඇතියෙහි වනමැද දෙ අත් බැඳගෙන හඬනෙහි. තෝ කුමක් හෙයින් දුකට පැමිණියෙහි ද?
Pali BJT1210. සොවණ්ණමයො පභස්සරො උප්පන්නො රථපඤ්ජරො මම තස්ස චක්කයුගං න වින්දාමි තෙන දුක්ඛෙන ජහිස්සං{2}ජීවිතන්ති.
Sinhala BJT1210. රන්මුවා වූ පැහැ විහිදෙන රිය මැදිරියෙක් මට උපන. එයට සක් යුවළක් නො ලබමි. ඒ දුකින් දිවි හරින්නෙමි.
Pali BJT1211. සොවණ්ණමයං මණිමයං ලොහිතඞ්කමයං{3} අථ රූපියාමයං ආචික්ඛ මෙ භද්ද මාණව චක්කයුගං පටිලාභයාමි{4} තෙති.
Sinhala BJT1211. සොඳුරු මාණවකය, මට කියව. රන්මුවා වූ හෝ මිණිමුවා වූ හෝ රන්මිණිමුවා වූ වැළි රිදීමුවා වූ හෝ සක් යුවළක් තට ලබාදෙමි.
Pali BJT1212. සො මාණවො තස්ස පාවදි චන්දසුරියා උභයෙත්ථ දිස්සරෙ සොවණ්ණමයො රථො මම තෙන චක්කයුගෙන සොභතීති.
Sinhala BJT1212. ඒ මාණවක තෙමේ ඔහුට මෙසේ කී ය. මෙහි සඳ හිරු දෙදෙන පැනෙත්, මාගේ රන්මුවා රිය ඒ සක් යුවළින් හොබී.
Pali BJT1213. බාලො ඛො ත්වමසි මාණව යො ත්වං පත්ථයසෙ අපත්ථියං මඤ්ඤාමි තුවං මරිස්සසි නහි ත්වං ලච්ඡසි චන්දසුරියෙති.
Sinhala BJT1213. මාණවකය, යම්බඳු වූ තෝ නො පැතියයුත්තක් පතනෙහි ද? ඒ තෝ බාලයෙක් ම වෙහි. තෝ මැරෙන්නෙහි යයි හඟිමි. තෝ සඳ හිරු දෙදෙනා නො මැ ලබන්නෙහි ය.
Pali BJT1214. ගමනාගමනම්පි දිස්සති වණ්ණධාතු උභයත්ථ වීථියා පෙතො පන කාලකතො න දිස්සති කොනිධ කන්දතං බාල්යතරොති.
Sinhala BJT1214. මේ අහසෙහි යාම් ඊම් පෙනෙයි. පැහැ සටහන් ද පෙනෙයි. උභය වීථිහු ද පෙනෙත්. කලුරිය කළ පරලොව ගිය පුද්ගලයා නො පෙනෙයි. මෙහි වලප්නවුන් අතුරෙන් කවරෙක් නම් ඉතා අඥාන වෙයි ද?
Pali BJT1215. සච්චං ඛො වදෙසි මාණව අහමෙව කන්දතං බාල්යතරො චන්දං විය දාරකො රුදං පෙතං කාලකතාභිපත්ථයන්ති.
Sinhala BJT1215. මාණවකය, සැබවක් ම කියහි. සඳ ඉල්ලා හඬන දරුවකු මෙන් කලුරිය කළ පරලොව ගිය තැනැත්තහු පතන මම් ම වලප්නවුන් අතුරෙන් ඉතා අඥාන වෙමි.
Pali BJT1216. ආදිත්තං වත මං සන්තං ඝතසිත්තංව පාවකං, වාරිනා විය ඔසිඤ්චං සබ්බං නිබ්බාපයෙ දරං.
Sinhala BJT1216. ගිතෙල් ඉසින ලද ගින්නක් මෙන් ඇවිලගත්තකු වූ ම මා දියෙන් ඉසින්නක්හු මෙන් හැම කාය චිත්ත දරථ එකැතින් නිවුයෙහි ය.
Pali BJT1217. අබ්බහී{1} වත මෙ සල්ලං සොකං හදයනිස්සිතං, යො මෙ සොකපරෙතස්ස පුත්තසොකං අපානුදි.
