Vimānavatthu

Stories of Heavenly Mansions

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1001-1100 න් 1239

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT1091. අහං මනුස්සෙසු මනුස්සභූතො අහොසිං යවපාලකො අද්දසං විරජං භික්ඛුං විප්පසන්නමනාවිලං
Sinhala BJT1091. (වහන්ස) මම මිනිසුන් අතුරෙහි මිනිසෙක් වූයෙම් යව පල්ලෙක් විමි. (එකල්හි) පහවූ රාගාදි රජස් ඇති වෙසෙසින් පහන් වූ කෙලෙස් කිලුටෙන් නො කැලඹුණු සිත් ඇති පැවිද්දකු දුටිමි.
Pali BJT1092. තස්ස අදාසහං භාගං පසන්නො සෙහි පාණිහි, කුම්මාසපිණ්ඩං දත්වාන මොදාමි නන්දනෙ වනෙ
Sinhala BJT1092. මම පහන් වූයෙම් කොමුපිඬු කොටසක් උන්වහන්සේට සියතින් පිදීමි. (ඒ කොමුපිඬු) පිදීමෙන් නදුන්වෙනෙහි සතුටු වෙමි.
Pali BJT1093. තෙන මෙ තාදිසො වණ්ණො තෙන මෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා
Sinhala BJT1093. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තෘහු මට පහළ වෙත්.
Pali BJT1094. අක්ඛාමි තෙ භික්ඛු මහානුභාව මනුස්සභූතො යමකාසි පුඤ්ඤං තෙනම්හි එවං ජලිතානුභාවො වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතීති
Sinhala BJT1094. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
Pali BJTයවපාලකවිමානං.
Sinhala BJTයවපාලකවිමාන යි
Pali BJT6. 8.
Sinhala BJT6. 8.
Pali BJT1095. අලඞ්කතො මල්යධරො සුවත්ථො සුකුණ්ඩලී කප්පිතකෙසමස්සු ආමුත්තහත්ථාභරණො යසස්සී දිබ්බෙ විමානම්හි යථාසි{1} චන්දිමා
Sinhala BJT1095. (එම්බා දිව්‍යපුත්‍රය) අලඞ්කෘත වූ දිවමලින් බරවූ මනාවස්ත්‍ර ඇති ශෝභන කුණ්ඩලාභරණ ඇති අන්දම් තබන ලද කෙස්රැවුළු ඇති පැළඳි අත් අබරණ ඇති පිරිවර ඇති (තෝ) දිව විමන්හි සඳ මෙන් බබළන්නෙහි.
Pali BJT1096. දිබ්බා ච වීණා පවදන්ති වග්ගුං අට්ඨට්ඨකා සික්ඛිතා සාධුරූපා දිබ්බා ච කඤ්ඤා තිදසචරා උළාරා නච්චන්ති ගායන්ති පමොදයන්ති
Sinhala BJT1096. (එහි) දිව්‍යවීණාවෝ මිහිරි සේ වාදනය වෙති. සූසැටක් පමණ වූ පුහුණු වූ සොඳුරු සැහැවි ඇති දෙව්ලොව සුවසේ හැසිරෙන්නා වූ උදාර වූ දිව්‍ය කන්‍යාවෝ ද නටති ගයති ප්‍රමෝද වෙත්.
Pali BJT1097. දෙවිද්ධිපත්තොසි මහානුභාවො මනුස්සභූතො කිමකාසි පුඤ්ඤං කෙනාසි එවං ජලිතානුභාවො වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතීති
Sinhala BJT1097. (තෝ) දේවර්ධියට පැමිණියෙහි මහත් අනුභාව ඇත්තෙහි. මනුෂ්‍ය වූයේ කිනම් පිනක් කෙළෙහි ද? තාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කිනම් පිනෙකින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තේ වෙහි ද?
Pali BJT1098. සො දෙවපුත්තො අත්තමනො මොග්ගල්ලානෙන පුච්ඡිතො, පඤ්හං පුට්ඨො වියාකාසි යස්ස කම්මස්සිදං ඵලන්ති
Sinhala BJT1098. මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දේවපුත්‍ර තෙමේ තුටු සිත් ඇත්තේ (මෙසේ) පැවසී ය.
Pali BJT1099. අහං මනුස්සෙසු මනුස්සභූතො දිස්වාන සමණෙ සීලවන්තෙ සම්පන්නවිජ්ජාචරණෙ යසස්සී බහුස්සුතෙ තණ්හක්ඛයූපපන්නෙ අන්නඤ්ච පානඤ්ච පසන්නචිත්තො සක්කච්ච දානං විපුලං අදාසිං
Sinhala BJT1099. (වහන්ස) මම මිනිසුන් අතුරෙහි මනුෂ්‍ය වූයෙම් සිල්වත් විද්‍යා හා චරණ ධර්‍මයන්ගෙන් යුත් පිරිවර ඇති බහුශ්‍රුත වූ තෘෂ්ණාක්‍ෂය කළ ශ්‍රමණයන් දැක පහන් සිතැත්තෙම් අහර ද පැන් ද සකස් කොට මහත් දානයක් දුනිමි.
Pali BJT1100. තෙන මෙ තාදිසො වණ්ණො තෙන මෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා
Sinhala BJT1100. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
Pali BJT1101. අක්ඛාමි තෙ භික්ඛු මහානුභාව මනුස්සභූතො යමකාසි පුඤ්ඤං තෙනම්හි එවං ජලිතානුභාවො වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT1101. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තෙමි. මාගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි.