Sinhala BJT1217. යමෙක් සොවින් මඬනා ලද මාගේ පුත්‍රශෝකය දුරු කෙළේ ද හෙතෙම මාගේ හෘදය ඇසුරු කළ ශෝක නැමැති හුල උපුළේ ය.
Pali BJT1218. ස්වාහං අබ්බූළ්හ සල්ලොස්මි සීතිභූතොස්මි නිබ්බුතො, න සොචාමි න රොදාමි තව සුත්වාන මාණවාති.
Sinhala BJT1218. මාණවකය, ඒ මම තාගේ අනුසසුන් අසා ඉදුරූ හුල් ඇතියෙම් වෙමි, සිහිල් වූයෙම් වෙමි, නිවියෙම් වෙමි, ශෝක නො කරමි, නො හඬමි.
Pali BJT1219. දෙවතානුසි ගන්ධබ්බො ආදු සක්කො පුරින්දදො, කො වා ත්වං කස්ස වා පුත්තො කථං ජානෙමු තං මයන්ති.
Sinhala BJT1219. දෙවියෙක් හෝ වෙහි ද? ගඳඹෙක් හෝ වෙහි ද? නොහොත් පුරින්‍දද නම් වූ සක්දෙව්රද වෙහි ද තෝ කවරෙක් හෝ වෙහි ද කවරකුගේ පුතෙක් හෝ වෙහි ද? අපි එ කරුණ කෙසේ දනුමෝ ද?
Pali BJT1220. යඤ්ච කන්දසි යඤ්ච රොදසි පුත්තං ආළාහනෙ සයං දහිත්වා ස්වාහං කුසලං කරිත්වා කම්මං තිදසානං සහව්යතං පත්තොති.{2}
Sinhala BJT1220. තෙමේ පුතා සොහොනෙහි දවා යමකු සඳහා හඬනෙහි ද? යමකු සඳහා වලප්නෙහි ද? (තා පුත්) ඒ මම කුසල් කම් කොට දෙවියන්ගේ සහභාවයට පැමිණියෙමි.
Pali BJT1221. අප්පං වා බහුං වා නාද්දසාම දානං දදන්තස්ස සකෙ අගාරෙ උපොසථකම්මං වා තාදිසං කෙන කම්මෙන ගතොසි දෙවලොකන්ති.
Sinhala BJT1221. සියගෙයි දී ස්වල්ප වූ හෝ බොහෝ වූ හෝ දනක් දෙනු නො දුටුම්හ. එබඳු පෙහෙවස් විසීමක් හෝ අන් පින් කමක් හෝ නො දුටුම්හ. කිනම් කර්‍මයෙකින් දෙව්ලොවට ගියෙහි ද?
Pali BJT1222. ආබාධිකොහං දුක්ඛිතො ගිලානො ආතුරරූපොම්හි සකෙ නිවෙසනෙ බුද්ධං විගතරජං විතිණ්ණකඞ්ඛං අද්දක්ඛිං සුගතං අනොමපඤ්ඤං.
Sinhala BJT1222. මම සිය නිවෙස්හි උපන්රෝග ඇතියෙම් දුකට පැමිණියෙම් දැඩිගිලන්බැව් ඇතියෙම් ආතුරස්වභාව ඇතියෙම් වෙමි. (එකල්හි) සිවුසස් දැනගත් පහවූ කෙලෙස් ඇති දුරු කළ සැක ඇති. අලාමක නුවණ ඇති සුගතයන් වහන්සේ දුටුවෙමි.
Pali BJT1223. ස්වාහං මුදිතමනො පසන්නචිත්තො අඤ්ජලිං අකරිං තථාගතස්ස තාහං කුසලං කරිත්වාන කම්මං තිදසානං සහව්යතං පත්තොති.
Sinhala BJT1223. ඒ මම සතුටු සිත් ඇතියෙම් පහන් සිත් ඇතියෙම් තථාගතයන්ට ඇඳිලි කෙළෙමි. මම එ කුශලකර්‍මය කොට දෙවියන්ගේ සහබවට පැමිණියෙමි.
Pali BJT1224. අච්ඡරියං වත අබ්භුතං අඤ්ජලිකම්මස්ස අයමීදිසො විපාකො අහම්පි මුදිතමනො පසන්නචිත්තො අජ්ජෙව බුද්ධං සරණං වජාමීති.
Sinhala BJT1224. අඤ්ජලිකර්‍මයාගේ මෙබඳු මේ විපාකය ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි. ඒකාන්තයෙන් විස්මයෙකි. මමත් සතුටුසිත් ඇතියෙම් පහන්සිත් ඇතියෙම් අද ම බුදුන් සරණ යෙමි.
Pali BJT1225. අජ්ජෙව බුද්ධං සරණං වජාහි ධම්මඤ්ච සඞ්ඝඤ්ච පසන්නචිත්තො තථෙව සික්ඛාය පදානි පඤ්ච අඛණ්ඩඵුල්ලානි සමාදියස්සු.
Sinhala BJT1225. අද ම පහන් සිත් ඇතියෙහි බුදුන් ද ධර්‍මය ද සඞ්ඝයා ද සරණ කොට යව. එසේ ම සිකපද පස ද නො කඩ කොට නො පලුදු කොට සමාදන් වෙව.
Pali BJT1226. පාණාතිපාතා විරමස්සු ඛිප්පං ලොකෙ අදින්නං පරිවජ්ජයස්සු අමජ්ජපො මා ච මුසා භණාහි සකෙන දාරෙන ච හොහි තුට්ඨොති.
Sinhala BJT1226. පණිවායෙන් වහා වෙන් වෙව. ලොවැ (හිමියන්) නුදුන් දෙය දුරු කරව. රහමෙර නො බොන්නෙක් වෙව. බොරු නො කියව. සිය අඹු සමග තුටු වෙව.
Pali BJT1227. අත්ථකාමොසි මෙ යක්ඛ හිතකාමොසි දෙවතෙ, කරොමි තුය්හං වචනං ත්වංසි ආචරියො මමාති.
Sinhala BJT1227. යක්‍ෂය, තෝ මට වැඩ කැමැති වෙහි. දෙවිය, සුව කැමති වෙහි. තෝ මට ඇදුරු වෙහි. මම තාගේ වචනය කරමි.
Pali BJT1228. උපෙමි සරණං බුද්ධං ධම්මඤ්චාපි අනුත්තරං, සඞ්ඝඤ්ච නරදෙවස්ස ගච්ඡාමි සරණං අහං.
Sinhala BJT1228. මම අනුත්තර වූ බුදුන් සරණ කොට යෙමි. නරදෙවිහුගේ දහම් ද සඟුන් ද සරණ කොට යෙමි.
Pali BJT1229. පාණාතිපාතා විරමාමි ඛිප්පං ලොකෙ අදින්නං පරිවජ්ජයාමි අමජ්ජපො නො ච මුසා භණාමි සකෙන දාරෙන ච හොමි තුට්ඨොති.
Sinhala BJT1229. පණිවායෙන් වහා වෙන් වෙමි. ලොවැ නුදුන් දෙය දුරු කරමි. රහමෙර නො බොනුයෙම් වෙමි. බොරු ද නො කියමි. සිය අඹුව සමග තුටු වෙමි.
Pali BJTමට්ටකුණ්ඩලී විමානං.
Sinhala BJTමට්ටකුණ්ඩලී විමාන යි.
Pali BJT7. 10.
Sinhala BJT7. 10.
Pali BJT1230. සුණොථ යක්ඛස්ස ච වාණිජාන ච සමාගමො යත්ථ තදා අහොසි යථා කථං ඉතරීතරෙන චාපි සුභාසිතං තඤ්ච සුණාථ සබ්බෙ.
Sinhala BJT1230. (සේරිස්සක නම්) දේවපුත්‍රයාගේ ද වෙළඳුන්ගේ ද ඒ ගමන කාලයෙහි යම් වැලිකතරක දී එක්වීමෙක් වී ද, එය අසවු. එකල්හි ඔවුනොවුන් විසින් කරන ලද සුභාෂිත වචනය යම් සේ වේ ද, තොප හැම දෙන එය ද අසවු.
Pali BJT1231. යො සො අහූ රාජා පායාසි නාමො{1} භුම්මානං සහව්යගතො යසස්සී සො මොදමානොව සකෙ විමානෙ අමානුසො මානුසෙ අජ්ඣභාසීති.