Pali BJTපඨමකුණ්ඩලීවිමානං
Sinhala BJTපඨමකුණ්ඩලීවිමාන යි.
Pali BJT6. 9.
Sinhala BJT6. 9.
Pali BJT1102. අලඞ්කතො මල්යධරො සුවත්ථො සුකුණ්ඩලී කප්පිතකෙසමස්සු ආමුත්තහත්ථාභරණො යසස්සී දිබ්බෙ විමානම්හි යථාසි චන්දිමා
Sinhala BJT1102. (එම්බා දිව්‍යපුත්‍රය) අලවකෘත වූ දිවමලින් බර වූ මනාවස්ත්‍ර ඇති ශෝභන කුණ්ඩලාභරණ ඇති අන්දම් තබනලද කෙස් රැවුළු ඇති පැළඳි අත් අබරණ ඇති පිරිවර ඇත්තා වූ (තෝ) දිවවිමන්හි සඳ මෙන් බබළන්නෙහි.
Pali BJT1103. දිබ්බා ච වීණා පවදන්ති වග්ගුං අට්ඨට්ඨකා සික්ඛිතා සාධුරූපා දිබ්බා ච කඤ්ඤා තිදසචරා උළාරා නච්චන්ති ගායන්ති පමොදයන්ති
Sinhala BJT1103. (එහි) දිව්‍ය වීණාවෝ මිහිරි සේ වාදනය වෙති. සූසැටක් පමණ වූ පුහුණු වූ සොඳුරු සැහැවි ඇති දෙව්ලොව සුවසේ හැසිරෙන්නා වූ උදාර වූ දිව්‍යකන්‍යාවෝ ද නටති, ගයති, ප්‍රමෝද වෙත්.
Pali BJT1104. දෙවිද්ධිපත්තොසි මහානුභාවො මනුස්සභූතො කිමකාසි පුඤ්ඤං කෙනාසි එවං ජලිතානුභාවො වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතීති
Sinhala BJT1104. (තෝ) දේවර්ධියට පැමිණියෙහි, මහත් අනුභාව ඇත්තෙහි. මනුෂ්‍ය වූයේ කිනම් පිනක් කෙළෙහි ද? තාගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. කිනම් පිනෙකින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තෙහි ද?
Pali BJT1105. සො දෙවපුත්තො අත්තමනො මොග්ගල්ලානෙන පුච්ඡිතො, පඤ්හං පුට්ඨො වියාකාසි යස්ස කම්මස්සිදං ඵලන්ති
Sinhala BJT1105. මුගලන් තෙරුන් විසින් මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි පුළුවුස්නාලද ඒ දේවපුත්‍ර තෙමේ තුටුසිත් ඇත්තේ (මෙසේ) පැවසී ය.
Pali BJT1106. අහං මනුස්සෙසු මනුස්සභූතො දිස්වාන සමණෙ සාධුරූපෙ සම්පන්නවිජ්ජාචරණෙ යසස්සී බහුස්සුතෙ සීලවතූපපන්නෙ{1} අන්නඤ්ච පානඤ්ච පසන්නචිත්තො සක්කච්ච දානං විපුලං අදාසිං
Sinhala BJT1106. (වහන්ස) මම මිනිසුන් අතුරෙහි මනුෂ්‍ය වූයෙම් මනා පියෙවි ඇති විද්‍යා හා චරණධර්‍මයන්ගෙන් යුක්ත වූ පිරිවර ඇති බහුශ්‍රුත වූ ශීලව්‍රත සමන්‍වාගත වූ ශ්‍රමණයන් දැක, පහන් සිතැත්තෙම් අහර ද පැන් ද සකස් කොට මහත් දානයක් දුනිමි.
Pali BJT1107. තෙන මෙ තාදිසො වණ්ණො තෙන මෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා
Sinhala BJT1107. ඒ පිනෙන් මාගේ සිරුරුපැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
Pali BJT1108. අක්ඛාමි තෙ භික්ඛු මහානුභාව මනුස්සභූතො යමකාසි පුඤ්ඤං තෙනම්හි එවං ජලිතානුභාවො වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT1108. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තෙමි. මාගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි.
Pali BJTදුතියකුණ්ඩලීවිමානං.
Sinhala BJTදුතියකුණ්ඩලීවිමාන යි.
Pali BJT6. 10.
Sinhala BJT6. 10.
Pali BJT1109. යා දෙවරාජස්ස සභා සුධම්මා යත්ථච්ඡති දෙවසඞ්ඝො සමග්ගො තථූපමං තුය්හමිදං විමානං ඔභාසයං තිට්ඨති අන්තළික්ඛෙ
Sinhala BJT1109. (එම්බා දේවපුත්‍රය) යම් තැනෙක දිව්‍යසමූහයා එක්ව හිඳී ද, ඒ සක්දෙව් රජුගේ යම් සුධර්‍මා නම් සභාවක් වෙයි ද, එබඳු වූ තාගේ මේ විමානය අහසෙහි බබළමින් සිටී.
Pali BJT1110. දෙවිද්ධිපත්තොසි මහානුභාවො මනුස්සභූතො කිමකාසි පුඤ්ඤං කෙනාසි එවං ජලිතානුභාවො වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතීති
Sinhala BJT1110. (තෝ) දේවර්ධියට පැමිණියෙහි. මහත් අනුභාව ඇත්තෙහි. මනුෂ්‍ය වූයේ කිනම් පිනක් කෙළෙහි ද? තාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කිනම් පිනෙකින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තෙහි ද?