Sinhala BJT1231. (සේතව්‍ය නුවරැ) පායාසි නම් යම් ඒ රජෙක් වී ද, බූමාටු දෙවියන් ගේ සහභාවයට පැමිණි පිරිවර ඇති ඒ දෙව්පුත් තෙමේ සිය විමන්හි සතුටු වෙමින් මිනිසුන්ට (මෙසේ) කීයේ ය.
Pali BJT1232. වඞ්කෙ අරඤ්ඤෙ අමනුස්සට්ඨානෙ කන්තාරෙ අප්පොදකෙ අප්පභක්ඛෙ සුදුග්ගමෙ වණ්ණුපථස්ස මජ්ඣෙ වඞ්කං භයං නට්ඨමනා මනුස්සා.
Sinhala BJT1232. අමනුෂ්‍යයන්ට වාසස්ථාන වූ සැක සහිත වූ වනයෙහි නිරුදක වූ අහර නැති දුකසේ යායුතු වූ මේ වනාන්තරයෙහි වැලිකතර මැද සැකයෙන් බියට පත් ව මංමුළා වූ මිනිසුනි,
Pali BJT1233. නයිධ ඵලා මූනමයා ච සන්ති උපාදානං නත්ථි කුතො ඉධ භක්ඛො අඤ්ඤත්ර පංසූහි ච වාලුකාහි ච තත්තාහි{1} උණ්හාහි ච දාරුණාහි ච.
Sinhala BJT1233. මේ වැලිකතරෙහි ඵල ද අල ද නැත්තේය. ගිනි එළවන දර ද නැත. රළු වූ තැවුණා වූ උණුවැලි හා පස් හැර අහරෙක් නම් මෙහි කොයින් ලැබේ ද,
Pali BJT1234. උජ්ජඞ්ගලං තත්තමිවං කපාලං අනායසං පරලොකෙන තුල්යං ලුද්දානමාවාසමිදං පුරාණං භූමිප්පදෙසො අභිසත්තරූපො.
Sinhala BJT1234. රළු වූ තද පස් ඇති රත් කබලක් වැනි සැපතක් නැති නරකය බඳු වූ බොහෝ කල් පටන් පිශාව (ලුද්දක) යන්ට වාසස්ථාන වූ මේ ප්‍රදේශය ඍෂින් විසින් ශාපකරන ලද්දක් බඳු වූයේ ය.
Pali BJT1235. අථ තුම්හෙ කෙන{2} වණ්ණෙන කිමාසමානා ඉමං පදෙසං හි අනුප්පවිට්ඨා සහසා සමෙච්ච ලොභා භයා අථවා සම්පමූළ්හාති.
Sinhala BJT1235. තවද, තෙපි කුමක් නිසා කවරක් බලාපෙරොත්තුවෙන් නො විමසා එකතු ව මේ පෙදෙසට පිවිසියාහු ද? ලෝභයෙන් පැමිණියාහු ද? නොහොත් බියෙකින් පැමිණියාහු ද? නැතහොත් මං මුළාවූවාහු ද?
Pali BJT1236. මගධෙසු අඞ්ගෙසු ච සත්ථවාහා ආරොපයිත්වා{3} පණියං පුථුත්තං තෙ යාමසෙ සින්ධුසොවීරභූමිං ධනත්ථිකා උද්දයං පත්ථයානා.
Sinhala BJT1236. (එම්බා දේවපුත්‍රය) අඟු මගද දෙරට සාර්‍ත්‍ථවාහක වූ ඒ අපි ගැල්හි බොහෝ විකිණියයුතු බඩු පුරාගෙන ලාභාපේක්‍ෂා ඇති ව වැඩි ධනාශා ඇති ව සින්‍ධුසෝවීර දේශයට යම්හ.
Pali BJT1237. දිවා පිපාසං නධිවාසයන්තා යොග්ගානුකම්පඤ්ච සමෙක්ඛමානා එතෙන වෙගෙන ආයාම සබ්බෙ රත්තිං මග්ගං පටිපන්නා විකාලෙ.
Sinhala BJT1237. දවල් පවස නො ඉවසිය හැකි ව ගොනුන්ට හා මිනිසුන්ට ඵාසු බලන්නමෝ මේ වේගයෙන් පැමිණියම්හ. ඒ අපි සියලු දෙන රෑ නොකල්හි මාර්‍ගයට පිළිපන්නමෝ වෙමු.
Pali BJT1238. තෙ දුප්පයාතා අපරද්ධමග්ගා අන්ධාකුලා විප්පනට්ඨා අරඤ්ඤෙ සුදුග්ගමෙ වණ්ණුපථස්ස මජ්ඣෙ දිසං න ජානාම පමූළහචිත්තා.
Sinhala BJT1238. නො මග පැමිණියා වූ වැරැදැ ගිය මඟ ඇත්තා වූ අන්‍ධයන් මෙන් ආකුල වූ නැසුණා වූ වනයෙහි අතිශයින් මුළා වූ සිත් ඇති ඒ අපි මේ දුර්‍ගම වූ වැලිකතර මැද යායුතු දිශාව නො දනුම්හ.
Pali BJT1239. ඉදඤ්ච දිස්වාන අදිට්ඨපුබ්බං විමානසෙට්ඨඤ්ච තවඤ්ච යක්ඛ තතුත්තරිං ජීවිතමාසමානා දිස්වා පතීතා සුමනා උදග්ගාති.
Sinhala BJT1239. (එම්බා) දේවපුත්‍රය, පෙරැ නො දුටු විරූ මේ උතුම් විමන ද තා ද දැක මෙතැන් පටන් දිවි ලබම්හ යි සිතා ප්‍රීති වූවමෝ සොම්නස් සිතැත්තමෝ ඔද වැඩි සිතැත්තමෝ වෙමු.
Pali BJT1240. පාරං සමුද්දස්ස ඉදඤ්ච වණ්ණුං{1} වෙත්තාචරං{2} සඞ්කුපථඤ්ච මග්ගං නදියො පන පබ්බතානඤ්ච දුග්ගා පුථුද්දිසා ගච්ඡථ භොගහෙතු.
Sinhala BJT1240. (එම්බා පින්වත්නි,) මුහුදෙන් එතෙර ද මෙබඳු වැලිකතරෙහි ද වේවැල් බැඳ යායුතු මාර්‍ගවල ද කණු සිටුවා යායුතු මාර්‍ගවල ද නදී පර්‍වතාදී දුර්‍ගම ප්‍රදේශවල ද වස්තු හේතුවෙන් තෙපි නොයෙක් දිගට යන්නහු ය.
Pali BJT1241. පක්ඛන්දියාන විජිතං පරෙසං වෙරජ්ජකෙ මානුසෙ පෙක්ඛමානා යං වො සුතං වා අථවාපි දිට්ඨං අච්ඡෙරකං තං වො සුණොම තාතාති.
Sinhala BJT1241. අන් රජවරුන්ගේ විජිතයන්ට පැමිණ නොයෙක් රටවල මිනිසුන් දකිමින් තොප විසින් යමක් අසන ලද්දේ ද, තවද යමක් දක්නා ලද ද දරුවෙනි, ඒ ආශ්චර්‍ය්‍යය තොප වෙතික් අසම්හ.
Pali BJT1242. ඉතොපි අච්ඡෙරතරං කුමාර න නො සුතං වා අථවාපි දිට්ඨං අතීතමානුස්සකමෙව සබ්බං දිස්වා න තප්පාම අනොමවණ්ණං
Sinhala BJT1242. (එම්බා) දේවකුමාරය, මානුෂික වූ සියලු ඉසුරු සම්පත් ඉක්ම ගිය මේ සැපතට වඩා අතිශය ආශ්චර්‍ය්‍ය වූවක් අප විසින් දක්නා ලද හෝ අසන ලද හෝ නො වෙයි. තවද, ඒ අලාමක වර්‍ණය දැක තෘප්තියට නො පැමිණියම්හ.
Pali BJT1243. වෙහාසයං පොක්ඛරඤ්ඤො භවන්ති පහූතමාල්යා{3} බහු පුණ්ඩරීකා දුමා චිමෙ{4} නිච්චඵලූපපන්නා අතීව ගන්ධා සුරභිං පවායන්ති.