Pali BJT1111. සො දෙවපුත්තො අත්තමනො මොග්ගල්ලානෙන පුච්ඡිතො, පඤ්හං පුට්ඨො වියාකාසි යස්ස කම්මස්සිදං ඵලන්ති
Sinhala BJT1111. මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දේවපුත්‍ර තෙමේ තුටුසිත් ඇත්තේ (මෙසේ) පැවසී ය.
Pali BJT1112. අහං මනුස්සෙසු මනුස්සභූතො රඤ්ඤො පායාසිස්ස අහොසිං මාණවො ලද්ධා ධනං සංවිභාගං අකාසිං පියා ච මෙ සීලවන්තො අහෙසුං අන්නඤ්ච පානඤ්ච පසන්නචිත්තො සක්කච්ච දානං විපුලං අදාසිං
Sinhala BJT1112. මම මිනිසුන් අතුරෙහි මනුෂ්‍ය වූයෙමි. පායාසි රජුගේ මාණවකයෙක් වීමි. (එකලැ) ධනය ලබා සංවිභාග කෙළෙමි. මට සිල්වත්හු ද ප්‍රියවූහ. (උන්වහන්සේට) පහන් සිතැත්තෙම් අහර ද පැන් ද සකස් කොට මහත් දානයක් දුනිමි.
Pali BJT1113. තෙන මෙ තාදිසො වණ්ණො තෙන මෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා
Sinhala BJT1113. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
Pali BJT1114. අක්ඛාමි තෙ භික්ඛු මහානුභාව මනුස්සභූතො යමකාසි පුඤ්ඤං තෙනම්හි එවං ජලිතානුභාවො වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT1114. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
Pali BJTඋත්තරවිමානං{1}.
Sinhala BJTඋත්තරවිමාන යි.
Pali BJTපායාසි වග්ගො ඡට්ඨො.
Sinhala BJTසවන පායාසිවර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTද්වෙ අගාරිනො ඵලදායී ද්වෙ උපස්සයදායී භික්ඛායදායි යවපාලකො චෙව ද්වෙ කුණ්ඩලිනො පායාසීති පුරිසානං දුතියො වග්ගො පවුච්චතීති.
Sinhala BJTඅගාරිය දෙකයැ ඵලදායක යැ උපස්සය දෙක යැ භික්ඛාදායක යැ යවපාලක යැ කුණ්ඩලී දෙක යැ (උත්තර) පායාසි යැ යි මෙසේ පුරුෂවිමාන පිළිබඳ දෙවෙනි වර්‍ගය කියනු ලැබේ.
Pali BJT7. සුනික්ඛිත්තවග්ගො
Sinhala BJT7. සුනික්ඛිත්ත වර්‍ගය
Pali BJT7. 1.
Sinhala BJT7. 1.
Pali BJT1115. යථා වනං චිත්තලතං පභාසති උය්යානසෙට්ඨං තිදසානමුත්තමං තථූපමං තුය්හමිදං විමානං ඔභාසයං තිට්ඨති අන්තළික්ඛෙ
Sinhala BJT1115. (එම්බා දේවපුත්‍රය) තව්තිසා දෙවියනට උතුම් වූ උයන් අතුරෙන් ශ්‍රේෂ්ඨ වූ චිත්‍රලතා වනය යම්සේ බබළා ද, එබඳු වූ තාගේ මේ විමානය අහසෙහි බබළමින් සිටී.
Pali BJT1116. දෙවිද්ධිපත්තොසි මහානුභාවො මනුස්සභූතො කිමකාසි පුඤ්ඤං කෙනාසි එවං ජලිතානුභාවො වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතීති
Sinhala BJT1116. (තෝ) දේවර්ධියට පැමිණියෙහි, මහත් අනුභාව ඇත්තෙහි. මනුෂ්‍ය වූයේ කිනම් පිනක් කෙළෙහි ද? තාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කිනම් පිනෙකින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තේ වෙහි ද?
Pali BJT1117. සො දෙවපුත්තො අත්තමනො මොග්ගල්ලානෙන පුච්ඡිතො, පඤ්හං පුට්ඨො වියාකාසි යස්ස කම්මස්සිදං ඵලන්ති
Sinhala BJT1117. මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දේවපුත්‍ර තෙමේ තුටුසිත් ඇත්තේ (මෙසේ) පැවසී ය.
Pali BJT1118. අහං මනුස්සෙසු මනුස්සභූතො දළිද්දො අතාණො කපණො කම්මකරො අහොසිං ජිණ්ණො ච මාතාපිතරො අභරිං{1} පියා ච මෙ සීලවන්තො අහෙසුං අන්නඤ්ච පානඤ්ච පසන්නචිත්තො සක්කච්ච දානං විපුලං අදාසිං
Sinhala BJT1118. මම (පෙරැ) මිනිසුන් අතරැ මිනිසෙක් වූයෙමි. දිළිඳු වූ අසරණ වූ බැගෑපත් වූ කම්කරුවෙක් වීමි. (ඒ මම) ජරාවෙන් දුර්‍වල වූ මාගේ මවුපියන් පෝෂණය කෙළෙමි. සිල්වත්හු ද මට ප්‍රියවූහ. පහන් සිතැතියෙම් අහර ද පැන් ද සකස් කොට මහාදානයක් දුනිමි.