Sinhala BJT1243. බොහෝ වූ හෙළ පියුම් ඈ මලින් ගැවසීගත් පොකුණු අහසෙහි ගලාබසිත්. ඵලයෙන් ගැවසීගත් අතිශය සුවඳවත් වූ මේ වෘක්‍ෂයෝ ද සුවඳ වහනය කෙරෙත්.
Pali BJT1244. වෙළුරියත්ථම්භා සතමුස්සිතාසෙ සිලාපවාළස්ස ච ආයතංසා මසාරගල්ලා සහලොහිතඞ්කා ථම්හා චිමෙ{5} ජොතිරසාමයාසෙ.
Sinhala BJT1244. සියක් රියන් පමණ උස් වූ දීර්‍ඝායු ඇති වෙරළුමිණියෙන් පබළුයෙන් කළ ස්තම්භයෝ ද මැසිරිගලින් හා රතුමිණියෙන් කළ ස්තම්භයෝ ද යන මොහු ජ්‍යොතිෂ්මත් වූවාහු ය.
Pali BJT1245. සහස්සත්ථම්භං අතුලානුභාවං තෙසූපරි සාධුමිදං විමානං රතනන්තරං කඤ්චනවෙදිමිස්සං තපනීයපට්ටෙහි ච සාධු ඡන්නං.
Sinhala BJT1245. දහස් ගණන් ටැම් ඇති අතුල්‍ය වූ අනුභාව ඇති රනින් ගැවසුණු කසුන්මුවා වේදිකාවෙන් යුත් රන්පටින් මනාව වසන ලද තාගේ මේ සුන්‍දර විමානය ඒ ස්තම්භමස්තකයෙහි පිහිටියේ වෙයි.
Pali BJT1246. ජම්බොනදුත්තත්තමිදං සුමට්ඨො පාසාදසොපාන ඵලූපපන්නො දළ්හො ච වග්ගු සුමුඛො සුසංගතො{6} අතීව නිජ්ඣානඛමො මනුඤ්ඤො.
Sinhala BJT1246. මේ විමන අතිශයින් ඔප් නැගූ දඹරනින් බබළන්නේ ය. එහි සුමට වූ ප්‍රාසාද සෝපාන ඵලකයෙන් යුත් ස්ථිර වූ මනෝඥ වූ මනාව සංගත වූ ප්‍රසාද අවයව තෙමේ ඉතා දැකුම්කලු වූයේ මනරම් වේ.
Pali BJT1247. රතනන්තරස්මිං බහු අන්නපානං පරිවාරිතො අච්ඡරාසංගණෙන මුරජ්ජ{7} ආළම්බර තුරියඝුට්ඨො අභිවන්දිතොසි ථුතිවන්දනාය.
Sinhala BJT1247. මේ රුවන් විමන ඇතුළත බොහෝ ආහාරපාන ඇත්තේ ය. දිව්‍යාප්සරා සමූහයා විසින් පිරිවරන ලද්දෙහි. මිහිඟු බෙර පනාබෙර තූර්‍ය්‍යනාදයෙන් නිති පැවති ඝෝෂ ඇත්තෙහි. ස්තුතිගීතිකායෙන් අභිවාදන කරන ලදුයෙහි.
Pali BJT1248. සො මොදසි නාරිගණප්පබොධතො විමානපාසාදවරෙ මනොරමෙ අචින්තියො සබ්බගුණූපපන්නො රාජා යථා වෙස්සවණො නලින්යා
Sinhala BJT1248. ඒ වෙසවුණු රජ තෙමේ නලිනී නම් ක්‍රීඩාස්ථානයෙහි යම්සේ ද, එසේ ඒ තෝ ද නාරිගණයා විසින් ප්‍රබෝධිත වූයෙහි. නො සිතිය හැකි අනුභාව ඇතියෙහි, සියලු ගුණයෙන් යුක්ත වූයෙහි. මනරම් වූ ඒ උතුම් විමන් පහයෙහි සතුටු වෙහි.
Pali BJT1249. දෙවො නු ආසි උදවාසි යක්ඛො උදාහු දෙවින්දො මනුස්සභූතො පුච්ඡන්ති තං වාණිජා සත්ථවාහා ආචික්ඛ කො නාම තුවංසි යක්ඛාති.
Sinhala BJT1249. තෝ දෙවියෙක් වෙහි ද? නොහොත් යක්‍ෂයෙක් වෙහි ද? නොහොත් සක්දෙවිඳු වෙහි ද? මිනිස් දෑ ඇතියෙහි ද? (එම්බා) දේවපුත්‍රය, තෝ කිනම් වෙහි දැ යි මේ සාර්‍ත්‍ථවාහක වෙළෙන්දෝ විචාරති. කියනු මැනැවි.
Pali BJT1250. සෙරිස්සකො{1} නාම අහම්පි යක්ඛො කන්තාරියො වණ්ණුපථම්හි ගුත්තො ඉමං පදෙසං අභිපාලයාමි වාචඞ්කරො{2} වෙස්සවණස්ස රඤ්ඤොති.
Sinhala BJT1250. (එම්බා වෙළඳුනි,) කතරෙහි නියුක්ත වූ වැලි කතරෙහි ආරක්‍ෂක වූ මම සේරිස්සක නම් යක්‍ෂයා වෙමි. වෙසවුණු රජුගේ වචනය කරන්නෙම් මේ ප්‍රදේශය පාලනය කරමි.
Pali BJT1251. අධිච්ච ලද්ධං පරිණාමජං තෙ සයං කතං උදාහු දෙවෙහි දින්නං පුච්ඡන්ති තං වාණිජා සත්ථවාහා කථං තයා ලද්ධමිදං මනුඤ්ඤන්ති,
Sinhala BJT1251. (එම්බා දිව්‍යපුත්‍රය,) තාගේ සම්පත්තිය අහේතුක ව ලද ද? කාල පරිණාමයෙන් ලද ද? තමා විසින් ම නිපදවූවක් ද? නොහොත් දෙවියන් විසින් හෝ දෙන ලද්දක් ද, මනෝඥ වූ මේ සැපත තා විසින් කෙසේ ලද දැ යි සාර්‍ත්‍ථවාහක වෙළෙන්දෝ තා විචාරත්. එය කියනු මැනැවි.
Pali BJT1252. නාධිච්චලද්ධං න පරිණාමජං මෙ න සයං කතං න හි දෙවෙහි දින්නං සකෙහි කම්මෙහි අපාපකෙහි පුඤ්ඤෙහි මෙ ලද්ධමිදං මනුඤ්ඤන්ති.
Sinhala BJT1252. (වෙළඳුනි,) මාගේ මේ සැපත අහේතුක ව ලද්දක් නො වේ. කාල පරිණාමයෙන් ලද්දක් නො වේ. තමා විසින් නිපදවන ලද්දක් හෝ නො වෙයි. දෙවියන් විසින් දෙන ලද්දක් නො වේ මැ යි. අලාමක ස්වකීය පුණ්‍යකර්‍ම කරණ කොටගෙන මා විසින් මේ මනෝඥ සැපත ලබන ලදී.
Pali BJT1253. කිං තෙ වතං කිං පන බ්රහ්මචරියං කිස්ස සුචිණ්ණස්ස අයං විපාකො පුච්ඡන්ති තං වාණිජා සත්ථවාහා කථං තයා ලද්ධමිදං විමානන්ති.
Sinhala BJT1253. (එම්බා දේවපුත්‍රය,) (ඒ) තාගේ ව්‍රත සමාදානය කුමක් ද? (තාගේ) උතුම් හැසිරීම කුමක් ද? මේ විපාකය කවර නම් කුශල කර්‍මයක්හු ගේ ද? මේ විමන තා විසින් කෙසේ ලබන ලද දැ යි සාර්‍ත්‍ථවාහක වෙළෙන්දෝ ඔහු විචාරති.
Pali BJT1254. මම{3} පායාසීති අහූ සමඤ්ඤා රජ්ජං යදා කාරයිං කොසලානං නත්ථිකදිට්ඨි කදරියො පාපධම්මො උච්ඡෙදවාදී ච තදා අහොසිං.
Sinhala BJT1254. යම් කලෙක කොසොල් රට රජය කරවීම් ද, (ඒ) මට පායාසිරාජඤ්ඤ යි නමෙක් විය. එකල්හි මම නාස්තිකදෘෂ්ටි ඇති තද මසුරු වූ ලමු සැහැවි ඇති උච්ඡේදවාදි යෙම් වීමි.