Pali BJT1119. තෙන මෙ තාදිසො වණ්ණො තෙන මෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT1119. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
Pali BJT1120. අක්ඛාමි තෙ භික්ඛු මහානුභාව මනුස්සභූතො යමකාසි පුඤ්ඤං තෙනම්හි එවං ජලිතානුභාවො වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT1120. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් වූ මම යම් පිනක් කෙළෙම් ද (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
Pali BJTචිත්තලතාවිමානං
Sinhala BJTචිත්‍රලතාවිමාන යි.
Pali BJT7. 2.
Sinhala BJT7. 2.
Pali BJT1121. යථා වනං නන්දනං චිත්තලතං{2} පභාසති උය්යානසෙට්ඨං තිදසානමුත්තමං තදූපමං තුය්හමිදං විමානං ඔභාසයං තිට්ඨති අන්තළික්ඛෙ
Sinhala BJT1121. (එම්බා දේවපුත්‍රය) තව්තිසා දෙවියනට උතුම් වූ උයන් අතුරෙන් ශ්‍රේෂ්ඨ වූ නන්‍දවනය හා චිත්‍රලතාවනය යම්සේ බබළා ද, එබඳු වූ තාගේ මේ විමානය අහසෙහි බබළමින් සිටී.
Pali BJT1122. දෙවිද්ධිපත්තොසි මහානුභාවො මනුස්සභූතො කිමකාසි පුඤ්ඤං කෙනාසි එවං ජලිතානුභාවො වණ්ණොච තෙ සබ්බදිසා පභාසතීති
Sinhala BJT1122. (තෝ) දේවර්ධියට පැමිණියෙහි. මනුෂ්‍ය වූයේ කිනම් පිනක් කෙළෙහි ද? තාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කිනම් පිනෙකින් මෙසේ දිලිසෙන පුණ්‍යර්ධි ඇත්තේ වෙහි ද?
Pali BJT1123. සො දෙවපුත්තො අත්තමනො මොග්ගල්ලානෙන පුච්ඡිතො, පඤ්හං පුට්ඨො වියාකාසි යස්ස කම්මස්සිදං ඵලං
Sinhala BJT1123. මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැයි මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දේවපුත්‍ර තෙමේ තුටුසිත් ඇත්තේ (මෙසේ) පැවසී ය.
Pali BJT1124. අහං මනුස්සෙසු මනුස්සභූතො දළිද්දො අතාණො කපණො කම්මකරො අහොසිං ජිණ්ණො ච මාතාපිතරො අභරිං පියා ච මෙ සීලවන්තො අහෙසුං අන්නඤ්ච පානඤ්ච පසන්නචිත්තො සක්කච්ච දානං විපුලං අදාසිං
Sinhala BJT1124. මම (පෙරැ) මිනිසුන් අතුරෙහි මිනිස් වූයෙම් දිළිඳු වූ අසරණ වූ බැගෑපත් වූ කම්කරුවෙක් වීමි. (ඒ මම) ජරාවෙන් දුර්‍වල වූ මාගේ මවුපියන් පෝෂණය කෙළෙමි. සිල්වත්හු ද මට ප්‍රියවුහ. පහන් සිතැතියෙම් අහර ද පැන් ද සකස් කොට මහාදානයක් දුනිමි.
Pali BJT1125. තෙන මෙ තාදිසො වණ්ණො තෙන මෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT1125. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන සම්පත්තීහු මට පහළ වෙත්.
Pali BJT1126. අක්ඛාමි තෙ භික්ඛු මහානුභාව මනුස්සභූතො යමකාසි පුඤ්ඤං තෙනම්හි එවං ජලිතානුභාවො වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT1126. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියම්. එයින් මෙසේ දිලියෙන පුණ්‍යාර්ධි ඇත්තෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
Pali BJTනන්දනවිමානං.
Sinhala BJTනන්‍දනවිමාන යි.
Pali BJT7. 3.
Sinhala BJT7. 3.
Pali BJT1127. උච්චමිදං මණිථූණං විමානං සමන්තතො ද්වාදස යොජනානි කූටාගාරා සත්තසතා උළාරා වෙළුරියත්ථම්භා රුචකත්ථතා සුභා
Sinhala BJT1127. (එම්බා දිව්‍යපුත්‍රය) ඉතා උස්වූ පියුම්රාමිණි ආදියෙන් කළ ටැම් ඇති මේ විමානය හාත්පසින් දොළොස් යොදුනෙකි. වෙරළුමිණි ආදියෙන් කළ ටැම් ඇති රුවන්පෝරු ඇතුරූ බිම් ඇති උදාර වූ යහපත් වූ කුළුගෙවල් සත් සියයෙක් වෙත්.
Pali BJT1128. තත්ථච්ඡසි පිවසි ඛාදසි ච දිබ්බා ච වීණා පවදන්ති වග්ගුං දිබ්බා රසා කාමගුණෙත්ථ පඤ්ච නාරියො ච නච්චන්ති සුවණ්ණ ඡන්නා
Sinhala BJT1128. එහි (තෝ) සිටින්නෙහි ය, පානය කරන්නෙහි ය, අනුභව කරන්නෙහිය, දිව්‍යවීණාවෝ ද මිහිරි සේ වාදනය වෙත්. මෙහි දිව්‍යමය වූ රසයෝ ද පස්කම් ගුණයෝ ද වෙති. ස්වර්‍ණාභරණයෙන් විභූෂිත වූ නාරීහු ද රඟ දක්වත්.