Pali BJT1255. සමණො ච ඛො ආසි කුමාරකස්සපො බහුස්සුතො චිත්තකථී උළාරො සො මෙ තදා ධම්මකථං අකාසි{4} දිට්ඨීවිසූකානි විනොදයී මෙ.
Sinhala BJT1255. එකල්හි බහුශ්‍රුත වූ චිත්‍රකථික වූ උදාර වූ කුමාරකස්සප නම් ශ්‍රමණ කෙනෙක් වූහ. උන් වහන්සේ මට බණ වදාළ සේක. මාගේ දෘෂ්ටිහු ද දුරු කළ සේක.
Pali BJT1256. තාහං තස්ස ධම්මකථං සුණිත්වා උපාසකත්තං පටිවෙදයිස්සං පාණාතිපාතා විරතො අහොසිං ලොකෙ අදින්නං පරිවජ්ජයිස්සුං. අමජ්ජපො නො ච මුසා අභාණිං සකෙන දාරෙන ච අහොසිං{1} තුට්ඨො.
Sinhala BJT1256. මම උන්වහන්සේ ගේ ඒ ධර්‍මකථාව අසා උපාසකත්‍වය ගිවිස්සෙමි. පණිවායෙන් දුරු වූයෙම් වීමි. ලොවැ නුදුන් දෙය දුරු කෙළෙමි. රහමෙර නො බොනුයෙම් වීමි. බොරු නො ද කීමි. සිය අඹුව හා තුටු වීමි.
Pali BJT1257. තං මෙ වතං තං පන බ්රහ්මචරියං තස්ස සුචිණ්ණස්ස අයං විපාකො තෙහෙව කම්මෙහි අපාපකෙහි පුඤ්ඤෙහි මෙ ලද්ධමිදං විමානන්ති.
Sinhala BJT1257. ඒ මාගේ ව්‍රතසමාදානය යි. ඒ (මාගේ) උතුම් හැසිරීම යි. මේ ඒ කුශලකර්‍මයාගේ විපාක යි. ඒ අලාමක වූ කුශලකර්‍මයන් කරණකොට ගෙන මා විසින් මේ විමානය ලබන ලදී.
Pali BJT1258. සච්චං කිරාහංසු නරා සපඤ්ඤා අනඤ්ඤථා වචනං පණ්ඩිතානං යහිං යහිං ගච්ඡති පුඤ්ඤකම්මො තහිං තහිං මොදති කාමකාමී.
Sinhala BJT1258. කළ පින් ඇති පුද්ගලයා යම් යම් තැනක යේ නම් ඒ ඒ තන්හි කැමැති සම්පත් ඇති ව සතුටු වේ යයි. නුවණැති මනුෂ්‍යයෝ සැබවක් ම කීවාහු ය. පණ්ඩිතයන්ගේ වචනය වෙනස් නො වේ.
Pali BJT1259. යහිං යහිං සොකපරිද්දවො ච වධො ච බන්ධො ච පරික්කිලෙසො තහිං තහිං ගච්ඡති පාපකම්මො න මුච්චති දුග්ගතියා කදාචීති.
Sinhala BJT1259. අකුසල් කළ පුද්ගල තෙමේ යම් යම් තැනෙක (ඉපදීම් වශයෙන්) යේ ද, (හෙ තෙමේ) ඒ ඒ තන්හි සෝ වැලැපුම් ඇතියේ වද විඳුම් ඇතියේ අවැඩ දැනවීම් ඇතියේ කිසිකලෙකත් දුගතියෙන් නො මිදෙයි.
Pali BJT1260. සම්මූළ්හරූපොව ජනො අහොසි අස්මිං මුහුත්තෙ කලලීකතොව ජනස්සිමස්ස තුය්හඤ්ච කුමාර අප්පච්චයො කෙන නු ඛො අහොසීති.
Sinhala BJT1260. දිව්‍යජන තෙමේ මේ මොහොතෙයි කැළඹුණකු මෙන් ද හැමතින් මුළා වූ සැහැවි ඇතියකු මෙන් ද විය. කුමාරය, මේ පිරිවර ජනයාගේ ද තාගේ ද මේ දොම්නස කුමක් නිසා වී ද?