Pali BJT1129. කෙන තෙ තාදිසො වණ්ණො කෙන තෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච තෙ භොගා යෙ කෙචි මනසො පියා
Sinhala BJT1129. කවර හේතුවකින් තට එබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනෙකින් තාගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තට පහළ වෙත් ද,
Pali BJT1130. දෙවිද්ධිපත්තොසි මහානුභාවො මනුස්සභූතො කිමකාසි පුඤ්ඤං කෙනාසි එවං ජලිතානුභාවො වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT1130. (තෝ) දේවර්ධියට පැමිණියෙහි, මහත් අනුභාව ඇත්තෙහි. මනුෂ්‍ය වූයේ කිනම් පිනක් කෙළෙහි ද? තාගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙසේ දිලිසෙන පුණ්‍යර්ධි ඇත්තේ වෙහි ද?
Pali BJT1131. සො දෙවපුත්තො අත්තමනො මොග්ගල්ලානෙන පුච්ඡිතො, පඤ්හං පුට්ඨො වියාකාසි යස්ස කම්මස්සිදං ඵලං
Sinhala BJT1131. මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද දේවපුත්‍ර තෙමේ තුටුසිත් ඇත්තේ (මෙසේ) පැවැසී ය.
Pali BJT1132. අහං මනුස්සෙසු මනුස්සභූතො විවනෙ පථෙ චඞ්කමනං{1} අකාසිං ආරාමරුක්ඛානි ච රොපයිස්සං පියා ච මෙ සීලවන්තො අහෙසුං අන්නං ච පානං ච පසන්නචිත්තො සක්කච්චදානං විපුලං අදාසිං
Sinhala BJT1132. (වහන්ස) මම (පෙරැ) මිනිසුන් අතුරෙහි මනුෂ්‍ය වූයෙම් වන මගෙකැ සක්මනක් කෙළෙමි. එහි ආරාමයක් කොට ගස් ද රෝපණය කෙළෙමි. සිල්වත්හු ද මට ප්‍රියවූහ. පහන් සිතැත්තෙම් අහර ද පැන් ද සකස් කොට මහා දානයක් දුනිමි.
Pali BJT1133. තෙන මෙ තාදිසො වණ්ණො තෙන මෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා
Sinhala BJT1133. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය ද එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තීහු මෙහි සමෘද්ධ වෙති. මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
Pali BJT1134. අක්ඛාමි තෙ භික්ඛු මහානුභාව මනුස්සභූතො යමකාසි පුඤ්ඤං තෙනම්හි එවං ජලිතානුභාවො වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT1134. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
Pali BJTමණිථූණවිමානං.
Sinhala BJTමණිථුණවිමාන යි.
Pali BJT7. 4.
Sinhala BJT7. 4.
Pali BJT1135. සොවණ්ණමයෙ පබ්බතස්මිං විමානං සබ්බතො පභං හෙමජාලකපච්ඡන්නං{2} කිඞ්කිණිජාල{3}කප්පිතං
Sinhala BJT1135. (එම්බා දේවපුත්‍රය) රුවන්දැලින් සැරසූ කිකිණිදැල් ඇති හාත්පසින් බබළන (මේ) විමානය රන්පවුවෙකැ පිහිටියේ වෙයි.
Pali BJT1136. අට්ඨංසා සුකතා ථම්භා සබ්බෙ වෙළුරියාමයා එකමෙකාය අංසියා රතනා සත්ත නිම්මිතා
Sinhala BJT1136. අටැස් වූ සුදුපැහැති සියලු ටැම්හු වෙරළුමිණියෙන් මොනවට කරන ලදහ. (ඒ ටැම්හි) එක් එක් කොටස සත් රුවනින් නිමවන ලදී.
Pali BJT1137. වෙළුරියසුවණ්ණස්ස ඵළිකා රූපියස්ස ච මසාරගල්ලමුත්තාහි ලොහිතඞ්කමණීහි ච
Sinhala BJT1137-1138. වෙරළුමිණියෙන් හා රනින් ද පළිඟුයෙන් හා රිදියෙන් ද මැසිරිගලින් හා මුතුයෙන් ද රතුමිණියෙන් ද විසිතුරු වූ සිත්කලු භූමිය වෙයි. එහි ධූලි නො නගියි. නිර්මිත වූ රන්වන් වූ ගොනැස් සමූහයෝ (සත්රුවන් පුවා) කැණිමඬල දරත්.
Pali BJT1138. චිත්රා මනොරමා භූමි න තත්ථුද්ධංසතී රජො ගොපාණසීගණා පීතා කූටං ධාරෙන්ති නිම්මිතා
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT1139. සොපානානි ච චත්තාරි නිම්මිතා චතුරො දිසා නානා රතනගබ්භෙහි ආදිච්චොව විරොචති
Sinhala BJT1139. සිවු දිගුහි හිණි සතරෙක් මවන ලදි. නොයෙක් රුවනින් කළ ගබඩාවන් කරණකොට ගෙන (මේ විමන) හිරුමෙන් බබළයි.
Pali BJT1140. වෙදියා{4} චතස්සො තත්ථ විභත්තා භාගසො මිතා, දද්දල්ලමානා ආභන්ති සමන්තා චතුරො දිසා
Sinhala BJT1140. එහි සිවු දිගුහි අවට අතිශයින් දීප්තිමත් වූ කොටස් වශයෙන් පමණට බෙදූ සිවු වේදිකාවෝ බබළත්.
Pali BJT1141. තස්මිං විමානෙ පවරෙ දෙවපුත්තො මහප්පභො අතිරොචති වණ්ණෙන උදයන්තොව භානුමා{5}
Sinhala BJT1141. ඒ උතුම් විමන්හි සිටින උදාවන හිරුමෙන් මහත් කැලුම් ඇති දෙවිපුත් වූ (තෝ) සිරුරු පැහැයෙන් අතිශයින් බබළහි.
Pali BJT1142. දානස්ස තෙ ඉදං ඵලං අථො සීලස්ස වා පන අථො අඤ්ජලි කම්මස්ස තං මෙ අක්ඛාහි පුච්ඡිතො ති.
Sinhala BJT1142. (එම්බා දිව්‍යපුත්‍රය) තාගේ මේ පුණ්‍යඵලය දානයක්හුගේ ද, නැතහොත් සීලයක්හුගේ ද, නැතහොත් අඤ්ජලිකර්‍මයක්හුගේ දැ යි මා විසින් විචාරන ලදුයෙහි එය මට කියව.
Pali BJT1143. සො දෙවපුත්තො අත්තමනො මොග්ගල්ලානෙන පුච්ඡිතො පඤ්හං පුට්ඨො වියාකාසි යස්ස කම්මස්සිදං ඵලං
Sinhala BJT1143. මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දිව්‍යපුත්‍ර තෙමේ තුටුසිත් ඇත්තේ (මෙසේ) පැවසී ය.
Pali BJT1144. අහං අන්ධකවින්දස්මිං බුද්ධස්සාදිච්චබන්ධුනො විහාරං සත්ථු කාරෙසිං පසන්නො සෙහි පාණිහි
Sinhala BJT1144. (වහන්ස) මම (පෙරැ) අන්‍ධකවින්‍ද නම් රටෙහි සූර්‍ය්‍යබන්‍ධු වූ ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේට පහන් සිතැතියෙම් සියතින් (ඒ ඒ කිස කරමින්) විහාරයක් කරවූයෙමි.
Pali BJT1145. තත්ථ ගන්ධඤ්ච මාලඤ්ච පච්චග්ඝඤ්ච{1} විලෙපනං විහාරං සත්ථුනො දාසිං{2} විප්පසන්නෙන චෙතසා
Sinhala BJT1145. ඒ අන්‍ධකවින්‍ද රටෙහි (මම) වෙසෙසින් පහන් සිතින් ශාස්තෲන් වහන්සේට අභිනව සුවඳ ද මල්ද විලවුන් ද විහාරය ද පූජා කෙළෙමි.
Pali BJT1146. තෙන මය්හමිදං ලද්ධං වසං වත්තෙමි නන්දනෙ නන්දනෙ පවනෙ{3} රම්මෙ නානාදිජගණායුතෙ රමාමි නච්චගීතෙහි අච්ඡරාහි පුරක්ඛතොති.
Sinhala BJT1146. ඒ පිනෙන් මා විසින් මේ විපාකය ලබනලදී. නදුන් වෙනෙහි අනුන් අභිභවා වෙසෙමි. දිව්‍යාප්සරාවන් විසින් පිරිවරනලද මම නොයෙක් පක්‍ෂි සමූහයාගෙන් යුක්ත වූ සිත්කලු වූ නදුන් වෙනෙහි ගී නැටුම්වලින් සිත් අලවා වෙසෙමි.
Pali BJTසුවණ්ණවිමානං.
Sinhala BJTසුවණ්ණවිමාන යි.
Pali BJT7. 5.
Sinhala BJT7. 5.
Pali BJT1147. උච්චමිදං මණිථූණං විමානං සමන්තතො ද්වාදස යොජනානි කූටාගාරා සත්තසතා උළාරා වෙළුරියත්ථම්භා රුචකත්ථතා සුභා
Sinhala BJT1147. (එම්බා දිව්‍යපුත්‍රය) ඉතා උස්වූ පියුම්රාමිණි ආදියෙන් කළ ටැම් ඇති මේ විමානය හාත්පසින් දොළොස් යොදුනෙකි. වෙරළුමිණියෙන් කළ ටැම් ඇති උදාර වූ යහපත් වූ කුළුගෙවල් සත්සියයෙක් වෙත්.
Pali BJT1148. තත්ථච්ඡසි පිවසි ඛාදසි ච දිබ්බා ච වීණා පවදන්ති වග්ගුං දිබ්බා රසා කාමගුණෙත්ථ පඤ්ච නාරියො ච නච්චන්ති සුවණ්ණඡන්නා
Sinhala BJT1148. (තෝ) එහි සිටින්නෙහි ය. පානය කරන්නෙහි ය, අනුභව කරන්නෙහි ය, දිව්‍යවීණාවෝ ද මිහිරි සේ වාදනය වෙති. මෙහි දිව්‍යමය වූ රසයෝ ද පස්කම් ගුණයෝ ද වෙ ති. ස්වර්‍ණාභරණයෙන් විභූෂිත වූ නාරීහු ද රඟ දක්වත්.
Pali BJT1149. කෙන තෙ තාදිසො වණ්ණො කෙන තෙ ඉධ මිජ්ඣති, උප්පජ්ජන්ති ච තෙ භොගා යෙ කෙචි මනසො පියා
Sinhala BJT1149. කවර හේතුවකින් තොපට එබඳු සිරුරු පැහැයෙක් වීද? කවර පිනෙකින් තොපගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තොපට පහළ වෙත් ද.
Pali BJT1150. දෙවිද්ධිපත්තොසි මහානුභාවො මනුස්සභූතො කිමකාසි පුඤ්ඤං කෙනාසි එවං ජලිතානුභාවො වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT1150. (තෝ) දේවර්ධියට පැමිණියෙහි, මහත් අනුභාව ඇත්තෙහි. මනුෂ්‍ය වූයේ කිනම් පිනක් කෙළෙහි ද? තාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ධි ඇත්තේ වෙහි ද?
Pali BJT1151. සො දෙවපුත්තො මොග්ගල්ලානෙන පුච්ඡිතො. පඤ්හං පුට්ඨො වියාකාසි යස්ස කම්මස්සිදං ඵලං
Sinhala BJT1151. මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දේවපුත්‍ර තෙමේ තුටුසිත් ඇත්තේ (මෙසේ) පැවසී ය.
Pali BJT1152. ගිම්හානං පච්ඡිමෙ මාසෙ පතපන්තෙ{1} දිවාකරෙ{2} පරෙසං භතකො පොසො අම්බාරාමමසිඤ්චති{3}
Sinhala BJT1152. ගිමන් කලැ පැසුළුමස්හි හෙවත් ඇසළමසැ හිරු අතිශයින් දිලෙන කල්හි අනුනට බැළමෙහෙ කොට ජීවත්වන්නා වූ පුරුෂයෙක් අඹවනයකට දිය ඉසී.
Pali BJT1153. අථ තෙනාගමා භික්ඛු සාරිපුත්තොති විස්සුතො කිලන්තරූපො කායෙන අකිලන්තොව චෙතසා
Sinhala BJT1153. එකල්හි ඒ දිශායෙන් කයින් ක්ලාන්ත වූ සිතින් ක්ලාන්ත නො වූ ශාරිපුත්‍ර යැයි ප්‍රසිද්ධ වූ මහරහතුන් වහන්සේ වැඩම කළ සේක.
Pali BJT1154. තඤ්ච දිස්වාන ආයන්තං අවොචං අම්බසිඤ්චකො, සාධු තං භන්තෙ නහාපෙය්යං යං මමස්ස සුඛාවහං
Sinhala BJT1154. අඹවනයට දිය ඉසින්නා වූ (ඒ මම) එන්නා වූ උන් වහන්සේ දැක, “වහන්ස, යම් හෙයකින් ඔබ වහන්සේ සනහවන්නෙම් නම් යෙහෙක. එය මට සැප එළවන්නේ ය” යි කීවෙමි.
Pali BJT1155. තස්ස මෙ අනුකම්පාය නික්ඛිපි පත්තචීවරං නිසීදි රුක්ඛමූලස්මිං ඡායාය එකචීවරො
Sinhala BJT1155. (එසඳ උන් වහන්සේ) ඒ මට අනුකම්පා පිණිස පාසිවුරු බහා තැබූහ. එක් සිවුරෙන් යුක්ත ව රුක්මුල සෙවණෙහි වැඩහුන් සේක.
Pali BJT1156. තඤ්ච අච්ඡෙන වාරිනා පසන්නමානසො නරො නහාපයී රුක්ඛමූලස්මිං ඡායාය එකචීවරං
Sinhala BJT1156. පහන් සිතැති මම රුක්මුල සෙවණෙහි වැඩහුන් එක් සිවුරෙන් යුත් උන් වහන්සේ පිරිසිදු දියෙන් නැහැවීම.
Pali BJT1157. අම්බො ච සිත්තො සමණො ච නහාපිතො මයා ච පුඤ්ඤං පසුතං අනප්පකං ඉති සො පීතියා කායං සබ්බං ඵරති අත්තනො
Sinhala BJT1157. මා විසින් අඹගස ද දියෙන් ඉසින ලදි. ශ්‍රමණයන් වහන්සේ ද සනහවන ලදහ. ස්වල්ප නො වූ පින් ද රැස්කරනලදැ යි හෙ තෙමේ තමාගේ මුළුසිරුර ප්‍රීතියෙන් පැතිරැවී.
Pali BJT1158. තදෙව එත්තකං කම්මං අකාසිං තාය ජාතියා පහාය මානුසං දෙහං උපපන්නොම්හි නන්දනං
Sinhala BJT1158. (මම) ඒ ජාතියෙහි එපමණක් ම වූ පින්කම් කෙළෙමි. (ඒ පින්කමින්) මිනිස් සිරුර හැර (මේ) නදුනුයනට පැමිණියෙම් වෙමි.
Pali BJT1159. නන්දනෙ පවනෙ රම්මෙ නානාදිජගණායුතෙ රමාමි නච්චගීතෙහි අච්ඡරාහි පුරක්ඛතොති.
Sinhala BJT1159. දිව්‍යාප්සරාවන් විසින් පිරිවරන ලද (ඒ මම) නොයෙක් පක්‍ෂිසමුහයන්ගෙන් යුක්ත වූ සිත්කලු වූ නඳුන්වෙනෙහි ගී නැටුම් වලින් සිත් අලවා වෙසෙමි.
Pali BJTඅම්බවිමානං.
Sinhala BJTඅම්බවිමාන යි.
Pali BJT7. 6.
Sinhala BJT7. 6.
Pali BJT1160. දිස්වාන දෙවං පටිපුච්ඡි භික්ඛු උච්චෙ විමානම්හි චිරට්ඨිතිකෙ ආමුත්තහත්ථාභරණං යසස්සිං{4} දිබ්බෙ විමානම්හි යථාපි චන්දිමා.
Sinhala BJT1160. (සිය) දෙව්විමන්හි සඳදෙව්පුත් යම්සේ බබළා ද, එසේ (බබළන) උස් වූ බොහෝකල් පවත්නා වූ විමානයෙහි පැළඳි අත් අබරණ ඇති පිරිවර ඇති දෙවියකු දැක මෞද්ගල්‍යායන මහාස්ථවිරයන් වහන්සේ (මෙසේ) විචාළ සේක.
Pali BJT1161. අලඞ්කතො මාලභාරී{5} සුවත්ථො සුකුණ්ඩලී කප්පිතකෙසමස්සු ආමුත්තහත්ථාභරණො යසස්සී දිබ්බෙ විමානම්හි යථාපි චන්දිමා.
Sinhala BJT1161. (එම්බා දේවපුත්‍රය), අලඞ්කෘත වූ මල්මාලා දරන්නා වූ මනාවත් ඇති මනා කොඬොල් ඇති සැරහූ කෙස්රැවුළු ඇති පැළඳි අත් අබරණ ඇති පිරිවර ඇත්තා වූ (තෝ) මේ දෙව්විමන්හි චන්‍ද්‍රයා මෙන් (බබළහි).
Pali BJT1162. දිබ්බා ච වීණා පවදන්ති වග්ගුං අට්ඨට්ඨකා සික්ඛිතා සාධුරූපා දිබ්බා ච කඤ්ඤා තිදසචරා උළාරා නච්චන්ති ගායන්ති පමොදයන්ති
Sinhala BJT1162. (එහි) දිව්‍යවීණාවෝ මිහිරි සේ වාදනය වෙති. සූ සැටක් පමණ වූ පුහුණු වූ සොඳුරු සැහැවි ඇති දෙව්ලොවැ සුවසේ හැසිරෙන්නා වූ උදාර වූ දිව්‍යකන්‍යාවෝ ද නටති, ගයති, ප්‍රමෝද වෙත්.
Pali BJT1163. දෙවිද්ධිපත්තොසි මහානුභාවො මනුස්සභූතො කිමකාසි පුඤ්ඤං කෙනාසි එවං ජලිතානුභාවො වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT1163. (තෝ) දේවර්ධියට පැමිණියෙහි මහත් අනුභාව ඇත්තෙහි. මනුෂ්‍ය වූයෙහි කිනම් පිනක් කෙළෙහි ද? තාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කිනම් පිනෙකින් මෙසේ දිලිසෙන පුණ්‍යර්ධි ඇත්තෙහි වෙහි ද?
Pali BJT1164. සො දෙවපුත්තො අත්තමනො මොග්ගල්ලානෙන පුච්ඡිතො පඤ්හං පුට්ඨො වියාකාසි යස්ස කම්මස්සිදං ඵලං
Sinhala BJT1164. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දේවපුත්‍ර තෙමේ තුටුසිත් ඇත්තේ මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි (මෙසේ) පැවසී ය.
Pali BJT1165. අහං මනුස්සෙසු මනුස්සභූතො සඞ්ගම්ම රක්ඛිස්සං පරෙසං ධෙනුයො තතො ච ආගා සමණො මමන්තිකෙ ගාවො ච මාසෙ අගමංසු ඛාදිතුං
Sinhala BJT1165. (වහන්ස) මම (පෙරැ) මිනිසුන් අතරැ මනුෂ්‍ය වූයෙම් අනුන්ගේ දෙනුන් එක්රැස් කොට රැක්කෙමි. එකල්හි මහණෙක් මා වෙතට පැමිණියේ ය. ගවයෝ ද මෑකෙත කන්නට ගියහ.
Pali BJT1166. ද්වයජ්ජ කිච්චං උභයඤ්ච කාරියං ඉච්චෙවහං භන්තෙ තදා විචින්තයිං තතො ච සඤ්ඤං පටිලද්ධ යොනිසො දදාමි භන්තෙති ඛිපිං අනන්තකං
Sinhala BJT1166. වහන්ස, එකල්හි මම (මා විසින්) කළයුතු කිස දෙකක් ඇතැ යි සිතීමි. වහන්ස, ඉක්බිති නුවණින් ධර්‍මසංඥාව පිළිලැබ (කොමුපිඬු) දෙමි යි රෙදිකඩ බැහැර කෙළෙමි.
Pali BJT1167. සො මාසඛෙත්තං තුරිතො අවාසරිං පුරා අයං භඤ්ජති{1} යස්සිදං ධනං තතො ච කණ්හො උරගො මහාවිසො අදංසි පාදෙ තුරිතස්ස මෙ සතො
Sinhala BJT1167. මේ ගවසමූහය තෙමේ යමක්හුගේ මේ මාෂශස්‍යය මඩනේ ද, ඒ (මම) එයට පෙරැ යුහුසුලු වූයෙම් මෑකෙතට පැමිණියෙමි. එහි වේගයෙන් ගිය මාගේ පය මහාවිෂ ඇති කෘෂ්ණසර්‍පයෙක් දෂ්ට කෙළේ ය.
Pali BJT1168. ස්වාහං අට්ටොම්හි දුක්ඛෙන පීළිතො භික්ඛු ච තං සාමං මුඤ්චිත්වා නන්තකං{2} අහාසි කුම්මාසං මමානුකම්පයා{3} තතො චුතො කාලකතොම්හි දෙවතා
Sinhala BJT1168. ඒ මම සර්‍පවිෂයෙන් උපද්‍රැත වූයෙම් මරණදුකින් පෙළුණෙම් වෙමි. මහණ ද මට අනුකම්පා පිණිස තෙමේ ම ඒ රෙදිකඩ මුදා කොමුපිඬු වැළඳී ය. (මම) කලුරිය කෙළෙම් ඒ මිනිසත් බවෙන් චුත ව දෙවියෙක් වෙමි.